ඉදින් මටත් මගේ තේරීම් තිබුණේය. ප්‍රතික්ෂේප කරන්නට තරම් ඇරයුම් ගොඩකුත් තිබුණේය.
පෙනුමින් ඉතා
ප්‍රියමනාප; සුදු; පිරිපුන් දේහයක් තිබුණු...
තිබුණු...
තිබුණු... රින්ස්ලි වෙත
මුලින්ම මගේ විශේෂ අවධානය යොමු වුණේ නම් කට කතාවක් නිසාය. ඔව්, ඔහු පිළිබඳව අසන්නට
ලැබුණු කට කතාවක් නිසාය. කටකතා; විශේෂයෙන් කුණු කතා දැනගන්නට මාත් ආසා බව මා
වසංගන්නේ නැත. ඒ සමහර කතන්දර නං අදහන්නටත් බැරි තරම්ය.
සමහර සිදු වීම් ලියවෙන්නේ; සටහන් වෙන්නේ සමහර අය කැමති විදිහට විතරකි! |
“මොන?” එතැන හිටි තවත් කෙනෙකුට මගෙ ප්‍රශ්නයම අහන්නට හිතිලාය. මහරගමට කැපී පෙනෙන xxපාල
කෙනෙකු එදා හිටියේ නැත. හිටියේ රටක්ම දන්නා xxපාල කෙනෙකු විතරය. මට හිතෙන්නේ අදටත්
එහෙමය.
ඉතිහාසයක්
ලියද්දී කටකතාවලටත් තැනක් දිය යුතුය කියලාය මා සිතන්නේ. (සමහර සිදු වීම් ලියවෙන්නේ;
සටහන් වෙන්නේ සමහර අය කැමති විදිහට විතරකි!) හැබැයි, ඒවායේ යම්කිසි සත්‍යයක සේයාවක්වත්
තිබෙතියි ලියන්නාට හැඟී යා යුතුය.
අතීත ශ්‍රී
ලංකාවේ තිබුණු සිරිතක් ගැන මතකය, මං වහන්සේට රුකුල් දෙන්නේ මෙන්න මෙතනදීය.
ඒ සිරිත ‘ගමකට පිටතින් එන විශේෂ ප්‍රභූ අමුත්තන්ට, නිලකාරයන්ට හා වංශවතුන්ට
අදාළ’ය. එහෙම එන අයට කෑම-බීම, නවාතැන්- ඉඳුම් හිටුම් සැපයීම ඒ ගමේ ප්‍රධානීන්ට පැවරී
තිබුණු වගකීමකි. ඒ සේවා සපයනවාට අමතරව, අර ආගන්තුකයාගේ ලිංගික අවශ්‍යතා සපුරා
ගැනීම පිණිස සුන්දර ගැහැනියකු (බොහෝ විට රූමත් යුවතියකු) ලබා දීමත් ගමේ වගකිව යුත්තන්ට
පැවරී තිබිණි!
බොහෝවිට එසේ ලබා දුන්නේ ගමේ ප්‍රධානයාගේ බිරිය හෝ දැඩිමේනි වී සිටි දියණියක වූයේල.
ඒ සිරිත තරමක්
අප්‍රකටව හෝ ‘හික්ගස් හන්දිය’ ගම් තුලානේ
අංගනාවන් අතරේ
එවිටත් ශේෂව තිබුණාවත්ද?
එහෙම වෙන්නට
ඇතැයි හැඟෙන තවත් සිදු වීමක් ගැන මහරගම පමුණුව ගම්වැසියන් කිහිප දෙනෙකුත්, මේ
ලියන්නාත් අභිමුඛයේදීම කඩවසම් දේශපාලන උත්තමයෙකුගේ ශ්‍රී මුඛයෙන් කියැවිණි. ඒත්
1980ට ආසන්න කාලයේදීය.
“මහරගම ගෑනු ගොඩකට ඕනි මගෙත් එක්ක නිදි වදින්න. මං ඒකට ලැහැස්ති නැති එක හින්දයි
උන් මට මේ කචල් දාන්නේ. මගෙ නෝනයි, xxxxxයි හිටියම මට හොඳටම ඇති.”
(xxxxx හා එතුමා අතර තිබුණු හාදකම එවක ප්‍රසිද්ධ රහසක් විණි.)
සංගීත
සංදර්ශනවල සිංදු කියන්න ආවම... (සංගීත සංදර්ශනයක් ගැන පළ වුණු පැරණි පෝස්ටරයකි.) |
රින්ස්ලියා නං xxගේම කපාපු පළුව වගෙයි නෙව, බැලූ බැල්මටම. සුපුනයා තමයි කිට්ටුවෙන්වත්
ගිය පාටක් නැත්තේ...”
ඒ රින්ස්ලි හා
කායික සම්බන්ධයක් ඇති වුණත් දෙතුන් වතාවකින්ම මට එය ‘අපෝ’ විණි. ඒ ඔහු ටිකෙන්-ටික
දැඩි ලෙස බීමත්කමට ඇබ්බැහි වුණු නිසයි.
අන්තිමේදී රින්ස්ලිගේ සියොලඟින්ම මත්පැන් ගඳ වහනය නොවුණු මොහොතක් නැති තරම්ම විය.
මා ඔහු හඳුනාගෙන අවුරුද්දක් දෙකක් යද්දී, රින්ස්ලි කරමින් හිටි රජයේ රැකියාවත් බීමත්කම
නිසාම නැති කර ගත්තේය. එතැන සිට හොඳටම නන්නත්තාර වුණු රින්ස්ලි, දවසක් ගෙදරදීම ගෙල
වැල ලාගෙන ජීවිතයෙන් සමු ගෙන තිබුණේය.
ඉතිං.... මා
කෙබන්දෙකුදැයි රින්ස්ලි
දේවමිත්තට කියලා ඇතිද?
කියලා හරි
නැතුවා හරි වේවා, ඒ දවස් පහේම දේවමිත්ත අනිමිස ලෝචන පූජා තේවාව නොවැරැද්දුවේය. ඒ
දින පහට තව දවස් දෙකක් එකතු කර ගන්නට වුණාමවත් මිත්ත පසු බෑවේ නැත.
එහෙම දවස්
දෙකක් වැඩි කරන්නට වුණේ නොහිතූ ‘චෑන්ස් එකක් කඩා වැටෙන්නට යන හින්දා ධර්මේ අයියා
‘චූන්’ වෙලා හිටි නිසා’ය.
“මහත්තයෝ, අපට තව දවස් දෙකක් කූඩුව පෙන්නන්න වෙනවා. තුන්-හතර ගොල්ලකටම ඕනිලු කූඩුව
බලන්න. නිකං බලන්න නෙවෙයි. සල්ලිවලට අරං එයාලාගේ
ගමට ගෙනියන්න... මං ගාණකුත් කිව්වා ආවොත් වරෙන්- ගියොත් පලයන් කියලා. වැඩේ කෙරෙයි
වගේ!”
ඊට පස්සේ
අවුරුදුවලත් ධර්මේ අයියා කූඩු හැදුවේය. ඒ කාගේවත් ආධාර- සම්මාදම් එකතු කරලා කාරිය
නොවේ. තමන්ගේම වියදමෙන්; තමාගේම ශ්‍රමයෙන්...
කියවුණු විදිහට ඒ හැම කූඩුවකින්ම ධර්මේ අයියාට වාසිත් වුණේය. පෙන්වල ඉවර වී, ඒ
හුරුබුහුටි ලස්සන කූඩු ගැලෙව්වේම ‘ඈත පළාතකට ඒක ගෙනියන්නට ආ වාහනයකට පටවන්නට සූදානමින්
ඉන්න’ අතරතුරේදීය.
“මටත් තව දවස්
දෙකක් මෙතැන ඩියුටියට ඉන්න වෙනවා මිත්ත”
“මං හිතාගෙන හිටියේ කූඩුව අදින් ඉවරයි කියල.” මගේ නිවේදන කටයුතුවල විරාමයන්හිදී මං
වහන්සේ විවේක ගනිද්දී වැඩියෙන් කතා කළේ සුපුරුදු විදිහටම මා හමු වෙන්නට ඇවිත් හිටි
දේමිත්තයි. එදාත් එහෙමය.
එතකොට
තමයි රසේ වැඩි. සේරම එළියට දානවට වැඩිය අගේ වැඩියි බාගෙට පෙන්නුවම.... |
“කියන්නං... ලියාගෙන ආවත් එක්ක.”
“බලමු එහෙනං!”
“බෑ බෑ... ලිව්ව කවිය පෙන්නන්න බෑ. මේ සින්දුව ඉවර වුණාම ගිහිං, ඒ කවිය කියලම
එන්නං.”
“ඒ වුණාට ඊයේ කවියටත් ඔයා මගෙ නම දාලා තිබ්බෙ නැහැනෙ යාළු!”
මට පෙනුණු අපූරු
විශේෂත්වයක් දේමිත්තට තිබුණේය. ‘යාළු’ නාම පදය! දේමිත්ත ඕනෑම මිතුරෙකුට ඇමතීමේදී
නිතරම වගේ යෙදූ ඇමතුම් පදය එයයි. එහෙම ආමන්ත්‍රණය කරන වෙනත් කිසිවෙකු මෙතෙක් මට
හමුවී නැත.
“එහෙම කරන්න පුළුවන්ද ළමයෝ... හංගලා කියනවා මිසක්.”
“ඔයා ඉතිං හංගන්න දෙයියනෙ යාළු.”
“එතකොට තමයි
රසේ වැඩි. සේරම එළියට දානවට වැඩිය අගේ වැඩියි බාගෙට පෙන්නුවම....”
දේමිත්ත ඊළඟට ඇසූ ‘මොනවද?’ ප්‍රශ්නයට උත්තර නොදීමය, මං ආපහු මයික්‍රෆෝනය ළඟට ගියේ.
වැස්සක සඳ
කිරණ තෙමි තෙමි සිහිල ලද
වෙසඟේ අසිරියෙන් නැහැවෙන අතරමැද
සිලි-සිලි සරෙන් නැළවෙන බෝ ළදලු අද
පවසනවද පැතුම සුමිතුර පසෙක හිඳ
පිනවමි සවන්
රසබර කවි ගොතා ගොතා
ගයනෙමි එකව් අම මිහිරක ඔතා ඔතා
සවනත වැකෙද්දී කවි නද ඇතිව ලතා
සැනහෙනවාද මිත ඇත්තෙම නැතිව කතා
දේමිත්ත වැඩ
කළේ දුම්රිය දෙපාර්තමේන්තුවේ රත්මලානේ කර්මාන්තශාලාවකය. ඊළඟ විරාමයේදී ආයෙත්
දේමිත්ත හා සල්ලාපයට එළඹෙන්නටය, මං සැදී-පැහැදී හිටියේ.
මනුෂ්‍ය ශරීරයේ අංගෝපාංගවල ප්‍රමාණයන් මනාව අධ්‍යයනය කොට, කලාත්මකව නිමවා ඇති ග්‍රීක නිරුවත් ප්‍රතිමාවන්ගේ foto කෑල්ලක්වත් ඔවුන්ට දැක ගන්නට ලැබී ඇතිදැයි... |
එහෙනං ඉතිං ඉතිරි දවස් දෙකේත් මං වේලපහම off වෙලා එන්නං.”
“අපරාදෙනෙ
ළමයෝ! ඔයාට සෑහෙන ගාණක් පාඩු වුණා නේද මේ ටිකටත් මං හින්දා.”
“ඔයාට දුකයිද ඉතිං...”
“එහෙම වෙන්න එපැයි. දන්න කියන කෙනෙකුට පාඩුවක් වෙනකොට යාළුවෙක්ට දුක හිතෙන්න ඕනි
නේද?” මගේ ඒ කීමටත් දේමිත්ත උත්තර බැන්දේය... හෙමින් සැරේ...
“එහෙනං
ඉතිං... මගෙ පාඩුව ඔයාවත් මට ගෙවන්න... ගෙ..ව..න..ව..ද...”
‘රින්ස්ලි
සේරම කියලා...’ මට හිතුණේය. “ඔයාට පඩි ගෙවන්න මම CGR එක නෙවෙයිනෙ.” හිතුණු දේ
එහෙම්ම හිතේ තියෙද්දී මං කිව්වේ එහෙමය.
“හැබැයි මම නං CGR එකේ හින්දා ඔයාට ගෙවන්නයි බලාගෙන ඉන්නේ... පඩි තකකින්...”
“හැබෑට!
සීජීආර් එකේ ඉන්න ඔක්කොම පඩි තක්කු වෙන්නැති!”
මගෙ දැනීමේ
හැටියට නම්, කොයි පිරිමියාත් තමන්ගේ ලිංගේන්ද්‍රියයේ ප්‍රමාණය හා තමන්ගේ ලිංගික
හැකියාව ගැන හිතාගෙන ඉන්නේ මහ ඉහළිනි. බොහෝ දෙනා ඒ ගැන කතා කරන්නේත් උජාරුවෙනි. තමන්ගේ
හැකියාව අසම-සම බව; අපරාජිත බව ඔව්හු සිතති!
මනුෂ්‍ය ශරීරයේ අංගෝපාංගවල ප්‍රමාණයන් මනාව අධ්‍යයනය කොට, කලාත්මකව නිමවා ඇති ග්‍රීක
ප්‍රතිමාවන්ගේ foto කෑල්ලක්වත් ඔවුන්ට දැක ගන්නට ලැබී ඇතිදැයි සැකය.
බාහිර පෙනුම
ගැන බොහොමයක් කාන්තාවන් දරණ අගතිගාමී මති-මතාන්තරත් මීට දෙවෙනි නැත...
හා... හා!
කලබල නොවෙනු මැනවි!!
ඉස්සර
ආක්‍රමණිකයන් මෙන් ගතේ වීරියෙන් සටන් වදින්නටත් උවමනා නැත. |
එසේ කීම වෙනුවෙන් උරණ වී ඌට තලන්නට දෙකයි දෙකේ ලී පොලු, කොසු ඉදල් හොයන්නට ඔයාල කවුරුන්වත් කලබල විය යුතු නැත; ඉස්සර ආක්‍රමණිකයන් මෙන් ගතේ වීරියෙන් සටන් වදින්නටත් උවමනා නැත.
මම කෙසඟ කැහුට්ටෙක්මි; ඉතිං මට පහර දෙන්නට ඔබට අවැසි නම් ඒකට වඩා පහසු මඟකුත් මමම
කියන්නෙමි. කරුණාකර ඔබේ වදන් කොස්සෙන් සුදුසු වචන තෝරාගෙන, මේ පෝස්ටුවේ යටින්ම ඇති
comments තීරුව ප්‍රයෝජනයට ගත මැනවි.
මං මේ කියන්නේ
මා දැන හිටි ගැහැනු-පිරිමි උදවිය ගැනයි. නිදිගෙ පංච තන්තරේ කියවන දයාබර පාඨක ඔබ ගැනවත්,
අදටත් මා හමු වෙන ස්ත්‍රී පුරුෂයන් ගැනවත් විවරණ කරන්නට තරම් දැනුමක් තවම මට ලැබී
නැත.
දැනුමක් තිබ්බත් ‘අහක ඉන්නා සර්පයන් ඇදලා අරගෙන රෙද්ද අස්සේ රුවා ගන්නට’ මා අකැමැතිය!
තව දුරටත්
එව්වා ගැන විවරණ නොකර හිඳීම නුවණට හුරු යැයි හිතෙන හින්දා.... ආයෙමත් ධර්මේ
අයියාගේ දර්ශනීය වෙසක් පහන් කූඩුව අසලට ඔබ කැන්දාගෙන යන්නෙමි. ඒ සත්වෙනි දවසයි!
සතියක් පුරා
වැඩි කරමින් වෙසඟ සිරී
ලෙළ දුනි පහන් කූඩුව නඟමින් අසිරී
මීටත් වඩා සුන්දරතාවෙන් සපිරී
පහන් කූඩුවක් දිස් වේවා සුපිරී!
එදා අවසන්
කවියත් ගයන තුරුම දේමිත්ත නික්ම ගියේ නැත. නික්ම යන්නට කලිනුත් අපි කතා කළෙමු.
“මං හිටියේ ඔයාව ගෙදරට ඇරලවලම යන්න.”
“අනේ!”
“මොකද යාළු අනේ කියන්නේ. මම එනවට අකැමැතිද?” දේමිත්ත අහයි.
“මේකයිනෙ
මහත්තයෝ. ඔයා මෙතන බඩගින්නේ බලාගෙන ඉඳිද්දී මම විතරක් කොහොමද...
මේ ටිකේම ධර්මේ අයියල දිහාවෙ අපට කෑම ලෑස්ති කළානෙ. අද එයාල බොන්නත් ලැහැස්ති වෙලා
ඉන්නේ. ඉතිං මටත් ඉක්මනට එතැනින් ගැලවිලා එන්න බැරි වෙයි... අපි වෙන දවසක....”
“ම්ම්...ම්...ම්ම්. එහෙනං හෙට... මම ඔයාලගෙ ගෙදරට එනවා.” දේමිත්ත දෙපාරක් නොහිතාම
කිව්වේය.
ඔයා
අපේ ගෙදර එන්න යන්නෙ බෙර ගහල ගමටම කියල පෙරහරකින්ද? |
“හරියට හෙට රෑ
අටට බලන්නකො. මං ඔයාල ගෙදර ඇති... පමුණුවේ හැමෝම බතික් ගෙදර දන්නවනෙ. කාගෙන් හරි
පාර අහ ගන්නං.”
“ඔයාට පිස්සුද? ඔයා අපේ ගෙදර එන්න යන්නෙ බෙර ගහල ගමටම කියල පෙරහරකින්ද?”
“ආහා! එහෙනං
මං හොරෙන්ම ඇවිත් යන්නංකො. එතකොට අවුලක් නැහැනෙ යාළු.” කියලා දේමිත්ත වටපිට
බැලුවේය. “මතකයි නේද මං එදා කිව්ව දේ?”
“එදා කිව්වේ?”
“දවස් දෙකකට කලින්...” එහෙම කියන ගමන් දේමිත්ත මගේ අතකිනුත් අල්ලා ගත්තේය.
කෙඳිරිලි හඬකින් ඊළඟ ටිකත් කිව්වේය.
“ඔයාට ගෙවන්නයි බලාගෙන ඉන්නේ කියලා... පඩි... ඒකත් අරගෙන එන්නේ... හරියට අටට.”
කොච්චර
කයිවාරු ගැහුවත් සමහර තැනෙකදී කිව යුතු ගැළපෙන දෙයක් මගේ තක්කඩි හිතටත් එකෑවර
නොඑයි. දේමිත්තගෙන් එවෙලේ එහෙම වචන ටිකක් කියැවෙතියි මං හිතුවේ නැත. ඒ වචනවලින්
අන්ද-මන්දවී, තක්කු-මුක්කුවී උත්තරයක් හොයන අතරේම, ඒ යක්ෂයා තවත් සැරයක් මගේ අත
මිරිකා, ඉඟි මරා යන්නට ගියේ හිනැහෙමිනි.
ඒ හඳේ අව
පක්ෂයයි. බහින කලාවයි. උමතුව නම් වැඩි වෙන්නේ පුර පසෙහිදීලු. ලිංගික ආශාවන්
අඩු-වැඩි වෙන්නටත් කාලයක් තිබේද? ඒවා කෙරෙහි සඳේ බලපෑමක් තිබෙනවාද?
ඒ අතින්
බලද්දී මානවයා; හෝමොසේපියන්ස් සේපියන් සත්ත්වයා කොතරම් විස්මිත සතෙක්ද?
අතේ ඇඟිලි හතරක් එක අතකට නවද්දී, මහපටැඟිල්ල විතරක් ඊට ප්‍රතිවිරුද්ධ අතකට නවන්නට
හැකියාව ලැබී තිබෙන්නේ ඌට විතරකි.
සිරුරේ ප්‍රමාණයට සාපේක්ෂව බලද්දී ලොකුම මොළය ලැබී ඇත්තේත් ඒ සත්ත්වයාටමය.
සිරුරේ ප්‍රමාණයට
සාපේක්ෂව බලද්දී ප්‍රාණවත් වුණු විට ලොකුම ලිංගේන්ද්‍රිය හිමිවී තියෙන්නෙත් ඌටය.
ලිංගික ක්‍රියාවන්හි යෙදීමට නියමිත කාලයක්; වෙලාවක් නැත්තෙත් ඒකාටමය.
මමත් එකී හෝමොසේපියන්ස්
සේපියන් සත්ත්වයෙක්මි!
ඒත්
ඒ අඳුර අස්සෙම වුණත්; තරු එළියෙන් වගේ ඒ දිළිසෙන
ඇස් මට පෙනුණේය. |
කලින්
ගිවිසගෙන තිබ්බා වගේ අප දෙන්නාම කතා කළේ රහසෙනි; හිනා වුණේ රහසෙනි. අප දෙන්නාගේම
ඇස් දිළිසුණු විත්තිය අඳුරේම වුණත් අප-අපටම බලාගත හැකි විය.
ඔව්, එදා වෙසක් පොහොය ගෙවී එළඹෙන හත් වෙනි දවසයි. පුර පසළොස්වක පෝය දවසෙන් පස්සේ
එන්නෙ කන්ද කපා හඳ පායන දවසයි. තවත් විදිහකට කියනවා නම් අව පෑලවිය දවසයි... ඊළඟට
දියවක, තියවක, ජලවක, විසේනිය, සැටවක, සතවක, අටවක...
පුන් පොහෝදා
සිට දිනකට සඳේ එක කලාවක් ගානේ අඩු වෙන්නට පටන් ගනියි. එමෙන්ම දවසකට පැය බැගින් සඳ
උදාවීම පමා වෙන්නට ගනියි. ඒ විදිහට ගණන් බලද්දී අද; අටවක දවසේ පායන්නේ හඳෙන්
බාගයකි; ඒ අඩ හඳ පායන්නේ රෑ දොළහ විතරටත් පස්සෙය...
අඳුරත් අපට ආසිරි පතනවා වගෙය.
ඒත් ඒ අඳුර අස්සෙම
වුණත්; තරු එළියෙන් වගේ ඒ දිළිසෙන ඇස් මට පෙනුණේය. ‘එයාගේ කන් පෙති දෙකටත් ලේ
පුරලා ඇති. බලා ගන්න තිබ්බා නං...’
ලිංගික හැඟීමකින්
ප්‍රාණවත් වී සිටියදී මගේ හදවත ගැහෙන වේගය වැඩි වෙයි. එතකොට අනෙක් වෙලාවකට වඩා
වේගයෙන්; ඉක්-ඉක්මනට මගේ ඇඟ පුරාම ලේ ගමන් කරන්නට පටන් ගනියි. ආන්න එතකොට, මගෙ කන්
පෙති දෙකටත් ලේ පිරෙයි; කන් පෙති දෙකම රතු වෙන්නට ගනියි. ඒත් එක්කම වගේ දෑසත්
දිළිසෙන්නට පටන් ගනියි. ඔබටත් වෙන්නේ එහෙමමද?
දේමිත්තටත් වෙන්නට ඇත්තේ ඒකමය...
“ඔයා වෙලාවටම
ඇවිත්!” පෙරමඟ බලාගෙන හොරගල් අහුලමින් හිටි මං කඩුල්ල ළඟටම ගිහිං, දේමිත්තගේ අතින්
අල්ලා ගෙනය.
“කමක් නැද්ද අපි මෙතැනම හිටියට?” දේමිත්ත වටපිට හතර දිසාවටම ඇස් යවමින් කොඳුරයි.
නවමු අත්දැකීමක් ලබන්නට පෙරුම් පුරමින් හිටිද්දී, අපේ හිතේ හීන කෝටියක් විතර මැවෙයි! මනස් සළෙලුන්... |
“යාළු කැමතිද
ඒ සුවඳට?”
“හ්ම්!” අපට ඇත්ත කියවෙන්නේ නිකංමය. හිත-හිතා කියන්නට වෙන්නේ බොරු කියද්දීය.
“යාළු කැමති නං ඉඹල බලන්න.” ඔහු ඉස්සරහට නැඹුරු වෙයි.
“මෙතන?”
“එහෙනං කොහාට
හරි යං!” දේමිත්ත කියන්නටත් කලින්ය, මං ඒ ගැන හිතා තිබුණේ. හරියටම කියනවා නං එදා
උදේ හිටන්මය. නවමු අත්දැකීමක් ලබන්නට පෙරුම් පුරමින් හිටිද්දී, අපේ හිතේ හීන
කෝටියක් විතර මැවෙයි! මනස් සළෙලුන්... සුරන් නැළවූ සුයාමය...
නිදිගෙ නැහැදිච්චකම! මූට තියෙන වනචරකමක තරම!!
මේ ලියැවෙන දේවල්
කියවා ලියන්නා ගැන තීරණය කිරීම ඔබ සතු අයිතියකි.
ඔහුව විවේචනය කිරීම හෝ පිළිකුලෙන් හෙළා දැකීම හෝ ඔබ සතු අයිතියකි. මට ඇත්තේ මගේ මතක
ගබඩාව පීරමින්, මගේ හිතේ එදා තිබිණැයි මට මතක් වෙන හැඟීම් සමුදාය හැකිතාක්
නිවැරදිව මෙතැන ලිවීමේ රාජකාරිය කිරීම පමණි.
“කොහාටද යන්න
ඕනේ?” මගෙන් තවත් කෙඳිරිල්ලක්. දැන් ඒ කෙඳිරිල්ල මටම වුණත් නෑහෙන තරම්ය.
“කලින් දවසක
ඔයා රින්ස්ලිත් එක්ක ගිය පොල් වත්තට යං.”
වෙන කෙනෙකු නං, වෙන වෙලාවක නම්, ඒ වචන ටිකෙන්ම අපි දෙන්නාගේ කතාන්දරය එවෙලේම ඉවර
වෙනවා සිකුරුය. රින්ස්ලි ගැනවත්- අප දෙන්නාගේ අතර ඇති වුණු දේවල් අකුරක් නෑර
දේමිත්ත දැන හිටීමවත් ගැන මට ඒ වෙලාවේ නොරිස්සුමක් ඇති වුණේ නැත. ඒ තරමටම දේමිත්ත
ගැන දැඩි ආශාවක් මගෙ හිතේ ඇති වෙලාය. එකිනෙකට පරස්පර හිතිවිලි දෙකක්... වඩා බලවත්
හැඟීම පෙරට ආවේය.
...
පොල් ගස් මණ්ඩියට කතා කරන්නට හැකි නම්... මහා වනචර, අතිශයින්
කාමුක, ශෘංගාරාත්මක කතන්දර ගොඩක් කියනවා ඇති! |
ඔහු නිහඬතාව නොබිඳිමින්ම මා අනුව එයි.
අපේ වත්තට
යාබද, ළමා නිවාස වත්තේ පොල් ගස් මණ්ඩියට කතා කරන්නට හැකි නම්... මහා වනචර, අතිශයින්
කාමුක, ශෘංගාරාත්මක කතන්දර ගොඩක් කියනවා ඇති! එතකොට නං මගේ සායම යැවෙනවා සිකුරුය.
මගේම වාසනාවට වගේ ‘එනමුදු එදවස් සඟවනු හැකිවෙය - ඉරට හඳට ඇළ දොළට කතා බැහැ’ ගීයෙන් කියනවා වගේම එතැන පොල් ගස්වලටත්,
තණකොළ බිස්සටත් කතා බැරිය.
අනෙක් අතට අද වෙද්දී ඒ
පොල් වත්ත අතුරුදහන්වී, ඒ බිම් කඩේ තට්ටු දෙක තුනේ මහා මන්දිර සමූහයක් ඉදි වෙලාය!
ඔහු ගැන මගේ හිතේ චිත්‍රණය කර ගෙන හිටි සිත්තම සාකල්‍යයෙන්ම නිවැරදි එකක් විණි. හේ අනංග යුද්ධයෙදී කාම දේවයා
පරයන්නෙකි!
දේමිත්ත ‘ඒ කලාවේ කෙළ පැමිණි රසවතෙකි!’. සමහර දෙනෙකුට තිබුණු හදිස්සිය; නොඉවසිල්ල;
කඩි කුලප්පුව කිසි විටෙකවත් ඒ හාදයාට තිබුණේ නැත.
ඇවිස්සෙන්නටත්; අවුස්සන්නටත් යකෙකු වුණු දේමිත්ත, කාම නිල ශාස්ත්‍රය පරතෙරටම හදාරා තිබුණු අයෙකු බඳුය.
මට හිතුණේ එහෙමය...
පහුගිය කොටස කියවද්දී ලියන්නට
ReplyDeleteහිතට ආව දේ බැරිවුණි කොටන්නට
කියත හැකිද නිදි මාමට "ගෙස"ක් කොට
රොමගෙ වාසනාව සිහිවුණෙ මොකද මට?
ගෙස් කරන්නෙ කොහොමෙයි ඔබ කිව්වාට
Deleteරොමා ගැන බොහෝ දේවල් මතක කොට
දෙන එක එඬරු තෙල් මසියල දෙන්නාට
තමයි මට මතක ඇත්තේ වැඩිමකොට
රොමා මතක අය මේ ලොව තවත් වෙත
Deleteකියවා හෙමින් ලිස්සා යන අය ද ඇත
ඔ්පන් ඇරයුමකි හැකිනම් කියව් මිත
කොහොමද පැටලෙන්නෙ ඒකට දේමිත්ත?
මං මේ කල්පනා කලේ මේ බ්ලොග් එකට ස්ත්‍රී පාර්ශවේ අය කොමෙන්ට් දාල තියෙනව මතක නෑනෙ කියල. නැත්තං ඉතිං කොසු පාරක් ශුවර්. හැක්..
ReplyDeleteබූමිතෙලේ පොඟවපු කොසු පාරක් නං මටත් දෙන්ඩැහැකි... 🦇🐍
Deleteඔහෙගෙ මොළේ භූමිතෙල් ද?
Deleteහා හා කට!
Deleteප්‍රසෝ, එක නෝනා කෙනෙක් නම් මේ blog එක දිගටම කියවනවා. නියම comments එහෙමත් කරනවා, නොවැරදීම!
ප්‍රසෝ,
Deleteපොල්කටු හැන්දෙ මිට වගේ
රූබර උඹේ ආදරේ...
සොදුරු මතක.....
ReplyDeleteඑහෙමයි ලලිත්!
Deleteමගේ අත්දැකීම අනුව නම්.... ඔය යාළු වචනය පාවිච්චි කරන්නෙ කංසා ගහන අය. අපි කංසා පාරක් ගහද්දිත් කස්ටිය අතරෙ නොදනිම කියවෙන වචනයක්.
ReplyDeleteලංකාවේ රිසර්ච් එකකින් හෙළි වෙලා තිබුණ නෙ... පෝය දවසෙ තමයි වැඩිම කාම අපරාධ වෙන්නෙ කියල. මිනිස්සුන්ට වගේම සත්තුන්ටත් සඳේ බලපෑම තියෙනව නෙ. නරි, වෘකයො, බල්ලො හඳ දවසට උඩු බුරන්නෙ.
සඳු හෝරාව හැම සුබ වැඩකටම හොඳයි කියලත් කියනව. ගොඩක් සුවිශේෂී අයගෙ රෑ පානේ සිදුවුණු මරණ දිහා බලපුහාමත්... මට හිතෙන්නේ ඒ දවස් බොහෝ විට පුන්සද දවසක් හෝ ඒ ලඟම දවසක්. සොබාදහම ගත්තොත් ඉතීම් වඩදිය බාදිය ඇතිවීමට ප්‍රධාන වෙන්නෙ හඳනෙ. සිද්ධාර්තයෝ බුදු උනෙත් පුරහඳ දවසක නෙ.
හදේ සීන් නම් මාත් අහල තියෙනවා
Deleteස්තුතියි නමී, නවීන් දෙන්නටම.
Deleteනමී, යාළු වචනය පාවිච්චි කළ දේමිත්ත ගංජාවලට හා ඊටත් වැඩි දේවලට සම්බන්ධ බව ඉස්සරහට ලියවෙයි. නමුත් කන්සා පාවිච්චි කරන තව අය වුණත් ඒ වචනය කියනවා මට notice වෙලා නෑ.
පාල ගැන කතාවක් තියනව නේද තව ගායකයෙක් සහ එයාගෙ මංගල රාත්‍රියට අදාලව?
ReplyDeleteඑහෙම එකක් මට අහන්න ලැබිල නැහැනේ Pra Jay මහත්තයෝ.
Deleteවූඩූ සහ ඩෙබ්යුටාන්ට් ලේඩීස් පර්ෆියුම් නේද?
ReplyDeleteඒ ගැන නම් මට දැනුමක් නැහැ මහත්තයෝ.
Delete"බාහිර පෙනුම ගැන බොහොමයක් කාන්තාවන් දරණ අගතිගාමී මති-මතාන්තරත් මීට දෙවෙනි නැත..." නිමල් කියන්න ගිය දේ කවුරුත් නොදන්න දෙයක්ම නෙවෙයිනෙ (ඩබල් නෙගටිව් ඇතුලු කරලා වාක්‍යය හැදුවා කෝකටත් පරිස්සමට).
ReplyDeleteබාහිර පෙනුම කියද්දි වෙන දෙයක් මතක් වුනා. ශරීරයේ හැඩය, සෞඛ්‍යසම්පන්න බව කොහොම වෙතත් හමේ පාට සුදු නම් ඉතින් හුඟ දෙනෙකුට එච්චර තමයි ඕනෙ. ඒකෙන් වෙන්නෙ සමහර අය (විශේෂයෙන්ම කාන්තාවන්) ජිම් එකේ ව්‍යායාම, යෝග, pilates මඟින් තමන්ගෙ ශරීරයේ හැඩය, ශක්තිමත්බව (toning) ඇතුලු හුඟක් දේ ලබාගන්න පුලුවන් බව නොතකා හැරීම.
ඉස්සර මිනිස්සු සංගීත සාජ්ජවලදී 'තව කියන්න / එළ / සුපිරි / තව එකක්' වගේ ප්‍රතිචාර දක්වන්න පාවිච්චි කළ තනි වචනෙකින් තමයි Lotus, අද ඔයාට උත්තර දෙන්න හිතුණේ.
Delete"ඇන්කෝර්!"
මම නම් ඔන්න සුදු නිසා නෙමෙයි කසාද බැන්දේ 😀 ඒ දවස් වල අපේ යුනි වල හිටි ගැහැණු ළමයි එක්ක කතා කරන්න දෙයක් තිබුනේ නැහැ. ගොඩක් අය පොතක් පතක් කියවපු අය නෙමෙයි , ඉගෙනීමට තියෙන පොත් ඇරුනහම
Deleteඅජිත් මාමෙ, සුදු කියන එක අපිට අවිඥානිකව බලපාන එකක් නිසා, ඒක බලපෑවා වෙන්න බැරි ද අපිටත් නොදැනිම🤔
Deleteපොත් කියවන කෙල්ලෙක් මේ කාලෙ නම් සෑහෙන අමාරු වෙයි හොයාගන්න...
Social media තමයි හැමෝම
වෙන්නත් පුළුවන්. අවිඥානිකව බලපාන්නේ කොහොමද කියලනම් මට තේරෙන්නේ නැහැ. මම හොඳ ලස්සන කළු කෙල්ලක් එක්ක යාලු වෙලා නම් නම් හිටිය, ඝානා වලින් ආපු. එයාට හදිසියේම යන්න වුනා තමන්ගේ රටට. ඕව ඔහොම තමයි. පොත් පත් කියවන කෙල්ලෝ ඕන තරම් ඉන්නවා. සොයන්නාට සම්බා වෙයි
Deleteහේ හේ මොනවා කියන්නද මන්දා...
ReplyDeleteමේවා කොහොමෙයි අප්ප තමන්ම ප්‍රසිද්ධියෙ කියන්නෙ නිදි මාමෙ.
මම කෙල්ලෙක් එක්ක යාලු උනත් ඒකත් කියන්නෙ නෑ.....
අදත් ඔන්න කාලෙකින් පෝස්ට් එකක් ලිව්වා... ඒකෙන් දානවද නැද්ද කියලා කල්පනා කරා සෑහෙන්න. පස්සෙ තීරණය කරා ඕනි නෑ කියල🙂
අපි එකේක්කෙනා එකේක විදිහයි නෙව නවීන්. හිතන්නේ, වැඩ කරන්නේ එකේක විදිහට.
DeleteCertificate truth💯
Deleteපාල ගැන කියුවහොත් ජෝතිය නැති වෙයිද?
ReplyDeleteඑහෙම වෙන්නේ කොහොමෙයි උදාර?
Deleteජීවන ජෝති සදාල ලොවේ / ආසිරි ගංගා ගලා දේ සුවේ, නෙව.
මම ඔය සමලිංගික කතා කියවල තියෙන්න අර සෙල්වදුරේගේ පොත විතරයි. ඒකෙත් මෙච්චර විස්තර තිබ්බ කියල මතක නැහැ.😀 ලංකාවේ දණ්ඩ නීතියේ යටතේ හිරේ දාන වරදක් කියල නම් (තවම) දන්නවා,
ReplyDeleteමාත් එහෙමයි ඕන්.9 වසරෙදි තමා ඒ පොත සෙට් වුනේ.
Deleteලංකාවෙ නීති නම් ඉතින් කතා කරල වැඩක් නෑ නෙහ්😂
අලුත් පොත් කොහොම වෙතත් ග්‍රීක දේව කතා කොච්චර තියෙනවද gay ඒවා ගැන කියන... සතුන් සමඟ රමණය කිරීම ගැනත්.
Deleteඅජිත්, සුගතපාල ද සිල්වා මහතාගේ 'පවර නිරීඳෙක් වීය බඹදත්' පොත කියවලා බලන්න හැකි නං.
ඔත්තුවට ස්තුතියි. ආපහු ආව වෙලාවක බලමු.
Deleteමේ අර කුණුහරප කවි කාරයා නේද. මුන්ගේ පවුල් වල උන් මේ කුණුහරප බලන්නේ නැද්ද දන්නේ නෑ
ReplyDeleteඔබෙ පළමු ප්‍රශ්නයට උත්තරය 'නෑ'.
Deleteඅපේ පව්ලේ ඉන්න වැඩිහිටියන් රට-ලෝකය ගැන දන්න උදවිය. මට රිසි දෙයක් ලියන්නටත්, ඔවුන්ට කැමති නං ඒවා ඉයවන්නටත් පුළුවන්. මටත් ඒ හැමෝටමත් ස්වාධීන ජීවිත තියෙනවා, අපි හැමෝම ඒ අයිතියට ගරු කරන අයයි, මහතාණෙනි!
නම හෙළි කරන්නට එඩිතරවී නැති නිසයි මහතාණෙනි කියලා පුරුෂ ලිංග ආමන්ත්‍රණයකින් කිව්වේ- ලිංගය වෙනස් නං එහෙම ඇමතීම ගැන සමා වෙන්න, හොඳේ.