“තමුසෙට එහෙම කෙනෙක් හිටියේ ගොඩ කාලෙකට කලින්නේ. ඒ
කතන්දරේ ඉවරෙට ඉවරයි නේද ... මොකෝ, ආයේ පටන් ගත්තද?”
පරණ love එක නෙවෙයි මේ. අලුත් එකක්.... අපි බඳින්නයි යන්නේ...... |
“අයියෝ ලොකා. ඒක නෙවෙයි මේ, අලුත් එකක්... අපි බඳින්නයි
යන්නේ. අම්මත් කැමතියි, පොඩ්ඩත් කැමතියි......” mh කිව්වේය. මම උඩ ගිහින් බිමට
වැටුණෙමි!
“අම්මට හුඩු, ගොඩක් කල්ද?”
“ගිය සුමානෙ යාළු වුණේ.....” mh කිව්වේ උජාරුවෙනි.
“එයාලගේ ගෙදරිනුත් කැමති වුණා.”
“එහෙනම් මිනිහො මොකටද මාවත් ඔය මඟුලට ගාවා ගන්නේ? දැන්
ගෙවල් දෙකෙන්ම කැමති වෙලත් තියෙන එකේ ඕනි මඟුලක් කර ගන්නවා මිසක!” මගේ ඒ තීන්දුව
පිළිගන්නට mh කැමති වුණේම නැත.
“අනේ ලොකා..... ඔයාම දන්නවනේ....
ඔයා අපිට තාත්තෙක්.....
ඔයා තමයි අපේ පවුලෙ ප්‍රධානියා.
වෙන කවුරු ගියත් මගේ හිතට මදි. ඔයාවත් එයාලගේ
ගෙදරට එක්ක යන්නම ඕනි ඒකයි. මම එයාලටත් කියලයි තියෙන්නේ ඔයා ගැන. එයාලගේ සීයා,
තාත්තා දෙන්නමත් ඔයා ගැන දන්නවා....
එහෙම කිව්ව ගමන්ම තමුසෙගෙ මඟුලට කෙළවෙයි ඕං! |
“මේ අහනවා m. තමුසේ හොඳටම දන්නවා මගේ හැටි.
මම ආවොත්
එයාලගේ අම්මලාගෙන් අහන්නේ ‘උඹලා මෙච්චරටම මෝඩයොද, රටේ වෙන මිනිස්සු නැතිවටද තමුසේ
වගේ බේබද්දෙකුට දෝණියන්දැව දෙන්න හදන්නේ’ කියලයි. එතැනින්ම තමුසෙගෙ මංගල්ලෙට කෙළවෙයි
ඕං!”
එතකොටවත් m මෙල්ල වුණේ නැත.
“මම දැන් බීම නවත්තලා
තියෙන්නේ ලොකා!”
“හැබෑට? කවදා ඉඳලද?”
ඔන්න මිනිහාට ලජ්ජා හිතුණු තැන. “.... ගිය සුමානේ
ඉඳලා.... එයා කැමති නැහැ බොනවට. මාත් පොරොන්දු වුණා.”
“ඕයි.... තමුසේ කෙල්ලත් එක්ක යාළු වෙලා සුමානෙට බීම අත
ඇරලා, ගෙවල් දෙකටම කියලා සේරම ඉවරයි. කෙල්ලත් කැමතියි.... ගෙවල් දෙකේ මිනිස්සුත්
කැමතියි. අවුරුද්දක් යන්න කලින් තමුසේ තාත්තෙකුත් වෙයි.
මට නම් පේන්නෙ තමුසෙලා
මැටි හරක් කියලයි, හලෝ.
බෑ, බෑ. මට ඇවිත් බොරු කරන්න බෑ. ඊට මීට වැඩිය හොඳයි
තමුසෙලා කරන මඟුලක් කර ගන්නවා මං නැතිව.... මම කසාදෙට එන්නං. ඒ මදැයි.”
අපි අමු කැලේගේ පරම්පරාවෙන් පැවතෙන්නෙමු! |
“එහෙම නෙවෙයි රංජි.... mගෙත් ආසාවනෙ.... ඔන්නොහෙ ගිහිල්ලා
එන්න.” අපේ සංවාදය අහගෙන, අම්මා එච්චර වෙලාවක් හරි මැදිහත් නොවී හිටියේ අමාරුවෙන්
වෙන්නැති. සමහර විට ‘අම්මා කට අරින්න එපා. සද්ද නැතිව ඉන්න.’ කියලා m කලින්ම
උපදෙස් දුන්නා වෙන්නත් ඇති. එතෙක් වෙලාවක් මගේ හිතේ තෙරපෙමින් තිබුණු නොරිස්සුම
එළියට පැන්නේ අම්මාගේ කතාවෙනි.
“ලජ්ජ නැතිව අම්මත් මේ මිනිහගේ කසාදෙට කැමති වුණානෙ.
අම්මා කැමතියිද අම්මගේ දුවෙක් දැන-දැනම බේබද්දෙකුට දෙන්න?”
“ඉතින් m දැන් බොන්නෙ
නැහැනෙ!”
“අම්මෙ අම්මෙ අම්මේ.....
පොඩ්ඩක් කල්පනා කරන්න බැරිද? මුන් දෙන්නා දැකලා, හම්බ වෙලා, යාළු වෙලා..... සේරම ඉවර
වෙලා තියෙන්නේ සුමාන දෙකක්වත් නොගිහින්. මොළේ කලඳක්වත් තියෙන කෙල්ලෙක් නං ඔච්චර
ඉක්මනට කසාද බඳින්නත් කැමති වෙයිද? අනෙක මෙයත් දැන් කියයි නොබී ඉන්නවා කියලා.
ඔව්වා ඔක්කොම ත්‍රිල් එකට කියයි.... ටික දවසක් නොබීත් ඉඳියි... මොකෝ කසාද බැඳගන්න
මෙච්චර කලබලයක්.... සුමාන දෙක යන්න කලින්....”
අම්මා තමන්ගේ දරුවාව බේරගන්න හදන්නේ තව දරුවෙක්ව බිල්ලට අරන්......... |
“මම කියන්නේ රංජි,
එතකොටවත් මෙයා තැන්පත් වෙයි කියලා....”
“අම්මා තමන්ගේ පුතාව
බේරාගන්න හදන්නේ තව අම්මා කෙනෙක්ගේ දුවව බිල්ලට අරන්.....” එතනින් නොනැවතී, මම
සුනිල්ටත් දෙස්ස කැපුවෙමි. ‘වගකිව යුතු සහෝදරයෙකු විදියට අපේ සොහොයුරියක් m වැනි
කෙනෙකුට විවාහ කර දිය හැකිද’ කියා ඔහුගෙනුත් ඇසුවෙමි. සුන්නා වැරැද්ද තේරුම්
ගත්තත් කරන්නට දෙයක් ඉතිරිව තිබුණේ නැත.
ඔහොම කතාබහ සිද්ද
වුණායින් පස්සේ වුණත් m අන්තිමට කිව්වේ එකකි. “ලොකා.... ඔයා ඇවිත් වැඩිහිටියෙක්
විදිහට ඔයාට හිතෙන ඕනිම දෙයක් කියන්න. මම දන්නවා, ඔයා කියන දෙයක් කියන්නේ තරහෙන්
නෙවෙයි, අපේ හොඳටයි කියලා..... ඔයාට නිදහස් වෙලාවක් කියන්නකො...... අපි එහෙ
යමු....”
M තදින්ම බීමට ඇබ්බැහි
වී හිටියේය. ඒ නිසාම ගොඩක් දේවල් නැති කර ගත්තේය. පාසල් වියේ සිටම තිබුණු ප්‍රේම
සබඳතාවක් පවා..... ඉන් පසු ටික කලකට විදෙස්ගතව සිට ආපසු ආ ඉක්මනින්ම වගෙය, ඉහතින්
කියූ දේවල් සිද්ද වුණේ.
“ලොකා දන්නවද වැඩක්? m
බිස්නස් එකක් පටන් ගන්නයි යන්නේ....” මට ආරංචිය කිව්වේ මානෙල් නංගිය. “අර කෙට්ටු r
එක්ක හවුලේ. පොඩි කඩවල්වලට ඔය පොඩි-පොඩි අයිටම්ස්, පැකට් කරපුවා, පොත් පෑන් පන්සල්
වගේ ඒවා දාන්න.”
ඔය සිල්ලර කඩවලට පොඩි-පොඩි අයිටම්ස් දාන වැඩක්! |
කෙට්ටු r කාලයක් තිස්සේ
ඒ වෙළෙඳාම කරමින් උන්නේය. ඒත් මොකක් හෝ හේතුවක් නිසා එතරම් සරුවට වැඩේ කෙරුණේ නැත.
“මිනිහා අපේ mට කිව්වලු බයිසිකලෙයි පෙට්ටියයි සේරම ගන්නයි කියලා. m බිස්නස් එක
දිගටම කරන්න කැමතියි නම් කෙට්ටු r දවස් පඩියට වැඩ කරන්න එන්නං කියලත් කිව්වලු.”
mගේ හුඟක් තොරතුරු මට
කියන්නේ මානෙල් නංගිය.
ලොකු නංගීට වඩා සමීපකමක් අප දෙන්නා අතර තිබිණි. ලොකු නංගිගේ
අකල් වියෝව නිසා අපේ ගෙදර අයගෙන් වඩාත්ම පීඩාවට පත් වුණේ මානෙල්ය; ඉක්මනින්ම විවාහ වෙන්නට වුණේ ඇයටය.
ඒ මදිවාට විවාහ
වෙනවාත් එක්කම; අවුරුදු දහඅට වෙද්දීම එයාට දියවැඩියාව රෝගයත් හැදුණාම...... පෙනුණේ
දෛවයත් ඇයට අකාරුණික වෙන බවය.
“Rගෙ බයිසිකලේම ඕනය අපේ
මිනිහට, බිස්නස් එක කරනවා නම්. ඊටත් ඔය වැඩේට දෙන්නෙක් ඕනිද?
එක බයිසිකලේ දෙන්නෙක්
යන්නෙ කොහොමද, බඩු පෙට්ටියකුත් බැඳගත්තට පස්සේ?”
ඔළුව ඉදිමිලා නැති ලෙඩත් එනවනේ............ |
“අනේ මන්දා ලොකා....
වැඩිය හොඳයි ඔයා ඕකට මොකුත් නොකියා ඉන්න එක. දන්නවනේ, සල්ලි ටිකක් අතේ තියෙනකොට
සමහරුන්ට ඔළුව ඉදිමිලා නැති ලෙඩත් එනවනේ......”
උම්මග්ග ජාතකේ කියවෙන
කටුස්සා වගේ වෙන්නැති! මට සිතුණි.
ඔන්න මියුලු නුවර වේදේහ
රජ්ජුරුවෝ පෙරහරෙන් මඟුල් උයනට යනවා. ද්වාර තොරණට කිට්ටු වෙද්දී රජ්ජුරුවන්ට
පෙනෙනවා තොරණේ උඩම හිටි කටුස්සෙක් බොහොම බය-පක්ෂපාත ලීලාවෙන් බිමට බැහැලා බලන්
ඉන්න හැටි. “මහෞෂධ පණ්ඩිතයෙනි. මේ බොහොඬා කුමක් කෙරේද?” ඒක දැකලා රජතුමා අහනවා.
“ඌ ඔබතුමාට ගරු සැලකිලි
දක්වන්නයි තොරණින් බිමට බැහැලා පැත්තකට වුණේ!”
කවුරු හරි රජ වෙනවා නම්
ඒ එක්කම පොඩි අසනීපෙකුත් හැදෙනවා වගේ.... එදා ඉඳලාම. ගම්වල මිනිස්සු නම් ඒ ලෙඩේට
කිව්වේ ‘මොළේ පුකට බහිනවා’ කියලයි.
ඒ අසනීපෙ තිබ්බ හින්දද මන්දා රජා හෙණට satisfy
වුණා.
‘මට එච්චර ගරු කරන කටුස්සාට වස්තුව දීපල්ලා.” රජතුමාට කියවුණා.
ඇයි හත්වලාමේ? කටුස්සා රත්තරන් කන්නද? ඌට දෙනව නං ............ |
‘ඇයි හත්වලාමේ මෝඩයෝ,
කටුස්සට රත්තරන් මොකටද?’ කියලා හිතුණත් පඬිතුමා ඒක කිව්වේ වෙන විදිහකටයි. “අවසර
දේවයන් වහන්ස. බොහොඬාට වස්තුවෙන් පල නැත. ඊට වඩා ඔබින්නේ වියටැක බර රන් වටිනා මසක්
ඌට දීමය.”
‘අයියෝ, වී ඇටයක බර
රත්තරන් වටින මස්....
චෑ චෑ චෑ, මං වගේ උත්තමයෙකුගෙන් දෙයක් ලබන කෙනෙකුට සොච්චමක්
දීලා මට පුරුදු නෑ. රාජ භාණ්ඩාගාරෙන් දෙන එක අත දිග ඇරලා දෙන්න ඕනේ!
ඒයි භටයා. අද
ඉඳලා හැමදාම මේ කටුසු මහත්තයට වී ඇට දෙකහමාරක් බර රත්තරං වටිනා මස් ටිකක් ගෙනත්
දෙන රාජකාරිය උඹට භාරයි.’ කියලා රජතුමා එවෙලේ කියන්නැති.
මස් සපයන වැඩේ දිගටම
කෙරුණා, පෝය දවස වෙනකල්.
මියුලු නුවරත් පෝය දවසට මස් කඩ- තැබෑරුම් වහන සීලවන්ත
කොදෙව්වක්. එදා අර සෙබලාට කොහෙන්වත් මස් හොයා ගන්න බැරි වුණා. එහෙම වුණාය කියලා
රාජකාරිය පැහැර හරින්නය? විනය නොතකා හරින්නද? මිනිහා මොකද කළේ ‘අර රත්තරන් ටික’
කටුස්සාගේ බෙල්ලේ ගැට ගැහුවා.
ඊළඟ දවසේ රජතුමා ආවා ඇතා
පිටේ. කටුස්සා නෙවෙයි තොරණෙන් පහළට බැස්සේ.
ඔන්න ඊළඟ දවසෙත් රජා වඩිනවා, ඇතා පිටේ..... හරි වැඩේ! |
කේන්ති ගිය රජතුමා
සුල-මුල හොයද්දී මහෞෂධ පඬිතුමාම තමයි ‘කකණ්ටක ප්‍රශ්නය’ විසඳන්නේ.
“තෙපි තොප පමණට වස්තු
ඇත්තා හ. මමත් මා පමණට වස්තු ඇත්තෙමි. එසේ හෙයින් තොපට මා අඩු කිමෙක් ද’යි ඉක් මැ
සිතන්නේ, හෙළා දැක්කේයැ” කියලා
රජතුමාට තේරුම් කළාලු.
අදත් එහෙමනේ.... ‘තමුසෙට වගේම මටත් යමක්-කමක් තියෙනවා’
කියලා ආඩම්බර වෙන මෝඩයන් තියෙන දේවලුත් නැති කරගන්නවා.
නුවණක්කාර උදවිය ගස් බැඳගෙන
හරි, වේදිකාවකදී දණහිස් ළඟ වාඩිවෙලා, කකුල් මිරිකමින් කොමල පපා ඉඳලා හරි, (ලබ්බ
බහින කල්) යටි ගිරියෙන් ප්‍රශස්ති ගායනා කරලා හරි ‘තැන රැක ගන්නවා’.
ඉතින් අපේ ආඩම්බරකාර m
මහත්තයා, කෙට්ටු rගේ push සයිකලයත්, ඒකේ ලගේජ් එකට උඩින් බඳින තහඩු පෙට්ටියත්,
ඉතිරිවී තිබුණු බඩුත් සල්ලි දීලා එයාට පවරා ගත්තා.
“අයියා දන්නවද මන්දා. ඔය
rකාරයත් හොඳට බිස්නස් එක කරගෙන ගිහින් බීම හින්දාම දැන් නට්ටං වෙලාලු. අපේ
මිනිහගෙත් එක බොනපාට් යාළුවෙක්නේ. දෙන්නා හවුලේ වැඩ කරන්න ගිහින් කොතනින් නවතියිද
කියන්න බෑ.” සුනිල්ගේ හිතේ වුණත් තිබුණේ පැහැදීමක් නොවෙන බව මට තේරුණේ ඒ කතාවෙනි.
අපේ අම්මාටත් උවමනාවී තිබ්බේ පුතා කසාදයක් කරගෙන දරු පැටියන් හදාගෙන තැන්පත්ව............. |
“කොහොම හරි කමක් නෑ, mගෙ
අතේ තියෙන සල්ලි ටික වතුරේ නොයා.... එක අතකට දැන් ඔය කෙල්ලෙක් මාට්ටු කරගෙන ඉන්න
එකත් හොඳයි. ඒ හින්දා බීමත් නවත්තලා කිව්වේ.”
Mගේ ව්‍යාපාරයත්, අලුත්
love එකත් දියත් වුණේ එකම කාල වකවානුවකය.
අපේ අම්මාට උවමනා වෙලා
තිබ්බේ හැකිතාක් ඉක්මනින් mගේ කසාදයත් ඉවරයක් කරලා දමන්නටය. එයා හිතුවේ කෙනෙකු
කසාදයක් බැඳගත් ගමන් ප්‍රශ්න සේරම ඉවරය
කියලාය. එක විදිහක ප්‍රශ්න ඉවර වුණත්, අලුත්ම ආරක ප්‍රශ්න සමුදායක් ඒ එක්කම පටන්
ගන්නා බව අපේ අම්මා කවරදාකවත් ඉගෙන ගත්තේ නැතිය.
එහෙම ඉගෙන නොගත්තත් මොකෝ? අම්මා මටත් වැඩියෙන් නිර්භීතය. පීනන්නට නොදැන හිටියත්, හඳහන් බල-බලා නොයිඳ නොදන්නා
වතුරකට වුණත් බහින තරමට එඩිතර මානුස්ස දෝණිනෙ.
ඉතින්, අපි ශ්‍රී ලාංකේය
චාරිත්‍රානුකූලව ‘අනාගත නෑනා’ගේ ගෙදරට පෙර ගමන් ගියෙමු.
ජය පහට තේ පැන් සංග්‍රහයක්
සූදානම් කෙරිලාය. ඉන් පස්සෙ පිළිසඳරය.... “මේ ඉන්නේ අපේ කට්ටිය....”
නරක නැත. ඒ
පවුලේත් දරුවන් පස් දෙනෙක්ද කොහෙදය. (අපේ දහයක්නේ. කොල්ලෝ පහයි- කෙල්ලෝ පහයි.)
එයාලාගේ එහෙම කවලමේ නොවේ, කෙල්ලන්ම පහකි!
නරක නැත! ඒ පවුලේ කෙල්ලන්ම පහකි.... අපේ දරුවන් දහයකි. පහක් කොල්ලන්ය.......... |
M තෝරාගෙන තිබුණේ
දෙවැන්නියයි!
එදා කාටවත් නොකිව්වත්, වඩාත්ම රූමතිය ලෙස මා දුටුවේ වැඩිමහලු
දියණියයි.
ඒ අතරේ තරුණ හාදයෙකු පෙන්වා “මෙයාව
තමයි ලොකු දුව බැඳලා ඉන්නේ”යි කියූ අනාගත නැන්දම්මා පවුලේ සාමාජික-සාමාජිකාවන්
හඳුන්වා දීමේ පෙරට්ටුව continue කරගෙන ගියාය.
ඒ තරම් ප්‍රසන්න වෙලාවක
මං හෙනහුරෙක් වෙන්නටය හදන්නේ. “අදම කියනවද? පස්සේ කියනවද?” හිත වැනෙමින් තිබිණි.
තාවර වෙවී, එකෙල-මෙකෙල
වෙවී ඉන්නට බැරි ගතියක් මට තියෙනවානේ.... ටිකාක් විතර ඉවසිලි මදි කියන්නත්
පුළුවනිය. ඒ එදාය.
අපරාදේ, කියන්නට බැරිය.
හැමෝටම කියන්න තියෙන දේවල් ඉවර වුණා වගේ පෙනුණාම මට ඉඩ හදලා දුන්නෙත් අපේ මනමාල
කොල්ලාය. “අපේ ලොකාටත් විශේෂෙන් කියන්න දේවල් ටිකක් තියෙනවා කියලයි ආවේ....”
“මෙයාගේ පිස්සු අනේ.
දැන් රංජිට මොනවත් කියන්න හිතෙන්නෙත් නැතිව ඇති.” අම්මා අන්තිම මොහොතේත් හදන්නේ
මගේ කතාවට උදැල්ල දාන්නටය. “නෑ, නෑ. මම මේ හිත-හිතා හිටියේ කොහෙන්ද පටන් ගන්නේ
කියලා.... අමනාප වෙන්න දෙයක් නෙවෙයි. මට දැනිච්ච දේවල් ටිකක්... ඒවා කියන එක මගේ
යුතුකම. අහන-නාහන එක අනෙක් අයගෙ වැඩක්.”
විත්තිකාරයෙකු එල්ලුම් ගස් යවන තීන්දුව දෙන්නට ............ |
දැන් සේරමලා නිස්සද්දය.
මිනීමැරුම් නඩුවක විත්තිකාරයාව ‘එල්ලුම් ගහට යවන’ තීන්දුව දෙන්නට සැරසෙන විටත්
මෙහෙමලු. විනිශ්චය ශාලාවේ විදුලි පංකා පවා නවත්තනවා කියලාය මං අසා තියෙන්නේ....
කට්ටියම නිහඬව.... සද්දය මගෙන් විතරය.
“M කියාපු විදිහට නම් මේ
දෙන්නා දැන-අඳුනගෙන සුමාන දෙකක් යන්න කලින් කසාද බඳින්නත් තීරණේ කරලා.
මම දන්න
විදිහට නම් දෙන්නෙක් කසාද බඳින්නේ අවුරුද්දකට දෙකකට නෙවෙයිනේ. ජීවිත කාලයක් එකට
ඉන්න.
දැකලා දවස් ගණනෙන්
කෙල්ලෙක් එහෙම ජීවිත කාලයක් එකට ඉන්න ගැලපෙනවද කියලා මට නම් හිතාගන්න බැහැ......
මොළේ තියෙන කෙල්ලෙකුට වුණත් ඒ වගෙම තමයි හිතෙනවා ඇත්තේ...
ඊටත් අපේ මනුස්සයා හොඳටම
බීමට ඇබ්බැහි වෙලා හිටිය කෙනෙක්.”
“ඒ වුණාට ලොකු පුතේ
(අනාගත මාමණ්ඩිය කෙලින්ම ඒ වචනය පාවිච්චි කළේය. ලොකු පුතේ! ඇත්තම කිව්වොත් ඒ
මොහොතේ ඔහු ගැන මසිතේ ඇති වුණු ප්‍රසාදය තවමත් එහෙමමය.) මේ පුතා දැන් බොන එක
නවත්තලානේ.”
“මේකනෙ.... ඕනෑම
කොල්ලෙක්- කෙල්ලෙක් යාළු වුණාම ඔය වගේනෙ. ඉර-හඳත් ගෙනල්ලා දෙන්නම් කියලනේ
කියන්නේ.... thrill එකට.
පහු-පහු වෙනකොටනේ
කොහු-කොහු වෙන්නෙ. මාත් හරිම කැමතියි අපේ එක්කෙනා දිගටම නොබී ඉඳලා මිනිහෙක් වෙනවට.
දැනට නම් මෙයාගේ ඔය පොරොන්දුව ගැන මගේ ලොකු විශ්වාසයක් නෑ...
මම කියාගෙන ආවේ මේ වගේ
දුර නොබලන කෙල්ලෙක් මාව කසාද බැඳගන්න හැදුවොත් මං ආයේ එයා ඉන්න පැත්ත-පලාතකවත් ඉන්නෙ
නැහැ කියලයි. ඔයාලගේ දුවට වුණත් හිතන්න තියෙන්නේ අපේ මලයගෙ දුර නොපෙනෙන ගතිය
ගැන.....
මෙහෙම දුර නොහිතා පාර වරද්දාගන්න කෙනෙකුට මගේ සහෝදරියෙක්ව දෙන්න............ |
ඇත්තම කියනවා නම් මේ වගේ
දුර නොපෙනෙන කෙනෙකුට මගේ සහෝදරියෙක් දෙන්න මම නම් කැමති නැහැ. මම අපේ අම්මටයි,
ලොකු මල්ලිටයි දෙන්නටත් දොස් කිව්වා.....”
අදටත් මගේ චින්තනය නම් එහෙමය.
එහෙත් මගේ අදහස කියනවා විනා, එයම පිළිගත යුතු යයි මා කිසිවිටෙක කියන්නේ නැත; බල
කරන්නේ නැත.
වැඩිහිටි වයසට එළැඹි පසු තම-තමන්ගේ කටයුතු ගැන තීරණය කළ යුත්තේ
තම-තමන්මය.
අපේ පවුලේ කිසිම ආවාහ-විවාහ කටයුත්තකදී අනෙක් අයගේ ‘බලපෑම්’ සිදුවී
නැත.
නමුදු විවේචන කෙරිලා
තිබේ!
“මම දන්නේ නැහැ, අපේ
මිනිහා- අම්මලා ඔයාලට මොනවා කියල තියෙනවද කියලා.... ඒත් එයාලත් ඉස්සරහම මම
කියන්නේ... අම්මා එංගලන්තේ ඉන්න බව ඇත්ත. ඒක මේ මංගල්ලේ කෙරෙන්න හේතුවක් කරගන්න
එපා.
මම හෙටානිද්දා රජෙක් වුණත් මගෙන් මෙයාලට කිසිම උදව්වක් කෙරෙන්නෙ නැහැ. ඒ වගේමයි
මම හිඟන්නෙක් වුණත් මෙයාලගේ ළඟ වැටෙන්න එන්නෙත් නැහැ....”
රජෙක් වුණත්, හිඟන්නෙක් වුණත් මගෙන් මෙයාලට කිසිම......... |
ඒ දිනවල මගේ හිතිවිලි
කොතරම් පටුද? කෙනෙකු කවරදා හෝ අසරණ තත්ත්වයකට පත් වෙන්නට ඉඩ තිබේ යැයි එදා මට
නොවැටහිණි.
ඕනෑම හස්ති රාජයකු වුවද
දණ ගස්සන්නට පුංචි වෛරසයකට පුළුවනිය; රෝගයකට පුළුවනිය. Covid 19 තහවුරු කළේ ඒ සත්‍යයයි;
2013දී ‘මල්ටිපල් මයෙලොමා’ව මට විශේෂයෙන් පහදා දුන්නේ ඒ සත්‍යයයි!
හරිහැටි කෙලින්
සිටින්නට, ඍජුව නැඟිට ගන්නට පණ කඳුළක් නැතිව හිටියදී.... කණ්නාඩියෙන් මට පෙනුණු මා
‘අඟහරු ලොවින් ආ භූතයා’ මටම සිහි ගැන්වූ තත්ත්වයෙන් හිටියදී, මට අපේ සුනිල්ගේ පිළිසරණ පතන්නට
විණි. දැනුදු නොයෙකුත් විෂබීජ ශරීරගත වීමෙන් වළකින්නට ජීවිතයේ වැඩි වෙලාවක් ‘ස්වයං
නිරෝධායනය’ක යෙදෙන අසරණයෙකු බවට නිමල් දිසානායක පත් කරමිනි; දෛවය එදා උඩඟුව හිටි
මට දැන් දඬුවම් පමුණුවන්නේ!!
හැබැයි රජෝ, මේ ටිකත්
කියන්නම ඕනෑය. ‘ගතේ සවිය පිරිහී ඇති බව ඇත්තය; ඒත් හිතේ සවියත්- අභිමානයත් තවමත්
එහෙමමය.’
අපිත් කැමැති මෙයාලා හොඳින් ඉන්නවා දකින්න තමයි, ලොකු පුතේ! |
“පුතා වගේම තමයි. අපිටත්
ඕනේ මේ දෙන්නා හොඳින් ඉන්නවා දකින්න. අපට එයාලගෙන් උදව් ඕනෑ නෑ. ඒ දෙන්නා හොඳින්
හිටියොත් අපට ඒ ඇති.... හැබැයි ලොකු පුතේ. අපි නම් අපට පුළුවන් උදව්වක් දිගටම අපේ
දරුවන්ට කරනවා.” ඒ තාත්තා සානුකම්පාවෙන් කිව්වේය.
“මේ දෙන්නාට දෙන-කෙරෙන උදව්
ගැන නම් නෙවෙයි මට කතා කරන්න ඕනි වුණේ.....”
කමක් නැද්ද, සෙස්ස පස්සෙ කිව්වට?
සිංහල film බාගන්න මේ site එකට යන්න
ReplyDeleteduisentertainment.blogspot.com/
මේක පට්ට.... වෛෂ්ණාවි නැද්ද?
Deleteඅම්මෝ ඩ්රැකී, වැඩ කරන කඩිනම. එය දැන් ලොකු ළමයෙක් හොයාගත්තද?
DeleteDUIS, දැනුවත් කිරීම ගැන ගොඩක් ස්තුතියි!
ලොකු ළමයා හොයාගන්න බැරි උනා. කවද හරි හොයාගන්නං...
Delete+++++++++++++++++++++++++++++++++++++++++++
ReplyDeletePra Jay, ඔයාගේ කමෙන්ට් එකටත් 'අම්මෝ' කියවුණා. මෙතෙක් එවපු දිගම වැට! ස්තුතියි!!
Deleteපළවෙනිම කාරණේ....
ReplyDeleteඔය විදිහට කතා කරන උදවිය ඒ වෙලාවෙම වරදවා වටහා ගැනෙන්න තියෙන ඉඩ ඉතාම වැඩියි. තමුංගෙ මලයට හරියනවට විරුද්ධ මහා කුහකයෙක් හැටියට පේනව.
වැඩෙ තියෙන්නෙ ඒ කියන විදිහෙ කුහකෙයො ඔය වගේ මූණට කෙලින් කතා කරන්නෙ නෑ....
ඔයා හරි ඩ්රැකී මහත්තයෝ. හුඟක් වෙලාවල ඒක වෙලා තියෙනවා. ඒත් ඒ හැම වෙලාවකම වගේ, කාලය විසින්ම ඔප්පු කරලත් තියෙනවා මගේ ආස්ථානය නිවැරදි බව.
Deleteකියන්න ඕනිදේ නොකියා හිතින් විඳවනවාට වැඩිය මම කැමතියි කියලා දොස් අහගන්න වුණත්!
දෙවෙනි කාරණේ මම අසංගට කලිං මේ පෝස්ට් එක කියවපු එක...!
ReplyDelete(මේං මං ගියා...)
මට පෙනෙන්නේ මේ දවස්වල අසංග මොකකට හරි හිර වෙලා. පිහි ඇනුම් කාලා නම් වෙන්ඩ බැහැ.
Delete++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
ReplyDeleteප්‍රා.ජේ.ගෙ වැට කැටුවා... + 50කට එහා තියෙනවා...
ඩ්රැකියි අසංගයි වගේ ඔයාත් Pra Jay එක්ක පැටලෙන්නද හදන්නේ මිතිල මහත්තයෝ?
Deleteකාලෙකින් ආවෙ පරන ටිකත් බලලම එන්නම්
ReplyDeleteහොඳා හොඳා ආයුබෝවන්, බොහොම හොඳා!
Deleteමේ පෝස්ට් එක කියෙව්වහම හිතුනේ ඕනෑවට වැඩිය බීම ගැන පොස්ට් එකක් ලියන්න ඕනේ කියා
ReplyDeleteහරිම ෂෝක්, නොබොන මටත් වැඩක් ගත්තහැකි . ලියන්න... මතක ඇතිව!
Delete//අපේ පවුලේ අය අමු කැලේ පරපුරෙන් පැවතෙන බව ඇත්තය.
ReplyDeleteඅයිඩියානන්ද ජාන මදිය නොකියන්නට උරුම කරගෙන තියෙන බවත් ඇත්තය.ඒත් එක්කම, අඩු නැතිව මෝඩකමුත් අපට පිහිටා තිබෙයි.
නිදි "මෝඩකම් හපන්කම් සහ පුරසාරම්" දෙවන කොටස ලියනවා වගේ
අවුරුදු 50කට විතර ඉස්සර ලැනරෝල් මහත්තයාගේ පොත කියවද්දී හීනෙකින්වත් හිතුවේ නැහැ මහත්තයෝ.... දැනුයි තේරෙන්නේ ඒවා කොච්චරට හිත පතුලේ තිබිලා තියෙනවද කියලා.
Delete