අකුරු මැකී නෑ

Monday, October 28, 2024

රහස් නොවන රහස් ටිකක් - තෙවෙනි කොටස

එව්වා දකිනකොට නොවැම්බර් 14 වෙනිදාට තියෙන ‘දියවන්නාව සුද්ද කරන මහා ශ්‍රමදානය’ට මේ තරමින් දායක වෙලා මදි නේද කියලත් හිතෙනවා.

අරහෙන් ගම්මන්පිල උන්නැහෙ කන්දක් විලි ලාලා කරන්න හදන හෙළිදරව්වේ විස්තර- මෙහෙන් ලොහාන් රත්වත්තේගේ පුද්ගලික ලේකම්වරයාගේ අබිරහස් මරණය- ඒ මදිවට රත්තරං උන්නැහෙගෙ බෑණාගේ ගෙදරින් හොයා ගත්තු ‘කෝටි 6ක් වටිනා සැප වාහන’ හුටපටේ...  
එව්වා මෙව්වා මොනවා අහන්න- බලන්න තිබ්බත් ‘නිදිගෙ පංච තන්තරේ’ නොකඩවා කියවන ඔයාලා වෙනුවෙන් ලියන රාජකාරියත් කරන්න ඕනි නෙව.

හීල් දානයක් දෙන්නට කලින් අපි හොයල බැලුවා...

එහෙම කියලා පහුගිය කොටස publish කරල දවසයි ගියේ. තවත් පුවතක්... අද දහවල් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්තයත් අත් අඩංගුවට...

රිමාන්ඩ් එකේ- බන්ධනාගාරේ එහෙම සිරගත වෙලා ඉන්න අයගේ කෑම වේල්වලට නිතරම උයාපු අළුකෙසෙල් දෙනවද? කාලෙකට ඉස්සර එහෙම කතන්දරයක් ආරංචි වුණා. ඒ කතාව ඇත්තද- ඇත්ත නං එහෙම කෙරෙන්නේ ඇයි? කියලත් මං හොයල බැලුව.
‘අළුකෙසෙල්වල ශුක්‍ර ධාතු වර්ධනය අඩාළ කරන ගුණයක් තියේලු. ඒකලු හිරකාරයන්ට එව්වා නිතර කන්න දෙන්නේ.” ලු අකුරු දෙකක් එක්කයි මට උත්තර හම්බ වුණේ.

‘රහස් නොවන රහස් ටිකක්’ දෙවෙනි post එකටත් මරු comments ටිකක් ඇවිත්...
‘ලුණුමිරිස්
, දිවුල් ජෑම්, කීරමීන් හොදි, චීස්, අළුකෙසෙල් තෙල්දාල සහ ගොටුකොළ සම්බෝල එක්ක මැකරෝනි කාල තියනවද?’ Pra Jay මහතා විමසල තිබ්බා.

එතකොට මගේ ඔළුවට ආවේ අවුරුදු 45කට කලින් දවසක සිරිපා හිමේදී කන්න වුණු කෑමක්. ඒක උත්තරේට ලිව්වා, comment තීරුවේම. හැබැයි වෙලාව මදි නිසා නොලියවුණු කොටසකුත් තියෙනවා නේද කියලා දැන් හිත කෙඳිරි ගානවා. ඒ වගේම අසංග රණසිංහආරච්චි හා Praසන් හිතවතුන් දෙන්නාටත් ප්‍රතිචාර දැක්වූවා මදි කියලත් කල්පනා වෙනවා. එයාලා මේවයි කියලා තිබ්බේ.
‘‘කොළ කැඳ එකට ගම්මිරිස් කුඩු එකතු කරන එක මමත් කාලෙක ඉඳන් කරනවා... ඒකටම අබ ටිකක් එකතු කරන්නත් කියලා පොතක තිබ්බා මතකයි. හැබැයි ඒක අත්හදා බලා නම් නෑ.
අනික් කාරණේ නම් ‘ගෑනු කවුරුවත් එයාලා උයන පිහින ක්‍රම අපි කිව්වාට වෙනස් කරන්නේ නම් නෑ.’
‘ගොඩ දෙනෙක් කෑම ජාති හදන්නෙ පරම්පරාවෙන් ආපු හැමදාම හදන විදියට මිසක් ඒව පොඩ්ඩක් වෙනස් කරල අත්හදා බැලීම් කරන්න බයයි.’

ප්‍රා, අළුකෙසෙල්, ගොටුකොළ ඇරෙන්න අනික් ඒව නං මැකරෝනිවලට අවුලක් නැතිවෙයි මම හිතන්නෙ.

ගල් යුගයේ, එඬේර යුගයේ මැකරෝනි- දිවුල් ජෑම්- චීස් එහෙම තිබුණද හැබෑටම? ලෝකාරම්භයේ කොහෙවත් ලියවිල තියෙනවද මැකරෝනි හදන විදිහයි, ඒවා කන්නේ මොන මොන දේවල් එක්කද කියල.

වතාවක් මහරගම භික්ෂු මධ්‍යස්ථානයට හීල් දානයක් දෙන්නට කලින් අපි හොයල බැලුවා උන්නාන්සේලා වළඳන්නට කැමති ජාති ගැන. දන්නවද අප‍ට ලැබුණු උත්තරේ?
“උපාසක ඇත්තන් සැදැහැ සිතින් පිළියෙළ කරන දානය මොකක් වුණත්- අපට කැපයි නම් අපි වළඳනවා. ඒත් ගොඩක් අය ගොඩක් මහන්සි වෙලා, බැදලා- තෙල් දාලා හදන කෑමවලට වැඩ අපි ප්‍රියයි සරල- ලෙඩවලට මුල් නොවෙන දානයක් මේ ඇත්තන් හදාගෙන එනවා නං...”

ඕනෑම දෙයක් පෙනෙන්නේ බලන්නාගේ විදිහ හා බලන කෝණයේ විදිහ...

ඒ අදහස හිතේ තියාගෙන දානය හදනවාට අපේ ගෙදරින් හා උදව්වට පැමිණි උපාසක මහත්ම මහත්මීන් මනාපය දුන්නේ නැත. “රංජිගේ ඔය ජේවීපී වැඩ හින්දා තමයි xxxxx ලොකු සාදුත් මෙහෙන් ගේන දානය එපැයි කිව්වේ....” කියමිනි; එයාල කිරිබත්, රොටි, පිට්ටු, ඉඳියාප්ප, තෝසේ වගේ සේරම හැදුවේ.

මං හැදුවේ හොඳට සුවඳ ගහන කිරි හොද්දකුත් නූඩ්ල්ස්තුත් පමණකි. නූඩ්ල්ස් ටිකත් නිකම්ම තම්බා ගත්තා මිස තෙම්පරාදු කළේවත් නැත. අදටත් පුදුමය. එදා ස්වාමීන් වහන්සේලා වැඩිම පිරිසක් වැළඳුවේ ඒවායි.

ෆාස්ටින් කරන්නටත්- පිෂ්ටය සහිත ආහාර ගැනීම සීමා කරන්නටත් පටන් ගත් පසුව මං වහන්සේගේ දිවත්- රසාංකූරත්- රස නහරත් විපර්යාසයකට භාජන වෙලාවත්ද?

ඒ නිසාමදෝ- ලුණුමිරිස්, දිවුල් ජෑම්, කීරමීන් හොදි, චීස්, අළුකෙසෙල් තෙල්දාල සහ ගොටුකොළ සම්බෝල එක්ක මැකරෝනි කන්නට මට නං ඇහැකිය. හැබැයි ඒ සේරම ජාති එකවර එකම පිඟානකට බෙදාගෙන නොවේ. අපේ සීයා; ඩී.එච්. චාර්ල්ස්  (රජෙකු වගේ) කන දවසට කළ විදිහට, සැරෙන් සැරේ- වෙන වෙනම- එක ජාතිය බැගින් බෙදා ගනිමිනි!

මගේ අදහස නං ඕනෑම දෙයක් පෙනෙන්නේ බලන්නාගේ විදිහ හා බලන කෝණයේ විදිහ අනුව කියන එකය! ගැළපෙනවාද නැද්ද කියන කාරණයත් එහෙම්මය!!

ඒකට හොඳම උදාහරණයක් තමයි ‘ග්‍රන්ථ ලෝලියෙකුගේ නපුරුම සිහිනය’ කියන බස්සා මහතාගේ ඇබින්දං blog post එක. (ඇබින්දං විශේෂණ පදය එතෙන්ට සාකල්‍යයෙන්ම ගැළපෙනවා; post එකේ තිබ්බේ වචන 31යි නෙව. හැබැයි ඒ පෝස්ටුවට ප්‍රතිචාර තොගයක්ම ලැබිල තිබ්බා.) පොත් ගුල්ලෙකුගේ හීනයක් ගැන කියවුණාට ඉවුම්-පිහුම් ගැන හුවමාරු වෙච්චි commentsතුත් ගොඩාරියක් ඒ අතරේ... එහාටත් ගොඩ වැදිලා බලන්නකො ඔයාලට වෙලාවක් ඇත්තන්...

(ලෙමන් ඇස්සෙන් ගත හැකි වැඩ ගැන නරිමොටාගෙ ඔත්තුවයි- ‘අලුත් මස් ජාතියක් ඇවිත් තියේ "පොසේජස්" කියලා. තනිකරම මස් කරල සෑර්’ කතන්දරෙයි දෙකත් ඔයාලට එහෙදි හම්බ වෙයි!).

ඔය පොසේජස් කරල් නෙවෙයි, ඕනිම මසක් උයද්දී රහ වැඩි කර ගන්නට දාගත හැකි මාත්තුවක් කියන්නද? සීනි චුට්ටක්! පැණි රහක් දැනෙන තරමට නෙවෙයි- තේ හැන්දක් විතර... හොඳේ.

ඒ වගේමයි මම කරන තවත් වැඩක්... හරක් මස්- ඌරු මස් උයද්දී කිලෝ එකකට පෙරුම්කායම් ගුළියක් දානවා. (ලංකාවේ බෙහෙත් කඩවල විකුණන්න තියෙන රුපියල් තිහේ පෙරුම්කායම් ගුළියක්. ඉතා හොඳ ඔසුවක් ඒ.) එතකොට මස් මෙලෙක් වෙනවා. ඒ වගේමයි අසමෝදගම් ඇට එකතු කර ගත්තාමත්.

බ්‍රොයිලර් කුකුළු මස් ටිකක්. උයන්න ගොරක ඇඹුල එකතු කරලා. ඔයාලට පෙනෙයි කුකුළු මස් කෑලි දැඩි වෙලා තියෙන හැටි- ටිකක් ගම් කුකුළු මස් ගතියට.

ආාාාාාා, ගොඩ දෙනෙක් දන්නවයි කියලා හිතෙන, ඒත් වැඩිය මතකයේ තියාගෙන ඉන්න විත්තිය නොපෙනෙන කාරණාවකුත් ‘මෙලෙක් වෙන’ කියද්දී මට මතක් වුණා. අපි මස් උයද්දී ඇඹුල් ගතිය ගන්න මොනවා හරි ජාතියක් පාවිච්චි කරනවනේ. එව්වයින් ගොරකා අතිවිශේෂයි. ගොරකවලින් මස් දැඩි වෙනවා! මස් හයිය වෙනවා!!

ඕනි නං පොඩි පරීක්ෂණයක් කරලා බලන්නකෝ.
ගනිමු බ්‍රොයිලර් කුකුළු මස් ටිකක්. උයල බලන්න ගොරක ඇඹුල එකතු කරලා. ඔයාලට පෙනෙයි කුකුළු මස් කෑලි දැඩි වෙලා තියෙන හැටි- ටිකක් විතර ගම් කුකුළු මස් ගතියට.

බ්‍රොයිලර් කුකුළු මස්වලට විනාකිරි, සියඹලා, දෙහි, කාමරංගා, ගැට දිවුල් වගේ ඇඹුලක් දැම්මට එහෙම දැඩි වීමක් වෙන්නේ නෑ!

හරක් මස් උයද්දී මේ ඇඹුල් කතාව අමතක කරන්නම එපා! එහෙම කිව්වේ හුඟක් දෙනා beefවල තද ගතිය නැති කර ගන්න එකේක උපක්‍රම පාවිච්චි කරන නිසා. අපේ තාත්තා නං කළේ අමු ගස්ලබු ගෙඩියකුත් කෑලි කරලා බීෆ්වලට කවලම් කරගෙන උයන එක. (සමහර දවසට තාත්තා ගස්ලබු වෙනුවට හරක් මස් මෙලෙක් කර ගන්න කරියට එකතු කළේ ‘ත්‍රෛලෝක විජය පත්‍ර ඇට චුට්ටක්.)

තාත්තාගේ අම්මා; මහරගම ආච්චී කළේ, මස් ඇතිළිය ළිපේ තියන්න කලින් පොල්කටුවක් කෑලි කරලා හොද්දට දාන එක. ඒ එක්කම ළිපේ තද ගින්දරක් නැතිවයි අපේ ආච්චී මස් ඉව්වෙත්.

මස් වෑංජනේකට සීනි චුට්ටක් එකතු කරනවා වගේ වැඩක් මාළු මිරිසට උයද්දීත් කරත හැකියි. ඒ පොල්තෙල් ටිකක් එකතු කර ගන්න එක. එතකොට රහ වැඩියි!

සෑහෙන දවසක් තිස්සේ මතක් කර ගන්න හැදුවත් බැරි වුණු දෙයක් මේ. (මේ කාරණය ටක්කෙටම දන්න කෙනෙකු ඉන්නවා නං තරහ නැතිව comment එකකින් කියන්න. කාටත් පොරෝජන් වෙයිනෙ...)
තජකයේ කුකරි පාඨමාලාවේ උගන්නපු කුකරි මිස් තමයි මට මේ කාරණාව කියා දුන්නේ. “නිමල්, එළු මස් උයද්දී රම්පෙ- කරපිංචා- සේර ඔක්කොම එකතු කරන්න එපා! එක ජාතියයි දාන්න ඕනි. එහෙම කරලා- එළු මස් කරියට එළඟිතෙල් හැන්දකුත් එකතු කළාම හොඳ රසයක් වගේම සුවඳකුත් ලැබෙනවා.” ඒ ගුරුතුමී කියපු විදිහට කරලත් බැලුව. කතන්දරේ ඇත්ත. ඒත් දෙයියනේ දාන්න ඕනි ජාතිය මොකක්ද කියලා දැන් මතක නෑ. පාවිච්චියට නොගන්නකොට ඒ කාරණා අමතක වෙලා යනවනේ.
ඡායා මාත්‍රයක් වගේ මට මතක හැටියට නං ‘එළු මස් උයනකොට දාන්න ඕනි සේර විතරයි.’

පොලොස් හදද්දි කොට්ට පොල් කෑලි ටිකක් ගලවල දාපුවම හොඳට තෙල් පෑදෙනවා. හුණු ටිකක් එකතු කළාම රතු පාටට තියෙනවා!

සේර (Lemon Grass) නැත්තං දාන්න පුළුවන් ආදේශකයක් මේ ලියන පණ්ඩිතයා හොයා ගත්තු හැටිත් ඉස්සර ලියූ පෝස්ටුවකින් ඔයාලට කිව්වා මතක ඇති නේද?

එදා ඉඳලම නිදිගෙ පංච තන්තරේ ලියද්දී, ඉවුම්- පිහුම් ගැනත්- මගේ හිතට වැදුණු කෑම වට්ටෝරු ගැනත් ටික ටික ලියවුණා. ඒ අතරින් විශේෂයි පූරි...
ජීරා චිකන්... නෑ, නෑ. ඒවා ගැන ආයෙම ලියන්න නෙවෙයි මේ සූදානං වෙන්නේ. fb එකෙනුත් ඒ වගේ දේවල්- tips එහෙම ගොඩාරියක් දැකගන්න ඇහැකි බව ඔයාලටත් කියන්නයි. මෑත දවසක අපේ නමී හිතවතා ඒ වගේ link එකක් එවල තිබුණා. ‘දැනුම් ලොව’ group එකේ ‘ගෘහණියන්ට වටිනා කිචන් ටිප්ස් ටිකක්...’ කියන post එකක.

ගෘහණියන්ට වටිනා කිචන් ටිප්ස් 64ක් එතන තිබ්බා. මේ ඒවායින් සමහරක්.

'5. අඹ, ඇඹරැල්ලා උයද්දි තෙල් ටිකක් ලිපේ තියලා ළූනු, මිරිස් දාලා, අඹ ටික දාන්න කලින් තෙලට සීනි දාන්න. එතකොට හොඳට සීනි අල්ලනවා කෑලි වලට.

6. නූඩ්ල්ස් හෝ එලවළු බත් හදද්දී එලවළු තෙම්පරාදු කරගනිද්දි තෙලට තුනපහ හැන්දක් දාන්න. හරිම රසයි.

7. කට්ලට් හදනකොට පාන් කුඩු ටිකක් දාලා බෝල හදන්න. කැඩෙන්නේ නැහැ. රසත් හොඳයි. (මෙන්න ඒ ටිප් එකට නිදිගෙනුත් කොටහක්: කට්ලට් මිශ්‍රණයට තම්බාගෙන පොඩි කරගත්තු අළුකෙසෙල් ගෙඩි කිහිපයක් එකතු කර ගත්තාමත් වැඩේ හරිම ලේසි වෙනවා.)

10. පොලොස් උයන කොට මුරුංගා ගහේ ඝනකම පොතු කෑල්ලක් (අඟල්  දෙක තුනක් පමණ) දානවා ලස්සන රෝස පාටක් ගන්න හා මෙලෙක් වෙන්න.

11. පොලොස් හදද්දි කොට්ට පොල් කෑලි ටිකක් ගලවල දාපුවම හොඳට තෙල් පෑදෙනවා. හුණු ටිකක් එකතු කළාම රතු පාටට තියෙනවා.

14. බෝංචි තෙල් දාද්දි ආප්ප සෝඩා පින්චක් දැම්මම ලස්සන කොළ පාටට තියෙනව වගේම හරිම මෙළෙක්.

24. පොල් සම්බෝලය කොටනකොට අවසානයට දෙහි බෑවේ ඇට අයින් කර සම්බෝලය සමග කොටාගන්න. පැඟිරි රස හා ඇඹුල් රස මුසු වූ රසයක්. (හම්බන්තොට ඉස්පිරිතාලේ පරුවත කුස්සියෙදී වතාවක් මේ විදිහට දෙහි බෑවල් පිටින්ම දාලා පොල් සම්බෝලේ කොටන හැටි දැක ගන්න ලැබුණා. ඒකෙ රසත් අපූරුයි.)

30. ලුණු මිරිස් හදනකොට පොල්තෙල් ටිකක් එකතු කරලා කෙටුවම දෙහි ඕනත් නෑ.

35. බත් පිච්චුනාම පොල් බෑයක් නවලා වහලා ටික වෙලාවක් තියලා අයින් කරන්න. ගඳ නැති වෙනවා.

පුරුෂයාත් එසේ මෙසේ කෙනෙක් නෙවෙයි- මහා බෝසතාණන් වහන්සේ!!

47. කැකිරි උයද්දි ඇට විසි කරන්න එපා. හොඳින් අඹරගෙන කරි එකට එකතු කරන්න. හරිම රසයක් එනව වගේම මුත්රා සම්බන්ධ රෝග වලට ගුණ දායකයි.

48. නෙලුම් අල උයන්න කලින් සෝදල පෙති කපල baking powder, salt ටිකක් දාල තම්බල උයන්න. (අපි නං නෙළුම් අල හෝදලා හාල් ඇට අහුරක් එක්ක තම්බලා අරගෙනයි උයන්නෙ. එතකොටයි එව්වාට පිටි ගතිය එන්නේ.)

49. පරිප්පු මිරිසට හදනකොට සියඹලා පොඩ්ඩක් දැම්මාම රසයි.

50. ඇඹරැල්ල උයද්දි කිතුල් හකුරු ටිකක් දාපුවාම රසයි වගේම පාටත් වැඩි වෙනවා.

51. කජු ව්යංජනය කිරට හින්දලා හදනකොට, ඒකෙන් කජු ටිකක් අරන් බ්ලෙන්ඩ් කරලා දැමුවිට උකු ගතිය හා රස වැඩි වීමක් වෙනවා.

57. එළබටු උයන විට, ghee මේස හැන්දක් විතර රත් වෙන්න තියලා, ඒකට තලාගත් සුදුලූණු ටිකක් දමා බැදගන්න. ඉන්පසු බටුු ටික දමා පියනකින් වසා විනාඩි 10ක් විතර ගියාම මිටිකිරි චුට්ටක් එකතු කර ගන්න. හරිම රසයි, සුවඳයි.’

ඇත්තමයි- ගිතෙල් ටිකක් එකතු කර ගත්තාම කෑමකට එන්නේ අපූරු සුවඳක්.
කෑමක පෙනුම- සුවඳ- රස කියන කාරණා ත්‍රිත්වයම එකසේ වැදගත්ය කියලා අපි කතා වුණානේ. ඒ කතා සේරම අස්සේ මගේ චිත්තයේ රැව්-පිළිරැව් දිදී තිබ්බ කරුණකුත් කියන්නමයි හිත.
අතිදක්ෂ සූපවේදිනියක වුණු කාන්තාවකට උත්තම පුරුෂයෙකුගෙන් වෙච්චි ලොකුම අසාධාරණයක්. කාන්තාව අමරා දේවි!
පුරුෂයාත් එසේ මෙසේ කෙනෙක් නෙවෙයි- මහා බෝසතාණන් වහන්සේ!!

ඒ සිද්ධිය කියවෙන්නේ ‘උම්මග්ග ජාතකයේ’ ස්ත්‍රී ප්‍රශ්නයේදී.

“... ඉක්බිත්තෙන් එක් දවසක් උන් විමසන සේක් "සොඳුර අමරා දේවීනි, සාල් මනාවක් පමණ ඇරගෙන ඉන් මට කැඳත් බතුත් අවුළුත් පිසව"යි වදාළ සේක. අමරා දේවීත් "එක සාල් මනාවෙන් මෙ තෙක් දෑ කෙසේ පිසම්දැ"යි නොකියා "යහපතැ"යි වදාළ බස ගිවිස, ඒ සාල් මනාව පැස මුල් සාලින් බත්ද කඩසාලින් කැඳද සුන් සාලින් කැවුම්ද පිස, ඊට සුදුසු අවුළුත් පිස මහබෝසතාණන් වහන්සේට අවුළු සහිත කැඳ දුන්හ. කැඳ කබලක් මුඛයට ගත් පමණෙකින් ම සියලු රස නහර වැල් පිනා සිට ගත්තේය.

පණ්ඩිතයන් වහන්සේ උන් විමසන පිණිස "සොඳුර, තොප පිසමන් නොදන්නා කල කුමක් පිණිස මාගේ සාල් නසාපූදැ'යි කියා කෙළ හා සමඟ මුඛයට ගත් කැඳ කබල කාරා බිමට දමා පී සේක.

දැනට නං ලෝකෙ ඉන්න අතිදක්ෂ සූපවේදියෝ වැඩිම දෙනෙක් පිරිමි!

අමරා දේවීත් නොකිපීම "කැඳ යහපත් නොවී නම් කැවුම් කැව මැනැව ස්වාමිනි"යි කියා කැවුම් අතට දුන්හ. කැවුම් මුඛයෙහි තුබූ පමණකින් ම රස නහර වැල් පිනා ගියේය.

එයිත් එසේ කාරා දමා පී සේක.

ඊටත් නොකිපීම "එසේ වී නම් බත් අනුභව කරව"යි කියා බත් අත තිබූහ. එයින් ආලෝපයක් මුඛයෙහි තබන්නා ම සියලු රස නහර වැල් පිනා ගියේය.

බෝධිසත්ත්වයන් වහන්සේ "තොප පිසමන් නොදන්නා කල මා දුක සේ සොයා ගත් දෙය කුමට නැසූදැ"යි කිපි කෙනකු මෙන් තුන් වගය ම එක් කොට අඹරා පියා අමරා දේවීන් ඉස පටන් ඇඟ මුළුල්ලෙහි ගල්වා දොර හව්වෙහි ඉන්නට වදාළ සේක.

අමරා දේවීත් ඊට මඳකුත් නොකිපී "යහපත ස්වාමීනි"යි දොර හව්වෙහි හුන්නාහ. මහබෝසතාණන් වහන්සේ අමරා දේවීන් මන් නැති බව දැන "සොඳුර, මෙසේ එව"යි වදාළ සේක. ඔයිත් දෙවිටක් නොකැඳවන තුරු එක බසින් ම සමීපයට අවුය. මහබෝසතාණන් වහන්සේ නුවරින් එන සේක් ම මසු දහසක් හා එක් සීන් කඩක් බුලත් පයියෙහි ලා වැඩි සේක. උන් වහන්සේ ඒ කඩ මෑත් කොට අමරා දේවීන් අත තබා "සොඳුර තොපගේ යෙහෙළියන් සමඟ ගොසින් නා පියා මේ කඩ ඇඳගෙන එව"යි වදාළ සේක. ඔයිත් වදාළ ලෙසැ මැ කළ හ.’

මහෞෂධ පණ්ඩිතයන් අමරා දේවියව test අරන්න එහෙම කරපු බව ඇත්ත.
ඒත්... එයින් අමරා දේවීන් වහන්සේට කොයි තරම් හිත් වේදනාවක් ඇති වෙන්නට ඇත්ද? යන්තම් පොඩ්ඩක් දිව ගෑ පමණින් මහෞෂධයන්ගේ සියලු රස නහර පිනා යන තරම් රසවත්ව කෑම ඉව්වට පස්සෙත්...

කාන්තාවකට එහෙම කිරීම හිංසනයක් විදිහටයි මම නං දකින්නෙ.
ඒ අතරේ කාන්තාවන්ගේ සාඩම්බරයට හේතු නොවෙන දේකුත් කියනවට අමනාප නැහැනෙ.
දැනට නං ලෝකෙ ඉන්න අතිදක්ෂ සූපවේදියෝ වැඩිම දෙනෙක් පිරිමි!

ඉතිං, දැනට මේ ඇති නේද ලිව්වා. ඒත්... මේ පෝස්ටුව හමාර කරන්න කලින් හිතාදර ඔයාලගෙන් අහන්නේ...

   1. කොහොමද අඹ ගොඩකින් හොඳ පැහිච්ච අඹ ගෙඩියක් තෝරා ගන්නේ?
   2. කොහොමද හොඳ පැහිච්ච පොල් ගෙඩියක් හඳුනා ගන්නේ?
   3. මොන ලකුණුවලින්ද හොඳට පැහුණු කොස්- දෙල්- දූරියන් ගෙඩි දැනගන්න ඇහැකි?

මම දන්නවා, එව්වට උත්තරත් ඔයාල ගොඩ දෙනෙකු දන්නා බව.
   1. පැහුණු අඹවල නටුව ළඟ වළ ගැහුණු සොබාවය නැතිම තරම්...
   2. පොල් ගෙඩියේ වතුර අඬනවා නං- බරට දැනෙනවා නං...
   3. ඒ ගෙඩිවල ලෙල්ල තුනීවී; කටුවල තියුණු බව අඩුවී තියේ නං... අපි එව්වා තෝරා ගන්නවා.

එහෙම දේවල් තෝරා ගැනීමේදී හුඟක් පරෙස්සම් වෙන අපි- ඊට වඩා ගොඩාක් පරෙස්සමින් ‘රටේ අනාගත අභිවෘද්ධිය සලසන්නට හැකියාව තියෙන පිරිසක් මෙවර පාර්ලිමේන්තුවට යවන්නට තෝරා පත්කර ගනිමු’ නේද෴0෴

39 comments:

  1. 'එහෙම දේවල් තෝරා ගැනීමේදී හුඟක් පරෙස්සම් වෙන අපි- ඊට වඩා ගොඩාක් පරෙස්සමින් ‘රටේ අනාගත අභිවෘද්ධිය සලසන්නට හැකියාව තියෙන පිරිසක් මෙවර පාර්ලිමේන්තුවට යවන්නට තෝරා පත්කර ගනිමු’ නේද'

    ලප කොටා යවලා මාසෙන් රටට කරපු විනාසේ පේනවානේ.

    පච කෙළියට වැඩ බෑ කියලා ඔප්පු කරා. සල්ලි අච්චු ගහනවා. ගෑස් නැහැ. හාල් මිල අහස උසට. එහෙන් බෝම්බ බිය. සුද්දෝ රටින් යනවා.

    පච ලපයා ගෙදර යවමු.

    ReplyDelete
    Replies
    1. Anoට ඕනා ඒක කරන්න නං try කරන්න.

      Delete
    2. ජනාධිපති වූ පචයගේ තවත් ඇන්දීමක් එසේ නිමවිය: M/s OQ Trading Limited වෙත Litro Gas tender එක දීම


      අද මට ඉතාම සතුටු දවසක්. ඒ ඇයි කියල දැනගන්න මේ සටහන කියවන්න කියල ඉල්ලනවා.

      අද විජිත හේරත් ප්‍රකාශ කරනවා , 2025 අවුරුද්දෙ ශ්‍රීලංකාවට ගෑස් ගෙනෙන ටෙන්ඩරය MSOQ සමාගමට ලබාදීමට කැබිනට් මන්ඩලය තීරණය කල බවට.
      මම අවුරුදු දෙකක් කියපු දේ ඇත්ත කියල සනාථ වීම ගැන මට ඇත්තෙ පුදුම සතුටක්.
      රනිල් , එහෙමත් නැත්තං අවු 60 විතර මාලිමාවන් කියන විදියට සීය , සුළුතර ජනාධිපති වෙනකොට තිබුන ලොකුම ගැටලුව තමයි ඉන්ධන සහ ගෑස් නොමැති වීම . ගෑස් පෝලිම් සැතපුම් ගනන්.භාන්ඩාගාරයේ සල්ලි නැහැ. රනිල් , මුදිත පීරිස් ව ලිට්රෝ ගෑස් සභාපති කරන කොට ලොකු විරෝධයක් ආව හැම පැත්තෙන්ම.

      මට පැවරණු දෙයක් තමයි ගෑස් ප්‍රශ්ණය ගැන මුදිත ගන්න තීරන පිලිබද අවධානය යොමුකරන්න. මම දායකත්වය දරන වෙබ් අඩවියට ඒ වෙන කොටත් මුදිත ගැන විතරක් නෙමේ මුදිත ගෙ තාත්ත ගෙ දේශපාලනය ගැනත් ෆයිල් කීපයක් ලැබී තිබුනා.
      මම තීරණය කරපු එකම දේ පෙර වැරදි අමතක කරල ප්‍රස්තුත කාරණය ගැන විතරක් මුදිත ගැන කියවන්න. විශ්වාසය තබන්න.
      හදුන්නෙත්ති කොහෙන් හරි හොයාගෙන සමාජගත කලා හදිසි ටෙන්ඩර් කැදවීමෙදි ඩොලර් 96ට සියම් සමාගම ගෑස් දෙන්න ඉදිරිපත්වෙලා ඉන්නකොට ඕමාන් ට්‍රේඩිං සමාගමෙන් ඩොලර් 126කට [ මිල ගනන් මතකෙන් ලිව්වෙ සමහර විට සුලු වෙනස්කම් ඇති] ගෑස් මිලදී ගන්න මුදිත කැමතිවුනා කියන එක. හදුන්නෙත්තියි අනුර දිසානායකයි මේකෙ වංචාවක් වෙලා තියෙනවා කියලා කට උල් කරලා පැය ගනන් කතා කලා. මම ලිපි 10කට වඩා ලිව්වා එහෙම එකක් නෑ මෙන්න ඇත්ත කථාව කියලා . යාලුවො එක්ක පැය ගනන් තර්ක කලා ඇත්ත කියන්න. ලසන්ත අලගියවන්න , බන්දුල ගුනවර්ධන , චරිත හේරත් , එස් එම් මරික්කාර් මේක කරේ තියන් ගියා. රනිල්ට බැන බැන.

      මම ලියපු ඒවාට මිනිස්සු හිනාවුනා.අපහාස කලා. මුදිතව විතරක් නෙමේ සාගලවයි කාංචනවයි හොරු කියලා පට්ට ගැහුවා. පැය 24 ගෑස් පෝලිමේ හිටපු අය ගෑස් ලොරිය ආවම ටැංකිය පුරෝගෙන රනිල් ට බැන බැන තමයි ගෙදර ගියේ.

      අනුර යි හදුනුයි මිනිස්සුන්ගෙ ඔළුගෙඩි විෂබීජ පුරවල තිබුනෙ.
      රුපියල් 96 ට දෙන්න කැමති උනේ සිංගප්පූරුවේ සියාම් ගෑස් කියන්නෙ අතරමැදි සමාගමක්.ඔවුන්ට කෙරවලපිටියෙ මූද මැද තියෙන ලිට්රෝ බෝයාවට සවි කරන්න පුලුවන් නැව් දෙකයි තියෙන්නෙ. ඒවත් හයර් කරන ඒවා.දවස් 3කට සැරයක් නැවක් එවන්න ඔවුන්ට කැපෑසිටි නැහැ. අනික ඔවුන් ලංකාවෙ රජයෙන් ලොකු ගැරන්ටි ඩිපොසිට් එකක් ඉල්ලුවා. භාන්ඩාගාරයට සල්ලි නැහැ ඩිපොසිට් තියන්න.

      ඔය කතාව කව්රුත් විශ්වාස කලේ නැහැ.
      ඕක ඇත්ත කියල කැම්පේන් කරන්න බජට් තිබුනෙත් නෑ .මම වගේ දෙතුන් දෙනෙක් විතරයි ඕක ලිව්වෙ. කතාකලේ. ඒකත් ස්වේච්ඡාවෙන්.
      ඩොලර් 28-30 මිල වැඩි ඕමාන් ට්‍රේඩිං කියන්නෙ කලාපයේ ගෑස් බිස්නස් එකේ බලවතෙක්. ගාන වැඩී හැබැයි ගැරන්ටි ඉල්ලන්නෙ නෑ. ඇති තරම් නැව් තියෙනවා. රනිල්ට යන්න තිබුන ඔප්ෂන් එක ඒක විතරයි. ගෑස් නැතිව පෝලිංවල හිටපු මිනිස්සු ලොරිය ආවහම ගෑස් අරන් අනුරලගෙ බොරු අහමින් ගෙදර ගියා.

      අවුරුදු දෙකකට පස්සෙ ලංකාව බංකොලොත් කියන ලේබලයෙන් ගැලවිලා. ඩොලර් සංචිත ටිකක් තියෙනවා. ලිට්රෝ මහා භාන්ඩාගාරයට දෙපාරකට ලොකු මුදලක් දීලා දෙසැම්බර් වෙනකම් ගෑස් ඕඩර් කරල සල්ලිත් ඉතුරු කරලා. රනිල් පැරදිලා පැන්ෂන් ගිහින්. මේ වැඩේ කරපු මුදිත අද ඕස්ට්‍රේලියාවට ගිහින් දරු පවුලත් එක්ක හොදින් ඉන්නවා [ මුදිත වැඩකලේ පඩි නොගෙන]. හොරකම් කලා කියපු සාගලයි කාංචනයි ජන්දෙ ඉල්ලනවා, ගෑස් හොරු කියල හැමෝටම චෝදනා කරපු හදුන් මාතරින් ජන්දෙ ඉල්ලනවා [හැබැයි මුදල් ඇමති ලැබෙන්නෙ නැති බව දන්කවා කියල ගිය සතියෙ කිව්වා].
      මේ හැම එකක් ගැන කට උල් කරලා බොරු විද්ද අනුර අද ජනාධිපති වෙලා එයාගෙ පොඩි කැබිනෙට්ටුවෙන් යෝජනා කරනවා ඕමාන් ට්‍රේඩිං එකෙන්ම 2025 වසරටත් ගෑස් ගන්න. අද කැබිනට් තීරන දැනුම් දීමෙදි විජිත කියන්නෙ ඕමාන් ට්‍රේඩිං නෙමේ MAOQ කියලා. දෙකම එකයි තමා මිත්‍රවරනි.

      අතිශයින් තවත් වතාවකට මට මම ගැනම සංතෝෂය.

      [සියාම් සමාගමට බැරි ඇයි කියලා වීඩියෝ එකේ තියෙනවා]
      ©️ සංජීව

      Delete
  2. චොකලට් අයිස්ක්‍රීම්, ඇඹරැල්ල කරී, ජින්ජර් බිස්කට්, මඩු මාලු මිරිසට, චීස් ස්ප්‍රෙඩ්, පොලොස් සම්බෝල, බ්ලැක්බෙරී ජෙලී, කීරමීන් බැදල දඹල/කහ බෙල්පෙපර්/පතෝල සලාද එක්ක රතුහාල්පිටි ඉඳිආප්ප කාල තියනවද?

    ReplyDelete
  3. https://sithgathsahithyakalakruthi.blogspot.com/2024/10/2020.html#comment-form

    ReplyDelete
    Replies
    1. Link එකට ස්තුතියි.
      ගියා- කියෙව්වා- comments දෙකක්ම ලියලා ආවා!

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. මෙහෙ ඉන්නව "බ්ලූ ජේ" කියල පක්සියෙක්. නමේ තිබුනට උන්දලා නිල් පාටම නෑ. අපේ "බ්ලූ ජේ"ත් නිදියව රයිඩ් එකක ගෙනියනව කියල හිතෙන්නෙ මම නිසාචර පක්සියෙක් නිසාද?🤔

    සන්තානම් මෑනියනේ! මුංද මගේ පෝස්ට් එකේ වචනත් ගණන් කරලා කියහංකො.😮😵‍💫🤣

    කාට නැති වුනත් මේ ඉවුම්-පිහුම් ගුරු-හරු කම්, අසරණ අපට වටිනවා. ඔහේට පිං, අපිටත් රසට කන්න සපෝට් එකක් දෙනවට. ඒකෙ අගේ දන්නෙ, කුස්සියෙ තියෙන ඔක්කොම පහේ දාලා වෑංජන අල කරගන්න අපි වගේ ගොබිලො තමයි.

    ෴0෴ දැක්කාම කණගාටු හිතුනෙ ඒකයි, බස්තියං.😟

    ReplyDelete
    Replies
    1. The Owl and the Pussy-Cat
      The Owl and the Pussy-Cat went to sea
      In a beautiful pea-green boat,
      They took some honey, and plenty of money,
      Wrapped up in a five pound-note.
      The Owl looked up to the stars above,
      And sang to a small guitar,
      'O lovely Pussy! O Pussy, my love,
      What a beautiful Pussy you are,
      You are,
      You are!
      What a beautiful Pussy you are.'
      Pussy said to the Owl, 'You elegant fowl,
      How charmingly sweet you sing.
      O let us be married, too long have we tarried,
      But what shall we do for a ring?'
      They sailed away for a year and a day,
      To the land where the Bong-tree grows,
      And there in the wood a Piggy-wig stood,
      With a ring in the end of his nose,
      His nose,
      His nose!
      With a ring in the end of his nose.
      'Dear Pig, are you willing, to sell for one shilling
      Your ring?' Said the Piggy, 'I will.'
      So they took it away, and were married next day,
      By the Turkey who lives on the hill.
      They dined on mince, and slices of quince,
      Which they ate with a runcible spoon;
      And hand in hand, on the edge of the sand,
      They danced by the light of the moon,
      The moon,
      The moon,
      They danced by the light of the moon.
      Edward Lear (1812-1888)

      Delete
    2. https://images.app.goo.gl/xDrkMEyaXXYPX25i6

      Delete
    3. මේ වේදිකාවේ කෙරුණු සංවාදය ගැන මහත්වරුන් දෙදෙනාටම 'රොම්බ තැන්ක්ස්!'

      Delete
    4. බස්සා මහත්තයෝ...
      ආවොත් නොයා බැරිය. නොගියොත් නැවත එනුත් බැරිය කියලා කියනවනෙ... තව කුකරි රහස් ඉතිරියි. ටික දවසක් ගියාවෙකෝ...

      Delete
  6. මේ පාර ආවහම නිදි ගේ ගෙදර කෑමකට එනවා . හැංගෙන්න එපා ගොයියෝ . මට ඔය උයන මගුල් වැඩිය දන්නේ නැති නිසා දෙන දේ කාල ඉන්නවා

    ReplyDelete
    Replies
    1. එන්න එන්න. සාදරයෙන් පිළිගන්නවා. හැබැයි, මට කල් තියා කියන්න ඕනි. එන්න දවස් දෙක-තුනක්වත් කලින්...
      මේ දවස්වල මගේ ෆේවරිට්, MDK එකේ 'ස්ට්‍රින්ග්ස්' එක එක විදිහට හදන එක.

      Delete
    2. අජිත් ධර්මා නං ගෙදරට වැද්ද ගන්න සුදුසු කෙනෙක් නෙමෙයි.

      නිමල්ට ඉරිච්ච් රතු පාට ජොකාත් ගලවන් යයි සරම තියෙද්දී.

      නිමල් එක්ක පින්තුර ඇරගෙන ෆේස්බුක් දාලා ජේවීපී එකට කොක්ක ගහලා වාසි ගන්න අජිත් ඔය ලෑස්ති.

      සරෝජ් ලා, චන්දිම ලා එහෙම අජිත් ව ගණන් ගන්නෙත් නැහැ.

      ස්කොට්ලන්තයේ ඉන්න අහිංසක චතුෂ ට කරන්න හදපු අපරාදයක්.

      -නොදුටු මිතුරෙක් -

      Delete
    3. අජිත් මහතා ගැන මගේ අත්දැකීම වෙනස්. අජිත් මීට පෙර තුන් වතාවක්ම අපේ ගෙදරට ඇවිත් තියෙනවා. කිසිම අවුලක් වුණේ නෑ!

      Delete
    4. හේ හේ . ඔය කතා ලියන්නේ අපි දැන් වාසි නොදෙන නිසා . ගණන් ගන්න එපා නිදි . මෙසේජ් එක්ක දාන්නම් මචන් . අර බ්ලු පක්ෂියා එක්ක තමා එනවා නම් එන්නේ . මේ මැරෙන්න කලින් මේ ටිප් ඔක්කොම දාල කුකරි පොතක් ලියපන් කෝ .

      Delete
    5. පොත් වැඩේ මට යාදෙන්නෙ නැති පාටයිනේ........ අජිත්.

      Delete
    6. ඔය පොත් ලියන වැඩේ, කඩෙන් කාලා අනුංගෙ හරක් බැලිල්ලක් නෙමෙයිද? පබ්ලිෂර්ලාගෙ කුණු කතා අහගෙන, අතින් වියදම් කරගෙන පොත් ලියලා, පස්සෙ පොත් ගන්න කියල අඞනවා මං දැකලා තියනවා. මං අහන්නෙ, මොකක්ද ඒකෙ තේරුම? ඇයි මලාම "රාජ්‍ය සම්මානලාභී ග්‍රන්ථ කතෘ" වගේ නම්බු නාමයක් දාගන්නද?

      ලියනව නං, මේ නිදි දැන් කරනව වගේ ලිව්වාම මොකද වෙන්නෙ? ලියන්නත් ලේසියි, කියවන අපට හොයන්නත් ලේසියි? වරදට සමාව දෙන, පුරුෂාධිපත්‍යය පිළිගන්නා පාඨක යින් සඳහා සාකච්චාවට විවෘතයි.

      Delete
    7. උඹ වගේ නින්දිත පාහරයෙක් අජිත්. කලින් හිටපු උන් කරපු එක මුන් කරාට කමක් නැහැලු. ඊට එහා දේවල් උනත් කමක් නැහැ වගේ කතාව.

      විජිත හේරත් එක්ක එක පාසැලේ ඉගෙනුම ලැබීම ඇරෙන්න නදීක ගුරුගේට ඇති වෙන සුදුසුකම මොකක්ද නේද එම්බසි එකේ වාහන පාවිච්චි කරන්න. බණ්ඩාරවෙල සෙන්ට්‍රල්, එක පන්තියේ දෙන්නම. විජිත හේරත් සහ නදීක ගුරුගේ.

      උඹ වගේ දෙබිඩි නිවටයෙක් දැක්කමයි අජිත්. එන එන පැත්තට සාධාරණීකරණය කරන.

      උඹ ඉතිං රනිල් ඉන්නකන් ඌව විකුණන් කෑවා. උඹ ගැන හොදම විග්‍රහය උබත් එක්ක එකට රනිල්ගේ අනුග්‍රහය යටතේ රුසියාවේ ගිය ඩිලන්ත කියයි.

      මිනීමරු කාලකන්නි පාදඩක් උඹ.

      උඹේ මිනි වලටත් හෙන ගහනවා.

      Delete
    8. @ Ano,
      ගිහිං බලන්න.
      https://kolambagamaya.blogspot.com/2024/10/6.html

      Delete
  7. නූඩ්ල්ස් නිකංම තම්බල සුවඳ ගහන කිරි හොද්දක් එක්ක හොඳ සැරට පොල් සම්බෝලෙකුත් තිබ්බනං රජ කෑමක් තමයි ඉතිං.

    කෑම හදනකොට මුරුංග පොතු දාන එක මම දක්කෙ Village Kitchen කියන චැනල් එකේ.

    ReplyDelete
    Replies
    1. තම්බපු බිත්තර හොද්දක් එක්ක රාබු උයලා කොස් ඇට එක්ක කාලා පහුවදා උදේට පච ලපයාගේ කටේ රෙන්ඩ ආස නැද්ද දෙමළා?

      Delete
    2. බීභත්ස්‍ය රසය හෙවත් පිළිකුල් රසය!

      Delete
    3. ඇයි නිමල් අංකල් ඔයා නූඩ්ල්ස් වලට ඔච්චර අප්‍රසාදයක්? අප්පිරිය ද? මුරුංගා පොතු දාන එක ඉන්දියාවේ කෑම වලට දානවා විශේෂයෙන්ම කොත්තමල්ලි කොල සහ මුරුංගා කොල දානවා මුරුංගා කොල නම් දාන්නේ ඉස්සෝ වගේ ඌෂ්ණ කෑම ජාති වලට...

      Delete
    4. // නූඩ්ල්ස් වලට ඔච්චර අප්‍රසාදයක්?//
      මං එහෙම එකක් කියල නැහැනෙ ක්‍රිෂාන් මහත්තයෝ.

      Delete
  8. ආන්න ජොන්ස්ටන්ට ඇප දීලා.

    කෝ මේ ටොම් පච ලප කොටා.

    පොල් කඩනවද?

    ලපයට චන්දෙ දුන්නු උන්ට ගූ ගහන්න ඉතාම ආසන්නයි දැන්

    ReplyDelete


  9. මේ වගේ රහස් හන්ද තමයි ඉතින් සූපවේදියෝ වැඩි පඩි ගන්න ලිස්ට් එකේ උඩින් ඉන්නෙ. අනික් අය ඕව දන්නෙවත් නැහැනෙ

    ReplyDelete
    Replies
    1. පොඩි පොඩි දේවල් වුණත් ඉගෙන ගත්තාම වටිනවනේ නමී!

      Delete
  10. දැන් ඉතින් රටගිය කොටහෙ ඉතිරි ටික ලියන්න වෙයි හිටං

    ReplyDelete
  11. "මහෞෂධ පණ්ඩිතයන් අමරා දේවියව ටෙස්ට් අරන්න එහෙම කරපු බව ඇත්ත. ඒත්... ..... කාන්තාවකට එහෙම කිරීම හිංසනයක් විදිහටයි මම නං දකින්නෙ".
    ඔය වගේ කතා පොඩි කාලෙ ඉඳලා ඔලුවට දාලා තමයි ලංකාවෙ පිරිමි වැඩි දෙනෙක් කාන්තා හිංසනය ඉතාම සාමාන්‍ය දෙයක් විදිහට සලකන්නෙ. වාචිකව හරි හිංසනයක් කරන්න තියෙනවනම් වෙන දෙයක් ඕනෙ නෑ.

    "කට්ලට් හදනකොට පාන් කුඩු ටිකක් දාලා බෝල හදන්න. කැඩෙන්නේ නැහැ. රසත් හොඳයි". ඒ කියන්නෙ මිශ්‍රණය හදලා දෙහි එහෙම දානකොට පාන් කුඩු ටිකකුත් දාන්න කියලද. හරි එහෙම කරලා බලන්නම්. නිමල් කියලා තියෙන අළු කෙසෙල් එකතු කිරීම අපේ ආච්චි අම්මා කරනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් Lotus. කට්ලට් මිශ්‍රණය අනනකොට තමයි පාන්කුඩු මිශ්‍ර කරන්නේ.
      බදින විට තෙල් ටික හරියට උණුවෙන් නැති වෙලාවටයි කට්ලට් පුපුරන්නේ- බොහෝ විට.

      Delete
  12. 'දවසයි ගියේ. තවත් පුවතක්... අද දහවල් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්තයත් අත් අඩංගුවට...'

    තීන්ත වෙලෙන්නත් කලින් ජොනියා එළියේ. නිමල් අංකල් පව්. කන්දක් විළිලා බෙට්ටක් දැම්මා වගේ වැඩක් උනේ මාලිමාවට කඩේ ගිහිං.

    දැන් ගෑස් ඇත්තෙත් නැහැ. මිනිස්සු අම්මා මෝ නැතුව බනින්නේ. පොඩ්ඩක් පරිස්සම් වෙලා ඉන්න. ඊලග වටේ ගෙවල් ගිනි තියාගෙන බෙරේ වැවේ ලගින්නේ ඔහෙලා වෙන්නත් පුළුවන්.


    ReplyDelete
  13. අර මහෞෂධ පන්ඩිතයට බැනපු එක නම් හරි . ඒ මනුස්සයාගේ ඇතැම් කතා අවුල් මටනම් .

    ReplyDelete
    Replies
    1. ඒ කතා ලියන කාලෙට සාපේක්ෂව ඒවායේ දෘෂ්ටිය හරි වෙන්නැති. නේද අජිත් මහත්තයෝ ?

      Delete
    2. චෙර්නෝබල් වෙත ගිය ගමන

      යූක්‍රයීනයේ චෙර්නෝබල් ව්‍යසනයෙන් වසර කීපයකට පසුව චෙර්නෝබල් වෙත යාමට මම සාෂා රේෂී සමග කථා කර ගත්තෙමි. සාෂාට රේෂී කියා කිවේ ඔහුගේ හිසකේ රන් පැහැති නිසාය. මේ කාලය වන විටද චෙර්නෝබල් නගරය විකිරණ අවධානම නිසා පැවතියේ තහනම් නගරයක් ලෙසටය. ග්‍රාමීය මාර්ග හරහා චෙර්නෝබල් වෙත ලඟා විය හැකි බව සාෂා රේෂී මට කීවේය. සාෂා සතුව පැරණි වොල්ගා රථයක් තිබූ අතර ඔහු මීට ප්‍රථම චෙර්නෝබල් නගරය ආසන්නයට ගොස් තිබුනේය. තරුණ මදය නිසා අවදානම් වැඩ කිරීමට යන සාෂා රේෂී මටම ගැලපෙන මිතුරෙකු විය.

      ෂිතොමීර් නගරය හරහා නෝවෙයි සෝකොල් නගරයට අවතීර්ණව පැරණි ග්‍රාමීය පාරවල් ඔස්සේ චෙර්නෝබල් වෙත ලඟා විය හැකි බව සාෂා කීවේය. මෙම අවදානම් චාරිකාවට පෙර අයඩීන් පෙති ගැනීමටද අප ගිවිස ගත්තෙමු. එහෙත් සාෂාටත් මටත් යාමට ලැබුනේ ෂිතොමීර් දක්වා පමණි. චෙර්නෝබල් නගරයට යන මාර්ග සියල්ලම යුද හමුදාව මගින් අවහිර කොට තිබෙන බව අපට ෂිතොමීර් වලදී දැන ගැනීමට ලැබුණි. මේ නිසා අප චාරිකාව නවතා දමා සාෂා රේෂී ගේ නිවසට ආවෙමු.

      කෙසේ නමුත් චෙර්නෝබල් ආසන්නයට ගිය නිසාදෝ මගේ වෘෂණ කෝෂ ඉන් පසුව නිතරම ඉදමීමට පටන් ගත්තේය. ඉන් පසු මාව පරික්‍ෂා කල ලිංගික ගැටළු පිලිබඳ මහාචාර්‍ය ගර්දේගා මගේ පුරුෂ ග්‍රන්ථීන් ඉවත් කල යුතු බව කීවේය. මේ නිසා මම ඉතා වේදනාකාරී ශල්‍යකර්මයකට මුහුණ දුන්නෙමි.
      එසේම මාගේ හිසකෙස් සියල්ලමද හැලී ගියේය. පාද වල වේදනාවක්ද තිබේ.

      - අජිත් ධර්මකීර්ති -

      Delete