li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Thursday, August 1, 2024

හරෝහරා හයවෙනි වරටත් සහ කීටෝ - පස්වෙනි කොටස

“එහෙම නෙවෙයි! ප්‍රියන්ත උදේ හිට මහන්සි වෙලා උයපු දේවල් නිකම්ම අහක දාන්නයැ. දෙන්න ප්‍රියන්ත එක බත් පාර්සලයක් මට. හැබැයි මහත්තයෝ, මම ඒකෙන් කන්නේ වෑංජන ටික විතරයි... හොඳේ.” නයා මරන්නෙත් නැති- පොල්ල කඩා ගන්නෙත් නැති ඒ විසඳුම අනෙක් අයත් පිළිගත්හ.

“නෙවිල් අයියේ, ඔයයි තමිරයි දෙන්නා... බත් කටකුත් කන්න- පුළුවන් නං. මොකද යුෂ්මතුන් දෙන්නටයි මටයි පැය 80ක් යනකල් කීටෝ ඩයට්ස් විතරයි!” ඒ අස්සෙත් අයස්මන්ත නිවේදනය කළේය.

හෙට උදේ මෙතැන ඉඳල මඩමේතොටට යන...

“නිමල් අයියේ, ඔයාටත් විශේෂයෙන් කියන්න දෙයක් තියෙනවා. හෙට උදේ මෙතැන ඉඳල මඩමේතොටට යන ට්‍රැක්ටරේකට...” අපේ අයස්මන්ත මහත්තයා හැරෙන්නේ පොල් පැලය දිහාවටය. උන්නැහේ ඊට කලිනුත් තුන්-හතර වතාවක්ම මට ඔය කතාව කියන්නට හැදුවේය. එහෙන් මෙහෙන් මුට්ටිය දමමින් බැලුවේය.

ඒ එකම වෙලාවකවත් ඇට්ටර මං වහන්සේ කට ඉස්සර කළේ නැත. කළේ සාවධානව අහගෙන ඉඳිල්ලය. අඩුම තරමින් ‘හා හ්ම්’ කියලාවත් නොකියා මී හරකෙකු වාගේ බලාගෙන ඉඳිල්ලය... එදා රෑත්...

“... උදේ මෙහෙ ඉඳල මඩමේතොටට යන ට්‍රැක්ටරේකට නිමල් අයියවත් නග්ගල යවන්න විදිහක් මම බොහොම අමාරුවෙන් set කර ගත්තා. අදත් ගොඩක් රෑ වෙනකල් නැඟිටලා ඉඳලා- හෙටත් පාන්දරම නැඟිටින්න වුණාම අපි කාටත් අමාරුයිනෙ... ඉතිං දෙවෙනි දවසේ ඉඳල ඔයාට අපේ speed එකටම යන්නත් පුළුවන් වෙයි- ඔයා හෙට වැඩිය මහන්සි නොවුණොත්...” පීරිස් කියාගෙන යයි.

ඒ පරෙස්සමෙන් වචන තෝරා ගනිමිනි; හිතා-බලමිනි; කිරා බලමිනි!

තෙපර බාමින් කියන්නට කලින්ම ඒ යෝජනාව කෙරෙන්නට යන විත්තිය මේ නසරානි නිමල් දිසානායකයා දැනගෙන උන්නේය. ඒත් ඒකා නිදැල්ලේ යන පන්දුවලට පහර දෙන්නට යන ජාතියේ එකෙක් නොවේ. තලාගත යුතු බෝලයක් එනතුරු ඉවසිල්ලෙන් බලා හිඳ, ටක්කෙටම පහර දෙන්නෙකි.
ඇත්තම කියතොත්, ඌ අර යෝජනාව කෙරුණාම ‘ගිඩි ගාලා’ දෙන්නට උත්තරයකුත් ready කරගෙනය උන්නේ!

‘මට බෑ!
මුළු දුරම පයින් යන්න මට පුළුවන්. ඉබි ගමනින් හරි මාත් එන්නං... මගේ speed එක අඩු බව ඇත්ත. ඒක ඇණයක් වෙනවයි කියල හිතනවා නං; මාව වාතයක් කියලා හිතනවා නං මම පාද යාත්‍රාවේ නොයා නවතින්න වුණත් ලෑස්තියි. එහෙම නැතිව මුල් දවසෙම ට්‍රැක්ටරයක නෙවෙයි, වෙන වාහනයක වුණත් මට යන්න බෑ!’

ඇට නැති දිව ලෙළවමින් ඕනෑම දෙයක් කියා දමන්නට ඕනෑම කෙනෙකුට පුළුවන්ය. හිතට ආවේගයක් ආවාම එසේ කිරීම වඩාත් ලෙහෙසිය. නමුත් හපන්කම එය නොවේ; නුවණක්කාරකම එය නොවේ! ඒ බව දන්නා නිසාමය, මං වහන්සේගේ හිතට තරහක් ආවාම ‘කතා නොකර’ ඉන්නේ. එහෙම වෙලාවට මගේ මුවෙන් පිටවෙන ‘වචන හී සර’වලින් ඇති වෙන්නේ සනීප නොවෙන තුවාලය.

පානම ඉඳලා කුමන පිවිසුම තෙක් එන අතරේ මා කළේ එළඹෙන්නට යන ජවනිකාව එහාට- මෙහාට හරවා බලමින් ආවර්ජනය කිරීමයි. තත්ත්වය විශ්ලේෂණය කිරීමයි.

මොකද බැරි. මම ගිය සැරෙත් ගියේ එහෙමයිනෙ. පැයක් ඇවිදලා ටිකක් රෙස්ට් කරලා ආයෙම...

‘ඇයි බං නිමලෝ ටිකක් හිතන්නෙ නැත්තේ? උඹේ බූරු මොළේට තේරෙන්නෙ නැද්ද එයාලා ඔය කියන්න යන දේ සාධාරණයි කියලා. තමුසෙ කොච්චර අසාධාරණ උත්තරයක්ද මිනිහෝ, දෙන්න ලෑස්ති කරගෙන ඉන්නේ?

Youth එකේදී තමුසෙ ඉගෙනගත්ත නේද කණ්ඩායමක් එක්ක සහයෝගෙන් වැඩ කරන්න ඕනි විදිහ. නායකත්ව ගුණාංග එහෙමත්...
කටින් බතල හිටවන්න කාටත් පුළුවන් යක්ෂයො... පරහිතකාමී වෙන්න ඕනි වෙලාවකුයි එන්න යන්නේ. අනිත් හය දෙනා ගැනත් ඩිංගක් හිතපං...
උඹට පුළුවන්ද උඹ හිතාගෙන ඉන්න target එකටම ගමන යන්න? වෙන මිනිස්සු නං මෙලහට උඹව හළලා.’

‘මොකද බැරි. මම ගිය සැරෙත් ගියේ එහෙමයිනෙ. පැයක් ඇවිදලා ටිකක් රෙස්ට් කරලා ආයෙම ගියේ! ඒ වගේම තමයි මේ සැරෙත් කරන්න යන්නේ...’

අපට අපේම හිත රවටා ගන්නට ඇහැකිද?

‘යයි, යයි. යස අගේට යයි.
ගිය සැරේට වැඩිය තමුසෙ දැන් අවුරුද්දකින් නාකියි, මැන්ටලේ!
හොඳයි- කියනවා, ගෙදරදී දවල්ට පැයක් හමාරක් නිඳා නොගත්ත දවසට තමුසෙ ඉන්නේ වෙරිකාරයෙක් වගේ නෙවෙයිද... මත් වෙලා වගේ නෙවෙයිද. එහෙම වෙලාවට තමුසෙගෙ ඉලව් කෙණ්ඩ පෙරළිලි, මස් පෙරළිලි කොච්චර වෙනවද යකෝ? දැනුත් හොඳටම රෑ වෙලා... ඒත් තවම මඟ... අදත් නිඳි මරලා- හෙට උදෙන්මත් නැඟිටලා බූරුවා වගේ පයින්ම කිලෝ මීටර් 23ක් යනකොට... උඹට පුළුවනිද අනිත් අයට වාතයක් නොවී...’

ඒ අස්සේ තවත් සිතිවිල්ලකුත්...
‘උඹට දෙවෙනි ගැන අමතකම වුණාද?’

ඒකත් ඇත්තය!
දෙවෙනි කිව්වේ අයස්මන්ත හිතවතාගේ දෙවෙනි දියණියයි. රුමේනියාවේ විශ්වවිද්‍යාලයක වෛද්‍ය විද්‍යාව හදාරණ දෙවෙනි, දිගු කාලයකට පස්සේ නිවාඩුවකට ගෙදර ආවේ දවස් කිහිපයකට කලිනි. “ඔයාල දන්නවනෙ... එයාලට ඕනි මේ දවස් ටිකේ අපේ පවුලම එකට එකතු වෙලා ඉන්න. දෙවෙනි ඉක්මනින්ම ආපහු යනවනේ... හරි අමාරුවෙන් එයාලව කැමති කරවගත්තෙ මම මේ සැරේ පාද යාත්‍රාවෙ යන එකට...”

එහෙම ප්‍රශ්නයක් මැද්දේ- ලොකු වියදමකුත්; වෙහෙසකුත් දරා කැපවීමෙන් අපේ ගමන සංවිධානය කළ අයස්මන්ත හිතවතාගේ සාධාරණ යෝජනාවට මා විරුද්ධ වීම සුදුසුද...
‘හරි නං මේ සැරේ පාද යාත්‍රාව අල්ලලා දාන්නයි තමුසෙලට තිබ්බේ.’

“මේ බලපල්ලකො යකුනේ... නිමල් අයිය ඇස්දෙක අරගෙනම නිඳිද කොහෙද...”
“පිස්සුද පීරිස්? මම අහගෙන ඉන්නේ... ඉතිං...” එච්චර වෙලාවක් සමවැදී හිටි මගේ මනෝ රාජ්ජයෙන් පිටමං වෙලා මං කිව්වේ තීරණයකුත් අරගෙනයි.

මැරෙන්න හරි බලාගෙන මඩමෙතොටින්ම කුඹුක්කන් ඔයෙන් එගොඩ වෙන්න දත කන්නේ...

“ඉතිං දෙවෙනි දවසේ ඉඳල ඔයාට අපේ speed එකටම යන්නත් පුළුවන් වෙයි- ඔයා හෙට වැඩිය මහන්සි නොවුණොත්... ඒ වගේමයි- ඔයා ට්‍රැක්ටරේ යනවා නං අපේ බඩු මලුත් ටිකක් හරි ඒකට දාන්න පුළුවන්- ඉඩ තිබ්බොත්...”

“ඔව් නිමලෝ, මහන්සි පිට ඉන්න අපි කාටත් ඒක වුණත් ලොකු සහනයක්නෙ බං!”
“ඔව් දිසානායක... ඒක නං ඇත්තයි!”

(අපේ නඩය පාද යාත්‍රාවේ යෙදුණු හතරවෙනි වතාවෙත් එහෙම සහනයක් ලැබුවා මට මතකය. ඒ වංගියේ bags තොගය පරෙස්සම් කරමින් ස්වේච්ඡාවෙන්ම ට්‍රැක්ටරයේ ගියේ මර්වින් බොතේජු හිතවතාය. ඒත් මඩමේතොටදී මර්වින් කිව්වේ ‘ට්‍රැක්ටරේ ඇවිත් එයාගේ puක හතරැස් වුණු විත්තිය’කි. “...ඒක මහ වධයක් බං... බැහැලා තනියම හරි පයින් එන්න හිතුණා. අම්මප- මං එහෙම කරනවා bags නොතිබ්බ නං.” ඒ චිත්‍ර වධය විඳි මනුස්සයාත් හදන්නේ මාව ට්‍රැක්ටරයක පටවන්නටය.)

පීරිස්ගේ කතාවට support කෙරෙනවා වැඩිය. විරුද්ධ වෙන එකෙක්වත් නැත. මම හිස සැලුවෙමි- ඔළු භාෂාවෙන් ‘හා’ කිව්වෙමි.
‘මං ඉතිං තදම තද දේව භක්තිවන්තයෙකුත් නෙවෙයිනෙ. / කතරගම දෙයි හාමුදුරුවෝ ඔකඳ ඉඳලා කතරගමට වැඩියයි කියන පාර දිගේම; මුළු දුරම යන්න ඕනි කියන හිතිවිල්ලකුත් තමුසෙට නෑනෙ නිදි. / එහෙම විශ්වාසෙකින් ඉන්න කට්ටිය වුණත් පුළුවන් තරං short cutsවලින් යන්නේ... මැරෙන්න හරි බලාගෙන මඩමෙතොටින්ම කුඹුක්කන්
ඔයෙන් එගොඩ වෙන්න දත කන්නේ. / අනෙක බං දෙයියෝ වැඩිය පාර හරියටම කවුද දන්නෙ?’ මගේ හිතත් කියාගෙන කියාගෙන පලච්චි...

ඒ මදිවට නින්දට වැටෙද්දීත් මට එව්වාම කල්පනා වෙච්චි... ඒකෙන් වුණේ ඒ පැය දෙක-තුනෙත් මට හරි-හමන් නින්දක් නැති වෙච්චි එකයි.

කුමන පිවිසුමේ වනෝද්‍යාන ගොඩනැඟිලිවලත්, එව්වයේ අගුවලත් නිඳාගෙන උන් අය පාන්දරින්ම නැඟිටින්නට පටන් අරං. අපිත්...

“සර්ලට තේ ටිකක්...” වන ජීවියේ හිතවතා උදෙන්ම ආවේ ප්‍රශ්නයක් අහගෙන. පීරිස් මගේ දිහා බැලුවේ ‘උත්තර දියංකො මිනිහෝ, මාවම කන්න වගේ බලං ඉන්නේ.’ කියලා කියනවා වගෙයි.
“අපි තේ හදා ගන්නං. උණුවතුර ටිකක් උණු කරගන්න පුළුවන් විදිහක්...”
“මම උණුවතුර ගෙනත් දෙන්නං, ඉක්මනට... උණු කරපුවා තියෙනවා. සර්... ට්‍රැක්ටරේ හරියටම පහ වෙද්දී මෙතෙන්ට එයි... සර්ලගෙ bags ටිකකුත් දාගන්න පුළුවන් වෙයිලු. එතකොට කවුද සර් ට්‍රැක්ටරේ යන්නේ...”
“මේ ඉන්නේ... මෙයා තමයි ලෙඩා. එයා ලෙඩා නිසා හැම තිස්සෙම අපිටත් ලෙඩ දාන එකයි මිනිහගෙ වැඩේ...”

කූඩාරම ඇතුළට ඔළුව දමා ගන්නට ඔටුවෙකුට ඉඩ දුන් හිත හොඳ මනුස්සයාව මට මතක් වුණේ...

ඒ කතාව නැවතුණේ මහ සද්දෙන් කෙරුණු කඩා වැදීමකිනි.

“අම්මට සිරි! මේ ඉන්නේ අපේ දොස්තර මහත්තයා. කෝ අපේ මාමා... මාමේ, අපි තව සැරයක් හම්බ වුණා එහෙනං...” හෙමින් කතා නැති; දඩිබිඩි වැඩ ඇති ඉන්දික විරාමයක් නොගෙනම කියාගෙන යයි.

“සමහරු ඉන්නවා නිමල් අයියේ සිංහල භාෂාවේ තිත්, කොමා, හර්ෂාදී ලකුණ වගේ දේවල් තියෙන බව දන්නෙ නැති. එහෙම අය කතා කරන්න ගත්තම no stopping!” පීරිස් කියන දෙයකි ඒ. ඉන්දිකත් ඒ ගොල්ලේ කෙනෙක්ද?
“ඩොක්ටර්, ට්‍රැක්ටරේට අපේ බෑග්ස් ටිකකුත් දා ගන්න පුළුවන් වෙයි නේද?”
“පුළුවන් පුළුවන්... හැබැයි- දැන්මම මෙතෙන්ට ගේන්න වෙයි. පහට ට්‍රැක්ටරේ එනවලු...”

“අම්මට සිරි! ඒයි... සුජියා- බානි... ඉක්මනට ගිහිං අපේ bag ටික ගෙනෙමු බං. යමු යමු... මාමේ, අපි ටක් ගාලා එන්නං... බෑග්ස් ටිකත් අරගෙන.”

හොඳ ටික!
23 දෙනෙකුගේ ඇඳුම්-කැඩුම් මලු විතරක් නොවේ. හාල් පොල් මලුත්...
“ඩොක්ටර්, මේ දෙන්නවත් මාමා එක්කම යවමු. හරිය? මෙයාලත් ලෙඩ්ඩු. මෙයාලා දෙන්නට පුළුවන් අපි එනකල් දවල්ට උයන්නත්...”
“අපි නිමල් අයියත් එක්ක මේ නමීවත් යවන්නයි හදන්නේ... bag ටික බා ගන්නවත් කෙනෙක් ඕනිනෙ... අනික නිමල් අයියත් අපට උයන්නයි හිතාගෙන ඉන්නේ...”
“ඕන්නෑ ඕන්නෑ මාමේ... ඔයා දවල්ට උයන්න මහන්සි වෙන්න ඕන්නෑ! අපේ මේ නිස්සංකත් නියම කුකෙක්... නිස්සංක උයයි ඔය ගොල්ලන්ටත් එක්ක.”

අයස්මන්ත, මර්වින්, තමිර, ප්‍රියන්ත හතර දෙනාම ඔකඳ දේවාලයේ පාන්දර පූජාවට ගිහින්ය.

ඒ අතරේ පැමිණි වනජීවියේ හිතවතාට තරු පෙනුණා වගෙය. “මෙච්චර බෑග්ස්? ට්‍රැක්ටරේ එන්නේ අපේ බඩුත් පටවාගෙන. මේ ඔක්කොම නං ඒකට පටවන්න බැරි වෙයි සර්!” නෙවිල්, නමී හා මාත් හිටියේ ‘මුඛ පූට්ටු වූවන්’ වගේ නිස්සද්දවය.

පාන්දර පහට එනවා යැයි කී ට්‍රැක්ටරය ආවේ හතට විතරය.

එතකොටත් ඒක full loadය! තවත් නඩයක බෑග්ස්තුත් පටවලාය!! අපේ කට්ටියත්- ඉන්දිකලාගේ කට්ටියත් එකතුවී අපේ බෑග්ස් කන්දත් ඒ ට්‍රැක්ටරයට පැටෙව්වෝහ. ඒ තත්ත්පරයකුදු පමා නොවී; මොහොතකුදු අපතේ නොයවමිනි.
කූඩාරම ඇතුළට ඔළුව දමා ගන්නට ඔටුවෙකුට ඉඩ දුන් හිත හොඳ මනුස්සයාව මට මතක් වුණේ, වනජීවියේ හිතවතා එතැනට ආවාමය.

“අපේ තුන් දෙනෙකුත් යන්න ඉන්නවා... මඟින් තව බඩු ටිකක් පටවගන්නත් තියෙනවා...”
“මේගොල්ලෝ ඉඩ හදලා දෙයි මහත්තයෝ... චුට්ට දුරනේ...

අපේ ට්‍රැක්ටරය මඩමේතොටට ළඟා වෙනකොටත් සිංහල තරුණ නඩ කිහිපයක්ම එහි ළඟාවී ඉවරය!

-කෝ මේ මාමා... මචං සුජී, උස්සල ගනිං අපේ මාමව.” (ඒ විධානයත් එක්කම සවිමත් අත් හතරකින් නිමලයා උඩට ඉස්සුණේය; ට්‍රැක්ටරයට පැටවුණේය.)

බලං ඉන්නැතුව උඹත් නැඟපං නිස්සංක අර පැත්තෙන්... නැඟලා, මාමට වාඩි වෙන්න මේ පුටුව තියලා දීපං...” ඉන්දික මහ හඬින් පිරිස මෙහෙයෙව්වේ එතැන ලොක්කා එයා වගෙය.
“නමී... ඔයාලා දෙන්නත් නඟිනවා ඉතිං. අන්න ගේට්ටුව අරින්න හදනව...”

හා! ඒ ට්‍රැක්ටරයේ ගමන තමා ගමන!!
දඩ්ඩාං... ට්‍රැක්ටරයේ රෝදයක් පාරේ වළකට වැටුණා විතරකි. උඩට වීසි වුණු මේ ලියන්නා ආපහු folding chair එක මතට වැටුණේය.
ජරාස්... සද්දයකුත් එක්කම මාව පැත්තකට ඇලවීගෙන යයි... “නිදි... මොකද වුණේ” මට මුක්කුවක් වෙමින් නමී අසයි.

“පුටුව කැඩිලා.”
හරියට වාඩි වෙන්නවත් බැරිව- බාගෙට ඇලවී- බාගෙට හිටගෙන- බාගෙට කෙඳිරි ගෑවෙමිනි, පැය තුනකටත් වඩා මා උන්නේ...

අපට ඇදුණු ලොතරැයියේ තරම කියන්නට එක දෙයක් ලිව්වාම හොඳටෝම ඇතිය. අපේ ට්‍රැක්ටරය මඩමේතොටට ළඟා වෙනකොටත් සිංහල තරුණ නඩ කිහිපයක්ම එහි ළඟාවී ඉවරය! ඒ පා ගමනින්ම ඇවිල්ලාත්ය. (ජව සම්පන්නයන් එහෙමය. පසුව ආරංචි වූයේ පාද යාත්‍රික තරුණයන් දෙදෙනෙකු දෙවෙනි දවසේම; ජුලි පළමුවෙනිදාම කටගමුව ගේට්ටුවෙන් පිට වුණු බවයි. ඒ ශක්තිවන්තයන් දෙදෙනා සම්පූර්ණ දුරම ගිහිං තිබුණේ ඇවිදිමින් නොව- දුවමින්ලු!)

“ගල්මුල් අඩු සමතලා තැනක් අල්ලගෙන සුද්ද කරලා අපේ ඉටි රෙදි එළා ගනිමු.” නමීත්, නිස්සංකලාත් කුඩා කැබිලිත්ත දේවාලය ඉදිරිපිට කුඹුක් ගස් මණ්ඩියේ එක් තැනක් තෝරාගෙන, එහි එකතු වී තිබුණු වියළි කුඹුක් කොළ තොගය අතු ගා දැම්මෝහ. වැල්ල මතු කරගෙන ඉටි රෙදි එළුවෝහ. එහෙම අපේ තැන් වෙන් කරගත්තු ගමන්ම මං වහන්සේ කෙරුවේ කැඩිලා තිබුණු පුටුව හැකි විදිහෙන් අටවා ගැනිල්ලයි. ඊළඟට කිරිබත් කන්නට පටන් ගැනීමයි.

කුමන ගේට්ටුවෙන් ඇතුළු වෙන තැනම කිරිබත් දන්සලක් තිබෙයි. නෙළුම් කොළයක තැබූ කිරිබත් කැබලි කීපයක් සමඟ ලුණුමිරිස් හෝ සීනි සම්බෝල එතැනින් පිදෙයි. අප පාද යාත්‍රාවේ ගිය හය වතාවෙම එහෙමය. දමිළ වන්දනාකරුවන්ගෙන් වැඩි දෙනෙකු කළා වාගේ, අපිත් ඒ කිරිබත් වැළඳුවේ සෑහෙන දුරක් ගිය පසුවය.

මේ වතාවේ නම් ඊටත් ඉස්සරහින්ම තිබුණේ දමිළ පිරිසක් පැවැත්වූ දන්සලකි. එතැන දුන්නේ සිද්ධාලේප හා තවත් ඖෂධ වර්ග අඩංගු මල්ලකි.
“අර xකයන්ගේ වැඩවලට වැඩිය තියෙන්නෙ හඬයි, පඩ ෂෝයිනෙ මචං.” ඒ දන්සලේ වැඩ කෙරෙන හැටි බලාගෙන අපේ අසලින්ම උන් තරුණ පිරිසක එකෙක් කිව්වේය.

මඩමේතොටදී මා නිදහසේ කිරිබත් බුදින අතරේ,දෙදෙනෙක් පාද යාත්‍රා නඩ වෙත යමින් පණිවිඩයක් බෙදූහ.

“බලපංකො, අර බඩු දාලා තියෙන මල්ල දිහා. ලොකුවට පේන්නේ උන්ගෙ organization එකේ නම වෙන්නැති.”

“ඕවා ඔහොම තමයි මචං. NGO එකකින් වගෙයි පේන්නේ. අර අර, එක එකා අතින් බෙහෙත් බෑග්ස් බෙදනවා foto ගන්නේ- බැනර් එකත් එහාට මෙහාට කර-කර... ෂුවර් එකටම ගරානා project එකක්...”
“ඒත් මොකද මචං. මේ අහිංසක දෙමළ මිනිස්සුන්ට ඒ බෙහෙත් බඩු ටිකත් ගොඩක් වටිනවා වගේ. ඔය ගන්නේ පොර කකා...”

ඔවුන් ගැන මෙනෙහි කරමින් මඩමේතොටදී මා නිදහසේ කිරිබත් බුදින අතරේ, දෙදෙනෙක් පාද යාත්‍රා නඩ වෙත යමින් පණිවිඩයක් බෙදූහ. ‘අර van එකේ අපි බත් දන්සලක් දෙනවා. කෑම උයාගෙන ඇවිත් තියෙන්නෙ. එතෙන්ට එන්න කෑම ගන්න...’

“අම්මට සිරි... ඇහුණද නිදි?”
“ඇහුණ නේන්නං, නමී...”
“මාමේ... අපි බත් දන්සලෙන් කෑම එකක් ගෙනත් බලන්නං හොඳද කියලා. හොඳයි නං අපි දවල්ට නොඋයා ඉඳිමු නේද?” නිස්සංක මගෙන් අනුමැතිය ගත්තේය. මේ නිස්සංකගේ පළමු පාද යාත්‍රා ගමනයි!

“නමී, උයන්නේ නැතුවට කමක් නෑ- අපි ලොකු සාස්පානකට වතුර ළිපේ තියමු...” වරින්-වර එතැනට ළඟා වෙන නඩ දකින විට මට කියැවිණි. “...මට දැනෙන විදිහට නං අපේ කට්ටියත් එකොළහමාරට කලින් මෙහාට එවෙයි වගේ. ඒ එනකොටම තේ ඉල්ලයි...”

වැඩ සිද්ද වුණෙත් ඒ විදිහටමය.
“එතකොට තරුණ නායකත්වයෙන් හදාපු බඩු list එකෙනුත් බඩු ඉතිරි වෙන්නයි යන්නේ. අද උදේට මොකුත් හැදුවෙ නෑ. දවල්ටත් කෑම දන්සලෙන්...” බඩගිනි නිවා ගන්නට උයපු සුදුළූණු මාළුව කමින්- තේ කහට බොන අතරේ නෙවිල් ගණන් හදයි. “දිසානායක, පාවිච්චි නොකරන දේවල් උස්සගෙන යන්න නං අපට බෑ. එව්වට මොකද කරන්නේ?”

මගේ කල්පනාවට බාධා වුණේ ඉන්දිකගේ හඬිනි. “ඇයි මාමේ නිස්සංකලට මෙතැන සුද්ද කරලා දාන්න ඇරියේ. වේළිච්ච කොළ අයින් කරලා දැම්මම ඒවා යට ඉන්න කොඩයි ඇවිස්සෙන්න ගන්නවා. රෑට මෙතැන නිඳා ගන්න හම්බ වෙන එකක් නෑ මාමේ. කොඩයි එන්න ගනියි... යං යං අරහෙට.”
ඉන්දිකලා වියළි කොළ පිරුණු තණකොළ ගොල්ලක් උඩින් ඉටි රෙදි එළා ගනිද්දී අපි උන් තැනම උන්නෙමු.

“නිමල් අයියේ... අපි මෙතනම ඉඳිමු. ඔයාගේ බෑණලා ඉන්න තැනට ගියොත් අපිට කොහොමත් නිඳා ගන්නැතුව කතා කර-ක‍ර ඉන්නයි වෙන්නේ...” අපේ කෙනෙකු අඩු සද්දෙන් ඉල්ලීමක් කරයි.

“මතකයිනෙ කලින් සැරවල්වල...”
ඇත්තය! කොතෙක් මහන්සි වී හිටියත් එයාලා එක දිගට නොනිඳති. සමහර දෙනා ඊටත් අන්තය. ඔවුනට හිටින තැන අමතකය. තමන් නිසා අනෙකුන්ගේ විවේකයට සිදුවෙන බාධාවන් ගැන අමතකය. ඔවුහු රෑ මැද පවා සද්දෙන් උසුළු- විසිළු කරති; අසැබි වදන් පවා සද්දෙන් දොඩති. නඩයේ තුන්-හතර දෙනා එකතුව රෑ මැද්දේ බුලත් විට හපමින් හරුප දොඩවති...!

එයාලාට ගෙවල්-දොරවල්වලදී නිදහසේ කතාබහ කරන්නට ඉඩ නොලැබෙනවා වෙන්නැති!

සමහර දමිළ උදවියත් එහෙමය; ඝෝෂාකාරීය; දොඩමලුය. එයාලාට ගෙවල්-දොරවල්වලදී නිදහසේ කතාබහ කරන්නට ඉඩ නොලැබෙනවා වෙන්නැති!

“පොඩ්ඩක් අපේ කතාව ඉවර කරන්න දීපං මචං.” නෙවිල් සීරුවෙනි. “මොකද කියන්නේ... දැනටමත් අපි උස්සගෙන ආපු දේවල්වලින් සමහරක් ඉතිරියි. ඒවා හෙටත් උස්සගෙන යනවද- මෙහෙදිම වීසි කරලා යනවද?”
“අඩේ නෙවිලාවතී... කෑම ජාති වීසි කරන එක නං පව් මචං.”
“එහෙනං උඹ ඒවා උස්සන් යනවද?”

“හරි! මට දෙනවා සමපෝෂ පැකට්ස් තුනක්. සීනිත්...”
“නිමල් අයියේ, ගාපු පොල් ගෙඩි දෙකකුත් ගෙනාවා වැකුම් පැක් කරගෙන. බලන්නකො ඒවා හොඳයිද කියල. හොඳයි නං එකක් ගන්න සමපෝෂ හදන එකට...” තමිර පොල් බෑග්ස් දෙකම දුන්නේය.
දෙකම ඇඹුල් ගඳය- පිළුණු වෙලාය. “බලාගෙනයි මහත්තයෝ- වැකුම් පැක් කරපු පොල් සම්බෝල කන්නෙත්... එව්වත් නරක් වෙලා නං තමුසෙලට රෑ තිස්සේ කැලේට රිංග-රිංගා ඉන්න වෙයි! අපිට එහෙම ජංජාලයක් වුණා, අල්ල camp එක ළඟදි සැරයක්...”

“ඔව් මචං...” ඒ ගමනට එකතුවී උන් කෙනෙකු ඒ විස්තරය කියන අතරේ මම සමපෝෂ මිශ්‍රණය ඇනුවෙමි.

(ආදරණීය පාඨකයිනි. මේ විස්තරය මා ඔබට කියන්නේ අද්‍යතන තරුණ පරම්පරාවේ කෙනෙකුගේ ‘ප්‍රායෝගික බුද්ධි මහිමය’ මෙයින් හෙළිවන නිසාය. ඒ තරුණ මානවකයා අපේ නඩ දෙකේ 30 දෙනාගෙන් කෙනෙකු බව පමණක් කියුවාම සෑහෙයි. ලිවීමේ පහසුව සඳහාය; මා ඒ තරුණයාව ‘සුනිමල්’ කියා නම් කරන්නේ.
සුනිමල් අවුරුදු විසිපහක විතර තරුණයෙකි.)

සමපෝෂ මිශ්‍රණය අනන වෙලාවෙ මට උදව් දෙමින් ළඟින් හිටියේ සුනිමල්ය. ඒ හාදයා, ඒ කෑමට ප්‍රිය කරනවා විය යුතුය. සැරෙන්-සැරේ බඳුනට අත ඔබමින්; ඇඟිලි තුඩුවලින් ටික-ටික ගනිමින් මුවේ ලා ගත්තේය. මිශ්‍රණයට ලුණු- සීනි පදමට තියෙනවාදැයි බැලුවෙත් ඔහුමය.

“සුනිමල්, අර බෑග් එක ඇතුළේ තියෙනවා ප්ලාස්ටික් පිඟන් වගයක්. එයින් එකක් ගෙනැත් අල්ලන්නකො මේ ගුළි කරන එව්වා දාන්න.”

හදන්නේ මොනවාදැයි විමසූ අපේ කට්ටිය ‘සමපෝෂ එපා’ යැයි කීහ. ඉන්දිකලාත්...
“කවුද එතකොට මේවා කන්නේ?”

“සුනිමල්ට පේනවද අපිට උඩහින් ඉන්නවා groups දෙකක්. පොඩි ග්රූප් එකේ ඉන්නේ වයසක පහේ තුන් දෙනෙක්. අනෙකේ කොල්ලො set එකක්. දෙගොල්ලොම මෙතෙන්ට ආව වෙලාවේ ඉඳලා හාන්සි වෙලා ඉන්නවා මිස තේ ටිකක්වත් හදන පාටක් නෑ. අපි මෙව්වා එයාලට දෙමු.”
“එයාලා ගනීවිද?”

“මෙන්න... පිඟානේ සමපෝෂ ගුළි 15 ක් තියෙනවා. ඉස්සෙල්ලම අර වයසක තුන් දෙනාට මේවා දීලා- ඊට පස්සේ පිඟාන පිටින්ම කොලු නඩේට දෙන්න.” මම සුනිමල්ට කීවෙමි. ඒ යක්ෂ පැටියා කෙළින්ම ගියේ තරුණ නඩය වෙතටය. කොලු රෑන හිනාවෙමින් සමපෝෂ ගුළි පිඟානම පිළිගත් හැටි මට පෙනිණි.

“දැන් කෝ මිනිහො අර වයසක තුන් දෙනාට?”
“අරගොල්ලෝ දෙයිනෙ...” කියලාය සුනිමල් උත්තර දුන්නේ.
“එහෙම දෙන්න කියලා ඔයා එයාලට කිව්වද?”
උත්තරය සුනිමල්ගේ මුහුණින්ම පෙනෙයි. මම නිහඬවම...
à ඉතිරිය හයවෙනි කොටසට...

35 comments:

  1. //මං ඉතිං තදම තද දේව භක්තිවන්තයෙකුත් නෙවෙයිනෙ.
    රැ කතරගම දෙයි හාමුදුරුවෝ ඔකඳ ඉඳලා කතරගමට වැඩියයි කියන පාර දිගේම මුළු දුරම යන්න ඕනි කියන හිතිවිල්ලකුත් තමුසෙට නෑනෙ නිදි//

    ගැත්තා මං ගැන විස්වාසයක් භක්තියක් නැති නිසා කඩවරයා බොට දුන්න දඩුවමේ තරම දැන් තේරුනාද?
    මිට
    ස්කන්ධ කුමාර

    ReplyDelete
    Replies
    1. //අනෙක බං දෙයියෝ වැඩිය පාර හරියටම කවුද දන්නෙ?//
      දෙයියන්ට බැරිද ඇක්චුවල් රෝඩ් එක ගූගල් මැප් එකට එන්ටර් කොරන්න.

      Delete
    2. දෙයියන්ට Internet තියෙනවද දන්නෙ නෑ හිටං 🤭🤭

      Delete
    3. ස්කන්ධ කුමාර දෙයි හාමුදුරුවනේ, බය බෝයි!

      Delete
    4. නමී, Praසන්ன
      ඔහෙලාත් පරෙස්සමෙන්... දෙයියන්ට හැම තිස්සෙම තරහ යන්නේ නැති නිසා හොඳා... ඕන්නැති මඟුල් අහනවා... Y පයි...

      Delete
    5. වල්ලි අම්මා බලලා ආපහු යන කොට තේවානි දෙයියා පල් කෙරොත් තමුසේ කොටඋඩ තමයි

      Delete
    6. බය හිතෙන කතා කියන්න එපා උදාර උන්නැහේ.

      Delete
  2. හප්පේ.. ඉන්දිකත් සෙට් උනාද. ඒක මරු.
    නමියවත් ටැට්ටරේ පටෝපු එක හොඳයි. නැත්තං ඕකා තවත් කෙට්ටු වෙනව පයිං ඇවිදල.

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි Praසන්ன,
      මේ post එකේ දාලා තියෙන foto එකේ නමියගේ කෙට්ටුව දැකල මටම දුක හිතුණා.

      Delete
  3. මට තේරිච්ච විදිහ හරිද මන්දා? පාද යාත්‍රාව කියන්නේ, දෛයන් වෙනුවෙන් කකුල් වලට දුක් දීමය. තව සමහරු කොකු වල එල්ලී පිටට දුක් දෙති. එහෙයින් නිමලා සහ නමියා, ටැට්ටරක මාර්ගයෙන් පුපට දුක්දී දේව වන්දනාවේ යෙදීමේ වරදක් මම දකින්නේ නැත.

    ReplyDelete
    Replies
    1. බකුසුතුමෝ,
      කතාවක් අහල තියෙනවා වගේ මතකයි- දුකෙන් තොර සැපක් නෑ නන්දනී- කියලා.
      ඒ නිසාද මන්දා, ලබන අවුරුද්දෙත් පාද යාත්‍රාවේ යන හැටි අපි දැන්ම කතා වෙවී ඉන්නේ.

      Delete
  4. //තමන් නිසා අනෙකුන්ගේ විවේකයට සිදුවෙන බාධාවන් ගැන අමතකය. ඔවුහු රෑ මැද පවා සද්දෙන් උසුළු- විසිළු කරති; අසැබි වදන් පවා සද්දෙන් දොඩති. නඩයේ තුන්-හතර දෙනා එකතුව රෑ මැද්දේ බුලත් විට හපමින් හරුප දොඩවති...!//

    බොහොම හොඳ නිරීක්ෂණයක්. අපේ තරුණ බොහෝ දෙනෙකුට මේක වන්දනා ගමනකට වඩා විනෝද චාරිකාවක් වගෙයි කියල හිතුනා. ඒත් දමිල වන්දනාකරුවන්ගේ ඝෝෂාකාරී බව ඔවුන්ගේ සහජ ගතියක් නිසාද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බස්සා මහත්තයෝ.
      දමිළ ජාතිකයන්ට භක්තිය එන්නේ පුංචිම අවදියේ ඉඳල වගෙයි. මට එහෙම හිතුනෙ එයාලා අඳින- හැසිරෙන විදිහ හෙම දැකලා. එයාල පාද යාත්‍රාවේ එන්නේ පවුලම එක්කයි. අත දරුවන් පවා අරගෙනයි.
      ඝෝෂාකාරී වීමත් ජානවලින්ම එයාලට එනවා ඇති!

      Delete
  5. අද කතාවත් හොඳයි. කනේ වැලි ගෑවෙන වංගු නෑ. දිගත් නෑ, කොටත් නෑ, කියවන්න අමාරුත් නෑ. ඒ වගේම යම් පණිවිඩයක්/ හිතන්න යමක් කතාවේ ගැබ්වෙලා තියනවා. කෙලින්ම හොම්බට ඇන්නා වගේ නොකියා, මෙහෙම ව්‍යංගයෙන් ලියන ක්‍රමේට මම කැමතියි.

    ReplyDelete
    Replies
    1. මං කැමතියි බස්සෙක්ගෙ හොම්බට අනිනවට.

      Delete
    2. හොඳ වෙලාවට අපට හොම්බක් නැත්තෙ. 😋😊

      Delete
    3. මේ මේ, හොම්බට අනින කතා- හොම්බ නැති කතා මේ දවස්වල කියන්නේ බලාගෙනයි.
      එව්වට වඩාත් අදාළ උදවිය මේ දවස්වල එලියට බැහැලා ඉන්නේ... අපිට කරන්න!

      Delete
  6. "ඒ විධානයත් එක්කම සවිමත් අත් හතරකින් නිමලයා උඩට ඉස්සුණේය; ට්‍රැක්ටරයට පැටවුණේය" නිමල් පාද යාත්‍රා යනවා කියලා cheating නේද 😊.

    මට නම් හිතෙන්නෙ නිමල් යන්නෙ දේව භක්තියට වඩා sense of accomplishment වෙනුවෙන් කියලා.

    "දෙකම ඇඹුල් ගඳය- පිළුණු වෙලාය"- ඔය වගේ කෑම ගෙනියන එක නම් ලොකු රිස්ක් එකක් නේද. එහෙම බලන කොට දන්සල්වලින් කෑම ගන්න එක වඩා ප්‍රායෝගිකයි. පාද යාත්‍රාවේ මුල් අරමුණු වලට ගැලපෙන්නෙ නැති වුනත්, හැම දේම කාලයත් එක්ක modify වෙන්න එපැයි.

    ReplyDelete
    Replies
    1. බැනුම් අහන්න වෙතත් ඇත්ත කියන්න ඕනිනෙ. මගේ ළඟ භක්තිය තියෙන්නෙ බොහොම අඩුවෙන්. Lotus විශ්වාස කරයිද මන්දා- මේ වතාවේ පාද යාත්‍රාවේ ගියාම මම එකම දේවාලයකවත් ඇතුළට ගියේ නෑ.
      මගේ හැඟීම නං ගමනේ කෑම ජාතිවලදී අල්තින් modify වෙන්න දෙයක් නෑ. දෙමල අය සරල කෑම වේලක් හදන්නේ. ඒක හොඳයි. පොංගල් බතක්- නැත්තං බතක් එක්ක එක සාම්බාරුවක් වගේ. අපි එතැනදී හදන්නෙත් ගෙදර වගේම දෙක තුනක් එකම කන්නනේ.
      මම නං හිතන්නේ පාද යාත්‍රාවේ යන උදවියට දන්සලක් කියන්නේ ලොකු පහසුවක්. ඒකත් ප්‍රතික්ෂේප කරන දැඩි බැතිමත්තු ගැන ඊළඟ කොටසෙදී ලියන්නන්කො.

      Delete
  7. "ඒ යක්ෂ පැටියා කෙළින්ම ගියේ තරුණ නඩය වෙතටය. කොලු රෑන හිනාවෙමින් සමපෝෂ ගුළි පිඟානම පිළිගත් හැටි මට පෙනිණි" අවුරුදු විසි පහක විතර තරුණයෙකුට වඩා මිත්‍රශීලි හැඟීමක් දැනෙන්නෙ සහ ස්වබාවයෙන්ම ආකර්ශණය වෙන්නෙ තමන්ගෙ වයසෙම අයට නිසා එහෙම වෙන්නත් ඇති. කොහොමත් ලංකාවෙ අධ්‍යාපන ක්‍රමයෙ ප්‍රායෝගික ඉගැන්වීම්, projects එහෙම නෑනෙ. ඔය වගේ පාද යත්‍රා එහෙම යනකොට ඒ වගේ පාඩම් තරුණ අය ඉගෙන ගනියි.

    ReplyDelete
    Replies
    1. Lotus, ඔයාට දිවැස් තියෙනවද- නැත්තං පරචිත්ත විඥානය... කොහොමද මං ලියන්න ඉන්න දේවල් ගැන කල් ඇතිව කියන්නේ?

      Delete
    2. ලෝටස් නිදීට ලවු ද ? මට නිකන් එහෙම හිතෙනවා

      Delete
    3. ලෝටස් කොහොමද මංදා Ano, මම නං ලෝටස්ගේ අදහස්වලට, හිතන විදිහට love! හැබැයි ඒ ලව් කියන්නේ හුඟ දෙනෙකු හිතන විදිහෙ එකක් නෙවෙයි- දැඩි කැමැත්තක්...

      Delete
    4. අනේ ලෝටස් නිතරම කියන්නේ බන තමයි ; ඔයා ලවු නිසා එයාට ආස වුනාට මට නම් එයා අවුල්

      Delete
  8. නිදි අද දෙකෙන් එකක් බේරගන්න ඕනේ , යුෂ්මතා දෙවෙනි ලන්ඩන් ගමන ගැන ලියනවද නැත්තන් ටොමි රොබින්සන් ට නිදිගේ කන්ටක්ට් එක දෙන්නද ,ඒ ගමන් අනිත් නංගි ගැනත් ලියන්න හොඳේ -සෑම් නෙවේ , the other hottie lol

    ReplyDelete
    Replies
    1. Ano, මගේ contact එක ටොමි රොබින්සන්ට දෙන්න එපා, මේ හතර දෙනාට නං දුන්නට කමක් නෑ.
      Andrew McMaster
      Paul Harris
      Wayne King
      Stephen Lennon

      මොනවාවත් ලියන්න බැරි වෙයිද මන්දා මැද පෙරදිග ඇවිලෙන විදිහට....

      Delete
  9. මේ පහුගිය දෙමාසෙ ඉඳන් මෙහේ පට්ට රස්නෙයි, හිම නෑ.

    නිව්යෝක් පාද චාරිකාව

    හා! අල වගේද ගෝවා?😋

    ReplyDelete
    Replies
    1. දැන් යුද උනුහුමත් වැඩියෙන් දැනෙනවා ඇති නේද බස්සා මහත්තයෝ?

      Delete
  10. කොඩයි ඇවිස්සෙන්න ගන්නවා - ඒ මොක්කුද ?

    ReplyDelete
    Replies
    1. කළු පාට කූඹි විශේෂයක්. ලොකු රෑන් රෑන් වශයෙනුයි සැරිසරන්නේ.
      https://www.google.com/search?q=%E0%B6%9A%E0%B7%9C%E0%B6%A9%E0%B6%BA%E0%B7%92+%E0%B6%9A%E0%B7%96%E0%B6%B9%E0%B7%92&rlz=1C1CHBF_enLK1102LK1102&oq=%E0%B6%9A%E0%B7%9C%E0%B6%A9%E0%B6%BA%E0%B7%92+%E0%B6%9A%E0%B7%96%E0%B6%B9%E0%B7%92+&gs_lcrp=EgZjaHJvbWUyBggAEEUYOTIHCAEQIRigATIHCAIQIRigATIHCAMQIRigATIHCAQQIRigAdIBCjQzMTg2ajBqMTWoAgiwAgE&sourceid=chrome&ie=UTF-8#fpstate=ive&vld=cid:b1475b78,vid:cFVVJerOMBU,st:0

      Delete
  11. දේව භක්තියක් නැති අය ගියොත් මැණික් ගඟේ ගිලෙනවද

    ReplyDelete
    Replies
    1. එහෙම අයව යවලා, මැණික් ගඟේ නාන්නත් යවලම තමයි බලන්න වෙන්නේ, අජිත් මහත්තයෝ.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්