“ඒක නෙවෙයි, නිමල්. උඹට උඹලගෙ රටේ කෙල්ලෙක් ඉන්නවා නේද? ඇත්ත කියපං... උඹට එෆෙයාර් එකක් තියෙනව නේද?” ඒ ගමන්ම අමන් මටත් ප්‍රශ්න කීපයක් එල්ල කෙරුවා.
“එකක්? එකක්
නෙවෙයි අමන්, මට
එෆෙයාර්ස් ගොඩක් තියෙනවා...” ඇත්තම ඇත්තක් බොරුවක් වගේ දැනෙන විදිහට මං කිව්වේ
එතකොටයි.
![]() |
උඹට නං කොල්ලො එක්කත් එෆෙයාර්ස් තියෙනවා
වෙන්නැති! ඇත්තටම උඹට එහෙම එෆෙයාර්ස් තිබිලා නැද්ද? |
“කෙල්ලෝ විතරක් නෙවෙයි
නිමල්... උඹට නං කොල්ලො එක්කත් එෆෙයාර්ස් තියෙනවා වෙන්නැති! ඇත්තටම උඹට එහෙම
එෆෙයාර්ස් තිබිලා නැද්ද?”
ඒ
කතාවෙන් නං මං තිගැස්සුණා. ඒත් ඒ විත්තිය කාටවත්ම නොපෙනෙන්න කට පුරවලා හිනාවක් දාන
එක මට එච්චර අමාරු වුණේ නෑ. මගේ රංගන කෞශල්‍යය එතකොටත් ඉතිරි වෙලා තිබුණු හින්දා.
නමුත් මගේ හිත නං තිබ්බේ දෙමෝලෙන් පිටි කොටන
ගණනට.
ඇයි
අමන් අරහෙම ප්‍රශ්නයක් ඇහුවේ... මට දිගටම හිතුණා.
ඒ වෙලාව මතක් වෙද්දී මේ දැනුත් මගේ හුස්ම
වැටිල්ල වේගවත් වෙනවා... මුහුණට; විශේෂයෙන් කන් පෙතිවලට ලේ
පිරෙන හැටි දැනෙනවා... ඇස් දෙකත් දිලිසෙන්න පටන් ගෙන වෙන්නැති...’
එතැනිනුයි නිමල් දිසානායක ‘හතලිහේදී 13 වෙනි
කොටස’ අවසන් කළේ. ඒ 2025 පෙබරවාරියේදී. ඊට පස්සේ වෙනවෙන කාරණා ගැන post ගණනාවක් ලිව්වත්
‘මේ තාවකාලික විරාමය’ ගැනත් මං වහන්සේ හොඳ කල්පනාවෙනුයි උන්නේ. පටන් ගත්ත වැඩක්
ඉවර නොකර නවත්තන්න ඇහැකියැ...
ඉතිං... අමන් අර ප්රශ්නය ඇහුවා විතරයි මං
හොඳටෝම අන්ද-මන්ද වුණා, පීචං කතන්දරේක හිටිය තරුණ ගොනා වගෙ. (එහෙම කිව්වට හරි යනවයැ?
ඒ කතන්දරේ හැමෝන්ටම හදි ගැහෙන්නේ නැතිව ඇති නෙව.) මේන් ඒ කතාව, තිබිච්ච හැටියටම.
‘එක්තරා
ගොවිපළක, පට්ටි දැමීම සඳහා
ගොනුන් 3දෙනෙකු සිටියා. තවත් ගොනෙකු ගොවිපළට ගේන්න යන බව මේ ගොනුන් තුන්දෙනාට ආරංචි
වුණා. ඔවුන් ඒ පිළිබඳව එකිනෙකා සාකච්ඡා කළා.
පළවෙනි
ගොනා : "මචං, මං දැන්
මේකට ඇවිල්ල අවුරුදු 5ක් වෙනවා. මෙතන ඉන්න පරණම කෙනා මං හින්දා, ගොවිපළේ
එළදෙන්නු 100ක් මට අයිතියි කියල අපි එකඟ වුණා මතකනෙ. දැන් මේ අලුතෙන් එන්න ඉන්න කෙනා
කොහෙන් එළදෙන්නු හොයාගනීද මං දන්නෑ. මගෙන් නම් එක්කෙනෙක්වත් ඌට දෙන්නෑ".
දෙවන
ගොනා : "ඒකම තමයි මටත් කියන්න තියන්නෙ. මං දැන් ඇවිල්ල අවුරුදු 3ක් වෙනවා. එකඟතාවයෙ
හැටියට, මට එළදෙන්නු
50ක් අයිතියි. අලුතෙන් එන එකා පැනල දුවනකං හරි, ඌ මැරෙනකල්
හරි මං ඌත් එක්ක සටන් කරනවා. ඒත් මගෙන් එක එළදෙනක්වත් ඌට දෙන්නෙ නෑ".
තුන්වන
ගොනා : "මං තාම ඇවිල්ල අවුරුද්දයි. දැනට මට අයිති එළදෙන්නු 10ක් විතරයි. මං තාම
ඔයාල තරම් ලොකුවෙලා නැතුව ඇති. ඒත් මං තරුණයි වගේම ක්රියාශීලීයි. ඉතිං මගෙ එළදෙනුන්ගෙන්
එකෙක්වත් ඌට දෙන්න බෑ.
![]() |
පුතා, මං උඹට අවවාදයක් දෙන්නම්, උඹේ එළදෙන්නුන්ගෙන් කීප දෙනෙක්
ඌට දීලා, ජීවත් වෙන්න බලපං පණට ආදරේ
නම්. |
පළවෙනි
ගොනා : උඹල දන්නවද? මං සමහර
වෙලාවට සාධාරණව වැඩ කරනවා. අලුතෙන් ආපු එකාටත් එළදෙන්නු ටිකක් ඉන්න ඕනනෙ. මගෙන් කීප
දෙනෙක් මං ඌට දෙනවා.
දෙවෙනි
ගොනා : මං තණ පිට්ටනියෙ ඉන්නකොට, මට බලාගන්න
වෙලා තියන එළදෙන්නු ගාණ වැඩියි. මගෙන් කීප දෙනෙකුත් අලුතෙන් ආපු ගොනාට භාර දෙන්න ඕනෙ.
ඔවුන්
තුන්වෙනි ගොනා දෙස බැලුවා. තුන්වෙනි ගොනා කුරයෙන් පොළව හාර හාර, අං දෙක
දෙපසට වන වන, හයියෙන්
හුස්ම පිට කරමින් හිටියා.
පළවෙනි
ගොනා : පුතා, මං උඹට
අවවාදයක් දෙන්නම්, උඹේ එළදෙන්නුන්ගෙන්
කීප දෙනෙක් ඌට දීලා, ජීවත්
වෙන්න බලපං පණට ආදරේ නම්.
තුන්වෙනි
ගොනා : මං මගෙ එළදෙන්නු ඔක්කොම හරි ඌට දෙනවා. මං මේ ඌට ඒත්තු ගන්වන්න හදන්නෙ, මං එළදෙනක්
නෙමෙයි, පිරිමි සතෙක්
කියල.’
(කතාව ටිකාක් හරි දුරවබෝධයි වගෙ නං එහාටම ගිහිල්ලා- comments ටිකත් කියවල ඉන්නකෝ.)
ඒ තරුණ ගොනා අලුතෙන් ගෙනාව ගොනාට ඒත්තු ගන්වන්න try කළේ ‘තමන් සමකාමී සතෙකු නොවෙන
බව’. මේ ලියන මහීෂයාට නං උවමනා වෙලා තිබ්බේ අමන්ට ඒත්තු ගන්වන්න ‘තමන් සමකාමී සතෙකු
බව’. ඒත් ඒ කැමැත්තට හරහට හිටියේ අශාන්! නියමාකාර විදිහටම කියනවා නං ‘අශාන්ගේ
අනතුරු ඇඟවීම’.
‘අනෙක් අතට එක සැරේම පැනලා දෙන්න යන්නත් හොඳ නෑ... තව කල් තියෙනවනේ... ගැඹුර දීලා
බලමු!’
අවුරුදු 30කට පස්සෙත් මේ දේවල්වලින් ගොඩාක් මගේ ඇස් ඉදිරියේ ආපහු දිග හැරෙන්නේ ෆිල්ම් එකක් වගෙයි.
‘එහෙම වෙන්නේ මේ හැම සිදුවීමක්ම තමුසෙට වෙච්ච දේවල් හින්දයි, දිසානායක. තමුසේ
හිතනවද තමුසේ ලියන ඔක්කොම කියවපු අයටත් මතක තියෙයි කියලා. ඒ නිසා පහුගිය කොටස් දහතුනෙන්
කියවුණු දේවල් සාරාංශ කරලා ඉන්නවා- තව ඉස්සරහට යන්න කලින්.’
ඒක නං නුවණක්කාර වැඩක් තමයි. ඒත් එහෙම කරන්න ටිකක් මහන්සි වෙන්න එපැයි?
‘ඒකට මොකෝ! තමුසෙගෙ ආදරණීය රසිකයන් වෙනුවෙන්නෙ. අනික තමුසේ මොකටද අතරමඟින් නවත්තල
වෙන වෙන දේවල් ගැන ලියන්න ගත්තේ...’
![]() |
සියුස් විසින් දෙපලු කරනු ලැබූ මිනිසා... |
හරි-හරි... මෙන්න ලියනවා.
හතලිහේදී... පළමුවෙනි කොටස
දෙවෙනි වතාවටත් එංගලන්තයට යෑමට තීරණය කළෙමි. ඊට පසුබිම්
වුණු හේතු...
හතලිහේදී... දෙවෙනි කොටස
Unknown කෙනෙකු
පසුගිය post එකේදී විමසා තිබුණු ප්රශ්නය. ‘නිමල්
අයියා සමලිංගික අයියා කෙනෙක්ද?’ / එයට
පිළිතුරු / ස්වකීය සමරිසි අනන්‍යතාව හෙළි වීම නිසා ජීවිතයෙන්ම වන්දි
ගෙවන්නට සිදු වුණු ඇලන් ටියුරින් (පරිගණකයේ පියා) / සමන්ති නංගිලා එංගලන්තයට ගිය
කිට්ටුව එවූ ලිපි / Sam විවාහ වෙන්නට යයි / මංගල ඇරයුම් පත / එහි සමන්තිගේ නම
තිබ්බේ මෙසේය: ‘Samanthi, beloved
sister of Mr. Nimal Dissanayaka of Sri Lanka...’ / ඒ සා
ගෞරවයක්- මට? / මා ඊට නිස්සෙක්ද... / ඇරයුම් පත ගැන අම්මලා අසතුටෙනි / ලිවින්
ටුගෙදර් සංකල්පය ගැන අම්මලාගේ විවේචන / 70 දශකයෙදීත් එය ලංකාවේ තිබිණි / සියුස්
විසින් දෙපලු කරනු ලැබූ මිනිසා
හතලිහේදී... තෙවෙනි කොටස
මගේ මතකය දැඩි එකකි / බෑක්සයිඩ් ටෙලියෙන් / ළමා වියේ
අත්දැකීම් ජීවිත කාලයටම බලපායි / කායිකව මෙන්ම මානසිකවත් ගැලපුණු සබඳකමකට අවුරුදු
හයක් ගෙවී තිබියදී ඔහු හැර දමා එංගලන්තයට යන්නේ කොහොමද / දිගටම
ලියුම් ලියන්නට ගිවිසවා ගැනීම / දැන් දැන් ලියවෙන දේ අකුරු කිරීම අසීරු තරම්ය / ඒ
තරම් දේවල් අප අතර සිදු වුණු බැවිනි / එවන් තෘප්තිමත් සබඳකමක් තිබියදී පවා මම
වෙනත් සබඳකම්ද පැවත්වීමි/ ඔහු 145 වෙනියාය / ගණන් තියාගත්තේ සමරු පොතක ලිවීමෙනි /
ඒ සමරු පොත මට තිලින කළේ අනිල් මල්ලීයි / ඒ 1979 දෙසැම්බර් 18 වෙනිදා- ඔහුගේ පළමු රැකියාවේ
පළමු වැටුපෙන් මට පිදූ කෘතෝපහාරයයි
හතලිහේදී... සිව්වෙනි කොටස
අමුතු දොස්තර / මා Blog අඩවියට
ජීවිත කතන්දරය ලියන්නේ හිතට සහනයක් ලබා ගන්නටය / එයින් කවරෙකුට හෝ ගත යුතු දෙයක්
තිබෙතැයි සිතමිනි / 145 වෙනියාට නමක් දෙන්නෙමි... නයනානන්ද! / අර ඔටෝග්‍රාෆ් එක
කියන විදිහට 1994 වෙනකොට නිදිගේ score එක 175යි / පිපාසයට
ලුණු වතුර බිව්වොත් මොකද වෙන්නේ / ආදරය ඇති වන්නේත් සිරුරේ රසායනයන් නිසාය / වීසා
ලබා ගැනීමට තානාපති
කාර්යාලයට
![]() |
තිරිසන් සතුන් අතරේ වුණත් පවතින්නේ ‘සදාතනික
ආදරය’කට වඩා ‘රාගාන්විත සබඳකමක්’... |
සම්මුඛ පරීක්ෂණය / ගිය වතාවේ අපි කියූ දේවලුත් පරිගණකයේ තිබුණා වගෙයි / වීසා ලැබෙයි / කාමාතුර සිංහ යුවළක් (විනාඩි 20-30 අතරතුරදී, එක වතාවකට රමණය සඳහා විනාඩියකටත් වඩා අඩු කාලයක් වැය කරමින්) දවසකදී 50 වතාවක් විතර සංවාසයේ යෙදෙනවලු! අප... / සමහර විටෙක නූතනවාදී මා විටෙක අතිශයින්ම සාම්ප්රදායිකය / අප වැඩුණු කාලයේ සංස්කෘතික හා සමාජ බලපෑම්
හතලිහේදී... හයවෙනි කොටස
තිරිසන් සතුන් අතරේ වුණත් පවතින්නේ ‘සදාතනික ආදරය’කට වඩා
‘රාගාන්විත සබඳකමක්’ / ඒ ඒ සත්ත්ව වර්ගයාගේ පැවැත්මට මේ ලිංගික සබඳතා; ප්‍රජනන
සිදුවීම් අත්‍යවශ්‍ය සාධකයක් / ඩයිනසෝරයන් මිහිතලය මත බිහි වෙන්නටත් කලින්; අවුරුදු
මිලියන 300කටත්
කලින් පෘථිවියේ තිබුණු Wood’s cycad නම්
විවෘත බීජක පුං ශාඛයක් 1895 දී හොයා ගැනුණා. තවමත් විද්‍යාඥයන්
මේ වර්ගයේ ස්ත්‍රී ශාකයක් සොයමින්
ලෝකය පීරනවාලු! / එංගලන්තයට ගියෙමි / ඩැඩාට
තවමත් සිංහල බෑ / එයා ඉස්සරහත් අපේ කට්ටිය සිංහලෙන් කතා කරති / සමා ඉන්නේ ඩ්රුතීලා
ගෙදර / එංගලන්තේ මත්පැන් අලෙවි සල් රෑ දහය වෙනතුරු විවෘතව තැබිය යුතුය / වෙඩිම
දාටයි හෝම් කමින් දවසටයි එකම සූට් එක අඳින්න බෑනෙ සෑම් කියයි / මරිසි මංගල්ලේදී
හමුවූ චානිගේ මිතුරා ලැන්ග්ලිගෙන් සූට් එකක් / මට
මොකක් හරි වැඩක් හොයාගන්න ඕනි / යසිරු / සමහර අහඹු සිදුවීම් ලෝකය පවා වෙනස් කරයි /
චර්චිල්- ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් -
පෙනිසිලින්
හතලිහේදී... හත්වෙනි කොටස
මට රැකියාවක් සොයා දීමට යසිරු එකඟ වෙයි / ගාමන්ට් එකක් /
බොසා Mr. Aheer /
ළපටි කැරට් කොළ සම්බෝල ඉතාම රසවත් ආහාරයක් / Sam බිමල් එක්ක යාළු වෙලා තියෙන්නේ
මැක් ඩොනල්ඩ් එකේ වැඩ කරනකොට / ඒ දෙන්නා තීරණේ කරල හරියට ස්ථාවර තත්ත්වෙකට ඇවිල්ලම
මැරි කරන්න / බිමල්ගේ අක්කා ඩ්රුතීයි අර්ජුන් කුමාරුයි දෙන්නත් එයාලට හරියට help
කළාලු. / රෝන් නම්බර් කතාව / යසිරුත් එක්ක සවුත්හෝල් ගියා
මිස්ටර් අහීර් හමු වෙන්න
හතලිහේදී... අටවෙනි කොටස
අහීර් මහතාගේ ෆැක්ටරිය ළඟම සමෝසා හදන තැනකි / අවුරුදු
1,100කට ඉස්සර කාලයකදී පර්සියාවේ උපන් ‘සමෝසා’ / එවැනි කෑම නිසා කොලෙස්ටරෝල්-
පපුවේ අමාරු වැඩි වෙලාද / ෆැක්ටරිය / ‘මගේ ළඟ හොඳින් වැඩ කරගෙන හිටියොත් බඳින්න
කෙල්ලෙකුත් හොයල දෙන්නං- එතකොට නිමල්ට මෙහෙ නවතින්නත් පුළුවනි, ලංකාවට නොයා’ අහීර්
කියයි / එහෙත් එහෙ පඩි මදි බව ඩැඩා කියයි
හතලිහේදී... නවවෙනි කොටස
මං එතැන රැකියාවට යනවා / ‘මේ සමීරා. අපේ ෆැක්ටරියේ පරණම
එක්කෙනා. මෙයා බල්නූර්- all rounder’ /
ඇඳුම් මැදීම තමයි job එක / මං අකමැතිම
වැඩක් / කිර්පාල් මගේ අනෙක් සගයායි / ‘හයියෙන් හයියෙන් මදින්න එපා, හෙමින් කරපන්’
කිර්පාල්ගේ උපදෙස් / සමීරා කේලාම්කාරියකි / එපා කරපු ගඳක් එයි / චා; තේ / එතෙක්
මෙතෙක් බීලා තියෙන පාඩාවී තේ එක / භාෂා අවුල / මිනිස්සු බාබෙල් කුලුන තනද්දී බියවූ
දෙවියෝ භාෂා ගොඩක් මිනිසුන්ට දුන්හ / විවේක ගන්නට තැනක් ෆැක්ටරියේ නැත; පුටු නැත!
![]() |
හොඳටම ගැලපෙන දෙදෙනෙකු අතර ඇතිවන ලිංගික
රසායනිකයක් වුණත් එක්ස්පයර් වෙනවා! |
අහීර් මහතා බිව්වෙත් ඒ තේමයි / කඩක් චායි / හොඳ දේශපාලන උපහාසාත්මක කමෙන්ටුවක් / එදා ගෙදර යද්දී හොඳ පණ ගිහින් / කිර්පාල්ගේ ‘මෞඛ දුර්ගන්ධය’ / නදීක ගුරුගේ මහතාගේ බස
හතලිහේදී... එකොළොස්වෙනි කොටස
කිර්පාල් හඩ්ඩෙකි; කම්මැලියෙකි. / සමන්තිල ගෙදරට ගමනක් /
බ්රූනෝ / සමන්තිගේ ආරක්ෂක සුනඛ රාජයා / Jobseeker's
Allowance (JSA) එක... Doll එක ගැන
විස්තර / 2024දී ඒ ගෙවීම් සිද්ද වී තිබෙන විදිහ - වයස අවුරුදු 24 දක්වා කෙනෙකුට
සතියකට පවුම් 71.70ක් (£71.70). / අවුරුදු 25ට වැඩි
කෙනෙකුට නම් ‘සතියකට £90.50’කි.
හතලිහේදී... දොළොස්වෙනි කොටස
සමහර අය මේ ලෝකෙ deodorant කියලා
ජාතියක් තියෙනවා කියලා දන්නෙත් නෑ. / අපේ කුණු බැහැරලීමේ සිරිත / මේ ලෝකේ ඉන්න ඔක්කොම
මිනිස්සු ගාණට වඩා බැක්ටීරියා ප්‍රමාණයක් කටේ ජීවත් වෙනවා / සරලව කිව්වොත් එක දතක
බැක්ටීරියා මිලියන 400ක්, බිලියන
1ක්
අතර ප්‍රමාණයක් ඉන්නවලු. / කිර්පාල්ගේ කිවිසුම / දබරය / කිර්පාල්ගේ තැනට අමන් / අමන්
හැන්ඩියෙක්. කහපාටට හුරු සුදු පාටයි. කොණ්ඩය දිගට වවලා. කැරලි නොගැහී උරහිසට ගලා
හැලුණු ඒ කොණ්ඩය ඒ කඩවසම් හාදයාගේ නෙත්කලු පෙනුම තවත් වැඩි කළා / අමන්ව දැකපු
පළමුවෙනි දවසෙම මගේ ඇහැට වැටුණා. වැඩියත්ම ඒ හාදයාගේ තිබ්බ කෙළිලොල් සැහැල්ලු
ගතිය! / නයනානන්දගෙන් ලියුමක් / හොඳටම ගැලපෙන දෙදෙනෙකු අතර ඇතිවන ලිංගික රසායනිකයක්
වුණත් එක්ස්පයර් වෙනවා / රාග සූත්‍ර
හතලිහේදී... දහතුන්වෙනි කොටස
අශාන් ගැන මතක / මගේ ලිංගික අනන්‍යතාව ගැන ඇත්ත හෙළි කළ
යුතු කාලයද මේ / ඉස්සෙල්ලාම කියන්නෙ කාටද? / කොහොමද කියන්නේ? / Bus Pass / බල්නූර්
ජංගම දුරකථනයක් අරගෙනය / අමන් සමඟ සාමීචිය වැඩි වෙයි / “... කෙල්ලෝ
විතරක් නෙවෙයි නිමල්... උඹට නං කොල්ලො එක්කත් එෆෙයාර්ස් තියෙනවා වෙන්නැති! ඇත්තටම
උඹට එහෙම එෆෙයාර්ස් තිබිලා නැද්ද?” අමන් අහයි.
යහමින් වෙලාව අරගෙන මං
වහන්සේ මෙතෙක් කතාව ලිව්වා වගේම- ඒ ලියාපු ටික නිස්කාංසුවේ කියවා බලන්නටත් අදරැති පාඨක
ප්‍රජාවට ප්‍රමාණවත් ඉඩක් හා කාලයක් ලබා දිය යුතුය. එසේ කරමිනි, මේ කොටස අදට
නවත්වන්නේ...
ඉතිරිය ඊළඟ කොටසින්...
/ ඇඳුම් මැදීම තමයි job එක / මං අකමැතිම වැඩක් /
ReplyDeleteමේ summary එකේ කරුණු හැටහුටාමාරක් තිබිලත් හිතට වැදුන දේ ඕක.
අර සිංහල ටෙලිඩ්‍රාමාවල වගේ කැලේ පීරාගෙන එනගමං මංකොල්ලකාරයෝ 45ක්, වලස්සු 79 1/2ක්, වැද්දෝ 67.24ක්, වැසි 78ක්, කුණාටු 92ක්, ඉත්තෑවෝ 9ක් සහ ඇට මැස්සෝ ලීටර්7ක් එක්ක සටන් කරල ආවත් ලොන්ඩරියෙන් ගෙනාපු ගමන් වගේ ඇඳුම් අපිටත් තියනවනං.
අම්මෝ Pra Jay මහත්තයෝ!
Deleteවිහිලු කතාවට සහ සම-රි එකට ස්තූතියි.
ReplyDeleteහහ්, හොඳ සාමකාමී සතා? 😋
විහිලු කතාව පීචං කතා එකෙන් ගත්තේ- ගෙඩිය පිටින්ම. එයාටයි ස්තුතිය අයිති.
Deleteබස්සෝ, සප්ත ස්වරයෙන් ස ම රි විතරයි ගත්තේ! ඉතිරිවා ඊළඟ කොටස්වලින්.
සාමකාමී? උවමනා වෙලාවට වලි කුකුළෙක් වෙනවා තමයි බකුසුතුමෝ. නැත්තන් වෙන්නේ අර සිල් ගත්ත නයාට වෙච්චි දේ.. දර මිටිය බඳින්න ලණුවට ගන්නවා...
Deleteනිදි Final Destination වල කැමති වුන නිසා මේ ඩාක් කොමඩි එකටත් කැමති වෙයි කියල හිතුවා.
ReplyDeletehttps://www.youtube.com/watch?v=rrCciU8nD98
ටෙලි සීරීස් බලන්නේ නැතිම තරම්. ඒත් ඔයා එවල තියෙන සීරීස් එක කොටස් හයයි නිසා... තවම හිතනවා හැබැයි.
Deleteස්තුතියි.
ඔක්කොම කියෙව්වද කියලනම් මතක නැහැ . මරු 'ගොන්' කතාව 😀
ReplyDeleteස්තුතියි අජිත් මහත්තයෝ.
Delete"ඩැඩාට තවමත් සිංහල බෑ" 'තවමත්' කියලා කිව්වෙ පස්සෙ කාලෙක ඩැඩා සිංහල තරමක් දුරට කතා කලාද.
ReplyDelete“කෙල්ලෝ විතරක් නෙවෙයි නිමල්... උඹට නං කොල්ලො එක්කත් එෆෙයාර්ස් තියෙනවා වෙන්නැති! ඇත්තටම උඹට එහෙම එෆෙයාර්ස් තිබිලා නැද්ද?” නිමල් මාර තැනකින්නෙ දහතුන් වෙනි කොටස නවත්තලා තියෙන්නෙ 😁
නෑ Lotus, ඩැඩා මියයන තෙක්මත් සිංහල කතා කළේ නෑ. මම දන්නා තරමින් එයා දැනගෙන හිටියේ පිස්සු කියන වචනය විතරයි.
Deleteස්තුතියි ප්‍රශංසාවට...
Deleteමං කලිනුත් කියල තියෙන විදිහට Lotus, පෝස්ටුවක මුල හා අග ඉතාම සිත් ගන්නා විදිහට තිබිය යුතුයිනේ. එතකොටයි පාඨකයන්ට අපිව මතක තියෙන්නේ.
"අර ඔටෝග්‍රාෆ් එක කියන විදිහට 1994 වෙනකොට නිදිගේ score එක 175යි"... "හොඳටම ගැලපෙන දෙදෙනෙකු අතර ඇතිවන ලිංගික රසායනිකයක් වුණත් එක්ස්පයර් වෙනවා" තේරුම් ගන්න, නිර්වචන දෙන්න අමාරු දේවල් නේද. මම දැක්කා Ozzy Osbourne ඔහුගෙ බිරිඳ Sharon ගැන කියලා තියෙනවා "sometimes I love her, sometimes I am angry with her, sometimes I am jealous with her, sometimes I want to f.....g kill her" කියලා. (ඔහු ඇත්තටම ඇයව මරන්නත් ගිහින් තියෙනවනෙ එක සැරයක්, කීප සැරයක්ම cheat කරලත් තියෙනවා). එක එක්කෙනා විවිදාකරයි. තමන්ගෙ හැඟීම් තේරුම් අරගෙන, හරියට manage කරන අයට තමයි සම්බන්දතා දිගු කාලිනව බැරි වුනත් යම් කාලෙකට හරි ගෙනියන්න පුලුවන්.
ReplyDeleteඔයා හරි Lotus, මේ ගොඩක් දේවල්වල තේරුම එක එක්කෙනාට සාපේක්ෂව වෙනස් වෙනවා කියලයි මම තරයේ විශ්වාස කරන්නේ.
Deleteඅපටම අපිව තේරුම් ගන්න කොච්චර අමාරුද? මං හිතන්නේ මං වගෙ සත්ත්වයෙකුට ඒක තවත් අමාරු වෙනවා වගෙයි.
හැබැයි දෙදෙනෙකු අතර අන්‍යොන්‍ය අවබෝධය වැඩි වෙන තරමට එයාලගේ සබඳතාව වැඩි කාලයක් පවත්වාගෙන යන්න පුළුවන් නේද?
Ozzy Osbourne ගැන හොයන්න හිතුණා. ස්තුතියි දැනුවත් කිරීම වෙනුවෙන්.
Delete