‘කිසිම කෙනෙකුට එකම ගඟකට දෙවරක් බැසීමට නොහැකිය’ කියලා ‘මහා දාර්ශනික’ කියමනක් තිබෙයි.
ඒක එහෙම වෙන්නේ හේතු ගොඩාරියක් නිසාලු. ඕනෑම සතෙකු ගත වෙන මොහොතක් මොහොතක් පාසා
සිතින්- ගතින් වෙනසකට බඳුන් වේල. ගංගාවකුත් එහෙමය කියලාය කියැවෙන්නේ. එකම ජල කඳක්
ලෙසින් අපට පෙනුණත් ගංගාවක පහළට ගලන්නේත් වෙනස් වුණු ජල අංශු එහෙමයි කියලනෙ කියන්නේ...
හැම වතාවේම අපි පාද
යාත්තරාවේ යන්නේ එකම route එකකය. ඔකඳ දේවාලය අසල... |
“දැන් හතර පාරක්ම ගිය එකේ, මොන එහෙකටද හලෝ අපි ආයෙත් පාද යාත්‍රාවේ යන්නෙ?” නෙවිල්
ඇහුවේය.
“එක වතාවක්වත් සිරීපාදේ නොගිය මිනිහයි, එක වතාවකට වඩා සිරීපාදේ ගිය මිනිහයි දෙන්නම
මෝඩයෝ කියනවා වගේ කතාවක් පාද යාත්‍රාවේ යන අය ගැනත් කියනවද දන්නෑ.”
වෙන
කෙනෙකු එහෙම ඔහොම ප්‍රශ්නයක් ඇහුවා නම් මං දෙන්නේ ‘මෙහෙම යන්නේ කසනවට වෙන්නැති’
වගේ නසරානි උත්තරයකි. ඒ වෙලාවේ ඒ මනුස්සයාට එහෙම අන්දොස් උත්තර දීම හොඳ නැතැයි
කියලාය, මට හිතුණේ.
දවස් කිහිපයක් තිස්සේ නෙවිල් හවසට හවසට ඇවිදින්ය, ඔහොම මාව shopping එක්කගෙන ගියේ.
ඒ අස්සෙම අපේ අම්මාව බලන්නට කොට්ටාවේ මානෙල් නංගිලාගේ දිහාවෙත් මං වහන්සේව එක්කං
යන ගමන්මය...
හැබැයි,
නෙවිල් ඇහූ පුරස්නය දිගටම; හීන් සීරුවේම වුණත්, වැඩි- වැඩියෙන් මගෙ හිතේ වැඩ
කරන්නට ගත්තේය.
හැම
වතාවේම අපි පාද යාත්තරාවේ යන්නේ එකම route එකකය. ඔකඳ දේවාලය අසල ‘කුමන වනෝද්‍යාන
දොරටුව’ ළඟින් පටන් අරං- කුමන, යාල block 1 හා බ්ලොක් 2 වනෝද්‍යාන 3ක් හරහාය, එහෙම
යන්නේ....
පළමු දවසේ උදේ පාතරාසය ගන්නට බාගුරේ කලපුවට... ඊළඟට කුමන කුරුලු විල්ලුව හරහා මඩමේතොටට... අපෙත්, පා ගමනේ යෙදෙන වැඩි දෙනෙකුගේත් ගමනේ පළමු night park එක එතැනය... දෙවෙනි දවසේ හිමිදිරියෙන් පිටත්වෙන අපේ ඉලක්කය ‘ළිං තුන’යි. ඒ දෙවෙනි රාත්‍රිය එතැන ගත කරන්නටයි. තුන්වෙනි දවසේ හවස් වෙන්නට කලින් ‘වරහන’ට යන්නටය try එක. පහුවදා උදෙන් පිටත් වුණාම කටගමුව පිවිසුමෙන් යාල වනෝද්‍යානයෙන් එළියට ඇවිත්, කොච්චිපතාන හරහා කතරගමට. ඒ වැඩි දෙනෙකුගේ targetsය.
ඔච්චර
නෙව... කිලෝ මීටර් සීයක් විතර දුරක් වුණාට ගමන ඔච්චරය. ඒක එහෙම නං අපි ආයෙ-ආයෙත්
පණ කඩාගෙන, නැහීගෙන, ‘ඉක පුරාගෙන’ අතිදුෂ්කර ප්‍රයාමයක යෙදෙන්නේ ඇයි? කාටවත්
පෙනෙන්නද- කාටවත් කියන්නද?
හැබැයි-
එක මිනිහෙකුට, එකම ගඟකට දෙවරක් බහින්නට බැරිවා වගේම, එකම කෙනෙකුට එකම පාරක් දිගේ
වුණත් එකම විදිහට දෙවතාවක් මේ ගමන යන්නට බැරිය!
නෙවිල් අරහෙම ප්‍රශ්නයක් අහන්නට ඇත්තේ, ඒ හාදයා දේව භක්තිකයෙක් නොවෙන හින්දාය. මං
වහන්සේ ඒ ප්‍රශ්නයට උත්තර හොයන්නේ මාත් ‘එච්චර බැතිමතෙක්’ නොවෙන හින්දා වෙන්නැතිය.
ප්‍රත්‍යක්‍ෂයෙන්ම කියන්නට; පහදා දෙන්නට නොහැකි දේවල් ලෝකය පුරා කොතරම් තිබේද?
අප වැනි සමහර දෙනෙක් ආයෙ-ආයෙත් පාද යාත්‍රාවේ යෙදෙන්නේ අප එකේක්කෙනාට සුවිශේෂ වෙන
එවන් එකේක හේතු තිබෙන හින්දා විය යුතුය.
ඒ නිසා ‘වන+චර ලෝලීහු
අවුරුද්දකට වරක් විතරක් ලැබෙන මේ ‘පොට්ට chance’ එකෙන්... |
ඒකත් නොමිලයේමය. අනෙක් හැම දවසකම ඒවාට ඇතුළු වීමට මුදල් ගෙවිය යුතුය. එහෙම කරලාත්
යත හැක්කේ වාහනයකය. Park එකක් තුළදී ඒ වාහනයෙන් එළියට බහින්නට අවසරයකුත් නැත!
ඒ
නිසා ‘වන+චර ලෝලීහු අවුරුද්දකට වරක් විතරක් ලැබෙන මේ ‘පොට්ට chance’ එකෙන් උපරිම පළ ලබති’ කියලාය මට හිතෙන්නේ.
“මේ වතාවේ පාද යාත්‍රාවේ
වන්දනාකාරයන් 60,000ක් ඒවි කියලයි නිමල් අයියේ, අපි ගණන් හදාගෙන තියෙන්නේ.” වනජීවී
නිලදරුවෙකුගේ මතයයි, ඒ. ඉස්සර මේ සංඛ්‍යාව
මීට වඩා ගොඩාරියක් වෙනස්ය. 2019
වසරේ පාද යාත්‍රාවේ යෙදී තිබුණේ 27,630 දෙනෙකි.
මෙවර
අපේ නඩයේ යන්නට නියමිතව හිටියේ නව දෙනෙකි.
ඒ අතරින් තුන් දෙනෙක් හොඳම බැතිමත්තු වෙති. ඒ අයස්මන්ත පීරිස්, මර්වින් බොතේජු හා ජී.කේ.
ප්‍රියන්ත තිදෙනායි. නෙවිල් අනුරසිරි, තමිර හර්ෂක, පසිඳු බණ්ඩාර හා නමී එකේක
තරමින් විතණ්ඩවාදීන් බව මගේ හැඟීමයි. මාත් වැටෙන්නේ ඒ ගොඩටමය.
නව
වෙනියා; අපේ නංගී- (සමන්ති පද්මිණි දිසානායක; එංගලන්තයට ගියාට පස්සේ Sam) කොච්චර
දුරකට දෙයියන් අදහනවාදැයි මං දන්නේ නැත. එයාත් මේ ගමනට එකතු වුණේ අහම්බෙනි.
දැන් අපේ අම්මා ලංකාවට එක්කගෙන ඇවිත් තියෙන නිසා එංගලන්තයේ ඉන්න නංගිලා- මල්ලිලා
එක්ක දිනපතාම අපට කතා කෙරෙයි. එහෙම කතාබහකදීය, සෑම් පාද යාත්‍රාව ගැන මගෙන්
දැනගත්තේ. “මාත් එන්නද ලොකූ?”
“අනේ
Sam, මට විතරක් තීරණේ කරන්න බැහැනෙ. පීරිස් මහත්තයලගෙනුත් අහලා කියන්නං...” යැයි
උත්තර දීලා, මං සමන්ති නංගි ගැන අපේ මෙහෙයුම් කමිටුවට කිව්වෙමි. ‘ඔයාලා නංගි
විතරයිනෙ ගෑනු කෙනෙකුට...’ / ‘එතකොට කිලෝ මීටර් සීයක් ඇවිදින එක...’ අතුරු ප්‍රශ්න
කීපයක්...
“...අපේ
නඩේ එකම ගෑනු කෙනා එයා වෙන එක සෑම්ට නං ප්‍රශ්නයක් නෑ. ඔන්න නෙවිල් සාක්කි! Sam
බඳින්න කලින්ම වුණත් ප්‍රියන්තලා නෙවිල්ලා අපි එක්ක සිංහරාජේ ගියා... ගෑනි අපි
ඇහැරෙන්නත් කලින් නැඟිටලා ලැහැස්ති වෙලත් ඉවරයි.
ඇවිදින එකට නං එයා අපිට වැඩිය fit. ලන්ඩන් මැරතන් එකත්
දුවනවනෙ අවුරුදු විසි ගාණක් තිස්සෙම. ඔයාල දන්නවද-
සමන්ති හැමදාම උදේ වැඩට යන්නෙ පැය දෙකක දුරක් ඇවිදගෙන. හවසට වැඩ ඉවර වෙලා ගෙදර
එන්නෙත් වාහනේක නෙවෙයි; දුවගෙන....”
“නිදි, post එකක් ලියනවද, ගමන ගැන.” නමී ඇහුවේ...
(මේ වතාවේ අපේ නඩේ: පසිඳු, අයස්මන්ත, නෙවිල්, සෑම්, නමී, ප්‍රියන්ත, නිදි හා තමීර) |
“එහෙනං මම නිවාඩු ඉල්ලනවා, ලොකූ.” සමන්ති කිව්වාය.
“මේ ළඟම ඔයා තව trips දෙකකට නිවාඩු ගත්තා නේද Sam? ඉතිං..?”
“Don’t වොරි ලොකූ. මට නිවාඩු දෙන්න බැහැයි කිව්වොත් I quit the job.”
“මේ
ගමනක් නිසා Barclays Bank එකේ ඔච්චර හොඳ රස්සාවක් අතාරින්න...?”
“අපේ boss දන්නවනෙ මම වැඩ කරන විදිහ. They need me. එයාල කැමති වෙන්නෑ, මම අස්
වෙනවට. එහෙම කිව්වම මට නිවාඩු දෙයි...” සමන්ති කළේ අනුමානයකි. එයාගේ අනුමානය
නිවැරදිය. දවස් කිහිපයක් නිවාඩු ලැබී තිබුණෙන් Sam 2023 ජුනි අටවෙනිදා දවල් ලංකාවට
ආවාය.
මෙවර
පාද යාත්‍රාව ඇරඹුණේ ජුනි 12 වෙනිදාය.
“නිදි,
මේ වතාවෙත් post එකක් ලියනවද, ගමන ගැන.” නමී ඇහුවේ, එක එක්කෙනාට උස්සාගෙන යන්නට
හාල්- තුනපහ බෙදා වෙන් කර ගන්නට අපේ ගෙදරට පැමිණි වේලාවේය.
“මම දැන් ගොඩක් විස්තර ලියලනෙ තියෙන්නේ. මේ සැරේ ඔයා ලියන්න.” ඒ වෙලාවේ ‘හා’ කියූ
නමියා ගමන නිමාවී එන අතරේ ඒ අදහසට ‘ඤැඃ බැඃ’ කිව්වේය. ‘ඤං පචං’ ගෑවේය. “ලියන්න හිත
නෑ නිදි.” කියමින් තාවර වුණේය.
ජුනි
16 වෙනිදා රෑ ගෙදර ඇවිත්- නාලා ඇඳට වැටුණාටත් පස්සේ මට කල්පනා වුණේ ‘එකම කෙනෙකුට
එකම ගඟකට දෙවරක් බහින්නට බැරි විත්තිය’ කොච්චර ඇත්තක්ද කියලාය.
‘පස්වෙනි සැරේ ගමනේදී සිද්ද වෙච්ච දේවල් කොයි තරමක් අලුත්ද? වෙනස්ද?
කලින් හතර වතාවේදී ගෑනු කෙනෙකුට අලියෙක් ගහලා මැරුණද?
අඩි පහමාරේ මනුස්සයෙකුටත් එගොඩ වෙන්න බැරි තරමට පොත්තන කලපුවේ වතුර පිරිලා තිබ්බද?
දරා ගන්න බැරි තරමටම අව් රශ්මිය තිබ්බද?
-ඒ
එපා නිදි, ගමන ගිහිං ඉවර වෙලත් තමුසෙගෙ කකුල් දෙකේ තඩිස්සිය මේ වගේ නොබැහ තිබ්බද
මීට කලින්.’
කල්පනා
කළාම post එකක්- දෙකක් ලියන්නට දේවල් තියෙනව වගෙයිනෙ. තව දවස් කීපෙකින් වස්ගමු
trip එකකුත් යන්න තියෙන නිසා- ‘නිදිගෙ පංච තන්තරේ කියවන ආදරණීය ඔයාලටත් මේ ගමන ගැන
උණු-උණුවේ කියනවා’යි සිතුවෙමි... ‘ඒක ඉක්මනින් ලියතෑකි’ කියලා හිතත් හදා ගත්තෙමි.
“ඔයාට
ලියන්න ඕනි වුණාට ලොකූ, කකුල් දෙක උඩකින් තියාගෙන ඉන්න වෙයි. If not ඔයාගේ කකුල් දෙකේ
ඉදිමුම බහින එකක් නෑ ඉක්මනට...” සමන්ති කියයි. කකුල් දෙකට ඕනෑ හැටියට මට ඉන්නට
බැරිය. මට ඕනෑ හැටියට කකුල් දෙක හිටිය යුතුය. බැරිම වුණොත් නං හීං සීරුවේ ‘කටේ
සවුදම’ නවත්තා ගන්නෙමි.
කරන වැඩේ හරියටම කරන්න! |
“පිස්සුද
හලෝ. ඔහෙලගෙ ඇඳුම්වලට අමතරව කිලෝ අටක් විතර බරක් එක්කෙනෙකුට ගෙනියන්න වෙයි. මගෙ
ඒවා මම ගෙනියන්නං. බැරිම වුණොත් එව්ව විතරක් නෙවෙයි, මාවත් තමුසෙලටම තමයි උස්සගෙන
ගෙනියන්න වෙන්නෙ ඔන්න.”
“මේ, මේ. ඒවා තියා ගන්න එපා. තමුසෙ මේ සැරෙත් කිලෝ දහයක් දොළහක් විතර බර පාද යාත්‍රාවේ
ගිහිං එනකොටත් ආපහු ගෙනෙන්නද බඩු ගත්තේ?” එතකොට නෙවිලුත් මැදට පැන්නේය. “මෙච්චර
බඩු තියෙන්නේ...”
“ඔව්,
ඔව්. මෙයා අලුතින් කවුරු හරි set වෙච්ච ගමන් අපිව අමතක කරලා, එයාලත් එක්ක ප්‍රේමෙන් වෙළිලා
උයල කන්න දෙන්නත් එක්කනේ මචං, අපි බඩු උස්සන් යන්න ඕනි.”
අයස්මන්තත් පෝර දායි.
“ඒකට
කමක් නෑ. මේ සැරේ ඔයාට බඩු මල්ලක් නොබෙදා ඉන්නයි මං හදන්නේ... වේලායුධෙත් අරගෙන
නේද යන්නෙ...” මං කිව්වේ එච්චරය. හිතේ නම් නොකියූ තවත් කාරණා තිබ්බේය.
(කොළඹ සිට ඔකඳ දක්වා යන වාහනයට බරපැන දරන්නේ අයස්මන්තයි. කතරගම සිට ආපහු ගමනට යන
වාහනයටත් එහෙමමය. කතරගමට ආවාට පස්සේ නවාතැන් ගන්නා තැනටත්- ආහාරපානවලටත් වියදම
එයාගෙන්මය. ඒවා සේරටම තනියෙන්ම කර ගසන අයස්මන්ත අපට ඒ ගැන කට හොල්ලන්නටවත් ඉඩ
දෙන්නේ නැත. ඒ එක පැත්තකි.
අනෙක් පැත්තෙන් මේ වතාවේ අයස්මන්ත බරැති, අඩි හයක් විතර දිග තඹ වේලායුධයකුත්
දරාගෙනය ගමන යන්නට හදන්නේ. (ගිය වතාවේ ගමන කෙලවර කතරගම මහ දේවාලයේ තැබූ පූජාවෙන්
පස්සේ, ප්‍රධාන කපු මහත්වරුන්ගෙන් ලැබුණු තිළිණයකි, ඒ. එයාලා දෙතුන් දෙනෙකුගේත්,
එයාලගේ ඥාතීන් කිහිප දෙනෙකුගේමත් ඇස් operations කිහිපයක්ම කර තිබෙන්නේ අපේ
සුමිතුරු අක්ෂි ශල්‍ය වෛද්‍ය විශේෂඥතුමන්ය.)
“එහෙම
බෑ නිමා කොලුවෝ... මාත් එක මල්ලක් උස්සං යන්නං.” අයස්මන්ත මහතා එතකොට කිව්වේය.
ඒ එයා පිළිගන්නා දහම අනුව වෙන්නට ඇති. ‘කරන වැඩේ හරියටම කරන්න... ඒකෙන් හම්බ වෙන ප්‍රතිඵලය ගැන හිතන්න එපා.’ හම්බන්තොට රෝහලේ අක්ෂි වෛද්‍ය සායනය පුළුල් කෙරුණු දා එයා කිව්වේ එහෙමය.
ඉස්කෝලේදී ඉගෙන
ගත්තු දේවල් මතකයට නංවාගෙන... |
එයා එහෙම කිව්වාට, මං වහන්සේ වැඩ කරන්නේ මට ‘හරි’ යැයි
‘සාධාරණ’ යැයි කියලා හිතෙන විදිහටය.
“ හරි! පීරිස්ටත් මල්ලක් දාමුකො
එහෙනං. එතකොට මේ සාස්පාන්- ජෝගු- ළිප- පිහි එහෙම තියෙන මල්ල ආපහු එනකල්ම චුට්ටක්වත්
බර අඩු නොවෙන එකනෙ. මේකත් එකකට ගණිමු නේද...” (දහ අවුරුද්දක් තිස්සෙම අප පාවිච්චි
කරන්නේ අපේ අයිඩියානන්ද සුනිල් දිසානායක මලයා හදලා දුන් හුරුබුහුටි ළිප හා හිරමණයයි.)
“ඕනි
නෑ හලෝ. ඒක අපි තවලමේ ගෙනියමු. නේද තමීර.”
“ඔව් නෙවිල් අයියේ. මෙහෙදී කොච්චර බෙදුවත් මඟදි තවලමටනෙ සේරම බර වැටෙන්නේ.” තමිරත්
ඉඳහිට මාව අවුස්සයි.
“ඇයි, ගිය
වතාවේ බඩු මලු ගෙනියන්න හොඳම ක්‍රමේ තවලමය කියල කිව්වාම තමුසෙලා
සේරම මට හිනා වුණා නේද?”
අපේ
කට්ටිය තවලම කියල කියන්නට ගත්තේ ‘දිග ලීයකට බඩු මලු ගණනාවක් අමුණා දෙදෙනෙක් ලීයේ
දෙකෙළවරින් උස්සාගෙන යන ක්‍රමය’ටය. එහෙම කරද්දී ගත්තු foto කෑල්ලක් ‘හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස’ට යෙදුවෙමි.
මේ වතාවෙත් තවලමට බඩු පටවා ගනිද්දී, එයාලා ඉස්කෝලේදී
ඉගෙන ගත්තු දේවල් මතකයට නංවාගෙන තිබ්බේ නැත.
“යක්ෂයිනේ... ලීයට පටවන මලුවල අඬු කොටටම හිටින්න ගැට ගහ
ගන්නවලා. ලීයත් දිග එකක් නං බර අඩුවෙන් දැනෙන්නේ. ඉස්කෝලේදී ඉගෙන ගත්ත දේවල්
තමුසෙලා එදා-එදා ජීවිතේදී පාවිච්චියට ගන්නැද්ද?”
“ඕක තමයි නිදි ඔයාගේ තියෙන වැරැද්ද.” නමී රහසෙන් වගේ මට කියන්නේ එතකොටය.
“මගෙ වැරැද්ද ‘හරි ක්‍රමය පෙන්නලා දුන්නු එක’ද?”
“නෑ නෑ නිදි. මං කිව්වේ ඔයා බැනලා කියපු විදිහ ගැන.”
“ඉතිං මිනිහෝ, මම කාටද බැන්නේ? මම උඹ, බං, බොලං වගේ වචනයක්වත් කිව්වද?”
නමී වචන හොයයි. “ඔය දැන් මට මිනිහෝ කිව්වේ. ඒ tone එක බැනිල්ලක් නෙවෙයිද? කියන
දෙයක් හෙමින් කියන්න එපැයි, සැර බාල කරලා.”
“අනේ නමී. ඒක නං මගෙන් කෙරෙයි කියලා මං හිතන්නේ නෑ.
කියන්නේ හරි දේ නං මට එච්චර තොත්ත-තොත්තා ඉන්න ඕනිත් නෑ... මගෙ විදිහ ඒකයි. කියන
දේ කෙලින්ම; තදින්ම කියන්නේ නැත්තං මම මමම නෙවෙයි වගෙනෙ මට දැනෙන්නෙ!”
මං හිතන්නේ ඒ විදිහටය. වැඩ කරන්නෙත් ඒ හිතන විදිහටය. සාධාරණ යැයි හැඟෙන ප්‍රතිපත්තියක
එල්ලීගෙන ඉන්නටත්- ඒ වෙනුවෙන් පෙනී හිටින්නටත්; සටන් වදින්නටත් නිමල් දිසානායක
පුරුදු වී සිටියි.
කඩුලු කතන්දර කියන්නේ
හරියට කන්න දුන්නේ නෑ කියලා... |
“උස්සල බලන්න දෙයක් නෑ සෑම්. හැම එකක්ම එක බරයි. ඔයාලගේ ලොකු අයියගේ තරාදියේ තමයි
වැරද්දක් තිබ්බොත්...” මර්විනුත් ඉඟියක් කරමින් කියයි. “නිමලෝ, අපි දැන් තරාදියත්
අරගෙනද යන්නෙ...”
“පිස්සුවටයැ?”
“ඇයි යකෝ, උඹ කිව්ව නේද මේ මලුවලට එළවලුයි- අල ළූණු පොල් එහෙමයි එකතු වෙනවය කියලා.
ඉතිං ඒවා බෙදනකොට කොහොමද හරියටම...”
“ගමන පිටත් වෙන්න කලින් අන්තිම මොහොතේ නෙවිලුත් එක්ක ගිහිං, ඒවාත් ගෙනැත් මේවට
බෙදල දානවා, මර්වින්.”
“මේ නිමල් අයියේ.
දෙනවා මට ගන්න තියෙන ඉතුරු බඩුවල ලැයිස්තුව. මං ඒක අසංගට යවන්නං හම්බන්තොටින් අරං තියන්න
කියලා. එකොළොස්වෙනිදා හවස කුමන entrance එක ළඟට ගියාම බෙදා ගනිමු.”
“එහෙම?”
“බලපංකො මචං, මේ Xකෝරිස්ගේ කතාව. අසංග ඒ වැඩේ හරියටම කරලා තියයි නිමල් අයියේ... කියනවා
හොඳ හිතින් ඔය ලැයිස්තුව...”
ලියාගෙන තිබුණු
ලැයිස්තුව මම පීරිස්ට දුන්නෙමි.
‘පොල් ගෙඩි 8 / අර්තාපල් කිලෝ 2 / බී ළූණු කිලෝ 4 / තක්කාලි කිලෝ 2 / කැරට් 500 /
පොඩි ගෝවා ගෙඩියයි / චව් චව් හෝ කැකිරි කිලෝවක් / බීට්රූට් 500’
“මෙතනත් කිලෝ විස්සක්
විතර තියෙනවනේ...”
“ගෙනියන බඩු වැඩියි කියන තමුසෙලම නේද මට කඩුලු කතන්දර කියන්නේ හරියට කන්න දුන්නේ
නෑ කියලා.”
“හරි හරි... මම ඉල්ලන
වෙලාවට කිරි තේයි, කෝපියි නොදී හිටියොත් බලමුකෝ, මෙච්චර ගොඩක් ගෙනිහිල්ලත්...- මේ
සැරේ තමයි මම එකෙක්ව බාවන්නේ!”
à ඊළඟ
කොටසට...
මේක නම් දිගටම බලන්න ඕන, කලින් එකත් බැලුව නේ. කියවන අපිට අනුකම්පා කරලා,අතුරු කතා අඩු කරලා ගමන ගැන ලියමු.
ReplyDeleteඅපි පොඩිකාලේත් එකම තැනට නිතර ගියා මතකයි කතරගම, නුවර පෙරහැර, කෝච්ච්යේ බදුල්ල, ශ්‍රීපාදේ වගේ. ඇයි එකම තැනට යන්නේ කියල කව්රුත් ඇහුවේ නැ, තාත්තා නේ බොස්, එයා එක්ක අපි ගියා.
මම විජේබාහු
ගොඩක් ස්තුතියි විජේබාහු මහත්තයෝ, නයාවත් නොමරා- පොල්ල කඩා ගන්නෙත් නැතිව ගමන ගැන ලියන්න උපරිම උත්සාහය ගන්නං... මගෙ ශෛලියත් රැකගෙනම.
Deleteහා, හා කිරිකෝඩු අතුරු කතා නෙමෙයි වංගු,වංගු.😉
Deleteඒත් ඇත්ත කියන්න එපැයි. මට නං අද කතාවෙ ,අවුලක් දැණුනෙ නෑ. අර කෑම විස්තරයයි, වලියටයි නිසා කතාව සම්පූර්ණ වුනා කියල හිතුනා.
ස්තුතියි!
Deleteඔය පටං අරන් තියෙන්නෙ. දිගටම ලියාගෙන යමු.
ReplyDeleteසිරීපාදෙනං මාත් හත් අට වතාවක් ගිහිල්ල තියෙනව. ආයෙත් යන්න ලැබුනොත් නොයා ඉන්නෙත් නෑ. මොකද ඉතිං අවුරුද්දක් ගානෙ ගියත් ඒ යන්නෙ අවුරුද්දකින් වයසට ගිය මනුස්සයෙක්නෙ.
අවුරුද්දකින් වයසට යනවා? වයසට යනවා නෙවෙයි ප්‍රසෝ! අවුරුද්දක අත්දැකීම්වලින් පරිණත වෙනවා, හොඳෙයි!!
Deleteනයි වයසට යනවද 😂
Delete++++++++++ දැනට වැට ගහල යඤ්ඤං ඈ?
ReplyDeleteඅර නියවගෙන ඉන්නෙ නමිය නේද? කඩියෙක්වත් විද්දාද?
Deleteකඩියෙක් නෙවෙයි බකුසුතුමෝ, ඊට වැඩිය සතෙක් විදලා වෙන්නැති- ඒ හාදයා තවම මේ පැත්තට ඇවිත් නැත්තේ.
Deleteබාගුරේ නම හැදිච්ච විදිහ "පනම් පත්තුවේ රස කතා " කියන පොතේ තියෙනවා .
ReplyDeleteඉස්සර සුද්දෙක් එයාගේ බිරිදත් එක්ක කැලේ ඔය හරියෙන් අස්ස කරත්තෙන්ය යද්දී එක පාරටම අලියෙක් ආවලු . අස්ස කරත්තේ පැදපු මනුස්සයාගේ දක්ෂකමම නිසා තුන්දෙනාම බෙරුනලු.
එත් ටික වෙලාවකින් කරත්තේ අස්සෙන් මහා ගදක් එනවලු බලනකොට සුද්දගේ බිරිද බයවෙච්ච පාර "බාගුරේ" වෙලාලු ..
බාගුරේ අනිත් පැත්ත හරවලා බලන්න
පානම් පත්තුවේ රසකතා පොතේ? ගුණසේකර ගුණසෝම මහත්තයාද ලිව්වේ.
Deleteමට මතක විදිහට නං ඔය පොත print කළෙත් මං පියසිරියෙ වැඩ කරද්දී- එහෙ. පස්සේ පොත හොයාගෙන ආයෙම කියවන්න ඕනි. ස්තුතියි මතකය අවිස්සුවාට.
අර නමියට කියහන්කෝ මීට පස්සේ ෆොටෝ වලට ඉන්න කොට හිනා වෙලා ප්‍රසන්න විධිහට ඉන්න කියල. 😀
ReplyDeleteඌට බෑ මං විදියට ඉන්න දෙන්න. හැක්..
Deleteඅජිත් මහත්තයෝ, නමීට මේ ගමනේදී තිබ්බ ලොකුම ප්‍රශ්නෙ තද අව්ව. ඔහොම නියවාගෙන වගේ තමයි වැඩිපුරම හිටියේ. ඔය foto එක ගත්ත වෙලාවේම ගත්තු තව එකක් තිබ්බා. ඒකෙ නං මනුස්සයා ඉන්නේ හිනා වෙලා. ඒත් ඒකෙ අපෙන් කෙනෙක් අඩුයි. ඒ නිසයි මේ foto එක දැම්මේ. සොරි නමී!
Deleteප්‍රසන්න මහත්තයෝ, නමී ඔයාගේ උත්තරේ දැක්කම හතර මුල්ල පාගලා වැඩක් දෙයිද දන්නෑ.
ඇවිදීම කියන එක සෑහෙන වැදගත් විනෝදාංශයක් වගේම ස්වභාව ධර්මය එක්ක විතරක් නෙමේ තමන්ගේ හිත එක්කත් එක්කහු වෙන්න පුළුවන් ව්‍යායාමයක්. ඇවිදින මිනිස්සු ඕපන් වෙනවා වැඩී ජිවිතයට. එකම ගමන වුනත් යන හැම පාරක්ම කලින් තිබ්බ පාර නෙමෙයි, ගෙවිලා ගිහිල්ල, සුළඟට අංශු එහා මෙහා වෙලා, අලුත් ගස් හැදිලා අලුත් පාරක්. අලුත් විධිහට හිතන්න පුළුවන් වෙන්න ඕනේ
ReplyDeleteසීයට දෙසීයක් එකඟයි!
Deleteහරෝහරා ගමන කී සැරයක් ගියත් අවුලක් නෑ කියලයි හිතුනෙ. කෙනෙකුට ඒක බාරයක් ඔප්පු කිරීමක්/ දේව වන්දනාවක්. ඒකම, තව කෙනෙකුට වන උද්‍යානයක සිරි නරඹන්න ලැබෙන අහඹු අවස්ථාවක්. තව කෙනෙකුට, නිදිගෙ ස්පෙෂල් රස විඳිමින් යන්න ලැබෙන විනෝද චාරිකාවක්. නිදිගෙ නංගි, රස්සාව එපා කියලා නිවාඩු දාලා ආවෙ, ඒකෙ වටිනාකම දන්න නිසා වෙන්න ඇති.
ReplyDeleteඅනිවා!
Delete+++++++
ReplyDelete+++++++ ස්තුතියි ඉයන් මහත්තයෝ +++++++
Delete++++++++++++++
ReplyDelete++++++++++++++ Pra Jay මහත්තයෝ, ඔයාටත් ස්තුතියි. වෙලාවක කුමන ගමට යමුද ආයෙමත්. ඒ පොල් ගස් හෙණ උසට පේනවා...++++++++++++++
ReplyDeleteමීමැසි පවුලේ පොඩිම මැස්සන්ගෙ ලොකු වාසස්ථානයක් තියනව එහෙ
Deleteයමු, හැබැයි පාදයාත්‍රා සෙනග අස්සෙනම් බෑ
Deleteඅදහස මතක තියා ගන්නං.
Delete‘ඔයාලා නංගි විතරයිනෙ ගෑනු කෙනෙකුට...’ / ‘එතකොට කිලෝ මීටර් සීයක් ඇවිදින එක...’ : ඔය කණ්ඩායමේ පිරිමි ඔක්කොටම වඩා අනිවාර්යයෙන්ම සමන්ති physically fit ඇති.
ReplyDelete"හැම වතාවේම අපි පාද යාත්තරාවේ යන්නේ එකම root එකකය". නිමල්, මෙතනට හරි වචනය route නේද (not root) සොරි වැරදි හොයනවා නෙවෙයි, දැක්ක නිසා කිව්වෙ.
ගොඩක් ස්තුතියි Lotus, Route වචනය හදලා ඉවර වෙලයි මේ ලියන්නේ. මං ලියූ දෙයක වැරැද්දක් දැක්කොත් පෙන්නලා දෙන්න දෙපාරක් හිතන්න එපා. මම 'මට වරදින්න පුළුවන්' කියල දන්නා කෙනෙක්.
Deleteපළමු කාරණය: සමන්තියි, ප්‍රියන්තයි තමා අපේ අට දෙනාගෙන් හොඳටම fit එකේ පාද යාත්‍රාවේ ගියේ.
නිමල් අයියේ රංජන් රාමනායක කියන්නේ ඉතාම නිර්ලජ්ජිත විදියට රඟපාලා මිනිස්සු අන්දන ඒ වගේම තමන්ගේ පහත් ආශාවන් වෙනුවෙන් මිනිස්සුන්ගේ දුප්පත්කම පාවිච්චි කරන අමනයෙක්
ReplyDeleteමමත් මගේ දරුවට ලැප්ටොප් එකක් ඉල්ලලා සෑහෙන්න ඉල්ලීම් කරත් කිසිම උත්තරයක් නෑ ලෝක හොරෙක් වගේ පේන්නේ පිටරටවල සිටින මිනිස්සු රවටන්නට කරන බොරු ප්‍රචාර නේද?
මේ බලන්න මේ දුප්පත් මනුස්සය කියන කතාව අහන්න බලන්න;
https://fb.watch/llzjpJbuzL/?mibextid=Nif5oz
අද කාලේ බොරුවට රඟන්නෝ නොවෙන්නන් වැඩි!
Deleteකියවන්ඩ ආව, ගොඩ දවසකින්.
ReplyDeleteහැබෑටම සතුටයි ඩ්‍රැකී උන්නැහේ. ගොඩක් ස්තුතියි!
Delete