අකුරු මැකී නෑ

Wednesday, October 8, 2025

මෙදා සැරෙත් - දෙවෙනි කොටස

කොලඹ මහජන පුස්තකාලෙ තිස්ස අබේසේකරජයලත් මනෝරත්න, ජයන්ත චන්ද්‍රසිරි, ජැක්සන් ඇන්තනි, සුගතපාල ද සිල්වා,ඈශ්ලි රත්නවිභූශන... ආදී දැවැන්තයන් එකිනෙකා සමගවඩයක් කමින් ප්ලේන්ටියක් බිබී කරන පිලිසඳරවල් කටත් ඇරගෙන අහගන සිට පුලුවන් තරම් උකහාගෙන ඉගෙන ගන්න කාලයක් උනා මේක.

මතකද නිමල් අයියේ පීටර් වයිස්ගේ මරාසාද් නාට්‍යය... සුගතපාල ද සිල්වා කිසිම අඩුවක් නැතිව පරිවර්තනය කර රඟ දැක්වූ හැටි:-

ඒත් සුචරිත ගම්ලතුන් හිටි තැන මමත් ඉන්නවා; යහපත් altruistic  සමාජයක් කරා මේ යන දුෂ්කර ගමනේ...

   ද සාද් ඈපානන් විසින් 
  අධ්‍යක්ශනය කර 
  චැරින්ටන් සායනයේ
  මානසික රෝගීන් විසින් රඟ දැක්වූ
  යොන් පෝල් මරාගේ
  වද විඳීම සහ ඝාතනය…. (ආයෙමත් දවසක) මේකෙ අරුත කතා කරමු අයියේ දවසක් පහන් වෙනකම්.

ඉතින්.... සතිය මැද්දෙ මනමේ... සිංහබාහු.... නොරිකො+ දෙවෙන්දොරා සං; සති අන්තෙ යොන් පෝල් මරාගෙ වද විඳීම සහ ඝාතනය...

“මේක මහ පුදුම අන්ත දෙකක් අතර දෝලනය වීමක්නෙ පීරිස් මහත්තයෝ. එක අන්තයක මානව ප්‍රේමයේ හැඟීම් විග්‍රහ කෙරෙන සෞන්දර්ය කාව්‍යවල හොඳම එකක්... අනික් අන්තයේ බලකාමී මජර දේශපාලනයෙ නිරුවත හෙළිදරව් කෙරෙන අපූර්ව දෘශ්‍ය කාව්‍යයක්... එකම කෙනෙකුගේ රස වින්දනය මෙහෙම අන්ත දෙකක ගැවසීම වෙන්න පුළුවනිද?” මං වහන්සේ call එකක් දීලා අයස්මන්ත හිතවතාගෙන් ඇහුවා.
මටත් මේක චුට්ටක් විතර විකාරරූපීව පෙනෙනවා නං... නිදිගෙ පංච තන්තරේ කියවන ආදරණීය රසික-රසිකාවියන්ට කොහොම හිතෙන්න පුළුවන්ද? ඒ ගැන ඌන පූරණයකුත් අයස්මන්ත මහතාට කියල ලියවගත්තේ ‘තග දාලා’.

'ඒ කාලෙ ලොකුවටම තිබුනා කලාව කලාව සඳහාය' කියන මතයට එරෙහිව කලාව ජනතාව සඳහාය කියන විවාදය. සීසෝවේ එක පැත්තක සරච්චන්ද්‍ර හා සරච්චන්ද්‍රවාදීහු. අනික් අන්තයේ මහාචාර්ය සුචරිත ගම්ලත්, ගුනදාස අමරසේකර, ගුනසේන විතාන ආදීන්.
දෝලනය වෙන මගේ ආස්ථානය දවස ගානෙ වෙනස් උනා කියන්න පුලුවන්!

ඒත් සුචරිත ගම්ලතුන් හිටි තැන මමත් ඉන්නවා; යහපත් altruistic සමාජයක් කරා මේ යන දුශ්කර ගමනේ සමාජය වෙනුවෙන් කලාවට විතරක් නෙමේ, වෙන ඕනම විශය පථයකට මඟ නොහැරිය හැකි වගකීමක් තියනවා කර ගහන්න වෙන.

'පවන' පවා ඕන වෙන වෙලාවක් එනවා ඇහැරවන්නට.

කවදාහරි හැදෙන utopian/ altruistic සමාජයේදි තව දුරටත් දුක අසාධාරනය රස විඳින්න යන එක කුනු රෙද්ද එකම වතුර බාල්දියේ ඔබ ඔබා උඩට ගැනීමක්. අන්න එතකොට ඇවැසි වන්නෙ විශ්වීය අකාලික නිර්මාන.

මේක ලස්සනට මහාචාර්ය සුචරිත ගම්ලත් පැහැදිලි කරනවා තමන්ම යුද්ධ ප්‍රකාශ කල සිය ගුරු දේව මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගෙ දිවිසැරිය අලලා ලියන ලද 'ගුරු ගුන සමර' පොතේ…
මම හිතන්නේ සිංහල බසේ ලස්සන ගැන ඇති අති විශිශ්ටතම උදාහරනයක් තමයි ගුරු ගුන සමර. මගේ ශ්‍රේනිගත කිරීම් වල හැටියට සුචරිත ගම්ලත්
, සරච්චන්ද්‍රයන් සිංහල භාශා අම්බරේ නොමියෙන තරු කැට; සුගතපාල ද සිල්වා, අජිත් තිලකසේන, ඩී. බී. කුරුප්පු කථන බසින් කල විස්කම් සහ ඒ බසට දුන් ගෞරවය අපි තවම අඳුනගෙන නැහැ. මේ දෙකම ඇසුරු කරමින් මැද මාවතේ ගිය මහාචාර්ය සුනිල් ආරියරත්න, ලූශන් බුලත්සිංහලලගෙ නිර්මාන බලන්න. ඒවා සාමාන්‍ය නැහැ.

අපේ set එක සිංහරාජයේ!

වැඩිය එපා- අපි එකතු උනාම නන්දා මාලිනීගෙ 'ක්‍රිශ්නා/ මුලු නුවරම නිදිගත් මොහොතේ', මාලනී බුලත්සිංහලගෙ 'පුන් පෝදා සඳ ඔබ ගෙන ආවොත්' ගැන කතා කරමු, මැදියම ගෙවී අපෙ හාමිනේ කතා කර 'අද ගෙදර එන්නැද්දැ'යි අහනකම්!

ඒ ඔක්කොටමත් වඩා අයියේ, සම්පූර්නයෙන් අන්ත දෙකක මතවාද දෙකක් එකම ඔලුවක විසංවාදී නොවී තියාගෙන විමර්ශනය කරන්න පුලුවන් කියන්නෙ බුද්ධියේ ලක්ශනයක්ලු. ඇල්බ'ට් අයින්ස්ටයින් එක විදියකට බැලුවොත් ආලෝකය රේඛීයව දිවෙන ශක්තියක් ලෙසත්, වෙන විදියකට බලද්දි තරංගාකාර චලිතයක් ලෙසත්, වෙනමම තව විදියකට බැලුවොත් ෆෝටෝන් යන අංශුමය හැසිරීමක් ඇති හෙයින් පදාර්ථමය බවත් හිසේ තියාගත්තා. භෞතික විද්‍යාවෙදි මේවා යා දෙක නොරත රත දේවල්!

මමත් මේ දෝලනයෙන් බුද්ධිමතුන් අනුකරනය කරනවා වෙන්න ඇති!’

“පීරිස් මහත්තයෝ, මේ ටික විතරක් මදි. ‘මරාසාද්’ ගැනත් විස්තර ටිකක් එකතු කරමුද? අලුතින් කරුණු හොයන්න දේකුත් නැහැනෙ මහත්තයෝ, ඔයා ඕවා වනපොත් කරලනෙ තියෙන්නේ.”
“යකෝ! මම ඔය ටික හරි ලිව්වේ මහ රෑ. මමත් යුෂ්මතා වගෙ නිවාඩුවේ ඉන්නව කියලද හිතන්නේ? මං රස්සාවක් කරන ගොබිලෙක් මිනිහෝ... ඉස්සර නං මටත්...”

එහෙම ගෝලු ගත්තු දොස්තර මහත්තයා පැය බාගයක් යන්නත් කලින් මට call කලා. “මළ වදේ..., ඔන්න හෙට උදේට ඒකත් එවනවා!” එයාගේ කටහඬේ හැංගිච්ච හිනාවකුත් තිබ්බද මංදා.
තිබිලා! තිබිලා! ඒක තේරුණේ එවල තිබුණු ඊමේල් එක බලද්දී.

‘නිමල් අයියේ, මරා සාද් ගැන ඔයා තව ටිකක් ලියල එවන්න කීවාට, මට හිතන්නවත් බැරි තරම් ඉහලම මට්ටමෙන් ඒක Anonymous කෙනෙක් කරලානේ, comment එකකින්! එයා ලියල නැති ටික විතරක් මෙන්න ලිව්වා...’

ලිවීම නවත්තලා ගිහිං මාත් ඒ කමෙන්ටුව කියෙව්වා. අපි ඒ Anoගේ විස්තරාත්මක කමෙන්ටුව කියවලා ඉඳිමුකෝ එහෙනං ඉස්සෙල්ලම.

Anonymous October 5, 2025 at 12:58 PM

ඇත්තටම නිදි, මරා කිව්වම එකපාරටම මට නම් මතක් වෙන්නේ මැදමුලන මරා මිසක් Jean-Paul Marat කියන අපේ සොඳුරු මරා නම් නෙවෙයි වීමත් හරිම කණගාටුවට කරුණක්.

මරා-සාද් නාට්‍යයේ කේන්ද්‍රීය ප්ලොට් එක ප්‍රංශ විප්ලවයේ නායකයකු වූ මරා සහ ඔහුගේ සමකාලීන, ප්‍රංශ ජාතික කුලීනයකු වූ සාද් අතර විප්ලවයේ හරය, අරුත හා ඉදිරි මඟ පිළිබඳව ඇතිවන විවාදයයි. 

ඇත්තටම වර්තමාන ලාංකික සමාජය අන්ත දූෂිත අසික්කිත පාදඩ කාඩ රාජපක්ෂ අමන රෙජීමය, දූෂිත වික්‍රමසිංහ-සිරිසේන යහපාලන චෞර පාලනය ආදී දූෂිත රෙජීමයන්ගෙන් එකදිගටම බැට කා ඊට පසුව පැමිණි ඊටත් අන්ත වර්තමාන අන්ත දූෂිත මාලිමා චෞර රෙජීමයෙන්ද දැඩිලෙස බැටකන මෙවන් යුගයක ලංකාවේ සමාජයට පහන් ටැඹක් වන්නට සුදුසු නාට්‍යය කලාවක් දැකගත නොහැකි වීම බරපතල අභාග්‍යසම්පන්න කාරණයක්, විශේෂයෙන්ම අලුත් අලුත් නාට්‍ය නිර්මාණ පිළිබඳ ප්‍රචාරක පුවරු සුවහසක් ඇස ගැටෙතත් ඉන් බහුතරයක් සරල, විනෝදය සපයන සැහැල්ලු නාටකයි, හනික රට වටා දිවීම සඳහා කඩිමුඩියේ පුහුණු කෙරෙන හාස්‍ය නාටකයි.

නමුත් මීට පෙර යූගයක් එකළු කළ "මරා - සාද්" වැනි බරසාර, ගැඹුරු නාට්‍යයනට අත ගසන්නට කැමති අර්ථපති නළු නිමැයුවෝ අද නොවෙති. එබඳු නාටකයක රඟපෑම සඳහා කැපවන, ඉවසන, වෙහෙසෙන නළු නිළියෝ ද අද දුලබයි.

ඇත්තටම මරා-සාද් කියන්නේ අධ්‍යක්ෂවරයකුට හමුවන මහ මෙරකි. එය නැඟීම අති දුෂ්කරයි. එමෙන් ම, මරා, සාද් සහ චාලට් කොර්දේ වැනි චරිත නිරූපණය, ඕනෑම තලයක රංගන ශිල්පියකුට මහත් අභියෝගයකි. මෙහි මරා කීවේ ෂෝංපෝල් මරා (Jean-Paul Marat) මිසක් මැදමුලන මරා නම් නෙවෙයි, මොකද උගේ චරිතය නිරූපණය කරන්න ඉතින් පණ නැතිව ඔහේ වාඩිවෙලා ඉන්න නේ තියෙන්නේ වෙන මොනව රඟන්න ද? වල පයයි ගොඩ පයයි.

කලකට ඉහත ජර්මානු ලේඛක, චිත්‍ර ශිල්පී හා නාට්‍ය අධ්‍යක්ෂවරයකු ද වූ පීටර් වයිස්, ජර්මන් බසින් ලියා නිර්මාණය කළ ‘මරා - සාද්’ නාට්‍යයට ඇත්තේ කෝදුවකින් මැනිය හැකි තරමේ, දිගු නමකි

මේකයි නම -The Persecution & Assassination of Jean-Paul Marat as Performed by the inmates of the Asylum of Charenton Under the Direction of the Marquis de Sade”

‘බලගතු ද සාද් ඇපාණන්ගේ අධ්‍යක්ෂණයෙන් චැරින්ටන් සායනයේ නේවාසිකයන් විසින් ෂොන් පෝල් මරා ගේ වධ විඳීම සහ ඝාතනය රඟදැක්වූ ආකාරය’ තමයි ඇත්ත නම.

මරා-සාද් නාට්‍යයේ කේන්ද්‍රීය ප්ලොට් එක ප්‍රංශ විප්ලවයේ නායකයකු වූ මරා සහ ඔහුගේ සමකාලීන, ප්‍රංශ ජාතික කුලීනයකු වූ සාද් අතර විප්ලවයේ හරය, අරුත හා ඉදිරි මඟ පිළිබඳව ඇතිවන විවාදයයි.

ප්‍රංශ විප්ලව ඉතිහාසය තුළ මරාගෙන් නියෝජනය වූයේ විප්ලවයට පසුව ඇතිවූ දේශපාලන ව්‍යාකුලත්වයට පිළියමක් ලෙස ඒක පුද්ගල ආඥාදායකත්වය පිහිටුවිය යුතුය යන මතවාදයයි.

ඔහු හිංසාකාරී ලිංගික තෘප්තිය (Sadism) අනුමත කළ අන්තවාදී කාමසුඛල්ලිකානුවාදියකු ලෙස...

ඔය සැබෑම මරා ස්විස්ටර්ලන්තයේ උපන් පසුව පැරිසියේ ජීවත්වූ විද්‍යාඥයෙක්, වෛද්‍යවරයෙක් හා දේශපාලන ක්‍රියාධරයෙක් ද වෙයි. ප්‍රංශයේ බලය අල්ලා ගත් ජැකෝබියානු විප්ලවවාදීනට ඔහුගේ සහාය ලැබුණි.

විප්ලවීය නායකයකුවත්, විප්ලවයට හිතැත්තකුවත් නොවී නාට්‍ය නිෂ්පාදකයකු හා ලේඛකයකු ලෙස ප්‍රකට ව සිටි සාද්, විප්ලවයේ අවශ්‍යතාවය දැන සිටියේය. සාද්ගේ කෘති, වර්තමාන ලංකාවේ දූෂිත පාලනය මෙන්ම දූෂිත පාලක පන්තිය වෙත එරෙහි වූ දැඩි ප්‍රහාරයන් වූයේ එහෙයිනි. සාද් සිරගත කෙරෙන්නේ, ඔහුගේ නිර්මාණ සදාචාර විරෝධී යැයි චෝදනා එල්ල වූ බැවිනි. ඔහු හිංසාකාරී ලිංගික තෘප්තිය (Sadism) අනුමත කළ අන්තවාදී කාමසුඛල්ලිකානුවාදියකු ලෙස හංවඩු ගැසුනි.

මේ සංකීර්ණ මරා සහ සාද් චරිත, පීටර් වයිස්ගේ නාට්‍ය තුළදී නව අර්ථකථනයකට ලක්කෙරෙයි. ශ්‍රී ලාංකීය ‘මරා - සාද්’ නිෂ්පාදක සුගතපාල ද සිල්වා පවසන ආකාරයට මෙම නාට්‍යයේ ‘දහම’ දසදෙනකු විසින් දස ආකාරයකට තේරුම් ගනු ලැබිය හැකිය.

සුගතපාලගේ නිෂ්පාදනය පිළිබඳව 1987 දී අගනා විචාරයක් ලියූ ජයදේව උයන්ගොඩ එහිලා මෙසේ සඳහන් කරයි.

“බැලූ බැල්මට එක්තරා විකාර රූපී බවක් මෙම රංග ශෛලිය තුළ තිබේ. එය මානසික රෝහලක් ඇතුළත කතා පුවත සිදුවන නිසාම ඇතිවූවක් නොවේ. මිනිස් උප විඥානයේ ඇති අතාර්කික තර්කනය ‘මරාසාද්’ හි රංග‍ ශෛලියෙන් සංකේතවත් වෙතැයි මට සිතේ.

...තර්ක විඥානයේ අතාර්කිකත්වය සහ අතාර්කිකත්වයේ ස්වායත්තතාවය මරා සහ සාද් ළඟට නාට්‍යයේ සිටි තුන්වෙනි ප්‍රධාන චරිතය විනැයි මම සිතමි.”

මෙම නාට්‍ය රචනයෙහිදී පීටර් වයිස් විසින් විසංවාදී ශිල්ප ක්‍රම රාශියක්ම, මිශ්‍ර කරන ලදී. උපදේශාත්මක, කෲර, අභූතරූපී හා බ්‍රෙෂ්ට් රංග ක්‍රමය ද එතුළින් විද්‍යමාන වෙයි. ඇතැම් විචාරකයන් ඊට පහර ගැසූ නමුදු, නාට්‍යයේ නිෂ්පාදක පීටර් බෲක් එය අගය කළේය.

මෙය මාක්ස්වාදී නාට්‍යයකැයි පීටර් වයිස්ට ලේබලයක් ඇලවීය. එය ස්ථිර වශයෙන් ම විප්ලවීය වෙනසක් ඉල්ලා සිටී. මරාගේ සුප්‍රකට දෙබස් ඛණ්ඩයක් සුගතපාල ද සිල්වා විසින් සිංහලට නැඟුවේ මෙසේය.

   'වැදගත් ම දේ මෙන්න මේකයි.
   තමන්ගේ ම කෙස් වැටියෙන් අල්ලා ඇද සිරුර කනපිට පෙරළා අලුත් ඇහැකින් ලෝකය දෙස බලන එකයි.'

පීටර් බෲක්, ‘මරා - සාද්’ කෘතියට ලියූ පෙරවදන අවසන් කරන්නේ මෙසේය.

“වයිස් ප්‍රඥාසම්පන්න ලෙස කිසිවක් කීම ප්‍රතික්ෂේප කරයි. ප්‍රතිපක්ෂ සම්බන්ධකොට දැකීමටත්, විසංවාදයට මුහුණදීමටත් ඔහු අපට බල කරයි. ඔහු අප නොනිමි තත්ත්වයකට හෙළයි. ඔහු අර්ථයක් නියම කරනු වෙනුවට අර්ථයක් සොයයි. එසේ කරමින් පිළිතුරු සොයා ගැනීමේ වගකීම නිසි හිමිකරුවන් අතට ම බාර දෙයි. නාට්‍ය රචකයාගෙන් ඉවත්ව අප වෙත පැවරේ.”

සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයේදී මරා ලෙස ජැක්සන් ඇන්තනී ද, සාද් ලෙස ඩබ්ලිව්. ජයසිරි ද, චාලට් ලෙස කෞශල්‍යා ප්‍රනාන්දු ද රඟපෑහ.

එක් විචාරකයකු ‘මරා - සාද්’ හැඳින්වූයේ නාට්‍යය තුළ ම තිබෙන නාට්‍යයක් (Play within a play) ලෙසිනි.

ලොව පුරා විවිධ භාෂාවන්ගෙන් වේදිකාගත වුවද විශිෂ්ටතම ‘මරා - සාද්’ නිෂ්පාදනය සඳහා ගෞරවය හිමිකර ගෙන සිටින්නේ පීටර් බෲක් ය.

‘මරා - සාද්’ යනු අධ්‍යක්ෂවරුන්ගේ සිහිනයක් මෙන් ම අභියෝගයකි. එම චරිතයන් (චාලට් කෝර්දේ භූමිකාව ද ඇතුළුව) රඟපෑම, නළු-නිළියන්ගේ සිහිනයකි. එය ඔවුන්ගේ රංගන ජීවිතය තුළ පළඳින ආභරණයකි.

පීටර් බෲක්ගේ නිෂ්පාදනයේදී මරා ලෙස ක්ලයිට් රිවිල් ද, සාද් ලෙස පැට්රික් මැගී ද, චාලට් ලෙස ග්ලෙන්ඩා ජැක්සන් ද රඟපෑහ.

සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයේදී මරා ලෙස ජැක්සන් ඇන්තනී ද, සාද් ලෙස ඩබ්ලිව්. ජයසිරි ද, චාලට් ලෙස කෞශල්‍යා ප්‍රනාන්දු ද රඟපෑහ. (ඔවුන් කළ විශිෂ්ට රංගනයන්, නව පරපුරට දැකගත නොහැකි ලෙස කාලයේ වාලුකාවෙන් වැසී ගොස් තිබීම මහත්ම පාඩුවකි.) සැමුවෙල් බෙකට් (Samuel Beckett) ගේ ‘ගොඩෝ එනකං’ (Waiting for Godot) ද නාටකීයත්වය අවබෝධ කර ගැනීමට ද, රංගනයේ උපරිම තලයට ළඟාවීමට ද යොදා ගත හැකි ‘බයිබලයක්’ බඳු ය. අර්ථ ශූන්‍ය, සම්පප්‍රලාප ලෙස බැලූ බැල්මට පෙනෙන සංවාදයන්, ‘ගොඩෝ’ වල සුවිශේෂී ලක්ෂණය විය. සුසාධිත නාට්‍යයක මෙන් එහි කතාවක් ද නැත.

1952 දී ‘ගොඩෝ එනතුරු’ මංගල දර්ශනය දුටු ප්‍රංශ නාට්‍ය රචකයකු වූ ෂොන් ඇනුමි මෙසේ කීවේය. “කිසිවක් සිදු නොවෙයි. කිසිවෙක් නොපැමිණෙයි. කිසිවෙක් නොයයි. එය අති බිහිසුණුය.” එසේම, ඔහු එය අගයැවූයේ හතළිස් වසක් තුළ පැරිසියේ පැවැත්වූ වැදගත්ම මංගල දර්ශනය ලෙසිනි.

වර්තමාන නාට්‍යයක, දීර්ඝ දෙබස් දක්නට ලැබෙන්නේ කලාතුරකිනි. එබඳු තැන් ප්‍රේක්ෂකයනට දිරවාගත නොහැකි යැයි අධ්‍යක්ෂවරු මෙන්ම රංගන ශිල්පීහු ද සැක පහළ කරති.

ගොඩෝ කතාවෙ එන චරිතයක් වන පොස්සෝ ගේ එක් දෙබසක් පිටු දෙකක් පමණ දිගය. ලෝකයේ තිබෙන රංග ශිල්ප ශාලිකාවන් හිදී ශිල්පීනට පුහුණුවීමට අනිවාර්ය කෙරෙන එක් දෙබසක් වෙන්නේ එයයි. නාට්‍ය සංවාද යනු විවිධාකාර ලෙස අර්ථ නිරූපණය කළ හැකි, අමුද්‍රව්‍යයන් බඳුය. ඉන් විවිධ හැඩතල මතු කළ හැකිය.

‘මරා - සාද්’, ‘ගොඩෝ එනකං’ වැනි නාට්‍ය රඟ නොදැක්වෙන රංග ශාලා අඳයි, ගොළුයි, බිහිරියි...’

ඔයාලටත් ඒ comment තීරුවට ගිහිං බලන්න ඇහැකි නං... ගොඩක් වටිනවා!
එහෙනං දැන් කියවමුකො පීරිස් මහතා Anoටත් අමතමින් අලුතින් එකතු කරන ටික.

හැමදාමත් පාහේ ඔහුට එල්ලවෙන චෝදනාව? - ගනිකාවන් (ඇතැම් විට තරුනයින්) රවටා තම මන්දිරයේ රහස් කාමරවල සිරගත කිරීම සහ නොයෙක් කෲර වද බන්ධන දෙමින් ලිංගිකව හැසිරීම.

‘ඒ කාලේ අපි එක නාට්‍ය ශාලාවේ මේවා බලන්න ඇති නේද Anonymous?! රාජ්‍ය සම්මාන උලෙලකදී තමන්ට ලැබුන රාජ්‍ය සම්මානය ගනිද්දී භීශන සමයෙ රාජ්‍ය නායකයාට වේදිකාව උඩදි ආචාර කිරීම ප්‍රතික්ශේප කිරීමට කොන්දක් තිබුනා සුගතපාල ද සිල්වාට.

තමන්ගේම කෙස් වැටියෙන් අල්ලා ඇද, සිරුර කනපිට පෙරලා, අලුත් ඇහැකින් ලෝකය දෙස බලන්න බල කලා ඒ කාලෙ කලාකරුවෝ.

සැමුවෙල් බෙකට්ගෙ 'ගොඩෝ එනකම්' නාට්‍යයෙ හමාරකීමක් වැනි කෙටිකතාවක් තියනවා; අජිත් තිලකසේනගෙ 'පේමෙල් ආවට පස්සෙ'. නැති කරන්නෙ/ ගල් කරන්නෙ නෑ කියල පොරොන්දු වෙනවනම් නිමල් අයියට කියවන්න දෙන්නම්!

කොහොමත්, යුරෝපීය රාජාන්ඩු එකින් එක බිඳ වැටෙද්දී ඒවා පවත්තගන්න ගහපු ඔස්ට්‍රියානු දේශපාලන ගැට, දිනෙන් දින දුප්පත් වෙන රටක රෝමයේ නීරෝ මෙන් සිහින දෙව් ලොවක මෙන් ජීවත් උන 16 වෙනි ලුවී සහ මාරි අන්තුවානේ බිසව, බැස්ටිලය බිඳ වැටීම, ජාතික ඇසැම්බ්ලිය පිහිටුවීම, යොන් පෝල් මරාගේ භූමිකාව, ඩැන්ටන් සහ රෝබ්ස්පියර් නිර්මානය කල භීශන සමය- reign of terror- ආදිය ගැන නොදැන මරාසාද් නාට්‍යය සම්පූර්නයෙන් තේරුම් ගන්න අපහසුයි. ඒ ගැන හොඳ සංක්ශිප්ත හැඳින්වීමක් කලාට Anonymous ට තුති!

මරා-සාද් නාට්‍යය යුරෝපීය විචාරකයො හැඳින්වූයෙ 'සියලු නාට්‍ය අවසන් කරන්න ආ නාට්‍යය' හැටියට.

සියවස් ගනනක් පරසිද්ද වංශවත් සාද් පරම්පරාවට 1740 දී  ඉපදෙන මාකී ඩු සාද් (Marquis de Sade)  ඈපානන් කසාද බැඳ මාස තුනක් ඉක්මවෙන්න මත්තෙම අනියම් ඇසුරක පැටලෙන්නේ සිය අනාගත වැඩකිඩ ඉඟි කරන්න වගේ. එතැන් සිට නැපෝලියන් බොනපාට් විසින් 1801 දී චැරෙන්ටන් මානසික රෝහල් දිවි ඇති තෙක් ගාල් කරවන්නට මත්තෙන් ඔහු බැස්ටීලයේ සිරගත වූ වාර අනන්තයි.

හැමදාමත් පාහේ ඔහුට එල්ලවෙන චෝදනාව? - ගනිකාවන් (ඇතැම් විට තරුනයින්) රවටා තම මන්දිරයේ රහස් කාමර වල සිරගත කිරීම සහ නොයෙක් කෲර වද බන්ධන දෙමින් ලිංගිකව හැසිරීම. අයිය දන්නවද මේ අස්වාභාවික පුරුද්දට උදව් කරන්නෙ සාද්ගෙම බිරිඳ කියල?!
ගොදුරු නිරුවත් කර දම්වැල් ලා කස පහර දෙමින් වද දෙමින් ලැබූ ලිංගික ආස්වාදය නොහැංගුවා පමනක් නොව
, ඒ ඇසුරෙන් කාමුක නවකතා, කවි සහ කෙටි කතා සහ නාට්‍යය සෑහෙන්න ලිව්වා (Crimes of Passion) ඔහු.

ඒ සුන්දර යුගය අවසානයේදී...

මේවායේ එන දේ  50 Shades of Grey වලට වඩා දරුනුයි! මේවා පැරිසියානුවො- වෙසෙසින්ම දහනවවෙනි සියවසේ අංකුර ලේඛකයෝ-  මහත් අභිරුචියෙන්, ඒත් හොරෙන් කියෙව්වා.

අපකීර්තිමත් හැසිරීම් නිසා 1801දී චැරෙන්ටන් මානසික සායනයේ නිත්‍ය නේවාසිකයෙක් වෙන ද සාද් ඈපානන් සිය රෝගී සගයින් යොදවා නොයෙක්වර නාට්‍යය අධ්‍යක්ශනය කර රඟ දක්වනවා 1814 දි මිය යන තෙක්.

මොහුගෙ වික්‍රම සිද්ධ වෙන්නෙ ඇත්ත යොන් පෝල් මරාගෙ ඝාතනයෙන් අවුරුදු ගනනාවකට පස්සේ. කවදාවත් මොවුන් එකිනෙකා මූනට මුන ගැහෙන්නෙ නෑ. ඒත් නාට්‍යයේ මරා හා සාද් අතර ජවනිකා හරිම ජීවමානයි.

තව කෙනෙක්ට වද හිංසා කරමින් සහ ඒ වේදනා විඳින අයුරු බලමින් ලිංගික තෘප්තියට පැමිනීමේ මානසික තත්වය අදටත් හඳුන්වන තාක්ශනික වදන වන sadism හැදෙන්නෙ මෙන්න මේ ඈපානන්ගෙ නමින්...

හිතල බලන්න Ano / නිමල් අයියේ-
රටක් දේශයක් කියන චැරෙන්ටන් වේදිකාවේ
,
නච්ච ගීත වාදිත අන්නපානාදියෙන්
, මත්පැන් ගංජා අයිස් වලින් මත් කරවා මන්ද  මානසික කරවන ලද inmates ලාම නලුවන් කර,
"මේ නිද්‍රාවෙන් ඇහැරියව්"  කියා කෑ මොර දෙන මරා වැන්නවුන්
,
ඒ රටේ ද සාද් ඈපානන්ලා
සිය තෘප්තිය හා පැවැත්ම වෙනුවෙන්….
සැලසුම් සහගතව මානසික හා කායික වද බන්ධන වලට ලක්කර
, එපා කරවා, සමච්චලයට ලක් කරවා
ටිකෙන් ටික මරා දමනවානම්
, සිය දිවි තොර කරවාගන්න තැනට තල්ලු කරනවානම්…
එහෙම රටවල් ගැන අහල තියේද Ano / නිමල් අයියේ
?!!...’

(ආයෙමත් නං වැඩි විස්තර ලියන්නැයි දොස්තර මහත්තයට කිව්වොත් නං ‘වඳුරු කුණුහරුප’ තමයි අහගන්න වෙන්නේ. එහෙම හිතාගෙනයි මං වහන්සේ පීරිස් මහතාගේ අතීතාවර්ජනයට ආපහු ඔයාලව කැන්දන් යන්නෙ.)

‘... ඉඩක් ලද ඇසිල්ලේ යන ක්ශේත්‍ර ගමනකදි (field trip), නැත්නම් විනෝද ගමනකදි මේ අංකුර විද්‍යාඥයො ඉතා රසවත් කතා කියන, කවටකම් කරන, ගීත ගයන, සංගීත භාන්ඩ වාදනය කරන, රස මවන්නො බවට පරිවර්තනය උනා. අපිදු ඔවුන් අනුකරනය කරමින් මහන්සි වෙලා වැඩ කරන්නත්, විද්‍යානුකූලව දේවල් හදාරා ඉගෙන ගන්නත්, ලැබෙන පඩියට ගෙදරිනුත් 'විදේශාධාර' ගෙන බෝඩිම්, කෑම බීම, ගමන් බිමන්, ඇඳුම් පැලඳුම් සකසුරුවම්ව කරගන්නත්, ඉඩක් ලද වෙලාවට IFS පවුලම සමග හිතේ හැටියට විනෝද වෙන්නත් අධ්‍යාපනය ලැබුවා!

ඒ එකතු උන අපි බසයක යන්න උනා කන්ද උඩරටට...

හැදෙන පැල වලට ප්‍රශස්ථ ලෙස වතුර, පොහොර නිසි වෙලාවට ඉර අව්ව ලැබෙනා සේ අපිටත්, ලැබෙන සම්පත් වලින් නිදහසේ ඒත් මග පෙන්වීමකට යටත්ව, පර්යේශන ශක්‍යතාව තියුනු කරගනිමින් වෛද්‍ය විද්‍යාව, ජාන විද්‍යාව, පුරා විද්‍යාව, භූ විද්‍යාව, පරිගනක විද්‍යාව ආදි විවිධ ක්ශේත්‍ර වල ගැඹුරටම කිමිදුනා අපි.

හැම දෙයක්ම කාලෙත් එක්ක වෙනස් වෙනවනේ.

මේ සුන්දර 1990- 1991 අවසානයෙදි විශ්ව විද්‍යාල ඇරඹෙද්දි අපි හතර අත විසිරුනා.
විශ්ව විද්‍යාල අධ්‍යාපනය
, internships, ප්‍රේම සම්බන්ධතා, ප්‍රේමයේ විප්‍රලම්බ, ආවාහ විවාහ, දරු මල්ලෝ, රැකියා, රැකියා කරන ගමන් පශ්චාත් උපාධි, විදේශ අධ්‍යාපනය.... ආදියත් එක්ක 89 A 4 set එකේ IFS- PRA අපිට අපි ගැන හොයන්න බලන්න බැරි උනා කියන්න පුලුවන්, ඒ ඒ ක්ශේත්‍ර වල උන් අනු කන්ඩායම් එකට උන්නත්.

අපි අපේ වෘත්තිය වල කෙලවරටම, යන්න පුලුවන් සෑහෙනම දුර ගියා කියන්න නම් පුලුවන් නිමල් අයියේ.

මගේ සමාජ මාධ්‍ය වල හැසිරීම සීමිතයිනෙ. නමුත් වට්ස්ඇප්වල ඉන්නවා.
වට්ස්ඇප් වැනි මාධ්‍ය වල වටිනාකම නම් මෙලෙස විසිරෙන ඉස්කෝල
, දහම් පාසල්, විශ්ව විද්‍යාල, රැකියා ස්ථාන වල කන්ඩායම් නැවත එකතු කරගන්න හැකි වීම. ඉතින් අපි අතරෙ කීප දෙනෙක්ට ආයෙ අපිව එක රැහැනින් බැඳෙනවා දැකීමේ සිහිනය ඇති උනා. ක්‍රමයෙන් අපි එකා දෙන්නා ඒ ගැන කතාබහ කරන්න උනා.
ඉන්පසු වට්ස්ඇප් කන්ඩායමක් නිර්මානය කරගෙන ලෝකය පුරාම හොයමින් තවම එකට ඉන්න මනාප අය සොයා එකතු කිරීමේ මෙහෙයුමක් දියත් කලා අපි.

අතීත කාමය කොතරම් දරුනුවට මට තියෙනවාද කියල ඔයා දන්නවනෙ අයියේ. ඩිජිටල් තලයක හරි ඒ සුන්දර හන්තානේ මානවක සමයට යන්න ලැබීම මහත් සතුටක්. අවුරුදු එකහමාරක් පුරා පැවති සාකච්ඡා වට ගනනාවකට පසු අපි හැම දෙනා මේ 2025 වසරෙ සැප්තැම්බර් 14 කොලඹදි හමුවීම එහි එක් කූටප්‍රාප්තියක්.

ඒ එකතු උන අපි බසයක යන්න උනා කන්ද උඩරටට.
දැන්
NIFS උන අපේ IFS එකට. බසය පුරා අපි එකිනෙකා වැලඳගනිමින් සිනහ වෙමින් අතීත අවස්ථා ආවර්ජනයේ යෙදෙමින්, වර්තමාන තතු යාවත්කාලීන කරගනිමින් ගීත ගයමින් ගිය ගමන අර කූටප්‍රාප්තිය තවත් වර්නවත් කලා.

අපේ අංකුර විද්‍යාඥයන් තොවිල් නැටූ දා...

ප්‍රසාද් කටුලන්ද එදා මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම මෙන්ම විද්‍යා ජෝති ගරු නම්බු නාමයෙන් ජනාධිපති පිදුම් ලැබ, වෛද්‍ය විද්‍යාව ගැන මහාචාර්ය වරයා සහ අංශ ප්‍රධානියා හැටියට කොලඹ වෛද්‍ය පීඨයේ වැඩ කරනවා. ඔහු අන්තරාසර්ග රෝග සහ දියවැඩියාව ගැන පරතෙරටම ගිය නිපුනයෙක්.

ඒ වගේම රෝහන මාරසිංහ අද වෛද්‍ය අධ්‍යාපනය පිලිබඳ මහාචාර්ය ලෙස ජයවර්ධනපුර විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨයේ විශාල සේවයක් කරනවා. සබරගමුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ආරම්බ කරන්න හොඳටම කැප කිරීම් කල උදයංගනී අද එහිම මහාචාර්ය උදයංගනී රාමදාස.
යසා කලුබෝවිල ශික්ශන රෝහලේ ප්ලාස්ටික් සැත්කම් වල විශේශඥ වෛද්‍ය. වයසට නොයන ගයා (දැන් කටුලන්දගේ ජීවන සහකාරිය)
, ප්‍රියංකා, වින්ධ්‍යා සහ, සමන්ත, නෙලුම්දෙනිය, මනෝජ් විවිධ ක්ශේත්‍ර වල දක්‍ශ කීර්තිමත් විශේශඥ වෛද්‍යවරුත් වන පර්යේශකයෝ, විද්‍යාඥයෝ.
අනුරුද්ධ
, මනූ, සෙනරත්, සුබා ඔස්ට්‍රේලියාවේ විශේශඥ වෛද්‍යවරු. මොවුන් හරහා සිය දහස් ගනනක් වෛද්‍ය සිසුවෝ, වෛද්‍යවරු ඉගෙන ගෙන ලෝකය පුරාම සේවය කරනවා මේ වෙද්දි.

කලා විශයෙන් A 4 ගෙන IFS හි පුරාවිද්‍යා පර්යේශන කල මාවතගම පේමානන්ද තෙරුන් වහන්සේ අද බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ සංස්කෘත දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධාන සහ ජ්‍යෙශ්ට කථිකාචාර්ය ලෙස මහඟු සේවයක් කරන යති වරයාන කෙනෙක්.

ශවීන්ද්‍ර දැන් මහාචාර්ය මනෝ වෛද්‍ය විශේශඥ ශලීන්ද්‍ර. සේවය කරන්නේ ඔස්ට්‍රේලියාවේ. ලඟදීම ඔහු එහෙන් පහාය ගමනීයං වී අපේ අමුතු ඇටේ පසල් දනව්වක විශ්ව විද්‍යාලයකට සිය දැනුම සේවය පිරිනමන්න ලෑස්ති පිට ඉන්නේ.
උපාලි නම් කොලඹ පොලිස් රෝහලේ විශේශඥ වෛද්‍යවරයා. ටොලූශා හා හර්ශ කරාපිටිය ශික්ශන රෝහලේ විශේශඥ වෛද්‍යවරු.

එකල මගෙ රූමා නාලක විදානගමාච්චි; අද ඔහු ඇමරිකානු ඇපල් පරිගනක සමාගමේ ඉංජිනේරු වරයෙක්. දැන් ඔබ අත් විඳින face recognition නිර්මානයේ පුරෝගාමීම විද්‍යාඥයෙක් ඔහු. අලුතින් එලි දැක්වෙන Apple VR technology තමා දැන් ඔහුගේ ක්ශේත්‍රය. අනික් රූමා රසික ඔස්ට්‍රේලියාවේ.

නලින් ඒ කාලෙ වගේ අදටත් හැඩයක් නැති එකෙක්.
අයියේ ඔයා දන්නවද, ලංකාවට අන්තර්ජාලය (
internet) අඳුන්වා දුන් කන්ඩායමේ ඔහුත් උන්නා. ඉන් නොනැවතී internet calling, internet fax, අඳුන්වා දුන්නා ඔහු ලංකාවට. යුද්ධය පැවති කාලයේ ක්ලේමෝ bomb jammer සහ ත්‍රස්තවාදීන් tracking devices හැදුවා ආරක්ශක අමාත්‍යංශයට. ඒ සමහර දේ ආරක්ශක හේතු මත අදටත් මට කියන්න බෑ ඔයාට. හැබැයි ඔහු දැන් සියල්ල අත හැර දූපතකින් කොටසක් මිල දී ගෙන ‘මඩොල් දූවෙ’ උපාලි ගිනිවැල්ල වගෙ අපිස් ජීවිතයක් ගත කරන්නේ. ඔහු ආවේ පුතා එක්ක. ඒකා තාත්තගෙ කපාපු පලුව!

මහාචාර්ය ශවීන්ද්‍ර කෑගල්ල මහ වලව්වේ පියානෝවෙන් ‘නිල් අහස් තලේ’...

මේ විස්තර බෙදා ගනිමින් යනින් ගමන් අයියේ අපි දිවා ආහාරයට නැවතුනේ කෑගල්ලේ වලව්ව තානායමේ.

මේක කලින් කෑගල්ලෙ මහ වලව්ව. මෙතන තමා තිස්ස අබේසේකරගෙ 'මහ ගෙදර' සහ මහාචාර්ය නිමල් සේනානායක, ධර්මසේන පතිරාජගෙ 'ඇල්ල ලඟ වලව්ව' රූගත කලෙ.
මහාචාර්ය ශවීන්ද්‍ර මහගෙදර චිත්‍රපටයේ ආකාරයටම ඒ වලව්වේ පියානාව වාදනය කරමින් එහි එන
, උත්ප්‍රාස රසය වෑහෙන 'නිල් අහස් තලේ' ගීතය ගායනා කලා. අපිත් පුලු පුලුවන් විදියට එකතු උනා.

හවස් වෙද්දි නුවර දැකුම්කලු හෝටලයක ලැගුම් ගෙන විවේක ගත් අපි ලෑස්ති උනේ ඊලඟ දවසේ NIFS කරා යන්න.

ඊට කලින් එදා 14 රාත්‍රියේ අපි සාදයක් පැවැත්වූවා.
ඡායාරූප දුලබ ඒ කාලෙ ගැනුන
, පාට පිච්චුන පරන පින්තූර ඩිජිටල් වීඩියෝ තිරයක තිරගත උනා. පරන කතා නැවත සිහි ගැන්නුනා. කෑමෙන් බීමෙන් සන්තර්පනය වී සමූහ වශයෙන් සිංහල දෙමල ඉංග්‍රීසි ගීත වලට හති වැටෙනකම් නටා නිදන්න යද්දි මැදියම් රැයත් පහු වෙලා.

මගෙ මිතුරු සමකාලීනයෝ ලොව හැම දිග්බාගෙම දික්විජය කර ශ්‍රී ලංකා නාමය ආඩම්බරව ලෙලවද්දි නිමල් අයියේ මම ගියා තම්මැන්නාවෙ වියලි කලාපයට. (ඒ කාලේ විස්තර ටිකකුත් පීරිස් මහතා අවුරුදු කීපෙකට කලින් මට ලියල එව්වා- මං විහින්ම ඇනයක් වුණාට පස්සේ.)

මුලින්ම රජරට වැව් බැඳි රාජ්‍යයේ 1998 දි සේවය ආරම්බ කල මම සියලු පශ්චාත් උපාධි වලින් සමත් වූ පසුව පිවිසුනා රුහුනට- අටදහස් රට මාගමට...

(නමී, ගොඩක් ස්තුතියි පරණ ෆොටෝස්වලට කඩිනමින් නව පෙනුමක් ලබා දුන්නාට!)
ඊළඟ කොටසින් ඉතිරිය කියවමු.