අකුරු මැකී නෑ

Tuesday, March 30, 2021

යුවති කිරිල්ලී - විසිපස්වෙනි කොටස

1985 ඔක්තෝබර් 2 වෙනිදා රොක් හඩ්සන් මියගිය පුවත අසා ‘ඩිනස්ටි’ ලෝලීහු කම්පාවට පත් වූහ.

මමත් ‘ඩිනස්ටි’ ලෝලියෙක් වීමි; ඒ මදිවාට, ඊට තරගයක් දෙමින් විකාශයවූ ‘ඩලස්’ සෝප් ඔපෙරාවත් බලන්නට පුරුදු වීමි!

ඉතිං.... ඔය අස්සේ හෙණ ගෙඩියක් පාත් වුණේය... බෝම්බයක් පිපිරුණේය....

1985 ඔක්තෝබර් 2 වෙනිදා රොක් හඩ්සන් මියගිය පුවත අසා ‘ඩිනස්ටි’ ලෝලීහු කම්පාවට පත් වූහ. එතෙක් එතරම් ප්‍රසිද්ධියට පත් නොවී තිබුණු කාරණා ගණනාවක් කරලියට ආවේය.

‘රොක් හඩ්සන් සමලිංගිකයෙක්...’
‘රොක් හඩ්සන්ගේ ලිංගික සහකරුවෙකුටත් ඒඩ්ස්!”
‘ලින්ඩා එවන්ස්ටත් ඒඩ්ස්?’ - ඒ ප්‍රවෘත්තියට නම් පදනම්වී තිබුණේ ඒ ආසන්නයේ විකාශයවූ ‘ඩිනස්ටි’ කොටස්වලදී (ක්‍රිස්ටල්); ලින්ඩා එවන්ස් හා රොක් හඩ්සන් රඟපෑ ශෘංගාරාත්මක ජවනිකාය. ඒවා රූගත කරද්දී රොක්ගෙන්, ඒඩ්ස් වෛරසය ලින්ඩා එවන්ස්ටත් සම්ප්‍රේෂණය වන්නට ඇතැයි මත පළවී තිබිණි.

ඒ අතරම මේ වයිරසයේ ප්‍රභවය ගැනත් අනේක මත පළවිණි.
හරියට covid 19 වෛරසය ගැන කියැවුණු විවිධාකාර කතන්දර වගේමය.
   රීසස් වඳුරන්ගෙන් මිනිසුන්ට බෝවෙලා....
   ඇමෙරිකාවේ පර්යේෂණාගාරයක වැරදීමකින් වෛරසය පිටතට පැමිණිලා...
   විදෙස් කුමන්ත්‍රණයක්...
   මත් ද්‍රව්‍ය පාවිච්චි කරන්නන්ට හා සමලිංගිකයන්ට දෙවියන් දෙන දඬුවමක්..... වගේ වෛවාරන්න සිරස්තල පත්තර හැඩ කළා මට මතකය.

වැඩි දෙනෙකු අතිශය කම්පනයට පත් වුණේ රොක් හඩ්සන් වැනි ජනකාන්ත හොලිවුඩ් නළුවෙකුගේ අවසන් ගමන සිදු වුණු ආකාරය දැනගත් විටය. වයිරසය ව්‍යාප්ත වෙතියි සිතා, දේහය පොලිතීන් බෑගයක දමා- මුද්‍රා තබා තිබිණි. ඒ වෙද්දී ‘ඒඩ්ස් වෛරසය’ ගැන අධ්‍යයනය කෙරෙමින් තිබුණා මිස, අවසන් තීරණවලට එළඹ තිබුණේ නැත.

ධනුෂ්කගෙ ලේවලත් විසබීජේ තියෙනවලු! රෝස්මරීගේ ඇඟේ ඕක තියෙද්දී තමා ධනුෂ්කත්.....

ඒඩ්ස් යනු ඍජු ලිංගික අසුරකදී බෝවීමට ඉඩ ඇති සමාජ රෝගවලින් එකක් බව මිලින්ද පහදා කීවේය. රුධිර පාරවිලයනයකදී හෝ යම් යම් රෝගීන්ට ශරීරගත කෙරෙන රුධිරය ආශ්‍රිත ඖෂධ නිෂ්පාදන මඟින් හෝ වුවද මේ රෝගය කෙනෙකුට වැලඳිය හැකි බවද මිලින්ද සඳහන් කළේය.

“මාමා, අම්ම කෙනෙකුට මේ ලෙඩේ හැදිල තියෙද්දී දරුවෙක් ලැබෙන්න හිටියොත්, ඒ දරුවටත් මේක බෝ වෙන්න පුළුවන්!
බොහොම පුංචි විසබීජයකින්; වෛරස් එකකින් මේ ලෙඩේ හැදෙන්නේ.... ඒක ලේවලට ඇතුළු වුණාම අපේ ලේවල ඒ විසබීජේ පැතිරෙනවා.... අන්තිමට අපිට උණක් හෙම්බිරිස්සාවක් හැදුණත් ඒක සනීප කර ගන්න බැරිව යනවා.....
මොකද, අපේ ඇඟට විසබීජ ඇතුළු වුණාම ඒවා විනාශ කරන්න අපේම ලේවලට තියෙන පුළුවන්කම නැති වෙලා යන නිසා....
ඔය විසබීජේ ඇඟේ තියෙන අයගෙන් සීයට පණහක් විතරම අවුරුදු ගණනාවක්; සමහර වෙලාවට අවුරුදු දහයක්-පහළොවක් වුණත් කිසිම ලෙඩක් නැතිව වගේ ඉන්නවා...”

ඉතිං ළමයෝ, මයෙ පුතාගෙ ඇඟේත්...
අප්පෝ ප්‍රශ්නය සම්පූර්ණයෙන් ඇසුවේ නැත. මිලින්ද කියන දේවලින් සමහරක් ඔහුට ඇසුණේත් නැත.
ඔහුට දැන් දැනගත යුතුව ඇත්තේ ඒඩ්ස් ගැන නොවේ
; ධනුෂ්ක ගැන පමණය.

ධනුෂ්කගෙ ලේවලත් විසබීජේ තියෙනවලු! රෝස්මරීගේ ඇඟේ ඕක තියෙද්දී තමා ධනුෂ්කත්.....මිලින්ද පැකිළුණේය. මෙවැනි දේ වෙනත් කවුරුන් සමඟ කතා කළත් දන්තුරේ මාමාට පවසා, පහදා දීම අසීරු දෙයකි.

ඒ නොදැනුම නිසාම, ඒඩ්ස් රෝගියෙකුගේ ඥාතීන් දෙස පවා ‘දුරු කළ යුතු- පිටු දැකිය යුතු’අයවලුන් ලෙස...

මේවා මයෙ කොල්ලගේ පව් නෙවෙයි පුතේ! ඌට පටිසන් දෙන්නේ අපෙ අප්පච්චිලා, අපි කරපු පව්....!

ඔය කියන විදියට මයෙ කොල්ලට මේක හැදිලා තියෙන්නෙත් නන්නත්තාරේ අවලමේ ගිහිල්ලා නෙවෙයිනෙ.... අර වේසාවියි අවලමේ ගිහින් ඕක අරන් ඇවිත් මයෙ එකාටත් බෝ කරලා තියෙන්නෙ!

මාමා......! දැන් ඉතිං තරහ ගත්තා කියල වැඩක් නෑ.
වැඩියෙන්ම වැදගත් දේ මේ අහිංසකයා.... ධනුෂ්ක තව කොච්චර කාලයක් ජීවත් වේවිද කියලා දන්නේ උඩ ඉන්න දෙවියො විතරයි. මේකා දැන් මරණයට කැප වෙලා ඉන්න අහිංසකයෙක් හින්දා මිනිහගෙ හිත තලන්න එපා මාමා...

දන්තුරේ බණ්ඩාර සිතින් දළදා සමිඳු පිහිට යැද්දේය.

මෑත අතීතයේදීත් බොහෝ දෙනා ඒඩ්ස් රෝගය ගැන නිවැරදි තොරතුරු නොදන්නා බැව් පෙනෙන්නට තිබිණි.
ඒ නොදැනුම නිසාම, ඒඩ්ස් රෝගියෙකුගේ ඥාතීන් දෙස පවා ‘දුරු කළ යුතු- පිටු දැකිය යුතු’අයවලුන් ලෙස බලන බවට අවස්ථා ගණනාවකම වාර්තා පළවී තිබිණි.

එහෙත්, ඒඩ්ස් රෝගියෙකුගෙන් ඒ වයිරසය තවත් කෙනෙකුට බෝ වෙන්නේ ඍජු ලිංගික ඇසුරක්, (මත් ද්‍රව්‍ය සිරුරුගත කරගන්නා විටෙක) හවුලේ එන්නත් කටු වැනි දෙයක් පාවිච්චි කිරීමක් වැනි අවස්ථාවකය. ඒඩ්ස් රෝගියෙකු හා හවුලේ එකම සබන් කෑල්ලක් පාවිච්චි කළාට; එකම තුවායක් පාවිච්චි කළාට රෝගියාගෙන් නිරෝගී කෙනෙකුට රෝගය බෝ වෙන්නේ නැත.
එක බත්පත බෙදාගෙන හෝ එකම පිඟානෙන් හෝ කෑම කෑවත් රෝගියෙකුගෙන් තවත් කෙනෙකුට ඒඩ්ස් නොවැළඳෙයි.
කොටින්ම කොරෝනා රෝගය ව්‍යාප්ත වෙනවාට වඩා අඩු ඉඩකි, ඒඩ්ස් ව්‍යාප්ත වන්නට තියෙන්නේ.

එහෙත් රෝගියෙකු හා අනාරක්ෂිත ලිංගික ඇසුරකින් නම්..... බඩුම තමා!

ඈ මචං, මම මේ නිකමට අහන්නේ.... උන් බැරි වෙලාවත් ෆ්‍රෙන්ච් කිස් එකක් දෙනකොට තොල්වලටත් කොපු දානවද?

රෝස්මරී කිහිප දෙනෙකු සමඟම ලිංගික සබඳතා පැවැත්වූ එකියකි. ඇයට ඒ එකෙකුගෙන් ඒඩ්ස් රෝගය බෝ වූවා විය හැකිය. ඇයගේ මාර්ගයෙන් ධනුෂ්කටත්, ලූක්ටත් රෝගය පැතිරෙන්නට ඇතැයි මිලින්ද අනුමාන කළේය.

එදා ඔහු ඒ බව ධනුෂ්කටත් කීවේය.

උඹ දන්නවා ඇතිනෙ මචං.... එහෙ හුඟක් අයට ඔය වගේ දේවල්වලදී චාරයක් නැති බව.... හැබැයි දැන් නම් හැමෝම වගේ කොන්ඩම්ස් පාවිච්චි කරනවා, මේ ලෙඩ නිසාම.

ඒක නං හරි! කොපු පාවිච්චි කරනකොට ඔය වාගේ ලෙඩ බෝ වෙන්න තියෙන ඉඩකඩ අඩු වෙනවා තමයි... ඈ මචං, මම මේ නිකමට අහන්නේ.... උන් බැරි වෙලාවත් ෆ්‍රෙන්ච් කිස් එකක් දෙනකොට තොල්වලටත් කොපු දානවද? ඒ වගේ වෙලාවලටත් ඔය විසබීජේ ඇඟට එන්න පුළුවන්නෙ...
මිලින්ද එදා කීවේ ධනුෂ්කවත් සිනා ගන්වමිනි.

උඹ හිතන්නේ ඔය ඉංග්ලිෂ් ෆිල්ම්ස්වල පෙන්නනවා වගේ දකින-දකින ඕනි කෙනෙක් එක්ක තොල් සූප්පු දාන්නයි, එකට ඉන්නයි එහෙ උන් එක පාරටම එනවා කියලද? වැඩිම දෙනෙක් සාක්කුවේ හරි හෑන්ඩ් බෑග් එකේ හරි කොන්ඩම් පැකට් එකක් දාගෙනම තමා යන්නෙ, ඔහොම වෙලාවට.... තදේ තිබුණය කියලා කවුද බං නිකං මැරෙන්න කැමති.....

ධනුෂ්කත් තමාත් අතර හුවමාරු වූ එබඳු කතාබහ ගැනවත්ඒවායේ අන්තර්ගතය ගැනවත් අප්පොට කියන්නට මිලින්ද එඩිතර වූයේ නැත.

හොඳ වෙලාවට මැණිකේ එරන්දතී දූලා එක්ක ගියා. නැත්තං මේවා දැනගෙන උන්දෑ පපුව පැලිලා මැරෙනවා.... අනේ දෙයි හාමුදුරුවනේ, මං කොහොමද කටක් ඇරලා මෙව්වා ඒ මනුස්සයට කියන්නෙ?”

සයනය මත උණෙන් පෙළෙමින් වැතිර සිටින පුතු දෙස තවත් වරක් බැලූ අප්පෝ කාමරයෙන් ඉවතට පා නැඟුවේය.

ඔවුන්ගෙනුත් පළවෙමින් තිබුණේ කෙඩෙත්තු වූ බවකි. (මේ නිලමෙටත් එහෙමද මන්දා?)

සිළිඳු මැණිකාත්, රාමනුත් ඈතට වී නිඳි කිරා වැටෙති. ඔවුන්ගෙනුත් පළවෙමින් තිබුණේ කෙඩෙත්තු වූ බවකි; වෙහෙසට පත්ව සිටින බවකි.

උඹලා ගිහිල්ල නිඳා ගනිල්ලා.... පුංචි අප්පොට මොකුත් ඕනෑකමක් වුණොත් අපි කතා කරන්නං. හා.... හා.... බලා ඉන්නේ නැතිව පලයල්ලා ඉතිං.... නිඳා ගනිල්ලා!

ඔවුන්ව බලෙන්ම වාගේ පිටත් කර යැවූ දන්තුරේ බණ්ඩාර පුටුවක් මතට වැටුණේය. අනේ! මයෙ කොල්ලට වෙච්ච දෙයක්.....ඔහු මිලින්ද කියූ දේවල් නැවත-නැවතත් මෙනෙහි කරන්නට වූයේය.

********

ධනුෂ්ක සිහින් කෙඳිරියක් නඟා ඇලයකට හැරුණේය. නොනින්දේ සිටි මිලින්ද ඇස හැර බැලුවේය. ධනුෂ්කට නින්ද ගොසිනි. හීන් සීරුවේ ඇඳ ළඟටම ගිය මිලින්ද මිතුරාගේ උණ පිරික්සුවේය.

ඒඩ්ස් රෝගයේ එක් මූලික ලක්ෂණයක් වන රාත්‍රී කාලයේදී පමණක් ඇති විය හැකි උණක් ගැන මිලින්දට සිහි වුණි. දෙයියනේ.... ධනුෂ්කයට එහෙම  වෙන්න එපා!

උණ ගතිය තිබුණත් ධනුෂ්කට දහදිය දමා තිබුණේ නැත. ඒ ගැන මිලින්දට මෙතෙක් වෙලා සිහි වූයේ නැත.

වරින් වර මතු වෙන උණ....
රාත්‍රී කාලයේදී අධික ලෙස දහදිය දැමීම....
හමේ තැනින්-තැන රතු ළප- දද මතු වීම....
දිව මතත්
, මුඛය ඇතුළෙත් පිටි තට්ටුවක් වැනි ස්තරයක් තැන්පත් වීම.....

තමා දැන සිටින ඒඩ්ස් රෝගයේ සියලුම මූලික ලක්ෂණ සිහිපත් කළ මිලින්ද ඒවා ධනුෂ්කටත් තිබේදැයි මෙනෙහි කරන්නට විය....

ඇඳ අසලටම පුටුව ඇදගත් මිලින්ද එහි වාඩි වී, නැවතත් නෙත් පියා ගත්තේය. එදා මහවැලි නදී තීරයේ ඔවුන් වාඩි වී සිටි ආකාරය ඔහුට මැවී පෙනෙන්නට විය.

ඒ තීරණාත්මක සැඳෑවේ ධනුෂ්කගේ දෛවෝපගත ශෝකාලාපය හෙළි කළ අයුරු...

මඳ සුළඟින් නැඟෙන දිය රැලි රටාවකට විහිදී, මැකී ගිය ආකාරය ඔහුට අමතක නොවන්නකි. ඒ තීරණාත්මක සැඳෑවේ ධනුෂ්කගේ දෛවෝපගත ශෝකාලාපය හෙළි කළ අයුරු මිලින්දට කිසිදා අමතක නොවෙනු ඇත.

කාගෙන් කාට බෝ වුණාද කියන එක නෙවෙයි මචං, මට නං වැදගත්.... මට නං හොඳටම ෂුවර් මට ඕක ආවේ රෝසිගෙන්.... රෝසි පිල්ස් ගන්න පුරුදු වෙලා හිටිය හින්දා මට කොන්ඩම්ස් ගන්න ඕනෑ වුණේ නෑ...යන්තම්වත්  රෝසි ගැන සැකයක් තිබුණෙත් නෑනෙ.... මගෙම කරුමෙට තමා ඕවා එහෙම වුණේ!

1985 අවුරුද්දෙම එංගලන්තයේ විභාග වුණු නඩුවක් ගැනත් මගේ මතකයේ තදින්ම තැන්පත්වී තිබෙයි. නඩුව විභාග වුණේ අම්මෙකුට විරුද්ධවය. චෝදනාව අවුරුදු දොළහ පිරුණු දෝනියන්දෑගේ පාවිච්චියට වෙනම යතුරක් නොදීමය. එහෙම කළ යුතුයැයි තීන්දුව ලැබිණි.
ඒ විත්තිකාර අම්මාට උවමනා වුණේ තමන්ගේ දෝණියන්දෑට හිතුමතේ; ඕනෑම වෙලාවක ගෙදරින් යන්නට-එන්නට තියෙන ඉඩකඩ අහුරා ලීමටය. නඩුවෙන් එංගලන්තයේ අම්මා පරාද වුණේ ‘අවුරුදු දොළහ සපිරුණු දරුවන්ට කැමති වෙලාවක ගෙදරින් පිට වෙන්නටත්, යළි එන්නටත්’ නීතියෙන්ම ඉඩ ලබා දෙමිනි.

අවුරුදු දොළහ පිරෙද්දීම ඒරොප්පේ අම්මලා දූවරුන්ට කියා දෙන්නේ ගැබ් ගැනීම වළක්වන ඖෂධ පිළිබඳවයි; අනවශ්‍ය පිළිසිඳ ගැනීමක් නොවන ලෙස ආරක්‍ෂිත ලිංගික ඇසුරක් පැවැත්වීම ගැනයි.

ඒ තොරතුරු ගැන මා ලියුවේ 2020 පෝස්ටුවකටය!

අප එහෙම නැත. ඒවා කුණුහරුපය; මාළුන්ට පීනන හැටි කියලා දෙන්නත් ඕනිද?
හැදිච්චිකමනිසාම වසරකදී මේ සිරි ලංකාවේ ගබ්සා කිරීම් 36,500කට වඩා; තවත් විදිහකින් කියනවා නම් දවසකට 100ක් විතර සිද්ධවෙන හැටි ගස්සලා යවමුද?’ පෝස්ටුවලදී ලිව්වෙමි!
‘ආනේ ඇත්තද?

සදහම් දීපයේ සුපින්වත්  සිල්වතුන්ට අත් කම්මුලේ තියාගත හැකිය. ඒත් අපේ ‘හැදියාව’ නිසා මේ අපරාධය දිගටම සිදු වෙයි!

අවුරුදු දොළහ-දහතුන වෙද්දී ‘ලිංගික හෝර්මෝන වහනය’ සිද්ධ වෙන්නට පටන් ගත්තත්; එයාලාගේ මොළය තියෙන්නේ මොන්ටිසෝරි යන වයසේ වගෙය.

එච්චරකුත් නොවේ. මගේම අලුත විවාපත් තරුණ ඥාති යුවලක් නොදත්කම නිසා, හවුලේ ‘ගිලින පෙති’ පාවිච්චි කොට ‘අතිසාර්ථක ලෙස’ අනවශ්‍ය දරු උපතකට මුහුණ දුන් හැටි ගැනත් ‘බය වෙන්නෙපා, ඔයා එකයි මං එකයි’ පෝස්ටුවෙදී සඳහන් කළෙමි. ලංකාවේ ඉන්නේ ඒ තරම් තොත්ත බබාලාය.... අවුරුදු දොළහ-දහතුන වෙද්දී ‘ලිංගික හෝර්මෝන වහනය’ සිද්ධ වෙන්නට පටන් ගත්තත්; එයාලාගේ මොළය තියෙන්නේ මොන්ටිසෝරි යන වයසේ වගෙය. 

 

හරි! ඔය ඔක්කොමත් හරියි කියමුකෝ..... උඹ කොහොමද කියන්නෙ උඹටත් ඔය ලෙඩේමය.....

මෙහෙමයි මචං..... මුලින්ම ලූක්ව ලෙඩ වෙන්න ගත්තලුනේ.... නිතරෝම උණ හැදිලා. බලාගෙන ඉඳිද්දී වගේ ලූක්ව ඇදිල ගියාලු. කෙට්ටු වෙලා, බර අඩු වෙලා මිනිහව ඇටයි- හමයි විතරක් වගේ වුණාලු! ඔය අතරෙ තමා ලූක්ගේ ලේ බලවල තියෙන්නෙ. ඒකෙ රිසල්ට් එක ආවලු පොසිටිව් කියලා. ඊටත් ටික දවසකට පස්සේ ලූක් මැරිලා...

ඉතිං.....

“... මගේ යාළුවෙක් මට ලූක්ගේ මරණේ ගැන ලියල එව්වා... ඒ දවස්වල මම මාලතීව අඳුනගත්තා විතරයි.... ලූක්ව ඒඩ්ස්වලින් මැරිලා ගියා නං; රෝසිගේ ඇඟේත් විසබීජේ තිබුණා නං.... මාව විතරක් බේරෙන්න ඉඩක් නැති බව මට තේරුණා......

ඒක තමා උඹ එහෙනං ඒ දවස්වල නොකාපු හූනා වගේ හිටියේ....මිලින්ද එවෙලෙහි විහිළුවක් කළේ ඒ මොහොතෙහි වූ අඳුරු; ශෝකී බව දුරලනු සඳහාමය. ඒ දිනවල ධනුෂ්කගේ දෙගිඩියාවත්; ප්‍රශ්නකාරී ස්වභාවයත් මිලින්දට වැටහෙනුයේ දැන්ය.

මෙවැනි මාරක රහසක් සිතේ තිබියදී කෙනෙකුට සාමාන්‍ය අයෙකුසේ හැසිරිය හැකිද?

ඒ අතින් නම් ධනුෂ්ක, උඹට තෑගි දෙන්න වටිනවා....

මට තිබුණෙත් සැකයක් විතරයි.... මෙහෙදී මගේ ලේ ටෙස්ට් කරවගත්තොත් රහස එළි වෙන්නත්...

හැබැයි මචං, මම හරියටම දැනගෙන හිටියේ නැහැනෙ..... ඔය අතරෙම තමයි රෝසිවත් ඇඳටම වැටිල තියෙන්නෙ.... රෝසි දැන ගත්තලු එයාටත් වැඩි දවසක් ඉතිරි වෙලා නැති බව. ඒ පාර තමයි රෝසිත් මට ලියුමක් එව්වේ.....ධනුෂ්ක කීවේය.

ඒ ලියුම දැකලද උඹ දෙවෙනි පාරටත් එංගලන්තෙට ගියේ?”

තමා ධනුෂ්කට ද්‍රෝහී වූ බවත්, ඒ නිසාම ඔහු අනතුරකට වැටී ඇතැයි තමන් සිතන බවත් රෝසිගේ ලිපියේ ලියා තිබිණැයි ධනුෂ්ක පැවසීය.

එච්චර විතරක් නෙවෙයි. රෝසිට ලොකුවටම තිබිච්ච ආසාව තමයි, මැරෙන්න ඉස්සෙල්ලා තව පාරක් මාව දකින එක. දැකලා සමාව ඉල්ලගන්න එක.... එයා දැනගෙනයි හිටියේ, මම ආපහු එංගලන්තෙට එන්න හිතාගෙන නෙවෙයි ලංකාවට ආවේ කියලා.

-ඒ නිසාමදෝ රෝසි ලියලා තිබුණා එයාගෙ අන්තිම ඉල්ලීම ඉටු කිරීමක් විදිහට එහාට එන්නය කියලා.

-එයාලගෙ අම්මා ක්‍රිස්ටීන් මගේ ගමන් වියදම් ගැනත් බලා ගන්නලු හිටියේ. එතකොට තමයි මටත් ආපහු එහෙ යන්න හිතුණේ.

-මට තිබුණෙත් සැකයක් විතරයි.... මෙහෙදී මගේ ලේ ටෙස්ට් කරවගත්තොත් රහස එළි වෙන්නත් පුළුවන්නෙ.... එහෙ ගිහිල්ලා ඒකත් බලවගෙන, රෝසිවත් හම්බ වෙලා එන්නයි මම ගියේ....

එහෙනං ධනුෂ්ක, උඹ දෙවෙනි පාර එහෙ ගියෙත් ආයෙම ඉක්මනින් එන්න බලාගෙනයි?”

මචං මිලින්ද..... මාලතීට මම ළං වෙනවා වැඩි බව මටම තේරිලයි තිබුණේ. මට මාවම කන්ට්‍රෝල් කර ගන්න බැරි වෙයි කියලා මම බය වුණා මචං.

-ඒ අහිංසකී දැනං හිටියෙ නෑ, මම කොයි තරම් අමාරුවෙන්ද එයාට තිබුණු පිස්සු ආදරේ හංගගෙන හිටියේ කියලා.... මම හිතුවෙ මචං, මටත් ඒඩ්ස් හැදිලා නං- ආයෙ කවදාවත් ලංකාවට නෑවිත් එහේම ඉන්න, මැරිලා යනකල්ම!

එතකොට........ උඹ මේ සැරේ ආපහු ආවේ අම්මට අමාරුයි කියලා කිව්ව නිසා?”

මිලින්ද මෙවර දැහැනින් මිදුණේ....

ඒකත් එකක්! එහෙදී ලංකාවේ පත්තරේකින් දැක්කා මාලතීලට වෙලා තිබිච්චි දේ...... මාලතීගේ ෆොටෝස් එහෙමත් පත්තරේ තිබුණා.... එතකොටයි මට වාවන්නෙ නැතිව ගියේ.... අපෙ අම්මගෙ ආසාවයි-ඉල්ලීමයි පිට දාලා මමත් ආයේම මෙහාට ආවා.....

මිලින්ද මෙවර දැහැනින් මිදුණේ ධනුෂ්කගේ කටහඬිනි.

අ...ම්...මා... ම් මට වත්තුර ටිකක්.....

දන්තුරේ බණ්ඩාරත් අවදියෙන් බව මිලින්ද වටහා ගත්තේය. ඒ ඔහුත් කාමරයට පැමිණි බැවිනි. වතුර ටිකක් පානය කළ ධනුෂ්ක නැවතත් ඇඳේ වැතිරුණේය.

ඔහුගේ උණ බැස ගොස් තිබිණි….!

Saturday, March 27, 2021

දහතුනේදී.... -තෙවෙනි කොටස

එදා නං අභී අයියාට දැනෙන්නටත් එක්කම ‘රිවෝඩ්’ සුවඳ ඉතිරි වෙන විදිහටය, ඒ ගැටවරයා නෑවේ. ඒ කිව්වේ සබන් හරියට හේදෙන්නට දෙන්නේත් නැතිව!

සෙනසුරාදා හවස මං පේව්මන්ට් රස්සාවට ගියේ කළුබෝවිල ඉස්පිරිතාලයේ ගේට්ටුව ළඟටය. එතැනින් පස්සේ වෙන කොහාටවත් යැවෙන්නේ නැත. ඒ නිසාම ගෙදර එන්නටත් පරක්කු නොවෙයි. (අභී අයියා කිව්වේ රෑ වුණත් නෑවිත් ඉන්න එපා කියලාය.) එහෙම ප්‍රමාද නොවී ඇවිත්, අභී අයියා හමු වෙන්නට යන්නැයි කිව්වේ අපේ තාත්තාමය. 

“සෙනසුරාදා රෑට ඔයා අපේ ගෙදරට එන්න... මම ලැහැස්ති වෙලා ඉන්නං.” අභී අයියා මට කියලා තිබුණේ එහෙමය.

ඉතිං ඒ සෙනසුරාදා හැන්දෑවේ ගොම්මන් කළුවරේ නිමල් දිසානායක ගැටවරයා අභී අයියලාගේ ගෙදරට ගියේය. එහෙම යන්නට කලින්, ‘සුවඳ සබන් ඇඟ ගාලා හායි-හායි, කුඹුකෙ ළිඳෙන් දිය ඇදලා නාලා’ ගීතයේ කියනවා වගේ නෑවේය. (එහෙම නෑවේ නං කුඹුකේ ළිඳකින් නොවේ. අපේ වත්තත්, කොටුවේ ආච්චිගේ ඕවිටත් වෙන්වෙන මායිමේ තිබුණු ගොඩපර ගහ යට ළිඳෙන්ය.) අභී අයියාම මට තෑගි දුන් රිවෝඩ් සබන් ගාලාය. 

ඒ වෙද්දීත් දවසට දෙතුන් වතාවක් ස්නානය කරන පුරුද්ද මට බෝ වෙලාය. විශේෂයෙන්ම ගමනක් යනවා නං ඊට කලින් නොවරදවාම නාලාය, මං යන්නේ.

එදා නං අභී අයියාට දැනෙන්නටත් එක්කම ‘රිවෝඩ්’ සුවඳ ඉතිරි වෙන විදිහටය, ඒ ගැටවරයා නෑවේ. ඒ කිව්වේ සබන් හරියට හේදෙන්නට දෙන්නේත් නැතිව!
පේනවා නේද එතකොට මගේ බූරු බුද්ධි මට්ටම?
 

ඒ දවස්වල මං ඒකට දෙයියාය. දැන් වුණත්...

“ංංංආ! මයියොක්කා ගෙදර ලොකු ළමයනේ මේ! ඇයි පුතේ?”

එහෙම නාලා, ලකලැහැස්තිවී තදියමේ ගිහිල්ලා, අභී අයියලාගේ ගෙදර දොරට තට්ටු කළාම ඉස්සරහට ආ අභී අයියලාගේ අම්මා ඇසුවාය. 

(අපේ ආච්චිලාගේ අන්ජිසාම් පැකට් වෙළෙඳාම නිසා; ‘මඤ්ඤොක්කා පෙති ගසා බැද- සීනි දමා පැකට් කොට සත පහට විකිණීමේ’ වියාපාරය නිසා අපේ ගෙදරට කීවේත් මයියොක්කා ගෙදර කියලාය!)

“අභී අයියා මට කිව්වා ඇවිත් හම්බ වෙන්නයි කියලා.....” මට පැකිළෙමින් කියැවුණේ එච්චරය... එහෙම නැතිව මං වෙන මොනවා කියන්නද?

“මොකටද දන්නෑ එයා ඔය දරුවට හම්බ වෙන්න කිව්වේ.... ලොකු පුතා නානවා, දරුවෝ! .... හිටගෙනම ඉන්නේ.... වාඩි වෙන්න පුතේ. මං ලොක්කට කියන්නංකො ඔය දරුවා ආවයි කියලා!”

“අපේ අම්ම රංජි මල්ලිට තේ එකක් දුන්නද?” කියලා මගෙන් අහගෙනය අභී අයියා, තුවායකින් ඇඟ පිස දමමින් මගේ ඉදිරියට ආවේ. උත්තර දෙවුණේ ඔළු බසිනි. 

ඒ දවස්වල මං ඒකට දෙයියාය. දැන් වුණත්... එහෙම කළාම අනවශ්‍ය පැටලිලි ඇති වන්නේ නැතිය; ප්‍රශ්න විමසන්නාට නොවේ, මට!
හංගන්නට දෙයක් ඇති වෙලාවටත්, බොහොමයක් දෙනා පැනයකට පිළිතුරු දෙන්නේ තවත් ප්‍රශ්නයක් අහන්නට අවස්ථාව උදා කරමිනි.

තවත් එකක්! ඒ ගෙදර දරුවන් පස් දෙනාගෙන්, පැහැපත්ම සමක් තියෙන්නේ අභී අයියාට බව මට පෙනුණේ ඒ වේලාවේය!!

අභී අයියා ප්‍රශ්නයක් ඇහුවා වගේ නොවේ; තමන්ටම, නිකමට කියා ගත්තා...

ටික වෙලාවකින්ම අභී අයියාත්, මාත් හිටියේ මහරගම හන්දියට යමින් ගමන්ය.

අභී අයියා කියූ ටේලර් අයියා හිටියේ සමරසිරි හෝටලයේ ඉස්සරහ අයිනේ මැෂිමක් තියාගෙනය. සමරසිරිය තිබුණේ මා කලින් ආදර පූජාසනේ’පෝස්ටුවේදී කියා ඇති සෝම බෙහෙත් සාප්පුවට යාබදවය. ඊට එහායින් තිබුණේ මහරගම සරසවි පොත්හලයි. (දැන් සරසවි පොත්හල තියෙන්නේ මහරගම අනුෂා සිනමාහල ඉදිරිපිටය. ඒ ගොඩනැඟිල්ලේ 1970 ගණන්වල තිබුණේ ජයරත්න මල් ශාලාවේ ශාඛාවකි. සමරසිරි හෝටලය තිබුණු තැන දැන් තියෙන්නේ සාප්පුවකි.)

සිරි ලංකාවේ පළමුවෙනි උත්සවාකාර පොත් දොරට වැඩුම පැවැත්වුණියි කියන්නේ එකී මුල් සරසවි පොත්හලේ උඩුමහලේදීය. කලකට පෙර ඒ බව කියා තිබුණේ පියසේන වික්‍රමගේ මහත්මාය. ඒ පුවත අන්තර්ජාලයෙන් සොයාගත නොහැකි විණි. පුවත්පත් වාර්තාවේ පිටපතක් සෙවූ මුත් එයද නොලැබිණි. වික්‍රමගේ මහතාවත් සම්බන්ධ කරගන්නට බැරි විණි. ඉතිං, මට කළ හැක්කේ ඒ ගැන ඔත්තුවක් දීම පමණය.

අභී අයියා ඇවිත් තිබුණේ කලිසම් මහන්නට රෙදිත් අරගෙනමය. ටේලර් අයියා මගේ මෙෂර්මන්ට්ස් ගත්තේය. “සුමාන දෙකක් විතර යනවා සර්!” ඒ මනුස්සයා කිව්වේය.

“ඒකට කමක් නෑ.... රංජි මල්ලිට හදිසියක් නැහැනෙ....” අභී අයියා ප්‍රශ්නයක් ඇහුවා වගේ නොවේ; තමන්ටම, නිකමට කියා ගත්තා වගෙය.

එයා මගෙන් එහෙම ප්‍රශ්නයක් ඇහුවත් ‘ඔව්’ කියන්නට පුළුවනිද?

‘නිකං හම්බවෙන අශ්වයාගේ දත් බලන්නට යන්න එපා’ කියලනේ කතාවට වුණත් කියන්නේ. අනෙක උවමනාවට වඩා අරවා-මෙව්වා ඇහිල්ලත් කැත සිරිතකි.

අපේ ගෙදර දරු පරම්පරාවටම යහපත් චාරිත්තර, සිරිත්-විරිත්, නීති-රීති නං උස්මුරුත්තාවට එනකල්ම පොවලා...

එහෙම බලද්දී, අනෙක් මොනවා නැතත් අපේ ගෙදර දරු පරම්පරාවටම යහපත් චාරිත්තර, සිරිත්-විරිත්, නීති-රීති නං උස්මුරුත්තාවට එනකල්ම පොවලා තිබිණි; පුහුණු කරවලාත් තිබිණි.

   මඟුල් ගෙදරකට ගියත්, කොච්චර බඩගිනි වුණත් කෑම බෙදා ගන්නකොට එක සැරේම කොත ගහලා බෙදාගන්න එපා- (‘අනිත් අයටත් තියෙනවද දන්නෑනෙ කියලා බලන්න ඕනි!’ ඒක නම් කියන්නට ඇත්තේ අපේ ගෙදර ගැන හිතලා වෙන්නැති.)

   අතේ ඇඟිලි පුරුක් දෙකකින් උඩට ඉඳුල් ගෑවෙන විදිහට කෑම අනන්න එපා-
   සද්ද ඇහෙන විදිහට චව්-චව් ගගා කෑම විකන්න එපා-
   කන අතරේ කතා කරන්න එපා-
   කෑම කටක් ඇතුළට දමා ගන්නේ සීරුවෙන්... ඒක කට ඇතුළට ඔබන්න යන්න එපා-
   ඇඟිලි සූප්පු කරන්න එපා-
   කට වටේ ඉඳුල් ගාගන්නත් එපා- (මේ ලිව්වේ කෑමට අදාළව තිබුණු නීතිවලින්, තවමත් මතකයේ තියෙන ටිකක් විතරය.)

හැම ක්ෂේත්‍රයක් ගැනම, ඔහොම නීති ගොඩාරියක් අපට පනවලා තිබිණි. මං හිතන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ වුණත් එච්චර නීති නැතිවා වෙන්නට ඇති!

හොඳම දේ නං, ඒ නීති කැඩුවොත් දඬුවම් දීමත් කෙරුණු එකය. (මතකයි නේද, අපේ අනිල් මල්ලියාට කෙසෙල් ඇවරියක්ම කැවූ දවස?) 

එතැනදී වැරදිකාරයා ලොකුද- පොඩිද- fevouriteද- ලෙඩින්ද- හොඳින්ද වගේ කිසිම කාරණයක් සලකා බැලුනේ නැතිය. ඇත්තටම අපේ රට කරවන ලොකු මහත්තුරුන්ගේ ගෙවල්වලත් අපේ තාත්තා වගේ එක්කෙනෙක් හිටියානං!

.... දාන තරමේ නීති-රීති, තහංචි දැම්මේ පොඩි අපටය. ඒවා අකුරටම රැකිය යුතු වුණේ පොඩිවුන්ය!

එහෙම හිතෙන්නේ නීති කඩන එවුන්ට එක-එක හැන්දෙන් බෙදන-බෙදවන හැටි පෙනෙද්දීය!

නීතිය නොකෙරෙන හැටි; ළපටි ඉරටු නවන කපටි විදියට නීතිය නැවෙන හැටි පෙනෙද්දීය.
විත්තිකාරයන්ව බේරෙන විදියට නඩු පවරන ක්‍රමය ප්‍රගුණ කරන නීතිකාරයන්ට- නීති ආයතනවලට වචනයකින්වත් දොසක් නොකියවෙන හැටි පෙනෙද්දීය. හරි නම් සේවය පැහැර හැරියාට නඩු දාන්නනෙ තියෙන්නේ. (ඒ නඩුත් දානවා නං දානවා ඇත්තේ විත්තිය නිදහස් වෙන විදිහටය!) 

ඒවා දකිමින්; නොදන්නා ගණනට ඉඳිමින් වගකිව යුත්තන් බබා-හුකුම් පෙන්වන හැටි දකිද්දීය.

අනෙක් අතට අපේ තාත්තා වුණත් දාන තරමේ නීති-රීති, තහංචි දැම්මේ පොඩි අපටය. ඒවා අකුරටම රැකිය යුතු වුණේ පොඩිවුන්ය! එහෙම නීති වැඩිවෙන තරමට, ඒවා බිඳින්නට ක්‍රම සහ විධිත් සොයා ගැනිණි; අප විසිනුත්.

‘අප’ කිව්වාට මම!
එහෙම උප්පරවැට්ටිවලට; සූස්තරවලට මට හැකියාව ලැබෙන්නට ඇත්තේ ‘අමු කැළේ - දිසානායක ජානවලින්’මය. 

අහිගුණ්ටික සාත්තරකාරිය කිව්වා වගේ, මං ඉපදෙන්නටත් කලින්ම දවල් හොරෙක් වෙන්නට පතාගෙන ආවෙක්ද? 

අනෙක් අය ගැන නම් මට ලොකු අවබෝධයක් නැත.

මගේ ගැන කියනවා නම් මෙහෙමය: මොන තරමේ නසරානියෙකු වුණත්, එතෙක්-මෙතෙක් මා ජීවත්වී තිබෙන්නේ මගේම නීති-රීති, සිරිත්-විරිත් ආදියට අනුගත වෙමිනි.
ඒවායේ පදනම- ‘මගේම හෘද සාක්ෂියට අවනත වීම’යි.
මට ඉතාම සාඩම්බරයෙන් කිව හැකිය. මනුෂ්‍යත්වයට නිගා දෙන පරිදි අනුනට උගුල් ඇද, වළවල් කපා, අනුන් සතු දේ කඩා-වඩාගෙන හෝ පැහැරගෙන හෝ නැත්තෙක්මි; මම!
එතෙක්-මෙතෙක් රාජකාරි දිවියේදීවත් අල්ලසකට වුව යටවී නොමැති බවත් අභිමානයෙන් කියන්නෙමි!!

‘හොරෙකුට වුණත් ප්‍රතිපත්ති තිබිය යුතුය!’ කියන දහම...

ඒවා එහෙම වුණත් නිමල් දිසානායක කියන්නේ සුපිරිසිදු, 100%ක් සුදු, සුචරිතවත්, සුසිල්වත් කෙනෙකුත් නොවේ;
තමන් අතින් සිදුවී ඇති වැරදි ගැන ආඩම්බර වෙන නරුමයෙකුත් නොවේ;
තමන්ගේ වැරදි ගැන මූනිච්ඡාවට වචනවලින් සමාව යදින්නෙත් නැති- එහෙත් කනගාටු වෙන කෙනෙකි.

මගේ ගැන එහෙම කියන්නට හැකිව තිබෙන්නේත් නිකම්ම නොවේ. මා අදහන ‘හොරෙකුට වුණත් ප්‍රතිපත්ති තිබිය යුතුය!’ කියන දහම නිසයි.

මට මගෙම නීති-රීති, මගෙම ප්‍රතිපත්ති තිබේ!!!

හරියටම එහෙම ප්‍රතිපත්තියක් හදා ගැනීමේ මූල බීජය මගේ හිතේ රෝපණය වුණේ ‘නියපොත්ත කැඩුණු හොර ගෙඩියා’ ගැන ගුවන්විදුලි නාටකය ශ්‍රවණය කළ දවසේ සිටය. 

“රංජි මල්ලිට ඕනි පමුණුව පාරෙන් යන්නද.... විවේකාරාම පාරෙන් යන්නද?” ටේලර් සාප්පුවෙන් එළියට බහිද්දී අභී අයියා ඇසුවේ ‘ගුවන් විදුලි හඬ නළුවෙකුවූ කරුණාරත්න අමරසිංහ’ගේ බරසාර ස්වරයකිනි.

“අභී අයියට තව කොහේ හරි යන්න තියෙනවා නං, මම තනියම යන්නම් පමුණුව පාරෙන්....” මම කීවෙමි.

“මට කොහෙවත් යන්න තියෙනවට නෙවෙයි කොල්ලෝ! ඔයාට පරක්කු වෙනවද කියලයි මම ඇහුවේ....” අභී අයියා උත්තර දුන්නේය. “...එහෙනං යමු ආපු පාරෙන්ම.... මම ඇරලවන්නං....”
විවේකාරාම පන්සලට කිට්ටු වෙද්දී අභී අයියාගේ කතාව අඩු වුණේය. කල්පනාව වැඩි වුණේය. හිටි අඩියේය, එයා කතා කළේ.

“යන ගමන් අපේ ගෙදරටත් ගොඩ වෙලා යං.... කමක් නැහැනෙ.... ගෙදරට ගියා, සරමක් දාගත්තා- ගියා. පරක්කු නෑනෙ?”

තිබුණේ හඳ එළියද, නැතිනං තරු එළියද මන්දා....
හැබැයි, අභී අයියා කියූ විදිහටම නොවේ කටයුතු සිද්ද වුණේ. එයා ගෙදරට ගොඩ වුණේ මාව කළුවරේම අතරමඟ නවත්තලාය. නමුත් ගිය පමාවෙන්ම සරමකුත් ඇඳගෙන ආපසු ආවේය. දැන් අප ඉන්නේ මහ නියර උඩය. වෙල් යාය කෙළවර වෙන්නට ලියැද්දක් තිබියදී අභී අයියා නැවතුණේය; මගේ අතින් අල්ලා ගත්තේය; බිඳුණු- සැලෙන ස්වරයකින් ප්‍රශ්නයක් ඇසුවේය.

“රංජිට පරක්කුද?”

කියන්නේ මොනවාද කියලා හිතා ගන්නටත් කලින් ආයෙත් කතා කළේ එයාමය. “පොඩ්ඩක් එහාට යං! මල්ලිට පරක්කු නැහැනෙ... පොඩ්ඩක් කතා කර-කර ඉඳලා යමු!”

හා කියලා හරි- බෑ කියලා හරි කියන්නට වෙලාවක් හම්බ වුණෙත් නැත. මගේ අතකින් අල්ලාගත් අභී අයියා වමට හැරී නියර දිගේ යන්නට පටන් ගත්තේය. ලියදි දෙකකට විතර එහායින් ආපහු වමට.....

තිබුණේ හඳ එළියද, නැතිනං තරු එළියද මන්දා.... තදම තද කළුවරක් නම් තිබුණේ නැතිය. මට හොඳටම මතකය. ගොයම කිරි වැදෙමින් යාන්තං බිමට නැමෙමිනි තිබුණේ. ඒ නියර දිගේ ටික දුරක් ගිය අභී අයියා නැවතුණේය.

“රංජි දන්නවද, පාළු දැනුණාම මම මෙතනට ඇවිත් වාඩි වෙලා අහස දිහා බලාගෙන ඉන්නවා....”

‘නියර උඩ වාඩි වෙලා?’ මට අහන්නට ඕනෑ වුණේ ඒකය. ඒත් ඇහුවේ නැත. කොහොම අහන්නද? මගේ උගුර-කට වියළී ගිහින් වගෙය.

නෑසූ ප්‍රශ්නයටය ඊළඟ උත්තරය.

ඊළඟට සරම මතින් හාන්සිවී මටත් එතැනින්....

“රංජි මේ නියර දිගේ ඇවිත් නෑ නේද? මේක දිගේ කවුරුවත් යන්නෙ-එන්නෙ නෑ.... මේ, මෙතැන පොඩි ගලකුත් තියෙනවා... ඒක උඩයි මම වාඩි වෙලා ඉන්නේ.... මං සරම දාගෙන ආවේ, මෙතනට එළාගන්න...” මං ඇහුවේ නැති ප්‍රශ්න ගණනාවකට, අංග සම්පූර්ණ පිළිතුරු සපයමින්ම අභී අයියා සරම ගැලෙව්වේය;

ඊළඟට අර කුඩා ගල් පොත්ත උඩින් ඒ සරම එළුවේය; ඊළඟට එය මතින් හාන්සිවී මටත් එතැනින් වාඩි වෙන්නැයි කීවේය.

චුට්ටං ඉඩක්....

කිරිබර ගොයම් ගස්වලින් හතර පැත්තම වට වුණු පුංචිම-පුංචි අවකාශයක්...

එතැන වැතිරී සිටිද්දී නම් පාද යාත්‍රාවේ යෙදෙද්දී කළාසේ, ආකාශ ගංගාව (Milky Way) නිරීක්ෂණයක් කෙරුණේ නැත. 

ආයෙමත් ඒ නියර දිගේ ගිහින් ඒ ගල් පොත්ත තිබෙනවාදැයි බලන්නට හිතුණත් ඊට ඉඩක් නැත. ඒ ඉසව්වම දැන් පස් පුරවා, සංවර්ධනය කොට කැබලි කඩා විකුණා අහවරය. ගෙවලුත් හැදිලා අහවරය!
අර කළුගල් පොත්ත අයින් කරලද දන්නෑ පස් පිරෙව්වේ...

මමත් ඔහු අසලින්ම වාඩි වීමි.....

අප කතා කළේ මොනවාදැයි මට යන්තමින්වත් මතක නැත. ඒ, එතැන් සිට වදන් රහිත අවාචික සන්නිවේදනයක් යහමින් කෙරුණු බැවින් විය යුතුය.
කතා කළේ දෙඅත්, දෙතොල් ආදියයි.
මෘදු පිරිමැදීම්, සිප ගැනීම් මාලාවක් අතරේ අභී අයියා ඇසූ එක ප්‍රශ්නයක් විතරය; මට මතක.

“මම දුන්නු සබන් ගාලා නේද හවස නෑවේ?”

ඇත්තම කියනවා නම් ඒ මොහොතේ මා හිටියේ එක්තරා අක්‍රිය තත්ත්වයකට; මිඳුණු-ගල් ගැසුණු තත්ත්වයකට; අන්ද-මන්ද තත්ත්වයකට පත් වෙලාය. එබැවින්දෝ සියලුම ක්‍රියාකාරීකම්වල ආධිපත්‍යය; වගකීම සියතට ගත්තේ අභී අයියාමය.

‘මා අබියස මැවුණු තුසිතය- සුරන් නැළවූ සුයාමය!’
සියතින්ම සීරුවෙන් මගේ කමිසයත්, කොට කලිසමත් ගැලවූ ඔහු, ඒ සංයමයෙන්ම යුතුව ඔහුගේ කමිසයත්, යට කලිසමත් ගැලෙව්වේය. මාව අර ගල් පොත්ත උඩ එළා තිබුණු ඔහුගේ සරම මතින් උඩුබැලිව සතපා ගත්තේය. එහෙම කෙරුණේ කිසිම කලබලයකින් යුතුව නොවේ.

එහෙම සංයමයක්.... එහෙම සීරු-මාරුවක්..... සත්තය, ඒ ලතාවකට කෙරුණු සිපගැනීම්- පිරිමැදීම්- ආලිංගනයන් මා කෙරෙහි ඉපැද්දවූ සංවේදනයන් ගැන කියන්නට සුදුසුම; ගැළපෙනම ‘අනුන්ගේ වචන ටිකක්’ මේ මොහොතේ මගේ හිතේ දෝංකාර දෙයි. මං ඒවා ණයට ඉල්ලා ගන්නේ කේ.ඩී.කේ. ධර්මවර්ධනයන්ගෙන්ය!

‘මා අබියස මැවුණු තුසිතය- සුරන් නැළවූ සුයාමය!’

ඔව්! ඒ සියල්ල වුණේ එහෙමය. මේ පෝස්ටු මාලාවේ පළමුවැන්නට comment එකක් එවමින්, හිතවත් ‘විජේබාහු’ රසික මහතා අනුමාන කළ ලෙසින් මම ‘gal kaarayekuta’ අහු වෙන්න වගේ-වගේ වුණා නොව, අසු වීමි!

හැබැයි, ඒ කිසිදු නොදැනුවත්කමකින් නොවේ; අකමැත්තකින් නොවේ; නොමනාපයකින් යුක්තවත් නොවේ.

දැනුවත්වය; කැමැත්තෙන්ය; මනාපයෙන්ය. ඊට අමතරව රාගාන්විතවය; කාමාතුරවය.

අපේ තාත්තාගේ දිසානායක ජාන හරහා ‘මේ ගතියත්’ මට සම්ප්‍රේෂණය වෙලාය!

අපේ තාත්තාත් ලෛංගික ක්‍රියාකාරිත්වය වැඩි කෙනෙකි; ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝන යහමින් ශ්‍රාවය වෙන කෙනෙකි.
ඒ ගතිය මටත් ඇවිත්ය!! එහෙත්.... අපේ අම්මාගෙන් මට උරුමවී ඇති පෙනුම අහිංසක- ශාන්ත එකකි!!!

“නිමල් අයියා ඉන්න විදිහට, මම කීයටවත් හිතුවේ නෑ මෙහෙම දේවල් ලියන කෙනෙක්ය කියලා...” 2012 අවුරුද්දේ දවසක මට එහෙම කිව්වේ ‘රාවය’ පත්තරයේ ජනමාධ්‍යවේදියෙකි.
“නිමල් අයියගෙ නමටත් හරි නෑ මෙහෙම පොතක් ලියපු එක. ඇයි මෙහෙම එකක් ලිව්වේ?” එහෙම ඇසුවේ උපාධිධාරී තරුණයෙකි. “.... ඔයා තරහ වෙන්න එපා මෙහෙම කිව්වට. නිමල් දිසානායක කියපු ගමන් අපේ හිතට එන්නෙ අපි කාටත් ආදර්ශයක් ගන්න පුළුවන් කෙනෙක්නෙ.... එහෙම කෙනෙක් මේ වගේ කුණුහරුපත් තියෙන පොතක් ලිව්වම?” අර තරුණ හිතවතා තව දුරටත් කීවේය.

ඒ පොත් දෙකේම අඩංගුව තිබුණේ ‘යාන්ස්’ය. ඒ එකක්වත්....

අර උපාධිධාරී තරුණයා ඒ ටික කිව්වේ, මගේ තෙවෙනි මුද්‍රිත කෘතිය ‘හිනා වෙන්න හිනා’ පොතක් කියවලා, 2007 අවුරුද්දෙය.

රාවය කන්තෝරුවේදී කෙරුණු ප්‍රකාශය මගේ සිව්වෙනි පොත; ‘හිනා තවත් හිනා’ කියවූ කෙනෙකුගෙනි කෙරුණේ.

ඒ පොත් දෙකේම අඩංගුව තිබුණේ ‘යාන්ස්’ය. ඒ එකක්වත් මවිසින් කළ නිර්මාණ නොවේ. මළ ගෙවල්, බණ ගෙවල්, පිරිත් ගෙවල් හා ‘වළ බහින’ තැන් ආදියේදී එක-එක අය පාළු කපද්දී කියනවා ඇහුණු කතන්දරය!

ඒවා සංග්‍රහ කොට, පොතක් ලෙසින් පළ කිරීම වනචරකමක්ද?

අපේ සමාජය පිළිගනු ලබන්නේ දවල් මිගෙල් - රෑ දනියෙල් වෘතය රකින්නන්ද?

මගේ පෙනුමින්; මා කරන-කියන දෙයින් මා ගැන අනුන් මවාගෙන ඇති ප්‍රතිරූපය නඩත්තු කිරීමට මට අවශ්‍ය නැත. හෘදය සාක්ෂියට ගරු කරන්නෙකු විදිහට සිතද්දී, වැඩි දෙනෙකු මට පලඳවා ඇති කිරුල මට නම් කටු ඔටුන්නකි.

නිදිගෙ පංච තන්තරේ බ්ලොගය හරහා මගේ සැබෑ ජීවන තතු, සිදු වුණු පරිද්දෙන්ම ලියන්නේ ‘හැබෑ නිමල් දිසානායක’ අනාවරණය කරමිනි. එය විශ්ලේෂණය කිරීම හෝ තීරණවලට බැසීම බාර මා ලියන මේ ලිපි කියවන හිතවත් පාඨකයන්ටය.

නමුදු, එක කරුණක් වෙසෙසින් සඳහන් කළ යුතුය. ඉදිරියටත් මගෙන් ලියවෙන දේ කියවා හමාර කරන තුරු, මා ගැන ‘තීරණ ගැනීමට’ ඔබ ඉවසිලිවන්ත වෙනවා නම් මා වඩාත් සතුටුය.

‘ඇඳුම් ගලවන්නට උදව් වෙන අය යළිත් ඇඳුම් ඇඳගන්නා විට උදව් නොවෙති!’ කියා කියමනක් තිබේ. වැඩි දෙනෙකුට එය අදාළය.

ඒ අතින් බැලුවත් අභී අයියා greatය. මා මේ කරන්නේ ඔහුට හිමි ගෞරවය දීමකි.
“පොඩ්ඩක් ඉන්න රංජි...”