අකුරු මැකී නෑ

Friday, November 14, 2025

පොලියානලා...

මං පොලියානාව හඳුනා ගත්තේ මීට වසර 22කට කලින්. 2003 අවුරුද්දේ. එදා ඉඳල අවුරුදු 22 ඉකුත්ව ගිහිං. ඒත් පොලියනාගේ සොඳුරු බව අදත් එදා වගේමය; ළගන්නා බව අදත් එහෙමමය; ඒවා බිංදුවක්වත් වෙනස් වෙලා නෑ. එයාගේ රූ සිරියත්- ප්‍රභාවත්- ළගන්නා ගතියත් තවම එහෙමමය!

එහෙම වෙන්නේ පොතක එන චරිතයක් කිසිම දිනෙක වෙනස් නොවෙන හින්දයි.

මා ළඟ සුරැකිව තිබෙන්නේ ජනක ඉනිමංකඩ මහත්මා ‘Baby Bee Classies’ ප්‍රකාශනයක් ලෙසින් පළ කෙරූ ‘පොලියානා’ පොතේ පිටපතයි. එය කත්‍යානා අමරසිංහගේ පරිවර්තනයකි. (ස්තුතියි ජනක- ස්තුතියි කත්‍යානා!)

මා ළඟ සුරැකිව තිබෙන්නේ ජනක ඉනිමංකඩ මහත්මා ‘Baby Bee Classies’ ප්‍රකාශනයක් ලෙසින් පළ කෙරූ ‘පොලියානා’ පොතේ පිටපතයි. එය කත්‍යානා අමරසිංහගේ පරිවර්තනයකි. (ස්තුතියි ජනක- ස්තුතියි කත්‍යානා!)

1913දී Eleanor H. Porterගේ පන්හිඳෙන් උපත ලැබූ Polliyana අදටත් සුවහසක් පාඨකයන් සනසයි. මා කියවා ඇති පොත්වලින් ‘හොඳම සුබවාදී’ පොතකි මේ. එබැවිනි මේ කෘතිය මගේ සිත් ගන්නේ.

දන්නවද- ලෝකේ ඉන්න මිනිසුන්ගෙන් සමහරුන් වසංගත වගේ. එයාලා ඉන්න තැනක තියෙන්නේ අසතුට. එයාලා කරන ඕනිම දෙයකින් කෙරෙන්නේ තව කෙනෙකුන්ව දුකට- අසහනයකට පත් කිරීම.
ඒ වගේමයි- ඊට එහෙම පිටින්ම පටහැනි ‘පොලියානා’ වගෙ උදවියත් ඕනි තරම් ලෝකෙ ඉන්නවා.

ඔව්! සිරියාව උතුරණ- සතුට පතුරන- දැක්කත් හිත පිරෙන උදවිය!
මං ලියපු මුල්ම blog post එකකිනුත් එහෙම
සිරියාවන්ත අත්තම්මා කෙනෙකු ගැන ඔයාලට කිව්වා මතකයි. එයා මඩ වගුරක පිපුණු පද්මයක්...
ඒ අත්තම්මගේ පුතා
ෆ්‍රෑන්ක් මහරගම, පමුණුවේ ගංජා විකුණපු කෙනෙක්ලු. එයාගේ බිරිය දරුවනුත්, සැමියත් අත හැරලා ගිහිං හිටියේ. අර අත්තම්ම තමයි කැපවීමෙන් මුනුපුරු මිනිපිරියන් සේරම රැකබලා ගත්තේ. ඒකයි ඒ අත්තම්මා තවමත් මගේ හිතේ ජීවත් වෙන්නේ.

සුභාෂිතයේ එන මේ කවිය කියවෙන්න ඇත්තේ මේ අත්තම්මා වගෙ ගුණ යහපත්- පරාර්ථකාමී උදවිය ගැන වෙන්නැති!

   අමිත ගුණ නුවණ යුතු උතුමෝ        පබඳ
   අනත වෙහෙස ලදුවත් නොම වෙති දුහද
   දියත පතළ සුවඳැති සොඳ සඳුන්        කඳ
   සිඳිත මඩිත එක ලෙස පැතිරෙයි      සුවඳ

මං ඔය පෙරවදන කිව්වේ ‘නපුරු දුදනන්’ ගැන කියන්න නෙවෙයි.
එයාලා ඉන්න අහක එයාලගෙ පාඩුවේ උන්නාවේ. අද මං කියන්න යන්නෙ ‘සතුට බෙදන පොලියානා’ වගෙ කිහිප දෙනෙකු ගැනයි.

මොකුත් අහිතක් හිතන්න එපා හොඳේ... මේ කතන්දරේට අපේ අම්මත්, නෑදෑ හිත මිත්‍රයින් ගොඩකුත්, මාත් සම්බන්ධයි. ඒ හිංදා විස්තර කියද්දී (යාන්තමින් හරි) අපේ පුරප්පට්ටුව අපිම ගහනව කියලත් ඔයාලට හිතෙන්න ඉඩ තියෙනවා.

වෙනස්ම විදිහේ... (කැලිෆෝනියාවේ පිපෙන Darwin's Slipper මල්)

අපේ අම්මා වියෝ වුණේ 2023 නොවැම්බර් 15 වෙනිදා. දැන් අවුරුදු දෙකක් ඉවරයි.

අම්මා වෙනුවෙන් කෙරුණු පිංකම් අතරේ, වෙනස්ම විදිහේ පින්කමක් කරන්න මං වහන්සේට ඕනි වුණා; මේ අවුරුද්දේ පෙබරවාරි 22 වෙනිදා ඒ පිංකම කළා. ඒ ගැන විස්තර නිදිගෙ පංච තන්තරේ කියවන ආදරණීය පාඨක ඔයාලටත් කිව්වා. Posts තුනකින්.
අම්මාට පිං ඇත! - 
පළමුවෙනි කොටස
අම්මාට පිං ඇත!
- දෙවෙනි කොටස
අම්මාට පිං ඇත!
- තෙවෙනි කොටස

හැබැයි, ඒ පිංකම වෙනුවෙන් අපි වෙන් කරලා තියාගෙන උන්නු සල්ලිවලින් 40%ක් විතරයි වියදම් වුණේ!

ඒ අතරේ අපේ පිංකමේ විස්තර කියවපු මහත්තයෙකුත් මට කතා කළා. ඒ කරුණාවන්ත මහත්තයාටත් අපේ පිංකම නැවත වතාවක් කරවන්නට හිතිලා. හැබැයි නම ගම නොකියා නිර්නාමිකව හිඳිමින්.
ඒ පිංකමත් කෙරුණා- 2025 අප්‍රේල් 24 වෙනිදා. ඒ විස්තරත් මං ඔයාලට වාර්තා කළා, පෝස්ටුවකින්.
පිං බෝ වේවා!

නිදි ඒ post එක අවසන් කළේ මෙහෙමයි:
‘... කරුණාරත්න මහතාත් මාත් අතර කෙරුණු කතාබහ සියල්ල නොලියමි. එකක් විතරක් ලියන්නෙමි.

එතුමා එවා තිබුණු මුදලින් ඉතිරියත්, පසුව (කෑමවලට) එවූ මුදලුත් සමඟ දැනටමත් රුපියල් 25,000/-කට ටිකක් වැඩි මුදලක් මගේ ළඟය! “ඔයා ඔය සල්ලිවලින් කීයක්වත් නොගන්න බව මම දන්නවා. ඊළඟට කවද හරි ඔයාල ආයෙමත් ඔය පිංකම කරනකොට ඔව්වා ගන්න. මතක ඇතිව එතකොටත් මට කියන්න...”

ඊට විනාඩි දහයකට පස්සේ තවත් හිතවතෙක් මට කතා කළේය. එයාත් blog අඩවිය නිසාම දැන-හඳුනාගත් (විදෙස්ගත) සහෘදයෙකි. “ඉතිං කොහොමද නිමල් අයියේ? ඊයේ වැඩේ සාර්ථකයිද?”
අපේ කතාවත් පැය බාගයකට වඩා ඇදුණි.
මගේ කියවිල්ලේ වැඩියෙන් තිබුණේ උද්දාමයද
? ඒකෙන් අර හිතවතාට මොනවා හිතෙන්නට ඇතිද?

එයාලට මේ සැරේ grand ලන්ච් එකක් දෙමු. ඔන්න එපැයි කියන්න එපා!

“ඔන්න ඔව්වා තමයි බොලේ පිංකම්. ඔහේ තව මාසෙකට දෙකකට ආයේ එහෙම වැඩකට අත ගහන්නේ නෑ කිව්වට මං නොදන්නවයැ පුතයගෙ තරම. 😌😌😌 දැන්ම මටත් එවනවා bank එකවුන්ට් විස්තරේ...

දුරම ඉඳල ඔතැනට එන්නේ මුලතිව් බස් එකනෙ.
වැඩිය නෙවෙයි- මගේ ගණනේ මුලතිව් බස් එකේ පැසෙන්ජර්ස්ලගේ බස් ගාස්තුව ගෙවන්න ඕනි... මම එවනවා තිස් දාහක්. හැබැයි ගොයියෝ
, මගෙත් නං-ගං විස්තර කීම තහංචියි. හරිද?”

ඒ හිතවතාත් කිසිම පරක්කුවක් නැතිව රුපියල් 30,000/-ක් එව්වේය.
නිදිගෙ පංච තන්තරේ කියවන සහෘද විජේබාහු මහත්මයාටත් මේ පින්කමට දායක වීමට අවශ්‍ය වුණේ මේ අතරතුරේය. එතුමාත් රුපියල් 20,000/-ක් එව්වේය.

කලින් ඉතිරිව තිබුණු රුපියල් 27,940/-ත් එකතු වුණු විට රුපියල් 77,940/-ක් දැන් ෂෙහාන් (අපේ නොනිල භාණ්ඩාගාරික) අතේ තිබෙයි. ‘පිළිකා රෝගීන් බලන්නට දුර බැහැර සිට එන ඥාතීන්ගේ බස් වියදම් ගෙවීමේ කාර්යය’ තවත් වතාවක් කරන්නට යන විත්තිය මම කරුණාරත්න මහතාටත් දැන්වීමි.

“නිමල්, මේ සැරෙත් මාත් දායක වෙනවා. මං සල්ලි ටිකක් එවන්නං. මටත් සතුටක්.”
“එපා, එපා. මහත්තයෝ. තියෙන සල්ලි ඇති වේවි.” මං ඉක්මනින්ම කළේ දළ ඇස්තමේන්තුවකුත් එතුමාට ඉදිරිපත් කිරීමයි.

“මෙහෙමයි නිමල්. අපි මේ වතාවෙත් බස්වල කොන්දොස්තර- ඩ්‍රයිවර් මහත්තුරුන්ට සල්ලි දෙමු. එයාලා කරන වැලියුබල් සර්විස් එක ගැන ඔයාමනෙ අපිට කිව්වේ.
අනෙක ඔයාලගෙ ටීම් එකේ උදවිය... එයාලට මේ සැරේ grand ලන්ච් එකක් දෙමු. ඔන්න එපැයි කියන්න එපා. ඒක මගේ සතුට! ඒ විතරක් නෙවෙයි- මට ආසයි එයාල කට්ටියව මුණ ගැහෙන්නත්... එයාල එක්ක කතා කරන්නත්... ඔයාට කරදරයක් නෙවෙයිනෙ ඒක ඇරෙන්ජ් කරන එක! එදාට කෑම- බීම සේරමත් මගේ ගණනේ...” කරුණාරත්න මහතා කීවේ, මට කතා කරන්නට ඉඩක් නොතබමිනි.

දාහතර වෙනිදා බස්වල මඟීන් අතරේ බෙදා දුන්නු කුඩා slip එකක පිංකමේ විස්තර සටහන් කරලා තිබුණේ මෙහෙමයි:

“මහප්පේ, අර කරුණාරත්න මහත්තයා ආයෙමත් රුපියල් 30,000/-ක් එවලා...” පසුවදා උදෙන්ම ෂෙහාන් කිව්වේය.

“මං එපැයි කිව්වත් එක්ක ෂෙහාන්... එයාට ඕනිලු ඔයාල කට්ටියව හම්බ වෙන්නත්. පොඩි chat එකක් දාන්නත් එක්ක. පෙනෙන විදිහට ලොකු treat එකකුත් දෙන්නයි යන්නෙ...”
“එළනේ මහප්පේ! කරුණාරත්න මහත්තයත් එනවා නේද? ආසයි, ඒ මහත්තයව බලා ගන්නත්...”

බස් ගාස්තු ගෙවීමේ කාර්යය අගෝස්තු 14 වෙනිදාටත්, සුහද හමුවීමේ කාර්යය අගෝස්තු 15 වෙනිදාටත් යොදා ගැනුණේ එහෙමයි!

දාහතර වෙනිදා බස්වල මඟීන් අතරේ බෙදා දුන්නු කුඩා slip එකක පිංකමේ විස්තර සටහන් කරලා තිබුණේ මෙහෙමයි:
බඩවැල්වල පිළිකාවකින් රෝගීව මියැදුණු අම්මාට පිං පිණිස අපි පිං අතේ වැඩක් කළා. මහරගම අපේක්ෂා රෝහලේ නැවතිලා ප්‍රතිකාර ගන්නා ඥාති හිතවතුන් බලන්නට ලංකාවේ ඈත දුර බැහැර ඉඳලා පැමිණෙන උදවියගේ බස් ගාස්තුව ගෙවීමයි ඒ.
ඒ ගැන විස්තර ‘නිදිගෙ පංච තන්තරේ’ අන්තර්ජාල blog අඩවියේ පළ වුණා. (අවශ්‍ය නම් විස්තර මෙතැනින්.)
https://nidigepanchathanthare.blogspot.com/2025/03/blog-post_24.html

ඒ විස්තර දැක්ක කරුණාවන්ත කරුණාරත්න (නියම නම නොවේ) මහත්මයාට හිතුණා අපි ලවා ඒ පිංකම නැවතත් කරවන්න- මුල් වතාවටත් වඩා සරු විදිහට. ඒ විස්තරත් අර බ්ලොගයේ පළ කෙරුණා.
https://nidigepanchathanthare.blogspot.com/2025/04/blog-post_25.html

එව්වා දැක්ක නිදිගෙ පංච තන්තරේ නොකඩවා කියවන තවත් හිතවතුන් දෙන්නෙකුටත් අර වගෙම පිං සිතුවිලි පහළ වෙලා. පුදුමේ කියන්නේ- ඒ දෙන්නමත් කැමති නෑ එයාලගේ නම් ගම් විස්තර එළිදරව් කරනවට. එක්කෙනෙකු නම් ‘විජේබාහු’ නමින් පෙනී ඉන්නවා. අනිත් කෙනා එහෙමවත් නෑ...

තවත් වතාවක් මේ පිං අතේ කාරිය කරන බව දැනගත්තු කරුණාරත්න මහත්තයාට ඕනෑ වුණා එයාටත් දායක වෙන්න. එයින් අපට පුළුවන් වුණා තුන්වෙනි වතාවටත්- අද; 2025 අගෝස්තු 14 වෙනිදා මේ පිංකම කරන්න.

මේ විස්තරත් නිදිගෙ පංච තන්තරේ පළ වේවි!
https://nidigepanchathanthare.blogspot.com

හැම දෙනාටම යහපතක්ම වේවා! නිරෝගී සම්පත ලැබේවා!’

මේ පිංකම සැලසුම් කරද්දීම අපි තීරණේ කළා
‘මේ විස්තර නිදිගෙ පංච තන්තරේ පළ වේවි’ කියලා එදා කිව්වට මොකද ඒ රාජකාරිය කෙරෙන්නේ දැනුයි... මාස තුනකට පස්සෙයි.

පමා වෙන්න ප්‍රධාන හේතුවත් දැන්මම කියල ඉන්නංකො. අපි ඇස්තමේන්තු කළාට වැඩියෙන් චුට්ටක් ඒ වැඩවලට වියදම් වුණා. (ඒ වියදම මට දරා ගන්න ඇහැකි තරමේ එකක්. උණු උණුවේ ඒ විත්තිය ප්‍රසිද්ධියේ නොකියන එක වඩා හොඳයි කියලයි මට හිතුණේ.)

අගෝස්තු 15 වෙනිදා හැන්දෑවේ අපේ කට්ටියව මුණ ගැහෙන්න කරුණාරත්න මහත්තයත් ආවා. තොරතුරු කතා කළා. ඛජ්ජ භොජ්ජවලිනුත් සප්පායම් වුණා. සාදය හමාර වුණේ පාන්දර එකට විතර.

හිතට දුක හිතුණු කාරණය තමයි- සිහිවටනයක් විදිහටවත් එකම එක foto එකක්වත් නොගැනීම. ඒ තහංචිය දැම්මෙත් මං වහන්සේමයි. කරුණාරත්න මහත්තයාගේ සැබෑ අනන්‍යතාව හෙළි වෙන්න දෙන්න බැහැනෙ! ඒකයි එහෙම කළේ.
මේ පිංකම සැලසුම් කරද්දීම අපි තීරණේ කළා ‘කිසිම බස් මඟියෙකුගේත් foto නොගන්න.’ ඒකෙන් පෝස්ට්ස්වල විචිත්‍රත්වය ටිකක් විතර අඩු වුණා තමයි- ඒත්... ඊට වැඩිය වටිනවා නෙව ‘ආධාර ලැබූ බස් මඟීන්ගේ පෞද්ගලිකත්වය සුරැකීම’.

ඉතිං... කරුණාරත්න, විජේබාහු හා නම නොකියන අනෙක් හිතවත් මහත්මා ඇතුළු තුන්දෙනාටම බොහොම පිං! ගොඩාරියක් ස්තුතියි!!
තවත් පිරිසකට සතුට බෙදීම වෙනුවෙන්.

ඔයාලට කියන්න- අගෝස්තු 16 වෙනිදා උදේම කරුණාරත්න මහත්තයා ටෙලිෆෝන් එකෙන් කතා කළා.
“නිමල්... ඔයාට කට්ටිය එකතු කර ගන්නයි- එයාලව handle කරන්නයි හොඳට පුළුවන්නේ. ඒ වගේමයි, ඔයාගේ අලුත් අලුත් අයිඩියාස්... බැරිද කවුරු හරි අවශ්‍ය කරන කට්ටියකට කෑම ටිකක් දෙන වැඩක් ඔර්ගනයිස් කරන්න. මට හරි ආසයි, එහෙම වැඩකට දායක වෙන්න...”

“මට ටික දවසක් දෙන්නකො මහත්තයෝ!” මං ඒ වෙලාවේ එතුමන්ට කිව්වා මතකය. ඒ ගැන පූර්ව සොයා බැලීම් ටිකකුත් පසුගිය ටික දොහේ නිහඬවම කෙරිණි.
දියවින්නේ දහම්
පාසලට කෙරුණු පරිත්‍යාගය සේ, එක්ගල්ඔය පන්සලේ ධර්ම ශාලාවේ ඉදිකිරීම් වැඩ කර දුන්නා සේ දුර පළාතක නොයා- කෙරෙන දෙයකි, දැන් මට කළ හැක්කේ...
එසේ වුවත් මට හිතෙන්නේ තවත් පිරිසකට ‘සතුට බෙදා දීමට අවස්ථාවක්’ ඉක්මනින්ම අපට උදාවෙනු ඇත යනුවෙනි෴0෴

33 comments:

  1. //මට හිතෙන්නේ තවත් පිරිසකට ‘සතුට බෙදා දීමට අවස්ථාවක්’ ඉක්මනින්ම අපට උදාවෙනු ඇත යනුවෙනි//.නිදීට ඉක්මනින්ම ඒ අවස්ථාව උදාවේවා.

    ReplyDelete
  2. නිදීට ඉක්මනින්ම ඒ අවස්ථාව උදාවේවා x 2

    ReplyDelete
  3. පොලියානලා
    පොලියානා
    පොලියනා

    මට හෙඩිම පෙනුනේ "පොලියා මලා" වගෙයි. ගම් වල පොලී මුදලාලිලාට නැති තැන කිව්වෙ "පොලියා" කියලයි. මේක විදෙස් නමක් නිසා පැටලෙනවා ඇති නේද?🤔

    ReplyDelete
    Replies
    1. විදෙස් නම් කොහොමත් අපේ නම් තරං ගතියක් නෑ මට නං.

      Delete
  4. මේ පොස්ට් එකේ නම දැක්ක ගමන් මම හිතුවේ, නිදිගේ වෙනස් ජාතියේ වැඩක් ගැන වෙන්න ඇති කියල. මදැයි දඩ බඩ ගලා කියෙව්වා. කමක් නෑ ආයිත් පින් අතේ වැඩ කරනකොට අපිටත් කියන්නකෝ.
    මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. හොඳමයි විජේබාහු මහත්තයෝ- දැනුවත් කරන්නං.
      ගොඩක් ස්තුතියි කෙරුණු පින්කමට දායක වීම වෙනුවෙනුත්.

      Delete
  5. තවත් කට්ටියක් සතුටු කරන්න නිදි ට ඉක්මනින් හැකිවේවි.

    ReplyDelete
    Replies
    1. සුබවාදී පැතුමට ස්තුතියි Praසන්ன මහත්තයෝ.

      Delete
  6. //සිරියාව උතුරණ- සතුට පතුරන- දැක්කත් හිත පිරෙන උදවිය// ඇත්තටම එහෙම උදවිය බොහොම දුර්ලභයි නෙ.

    හුම්: අපි අපි දිහාම හැරිල බැලුවොත්... අපි🙃

    ReplyDelete
    Replies
    1. හැරිලා බැලුවට පෙනෙන එකක් නෑ නමී. කන්නාඩියක් ඉස්සරහට යන්න වෙයි.

      Delete
  7. මදැයි... මං ආවෙ පොලියානා ගැන කියවන්න. අපෙ උන්දැගෙ ප්‍රියතම පොත.

    ReplyDelete
    Replies
    1. දැං කියවන්න වෙන්නෙ පොලී னයා ගැන තමා

      Delete
    2. ඒ මොක ද, ගිණි පොළියට ණය දෙන්ඩ වත් පටාාාං ගත්ත ද?

      Delete
    3. ඩ්‍රැකියානිට 'සතුට බෙදන පොලියනා' පොත එහෙම හම්බ වෙලා නැතිද ඩ්‍රැකී?

      Delete
    4. ඔය පොත් තුන ම ඔන්ලයින් ගෙන්න ගත්ත... පුතණ්ඩියා කියවලා ඉවර වෙලා තමයි අපට කියවන්න ලැබෙන්නෙ.

      Delete
  8. නිතර දක්නට නොලැබෙන වෙනස් විදියේ වැඩක්

    ReplyDelete
    Replies
    1. ඒ අදහසේ ගෞරවය හිමි වෙන්න ඕනේ You Tube එකේ තිබිච්ච වීඩියෝ එකකට. කවුරුන්දෝ පිරිසක් තමයි ඒ වීඩියෝවේ 'පිළිකා රෝහලට එන මඟීන්ට බස් ගාස්තු ගෙව්වේ.'
      මමත් එයාලගෙන් ඒ අදහස ගත්ත Litseeker.

      Delete
  9. සිත් පැහැදී නෙක පින් කරගත්තෝ
    එලොවට මෙලොවට සෙත් කර ගත්තෝ.

    ReplyDelete
    Replies
    1. සත් වග වෙත මෙත් වඩන පිනැත්තෝ
      මනුසත් භාවෙන් නිසි පල ගත්තෝ

      Delete
  10. පොලියානා පොතින් ෆිල්ම් දෙකක් ආව . අලුතින් ආපු එක වඩාත් හොඳයි . (2003) සුභ පැතුම් කරන්න ඉන්න වැඩ කොටසට නිදි . මෙපින් බලෙන් සසර වසන තුර නිදිටත් සතුට බෙදීමට වාසනාව ලැබේවා .

    ReplyDelete
    Replies
    1. අනේ සාදු අජිත් ධර්ම මහත්තයෝ!

      Delete
  11. සතුට බෙදන පොලියානා
    එයාලට ඉන්නව..
    අපිට ඉන්නව සතුට බෙදන නිදි යානා 😃😃🙈🙈

    පිං අතේ වැඩ කියන්නෙ, හිත් සතුටු වෙන වගේම හිත් නිාවන වැඩ මහත්තයෝ ☺️

    ReplyDelete
    Replies
    1. එහෙම හිත නිවෙන බව හුඟක් මිනිස්සු දන්නෙවත් නැති පාටයි මහේෂ්!

      Delete
    2. එහෙමමත් නෑ. හුඟක් අයට කරගන්න අමාරුයි.

      Delete
  12. "මේ පිංකම සැලසුම් කරද්දීම අපි තීරණේ කළා ‘කිසිම බස් මඟියෙකුගේත් ෆොටො නොගන්න." ඒක නම් ලොකු දෙයක්. අපි පිං කරා කියන්න අනිත් අයගෙ අසරණකම මාකට් කරන්න අවශ්‍ය නෑනෙ. ඔය බස් මඟියන් බහුතරය ඒ circumstances තුළදි අසරණ වෙලා හිටියත්, ඔවුන්ගෙ ගම්වල වැදගත් විදිහට ජීවත් වෙන අය වෙන්න ඇති.

    මම කියවලා තියෙන සිංහල නවකතාවක එක චරිතයක්-ශ්‍රී ලාන්කික සම්භවය සහිත කාන්තාවක්; ඇය අමෙරිකාවෙ ජීවත් වෙමින් හොඳට සෙට්ල් වෙලා ඉන්න අතරෙත්, හැම වෙලේම මැසිවිලි නගන්නෙ "ලංකාවෙ හිටියනම් දුප්පත් කෙනෙකුට උදව්වක් කරලා පිනක් කරගෙන සතුටින් ඉන්න පුලුවන්" කියලා. මේ දියුනු රටවල ඉන්න ගමන් උනත් තමන්ගෙ කාලය ශ්‍රමය අනිත් අය වෙනුවෙන් කැප කරන්න volunteer වැඩ කරන්න, fund raising මැරතන් වගේ කොයි තරම් අවස්තා තියෙනවද. නමුත් සමහරුන්ගෙ attitude එක අර වගේ.

    (මම ඒක කිව්වෙ අපේ මිනිස්සු හිතන විදිහ ගැන මිසක් නිමල් ඇතුලු කට්ටිය කරපු දේ අගය අඩු කරන්න නෙවෙයි; වරදවා වටහා ගන්න එපා please).

    ReplyDelete
    Replies
    1. Just to clarify, මට කියන්න ඕනෙ වුනේ ඒ පොතේ චරිතය වගේ ලංකාවෙ හිටියෙ නෑ කියලා මැසිවිලි නඟමින් ඉන්න ඕනෙ නෑ කියලයි. පින් කරන අයට හිත රිදවන්න නෙවෙයි කිව්වෙ.

      Delete
    2. මම තරයේ අදහන දෙයක් තමයි Lotus, අන්ත අසරණ දුගී යාචකයෙකුට වුණත් යම්කිසි අභිමානයක් තියෙන්න පුළුවනි කියන කාරණය. ඒකට හානියක් නොවෙන්නයි අපි වැඩ කරන්න ඕනි. එහෙම නේද?

      Delete
    3. Lotus, ඔයා කියන නෝනා මහත්තය වගෙ අය 'වචීපරම' ගොඩට දමමු!
      ඔයාගේ අදහසට ස්තුතියි.
      ඒක කියවනකොට මට අපේ සමන්ති නංගිව මතක් වුණා. එයා අවුරුදු පහළොවක්- විස්සක් කාලේ ඉඳලා ලන්ඩන් මැරතන් එක දුවනවා පිළිකා අරමුදලකට ආධාර එකතු කරන්න.

      Delete
    4. මේ post එක කියවල කරුණාරත්න මහත්තය මට කතා කළා.
      "නිමල්- කොයි වෙලාවේ හරි ඔයාලට හිතුණොත් ආයේ වතාවක් බස් ගාස්තු ගෙවන වැඩේ කරන්න... මට කියන්න විතරයි තියෙන්නේ." කියල කිව්වා. ඒ විතරක් නෙවෙයි කරන්න හිතන වැඩේට සල්ලි ටිකක් එවන්නත් හැදුවා. බොහොම අමාරුවෙන් නවත්ත ගත්තේ.

      "සල්ලි වැඩි නිසා නෙවෙයි, නිමල්. මම වුණත් කොයි වෙලාවේ යයිද දන්නේ නැහැනේ. ඉඩක් තියෙන- පුළුවන්කම තියෙන වෙලාවේ තමයි කරන දෙයක් කරන්න ඕනි..." කියන එකයි එතුමා එතකොට කිව්වේ.

      එතුමාගේ කතාවෙන් ඒ උනන්දුව මටත් බෝ වුණු නිසා ඒ project එකේ speed එක ඩබල් කළා!

      Delete
    5. සමන්ති ලන්ඩන් මැරතන් එක දුවන එක මතකයි. නිමල් ඒ ගැන පෝස්ට් එකක කියලා තිබුනනෙ 👍.

      "එතුමාගේ කතාවෙන් ඒ උනන්දුව මටත් බෝ වුණු නිසා ඒ project එකේ speed එක ඩබල් කළා!" කොච්චර හොඳයිද. හොඳ වැඩක් කරනකොට මිරැකල් එකක් වගේ හැමෝගෙන්ම උදව් එනවා. mission accomplished වුණාම ඒ ගැන ලියන්න 😊

      Delete