‘ආදරය අතක් විදියට ගත්තොත් ඒ අතේ ඇඟිලි පහෙන් එකක් විතරයි ලිංගිකත්වය කියන්නේ. වයසින් මුහුකුරා යද්දී ආදරය කියන්නේ ලිංගිකත්වය විතරක් නෙමෙයි කියලා බහුතරයකට තේරුම් යනවා. අතකින්වත් අල්ලන්නේ නැතුව; හුස්මක්වත් ගෑවෙන්නේ නැතුව; එයාගේ සතුට සැනසීම ආරක්ෂා කරන්න පුළුවන් නං... වීඩියෝ කෝල් එකකින් විතරක් උනත් අවුරුදු ගානක් බැඳීම තියාගන්න පුළුවන් නං අන්න ඒකට තමයි ආදරේ කියන්නේ...’
‘රාග
සූත්‍ර’ වැඩ සටහනේ comments තීරුවට Nagoda Vithana රසිකයා කියල
තිබුණා.
![]() |
You
are a seductive guy. මටත් පරිස්සම් වෙන්න වෙනවා. |
(‘නිදිගෙ පංච තන්තරේ’ කියවන ආදරණීය රසික- රසිකාවියනි. මා උමතු කළ අශාන්ගේ වග ‘තිස්
එකේදී... -නවවෙනි කොටස’ ලියද්දී ඔබට
විස්තර සහිතවම කීවෙමි.
“මාත්
ඒ වගේ. කයිසරුත් ඒ වගේ. ඒ හින්දම දැන් මට හිතෙනවා
නිමල්, අපි
දෙන්නම ඔයාව ඈතින් තියා ගන්න එක අපි තුන් දෙනාටම හොඳයි වගේ කියලා.” එච්චර වෙලාවක් මගේ උරහිස
උඩින් තිබුණු එයාගේ අත පැත්තකට ගනිමින් අශාන් කීවේය. “...You are a seductive guy. මටත් පරිස්සම් වෙන්න වෙනවා.” අශාන් එහෙම කිව්වත්- කිව්වේ විහිළුවක් කරන්නා සේ
හරිම සැහැල්ලුවකිනි.’)
‘කවුද එහෙම පැටලෙන්න ගියේ? මූද හත් ගව්වක් තියෙද්දී අමුඩ
ගහන්න එපා අනේ... ඔයාගේ හිතළු!
පව්!! සුමානයක් දෙකක් තිස්සේ ෆැක්ටරියේදී අමන්ව දැක්ක විතරයිනෙ. ඇත්තම කිව්වොත්, ඒ
මනුස්සයාව දකින්නත් ආසා හිතුණ තමයි. එච්චරනේ.’
යකෝ, ගිහිල්ලා ඔව්වා කියහං කොණ්ඩේ බැඳපු චීනුන්ට. හැබැයි
දැන් චීනෙත් එහෙම චීනෝ නෑ.
එච්චරනේ! එච්චරනේ!! කියන ලස්සන. උඹ උඹටම හොරෙන් අමන්ට දැලක් දාන්න හිතුවේ නැද්ද...
හරියටම ඒ දවස්වල මේ ඇඳ උඩදීම... අශාන් ගැන හීන දැක්ක වගේ... අමන් ගැනත් හිතුවේ
නැද්ද කියහං... ඔය පිජාමාවම නේද එතකොටත්
ඇඳගෙන උන්නේ...
එතකොටය, මට කල්පනා වුණේ.
පළමු වතාවේ එංගලන්තයට පැමිණි වෙලාවේ මට වෙන්කර තිබ්බේ දීපාල්ගේ කාමරයයි. මේ
වතාවෙත් එහෙමය.
“ඔයා ආපහු යනකොට දාල ගිය ලොකාගේ ඇඳුමුයි අනිත් බඩුමුට්ටුයි ඔක්කොම මගේ වෝඩ්රොබ්
එකේ අරං තියලයි තිබුණේ. අපි ඔක්කොමලම හිතුවේ ලොකා ඉක්මනටම ආපහු ඉංගලන්තෙට එයි
කියලනේ. ඔන්න ඒ සේරම මම උඩ තට්ටුවෙන් තිබ්බා. ඔයාට ඕනි නැති ඒවා තියෙනව නං තෝරලා
විසි කරමු!”
මා හවුන්ස්ලෝහි ගෙදරට දෙවෙනි වතාවට ආ දවසෙම මල්ලියා
කිව්වේය.
එහෙම රැකගෙන තිබුණ පිජාමාවකි, මං එදා ඇඳගෙන හිටියේ. මොහොතකට මගේ හිත අතීතයට දිව්වේ
ඒ තත්පරයෙයි. හිත නැවතුණේ අශාන්ලා හඳුනාගත් දවස ළඟදියි.
‘...සුමිත්‍රා
ආන්ටිත් එතැනට ආවාය. ඉතාම
උණුසුමින් අර තරුණයන් දෙන්නාව වැලඳ
ගත්තාය. ඔවුන්ව අපට හඳුන්වා දුන්නාය.
“මේ රෝයිගේ brother අශාන්... මේ අශාන්ගේ ෆියෝන්සේ කයිසර්....”
ඒ
දෙන්නාම කඩවසම් පිරිමි පරාණකාරයන්ය.’
රෝයි අංකල් එයාගේ මල්ලී සමනලයෙකු වීම රිස්සුවේ නැත; කයිසර්ව
රිස්සුවෙත් නැත. එහෙත් සුමිත්‍රා ආන්ටි සිය මස්සිනාවවත්, ඔහුගේ ලිංගික සහකරුවාවවත්
හෙළා දැක්කේ නැත. ඔවුනට අවමන් කළෙත් නැත. නෑ හිත මිතුරන් මධ්‍යයේදී පවා ඒ දෙදෙනා ‘සමරිසි
යුවල’ක් ලෙස ‘කුල වද්දමින්’ ඔවුන්ට උදව් කළාය.
![]() |
මුල්කිරිගල පන්සලේ ලොකු හාමුදුරුවන් වහන්සේ පොඩි නමට කියලා කාලමක් පිම්බෙව්ව
හැටි. අර සුද්දි- නහයෙන් කටෙන් ලේ දාලා වැටුණේ... |
උඹත් සමනලයෙක් කියලා ලෝකෙට එළිදරව් කළොත්... තමුසෙගෙ දෙවෙනි
විශ්වයේ කතන්දරේ ප්‍රසිද්ධ කළොත්... මොන ගිනි විජ්ජුම්බරයක් වේවිද?
“පුතේ, කොයියම්ම දෙයක් වුණත් තදියමට- හිතුණු පළියට කියන්නත්
එපා, කරන්නත් එපා. ඒකයි ඤාණවන්තකම. කොයි දේටත් හොඳ වෙලාවක් තියෙනවා, පුතේ. නරක
වෙලාවලුත් එහෙමයි.”
(අපේ ආච්චී මට ඉගැන්නුවේ එහෙමය. එයා ඉගැන්නුවේ ‘තියරි’ විතරක් නොවේ. ඒ න්‍යායයන්
පැහැදිලි කරන උදාහරණ තොගයකුත් කියා දුන්නාය. ‘පාඩම’ට එකතු කරන්නට බැරි තරම් තවත්
කරුණු තොගයක් ඒ හැම විටෙකම ආච්චිගේ දැනුම් පෙට්ටගමේ පිරී තිබුණු අයුරු තවමත් මගේ
කුහුල දනවයි!)
”රංජි පුතාට මතක ඇතිනෙ කලින් දවසක මං කියල දුන්නු මුල්කිරිගල පන්සලේ ලොකු හාමුදුරුවන් වහන්සේ පොඩි නමට කියලා කාලමක් පිම්බෙව්ව හැටි. අර සුද්දි- නහයෙන් කටෙන් ලේ දාලා වැටුණේ...”
“...කොයි
දේටත් හොඳ වෙලාවක් තියෙනවා, පුතේ. නරක වෙලාවලුත් එහෙමයි.”
ආච්චිගේ
අවවාදය මගේ හිත ටිකාක් විතර ඔද්දල් කළත් එක්ක.
එහෙම
අවවාදවලින් මිනිස්සු හැදෙනවා නං...
මාළු ඇම ගිලින්නේ නොදැනුවත්කමින්; පළඟැටියන් ගින්දරට පනින්නේත් නොදැනුවත්කමින්. ඒ
තිරිසනුන් නෙවෙයිනෙ- දියුණු මොළයක් නැති සත්තු. ඒත් මිනිස්සු... දැන දැනම නෙවෙයිද
අපි කරන වැරදිවලින් වැඩි හරියක්ම කරන්නේ?
අවුරුදු
පන්දහසක් කල් නිර්මල බුදු දහම රැකෙනවාය කියන මේ ධර්මද්වීපයේ ‘රුපියල් පන්දාහේ
කුලියටත් මිනී මරණ මිනිසුන් ගැන’ කියවද්දී ඇත්තෙන්ම මං සලිත වුණා!
‘ගණේමුල්ල
සංජීව යනු රු.5000 ටත් මිනී මරන්නෙකු බව පාතාල ලෝකයේ පවතින ප්‍රකට මතයකි...’
අනුන්
ගැන නං මාත් එහෙම විවේචනාත්මකව කියනවා තමයි. ඒත් මං වහන්සේ වුණත් එක එක්කෙනා දෙන
අවවාද පිළිගන්නෙ අඩුවෙන්. මොකෝ දන්නවද? ලෝබ නැතුව අවවාද වගුරණ ගොඩක් උදවිය එව්වා
පිළිපදිනවා පෙනෙන්නේ අඩුවෙන්. අනෙක ඉතිං, මසුරං වටිනා අවවාද වුණත් බලෙන් මගේ කරේ පටවනවට මං නං
කොහෙත්ම කැමති නෑ!
මඟ
පෙන්වීම් වගේ දේවල්- අවවාදාත්මක දේවල්- ගොඩාරියක් මගේ ජීවිතේට එකතු කරලා තියෙන්නෙ
නම් පොත්; පත්තර; චිත්‍රපට; නාට්‍ය වගේ දේවල්වලින්. මගේ හිතට වැදුණු එහෙම උපදේශ;
අවවාද වැඩිම හරියක් ‘ගෙඩි පිටින්ම දීල තිබ්බ අමු අවවාද’ නං නෙවෙයි. මම කැමතිත් ඒ
පන්නේ එව්වාටයි. ‘We provide-You decide’ පන්නෙට.
එතකොට අපි කැමති නං ගන්නවා. නැත්තං නිකං ඉන්නවා!
![]() |
එහෙම දෙගිඩියාවකට මුහුණ පාලා තියෙන අය; දෙලොවක් අතර අතරමං වෙලා උන්නු
අය නං දන්නවා එහෙව් වෙලාවක දැනෙන අසහනේ... |
‘ඔව් යකෝ! තිස් අවුරුද්දක් විතරම තමුසෙ හැංගිමුත්තං කෙළියා මදැයි! දැන්වත් ඔන්නොහෙ
ඇත්ත කියල දාලා හිත නිදහස් කර ගනිං මිනිහෝ!’
ඉතිං, මං වහන්සේ එකලාවම තීරණේ කළා මගේ කතන්දරේ එළිදරව් කරන්න.
‘පරෙස්සමින්
නිමලෝ! අහක යන නයින්ව ඇදලා අරගෙන රෙද්ද අස්සෙ දාගන්නවා වගේ නෙවෙයි- සමහරවිට කනවෝ
කනවෝ කියලා කෑ ගහන්නත් වෙයි!’ හිත අනතුරු අඟවමින් බලාගෙන උන්නා.
මට තිබ්බ ලොකුම ප්‍රශ්න වුණේ පටන් ගන්නේ කොතැනින්ද- කාගෙන්ද- කොහොමද කියන එකයි! (එහෙම
දෙගිඩියාවකට මුහුණ පාලා තියෙන අය; දෙලොවක් අතර අතරමං වෙලා උන්නු අය නං දන්නවා එහෙව්
වෙලාවක දැනෙන අසහනේ පොඩි නැති විත්තිය!)
අවුරුදු
දහස් ගණනාවක් තිස්සේ දස පාරමිතා පුරමින්- ආත්ම සිය ගණනාවක් තිස්සේ බුදු බව පතමින් සසරේ
සැරි සරලා, දස මාරයන් පරදවලා සම්මා සම්බුද්ධත්වයට පත් වුණු සිද්ධාර්ථ ගෞතම බුදුන්
වහන්සේටත් එහෙව් ප්‍රශ්නයක් ආවනේ-
කාටද පළමුවෙන්ම බණ කියන්නේ කියලා... තමන් වහන්සේ දේශනා කරන්නට යන ධර්මය අවබෝධ කර ගැනීමට
තරම් නුවණ මුහුකුරා ගිහිං තියෙන අය ලෝකෙ ඉන්නවද කියලා...
ඒ
ගැන කල්පනාවට ගත්තු ගමන්ම මගේ සිහියට ආවේ සමන්ති පද්මිණී දිසානායක; Sam; අපේ පවුලේ
හත්වැන්නී. ඇඟපතින් හැඩ රුවෙන් එයා අපේ මහරගම ආච්චී වගෙයි. මොළයෙනුත්!
මට පෙනෙන විදිහට නං මගේ නංගිලා- මල්ලිලාගෙන් බුද්ධිමත්ම කෙනා වෙන්නෙත් සෑම්.
(දීපාල්- අනිල් දෙන්නාගේ
‘ටිකිරි
මොළවල්’ ගැනත්, දීපානිගේ මොළේ වැඩ කරන හැටි ගැනත් අපූරු අවස්ථා දෙකක් ගැන ඔයාල දැනටමත් කියවලා
තියෙනවනේ.)
ඔව්! සමන්තිට තමයි ඉස්සෙල්ලම කියල බලන්න ඕනි! සමන්තිනේ වෙඩින් කාඩ් එකටත් අම්මලගෙ
නම් නොදා මගේ නම දැම්මෙ. එයාට කිව්වට පස්සේ... බලමුකෝ මොකද වෙන්නේ කියල...
නිමල්
දිසානායකයා ඒ විදිහට තීරණය කළ විත්තිය හැබෑය. ඒත් ඒකා පිටිං පෙන්නන තරමට දරදඬු
නැති හින්දා දස අතේ කල්පනා කළේය... ඒ, එම තීරණය ක්‍රියාත්මක කළ යුත්තේ කොහොමදැයි කියලාය.
ඒකා වැඩියත්ම කල්පනා කළේ, උදේ හවස දෙකේ බස් එකේ යන අතරෙය. (එංගලන්තයේ වෙලාවට- කලාවට
දුවන බස් රථ ගැන මා මීට කලින් ලියා ඇත.)
![]() |
බස් පාස් එකක් ගත්තම ලාබයි. දවසට දෙතුන් පාරක් වුණත් එකම ගමන යන්න පුළුවන්... |
පා පුවරුවේ එල්ලීගත් ගමන්- පාරේ අනිත් වාහනවලට ඉස්සර කරන බව පෙන්වන්නට අත දික්
කරගෙන සංඥා කරමින් යන ‘මදාවි කොන්දොස්තර අය්යලාත්’ නැත.
කිසිම
කලබලයකින් තොරව- විනීතව බස් රිය පදවන්නෙත්, බසයට නඟින මඟීන්ගෙන් අදාළ ගාස්තුව අය
කරගෙන tickets නිකුත් කරන්නෙත් බසයේ රියදුරු මහතා තනිවමය!
ඒ
දවස්වල ඔහොම විස්තර ලියනකොට මං වහන්සේට මඟ ඇරිච්ච කාරණාවක් Lotus රසිකාවිය විමසල
තිබුණා- මේ posts මාලාවේ දසවෙනි එකේදී.
‘නිමල්
එතකොට පලවෙනි දවසෙම පාරවල් හොයාගෙන බස් එකේ වැඩට ගියාද, නැත්නම් දීපාල්
ගිහිල්ලා දැම්මද. ඒ දවස්වල paper tickets තියෙන්න ඇත්තෙ දැන්
වගේ ATM කාඩ් එක touch on කරන්න බැරුව
ඇති නේද.”
අපරාදේ
කියන්න බෑ, Lotus, බස්සා මහත්තයා දෙන්නා විශේෂ ප්‍රශ්න විමසමින් මාව පොළඹවනවා මගේ
පැරණි මතකය අවුස්සන්න. නිදිගෙ පංච තන්තරේ කියවන තවත් පාඨකයනුත් ඔය ‘හතර වටේ අතීත
විස්තර’ දැන ගන්න අකමැති නැහැ වගෙයිනෙ. ඉතිං ඒ හැමෝම වෙනුවෙන් මං ඇවිස්සුවා ‘පරණ
පෙට්ටගම’- එහෙම කළේ Bus Pass එකක් තිබිච්ච බව මතක නිසයි.
බස්
පාස් එකය කිව්වට මහ ලොකු එකක් නෙවෙයි, වදේ. අඟල් 4 x 2 ½ size එකේ
පොඩි එකක්.
අනෙ අම්මේ... පෙට්ටගමේ පරණ ලට්ට- ලොට්ට අතරෙන් ඒක හොයා ගන්න වෙච්ච මහන්සියක්!
පළමුවෙනි
වතාවේ එංගලන්තෙට ගියාම අපේ අම්මා තමයි bus pass කියලා ජාතියක් ගැන අපේ අනිල්වයි,
මාවයි දැනුවත් කළේ.
“බස් පාස් එකක් ගත්තම ලාබයි. දවසට දෙතුන් පාරක් වුණත් එකම ගමන යන්න පුළුවන්...”
අම්මා කිව්වේ අම්මගෙ bus pass එක පෙන්නන ගමන්.
“එතකොට ලංගමේට පාඩුයිනෙ!” අන්නා කිව්වා. ඒක ඇහුණු ගමන් දීපාල්ලා කට්ටියම උඩ පැන-පැන
හිනා වුණා. “මෙහෙ කොහෙන්ද අනිල් අයියේ ලංගමක්... London Transport මිසක්?”
“හරි, හරි. අපි මේ මෙහාට ආවා විතරයිනෙ හලෝ. පොඩ්ඩක් වැරදුණා... ඕකට ඉතිං හොඬවැල
පටලෝලා උස්සල අරං පොළොවෙ ගහන්න ඕනිය.”
“අනිල්ට
වාසියි මාසේ පාස් එකක් ගන්න එක. ඔයාට නං රංජි එහෙම කරන එක පාඩුයි. ඔයා දිගටම එකම
තැනක වැඩ කරනවා නෙවෙයිනෙ. රංජිට වැඩ හම්බ වෙන හැටියට සුමානේ බස් පාස් එකක් ගන්න එක
තමයි හොඳම දේ.” ගිය වතාවට අපේ අම්මාගේ ඒ කීම වලංගු වුණත්, දෙවෙනි වතාවේ මට එය
ගැලපුණේ නැත.
![]() |
“ඇත්ත
කියපං... උඹට එෆෙයාර් එකක් තියෙනව නේද?” ඒ ගමන්ම අමන් මටත් ප්‍රශ්න කීපයක් එල්ල කෙරුවා. |
ඉතිං
උදේ හවා බස් එකෙන් යන අතරේ සිතමින් ගියත් මගේ අර ‘ප්‍රශ්නයට උත්තරයක්’ හම්බ වුණේ
නැතිය. එය හම්බ වුණේ මා සිහිනයකින්වත් නොහිතූ විදිහටය.
ඒ
ජංගම දුරකථන පෙරළියකට බඳුන් වෙමින් තිබූ යුගයයි. මුලින් මුලින් ගඩොල් බාගයක් තරම් සුවිශාලව
තිබුණු මෝබයිලයන් ටිකෙන් ටික පුංචි වෙන්නටත්- හුරුබුහුටි වෙන්නටත් පටන් ගෙන තිබුණේ
ඒ වකවනුවේදීය. එසේම ඒවායේ මිලත් අධික ලෙසම පහත වැටෙමින් තිබිණි. ඒ විත්තිය මට
කිව්වේ හිත හොඳ බල්නූර්ය;
එයා මෝබයිලයක් අරගෙන ආ දවසෙය.
“නිමල් බ්‍රදර්... I took a phone! ලස්සනයි නේද?” බල්නූර් ඒ ජංගම දුරකථනය මටත්
පෙන්නුවේය. “දැන් මටත් පුළුවනි ගෙදර ඉන්න මිසිස්ට වැඩියෙන් කතා කරන්න.”
“මිසිස්
එක්ක මොනව කතා කරන්නද බ්‍රෝ? ඔන්න කෙල්ලෙක් එක්ක නං...” එතැනම උන් අමන් විහිළුවෙන්
ඇහුවේ එතකොටය.
“ඒක නෙවෙයි, නිමල්. උඹට උඹලගෙ රටේ කෙල්ලෙක් ඉන්නවා නේද? ඇත්ත කියපං... උඹට එෆෙයාර්
එකක් තියෙනව නේද?” ඒ ගමන්ම අමන් මටත් ප්‍රශ්න කීපයක් එල්ල කෙරුවා.
“එකක්? එකක් නෙවෙයි අමන්, මට එෆෙයාර්ස් ගොඩක් තියෙනවා...” ඇත්තම ඇත්තක් බොරුවක්
වගේ දැනෙන විදිහට මං කිව්වේ එතකොටයි.
එතකොට
අමන් කිව්වේ මං කීයටවත් නොහිතපු දෙයක්.
“කෙල්ලෝ
විතරක් නෙවෙයි නිමල්... උඹට නං කොල්ලො එක්කත් එෆෙයාර්ස් තියෙනවා වෙන්නැති! ඇත්තටම
උඹට එහෙම එෆෙයාර්ස් තිබිලා නැද්ද?”
ඒ කතාවෙන් නං මං තිගැස්සුණා. ඒත් ඒ විත්තිය කාටවත්ම නොපෙනෙන්න කට පුරවලා හිනාවක්
දාන එක මට එච්චර අමාරු වුණේ නෑ. මගේ රංගන කෞශල්‍යය එතකොටත් ඉතිරි වෙලා තිබුණු හින්දා.
නමුත්
මගේ හිත නං තිබ්බේ දෙමෝලෙන් පිටි කොටන ගණනට.
ඇයි අමන් අරහෙම ප්‍රශ්නයක් ඇහුවේ... මට දිගටම හිතුණා.
ඒ
වෙලාව මතක් වෙද්දී මේ දැනුත් මගේ හුස්ම වැටිල්ල වේගවත් වෙනවා... මුහුණට; විශේෂයෙන්
කන් පෙතිවලට ලේ පිරෙන හැටි දැනෙනවා... ඇස් දෙකත් දිලිසෙන්න පටන් ගෙන වෙන්නැති...
එ..හෙ..නං
අ..ද..ට නවතින්නං. ඊළඟ කොටස කියවන්නත් මෙහාට එනව නේද?à
No comments:
Post a Comment