අකුරු මැකී නෑ

Monday, November 7, 2022

තිහේදී... -පස්වෙනි කොටස

‘වැඩි වෙලාවක් ඔහුගේ තුරුලේ හිඳිමින් ඒ දහදිය සුවඳ විඳීමට තිබුණු මගේ ආශාව’ දේමිත්ත තේරුම් ගෙන තිබ්බේ මා තෘප්තියට පත් නොවීමක් ලෙසිනි!

වැරැදියට තේරුම් ගැනීම ගැන ඇති වුණු තරහ අස්සේම, දැන් තවත් හැඟීමක් හිතේ ලියලන්නට පටන් අරගෙනය.

තමන්ගේ මිතුරන් දෙදෙනෙකු ලවා හෝ මගේ කාම දාහය නිවා ලන්නටය, දේමිත්ත සිතා තිබෙන්නේ. එයා කියන්නේ ඇත්තමද? එහෙම කරන්නට ඇත්තේ මට තියෙන ආදරය නිසාද?

ඒ සේරම කියන අතරේ මගේ හැඟීම් ඇවිස්සෙන ලෙස දෙකන් පිටුපස මුදුව සිප ගනියි...

මගේ හැඟීම ආදරය ආත්මාර්ථකාමී දෙයක් බවයි.
සැබවින්ම දේමිත්ත ඒ තරමටම පරාර්ථකාමී ආදරවන්තයෙක්ද?

“මම මේ වැඩේට නං කැමති නෑ, දේමිත්ත.”
“අනේ රත්තරං යාළු. ඔයා දන්නවනෙ මම ඔයාට කොච්චර ආදරෙයිද කියලා. ඒ හින්දම නේද මෙහෙම හරි ඔයාට... ඉතිං, ඔයාට පුළුවන්ද මගෙ හොඳම යාළුවො ඉස්සරහපිට මාව සවුත්තු වෙන්න අරින්න... අදට විතරයි. අදට විතරක්...” දේමිත්ත ඒ සේරම කියන අතරේ මගේ හැඟීම් ඇවිස්සෙන ලෙස දෙකන් පිටුපස මුදුව සිප ගනියි. මාව තුරුල් කර ගනියි...
“කැ..ම..ති..යි නේද? කියන්න, ක..ම..ක් නෑ නේද?”

කැමතියි කියලා කියන්නේ කොහොමද? දේමිත්තගේ මිතුරන් දෙන්නාගෙන් එක්කෙනෙකුවත් දුටු මනතින්ම මගේ සිත ඇද ගන්නා type එකේ නොවේ. එහෙමත් එකේ...

“ඔයා දන්නවද යාළු. ඒ දෙන්න නිකම්ම නිකං ගෝතයෝ නෙවෙයි. රින්ස්ලිගෙත් යාළුවෝ. අපි හතරදෙනා තමයි හුඟ දවසට එකට set වෙන්නේ... අර කළු එකා තමයි මහරගම xxxx xxxගේ පුතා. අරක්කු බිස්නස් කරන්නේ. පමුණුවෙමයි ඉන්නෙ... රජියා; රජීව.
සුදු එකා සුපුන්. xxxxx අයියගේ පුතා.” දේමිත්ත කියවාගෙන යන ගමන්ම මා අවුස්සයි.

ඒ දෙන්නාම ඊට කලින් මං දැක තිබෙයි. රජීව වඩාත් උසය; කළුය; පිරිපුන් ඇඟපතක හිමිකරුය.

දේමිත්ත මට සුපුන්ගේ වගතුග කියද්දී මට මතක් වුණේ රින්ස්ලි ගැන කියැවුණු කට කතාවයි. ඒ කට කතාවේ විදිහට නම් සුපුනුත් xxපාල ගායකයාගේ පුතෙකි. ‘සුපුන් නං ඒ මනුස්සයගෙයි, අම්මගෙයි දෙන්නගෙන් එක්කෙනෙක් විදිහවත් නෙවෙයිනෙ. ලස්සනකුත් නෑ, ඇඟකුත් නෑ. අඩු ගාණේ සුපුන්ට සිංදු කියන්නවත් පුළුවන්ද දන්නෑ.’

“මොනවද යාළු කල්පනා කරන්නේ?” දේමිත්ත මගේ කල්පනා ලෝකයට බාධා කරයි. ඒ අතරේ තරු එළියෙන් පෙනුණේ සුපුන් අපේ ළඟට එන හැටිය.
“මොකද මචං, නිමල් බයවෙලාද අපිව දැකලා...?” සුපුන් අහයි. “බය වෙන්ඩ එපා. අපි හොඳ ගජයො, නිමල්. මිත්තයා, උඹ පලයං රජිය ඉන්න තැනට. මං නිමලුත් එක්ක හෙමිහිට ෂේප් කර ගන්නං.” හිටි හැටියෙම සුපුන් අධිකාරී බලයක් අතට අරගෙනය. දේමිත්ත කරුවලේම ඈතට යයි.

ග්‍රීසියේ ගිනි කන්ද කරා ගිය ගමන...

කෙරුණු පිරිමැදීම්, සිප ගැනීම්, ආලිංගනයන් කෙළවරක් නැත. අන්තිමේදී හොඳටම උණුසුම්ව සිටි මම සුපුන්ට අවනත වීමි!

ඒ මොහොතේ සුපුන්ගේ එකී පුබුදුවාලීම්වලට ප්‍රතිචාර දක්වමින්; රිස්සක් කර ගැනීමට ඔහුට ඉඩ දෙමින් එතැන සිටියේ නිදි වන මං වහන්සේමද?

‘මම’ කියා කෙනෙක් පවතින්නේ තවත් කෙනෙකුට ප්‍රතිචාර දක්වන වෙලාවේ විතරක්ද?

මං නිතර ගොඩ වදින blog අඩවි ගණනාවක් තියෙනවා. අද; නොවැම්බර් 5 වෙනිදා, ඒවායින් තුන හතරකටම Anonymous කෙනෙකු එකම comment එකක් copy paste කර තිබෙන හැටි දැක්කා. ඉස්සෙල්ලම මම දැක්කේ, අජිත් ධර්මගේ කොළඹ ගමයා බ්ලොගයේ ‘ග්‍රීසියේ ගිනිකන්ද කරා ගිය ගමන - ග්‍රීසියේ සංචාරය 5’ post එකේ තියෙන කමෙන්ට් එක.

‘අනාගතයේ මරණය’ මැයෙන්.
මං මෙතනදී උපුටා ගන්නේ එයින් කොටස් කීපයක් විතරයි, ඒ ඇනෝට ස්තුතිවන්ත වෙමින්.

‘නෙට්ෆ්ලික්ස්වල තියෙනවා ෆියුචර් ඔෆ් කියලා සීරීස් එකක්. මේ ගැන මට මුලින්ම කිව්වෙ හසා. මේ සීරීස් එකේ එක එපිසෝඩ් එකක කතා කරනවා අනාගතයේ අපේ මරණින් මතු ජීවිතය ගැන. අනාගතයේදී අපේ මරණයෙන් පස්සෙ භෞතික ශරීරයක් විතරක් නෙමෙයි ඩිජිටල් ශරීරයකුත් ඉතිරි වෙනවා. භෞතික ශරීරය දිරා ගියත් අපේ ඩිජිටල් ශරීරය සදාකාලිකව පවතිනවා.

මේ සිතා බැලීමෙන් පස්සෙ විද්‍යාඥයො උත්සාහ කරනවා අපේ ඩිජිටල් ශරීරය දිගටම පවත්වාගෙන යන්න. අපි විසින් ඉතිරි කළ සියලු දත්ත අනුව අපි වගේ සිතන ප්‍රතික්‍රියා දක්වන ඩිජිටල් පුනරුත්පත්තියක් අපිට දෙන්න. ඩිජිටල් කේත ඩීඑන්‍ඒ බවට පරිවර්තනය කරලා අපිව අපි කැමති ගහක් ලෙස අපේ දේහය දිරාගිය කොම්පෝස් මත පැළ කරලා ඒ ගහ ළඟට ඇවිත් අපිත් එක්ක සංවාද කරන්න පවා හැකි වර්චුවල් තත්වයක් නිර්මාණය කරන්න ඒ අය උත්සාහ කරනවා.

මියගිය සීයා ආච්චි එක්ක මුණුපුරන්ට ඒ අයගෙ මතක ඩීඑන්ඒ තුල රඳවාගත් ගහක් යට ඉඳන් කතාබහ කරන්න පුළුවන් වීම ආශ්චර්යයි!

මේ විද්‍යාත්මක දේවල් ගැන පර්යේෂණ කොහොම වුනත් මේ සංකල්පමය සිතා බැලීම අතිශය අනාගතවාදීයි. ඉදිරියට ජීවත්වන පිරිසට වඩා විශාල ප්‍රමාණයක ඩිජිටල් මළවුන් ඉතිරි වෙනු ඇති. කොන්ක්‍රීට් සොහොන් කණු වෙනුවට ගස් වැවූ උද්‍යාන වැනි සුසාන භූමි ඉදිකිරීම කො‍හොමත් චමත්කාරයි. මියගිය සීයා ආච්චි එක්ක මුණුපුරන්ට ඒ අයගෙ මතක ඩීඑන්ඒ තුල රඳවාගත් ගහක් යට ඉඳන් කතාබහ කරන්න පුළුවන් වීම ආශ්චර්යයි.

මේ ගැන හිතද්දි මට හිතුනෙ අපි ඇත්තටම පවතින්නෙ අනෙකා සමග ප්‍රතික්‍රියා කරන මොහොතේදී විතරයි කියල. අනෙකා නොමැති මොහොතකදි අපි ඇත්තටම පවතින්නෙ නෑ. නැත්නම් පවතිනවද කියල දැනගන්න අපිට පුළුවන්කමක් නෑ. ක්වොන්ටොම් විද්‍යාවෙ කතා කරනවා......

... තවත් සරලව කිව්වොත් අපිට miniමරුවෙක් වෙන කෙනෙක් තවත් කෙනෙකුට ආදරණීයයෙක් වෙනවා. miniමරුවා මුන ගැහෙන්නෙ අපිට විතරයි. අපි නැතුව miniමරුවා පවතින්නෙ නෑ. ඒ මිනීමරුවාම වෙනත් කෙනෙකුගේ ක්‍රියාවට ප්‍රේමනීය ප්‍රතිචාර දැක්වීමක් කරනවා. මේ විදිහට දක්වන ප්‍රතිචාර සමස්තයක් අනුවයි අපිට පුද්ගලයා කියන පැවැත්ම කියවන්න සිද්ද වෙන්නෙ. එතනදි පුද්ගලයා නිර්මාණය වෙන්නෙ ඔහුට හෝ ඇයට මුණගැහෙන අනෙකුන්ගේ ස්වභාවය මතයි...’

පළමු දර්ශනයෙන්ම මගේ හිත දිනා නොගත්තා වුණත්, සුපුන් active partner කෙනෙකු හැටියටත්, යාළුවෙක් විදිහටත් අවරුදු කීපයක්ම මේ ලියන නසරානියාව විටින් විට ඇසුරු කළ විත්තියත් කියලා තියන්නම්කො දැනට... දැනට...
ඒ තුන් යහළු කල්ලියේ ලොකු අධිකාරී බලයක් සුපුන්ට අයිති වෙලා තිබුණු හැටිත් මං පස්සේ දැක්කා. මම ඒක තේරුම් ගත්තේ එයාගෙ තාත්තට තිබණු සමාජ බලය හා මුදල් බලය නිසා එයාට ආදේශ වුණු තත්ත්වයක් විදිහටයි.
සුපුන්ගෙ තාත්ත එතකොට මහරගමට හිටි චණ්ඩි- පොහොසතෙක්. ජනමත නායකයෙක් විදිහටත් කැපී පෙනුණු UNPකාරයෙක්.

නහයට උඩින් වතුර ගැලුවට පස්සෙ තව කොච්චර ගැලුවත් මොකද කියලා කතාවක් තියෙනවනෙ. එදා පාලු පොල් වත්තෙදී වෙච්චි දේත් ඒ වගේමයි.

මට තේරෙන්නෙ- මහරගමයි, විශේෂයෙන්ම පමුණුවයි ඒ දවස්වල හද්ද කැලයක් වගේ තිබුණා කියලයි. ඔය පැත්තෙ අලිත් හිටියද?

“ඔහොමම ඉන්න. රජියා පව්නෙ... මම ටක් ගාලා රජීවත් එවන්නං.” කලිසම ඇඳගත්තා විතරයි, කමිසය අතේම තියාගෙන සුපුන් මිතුරන් දෙන්නා හිටි දිහාවට ගියා. රජීව ආවා...

මට තවමත් හොඳටම මතකයි රජීවගේ පුංචි...

පුංචි මොකක්ද? මොකක් කියලද හිතුවේ.....

ගිය වතාවේ post එකට ප්‍රතිචාර දක්වමින් රසික ලලිත් කියල තිබ්බා ‘අද කථාව බයොලෝජි පාඩමක් වගේ...’ කියලා. මේ post එක ඊට හපන් වෙයිද මන්දා. ඒත් කියන්න තියෙන දේවල් නොකියා ඉඳිතෑකියැ....
මං මේ ටික කියන්නත් උදව් ගන්නේ Ano කෙනෙක් දාපු comment එකකින්. මෙහෙම අනුන් ලියන දේවල්වලින් වැඩ ගන්න හේතු කීපයක්ම තියෙනවා. මේ එයින් ප්‍රධාන කාරණා ත්‍රිත්වයක්:
එක- එයාලගේ වෙහෙස-මහන්සියට තව ප්‍රචාරයක් දෙන්නට මගෙ තියෙන කැමැත්ත.
දෙක- එකිනෙකාගේ ලිවීම් රටාවන් වෙනස් නිසා, ඒවා අදාළ පරිදි යොදා ගැනීමෙන් මගෙ postsවල විවිධත්වයක් ඇති වීම.
තුන- ඒ වගේ දේවල්වලින් මගෙ ලියවිල්ල ටිකක් සැහැල්ලු කර ගන්න පුළුවන් වීම. (සමහර post එකක් ලියාගෙන යද්දී මට හිතුණොත් සැර වැඩියි කියල- මම ඒ පෝස්ටුව ‘තනුක’ කරන්නේ එහෙම එක එක උප්පරවැට්ටි යොදලයි.)

මගේ බ්ලොගය කියවන, ඉඳහිට ටෙලිෆෝනයෙන් comments දෙන රසික පාඨකයෙකුත් ගිය වතාවේ කොටස කියවලා යකාගේ ප්‍රකාශයක් කළානෙ. ‘ඔයා කියන විදිහට නං නිදි, මට තේරෙන්නෙ- මහරගමයි, විශේෂයෙන්ම පමුණුවයි ඒ දවස්වල හද්ද කැලයක් වගේ තිබුණා කියලයි. ඔය පැත්තෙ අලිත් හිටියද?’
ඉතිං, කප්පරක් කාරණා කියන්න වුණා, එයාට ඒ කාලේ පමුණුවේ තිබ්බ තත්ත්වය පහදලා දෙන්න.

1964 අපි මහරගම ආච්චිලාගේ ගෙදරට නිත්‍ය පදිංචියට එන කාලයේ, අඩි දහයක් පළල පමුණුව පාරට විදුලිය තිබ්බේ නැහැ.
මහරගම දුම්රිය පොළ ළඟින් රේල් පාර cross කරලා යාර 100ක් විතර දුරකට යනකල් විතරයි පමුණුව පාරේ තාර දාලා තිබ්බෙත්. ඉතිරි හරිය සේරම බොරළු පාරක්. ඒ මතකයන් උපුටා ගත්තේ මගෙ මොළගෙඩිය ඇතුළෙන්.

1963 අච්චු ගහල තිබ්බ මාර්ටින් රැට්ලර් පොත මගේ අතට ගන්නත් සිද්ද වුණා. පොතේ...

ඒ අස්සෙයි  ඩ්‍රැකී උන්නැහේ ‘මාර්ටින් රැට්ලර් හා බානි’ post එක publish කරල තිබ්බේ. ඒකේ තිබුණු comment එකකට ප්‍රතිචාර දක්වද්දී, 1963 අච්චු ගහල තිබ්බ මාර්ටින් රැට්ලර් පොත මගේ අතට ගන්නත් සිද්ද වුණා. පොතේ title page එක පෙරළුව ගමන්ම තමයි මේ අයිඩියාව ආවේ.

(අද පෝස්ටුවෙනුත් සුපුන්, රජීව හා දේමිත්ත එක්ක කෙරුණු ‘කරුවලේ ජරමර’ කියවෙනවනේ. ‘ඔයාල හතර දෙනාට- ඔය තරම් නිදහසේ හුදෙකලා වෙන්නට තරම් ඉඩකඩ- නිදහස තියෙන තැනක් ඔයාලට තිබුණද?’ කියන ප්‍රශ්නය කව්රු හරි ඇහුවොත්...)

මතකයෙන් නෙවෙයි, ලිඛිත සාක්ෂි අනුසාරයෙන් මහරගම, පමුණුවේ අතීතයෙන් බිඳක් කියන්න හිතුණේ ඒකයි. (අර ප්‍රශ්නයට උත්තර විදිහටත්.) ඒකට පොට පෑදුණේ ‘මාර්ටින් රැට්ලර්’ පොතෙන්; හරියටම කියනවා නං ටයිටල් පිටුවෙන්.

ඒ පොත ගන්න කාලේ, මගේ තිබ්බ පුරුද්දක් තමයි පොතේ මුල් පිටුවේ මගෙ නම- ගම- ලිපිනය ලියලා ‘පොත හණ ගැහීම’. එහෙම හංවඩු ගැහුවාම කාටත් පෙනෙනවානේ පොත මගේය කියලා. ඒ පුරුද්දට මම මේ පොතේ හංවඩුව ගහලා තිබ්බේ මෙහෙමයි. ‘නිමල් දිසානායක, 69, පමුණුව පාර, මහරගම’. (ඔය 69-70 විතර කාලේ ගත්ත පොතක්.)
60 ගණන්වල මුල් අවදියේ අපේ ගෙදරට අංකයක් තිබ්බේ නෑ. ‘ලියුම ලැබිය යුතු කෙනාගෙ නමයි, සිල්ලප්පු වත්ත, පමුණුව, මහරගම’ කියන ටික තිබුණාම අපිට ලියුම් ආවා.

80 ගණන් වෙද්දී අපේ ගෙදර නොම්මරේ වෙනස් වුණා. 69 වෙනුවට 1??/45 වගේ එකක් ලැබුණා. ඒකත් හරි ඉක්මනින් වෙනස් වුණා. 189/62 නොම්මරේ අපේ මහ ගෙදරට හම්බ වුණා.
මම හිතන්නේ එක්සත් සුබසාධක මාවතටම දෙන්න ඇත්තේ 189 අංකය වෙන්නැති. ඒ කියන්නේ ක්‍රමයෙන් ගෙවල් වැඩි වුණු හැටි නේද.
හැබැයි, අපේ ඒ මහ ගෙදරට තවමත් තියෙන්නෙ ඒ නොම්මරේමයි. ඒත් මං දැනුවත්ව ඒ මාවතේ අලුතෙන් ගෙවල් 25කට වැඩිය හැදිලා තියෙනවා. එහෙම බලනකොට මේ අවුරුදු පනහක විතර කාලෙදී, පමුණුව ඒරියා එකේ අලුතින් ගෙවල් කොච්චර හැදිලා ඇද්ද?

අනේ! ගෙවල් වැඩි වෙන්න- වැඩි වෙන්න හැම තැනම තිබුණු පොඩි පොඩි ලඳු පඳුරු, අඳුරු ගස් ගොම්මනවල් හෙම නැත්තටම නැති වෙවී ගියා.

හැම තැනම ගෙවල් හැදුණා. විදුලිය එළියෙන් රාත්‍රී කරුවල අවතැන් කෙරුණා. අපි වගේ ‘අවසර කල් රහස් තැන්’ හොයාගෙන ගිය නිශාචරයන්ට නිදහස් අවකාශයන් අඩු වෙලා ගියා. අවකාශයක් හොයා ගත්තත් එකිනෙකාගේ සිරුරු ගවේෂණයට මිස, ආත්ම ගවේෂණයක් කර ගන්නට තිබ්බ chances නැතිම වුණ ගාණයි.

ශරීරයේ ප්‍රමාණය සහ ලිංගයේ ප්‍රමාණය අතර සමීකරණයක් ගොඩනගාගන්න ගොඩක් අය උත්සාහ කළත් පර්යේෂණ අනුව පේන්නෙ...

සිරුරු ගවේෂණය!

වචන දැම්මේ හොඳට හිතා-බලලයි. මගෙ පහස පතාගෙන ආව තරුණ හාදයන් එක්කෙනෙකු ළඟවත් කිසිම ගවේෂණශීලී ගතියක් තියෙන බවක් මම දැක්කෙ නෑ. එයාලට උවමනා වුණේ උපරිම සතුටක් ලබා ගනිමින්- ශුක්‍ර මෝචනය කර ගෙන තෘප්තිමත් වෙන්න විතරයි.
පොල් කඩන්න එන හරමානිස්ලා, වත්තේ හතර මායිම් හොය- හොයා ඉන්න එකක්යැ. ආව වැඩේ කර ගෙන යනවා මිස...

මටනෙ පිස්සු තිබ්බේ. ලෛංගික සගයන්ගේ පෙනෙන වෙනස්කම්- නොපෙනෙන වෙනස්කම් හා පිහිටීම්වල විවිධතා සේරම අධ්‍යයනය කරන්න.

ඉතිං, එහෙව් ගවේෂණයක් ගැන කියවෙන මේ කමෙන්ටුව තිබ්බේ- ගුරුගොඩ සිරිවිමල හාමුදුරුවන් වහන්සේගේ ‘පොඩි සාදුගෙ ලියමන’ අඩවියේ පළ කළ ‘සයන පූජා, රන්තැඹිලි, රන්දෝතළු, ලක්ෂ ගණනේ මල් පූජා’ ලිපියේ commentsවල. 

‘ඔයාගෙ කොච්චර දිගද?

පිරිමියෙකුගේ ලිංගයේ ප්‍රමාණය සහ කාන්තාවක් ලබන තෘප්තිය අතර සම්බන්ධතාවයක් නෑ. ඇත්තටම පුරුෂ ලිංගයකට වඩා තෘප්තියක් ලබන්න පුළුවන් ඩිල්ඩෝස් නිෂ්පාදනය වෙලා තියෙනවා. කෙනෙක් එක්ක ලිංගිකව එකතු වීමෙන් ලබන තෘප්තියේ වැඩි කොටසක් රඳා පවතින්නෙ ඒ දෙන්නා අතර බෙදාහදාගන්නා ඉන්ටිමසිය මත. ඒ කියන්නෙ සමීපත්වය, තේරුම් ගැනීම, සංවාදය, ආදරය, උණුසුම, විවෘත භාවය ආදී කාරණා මත. පුරුෂ ලිංගයේ ප්‍රමාණය ගැන තියෙන්නෙ මානසික ෆැන්ටසියක්.

කොහොම වුනත් පිරිමි සහ ගැහැණු දෙවර්ගයම උනන්දුයි පිරිමින්ගෙ ලිංගයෙ ප්‍රමාණය ගැන.

පර්යේෂණ අනුව පෙනිලා තියෙන්නෙ මේ ලිංගවල ප්‍රමාණය සාමාන්‍යයෙන් අපි හිතනවාට වඩා කුඩා බවයි. ඒ වගේම රටක ජීවත් වෙන පිරිමින්ගෙ ලිංග බොහෝ දුරට ප්‍රමාණයෙන් සමානයි. ඒ කියන්නෙ ලොකු වෙනස්කම් නෑ. පිරිමියෙකුගේ ලිංගයේ ප්‍රමාණය භූගෝලයට වඩා තීරණය වෙන්නෙ ජාන අනුව. ඒ වගේම කුඩා කාලයේ හරිහැටි පෝෂණය නොලැබීම වගේ කාරණාත් ලිංගය නිසි ලෙස නොවැඩීමට බලපාන්න පුළුවන්. ශරීරයේ ප්‍රමාණය සහ ලිංගයේ ප්‍රමාණය අතර සමීකරණයක් ගොඩනගාගන්න ගොඩක් අය උත්සාහ කළත් පර්යේෂණ අනුව පේන්නෙ එහෙම නිශ්චිතව කියන්න බැරි බවයි. ඒ කියන්නෙ උස වැඩියි කියන්නෙ ලිංගය දිගයි කියන එක නෙමෙයි. ඒ වගේම අත්ලෙ දිග, සපත්තුවෙ දිග, නහයේ දිග ආදියෙන් ලිංගයේ දිග සෙවීමත් බොරු කතන්දර විතරයි.

ලෝකෙ ඍජු වූ පුරුෂ ලිංගයක සාමාන්‍ය දිග සෙමි.13.58ක් වෙනවා. ඒ කියන්නෙ අඟල් 5.35ක්. රටවල් අනුව බැලුවම...

රටින් රට ලිංගයේ ප්‍රමාණයේ ඇවරේජ් එකක් හදාගන්න එක ගොඩක් අමාරු වැඩක්. එකක් මේ ගැන තියෙන දත්ත ප්‍රමාණය කුඩා වීම. අනික මේ දත්ත ගොඩක් වෙලාවට ස්වයං මිනුම් විදිහට වාර්තා වීම. ඒ හින්ද පර්යේෂණාගාරයක කළ මිනුම් ඇසු‍රින් තරම් නිවැරදිභාවයක් මෙතන ගොඩනගා ගන්න බෑ.

ලෝකෙ ඍජු වූ පුරුෂ ලිංගයක සාමාන්‍ය දිග සෙමි.13.58ක් වෙනවා. ඒ කියන්නෙ අඟල් 5.35ක්. රටවල් අනුව බැලුවම දිගම සාමාන්‍යය තියෙන්නෙ සෙ.මි.17.61ක්. ඒ කියන්නෙ අඟල් 6.93ක්. මේ රට තමයි ඉක්වදෝරය. වැඩියෙන්ම සාමාන්‍ය ශරීර උස වාර්තා වෙන්නෙත් ඉක්වදෝරයෙන්. හැබැයි ඒක හැමතැනකදිම එහෙම වෙන්නෙ නෑ.

පොඩිම ඍජුවූ ශිෂ්නයේ ඇවරේජ් එක වාර්තා වෙන්නෙ කාම්බෝජයෙන්. ඒක සෙ.මි.10.01ක්. ඒ කියන්නෙ අඟල් 3.95ක්.

කෙලින් වුනාම පුංචිම පුරුෂ ලිංගයන් තියෙන පුද්ගලයෝ ඉන්න රටවල් අතර ලංකාවත් ඉන්නවා.

ඉන්දියාව තමයි ලෝකෙ දෙවෙනියට කුඩාම පුරුෂ ලිංග සාමාන්‍යයක් තියෙන රට. අඟල් 4යි. චීනෙ ඉන්නෙ ඉන්දියාවට වඩා චුට්ටක් ඉස්සරහින්. අඟල් 4.3යි. උතුරු කොරියාව තමයි පුංචිම. අඟල් 3.8යි. ඉතිං වෙන මොනවා නැති වුනත් ආසියාවෙ හැටියට අපේ පුරුෂ ලිංගෙ සයිස් එක ගැන නම් තරමක් ආඩම්බර වෙන්න පුළුවන්.’...

ඔයාලා ගැන නම් මං කියන්න දන්නෑ. වෙන කෙනෙකුගේ ලියවිල්ලක ‘... මට තවමත් හොඳටම මතකයි. රජීවගේ පුංචි...’ කියා ලියවිලා තිබුණා නං... වලත්ත මගෙ ඔළුවට එන්නේ අර size කතන්දරේ. හැබැයි මම කියන්න හැදුවේ රජීවගේ size එක ගැන නෙවෙයි.
එයාට තිබුණු පුංචි ගොතයක් ගැනයි!

ක්... ක්... ක්කමක් න්නැද්ද?

ඒකත් හැම තිස්සෙම නෙවෙයි. ගොඩක් කලබල වෙලාවක; ගොඩක් හැඟුම්බර වෙලාවක නැත්තං ආවේගශීලී වී ඉන්න වෙලාවක තමයි රජීවට එහෙම ගොත ගැහුණේ.

“ක්... ක්... ක්කමක් න්නැද්ද?”
එහෙම වෙලාවක ඔහොම ගොන් තකතිරු ප්‍රශ්නයක් ඇහුවාම... මං හිනා නොවී හිටියේ හරිම අමාරුවෙන්. ඒකෙන් වුණේ බොරුවට හරි පොඩි තරහක් පෙන්නන්න ඕනෑය කියලා හිතාගෙන හිටි එකත්, මට අමතක වෙච්ච එකයි.
රජීව ගැන තවත් මට මතක තියෙන දෙයක් තමයි එයාගේ තිබුණු ‘එක විදිහක ලිංගික කුසීතකම!’
කුසීතකම කියන එක හරිද මන්දා.

හුඟක්ම වෙලාවට රජීව හිටියේ ‘ශෛලමය ශිව ලිංගයක්’ වගෙයි. Passive පාට්නර්ට ගොඩක් වැඩ පවරමින්.

ශිව ලිංගයත් කිරෙන් නහවද්දී මල් මාලාවලින් සරසද්දී, සුවඳ දුමෙන්- පහනින් පිදුම් දෙද්දී ඔහෙ විරාජමානව ඉන්නවා විතරයි නෙව. සේරම දේවල් ඉටු වෙන්නේ බැතිමතුන් හා බැතිමතියන් අතින්.
මේ යක්ෂ පැටියත් ඒ වගේ!

එහෙම වෙලාවටත් අචේතනික වස්තුවක් වගේ ඉන්න තරමට උද්ධ්ච්ඡකමක් එයා ළඟ තිබ්බා. හැබැයි, එයා පෙනෙන්න නොදී හංගගෙන හිටි ලොකු ආශාවකුත්, ඒ වෙලාවේදී ප්‍රදර්ශනය වුණු බව එයාට නොතේරෙන්න ඇති. ඒ කාමුක ආත්මාර්ථකාමීකම.......

43 comments:

  1. Replies
    1. ඩ්‍රැකී මැතිතුමෝ.
      Link එක සුපිරි! ස්තුතියි.

      Delete
  2. https://www.srilanka-places.com/places/elephant-pannipitiya

    ReplyDelete
    Replies
    1. Pra Jay මහත්තයෝ, මේ සංගමේ ඉන්නේ පන්නිපිටිය පැත්තේ අය විතරයි වගේ.
      මහරගම නැෂනල් තියටර් film hall එක අයිතිව හිටි මහතාටත් ඒ කාලේ අලියෙක් හිටිය. මට යන්තමට මතකයි, එයාටම හෝ එයාගේ පවුලේ කෙනෙකුට තමා- නුගේගොඩ සිටි ටිම්බර් හෝල් එකත් අයිතිව තිබ්බේ. (සිරිල් සේනාරත්න) අරටු UNPකාරයෙක්. අලියා හිටියේ උඩහමුල්ලේ බංගලාව තිබුණු වත්තේ.

      Delete
  3. මට පේන්නෙ අනික් උං අහවල් වැඩේ කරගනිද්දි නිදි තුමා උංව එක්ස්පෙරිමන්ට් වලට අරං වගේ. හැක්..

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න මහත්තයෝ, උත්තරේ ඊළඟ කොටසෙන්ම දෙන්නං. හොඳේ...

      Delete
    2. උත්තර වෙනුවට.... බූමිතෙල් ටිකක් ගහල දාන්ට

      Delete
    3. මොකෝ මේ හැමෝම Praසන්னට අරියාදු කරන්න හදන්නේ?

      Delete
    4. ඌ අපේ නයා. එව්වා වෙන්ඩ ඕනෙ අපට ඕනෙ හැටියට...

      Delete
    5. දානවා මානව හිමිකම් නඩුවක්..

      Delete
  4. නිකමට බැලුවා Full List එක. අපේ සිංහයෝ අප්සෙට් වෙයිද මන්දා?

    ReplyDelete
    Replies
    1. මොකට අප්සෙට් වෙනවද චමී. රටවල් 88කින් 85වෙනි තැන ඉඳලත් පේනවා නේද අපේ සිංහ පෝතකයෙක් කැන්ගරු දේසේදී වැඩ පෙන්නලා තියෙන හැටි.

      Delete
    2. නැතුව නැතුව. කවුරු කප් එක ගත්තත් නම පවතින වැඩක් කරේ අපේ එකා නෙව.

      Delete
    3. නැතුව නැතුව. කවුරු කප් එක ගත්තත් නම පවතින වැඩක් කරේ අපේ එකා නෙව.

      Delete
  5. Replies
    1. මුලින්ම post එක කියවන අයට පසුව වෙන comments මඟ හැරෙන නිසා මේ link එකත් ඊළඟ කොටසට ඔබන්න හිතුණා! ස්තුතියි!

      Delete
  6. දැන් කාලෙක ඉඳල වෙන වැඩක් නෙ ඔය digital ජීවිතය ලබා ගැනීම. අමරණීයත්වයට පත්වෙන්න දැඟලීමේ එක් පැත්තක්... නවීන විද්‍යාවෙන් හෝ.

    මට මතකයි ඔය 'Digital immortality' (ඩිජිටල් අමරණීයත්වය) කාලෙකට කලින් විද්‍යාවට ආස යං සෙට් එක අතරෙ කතාබහට ලක් උනා. link VideoKatha එකේ සම්පත් ඔය ගැන කතා කළා

    ReplyDelete
    Replies
    1. නමී මේක නේද link එක?
      https://www.youtube.com/user/videokatha
      ගොඩාරියක් ස්තුතියි!

      Delete
    2. ලින්ක් එක හරියට වැටිල. ඔව් එයාගේ යූබටේ තමා...
      Digital immortality ලින්ක් එක මේක
      https://www.youtube.com/watch?v=17SJjUrWFlk

      Delete
    3. ආ අමතක උනා... ඔය digital වැඩේ සම්බන්ධ ෆිලුම්ක් බැලුහා. Dev Patel, Hugh Jackman ඉන්න.
      Chappie (2015)

      Delete
    4. Chappie මමත් බලලා තියෙන ෆිලුමක්, නමී.

      Delete
  7. මේ සුවිශේෂී බ්ලොග් එක ගැන තේනුවරටත් කීව. එයත් ඔන්න නිදිගේ පාඨකයෙක්. පිරිමි-පිරිමි සම්බන්ධකම් ගැන මම අහපු ලංකාවේ කතා හොන්ඩ අඑව නෙමෙයි. ආනන්දේ යාළුවෙක් මෙතැන් ඉන්න නිශ අබෞද්ධ සංගමේ වැඩක් ගැන ලියන්නේ නැහැ. මෙහෙදී හමුවුන නවක වධය හමුවුණු කෙනෙක් ගැන. ඒක ලියන්නත් අමාරුයි. නිදි විතරයි කැමැත්තෙන් තිබුණු සම්බන්ධ ගැන ලියන්නේ. මම එක ගැහැණු -ගැහැණු සම්බන්ධකම් තිබුණු කෙනෙක් ගැන දන්නවා. එයා පරණ ගායිකාවක් . දැන් වයසයි. එයා යාළුවෙලා හිටි නිලියෝ ගැන හෙම අහනකොට පුදුමත් හිතුන.

    ReplyDelete
    Replies
    1. අජිත් මහත්තයෝ,
      මම ඉතිං ජීවිත කතාව ලියන මනුස්සය නෙව. මේවත් වෙච්ච දේ නිසා එව්වත් ලියනවා. හැබැයි, මටත් පුදුම හිතෙනවා- හිතද්දී, මට මේ පැත්තෙන් වුණත් ඉතාම අප්‍රසන්න බියකුරු අත්දැකීම්වලට මුහුණ පාන්නට වෙලා නැතිකම ගැන.

      //නිදි විතරයි කැමැත්තෙන් තිබුණු සම්බන්ධ ගැන ලියන්නේ.// කියලා තමුන්නාන්සේ ලියා තිබෙන නිසා මතක් කරන්න හිතුණා, මගෙ කැමැත්තක් නැතිවත් සමහර අත්දැකීම්වලට මුහුණ පාන්න වුණා. මේ එයින් කිහිපයක් ගැන ලියූ ඒවා.
      අවුරුදු හයටත් කලින් ෂර්ලි වෙතින් අපයෝජනය වීම
      http://nidigepanchathanthare.blogspot.com/2018/12/blog-post_13.html
      ගෙදරින් පැන ගිය ගමනේදී විලියම් අයියාට ගොදුරු වීම https://nidigepanchathanthare.blogspot.com/2019/07/blog-post_18.html
      භානුට හා භානු යාළු 1ට නතු වෙන්නට වීම
      https://nidigepanchathanthare.blogspot.com/2021/04/blog-post_11.html
      රණවකගේ බලහත්කාරය
      https://nidigepanchathanthare.blogspot.com/2021/07/blog-post_26.html
      ඩග්ලස්ගේ පිම්පිකම නිසා විකිණෙන්නට වීම
      https://nidigepanchathanthare.blogspot.com/2021/12/blog-post_16.html

      Delete
    2. තේනුවර මහතා වැනි පාඨකයෙක්ටත් මගෙ බ්ලොගය හඳුන්වා දීම ගැන බෙහෙවින්ම ස්තුතියි!

      Delete
    3. බොහොම කණගාටුයි මගේ වචන ලිවිම ගැන. වරද්දල ටයිප් වෙන ඒවා එහමම දාල

      Delete
    4. නිදි මට හිතුන දෙයක්. ඉංග්‍රීසි කට්ටියට කියන්න නම් බැහැ. ඒවා දැන් තහනම්. පොඩි කාලේදී අපයෝජන වෙච්ච හුඟක් ළමයි පසු කාලයක ඒ ලිංගික දිශානතියට නතු වෙන බවක් පෙනෙන්නේ නැත්ද? එංගලන්තයේ නිල පිළි ගැනීම තමා ඒක උපතෙන් එන දේ කියන එක. නමුත් සමහර වෙලාවට අරෙහෙමත් හිතෙනවා. නිදි , මම ඔය අපයෝජන කතාව අහපු පළමු වැන්නා නෙමෙයි.

      Delete
    5. අජිත්, ඔයා කියන 'අපයෝජනයට ලක්වුණු ළමයිනුත් ඒ දිශානතියට යොමු වෙන කතාවත්' බොරුම නෙවෙයි. ඒත් 100% ගණන් ආදිය නම් මම දන්නේ නැහැ.
      එංගලන්තයේ නිල පිළිගැනීම කියද්දී මතකයට ආව කෙනෙකු ගැන හත්වෙනි කොටසෙන් කියන්නං. හය ලියල ඉවර නිසා හෙට publish කරන්න.

      Delete
    6. අජිත් මාමෙ, නිදි මාමෙ, මාත් අහපු කියෝපු ගොඩක් ඒවාගෙ අනිවාරෙන් පොඩි කාලෙ අපයෝජනයක් වෙලා තියෙනවා මයි පස්සෙ එහෙම වෙන්න.

      මානසික අපයෝජනයන් උනත් බලපානවා. අර after film series එකේ දෙන්නටත් ළමා කාලෙ එච්චර සුන්දර නෑ. එයාලා Bdsm එහෙම කරනවනෙ. මට නම් හිතෙන්නෙ ළමා කාලෙ ලැබුන අත්දැකීම් නිසා එහෙම උනා කියලා🤔

      Delete
    7. නවීන් එක එක කෝණවලින් බලල යමක් විග්‍රහ කරන එක හොඳයි නේන්නං. මාත් හරීම කැමති films පෙළක් ඒ after සීරීස් එක.

      Delete
    8. අනිවාර්යයෙන් ළමා කාලේ අපයෝජන වුන නිසා පස්සේ සමලිංගික වෙනව කියල ප්‍රමිතිගත කරන්න අමාරුයි. බටහිර තම කැමැත්තෙන් එහෙම ජනතාව ඉන්නව කියන එකයි මගේ පිලි ගැනීම. ලංකාවේ සන්දර්භයෙන් ගත්තොත් ඒ ලමයි එහෙම නිසාම අපයෝජන වුනා වෙන්නත් පුළුවන්. මම දන්නා සිවුරේ ඉඳල පස්සේ ගිහි ජිවිතයට ආපු කිහිප දෙනෙක්ම ඉන්නවා, ඒ අය කියලත් තියනව අපයෝජන වුනා කියල. දැන් "සාර්ථක" විවාහ වල ඉන්නවා. "සාර්ථක" - කියන්නේ බැඳලා ළමයි එහෙම ඉන්නව.

      Delete
    9. අජිත් මහත්තයෝ, පන්සල් සෙල්ලං ගැන කතා කරන්න නං වෙනම අඩවියක් පටන් ගන්නයි වෙන්නේ.
      පංචානන්තරිය පාප කර්මෙටත් අහු වෙනවාමයි!

      Delete
  8. මේ කමෙන්ට් එක අදාල වෙන්නේ පහුගිය පොස්ට් එකට, අර පෙරමෝන ගැන කිව්වේ, මගෙත් ක්‍රෂ් එකක් තිබුණ රත්මලානේ ප්‍රසිද්ද කම්පනියක වැඩ කරද්දී, හැමෝම කිව්වේ ඒකි ලගින් යන්ඩත් බෑ දාඩිය ගදයි කියලා ( ලේබර් කෙනෙක් නෙවෙයි,ඔෆිස් එකක එකවුන්ට්ස් ක්ලාක් ජොබක් කරපු කැල්ලක්)
    මටනං දැනුනේ ඉබින්න හිතෙන පට්ටම සුවදක්...

    ReplyDelete
    Replies
    1. Lalith, අපි මේක බොහෝ විට තේරුම් නොගන්න දෙයක්. මට හිතෙන; මම තේරුම් ගෙන තියෙන විදිහයි මේ කියන්නේ. අපේ හැසිරීම්වලට- ගති ස්වභාවවලට වැඩිපුරම හේතු වෙන්නේ රසායනිකයන්!

      Delete
  9. මං කිව්වෙ, “යාළු“ කියල කතා කරන උංගෙ කිසි යාළු කමක් නෑ කියලා. රංස්ලියා උගෙ යාළුවෙකුට නිදි සෙට් කරලා, අන්තිමේ සමූහ අපහරණයක් කරලා තියෙන්නෙ. (තරහ වෙන්ඩ එපා නිදි එහෙම කිව්වට. මට දැනුණු පොල්ලෙන් ගහනව වගේ ඇත්ත මං කිව්වෙ)

    මට හිතෙන්නෙ ඔය වගේ අපහරණ ඉස්සර කාලෙ සුලභයි, මොක ද ස්පා වගේ දෙවල් ඒ කාලෙ තිබුණෙ නැති නිසා, සමකාමී නොවුණත් පිරිමි අතට අහුවෙන හැම කෙනෙක් ම යොදාගත්තා කියල තේරෙනවා, තමන්ගෙ උවමනාවන් ඉෂ්ට කරගන්න. ඒකයි ඔය දේමිත්තයත්, නිදි ගෙ මානසික අවශ්‍යතාව හරියට තේරුම් නොගත්තෙ. මොකද, උගෙ උවමනාව තියෙන්නෙ වෙන දේකට.

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී, කොහෙත්ම තරහ ගන්නේ නැහැ. කෙනෙක් අවංකව; සභ්‍ය ලෙසින්; ඍජුව අදහස් ප්‍රකාශ කරන එකට මම හරි කැමතියි.
      සමූහ අපහරණය ගැන තව පස්සේ කියන්නම්.

      මානසික අවශ්‍යතාව!
      දේමිත්තලා සංජේලා වගේ අය මගෙ මානසික අවශ්‍යතාව තේරුම් ගන්නේ කොහොමද මහත්තයෝ, මමවත් ඒ කාලේ හරියට ඕවා නොදන්නකොට. එයාලා වයසින් මට වැඩිය වැඩිමල් වුණාට දැනුමෙන්; අත්දැකීම්වලින් මට වැඩිය බාලය වගේනේ. ඒ වයසේදී හිටියාට වඩා මුහුකුරා ගිහිං තියෙන නිසයි මට දැන් මේවා විග්‍රහ කරමින් ලියන්න පුළුවන් වෙලා තියෙන්නේ.

      ඔය ඔක්කොම අස්සේ මම අපේ තාත්තගෙම අතිජාත පුත්‍ර රත්නයක් වීමත් අමතක කරන්නේ කොහොමද? එයාත් ගොඩක් මදන විසේ තිබ්බ කෙනෙක්නෙ. මෙතැන මම ලියල තිබුණා මතකයි නේද?
      https://nidigepanchathanthare.blogspot.com/2019/02/blog-post_32.html

      Delete
  10. ඔය කමෙන්ට් එක cut and paste. අයිතිකරැ faculty of sex web එක.

    ReplyDelete
    Replies
    1. තොරතුර ගැන ස්තුතියි.
      මම මේ විස්තරය දැක්ක තැන ගැනයි link එක යෙදුවේ. එතනට එය එවා තිබ්බේත් Ano කෙනෙක්.

      මම නම් කෙනෙකුගෙන් හෝ තැනකින් හෝ යමක් දැන ගත්තාම ඒ මූලාශ්‍රය ගැනත් කියනවාමයි, දන්නවා නම්. ඒ මෙහෙම දේවල් පළ කරන එයාලට කරන ගෞරවයක් හා ප්‍රචාරය දීමක් හැට්යට. අනුන්ගේ ළමයින්ව තමන්ගේ කර ගැනීමක් මගෙන් නම් වෙන්නේ නැහැ!

      Delete
  11. දන්නෙම නැතිව මමත් යම් තරමක හරි බලපෑමක් කරලා තියෙනවා එහෙනං!
    https://kolambagamaya.blogspot.com/2022/11/blog-post.html

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි අජිත් මහත්තයෝ.

      Delete
    2. මම සඳහන් කලේ අපි මෙතැන විවෘතව සාකච්චා කරන නිසා. මේක කලින් තිබුන දෙයක් නෙමෙයි. සමහර වෙලාවට ඒක අවශ්‍ය සංවාදයක් කියල හිතෙනවා. විවෘත වෙන තරමට ළමා අපයෝජන වත් අඩුවෙයිනේ

      Delete
    3. ඇත්තටම එහෙම වෙයි කියලා මම හිතනවා. කරුණු නොදැන හිටීම නිසා ගොදුරු වෙන්න තියෙන ඉඩ වැඩියි. මගෙ එක සබඳතා වැලක් පටන් ගත්තේ මට අවුරුදු දොළහේදී, පියසිරිගෙන් කියැවුණු 'ගහපන් xතේ' යෙදුමේ තේරුම සුදු මල්ලීගෙන් අහගන්න ගිහිං.
      https://nidigepanchathanthare.blogspot.com/2020/03/blog-post_13.html

      Delete
    4. අජිත් මාමෙ අපි මේ blog වල විවෘතව කතා කරා කියලා ලොකු බලපෑමක් වෙයිද ඇත්තටම🤔

      Delete
    5. මගේ එහෙම බලාපොරොත්තුවක් නැහැ කාටවත් බලපෑම් කරන්න. නිදහසේ තෝරා ගැනීමේ අයිතිය කාටත් තියනව කියලයි හිතන්නේ

      Delete