li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Thursday, October 23, 2025

උපන් දිනේ පට්ටන්දරේ - පළමුවෙනි කොටස

“ලොකා, චූටියත් මේ සැරේ ලංකාවට එනවලු.” මානෙල් කිව්වා. මානි දැන් නිතරෝම එයාගේ පුතා සුරංග, සමන්ති, දීපානි වගෙම බඩා මල්ලියා දීපාල් එක්කත් WhatsApp එකෙන් කතා කරනවා. එහෙම කතා කරලා එකතු කර ගන්න එංගලන්තේ තොරතුරු මටත් කියනවා.

”දීපානි විතරක්? තනියම... ළමයි පස් දෙනාවයි, සුදිත්වයි දාල එයා කොහොමද තනියම එන්නේ?”

එයාලා එන්නේ දවස් තුනකට... ස්ටෙෆ්නි, මැතිව් හා දීපානි (ෆොටෝ- නෙවිල්)

“තනියම නෙවෙයි ලොකා- ස්ටෙෆ්නියි, මැතිව්යි දෙන්නත් එනවා. ඔයාට නොකියම ඉන්නයි හැදුවේ. ඔයාව සර්ප්‍රයිස් කරන්න- ඔයාගේ උපන් දිනේට.”

“ඒකත් එහෙමද?”
“හැබැයි එයාලා එන්නේ දවස් තුනකට. හරියටම කිව්වොත් රෑ තුනයිලු ලංකාවේ ඉන්නේ. ඔක්තෝබර් පළවෙනිදා එහෙන් එනවා. දෙක පාන්දර මෙහෙ... හතර වෙනිදා රෑ ආපහු යනවලු.”
“එහෙම මොකටද යකඩෝ එයාලා එන්නේ? ඔච්චර සල්ලිත් වියදම් කරගෙන... දවස්  තුනකට... කොහාටවත් යන්නවත් වෙලාවක් නෑ වගෙයිනෙ.”
“චූටි නංගිගේ ආසාවනේ ලොකා. ඔයාගේ birth day එකට මේ සැරේවත් එන්නම ඕනි කියලයි එන්නේ. හැබැයි පොඩ්ඩලගේ ගෙදරත් යන්නම ඕනිලු...”
“ඇයි මනුස්සයෝ, බලංගොඩ ගිහිං එන්නත් දවසක් යනවනෙ. මඟටම කාලෙ ගත කරලා අර ළමයි දෙන්නටත් එපා වෙයි. ඊට නරකද සුනිල්ලටත් මෙහෙට එන්න කියනවා.”

“එහෙම බැහැල්ලු... ඒ හිංදා තමයි ඔයාටත් කල් ඇතිවම කියන්නේ- සර්ප්‍රයිස් කෙරිල්ල පැත්තකට දාලා.
දෙවෙනිදා උදේ ඉඳලා හවස් වෙනකල් චූටිට ඔයාවයි, සුදිත්ලගේ නෑදෑයෝයි, එයාගේ යාළුවොයි,
ලාල් අයියවයි බලන්න යන්න ඕනිලු. තුන් වෙනිදායි, හතර වෙනිදා උදේ වරුවයි free... චූටියා කියනවා ඔයාට plan කරන්නලු ඒ දවස් එකහමාර.” මානෙල් ඒ රාජකාරිය මට පැවරුවේ සැප්තැම්බර් මාසයේ මුල හරියේ දවසක.

“සමන්තිත් එනවද?”
“Sam චූටිට කිව්වත්ලු දවස් හතරක් නෙවෙයි, සුමානෙකටවත් යමු. එහෙම කරනවා නං එයත් එන්නං කියලා... දීපානි බැහැයි කියලනේ, ලොකා... ඉතිං සමන්ති එන්නැහැල්ලු.”
“ඕකෙ ආයේ අමුතුවෙන් plan කරන්න දෙයක් තියෙනවයැ මානි. තුන්වෙනිදා උදේ බලංගොඩ යනවා. එදා රෑ එහෙ ඉඳලා හතර වෙනිදා උදේ කෑමෙන් පස්සේ ආපහු එනවා. වෙන දෙයකට වෙලාවක් නෑ... හැබැයි, උදේ කෑමෙන් පස්සේ නෙවෙයි, දවල් කෑමෙන් පස්සෙවත් සුනිල් අපට එන්න දෙයිද කියලයි මට සැක!'

ඔය කතාබහ කෙරෙද්දී හෙට්ටිආරච්චිගේ නෙවිල් අනුරසිරි පෙරේරා හිතවතාත් හිමන්‍යා එක්ක සෙල්ලම් කරමින් එතැනම උන්නේය.

(නෙවිල්ගේ ස්වභාවය නං ඔහොම කතාවලට ඉඩදී, ඒවා කනකටවත් නොගෙන ඉඳීමයි.
එදා නං ඒ යක්ෂ පැටියා එහෙම නොකර අකුරටම ‘ඔත්තුකරුවෙක්’ වෙලාය! Spy කෙනෙක් වෙලාය!!
ඒ විත්තිය හෙළි වුණේ සති කිහිපයකට පස්සේය!!!

මෙතැන් සිට දින වකවනු අනුපිළිවෙලට ලියැවෙන්නේ ඒ කතන්දරයයි.)

xකාරිස් කොහෙද මගෙත් එක්ක. මමම කියන්නංකො නමියට වැදගත් වැඩකටයි- දාපිය නිවාඩුවක් කියලා.

2025.09.18-
මානෙල්ලගේ ගෙදර ගිහිං ආවා. ගාමිණී අපිට බලංගොඩ යන්න වාහනයක් බලලා. 35,000/-ක් ඉල්ලලා. “AC තියෙන එකක් නේද ගාමිණී. එහෙම නං ඒ ගණනට වටිනවා.” කියලයි නෙවිලුත් කිව්වේ.

‘දැන්මම ඇඩ්වාන්ස් එකක් දෙමු’ කියල මං ගාමිණීට කිව්වා. ඕනි නැහැල්ලු. ගාමිණී අඳුනන පොලිසියේ කෙනෙකුගේ වාහනයක්ලු.

2025.09.24-
“නිමල් අයියේ, ලබන අඟහරුවාදා මොකුත් වැඩක් දාගන්න එපා. එදාට මං ඔයාව Internet Cafe එකකට එක්ක යනවා බත්තරමුල්ලේ.”
අයස්මන්ත මහතා ටෙලිෆෝනයෙන් කිව්වා. “... එදාටත් යුෂ්මතා කසිකබල් ෂෝටක් ගහගෙන නෑවිත් දිග කලිසමක් ඇඳගෙන එනවා මතක ඇතිව. එතැනට එන්නේ පොෂ් කට්ටිය.”

“මොකටද එහාට යන්නේ?”
“ඇයි පයන්නො, තමුසෙම නේද කිව්වේ Zoom Meeting එකක් කෙරෙන විදිහ ගැන විස්තර හොයාගන්න ඕනි කියල. එතෙන්ට අපේ දේශාන්ටත් එන්න කිව්වා. මිනිහා ඕවා ඔර්ගනයිස් කරල තියෙන කෙනෙක්... නමියටත් එන්න කියමු.”
“නමී කොහේ එන්නද? මිනිහ off වෙන්නෙත් හතට. අපරාදෙනේ නිවාඩු දාන්න කියන්නේ...”
“ඒ xකාරිස් කොහෙද මගෙත් එක්ක. මමම කියන්නංකො නමියට වැදගත් වැඩකටයි- දාපිය නිවාඩුවක් කියලා. එදාටත් එය නෑවිත් හිටියොත් මං උගේ ඇට දෙකෙන් එල්ලනවා!” පීරිස් 'මහ බයානක😱 කතාවක්' කිව්වම මං පීල්ල මාරු කළා.

“ඒ කියන්නේ 30 වෙනිදා- ලබන අඟහරුවාදා. කීයටද මහත්තයෝ?”
“හයහමාරත් හතත් අතරේ ඔයාව ගන්න මම එනවා.”

2025.09.27
“හෙට මානෙල්ල ගෙදර යංද”
“ඒ මොකෝ?” මං ඇහුවේ නෙවිල්ගේ ප්‍රශ්නයෙන් පුදුම වෙලා. වෙනදාට එහෙ යමු නේදැයි අහන්නේ මමයි. මෙන්න බොලේ මේ හාදයා පළමුවෙනි වතාවට ඒ ප්‍රශ්නේ මගෙන් අහනවා.
“පහුගිය ටිකේම ගාමිණී රෝසිලගෙ ගෙදර රෙපෙයාර් කරන වැඩේට හිර වෙලානෙ හිටියේ. පව්! එයත් එක්ක පොඩි අඩියකුත් ගහන්න එක්කයි හලෝ...”

පුදුම සත්ත කරුණාවක්නෙ අප්පා නෙවිල්ට ඇති වෙලා තියෙන්නෙ... අර උන්නාන්සේට බෙදන්න කියාපු කතන්දරේ මතකෙට ආවත් මං එවෙලේ ඒක කියන්න ගියේ නෑ.
“මම මානෙල්ටත් කියන්නං එහෙනං...”

ඒ විස්තරේ කිව්වම මානිටත් පුදුමයි. “මං ඔයාලාට කන්න මොනවත් හදන්නං.” මානෙල් කිව්වේ වෙනදා වාගෙමයි.
“මම හදපු මස් වගයක් ෆ්‍රීසරේ තියෙනවා. ඒකත් ගේන්නං...’ මාත් කිව්වා.

2025.09.28-
වෙනදට නෙවිල්ගේ වාහනය දකිද්දීම ඉස්සරහට පැනගෙන එන කටකාර;
දඟ මල්ල හිමන්‍යා එදා නං එහෙම කළේ නෑ. අලුතින් හම්බ වෙච්ච සෙල්ලම් අශ්වයෙක් එක්ක එයාගේ පාඩුවේ නිස්සද්දව උන්නා. නිස්සද්දව උන්නා නෙවෙයි- තූෂ්නිම්භූතව උන්නා කිව්වමයි වඩාත් හරි.

කටකාර; දඟ මල්ල හිමන්‍යා එදා නං එහෙම කළේ නෑ. අලුතින් හම්බ වෙච්ච සෙල්ලම් අශ්වයෙක් එක්ක එයාගේ පාඩුවේ... (ෆොටෝ- නෙවිල්)

“මොකෝ, අද හිමාට තද වෙලා වගෙ? මුඛ බන්ධනයක් කරලද...” කියාගෙනයි මම පුටුවකට බර දුන්නෙ. නෙවිලුත් වෙනද විදිහට හිමන්‍යාව අවුස්සන්න නොයා වාඩි වුණා...

එතකොටම මානිගේ කාමරේ ඇතුළෙන් මොකක්දෝ සද්දයක්...
“හායි ලොකූ, How are you?” කියාගෙන සමන්ති කාමරයෙන් මතු වෙච්චි!
සභාවේ සිනා😃😃😃😃😃 ඒ හිනාවල් නැවතුණේ ගොඩ වෙලාවක් ගියාට පස්සේ.

“කොහොමද සෑම්. ඔන්න මේ සැරේ නං අපි සාර්ථක විදිහට නිමල් දිසානායකව සර්ප්‍රයිස් කෙරුවා නේද  එහෙනං.” ඒ නෙවිල්. “ඒක නේන්නං නෙවිල් අයියේ. Thank you very much! හිමා, ඔයාටත් තෑන්ක්ස් මෙච්චෙල්ලා කට වහගෙන හිටියට.”
“විනාඩියයි දෙකයිනේ Sam... ඊට වැඩිය වෙලාවක් නං හිම්මි කට වහගෙන ඉන්න එකක් නෑ.’ මානෙලුත් කිව්වෙ හිනා වගුරමින්.

“මානිත් එහෙනං මට කොළේ වැහුවා.”
“නෑ ලොකා... සමා උදේ ගෙදරට එනකල්ම මම දන්නෙත් නෑ...”
“ඔව් ලොකූ. මේ සැරේ මම එන එක කිව්වේ නෙවිල් අයියට විතරයි. වෙන එකක් තියා දීපානිලවත් දන්නෑ... එයාලා එනකල්ම කියන්නෙත් නෑ. එහෙන් දන්නේ දීපාල් විතරයි.”

“හරිම අමාරුවෙන් මේ පොඩි බඩ්ඩගේ කට වස්සල තිබ්බේ. අස්සයා හිංදා වැඩේ ටිකක් ලේසි වුණා. Sam අපි පොඩි අයියටත් නොකියා ඉඳිමු එහාට යනකල්...”
“අන්න වැඩේ! එයාටත් සර්ප්‍රයිස් එකක්නෙ....”

2025.09.29-
Sam ඉන්න හිංදා මේ ටිකේම හවසට හවසට මානෙල්ල ගෙදර යන්න වෙනවා.

“මමත් මේ සුමානෙම වෙන වැඩ දාගත්තේ නෑ.” නෙවිලුත් කිව්වා. “Sam, ඔයාලත් ඉන්න එකේ හොඳයි නේද ලොකාවත් මෙහෙ නවත්ත ගත්ත නං. එතකො මෙයාව ආපහු ගිහිං දාන වැඩෙනුත් මං නිදහස්...”
“කොහෙද... කොච්චර කිව්වත් ලොකූ ඉන්න එකක්යැ?”
“අනේ... ඉන්නකො ලොකු සීයේ... ඔයාට මගේ ඇඳේ දොයියන්නත් දෙන්නං...” හිමාත් කතාවට මැදිහත් වුණා.

“අද නෙවෙයි හිමා. දෙවෙනිදා රෑට ඔන්න මං මෙහෙ නවතිනවා, එතකොට බලංගොඩ යන්න ලේසියිනෙ...”
“ඇති යාන්තං... ලොකු අයියට එහෙමවත් හිතුණා!”

“ඒක නෙවෙයි ලොකූ, මානෙල් අක්කලවයි, ඔයාලවයි dinner එකකට එක්ක යන්න ඕනි. කවදටද ඔයාලට free?”
“අනිද්දා නං වැඩියත් හොඳයි!” නෙවිල් කිව්වා.
“බෑ බෑ. තිස් වෙනිදා බෑ. පීරිසුයි මායි ගමනක් දාගෙන තියෙන්නේ. බදාදා? ඒත් පීරිස් මහතාට අඟහරුවාදා එන්න විදිහක් නැති නං උදෙන්ම කියනවයි කිව්වා. එහෙම වුණොත් අඟහරුවාදාටම යමු.”
“Sure!”

වාහනය තලවතුගොඩ Grand Monarch ළඟ නවත්තද්දී වුණත් මට අමුත්තක් හිතුණේ නෑ!

2025.09.30-
“ඩොක්ටර් පීරිස් අද හවසට අර ගමන යන්න බැරි කතාවක් මේ දැන් කිව්වා සෑම්! අද රෑ කෑමට අපි එළියට යං...” මං උදෙන්ම සමන්තිට පණිවුඩය දුන්නා.

“හරි ලොකූ... මං රෝසි එක්කත් කතා කරලා තැනක් බුක් කරගෙන නෙවිල් අයියට location එක දාන්නං. එයා ඔයාට විස්තරේ කියයි.”

ඒ විදිහටම වුණේය; කියූ විදිහටම හත වෙද්දී නෙවිල් අපේ ගෙදරය.
“දිසානායක ෂෝටක්ද ඇඳගෙන යන්නෙ... හොඳ නැද්ද දිග කලිසමක්...”
“බෑ නෙවිල්... කකුල් දෙකම හිරි වැටිලා. ආයෙමත් කලිසමක් අඳින්න ගියොත් වරුවක් යයි. මේක ඇඳගත්තෙත් අමාරුවෙන්... ඇයි- කොහෙද සමන්තිලා book කරලා තියෙන්නේ...”
“මේ ළඟ...”යි ලුහුඬින් කිව්වා මිස නෙවිල් නමක් කීවේ නැත.

ඒත් කෑම වගෙම බීමත් කෙරෙන්නට යන විත්තිය නං පෙනිණි. ඒ Pick Me වාහනයක් ගෙන්වා ගත්තාමය. දැන් දැන් එයාලා ‘මජ්ජපමා දට්ඨනය’ කරන දවසට ගමනේ යෙදෙන්නේ තමන්ගේ වාහනයෙන් නොවේ, කුලී රථයකිනි!

“සෑම්ලා ඇවිත්ද?”
“ඇවිල්ලලු... ටිකකට කලින් මට call එකක් දුන්නා! වමට හරවලා තව ඉස්සරහට කෙලින්ම යං මල්ලී...” නෙවිල් මට උත්තර දෙනවට වැඩිය උනන්දුවෙන් රියැදුරු මල්ලිට උපදෙස් දුන්නා.
“මල්ලී ඔතන නවත්තන්න.” නෙවිල් කියනකොටවත්, වාහනය තලවතුගොඩ Grand Monarch ළඟ නවත්තද්දී වුණත් මට අමුත්තක් හිතුණේ නෑ.

අපි හෝටලයේ ඉස්සරහට ඇවිදගෙන යද්දී සමන්තිත් බලාගෙන ඉන්නවා පෙනුණා. එයා පෙරගමන් ආවා. “මානෙල් අක්කලා අරහේ... එහාට යමු ලොකූ. එන්න නෙවිල් අයියේ...”

එහෙම ගිහිල්ලා අපි ඇතුළු වුණේ තරමක් අඳුරු ශාලාවකටයි.


....
පාටියට පැමිණි ආරාධිතයන්ගෙන් කොටසක්... (ෆොටෝ- හක්ස්ලි)
ශාලාවේ දොර අරිනවාත් එක්කම මේස වටේට වාඩි වෙලා උන්නු හැමෝම අත්පොඩි ගහලා- සද්දයක් දාලයි අපිව පිළිගත්තේ. ශාලාවේ එළිය වැඩි කළාමයි පෙනුණේ අවුරුදු 50ක මගේ මිතුරු-මිතුරියන්ගෙන් සෑහෙන පිරිසක්  එතැන... 1975 ඉඳලා 2025 වෙනකල් ඇසුරු කරන උදවිය...

තජක යාළුවො, තලපත්පිටියේ හිතවතුන් වගෙම නමී, අරුණ වගෙ මෑතකාලීන හිතවතුනුත් ඇවිදිල්ලා.

“ලොකූ, අද නං ඔයා surprise වුණා නේද?” සමන්ති ඇහුවේ කට පුරා හිනා වෙවී.
“අද නිමල්ට මොකුත් ගෙස් කර ගන්න බැරි වුණා නේද
ගිය සැරේ වගෙ?” ප්‍රියන්තත් හීන් සීරුවේ ඇහුවා.
“කවුද යකඩො මෙහෙම දෙයක් අනුමාන කරන්නේ... උපන් දිනේට තව දවස් කීයක් තියෙනවද? ඇත්තමයි. මෙහෙම දෙයක් නං මට හිතුණෙම නෑ.”

“හරි හරි... එන්න ලොකා අපි කැන්ඩ්ල්ස් blow කරලා චොක්ලට්ස් බෙදමු. B’day එකට කලින් cake කපන්න හොඳ නැහැල්ලුනේ.”
කේක් කැපිල්ලක් නොකර නැවතුණේ එහෙමය.

රන්වන් පැහැති දවටනවල අසුරා තිබෙන Ferrero Rocher චොක්ලට්ස් තොගයක් මැද්දේ ඉටිපන්දමක් දල්වා... (ෆොටෝ- හක්ස්ලි)

ඒ වෙනුවට රන්වන් පැහැති දවටනවල අසුරා තිබෙන Ferrero Rocher චොක්ලට්ස් තොගයක් මැද්දේ ඉටිපන්දමක් දල්වා ගැනිණි. (මෙච්චර විස්තර ලියන්නේ පම්පෝරියක් විදිහට හෝ නයා ඇරීමක් විදිහට හෝ නොවේ. මගේ නෑ හිත මිතුරන්ගෙන් මට ලැබෙන ආදරයට ස්තුතිවන්ත වෙන්නට උවමනා බැවිනි.)

ඔයාල හැමෝටම අනෙක වාරයක් ස්තුතියි, ඒත් එක්කම ගොඩක් පිං මට අනුප්‍රාණය දීම වෙනුවෙන්!

ඉතිං... පිරිස වෙනුවෙන් මට ආසිරි පතමින් ලාල් අයියා කෙටි කතාවක් කළා. ඊට පස්සේ ‘ඛජ්ජ බොජ්ජ’.
ග්‍රෑන්ඩ් මොනාර්ච් කෑම මට නම් ඉස්තරම්.
මිලත් එහෙම වෙන්න ඇති. මට යාන්තමට ඇහුණා service charge එක විතරක් 46,000/-ක් කියලා.

ඒක කන වැකුණු ගමන්ම මට මතක් වුණේ අතීතේ... මම මටම දීගත්තු පොරොන්දුවක්! මේ ගැන මං කලින් වතාවකත් ඔයාලට කියලා තියෙනවා. චූටි නංගි දීපානි ඉපදුණාට පස්සෙයි මං ඒ අධිෂ්ඨානය ඇති කර ගත්තේ.
‘නංගිලා මල්ලිලා හැමෝටම එක්කෙනාට රුපියල් ලක්ෂය ගණනේ ඉතිරි කරන තුරු මගේ මෙහෙවර ඉෂ්ට කරනවා.’

එහෙව් මගේ උපන් දිනය වෙනුවෙන් සමන්ති නංගී ලක්ෂ කීපයක්ම මේ වතාවෙත් වියදම් කරලා!
චූටි නංගි දීපානිත් ලක්ෂ ගණනාවක් වියදම් කරගෙන මගේ උපන් දිනය වෙනුවෙන් ලංකාවට එන්න සූදානම් වෙනවා!!
ජීවිත ගමනක අරුමය!!!

පාටියට පැමිණි තවත් ආරාධිතයෝ... (ෆොටෝ- හක්ස්ලි)

ජීවිතේ අරුමයි නේන්නං!

දැන් අපේ ගෙදර TV එකක් නෑ. එහෙම වුණේ කොම්පියුටරේ තියෙන නිසයි.
ඩී.බී. කුරුප්පු මහත්තයා තග දාලා, බලෙන්ම කොම්පියුටරයක් එතුමාගේ වියදමෙන්ම අපේ ගෙදරට වැඩම්මෙව්වට පස්සේ වුණත් මං වහන්සේ ඒකෙන් එච්චර වැඩක් ගත්තේ නෑ. ඒ අතරේ (2015 විතර) අපි trip එකක් යන ගමන් ඇඹිලිපිටියේ නන්ද කුමාර හිතවතාගේ ගෙදර රැයක් නැවතුණා.

එදා රූපවාහිනියේ Prison Break කොටසක් පෙන්වනකල් සාන්තයි, එයාගේ බාල පුතණ්ඩියා සෙරානුයි ඉවසිල්ලක් නැතිව හිටියේ. එයාල ප්‍රිස්න් බ්‍රේක් වරුණේ කියලා මාවත් ඒක බලන්න වාඩි කරවා ගත්තා. මාත් ඒකට වහ වැටුණා. “නිමල් අංකල්, ඔය සීරිස් එක ‘බයිස්කෝප් සිංහලෙන්’ සයිට් එකේ තියෙනවා. සිංහල සබ්ස් එක්කම. ඔයාට මුල ඉඳලම ඕක බලන්න පුළුවනි එතනින්.” සාන්තගේ ලොකු පුතා චිරන්ත මට කිව්වා. (එතකොට චිරන්ත A/L කරලවත් නෑ මගෙ හිතේ.)

‘අනේ චිරන්ත, හොඳ ළමය වගෙ ඇවිත් මට ඒක ඩවුන්ලෝඩ් කරගන්න හැටියි, subs හරි ගස්සගන්න හැටියි කියල දෙනවද?”
“හරි නිමල් අයියේ. මං චිරන්තව එක්කගෙන එන්නං.” සාන්ත එවෙලෙම පොරොන්දු වුණා. එහෙමයි චිරන්ත එච්
. ගමගේ පුතණ්ඩියා මගේ මුල්ම කොම්පියුටර් ගුරුවරුන්ගෙන් කෙනෙක් වුණේ. එයා මෙඩිසින් කරන්න ගත්තම සෙරාන් තමයි මගේ සමහර කොම්පියුටර් ප්‍රශ්න විසඳලා දෙන්නෙ. ඒ දෙන්න ප්‍රියන්තලගේ නංගි බබිතගේ පුත්තු; චිත්තම්මාගේ මුණුබුරාලා.

සෙරාන්, බබිතා, චිරන්ත හා සාන්ත 

Grand Monarch එකේ පාටිය වෙලාවේ සාන්ත මට රහසක් කිව්වා.

“අයියේ, මාව මෙහාට ගෙනත් බැස්සුවේ අපේ සෙරාන්. මාව බස්සලා සෙරාන් නොගිහිං ඉන්නකොට මං ඇහුවා ‘ඇයි තව ඉන්නේ’ කියලා. ‘නිමල් අංකල්ට wish කරලා, ඇයි අපිට ඉන්වයිට් නොකළේ කියලත් අහලම යනවා’ කියල කොල්ල කියපි. මම එතකොටයි සෙරාන්ට කිව්වේ ‘මේක නිමල් අයියාවත් නොදන්න සර්ප්‍රයිස් පාටියක් කියලා. එතකොටයි කොල්ල ආපහු ගියේ...”

මට මල්ටිපල් මයෙලොමාව වැළඳුනාම උදව් කරන දොස්තර මහත්වරුන්ගේ ගොන්නට ඊයේ පෙරේදා ප්‍රියන්තලගේ පවුලෙන් තවත් එක doctor කෙනෙක් එකතු වුණා.
චිරන්තත් දැන් වෛද්‍යවරයෙක්!
මේ වෛද්‍ය චිරන්ත මහතාට නිදිගෙ සුබ පැතුමයි:
දිගු කාලයක් සිරිලක වෙනුවෙන් උදාර සේවයක් කරන්නට අවශ්‍ය ශක්තිය, ධෛර්යය හා වාසනාව ඔයාට ලැබේවා!

2015.10.01-
දීපානිලා එංගලන්තයෙන් පිටත් වෙන්නේ අද.

අදයි සර්ප්‍රයිස් පාටියේ හැංගිලා තිබුණු විස්තර එළිදරව් වුණේ... Samගෙනුයි, නෙවිල්ගෙනුයි. ‘ ග්‍රෑන්ඩ් මොනාර්ච් ඉම්පීරියල් එක හොඳයි කියලා recommend කළේ දීපාල්. ඒකේ ජැපනීස් රෙස්ටෝරන්ට් එක තෝරගත්තේ අපි.’
“දන්නවද? ඔයාට නොදැනෙන්න ඔයාව එහාට ගෙන්න ගන්න plans තුනක් අපිට තිබ්බා.”

“ප්ලෑන්ස් තුනක්?
‘ඔව් හලෝ. Plan A, B, C... එකක් හරි නොගියොත් ඊළඟ එකට...’ නෙවිල් කිව්වා.
දෙවෙනි කොටස තව දින කිහිපයකින්...

2 comments:

  1. හැක්.. මේ ගමනනං නිමල් අයියය නියම බර්ත් ඩේ සැලිබ්‍රේෂන් එකක් ලැබිල වගෙයි. බලමුකො ඉස්සරහට විස්තරේ.

    ReplyDelete
  2. නමියගෙ ඇට දෙක නේද.. හැක්.. පීරිස් මහත්තයට ඕක හොයාගන්න අන්වීක්ෂෙකුත් අරං එන්න වෙයි.

    ReplyDelete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්