අකුරු මැකී නෑ

Saturday, March 4, 2023

තිස් එකේදී... -පළමුවෙනි කොටස

‘සමහර විටෙක මට හමු වුණු සහකරුවෙකුට හොඳටම හිත බැඳුණු විටෙක මම නන්නත්තාර වීමි. මෙයා තමයි මගෙ soul mate යැයි සිතුවෙමි. ඊට කාලයකට පසු තවත් එවැන්නෙක් හමු වෙයි. නැවතත් මම අවුල් වෙමි. අර විදිහටම හිතෙයි. දීඝායු, අභී අයියා, සංජේ, දේමිත්ත හා පියසිරි වැන්නවුන් කීප දෙනෙකු අබියසදී මට සිද්ද වුණේ ඒකය.

නමුදු චපල වෙන තැනට කටයුතු යෙදුණු විට, මා මොනවා කරන්නද?

වැරැද්ද තියෙන්නේ එතැනය. මගේ චපලකමේය.

ඒ විත්තිය මට හිතෙන්නට පටන් ගත්තා විතරය...
අවුරුදු 5ක් සිරි ලංකාව පාලනය කළ, ආසියාවේත්; ලංකාවෙත් පළමු රාජ්‍ය පාලිකාව වුණු අනුලා රැජනවත් මං තරම් චපල නැත! නමුදු චපල වෙන තැනට කටයුතු යෙදුණු විට, මා මොනවා කරන්නද?
ඇත්තමයි යකෝ, උඹට තියෙන්නේ හොඳ දොස්තර කෙනෙක්ව අල්ලලා xයය කපල අයින් කරවලා xත්තක් හයි කරවගන්න. දැන් පිටරටවල එහෙම ඔපරේෂන් කෙරෙනවලු බට්ටො.

පියසිරි රති විරාමයකින් පස්සේ කීවේය.
ඔපරේෂන් එකක්...මමත් හූමිටි තිබ්බෙමි.
ඔව් xත්තෝ! අපේ office එකේ කට්ටියක් කතා වෙනකොට ඇහුණේ...පියසිරි උනන්දුවෙනි. කොහොම හරි එහෙම වැඩක් කරවගන්න පුළුවන් නං උඹට බේරිල්ලක් වෙන එකක් නං නෑ බට්ටො.පියසිරි කිව්වේ මහා ප්‍රශංසාවක් කරන විදිහටය.

ඒ කතාව මට දැනුණේ වැල්ලවත්ත රෙදි මෝලේ අයියා කෙනෙකු කී කතාවේම දිගුවක් විදිහටය.

සංජේගෙන් පස්සේ ආයෙම වතාවක් සැත්කම් යෝජනාව’ ඉදිරිපත් වුණේ එදාය. එහෙත් ඒ අදහස තවත් මාස කීපයකට එසේම යටපත් වෙලා ගියේය. එංගලන්තයට යනතුරු...

ඒ විස්තර වෙනමම ලිව්වාම වඩාත් හොඳය. ඒ හින්දාය- තිහේදී posts පෙළ මෙතැනින් අවසන් කර තිස් එකේදීපෝස්ටු කිහිපය පටන් ගන්නට යන්නේ෴0෴’

මං වහන්සේ ‘තිහේදී... 10’ වෙනි කොටස ලියා හමාර කෙරුවේ එහෙම කියමිනි. එහෙම ලියලා දැන් මාස තුනක්ම ගතවී අවසන්ය. ලියනකොට නම් මාස තුනක් කියන්නේ දිග කාලයකි. නමුත් දිගු ජීවිතයකට නම් එය ඉතා කෙටි කාලයකි. මගෙ ජීවිතයත් දිගු එකකි. 55න් යන්නට හිතාගෙන හිටි මට ‘වැරදි බෝනස්’ එකකුත් ලැබිණි. එයින් සිද්ද වුණු ලොකුම දෙය ‘මගේ ජීවිත කතාව’ හිතාදර පාඨක ඔබ හමුවේ නිරාවරණය කරන්නට ඉඩ පෑදීමයි.   

ඉතිං ඊට පස්සේ... ඒ කියන්නේ අම්මා ලියුමක් එව්වාට පස්සේ- ඒ විස්තරත් දැනටම ලියලා ඉවරය. ලිව්වේ මෙසේය:

මගේ දෛවය මගේ රිස්සටපෝස්ටුවෙන් මා ඒවා ලිව්වේ මීට අවුරුදු පහකට...
‘ඔන්න ඔය කාලෙදීම (1983) විතර එංගලන්තයේ ඉන්න අම්මාගෙන් මට ලියුමක් ආවා.

රංජි, ඩැඩා කියනවා ඔයාව නිවාඩුවකට එංගලන්තෙට ගෙන්න ගන්නලු. නෝනාට වුණා වගේ දෙයක් ඔයාට වෙන එකක් නෑ. දැන් ඔයාට වීසා ගන්න ලේසි වෙයි. දෙසැම්බර්වල‍ට මෙහෙ ඉන්න බලාගෙන එනවා නං ස්නෝ වැටෙනවා දකින්නත් පුළුවන්. නත්තලත් එනවනෙ. සමන්තිල දීපානිල එහෙමත් දැන් තියාම හරි සතුටෙන් ඉන්නේ ඔයා මේ නත්තලට මෙහෙ ඇවිත් ඉඳියි කියලා. ලාල් අයියා ඔයාටත් උදව් කරයි නේද එම්බසියට යන වැඩවලදී එහෙම, සමන්තිලට උදව් කළා වගේ.අම්මා කියා තිබිණි.

එතකොට මං තරුණ ජනගහණ කමිටුවේ ලේකම්ය. 1984 අවුරුද්දේ තජකයේ සභාපති වෙන්නට ඉන්නේ මං වහන්සේය. ඒ අවස්ථාව අත හරින්න නේද මේ කියන්නේ.

අම්මේ, ලබන අවුරුද්දේ මං Youth කමිටි එකේ චෙයාමන් වෙනවා.

එහෙම වුණාම කරන්න ලොකු වැඩ ගොඩක් දැනටමත් හිතේ තියෙනවා. ඒ චාන්ස් එක මඟ හැර ගන්න බෑ. මොකද යූත් එකේ තියෙන සිරිත නිසා. ඒකෙ වැඩ කෙරෙන විදිහට, මේ අවුරුද්දේ ලේකම් තමයි ලබන අවුරුද්දේ සභාපති වෙන එක්කෙනා. එක් කෙනෙක්ට ඒ නිලතල දරන්න පුළුවනිත් එක අවුරුද්දයි. ඉතිං ලබන අවුරුද්දේ ලංකාවේ නොහිටියොත් මට ඒ chance එක හම්බ වෙන්නැතුව යනවනේ...

එහෙම කියා උත්තර යැවුවද 1984 අවුරුද්ද පුරාමත් එංගලන්තයට එන්නැයි කියවෙන ලිපි වැලක්ම මට ලැබිණි. ඒවා ලියා තිබ්බේ සමන්ති, දීපාල් හා දීපානි තුන් දෙනාය. අම්මා හිතන්නට ඇත්තේ නංගිලාත්, බඩා මල්ලියාත් ‘අනේ ලොකූ, ඉක්මනට එන්නකෝ’යි කිව්වාම මගේ හිත මෝදු වෙතැයි කියලාය.
නිදිගෙ පංච තන්තරේ මුල්ම හරියේදී ඔබ ඒ විස්තර දැනගන්නට ඇත.
‘මගේ දෛවය මගේ රිස්සට’ පෝස්ටුවෙන් මා ඒවා ලිව්වේ මීට අවුරුදු පහකට පෙරාතුවය.

‘ඒ 1984. අපේ අම්මාටයි, ඩැඩාටයි ඕනේ වුණා මාව ඒ නත්තලට කලින් එංගලන්තයට ගෙන්නා ගන්න. මාත් කැමැත්තෙන් හිටියේ එතකොට හිම වැටෙනවා බලාගන්නත් පුළුවන් නිසා. ඔය විස්තරේ දන්න අනුර දවසක් මගේ අත බැලුවා.

"තරහ ගන්න එපා නිමල් මේක කියනවාට. ඔයාට ඔය ගමන යන්න වෙන්නේ තව මාස හයක් ගියාට පස්සේ." අනුර කීවා. එවෙලේම අපේ තවත් හිතවතෙක් වන අසෝක කපුරුගේටත් එයාගේ අයියා ගැන අනාවැකියක් කිව්වා, හඳහන බලලා. මොන කාරණාවක් නිසාද මන්දා, අනුරගේ ඒ අනාවැකි දෙකම තිතට හරි ගියා...’

මාරම සෙක්සි එකක්ලු. Film එක බලද්දී ඌට නිකම්ම බඩුත් ගිහිල්ලා...

මුල්ම දවස්වල ඔච්චර දේවල් කිව්වත්, මගේ එක පැත්තක් ගැන නං මොකුත්ම නොකියා තමයි මං හිටියේ. දැන් නං එහෙම බෑ. පස්සේ කියනවය කියල මොනවක්කත් කල් දාලා බෑ.

එහෙම කළොත් මාවත් අපේ ජනපෙතිතුමාගේ ගණනට වැටෙනවා. ඒ නිසා මෙන්න දැන්මම කියනවා.

1984 තමයි පද්මෙගෙයි මගෙයි සම්බන්දෙ ඇති වුණෙත්. ඊට කලින් අපි දෙන්නා අවුරුදු දෙක තුනක්ම මිතුරන් විදිහට හිටියා. ඒ කාලෙදී පද්මෙ ගැන විශේෂ සෙනෙහසක්- විශේෂ ඇල්මක් මට ඇතිවෙලා තිබ්බෙත් නෑ. එදා වෙනකලුත් එහෙමමයි, එයා ගැන මගේ හිත හිස්වයි තිබ්බේ.
එදාය කිව්වේ, අපේ තව යාළුවෙක් ‘Film එකක් බලන්න යමු’යි යෝජනාවක් ගෙනා දවස තෙක්...

“රංජි, සැවෝයි එකට මරු ෆිල්ම් එකක් දාලලු... යංද බලන්න?” ඒ හිතවතා ඇසුවේය.
“මොකක්ද ෆිල්ම් එක...”
එතකොටය, එයා ඒ චිත්‍රපටය ගැන විස්තරත් කිව්වේ. “අරූ ....ත් ඒක බලන්න ගිහිං. මාරම සෙක්සි එකක්ලු. Film එක බලද්දී ඌට නිකම්ම බඩුත් ගිහිල්ලා... අද හවස අපි දෙන්නත් යන්න හදන්නේ. පද්මෙටත් එන්න ඕනියි කියලයි තියෙන්නේ. ඔයත් එනවද?”

ඒ දවස්වල වඩාත් ජනප්‍රිය වුණු ඉංග්‍රීසි; Adults Only චිත්‍රපටයක් ගැනය ඒ කිව්වේ.
Internet නොතිබුණු, වීඩියෝ ඩෙක්ස් දුර්ලභ ඒ කාලයේ එවන් කාම දර්ශන අඩංගු චිත්‍රපට තරුණ පිරිසේ නොමඳ අවධානයට ලක් විණි. එහෙම චිත්‍රපට දෙකක් නං මටත් තවම මතකය.
Intimate Moments හා Lady Chatterley's Lover.

“යං!” දෙවරක් නොහිතාම මමත් එකඟ වීමි.
“එහෙනං රංජි ගෙදර යන ගමන් පද්මෙටත් කියනවද පණිවිඩේ... ඌට කියන්න, අපි මහරගම ජයරත්න එක ළඟදි හවසට හම්බ වෙමුයි කියලා...”

මං ඒ පණිවිඩය කිව්වාමය, පද්මෙගේ මූණ ‘නාලු’ වුණේ. “මොකෝ?”
“නෑ නිමල් අයියේ, මට එන්න විදිහක් නෑ.” පද්මෙ කිව්වේ පරාජිත ස්වරයෙනි.
“ඇයි, වෙන වැඩක් දාගෙනද ඉන්නේ?”
“මට මොන වැඩක්ද නිමල් අයියේ... මේ දවස්වල සිගරැට් එකක් බොන්නෙත් ඉඳහිට. ඒ තරමට හාඩප්...” වැඩි කතා නැති පද්මේ ඇත්තම කියූ නිසා, මට දුක හිතුණේය.

අවස්ථාවක් එළඹුණු විටය, මිනිසුන් නොසිතන දේවල්වලට පවා යොමු වෙන්නේ. (2023 පෙබරවාරි 26 වෙනිදා...)

“ඔන්න පද්මෙ, ආඩම්බරකමට බෑ කියන්න බෑ. අද ඔයාට බස් එකටයි, ෆිල්ම් එකේ ටිකට් එකටයි සල්ලි මගෙන්. හවස මං එනකොට ලැහැස්ති වෙලා ඉන්න. හරිනේ එහෙනං.” පද්මෙට ඤං-පචං කියන්නට ඉඩක් නොදීමය, මං එතැනින් නිකුත් වුණේ.

ඉතිං, අපි ඒ erotic ෆිලුම බලලා එදා ආපහු මහරගමට එනකොට රෑ දහයහමාර විතර වෙලාය. අනෙක් යහළුවෝ දෙන්නා මහරගම හන්දියේදී අපෙන් වෙන් වූහ. පද්මෙලා හිටියෙත් පමුණුව පාරෙමය. එයාලගෙ ගෙදරට හැරෙන තැනදී ‘මං යනවා පද්මෙ’යි කියාගෙන අඩිය ඉක්මන් කරන්නටය මං හැදුවේ.
හදිසියේ නින්දෙන් අවදි වුණා වගේ පද්මෙ එක සැරේම මගේ අතෙන් අල්ලා ගත්තේය.

“එහෙම තනියම මේ රෑ ඔයාට යන්න දෙන්න බෑ.”
“මීට වැඩිය රෑ වෙලත් මං මේ පාරේ ඕනි තරං ගිහිං තියෙනව පද්මෙ.”
“ඒ මං දන්නෙ නැ..ති..ව..නේ. යං... ම..මත් එනවා... ම්ම්මං ඔයාව ඇ.ර.ල.ව..ලා එන්නං.” පද්මේ වෙවුලන හඬින් කිව්වාමය, මට අමුත්තක් දැනුණේ.
ඒ කාමුක ෆිලුම බලද්දී මට දැනුණු ආවේගයන් ඔහුටත් ඇති වෙලාවත්ද... ඒ හැඟීම්වලින් පද්මෙත් ආතුර වෙලාවත්ද... උතුරා යන තාරුණ්‍යයෙන් සපිරි; නිරෝගී ඕනෑම කෙනෙකු මොහොතකට හෝ අසංවර කරවන්නට එවන් දසුන්වලට හැකියි නේද?

එතකොටය මං පළමුවෙනි වතාවට පද්මෙ දිහා නුහුරු ඇසකින් බැලුවේ; හිතන්නට පටන් ගත්තේ.

පද්මෙ කෙට්ටුය, එතරම් හැඩිදැඩි පාටකුත් නැත. කතාබහත් වැඩි සද්දෙන් නොවේ. අඩුම තරමින් පිරිසක් මැද්දේ ඉඳිද්දී කැපී පෙනෙන හාදයෙකුවත් නොවේ! ඒ හාදයා මට යන්තම්වත් කාමාශක්ත බවක් උපද්දවන පන්නයේ කෙනෙකු නොවේ!

අපේ ගෙවල් කිට්ටුවට එනතුරුම අප දෙන්නා අතරේ තිබ්බේ නිහැඬියාවකි. පාර අයිනේ රූස්ස මාර ගසක් යට අඳුරේදී, පද්මෙ ආයෙමත් මගේ අතින් අල්ලා ගත්තේය. අල්ලා ගෙන, මා ඔහු වෙතට ඇදගෙන සිප ගත්තේය; ඊළඟට කිසිම කලබලයකින් තොරව, එකම එක වචනයක් කියා අර නිහඬතාව බිඳ දැමුවේය. “ත..ර..හ..ද?”

මං තරහ ගන්නේ ඇයි?
අවස්ථාවක් එළඹුණු විටය, මිනිසුන් නොසිතන දේවල්වලට පවා යොමු වෙන්නේ.
අවස්ථාවන් විසිනි, මිනිසුන් වීරයන් කරවන්නේ; එසේම ඒවා මඟිනි; මිනිසුන් තිරිසනුන් කරවන්නෙත්...

මා එවෙලේ බොරු සුසිල්වත්කමක් හෝ බොරු නෑඹුල්කමක් හෝ මවා පෑවේ නැත!

පද්මෙ එතෙක් වේලා මොනවා හිතමින් ආවාදැයි මම නොදනිමි. එහෙත් එතැනට එනකල් මම නං හිතමින් ආවේ ‘මේ හාදයා කොතැනදී- කොහොම පටන් ගනීවිද?’ කියලාය. ඒ වලත්ත පරිකල්පනයන් නිසාමද කොහෙද, මාත් හිටියේ හොඳටම අවදි වුණු ඉඳුරන් එක්කය.

මා එවෙලේ පද්මෙට බොරු සුසිල්වත්කමක් හෝ බොරු නෑඹුල්කමක් හෝ මවා පෑවේ නැත. ඒ වෙනුවට මං කළේ, අඳුරේම පද්මෙගේ මුහුණට එබී; ඒ දිදුලන දෙනෙතට එබී ‘ම්හු’ යැයි කෙඳිරි ගෑම විතරය; එසේ කියන ගමන් ඔහුගේ දසරුවට තුරුල් වීමය.
ඉතිං, කිසිම ආධුනික බවක් හෝ කෝලකමක් හෝ නොපෙන්වා පද්මේත් මේ ලියන්නාව තදින් වැළඳ ගත්තේය. එවිටය, මට ඒ කෙසඟ; සාමාන්‍ය තරුණ සිරුරේ, ඇඳුම්වලින් සැඟවී තිබුණු ඔහුගේ දැඩි අංගජාතය ගිනි ගන්නා හැටි දැනුණේ.

යක්කු ගස් නඟින්නට ලැහැස්ති වෙන ඒ ජාමේ, ඒ ඉසව්වේ වෙනින් කවුරුන්වත් හිටියේ නැත. අප දෙන්නා අබලන් කම්බි වැටෙන් රිංගා ඒ පාලු වත්තට රිංගුවෙමු. ඉන් පසු සිදු වුණු දේ ලියන්නට ගියොත්, නිදිගෙ පංච තන්තරේ ‘ප්‍රංශ රස’ට එහා යන පොතක් වෙනු ඇත!

ඒ තරමටම, ඒ කැපී පෙනෙන්නේ නැති හාදයා ළඟ හැංගිලා තිබුණේ ‘විශේෂ’ අමුත්තකි. මට නම් එය හොඳටම දැනුණේය. එක මොහොතෙන්ම මම පද්මෙට ඇලුම් කරන්නට වීමි. මට දැනුණේ පද්මෙත් අතිශයින්ම තෘප්තිමත් වුණු බවයි. එහෙම නොවෙයි නම් පද්මෙ දෙවෙනි වතාවකටත් try කරන්නේ නැත.
“කමක් නෑ නේද? මහන්සිද...”
“ඔයාට ඕනි නං... ඒත් තව දවසකටත් ඉතිරි කර ගන්න වෙයි...” ඒ වචන නම් මගෙන් කියැවුණේ හොඳට හිතා-මතාය.

ඒ සිදුවීම් පෙළ ඇරඹුණු මොහොතේ සිටම මා පෙළූ අප්‍රසන්න සිතිවිල්ලක්ද විණි. ‘මෙච්චර කාලයකට පද්මෙට නොතිබුණු ආසාවක් අද ඇති වුණේ ඇයි? එයාලා කියන්නට පුරුදු වෙලා හිටි යෙදුමකින්ම කියනවා නම් ‘ෆිල්ම් එක බලලා ෆයර් වෙලා හිටි’ නිසාද? එහෙමත් නැතිනම්, ඔහු උදෙසා මුදලක් වියදම් කිරීම වෙනුවෙන් හිලව්වට කෙරෙන ගෙවීමක්ද මේ?’
පද්මෙ දෙවෙනි වතාවකටත් පිවිසීම තුළින්, මේ අවසානයට කියැවුණු ‘කළගුණ සැලකීමේ අදහස’ නිෂ්ප්‍රභවී යෑම මගේ ඉමහත් සතුටට හේතුවක් විණි.

පද්මෙගෙන් ඈත් වෙලා යන්නට බැරි ලොකුම ලොකු ලෝබකමක්මට දැනෙමින් තිබිණි.  

කෙළවරක් නැති සමරිසි සබඳතා වැලක පැටලෙමින් හිටියත්, ඒවායින් මගෙ හදවතේ ගැඹුරටම කා වැදුණේ කිහිපයක් පමණි. මෙයත් එවැන්නක් වුණේය.

“මං එංගලන්තෙට ගියාම ඔයාට මාව මතකත් නැති වෙයි, පද්මෙ.”
“මාස හයට? මාස හයටයිනෙ ඔයා රට යනවයි කිව්වෙ...”
“මාස හයක් කිව්වමත් කොච්චර දිග කාලයක්ද? අවුරුදු බාගයක්. දවස් එකසිය අසූතුනක්...”
“ඔය දවස් ටික ඉක්මනින් ගෙවිල යයි. අපේ තාත්තා රට යද්දී අපි හිතුවෙත් ඔයා වගේම තමයි. ඒත් ටික දවසකින්ම ඒකෙ ගාණක් නැතුව ගියා. අම්ම, අක්කල, නංගිල, මල්ලි ඔක්කොමලමත් ඔය යස අගේට තාත්ත නැතුව ඉන්නේ.” පද්මෙ කිව්වේය.

මේ විප්‍රයෝගයන් දිහා මං හැමදාමත් බැලුවේ විස්මයෙනි. නවකතාවල, කෙටි කතාවල, නාට්‍යවල හා චිත්‍රපටවල මෙවන් ඈත්වීම්වල නිමක් නැත. හැබෑ ආදර සම්බන්ධයක් ඇත්නම් ඒ විදිහට ඈත්වී සිටින්නට බැරි බවයි, මං හිතුවේ. (ඒ කාලයේ මට තිබුණු පටු චින්තන රටාව නිසා මට එහෙම හිතුණා වෙන්නැති!)

කොහොම නමුත් පද්මෙගෙන් ඈත් වෙලායන්නට නොහිතෙන ‘ලොකුම ලොකු ලෝබකමක් මට දැනෙමින් තිබිණි. ඒ තරමටම දැනුණු බැඳීමකි, ඔහු වෙනුවෙන් මගේ හිතේ නම් තිබුණේ.
“ඕක හරි යයි නිමල් අයියේ. පහුගිය මාස ගාණටම කී දවසද අපි දෙන්නා හම්බ වුණේ. මාසෙකට වතාවක්වත්...”
දෙයියනේ, එහෙනං පද්මේ ඒවාත් ගණන් තියාගෙන ඉඳලා!
“ඔයා රට යන මාස හයටත් නිමල් අයියේ, ඕනි නං හය වතාවක් අපි දෙන්නා හම්බ නොවී යයි. ඔයා ගිහිං ආපහු ආවම බැරියයි ඒ හිලව්ව පිරිමහගන්න.”

අදටත් මට පුදුමය. මගේ හිතේ කොතැනකවත් නොහිටි කෙනෙකි පද්මේ. අහම්බෙන් සමීප හිතවතුන් බවට පත් වුණත්, අපේ සබඳකම ඉතා දැඩි එකක් බවට පෙරළුණේ වේගයෙනි. එනමුදු අප අතර සමානකම්වලට වැඩියෙන් තිබ්බේත් අසමානකම්ය.

ලංකාවේ සිද්ද වෙන සේරම දේවල් විස්තර ඇතිව...

“හැබැයි මහත්තයෝ, ඔන්න දැන්මම කිව්වා, අඩුම තරමින් මාසයකට වතාවක්වත් ඔයා මට ලියුමක් එවන්න ඕනි!”

මං එහෙම කිව්වාම නං පද්මෙ ලජ්ජාවෙන් ඇකිළුණේය.
“ලියුං ලියන්න...? මම ලියන ඒවා මටවත් කියවගන්න බැහැ හලෝ! එහෙම නෙවෙයි. ඔයා මට ලියුම් එවන්න විස්තර කියලා. එහෙනෙ අලුතින් විස්තර තියෙන්නේ. මෙහෙ ඉතිං මොනව වෙන්නද අලුතෙන්...”

ලියුම් ලියන්නට පද්මේ පස්ස ගැහුවත්...
“නිමලෝ, උඹ චුට්ටක්වත් සැක හිතන්න එපා මචං. මම දිගටම උඹට ලියනවා.” ලංකාවේ සිද්ද වෙන සේරම දේවල් විස්තර ඇතිව, මට ලියන බවට මර්වින් බොතේජු හිතවතා නම් පොරොන්දුවක් දුන්නේය. ඒ තජකයේ හිතවතුන් පිරිස ඉදිරියේදීය. ඒකත් නිකම්ම නොවේ. මාව සතුන් වත්තට කැන්දාගෙන ගිහින්ය!

මර්වින්ට අමතරව අනුර ජිනදාස, අසෝක කපුරුගේ, ඩී.ඩී. පද්මසිරි, ගීතා ශ්‍රීමතී, ඉන්දිරා හෙට්ටිහේවා, නන්දනී හෙට්ටිආරච්චි හා සුනීතා කරුණාරත්න යන අය ඒ ගමනට එකතුවී සිටි බවය- මට මතක.

ඒ හිතවත්තු ඔවුන්ගේ වියදමෙන් මට දිවා භෝජන සංග්‍රහයක් පවත්වා, කමිසයකුත් තෑගි කළහ. (මෙහිදී ඉතා ආඩම්බරයෙන් රසික හිතවත් ඔබට පැවසිය යුතු කතාවක් මා සතුය. ඒ සුමිතුරන් අතුරෙන් දැන් ලංකාවේ නැත්තේ නන්දනී සොයුරිය පමණකි. අනෙක් සියලුම දෙනා තවමත් ඉඳහිට හෝ හමුවෙන මිතුරු-මිතුරියන්ය. ඒ අතරම කිව යුත්තේ ඒ සමහරුන් දැන් සීයලා ආච්චිලා වී තිබෙන බවය!)

ඒ අමරණීය මතකයන් දායාද කළ සහෘද සංග්‍රහය පැවැත්වුණේ, අපේ එංගලන්ත ගමනට වීසා ලැබෙන්නටත් කලින්ය; හරියටම දවසත් එක්කම කියනවා නම්- 1985 ජනවාරි 13 වෙනිදාය. අපේ යැයි බහු වචනයෙන් ලිව්වේ වැරදීමකින් හෙම නොවේ. වීසා අයැදුම් කළේ දෙදෙනෙකු වෙනුවෙන් නිසාය. අනෙකා වුණේ...

මේ ඊළඟ කොටස වෙත යමුයි කියන්නට හොඳම තැනකි. ඔන්න මං එහෙම කියලා...à

16 comments:

  1. යකඩෝ... තව එකක් පටං ඇරං.
    ඔහොම යං ඔහොම යං.

    ReplyDelete
    Replies
    1. තව එකක් නෙවෙය් ප්‍රසෝ! එකම තමා මේ යන්නෙ ....

      එක ජීවිත කතාවම තමයි කොටස්වලට කඩාගෙන ලියාගෙන ලියාගෙන යන්නෙ! තෑන්ක්ස් හොඳේ.

      Delete
  2. ලියුම් ලියන වැඩේනම් මටත් හරියන එකක් නෙවේ. කෙල්ලෙක්ට ලියුම් ලියන එක විභාග පාස් කරනවට වැඩිය අමාරුයි

    //Internet නොතිබුණු, වීඩියෝ ඩෙක්ස් දුර්ලභ ඒ කාලයේ එවන් කාම දර්ශන අඩංගු චිත්‍රපට// එකටත් එක්කලා දැන්. ඉක්කොලේ යන කොල්ලොන්ගෙන් අහගන්න පුලුහං වැඩිමනත් දේවල්

    ReplyDelete
    Replies
    1. නමී, මට හිතෙනව මෙහෙම දෙයක්, ලියුම් ලිවිල්ල ගැන. ව්ශේස කෙනෙක් වෙනුවෙන් හැඟීම්බර වෙලා නං ඉන්නේ- එතකොටත් ලියන්න අමාරු වෙනවද?
      අනෙක, මට නං කෙනෙකුට ලියුමක් ලියුමක් ලියනවා කියන්නේ ඒ කෙනා වෙනුවෙන් මගෙ හිතේ තියෙන ඉඩ ප්‍රකාශ කිරීමක්.

      දැන් කාලේ කොල්ලො කෙල්ලෝ අතේ මුළු ලෝකෙම තියෙනවනේ නමී!

      Delete
  3. මමත් ඔය ඒලෙවල් කරල ගෙදර හිටි දවස් වල සැවෝයි එකේ ඔය චිත්‍රපටිය බැලුවා. ඊයේ පෙරද බැලුව අලුත් 2022 ගහපු එකේ. නෙට්ෆ්ලික්ස් එකේ .තවමත් ඒ කතාව ට නිකන් හදවටැහැ කීං කීං ගානවා නේද? 😄.

    ReplyDelete
    Replies
    1. ඔයාට කියා දෙන්න ඕනි නැහැනේ අජිත් මහත්තයෝ 'ලේඩි චැටර්ලීස් ලවර්' පොත ගැන. සාහිත්‍ය ලෝකය හොල්ලපු නවකතාවක්නේ. කාමුක කතාවක් වුණත් එයින් මනුෂ්‍යත්වය හොඳට විවරණය කෙරෙන එක නිසා වෙන්නැති, ඒ ඇසුරෙන් කෙරෙන නිර්මාණ අපේ හිතට වදින්නේ. හිත කීං කීං ගාවන්නේ...

      Delete
  4. මාතා හාරි වගේ ෆිල්ම් එකකුත් ආවේ ඔය කාලෙ මං හිතන්නේ..

    ReplyDelete
    Replies
    1. ඒ කිට්ටුව තමයි, ලලිත්- මාතාහරි ෆිල්ම් එක ආවේ.

      ඒ කළේ මාලිගාවත්තේ රූබි hall එකටත් දිගටම දැම්මේ වැඩිහිටි චිත්‍රපටි. මට නම් එහාට යැවුණේම නැහැ. ඒ ෆිල්ම්ස් බොහොම අවර ගණයේ ඒවා වගෙයි කියැවුණේ.

      Delete
  5. අනුර ජිනදාසMarch 8, 2023 at 7:30 PM

    යකෝ හග් කරනවා කියන්නෙ අහවල් එක කරවගන්න හදන එකට නෙවෙයි!

    ReplyDelete
    Replies
    1. කවුරුවත් දැන් එහෙම කිව්වද අනුර මහත්තයෝ?

      Delete
  6. https://www.uofmhealth.org/conditions-treatments/transgender-services/gender-confirmation-surgery#:~:text=Male%2Dto%2Dfemale%20sex%20reassignment%20surgery&text=The%20testicles%20are%20removed%2C%20a,urethra%20is%20preserved%20and%20functional.

    ReplyDelete