වීරයා පන්සල් ගිහින් පහන් දල්වන්නේ රටේම අඳුර දුරලන්නද? |
මුලින් කියැවුණු හැටියට නම් ටෙලියේ අවසානය තව
දුර නැත! ඒ නිසා වෙන්නට හැකිය, දැන් එක එපිසෝඩ් එකකදී වහෙන් ඔරෝ බාසාවෙන් කියන
දේවල් කලින්ට වඩා වැඩිය. ව්‍යංග්‍යයෙන් කියන, ‘කොළේ වහලා ගහන’ කතන්දර එමටය. ඒවා ගැන
ගැඹුරින් හිතන්නට - හිතලා තෝරාගන්නට නම් සතියකුත් මදි තරම්ය.
‘මැද ඉඳන් අහලා කතාවක් තේරුම් ගන්න බැරිද?’ මේ
සැරේ චාමර අහයි.
එකෑවරම මගේ ඔළුවට ආවේ වෙනින් ප්‍රශ්නයකි. “අප වටේ ඉන්නා ගොඩක්
උදවියත් අපේ ජීවිත ගමනට සම්බන්ධ වෙලා ඉන්නේ මැද ඉඳන් නේද?” එහෙමය කියලා අප ඔවුන්
තේරුම් ගන්නේ නැතිද? එතකොටම තව එකක් හිතට එබෙයි.
‘මුල ඉඳන්ම එකට හිටියත් මිනිස්සුන්ව හරියට
කියවාගන්න අපට පුළුවන්ද?’
ඌට ඉතින් මම කොහොම වුණත් මාමා. ඌට මාව වීරයෙක් නෙවෙයි........ මාමා.... |
ඒ ප්‍රශ්නයම මීට කලින් නාමල් වෙනස් විදියකට
කියවන්නේ චාමරගේ මුවෙන්මය. “... මාව දන්න කවුරුවත් එහෙ නැහැ. අර පොඩි එකා
විතරයි. ඌට ඉතින් මම කොහොම වුණත් මාමා. ඌට මාව වීරයෙක් නෙවෙයි. මං වැරැදිකාරයෙකුත්
නෙවෙයි.... මාමා.... සමහරුන්ට මාව අසහනකාරයෙක්...... යන්තන් හරි මාව මතක අර පොඩි
එකාට විතරයි”.
සමහරුන්ට වීර පදක්කම්; පට්ටම්; නම්බු නාම
ඕසෙට පිරිනැමෙයි.
හුඟ වෙලාවට ඒවා පිරිනැමීමේත්; පිළිගැනීමේත් යට හැංගිලා තියෙන්නේ
‘ලජ්ජා නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුය’ කියන කතාන්දරය. මගේ වීරයෝ එවන් අය නොවෙති.
ත්‍රිෂ්නීත් අරෝරා මට
වීරයෙකි. අටේ පන්තියේ විභාගය පේල් වුණු ත්‍රිෂ්නීත් ‘ආයෙම ඉස්කෝලේ යන්නට බැහැ’යි කිව්වේය.
එහෙව් කොල්ලා තනිවම ඉගෙනගෙන ‘කම්පියුටර් පකීර්’ කෙනෙක් වුණේ කාටවත් හිතාගන්න බැරි
විදිහටය. කොල්ලා ‘සයිබර් තාක්ෂණය’ගැන පොතක් ලිව්වේ වයස 19 වෙද්දීය.
දැන් ත්‍රිෂ්නීත්
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකි. ලොකු සමාගම් ගොඩක ‘සයිබර් ආරක්ෂාව’ තියෙන්නේ එයාගේ අතේය.
‘හිත ඇති නම් පත කුඩාද?’ කියලා අපේ පැරැණ්නන් කිව්වේ ඒ කාලෙ හිටි ත්‍රිෂ්නීත්ලාව
දැකලා වෙන්නැති.
දැන් අපටත් ඕනෑ කරන්නේ ත්‍රිෂ්නීත් අරෝරා වගේ වීරයන්ය............. |
විභාගය පේල් වුණාම ජීවිතේම ඉවරයි කියලා හිතන
කොච්චරක් නම් දෙනා අපේ රටේත් ඉන්නවද?
තමන්ගේ දහිරියෙන් නැඟී හිටින; නිවට නොවෙන;
අනුන්ට සෙතක් කරන හැමෝම වීරයෝ! මිනිස්සු ඉපදෙන්නේ ඒකට නේද.......
ඔහෙ ඉපදිලා, පතෝල
- වැටකොළු තරම්වත් පණ නැති කොන්දක් එක්ක ඉඳලා මැරිලා යන්න නෙවෙයිනේ.
එහෙම හිතලා
වැඩ කරන වීරයන් කවමදාවත් පරාජය වෙන්නේ නැහැ. ඔන්නම් මැරෙයි! ඒත් පැරදෙන්නේ නැහැ!!
එහෙම කෙනෙකුගේ ජීවිතයේත් වැටීම් තියෙන්න
පුළුවන්; පසුබෑම් තියෙන්න පුළුවන්. නිසි තැන නොලැබීම; වරදවා වටහා ගැනීම; හැබෑ අනන්‍යතාව
සමාජය නොදැකීම වගේ.....
අපේ වීරයා චාමරටයි කියලත් ඒ නියදම වෙනස් වෙන්න විදිහක් නැහැනේ.
“... මට මතකයි මාව. ඊට පස්සේ මට තුවාල වුණා;
පිටිනුයි ඇතුළෙනුයි දෙකෙන්ම. නමුත් හුඟක් අයට ඇතුළෙ තුවාල පෙනුණෙ නැහැ.” චාමරගේ
ඒ කීම ශෝකී වස්දඬු රාවයක් වැනිය. මේ මිහිතලය මත ඉන්නා වැඩි දෙනෙකුට පොදුය. මං
අහන්නේ, අපට- ඔබට - මටවත් ඒක පොදු නැතිද?
ඒ නිසාම වෙන්නැතිය රසික-රසිකාවන් රොද
බැඳගෙන මේ ටෙලිය නරඹන්නේ.
අද 2019 ජුනි 13 සවස 4.45 වෙද්දී you tube එකෙන් 39 වෙනි
කොටස නරඹා ඇති ගණන 62,168 කි. දමා තිබෙන කමෙන්ට්ස් 259කි. (ඒ මගේ කමෙන්ටුවත්
එක්කමය). ඒ වෙලාව වනවිට 'වීරයා පළමු කොටස' රසිකයන් 1,27,558 දෙනෙකු you tube බලා තිබිණි.
චාමරගේ මුවෙන් වෑහෙන ඒ වදන් ශෝකී....... (ඊ.එන්.එම්.කේ.සොයිසාගේ සිතුවමකිනි.) |
වීරයා එහෙම score කරන්නේ ටෙලි නාට්‍ය
හැට-හුටහමාරක් බලෙන්ම වගේ අපේ ඇහේ ඔබන අතරේය. අපරාදේ කියන්න බැරිය. වැඩි දෙනා ඒවා
ප්‍රිය කරන රසිකයෝ වෙති.
රසික ප්‍රජාව විවිධය; මිශ්‍ර රසයන් තියෙන ඇත්තන්ය.
“මිශ්‍ර රසයක් තියෙන ප්‍රේක්ෂක පිරිසක් ඉන්න
බව පැහැදිලියි. ඒකෙදි ඒ හැමෝටම ගෝචර වෙන විදිහට කතාන්දරය ගොඩනඟන්න තමයි මම උත්සාහ කළේ. කතා රසය
බලාපොරොත්තු වෙන කෙනෙකුට එහෙම රසයකුත් තියෙනවා. බුද්ධිමත් සමාජ කාරණා සංවාදයට ගන්න
ඕනේ කෙනෙකුට ඒකට අදාළ කාරණාත් තියෙනවා.....”
නාමල් එහෙම කියා තිබුණේ අවුරුදු 1 1/2 කට විතර ඉස්සර ‘සහෝදරයා’ ගැන
කතා කරද්දීය. ‘වීරයා’ටත් ඒක වලංගුයි වගෙය!
ශ්‍රී ලංකාද්වීපය නම් මේ ගෙවන්නේ ‘අලුත්
වීරයන් ඕනෑවී සිටින යුගය’කි. වීරයන් කිව්වාම හැට පැන - හොට බිම ඇනී, හැරමිටිවලින් - රෝද පුටුවලින් යන නාකි හම්පඩ වීරයන් නම්නොවේ.
වෛවාරන්න මිනිස්සු වීරයන්ට අඳින්නට ඉදිරියටම එමින් හිඳිති. වැඩි දෙනා
පිටුපස්සේ ඇත්තේ බළල් අත්ය. ඇස් දෙකම නොපෙනුණත්, නියමෙටම ලෝකය දකින චාමරව අපට ආදර්ශයට
ගන්නට වෙන්නේ ඒ නිසාය.
මසැස තිබුණාට මදිය; මනසත් මැනැවින් පාවිච්චියට ගන්නට
වෙනවාය.
හැරමිටිවලින්, රෝද පුටුවලින් යන වයසේ ඉන්නා වීරයන් නොවේ අද රටට ඕනෑ කරන්නේ....... |
බුදුහාමුදුරුවන්ගෙ නාමෙට - දෙවියන්ගෙ නාමෙට අතීතය අමතක කරන්න නම් එපා.
(වේලුපිල්ලේ පිරුභාහරන් අපේ මිනිසුන්ගේ මතකය තියෙන්නේ
සුමාන දෙකක් විතරය කියා වරෙක පැවසුවේලු.)
නාමල් නම් ඒකෙනුත්; විස්මෘතියෙනුත්
ගජ-රාමෙට වැඩ ගනියි!!
“....
ඊනියා සමාජ පුරුෂාර්ථ ගවේෂණයෙහි ලා ඔබ ඔබේ ‘ටෙක්නික්’ එක විදිහට තෝරගෙන තියෙන්නේ
මානව ‘විස්මෘතිය’. මේ තාක්ෂණික ප්‍රවේශයත් එක්ක ඔබට කිසිම කෙනෙක් එක්ක තරගයක් නෑ.
මේක ඔබේ’ජීවිතයට ඉඩ දෙන්න” කෘතියෙහිදිම ඔබ සලකුණු තැබුවා.
-මේ දිනවල විකාශය වන ඔබේ
පිටපත් දෙකම, ඒ කියන්නෙ “බොහීමියානුවා”සහ “තාරා”යන දෙකේම ඔබ පාවිච්චි කරන්නෙත් මේ
විස්මෘතියමයි. මොකක්ද මේ විස්මෘතියත් එක්ක ඔබේ තියෙන ගනුදෙනුව?” මංජුල
වෙඩිවර්ධන අහයි.
නාමල් දෙන උත්තරය කෙටි කරන්නට- සාරාංශගත
කරන්නට තරම් සමත්කමක් මට නැත.
මොකද, චාමරගේ හමුදා අතීතය අපෙන් හංගා තියන්නට නාමල් පාවිච්චි කරන්නෙත් ‘මට මතක
නැහැ’ තියරියයි. එහෙම බලද්දී අපේ ගොඩක් දේශපාලක - පාලක ඇත්තනුත් අඩු නැතිවම
නාමල්ගේ ටෙලිවලින් කෑල්ලක් අහුලාගෙන තිබේ! එයාලාටත් හිටි ගමන් විස්මෘතිය හැදෙයි;
මතක නැති වෙයි.
හුඟක් දේශපාලකයනුත් නාමල්ගෙන් කෑල්ලක් අහුලාගෙනය........... |
අප ඉන්නේ ඒ සියල්ලම පිළිගත යුතු රටකය;
විශ්වාස කළ යුතු රටකය. උසාවියට එද්දී රෝගීව රෝද පුටුවෙන් ඇවිත්, උසාවියෙන් පිටත්ව
යද්දී නිරෝගීව යන රටකය. හැබැයි අපි නිති පන්සිල් ගන්නෙමු; ඒවායින් වැඩිපුරම කඩන්නේ
‘මුසාවාදා’ ශික්ෂා පදයයි. ඒකට කරන්නට දෙයක් නැත.
අණ-බණ නොපිළිපදින්නේ දුහුනන්
පමණක් නොවේ.
ජාතියේ මුර දේවතාවුන් වහන්සේලාත් වදාරන බණ
නොපිළිපදිති!
“කෙනෙකු සම්බුදු සසුනේ මහණෙක් වන මොහොතේම හෙතෙම ආර්ය ජාතියේ උපදියි! සංඝ සමාජයේ ඉන්නේ ආර්ය ජාතියේ අය පමණි!”
බුදුන් වහන්සේ එසේ දෙසුවේල.
එහෙත් එබව නොදන්නා වහන්දෑලා, අප වැනි අසමජ්ජාතීන්ට
මදිය නොකියන්නට කාරණ සපයති.
වීරයා ගෙදරද - 4 පෝස්ට් එකේදී ගුණපාලට රඟන
Chamal Rdpcr හොයන්නට fb එකේ සරද්දීය මේ අපූරු ෆොටෝ එක දැකගැනීමේ වාසනාව උදා වුණේ.
විස්තර මොකුත්ම අනවශ්‍යය. පින්තූරය සේරම කියාවි. අසංක සායක්කාර මේ දෙපද කවිය පබැඳ
ඇති බව විතරක් කියන්නෙමි.
බණ දෙසීමත් පින්කමකි. බණ ඇසීමත් පින්කමකි. බණ කියවීමත් පින්කමකි. බණ පිළිපැදීම.... |
“.... හොඳටම ඇති. මාස තුනකට විතර එහාදී තමුසේ
කියපු කතාව මතකයිද මේ ටෙලිය ගැන? ‘මේ දවස්වල මං නරඹන්නේ වීරයා ගෙදර ඇවිත් ටෙලි
නාට්‍යය විතරය.’ (මං එහෙම කියා තිබුණේ ‘දිව්‍ය අංගනි සේ- 10’ පෝස්ට් එකේදිය.)
-එහෙම කියලා අහවරවී, තවත් ලිපි දහයක්ම
කොටනකල්වත් තමුසේ මෙහෙම පෝස්ට්ස් ටිකක් ලියන්නට හිතුවේ නැහැනේ. පටන් ගැනිල්ලෙදී, උපරිම
දෙකක්-තුනක් ලියයි කියලයි මං හිතුවේ!
ඒත් දැන් හදන්නේ හයවෙනි එකකුත් ලියන්නද?
නාමල්ගේ පිට කහන්නද හදන්නේ?” නිදිගෙ චිත්තයා අහයි.
කොහොමටවත් නැහැ. මේකෙන් ඉවරයි. උත්තරයත් එයාගේමය.
පංච තන්තරේ
ලියන්න ගත්තේ නිදිගෙ ජීවිත කතාව හොර-බොරු නැතිව ගෙඩිය පිටින්ම ලියන්නටය. ලිව්වාට
අනෙක් අය කියවන්නේ නැතිනම් පලක් නැත. කියවන්නේ කාලීන වුණොත්ය; රසවත් වුණොත්ය;
කියවන කෙනාටත් කමක්-පලක් වෙනවා නම්ය.
එහෙම වෙනවා වුණත් නිදි..... දැන් ඉන්නෙ ‘පණ
නම් තණ අග පිනි බිඳු වැන්නේ’ කියමන ඔප්පු කරන්නට ලැහැස්ති වෙලාය. අඩ නින්දේ වගෙය.
ඒත් දෙයියනේ, සතියකට
දෙපාරක්ම ගෙදරටම එන වීරයා ‘නිදි’ව අවදි කරවයි!
නිශ්ශංඛමල්ල රජ්ජුරුවන් ගල්පොත ලියැවූ අවදියේ තරම් .......................... |
එතකොට වෙන්නේ ඔක්කොම දේවල් උරච්චි කරමින් හෝ
සංසන්දනය කරන්නට හිතෙන එකය; ඒවා ලියා තියන්නට හිතෙන එකය.
ඒ අප හැමෝම පම්පෝරිකාරයන්
හින්දාය. ‘කුණු කය’ දිරන බව දැනගෙන ඉන්නා අපි ‘කිත් කය’ අමරණීය කරවන්නට දත
කන්නෙමු.
අද කාලයේ ඒක නිශ්ශංඛමල්ල රජ්ජුරුවන් පොළොන්නරුවේ ගල්පොත ලියෙවූ අවදියෙදී
තරම් අමාරු නැත. මේ ලියවිල්ල ලෙහෙසිය.
නාමල්, කලා නිර්මාණ කරද්දි ඔයාටත් එහෙම අරමුණක්
තියෙනවද? අනුන්ගේ සිත්-සතන්වල සදා රැඳෙන්නට?
රජ කෑම වේලක් තියෙන රෑට අප අතරේ
නොවැරදීම යුද්ධයක් පටන් ගනියි;
ඒ පිම්බුණු පපඩම් අයිති කර ගන්නටය.
පපඩම් බදිද්දී
සේරම පිම්බෙන්නේ නැත; පිපෙන්නේ කිහිපයක් විතරය. ඉතින්, තාත්තා අපේ යුද්ධ සමාදාන
කරන්නේ එයාගෙම ක්‍රමයකටය.
ඉතින් තාත්තා අපේ යුද්ධ සමාදාන කරන්නේ එයාගෙම ක්‍රමයකටය............. |
“සුනිල්, නෝනා. උඹල දෙන්නට කලින් දවසෙත්
දුන්නා. අද අනිල්ටයි, මානෙල්ටයි, ලොකාටයි.... හෙට....”
“ඒක හරි නැහැනෙ තාත්තේ... ඔයා එදාත් ලොකූට
පිම්බිච්ච එකක් දුන්නා...... ඉතින්, අදත් දෙන්නෙ....”
“මතක තියාගනිල්ලා.... එයා තමයි උඹලට කන්න
හම්බ කරලා දෙන්නේ. අනෙක එයා තමයි උඹලගේ ලොකු අයියා.....”
අප, අරහෙම බෙදෙන බත් පිඟානේ රසවත්ම
දේවල්වලින් ටික-ටික පැත්තකින් තියන්නේ මුලින්මය. ඊළඟට ඒවා එකට ඇනෙයි.
පිම්බුණු
පපඩමේ කොණකින් පොඩි සිදුරක් හදාගෙන, අනාගත් පංගුව ඒකට පුරවාගත්තාම ‘අම්මට හුඩු’ය.
සත්තය; ඔහොම දේවල් සේරම මට යළි-යළිත් මතක් වෙන්නේ නාමල්ගේ ජීවන අත්දැකීම් කියවන
වෙලාවටය. පපඩමට පුරවන්නට හොඳම හරිය තියාගත් මගේ එදා පුරුද්ද, මෙතැනදිත් ඉස්මතු වුණේය.
සහෝදරයා එකේ අම්මා විස්මෘතියට ලක්වී සැනසුම ලබයි! |
“.... මගේ අප්පච්චි දවසක් අම්මට නරුම විදිහට
පහර දුන්න. මම හිටියෙ ඒක වලක්වන්න, මැදිහත් වෙන්න බැරි තරම් කුඩා වයසක. ඒ පහර කන
අතරතුර අම්ම එකවරම විස්මෘතියකට ගියා. මොකක්දෝ ආවේශයක් ගත්ත. අම්මගෙ මියගිය ලොකු
අක්ක විදිහට හැසිරෙන්න ගත්තා.
ඒ ආවේශය ඇතුළෙ වසර දහයක් පමණ කියාගත නොහැකි සත්‍යයන්
ගොන්නක් වමෑරුව. විඳපු පීඩා ගැන, ජීවිතය කාලකන්නි වූ හැටි, නැවත පහර දුන්නොත් ලේ
බොනවා වගේ දේවල් ටිකක් ඒ ආවේශයෙන් ලොකු අක්ක කිව්වා.
තාත්තා ගහද්දී අපේ අම්මා නම් විස්මෘතියකට
ගියේ නැත.
ඉක්මනටම පොඩි එකෙක්ව වඩා ගත්තාය! හැබැයි එදා ප්‍රීතිමත් පවුලක හීනය
සුනු-විසුනුව යද්දී මට දැනුණු අසීමිත අසරණකම අදටත් මට මතකය; අම්මෝ එහෙම
අසරණකමක්.....
එවැනි අසරණ; helpless හැඟීම් දැනෙන අතිසංවේදී
තැන් නාමල්ගේ නිර්මාණවල එමටය. ඇති, ඇති. රසික හැමෝටම තේරෙන දේවල් ආපහු-ආපහු
කියන්නට ඕනෑ නැත. ඒත් මේ පෝස්ටු පහේදීම රොෂාන්, චාන්දනී, ජයනි, නෙතලි වගේ ගොඩක් අය
ගැන මං කිව්වේ යාන්තමිනි.
'මාලේ ගෙලේ.- චේ පපුවේ - කිසිම දෙයක් - නෑ ඔළුවේ' කියා ගැයුවේ චින්තක ගීතදේවය....... |
ආනන්ද අබේනායක ගැනත්. ගයාන් ගනකධාර, වසන්ත පූර්ණවංශ, තිසර තුල්වන්, ජගත් වීරතුංග වගේ අය ගැනත් කිව්වෙම නැත්තේ මං ටෙලියේ විචාරයක් නොකළ
බැවිනි. ඒවා ප්‍රබුද්ධ විචාරකයන්ට බාරය! (ගයාන්, වසන්ත. නිමල් අයියාව මතකයිද?)
හමාර කියන්නට කලින්..... මේකත් කියන එක
යුතුකමකි.
‘කොණ්ඩෙ බැඳන්- රස්තා ඇඳං - බොබ් මාලේ සරනවා
- වීදි දිගේ
සුරුට්ටුවක් කටේ ගසං - චේ ගුවේරා බිස්නස් -
ඇපල් කඩේ
මාලේ ගෙලේ - චේ පපුවේ - කිසිම දෙයක් නෑ ඔළුවේ’
මේ පද වැලේ තුන්වැන්න three වීලරයක පිටිපස්සේ
තියෙනවා දුටු බව මං කිව්වේ ‘වීරයා ගෙදරද 3’
පෝස්ටුවේදීය. එය කාගෙ නිර්මාණයක්ද කියලා නොදන්නා බවත් හෙළි කළෙමි. රසිකොලොජිස්ට් හිතවතා
නොපමාවම කමෙන්ටුවකින් කීවේ ඒක ගීතයක් බවයි. ඒ වගේම ගීතය අහගන්නට ලින්ක් එකත් එව්වේය.
ගීතයේ රචකයා උපරිමයෙන්ම වැඩේ දීලාය!
රස්තියාදු ගහන බොබ් මාලේලා, ඇපල් විකුණන චේ ගුවේරලා එදාටත් වැඩියෙන් අද ජීවමානය. රට
පුරාම මේ දවස්වල වැඩියෙන්ම ඉන්නේ ‘ජාති’ වීරයන් බව ටිකකට ඉස්සෙල්ලාත් කීවෙමි.
හිතවත් 'රසිකොලොජි' රචකයාණන්, GOSHA; චින්තක ගීතදේවගේ විස්තරත්........... |
එහෙම කියද්දී නොකියාම බැරි දෙයක් මතක් විණි.
අපේ අනිල් මල්ලීගේ හත්දොහේ පින්කමේදී බණට වැඩියේ කොට්ටාව විද්‍යාදාන විද්‍යාලයේ උප
විදුහල්පති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ගිරාඳුරුකෝට්ටේ ආනන්ද හාමුදුරුවන් වහන්සේය.
“..... අද අපේ සිංහලයෝ ගොඩක් ආඩම්බරෙන් කතා
කරනවා අපේ බෞද්ධ හැදියාව ගැන, සංස්කෘතිය ගැන. අපි කෙළවරක් නැතිව බණ අහනවා..... බණ
කියවනවා... මේ වගේ පින්කම්වලදී අනුන්ටත් බණ අස්සවනවා.
හැබැයි අපි අහන බණ හිතට
ගන්නවද? අහන බණ හිතට අරගෙන ඒවා පිළිපදිනවද? මොකද පින්වතුනි.... අපේ රටේ වැඩිහිටි
නිවාස කොච්චර තියෙනවද....
-අහලා තියෙනවද මුස්ලිම් වැඩිහිටි නිවාසවල ඉන්න මුස්ලිම්
වැඩිහිටියන් ගැන. අහලා තියෙනවද කතෝලික වැඩිහිටි නිවාස ගැන? ඒත් අපේ රටේ බෞද්ධ
වැඩිහිටි නිවාස තියෙනවනේ.........” ආනන්ද හාමුදුරුවෝ
පැවසූහ.
අපේ අනිල් මල්ලිගේ හත්දොහේ පිංකම පැවැත්වෙද්දී........... |
මම තවමත් උන්වහන්සේගේ ඒ ප්‍රකාශය ගැන
හිතන්නෙමි!
ඔන්න බණට පස්සේ ආයෙමත් සිංදුවට. අපි
එහෙමනේ..... දැන් බණ-පිරිත් ඕනෙම තැනකදී ඉවසා වදාරාගෙන ඉන්නේ හාමුදුරුවන් වහන්සේලා
ආපහු වඩිනකල්ය. පුරුදු සිංදුවට.... bite, බෝතල් එක්ක.... අහපු බණ කණේ දෝංකාර
දෙද්දිම කරගන්නේ කොඩිවින!
ගීය චින්තක ගීතදේව (GOSHA) ගයන්නකි. මට
හිතුණේ පබැඳුම-තනුව-සංගීතය වගේ දේවලුත් එයාගෙම වෙන්නට ඇති කියලාය. අරවින්ද පෙරේරා
රසිකයා you tube එකට ගීතය දාලා තියෙන්නේ 2013 වගේ ඈත කාලෙකදී නිසාදෝ විස්තර එකතු
කොට නැත.
සැමරුම් දිනවලට වීර - තාප්පවල විජේවීර//
නිවැරදි මඟ ගන්න තෝර - හොයමුද අපි සැබෑ
පාර///
ඒ, ගීතයේ අන්තිම පදවැල්ය.
ඉතින්.... ‘ජීවිතයට ඉඩ දෙන්න’යි කී
‘අප්පච්චි’ ඇවිත් ගියේය. ‘බොහීමියානුවා’, ‘තාරා’ත් එක්කම ඇවිත් ගියේය. ‘සහෝදරයා’ත්
ආවේය; ගියේය. දැන් ‘වීරයා ගෙදර ඇවිත්’ය. ඇවිදිනුත් දාහක් දේවල් අපට කියයි;
පෙන්වයි.
වීරයාගේ උත්තම ගුණාංගවලින් ටිකක්වත් අපේ ජීවිතවලට එකතු කරගන්නට හැකි නම් ඒකත් වීරකමක්........... |
ඒ සේරම නොවුණත් කමක් නැත; වීරයාගේ වීර
ගතිගුණවලින් ටිකක්වත් අපේ ජීවිතවලට එකතු කර ගනිමුද? එතකොටය ‘වීරයා’ අමරණීය වෙන්නේ;
වීරයා සදාතනික වෙන්නේ; ගෙදරම ඉන්නා අපත් වීරයන් වෙන්නේ෴
Nice, I am seriously trying to keep up with your writing. Night is long for the sleepless.
ReplyDeleteගොඩක් ස්තුතියි. ගොඩක් බ්ලොග් අඩවිවල විජේබාහු නම නං දැකලා පුරුදුයි, මෙහෙදී නැති වුණාට.
Deleteඒ වගේම ඔයාගේ කමෙන්ට් එක මට කරපු ගෞරවයක් විදිහටත් හිතුවට කමක් නැහැනේ.
අහලා තියෙනවද කතෝලික වැඩිහිටි නිවාස ගැන?
ReplyDeleteඔව්, අහලා විතරක් නෙමෙ දැකලාත් තියනවා..මුස්ලිම් වැඩිහිටි නිවාස ගැනනම් අහලාම නැත..
වීරයා ගැන කියන්න ඕනා හැම දයක්ම කියලා තියනවා..
අප්පච්චී, බොහිමියානුවා, තාරා එකක්වත් බලන්න බැරිවුන ඒවා..
ස්තුතියි සෙන්නා.
Deleteමං හිතන්නේ ඒ ටෙලි you tube එකේ තියෙනවා.
Pra Jay ත් වැඩිහිටි නිවාස ගැන තොරතුරු මල්ලක්ම දීලා.
//අහලා තියෙනවද කතෝලික වැඩිහිටි නිවාස ගැන? //
ReplyDeleteඕනෙ තරම් තියනවා. මං දැකල තියන ඒවා නම් ඉතා හොඳට පවත්වාගෙන යන ඒවා. ගාමිණී හෝල් එක තිබුන තැනට පිටිපස්සෙ එකක් තියනවා. (Little Sisters Of The Poor, Senior citizen center,204, T. B. Jayah Mawatha. Tel 0112 693 878) ඒ විතරක් නෙමෙයි විශ්‍රාමික පූජකයින්ට ඉතා හොඳ විශ්‍රාමික ස්ථානත් (Retreats) තියනවා.
කතෝලික විතරක් නෙමෙයි ඇන්ග්ලිකන් හා අනෙකුත් ප්‍රොතෙස්තන්ත නිකායන්ට අයත් වැඩිහිටි නිවාසත් තියනවා. Jayasinghe Retirement Home - Hendala Baptist Church, Cemetery Road, Wattala, Tel- 0112 932 643
නිමල්ට මුස්ලිම් එකක්ම ඕනෙ නම් - Lady Fareed Home for Elders, 27, Pamunuwila Road, Makola Rd, Tel - 0112 912 836
http://www.sundaytimes.lk/110403/Plus/plus_07.html
ඊට අමතරව සල්ලි ගෙවල ඉන්නවනම් හුඟක් පහසුකම් සහිත ඒවා තියනවා.මට නම් හොඳට හිතට අල්ලල ගිය ඒවා (ඒකාලෙ වෙනකොට සල්ලි ඇති තරම් තිබුනොත් ඉන්න ආසයි ). https://www.yamu.lk/blog/elderly-care-facilities-for-your-aging-parents
හාමුදුරුවරුත් දන්න හා නොදන්න ඔක්කොම බණට කියනවනේ?
P.S. අති පූජ්‍ය අන්තර්ජාලයේ ගූග්ලානන්ද නාහිමියන්ගෙන් බණක් අහන්න වැඩිහිටි නිවාස ගැන ඇත්ත දැනගන්න ඕනෙ නම්
Deleteඇත්තටම මං හිතුවේ මුස්ලිම් වැඩිහිටි නිවාස නම් නැති බවයි. මම මේ තොරතුරු ඒ හාමුදුරුවන් වහන්සේටත් යවන්නම්. ගොඩාක් ස්තුතියි Pra Jay.
Deleteටීවි නං බැලෙන්නෙම නෑ. ඉතිං ඕව ඔක්කම ගිරික් වගේ හිටං..
Deleteවැඩිහිටි නිවාස කෙසේතත් ගම්මානයක්ම තියේ පන්නල පැත්තෙ
Yes Machang, It is definitely a complement to your writing and about my inability to keep-up with reading.
ReplyDeleteමට මේක සෙට් උනේ නෑ කතාව නම් හොදයි ඒත් ඉංදංයන් ටෙලියක් වගේ අදිනව වැඩී
ReplyDelete