li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Saturday, June 15, 2024

‘ලෙස්ටර්’ Coffee Table පොතට ගෑවුණෙමි! -පළමුවෙනි කොටස

ලජ්ජාවෙන් වුණත් ඇත්තම කිව යුතුය. 2004 වෙද්දී මං ‘කෝපි මේසේ උඩ තියෙන පොත්’ ගැනවත් ‘කෝපි මේස’ ගැනවත් හංකාවිසියක් දැනගෙන උන්නේ නැත! Coffee Table Book කියන වචන ටික පළමුවෙනි වතාවට, මගේ කණට වැටුණෙත් එදා මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්තයා කියල දුන්නාමය.

2004 වෙද්දී මං ‘කෝපි මේසේ උඩ තියෙන පොත්’ ගැනවත් ‘කෝපි මේස’ ගැනවත් දැනගෙන උන්නේ නැත!

එදාය කිව්වේ, අදට අවුරුදු විසි ගණනකට කලින්-2003 අග හෝ 2004 මුල හෝ දවසකටය.

“කෝ නිමල් කළු මහත්තයා?”
පියසිරි ප්‍රින්ටින් සිස්ටම්ස් ආයතනයට සුනිල් සර් එන්නේ හෙමින් හෙම නොවේ. ඊගහ වගෙය. කලාතුරකින් හරි එහෙම ආවෙත් ‘කඩදාසිය ළිපේ දාල වගේ’ කඩිසරකමෙනි. එදාත් එහෙමය.
“කළු මහත්තයා නෙවෙයි සර්, සුදු මහත්තයා...” මං හැකිතාක් සංවරව කිව්වේ සිනාව හිර කරගෙනය.

“එයා කොහෙද සුදු? එතකොට සුදු අයට කොහොමද කියන්නෙ... හැබෑට, කෝ ඒ සුදු මහත්තයා.” සුනිල් සර්ටත් හිනාය.

සුදු මහත්තයා කිව්වාට පියසිරියේ හිමිකරු ප්‍රියදර්ශන පෙරේරා මහතා සුදු නැත. තදම කළු කළුදෑවෙකුත් නොවුණාට උන්නැහේ තද පැහැතිය. මං හිතන්නේ ඒ පවුලේ දරුවන් පස්දෙනා අතරෙන් තරමක් හෝ ළා පැහැති සමකට උරුමක්කාරයා වුණු බැවින්- ඔහු සුදු මහත්තයා වූවා විය යුතුය.

එදා සුදු මහත්තයා එක්ක ටික වෙලාවක් සාකච්ඡා කරමින් හුන් සුනිල් සර්, ඊළඟට මගේ මේසය වෙතට ආවේය. “අපි ලොකු වැඩක් කරන්නයි යන්නේ...” සුනිල් ආරියරත්න මහාචාර්යතුමා කිව්වේ සුදු මහත්තයගේ දිහාවටත් හැරෙමිනි.
“ලංකාවේ හොඳම සිංහල කොෆී ටේබල් බුක් එකක් ගහන්නයි යන්නේ... මම ප්‍රියදර්ශනටත් කිව්වා. මං නිමල්ව එක්ක යන්නං මිස්ටර් කොළඹගේ ළඟට. නිමල්ට තියෙන්නෙ කොළඹගේ මහත්තයත් එක්ක එකතු වෙලා අඩුම ප්‍රින්ටින් කොස්ට් එකකින් මේ පොත ගහන්න පුළුවන් විදිහක් හදල දෙන්න. ඔයාලගේ සුදු මහත්තයාමයි කිව්වේ, ඒ වැඩේට සුදුස්සා නිමල්ය කියලා...”

“හොඳයි, සර්!”
“එහෙනං මම කොළඹගේ මහත්තයත් එක්ක වෙලාවක් දාගෙන කියන්නං. ඉක්මනටම. හෙටම යන්න පුළුවන් වුණොත්...”

මගේ මතකය නිවැරදියි නං, ඒ වෙද්දී ගුණසිරි කොළඹගේ මහතා පියසිරියට ඇවිත් තිබ්බේ නැත. අප ඒ පොත අච්චු ගැහුවායින් පස්සේය, එතුමා පියසිරියෙහි ගනුදෙනුකරුවෙකු වුණේ.

සුනිල් සර් පසුවදාම එන බව කියා- එතුමා සමඟ කොළඹගේ මහතා හමුවන්නට යෑම සඳහා සූදානමින් ඉන්නැයිද මට දුරකථනයෙන් දැන්වූයේය. එවිටත් මා කොළඹගේ මහතා ගැන දැනගෙන උන්නේ කාරණා දෙකක් විතරය.
1. ඔහු චිත්‍රකතාවකුත් ඇන්ද කෙනෙකි. ඒ සරසවිය සිනමා පත්තරයටය. ඒ විස්තරය
‘සතුටේ ‘සතුට’ සොයන ගමන්.... post එකේදී ලියා ඇත.

2. ශ්‍රී ලංකාවට ඕෆ්සෙට් මුද්‍රණ ශිල්පය එන වකවනුවේ; පළමු සිංහල foto සෙටර් යන්ත්‍රයට පරිගණක අකුරු සකස් කිරීමේ පුරෝගාමියා මේ කොළඹගේ මහතාය. (මා ඒ විත්තිය කියවූයේ 1984 නොවැම්බර් ‘කල්පනා’ මාසික සඟරාවෙනි. ඊටත් වඩා විස්තර කොළඹගේ මහතා පසු කලෙක මට කීවේය!)

මං වහන්සේ වැස්ස වෙලාවකටවත් මුද්‍රණ පාසලකට ගොඩවැදී නැත. මා ප්‍රින්ටින්වලට වැටුණෙත් අහම්බෙනි.

පසුවදා උදේ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා මාවත් නංවාගෙන වාහනය පණ ගැන්නුවේය; විජේරාම හංදියෙන් මහරගම පැත්තට හැරෙව්වේය. වත්තේගෙදර හන්දිය පෙනි-පෙනී තියෙද්දී වමට; පරණ පාරට හැරෙව්වේය. කුඩා කඳු ගැටය නැඟ, නාවින්නේ ආයුර්වේදය ඉස්සරහින්ම වගේ වමට තියෙන අතුරු පාරකට හැරෙව්වේය. ඊළඟට අප උන්නේ ගුණසිරි මහතාණන්ගේ නිවහනේ මිදුලේය.

අප එනතුරු බලා සිටියේ කොළඹගේ මහත්තයා විතරක් නොවේ; ඔහුගේ ආදරණීය පුතණු ප්‍රසන්නත්...
ඒ ගැන වෙසෙසින් කිව්වේ නිකම්ම නොවේ. එදායින් පසු මට කොළඹගේ මහතා හමු වුණේ කොතැනකදීද ඒ හැම තැනකදීම ඒ තාත්තාත්- පුතාත් දෙන්නාම එකට දැක ගන්නට ලැබුණු බැවිනි. ඒ දෙන්නා ඒ තරමටම සමීප පාටය.

“මෙහෙමයි නිමල්. මේක කොෆී ටේබල් බුක් එකක්නේ. වැඩියෙන් තියෙන්නේ පින්තූර. විස්තර ටිකයි. ඉස්සර ගත්ත ගොඩක් පින්තූර black & white. කලර් ෆොටෝසුත් තියෙනවා... අපි ඉස්සෙල්ලම පොතේ විදිහ බලල ඉඳිමුකො...” හමු වුණු පළමු දවසෙම වුණත් ගුණසිරි මහතා මට පෙන්වූයේ දැඩි කුළුපග ගතියකි. එතුමා අතිශය නිහතමානීව පොතේ ඩමිය මට පෙන්වමින් විස්තර කිව්වේය.
එතෙකින් නොනැවතී ඒ වෙද්දීත් සකසා තිබුණු පිටු, විශාල පරිගණකයේ තිරයෙන් පෙන්වමිනුත් තොරතුරු කිව්වේය.

“මේකයි නිමල්, මෙහෙම පොත් සිංහලෙන් අච්චු ගහලා නැතිම තරං. වැඩේ තියෙන්නෙ පොතක් ගහන එකේ නෙවෙයි, මිල කරන එකෙයි. මෙහෙම පොතක් වුණත් දෙන්න ඕනි පුළුවන් තරම් අඩු ගණනකටනේ... එහෙම කරන්න නං පොත print කරන්න යන වියදම අවම කර ගන්න වෙනවා. අපි කොහොමද එහෙම කර ගන්නේ?”

ඇත්තෙන්ම මට තිබුණේ අත්දැකීමෙන් ඉගෙනගත් මුද්‍රණ ශිල්පීය දැනුමකි. මං වහන්සේ වැස්ස වෙලාවකටවත් මුද්‍රණ පාසලකට ගොඩවැදී නැත. මා ප්‍රින්ටින්වලට වැටුණෙත් ඉතාම අහම්බෙනි.
නමුත්, අභියෝගවලට මුහුණ පාන්නට බිය නොවන  ගතියකුත්- තැනේ හැටියට ඇණේ ගහන්නට හැකි නුවණකුත්- යම්කිසි වාසනා මහිමයකුත් මට තිබුණු නිසාදෝ... දසක ගණනාවක් තිස්සේම ප්‍රින්ටින්වලට ඔරොත්තු දීගෙන හිටින්නටත් මට හැකි වුණේය.

“මෙහෙමයි සුනිල් සර්. අපිට කොස්ට් එක අඩු කර ගන්න වෙන්නේ ප්‍රින්ටින් පැත්තෙන්. ඉම්ප්‍රෙෂන්ස් ගණන අඩු කර ගන්න පුළුවනි නං...”

(මුද්‍රණ කර්මාන්තයේදී ඉම්ප්‍රෙෂන් එකක් කියන්නේ එක් මුද්‍රණ වාරයකි. ඕෆ්සෙට් ක්‍රමයේදී ඒ එක වාරයක් මුද්‍රණය කරන්නට වුවත් සාදා ගන්නා මුද්‍රණ තහඩු (plate) සවි කර මැෂින් එක සූදානම් (make ready) කරගත යුතුය. ආදර්ශ කිහිපයක් මුද්‍රණයකොට බැලිය යුතුය. තීන්ත- වතුර ආදිය නිසි පරිදි ලැබෙනසේ මැෂිම සකස් කළ යුතුය. ඒ සඳහා පැයකට ආසන්න කාලයක් ගත වෙයි. එසේ මැෂිම සකසාගත් පසුව කඩදාසි දාහක් අච්චු (ඉම්ප්‍රෙෂන්ස් දාහක්) ගහන්නට පැයක් ගත වෙන්නේ නැත!)

මේ වැඩේ බොහොම ලස්සනට කරන්න වෙනවා

“4 colour පිටු වෙනම print කර ගන්න පුළුවනි නං...”

“කොහොම print කළත් රජෝ, මේ lay out එක නං ආයේ වෙනස් කරන්න බෑ! බොහොම ලොකු කට්ටක් කාලයි මේ තරමට වුණත් ගත්තේ.”
“නෑ නෑ කොළඹගේ මහත්තයෝ. මං හිතුවේ පුළුවන් තරම් 4 කලර් පිටු එකට print කරලා ගන්න විදිහක්... 2 colour  පිටු වෙනමයි ගත්තොත් ඉම්ප්‍රෙෂන්ස් ගණන අඩු කර ගන්න... සුනිල් සර්, පොත සෙක්ෂන් බයින්ඩින් කරල නේද හදන්නේ... මහලා...”

“ඔව්, ඔව්! මහල හාර්ඩ් කවර් කරලා... ජැකට් එකකුත් දාන්න ඕනි!” සුනිල් ආරියරත්න මහත්තයා බරකොට කීවේය. “මම ප්‍රියදර්ශනටත් කිව්වා, මේ වැඩේ බොහොම ලස්සනට කරන්න වෙනවයි කියලා- ඉක්මනටත්. අප්‍රේල් පස්වෙනිදට පොත එළිදක්වන්නත් තියෙනවා, ලෙස්ටර් මහත්තයාගේ උපන් දිනේදී...”

එතකොට මට කොම්පියුටරයක් තිබුණේ නැත. මං ඉන්ටර්නෙට් යන්නට දැනගෙන උන්නෙත් නැත. එහෙම නොවුණා නං එදාමය, මේ නිමල් දිසානායකයා අන්තර්ජාලයෙන් Coffee Table Books ගැන විස්තර හොයන්නේ.
ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා ගැන නම් ගුවන් විදුලියෙන්, පත්තරවලින්, සිනමා සඟරාවලින්, රූපවාහිනියෙන් අනන්තවත් විස්තර අසා; කියවා; දැකලා; තිබුණ එකනෙ!

අන්තර්ජාලයේ තොරතුරුවලට අනුව Coffee Table Books කියන්නේ ෆොටෝස් හා රූප සටහන් වැඩියෙන් ඇති- කියවන්නට දේ අඩුවෙන් ඇති පොත් වර්ගයකටය. ඒවා තබන්නේ නිවසක විසිත්ත කාමරයේ කෝපි මේසය මතය!

සාමාන්‍යයෙන් ‘කොෆී ටේබල් බුක්ස්’ ප්‍රමාණ තුනකින් ඇතැයි ජාලයේ කියා තිබිණි. Square, Portrait හා Landscape.

සුනිල් සර් අදහස්කොට තිබුණෙත් ‘ලෑන්ඩ්ස්කේප්’ වර්ගයේ පොතක් ලෙස ‘ලෙස්ටර්’ කෘතිය අච්චු ගස්සවන්නටය. පොතේ දිග අඟල් 11 ¾ කි. පළල අඟල් 11කි.
“පොත ගහන්නේ  මැට් ආර්ට් පේපර් කඩදාසියේ. පොඩි පොතකුත් නෙවෙයි. පිටු දෙසීයක්!”

මම ඒ වෙලාවේම අවශ්‍ය කෙරෙන දත්ත ලියා ගත්තෙමි.

කළු පාටින් විතරක් print කරන්නට තියෙන පිටු; 1, 2, 3, 4, 5, 6, 7, 9, 15, 16...
4 colour පිටු: 8, 10, 11, 14... 
2 colour පිටු: 12, 13, 17, 18, 19, 20...    

“ඔහොම ලියාගෙන...”
“Press එකට ගිහිං මම ඩමියක් හදා ගන්නයි යන්නෙ, කොළඹගේ මහත්තයෝ. ඊළඟට තමයි බලන්න ඕනි impressions අඩු කර ගන්න විදිහ...”
“මම ඉතිං ඇඩ්වටයිසින් මිසක් printing side එක ගැන දන්න මිනිහෙක් නෙවෙයිනෙ නිමල්. අනිත් දවසේ ඔයා හදාගෙන එන plan එක බැලුවම මටත් බැරිය, රෆ් අයිඩියා එකක් ගන්න.”

ඉස්සර තිබ්බා අලියා ඔරේන්ජ් බාර්ලි කියල බීමක්! (දැනුත් තිබේ!)

“අනිත් දවසෙ නෙවෙයි ගුණේ. නිමල් අද හවස් වරුවෙම වැඩේ කරයි. පුළුවන් නේද? හෙට උදේ ගුණේට ෆ්‍රී නං මම නිමල්වත් මෙහාට එක්කගෙන එන්නං.” සුනිල් සර් කිව්වේය. “... ඇවිත් නිමල්ව මෙහෙට බස්සලා මං කැම්පස් යනවා. මට ලෙක්චර්ස් වගයක් තියෙනවා උදේ වරුවේ. ඒවා ඉවර වුණාම මම එන්නං...”

ඉතිං, එදා හවස් වරුවේදීම මට ඒ රාජකාරියට කර ගහන්නට වුණේය.

“සුනිල් එක්ක ලේ..සි..යෙ..න් බේරෙන්න බෑ, නිමල්. පහුගිය ටිකේම මිනිහා කුකුළත් අතින් අරං මෙහෙ ආවේ. කොහෙන් හොයා ගත්තද මන්දා. කසිකබල් පරණ ෆොටෝස් තොගයක් එහෙමත් උස්සගෙනයි ආවේ. ඇයි, ඉතිං ඒ කාලෙ ගත්තු foto වෙන්න ඇතිනෙ... හැබැයි එච්චර පින්තූර ගොඩක් හොයා ගත්තට සුනිල්ට වෙ..න..ම තෑග්ගක් දෙන්න වටිනවා. පුළුවන් තරං මහන්සි වෙලා ඒවාත් හදල තමයි මේ පොතට ගත්තේ...” නොමසුරුව සංවාදශීලී වෙන කොළඹගේ මහත්තයා පසුවදා මට කීවේය.
ඒ මහාචාර්ය  සුනිල් ආරියරත්න මහතා මාව එහාට ඇරලවා ගියාට පස්සෙය.

එදාත් මට පළ දුන්නේ ‘හොඳින්  සවන් දෙන්නෙකු වීමේ පුණ්‍ය මහිමය’යි.
ලෙස්ටර් පොතේ මුද්‍රණ සැලසුම ගැන සාකච්ඡා කරනවාට වඩා වැඩි වෙලාවක් ගත වුණේ ඉතා රසවත් අතීත සැමරුම් හෙළිදරව් කරන්නටය!

‘”ඒ කාලෙ නිමල්, advertising කියන්නේ හොඳ field එකක්. හොඳට ගෙව්වා, වැඩක් කෙරෙනකොට හොඳට වියදම් කළා. ඔයා අහල ඇතිනෙ xxxx xxxxx ගැන... හරි ෂෝක් කැමරාමන්!”
“ඔව් කොළඹගේ මහත්තයා. ඔය කිව්වේ xx xxxxxගේ අයියා නේද? මට එයාව හම්බවෙලත් තියෙනවා.”

“අන්න මි..නි..හා! මරු ෆොටෝග්‍රැෆර්... එයාට දැන්වීමකට ගන්න ඕනේ වෙලා තිබ්බලු කතරගම පූජා කෙරෙන මල් වට්ටියක ෆොටෝ එකක්. ඕක මෙහෙදීම ගන්න තිබ්බනේ නිමල්. ඒ මනුස්සය වාහනයක් දාගෙන කතරගමටම ගිහිල්ලා තමයි මල් වට්ටියේ foto එක අරගෙන තියෙන්නේ! ඔන්න ඒ කාලෙ වැඩ....” කොළඹගේ මහත්තයාට හිනා වෙන්නට එක කටක් මදිය!

“මං කියන්න හැදුවේ වෙන දෙයක්... කිව්වේ එක දෙයක්... ඒකත් ඔයාට කියල ඉන්නංකො... ඊට පස්සේ අපේ වැඩේ...” ඔළුව හොලවලාය මං එකඟත්වය පෙන්නුවේ.

“ඉස්සර තිබ්බා අලියා ඔරේන්ජ් බාර්ලි කියල බීමක්. ලංකාවේ ඈත ඈත පලාත්වල හිට ස්ථාපිත වෙලා තිබ්බ බීම ජාතියක්...”
“එලිෆන්ට් හවුස් එකෙන් ගැහුවේ...”

ඒ කාලෙ ගමේ මිනිස්සු ගෙදරට බඩු ගන්න පොළට ගියාම අලියා බීම බෝතලයකුත් බීලයි ගෙදර එන්නේ...

“අන්න හරි නිමල්! ඉතිං... ඒ කාලෙ ගමේ මිනිස්සු ගෙදර බඩු ගන්න පොළට ගියාම අලියා බීම බෝතලයකුත් බීලයි ගෙදර එන්නේ. ඔය දවස්වල පියෝ බෙවරේජස් කොම්පැනියත් හැදුවා බීමක්- ඔරේන්ජ් ක්‍රෂ් කියලා. ඔරේන්ජ් බාර්ලි එකට තරගෙට. ඒකට පබ්ලිසිටි එක දෙන්න වැඩත් පටන් ගත්තා. ඒ වැඩේ බාර දුන්නේ ඔලිවර් පෙරේරාගේ කොම්පැනියට. එතකොට ඒ කොම්පැනියේ Art Director නොයෙලින් හන්ටර්ගේ තාත්තා... ඔන්න මිනිහ plan කළා වැඩේ...

-ඒ දවස්වල මිනිස්සු පත්තර කියවනවා අඩුයිනෙ. ලොකු බෝඩ් ගැහුණෙත් බොහොම කලාතුරකින්. වැඩියෙන්ම කෙරුණේ පොඩි ටින් plate එකක් කඩවල්වල හයි කරන එක. ඒ ටින් ප්ලේට් එකේම පැත්තෙන් අඟලක විතර තීරුවක් නවල තියෙනවා, ඒක කඩේ බිත්තියට තියලා ඇණ ගහන්න.

-ඔය plate එකේ දෙපැත්තේම විකුණා ගන්න ඕනි කරන ජාතිය ගැන කියන දැන්වීම print වෙලා තිබ්බා.”
නොඉවසිල්ලෙන් වුණත් මට තවත් ටික වෙලාවක් කොළඹගේ මහත්තයාගේ හිනාවට ඉඩ දී බලා ඉන්නට වුණේය. දැන් එයා වචනයෙන් විස්තර කරනවා විතරක් නොවේ. දෑතිනුත් අභිනය පාමින් පෙන්වයි.

“අර ටින් ප්ලේට් එකේ තියෙනවා Orange ක්‍රෂ් බෝතලයක්... ලස්සනට කහ පා..ට..ට. ඒ බෝතලේ උඩ ඉඳලා පහතට යනකල් බෝතලය ව..ටේ..ට එතිච්ච ලස්සන දොඩම් ලෙල්ලක්. බොහොම ආර්ටිස්ටික් වැඩක්!
ඉතිං, ඒ ටින් ප්ලේට්ස් ගම්වල කඩයක් කඩයක් ගානේ හයි කරගෙන ගියා. වැඩේ කියන්නේ නිමල්, සිංහයා බීම විකිණි විකිණී තිබිච්ච ටිකත් පාත බැහැලා...

-මොකක්ද දන්නවද වෙලා තිබුණේ?
ගම්වල මිනිස්සු කියන්න පටන් අරං ‘ඒ බීම හදල තියෙන්නෙ දොඩම් ලෙලිවලින්... කිසි ගුණයක් නැති ඒක සල්ලිත් දීල අරගෙන බොන්න ඕනයැ’ කියල.”

ඒ දවස් කීපයේ පාදා ගන්නට ලැබුණු ‘පැරණි මිණි මුතු’ කොතෙක් රසවත්ද? ඒ නිසාම ‘නිදිගෙ පංච තන්තරේ’ ලියන්නට පටන් ගත්තායින් පසුව යළිත් වතාවක් මම (2019 අප්‍රේල් මාසයේ 5 වෙනිදා) කොළඹගේ මහතා හමුවීමට ගියෙමි. (හිතවත් ගවීන් මා හා එහි ගියේය. පැය දෙකහමාරකටත් වඩා දිගු වූ අපේ රසබර සංවාදය ගවීන් පටිගත කළේය. එයින් කොටසක් ‘සතුටේ සතුට...’ posts ලියද්දී ප්‍රයෝජනයට ගත්තෙමි.
කෝපි මේස පොත ගැන මේ posts කිහිපය ලියනවිටත් ඒ සාකච්ඡාවෙන් කොටසක් උපයෝගී කර ගන්නා විත්තිය 2022දී කොළඹගේ මහත්තයාට කීවෙමි.

සුබ ගමන්- කොළඹගේ මහතාණෙනි!

-”ඒක ලියන්න කලින් අපි ආපහු හම්බ වෙමු නිමල්, එතකොට මම තව කතන්දර ගොඩක් ඔයාට කියන්නං.” කොළඹගේ මහතා එවිට පොරොන්දු වුණේය.

-අවුරුදු ගණනාවක් තිස්සේ ලියන්නට පෙරුම් පුරමින් හිටි, මේ පෝස්ටු දෙක-තුන හදිසියෙන්ම මෙසේ ලියැවෙන්නේ ඉකුත් සතියේ දවසක දැනගත් ශෝකජනක පුවතක් නිසාය.
අර පොරොන්දුව ඉටු කරන්නට- සිනාකමින් රසකතා වගුරන්නට... ඒ හිතවතා; ගුණසිරි කොළඹගේ මහතා දැන් නැත! ඔහු සදාකාලික නින්දට පිවිසීලාය.
සුබ ගමන්- කොළඹගේ මහතාණෙනි!

ඔබ හා කෙරුණු; අවුරුදු 5ක් පරණ සාකච්ඡාවක් උදව්වට ගනිමින්- ඔබට බෙහෙවින් ස්තුතිවන්ත වෙමින්, මේ පෝස්ටුවේ දෙවැන්නත් ලියන්නෙමි.

35 comments:

  1. අර පොත ප්‍රින්ට් වෙච්ච විදිහ - මං කිව්වෙ අවසාන වුණ විදිහත් ඉතිරි එකේ ලියන්න.

    ඔය ඔරෙන්ජම් බාර්ලිය තමා ඔය තිබුණ බීම වලිං රහම එක. අදටත් පරණ වයසක අයගෙං ඇහුවොත් ඉතිං ඔරෙංජං බාර්ලි තමා. ඒ දවස් වල ඒ තරං රහක් දැනුණ. දැං තැනිං තැන තියේ. ඉස්සර මතකෙට අරං බිව්වට එච්චර රහක් නෑ වගේ.
    සමහර විට අපේ හිතේ පැළපදියම් වෙලා තියෙන රහ අපිට දැනෙන්නැතුවද නැත්නම් ඒ කාලේ අපිට දැනුන රහ අවස්ථාවත් එක්කම දරනුන දෙයක් නිසා වර්තමාන ඉන්සිඩන්ට්ස් එක්ක කම්පෙයා වෙනවද කියන එක තමයි මගේ තියෙන ගැටළුව.

    ලංකාවේ පොත් කර්මාන්තය ඇදගෙන යන්නේ ඒ කර්මාන්තයේ ඉන්න කැහිල්ල තියෙන කීපදෙනෙක් නිසා මිසක් ඇත්තටම ඒක මහ ලොකු බිසනස් එකක් නිසා නෙවී කියලමයි මගෙ අදහස. මම මේ කියන්නෙ වර්තමාන කාලය ගැන. අතීතයේ හොද පොත් ප්‍රකාශන කර්මාන්තය ක් තියෙන්න ඇති. ඒත් අපිට පේන හැටියට මිනිස්සු පොත් වලිං ඈත් වෙනව. ලොකුම කාරණාව තමා වියදමත් එක්ක පොතකට යන ගාණ දරාගත නොහැකි විදිහට වැඩි වෙලා තියන එක.

    ReplyDelete
    Replies
    1. ඔරෙන්ජං බාර්ලී, පෝටෙලො බිව් කාළේ
      පිච්චිය අතේ නැති, සතුටින් හිටි බාලේ
      අද ඒ රසය එන්නේ නැහැ ඇයි රාළේ
      නොස්ටැල්ජියාවට බැඳි බස්සගෙ ආලේ

      Delete
    2. ඔෞරෙන්ජං බාල්ලි 🤭

      Delete
    3. අපි හරි වයස මිනිස්සු බලං ගියාම

      Delete
    4. දෙවෙනි කොටසෙදී ඒවා ලියනවා මහේෂ් මහත්තයෝ.

      පස්සේ කාලෙක ආවා පැෂෝනා හරි ඔරේන්ජ් ෂැරෝනා හරි කියලා බීමන්. ඒක වඩා රසට දැනුනා මට නං.

      ලංකාවේ පාලක පැලැන්තිය කැමති නෑ මිනිස්සු පොත-පතට හුරු වෙනවට. කොච්චර ඉල්ලීම් කෙරිලත් කඩදාසි- මුද්‍රණ කටයුතුවලට බදු අඩු නොකරන්නේ ඒකයි!

      Delete
    5. අසීරුවෙන් ලැබ ගත්දේ ඉමිහිරිය
      අමාරුවෙන් ලැබ ගත්දේ රසවත්ය
      ඇති හැකි නිසා දැන් හිතු දේ ගත හැකිය
      එනමුදු මිහිර -රස දැනෙනුයෙ අඩුවෙන්ය

      එහෙම නේද බකුසුතුමෝ?

      Delete
    6. නමියෝ, ස්තුතියි වැදගත් කාරණාවක් කියන්න සැලැස්සුවාට. හුඟ දෙනෙක් වරද්දල ලියන එකක් තමයි ඖෙ අකුර.
      එකට කොම්බුවක් අවශ්‍ය නෑ. ඖ කියල ලිව්වම හරි!

      Delete
    7. //අපි හරි වයස මිනිස්සු බලං ගියාම//
      මහේෂ්, වචන දෙකක් අඩුයි නේද... 'හිතෙන් තරුණ'

      Delete
  2. ඉස්සර කොෆී ටේබල් පොත් බලන්නෙ ආසාවෙන්. විශේෂයෙන් සත්තු, පරණ ගොඩනැගිලි වගේ. දැන් ඉන්ටර්නෙට් එකෙන් පින්තූර දැකලම පොත්වල පින්තූරවලට ආසාව අඩුවෙලා. තාම ආසාවෙන් බලන්නෙ පරණ දුර්ලබ පින්තූර හෝ අලුත් ස්කෙචස් තියනවනම් විතරයි

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම Pra Jay මහත්තයෝ. මමත් ඔයා එක්ක එකඟයි.

      Delete
  3. Replies
    1. බුදු ගුරු ශනි හිරුට හිමි හැම දවස් ව ල
      මේ සන්හි‍‍‍ඳේ මල කෙළියකි සවස් ක ල
      පෂා බොෂා, නමියගෙ සඤ්ඤකත් බ ල
      මේවා දැකලා බෂ්ෂට පනිනවා ම ල

      Delete
    2. බප්ෂගෙ කයි සිත ඇවිස්සිලා වගෙ හිටං... 🙈

      Delete
    3. එතුමට සුබ ගමන් ප්‍රාර්ථනා කරනව !

      Delete
    4. මාත්‍රා ගණන් හරියට යොදා ඇතී
      එළිවැට හෙමත් නියමෙට පිහිටුවා ඇතී
      කවියක් බකුසු මහතාණන් ගොතා ඇතී
      නමියෝ ඔයා හරි 'කවි සිත පිබිද ඇතී'

      Delete
  4. අද කතාව හොඳයි. කොහොමත් අනුන්ගෙ අත්දැකීම් වලට වඩා, නිදි තමන්ම අත්දැක්ක දේ ලියනකොට ලස්සනයි.
    //මා ප්‍රින්ටින්වලට වැටුණෙත් ඉතාම අහම්බෙනි//
    එතන ලින්ක් එකට ගියා, ඒත් ඒ කතාව , මේ වගේ ලස්සනට ලියවිලා නෑ. ඒක ඔරේන්ජ්ං බාර්ලි, ලෙමන් පෆ් නැති මල ගෙදරක් වගෙයි. 😋
    ආයෙ ඔෆ් සෙට්, ලෙටර් ප්‍රෙස්, foto සෙටර් යන්ත්‍ර පිංතූර සහිත "කොෆී ටේබල් බුක්" ඉට්ටැයිල් පෝස්ට් එකක් ලියමුද?🙏 ආ!, ඔව්, ඔව්! මහල හාර්ඩ් කවර් කරලා... ජැකට් එකකුත් දාන්න ඈ?😁

    ReplyDelete
    Replies
    1. ඕක කියද්දී මට මතක් උනේ මට මතකයි පොඩි දවස්වල මළ ගෙදරක් උනහම පාංශකූල වෙලාවට හාමුදුරුවෝ ඉස්සරහින් පෝලිමට බාර්ලි බෝතල් ටිකක් තියලා තියෙනවා. ඇත්තටම බාර්ලි බෝතල් කිව්වට එක එක පාරට බීම බෝතල් . ඒ උනාට පොදුවේ මිනිස්සු ඔක්කොම එකට කිව්වේ බාර්ලි බෝතල් කියලා. ඔය ඔරෙංජං බාර්ලි වල ජනප්‍රියත්වයට හොඳ උදාහරණය ක් ඒක. මොකද කවුරු කොහෙ ගිහිං මොනා ඇහුවත් ඉල්ලුවෙ බාර්ලි බෝතලයක් කියල මිසක් එකේක වෙන නං වලිං නෙවී.

      Delete
    2. ඕක කියද්දී මට මතක් උනේ මට මතකයි පොඩි දවස්වල මළ ගෙදරක් උනහම පාංශකූල වෙලාවට හාමුදුරුවෝ ඉස්සරහින් පෝලිමට බාර්ලි බෝතල් ටිකක් තියලා තියෙනවා. ඇත්තටම බාර්ලි බෝතල් කිව්වට එක එක පාරට බීම බෝතල් . ඒ උනාට පොදුවේ මිනිස්සු ඔක්කොම එකට කිව්වේ බාර්ලි බෝතල් කියලා. ඔය ඔරෙංජං බාර්ලි වල ජනප්‍රියත්වයට හොඳ උදාහරණය ක් ඒක. මොකද කවුරු කොහෙ ගිහිං මොනා ඇහුවත් ඉල්ලුවෙ බාර්ලි බෝතලයක් කියල මිසක් එකේක වෙන නං වලිං නෙවී.

      Delete
    3. මට හිතෙන්නේ මහේෂ්, ලංකාවට මුලින්ම හඳුන්වා දුන් සිසිල් බීම වර්ගය ඔරේන්ජ් බාර්ලි වෙන්නැති කියලා. ඒ නිසා වෙන්නෝනි බාර්ලි කියන පොදු නම මිනිස්සුන්ගේ හිත්වලට කිඳා බහින්න ඇත්තේ.

      Delete
    4. බස්සා මහත්තයෝ, ඔයාගේ යෝජනාව මතකේ තියා ගත්තා.

      Delete
  5. මමයි ඉනෙස් නුයි ලන්ඩන් පිකඩිලි පැත්තේ ගියොත් අනිවාර්යයෙන් කෝපි බොන්න යන තැන් දෙක තුනක් තියනවා. එකක් පිකඩිලි වල මිසෝන් ඇසුලින් (ඇසුලින් ගේ ගෙදර) කියන තැන. එතන කෝපි , බොන්න ද්රින්ක් එකක් ගන්න ගමන් කොෆි ටේබල් පොත් බලන්න පුළුවන්. සමහර පොත් පවුම් තු හාරසියේ සිට දෙදාහට වැඩි ඒවත් තියනව නිදි ගිහින් තියෙනවද දන්නේ නැහැ. https://www.maisonassouline.com/

    ReplyDelete
    Replies
    1. අජිත් මහත්තයෝ, මෙහෙ කොෆී ෂොප්වලටත් බොහොම මිල අධික කොෆී ටේබල් පොත් දැම්මොත් කොහොම වේවිද කියලයි මට හිතුනෙ....

      එංගලන්තේ කොෆී ෂොප් එකකට යන අවස්ථාව මට හම්බ වෙලා නෑ, අජිත්.

      Delete
  6. ඕකේ පොඩි අවුලක් තියෙනවා.....
    //පියෝ බෙවරේජස් කොම්පැනියත් හැදුවා බීමක්- ඔරේන්ජ් ක්‍රෂ් කියලා// ඔරේන්ජ් ක්‍රෂ් කියන්නෙත් එලිෆන්ට් හවුස් එකේ එකක්.... මම හිතන්නේ ඔය කියලා තියෙන්නේ ඔරෙන්ජ් ෂැරෝනා (Orange Sharona) එක ගැන..... මේකට ෆොටො එකක් දාන්න පුලුවන්නං මම මේකට අමුනන්නං

    ReplyDelete
    Replies
    1. ඔව් මටත් මතක විදිහට ඔරේන්ජ් ක්‍රෂ්, ක්‍රීම් සෝඩා එලිෆන්ට් හවුස් නිෂ්පාදන. තව තිබ්බා ලිංගුස් කියල එකක්, තනිකරම මස් කරල.😁

      Delete
    2. ස්තුතියි සූටික්කෝ, කොළඹගේ මහතාට ඔය නම් පැටලෙන්නට ඇති. ඒවා නිවැරදි කරන්නට තරං දැනීමක් මටත් නැහැනෙ, මොකක්ද foto එක?
      අමුනන්නකෝ...

      Delete
    3. ඔව් බස්සා මහත්තයෝ. මටත් මතකයි, වැඩියෙන් ලුණු රසක් තිබ්බේ... තෙල් කට්ටේ...

      Delete
    4. ෆොටෝ එකක් මෙතනට අමුනන්නේ කොහොමද ?
      නැත්තන් මට නිදි ගේ ඊමෙල් එක එවන්න, මම ඔබතුමාට ඒක දාන්නං......

      Delete
    5. foto එක ලැබුණා සූටික්කෝ, ඔයාටත් රන්ජිත් ගලගොඩ මහත්තයාටත් ස්තුතියි. ඊළඟ කොටසෙදී foto එක දාන්නන්.

      Delete
  7. "2004 වෙද්දී මං ‘කෝපි මේසේ උඩ තියෙන පොත්’ ගැනවත් ‘කෝපි මේස’ ගැනවත් දැනගෙන උන්නේ නැත!"
    මම මේ කියවනකන් දනන් උන්නේ නැත

    ReplyDelete
    Replies
    1. අපි පොඩි මිනිස්සුනේ ඉවාන්!

      Delete
    2. මං දැන ගත්තෙත් මේකෙන්

      Delete
  8. මම නම් කොහේ හරි ගියාම ඔය කෝපි පොත් පෙරළලා කියවල බලනවා ... මට තියෙන එක ආසාවක් තමා පොත් ප්‍රින්ට් කරන එක .. හැබැයි කවදාවත් කරයි ද කියල ෂුවර් නෑ .. මම හිතන්නේ කඩදාසි , පාට වලට තියෙන ආසාව නිසා වෙන්ඩ ඇති

    ReplyDelete
    Replies
    1. පැතුම්, ඔයාටත් තියෙන්නෙ ප්‍රකාශකයෙක් වෙන්නයි! එතකොට හරි!

      Delete
  9. Replies
    1. ස්තුතියි බස්සා මහත්තයෝ, මැද රට විත්ති කියෙව්වා. ඉතා රසවත් දේශාටන විත්ති අඩංගු පෝස්ටුවක්.
      ඊයේ බෙහෙත් ගන්න හම්බන්තොට ගියා. අදයි blog අඩවි පැත්තේ යන්නේ.
      මං ඉකොනොගේ නිත්‍ය පාඨකයෙක්.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්