‘මොනවද යකෝ මේ? තේ නෙවෙයි, මෙව්වා ‘චා’ම තමා.’
විශ්වාස කරනු මැනවි. එතෙක්- මෙතෙක් කාලයකට මේ නිමල් දිසානායකයාට බොන්නට ලැබී ඇති ‘අජපල්
තේ’ එක ඒකය! එහෙම කිව්වාට එදා විතරක් නොවේ; ඊට පසුවත් හැමදාම; දිගටම එහෙන් ලැබුණේ
අර ‘ජරා කොලිටියේ තේ’මය. ඒ තේවල කහටත් නැත; සීනිත් නැත; කිරිත් නැත; මදිය නොකියන්නට
තිබුණේ වතුරයි රස්නයයි විතරය.
![]() |
දයාබර ඔබට ඉහතින් තිබෙන පින්තූරය දැක්ක ගමන්ම
පෙනුණේ මොකක්ද? |
හැබැයි, නිතිපතාම ඒ තේ හැදූ සමීරාට වෙනමම සුවිශේෂ සම්මානයක් දිය යුතුය කියලාත් මට
හිතෙයි. ඒ හැමදාම කිසිම වෙනසක් නොවී- එකම වහුකුණු රසයක් ලැබෙන
විදිහට ඒ තේ සෑදීම වෙනුවෙනි. ඒකත් ලොකු හපන්කමක් නේද?
ඒ පන්ජාබි තේ එක ගැන මගේ හිතේ ඇති වුණු තදබල
නොරිස්සීමෙන් බාගයක්ම- නැත්තං ඊටත් වැඩි කොටහක්... ඒ වෙලාවේම අඩු වුණු විත්තියත්
නොකියා බැරිය.
එහෙම වුණේ Aheer මහතාත් එතැනට ඇවිත් අර
තේවලින්ම එකක් බොන හැටි දැක්කාමය. අහීර් මහතා එහෙම කළේ කාටවත් පෙනෙන්නට නොවේ.
සිරි ලංකාද්වීපයේ සැමට උදාව සලසන්නට
කැපවුණු NGOවක ලොක්කෙකුගේ ‘ව්‍යාජ රංගන පොරෝඩාව’ ගැන එවෙලේ මගේ සිහියට නැඟුණේ
නිතැතිනි. ඒ ගැන විස්තර මා මීට කලිනුත් ලියා ඇත! හැබැයි, එහෙම ලිව්වේ අවුරුදු හතකට ඉස්සරය. බලන්නකො
ඔයාලටත් ඒක මතකද කියලා.
‘අනෙක්
දවස්වලට සර්ලගෙ කට්ටියට උයන්නේ පුංචි හැළි-වළංවල, වෙනමම.
මං දැකපු හැටියට නම් වෙන-වෙන ජාතිත්. එහෙ වැඩ කරන අපට උයන්නේ ලොකු කල්දේරම්වල- සාස්පාන්වල. සර්ලාට වෙනම මේසයකට කෑම අරිනවා. අපි සේරෝමලා පිඟන් අරන් පෝලිමක ගිහින් කෑම ඉල්ලා ගන්නවා. මට ඕකේ කිසිම වැරැද්දක් පෙනුණේ නැහැ. වැරැද්දක් පෙනෙන්න ගත්තේ කමිටු රැස්වීම තියෙන දවසට සිදුවෙන දේවල් පේන්න ගත්තාම.
එදාට කුස්සියේ කෑම ඉදුණේ ලොකු සාස්පාන්වල විතරයි. හැමෝන්ටම හැදෙන ජාති මිසක් විශේෂ ජාති හැදුණේත් නෑ. සේරටම වඩා විගඩම වුණේ සර් ‘කොමිටියේ කට්ටියම පිරිවරාගෙන කෑම පෝලිමේ’ අපිත් එක්ක ගෑටුව එක. අපි සර්ලට ඉස්සරහට යන්න ඉඩ දෙන්න හැදුවත් එක පිළිගන්නෙත් නෑ. හරිම ආචාරශීලී, විනීත, සිරිත්-විරිත්, චාරිත්‍ර-වාරිත්‍ර අකුරටම පිළිපදින අය වගේ.... හැබැයි ඒ සීලේ අනෙක් දවස්වලට තිබ්බෙ නෑ.
"නිමල් හිතන්නේ ඔහොම ඇක්ටින් කෙරුණේ එහෙ විතරයි කියලද? අනෙක් මෙම්බර්ස්ලා ඕවා නොදන්නවා කියලද? නෑ, නිමල්. ඔය රැවටිල්ල තමා හැම තැනම වෙන්නේ. ඒත් හැමෝම අඟවන්නේ එයාලා මොකුත් දන්නේ නැහැ වගේ...’
ඒක එහෙම තියෙච්චාවෙකෝ කියල මේකත් කියවල ඉඳිමුකො...
‘නිදිගෙ පංච තන්තරේ’ කියවන දයාබර ඔයාලට මේ post එකේ උඩින්ම තියෙන පින්තූරය දැක්ක
ගමන් පෙනුණේ මොකක්ද?
නෑ, නෑ. උත්තර දෙන්න ඕනි නෑ. තම තමන්ටම
කියාගත්තාම හොඳටෝම ඇති!
ඒ රූපය යටින්ම තිබුණු වචන ටික ඉවත් කරලයි, නසරානි මං වහන්සේ ඒ පින්තූරය දැම්මෙ. ඒ
වචන ටිකත් මෙන්න යටින් දානවා. කියවල බලන්නකෝ එහෙනං.
![]() |
මා කැමති ඔබ මවාගත් චිත්‍රයටයි. |
එක රූපයක් එක එක්කෙනාට පෙනෙන්නේ එක් එක්
විදිහටය. වදන්වලින් අඳිනු ලබන සිතුවමක් ඊටත් වඩා විසිතුරුය; නෙක නෙක අදහස් විවිධාකාරයෙන්
ජනිත කරවනසුලුය.
පසුගිය කොටසේ අවසානයට මා ‘සමීරාගේ චා’ ගැන සටහන් කළ දෑ කියවූ හිතාදර Unknown
රසිකයෙකු එවා තිබුණු ‘දහ අට වංගුව’ සහිත අපූරු comment එකය; මේ.
‘නිදි කඩක් චායි රස විඳ ඇති බැව් පෙනේ. දඹදිව් තලේ
සිසාරා සරන දිගු කෝච්චිවල සහ ඉස්ටේසංවලදී ලැබෙන කරදමුංගු ඈ නෙක දෑ අඩංගු චායි සුමධුර
රස වෑහෙන ගත සිත දෙකම පුබුදු කරවන චතුමධුරයැ.
ලක්දිව්හීද කෝච්චිය වනාහි විටෙක ජොලි සහගත ද, විටෙක විචිකිච්චා සහගත ද, විටෙක විනාශකාරී ද, උපාධි ප්‍රදානය
කරනා ආයතනයකි. පණස් වසකට පෙරැ තඹුත්තේගම ඉස්ටේසමෙං ටිකැට් නැතුව හොරට යාල්දේවී කෝච්චියේ
එල්ලී ටොපි සිකැරැට් විකුනා තුන්වෙනි පංතියේ හොරට දුම් රිය උපාධිය ගත්තු ගල්කපටි බැරි
කයියකු රටේම ජන රවටා රටේම ජනා විය. ජනයා දැන් ඌගේ මෝට කුණුසරුපයෙන් ස්තූති කෙරෙති.
එය ජොලි සහගත යැ! ඒ ඇසිල්ලේමැ එබඳුම'යුරකින්
ඇල්ල ඉස්ටේසමෙං කෝච්චියේ එල්ලී වඩේ විකුනා දුම් රිය උපාධිය ගත්තු එකා අර ටොපි සිකැරැට්
හොර උපාධිකාරයාට සහ උගේ ගොබ්බ රැලට නෙලන්නේ දොඹෙන් ම යන්න යැ! ඌ නම් පලමු පන්තියේ විමර්ශන
මැදිරි ලෙවල් එකේ බුවෙක් යැ. මුං දෙන්නාටම උඩින් ඉන්නේ හයිද්‍රාබාද් කෝච්චිවල තේ විකුනා
උපාධිය ලැබූ චායි බෝයි මෝදි යැ.
කියවන ඔහෙලාට වන්දේ මාතරං යැ!’
![]() |
මෙලෝ රහක් නැති; කොලිටියක් කියා දෙයක් තිබ්බෙම නැති; නමට විතරක් තේ
කියා කිව හැකි ඒ ‘තේ’ එක බොනවා හැර වෙන විකල්පයක් අපට තිබුණේ නැත! |
(පාසල් යන අතරේම) වයස අවුරුදු දොළහේ සිට අවුරුදු හතරක් තිස්සේ පදික වේදිකාවල රඟා- කවි පොත් විකුණා අපේ පවුල නඩත්තු කළ මා වැන්නකුගේ ආඩම්බරය වඩවනසුලුය.
අතීතය හෙළි කිරීමට පැකිළිය යුත්තේ ‘බලය
අවභාවිතා කර’ අනුන් සන්තක දේ; රටට සන්තක දේ අයුතු ලෙස හොරෙන්- වංචාවෙන් කඩා-වඩා ගත්තා
නම්ය; රටේ වස්තුව කොල්ල කෑවා නම්ය; අනුනට උගුල් ඇටෙව්වා නම්ය; මිනී මැරෙව්වා නම්ය...
ඒ සියල්ල එසේ වුවත්;
ඒ comment එකේ සඳහන් කරුණු කෙසේ වෙතත්... එහි ඇති නිර්මාණාත්මක ගතියට මා ඉතා කැමැතිය;
එහි ඇති කොලිටියට මා ඉතා කැමැතිය.
Unknown රසික හිතවතාගේ comment එකෙන් මගේ වැරැද්දකුත්
පෙනී ගියේය. මා ‘චා’ යනුවෙන් ලිව්වත්, එය ‘චායි’ වශයෙන් සඳහන් කිරීම වඩාත් නිවැරදි
ලෙස පෙනේ. ඉංග්‍රීසි බසින් එය ලියැවෙන්නේ ‘Chai’ ලෙසයි.
ඉතිං... සමීරාගේ මෙලෝ රහක් නැති; කොලිටියක්
කියා දෙයක් තිබ්බෙම නැති; නමට විතරක් තේ කියා කිව හැකි ඒ ‘තේ’ එක බොනවා හැර වෙන විකල්පයක්
අපට තිබුණේ නැත!
පිට පිටම දෙවෙනි වතාවටත් මගේ බලාපොරොත්තු සුන්ව ගියේ ඊළඟටය.
තේ බීලා අහවර වුණු ගමන්ම බල්නූර් ආපහු ගියේ rest
room එකකට නොවේ. ෆැක්ටරිය ඇතුළටමය. එහි, මුල් කෙළවරේ අඩි දෙකක් විතර උසින් කුඩා
වේදිකාවක් විය. ඒ වේදිකාව ඉදිරිපසිනි- අප වැඩ කරන පේළි පහ යොදා තිබ්බේ.
වේදිකාවේය, අහීර් මහතාගේ කාර්යාලය තිබුණෙත්.
බල්නූර් වාඩි වුණේ අර වේදිකාවේ ගැටිය අද්දරය. ඒ තීරුව ඉක්මනින්ම පිරීයන බව පෙනුණු
නිසා මමත් පය ඉක්මන් කළෙමි.
මොන තරම් අවාසනාවක්ද?
එක පිම්මට පැය දෙක තුනක් එකම ඉරියව්වකින්;
හිටගෙන හොඳ පණ යනතුරු කැඹුරුවාට පස්සෙවත් සුව-පහසුව වාඩිවී ඉසිඹු ලබන්නට තැනක්
නැති හැටි!
“උඹ හිතන්නේ උඹේ පැත්තෙන් බ්‍රදර්... නිකමට හිතපන්...” ශාලාවේ පුටු නැති හේතුව මට
කිව්වෙත් බල්නූර්මය. “...පුටු තියල තිබ්බා නං අපි ලේසියෙන් නැඟිටියිද? එහෙනං වාඩි
වෙච්ච අයව නැඟිට්ටන්න වෙනම සුපර්වයිසර්ලවත් ගන්නයි බොස්ට සිද්ද වෙන්නේ.”
“එහෙනං ඒ වගේ හිතල වෙන්නැති බලන බලන පැත්තෙන් අපිට වෙලාව පෙනෙන්න ඔරලෝසු එල්ලල
තියෙන්නෙ.” මට කියැවුණේ- එතකොටත් සේවකයන් නියමිත තැන්වලට ආපසු යමින් සිටිද්දීය. ඔවුන්
එහෙම කළේ සමීරාගේ ආගමනයත් සමඟමය.
![]() |
එහෙම දේශනා කළේ කොයි හාමුදුරුවන් වහන්සේද? කොතන කියපු බණකදීද? |
වාඩි වුණු පුටුවෙන් නැඟිටින්නට හිතක් මට නැත.
ආසන්න වශයෙන් පැය එකොළහක් හිටගෙන හිටි කෙනෙකුටය ඒ අමාරුව තේරෙන්නේ. දැන් දෙකකුල්වලට
දැනෙන්නේ පුදුමාකාර සනීපයකි. මම දෙනෙත් පියා ගත්තෙමි.
හදිසියෙම මගේ ඉදිරියේ ඇඳී ගියේ, ෆැක්ටරියේ අපට පේළි දෙකකට එහායින් ජුකී මැෂින්වල වාඩිවී
සිටි උදවියයි. ඔවුන් දැන් ඉන්නවා ඇත්තේ කොහොමද?
ඔවුනට සැපයක් ලෙසින් දැනෙනවා ඇත්තේ හිටගෙන සිටීම නොවෙද?
‘... දිගටම විඳිනකොට දුකක් වගේ නොදැනෙන දේ තමයි
සැප! දිගටම වාඩි වෙලා ඉන්නකොට අපි බලන්නේ හිට ගන්න. එක දිගටම හිටගෙන ඉන්න වුණාමයි
ඒකත් දුකක් කියලා වැටහෙන්නෙ... එහෙනං පින්වතුනි- මොකක්ද සැප කියන්නේ?’
එහෙම දේශනා කළේ කොයි හාමුදුරුවන් වහන්සේද? කොතන කියපු බණකදීද?
‘ම්හු! කවුද කිව්වේ- කොහෙදිද කිව්වේ කියලා
හිතනවා වෙනුවට හිතාපං නිදි ඒකෙ අර්ථය. ඒක නේද වටින්නෙ?’
ඔහොම වටිනා කියන කියමන් කොච්චර නං එක දවසකදී වුණත් අපිට ඇහෙනවද යෝදයෝ? අපි එව්වා
ගණනකට නොගන්න එකනෙ වැඩේ!
‘ඕවා හිත හිත ඉන්න ගියොත් පුටුවෙම නින්ද යයි. යං යං ගිහිං ඇඟ සෝදගෙන ඇවිත්...’
මං ඇඟ සෝදාගෙන එනකොට දීපාල් විතරක් නොව අම්මාත්
ගෙදර ඇවිදින්ය.
“මොකද රංජි, මේ දීපානි කියන්නේ ඔයාට එක දවසෙන්ම
රස්සාව ඇති වෙලා වගෙයි කියලා.”
“එයාට පෙනිච්ච හැටිනෙ අම්මේ, ඒ.”
“ඒ කියන්නෙ ඔයාට නං රස්සාව හොඳයි?”
“එක දවසෙන් කොහොමද අම්මේ ඔහොම දේවල් තීරණේ කරන්නේ. ඔක්කොමත් හරි- මට රස්සාව විතරක්
නෙවෙයි, එංගලන්තෙත් දාල දුවන්න හිතුණා එහෙ උන්නු කිර්පාල් කියලා එකෙක් හින්දා...”
ඒ මොකෝ? / ඇයි ඇයි ලොකා. ප්‍රශ්නයක්ද? /
ලොකා කියනකල් ඉන්නවලකො කටවල් වහගෙන; disturb නොකර! ඔයා කියන්න ලොකූ.
![]() |
එහෙම බාධාවන් මැද්දේය, මට කිර්පාල්ගේ ‘මෞඛ දුර්ගන්ධය’ ගැන පවසන්නට වුණේ. |
“ඊයා! Disgusting වැඩක් නේද ලොකූ ඔය කියන්න යන්නේ?”
“ඒ මනුස්සයා පඩ යවන්නැති!”
“What is that?”
“Fart!’
“චිකේයියා...”
එහෙම බාධාවන් මැද්දේය, මට කිර්පාල්ගේ ‘මෞඛ
දුර්ගන්ධය’ ගැන අපේ අම්මලාට පවසන්නට මට සිද්ද වුණේ.
මට ඒත්තු ගිහිං තිබෙන හැටියට නම්, නිමල්
දිසානායකගේ පසිඳුරන්ම අතිසංවේදීය; ඒවා රූප, ශබ්ද,
ගන්ධ, රස, ස්පර්ශ ආදිය මැනැවින් ග්‍රහණය කර ගනියි.
ඒ නිසාමදෝ මගේ දහදිය ගන්ධය පවා මට තදින්
දැනෙයි. උදේ වැඩට යනවිට ඇඳගෙන යන කමිසයෙන් හමන දහදිය ගඳ නිසා- හවස් වෙද්දී මා
ඉන්නේ තදබල නොඉවසිල්ලකිනි. කමිසයත්, බැනියමත්, යට ඇඳුමත් ගලවා දමන්නට පුදුම තදියමකිනි;
එවෙලේම ඒවා සෝදා දමා- දත කට මැදගෙන නා ගන්නටය ඒ තදියම!
LTTE යුද සමයේ අයස්මන්ත පීරිස් මහතා ඇතුළු
පිරිස සමඟින් ‘තිරියාය’ට ගිය වික්‍රමාන්විත චාරිකාවකදී, හරිහැටි දත් මැද මුහුණ
සෝදා ගන්නට තැනක් නොමැති විය. එහිදීත් මා ‘පල් වතුරින් පිරුණු වැවකින්’ මුහුණ සෝදා
ගත්තේ දැඩි අප්‍රසන්නතාවක් දැනෙද්දීමය. පැය දෙකකට විතර පස්සේ ඒ අප්පිරියාව නිසා- හත්
අට වතාවක්ම වමනය කරන්නටය මට සිද්ද වුණේ. මගේ තිබෙන සංවේදීතාව එබඳු බව, මා මේ
අඩවියටම ලිව්වේ කලකට පෙරාතුවය.
“Loku, ඔයාට තියෙන්නෙ ඒ පෙරේතයා එක්ක හවුලේ වැඩ
කරන්න බැහැයි කියන්න.”
“If I were you, එයාගේ මූණටම කියනවා හොඳ හිතින් දත් ටික මැදගෙන වරෙන් කියලා.”
“එහෙම නෙවෙයි රංජි- ඔයා හෙට යනකොට Face Mask එකක් අරගෙන යන්න. ගාර්මන්ට් එකේ සමහරු
මාස්ක් දාගෙනයි ඉන්නේ කියල ඔයා කිව්වේ. ඩස්ට් එකෙන් බේරෙන්න වගේ ඔයා මාස්ක් එක දාගන්න...
තැනකට ගිය ගමන්ම තරහකාරයෝ හදාගෙන හරි යනවද- මෙයාලා කියන විදිහට... නයා මරන්නෙත්
නැතිව පොල්ල කඩා ගන්නෙත් නැතිව වැඩ කළාම ඉවරයිනෙ, රංජි.”
අම්මගෙ අයිඩියාව හොඳ පාටය.
“ඔයා Mum කියපු විදිහට කරනවා නං ලොකූ, මම දැන්මම ගිහිං Masks දෙක තුනක් ගෙනල්ල
දෙන්නං.” දීපාල් එවෙලේම Hounslow කඩ වීදිය පැත්තට ඉගිල්ලුණේය.
“... හැබැයි රංජි- මාස්ක් නොදැම්මත් දවසක් දෙකක් යද්දී ඔය ගඳ ඔයාට නොදැනී යන්නත්
පුළුවන්!” ඒ අස්සේ අපේ අම්මා අලුත් මතයකුත් ඉදිරිපත් කෙරුවාය.
![]() |
මේ ලියන්නා නොවරදවාම නරඹන රූපවාහිනී වැඩ සටහනකි ‘දෙරණ ඩ්‍රීම් ස්ටාර්
- රියැලිටි ෂෝ’ව. |
ඒත් හෝරාවක් යන්නටත් කලින් දිසානායකයාට ෆේස්
මාස්කුව තිත්ත වුණේය. (ස්තුතියි නදීක ගුරුගේ මහතාණෙනි! මේ සඳහන ඇස ගැටුණොතින් ‘යෝදයෝ,
අහක ඉන්න මට ස්තුති කරන්නේ මන්ද?’ කියලා නදීක මහතා විමසනු ඇත.
මේ ලියන්නා නොවරදවාම නරඹන රූපවාහිනී වැඩ සටහනකි
‘දෙරණ ඩ්‍රීම් ස්ටාර් - රියැලිටි ෂෝ’ව. නදීක ගුරුගේ මහත්මාත් එහි විනිසුරු මඬුල්ලේ
සාමාජිකයෙකි. එතුමාගේ commentsවලින් රස වෑහෙයි- දැනුම උපදියි- කථනයට ආදර්ශ
සැපයෙයි.
ඒ කමෙන්ටු තරග වදින තාරකාවේ ගායනය පිළිබඳව පමණක් නොවේ! ගීතයේ පද රචනය හා බස,
සංගීතය, භාවිත ශිල්පෝපක්‍රම හා ඉතිහාසය ගැනත්ය; තවත් විටෙක ඊට අදාළ විශ්ව සංගීත
කාරණාත් ඊට ඇතුළත් වෙයි. සමහර සිංහල වචනවල නිවැරදි උච්චාරණය පවා විටෙක සාකච්ඡාවට බඳුන්
වෙයි. එසේම නව වදන් යොදන්නටද නදීකයෝ එඩිතර වෙති.
ඊයේ වැඩ සටහනේදීත් නදීක මහතා ‘කොන්සර්ට් එක’ යන වදන් වෙනුවට ‘කොන්සට්ටුවක’
යන වදන යෙදුවේය. (32 වෙනි විනාඩියේ සිට බලන්න.)
‘ඒ යෝදයා’ අනුව යමින් මාත් ‘මාස්කුව’ වදන ලියූ බැවිනි මං වහන්සේ නදීක මහතාණන්ට තුති
පිදුවේ!)
ඒත් එදා මුහුණ අඩක් වසාගෙන හෝරාවක් යන්නටත් කලින් දිසානායකයාට ෆේස් මාස්කුව
තිත්ත වුණේය.
එහෙම මුහුණු වැස්මක් පැළඳගෙන හිටීමෙන් යම්තාක් දුරට ‘කිර්පාල් හාදයාගේ මුඛ
දුර්ගන්ධය’ අඩුවී දැනුණු විත්තිය ඇත්තය. යම්තාක් දුරට... ඔව්, යම්තාක් දුරටය. ඒ
වෙනුවට වෙනත් අසීරුවක් උහුලන්නට සිද්ද වීමය- මට නොරිස්සුවේ. හීන් දාඩිය සහ මුව පෙදෙසේ
පොඩි කැසිල්ලක්...
“ඇයි brother උඹ මාස්ක් එක ඉක්මනට ගැලෙව්වේ?”
එදා අර දියාරු ‘චායි’ බොන්නට යන අතරේ බල්නූර් මගෙන් ඇහුවේය.
... ගලවන්නට හේතුව විතරක් නොවේ, එය පළඳින්නට සිදු
වුණු හේතුවත් මගෙන් එතකොට කියැවුණේය.
“Very sorry බ්‍රදර්- කිර්පාල් කිසිම කමකට නැති බාස්ටර්ඩ් කෙනෙක්. කතාවට නං හරිම
කැමැතියි- Job එක නොකර හරි ඒක නං කරයි.
ඒ හාදයා අපේ රටටත් අවනම්බුවක්... හරිම ඩර්ටි. He hate water. ස්ටින්ක්... You know stink?”
බල්නූර් මුහුණ විරූපකොට, නහය හකුළුවා,
අභිනයෙන් ‘දුඟද’ වටහා දුන්නේය. මම හිස සොලවමින් උත්තර දුන්නෙමි.
“...ඒ මදිවට මේ කැත ඌරා කම්මැලිත් එක්ක.
අහීර් සර් කිර්පාල්ව ඔයා එක්ක කපල් කරන්න ඇත්තෙත් මිනිහට පාඩමක් උගන්වන්න. අපිට
වගේම කිර්පාල්ටත් ඉංග්‍රීසි බෑ. ඔයාට පංජාබිවත් හින්දිවත් බෑනෙ... ඉතිං මිනිහට
වෙන්නේ කට වහගෙන ඔයත් එක්ක වැඩ කරන්නයි.
ඔයා දන්නවද brother, ඔයාලව ඉස්සරහින්ම මේසයකට අරගෙන තියෙන්නෙත් සර්ට නිතරම
කිර්පාල්ව පේන්න...”
‘හෙනං ගෙන එන්න සුරුට්ටුව බොන්න’
නෙවෙයි, හෙනං ආයෙත් එන්න ඉතිරි ටික කියවන්න...à
කතාව කියන අතරතුර වෙනත් ආරළු බූරළු ගැලපෙන විදියට දාන එකත් හොඳ නිර්මාණයක් තමයි.
ReplyDeleteනිදිගෙ පංච තන්තරේ නෙව වෘතාන්ත, ස්තුතියි හොඳේ!
Delete+++++++++++
ReplyDelete+++++++++++ස්තුතියි Pra Jay මහත්තයෝ+++++++++++
Delete//එක එක්කෙනාට පෙනෙන්නේ එක් එක් විදිහටය// එහෙම තියද්දී මතක් උනෙ පිකාසෝ කීව කතාවක්. "මම ද්රව්ය තියෙන අයුරින් නොව, පෙනෙන අයුරින් අඳිමි"
ReplyDeleteමේ දවස්වල නමී උන්නැහේ හිටු කියල පතපොත පරිශීලනය කරනවා වාගෙයි! අනේ හොඳා...
Delete+++++++++++👌💐
ReplyDelete......🏃➡️......⛷️🏂....
*! *!! *!!!
Deleteස්තතියි!!!!
@ Nimal, since you have experience with the laws rules and regulations of UK and England in particular, can you please check and confirm whether this news is true or not?
ReplyDelete//
එංගලන්තයෙන් වීසා නොලැබුනු ආණ්ඩුවේ මන්ත්‍රී
CPA එක හෙවත් පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ UK ශාඛාව විසින් සංවිධානය කරන “AI in Security” වැඩමුළුවක් අද ඉදලා දවස් තුනක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී පැවැත් වෙනවා. ඒ සදහා ශ්‍රී ලංකාව ඇතුළු තවත් පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් කිහිපයක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරාධනා කරලා තියනවා. සෑම වසරකම වගේ CPA එක මෙවැනි වැඩසටහන් සංවිධානය කරනවා. ඒ හැම වෙලාවකම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවටත් ඒ ආරාධනාව යවනවා. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සමානව ඒ ආරාධනාව ආණ්ඩු පක්ෂයටත් විපක්ෂයටත් බෙදලා දෙනවා.
මෙවර වැඩමුළුව විපක්ෂයේ අවස්ථාව හිමි වෙන්නේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර ගලප්පත්තිට. ඔහු කොහොමත් පරිඝණක තාක්ෂන ඉංජිනේරුවෙක් නිසා විපක්ෂනායකවරයා ඔහුව නම් කරලා තියනවා. චතුර අද ඉදලා ඒ වැඩසටහනට සහභාගී වෙනවා. ආණ්ඩු පක්ෂයේ අවස්ථාව හිමිවෙලා තිබුනේ ඡන්ද පෝස්ටරයට විතරක් තොරතුරු තාක්ෂන ඉංජිනේරුවෙක් වෙච්ච නුවර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට. පෝස්ටරයට විතරක් කියලා කියන්නේ පාර්ලිමේන්තු වෙබ් අඩවිය බැලුවම මිනිහගේ අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් යටතේ මුකුත් නෑ. අඩුම ගානේ OL ගැනවත් සදහනක් නෑ. හැබැයි පෝස්ටරේ ඉංජිනේරු
කොහොම හරි මේ පෝස්ටර් ඉංජිනේරුවා පක්ෂයෙන් නම් කරාට බ්‍රිතාන්‍යය ඔහුව පිලි අරන් නෑ. ඒ නිසා වීසා දීලා නෑ. නිකමට හිතහංකෝ ඩිප්ලොමැටික් පාස්පෝට් වල සුවදටත් රටවල් වීසා දෙනවා. එහෙව් එකේ බ්‍රිතාන්‍යයම සංවිධානය කරලා, බ්‍රිතාන්‍යයම ආරාධනා කරලා, බ්‍රිතාන්‍යයම සම්පූර්ණ වියදම් දරලා වැඩක් කරද්දිත් ඒකට මිනිහෙක්ට වීසා දෙන්නෑ කියන්නේ. මං මේ නිකමට අහන්නේ 157 ක්ද කොහේද ඉන්නවනේ. හරිහමං මිනිහෙක් නැද්ද මේ වගේ වැඩකටවත් එවන්න. අපරාදේ ලංකාවට හම්බෙච්ච වටිනා චාන්ස් දෙකෙන් එකක් අපතේ.//
Source:
https://www.facebook.com/share/p/1DjfNJCyUT/
දැන් විස්තර ජාලයේ තියෙනවා.
Deleteනිදී
ReplyDeleteභාරතය තුල පවතින කුල ක්‍රමය පිළිබඳව විග්‍රහ කරන්න පුළුවන්ද? ඔයා ඉන්දියාවේදී දැකපු අත්දැකීම් ඊළඟ පෝස්ට් එකට එකතු කර ගැනීමට පුළුවන් නම් ඉතාම හොඳයි.
ලංකාවේත් කුල අනන්‍යතාව ගැන නිර්මාණය වූණ කලා නිර්මාණ රාශියක් තියෙනවා, හුලවාලි ගාඩි වගේ සිනමාපට ලෙන්චිනා මගෙ නංගියේ වගේ රසවත් ගීත ආදී වශයෙන්. ඒ වගේම ඒ නිර්මාණ ආශ්‍රිතව නිර්මාණය වූ නිර්මාණ සිදුකල නිර්මාණකරුවන්ගේ පසුබිමත් හරිම රසවත්.
පෞද්ගලිකව මම නම් කුලවාදය කියන එක පිළිගන්නේ නැහැ නමුත් මේ පෝස්ට් එකට අදාලව සහ එෛතිහාසික සමාජ සංකල්පයක් විදියට කතා කලොත් ලංකාවේ සම්ප්‍රදායික කර්මාන්තවලදී වහුම්පුර නොහොත් හකුරු නිෂ්පාදනය කරන ජන කොටස අයත්වන කුලයට සම්බන්ධ නිර්මාණකරුවන් සිටිනවා
ඒ වගේම ලංකාවේ රට පුරා විසිරුණු ඇතැම් කුල ප්‍රජාවන් ඉන්නවා. ඔවුන් කුල වශයෙන් සංවිධානය වෙලා ඉන්නේ ඒ කුල අනන්‍යතාව වැදගත් නිසා. ඒ කුල වලින් ප්‍රධානතම දෙකක් තමයි වහුම්පුර සහ නවන්දන්නා කියන කුල. මේ කුලවල ජනගහනය ලංකාවේ ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රතිශතයන් වුණත්, එම පදනම්වලින් ඔවුන්ට ප්‍රමාණවත් මහජන නියෝජනයක් නැහැ.
මේ වගේ කුල නියෝජනය කරලා බලයට පත්වන ඇතැම් කපටි දේශපාලනඥයන් ජනාධිපති, අගමැති වැනි බලාධිකාරීන් වෙත ළංවෙන්නට තම කුල අනන්‍යතා ඔස්සේ තමන්ට එම ජනතාව නියෝජනය කළ හැකි බව පෙන්වනවා. උදාහරණ ලෙස සජින් වාස් ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු වගේ අය එවැනි කුලවල අනන්‍යතා භාවිතා කර දේශපාලන බලය තුල ඉදිරියට ආපු අය. සිල්වලා සහ ද සිල්වලා වර්ග දෙකක්ලු. කොයි එකාද උසස් කියල නම් මම දන්නෙ නෑ. මොකද දැන් අපි දන්නෙ නෑනෙ නලින් ද සිල්වද මර්වින් සිල්වද උසස් කියලා. දෙන්නම එක වගේ වැඩනෙ කළේ. ඒ වගේ වහුම්පුර කුලය නියෝජනය කරපු එම කුලයේ පවුලක උපන් දක්ෂ නිර්මාණකරුවෙක්, මාධ්‍යවේදියෙක් විදියට අපට දිනමිණ, දිවයින, රිවිර, සිළුමිණ ඇතුළු පුවත්පත් ගණනාවක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වශයෙන් කටයුතු කළ ප්‍රවීණ පුවත්පත්කලාවේදී නන්දසේන සූරියආරච්චි හඳුන්වා දිය හැකියි.
මීට වසර දෙකකට පමණ පෙර අභාවප්‍රාප්ත වුණ එස් ඒ නන්දසේන මියයන විට 78 වැනි වියෙහි පසු වූ ග්‍රන්ථ 55 ක කතුවරයෙක් ලෙස 1945 මාර්තු 27 දකුණු පළාතේ වහුම්පුර කුලය නියෝජනය කරන පෞරාණික උරුමයක් ලෙස සැලකෙන ගමක් වන බද්දේගම, උනන්විටියේදී උපන් ඔහු වැලිවිටිය මහා විද්‍යාලය, ගාල්ල විද්‍යාලෝක මහා විද්‍යාලය සහ හොරණ විද්‍යාරතන විද්‍යාලවලින් අධ්‍යාපනය ලැබූවා. වහුම්පුර කුලයට ආභරණයක් වුණ ආචාර්ය නන්දසේන සූරියාරච්චි කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක් විදියට කැලණිය විශ්වවිද්‍යාලයටත් ආභරණයක් වුණා. මේ සූරියආරච්චි කියන පරපුරම වහුම්පුර කුලය නියෝජනය කරන දක්ෂ නිර්මාණකරුවන් පිරිසක්. හරියට පණ්ඩිතරත්න කියන පරපුර කුඹල් කර්මාන්තයේ නිරත කුල අනන්‍යතාව රැකගෙන නිර්මාණ හරහා එම පරපුරට ආභරණයක් වුණා වගේ. මේ වගේ තවත් අය ගැන දන්නවා නම් ලියන්න පුළුවන්ද?
කුල ක්‍රමය ගැන මා දන්නා තොරතුරු අල්පයි. ඔයා ඒ ගැන උනන්දු නම් ලංකාවේ කුල ක්‍රමය කියලා ජාලයෙන් හොයන්න... තොරතුරු එමටයි.
Deleteනිමල් එතකොට පලවෙනි දවසෙම පාරවල් හොයාගෙන බස් එකේ වැඩට ගියාද, නැත්නම් දීපාල් ගිහිල්ලා දැම්මද. ඒ දවස්වල paper tickets තියෙන්න ඇත්තෙ දැන් වගේ ATM කාඩ් එක touch on කරන්න බැරුව ඇති නේද.
ReplyDelete"..පුටු තියල තිබ්බා නං අපි ලේසියෙන් නැඟිටියිද? එහෙනං වාඩි වෙච්ච අයව නැඟිට්ටන්න වෙනම සුපර්වයිසර්ලවත් ගන්නයි බොස්ට සිද්ද වෙන්නේ.” මේක තනිකරම sweat shop එකක්නෙ.
පළමුවෙනි වතාවේ එංගලන්තයට ගියාම මට සව්ත්හෝල් පැත්තට ගිහිං පුරුදුයිනේ, Lotus. අනෙක යසිරුත් එක්ක යද්දී පාර ගැන සෝදිසියෙන්නෙ ගියෙත්.
Deleteහවුන්ස්ලෝවල ඉඳලා එක බස් එකෙන් ගිය හැකිත්නේ.
//ඒ දවස්වල paper tickets තියෙන්න ඇත්තෙ දැන් වගේ ATM කාඩ් එක touch on කරන්න බැරුව ඇති නේද.//
මට අමතක වෙලා තිබුණු කාරණාවක් මතක් කර දුන්නට ගොඩක් ස්තුතියි Lotus. විස්තර ඉදිරි post එකකදී.
ඒක sweat shop එකක් තමයි. අමතක කරන්න එපා- ඒ 1994. අදට අවුරුදු 30කට කලින්නෙ Lotus.
Deleteදැන් කොහොමද කියලා අජිත් මහත්තයා වගේ කෙනෙකුගෙන් තමයි අහගන්න වෙන්නෙ.
ඒ දුර්ගන්ධය මුඛ දුර්ගන්ධයක් විතරක් නෙවෙයි නේද. ඒගොල්ලො සමහරු කන කෑමවල තියෙන අධික කුළුබඩු සාන්ද්‍රණය (intensity) නිසා දහඩිය වලට ඒ දුර්ගන්ධය එකතු වෙලා තියෙන්නෙ. නිමල් කලින් ගිය වෙලේ එහෙම අත්දැකීම් තිබුනෙ නැත්ද. අවාසනාවට ඒ සමහර අය මේ ලෝකෙ deodorant කියලා ජාතියක් තියෙනවා කියලා දන්නෙත් නෑ.
ReplyDeleteනිමල් කියලා තියෙන ඒ සංවර කමෙන්ට් එකේ එක කොටසක් වෙනත් බ්ලොග් එකකින් ගත්ත එකක් නේද. නිමල් ස්තුති කරන්න ඕනෙ ඒ බ්ලොග් එක ලියන කෙනාටනෙ 🤣.
Lotus, ඔයාගේ කමෙන්ටුවේ පළමු කොටසට උත්තරේ ඉදිරියේදී ලියන්න හිතාගෙන ඉන්නෙ.
Deleteදෙවෙනි කොටස- එයා ඒ විස්තර ගත්තේ කොහෙන්ද කියලා මම දැනගෙන හිටියෙ නැහැනෙ- මුල් හිමිකරුට ස්තුති කරන්න. ඒත්, ඒ විත්තිය පෙන්නා දුන්නට ගොඩක් ස්තුතියි!
එහෙම හිටගෙන වැඩ කළා කියන්නේ දනිස් පොල් කටු දෙක ඔය විධිහට තිය්නේ එකත් මදැයි .
ReplyDeleteස්තුතියි අජිත් මහත්තයෝ. දැන් තත්ත්වේ දැනගන්න තියෙනවා නං...
Deleteමේ කියන 1990 දශකයේ ගුවන් ගමන් පවා අදට වඩා ප්‍රියමනාප අත්දැකීමක් වුන බව මතකයි. කතාවට අමතරව , දෙවන ගමනේදී මගතොට දුටු වෙනස්කම් එහෙම ලිව්වාට කමකුත් නෑ.
ReplyDeleteමතක් කරගන්න හැකි වුණොත් ලියන්නං බකුසුතුමෝ!
Deleteබකුසුතුමෝ,
Deleteවෙනදට මෙහෙම links දෙන්නේ ඔයා හරි නමී හරිනේ. අද මෙන්න මගෙන්...
https://geemuthumala.blogspot.com/2025/01/cd-fonseka.html
Link එකට ගියාම මේ කවියත් හම්බ වෙයි.
හොයා සොයා පාදාගෙන පැරණි තතු
ලියා කියා හැඩකොට ගීවලින් මුතු
තිළිණ කරන්නට අද මෙන් මතුත් මතු
ඔබට "ආවඩා ආයු රක්ඛන්තු!"
ගිහින් කියෙව්වා අර පැරණි සිංදු ටික මරු.🙏👌
Deleteරාණි නම් වූ නාගරික ගැහැණිය
ReplyDeleteඅද හෙටම බලන්න යන්නයි හිතාගෙන ඉන්නේ... නොබලා බැරි film එකක්!
Delete