අකුරු මැකී නෑ

Saturday, November 2, 2024

උපන් දිනේ මගෙ ආ හින්දා... - පළමුවෙනි කොටස

“නිමල් අය්යේ, ලලිතුයි පීරිසුයි දෙන්නම මට කියනවා හෙට හවස ලලිත්ලගෙ ගෙදරදී set වෙනවයි කියලා කට්ටියටම කියන්නලු. ඔන්න ඔයාටත් කිව්වා එහෙනං... ඔයත් එනව නේද?” හරිශ් ඇහුවේ පහුගිය ඔක්තෝබර් බදාදා දෙකට විතර. ටෙලිෆෝනයෙන්.

ඔක්තෝබර් 3 වෙනිදා; බ්‍රහස්පතින්දා කට්ටිය set වෙන්න හදන්නේ මට සුබ පතන්නත් එක්ක වෙන්නැති!

(ලලිත් කිව්වේ WAL ප්‍රියන්තට). පිහිනුම් තටාකයක් වගේම, හොඳට ඉඩකඩ තියෙන සාගරයක් වගේ ගෙයක් ප්‍රියන්තට තියෙන්නෙ. (එහෙම බලද්දී අපේ ගෙදර පුංචි හුණ්ඩුවක්.) ඒ වගේමයි- ප්‍රියන්තගේ ප්‍රියම්බිකාව රසිකාත්, කවිජ, වෙනුජ පුතාලා දෙන්නත් බොහොම කැමැතියි අපේ කට්ටිය එහෙ එනවට. ඇවිදින් වාද-විවාද කරනවට; එකේක්කෙනාට card ගහගන්නවට; රසකතා වගුරනවට!

ඒත් අපේ යක්ෂ පැටවු ටික වැඩිය කැමති අපේ ගෙදරදීම සෙටමෝල් වෙන්නයි. රහස මොකක්ද දන්නවද?

අපේ ගෙදර ඉන්නේ මම විතරනේ... ඒ හින්දා එයාලට නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවනි- ඕනිම vocabulary එකක් පාවිච්චි කරමින්. (හැබැයි- මගේ එක කොන්දේසියක් යටතේ. ‘අල්ලපු ගෙවල්වලට නෑහෙන තරමේ ඩෙසිබල් ගණනකට voice එක control කර ගන්න ඕනි! ඒ ගෙවල්වල පොඩි ළමයි ඉන්නවනෙ.’)

“හරි නිමල් අයියේ, ඒක මම බලා ගන්නං.” මාධ්‍ය ප්‍රකාශක හරිශ් උන්නැහේත් ලෝස්-බෝස් නැතුවම පොරොන්දු වෙනවා. (හරියට ඡන්ද කාලෙට අපේ දේශපාලනඥයන් පොරොන්දු වෙනවා වගෙයි.)

‘බලා ගන්න පුළුවන්කම’ තියෙන්නෙ දැඩි තීන්දු ගන්න හැකියාව තියෙන කෙනෙකුටනේ. හරිශ් තමයි මම දැකල තියෙන අහිංසකම මනුස්සයා. ඉතිං කොහෙද ‘බලා ගන්නේ’?
අනික තමයි හරිශ් මධු විතට තියෙන ආදරේ... බෝතලේ දැක්ක ගමන්ම උන්නැහේට හැදෙන්නේ පුදුම තදියමක්. තදියම තිබ්බට එයාට බොන්න බෑ කියලයි මට නං හිතෙන්නේ. රවුම් දෙක තුනක් යනකොටම මිනිහ ‘කඩින් කඩ’ නිඳි!

ගරු ගම්බිර පාර්ලිමේන්තුවේ කතානායකතුමාටවත් මෙල්ල නොවෙන මන්තිරිලා ඕසෙට ඉන්නවනෙ. එව්වා ආදුරුසෙට අරගෙන වගේ අපේ නඩේ අයත් හිටි ගමන් සීමාව පනිනවා...
ඒ බෝතලේ හිස් වේගෙන එන වෙලාවටයි; රෑ දොළහ විතර වෙද්දී- තරුද නිඳන මහ රෑ වෙද්දී...

තව එකක්! දැකල තියෙනවනේ අපේ රටේ උදවිය වාද- විවාද කර ගන්න විදිහ.
හිතන්නේ ගිරිය පුප්පාගෙන (ලබ්බ බහින තරං) සද්දෙට කිව්වාම තමයි ‘අනෙකා තමන්ගේ මතය පිළිගන්නෙ’ කියලා.
දන්නවනෙ, හැම ප්‍රධාන දේශපාලන ධාරාවන්ම නියෝජනය කරන නියෝජිතයන්
අපේ කට්ටියේ ඉන්න විත්තිය. ඉතිං මේ ටිකේම; (ඡන්දේ ඉවර වෙනතුරු) අපේ කට්ටියට, අපේ ගෙදරදී set වෙන්න ඉඩක් දෙන්නැතුවයි මං ඉන්නේ...
ඒ අතරවාරෙයි මේ set වෙන යෝජනාව ආවේ!

ඔක්තෝබර් දෙවෙනිදා කියන්නේ බදාදාවක්. හරිශ් කියන විදිහට- 3 වෙනිදා; බ්‍රහස්පතින්දා තමයි කට්ටිය ප්‍රියන්තල ගෙදරදී සෙට් වෙන්න හදන්නේ. හැබැයි හරිශ්ගෙ tone එකෙන් (හිර කරගත්තු) හිනා ගතියක් කාන්දු වෙනවා.
මටත් හීන් හිනාවක් ගියා. ‘හරි, මාත් එන්නං... කවුද එන්නේ?’ හීං හිනාව වසං කරගෙන මං ඇහුවා.

foto එකෙන් පෙනෙන විදිහට පාක්ෂිකයන් ඔක්කොමල ඉන්නේ බුකවගෙන- නැත්තං හයින්-හාමතේ පණ කඳුළක් නැතුව වාගේ...

“අපේ කට්ටිය තමයි. එහෙනං නිමල් අයියේ- හෙට හතාමාරට...”

සාමාන්‍යයෙන් අනෙක් අයට නොපෙනෙන සමහර දේවල් පවා මට මීටර් වෙන වෙලාවල් තියෙනවා. මේ
පේළි දෙක-තුනට උඩින් දාලා තියෙන foto එක පේනව නේද? ඒ foto එකෙන් පෙනෙන විදිහට පාක්ෂිකයන් ඔක්කොමල ඉන්නේ බුකවගෙන- නැත්තං හයින්-හාමතේ පණ කඳුළක් නැතුව වාගේ. ඇයි ඒ කාගෙවත් මුහුණේ සතුටක් නැත්තේ... හිනා පොදක් නැත්තේ.
එයාල ඒ අවස්ථාවට සහභාගි වෙලා තියෙන්නෙ නෑවිදින් බැරි නිසාද? ඇපයෙන් ගැලවෙන්න වගේද?

එදාත් මට යමක් මීටර් වුණා... නුහුරක් දැනුණා!

වෙනදට හරිශ් මට වෙලාවක් කියන්නේ නෑ!
අපේ set එක රාශිභූත වෙන්නේ සිකුරාදාවක හරි සෙනසුරාදාවකයි!!
විශේෂ හේතුවක් ඇතිවයි- සතියේ දවසක රැස් වුණොත් රැස් වෙන්නේ!!
ඔක්තෝබර් 3 වෙනිදා; බ්‍රහස්පතින්දා කට්ටිය set වෙන්න හදන්නේ මට සුබ පතන්නත් එක්ක වෙන්නැති!

ඇයි, මගේ උපන් දිනේ ඔක්තෝබර් 3 වෙනිදනෙ.

ඒක ලේසියෙන් පිරිමි කෙනෙකුට අමතක වෙන්නේ නැති දවසක්.
සමස්ත ලංකා අමද්‍යප තරුණ සංවිධානයේ ලාල් හේවාපතිරණ මහතාගේ යෝජනාවකට අනුව ඔක්තෝබර් 3 ‘ලෝක
අමද්‍යප දිනය’ ලෙසින් 1981 දී සම්මත වුණාට පස්සෙයි, ඒ.
‘නිමල් අයියා බොන්නෙ නැතුව මදිවට මිනිහගෙ උපන් දිනේ දවසට අපිටත් බොන්න නැති කෙරෙව්වා මිනිහගෙ ගුරුන්නාන්සේට කියලා. එදාට බාර් වහනවනෙ.’ පදනමක් නැතත් එහෙම චෝදනාවකුත් තාම ඉඳහිට කියවෙනවා.

ඉතිං, ඔය කාරණය නිසා මගේ ජන්ම දිනය ‘බොනපාට්’ හිතවතුන්ට අමතක වෙන්නෙම නෑ!

හිතවත් කරුණාරත්න අමරසිංහ සූරීන්ගේ උපන් දිනය නිමිත්තෙන් එතුමා අපූරු සටහනක් fb එකට ලියා තිබුණා. මෙන්න එහි මුලින් හා අගින් කවි තුනක් උපුටා ගන්නවා; ඒවා තරයේම මගේ සිත් ගත් නිසා. (බෙහෙවින්ම ස්තුතියි කරුණාරත්න මහතාණෙනි!)

'නොනමින් උපන් මම
නිමැවුමකි අන්
හැමගෙම
එබැවින්
නිසැකවම
නම මිසක මට උරුම අන් කිම
?

නිම නොම වන ලෙසම
ලොකු නොකර ගනිමින "මම"
මනු ලොව
අසමසම
හැම සමග විසුමය පරම රම!

අපි හැම දෙනම සඟවා ගෙන සිටිමු "මම"
එබැවින් නොම දකිමු කවුදැයි සැබවි "මම"
හෙළි කළ කල පමණි ඒ බොරු නොවන "මම"
සැබවිම රුවින් දැකියැකි අපෙ නියම "මම"'

සත්තක ඇත්තනේ!
අපි කවුරු කවුරුත් අපේ හැබෑ රූපේ අනිත් අයගෙන් වසං කරගෙන නේද ඉන්නේ... මම නම් එහෙමයි. ඒත් දැන් ඒ ගතිය ගොඩක් අඩුයි. ඉස්සර නං ඉතිං...

ඒ අස්සේ අපේ මල්ලිලාගේ නංගිලාගේ දූපුතුන් මව්පිය පදවි ලබන්නත් පටන් ගත්තා. (අනිල් මල්ලීගේ බාලම දියණිය සචිනි දෙපුතුන් සමඟ...)

ඒ දවස්වල මගේ උපන් දිනය හිතවතුන් දැන ගන්නවට මං එච්චර කැමැත්තෙන් නෙවෙයි උන්නේ. ඇත්තම කිව්වොත් මට ඕනි වෙලා තිබ්බේ සදාකාලිකවම යව්වනයේ ඉන්නයි; වර්ණ- බල දශක දෙකේම රැඳිලා ඉන්නයි. ඒත් ප්‍රඥා දශකයෙදී නිමල් දිසානායකට තේරුම් යන්න ගත්තා හෙමි-හෙමින් වුණත් ‘තමන් වහන්සෙත් වියපත් වෙන විත්තිය.

ඒ හින්දමයි ඒකා ‘හායන දශකය මැදදී’; 55න් යන්න ටාගට් කරගෙන හිටියෙත්. හැබැයි මගේ දෛවය ඒ ‘ටාගට් එක’ පයිසෙකටවත් මායිම් කළේ නෑ. Bonus එකක් දුන්නා... නිකංම නෙවෙයි- වැරදි බෝනස් එකකුත් එක්ක.

ඒ අස්සේ අපේ මල්ලිලාගේ නංගිලාගේ දූපුතුන් මව්පිය පදවි ලබන්නත් පටන් ගත්තා. මුනුබුරු-මිනිබිරියන් බහ තෝරනකොට මම නිකංම කොකු සීයා වෙලා ඊට පස්සේ ‘ලොකු සීයා’ වෙච්චි.
පිළිකා ඉස්පිරිතාලේ වාට්ටුවක නේවාසිකව හිටිද්දී හයයි-හතරේ (ඇමේසන් යෝධියෙකු) වගේ
මිසී කෙනෙකුත් මට ‘සීයේ’ කියපි. එදා තමයි වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම මගේ ‘මන් බිඳුණේ’. ඊට පස්සේ මම වයස හංගන්න try කළේ නෑ.
හැබැයි ඉතිං, මම ඒක පත්තරේ දදා ඉන්නෙත් නෑ!

අනිත් පුහුදුන් හැමෝම වගේ මමත් කැමැතියි හැම දෙනාගේම ආදරයට ලක් වෙන්න; ගෞරවයට පත් වෙන්න. හැබැයි- විය යුතු පදමට; නිසි පමණට... අතිශයෝක්තියෙන් නෙවෙයි. හොඳේ.

මොකක්දෝ මන්දා වාසනා ගුණයක් නිසා- මගේ උපන් දිනයන් ගොඩක්- ගොඩාරියක් ලොකුවට සැමරුණු ඒවා වුණා. විශේෂයෙන් අර්ධ දසක- දසක සම්පූර්ණ වෙද්දී. අනිත්වාත් නොසලකා හැරිලම නෑ...
ඇත්තටම කිව්වොත් එහෙම සැමරීම් ගැන මට ටිකක් ගිල්ටි; වරදකාරී හැඟීමකුත් දැනුණු වේලාවන් තිබ්බා. මොකද ඒ චාන්සස් අපේ නංගිලා- මල්ලිලටවත් හම්බ වෙලා නෑ!

“ඔයා දන්නවද? දැන් මට තිස්දෙකක්. කිසි දවසක මගේ උපන් දිනේකදි උත්සවයක් අරගෙන නෑ. අඩු තරමින් කේක් එකක් කපලවත් නෑ. අපේ වයිෆගේත් එහෙමයි...” තරුණ දෙදරු පියෙක් ඊයේ පෙරේදාවක මට කිව්වා. “... හැබැයි අපේ දෝණිගෙයි, පුතාගෙයි උපන් දිනවලදී අපි මොනවා හරි කරනවා.” ඒ තාත්තා කිව්වෙ හීන් සංතාපයක් තැවරුණු සතුටු මුසු හඬකින්.
“... අපි ගම්වල හිටිය මිනිස්සුනේ, දැන් කොළඹ කිට්ටුවට ආවට...”

එහෙව් උදවියත් මේ කොදෙව්වේ සිටිති... ඒ අතරේ අපි...

කොහොමෙන් හරි ඔක්තෝබර් තුන් වෙනිදටත් එළි වුණයි කියමුකො!

එංගලන්තයේ සිට අරවින්ද ඉන්ද්‍රසිංහ හිතවතාත්... (අරවින්ද කාංචනාත් දෙදරුවනුත් සමඟින් එංගලන්තයේ වෙසෙයි.)

මානෙල් කෝල් එකක් දුන්නා.

“සුබ උපන් දිනයක් ලොකා! අද මොකද කෙරෙන්නේ ඔයාගෙ උපන් දිනේට...”
“තැන්කියු මානෙල්! විශේෂයක් නෑ. හවසට අපේ කට්ටිය set වෙන්න හදනවනෙ- ප්‍රියන්තල ගෙදරදී.”
“ඇත්තද? අපි මේ හෙට උයන්න මස් ටිකක් ගේන්න යන ගමන්. ඔයාටත් කිලෝ දෙකක් ඕනියි කිව්වනෙ... Sam කතා කළාද?”
“තව නෑ මානි! වෙනදා නං මෙලහටත් wish කරලා...”
“තාම නිඳි වෙන්නැති. මට කතා කළොත් මම කියන්නංකො.”

ඇයි සමන්ති නංගිගෙන් කෝල් එකක් ආවෙ නැත්තේ? ඒ ගැන හිතන්නට ඉඩක් නොලැබුණේ ඉන්දිරා- මර්වින්- බබිතා වගේ කීප දෙනෙකුම සුබ පතමින් කතා කළ හින්දයි...
එංගලන්තයේ සිට
අරවින්ද ඉන්ද්‍රසිංහ හිතවතාත් සුබ පැතුවේය. “අරවින්ද, මාත් බලාගෙන ඉන්නේ තව සුමානෙකින් එංගලන්තේ ඉන්න යාළුවෙකුට wish කරන්න- Happy Birthday කියලා.”
“පොර ඔයාගේ බොක්කෙ යාළුවෙක්ද? කවුද ඒ අපතයා- මම දන්න පොරක්ද...”
“කණ්නාඩියක් ඉස්සරහට ගියොත් නං පෙනෙයි!”

අරවින්ද කතා කළා වගේ සෑම්, සුනිල්... ඒ දෙන්නමත් වෙනදට නං මෙලහකට call කරල, අද?

ලජ්ජ නැතිව සුනිල් wish කළාද කියලත් හිතනවනෙ යකඩෝ... මතකද තමුසෙ ලොකු මල්ලියාට සුබ පතපු ලස්සන...
ඇත්තය.
සුනිල්ගේ උපන් දිනය වැටෙන්නේ මගේ උපන් දිනයට සතියකට පෙරාතුවය. සැප්තැම්බර් 26 වෙනිදාටය. මේ වතාවේ මං සුනිල්ට සුබ ප්‍රාර්ථනා කොට තිබ්බේ 26 වෙනිදා නොව 27 වෙනිදා උදේය! මට දවස වැරදිලාය...

දවස් හතර-පහකට වතාවක් නෙවිලුත් මාත් මානෙල්ලගේ ගෙදර යන්නෙමු. එහෙම දවසට ‘ඔයා කීය වෙනකොටද එන්නේ’ කියා හතරට විතර නෙවිල්ගෙන් අහන පුරුද්දක් මට තිබෙයි. එහෙම කරන්නට පටන් ගැනුණේ නිකංමත් නොවේ. අමතක වීම් වගයකට පස්සෙයි.
සැරයක් දෙකක්ම, අප ‘ගමනක් යන්නට යොදාගත් විත්තිය’ අමතක වෙලා නෙවිල් ගෙදරටම ගිහිංය. ඉතිං- මාව එක්කගෙන යන්නම කොට්ටාවේ සිට ආපහු එන්නට උන්නැහේට සිද්ද වුණේය.

අපට වෙනින් ආරාධනයක් තිබුණ දවසකත්, වැඩ අහවර කරන නෙවිල් අපේ ගෙදරට ඇවිත් නා-කියාගෙන ලක-ලෑස්තිවී මාත් කැටුව යයි. ඒත් ‘සිහි කැඳවුම් ඇමතුම’ දෙන්නේ මං වහන්සේමය. එයා නොවේ!

එදා හැබෑ වෙනසක් වුණේය!
හතරට විතර නෙවිල් කතා කළේය. “මම වැඩ ඇරිලා කෙළින්ම ගෙදර ගිහිල්ලයි එන්නේ. Change එකක් දාගෙන හතහමාරට ඔහාට එන්නං ඔයාව අර ගන්න.”

කතන්දර අහල අහලා; කියවල කියවලා; බලල බලලා හින්දා වෙන්නැති... මගේ ඔළුවේ කතන්දරයක් ඇඳීගෙන ඇඳීගෙන ගියේ නිමේෂයකින්. (මං හිතන්නේ කතන්දර ලියන කියන අයට මෙහෙම පරිකල්පනය කිරීමේ හැකියාව වැඩියෙන් තියෙනවා වෙන්නැති.)
පෙනෙනවට වැඩිය දෙයක් තියෙනවා වගේ නේන්නං... මට හිතුණා.

ඔයාලත් දන්නවා නෙව... සැක ඇති තැනට විදුලි කොටන බව?

ඊයේ හරිශ් කතා කරද්දී මොනවා හරි හංගනවා වගේ මට දැනුණේ නිකම්ම වෙන්න බෑ.

අද උදේ මානෙල් මස් ගෙනෙන්න යද්දී මට කතා කළ එක වුණත් අමුතුයි.
Sam කෝල් එකක් නොදුන් එකත් අමුතුයි.
සුනිල් කතා නොකිරීමත් ටිකක්...
ඒ මදිවට නෙවිල්ගේ කෝල් එක...

ප්‍රියන්තල ගෙදරට මානෙල්ලගේ කට්ටියවත් එක්කගෙන එන්නද නෙවිල් හදන්නේ. තව කවුද එතකොට එනව ඇත්තේ? අපේ සෙට් එක (පිරිමි 10-15ක්) ඇරුණාම මානියි- ගාමිණියි- රෝසියි... ඔව්, ඔව්! ඒ තුන්දෙනාත් එනවා ඇති. නෙවිල් එයාලව ප්‍රියන්තලගේ ගෙදරට බස්සවල එයි, මාව ගන්න. කළුවර වැටුණට පස්සේ ගාමිණී ත්‍රී වීලරේ එලවන්නේ නැහැනෙ...

ඈෑෑෑෑෑෑෑෑ
සමන්තිත් ලංකාවට ඇවිල්ලවත්ද... නැත්තං මානිලා විතරක් ප්‍රියන්තල ගෙදරට එයිද?
මං වහන්සේ පූර්වාපර සන්ධි ගළපන්න පටන් ගත්තා.
ඔයාලත් දන්නවා නෙව... සැක ඇති තැනට විදුලි කොටන බව? හිතේ හැටියට අංකොන් අවුස්සලා- පාරලා බලන්න වෙලාවකුත් මට හම්බ වුණා, නෙවිල් එනතුරු.
එහෙම වෙලාව ගත කරද්දී තමයි මං අතිපණ්ඩිත; ඔලමොට්ටල; මරිමෝඩ; ඉහළම ලංසුවේ ගොන් තකතිරුකමක් කළේ. (හිටි ගමන් අපි කාගේ අතිනුත් එහෙම බූරු වැඩ කෙරෙනව නෙව.) ළඟට ගත්තා පෑනක්- කොළ කෑල්ලකුත් එක්ක. ලියන්න පටන් ගත්තා...

දැන් වෙවුලන ඇඟිලිවලින් පෑනක් පැන්සලක් අල්ලලා යමක් ලියනවා කියන එක මට දුක උපදවන්නක්. මම ලියන දේවල් ඒ තරං ලස්සනටයි ලියවෙන්නේ. මටම කියවගන්න බැරි තරං පැහැදිලිවයි.
ඒත් දත කාල-කාලා පුළුවන් තරං වෙර දාල-දාලා හැකිතාක් පැහැදිලිව කරුණු තුනක් ඒ කොළ කෑල්ලේ කුරුටු ගා ගත්තා. ඊළඟට ඒක හතරට නවල සාක්කුවේ දමා ගත්තා.

හරියට හතහමාරට නෙවිල් ආවා. මාවත් වාහනේට නග්ගවා ගත්තා. තලපත්පිටියේ පන්සල පාරෙ ප්‍රියන්තලගෙ ගෙදරට ගියා.

අම්මට සිරි!
එතකොටත් හෙණ ජනම් එකක් එහෙ.

“එන්න එන්න නිමල් අය්යේ...”
“ඔය එන්නෙ අපේ බර්ත්ඩේ බෝයි!”
හෙණ සෙට් එකක්; ඇත්තමයි, මං හීනෙන්වත් හිතුවේ නැති සෙට් එකක්... පවුල් පිටිං ඒකරාශී වෙලා...පනහකට කිට්ටුයි වෙන්නැති. අපේ මානෙල්ලත් එතන.
පාටියක් කිව්වොත්
පිස්සු හැදෙන හිමන්‍යා: රෝසිගේ චූටි දෝණි මගේ ළඟට දුවගෙන ආවා. “ලොකු සීයා, It’s your Birth Day. අපි කේක් කපමු! You know...” කෙල්ලට ඉවසිල්ලක් නෑ වගෙයි- කේක් කපන්න.

“තව චුට්ටකින් හිමා... තාම ලොකු සීයා ෆ්‍රෙන්ඩ්ස්ලට කතා කරනවනේ...”රෝසියි, මානෙලුයි දෙන්නා ඉක්මනට ඉස්සරහට පැනලා හිමන්‍යාව නිස්සද්ද කරවල- වෙනින් පැත්තකට ඇදගෙන ගියා.

“එහෙනං කේක් එක කපමු නේද නිමල් අයියේ?” අයස්මන්ත පීරිස් හිතවතා සිය පවුලම එක්ක එනවා පෙනුණු ගමන්ම යෝජනාවක් ආවා.

ඒක නං මං හිතුවෙම නැති සුමිහිරි ගීතයක් වගේ සර්ප්‍රයිස් එකක්...

‘යං යං නිමල් අයියේ. වැඩිය රෑ වෙන්න කලින් අපිට ගෙවල්වලට යන්නත් තියෙනවා. හෙට උදේ ළමයි ඉස්කෝලේ යවන්නත් එපැයි!’ එයාලා බලෙන්ම වගේ මාව නැඟිට්ටවාගෙන උපන් දින කේක් ගෙඩිය තියෙන තැනට කැන්දාගෙන ගියා. (පස්සෙයි දන්නෙ! එහෙම කැන්දාගෙන ගිහිං තියෙන්නෙ Samව මට නොපෙනෙන්නයි.)

“හායි ලොකූ. Wish you a very happy birth day!” කියාගෙන සමන්ති නංගී සභාව මැද්දේ පෙනී හිටියා. උණුසුම් සිප ගැනීමක්... Hug එකක්...

“කොහොමද අපේ සර්ප්‍රයිස් එක?”
“සර්ප්‍රයිස් එක?”

මං ගෙදරදී ලියල සාක්කුවේ දාගෙන ආව කොළ කෑල්ල නෙවිල්ට දුන්නා. එයා ඒක බලනකොට ප්‍රියන්තත් ඒකට එබුණා.
මෙන්න ඒ තුණ්ඩුවේ කුරුටු ගෑවිලා තිබුණු දේ ඒ ලෙසින්ම. 

‘1. Sam wish නොකිරීම. ලංකාවට ඇවිත්ද?
 2. නෙවිල්  හතහමාරට එන්නේ මානෙල්ලව ප්‍රියන්තල දිහාවට දාලාද?
 3. හෙට උයන්නට මානිලා අද මස් ගේනවද?’

“කොහෙද මචං... උඹල වැඩේ කාලනේ...” ප්‍රියන්ත නෙවිල්ට කියලා මගේ පැත්තට හැරුණා. “ඒ කියන්නේ නිමල්ට සර්ප්‍රයිස් එකක් නෑ?” (අපරාදේ! මං අර කොළ කෑල්ල නොදී ඉන්නයි තිබ්බේ.)
“නෑමයි කියන්නත් බැහැනේ ප්‍රියන්ත. සමන්ති එන්න පුළුවනි කියලා මං ගෙස් කළා විතරයි... ඒකත් ඔය ලියල තියෙන කරුණු තුන නිසා...”
“ආාාාා...” ප්‍රියන්තගේ මූණෙ ලොකු හිනාවක් ඇඳුණේ නිකංම වෙන්න බෑ. මගේ හිත කිව්වා. එතකොටත් ඊළඟ ප්‍රශ්නය... “එච්චරනේ ඔයා guess කෙරුවේ?”

මං ‘එච්චරයි’ කියල කිව්වේ ඇත්තටම.
කව්ද හිතන්නේ තවත් පුදුම කිරීම් ඉතිරිය කියලා.

කවුරු හරි ඊළඟ පියවර දියත් කරන්න කියලා ඉඟියක් දුන්නද මන්දා?

“Many Happy returns of the Day, dear Loku!”
“සුබ උපන් දිනයක් අයියේ!”

ඩෙඟ ඩෙඟ පරි - රඹට කැකිරි කිව්වලු! එච්චර වෙලාවක් මෙයාලා කොහෙද දෙයියනේ වහං වෙලා උන්නේ... තවත් තුන් දෙනෙක් කලඑළියට ආවම මට හිතුණා... සත්තයි- සහතිකයි. ඒක නං මං හිතුවෙම නැති සුමිහිරි ගීතයක් වගේ සර්ප්‍රයිස් එකක්...

ඒ සුබ පතාගෙන ආවේ කව්ද කියලයි, අනෙක් විස්තරයි ඊළඟ කොටසෙන්ම කියන්නං...

49 comments:

  1. ලපයාට චන්දෙ දී රටටම කෙලවා දැම්ම
    නිමල් ඇතුළු නඩයට හෙන ගහපන් ඔන්න
    කන්න හාල් පොල් කිසිවක් නෑ ඔන්න
    වැඩ බැරි ලපයා තොට ගූ ගහනවා ඔන්න

    ReplyDelete
  2. හැපි මාසෙකට පස්සෙ බර්ත්ඩේ එකක් වේවා !
    පාටිය නැගල යයිද කියල ඊගාව කොටහින්ම බලමු.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි Praසන්ன මහත්තයෝ සුපැතුමට!
      අනිවා ඊළඟ කොටස බලන්න.

      Delete
  3. සුභ උපන්දිනයක් වේවා!

    ReplyDelete
    Replies
    1. මාසයක්ම ගියා නේද ඔහේට සුබ පතන්න. හැක්..

      Delete
    2. ඇයි යකෝ මූ කිව්වෙ අද නෙව? අර කතාවෙ තියෙන්නැහේ ඩොටේ ගම්වල අපට උපන්දින පත්තියම් නෑ හැක්.😋

      මහ රෝහලේ ඉඳිආප්ප වික්කාට
      දෙපාරක්ම ලන්ඩන් ගිය "ලොක්කාට"
      පේමන්ට් එකේ නාටක රඟ පෑවාට
      උඹේ ජීවිතේ මහ දිග පොතකි මට

      Delete
    3. ඒ විතරක්යැ බතිකුත් ලොක්කා කෙරුවා
      අච්චු ගහන වැඩ ඒ අතරම කෙරුවා
      ගෙදරිං පැනල හොරෙන්ම දුංහිඳත් ගියා
      ඕවා ඉතිං අපහට කරනට බැරුවා

      Delete
    4. ඉඳලා හිටලා පොඩි වංගුත් ගැහුවාට
      උයන-පිහන රස රහසුත් දෙනවා මට
      ඒව දැකලා කටටත් කෙල උනන කොට
      කැලේ සුභ පැතුම් පුදනෙමි ලොක්කා බොට

      Delete
    5. නිමල් දැන් ඇවිල්ලා ලස්සණ කවියකින් කට්ටියට පිළිතුරු දෙයි.

      Delete
    6. ගොඩක් ස්තුතියි බස්සා මහත්තයෝ.

      මටමත් පුදුම දේවල්නේ පසු කෙරුවේ
      එන එන විදිහටයි ඒවා විසඳූවේ
      ඒ විදිහට කරයි ඕනම කෙනෙක් ලොවේ
      අභියෝගයකි දිවියම ජය ගත යුතුවේ!

      Delete
    7. ඔව්නේ Praසන්ன, දැන් ඉන්න මං කොච්චර තැන්පත්ද හැබෑටම, ඒ කාලෙ එක්ක බලද්දී...

      කොයි දේ කළත් මට ප්‍රතිපත්තිත් තිබුණා
      ගිනි ගෙඩි නොදෙන විදියට මං හැඩ ගැහුණා
      අනුනට උගුල් ඇදලත් නෑ - දුක ගෙනෙනා
      හැබැයි මාත් ගිනි ගෙඩියකි, මටම හිනා!

      Delete
    8. නරිමොටෝ,

      තැනට සුදුසු ලෙස මම වංගුත් ගනිමී
      එයින් කිසිවෙකුට හිරිහැරයක් නොවෙමී
      සිල් පද තුනක් රැකගෙන සතුටෙන් සිටිමී
      ඒත් දෙකක් කැඩෙනව - මක්කා කරමී

      දැනුම බෙදා දුන්නට අඩු වෙන්නෙ නැත
      හොඳ හිත පැතිරුවම කාටත් ලැබෙයි සෙත
      ඇවිස්සුණත් තරහක් නං හිතේ නැත
      හොඳ මිතුරෙකුට හොඳ මිතුරන් ගොඩක් ඇත

      Delete
    9. Lotus, ඔන්න එක කවියක් නෙවෙයි කිහිපයක්ම ලිව්වා.

      Delete
  4. හැපි බර්ත්ඩේ එකක් වේවා !

    ReplyDelete
    Replies
    1. සුබ පැතුමට ස්තුතියි, නරිමොටාණෙනි.

      Delete
  5. Happy birthday Nimal.

    ReplyDelete
  6. පිලිකාවකි නිමලේ හට ලපයට පුක දුන්න
    ලපයත් පිළිකාවකි ලංකාවේ කරුමෙට මෙන්න
    හෙන ගහපං ඕකුං හට චන්දය දුන්න
    නූගත් ලෙඩ්ඩු හට රටටම කෙලවා දැම්ම

    ReplyDelete
    Replies
    1. උඹලා වගේ හිතේ වෛරයෙන් පැසවන මානසික ලෙඩ්ඩුන්ට වැඩිය ආයුෂ නෑ.

      Delete
    2. දෙවෙනි Ano, පළමු Ano වැන්නවුන්ට සුවය පතමු නේද, නිදුක් වීමට.

      Delete
  7. නිමලෙත් පිළිකාවකි ලපයා මෙන්ම
    රට ජාතිය ආගම හට කෙලවා දැම්ම
    දැන් ඉන්නේ ඕකුන් ගූ කෑ රිලවුන් මෙන්ම
    හෙන ගහපන් ලපයා ඇතුළු නඩයට අදම

    ReplyDelete
  8. සුභ උපන් දිනක් නිදී. නිදුක් නිරෝගී වසරක්.

    ReplyDelete
    Replies
    1. ගොඩාරියක් ස්තුතියි කපිල වස්තුවේ!

      Delete
  9. මමනං අඳාල දිනේ සුභ පැතුව ඕන්... පහුවෙලා පණිවිඩේ බැලුවට කරන්ට දෙයක් නෑ 😁

    ReplyDelete
    Replies
    1. එදා fb ගියේ නෑ, වෙලාවක් නොතිබුණු නිසා.

      Delete
  10. හපොයි නොවැම්බර දෙක නේද?
    අයීයෝ මගෙ කරුමෙට මගෙ සදුනිත් මතක් උනා 💀💀💀💀

    නොවැම්බර මාසේ සඳුනිලා නම් සාපයක් නිමල් අංකල්, අනිත් මාස වල සඳුනිලත් එච්චරම තමයි.

    සඳුනි...
    සඳුනි...
    ඇයි සුදු කොපුල් තෙමන්නේ
    රෑ තනි යහනේ ඉකි බිඳිනා විලාසේ
    සසැලි මැලවී
    නාඩන්න මා සඳුනි...

    සඳුනි...
    සඳුනි...
    සෙනෙහස නෑ බිඳුනේ
    රෑ සද පානේ
    මේ මොන පාලුවක්දෝ
    වත නොබලා ඈ ලඟට වෙලා
    මේ දැන් ආයේ
    බාධක නොබලා
    මා එනවා ඔය සුසුම් නිවා

    තනිකම් නොසා සඳුන්නේ
    නෑමයි තවත් හිදින්නේ
    නොසැලී නොතැවී
    පිස දමන්න හිමි කඳුලු

    සඳුනි...
    සඳුනි..
    සෙනෙහස නෑ බිඳුනේ

    පුන්සද රේඛා පාවෙන සිහිනයක්දෝ
    මා සොයලා ඈ වෙතින් මිදී
    රෑ තරු යායේ ආදර අහසේ
    සිත ඉගිලේ සඳ රැසින් තෙමී
    හිඳිනා ඉසව් නොදන්නේ
    ඒකයි දෙපා තැවෙන්නේ
    නොහඬා නොනිදා
    මග බලන්න මගෙ සඳුනි...

    සඳුනි ...
    සඳුනි ...
    ඇයි සුදු කොපුල් තෙමන්නේ
    ඇසුනා
    දැනුනා
    රෑ තනි යහනේ ඉකි බිඳිනා විලාසේ
    සසැලී මැලවී
    නාඩන්න මා සඳුනි
    සඳුනි...
    සඳුනි...
    සෙනෙහස නෑ බිඳුනේ...!
    😮‍💨😪😵‍💫😥

    ReplyDelete
    Replies
    1. කවුද මේ?
      සඳුනිල දෙතුන් දෙනෙක්ම දන්නවා. ඒ සඳුනිලට සම්බන්ධ; මට නිමල් අංකල් කියල කියන අයවත් දන්නවා- හැබැයි එයාලාගෙන් කවුරුන්වත් කවි ගී ලියන විත්තියක් දැනගෙන හිටියෙ නැහැනෙ.

      ඒත් මොකෝ? ගොඩක් ස්තුතියි!

      Delete
  11. හැපි මාසයක් අලුත් උපන් දිනයක් වේවා. අපට නොකිව්වට කමක් නැහැ . ප්‍රා ජේ ට නොකිව්ව එකටයි හිතට දුක .

    ReplyDelete
    Replies
    1. අජිත් මහත්තයෝ., සුබ පැතුවාට ගොඩක් ස්තුතියි.

      උපන් දින උත්සවයක් තියෙන විත්තියවත් මම හරියට දැනගෙන හිටියෙ නෑනේ. ප්‍රියන්ත - අයස්මන්ත ඇතුළු මිතුරන් කිහිප දෙනෙක්නේ වැඩේ සංවිධානය කරලා තිබ්බේ. ආරාධනා කරලා තියෙන්නෙත් එයාලා. හදිසියේ.
      එහෙම එකකට මං කොහොමද කාටවත් ආරාධනා කරන්නේ?

      Delete
  12. මේවනෙ අප්පා ස'ප්‍රයිසස් 😊.

    දෙවෙනි ස'ප්‍රයිස් එක අනිත් නංගිත් ආපු එකද. ෆොටෝ එකේ සමන්ති විතරයි අඳුරගන්න පුලුවන්.

    අනිත් ෆොටෝ එකේ ඉන්න කණ්ඩායම දැක්කම ඒගොල්ලන්ට චන්දෙ දෙන්න හිටපු මිනිස්සුන්ටත් එපා වෙයි 🤣.

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි Lotus, ඒක සර්ප්‍රයිස් එකක්ම තමා. දෙවෙනි එක ගැන ඊළඟ කොටසෙන් ලියන නිසා දැන්ම මොකුත් නොකියා ඉන්නං- කමක් නැහැනෙ.

      ඒ foto එක එක්ක තවත් foto තුන හතරක්ම තිබුණා, fb එකේ. අපේක්ෂකයා තමන්ම ප්‍රමෝට් කරගන්න හිතාගෙන දාපු. හැබැයි ඒවා මීට හපන්!
      තව කීප දෙනෙකුගේත් මෙහෙම බූමරංගයක් වෙන දේවල් මේ දවස්වල දැක්කා... දකිනවා... ගෝනි කනක්කුවේ!
      මට කල්පනා වුණේ Lotus, මෙහෙම මොළේ තියෙන උදවිය පාර්ලිමේන්තු ගියොත් කොහොමද කියලයි.

      Delete
  13. සුළුතර බොකපති ණයවෙන සුළුජනපති
    නිමලෙත් වැඳ වැඳ වහලෙක් සේ උනි
    මාසය ගතඋනි ලපයට කෙල උනි
    චන්දය දුන් රැල කැරි කෑ රිලවුන් මෙනි

    ReplyDelete
    Replies
    1. ඔයාට කවි ලියන්න පුළුවනි, Ano. හැබැයි තව පුරුදු වෙන්න වෙනවා.

      Delete
  14. Replies
    1. +++++++++++++++++++++++++ගොඩක් ස්තුතියි Pra Jay+++++++++++++++++++++++++

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. උතුමාණන්ගෙ දිග දඞු වැට දැක්කාම
      මල පූදිනවා නිදි ගේ හිස මුදුනේම
      ස්වස්ති සිද්ධම්! වත් නැති වුනෙ කෝම
      සුරුස් ගාලා ලිස්ස යන්නෙමි මෙහෙම

      Delete
    4. දඬු වැට වගෙම දිග ප්‍රතිචාරත් ලියන
      'ප්‍රාගේ විදිහ' ඕනෑ තේරුම් ගන්න
      blog නොලියන නමුත් blog දිරි ගන්වන්න
      වැට හරි ගසන්නෙකි- විදිහයි මට පෙනෙන

      Delete
    5. බස්සා මහත්තයෝ,

      යහපත පතන්නේ නැති - නරකම දකින
      ඒත් blog බලන; එව්වට ගොඩ වදින
      විස මුසු commentටුත් පොදුවේ පළ කරන
      අයට යවමි 'ස්වස්ති සිද්ධම්' වචන!

      Delete
  15. නිදි ට සුබ උපන් දිනයක්
    මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. ගොඩාරියක් ස්තුතියි විජේබාහු මහත්තයෝ.

      Delete
  16. නියම සප්‍රයිස් එකක් නේ දීල තියෙන්නේ.
    මගෙත් පොඩි කලේ උපන්දින පාටි ගත්ත කියල මතක නෑ , වයස 30 දී වැඩකරන තැන අය පාටියක් දුන්න, අපේ ළමයිගේ උපන්දින වලට නම් පාටි ගන්නවා...

    ReplyDelete
    Replies
    1. ළමා වියේදී තමයි එවැනි දේවල්වලින් ගොඩක්ම සතුටු වෙන්නේ, ලලිත් මහත්තයෝ.

      Delete
  17. ඔයාට සුබ උපන්දිනයක් වේවා නිමල් අංකල්, අදයි මේ පැත්තේ ගොඩ වූණේ so, happy belated birthday wishes 🎂 🥳 🎉 🎈 🎁 🎊

    බයි ද වේ මට නම් හිනා යනවා සමහර දේශපාලන අදහස් වලට නම්, මොකද ඔයාලා තවමත් මාලිමාවේ අලුත් ආණ්ඩුව රාජපක්ස හොර රැල හිරේ යවන හීන ලෝකවල. පවු කියලා හිතෙනවා.

    මේ නිව්ස් එක දකින්න ඇතිනේ

    ///ශ්‍රී ලංකාව තවදුරටත් සංවර්ධනය කිරීමට සහ නව තාක්ෂණය යොදාගෙන රට ඩිජිටල්කරණය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අවශ්‍ය සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා ඊයේ මාධ්‍යවේදීන්ට පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

    තවදුරටත් අදහස් ප්‍රකාශ කළ නාමල් රාජපක්ෂ මහතා;

    නව රජය යටතේ නව යුගයක් නිශ්චිතවම බිහි කිරීමට නම් මේ රටට අනිවාර්යයෙන්ම නව ආයෝජකයින් ගෙන ඒමේ ශක්තිමත් වැඩපිළිවෙළක් ඉතාමත්ම කඩිනමින් ආරම්භ කල යුතුයි.

    ඒ සඳහා අවශ්‍ය පසුබිම වහා සකස් කල යුතුයි.

    ව්‍යවස්ථා සංශෝධනයක් සහ මංත්‍රී වරප්‍රසාද කප්පාදු කිරීම පිළිබඳව වත්මන් රජය කතා කරමින් සිටීයි.

    එලෙස මංත්‍රී වරප්‍රසාද කප්පාදු කිරීම පොදුජන පෙරමුණ ලෙස අපට නම් කිසිදු ගැටලුවක් නොමැති බව අපි අවධාරණය කරනවා.

    එය රටේ ඉදිරි කටයුතු සඳහා කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ.

    රටේ ජනතාවගේ අනාගතය සමෘද්ධිමත් කිරීමට කටයුතු කළයුතු නිසාම ඒ සඳහා ජාතික ජන බලවේගයේ රජය ගන්නා සියලුම නිවැරැදි වැඩපිළිවෙළ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන බව වැඩිදුරටත් පැවසීය.

    – නාගොඩ සුමන උදයන්ත///

    "මංත්‍රී වරප්‍රසාද කප්පාදු කිරීම කිසිදු ගැටලුවක් නොමැති බව නාමල් රාජපක්ෂ පවසයි. "

    නාමල් හොරාට නම් ප්‍රශ්නයක් නැහැ. උන්ගේ හොර පවුල පරම්පරා ගානකට හොයල තියෙන්නේ. හැබැයි රටේ බහුතර දුප්පත් ජනතාව දිනකට වේල් දෙකයි කන්නේ. බිත්තරයක්, පොල් ගෙඩියක්, හාල් කිලෝවක් ගන්න බැහැ. රට ගොඩගන්ඩ බැරිතරම් වලක.

    අන්න ටිල්වින් කියනවා උගන්ඩාවේ සල්ලි හංගලා කියලා එයාලා කවදාවත් කිව්වේ නෑලු. ඔයා මෙතන බයිලා කියනවා. මුන් සේරම එක වල්ලේ පොල් ! එච්චරම තමයි.

    ReplyDelete
    Replies
    1. සුබ පැතුම් පිරිනැමුවාට ගොඩක් ස්තුතියි Ano.

      අද හුඟක් අය විවිධ අදහස් එළිපිටම කියනවා. ඒකට බය නැහැ. ඒ ගතියට මම නං කැමැතියි; සමහරුන් එයින් අයුතු ප්‍රයෝජන ගත්තත්. ( අනුර කුමාර ජනපතිතුමාගේ රූපය දාලා රුපියල් පන්දාහේ නෝට්ටු ගැහුවයි කියපු හැටි දැක්කනේ!)

      අපිට තියෙන්නෙ දකින- ඇහෙන- පෙනෙන දෙයින් හැබෑ බොරු තෝරාගෙන තේරුම් ගන්නයි.

      Delete
  18. Replies
    1. ස්තුතියි රසික මහත්තයෝ.
      ජය ජය ජය!

      Delete