දවස 2023 නොවැම්බර් 15 වෙනිදාය. වෙලාව හවස 7.20ය. ටෙලිෆෝනය නාද වෙන්නට පටන් ගත්තේය. එහා පැත්තෙන් කතා කළේ අපේ ගාමිණීය; මානෙල් නංගිගේ සැමියාය.
“ලොකා, දැන් ටිකකට ඉස්සෙල්ල අම්මා අන්තරා වුණා.”
දෙයියන්ගේ
පිහිට හම්බ වෙනවා නං මිනිස්සුන්ට ලෙඩ හැදෙනවද? අනෙක අම්මේ, pleasure කියන්නේ
සතුටට. ප්‍රෙෂර් තමයි... |
2022
සැප්තැම්බරයේය අපේ අම්මා එංගලන්ත රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරන ලද්දේ. ඒ වෙද්දී
අප සැමට හොරෙන් අම්මාගේ බඩවැලේ පිළිකාව සීඝ්‍රයෙන් පැතිරෙන්නට පටන්ගෙනය.
‘හැදෙනවා
නං හැදෙන්න ඕනේ නම්බුකාර; මහන්තත්ත ලෙඩය’ කියලය අපේ අම්මා විශ්වාස කළේ!
වරෙක අපේ අම්මාම සාඩම්බරයෙන් කියුවේ ‘දෙයියන්ගේ පිහිටෙන් මට ඩයබිටික්, ප්ලෙසර්, කොලෙස්ටරෝල්
සේරම තියෙනවා...’ යනුවෙනි.
“මොනවද අම්මේ ඔය කියන මොට්ට කතා?” කට වහගෙන ඉඳලා නොපුරුදු මට එතැනදී කියැවුණේ
නිකම්මය.
“මොට්ට කතාවක් වෙන්නේ කොහොමද රංජි. ඒ ලෙඩ මට තියෙනවනේ...”
“ඔව්,
ඔව්! දෙයියන්ගේ පිහිට හම්බ වෙනවා නං මිනිස්සුන්ට ලෙඩ හැදෙනවද? අනෙක අම්මේ,
pleasure කියන්නේ සතුටට. ප්‍රෙෂර් තමයි ලෙඩේට කියන නම.”
“ඔය ඉංග්‍රීසි අකුරක් එහාට මෙහාට වුණයි කියලා මට නං එංගලන්තෙදී කවදාවත් පාඩුවක්
වෙලා නෑ රංජි.” අම්මා එහෙම වෙලාවට කියන දිනුම් පදය ඒකය.
නමුදු,
දෙවියන් දුන් අර ලෙඩ ලැයිස්තුවට පිළිකාවත් එකතු කරගෙන ආඩම්බරයෙන් උදම් අනන්නට නම්
අපේ අම්මාට හැකියාවක් ලැබුණේ නැත. ඇයට පිළිකාවක් වැළඳී ඇති බව හෙළිදරව් වෙද්දී,
අම්මා ලෙඩ ඇඳටම සින්න වී උන්නු බැවිනි, ඒ.
‘ඔබලගෙ
අම්මා ගොඩක් දුර්වලයි. ඔපරේෂන් කරන්න පුළුවන් තත්ත්වෙකත් නෙවෙයි ඉන්නේ. ඒත්
කීමෝතෙරපි ට්‍රීට්මන්ට්ස් දෙන්න පුළුවන් ඔයාලගේ අම්මා කැමැත්ත දෙනවා නං. මිසිස් ශ්‍රෝඩර්ට
දැන් 85ක්නෙ...’ වෛද්‍යවරුන් පහදා දී තිබිණි. සමන්තිත්, මල්ලිකාත්, බිමලුත්,
අනිලුත්, මාත් මුහුණ පෑ අමාරුකම් හොඳින් දැනගෙන සිටි අම්මා පිළිකාවට ප්‍රතිකාර
කිරීම අවශ්‍ය නැතැයි තීරණය කළාය;
ඒත්, මඳ සුවයක් හෝ ලැබුණු විගස ලංකාවට ඇවිත් යන්නට ආසාවෙන් සිටින බවත් නොසඟවා
කීවාය.
“ඩොක්ටර්ස්ලා ok එක දෙයි අම්මා ටිකක් සනීප වෙච්ච ගමන්ම. එහෙම වුණොත් අපි අම්මව
ලංකාවට ගෙනියන්නං!” දීපාල්ලා අම්මාට දිගු කළ ‘පිදුරු ගහ’ නැව් කඹයක් වෙලාය. අම්මා
ලංකාවට පැමිණිය යුතු යැයි සිතා අර නැව් කඹයේ එල්ලිලාය. එයින්ම දිරි ලබා
පුනර්ජීවනයක් ලද්දාය. ඒ මාස හතක් වැනි කෙටි කාලයකදීය.
“ඩොක්ටර්ස්ලා
කිව්වට අම්මව ලංකාවට එක්ක යන්න පුළුවන්ද දීපාල්. Hounslow ගෙදර අජිත් අයියත් එක්ක
දිගටම ඉන්න දෙනවට වැඩිය හොඳයි, අම්මව අපේ ගෙදරට එක්ක එමු. මං අම්මට ඕනි විදිහට අපේ
ගෙදර කාමරයකුත් වෙනස් කරන්නං...” දීපානි යෝජනාකොට තිබිණි.
ෂෙහාන් විවාහ වී සිටින්නේ ප්‍රමෝද්‍යගෙ එකම නැඟණිය සිඟිති සමඟිනි. |
“ගණන් ගන්න එපා චූටි. ඔයා දරුවෝ පස් දෙනෙකුයි, සුදිතුයි බලා ගන්න එකම මදැයි. ඒක
වෙන්නැති අම්මා බැහැයි කිව්වේ.”
දීපානි
මෙන්ම අජිත් මල්ලීවත් සනසවන්නට දීපාල්ලට සිද්ද වෙලාය. “කොච්චර වුණත් අජිත් අයියේ,
අම්මා මානෙල් අක්කල ගෙදර ඉන්න එක වැඩිය හොඳයි. ලොකාත් එහාට නිතර එයි. අම්මටත්
හොඳයි පරණ දේවල් නිතර මතක් කරවන එක. නැතිව ඔය අම්මව බලා ගත්තේ නැතිව කියල නෙවෙයි.
හොඳේ.”
මාස ගණනාවක්ම හවුන්ස්ලෝ නිවසේ සද්ධි විහාරිකයෙකුව සිටිමින් අම්මාට ඇප-උපස්ථාන කළේ
අජිත් මල්ලීය. අන්තිමේදී අම්මාව ලංකාවට කැටුව එන යෝජනාව ඒකමතිකව සම්මත කෙරිණි. අප්‍රේල්
28 වෙනිදා අම්මාත් දීපාලුත් ලංකාවට පැමිණියහ. ඒ මානෙල් නංගිගේ නිවසටය.
ඒ එද්දී අම්මාට ආයාසයෙන් හෝ දෙපය නඟා ඇවිදින්නට පුළුවනිය. අමතක වීම් සිද්ද වුණෙත්
අඩුවෙන්ය.
දීපාල්
මැයි මාසය අවසානයේ තනිවම එංගලන්තයට ගියේය.
එතැන් සිට තොරතුරු ‘නිදිගෙ පංච තන්තරේ’ කියවන රසික රසිකාවියන් වෙනුවෙන් මා’තින් ලියැවිණි. ‘මවුනි, මා ඔබ රැවටුවා නොවේ!’ posts කීපයත් ඒ අතර වෙයි.
“දිගටම ලංකාවේ නැවතිලා ඉන්න නිසා අම්මගේ වීසා දික් කරගන්න වෙයි!” මම දීපාල්ට මතක් කළෙමි.
“ප්‍රමෝද්‍යයයි, ෂෙහානුයි මානෙල් අක්කලත් එක්ක ගිහින් ඒ වැඩේ කරලා දෙයි...” දීපාල්
එංගලන්තයේ සිට කිව්වේය.
“වැඩේ නං කෙරුණා
තමයි. හොඳ වෙලාවට ප්‍රමෝද්‍යයයි, ෂෙහානුයි එක්ක ගියේ.
කීප සැරේ එහාටයි- මෙහාටයි යන්න වුණා ලොකා. ඔක්කොටම හපන්- රෝද පුටුවේ ඉන්න අම්මව
උඩට එක්ක යන්න වුණාම. එහෙම රෝද පුටු අරන් යන්න පුළුවන් විදිහට නෙවෙයි ඒ බිල්ඩිම
හදල තියෙන්නේ. අන්තිමේ ෂෙහාන් අඳුරන ලොකු මහත්තයෙකුට කිව්වමයි වැඩේ ඉක්මන් කෙරුණේ.”
මානෙල් සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කළාය.
“අම්මව උස්සගෙන යන්න ප්‍රමෝද්‍ය හිටි නිසා හොඳයි. නැත්තන්...” ගාමිණීත් අත්වැල්
ඇල්ලුවේ සුසුම් ලමිනි. “අවුරුද්දක වීසා ගහන්න දහස් ගණනින් සල්ලි නං අය කළා, අඩු
නැතිවම-සර්විස් එක කොහොම වෙතත්...” (ප්‍රමෝද්‍ය අපේ
අනිල් මල්ලිගේ දෙවෙනි පුත්‍රයාය.
ෂෙහාන් විවාහ වී සිටින්නේ ප්‍රමෝද්‍යගේ එකම නැඟණිය සිඟිති සමඟිනි.)
අම්මාගේ වීසා
කාලය අවුරුද්දකට දික් කරවාගෙන තිබ්බත් ‘වසවර්ති මාරයා’ එය ගනිච්චියකට ගත්තේ නැත!
එදා; නොවැම්බර් 15 වෙනිදා හැන්දෑවේ ඒකා අපේ අම්මාව උගේ වසඟයට ගත්තේය.
ගාමිණීගෙන්
ඒ පණිවුඩය ලද සැණෙන් නෙවිල්ටත් ඒ බව දැනුම් දුන් මං වහන්සේ 7.30 වෙද්දී උන්නේ ත්‍රී
වීලරයක නැඟී කොට්ටාවට යමින් ගමන්ය.
බදුල්ලේ
ඉඳලා ඔහාට එන්න තරං සනීපෙකින් නෙවෙයිනේ මයෙ පුතා මාත් ඉන්නේ... ඒ හින්දමයි පුතේ
ලීලක්කව බලන්න අපේ දූලාව එව්වේ. (කලකට ඉහත- සෝමා පුංචි, ලොකු දූ අනෝමා මානෙල් හා ඥාතිවරියක්) |
“අපට ඉතිරි වෙලා තියෙන්නේ බලාගෙන ඉන්න විතරයිනේ මානෙල්. මම ඔයාට කතා කරන්නං රෑ වෙලා.”
සුමාන තුනක් තිස්සේම අපේ අම්මා හිටියේ බාගෙට මියැදිලා වගෙය.
නොවැම්බර්
3 වෙනිදා වෙන විට අම්මාට යමක් කැවීමට බැරිම තත්ත්වයකි උදාවී තිබ්බේ. දියර ආහාරයක්
පමණි, වදෙන්- පොරෙන් හරි අම්මාගේ උගුරෙන් පහළට ගියේ. ඒකත් උකු වැඩි නම් පෙවුණේ
නැති තරම්ය.
“මානෙල් දුවේ, දෙළුම් ඉස්ම ටිකක් පොවන්න...” දිනපතාම වීඩියෝ ඇමතුමකින් තොරතුරු
හොයා බලන සෝමා පුංචි
මානිට
කියා තිබිණි.
“අනේ රංජි පුතේ, බදුල්ලේ ඉඳලා ඔහාට එන්න තරං සනීපෙකින් නෙවෙයිනේ මයෙ පුතා මාත්
ඉන්නේ... ඒ හින්දමයි පුතේ ලීලක්කව බලන්න අපේ දූලාව එව්වේ. එහෙනං... හයිය හත්තිය
තිබ්බා නං මෙලහකටත් මම ලීලක්කා ළඟ. අනේ ලීලක්කා මෙදා සැරෙත් ආයෙම පණ ගහලා ආවොත්...”
සෝමා පුංචි මටත් කිව්වාය.
ඇය
කියූ ලෙසින් අපේ අම්මාට දෙළුම් යුෂ පෙවිල්ලත් යුද්ධයක් වුණේය.
“අම්මට
අපිව පේන්නෙත් නැහැ වගේ. හැබැයි අපි කියන
දේවල්වලට ඇහුම්කන් දෙනවා වගෙත් පේනවා. ඒත් අම්මට මොකුත්ම කියා ගන්න බැරි විදිහයි.”
අපේ මානිත්, දිසානායක පරම්පරාවේ අයිඩියානන්ද
ජාන
සහිතව උපන්නියක විත්තිය පහුවදා වෙද්දීම යළිත් තහවුරු විණි.
“ක්‍රමයක් හොයා ගත්තා! දැන් අම්මට බොන දෙයක් පොවන්න ලේසියි.” පෑන්වලට තීන්ත
පුරවන්නට පාවිච්චි කෙරෙන වර්ගයේ බටයක් හොයාගත් මානෙල් ඔකඳ වෙමින් කීවාය. “හැබැයි,
එහෙම පොවාගන්නත් පැයක් විතර යනව ලොකා.”
එංගලන්තයේ
සිටියත්, හැමදාම අම්මා ගැන තොරතුරු හොයන සමන්ති- දීපාල්- දීපානි තුන්දෙනාටත්
අලුත්ම තත්ත්වය දන්වා යැවිණි. ඒ 3 උදේය.
තුන්වෙනිදා හවස හය වෙද්දී Sam, දීපාල් දෙන්නා ලංකාව බලා ගමන් කරන ගුවන්
යානයකට නැඟලත් ඉවරය.
“අම්මා
සිහියෙන් ඉඳිද්දී Good bye කියන්නයි මට ඕනි. මැරුණට පස්සේ නෙවෙයි.”
“ඉතින් හරිනේ සෑම්!” දීපාල් අප කාටත් දිරි දෙමින්, එතැන වාතාවරණය සතුට දනවන්නක්
කරන්නට වෙර දැරුවේය. “We can be happy. දැන් අවුරුද්දකටත් වැඩිය we are doing our
best...”
සමන්තිත්,
දීපාලුත් දෙන්නාම හදිසියෙන් ලංකාවට එන්නට නිවාඩු ලබාගෙන තිබ්බේ අසීරුවෙනි. සෑම් අප
එක්ක පාද යාත්‍රාවේ යෙදෙන්නටත් දෙසතියක් නිවාඩු ගත්ත
නෙව!
මරණය
ජීවිතයේ ලොකුම පාඩුව නොවේ. ලොකුම පාඩුව නම් ජීවත්ව සිටියදීම අප ඇතුළතින් මිය
යාමයි! |
මම ඒක කිව්වම මගේ boss මොකක්ද දන්නවද මට කිව්වේ. ‘It’s my problem. Not your’s.’
එයා දන්නවා, වැඩ වැඩි වුණාම මං support කරන විදිහ. අනෙක ලොකූ, මගේ බොසුත් ලංකාවේ
එක්කෙනෙක්.”
“ෂා!
නියමයිනෙ Sam. ලංකාවේ එක්කෙනෙක්!” නෙවිල්ගෙන් කමෙන්ටුවක්. “මෙහෙ බොසාලා නං ඔහොම
කරයිද?”
“I have no idea about it නෙවිල් අයියේ. නමුත් අපේ බොස් දන්නවා මං වැඩ කරන විදිහ.
උවමනාම දෙයකට විතරයිනෙ මම නිවාඩු ගන්නෙත්. ඒ හින්දමයි බිම්ට අසනීප වෙච්ච වෙලාවේ මට මාස ගාණක්ම ලීව් approve කළෙත්.”
“Sam, ඔයා දන්නවද මම වැඩ කරද්දී අමතක නොකළ දේ? කොහේ වැඩ කළත් ඉස්සෙල්ලම එතැනට තමන්
නැතිව බැරි කෙනෙක් වෙන විදිහට- අවංකව රාජකාරි කරන්න ඕනි! එතකොට කවදාවත්ම තමන්ට
රස්සාවක් නැතිව යන්නෙත් නෑ. Demand කරන්නත් පුළුවන්කම ලැබෙනවා.” ඒ සාකච්ඡාවට මගෙන්
කෙරුණු සම්මාදමය ඒ.
නොවැම්බර්
තුන් වෙනිදා සිට මානිල ගෙදරදී අප අතරේ ඔවැනි කතාබහ ගොඩක් කෙරුණේය. ඒවා ගැන ලියන්නට
මගේ හිතේ තිබ්බේ නැත. ඒත් ඒ සේරම වෙනස් වෙන්නට කාරණ යෙදුණේය. කොච්චර බලගතු කාරණාද
කියනවා නං...
‘අපේ අම්මා පණ පිටින් ඉඳිද්දී කෙරෙන්න ඕනි යුතුකම් අපි උපරිමයෙන්ම කළා. ඒ මනුස්සයා
දැන් යන ලෝකෙකට ගිහින් ඉවරයි. ඉතිරි වෙලා තියෙන රොඩ්ඩත් ගවුරවයෙන් පොළොවට යට කරන්න
උඹලා අපිට දෙන්නැත්තං, තොපිම මිනිය තියාගනියව් කියලා මළගම අතෑරලා දමමුද?’ කියන
අදහසත් ඉස්මතු වුණේය.
‘අම්මගෙ
මිනිය බාර නොගෙන ඉන්න... පාංශුකූලේ නොදී ඉන්න!!!!!!!!!!!!!!!!!!!’
71 කැරැල්ල කාලේ, 89 භීෂණය කාලේ, ඊළාම් යුද්දය කාලේ දහස් ගණනින් එලොව ගියෙත් පාංශුකූලය
දෙන්නට ඉඩක් ඉතිරි කරල නෙවෙයිනෙ.
“ඔන්නොහෙ
මෙච්චර දවසක් ඉවසුවා වගේ තව එකම-එක දවසක් ඉවසල බලමු!” ප්‍රතියෝජනාව වැඩි ඡන්ද
ගණනාවක් ලබාගෙන සභා සම්මත වුණේය. ඒත් ඒ සිදුවීම් මාලාව අපේ රටේ නීතිය ක්‍රියා කරවන
ආයතන හා දෙපාර්තමේන්තුවල ‘මුග්ධ- අමනෝඥ- අකරුණාවන්ත ස්වභාවය’ මොනවට පැහැදිලි
කරවයි.
මෙවන්
දේ අත්විඳින්නට වෙන්නේ අපට පමණක්ද... අප මේ අසාධාරණකම් ඉවසන්නේ අපේ දීනකම නිසා
නේද...
නැතිනම් මෙවැනි දේවල් අත්විඳින උදවිය ඒවා ගැන ලෝකයට නොකියාම ඒවා දරා ගන්නවාද?
‘ඒ කතන්දරයේ සුලමුල ලිවීම’ ශ්‍රී ලංකාවේ තවත්
කිහිප දෙනෙකුට හෝ ප්‍රයෝජනවත් වෙතැයි... |
මටත්
ඒ කතාව ඇත්තක් යයි සිතිණි.
එබැවිනි, ‘තිස් එකේදී - 33 වෙනි කොටස’ ලිවීම තාවකාලිකව පසෙකට දමා, හද පාරවන මේ
විස්තර ලියන්නට ගත්තේ.
ඉතින්,
15 වෙනිදා රාත්‍රී 7.45 වෙද්දී මං හිටියේ මානෙල් නංගිලාගේ ගෙදරය.
උණු කඳුළු බෙදාගැනීම් කිහිපයක්... අම්මා ඒ මොකුත් නොදැක- නොදැන කාමරයේ සැතපී
හිඳියි. අසල්වැසි හේමමාලිත්, නිල්මිණිත් අම්මාට තනි රකිති. මගේ බර දරාගත් පුටුව
කිට්ටුවෙන්ම වාඩිගත් Sam බිඳුණු හඬින් විස්තර කියයි.
“හවස ඉඳලම
අම්මගෙ අතපය සීතල වෙලා තිබ්බේ. උගුරේ සෙම පැටලිලා වගෙයි පෙනුණෙ. අපි දෙන්නා අම්මව
ටිකක් කෙළින් කරවලා කොට්ටයක් තියන්නයි හැදුවේ. ඒත් ලොකූ...” Sam වචන හොයන බවක්
පෙන්නමින් කඳුළු වසංගයි. “සුදිත්ලගේ අක්කලත් ඇවිත් හිටියේ... එයාලා ෆෝන් එකෙන්
වීඩියෝ කර-කර ඒවා චූටි නංගිලට send කර-කර හිටියේ...”
“කෝ සමන්ති මානෙල් අක්කලා?”
“එයාලා මරණ සහතිකේ ගන්න වැඩවලට ගියා. පොලීසියටයි- ග්‍රාමසේවක මහත්තය ළඟටයි- කවුද
මන්දා රෙජිස්ට්‍රාර් කෙනෙක් ළඟටයි යන්න වෙනවයි කිව්වා. දීපාලුත් ඒ එක්කම ගියා.
දීපාල්නෙ අම්මගෙ භාරකාරය විදිහට sign කරලා තිබ්බේ. එයත් ගියා...”
“අන්න නෙවිල් අයියත්
එනවා.” යැයි කියූ කුමාර නෙවිල්ට පුටුවක් පෑවේය. පාලා, නෙවිල්ව ළඟින් වාඩි කරවා ගෙන
එතෙක් කතාව කිව්වේය. ඊට පස්සේ... නෙවිල් අයස්මන්ත මහතාට අංග සම්පූර්ණ වාර්තාවක්
දුන්නේය. එයා දෙතුන් දෙනෙකුට විතරකි, ආරංචිය කියා තිබ්බේ. එතැන සිට දුරකථන ඇමතුම්
ගලන්නට ගත්තේය; මට නොවේ. නෙවිල්ට.
“ඇයි හලෝ.
අන්තරා වුණේ තමුසෙලගෙ අම්මා. අහන තරමක් දෙනා විස්තර අහන්නේ මගෙන්නෙ...”
“කේන්ති ගන්න එපා නෙවිල් අයියේ. ඒ ගොල්ලෝ දන්නවා ලොකාව contact කර ගන්න බැරි
වෙලාවට කාටද කතා කරන්න ඕනි කියල. ඉන්නකො මම ඔයාලට කෝපි ටිකක් හදන්න.”
“මානෙලුයි,
දීපාලුයි ආවට පස්සේ තීරණය කරන්න වෙයි නේද මළගමේ කටයුතු කොහොමද- කවදද කෙරෙන්නේ
කියලා.” දැනුම්-තේරුම් ඇති කුමාර කතාව වෙනතකට හරවමින් කියයි.
ඇඟපත
රිදෙද්දී- ඔළුව උස්සාගෙන සිටින්නට බැරිව. වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම උකටලීව...
මුසුප්පුව... රෝගීව... |
අපි හිතාගෙන හිටියේ නං එක දවසක් විතරක් තියලා අවසන් කටයුතු කරන්න. දැන් පෙනෙන විදිහට
නං හෙටම අවමංගල කටයතු කරන්න බැරි වෙයි.”
“අනේ ඔව්
ලොකා. බදුල්ලේ ඉඳලත් කට්ටිය එන්නයි හදන්නේ. Funeral එක කවදටද කියලා අහ-අහ ඉන්නේ.
මම සෝමා පුංචිට කිව්වා තීරණේ ගත්ත ගමන්ම එයාට කියන්නං කියලා.”
“ඉන්නකො Sam,
මං දීපාල්ට call කරලා බලන්න, තවම නැත්තේ මොකද කියලා. දැනටමත් දහයයි. රෑ තිස්සේ ඔය
වැඩ කෙරෙන එකක් නෑනෙ.” නෙවිල් ෆෝන් එකේ බොත්තම් ඔබන අතරේය, කියන්නේ.
මේ post එක කියවන
ඔබ සැමගෙන් මා සමාව ඉල්ලා සිටිය යුතුය.
මෙතැන සිට එදා රාත්තිරියේ සිදුවුණු දේවල් අනුපිළිවෙලින් නොවේ ලියවෙන්නේ. ඒවා විමසා
පෙළ ගස්වා ගන්නට සිටියදීය ‘වැඩේ දෙල් වුණේ’.
හත්දොහේ දානය ඉවර වෙනවාත් එක්කම මට ඇස් ලෙඩ බෝ වෙලාය. මගෙන් තවත් අයට රෝගය බෝ
වෙන්නට ඉඩ දිය යුතු නැත. එයට ඉඩ තියෙන බවත් නොතකා හිතවත් නෙවිලුත්, අයස්මන්තත්
බෙහෙත් රැගෙන ගෙදරටම ආවෝහ.
මම විහින්ම නිවාස අඩස්සියට වැටුණෙමි. දවස් පහක්ම ගත විණි.
ඒ දවස් පහ
ගෙවෙනකොට- වෛරස් උණ මාව වැළඳ ගන්නට සැදී-පැහැදී ඉඳලාය. තව සතියක් ඇඳේ. නිකම්මත්
නොවේ. ඇඟපත රිදෙද්දී- ඔළුව උස්සාගෙන සිටින්නට බැරිව. පණක් කියලා දෙයක් නැතිව!
වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම උකටලීව... මුසුප්පුව... රෝගීව...
“නිමල් අයියා කීමෝතෙරපි ගනිද්දීනේ මේ හුටපට වුණේ. ඒකෙන් ඔයාගේ ඉමියුන් සිස්ටම් එක
බැහැලා තියෙන අතරේ තමයි ඔයා වැඩියෙන් විෂබීජවලට expose වෙන්න ඇත්තේ. වැඩියෙන්
මහන්සි වෙවී- proper නින්දකුත් නැතිව හිටි නිමල් අයියා ඔයින් බේරුණා ඇති!”
අවසානයේදී දොස්තර හිතවතුන්ගෙන් කාරුණිකව කියැවුණේ එහෙමය.
“ඒත් Xත්තො, අපි කියන දේ අහලා තව සුමාන දෙක-තුනක්වත් පරෙස්සං වෙයන්- පිස්සු කෙළින්නැතිව!”
ඒ අස්සේ 26
වෙනි ඉරිදා පාන්දර සිට මගේ කොම්පියුටරයේ hard disk එක ‘ගිහින්’ය. කේයස් කිවිඳු
‘සුදෝ සුදු’ පොතේදී ‘විපතට විපත එක් වුණු තැන මහ විපත’ යනුවෙන් කියූ කියමන ඇස්
පනාපිටම සිද්ද වීමකි ඒ. එයින් වුණේ තියාගෙන හිටි සටහන් සේරම වඩබා මුඛයට යාමය!
ඉතින්, එදා-
15 වෙනිදා රෑ (මානෙල්ලා නිතර ප්‍රතිකාර ගන්නා) වෛද්‍යවරුන් දෙදෙනෙක්ම ‘අපේ අම්මා
ස්වභාවික මරණයකට පත්ව සිටිතැයි’ සහතික කරන්නට බැරි බව කියා තිබිණි. අම්මාව බලන්නට
කිහිප වරක්ම ගම්පහ සිට පැමිණි ඥාති වෛද්‍යවරියක ඒ මැදියම් රැයේම අවුදින්- ඒ
කටයුත්ත කර දෙන්නට සැරසෙද්දී, එය නැවැත්තුවේ නෙවිල්ය.
යන්තං
ඇති. ඉවරයි වෙන්නැති! |
ඊළඟට පොලිසිය
නින්දෙන් අවදි කරවා ගන්නට හැකි වුණේත් ‘ලොකු තැන් හා සබඳතා ඇති හිතවතෙකු’ ලවා
දුරකථන ඇමතුමක් දීමෙනි. ලංකාවේ වැඩ කෙරෙන හැටි ගැන මනා අවබෝධයක් සහිත දීපාල්ගේ ඒ
හිතවතා එයින් නොනැවතී පොලිසියටත් පැමිණ- රාත්‍රී දෙක වෙනතුරු අප හා රැඳී සිටියේය!!
ඒ නිසාම විය යුතුය,
පොලිස් නිලදරුවෙකු රාත්‍රී 12.30ට මානෙල් නංගිලාගෙ ගෙදරට එක්කගෙන එන්නට ඉඩ ලැබුණේත්.
ඒ නිලධාරියාත් ඒ කටයුතුවලට නවකයෙකු බවයි පෙනුණේ. එහෙත් ඔහු උනන්දුවෙන් රාජකාරියේ
යෙදුණේය.
විස්තර විමසනු ලැබිණි; වෛද්‍ය වාර්තා සියල්ල පිරික්සා බලනු ලැබිණි; මළ සිරුරේ
තැලුම් පහරවල්- සීරීම් හෝ තුවාල ආදිය තිබෙතැයි කියාත් විමසා බැලිණි; Fotos පවා ගැනුණි!!!
‘Body එක ගෙනියන්න
දැන් මල් ශාලාවට එන්න කියන්න.’
වෙලාව රාත්‍රී දෙකය. අපි සැනසුම් සුසුම් හෙළුවෙමු. යන්තං ඇති. ඉවරයි වෙන්නැති.
‘හෙට උදේට මරණ සහතිකේ වැඩ ටික කර ගන්න පොලිසියට එන්න.’
නොවැම්බර් 16 වෙනිදා පාන්දර හයාමාරට ගෙදර පැමිණි මම fb එකට පණිවිඩයක් දැමුවෙමි.
"ඊයේ (15 වෙනිදා) රාත්රියේ අම්මා අන්තරා වුණා. අවසන් කටයුතු තීරණය කරන්නට වෙන්නේ අද දහවල්.
කරුණාකර ඒ විස්තර දැනගන්නට නම් අද (16) දහවල් 12න් පසුව ......... අංකයට කතා කරන්න.
ස්තුතියි!
-නිමල් දිසානායක”
උදේ
අටහමාරට මං වහන්සේ ආපහු මානිලගේ ගෙදරට යද්දී ‘ඔක්කොම කණපිට’ හැරිලාය!
“හරි
වැඩේනෙ ලොකා. අම්මගෙ මිනිය මල් ශාලාවේ ඉඳලා ආපහු කළුබෝවිල ඉස්පිරිතාලේ මෝචරියට
ගෙනියන්න ඕනිලු! මරණ පරීක්ෂණ කතාවකුත් කියවුණා...”
ඉතිං...
ඉපදෙන විටදි කොයි කවුරුත් දැන නොදැන
ReplyDeleteඅරගෙන එනව බැල්මක් මාරය මවන
සැරසෙන ජීවිතේ දුකටම නතු කරන
විඳවන හිතක් නොරිදා යන එක වටින...
දුක්බර අතීතයක්. නිවන් සුව එතුමියට පමා වී හෝ..
ජයවේවා !!!
.
ස්තුතියි දුමී, කවියට පැතුම්බර
Deleteමරණය පොදුය, නැත කිසිවෙක් වී අමර
එදහම නොදත් අය පෑවත් ගති සූර
මරු ආ විටදි ඒ සෙල්ලම් වෙයි ඉවර!
මෙහෙ පහසුවෙන් කරගන්න පුලුවන් දේවල් හුඟක්ම සිමීතයි.
ReplyDelete(පාලර් එකට යන පාර හොයාගන්න එක ඇතුලුව)
Pra Jay මහත්තයලට පාලර් එක හොයා ගන්න අමාරු වෙලා වගෙයි.
Deleteපිළිකා රෝගියෙකි නිමලුත් ඔහුගේ අම්මා මෙන්ම
ReplyDeleteමල්ලි අජිතුත් බෝතලේ බී මහපාරේ කුණු වෙන්න
දුක්කිත පවුලකි මේ අය ලංකාවේ කරුමෙට ඉන්න
මරුවා රැගෙන යයි නිමලුත් ලගදීම අයියෝ ඔන්න
ලෙඩවිම හා මිය යෑම මෙලොව උපන්න සෑම දෙනෙකුටම නොවරදීම ලැබෙන දෙයක්. ඒවුනාට කෙනෙකුට මරණය පතන්න තරම් ඉහත කොමෙන්ටුව කොටපු ඔබ කොතරම් පහත් තත්වයකද ඉන්නේ. මනුස්සයන් වශයෙන් අපි සතෙකුටවත් මරණය පතන්නේ නැත. අනුන්ගේ නමින් පෙනි සිටිමින් පහත්පෙලේ මන්ද මානසික වැඩනොකර ඉන්න. ඔබට යහපතක්ම සිදුවේවා...
Deleteඅජිත් ධර්මකුමාර මහතාටයි මේ පැතුම.
Deleteස්වස්ති සිද්ධම්!
ඔබතුමන්ගේ අවංක අදහස නොපැකිල ඉදිරිපත් කිරීම වෙනුවෙන් මගේ ප්‍රණාමය පිළිගනු මැනවි, Ano මහතාණෙනි.
Deleteඉපදෙන තරං ලේසි නෑ වගේ මැරිල පොළොවට පස් වෙන්නෙ.
ReplyDeleteලේසි? ලංකාවේදී?
Deleteමෙහෙදී හැම දේම ලේසි වෙන්නේ ලොක්කන්ටයි එයාලව දන්න කියන උදවියටයි තමා ප්‍රසෝ!
ලංකාවේ මනුස්ස ජීවිත වලට ලැබෙන වටිනාකම අවම බවයි මට හැඟුනේ. ආණ්ඩුවේ රෝහල්වල සහ පොලීසියේදී අගතියට පත් නැති-බැරි මනුස්ස පරාණ වලට ලැබෙන සැලකිල්ල ගැන අහන්න ලැබුන කතා නිසයි එහෙම හිතුනේ. එහෙම තියෙද්දී, සියවසකට ආසන්නව නෑ-සිය ඇප උපස්ථාන මැද ජීවත් වූ අම්මාගේ වියෝවීම ගැන, පොලෝසියේ උනන්දුව ප්‍රශ්ණාත්මකයි.
ReplyDelete//ආණ්ඩුවේ රෝහල්වල සහ පොලීසියේදී අගතියට පත් නැති-බැරි මනුස්ස පරාණ වලට ලැබෙන සැලකිල්ල ගැන අහන්න ලැබුන කතා//
Deleteඔව් බස්සා මහත්තයෝ, සෑහෙන්න උදව් තිබියදී අපටත් මෙහෙම වුණා නං අසරණ දුප්පත් කෙනෙකුට?
කොපමණ කාලයක් කුමන තත්ත්වයක ජීවත් උනත් දරුවෙකුට අම්මා නම් අම්මාමය. මාගේ කණගාටුව!
ReplyDeleteගොඩක් ස්තුතියි Litseeker!
Deleteචෙර්නෝබල් වෙත ගිය ගමන
ReplyDeleteයූක්‍රයීනයේ චෙර්නෝබල් ව්‍යසනයෙන් වසර කීපයකට පසුව චෙර්නෝබල් වෙත යාමට මම සාෂා රේෂී සමග කථා කර ගත්තෙමි. සාෂාට රේෂී කියා කිවේ ඔහුගේ හිසකේ රන් පැහැති නිසාය. මේ කාලය වන විටද චෙර්නෝබල් නගරය විකිරණ අවධානම නිසා පැවතියේ තහනම් නගරයක් ලෙසටය. ග්‍රාමීය මාර්ග හරහා චෙර්නෝබල් වෙත ලඟා විය හැකි බව සාෂා රේෂී මට කීවේය. සාෂා සතුව පැරණි වොල්ගා රථයක් තිබූ අතර ඔහු මීට ප්‍රථම චෙර්නෝබල් නගරය ආසන්නයට ගොස් තිබුනේය. තරුණ මදය නිසා අවදානම් වැඩ කිරීමට යන සාෂා රේෂී මටම ගැලපෙන මිතුරෙකු විය.
ෂිතොමීර් නගරය හරහා නෝවෙයි සෝකොල් නගරයට අවතීර්ණව පැරණි ග්‍රාමීය පාරවල් ඔස්සේ චෙර්නෝබල් වෙත ලඟා විය හැකි බව සාෂා කීවේය. මෙම අවදානම් චාරිකාවට පෙර අයඩීන් පෙති ගැනීමටද අප ගිවිස ගත්තෙමු. එහෙත් සාෂාටත් මටත් යාමට ලැබුනේ ෂිතොමීර් දක්වා පමණි. චෙර්නෝබල් නගරයට යන මාර්ග සියල්ලම යුද හමුදාව මගින් අවහිර කොට තිබෙන බව අපට ෂිතොමීර් වලදී දැන ගැනීමට ලැබුණි. මේ නිසා අප චාරිකාව නවතා දමා සාෂා රේෂී ගේ නිවසට ආවෙමු.
කෙසේ නමුත් චෙර්නෝබල් ආසන්නයට ගිය නිසාදෝ මගේ වෘෂණ කෝෂ ඉන් පසුව නිතරම ඉදමීමට පටන් ගත්තේය. ඉන් පසු මාව පරික්‍ෂා කල ලිංගික ගැටළු පිලිබඳ මහාචාර්‍ය ගර්දේගා මගේ පුරුෂ ග්‍රන්ථීන් ඉවත් කල යුතු බව කීවේය. මේ නිසා මම ඉතා වේදනාකාරී ශල්‍යකර්මයකට මුහුණ දුන්නෙමි.
එසේම මාගේ හිසකෙස් සියල්ලමද හැලී ගියේය. පාද වල වේදනාවක්ද තිබේ.
- අජිත් ධර්මකීර්ති -
මරණයත් ජරමර ගොඩක් උනා නේද
ReplyDeleteමම විජේබාහු
ඔව් විජේබාහු මහත්තයෝ, ඒ නිසාමයි මේ posts දෙකක් ලියවෙන්නේ.
Deleteඒ සිදුවීම් ඇත්තටම හද පාරවනවා තමයි. හැමෝම එකතු වෙලා අම්මව බලාගත්ත සතුට ඒ හැමදේමටම වඩා ඉහලින්නෙ.
ReplyDeleteමේ තරම්ම නැතත් ලෝකෙ දියුනු රටවලත් ඔය වගේ red tapes තියෙනවා. කොහොමත් රාජ්‍ය අංශයේ වැඩ තරමක උදාසීන ගතියකින්නෙ කෙරෙන්නෙ.
රාජ්‍ය සේවය 100%ක්ම නිවැරදි හෝ කාර්යක්ෂම හෝ වෙන්න ඕනයි කියල මාත් බලාපොරොත්තු වෙන්නේ නෑ.
Deleteඒත් Lotus මේ තරම් හිංසාකාරී හා කිසිදු තර්කනයකට නොවැටෙන තරම් රස්තියාදුකාර දෙයක් වුණාම? එයාලා වැටුප් ලබන්නේ ඒ රාජකාරි කරනවට නේද?
“ඔය ඉංග්‍රීසි අකුරක් එහාට මෙහාට වුණයි කියලා මට නං එංගලන්තෙදී කවදාවත් පාඩුවක් වෙලා නෑ රංජි.”
ReplyDeleteඒක නම් ඇත්ත. අකුරක් එහා මෙහා වෙලා කියලා අපි කාටවත් පාඩු වෙලා නැතුව ඇති. ඒ වගේම එහෙම වැරදීම් වෙලා යම් අපහසුතාවයකට මූණ දෙන්න වුනොත්, ඒකත් gracefully ගන්න කාලයක් යද්දි හුරු වෙනවා.
මම කියන්නේ, ඕනෑම කෙනෙක් ඉගෙන ගන්නටත්- හැකිතාක් නිරවුල්ව සන්නිවේදනය කරන්නටත් තරමක හෝ උනන්දුවක් දැක්විය යුතුය කියලයි.
Deleteඉංග්‍රීසිවලට අම්මාගේ තිබුණු නොසැලකිල්ල නිසා ලොකු කරදරයක් නොවුණු එක වාසනාවක්.
ඒත් පොඩි සිද්දියක් විතරක් කියන්නම්. (Lotus, මේක මම කලින් ලිව්වා වගෙත් මතකයි.)
වතාවක් අම්ම ලංකාවට එද්දී අසනීප වගයකට බෙහෙත් අරගෙනයි ආවේ. කොහොමද ඒවා ගන්න තියෙන්නේ කියල බලද්දි...
Four times a day කියන එකද කොහෙද අම්මා තේරුම් අරගෙන තිබ්බේ ඒක සැරේකට පෙති හතරක් ගන්න කියලයි!
මට තවම හරි හැටි තේරුනේ නැහැ මොකද්ද වුනේ කියල. මරණ සහතිකය ගන්න අමාරු බවයි තේරුනේ. වෙනත් රටක වැසියෙක් නම් ඒක අමාරුයි කියල මමත් දන්නවා. මොකද ඒ රටවල නීතිය බලවත් නිසා. කොහොමත් නිදි ඔය කට්ටියම අම්මව හොඳින් රැක බල ගත්තනේ. එනිසා සතුටු වෙන්න.
ReplyDeleteඅජිත් මහත්තයෝ, බ්‍රිටිෂ් හයි කමිෂන් එකෙන් කෙරෙන්නට ඕනෑ අවසර දීම්, මරණය පිළිගැනීම් සේරම වරුවක් ඇතුලත කෙරුනා. එහෙම වෙලත් ලංකාවේ ආයතනවලින් හිතාමතා කෙරුණු පමාකිරීම් ගැනයි මේ ලියන්නේ.
DeleteSorry to hear that
Deleteඅජිත්, මට හැගෙන විදිහට වැදගත්ම කාරණය ඊළඟ කොටසේදී ලියන්නන්.
Deleteඇත්ත. අර කුමාර මහතා කිව් විදිහට පුලුපුලුවන් අය ලියන්න ඕන, හඬ නගන්න ඕන... මේ විසම ක්‍රමේට එරෙහිව!
ReplyDeleteඇයට සුබ ගමන් පතනව 🙏
කුමාර ඒ පැත්තේ ජනමත නායකයෙක්!
Deleteස්තුතියි නමී.
මරණය ජීවිතයේ ලොකුම පාඩුව නොවේ. ලොකුම පාඩුව නම් ජීවත්ව සිටියදීම අප ඇතුළතින් මිය යාමයි! ඒක නම් හිතට වැදුනා
ReplyDeleteඔය බණේ අපි හැමෝගෙම හිතට වැදෙනවා නං ඉවාන් ලෝකේ කොච්චර අරුත්බර තැනක් වෙයිද?
Deleteඉවාන්, රට ගියාට පස්සේ ඔයාට නං ලියන්න වැඩි වෙලාවක් ලැබෙනවා වගෙයි. මරු!
❤❤
ReplyDeleteස්තුතියි!
Deleteඅදයි කියවන්න හම්බ වුනේ:
ReplyDelete'මැරෙන එකත් පණ යන වැඩක්'
https://www.praja.lk/life/%e0%b6%b8%e0%b7%90%e0%b6%bb%e0%b7%99%e0%b6%b1-%e0%b6%91%e0%b6%9a%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b4%e0%b6%ab-%e0%b6%ba%e0%b6%b1-%e0%b7%80%e0%b7%90%e0%b6%a9%e0%b6%9a%e0%b7%8a/