අකුරු මැකී නෑ

Thursday, November 3, 2022

තිහේදී... -සිව්වෙනි කොටස

හේ කාම දේවයා පරයන්නෙකි!
දේමිත්ත ‘ඒ කලාවේ කෙළ පැමිණි රසවතෙකි!’. සමහර දෙනෙකුට තිබුණු හදිස්සිය; නොඉවසිල්ල; කඩි කුලප්පුව කිසි විටෙකවත් ඒ හාදයාට තිබුණේ නැත.

ඇවිස්සෙන්නටත්; අවුස්සන්නටත් යකෙකු වුණු දේමිත්ත, කාම නිල ශාස්ත්‍රය හදාරා තිබ්බා වෙන්නැති!

මේ ප්‍රකාශනවලදී විශද වන්නේ මගේ දරදඬු, නොහික්මුණු, නසරානි හැදියාවයි.
මට හිතුණේ එහෙමය...

එය එසේමය! අපේ රටේ බොහෝ ඇත්තෝ මේ විෂය හැදෑරිය යුතු එකක් ලෙස නොදකිති. එසේම ඒ පිළිබඳව ඔවුන්ගේ අත්දැකීම්, දැනීම්, හැඟීම් නොවළහා ප්‍රකාශ කිරීමට මැළි වෙති. ඒ මට සාපේක්ෂව, ඔවුනගේ හැදියාව ඉතා හොඳ මට්ටමක ඇති නිසා විය යුතුය. (ඒ සඳහා හොඳම උදාහරණයක් ඔබට අවැසි නම්, කරුණාකර පසුගිය පෝස්ටුවේ comments තීරුවේ නවීන් සංදීප කුමාර සහෘදයාගේ ප්‍රතිචාරය කියවා බලනු මැනවි.)

කෙනෙකු අකැමැති වෙන්නට ඉඩ තිබෙතත් මට ලියන්නට ඇති දේ නොලියා සිටින්නද? ඇත්තය. මේ ප්‍රකාශනවලදී විශද වන්නේ මගේ දරදඬු, නොහික්මුණු, නසරානි හැදියාවයි. නැති සුචරිතවත් බවක්; නැති සීලවන්තකමක් ලොවට මවා පෙන්වන්නට මා කැමැති නැත.

ඉතිං මෑත මතකයන් අතරම අතරමං නොවී, ඈත අතීතයට යළි පියමං කරන්නේ නම්...

සැබවින්ම එය ආනන්දනීය මතකයන් ගොන්නක් මට තිළිණ කළේය. දේමිත්තටත්...
“නියමයි යාළු! මං හිතුවෙවත් නෑ මෙච්චර... ඔයාට රි..දු..ණ.ද?” දේමිත්ත ප්‍රශ්නයක් ඇසීම නොවේ, මේ කරනුයේ. ඔහු මේ කරනුයේ, මට ප්‍රශංසාවක් කරන ගමන්ම තමන්ගේ පුරාජේරුව කියාපෑමකි. බොහෝ අවස්ථාවන්හිදී; විශේෂයෙන්ම ලිංගික කරුණුවලදී ගොඩක් පිරිමින්ගෙන් ඉස්මතු වෙන ගතියකි ඒ.

නමුත් එදා දේමිත්තව සුවිශේෂී ලෙසින් මට දැනුණු විත්තියත් නොකියා බැරිය. එසේ කීමෙන් මා කරන්නේ ඔහුට දිය යුතු ගෞරවය ලබා දීමයි.
අභී අයියාව මට දැනුණේ එලෙසින් නොවේ;
භානු
යාළු1 දැනුණේත් එලෙසින් නොවේ;
සංජේව මට දැනුණු ලෙසිනුත් නොවේ; මට ඔහු දැනුණේ. හා! ඒ වෙනස තවෙකෙකුට විස්තරකොට කියන්නේ කෙලෙසද... හැඟීම් සන්නිවේදනයෙහි ලා මම එතරම් සාමර්ථයෙක් නොවෙමි.
එබැවින් මට වඩා මැනවින් ඒ කාරිය කර තිබෙන අයගෙන් උදව් ගන්නටය මං මේ සැරසෙන්නේ.

සුකොමල ගතියෙන් ඇරඹෙන නමුත් දැඩි බවට තුඩු දෙන හෙයින් ද සුරතය කලහයක් වැනිය.

‘... ස්ත්‍රී-පුරුෂයෝ උනුනුන් පරයා කාම රසාස්වාදය ලැබීමට වෑයම් කෙරෙති. එනිසා ද සුකොමල ගතියෙන් ඇරඹෙන නමුත් දැඩි බවට තුඩු දෙන හෙයින් ද සුරතය කලහයක් වැනිය.

ප්‍රහණනය (හෙමින් හෙමින් අතින් පහර දීම) සුරතයේ අංගයක් වේ. දෙවුර, හිස, දෙතන අතර පිට, ජඝනය (නැබ සිට දෙවටොර මුල දක්වා පෙදෙස) රහසඟ සහ දෙඇලය පහර දීමට සුදුසු තැන්ය.
අපහස්ත, ප්‍රසෘතක, මුෂ්ටික, සමතලක යයි පහරදීම සතර ආකාරවේ.

ප්‍රහණනය වේදනාකර හෙයින් පහර දෙන විට (ස්ත්‍රියගේ මුවින්) සීත්කාරය නිකුත් වේ. එය අනේක විධය. විරූත හෙවත් සිහින් හඬ නැගීම අට ආකාර වේ. සීත්කාර, ස්තනිත, කුජිත, රුදිත සීත්කාර, දූත්කාර, පූත්කාර යන ඒවා වේ. මේ හැරුණු විට අම්බාර්ථ (අම්මෙ), වාරණාර්ථ (එපා), මෝක්ෂණාර්ථ (අත හරින්න), අලමර්ථ (ඇති ඇති) යයි තවත් මෙවැනි වේදනාව පළ කරන ශබ්ද ඇත. පරවි, කොවුල්.....’

‘ශ්‍රීමත් වාත්ශ්‍යායනයන්ගේ කාම සූත්‍රය සිංහලෙන්’ පොතේ 53-54 පිටුවලිනි, මා ඉහත දැක්වුණු කොටස උපුටා ගත්තේ. එය සිංහලයට අනුවාදය කළ- 1994 දෙවෙනි වරටත් මුද්‍රණද්වාරයෙන් පළ කරවූ ‘පුවසති අලගියවන්න’ ශූරීන්ට පින්! (මගෙ ළඟ තියෙන්නෙත් ඒ පොතේ PDF පිටපතක්.)

ඒ එක්කම මල්ලිනාග වාත්ශ්‍යායනයන්ටත් පිං දෙන්නම වටිනවා. එතුමා ‘කාම සූත්‍ර’ පොත රචනා කරලා තියෙන්නෙ ක්‍රි. පූර්ව 4 වන සියවසේ කියලයි විශ්වාසය. ඒ කියන්නේ අදට අවුරුදු 2,600කට විතර ඉස්සර. අවිවාහක, පණ්ඩිත උත්තමයෙක් වුණු එතුමා කොයි තරම් එඩිතර කෙනෙකු වෙන්න ඇත්ද ඒ කාලේ මේ වගේ පොතක් ලියන්න!

එතුමා කරන්නට ඇත්තෙත් මේ ලියන කාමුක සත්ත්වයා කළා වගේම අත්දැකීම්වලින්ම ඉගෙන ගැනීමද? එහෙම කරන්නට නම් කොච්චර සජීවී අත්දැකීම් සම්භාරයකට මුහුණ දෙන්න වෙනවද... කොච්චර පත-පොත කියවන්න වෙනවද?
එතකොට මා ‘කාම සූත්‍ර’ කියලා පොතක් තියෙන විත්තියක්වත් දැනගෙන හිටියේ නැත.

සමලිංගික සබඳතාවන්හි යෙදෙන්නවුනුත් passive (ස්ත්‍රී) භූමිකාව හා active (පුරුෂ) භූමිකාව වශයෙන් දෙකොටසකට බෙදා දැක්වෙයි. එය එසේ නම්, ‘කාම සූත්‍රය’ වැනි ඉපැරණි පොතක ‘ඉතිරින්’ ගැන ලියැවී ඇති කොටස් ‘පැසිව් කොටස’ ඉටු කරන අයට අදාළ කර ගැනීම සුදුසු යැයි මට සිතේ.

ගණිකා වෘත්තිය  අනික් ව්‍යාපාර වගේ නෙමෙයි. ආධුනිකයෝ හුඟාක් හම්බ කරනවා. පළපුරුදු අය හම්බ කරන්නේ අඩුවෙන්. හැම තිස්සෙම ඔයා ආධුනිකයෙක් කියලා පෙන්නන්න.

‘විරූත (සසඟ අතරේ නොයෙක් හඬ නැඟීම) කෙරුවාව’ ගැන පොතෙන් නොදැන හිටියත් මට පෙනී- දැනී- ප්‍රත්‍යක්ෂ වී තිබිණි. එය අනෙකාගේ සතුට ඉහළ නංවන්නක් බව අහම්බෙන් ඉගෙන ගත්තෙමි. තව සමහර දේත්...

දැන් නම් මතක් වෙනවිටත් සිනා නැඟෙයි. ඔබට අවශ්‍ය කරන්නේ දැනීම ලබා ගැනීමට නම් (ඕනෑම විෂයයක් ගැන වුවද කම් නැත.) ඒ සඳහා ක්‍රම සහ විධි අපමණවත් තිබෙයි. පොත් ඒ එක ක්‍රමයකි! හොඳම එකකි!!
වාත්ශ්‍යායනයන්ගේ ‘විරූත’ තියරිය පාවුලෝ කොයියෝ කතුවරයා, ලොව පැරණිම රැකියාවේ නියුතු වන ‘මරියා’ට උගන්වන්නේ මෙහෙමය:

‘එක ගෑනු ළමයෙක් මෙහෙම කිව්වා.
“ගණිකා වෘත්තිය අනික් ව්‍යාපාර වගේ නෙමෙයි. ආධුනිකයෝ හුඟාක් හම්බ කරනවා. පළපුරුදු අය හම්බ කරන්නේ අඩුවෙන්. හැම තිස්සෙම ඔයා ආධුනිකයෙක් කියලා පෙන්නන්න.”

..... ඉතාම වැදගත් උපදේශය ආවේ පිලිපීන ගැහැනියක් වුණු “නීයා”ගෙන්.

“ඔයාගේ ගනුදෙනුකාරයට යන්න ළං වෙනකොට ඔයත් තෘප්තිමත් වෙනව වගේ කෙඳිරි ගාන්න. ඒක එයාට පක්ෂපාතීත්වය පෙන්නන්න හොඳ විදිහක්.”

“ඒත් ඇයි? ඒ අය සල්ලි ගෙවන්නේ ඒ අයගෙම තෘප්තියටනේ.”

“නැහැ, එතැනදී තමයි ඔයාට වැරදුණේ. කෙළින් වෙච්ච පළියට මනුස්සයෙක්ට එයා පිරිමියෙක් කියලා ඔප්පු වෙන්නේ නැහැ. එයා හරියටම පිරිමියෙක් වෙන්නේ ගෑනියක් සතුටු කරන්න පුළුවන් නම් විතරයි. එතකොට එයාට ගණිකාවක් සතුටු කරන්න පුළුවන් නම් එයා හිතාවි එයා තමයි මේ පැත්තෙ ඉන්න හොඳම ආදරවන්තයා කියලා.’
මිනිත්තු එකොළහේ කතාන්දරේ (පාවුලෝ කොයියෝගේ Eleven Minutes පරිවර්තනය රුවිනි තල්පාවිලගෙනි.) 77-78 පිටු, විදර්ශන ප්‍රකාශනයකි.

මේ කියවෙන්නේ පුරුෂ චින්තන රටාවේ ස්වභාවයක් ගැන නොවේද?

එවන් කරුණු දැන ගැනීමෙන් නොනැවතී, passive partner භූමිකාවේදී ඒවා අභ්‍යාස කරන්නටය මා උත්සුක වුණේ; එහෙම කරමින්; විමසා බලමින් දැනුම තහවුරු කර ගැනීම වැරැද්දක්ද?
එතැනදී දැනුමේ පළ නෙළා ගනිමින් අනෙකාගේ ‘හැඟීම් උද්දීපනය කරවීම; එසේ කොට active partnerගේ තෘප්තිය කූඨප්‍රාප්තිය කරා සම්ප්‍රාප්ත කරවීම’ පාපයක් හෝ වැරැද්දක් හෝ ලෙසින් කවදාවත් මට දැනී නැත.

මට හැඟුණේ ඒ ආදර සෙනෙහස අනන්තය තෙක්ම විසිරී- පැතිරී ඇති බවයි!

ඉතිං ‘මොනවද හිතුවෙ නැත්තේ...’ යැයි, අඳුරේම දේමිත්තගේ ළය මඬලේ හිස රුවාගෙන සිටිමින් මා ඔහුගේ වචනම repeat කළා මට මතකය. එහෙම කළේ මේ තියරි ගැන දැනුවත්ව හිටි නිසා නම් නොවේ.

සත්‍යය නම් එදා මට මෙවැනි න්‍යායාත්මක දැනීමක් නොතිබුණු බවයි. මට තිබුණේ මගේම නිරීක්ෂණාත්මක අත්දැකීම් තුළින් ලද දැනීම් මාත්‍රයක් පමණකි.
ඒ අතරේම දේමිත්තගේ උණුසුම ලබමින් හැකි උපරිම වෙලාවක් ගත කිරීමේ උවමනාවකින්, ඒ මොහොතේත් මම දැවෙමින් හුන්නෙමි. වචනයෙන් නොකිව්වාට මං හිතමින් හිටියේ ‘දේමිත්තගේ අ..ප..රි..මි..ත උණුහුම් ආදරය’ ගැනයි! මට හැඟුණේ ඒ ආදර සෙනෙහස විශ්වයේ අනන්තය තෙක්ම විසිරී- පැතිරී ඇති බවයි!!

“යාළු මම ගෙදර යන්නැද්ද?”
“ඉතිං යන්න...”
“යන්න නැඟිටින්නෙ කොහොමද යකෝ. ඔයා ඉන්නෙ මගේ පපුව උඩනේ.”
ඒ කතාවට බොරු අමනාපයක් පෙන්නමින් මම එදා රැඟූ හැටි... ආදරය පෑමේදී එවන් රැඟුම් පෑම වැරැද්දක්ද?

“මම යන්නෝනි යාළු!” දේමිත්ත ආයෙත් කියයි. “ගිහිං හෙට එන්නං...”
“එපා!”
“එපා? ඇයි මං හෙට එන්න හොඳ නැද්ද?”
“හොඳ නැතුව නෙවෙයි, හොඳ වැඩියි. ඒ හින්දයි...” ඒ වතාවේ නම් දේමිත්ත කමිසය ඇඳීම නවත්තලාය, කතා කළේ.

“එහෙනං...”
“නිතරම එකතු වුණාම අගේ අඩු වෙනවා.”
“ඔයාට එහෙම හිතෙනවද?”
“එහෙම නැද්ද? ඔයාට එහෙම හිතෙන්නෙ නැද්ද දේමිත්ත.”

හොඳ අය සල්ලාලයෝ නෙවෙයි.

දිගු කාලීනව එකට වෙසෙන විවාහකයන් ගැන මට පුදුම හිතෙන්නට පටන් ගෙන තිබුණේ ඒ කාලයේ සිටය. ආදරය සුන්දර බව හැබෑය. ඉමිහිරි බවත් හැබෑය. ඒත් හැමදාම එකම කෙනෙකුගේ උණුහුම ලැබීමේ / එකම සෙනෙහස විඳීමේ හිර වෙන්නට පුළුවනිද? මගේ උපන් දෝෂයක් වෙන්නටත් ඇති. ඒකාකාරී වෙන්නට මං වහන්සේ පුදුම තරමින් අකැමැතිය.

‘හොඳ මිනිසෙක් දහස් ගණන් යුවතියන්ට පෙම් නොකරයි. නමුදු ඔහු එකම යුවතියකට දහස් ගණනක් ක්‍රමවලින් ආදරය කරයි!’ යනුවෙන් ඉංගිරිසියෙන් කියැවෙන්නක් මගෙ නෙත ගැටිණි. සහතික ඇත්ත! ‘හොඳ අය සල්ලාලයෝ නෙවෙයි.’ මට හිතුණේ එහෙමය. ඒ එක්කම මට මෙහෙමත් හිතුණේය.
‘තමුසෙ හොඳ මිනිහෙකුත් නෙවෙයිනෙ.’

“මට තේරෙන්නෙ නෑ.”
“මටත් තේරෙන්නෙ නෑ ළමයෝ. ඒත් අපි දෙන්නා නිතරෝම හම්බ වෙන්න ගියෝතින් ඔයාට මාව එපා වෙයි. සමහරවිට ඊට ඉස්සෙල්ල මට ඔයාව එපා වෙයි. ඒ නිසා...” මම ඇත්තම කිව්වෙමි.
“මම එහෙම වෙන්න දෙන්නෑ, යාළු... කියන්න, මං කවදද ආයෙ එන්න ඕනි.” දවස් තුන හතරකට පස්සේ හම්බ වෙමුයි මං කිව්වා මතකය. දේමිත්ත එහෙම ආ බවත් මතකය.

මා වඩාත් දේමිත්ත කෙරෙහි ආසක්ත වුණේ ඇයිදැයි මට තේරුම් ගියේ ඊට අවුරුදු ගණනාවකට පසුවය.

පෙරමෝන!

දේමිත්ත හා එකතු වුණු හැම වෙලාවකම මට තිබුණු ලොකුම ආශාව එයාගේ පපුව උඩින් හිස රුවාගෙන වැතිරී සිටින එකය. දේමිත්ත එහෙම නොවේ. රටාවකට අනුව පූර්ව ලිංගික කටයුතු කරමින්, සසඟයෙහි යෙදී සුකුරු මුදා හැරීමය ඔහුගේ ඉලක්කය වුණේ. ඔහුට ඒ සඳහා ඉඩකඩ ලබා දීමෙන් පසු එළඹෙන විරාමයටය, මා වඩාත් ප්‍රිය කළේ. ඒ වෙලාවටයි, මං ඒ සිරුරු උණුසුම වින්දේ. එහෙමත් නැතිනම් එයාගේ කිහිලිවල මුහුණ හංගමින් කිති කවන්නට හැදුවේ. “ඔයාගේ දාඩියවල අමුතු සුවඳක් තියෙන්නේ.” මං කියද්දී දේමිත්ත කළේ හිනා වෙන එකය.

මිනිස් වර්ගයා අතරේ නම් Pheromonesවල බලපෑම වැඩියෙන්ම තියෙන්නේ අනෙකුන් ලිංගික වශයෙන් ආකර්ෂණය කර ගැනීමේ...

නැපෝලියන් බොනපාට් වීරයා ජොසපින්ගේ දහදිය සුවඳට කොයි තරම් ලොල්වී හිටියා දැයි මං පත-පොතින් දැන ගත්තේ පස්සේ කාලයකය. ජොසපින්ගෙන් ඈත්වී යුද බිමට යනවිට ඇයගේ දහදිය වැකුණු යට ඇඳුමක් රැගෙන ගිය බවක් දැන ගත්තෙත් පසුවය. ‘මම එනතුරුම ඔයා ඇඟ සෝදන්න එපා!’ කියලත් නැපෝලියන් වරක් ජොසපින්ට කීවේල!

එහෙම වෙන්නට ඇත්තේ ‘පෙරමෝන’ විශේෂයක් නිසා යැයි දැන් කියවෙයි!
ඒවා නිකම්ම නිකම් පල් හෑලිද?

විද්‍යාඥයන් කියන්නේ Pheromones කියන්නෙත් හෝමෝන වගේම රසායනික දියරයක් කියලයි. ඒ දෙවර්ගයම නිපදවෙන්නේ අපේ ඇඟ ඇතුළෙදිමලු. හැබැයි, Hormones සිරුර අභ්‍යන්තරයෙදීම ක්‍රියාත්මක වෙද්දී, පෙරමෝනවල බලපෑම ඇති වෙන්නේ සිරුරෙන් පිටතදීලු.
දහදිය, කඳුළු හා මුත්‍ර එක්ක පෙරමෝන මුසුවෙලා තියෙන නිසයි ඒ.
මිනිස් වර්ගයා අතරේ නම් Pheromonesවල බලපෑම වැඩියෙන්ම තියෙන්නේ අනෙකුන් ලිංගික වශයෙන් ආකර්ෂණය කර ගැනීමේ ක්‍රියාවලියේදීලු!

ඕනිම දෙයක් එක-එක්කෙනාට එක-එක විදිහටනෙ බලපාන්නේ. ගඳ- සුවඳට ගොඩාරියක් සංවේදී මගේ නහයට දේමිත්තගේ පෙරමෝන ගන්ධය හොඳටම දැනෙන්නට ඇති! මං නොදැනුවත්වම වුණත් ඒ සුවඳට ප්‍රතිචාර දක්වන්නටත් ඇති!!
ඒක දේමිත්තට බලපාපු විදිහ ගැන- එයා තේරුම් ගත්තු විදිහ ගැන සංකාවක්වත් මට නොතේරුණු හැටි. අපට නොදැනී- නොපෙනී- නොවැටහී කොච්චර නං දේවල් සිද්ද වෙනවද?

අනේ!
එදා ඔය විත්ති මොනවාවත් අපි දෙන්නම දැනගෙන හිටියේ නැති එකේ පාඩුව. ඒ නිසාමයි දේමිත්ත ගැන මගෙ තිබුණු උමතුව නැත්තටම නැති වෙලා යන තැනටත් කටයුතු සිද්ද වුණේ. ඒක වුණේ කරුණු නොදන්නාකම නිසා ඇති වුණු වැරදි අවබෝධය හින්දා කියන එකයි වඩාත් හරි.

හොඳක් කරන්න. මේ මට? මට හොඳක් කරන්න...

අපි දෙන්නා හමු වෙන්න යොදා ගත්තු දවසක දේමිත්ත ආවේ තව මිතුරන් දෙන්නෙකුත් එක්ක. මම පුදුම වුණා එක්කම කේන්තිත් ගත්තා. ඒක හංගන්න මං කිසිම උත්සාහයක් නොගත්ත හින්දා, දේමිත්තටත් ඒ බව පෙනුණා. “ටිකක් හිටපං යාළු.” කියලා යාළුවන්ට කියාගෙන ඒ යක්ෂයා මාව ටිකක් ඈතට ඇදගෙන ගියා. “යාළු, ඒ දෙන්නම මගෙ හොඳ යාළුවො. කිසි අවුලක් නැති එවුං. ඔයා චුට්ටක්වත් බය වෙන්න එපා.”

“ඉලව් බයක් නෙවෙයි. ඒත්, කවුද ඔයාට කිව්වේ තව එවුන්ව මට කූටාලි කරන්න?” මට කියැවුණේ දත්මිටි කැවෙද්දී.

“අනේ යාළු, හෙමින්.. හෙමින්... අරුන් දෙන්නට ඇහුණොත් මට හෙණ සවුත්තුවනෙ. මම ඔයාට හොඳක් කරන්නනෙ හැදුවේ.”
“හොඳක් කරන්න. මේ මට? මට හොඳක් කරන්න...”
“දැන් ඉතිං ඔයාට නොකියා බැහැනෙ. ඔන්න ඔයා කලබල වෙන්න ඔට්ටු නෑ, හොඳේ. ම.... ම.... මං හිතුවේ ඔයාට මා..ව මදි කි..ය..ලයි. ඒ...ක...යි...” දේමිත්ත කිව්වේ පැකිළි-පැකිළී වචන ගැට ගසා ගනිමිනි.

දෙයියනේ. මේ මනුස්සයා එහෙම හිතුවේ ඇයි?

කතන්දරේ එළිදරව් වුණේ දිගට කතා කරගෙන යනකොටය. ඒ කතාව අහවර කර ගන්නට වුණේ අර මිතුරන් දෙන්නව පැත්තකට කළාට පස්සෙය.
“ඒයි දේමියා. මොකෝ අවුල්ද? එහෙනං අපි දෙන්නා යන්නං.” එක්කෙනෙක් දේමිත්තට කිව්වේය. ‘චුට්ටක් ඉන්න යාළු.’ කියලා මට කියාගෙන එයා ඒ දෙන්නා ළඟට ගියේය.

“මොකෝ මචං... අවුල්ද?” එක්කෙනෙක් අහනවා ඇසිණි.
“පිස්සුද මචං. අපි පොඩි කතාවක්...”
“මේ, මේ. උඹලගෙ love talk ඉවර වෙනකං අපිට මෙතැන මදුරුවො කකා ඉන්න බෑ. කියපං, අපි ගෙනාව ජොයින්ට් එක ගහන්න හොඳ පොට් එකක් තියෙන්නෙ කොහෙද කියල.”

දේමිත්ත ආපහු මගෙ ළඟට ආවේය. ඒ දෙන්නාව පොල් වත්තට එක්කං යමුයි කිව්වේය. “අපේ කතාව කර ගත්තැකි උං දෙන්නා සුරුට්ටුව බොන අතරේ.” කියලා යෝජනාවකුත් ගෙනාවේය. මං විරුද්ධ වුණේ නැත.

නීල් ආම්ස්ට්‍රෝංලා හඳට පා තබන අතරේ ටැයියාත්, සුන්නාත් එක්ක කුරුම්බා වල්ලක් බාගන්නට ගිය ළමා නිවාසයේ පොල් ගස ළඟ, ළිං බැම්ම උඩ වාඩි වෙලාය- ඒ දෙන්නා යකෙක් පුච්චන්න ගත්තේ.   

දේමිත්ත එක්කලා තරහක් තිබ්බත්, ඊට වඩා ලොකු කුතුහලයක් මගේ හිතට වද දෙයි... ‘මේ හාදයා මට හොඳක් කරන්නට හිතූ විස්තරය’ දැන ගන්න තුරු මට ඉවසිලි නැත.

මගේ හැඟීම ආදරය ආත්මාර්ථකාමී දෙයක් බවයි.

“තරහෙන් නේද තවමත් ඉන්නේ?” දේමිත්ත අහන්නේ මාව කිට්ටුවට ඇද ගන්නා අතරේය. “ම.. මං හිතුවේ ඔයාට මාව මදි කියලයි. ඒකයි අරුන් දෙන්නවත් එක්කගෙන ආවේ.”

“මම ඔයාට කිව්වද ඔයා මදියි කියලා?” තරහත් එක්කම දුක්බර හැඟීමකුත් මා හඬවයි.
“ඕකට ඉතිං අඬන්න එපා... මට එහෙම හිතුණේ, ස්..සේරම ඉවර වුණාමත් ඔයා හැම තිස්සෙම ගොඩ වෙලාවක් හුරතල් වෙවී ඉන්නකොට.”

“අඩෝ... උඹ මේකෙන් උගුරක් අදින්නැද්ද?” ඒ අස්සේ එයාගේ යහළුවෙක් අහයි. “පිස්සු කියන්න එපා, මටත් තියහං xත්තො.... යාළු ඔයා තරහ නැහැනෙ රත්තරං, මාත් උගුරක් ඇදල ආවට.” දේමිත්ත මගෙන් අවසර පතයි.
එයා කංසා උරන්නෙකු බව මං දැන ගත්තේ එදාය.

‘වැඩි වෙලාවක් ඔහුගේ තුරුලේ හිඳිමින් ඒ දහදිය සුවඳ විඳීමට තිබුණු මගේ ආශාව’ දේමිත්ත තේරුම් ගෙන තිබ්බේ මා තෘප්තියට පත් නොවීමක් ලෙසිනි!
වැරැදියට තේරුම් ගැනීම ගැන ඇති වුණු තරහ අස්සේම, තවත් හැඟීමක් හිතේ ලියලන්නට පටන් අරගෙනය.

තමන්ගේ මිතුරන් දෙදෙනෙකු ලවා හෝ මගේ කාම දාහය නිවා ලන්නටය, දේමිත්ත සිතා තිබෙන්නේ. එයා ඒ කියන්නේ ඇත්තමද? එහෙම කරන්නට ඇත්තේ මට තියෙන ආදරය නිසාද?

මගේ හැඟීම ආදරය ආත්මාර්ථකාමී දෙයක් බවයි.
සැබවින්ම දේමිත්ත ඒ තරමටම පරාර්ථකාමී ආදරවන්තයෙක්ද?


42 comments:

  1. ඔය ටික ඔක්කොම හදාරල ඕව කොරන්න යනකොටනං වයසට ගිහිල්ල තියෙයි.

    ReplyDelete
    Replies
    1. නාගකන්‍යාවෝ ඉන්ටවා ඕව දන්න... බොට කියා දෙයි හෙමිහිට්ට

      Delete
    2. ප්‍රසෝ, නමී කියන්නහෙ නාග කන්නියාවෝ ඔව්වා හොඳට දන්නවැයි?

      Delete
  2. https://www.sciencefocus.com/the-human-body/are-humans-naturally-monogamous/

    ReplyDelete
  3. සමහර දේවල් දැනන් හිටියමත් ඒක තෘප්තියට බාද වෙනව... ඒ දන්න දේ ඒ ආකාරයෙන්ම සපල කරගන්න ගියහමත්.

    ශානක්‍ය ඇරුනම... වේද මට්ටමේ කාමයට අදාළ පොත් ලියවිලාලා තියෙනව. සමහරවිට ඔයාගේ දොස්තර මහත්තය හෙම... ඒ ගැන දන්නව ඇති.

    බුදුහාමුදුරුවො කියල තියෙනව... පුරුෂයාට ස්ත්‍රියගේත්, ස්ත්‍රියට පුරුෂයාගේත්, - රූපය, ශබ්දය, ගන්ධය, රස, පහස තරම් ඇතුළට කිදා බැස ඇති වෙනත් දෙයක් නෑ කියල. ඒ හා යම්තරමකින් සමාන දේවල් කියවිලා තියෙනව වේද පොත් වලත්. වර්තමාන Sexology එකට අනුවත් රූපය, ගන්ධය, ස්පර්ශය ඒ විදිහයි කියල ඔප්පු වෙලා තියෙනව. එහෙම බැලුවහම අපි දන්නෙ, විඳින්නෙ මොනවද කියල හිතෙනව.. ඉස්සර අයත් එක්කලා බැලුවහම.

    ReplyDelete
    Replies
    1. නමී, දැනගෙන සිටීම ගැන ඔයාගේ මතයත් තරමක් දුරට ඇත්ත.

      ඔයාගේ දොස්තර මහත්තයා කීම ගැළපෙනවද? මම දන්නවා නමී අදහස් කළේ 'ඔයාගේ හිතවත් දොස්තර මහත්තයා' කියල කියන්නයි. ඒත්, සමහරවිට වචන පාවිච්චි කරන්න වෙන්නේ පරිස්සමින් නෙව.මම නම් එහෙමයි. විශේෂෙන් තවත් කෙනෙකු ගැන වැරදි චිත්‍රයක් ඇති නොවෙන විදිහට පරෙස්සම් වනවා.
      අන්තිම කරුණ. බොහොමයක් ලිංගික අත්දැකීම් තුලින් මට සමීප වුණු ලාංකික වැඩි දෙනෙකු ගැන මට නම් තියෙන්නේ 'පව්!' කියන හැඟීමයි. (මට සමීප වුණු අය- ගැනයි කිව්වේ.)

      Delete
    2. හුකෑස්ඃ..... සොරි නිදි ගොයියො 🙈😂

      Delete
    3. ගොඩක් දේවල් දැන ගෙන ඉන්න එක නම් සෑහෙන ලොකු බාධාවක් තමයි.

      පණ්ඩිතයට ඒදණ්ඩෙ යන්නත් බෑ කියනවනෙ

      Delete
    4. එහෙම දේකුත් තියෙනවා නේන්නං නවීන්.

      Delete
  4. හුම්......
    බලමු මේකට බස්සා එයිදෝ කියලත්, Pra jay වැට පනී ද කියලත් 😄

    ReplyDelete
    Replies
    1. අල කොමානං අල ගලවයි ඇවිල්ල.

      Delete
    2. බරස් බරස්... (අල ගලවන සද්දෙ)

      Delete
    3. අල බහින සද්දෙ ඇහුණේ නැහැනේ.

      Delete
    4. අපි හිටෙව්වෙ රහස් අල. 🥔🥔💥

      Delete
    5. රහස් අහස් තලයට පවරා.... නේද?

      Delete
  5. ++++++!!++++++++!!!~\~!!~!!+!!~!!~/~!!!++++++!!++++++ ඕං වැටකුත් ගහලා ගේට්ටුවකුත් දැම්මා.

    ReplyDelete
  6. වාත්ස්‍යායන කාම සූත්‍රය ලියන්න පෙර සිදු කරපු පර්යේෂණ ගැන පොඩ්ඩක් නිරූපණය වෙනවා, සෂි කපූර් ගෙ "උත්සව්" චිත්‍රපටියෙ. ඒක හදල තියෙන්නෙ මැටි කරත්තය නාට්‍යයෙන්.

    ReplyDelete
    Replies
    1. එහෙමත් එකක්ද? අහල තිබ්බේ නැති තොරතුරක්. ශෂී කපූර් හිටිය ෂර්මිලී මගෙ ප්‍රියතම ෆිල්ම් එකක්..

      Delete
  7. අද කථාව බයෝලෝජ් පාඩමක් වගේ...

    ReplyDelete
    Replies
    1. මක් කරන්නෙයි ලලිත්, සමහර දේ අදාළ විස්තරත් එක්ක කියන එකනේ මගෙ විදිහ.

      Delete
  8. Replies
    1. ඒක නේන්නං ඩ්‍රැකී. දැක්ක ගමන් ගිහිං කියෙව්වා. අහලවත් නොතිබුණු තැනක් ගැනනේ භූෂණ ලියල තියෙන්නේ. ගිහිං බලන්නම හිතුනා foto දැක්කම!

      Delete
  9. දේමිත්තට තිබුනෙ නිමල් එක්ක ඒ ගැන කතා කරන්න නේද. සන්නිවේදනය අඩු කම සෑහෙන ප්‍රශ්නයක්.

    ‘හොඳ මිනිසෙක් දහස් ගණන් යුවතියන්ට පෙම් නොකරයි. නමුදු ඔහු එකම යුවතියකට දහස් ගණනක් ක්‍රමවලින් ආදරය කරයි!’ කලින් පෝස්ට් එකේ variety is the spice of life කියමනට හොඳ පිලිතුරක් මෙතන තියෙනවා නේද. බටහිර රටවල අය marriage vows නැවත හුවමාරු කරගන්නකොට, අපේ රටේ අය විවාහ ඇඳුම් ආයිත් ඇඳගෙන සංවත්සර සමරනකොට, පිටින් බලන අයට ඒක විකාරයක් වගේ පෙනුනත් එහෙම කිරීමෙන් ඒ මිනිස්සුන්ට යම් නවතාවයක් දැනෙනවා ඇති.

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ විවාහක යුවලක් අතරවත් මෙහෙම දේවල් සාකච්ඡා නොවුණු තරම් බවයි Lotus, මගෙ දැනීම. මම එහෙම කියන්නේ , ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ, තරුණ ජනගහන කමිටුවට සම්බන්ධවෙලා කළ පවුල් සැළසුම් වැඩ සටහන්වලදී ලබපු අත්දැකීම් මත පදනම්ව.

      ඒ වගේම මට ලිංගිකව ඇසුරට ලැබුණු අය වුණත් 'වැඩ' වැඩි, කතා අඩු අය වගෙයි. දේමිත්තත් එහෙම කෙනෙක්.
      Lotus, මගෙ විශ්වාසය තමයි විවාහ වෙනවා එක්කම අන්‍යොන්‍ය අවබෝධය වගේම එකිනෙකාට අවංකව සිටීමටත් දෙන්නෙක් එකඟ විය යුතු බව.

      මගෙ එක සහෘද මිත්‍රයෙක් ඉන්නවා. හෙණ හැන්ඩියා. අනංගයා වගේ. (අපේ අතර තියෙන්නේ මිතුරුදමක් විතර බවත් කියන්නම වෙනවා.) එයාගේ විවාහ මංගල්‍යයෙන් කාලෙකට පස්සේ එයා කියපු දෙයක් මට තවම මතකයි.
      "අයියේ, මම එක එෆෙයාර් එකක් තියෙද්දී තව කෙල්ලෙක්ට love කරලා නෑ. සොමියට කළත් ඒක අවංකව කළා. හැබැයි එකක් ඉවර වුණාම තව එකක් පටන් ගන්න පරක්කු වුණෙත් නෑ.හැබැයි xxxව බැන්දට පස්සේ කෙල්ලෙක් හෙළුවෙන් ඇඟටම ගොඩ වුණත් කිසිම feeling එකක් හිතට නොගෙන ඉන්න මට පුළුවනි. මොකද, දැන් මම බැඳිලා."
      ඒ ජෝඩුව දැනුත් කිරිපැණි වගේ ඉන්නවා, ලොකු දරුවොත් ඉන්නවා. එයා දහස් ගණන් ක්‍රමවලින් එක්කෙනෙකුට ආදරේ කරන කෙනෙක්!

      Delete
    2. දැන් කාලෙ කියලත් ලොකු වෙනසක් නැතුව ඇති, නිමල්. Consent ගැන තියෙන දැනුම පේනවනෙ අර ක්‍රිකට් ක්‍රීඩකයගෙ සිදුවීම පිලිබඳව තියෙන කමෙන්ට්ස් වලින්.

      Delete
    3. මිනිස්සු හරි කැමතියි Lotus ටක් ගාල තීරණවලට බැහැලා අනුන්ට බනින්න පතුරු අරින්න. මම එක දකින්නේ එයාලා කරන 'ඇරියස් කවර් කිරීමක්' හැටියටයි.

      Delete
  10. මම දැනගෙන හිටියා, "යාළු" කියල කතා කරන දෙන්නෙක්. මම දැකපු වැදගත් ම දේ තමයි, උං, යාළු කියන වචනෙ පාවිච්චි කරන්නෙ ව්‍යාජව. උන්ගෙ හැම ක්‍රියාවක් ම වගේ ව්‍යාජයි. උන් යාළුවෙක් කියන්නෙ යාළුවෙක්ට නෙමෙයි, සම්පූර්නෙන් ම පිටස්තරයෙකුට.

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී, යාළු වචනය මගෙන් නං කියවෙන්නෙම නැති තරම්.
      නෙවිල්, මර්වින් වගේ හිතවතුන් මගෙත් එක්ක ඒ දවස්වල නිතරම ගැටුණු තැනක් තිබ්බා. 'මට යාළුවො නෑ. තමුසෙලත් මගෙ යාළුවො නෙවෙයි' කියලා මූණටම කිව්වම.
      මොකද, මම යාළුවෙක් කියනකොටම මට එන ඉම්ප්රේෂන් එක තමයි 100%ක්ම අවංක වීම. "මම ඔයාලටවත් කාටවත් 100%ක් අවංක නෑ. ඕගොල්ලොන්ටත් හංගන නොකියන රහස් ඕනි තරම් මට තියෙනවා." කීවම මාර්වින් නිතරම ඇහුවේ 'උඹට අපිවවත් විශ්වාස නැද්ද බං.' කියලයි.
      ඔහොම නිතරම වාද-විවාද කරන්න බැරි නිසාත්, එයාලගෙන් හංගන රහස් මොනවද කියලා එයාලට කියන්න බැරි නිසාත්- මම වචනවලට දෙන අර්ථ කථන අඩුවෙන් දෙන්න පුරුදු වුණා.
      හැබැයි, අදටත්.තවමත් මම 100%ක්ම ව්වෘත නෑ. මගෙ සමහර රහස් මටම විතරක් තියාගෙන ඉන්නේ!

      Delete
  11. ඔය පෙරමෝන කතාව මමත් අහල තියනවා. පාටි වල හොඳටම දාඩිය දාගෙන නටනකොට හෝ නටල ඉවර වුනාම තමයි සමහර කෙල්ලෝ සෙට් වුනේ ඒ දවස් වල.

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නේ සජීවී සාක්කි! ස්තුතියි!!

      Delete
    2. හෙ හෙ බස්සි කියල කෙනෙකුත් ඉස්සර එයාගෙ bf හේ දාඩිය සුවඳට, එයා ඇඳපු ඇදුම් වලට එහෙම කැමති කියල ඔය පෙරමෝන සීන් එක දාලා පෝස්ට් එකක් දාලා තිබුනා😁

      Delete
  12. ඔය වගේ සුවඳ ගැන තියෙන perfume film එකත් බලන්ටෝ...... (18+)

    ReplyDelete
    Replies
    1. මේකත් කියවල බලන්ඩෝ.
      http://nidigepanchathanthare.blogspot.com/2018/12/blog-post_13.html

      Delete