1985 ඔක්තෝබර් 2 වෙනිදා රොක් හඩ්සන් මියගිය පුවත අසා
‘ඩිනස්ටි’ ලෝලීහු කම්පාවට පත් වූහ. |
ඉතිං.... ඔය අස්සේ හෙණ ගෙඩියක් පාත් වුණේය... බෝම්බයක් පිපිරුණේය....
1985 ඔක්තෝබර් 2 වෙනිදා රොක් හඩ්සන් මියගිය පුවත අසා ‘ඩිනස්ටි’ ලෝලීහු
කම්පාවට පත් වූහ. එතෙක් එතරම් ප්‍රසිද්ධියට පත් නොවී තිබුණු කාරණා ගණනාවක් කරලියට
ආවේය.
‘රොක් හඩ්සන් සමලිංගිකයෙක්...’
‘රොක් හඩ්සන්ගේ ලිංගික සහකරුවෙකුටත් ඒඩ්ස්!”
‘ලින්ඩා එවන්ස්ටත් ඒඩ්ස්?’ - ඒ ප්‍රවෘත්තියට නම් පදනම්වී තිබුණේ ඒ ආසන්නයේ
විකාශයවූ ‘ඩිනස්ටි’ කොටස්වලදී (ක්‍රිස්ටල්); ලින්ඩා එවන්ස් හා රොක් හඩ්සන් රඟපෑ
ශෘංගාරාත්මක ජවනිකාය. ඒවා රූගත කරද්දී රොක්ගෙන්, ඒඩ්ස් වෛරසය ලින්ඩා එවන්ස්ටත්
සම්ප්‍රේෂණය වන්නට ඇතැයි මත පළවී තිබිණි.
ඒ අතරම මේ වයිරසයේ ප්‍රභවය ගැනත් අනේක මත පළවිණි.
හරියට covid 19 වෛරසය ගැන කියැවුණු විවිධාකාර කතන්දර වගේමය.
රීසස් වඳුරන්ගෙන් මිනිසුන්ට බෝවෙලා....
ඇමෙරිකාවේ පර්යේෂණාගාරයක වැරදීමකින්
වෛරසය පිටතට පැමිණිලා...
විදෙස් කුමන්ත්‍රණයක්...
මත් ද්‍රව්‍ය පාවිච්චි කරන්නන්ට හා
සමලිංගිකයන්ට දෙවියන් දෙන දඬුවමක්..... වගේ වෛවාරන්න සිරස්තල පත්තර හැඩ කළා මට
මතකය.
වැඩි දෙනෙකු අතිශය කම්පනයට පත් වුණේ රොක් හඩ්සන් වැනි ජනකාන්ත හොලිවුඩ්
නළුවෙකුගේ අවසන් ගමන සිදු වුණු ආකාරය දැනගත් විටය. වයිරසය ව්‍යාප්ත වෙතියි සිතා, දේහය පොලිතීන් බෑගයක දමා- මුද්‍රා තබා තිබිණි. ඒ වෙද්දී ‘ඒඩ්ස් වෛරසය’ ගැන අධ්‍යයනය
කෙරෙමින් තිබුණා මිස, අවසන් තීරණවලට එළඹ තිබුණේ නැත.
ධනුෂ්කගෙ
ලේවලත් විසබීජේ තියෙනවලු! රෝස්මරීගේ ඇඟේ ඕක තියෙද්දී තමා ධනුෂ්කත්..... |
“මාමා, අම්ම කෙනෙකුට මේ ලෙඩේ හැදිල තියෙද්දී දරුවෙක්
ලැබෙන්න හිටියොත්, ඒ දරුවටත් මේක බෝ වෙන්න පුළුවන්!
බොහොම පුංචි විසබීජයකින්; වෛරස් එකකින් මේ ලෙඩේ හැදෙන්නේ.... ඒක ලේවලට ඇතුළු වුණාම
අපේ ලේවල ඒ විසබීජේ පැතිරෙනවා.... අන්තිමට අපිට උණක් හෙම්බිරිස්සාවක් හැදුණත් ඒක
සනීප කර ගන්න බැරිව යනවා.....
මොකද, අපේ ඇඟට විසබීජ ඇතුළු වුණාම ඒවා විනාශ කරන්න අපේම ලේවලට තියෙන පුළුවන්කම
නැති වෙලා යන නිසා....
ඔය විසබීජේ ඇඟේ තියෙන අයගෙන් සීයට පණහක් විතරම අවුරුදු ගණනාවක්; සමහර වෙලාවට
අවුරුදු දහයක්-පහළොවක් වුණත් කිසිම ලෙඩක් නැතිව වගේ ඉන්නවා...”
“ඉතිං ළමයෝ, මයෙ පුතාගෙ ඇඟේත්...”
අප්පෝ ප්‍රශ්නය
සම්පූර්ණයෙන් ඇසුවේ නැත. මිලින්ද කියන දේවලින් සමහරක් ඔහුට ඇසුණේත් නැත.
ඔහුට දැන් දැනගත යුතුව ඇත්තේ ඒඩ්ස් ගැන නොවේ; ධනුෂ්ක ගැන පමණය.
“ධනුෂ්කගෙ ලේවලත් විසබීජේ තියෙනවලු! රෝස්මරීගේ ඇඟේ ඕක
තියෙද්දී තමා ධනුෂ්කත්.....” මිලින්ද පැකිළුණේය. මෙවැනි දේ වෙනත් කවුරුන් සමඟ කතා කළත් දන්තුරේ මාමාට
පවසා, පහදා දීම අසීරු දෙයකි.
ඒ
නොදැනුම නිසාම, ඒඩ්ස් රෝගියෙකුගේ ඥාතීන් දෙස පවා ‘දුරු කළ යුතු- පිටු දැකිය
යුතු’අයවලුන් ලෙස... |
ඔය කියන විදියට මයෙ කොල්ලට මේක හැදිලා තියෙන්නෙත් නන්නත්තාරේ අවලමේ ගිහිල්ලා
නෙවෙයිනෙ.... අර වේසාවියි අවලමේ ගිහින් ඕක අරන් ඇවිත් මයෙ එකාටත් බෝ කරලා
තියෙන්නෙ!”
“මාමා......! දැන් ඉතිං තරහ ගත්තා කියල වැඩක් නෑ.
වැඩියෙන්ම වැදගත් දේ මේ අහිංසකයා.... ධනුෂ්ක තව කොච්චර කාලයක් ජීවත් වේවිද කියලා
දන්නේ උඩ ඉන්න දෙවියො විතරයි. මේකා දැන් මරණයට කැප වෙලා ඉන්න අහිංසකයෙක් හින්දා
මිනිහගෙ හිත තලන්න එපා මාමා...”
දන්තුරේ
බණ්ඩාර සිතින් දළදා සමිඳු පිහිට යැද්දේය.
මෑත අතීතයේදීත් බොහෝ
දෙනා ඒඩ්ස් රෝගය ගැන නිවැරදි තොරතුරු නොදන්නා බැව් පෙනෙන්නට තිබිණි.
ඒ නොදැනුම නිසාම, ඒඩ්ස් රෝගියෙකුගේ ඥාතීන් දෙස පවා ‘දුරු කළ යුතු- පිටු දැකිය
යුතු’අයවලුන් ලෙස බලන බවට අවස්ථා ගණනාවකම වාර්තා පළවී තිබිණි.
එහෙත්, ඒඩ්ස්
රෝගියෙකුගෙන් ඒ වයිරසය තවත් කෙනෙකුට බෝ වෙන්නේ ඍජු ලිංගික ඇසුරක්, (මත් ද්‍රව්‍ය
සිරුරුගත කරගන්නා විටෙක) හවුලේ එන්නත් කටු වැනි දෙයක් පාවිච්චි කිරීමක් වැනි
අවස්ථාවකය. ඒඩ්ස් රෝගියෙකු හා හවුලේ එකම සබන් කෑල්ලක් පාවිච්චි කළාට; එකම තුවායක්
පාවිච්චි කළාට රෝගියාගෙන් නිරෝගී කෙනෙකුට රෝගය බෝ වෙන්නේ නැත.
එක බත්පත බෙදාගෙන හෝ එකම පිඟානෙන් හෝ කෑම කෑවත් රෝගියෙකුගෙන් තවත් කෙනෙකුට ඒඩ්ස්
නොවැළඳෙයි.
කොටින්ම කොරෝනා රෝගය ව්‍යාප්ත වෙනවාට වඩා අඩු ඉඩකි, ඒඩ්ස් ව්‍යාප්ත වන්නට
තියෙන්නේ.
එහෙත් රෝගියෙකු හා
අනාරක්ෂිත ලිංගික ඇසුරකින් නම්..... බඩුම තමා!
ඈ මචං, මම මේ නිකමට අහන්නේ.... උන් බැරි වෙලාවත් ෆ්‍රෙන්ච් කිස්
එකක් දෙනකොට තොල්වලටත් කොපු දානවද? |
එදා ඔහු
ඒ බව ධනුෂ්කටත් කීවේය.
“උඹ දන්නවා ඇතිනෙ මචං.... එහෙ හුඟක් අයට ඔය වගේ දේවල්වලදී
චාරයක් නැති බව.... හැබැයි දැන් නම් හැමෝම වගේ කොන්ඩම්ස් පාවිච්චි කරනවා, මේ ලෙඩ නිසාම.”
“ඒක නං හරි! කොපු පාවිච්චි කරනකොට ඔය වාගේ ලෙඩ බෝ වෙන්න
තියෙන ඉඩකඩ අඩු වෙනවා තමයි... ඈ මචං, මම මේ නිකමට අහන්නේ.... උන් බැරි වෙලාවත් ෆ්‍රෙන්ච් කිස්
එකක් දෙනකොට තොල්වලටත් කොපු දානවද? ඒ වගේ වෙලාවලටත් ඔය විසබීජේ ඇඟට එන්න පුළුවන්නෙ...”
මිලින්ද
එදා කීවේ ධනුෂ්කවත් සිනා ගන්වමිනි.
“උඹ හිතන්නේ ඔය ඉංග්ලිෂ් ෆිල්ම්ස්වල පෙන්නනවා වගේ දකින-දකින
ඕනි කෙනෙක් එක්ක තොල් සූප්පු දාන්නයි, එකට ඉන්නයි එහෙ උන් එක පාරටම එනවා කියලද? වැඩිම දෙනෙක් සාක්කුවේ හරි හෑන්ඩ් බෑග් එකේ හරි කොන්ඩම් පැකට්
එකක් දාගෙනම තමා යන්නෙ, ඔහොම වෙලාවට.... තදේ තිබුණය කියලා කවුද බං නිකං මැරෙන්න කැමති.....”
ධනුෂ්කත්
තමාත් අතර හුවමාරු වූ එබඳු කතාබහ ගැනවත්,
ඒවායේ
අන්තර්ගතය ගැනවත් අප්පොට කියන්නට මිලින්ද එඩිතර වූයේ නැත.
“හොඳ වෙලාවට මැණිකේ එරන්දතී දූලා එක්ක ගියා. නැත්තං මේවා
දැනගෙන උන්දෑ පපුව පැලිලා මැරෙනවා.... අනේ දෙයි හාමුදුරුවනේ, මං කොහොමද කටක් ඇරලා මෙව්වා ඒ මනුස්සයට කියන්නෙ?”
සයනය මත
උණෙන් පෙළෙමින් වැතිර සිටින පුතු දෙස තවත් වරක් බැලූ අප්පෝ කාමරයෙන් ඉවතට පා
නැඟුවේය.
ඔවුන්ගෙනුත්
පළවෙමින් තිබුණේ කෙඩෙත්තු වූ බවකි. (මේ නිලමෙටත් එහෙමද මන්දා?) |
“උඹලා ගිහිල්ල නිඳා ගනිල්ලා.... පුංචි අප්පොට මොකුත්
ඕනෑකමක් වුණොත් අපි කතා කරන්නං. හා.... හා.... බලා ඉන්නේ නැතිව පලයල්ලා ඉතිං....
නිඳා ගනිල්ලා!”
ඔවුන්ව
බලෙන්ම වාගේ පිටත් කර යැවූ දන්තුරේ බණ්ඩාර පුටුවක් මතට වැටුණේය. ‘අනේ! මයෙ කොල්ලට වෙච්ච දෙයක්.....’ ඔහු මිලින්ද කියූ දේවල් නැවත-නැවතත් මෙනෙහි කරන්නට
වූයේය.
********
ධනුෂ්ක
සිහින් කෙඳිරියක් නඟා ඇලයකට හැරුණේය. නොනින්දේ සිටි මිලින්ද ඇස හැර බැලුවේය.
ධනුෂ්කට නින්ද ගොසිනි. හීන් සීරුවේ ඇඳ ළඟටම ගිය මිලින්ද මිතුරාගේ උණ පිරික්සුවේය.
ඒඩ්ස්
රෝගයේ එක් මූලික ලක්ෂණයක් වන රාත්‍රී කාලයේදී පමණක් ඇති විය හැකි උණක් ගැන
මිලින්දට සිහි වුණි. ‘දෙයියනේ.... ධනුෂ්කයට එහෙම වෙන්න
එපා!’
උණ ගතිය
තිබුණත් ධනුෂ්කට දහදිය දමා තිබුණේ නැත. ඒ ගැන මිලින්දට මෙතෙක් වෙලා සිහි වූයේ නැත.
වරින් වර
මතු වෙන උණ....
රාත්‍රී කාලයේදී අධික ලෙස දහදිය දැමීම....
හමේ තැනින්-තැන රතු ළප- දද මතු වීම....
දිව මතත්, මුඛය ඇතුළෙත් පිටි තට්ටුවක් වැනි ස්තරයක් තැන්පත්
වීම.....
තමා දැන
සිටින ඒඩ්ස් රෝගයේ සියලුම මූලික ලක්ෂණ සිහිපත් කළ මිලින්ද ඒවා ධනුෂ්කටත් තිබේදැයි
මෙනෙහි කරන්නට විය....
ඇඳ අසලටම
පුටුව ඇදගත් මිලින්ද එහි වාඩි වී, නැවතත් නෙත් පියා ගත්තේය. එදා මහවැලි නදී තීරයේ
ඔවුන් වාඩි වී සිටි ආකාරය ඔහුට මැවී පෙනෙන්නට විය.
ඒ
තීරණාත්මක සැඳෑවේ ධනුෂ්කගේ දෛවෝපගත ශෝකාලාපය හෙළි කළ අයුරු... |
“කාගෙන් කාට බෝ වුණාද කියන එක නෙවෙයි මචං, මට නං වැදගත්.... මට නං හොඳටම ෂුවර් මට ඕක ආවේ
රෝසිගෙන්.... රෝසි පිල්ස් ගන්න පුරුදු වෙලා හිටිය හින්දා මට කොන්ඩම්ස් ගන්න ඕනෑ
වුණේ නෑ...යන්තම්වත් රෝසි ගැන සැකයක්
තිබුණෙත් නෑනෙ.... මගෙම කරුමෙට තමා ඕවා එහෙම වුණේ!”
1985 අවුරුද්දෙම එංගලන්තයේ විභාග වුණු නඩුවක් ගැනත් මගේ මතකයේ තදින්ම
තැන්පත්වී තිබෙයි. නඩුව විභාග වුණේ අම්මෙකුට විරුද්ධවය. චෝදනාව
අවුරුදු දොළහ පිරුණු දෝනියන්දෑගේ පාවිච්චියට වෙනම යතුරක් නොදීමය. එහෙම කළ යුතුයැයි
තීන්දුව ලැබිණි.
ඒ විත්තිකාර අම්මාට උවමනා වුණේ තමන්ගේ දෝණියන්දෑට හිතුමතේ; ඕනෑම වෙලාවක ගෙදරින්
යන්නට-එන්නට තියෙන ඉඩකඩ අහුරා ලීමටය. නඩුවෙන් එංගලන්තයේ අම්මා පරාද වුණේ ‘අවුරුදු
දොළහ සපිරුණු දරුවන්ට කැමති වෙලාවක ගෙදරින් පිට වෙන්නටත්, යළි එන්නටත්’ නීතියෙන්ම
ඉඩ ලබා දෙමිනි.
අවුරුදු දොළහ පිරෙද්දීම ඒරොප්පේ අම්මලා
දූවරුන්ට කියා දෙන්නේ ගැබ් ගැනීම වළක්වන ඖෂධ පිළිබඳවයි; අනවශ්‍ය පිළිසිඳ ගැනීමක්
නොවන ලෙස ආරක්‍ෂිත ලිංගික ඇසුරක් පැවැත්වීම ගැනයි.
ඒ තොරතුරු ගැන මා ලියුවේ 2020 පෝස්ටුවකටය!
අප එහෙම නැත. ඒවා කුණුහරුපය; මාළුන්ට
පීනන හැටි කියලා දෙන්නත් ඕනිද?
ඒ ‘හැදිච්චිකම’ නිසාම
වසරකදී මේ සිරි ලංකාවේ ගබ්සා කිරීම් 36,500කට වඩා; තවත් විදිහකින් කියනවා
නම් දවසකට 100ක් විතර සිද්ධවෙන හැටි ‘ගස්සලා යවමුද?’ පෝස්ටුවලදී
ලිව්වෙමි!
‘ආනේ ඇත්තද?’
සදහම් දීපයේ සුපින්වත් සිල්වතුන්ට අත්
කම්මුලේ තියාගත හැකිය. ඒත් අපේ ‘හැදියාව’ නිසා මේ අපරාධය දිගටම සිදු වෙයි!
අවුරුදු දොළහ-දහතුන වෙද්දී ‘ලිංගික හෝර්මෝන වහනය’ සිද්ධ වෙන්නට පටන් ගත්තත්; එයාලාගේ මොළය තියෙන්නේ මොන්ටිසෝරි යන වයසේ වගෙය. |
“හරි!
ඔය ඔක්කොමත් හරියි කියමුකෝ..... උඹ කොහොමද කියන්නෙ උඹටත් ඔය ලෙඩේමය.....”
“මෙහෙමයි මචං..... මුලින්ම ලූක්ව ලෙඩ වෙන්න ගත්තලුනේ.... නිතරෝම උණ හැදිලා. බලාගෙන ඉඳිද්දී වගේ ලූක්ව ඇදිල ගියාලු. කෙට්ටු වෙලා, බර අඩු වෙලා මිනිහව ඇටයි- හමයි විතරක් වගේ වුණාලු! ඔය අතරෙ තමා ලූක්ගේ ලේ බලවල තියෙන්නෙ. ඒකෙ රිසල්ට් එක ආවලු පොසිටිව් කියලා. ඊටත් ටික දවසකට පස්සේ ලූක් මැරිලා...”
“ඉතිං.....”
“...
මගේ යාළුවෙක් මට ලූක්ගේ මරණේ
ගැන ලියල එව්වා... ඒ දවස්වල මම මාලතීව අඳුනගත්තා විතරයි.... ලූක්ව ඒඩ්ස්වලින්
මැරිලා ගියා නං;
රෝසිගේ ඇඟේත් විසබීජේ තිබුණා
නං.... මාව විතරක් බේරෙන්න ඉඩක් නැති බව මට තේරුණා......”
“ඒක තමා උඹ එහෙනං ඒ දවස්වල නොකාපු හූනා වගේ හිටියේ....” මිලින්ද එවෙලෙහි විහිළුවක් කළේ ඒ මොහොතෙහි වූ අඳුරු; ශෝකී බව දුරලනු සඳහාමය. ඒ දිනවල ධනුෂ්කගේ දෙගිඩියාවත්; ප්‍රශ්නකාරී ස්වභාවයත් මිලින්දට වැටහෙනුයේ දැන්ය.
මෙවැනි
මාරක රහසක් සිතේ තිබියදී කෙනෙකුට සාමාන්‍ය අයෙකුසේ හැසිරිය හැකිද?
“ඒ අතින් නම් ධනුෂ්ක, උඹට තෑගි දෙන්න වටිනවා....”
මට
තිබුණෙත් සැකයක් විතරයි.... මෙහෙදී මගේ ලේ ටෙස්ට් කරවගත්තොත් රහස එළි වෙන්නත්... |
“ඒ ලියුම දැකලද උඹ දෙවෙනි පාරටත් එංගලන්තෙට ගියේ?”
තමා
ධනුෂ්කට ද්‍රෝහී වූ බවත්, ඒ නිසාම ඔහු අනතුරකට වැටී ඇතැයි තමන් සිතන බවත් රෝසිගේ ලිපියේ ලියා
තිබිණැයි ධනුෂ්ක පැවසීය.
“එච්චර විතරක් නෙවෙයි. රෝසිට ලොකුවටම තිබිච්ච ආසාව තමයි, මැරෙන්න ඉස්සෙල්ලා තව පාරක් මාව දකින එක. දැකලා සමාව
ඉල්ලගන්න එක.... එයා දැනගෙනයි හිටියේ, මම ආපහු එංගලන්තෙට එන්න හිතාගෙන නෙවෙයි ලංකාවට ආවේ
කියලා.
-ඒ
නිසාමදෝ රෝසි ලියලා තිබුණා එයාගෙ අන්තිම ඉල්ලීම ඉටු කිරීමක් විදිහට එහාට එන්නය
කියලා.
-එයාලගෙ
අම්මා ක්‍රිස්ටීන් මගේ ගමන් වියදම් ගැනත් බලා ගන්නලු හිටියේ. එතකොට තමයි මටත් ආපහු
එහෙ යන්න හිතුණේ.
-මට
තිබුණෙත් සැකයක් විතරයි.... මෙහෙදී මගේ ලේ ටෙස්ට් කරවගත්තොත් රහස එළි වෙන්නත්
පුළුවන්නෙ.... එහෙ ගිහිල්ලා ඒකත් බලවගෙන, රෝසිවත් හම්බ වෙලා එන්නයි මම ගියේ....”
“එහෙනං ධනුෂ්ක, උඹ දෙවෙනි පාර එහෙ ගියෙත් ආයෙම ඉක්මනින් එන්න බලාගෙනයි?”
“මචං මිලින්ද..... මාලතීට මම ළං වෙනවා වැඩි බව මටම
තේරිලයි තිබුණේ. මට මාවම කන්ට්‍රෝල් කර ගන්න බැරි වෙයි කියලා මම බය වුණා මචං.
-ඒ
අහිංසකී දැනං හිටියෙ නෑ, මම කොයි තරම් අමාරුවෙන්ද එයාට තිබුණු පිස්සු ආදරේ හංගගෙන හිටියේ කියලා....
මම හිතුවෙ මචං,
මටත් ඒඩ්ස් හැදිලා නං- ආයෙ
කවදාවත් ලංකාවට නෑවිත් එහේම ඉන්න, මැරිලා යනකල්ම!”
“එතකොට........ උඹ මේ සැරේ ආපහු ආවේ අම්මට අමාරුයි කියලා
කිව්ව නිසා?”
මිලින්ද
මෙවර දැහැනින් මිදුණේ.... |
මිලින්ද
මෙවර දැහැනින් මිදුණේ ධනුෂ්කගේ කටහඬිනි.
“අ...ම්...මා... ම් මට වත්තුර ටිකක්.....”
දන්තුරේ
බණ්ඩාරත් අවදියෙන් බව මිලින්ද වටහා ගත්තේය. ඒ ඔහුත් කාමරයට පැමිණි බැවිනි. වතුර
ටිකක් පානය කළ ධනුෂ්ක නැවතත් ඇඳේ වැතිරුණේය.
ඔහුගේ උණ බැස ගොස් තිබිණි….!