අකුරු මැකී නෑ

Tuesday, July 29, 2025

හතලිහේදී... පහළොස්වෙනි කොටස

අමන්ගේ ප්‍රශ්නය ගැන කතන්දරේ එතැනින් ඉවර නොවුණේ බල්නූර් හින්දයි. “චී චී චී! What nonsense you talk Aman? උඹ හිතන්නේ නිමලුත් උඹ වගේම බාස්ටඩ් කෙනෙක් කියලද? බලපන්... මේ බ්‍රදර්ගේ අහිංසක පාට...” බල්නූර් අමන්ගේ ඇඟට ගොඩ වුණේ නොමනාපයෙන්.

නිදි තමන්ටම "නරක සමනලයා" කියා පුන, පුනා කීමෙන් කරන්නේ පස්චාත්තාප වීමක්ද, ආතල් ගැනීමක්ද කියා පැහැදිලි නෑ.

ඇ..ඈ... එහෙනං බල්නූර් කියන හැටියට අමනුත්...?

මගේ ජීවිත කතාව කියනකොට ‘සමරිසි උදවිය ගැනයි, ඒ හා අදාළ දේවල් ගැනයි’ වැඩිපුර කියවෙනවා වගෙයි නේද? ඒක සිද්ද වෙන්නේ නිරායාසයෙන්ම. එහෙම වෙන්නේ හුඟක් උදවිය ඒ ගැන විවෘතව කතා නොකරන හින්දයි; ඇත්තම කතා කරන්න පැකිළෙන හින්දයි තමා... මගේ අත්දැකීම් අනුව නං, තවමත් ගොඩක් උදවිය ‘සමරිසි නෙවෙයි විෂම ලිංගික කටයුතු ගැන වුණත් කතා කරන්න’ පැකිළෙනවා; හැබැයි- බොරු ලිංගිකත්වය සම්බන්ධව පුරාජේරු කතා කියන්න, පම්පෝරි ගහන්න නම් පොඩ්ඩක්වත් පැකිළෙන්නේ නෑ!

හතලිහේදී 13 කොටසට comments එවද්දී අපේ හිතාදර විජේබාහු මහත්තයා බොහොම විවෘතව දක්වා තිබුණු අදහස්වලින් ‘සමරිසි අයගේ ඇඟට ගොඩ වුණා වගේ ගතියක්’ මට දැනුණා. ඒ ගැන කිව්වම එතුමා මෙහෙම උත්තරයක් එවා තිබ්බා.
‘සල්ලාල කියන්නේ මොකක්ද
? රටේ මිනිස්සුන්ට පේන්නම ගෑනු පස්සේ යන එකද? හොරෙන් කරන අය සල්ලාල නැද්ද? මේවා දැවෙන ප්‍රශ්න නිදි.

මම කියන්නේ කැමති ගෑනු ඕන තරම් ගන්න, හැබැයි ගෑනු රවටන්න අමාරුවේ දාන්න පවුල් කඩන්න එපා. ඒ අයගේ අර දෙක තලන්න ඕන.

සමරිසි අය ගැන නි.දි. හිතුව දේ වැරදියි, ඒක සිංහල කෙටීමේදී උන අතපසුවක්. මම ඔය බෙදීම්වල (ජාති,ආගම්, පක්ෂ, රිසි/ නොරිසි) මුල් බැසගෙන නැත. තමන්ගේ ජීවිතය තමන්ට ඕන විදියට, අනුන්ට ප්‍රශ්නයක් නොවී ගෙනියන්න ඕන කෙනෙකුට නිදහස තියෙන්න ඕන කියල මම හිතන්නේ.

සමරිසි අය ගැන උනත්, මම දන්න විදියට ලංකාවේ ඒ අයට අතීතයේ උනත් එහෙම කරදර උනේ නෑ. සමහර දියුණු රටවලත් අතීතයේ සමරිසි නිසා ගෑනු/ මිනිස්සු මරලා තියෙනවා. අදටත් එහෙම වෙනවා අප්‍රිකාවේ.

කොහොමද මේ සමරිසි අය හස්බන්/ වයිෆ් හොයා ගන්නේ? මේක විහිළුවක් නොවේ, කතා බහ වෙනකොට ඇතිවෙන ප්‍රායෝගික ප්‍රශ්නයක්.

මම විජේබාහු’

බස්සා මහත්තයාත් ඒකට දිගුවක් එකතු කරලා තිබුණේ මෙහෙමයි.
‘// ඔයාගේ හිතේ සමරිසි උදවිය කෙරෙහි අප්‍රසාදයක්....//
බාගදා මා ගැනත් එහෙම හිතෙනව ඇති. අප්‍රසාදයක් නැහැ
, හැබැයි රිපීට් කියන ඒ කොටස් ගැන ප්‍රසාදයකුත් නෑ. ඒත් අර කිව්වා වගේ මේක නිදිගෙ කතාව, නිදිගෙ ආතල් එක නිසා ඉවසා වදාරණවා.

උදාහරණයක් විදිහට Stephen Fry මම කැමතිම අයෙක්. ඔහුත් සමරිසි, ඒත් ඔහු ප්‍රහසන නළුවෙක් වගේම ඉතාම බුද්ධිමත් කෙනෙක්. නිදි තමන්ටම "නරක සමනලයා" කියා පුන, පුනා කීමෙන් කරන්නේ පස්චාත්තාප වීමක්ද, ආතල් ගැනීමක්ද කියා පැහැදිලි නෑ. ඒක පස්චාත්තාප වීමක්, සමාව ඇයදීමක් නං, ඒක අවශ්‍ය නෑ.’

එහෙම වුණේ මං ඇතිදැඩි වුණු පරිසරයේදී ‘සමරිසි වීම’ වැරැද්දක් විදිහට සැලකුණ හින්දයි. එහෙම හැඟීමක් තිබුණා වුණත් මට ඒ සබඳතාවලින් මිදෙන්නටත් හැකි වුණේ නෑ.

‘ඒ ගැන මගේ පැත්තෙන් කිව යුතු කරුණු කීපයක්ම තිබෙන හින්දා ඊළඟ post එකේදිම කියන්නං.’ කියලයි එදා මං උත්තර දුන්නේ.

ඊට කලින් අපි කියවලා ඉඳිමුද ඒ post එකටම බස්සා මහතා එවල තිබ්බ මේ comment එකයි ඒකට මං වහන්සේ දුන්නු උත්තරෙයි දෙකත්.
‘කතාවේ වැඩි හරියක් කියෙව්වා. අර බස් පාස් වගේ විස්තර රසවත්. අමන්
, බල්නූර් කතාවෙ මේ කොටසට අදාල නිසා ඒකත් කියෙව්වා.

සමහර බවුතික විද්දියා පාඩම්, අතීත සැමරුම් කොටස් වලට කොච්චර ආසද කියනව නං, ලිස්සුවෙ සුරුස් ගාලා එකසිය හැටට බල්ටියකුත් ගහලා.'

මේ මම දීපු උත්තරේ:

‘කමක් නෑ, කමක් නෑ බකුසුතුමෝ. මම මට කැමති විදිහට ලියන දේවල් සේරම පාඨකයනුත් කියවිය යුතුය කියල මං හිතන්නේ නැහැ. ඒත් කවුරු හරි කොටස් මඟ හරිමින් කියවනවයි කියන්නේ ලිවීමේදී මගෙන් සිද්ද වෙන අඩුවක්. ඒ ගැන මගේ දැනීමේ හැටියට ලියනවා- ඊළඟ කොටසේදීම. කමක් නැහැනෙ.’

මේ කියන්නේ ඒ ගැන.
‘නිදිගෙ පංච තන්තරේ’ බ්ලොගය ලියන්න ගත්තේ මගේ ජීවිත කතාව ලෝකෙට කියන්නනෙ. මගේ නියම අනන්‍යතාව වසං කරගෙන අති සාර්ථකව දෙබිඩ්ඩෙක් විදිහට මං ගත කරපු ජීවිතය ගැන මගේ හිත දිගටම මට දොස් කිව්වා.
එහෙම වුණේ මං ඇතිදැඩි වුණු පරිසරයේදී ‘සමරිසි වීම’ වැරැද්දක් විදිහට සැලකුණ හින්දයි. එහෙම හැඟීමක් තිබුණා වුණත් මට ඒ සබඳතාවලින් මිදෙන්නටත් හැකි වුණේ නෑ.
නමුත් අතිසාර්ථක විදිහට ‘මගේ රහස්‍ය විශ්වයේ’ සැරි සරපු නිසාද කොහෙද, මාව සමාජයේදීත්- නෑ හිත මිතුරන් මැද්දෙදීත් ගණන් ගැනුණේ ‘හරි හොඳ කෙනෙකු’ හැටියටයි.

ඒකට ලොකුම රුකුලක් වුණේ මගේ අහිංසක පාට. (මිනිස්සු හුඟක් අයව මනින්නේ පෙනුමින්නෙ. දැක්ක නෙව ගනේමුල්ලේ සංජීවගේ ඝාතකයා යැයි කියවෙන කෙනාගේ කඩවසම් රූපය අපේ බොහොමයක් තරුණියන් කෙරෙහි බලපෑ විදිහ... මේක අපේ රටේ විතරක් නෙවෙයි- ලෝකෙම හැටි.)

අනෙක පත පොතින් මං වහන්සේ ලබාගත් දැනුමයි- උපතින්ම මට හිමි වුණු (ලලනාමය) නාසිඛයමය කටහඬයි දෙකත් මට සෑහෙන්න උදව් වුණා- ඔය ලකුණු ලබා ගැනිල්ලෙදී. හැබැයි- මං කොයියම්ම වෙලාවකවත් අනුන්ව රවට්ටන්න බොරු නං කිව්වේ නෑ. ඒත් හිතාමතාම ඇත්තම ඇත්ත නොකිය හිටියා; නැත්තං ඇත්ත කිව්වා බොරුවක් විදිහට හැඟෙන්න.

මං තව කෙනෙකුගේ පුද්ගලික විස්තර හාරාවුස්සන්නේ නෑ. ඒත්...

ඔහොම සමර්ථකම් මැද්දේ මට හිමි නැති ගරුත්වයක් ලැබෙද්දී නම් මට උවමනා වුණේ ‘හැබෑ නිමල් දිසානායක කියන්නේ ඔයාලා හිතන කෙනා නෙවෙයි; ඌ මෙහෙම සතෙක්.’ කියල මගේ හැබෑ අනන්‍යතාව එළිදරව් කරන්න.

ඒත් එතකොට අපේ පවුලේ අය- නෑදෑයන්- හිත මිතුරන්... එයාලට ඒ හෙළිදරව්ව කොහොම බලපායිද? මට හිතුණා. ඒ හින්දම මට නිස්සද්දව ඉන්න වුණා.

ඒ ටීකාව ඇති වගෙයි කියලා හිතෙන හින්දා ඒක එතැනින් නවත්තලා ඔන්න දැන් නිමල් දිසානායක යන්නයි හදන්නේ බල්නූර්ගේ ජංගම ෆෝන් එක ළඟට...

ගාමන්ට් එකේ හුඟ දෙනෙක් විටින් විට බල්නූර් වටේ රොක් වෙමින් ‘මොබයිල් ෆෝන්’ එකේ විස්තර ඇහුවා. බහු භාණ්ඩිකයෙක් නොවෙන; හණමිටිය බිම දමන්නට පහුබාන්නෙකු වෙන නිමල් දිසානායකට නං ඒ මෝබයිල් එක ගැන එච්චර කුතුහලයක් තිබ්බේ නෑ.

දවස් දෙක තුනයි ගියේ- ෆැක්ටරියේ හැමෝම වගේ බල්නූර්ව දකින දකින ගාණේ මොනවදෝ කාරණයක් මතක් කරන්න ගත්තා. එව්වා ඔක්කොම සංක්ෂිප්ත සිහි කැඳවීම්. ‘බල්නූර්, මාව මතකනේ...’ / ‘ඔන්න බල්නූර්- මුලින්ම මට!’ වගේ කෙටි ප්‍රකාශන.
‘මොනවා ගැනද යකඩෝ මේ යක්ෂ පැටව් කියන්නේ?’ කියල මට කුකුසකුත් නොහිතුණා නෙවෙයි. ‘දවස් දෙක තුනකින් නිකංම කියවෙයි නිමලෝ. දැන් ඕක අහන්න ගියොත් තමුසෙත් ‘නෝසි පාකර්’ කෙනෙකු ගණනට වැටෙයි!’ කියල මටම කියාගෙන මං නිස්සද්දව උන්නා.

ඒ මගේ විදිහනෙ.
අදටත් මං තව කෙනෙකුගේ පුද්ගලික විස්තර හාරාවුස්සන්නේ නෑ. ඒත් එයාලා මගෙත්තෙක්ක මොනවා කිව්වත් ඉවසිල්ලෙන් අහගෙන ඉන්නවා; හූමිටි තියමින් එයාලව උනන්දු කරනවා. ඒ හින්දද මං දන්නෙ නෑ, මගේ හිතවතුන්- හිතවතියන් හැමෝම වගේ හුඟාක් රහස්; පුද්ගලික කාරණා මට කියන ගතියකුත් තියෙනවා.

 කීප දවසකින්ම මගේ අර හිතිවිල්ල හරි ගියා. බල්නූර්මයි නිවාඩු-පාඩුවේ ඒ විස්තරේ මට කිව්වේ.

“මේ දවස්වල හැමෝටම මාව මතක් වෙනවනේ බ්‍රදර් නිතරෝම. හඃ හඃ හඃ... හැමෝටම ඕනි මගේ ෆෝන් එකෙන් ගමට කතා කරන්න.”
“ගමට කිව්වේ ඉන්දියාවට... එහෙම කරන්න ගියොත් ඉතිං බල්නූර්ට ලොකු වියදමක් යයිනෙ.”
“ඇයි බ්‍රදර්, ඔයාලගේ ගෙදර කවුරුවත් නැද්ද මොබයිල් ෆෝන් තියෙන? මේ දවස්වල ෆෝන් කොම්පැණිකාරයෝ ගජරාමෙට රේස් දුවනවා, එයාලගේ ෆෝන් විකුණා ගන්න. ඒ එක්කම එක එක පැකේජස් හෙමත් දෙනවා- අපිව බිල්ලට ගන්න. මගේ ෆෝන් එක ගත්ත තැනිනුත් weekend පැකේජ් එකක් දෙනවලු. ඉරිදට කොච්චර කෝල් ගත්තත් free! ඒක දැනගත්තු ගමන් තමයි මෙහෙ හැමෝටම ගමට කතා කරන්න ඕනි වෙලා තියෙන්නෙ.”

අනේ දෙයියනේ, එච්චර ඉක්මනටම එහෙම වෙන්න දෙන්න එපා!

“ඒ කියන්නෙ ඉරිදාට ඔයාගේ ෆෝන් එකෙන් ලෝකෙ කොහෙට කතා කළත් සල්ලි ගෙවන්න ඕනි නැද්ද?”

බල්නූර් මට උත්තර දුන්නේ ආඩම්බර ඔළුව හෙලවිල්ලකින්. හරියට එයා විහින් ‘ඒ නොමිලේ දීමනාව’ දෙනවා වගේ.

එතකොටම මට මතක් වුණේ නයනානන්දව. එදාම හවස මං එයාට ලියුමක් ලිව්වා, අර විස්තරත් එක්ක.
“අපිට නිදහසේ කතා කරන්න පුළුවන් කොහෙ හරි තැනක නොම්මරේ පුළුවන් ඉක්මනට එවන්න. හැබැයි මං වැඩ කරන තැන ඉඳලා ඉරිදට විතරයි කතා කරන්නේ. පැයක් විතර ඔයාට එතන බලාගෙන ඉන්නත් වෙයි. වෙලාව ගණන් බලද්දී අමතක කරන්න එපා ඔහේ වෙලාවයි මෙහෙ වෙලාවයි අතරේ තියෙන පැය පහමාරක විතර වෙනස ගැනත්...”

නයනේ ටෙලිෆෝන් නොම්මරයකුත් වෙලාවත් එව්වේය.
මටත් බල්නූර්ගේ ෆෝන් එකෙන් ලංකාවට කතා කරන්නට දෙනවාදැයි ඒ අතරවාරයේ අහලා බලලා ඉන්නටත් මා අමතක කළේ නැත.

“ෂුවර්, ෂුවර්. ඩෙෆිනීටලි... You tell me the time බ්‍රදර්...” බල්නූර් උත්තර දුන්නේ හැබෑම සතුටකිනි. “උඹ වගෙ කෙනෙකුට උදව්වක් කරන්න I like බෝත් බෝත්. උඹලගෙ රටේ ඔක්කොම මිනිස්සු උඹ වගෙ... ක්ලීන්ද- පියෝද? You know what I say... බ්‍රදර්. අයි සී යූ my little භායි.”
මට තවමත් මතකය. ඉංග්‍රීසි, හින්දි වගෙ භාෂා කලවම් කෙරෙමින් බල්නූර් කළ කතාව තේරුම් ගන්නට මට එදා චුට්ටක්වත් අමාරු වුණේ නැත. මගේ ‘ද්විභාෂා සංකලන කථනය’ තේරුම් ගැනීමේදී ඔහුටත් එසේම වෙන්නට ඇත.

ඉතිං බල්නූර්ගේ ෆෝනයේ උදව්වෙන් නයනානන්දටත් මටත් විනාඩියක් දෙකක් විතර කතාබහ කර ගන්නටත් හැකි වුණේය. ඒත් අප දෙන්නාට අපේ අතිශය හැඟුම්බර සංවාදය ඉවර කර ගන්නට නම් ඉඩක් ලැබුණේ නැත. ජංගම සම්බන්ධය බිඳ වැටිණි!

“කොම්පැණිකාරයන්ගේ රැකට්! මගේ ගොඩක් යාළුවන්ටත් ඔය වැඩේම වෙලා.” පස්සේ දවසක බල්නූර් කිව්වේය.
“රැකට් එකක්මත් නෙවෙයිලු බල්නූර්... Jam වීමක්ලු කියලයි කියන්නේ.” අමන් පහදලා දුන්නේය.
“එහෙනං ඊළඟ දවසේ බටර් වෙයි!”
“විහිළුවක් නෙවෙයි නිමල් බ්‍රදර්... එක සැරේ ඕනිවට වඩා මිනිස්සු ටෙලිෆෝන්වලින් කතා කරන්න ගත්තමලු ඔහොම වෙන්නේ! ඒත් ඒ පැකේජ් එක වුණත් ඉක්මනටම නවත්තයිලු... ෆෝන්ස් ටිකක් විකුණුනාට පස්සේ...”

අනේ දෙයියනේ, එච්චර ඉක්මනටම එහෙම වෙන්න දෙන්න එපා! මගේ වැඩේ කරනකල්වත්... මට හිතුණේ ඒ ඇසිල්ලේය.

ඒ වෙද්දීත් ඊළඟ පියවර කොහොම විය යුතුදැයි මගේ හිතේ සැලසුම් කෙරෙමිනි තිබ්බේ.
Sam බිමල් දෙන්නගේ මංගල්‍යෝත්සවය තියෙන්නේ ජුලි මාසයේ අන්තිමටය. ඊට සති දෙකක්වත් තිබියදී මගේ රහස සමාට හෙළි කිරීම හොඳය. බල්නූර්ගේ මොබයිලයෙන්ම ඒ රහස කිව යුතුය.

දැන්මම කියපං... කෙල්ලෙක්ට නේද උඹ කතා කරන්න හදන්නේ...

අහීර් මහත්තයාගේ ගාමන්ට් එකේ කවුරුවත් සිංහල දන්නැහැනෙ. ඒ නිසා මට කොඳුරමින් කතා නොකර නිදහසේ කතා කරන්නත් පුළුවන් වේවි. ඒකත් ලොකු දෙයක් නෙව.
ඔය ඔක්කොටමත් වඩා සමන්ති නංගිගේ මූණ බලාගෙන මේ වගෙ වනචර කතන්දරයක් කියනවට වඩා ලේසියකුත් තියෙනවනෙ ෆෝන් එකෙන් කියද්දී... 

මං කොහොමද එදාට කතාව පටන් ගන්න ඕනි?
සෑම් මම කියන දේ ඉවර වෙනකල්ම අහගෙන ඉඳියිද?
අහගෙන ඉඳලා මොන වගෙ උත්තරයක් දෙයිද? දාහක් ප්‍රශ්න දැනටමත් හිතේ මතු වෙමින් තිබේ. ඒත්... ඒත්... ඉස්සරහට තියාපු පය පස්සට ගැනීමට නං මේ සම්මජ්ජාතියෙදී කරන්නට බැරිය!

උම්මග්ග ජාතකයේ කාලගෝලයා ‘මියෙම්වා, රැකෙම්වා’ කියා පරාණ භය යටපත් කරගෙන; එඩි වඩාගෙන වතුරට බැස්සෙත් මං වගෙ වෙන්නැති.

ඒ අස්සෙම මට තවත් කල්පනාවකුත් පහළ වුණේය. ඒ ගැනත් බල්නූර්ගෙන්ම අහ ගත්තොත්... “බල්නූර්, මේ ඉරිද  දවල්ට මට එංගලන්තේම ඉන්න එක්කෙනෙකුට කතා කරන්න තියෙනවා... පුළුවන් වෙයි නේද?”
“ඕක අහන්නත් දෙයක්ද බ්‍රදර්... මෙහෙම ඉන්න එක්කෙනෙකුට නං ඉරිදා වෙනකල්  බලාගෙන ඉන්න ඕනිත් නෑ. අද දවල්ටම කතා කරමු... මහ ගණනක් වියදම් වෙන එකක්යැ...”

“අනේ බල්නූර්, වියදම නෙවෙයි. එයාට නිදහස තියෙන්නත් ඕනිනේ... මං කල්පනා කළේ, එයාට කියන්නද ඉරිදට අපි කතා කරනවයි කියලා- වෙලාවකුත්... අද සිකුරාදනේ...”
“මෙන්න ෆෝන් එක... දැන්මම කියපං... කෙල්ලෙක්ට නේද උඹ කතා කරන්න හදන්නේ... මූණෙන්ම පේනවා... වැඩේ හරි ගියොත් මටත් වෙඩින් එක කියනවා නේද බ්‍රදර්?”

“මම කතා කරන්න යන්නෙ නං කෙල්ලෙකුට තමයි, ඒත් උඹ හිතන විදිහේ කෙනෙකුට නෙවෙයි. මගේ sister කෙනෙකුට... ගෙදර අනිත් අයට රහසෙනුයි මට එයාට කතා කරන්න ඕනි. ඒකයි... වැදගත් කාරණයක්...”
‘හරි, හරි... බ්‍රදර් උඹේ බෙහෙන්ට දැන්මම call එක දීලා ඉඳපං... තව විනාඩි පහෙන් lunch time ෆිනිෂ්!” බල්නූර් මොබයිලය මගේ අතටම දුන්නා. ඉතිං කතා නොකර පුළුවන්ද? මං සෑම්ට කතා කළා.

“ලොකූ ඔයා? ඇයි ඇයි හදිසියේ... Is there a problem? කාගෙ ෆෝන් එකෙන්ද ඔයා මේ කතා කරන්නේ...” සමන්ති නංගි හොඳටම බය වෙලාය; කලබල වෙලාය.   

“හදිසියක්වත් කරදරයක්වත් නෙවෙයි සෑම්. තව විනාඩි දෙක තුනකින් අපේ ලන්ච් බ්රේක් එක ඉවරයි. ඊට ඉස්සෙල්ල කියන්නේ. ඔයාට ලොකු රහසක්- වැදගත් දෙයක් කියන්න තියෙනවා. About me. Very important thing...”
“අ සීක්රට්? ඉම්පෝටන්ට්...? What is it? I am burning ලොකූ...”

“Listen, ලිස්න් කෙයාර්ෆුලි. මං ඔයාට කතා කරනවා ඉරිදා දවල් එකත් එකහමාරත් අතරේ... මේ ෆෝන් එකෙන්ම. එතකල් මේ ගැන කිසිම කෙනෙකුට කියන්න එපා... බුදු සරණයි!”

 ‘I am Gay!’ කියලා කෙටියෙන්ම කියලා දඩිබිඩියේම call එක කට් කළොත්...   

දැන් ඉතිං කරන්නට තියෙන්නේ ඉරිදා වෙනතුරු බලාගෙන ඉඳින්නටය.

ඇත්තම කිව්වොත් ඊට පස්සේ මා උන්නේ දැවෙමිනි; නොඉවසිල්ලෙන් දැවෙමිනි; ඉරිදාට සමන්තිගේ ප්‍රතිචාරය කොහොම එකක් වේදැයි දෙගිඩියාවෙන් දැවෙමිනි.
සර්ප දෂ්ටයකදී දෂ්ටනයට ලක් වුණු කෙනාට මෙන්ම සර්පයාටත් තදබල පීඩාවක් දැනෙනවාලු. මේ එවැනි හැඟීමක්ද මට දැනෙන්නේ...
සැකයක් නැත. දැන් සමන්ති නංගිත් ඉන්නවා ඇත්තේ අසහනකාරී හැඟීමකිනි...

‘මොකක්ද ලොකූ කියනවයි කිව්ව රහස?’ ඉරිදාට Sam අසනවා ඇත.
‘සමා, I am Gay!’ කියලා කෙටියෙන්ම කියලා දඩිබිඩියේම call එක කට් කළොත්... ඔව්! ඒක තමයි කරන්න ඕනේ... එතකොට...  

‘නිදිගෙ පංච තන්තරේ’ කියවන හිතාදර ඔබලාව දවස් කිහිපයක් කුහුලෙන් තැබීම ගැන සමාවෙන්නැයි කියමින් අදට නවතින්නෙමි. ඉතිරි හරිය ඊළඟ කොටසින්...

25 comments:

  1. හොඳම තැනට ඇවිල්ල නැවැත්තුව. හ්ම්ම් Ian

    ReplyDelete
  2. Replies
    1. නිදිගේ ලිපි ඔක්කොම බලන්න බැරිවුනත් බොහෝ ඒවගේ ලිංගික ජීවිතය ගැන ලියල තියනවා දැක්කා.ඒ විවෘත භාවය අගේ කරනවා.(ලිංගිකත්වය නෙමෙයි අනිත් ලිපි වුනත් අපි ලියන්නේ අනවර්ත නාමයෙන් නොවැ )නිදිගේ කතාවෙන් එහෙම identity එකක් තියන කෙනෙක්ගේ හිත අපිටත් කියවන්න පුලුවන්වෙනවා. ඒ නිසා දිගටම බලනවා.

      මගේ LGBTQ+ අදහස
      මිනිස්සු බොහෝ දෙනෙක් මුලදී ද්විලිංගිකත්ව (bisexual) නමුත් යෞවනය උදාවෙනකොට බොහෝ දෙනෙක් අවසානයේ විරුද්ධ ලිංගිකත්වයට අකර්ශනයවෙනවා. මේකට ආදරය, සංස්කෘතික හා ජීවවිද්‍යාත්මක (හෝමෝන ) භූමිකාවන් බලපානව.

      ඉතා කුඩා පිරිසක් සමලිංගිකයන් ලෙස identity එක ස්ථාවර කරගන්නවා.
      මේ ඉතා කුඩා පිරිසට සමාජයේ ගැරහීමක් නොවියයුතුයි. ( හරියට සුළු ජාතික අයිතවාසිකම් වගේ)

      නීතිමය පිළිගැනීම අත්‍යවශ්‍ය වන නමුත් සංස්කෘතික ප්‍රකාශන (වෙනම දිනයක් කොඩියක් පෙළපාලි ) අනවශ්‍ය දේවල් ලෙස සලකමි.
      විශේෂයෙන් මේ හරහා ලිංගික දිශානතිය තවම තීරණය නොවුන කුඩා දරුවන්ට අපමණ ගැටළු ඇතිකරයි. සමජයක් වශයෙනුත් ජිව විද්‍යාත්මකවත් අපි promote කරනවානම් කලයුත්තේ විරුද්ධ ලිංගිකත්වය මිස සමලිංගිකත්වය නොවේ.

      සෞඛ්‍ය සම්පන්න සමාජයකට මේ කරුණු ඉතා වැදගත්. LGBTQ++ කියලම අටවාගන්න සංවිධාන කරන්න්නෙම තමන්ගේ ගොඩට කොහොම හරි තව group එකතුකරගන්න. එක නිසා තමයි ++++ වෙන්නේ. තව අය එකතු කරගන්නවා. ඕකට දැන් අඩු H අකුර විතරයි.

      Delete
    2. නිහඬ පාල මහතා ගේ අදහස ට මමත් සෑහෙන දුරට එකඟයි . මිලිටන්ට් ගෘප් මෙහෙත් තියනව . ඒවා හැදිලා තියෙන්නේ ඔවුන්ට වුනු අසාධාරනකම් නිසා , පාරවල ගැහුව නිසා . හැබැයි දැන්නම් ඔබ කියන දේ වෙන්නේ .

      Delete
    3. නිහඬපාල, අජිත් මහත්වරු දෙන්නාටම ස්තුතියි.

      //තමන්ගේ ගොඩට කොහොම හරි තව group එකතුකරගන්න.//
      මේ ආසාව / කැමැත්ත නේද අද හැමතැනම වගෙ ගොඩාක් වැඩියෙන් පෙරට ඇවිත් තියෙන්නේ. දේශපාලන පක්ෂ- ජාති- කුල- ආගම්- නොයෙකුත් සමිති සමාගම්- ආදී ශිෂ්‍ය සංගම්... වගෙ.
      පහුගිය දවස්වල මං ලියුව නවක වධ / මඟුල් වධ පෝස්ට්ස්වලිනුත් මේ කල්ලි ගැහීම පමණට වඩා වෙන්න ගත්තාම සිදු විය හැකි/ සිදු වෙන වැරදි ගැන කිව්වා...

      Delete
    4. ඩෙස්මන්ඩ් මොරිස් මහතාගේ පොත් දෙකක් සිංහලට පරිවර්තනය වී තියෙනවා 'නිරුවත් වානරයා' හා 'මනුසත් උයන' නම්වලින්. ඒවායින් සමාජ චර්යාවන් ගැනත් ගොඩක් කතා කෙරෙනවා.
      ඒ වගේමයි 'සත්ත්ව ගහනයක සංඛ්‍යාව සීමාව ඉක්මවා යනවිට සමලිංගික සතුන් බෝවීම' සිදු වෙන බවකුත් කියා තිබෙනවා.

      Delete
    5. පෙරේඩ්ස්, ප්‍රදර්ශනකාමී දේවල් බොහෝවිට කෙරෙන්නේ මේ සංවිධානවලට මුදල් යහමින් ලැබෙනකොට වගෙයි නේද?

      Delete
    6. ඔව් ඒ ගොල්ලට සෑහෙන්න ආධාර ලැබෙනවා . මේක නැචුරල් කියන එක මම පිලි ගන්නවා නිදි . නමුත් මිලිටන්ට් ව්‍යාපාර ගත්තම මේවා විතරක් ඉකුත් දේශපාලන ව්‍යාපාර වලටත් වැඩි කැමැත්තක් නැහැ.

      Delete
  3. කියෙව්වා. පස්සෙ ආයෙ එන්නම්

    ReplyDelete
  4. where was Sama's off-licence bro? In Hounslow?

    ReplyDelete
    Replies
    1. සමන්ති නංගිලාගේ ඕෆ් ලයිසන්ස් shops තිබුනේ හවුන්ස්ලෝවල නෙවෙයි. ලන්ඩනයට කිට්ටුව ඒරියා එකක. බිමල්ලගේ ගෙවල් තිබ්බ දිහාවේ. මට ඇ හරියේ නම මතකෙට එන්නේ නෑ.
      විවාහයෙන් කලකට පස්සේ සමන්තියි- බිමලුයි ඒ ව්‍යාපාර කිරීම නවත්තල දැම්මා. ඒ ගැන ඉදිරියේදී කියන්නන්.
      සමන්ති බැංකුවක වගකිවයුතු නිලයක් දරන්න ගත්තා. තවමත් එහි නිරතයි. බිමලුත් මිය යන තෙක්ම වෙනත් රැකියාවක් කළා.

      Delete
    2. // ඒ ගැන ඉදිරියේදී කියන්නන්//
      ආන්න ඒක රසවත් කතාවක් වේවි.

      Delete
    3. වචනයක් පනින්න බැහැනෙ යකඩෝ... ඔයා හරි බස්සෝ!

      Delete
  5. @ බස්සා

    ගිය මාසේ මම ලංකාවට සති තුනකට ගිය වෙලාවේ පොසොන් පොහොය දවස්වල මගේ වාහනය ඇක්සිඩන්ට් එකක් වෙලා පොලීසියට ගියා පැමිණිල්ල දාන්න මම ගියේ 7ට මගේ පැමිණිල්ල ලියන කොට රෑ 12යි. එදා හවස බීපු එකෙක් වාහන 8ක් හප්ප හප්ප ඇවිත් උන්ගෙ පැමිණිල්ල ලියනවා මීරිගම පොලීසියේ ඉතින් වාහන 8ම විස්තර ලියනකල් මට ඉන්න වුණා රෑ 12 වෙනකල්. එදා ඒ බීපු එකාගෙ කට උත්තරේ ගන්න ඌව කූඩුවෙ ඉඳන් අරන් ආපු පොලිස් කාරය ඌට සනීපෙට මුත්‍ර කරන්න දීල උගේ මත් ගතිය අඩුකරල ඌට පානිය දාපු හැටි මම හොඳටම දැක්කා ලංකාවේ පොලිසියේ උන්ට ඕනි මොකාගෙන් හරි කමක් නෑ ගානක් කපන්න. ඇක්සිඩන්ට් කේස් එකකදී වාහන හප්පපු එකාට උදව් කරන්නම් කියල ඌගෙන් හොඳ ගානක් කපා ගන්නවා. හැප්පිච්ච වාහන ටික පොලීසියෙන් රිලීස් කරගන්නත් සල්ලි දෙන්න ඕනි. දැන් නම් මහා පුදුම පොලීසියක් ලංකාවට තියෙන්නෙ.

    අද ලංකාවේ නිව්ස් එකක් දැක්කා බොරැල්ලේ ක්රේන් එකක් වාහන හප්පපු කේස් එකක්, මේකත් හරියට අර ඩඩ්ලිගේ හෝටලයයි පරාක්‍රම සමුද්‍රයයි ගැන ගහපු ගොන් බයිලාව වගේමයි. ඒකෙදිත් ඉසෙල්ලම කිව්ව අපට ඩඩ්ලි කියල කියන එකා ලොකු නැහැ, ඌ මොකෙක්ද උගේ හෝටලය ගලවන එක ගේමක් නෑ ඉදිරියේදී අනිවා ගලවනව අපට සල්ලි විතරයි මදි වැඩේට කියල... එහෙම ලොකු ටෝක් දීලා ඒ කටින්ම ද නැත්නම් වෙන තැනකින් ද මන්දා ඊලඟ සතියේ කිව්ව වැටක් විතරයි වැවේ තියෙන්නේ ඉතුරු ටිකේ කිසිම අවුලක් නැහැ කියල. මේ සතියේ කියනව හෝටලයේ කිසි වැරැද්දක් නැහැ කියල. ඩඩ්ලි කාරයා තව කෝටි ගානක් පැලවත්ත්ට දුන්නොත් ඒ බුවාම ලැජ්ජ නැතුව ඇවිත් කියයි පරක්‍රම සමුද්‍රය හදල තියෙන්නේ ඩඩ්ලි ගේ හෝටලේ අයිති ඉඩමේ කියල ඕන්න ඕකයි තත්ත්වය

    මේ accident එකත් ඒවගේ. අර වැලිපැන්නේ මන්ත්‍රී වගේ කවුරු හරි පොලීසියට කෝල් එකක් දෙන්ඩ ඇති . තව ටික දවස්ක් යන කොට ඔතනදි අනතුරට ලක්වුණ අහිංසක මිනිස්සුන් වුණ අර වාහන පදවපු එවුනුයි බයිසිකල් වල ගිය උනුයි ගංජා ගහල ක්රේන් එකේ හප්පලා කියල කිව්වත් පුදුම වෙන්ඩ එපා. ඒ වගේ කිසිම ආකාරයක චාරයක් නැති රටක් බවට ලංකාව පත්වෙලා තියෙනව කියල හොඳටම පැහැදිලියි.

    ReplyDelete
    Replies
    1. 100%ක්ම ඔබතුමා එක්ක එකඟයි. හැබැයි ඔයා කියලා තියෙන දේ චුට්ටක් විතර වෙනසකුත් කරන්නම වෙනවා.
      // ඒ වගේ කිසිම ආකාරයක චාරයක් නැති රටක් බවට ලංකාව පත්වෙලා තියෙනව කියල හොඳටම පැහැදිලියි.// මේක වෙලා තියෙන්නේ අද ඊයේ හිට නෙවෙයිනේ. දසක ගණනාවක ඉඳලනෙ. වෙනස් කරන එක ලේසිපාසු වැඩක් නෙවෙයි වගෙ... පරණ මිනිස්සුම නෙව වැඩි දෙනෙක් ඉන්නේ- කොතනත්...

      Delete
    2. තව එකක් Ano මහත්තයෝ,
      අද ඉන්න වැඩි දෙනෙක් කතා කරන්නේ මොළේ දිවේ තියාගෙන. ඉතිං ඕනි දේයි එපා දේයි ඔක්කොම කියල අරිනවා. එයාලා අහලවත් නැතිව ඇති 'කියූ දෙයක් ඇතුන් ලවාවත් ආපහු අද්දවන්න බෑ' කියන කතාව.

      Delete
    3. ඩඩ්ලිගෙ හෝටලේ කතාව නං මාත් දැක්කා. එච්චර පැහැදීමක් නැති වුනත්, සම්පූර්ණ කතාවම නොදන්න නිසා මුකුත් කියන්න බෑ.

      Delete
    4. ඒක සැබැයි - සැබැයි සැබැයි!

      Delete
  6. කාදිනල් තුමා කියපු එකට මොකද කියන්නේ - පාප් වහන්සේ ටත් එරෙහිව යන්නේ

    ReplyDelete
    Replies
    1. කොයි උන්නාන්සෙගෙ වුණත් දිවේ ඇට නැහැ නෙව අජිත් මහත්තයෝ, යමක් කියන්න මහන්සි වෙන්න ඕනි යන්තම්...

      Delete
  7. https://www.gayly.com/history-word-%E2%80%9Cgay%E2%80%9D

    ReplyDelete
    Replies
    1. කාලෙන් කාලෙට වචනයක අර්ථය වෙනස් වෙලා යෙදෙන හැටි ගැන කදිම නිදර්ශනයක්...
      ගොඩක් Pra Jay මහත්තයෝ.

      Delete
  8. "උඹලගෙ රටේ ඔක්කොම මිනිස්සු උඹ වගෙ... ක්ලීන්ද- පියෝද?" බල්නූර් මෙතන අදහස් කලේ නිමල් හොඳ පිරිසිදුවට, පිලිවෙලට ඇඳලා එහෙම ඉන්න එක නේද. වෙන purity එකක් ගැන නෙවෙයිනේ 😉😍

    "ඔය ඔක්කොටමත් වඩා සමන්ති නංගිගේ මූණ බලාගෙන මේ වගෙ වනචර කතන්දරයක් කියනවට වඩා.." You are harsh on you, නිමල්. සමන්තිට ඒ වගේ දේ ගැන විවුර්තව හිතන්න පුලුවන් කියලයි මට නම් හිතන්නෙ.

    ReplyDelete