අකුරු මැකී නෑ

Saturday, January 31, 2026

හතලිහේදී... තිස්දෙවෙනි කොටස

ඒ ශෘංගාරාත්මක සංවාදය එතනින් නැවැත්තුවා වුණාට ප්‍රසාද් නෙවෙයි පසුබැස්සේ. එයාත් බස් එකට නැංගා. මට නිච්චි නැතිවයි හිටියෙ වෙනදට වැඩිය රෑ වෙලා විත්තියත්, ඒ නිසා බස් එකේ ඉන්න කට්ටිය අඩු විත්තියත්. කලින් දවසේ වගේ එදාත් ඩබල් ඩෙකර් බස් එකේ උඩ තට්ටුව ගොඩාරියක් හිස්වයි තිබ්බේ. එකම සීට් එකක මගේ ඇඟටම තෙරපීගෙන වාඩි වුණු ප්‍රසාද් වැඩිය පරක්කු නොවී මගේ අත එයාගේ කර ගත්තා.

පාදාන්තයෙන් පටන් ගත්ත අමුතු සීතලක්- හීන් සීරුවේ දෙකලවා දක්වාම නැඟගෙන එන හැටි...

ඒ විතරක් නෙවෙයි, එයාගේ අතත් මගේ කලිසමේ ගොල්ෆිය උඩින් තියලා ඒ ඉසව්වත් බද්දට ගත්තා.

ඒ වෙලාවේ මං ඇස්දෙක පියා ගත්තා. පියාගෙන හිතා ගත්තා... මගේ ඇඟට තෙරපීගෙන මගේ ළඟින්ම වාඩි වෙලා ඉන්නේ අමන්ය කියලා. මගේ රහසඟ උඩින් දඟකාරකම් කරන හස්තයේ අයිතිකාරයාත් අමන්මයි කියලා. උපරිම වලත්තකමින් එහෙම හිතන නිමේෂයේ...
මගේ පාදාන්තයෙන් පටන් ගත්ත අමුතු සීතලක්- හීන් සීරුවේ දෙකලවා දක්වාම නැඟගෙන එන හැටි මට දැනුණා. හරියට සර්පයෙක් දිව දික් කර-කර, මොකකටදෝ ඉව අල්ල-අල්ලා මගේ දෙපා අතරින් ඉහළට බඩගාගෙන එනවා වගේ.

මං කොහොමද දෙයිහාමුදුරුවනේ, එවෙලේ මට දැනුණු මිහිරි හැඟීම අකුරු කරන්නේ? ඒ සුඛදායී හැඟීමෙන් හොඳටෝම ආතුර වෙලා හිටි මං වහන්සේ බොහොම ඉක්මනින් දිනුම් කනුව පහු කළා; උත්තරෝත්තරාතිශයට පැමිණුනා.

“Is it so good?” ප්‍රසාද් මගේ කණට කෙඳිරුවා. එයා හිතන්නැති මං ඉක්මනින්ම කඳු මුඳුනට ගියේ එයාගේ හපන්කම නිසාය කියලා! මගේ රහසිගත විශ්වයේ සාමාජික හුඟක් පිරිමි එහෙමයි. අනෙක් හැම දේකටම වඩා මේ විෂයයේදී එයාලා එහෙමයි. තමන්ගේ හපන්කම්- සූරකම් ඉස්තරම් කියලා කියනවා නං එයාලා හරිම කැමතියි. ‘ඔයා තමයි best!’ කියල අඟවනවට- කියනවට හරිම කැමතියි.

ටික වෙලාවක් මගේ හස්ත හිංසනයට ලක්වෙලා උන්නු ප්‍රසාදුත් එහාට-මෙහාට ඇඹරුණා; සලිත වුණා; නලියව්වා; හිර කරගෙන හිටි ගැඹුරු හුස්මක් පිට කරලා නිසල වුණා.

හිටි ධාරණේ සිද්ද වෙන දේවල්වල හැටි...
ඒ වෙලාවේ මුළු බස් එකම වෙරළු මල් සුවඳකින් පිරිලා යනවා මට දැනුණා. එච්චර තද සුවඳක්... අපි දෙන්නගෙන්... එහෙම වෙන්නේ කොහොමද?

මගේ දෙවෙනි නැත්තං තුන්වෙනි සහකාර සමරසිරි හෙවත් සුදු මල්ලී තමයි හැම තිස්සෙම මට ඔය වෙරළු මල් සුවඳ ගැන අනතුරු ඇඟෙව්වේ. එයා තමයි මගේ පළමුවෙනි නිල නොලත් ‘ලිංගික අධ්‍යාපනික ගුරුතුමා’ වුණෙත්. නොදන්නා කාරණයක් ගැන ඇහුවාම සුදු මල්ලී ඉතාමත් දක්ෂ ලෙස; රුචිකර ලෙස ඒ පාඩම සවිස්තරව; සනිදර්ශනවමයි කියා දුන්නේ!

අවුරුදු හයකට කලින් ඒ විස්තර ‘දොළහ වෙද්දී - සිව්වෙනි කොටස’ post එකේ ලියද්දී මේ රචකයා මෙහෙමත් ලිව්වා.

‘.. ගෙවුණු දින කිහිපයකට පසුව සමරේ මට කිව්වේ ඇඟ කිළිපොළා යන තරමේ කතාවකි!

රංජි මල්ලී, දැන් ඉතින් නිකම්ම පපුව එළියේ දමාගෙන ඉන්න එපා. ඔයාලගෙ තාත්තට පෙනෙයි!සමරසිරි කිව්වේය.
මොනා පෙනෙන්නද?”

දන්නවද? අපි මෙහෙම ධාතු පිට කරන්න ගත්තම පපුවේ පොඩි වළක් හැදෙන්න පටන් ගන්නවලු. ඉතින් ගුණපාල අයියට ඒක නෝට් වුණෝතින් මළකෙළියක් වෙයි.... ඔයා කෝකටත් බැනියමක් අඳින්න පටන් ගන්න.... එතකොට ඉවරයිනෙ.

මේ කැලේ කොහෙන්ද සමරේ ඔය තරම් හොඳට පිහදගන්න රෙද්දක්. මම පුළුවන් තරමට තමයි පිහදගත්තේ- මේ ගහකින් කොළ ටිකක් කඩලා අරං.

සමරසිරි එහෙම කිව්වත් ඒක නං කරන්නට විදියක් නැත. හිටි ගමන් එහෙම කරන්නට ගියොත් තාත්තා දාහක් ප්‍රශ්න අසනු නියතය.

ඒත් සමරසිරිගේ මාහැඟි උපදේශ එකක්වත් අහක දමන්නටත් මට හිතුණේ නැතිය. මනුස්සයා ඒ තරම්ම expert කෙනෙකි කියලාය මං පිළිගෙන තිබුණේ...’

මට එහෙම ඉගැන්නූ ඒ ගුරුතුමා ‘ලන්දක හරි- අවසර කල් රහස් තැනකදී හරි පැවැත්වූ ප්‍රායෝගික සැසි’වලින් පස්සේ තවත් දෙයකින් ‘පරෙස්සම් වෙන්න’යි හැමදාමත් මට උපදෙස් දුන් බව මට මතකය.
“රංජි මල්ලී- මතක ඇතිව හොඳට පිහදාගන්න...”
“මේ කැලේ කොහෙන්ද සමරේ ඔය තරම් හොඳට පිහදගන්න රෙදි. මම පුළුවන් තරමට තමයි පිහදගත්තේ- මේ ගහකින් කොළ ටිකක් කඩලා අරං.”

“රංජි මල්ලී දන්නවද? අපේ ධාතු වෙරළු මල් සුවඳයි. ඉතිං හොඳට පිහදගත්තේ නැත්තං ඒ සුවඳින් ඔයාව ගුණපාල අයියට මාට්ටු වෙයි... ඒකයි මං ඔයාට කිව්වේ. දන්නවනේ, ඔයාලගේ තාත්ත ලෝක අණ්ඩපාලයෙක්නෙ...”

දැන් නං මේ වෙරළු මල් සුවඳ එන්නෙ හිතෙන්. ඒක දැනෙන්නේ හිතට. නහයට නෙවෙයි!
බස් එකේ වෙන කාටවත් එහෙම සුවඳක් දැනිච්ච පාටක් නැහැනෙ. වෙන එකක් තියා ප්‍රසාද්ටවත්...

ඊට පහුවදා හිමිදිරියේත් මට අමන්ගෙන් අර උණුහුම් hug එක හම්බ වුණා. “Aman, I want to say something... නමුත් දැන් නෙවෙයි. later...” මං කිව්වේ එයා මාව වැළඳගෙන උන්නු තත්පරයේදී.
“Why later. අපි දැන්මම කතා කරමුකෝ...” මාව නිදහස් කරපු අමන් කිව්වේ මගේ උරහිස්වලට එයාගේ අත් දෙක තියලා; මගේ මූණට එබීගෙන. මට නිකංම බැලුණේ ප්‍රසාද්ල දිහා.

ප්‍රසාද් විතරක් නෙවෙයි එතකොට බන්ටිත් හිටියෙ අපි දිහා බලාගෙන.
“ප්ලීස් අමන්... මං කියන දේ අහන්නකො... අපි අද දවල්ට කතා කරමු... lunch බ්‍රේක් එකේදී.”
ඔළුව වැනුව අමන් කීකරු තාලෙන් ඉස්සරහ table එකට ගිහිං ඉස්තිරික්කේ අතට ගත්තා.

ගිවිසගත්ත විදිහට අමනුයි මායි දෙන්නා ඉක්මනට lunch එක අරං ඇවිත් වේදිකාවේ උඩින් වාඩි වුණා. ඒ වැඩිය කවුරුත් ඉඳගන්නෙ නැති ඉසව්වක. “කෝ, ඉතිං... ඔයාට මොනවද කියන්න තියෙනවයි කිව්වේ...” ඉඳගන්න පමාවෙන් අමන් ඇහුවා. “දිග කතාවක්ද කියන්න තියෙන්නේ?”
“ම්හු!” මං වචන තේරුවා. “අමන් please... don’t misunderstand me... ඔයා මාව hug කරන එක නැවත්තුවොත් හොඳයි නේද?”
“ඇයි ඒ? ඔයා කැමැති නැත්තං මං එහෙම නොකර ඉන්නං...”
“අනේ නෑ අමන්... මගේ අකැමැත්තක් නෙවෙයි. හැමදාම ඔයා එහෙම කරනකොට දකින අය බලයිනෙ මේ මොකද කියලා.”

මාත් ඔයාට කොච්චර කැමතියිද කියලා ඔයා දන්නවා නං... (foto- Soban Raj)
“ඉතිං බලපුදෙන්! බලල ඕන්නං හිතයි අපි දෙන්නා හෝමෝ කපල් එකක් කියලා... ඒක නේද උඹ කියන්න හදන්නේ...” අමන් ඇහුවේ එක එල්ලේමයි; පොල්ලෙන් ගහන්නා වගේ... ”මොකද උඹ රතු වුණේ? උඹ එහෙම නේද හිතුවේ... පුළුවන් නං නැහැයි කියපං...”

මේ යක්ෂ පැටියාට ‘නැහැයි’ කියලා බොරුවක් කියන්නත් බැරිය. ‘එහෙම නේන්නං හිතුවේ’ කියලා ඇත්තම කියන්නත් බැරිය. නිමල් දිසානායකයා එහෙම ‘මුක පූට්ටු වී’ ඉඳිද්දී අමන්ම කතා කළේය.

“මේකයි ෆ්‍රෙන්ඩ්... මම ඔයාට ගොඩක් කැමතියි. ආදරෙයි... ඒත් ඒක sex රිලේටඩ් love එකක් නෙවෙයි. මං කියන්නේ අද මම ඉන්න තත්ත්වේ... අනෙක, අනිත් අය අපි ගැන මොනව හිතුවත්- මොනව කිව්වත් මට කමක් නෑ. මම ඒ එකක්වත් ගණන් ගන්න හාදයෙක් නෙවෙයි!
හැබැයි කවද හරි දවසක මම change වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මම sexually ඔයාට ඇට්රෑක්ට් වෙන්න වුණත් පුළුවන්. එහෙම වුණොත් එදාට මම ඒක ඔයාට කියයි... මගෙත් එක්ක එහෙම රිලේෂන්ෂිප් එකකට කැමතිද කියලත් ඔයාගෙන් අහයි. That’s me! ඕක තමයි නිමල් මගේ විදිහ...”

මගේම වාසනාවටය වෙලාව ගතවෙලා තිබ්බේ. එතකොට දවල් කෑම විවේකය ඉවරය. ඒ නිසාය, අපේ කතාවට විරාමයක් තියන්නට සිද්ද වුණේ.

‘අනේ අමන්! මගේ ඇත්තම ඇත්ත විදිහත් ඔයාට කියන්න තිබුණා නං... මාත් ඔයාට කොච්චර කැමතියිද කියලා ඔයා දන්නවා නං...’ ආයෙමත් වැඩ පටන් ගන්නට කලින් ඒ ටික එයාට කියා ගත්තා නං...
එහෙම නොකළ එක ගැන නං ඒ වෙලාවේ මට මගෙත් එක්කම දැනුණේ ලොකු තරහක්.

ඔයාල දන්නවද- අදටත් මට අමන් වගේම අශේන්වත් මතකයි!!!

පුදුමේ කියන්නේ ඒ දෙන්නම මට හම්බ වුණේ එංගලන්තයේදී වීමයි... අශේන් නම් මට හම්බ වෙනකොටත් එයාගේ යාළුවෙකු එක්ක සමරිසි සම්බන්ධකමක් පවත්වාගෙන ගිය හාදයෙක්. ඒ හින්දම මගෙත් එක්ක එකතු නොවුණු; මට සමීප වෙන්න පවා බය වුණු කෙනෙක්... ඈතින් ඉඳගෙන මට ආදරේ කරපු කෙනෙක්.
කෙනෙකුට එහෙම සෙනෙහෙවන්තයන් ඉන්න බැරිද? එහෙම...

බෑ බෑ ඔහොම කරලා බෑ! ඔහොම හැඟුම්බර වෙවී; අතීතකාමී වෙවී තමුසෙගෙ ජීවිත කතාව ලියන්න ගියොත් ඒ වැඩේ කවදාවත් ඉවර වෙන එකක් නෑ. අනෙක තමයි- ‘නිදිගෙ පංච තන්තරේ කියවන තමුසෙගෙ ආදරණීය රසික ජනතාව’ගේ කුතුහලයත් දන්නෙම නැතුව නැතිව ගිහින් තියෙයි; කතන්දරේ ටක් ගාලා එළිවෙලා.
රහ තියාගන්න නං රහස් එළි කරන්න ඕනේ ටිකෙන් ටිකනෙ.

මගේ මතකයේ විදිහට සිංහල චිත්‍රපට ගීත අතරේ තිබුණු දිගම දිග ගීත තුනෙන් එකක් වෙච්ච ‘සරා ගොයිය’ මේබල් බ්ලයිත් නිළි-ගායිකාවගේ ගැයුමක්!

මොකෝ වෙච්ච දේවල් දැන් වෙනස් කරන්නද? අමතක කරන්න එපා! ඔහේ ලියන්නේ තනිකරම සාරාංශගත වාර්තාවක් නෙවෙයිනේ... දිනපොතකුත් නෙවෙයිනේ... ආන්න ඒක හිංදා...

‘මෙහෙමයි. ඔය කතාවට මාත් තරමක් දුරට එකඟයි. ඒත් ඒ දවස්වල නං උන්නු නිදි නෙවෙයිනෙ අද ඉන්නේ. ඒ දවස්වල හිතපු විදිහයි දැන් හිතන විදිහයි වුණත් වෙනස් වෙලා නේද තියෙන්නේ... (ඒක නම් එහෙමද කියලත් සැකයි!)
ඒ වගේමයි- එදා හිටන්ම මේ නිමලයා පුරුදු වෙලා හිටියෙ සිද්ද වෙන දේවල් ගැන විමසිල්ලෙන් බලන්න; බලල තේරුම් ගන්නට වෑයම් කරන්න; ඊළඟට ඒවා විග්‍රහ කරගන්න... ජන්මෙට වැඩිය පුරුද්ද ලොකුයි කියනවනේ. ඉතිං, ඒ පුරුද්ද මේ හදිසියේ වෙනස් වෙයියැ?’

ඒකට කමක් නෑ. ඉක්මනටම ආපහු කතන්දරේට යනවා!
‘හරි හරි! තේරුණා!! ඕන්න අවවාදේ හිසමුඳුනෙන්ම පිළිගත්තා.’

ඊළඟ දවසේ උදේ අමන්ගේ හග් එක නොලැබුණාම නං මට පොඩි දුකකුත් හිතුණු විත්තිය නොකිය කොහොමද? ඒත් අපි දෙන්නම හිටියෙ එහෙම දෙයක් නොවිච්ච ගණනට; ගොළුවො වගෙ. හැබැයි- වෙන වෙන දේවල් නං කතා කළා. වචනෙන් දෙකෙන්- වැඩ අස්සේ.
අමන් නං සතුටු මූඩ් එකක ඉන්න විත්තියයි මට පෙනුණේ... එයා සැරෙන්-සැරේ මොකක්දෝ සිංදුවක තාලයකුත් ‘හ්ම්’ කරනවා ඇහුණා.

අහල නැති සිංදුවක්! අතරින් පතර එකම වචන දෙකක් විතර ආයෙ-ආයෙමත් කියැවෙන හැටිත් මං නිසොල්මනේ අහගෙන හිටියෙ.
‘සරා සරා...’

ඒ වෙනකොට මගේ මතකයෙ තිබුණේ ‘සරා’ කියන සිංහල වචනයයි, ‘සරා ගොයිය හරි මිනිහා’ කියන දිගම දිග සිංදුවයි විතරයි. (මගේ මතකයේ විදිහට සිංහල චිත්‍රපට ගීත අතරේ තිබුණු දිගම දිග ගීත තුනෙන් එකක් වෙච්ච ‘සරා ගොයිය’ මේබල් බ්ලයිත් නිළි-ගායිකාවගේ ගැයුමක්.)

ඒ මතක ගොන්නට මේ ‘සරා සරා’ත් එකතු වුණා. අවුරුදු තිහකටත් වැඩිය ඒ මතකය බලපෑම හිතේ රැඳිලා තිබුණු හැටි ඉස්සරහ කොටසකදීම ඔයාලට කියන්නං!

ඕන්න ඔය දවස්වලමයි අපේ මව්තුමී දීපාල්ට කියල අපේ ගෙදර තිබිච්ච පරණ නත්තල් ගහ එළියට වැඩම්මෙව්වේ. (ඒ නත්තල් ගහ වෙන්න ඕනි 1985දී අපේ ගෙදර තිබ්බෙත්!)

එතකොට බඩා මල්ලියාත් දීපානිත් දෙන්නම ළමයි. දැන් එහෙමයැ? මල්ලාට 24ක්. චූටි නංගියා දීපානිට 21ක්.
ඒ වයසෙදි එයාලට නත්තල කියන්නේ එච්චරට සුවිශේෂ දෙයක් නෙවෙයි. දෙසැම්බර් 24 වෙනිදා මහ රෑ දොළහට නත්තල් සීයා තෑගිත් අරං ගෙවල්වලට එනකල් හීන දකින වයසේ නෙවෙයිනෙ එතකොට එයාලා උන්නේ.

ඉස්සර නං නත්තල් සීයා එනකං බලාගෙන හිටිය තමයි. දැන් අපි දන්නවනෙ ඇත්ත මොකක්ද කියලා.

“අනේ අම්මේ! අපි දැන් පොඩි එවුන් නෙවෙයිනෙ. ඉස්සර නං නත්තල් සීයා එනකං බලාගෙන හිටිය තමයි. දැන් අපි දන්නවනෙ ඇත්ත මොකක්ද කියලා. ක්‍රිස්මස් දවසට තව කල් තියෙන්නේ... දැන් තියාම ඕක decorate කරන්න මහන්සි වෙන්න ඕනිද?”

“අනේ මේ දීපානි. මට උදව් කරන්න බැරි නං නිකං ඉන්න එකයි තියෙන්නේ- සිලි එක්ස්කියුසස් නොකියා... අවුරුද්දට එක පාරයිනෙ නත්තල එන්නේ. ඔයාලා දැන් දන්නවා වැඩියි. නත්තල් ගහ සරසලා තිබ්බම කොච්චර සිරියාවන්තයිද- ඒ චාරිත්තර කළාම ගෙදරට එළියක් නැද්ද? ඩැඩා වුණත් ක්‍රිස්මස්කාරයනෙ...” අම්මා තරහෙන් එහෙම වගපල කිව්වේ දීපානිට. "මෙහෙදී ජීසස්ව ගණන් නොගෙන හිටියොත් අපිට හරි යන්නෑ."

ආගම් ගැන නං අපේ අම්මාට තිබුණේ අන්ධ භක්තියක්.

එතකොටයි මතක් වුණේ, Radiance of Numbers වත්පොතේ තිබුණු ‘චෛත්‍ය වන්දනාව’ ගැන අපූරු සටහනක්. මේ එයින් චුට්ටක්.

‘... ගොඩක් දෙනෙක් කරන්නේ 'අන්ධ භක්තියෙන්' (Blind Faith) චාරිත්ර ටිකක් කරන එක විතරයි. හැබැයි අපේ මුතුන් මිත්තෝ මේ යෝධ චෛත්යය නිර්මාණය කළේ නිකන්ම වඳින්න පුදන්න විතරක් නෙවෙයි. මේක ඊට වඩා එහා ගිය Advanced Energy Technology (දියුණු ශක්ති තාක්ෂණයක්).

ඔබ නොදැනුවත්වම කරන චාරිත්ර පිටුපස ඇති 'Bio-Physics' (ජෛව භෞතික විද්යාව) මෙන්න:

ඇයි බිම බලාගෙන, පාවහන් නැතුව යන්නේ? (Earthing)  මේක ගෞරවයට කරන දෙයක් විතරක් නෙවෙයි. චෛත්යය වටා ඇති වැලි මළුව කියන්නේ අතිශය ප්රබල ධන අයන (Positive Ions) ගබඩා වූ කලාපයක්. පාවහන් ගලවා ඇවිදින විට ඔබේ සිරුරේ ලෙඩ රෝග හදන 'Static Energy' පොළොවට ඇදලා ගන්නවා. මේක විද්යාවේ 'Earthing' ක්රියාවලියයි.

ඇයි ගෝලාකාර හැඩය? (Energy Dome)  පිරමීඩ හැදුවේ මළ සිරුරු තියන්න. හැබැයි චෛත්යයේ 'බුබ්බුලාකාර' හැඩය (Geodesic Dome) ක්රියා කරන්නේ විශ්ව ශක්තිය (Cosmic Energy) එක තැනකට ෆෝකස් කරන ඇන්ටනාවක් වගේ. ඔබ මළුවට ගිය සැණින් ඔබේ සිත නිවෙන්නේ මේ 'Energy Field' එක නිසයි.

කොත සහ චූඩා මාණික්යය (Crystal Transmitter)  කොත මුදුනේ තියෙන්නේ නිකන්ම වීදුරුවක් නෙවෙයි, පිරිසිදු පළිඟු (Quartz Crystal). රේඩියෝ තාක්ෂණයේදී වගේම, මේ පළිඟුව මගින් චෛත්යය තුළ ගබඩා වන ශක්තිය විශ්වයටත්, අවට පරිසරයටත් මුදා හරිනවා.

නිගමනය: චෛත්යය කියන්නේ ආගමික ස්මාරකයක් පමණක් නොව, ජීවමාන 'ශක්ති උත්පාදකයක්' (Energy Generator)...’

චෛත්‍ය වන්දනාවේ විද්‍යාත්මක පැත්ත ගැන නියම අවබෝධයක් ඒ සටහනින් මං ලබා ගත්තා. ඒත්...

චෛත්‍ය වන්දනාවේ විද්‍යාත්මක පැත්ත ගැන නියම අවබෝධයක් ඒ සටහනින් මං ලබා ගත්තා. ඒත් වැඩි දෙනෙකු ගොඩක් වෙලාවට කැමති පරණ රාමුවේම හිර වෙලා ඉන්න නේද- අපේ අම්මා වගේ...

“... අපරාදේ මම ඔයාලව මෙහාට ගෙනාවේ. ලංකාවේම ඉන්න අරින්නයි තිබ්බේ. එහෙනං ඔයාලත් වැඩිහිටියන්ට කීකරුව ඉන්න ළමයි වෙන්න තිබුණා...”

“ඔව් ඔව්... වෙන්න තිබුණා... ඒත් අපි දැන් ඉන්නේ එංගලන්තෙනේ- ලංකාවේ නෙවෙයිනේ.” චූටියා කට ගහගෙන ගියා.
“අම්ම දන්නවද... ඔය පරණ කබල් නත්තල් ගහ විසි කරලා ලොකු, අලුත් Christmas tree එකක් ගෙනත් හයි කෙරුවනං ගෙදර සිරියාව තව වැඩි වෙයි.”
“එහෙම කරන්න තිබුණා උඹලත් හම්බ කරන සල්ලි මට දෙනවා නං... ඒවා නිකංම නාස්ති කර-කර එනවා මට උගන්නන්න. උඹලත් ඉතිං තාත්තගෙම දරුවොනේ... මොනවා නැතත් අතිපණ්ඩිතකමයි කටයි නං තියෙනවා...”

සුරූස්! අම්මා නාසය සූරා දමයි. දැනටමත් එයාගේ නහය රතු ජම්බු ගෙඩියකි.

Coming colour is not goodය! අම්මා සැරසෙන්නේ එයාගේ අතිප්‍රබල ආයුධය පාවිච්චියට ගන්නටය. අඬන්නටය. මටත් මැදිහත් වෙන්නට කාලය ඇවිත්ය.
“චූටි නංගි, ඔය ඇති... අම්මත් කට වහගත්ත නං ඉවරයිනෙ අම්මේ. මම දීපාල්වත් අල්ලාගෙන හෙට අනිද්දා දවසක නත්තල් ගහයි ගෙදරයි සරසලා දෙන්නං...”

ඉතිරි හරිය ඉතා ඉක්මනින්...

Sunday, January 25, 2026

හතලිහේදී... තිස්එක්වෙනි කොටස

“මොකද කරන්නේ? ඔයා අපේ ගෙදර එනවද- නැත්තං මං එහෙ එන්නද?” වැඩි වෙලාවක් යන්න කලින් බන්ටි ඇහුවා.

“ඔයා ඉන්නෙත් නෑදෑ ගෙ..ද..ර..ක නේද? අමුත්තෝ එනවට එයාලා කැමතිද කියල දන්නෙත් නැ..ති..ව...” මගේ තෙපර බෑවිල්ල ඉවර වෙන්නත් කලින් බන්ටි මගේ අතකින් අල්ල ගත්තා.

හො..ඳ...ට අහගනින්. ඔයා මගේ යාළුවෙක් තමයි. ඒත් එහෙම වුණයි කියලා මට තව යාළුවො අඳුරගන්න- යාළුවො ආස්සරේ කරන්න...

They don’t mind. අනෙක අපේ තාත්තල මං එහෙ ඉන්නවට එයාලට කුලියක් ගෙවනවනේ. මම එයාලට කියලත් තියෙන්නේ ඔයාව එහාට එක්කරගෙන එන බව!”

“ඇත්තටම?”
“මං මොකටද ඔයාට බොරු කියන්නේ
?”
“එ.හෙ.ම නං... ඉතිං...”
 මගෙන් එහෙම කියවුණා විතරයි, බන්ටි ඉතිරි හරිය කියපි!
“Let’s go!”
“No Bunty, not now. Tommorow...”
“ඕ කේ... ඕ කේ... ඔයාගේ කැමැත්තක්. එහෙනං හෙට...” ඊට ටිකකට පස්සේ බන්ටි එයාලගෙ ගෙවල් පාරට හැරුණා. ඒත් එක්කම ප්‍රසාද් අඩියෙන් දෙකෙන් මගේ ළඟ.

“මොනවද අර බමුණා ඔයා එක්ක අච්චර කියව- කියවා හිටියෙ?”
“කියෙව්වෙද... වෙදර් ෆොර්කාස්ට් එක...” මං කිව්වේ බොහෝම සීරියස් විදිහට. ප්‍රසාද්ගේ රතු වෙච්ච ඇස්ගෙඩි එළියට පැන්නා.
“මට තේරෙනවා... මට තේරෙනවා. උඹටත් දැන් ඒ බමුණව ලොකු වෙලා තියෙන්නේ, මටත් වැඩිය.”

“ප්‍රසාද්, මං කාවද ලොකු කර ගන්නේ කියන එක මගේ වැඩක්. Listen – listen very carefully. ඔව්... හො..ඳ...ට අහගනින්. ඔයා මගේ යාළුවෙක් තමයි. ඒත් එහෙම වුණයි කියලා මට තව යාළුවො අඳුරගන්න- යාළුවො ආස්සරේ කරන්න ඒක කිසිම බාධාවක් වෙනවට මම කැමති නෑ. කොටින්ම කිසිම කෙනෙක් මාව ඕනෙවට වඩා controll කරන්න හදනවට මං කැමති නෑ. ප්‍රසාද් දන්නවද? අපේ අම්මටයි තාත්තටයි වුණත් මාව එහෙම කන්ට්‍රෝල් කරන්න බැරි වුණා!
ඉතිං මහත්තයෝ... ඔයා වුණත් ඕනෑ නැති තරමට මගේ වැඩවලට ඇඟිලි ගහන්න පටන් ගත්තොත් වෙන්නේ අපේ යාළුකම නැති වෙන එකයි! එහෙම වෙනවට මං කැමතිත් නෑ. හැබැයි...”

ප්‍රසාද් මොකුත්ම නොකියා උන්නේ අන්ද-මන්ද වෙලා වගෙයි. බස් නැවතුමටම ඇවිල්ලත් එයා හිටියෙ ගොළු වෙලා.

මට දුකත් හිතුණා. හැබැයි මං ඒ විත්තිය එයාට පෙන්නුවෙ නෑ. එහෙම පෙන්නන්න යනකොට වෙන්නේ මම කියපු දේවල්වලට කිසිම බරක් නැතිව යන එක නේද? එහෙමයි මට හිතෙන්නේ...

‘කොහොම වෙතත් නිමලෝ,  මිනිහා තද ඉරිසියාකාරයෙක්. පරෙස්සමෙන් ප්‍රසාද්ව ආස්සරේ කරන්නේ!’
අවවාදෙට ගොඩක් ස්තුතියි. වැඩිය හිතන්නේ නැතිව වැඩ කරන ප්‍රසාද්ව ආස්සරේ කරන්න ඕනි හරිම පරිස්සමින්ය කියන එක නං මටත් හිතිලයි තියෙන්නේ.

ආදර වදන්වලින් බල්ලන්ගේ හද ගැස්ම වේගවත් වී ඔවුන් උද්යෝගිමත් වන අතරම, තම අයිතිකරුවා ඔවුන්ව ආදරයෙන් වැළඳ ගැනීම හෝ තුරුල් කර ගැනීම (Cuddling) සිදු කරන විට...

ඒ වෙනකොටත් මට හමු වෙලා තිබුණු ඉරිසියාකාර ප්‍රේමවන්තයන් තුන්-හතර දෙනෙකුගෙන්ම පාඩම් ඉගෙනගෙන හිටි එකත් මට ලොකු බලපෑමක් කළා- ඒ තීරණයට එළඹෙන්න.

ඊළඟ දවසේ එයාගේ අයනින් ටේබල් එක ළඟට යන්න කලින් අමන් මගේ ළඟට ආවා. කලින් දවසේ කළාටත් වැඩිය උණුසුම් විදිහට මට hug එකක් දුන්නා. අමන් කොයි තරං කෙයාරින්; අනුන් ගැන තකන කෙනෙක්ද කියලා මට හිතුණෙ එතකොටයි.

ඒත් එක්කම  මට කල්පනා වුණේ මගේ රහසිගත විශ්වයේ සිය ගණනාවක් වූ සහකරුවන් ගැන. ඒ සමහරුන්ට තිබුණේ පුදුමාකාර හදිසියක්- (කොලු බාසාවෙන් කියනවා නං) ‘වතුර ටික යවාගන්න හදිසියක්!’ එහෙව් අයගෙන් මොන හග්ස්ද... මොන පූර්ව රමණ ප්‍රවේශයන්ද?

ඒ ගොඩට නොවැටෙන; තදින්ම මාව වැළඳ ගත්ත අය වුණත් එහෙම කළේ අප තනි වුණු වෙලාවක; පේන තෙක් මානයේ කිසිම ප්‍රාණියෙක් නැති බව සහතික වෙලාවක විතරයි.
සමහරුන් එහෙම කළේ සෙනෙහස නිසා නෙවෙයි- රමණයේ කූටප්‍රාප්තිය වෙලාවේ දැනෙන ආවේගය පිට කරන්නයි කියලත් මං තේරුම් අරගෙන හිටියෙ.
ඒ නිසාමයි මට අමන්ගේ හග් එක මහමෙරක් තරමට දැනුණේ.

යම් තරමකට හරි එහෙම සෙනෙහසක් උරුම වෙන්නේ වාසනාවටයි!
ඔයාලා දන්නවද ‘සුනඛ සුරතලුන්’ පවා ආදරණීය ප්‍රකාශ නිසා අමන්දානන්දයට පත් වෙන බව.

‘... මෑතකදී සිදු කරන ලද විද්‍යාත්මක අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ අප සිතනවාටත් වඩා ප්‍රබල ලෙස බල්ලන් අපගේ ආදරයට ප්‍රතිචාර දක්වන බවයි. මෙම පර්යේෂණයට අනුව, සුනඛයෙකුගේ අයිතිකරුවා ඔවුන් දෙස බලා "I love you" එසේත් නොමැතිනම් "මම ඔයාට ආදරෙයි" යනුවෙන් පැවසූ විට, එම සත්වයාගේ හද ගැස්ම 46% කින් පමණ ක්ෂණිකව ඉහළ යන බව සොයාගෙන තිබේ. මෙය හුදෙක් ශබ්දයක් ඇසීම නිසා සිදුවන දෙයක් නොව, ඔවුන් හා තම ස්වාමියා අතර ඇති දැඩි ආත්මීය බැඳීම නිසා ඇතිවන ප්‍රීතිමත් උද්දීපනයක් බව විද්‍යාඥයින් පෙන්වා දෙයි...

... මෙම පර්යේෂණය මගින් තවත් අපූරු කරුණක් අනාවරණය වී ඇත. ආදර වදන්වලින් බල්ලන්ගේ හද ගැස්ම වේගවත් වී ඔවුන් උද්යෝගිමත් වන අතරම, තම අයිතිකරුවා ඔවුන්ව ආදරයෙන් වැළඳ ගැනීම හෝ තුරුල් කර ගැනීම (Cuddling) සිදු කරන විට ඔවුන්ගේ හද ගැස්ම 23% කින් පමණ පහත වැටෙන බව සොයාගෙන තිබේ. මෙයින් අදහස් වන්නේ ස්වාමියාගේ ස්පර්ශය මගින් ඔවුන්ට විශාල ආරක්ෂාවක් සහ සැනසීමක් දැනෙන බවයි. වචනවලින් ඔවුන්ව සතුටු කරවන අතරම, ස්පර්ශය මගින් ඔවුන්ව සන්සුන් කිරීමට මිනිසුන්ට හැකියාව ඇත...

හැමෝටම පේන්න බොහොම ආදරෙන් උඹව බදා ගත්තේ!

... අවසාන වශයෙන් කිව හැක්කේ ආදරය යනු මිනිසුන්ට පමණක් සීමා වූ භාෂාවක් නොවන බවයි. එය ජාති, ආගම් මෙන්ම සත්ව විශේෂද ඉක්මවා යන විශ්වීය භාෂාවකි.’

නිමල් දිසානායක කියන දෙපා සතාත් ඒ විශ්වීය භාෂාව හොඳටම තේරුම් ගන්න ඇහැකි සතෙක්ය කියන විත්තියත් මෙතැනදී කියන්නම වෙනවා; හොඳේ.

එදා හවස තේ වෙලාවේ මං ප්‍රසාද්ට කිව්වා ‘වැඩ ඉවර වී යාළුවෙකුගෙ ගෙදර යන විත්තිය’.
එක විඩේම එයාගේ කටෙන් පැන්නේ ප්‍රශ්නයක්. “කවුද යාළුවා...” ඒත් ඒ එක්කම ප්‍රසාද්ට මතක් වෙන්නැති කලින් දවසේ මං කියපු දේ. “සොරි ෆ්‍රෙන්ඩ්! මම ඇහුවේ අයිති නැති ප්‍රශ්නයක් නේද...”

“හොඳ ළමයා. එහෙම තමයි හැදෙන්න පුළුවන්. වැරද්දක් වෙච්ච ගමන් තමන්ටම ඒක තේරුම් යනවා කියන්නේ නුවණක්කාරකමක් ප්‍රසාද්. අනෙක් වැදගත්ම දේ සොරි කීම. වැරද්දක් වුණාම ඒක පිළිඅරන් ‘කනගාටුයි කියල හරි- සමා වෙන්න කියල හරි’ කියන්න කෙනෙකුට ගොඩක් guts තියෙන්න ඕනෑ. ඒත් අනේ- හුඟක් අයට ඒ ගට්ස් නැහැනේ! ඔයාට ඒ ගට්ස් තියෙන එක නං ලොකු දෙයක්.”

“අද උදෙත් එහෙම ගොඩක් ගට්ස් තියෙන එක්කෙනෙක් වැඩට ආපු ගමන් හැමෝටම පේන්න බොහොම ආදරෙන් උඹව බදා ගත්තේ. ඒකවත් අහන්න හොඳ නෑ කියල හිතාගෙන හිටියත්... මගේ කටෙන් මේ ඕන නැති ප්‍රශ්නයක් පැන්නනේ...” ප්‍රසාද් කිව්වේ පසුතැවිලි හඬින්- බිමට රවාගෙන.
‘ඒක නං නිදැල්ලේ යන්න අරින්න ඕනි පන්දුවක් නිමලෝ.’ චිත්තයා ඒ සැණෙන් මට එහෙම කිව්ව නිසා මං කළේ මුනි වත රකින එක.

යමක් තේරුම් ගන්න ටිකාක් හරි ලේසි වෙතත්, ඒකට අනුව වැඩ කරන එක නං එච්චර ලේසි නෑ. ඒ විත්තිය තවත් තහවුරු වුණා එදා හැන්දෑවෙ ප්‍රසාද් කළ දෙයින්... අපි; බන්ටියි මායි එයාලගෙ ගෙදරට යන්න පිටත් වෙනකොට ප්‍රසාද් පෙනෙන්න හිටියෙ නෑ.
ඒත් ටික දුරක් ගියාම මට දැනෙන්න ගත්තා කවුරු හරි අපේ පස්සෙන් එනවයි කියලා. වතාවක් හැරිලා බලද්දී මං දැක්කේ ඈතින් එන ප්‍රසාද්. ඒත් මං ඒ විත්තියක් බන්ටිට ඇඟෙව්වේ නෑ.

දවසක් (බල්නූර් කිව්ව නිසා) මගේ ළඟ තිබුණු පරණ ෆොටෝ කිහිපයක් මං ෆැක්ටරියට ගෙනිච්චා. (වමේ සිට- නිදි, ඒකනායක, අතුල මල්ලී, කුමුදුලාල්, ජගත්, සුරංගව වඩාගත් මානෙල්, සමන්ති හා සුසන්ත)

බන්ටිලගේ නෑදෑයන් සෑහෙන්න ඉසුරුමත් උදවිය වෙන්නෝනි... ලස්සන ගෙවත්තක් මැද්දේ තිබුණු මන්දිරේ තමයි ඒ බව කියා පෑවේ. ඒ විතරක් නෙවෙයි- ගෙයි තිබුණු බඩුබාහිරාදියත් ඒකට සාක්කි.

තඩි සෝපාවක මාව ඉන්දවලා ගෙට ගිය බන්ටි ආපහු ආවේ වියපත් මහිලාවක් එක්ක...

‘මාලිගාවටම ගැලපෙන සයිස් එකේ!’
ඇවිද ගන්නත් බැරි තරමට මහත ඒ කුලාංගනාව දැක්ක ගමන් මට පහළ වුණේ එහෙම සිතුවිල්ලක්. ඒ මනුස්සය නියමෙට හිනා වෙන්න නං දැනගෙන උන්නා. ඒත් ඉංග්‍රීසි කතා කළේ නෑ. එයාව අඳුන්නලා දීලා බන්ටි මාව එයාගේ room එකට කැන්දාගෙන ගියා. ඒකත් නිකංම නිකං රූම් එකක් නෙවෙයි, භවනක්!

“ඉන්දියාවේදී ගත්ත අපේ foto ටිකක් ඔයාට පෙන්නන්නද?”
“බලමු... බලමු...”
පුංචි foto ඇල්බම් එකේ තිබුණු ෆොටෝස් සේරම ගැන බන්ටි මට කියා දුන්නා. ඒවයෙනුත් වෑස්සුණේ එයාලගෙ උදාරම්කම. මට එහෙම හිතුණෙ ‘බන්ටිලා බ්‍රාහ්මණයන්ය’ කියලා දැනගෙන හිටි නිසාවත්ද?

දෙයියෝ සාක්කි!
මෙයා මේ හදන්නේ එයාලගෙ මහේශාක්‍යකම මටත් ඒත්තු ගන්වන්නවත්ද? ප්‍රසාද් කිව්වෙත් බන්ටිලගේ අහංකාරකම ඒ වගෙයි කියලනේ. මට අහම්බෙන් වගේ එහෙම හිතුණෙ නිකංමමත් නෙවෙයි.
දවසක් (බල්නූර් කිව්ව නිසා) මගේ ළඟ තිබුණු පරණ ෆොටෝ කිහිපයක් මං ෆැක්ටරියට ගෙනිච්චා. බන්ටිත් ඒවා බැලුවා. ඒ හැම එකක්ම අපේ සරලකම- අහිංසකකම පෙන්නුවා මිසක් විභූතිමත්කමක් කියාපෑවේ නෑ. එතකොට මේ යක්ෂයාට හිතුණාවත්ද මාව ගෙදරටම එක්කගෙන ඇවිත් මෙහෙම show එකක් දාන්න.

‘සිතේ ඇතිදේ කවුද දන්නේ කියන්නට විමසා-
සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා’ බෙග් මාස්ටර් චිත්‍රපට ගීතයකිනුත් කියල තියෙන්නේ...

තරමක පැකිළීමකින් වුණත් කියන්න ඕනිනේ මං අනුමාන කරගෙන ආවෙත් ප්‍රසාද් හිතුව දේමයි. කාමුක අභිප්‍රාවකින් බන්ටි මාව එහාට එක්කං ගියා කියලයි මං හිතුවේ. එහෙම වෙලාවලදී ඉස්සර නොවී ඉන්න එකයි හුඟක් අවස්ථාවලදී මගේ විදිහ. අනෙක ඉඟියකින් හරි එයාට දිරි දෙන්න ඕනයි කියලත් මට හිතුණෙ නෑ... බන්ටි මං කැමති ටයිප් එකේ කෙනෙකුත් නෙවෙයිනේ.
‘කමක් නෑ! කලබල නොවී ඉඳලා බලමුකො මොකද වෙන්නේ කියලා.’

“දැන් ඉතිං ඔයාට මාව විශ්වාස ඇතිනේ- නේද?”
“ඒ මොකද බන්ටි එහෙම කිව්වේ?”
“උඹට මාව විශ්වාස නැති හින්දනේ, මම උඹලගෙ ගෙදර එන්නං කිව්වම අකමැති වුණේ. ඒකයි මට හිතුණෙ ඔයාව මෙහාට එක්ක ඇවිල්ලම පෙන්නන්න, මම ප්‍රසාද්ල වගේ හොරෙන් එංගලන්තෙට ඇවිත් ඉන්න; යන්න එන්න තැනක් නැති අපතයෙක් නෙවෙයි කියලා...”
“ඒ උඹ හිතපු හැටිනෙ බන්ටි. මම නං එහෙම හිතුවේ නෑ...”

ආයෙමත් නං ඔහොම දේවල් කළොත්...

එදා මේ දිසානායකයා බන්ටිලගේ ගෙදරින් පිටත් වුණේ තේ එහෙමත් බීලා. එහෙම පිටත් වෙන තුරුමවත් ඒ හාදයාගෙන් කිසිම සැක කටයුතු ඉඟියක්වත් පළ වුණේ නෑ; කෙරුණු එකම එක විකාර ඉල්ලීමක් ඇර.

“දැන්වත් උඹට මාව විශ්වාස නං, හෙට අනිද්දාම දවසක මාව උඹලගෙ ගෙදරට එක්කගෙන පලයංකො...”

මොන මඟුලක්ද මංදා මේ යක්ෂයා කියන්නේ? මොකටද එයාට මේ තරමටම අපේ ගෙදරට එන්න ඕනි වෙලා තියෙන්නේ? Bus Stop එකට එනකල්මත් මං කල්පනා කළේ ඒ ගැන. ඒ කල්පනාව බිඳුණේ ප්‍රසාද් එතැනට කඩාපාත් වුණාමයි.

“මේ මොකද මේ?” මං ඇහුවේ පුදුමයෙන්.
“අපි එහෙම තමයි...” ප්‍රසාද් කිව්වේ උරහිස් දෙක හොඳට දිග ඇරලා අත් දෙක දෙපැත්තට විහිදවන ගමන්. “මගේ හිතට වැදුනු කෙනෙක් ගැන මං හොයා බලනවා.”
“චී චී ප්‍රසාද්, මේක නං හොයා බැලිල්ලක් නෙවෙයි. ඔත්තු බැලිල්ලක්... ඇත්තටම මට තරහයි- ඔයා මෙහෙම කරනවට.”

“Very සොරි ඩියර්... ආදරේටනේ... තරහයි නං මට දෙකක් ගහපං... හාද?” අඩි හයක් විතර උස දීඝජන්තු ප්‍රසාද් ටිකක් නැමිලා එයාගේ උරහිස පෑවා. ගහපං කිව්වට ගහන්නයැ ඉතිං.
(ඒ වගේමයි-ආදරේ කරද්දියි, යුද්ධ කරද්දියි කරන ඕනිම දෙයක් සාධාරණයි කියලත් කියනවනේ.
‘ඔතන තියෙන්නේ ආදරේද නැත්තං sexද?’
ඒකට උත්තර නොසොයා මං ප්‍රසාද්ට උත්තර දුන්නා.)

“ඔන්න ප්‍රසාද් අන්තිම වතාවටයි මම ඔයාට සමාව දෙන්නේ... ආයෙමත් නං ඔහොම දේවල් කළොත්...”
“ආයෙමත් මම එහෙම කළොත් මගේ ඇඳුම් ඔක්කොම ගලවලා මාව fully naked කරලා...”

“Is that the way you like...” මං ඇහුවේ ලතාවකට; ඒ හාදයව ඇවිස්සෙන විදිහේ ටෝන් එකකින්... (‘හස්කි වොයිස්- husky voice’ එකකින් කතා කරනවයි කියන්නේ එහෙම කාමුක tone එකකින් කතා කරනකොටද?) මීට කාලෙකට ඉස්සරින්ම මං ඔයාලට කියල තියෙනවනේ මං වහන්සේ ඒ සාස්තරේ ප්‍රායෝගිකවම අත්හදා බලලා කෙළ පැමිණිච්ච නසරානියෙක් විත්තිය.

ඒත් අපි දෙන්නට ඒ ශෘංගාරාත්මක සංවාදය එතනින් නවත්තන්න වුණේ බස් එකක් එනවා පෙනුණාම.

සංවාදය අතරමඟින් නැවැත්තුවා වුණාට ප්‍රසාද් නෙවෙයි පසුබැස්සේ. එයාත් බස් එකට නැංගා. මට නිච්චි නැතිවයි හිටියෙ වෙනදට වැඩිය රෑ වෙලා විත්තියත්, ඒ නිසා බස් එකේ ඉන්න කට්ටිය අඩු විත්තියත්. කලින් දවසේ වගේ එදාත් ඩබල් ඩෙකර් බස් එකේ උඩ තට්ටුව ගොඩාරියක් හිස්වයි තිබ්බේ. එකම සීට් එකක මගේ ඇඟටම තෙරපීගෙන වාඩි වුණු ප්‍රසාද් වැඩිය පරක්කු නොවී මගේ අත එයාගේ කර ගත්තා.
ඒ විතරක් නෙවෙයි, එයාගේ අතත් මගේ කලිසමේ ගොල්ෆිය උඩින් තියලා ඒ ඉසව්වත් බද්දට ගත්තා.

ඒ වෙලාවේ මං ඇස්දෙක පියා ගත්තා. පියාගෙන හිතා ගත්තා...
ඉතිරි හරිය ඉතා ඉක්මනින්...