‘-අර පොරොන්දුව ඉටු කරන්නට- සිනාකමින් රසකතා වගුරන්නට... ඒ හිතවතා; ගුණසිරි කොළඹගේ මහතා දැන් නැත! ඔහු සදාකාලික නින්දට පිවිසීලාය. සුබ ගමන්- කොළඹගේ මහතාණෙනි!
ඔබ හා කෙරුණු; අවුරුදු 5ක් පරණ සාකච්ඡාවක් උදව්වට ගනිමින්- ඔබට බෙහෙවින් ස්තුතිවන්ත වෙමින්, මේ පෝස්ටුවේ
දෙවැන්නත් ලියන්නෙමි.’ කියලාය මං වහන්සේ පසුගිය කොටස නැවැත්තුවේ. මේ එතැන්
සිටයි:
මහාචාර්ය
සුනිල් ආරියරත්න වැන්නෙකුට මිස සෙස්සෙකුට නම් එවන් කාරියක් කළ හැකි වේදැයි මට නම් සැකය. |
එය අතිශය සැලකිල්ලකින් යුතුව, ලොකු වෙහෙසක් දරමින්, සෑහෙන කාලයක් වැය කරමින්
සම්පාදනය කෙරුණකි. ඒ කාරිය අසීරු එකක් වන්නේ, ඈත අතීතයේ තොරතුරු සංරක්ෂණය වී
තිබෙන්නේ ඉතාමත් අඩුවෙන් නිසාය.
රූපාලේඛයකට පැරණි ඡායාරූප සපයා ගැනීම තවත් ‘කළුනික සෙවීමක්’ බව ඒ කාරියේ බරපතළකම දන්නා
උදවියට නම් අමුතුවෙන් කිව යුතු නැත.
මහාචාර්ය සුනිල් ආරියරත්න වැන්නෙකුට
මිස සෙස්සෙකුට නම් එවන් කාරියක් කළ හැකි වේදැයි මට නම් සැකය.
ලෙස්ටර් උපත ලබා තිබෙන්නේ 1919
තරම් ඈත වකවනුවකය. ඒ අතීතයේ...
‘කුඩා ලෙස්ටර්ගේ හඳහන බැලූ
බොරැල්ලේ ක්ලිෆඩ් පෙරේරා නම් දෛවඥයා කියා තිබුණේ මේ හඳහනේ හිමිකරු කවදා හෝ
සිනමාකරුවෙකු වන බව ය. (අදත් ලෙස්ටර් මේ අනාවැකිය සිහිපත් කරන්නේ අනාගත වක්තෘවරයෙකුගේ
විස්මිත ප්‍රකාශයක් හැටියට ය. සිනමාවක් නොවූ රටක, සිනමාකරුවෙකු වීමේ සිහිනයක් හෝ
දුටු තැනැත්තෙකු නැති රටක මෙවැනි අනාවැකියක් පළ කරන්නා දිවැසිවරයෙක් නොවේ ද?) - පොතේ 12 වැනි පිටුවෙන් ගත් ඒ
කුඩා ඡේදය පාඨකයන්ට පෙන්වන්නේ සුනිලුන් සොයාගෙන තිබෙන අප්‍රකට තොරතුරු සමුදායේ තරමයි.
ඒ පිටුවලම අඩංගු ඉපැරණි ඡායාරූප අපට පෙන්වන්නේ ඒවා මතු කර ගන්නට කොතෙක් වෙහෙස
ගන්නට ඇතිද යන්නයි.
එවැනි පැරණි ෆොටෝවල කටු-කොහොල්
හැරදමා ඒවාට නව පණක් දෙන්නට කොළඹගේ මහතා අපමණ වෙහෙසක් ගන්නට ඇත!
“නිමලුත් දන්නව ඇතිනෙ. සුනිල්ට කෙස් ගහට වැඩේ තියෙන්න ඕනි බව. මට දවස් ගාණක් ගියා
නිමල් ඔය වැඩේට. එව්වයේ තියෙන සමහර අඩුපාඩු මොන යකාටවත් හදන්න බෑ. එහෙම එව්වයේ
අඩුව වැහෙන්නයි අපි ඒවා two colour පින්තූර විදිහට දැම්මෙ. ඉතිං පුතෝ, පොතේ ප්‍රින්ටිනුත්
තිතට තියෙන්න ඕනි ඔන්න. ඔයාලගේ බොස්ටත් කියන්න වෙයි...”
“ඔව් කොළඹගේ මහත්තයෝ. ටූ කලර් පිටු
අනූ ගණනක් තියෙනවනෙ. මට අහුවුණු විදිහට නං 4 කලර් පිටුත් පනහකට වැඩියි. හරියටම ඩමිය
හදල චෙක් කරන්න වෙයි- ඔයාගෙ කම්පියුටරෙන් බල බලා. පොත මහන නිසයි වැඩේ තවත් ටිකක්
අමාරු. පර්ෆෙක්ට් බයින්ඩින් නම් කෙරෙන්නේ පිටු එහා මෙහා කිරිල්ල ලේසියිනෙ...”
“කමක් නෑ, කමක් නෑ. ඇතෙක් කොච්චර
වැහැරුණා වුණත් කොරහක නාවන්න කියලයැ. අපට කොච්චර හදිස්සි වුණත් සමහර වැඩවලට වෙලාව
යනවනේ. මමත් කොහොම හරි ෆ්‍රී වෙලාවල් හොයා ගන්නං. අපි වැඩේ හොඳට කරමු...”
අපි මේ special
colour එක වෙනම තීන්ත හදවලා අරං print කරවමු! (එලෙස මුද්‍රිත පිටුවකින් කොටසකි මේ.) |
“අපොයි ඔව්! ඇහුවොත් නං මැෂින් මයින්ඩර් ඔස්තාද්ල කියන්නේ 4 කලර්වලින් ඕනිම පාටක්
ගහන්නං කියලයි. ගැහුවට පස්සෙනේ නාගෙන වැඩේ කාල තියෙන හැටි පෙනෙන්නේ. කොයිකටත් අපි
මේ special colour එක වෙනම තීන්ත හදවලා අරං print කරවමු.”
සුනිල් ආරියරත්න මහාචාර්යතුමා අපේ
සැලසුම් ගැන සොයා; විමසා බැලූ බව ඇත්තය. එහෙත්, අනවශ්‍ය පරිදි බලපෑම් නොකොට අපට වැඩ
කරන්නටත් ඉඩ ලබා දුන්නේය.
“කොහොම හරි වැඩේ තිතට කෙරෙන්නයි මට
ඕනි. අනික පරක්කු නොවී. ලෙස්ටර් මහත්තයට මේ අප්‍රේල් 5 වෙනිදට අසූපහ පිරෙනවා. ගෝල්ෆේස්
හෝටලේ වෙන් කරලත් ඉවරයි, උපන් දින උත්සවේට. ඒකෙදිමයි මේ පොත ලෙස්ටර් මහත්තයට
පිළිගන්වන්නේ.” කියලත් සුනිල් සර් අවධාරණයෙන් කිවේය.
එතුමාට මේ කොෆී ටේබල් පොත ගැන අදහස
පහළ වී තිබෙන්නේත් මෙරටේදී නොවේ. ජපානයේදීය. ඒ විත්තිය මේ කෘතියේම පෙරවදනේ සඳහන්ය.
‘... 2002 ෆුකෝකා අන්තර්ජාතික චිත්‍රපට
උළෙලට ලෙස්ටර් පීරිස්ගේ චිත්‍රපටයක් මෙන් ම මගේ චිත්‍රපටයක් ද තේරී තිබුණේ ය. අපි
ජපානයට ගොස් ෆුකෝකා නුවර සොලාරියා හෝටලයෙහි සති කිහිපයක් නතර වී සිටියෙමු. මෙබඳු
කෘතියක් කිරීම පිළිබඳ අදහස ම සිත පිළිසිඳ ගත්තේ එහි දී අප අතර සිදු වූ කතාබහ ඔස්සේ
ය.
ලෙස්ටර්ගේ සිනමා ජීවිතයෙහි පොත්
ගණනාවක් ලියන්ට තරම් කරුණු ඇත. එහෙත් මගේ අධ්‍යාශය වූයේ ලෙස්ටර් පිළිබඳ ‘රූපාලේඛයක්’
කරන්ට ය. රූපය මුල් තන්හි තැබූ සංක්ෂිප්ත ලේඛනයක් ඉදිරිපත් කරන්ට ය. කොටින් ම
කියනවා නම් ඉංග්‍රීසියෙන් ‘කොෆී ටේබල් බුක්’ යන නමින් හඳුන්වන වර්ගයේ පොතක්
සම්පාදනය කරන්ට ය. (Coffee- table book: a large, expensive and profusely
illustrated book of the kind one would set out on a coffee - table for visitors
to admire)
‘කොෆී ටේබල් බුක්’ ගණයට වැටෙන පොත්
සිංහලයේ නැත්තට ම නැති තරම් ය. ඊට එක් හේතුවක් නම් ඒ සඳහා දරන්ට සිදු වන්නා වූ
අධික මුද්‍රණ වියදම යි. මේ කෘතිය සම්බන්ධ ඒ මහා බරපැන දැරූයේ දේශබන්ධු සිරිසුමන
ගොඩගේ මහතා ය. එය සිනමා පිංකමක් ලෙස ඔහු විසින් සලකන ලදි. පොත මිල කර ඇත්තේ ද මුද්‍රණ
වියදම පියවා ගැනීම පමණක් සැලකිල්ලට ගනිමිනි. බරපැනෙහි බර මඳක් සැහැල්ලු කර ගැනීම
සඳහා ජනාධිපති අරමුදලෙහි සහාය ලබා දුන් අතිගරු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක
කුමාරතුංග මැතිණියටත්, ඒ කටයුතු සංවිධානය කළ එතුමියගේ අතිරේක ලේකම් චිත්‍රා
අතුරුගිරිය මහත්මියටත් මාගේ ස්තුතිය පිරිනැමේ...’
1919 වසරේ උපන් මේ සිනමාවේදියාගේ ජීවිතයේ 85 වසරක වැදගත්
තොරතුරු සියල්ලම මේ පොතේ අඩංගුය. ඒ ඒ කාල වකවනුවලට අදාළ ඉපැරැණි ඡායාරූපවලින්... |
ඇත්තෙන්ම ‘ලෙස්ටර්’ කෘතිය ලෙස්ටර්
ජේම්ස් පීරිස් මහා සිනමාවේදියා වෙත පිදුණු ලොකුම උපහාරයකි. 1919 වසරේ උපන් මේ
සිනමාවේදියාගේ ජීවිතයේ 85 වසරක වැදගත් තොරතුරු සියල්ලම මේ පොතේ අඩංගුය. ඒ ඒ කාල
වකවනුවලට අදාළ ඉපැරැණි ඡායාරූපවලින් ඒ තොරතුරු වඩාත් ඔප් නැංවෙයි.
පොතේ සිරස්තල පිටුවේ තිබෙන දෑ මෙතැනට
බහා ලන්නට මට සිතෙයි. ඒ මෙම කෘතියේදී ‘ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය සිනමාවේදියා’ගේ
ජීවන තොරතුරු පෙළ ගස්වා ඇති ආකාරය දයාබර පාඨක ඔබටත් දැන ගන්නට හැකි වෙන පරිද්දෙනි;
වැඩිදුර විස්තර සොයන්නෙකුට වුවත් ප්‍රයෝජනවත් වෙතැයි සිතෙන නිසාවෙනි.
‘සිරස්තල
1919 බයිස්කෝප් යන්ත්‍රයෙන් සිතියම් පෙන්වද්දී
1947 පත්තරකාරයා
1949 ස්වයංකථනය
1952 ආණ්ඩුවේ සල්ලිවලින් චිත්‍රපට තැනීම
1956 අත තියයි ලෙඩ මැකෙයි
1960 කෝ හතුරෝ
1963 රත්තරන් මොනරෙක්
1964 ආදර මල් නොමියේ
1966 හදවතට නොවේ බුද්ධියට
1967 නිවී පහන් වී ළය සැනැහේ
1968 ඇයි දම්මි ඔයා මගෙ ජීවිතෙත් එක්ක සෙල්ලම් කළේ?
1970 යළිත් ගම්මානයට
1972 නිධානයක් පහළ වීම
1974 සීගිරිය මුදුනේ දී
1975 ශෛලිගත ශෛලියකට
1976 කොහේද කොහේද අපේ ලොවක්?
1978 ලංකා ඉතිහාසයේ තවත් යුගයක්
1978 තුන්වෙනි ලෝකයේ හොඳම චිත්‍රපටය
1981 ලෙනාඩ් වුල්ෆ් සමඟ
1983 විසි වසක් ඇවෑමෙන්
1985 කතා තුනක අවසානය
1991 ලුසිහාමිට කියන්න ද?
1995 සිනමා තාරකා පෑයුවා පමණයි
2003 ඇන්ටන් චෙකොව් සිහිපත් ව
පසුවදන
ලෙස්ටර් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට නාමාවලිය
ලෙස්ටර් ගැන නිපදවා ඇති චිත්‍රපට
ලෙස්ටර් ගැන රචිත කෘති’
මෙතැනදී නං දුක හිතෙන කතන්දරයකුත්
නොකියා බැරිය.
ලෝකයේ ඉපැරණිම ලිඛිත ඉතිහාසයට හිමිකම් කියන සිරි ලංකාවේ දැන් තත්ත්වයත් මෙයින්
හෙළි වෙයි.
සුනිල් ආරියරත්න මහැදුරුතුමා
දෑවුරුද්දක් තිස්සේ අසූපස් වසරක තොරතුරු කණිමින්; ඉපැරණි ඡායාරූප මතුකොට ගනිමින්,
ඉමහත් වෙහෙසක් දරා සම්පාදනය කළ මේ ‘ලෙස්ටර්’ කොෆී ටේබල් පොතෙන් මුද්‍රණය කෙරුණේ
පිටපත් 500ක් පමණි!
ඒ සඳහාත් රුපියල් 9,70,000/-ක්, ඔව්... රුපියල් නව ලක්ෂ හැත්තෑ දහසක් වැය කෙරුණු
බව කියැවිණි.
මේ පෝස්ටුව හැඩ කරන්නට සිතාගෙන මම ලෙස්ටර් කෘතියේ foto සොයමින්
ජාලය පීරුවෙමි. එකම එකකි හමු වුණේ. |
ඒ විතරක්ද?
මේ පෝස්ටුව හැඩ කරන්නට සිතාගෙන මම ලෙස්ටර් කෘතියේ foto සොයමින් ජාලය පීරුවෙමි. එකම
එකකි හමු වුණේ.
මේ කෘතිය ගැන සඳහන් එකම එක සිංහල ලිපියක්වත් ජාලයෙන් සොයාගත නොහැකි විණි. ඉංග්‍රීසි
ලිපි පවා දෙකකි මට හමු වුණේ...
මටම පුදුමය! ඊටත් වැඩියෙන් දුකය!!
අපි වැදගත් තොරතුරු වාර්තා සටහන්කොට තැබීමෙහි ලා අලසයෝ වන්නෙමු!!!
එහෙම පසුබිමක වුණත්... මේ පොස්ටුවේ
පළමුවෙනි කොටසෙහි කියැවුණු කරුණක් පිළිබඳව තවත්
blogකරුවෙකු වන ‘සූටික්කා’ කමෙන්ටුවක් එව්වේය.
‘ඕකේ පොඩි අවුලක් තියෙනවා.....
//පියෝ බෙවරේජස් කොම්පැනියත් හැදුවා බීමක්- ඔරේන්ජ් ක්‍රෂ් කියලා//
ඔරේන්ජ් ක්‍රෂ් කියන්නෙත් එලිෆන්ට් හවුස් එකේ එකක්.... මම හිතන්නේ ඔය කියලා
තියෙන්නේ ඔරෙන්ජ් ෂැරෝනා (Orange Sharona) එක ගැන..... මේකට ෆොටෝ එකක් දාන්න
පුලුවන්නං මම මේකට අමුනන්නං...’
ඒත් එක්කම අපේ හිතවත් බස්සා මහතාත් සූටික්කාගේ ප්‍රකාශය සනාථ කර තිබිණි. “ඔව් මටත් මතක විදිහට ඔරේන්ජ් ක්‍රෂ්, ක්‍රීම් සෝඩා එලිෆන්ට් හවුස් නිෂ්පාදන. තව තිබ්බා ලිංගුස් කියල එකක්,තනිකරම මස් කරල.😁”.
ඉන්පසුව සූටික්කාත්
මාත් අතර පණිවිඩ දෙක-තුනක් හුවමාරු වීමේ ප්‍රතිඵලයයි, පහතින් ඔබට දකින්නට ලැබෙන්නේ.
(ඔරේන්ජ් ෂැරෝනා
පිළිබඳව මේ ඉපැරණි දැන්වීම සූටික්කාට සපයාදී තිබෙන්නේ එලිෆන්ට් හවුස්හි සේවයේ
නියුතුව සිටි රංජිත් ගලගොඩ මහතාණන්ය. සූටික්කාටත් රංජිත් මහතාටත් බෙහෙවින්
ස්තුතියි!)
ඔරේන්ජ් ෂැරෝනා පිළිබඳව මේ ඉපැරණි දැන්වීම
සූටික්කාට සපයාදී තිබෙන්නේ එලිෆන්ට් හවුස්හි රාජකාරියේ යෙදී තිබෙන රංජිත් ගලගොඩ
මහතාණන්ය. |
“දැන් මට තේරෙනවා
නිමල් කරන්න ලැහැස්ති වෙන සූත්තරේ! නරක නෑ නිමල්ගේ මොළේ...” ගුණසිරි කොළඹගේ මහත්තයා
කිව්වේ මා සකස් කළ ඩමිය පිරික්සා බැලුවාට පසුවය. “එතකොට නිමල් හදන්නේ ඉම්ප්‍රෙෂන්ස්
ගණන අඩු කර ගන්නයි. ඒත් නිමල්, එතකොට ගැදරින්...? ඒක වැඩි වෙනවනේ...”
(පොත් මුද්‍රණ කටයුත්තේදී ගැදරින් කරනවා කියන්නේ මුද්‍රිත පෝරම අනුපිළිවෙලින්
එක්කාසු කිරීමටය. සාමාන්‍ය ප්‍රමාණයේ මුද්‍රණ මැෂිමකින්, ඩිමයි 1/8 ප්‍රමාණයේ පිටු
8ක් එකවර මුද්‍රණය කෙරෙයි. එහි අනෙක් පැත්තත් මුද්‍රණය කෙරුණු විට පිටු 16කි. එය
නිසි පරිදි නවා ගත්විට ඒ පෝරමයකි.
පිටු 64ක පොතකට නම් පෝරම 4ක් සකසාගත යුතුය.
පළමු පෝරමය පිටු අංක 1
සිට 16 තෙක්, දෙවැන්න 17 සිට 32 තෙක්, තෙවැන්න 33 සිට 48 තෙක්, සිව්වැන්න 49 සිට 64 තෙක් වශයෙනි.) එලෙස මුද්‍රිත පෝරම නිසි පිළිවෙලට
ගැදර් කරගත් පසුවය, පොත බයින්ඩින් කෙරෙන්නේ.
“ඔව් කොළඹගේ මහත්තයෝ.
එහෙම තමයි. මැෂිමකින් print කරන්න යන වියදම හුඟක් වැඩියිනෙ ගැදරින් කරනවට වඩා. ඒ
නිසා ගැදරින් වැඩි වුණාට කමක් නැහැනෙ. ”
මගේ සැලසුමේ පදනම වුණේ ඒකය. එකී පදනමේ සිට මා සැකසූ සැලසුම අනුමත කෙරිණි. පොත මුද්‍රණය
විණි. පොත දොරට වඩින උත්සවය සඳහා ප්‍රියදර්ශන පෙරේරා මහතාට මෙන්ම මටත් ඇරයුම් පතක්
ලැබිණි.
අනේ!
‘චෙම්බාස්සල පීයා ජලා හුකා- හුකා පරියා’
වගේ එහාටත් නැති, මෙහාටත් නැති විකාර දොඩවමින් ‘අන්ජිසාම් පැකට්’ විකුණන්නට කොළඹ වතු-
මුඩුක්කු ගණනේ කරක් ගැසූ අපේ මහරගම සීයා; චාලි නානා එදා ජීවත්ව හිටියා
නම්... සීයාට පිං සිදු වෙන්නටය අපේ සුනිලුත්, මාත් ඉස්සෙල්ලාම ගෝල්ෆේස් හෝටලය දැක
ගත්තේ. ඒ 1965 විතර වෙසක් දවසක අපේ සීයා ගෝල්ෆේස් පිට්ටනියට අප එක්කගෙන ගියාමය.
“අර තියෙන්නෙ ලංකාවේ ලොකුම හෝටල්වලින් එකක්. සුද්දෝ තමයි ළමයෝ ඕකට යන්නේ.” එදා
සීයා කිව්වේය. “පොඩි පටු කෙනෙකුට ඔතනට ගිහිං තේකක් බොන්න බෑ. ඕකේ තේ එකකුත්
රුපියල් සියගණනක්ලු!”
ඊට අවුරුදු තිස් ගණනකට පසු, ඒ
මතකයනුත් රැගෙන- සුද්දෙකු නොවුණු මමත් ගෝල්ෆේස් හෝටලයේ ලෝටස් ලොබියට ගියේ ඉමහත් සතුටකිනි.
ඒ වෙද්දී කිහිප වතාවක්ම එහි ගොස් තිබුණත්- මෙවැනි සම්භාවනීය අමුත්තන් රැසක් ඒකරාශී
වුණු අවස්ථාවක...
නළු-නිළියන්, ගායක-ගායිකාවන්, සිනමා අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකවරුන්, කාර්මික ශිල්පීන්
හා තවත් ක්ෂේත්‍ර රැසක ප්‍රවීනයන්, ප්‍රභූන් හා දේශපාලඥයන් සපැමිණි අවස්ථාවක...
ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිඳුන් වෙත... |
“ප්‍රොෆෙසර් අපූරු වැඩක් කරල
තියෙන්නෙ වෙනද වගේම. / එයා එහෙම තමයි. මතකද චිත්‍රපට ගීතාවලී පොත්... ගාන්ධර්ව
අපදාන පොත්... කාටවත් මතක් නොවෙන වැඩ!”
අපි වාඩිවෙලා හිටිය මේසෙට යාබද මේසයේ හිටි කිහිප දෙනෙක්, තේ පැන් සංග්‍රහය භුක්ති
විඳිමින් සුනිල් සර් ගැන කතාවක... ටිකක් සද්දෙන්. “නෑ මචං. පොරට නින්ද යන්නෑ
වෙන්නැති. උඹල දන්නෑ, film එකක් ෂූට් කරන්න ගිහිං ඉඳිද්දීත් මනුස්සයා මහ පාන්දර
නැඟිටගෙන ලියනවයි- කියවනවයි...”
එයාලා ලෙස්ටර් පොත පෙරළලා බලමින්
තව ගොඩක් දේවල් කතා කළා.
‘සුනිල් සර් එහෙම ලියන නිසා තමා
ඔයාලටයි අපිටයි අද මෙතනට එන්න ලැබුණෙත්...’ මට එවෙලේ එයාලට කියා ගන්නට බැරි වුණු
උත්තරයයි, ඒ. ‘... ඒ විතරක් නෙවෙයි, ඒ හින්දමයි මට නං ලෙස්ටර් මහත්තයා වගේ
කෙනෙකුගෙ උපන් දින උත්සවයකට එන්නත් චාන්ස් එක හම්බ වුණේ! දන්නවද- ඔය ‘ලෙස්ටර්’ පොත
අච්චු ගහන වැඩේට මාත් ගෑවුණා, සුනිල් සර්ට පිං සිද්ද වෙන්න.’
එදා එයාලට නොකියා හිතේ හිර කරගෙන හිටි
ටික මේ post එක අවසන් කරද්දී, ඔන්න ඔයාලට කිව්වා. කමක් නැහැනෙ... නේද෴0෴
ඔය පොත කොහොම මිල වෙන්න ඇතිද කියල හිතාගන්න පුලුවන් පිරිවැය දැක්කම. නමුත් ඒ වගේ පොතකිං ඊ පිටපතක් වත් තියෙන්න ඕන. ඇත්තටම ඒකෙන් විතරක් නෙවෙයි. ඕනම අච්චු ගහන පොතකිං ඊ මුද්‍රණයක් පැමිණිය යුතුයි. අපි වෙනුවෙන් නෙවෙයි අනාගතය වෙනුවෙන්.
ReplyDeleteඒ පොතට ඔබත් සුනිල් ආරියරත්නයනුත් අනෙත් පිරිසත් කොපමණ මහන්සියක් වෙන්න ඇතිද කියල උපකල්පනය කරන්න පුලුවන්. ඒ වගේ පොතක් දැං කාලෙ කරන එක නං එච්චර ලේසි දෙයක් නෙවෙයි . ඇත්තටම එහෙම දේක මහන්සියක් කියන්නෙ මිල කල නොහැකි දෙයක් තමා.
සුනිල් ආරියරත්න කියන වර්තමානයේඉන්න චිත්තරපටි කාරයාට වඩා අනෙක් ඕනෑම කැරැක්ටර් එක්කට මම කැමතී
ගී පද රචකයා
පොත් සම්පාදකයා
තව ඕන ටයිටල් එකක්. හැබඅයි වර්තමාන යේ ඉන්න සුනිල් ආරියරත්න කියන චිත්තරපටි හදන කෙනා නං කප්ප චා.
මහේෂ්, ඔයාගෙ ඊ පොතේ යෝජනාව සුනිල් සර්ට ඉදිරිපත් කරන්නං.
Deleteමමත් වඩා කැමති සරුංගලේ, පොඩි මල්ලි, සිරිබෝ අයියා වගේ ෆිල්ම්ස් හැදුව සුනිල් සර්ට. උත්පලවන්නා එකෙන් පස්සේ එතුමාට මොකක්දෝ වුණා වගේ......
රිදී ටීවී එකේ බලන පරණ සිංහල මූවීස් හැර සිංහල ෆිල්ම් එකක් බැලුවෙ නෑ "කුස පබා " බලල එපාවුන එකට පස්සෙ !
Deleteහොඳ අදහසක් ඒ පොතේ ඊ පොත
Deleteපොත ගැන විස්තර නැත්තේ ඔයකාලේ අන්තර්ජාලය වැඩිය ප්‍රසිද්ද නැති නිසා වෙන්න ඇති.
ReplyDeleteඔව් ලලිත් මහත්තයෝ, එහෙම වෙන්න ඇති.
Deleteහ්ම් .......කියෙව්වා. මේක අර කලින් පෝස්ට් එක වගේ අල්ලල ගියේ නං නෑ. දැන් ඔය පොත ලෙස්ටර් මහත්තයා ගැන, ආරියරත්ත මහත්තයා දාපු ඇඩ් එකක් වගේ කියල හිතුනා. එතකොට මේක..... එක්කො ඕනෙ නෑ. 😋😁
ReplyDeleteස්තුතියි බස්සා මහත්තයෝ. ඔහොම ටොක්කක් දෙකකුත් ඉඳහිට ඇනෙන එක මොළයට හොඳයිනේ.
Deleteනිදි පාඨක ප්‍රතිචාර අගේ කරන බව දන්න නිසයි, හිතට දැනිච්ච දේ කෙලින්ම කිව්වෙ. මට හරියටම කියන්න තේරෙන්නෙ නෑ, ඒත් කලින් ලිපිය වගේ නෙමෙයි මේකෙ මොකක්ද වෙනසක් තියනවා.
Deleteමමත් තවම හිතනවා මහත්තයෝ- වැරැද්ද තියෙන තැන් ගැන.
Deleteකොටස් දෙකෙන් ඉවර කරන්න ඕනි නිසා අදාලම විස්තර විතරක් ගත්තු නිසාවත්ද කියලත් හිතුණා.
Delete//කොටස් දෙකෙන් ඉවර කරන්න ඕනි නිසා අදාලම විස්තර විතරක් ගත්තු නිසාවත්ද කියලත් හිතුණා//
Deleteවිදර්ශනේ ලිපි සෙට් එකෙත් ඔහොම එකක් වුනා. පලවෙනි ලිපිය හොඳයි. දෙවනි එකේ ඉඳන් ජනකගෙ පුරාජේරුව කියවනවා වගේ දැණුනා. අපි හැමෝම, සමහර වෙලාවට අපේ පුරාජේරුව කියවන තමයි. ඒත් ඒක ගාණකට, මිම්මකට කරන්න ඕනෙ. පාඨකයාගෙ ඇඟට නොදැණෙන්න. තමන්ට වැරදුන තැන් වගේ දේවල් එහෙමත් වැදගත්. ඒව පාඨකයාට ප්‍රයොජනවත් වෙනවා. එහෙම නැත්නම් , කලින් ලිපියෙ ඔරෙන්ජන් බාර්ලි කතාව වගේ, පාඨකයාටත් පොදු දෙයක් ගැන කියවෙන්න ඕනෙ.
හරිද මන්දා? ඔන්න ඔහොමයි මට හිතුනෙ.
බකුසුතුමෝ, Ano මහත්තයෝ, එකම කාරණයක් ගැන වුණත් අපි එක එක්කෙනාට එකේක මත තියෙන්න පුළුවනිනේ. මට නම් වැදගත් ඒවා පැවසීමයි.
Deleteඒ අදහස්වලට තව අය එකඟ වීම හෝ විරුද්ධ වීම හෝ වෙනම දෙයක්.....
මම නං එහෙම කියවෙන අදහස් ගැනත් හිතා බලනවා- මොකද එව්වයේත් ගත යුත්තක් තිබිය හැකි නිසා.
https://kattakaduwa.blogspot.com/2024/06/blog-post.html
ReplyDeleteස්තුතියි බස්සා මහත්තයෝ, ලින්කුවට ගියා; කියෙව්වා- මෙහෙමත් ලියලයි ආවේ.
Deleteසංවේදීය හෘදයංගම ලෙස ලියුව
ලිපිය ගෙනෙයි සුසුමක්, කඳුළක් මුසුව
අනේ, එදා පවුලක තිබු එකමුතුව
ඇයි දැන් දකිනු බැරි- ගිහින්ද අවතැන්ව?
ඔන්න ඔන්න මටත් ඇඩ් එකක් දාන්න හිතුණා, ඉකොනොගේ අලුත්ම ලිපිය කියෙව්වාම. මගේ මිම්මෙන් නං නියම post එකක්.
Deleteගිහින්ම කියවන්න:
https://economatta.blogspot.com/2024/06/blog-post_22.html
මම ඒක කලින්ම බැලුවා. නියම ලිපියක්.
Deletehttps://transyl2014.blogspot.com/2024/06/ageism-in-sri-lankan-politics.html
Deleteමෙන්න ඊටත් වඩා වැදගත් ලිපියක් . ඩොක්ටර් රුවන් ගේ ලිපිය ලංකාවේ දැනට ට්‍රෙන්ඩ් වෙන දේශපාලන term එකක් වන නාකියෝ එලවන කතාව ගැන . මෙවන් කතා කියන නිදි ඇතුළු බොහෝ දෙනෙක් මේ අර්ටිකල් එක කියෙව්වොත් හොඳයි කියල මම හිතනවා. අඩුම ගානේ මින් පස්සේ නාකි නාකි කියල පරිභව කරන තරුණ ලාංකිකයන්ට තේරෙවි නාකියෝ කියන වචනය භාවිත කිරීම is discrimination කියලා.
ස්තුතියි Ano,
Deleteමේ ලියන මමත් හැත්තෑවක නාකියෙක්. ඒ හින්දද මන්ද මට නං අංකල් කිව්වත්, මැන්ටලේ කිව්වත්, නාකියා කිව්වත් ගණනක් නෑ.
හැත්තෑවත් පැනපු- ඇවිදගන්න තියා කෙලින් හිට ගන්නවත් බැරි උදවිය රට බේරා ගන්න කියමින් බලයේ ඉන්න දඟලන නිසා එයාලාව නුරුස්සන ගතියක් මටත් තියෙනවා. එහෙම වෙන්නේ එයාල බලයේ ඉන්න කාලෙ කෙරුවාවල් අමතක නැති නිසයි. එතකොට බැරි වුනු දේවල් දැන්ද කරන්න පුළුවන්- නාකි වුණාට පස්සේ?
අනෙක තමයි වැඩිහිටියන් විතරක් නෙවෙයි ඕනිම කෙනෙක් දැනගත යුතුයි ගෞරවය ලබන්න නං හැසිරිය යුතු හැටිත්. දේශපාලනෙන්ම උදාහරණ දෙනවා නං නිකමට මතක් කරගන්නකො ලංකාවේ ජනාධිපති ආර්යාවන් ගැන. සමහරු විහින්ම නේද ජනතා අප්‍රසාදයට පත් වුණේ?
එලීනා මැතිණියට- වගේම මෛත්‍රී වික්‍රමසිංහ මැතිණියටත් කවුරුන්වත් වැරැද්දක් කියනවා මම නං දැකලා නෑ.
Still what is wrong is wrong, right? Lol Discrimination for whatever reason is wrong. Till we accept it and or be apathetic it will persist. So please man up and condemn age discrimination Mr Nidi
Deleteපොඩ්ඩක් කියෙව්වා. ආයේ එන්නම්
ReplyDeleteසංචාරයකද ඉන්නේ අජිත්? මේ ටිකේ වැඩියෙන් ඇවිදිනවා වගේ.....
Deleteහැබෑට Ano?
Deleteනැහැ නිදි. එක එක වැඩ. සෙනසුරාදා ඉවාන් ආවා පොඩි අඩියක් ගැහුවා. ඒ නිදිමතේ ලිව්වේ. මේ සුමානේ ජර්මනි යනවා. @ඇනෝ - AKD ගේ කතාව බලන්න නම් ගියා ඇනෝ. යාලුවෝ සෙට් එකක්ම ගිය නිසා. ලොකු වරදක් නැහැ. දේශපාලන කතාවක් නේ. හැබැයි මට මතක විධිහට මුළු දේශනය පුරාවට එකම සැරයක් වත් සමාජවාදය කියන වචනය කිව්වේ නැහැ. දේශපාලකයෙක් වගේ කතා කරනවට වඩා සන්සුන්වයි කතා කරන්නේ. ස්මාර්ට් පොරක් වගේ. (ලංකාවේ කට්ටයි කියන්නේ)
Deleteතැනේ හැටියට ඇනේ ගහනවා වගේ.........
Deleteහ්ම් උතුරු කොරියාවෙ කිම්-සුනේ-සුං හිතාගෙන ඉන්නෙ, එහෙ තියෙන්නෙ පිරිසිදු සමාජවාදය කියල නේද?
Deleteකොයි උණහපුලුවටත් උගේ පැටියාව පේන්නේ මැණිකක් වගේලු නේද, බකුසුතුමෝ.
Deleteමම නම් දන්නේ නැහැ බසු කිම් කාරයා මොනවා හිතනවද කියල. @නිදි - ඒ වගේ තමා. හැබැයි පට්ට සහයෝගයක් තියනවා වගේ පෙනෙනවා නොහිතපු පැති වලින්. එහෙම නැත්නම් ඒවා පේන්න මුනිච්චාවටද දන්නෙත් නැහැ. ලංකාවේ මිනිස්සු විශ්වාස කරන්න පුලුවනෑ
Delete
ReplyDeleteනිමල්ට ඉතා වටිනා අත්දැකීම් ලැබිලා තියෙනවා වගේම, ඒවා මතක තියාගෙන මෙහෙම ලියන එක වැදගත්.
දැන් නම් ලංකාවෙ coffee culture සෑහෙන දුරට තියෙනවා නේද. ගොඩක් අය, විශේෂයෙන්ම තරුණ අය කෝපි බොන්න යනවනෙ. ඒකෙන් වෙන හොඳක් තමයි මිනිස්සු අතර සම්බන්ධතා වැඩි දියුනු වෙන එක. කෝපි එකක් බීලා, රිලැක්ස් වෙලා තමන්ගෙ හැඟීම්, ප්‍රශ්ණ ගැන කතා කරන්න පුලුවන්නෙ. කතා බහ කරලා ප්‍රශ්ණ විසඳ ගැනීමේ පුරුද්ද අපිට ටිකක් අඩුවෙන් තියෙනවා කියලයි මට හිතෙන්නෙ, අපේ හැගීම්, සිතුම් පැතුම් ගැන වුණත් අනවශ්‍ය විදිහට emotional නොවී කතා කරන්න අපිට තියෙන්නෙ අඩු හැකියාවක් කියලයි මට හිතෙන්නෙ.
ඔයා ලංකාවේ කොෆී ෂොප් එකකට ගිහිල්ල නැ වගේ. කතාව කෙසේ වෙතත් කොල්ලෝ කෙල්ලෝ එකට හිටියත් ෆෝන් එකේ ම තමයි . කොෆි table බූක් උන් බලන්නේ නැහැ let alone chatting with one another lol
DeleteLotus, ඉතාම කනගාටුදායක කාරණයක් කියන්නම වෙනවා මෙතැනදී. ලංකාවේ ගොඩක් තරුණ-තරුණියන් සමාජශීලී නැතිද මන්දා- අන්තරාවර්තීකම වැඩියි වගේ. ඔය Ano කෙනෙකුත් කියලා තියෙනවා වගේ එයාලගේ ෆෝන් ඒකත් එක්කයි වැඩිම ආස්සරේ.
Deleteඒක කොහොම බලපානවාද මන්දා...
මේ ළඟදී තරුණයෙක් ආන්දෝලනයක් ඇති කරමින් සියදිවි හානි කරගත්තානේ. එයා ඉගෙනුමට අතිදක්ෂයෙක්- හයි ඇචීවර් කෙනෙක්. තාත්තා ඉංජිනේරුවෙක්- අම්මා වෛද්‍යවරියක්. නමුත් අවසන් කාලයේ ඒ තරුණයා අම්මයි තාත්තයි එක්ක සන්නිවේදනය කරලා තියෙන්නෙ තුණ්ඩුවල ලියලා.
මේ මාසයේ මුල උපන් දින සාදයකට ගියා. දොස්තර මහත්තයෙක් විදිහට පත්වීමක් ලබන්න සැරසෙන. එයා කිව්වා ඊට කලින් දවසේ එයා සේවය කරන රෝහලට සියදිවි හානි කරගන්න ගිය තරුණයන් නව දෙනෙකු ඇතුළු කළ බව. එක්කෙනෙක් වස බීලා තියෙන්නෙ, පෙම්වතියට call කළාම ෆෝන් එකට උත්තර නොදුන් නිසාලු!
කාලෙ වරදද මන්ද... මිනිස්සු ඉක්මනට කඩාවැටෙනව, මානසිකව.
Deleteකාලෙ හැටිය නෙවෙයි නමී, ගොඩක් දෙනා හැදිලා තියෙන තාලේ......
DeleteBTW, නිමල් 8 A.M Metro ෆිල්ම් එක Netflixවල නෑනෙ. බලන්න විදිහක් නෑ. YouTube එකේ සර්ච් කරන අතරෙ ෆිල්ම් එකේ සිංදු කීපයක් ඇවිල්ලා Ghoomey සිංදුව බැලුවා. මම හරි ආසයි ඒ සිංදුවෙ මියුසික් ඒ දෙන්නගෙ හැඟීම් එක්ක ගලපලා තියෙන විදිහට. මුලින්ම දැනෙන නුහුරු ගතිය වගේම, excitement එකත් හොඳට පෙන්නනවා නේද. (ඒ දෙන්නා කෝච්චියෙදි හම්බ වුණාට පස්සෙ මුලින්ම වගේ ගිය ගමනක් නේද ඒ). සිංදුවෙ බෞද්ධ පංසලක්, ලොකු බුදු පිළිමයක් එහෙම පෙන්වන්නෙ, ඒ කොහෙද.
ReplyDeleteඅටේ කෝච්චිය post එකේ සිනෙරූ අඩවියෙන් කියන රතු පාටින් තියෙන වචන දෙක උඩින් ක්ලික් කරන්න. එවිට ඔයාව ගෙනියයි film එකේ links තියෙන තැනකට.
Deleteඋත්සාහ කරලා බලන්නකෝ Lotus.
උඩහ මහේෂ් කියල තියෙන දේ තමා මටත් දැනෙන්නෙ. දැන් සුනිල් ඇදුරිඳු කරන බනකතා සලරෑ බලන්න බැරි තරම් !
ReplyDeleteඒත් අනෙක් අතින් ගත්තහම ඉන්ඩස්ට්‍රිය පවතින්න මෙහෙම හරි ෆිල්ම් හැදෙන එකත් කමක් නෑ කියත හැකි. ඒ වගෙම මේ ක්ෂේත්‍රයෙ වැඩකරන වෘත්තිකයන් ජීවත් වෙන්නත් එපෑ
එහෙම පැත්තකුත් තියෙනවා තමයි. (කාටවත් කියන්නේ නෑ, ඔය මහත්තයත් film ඉන්ඩස්ට්රියට සම්බන්ධයිද?)
Delete