1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස

Saturday, May 25, 2019

වීරයා ගෙදරද? තෙවෙනි කොටස

පිටස්තරෙන් පෙනෙන්න වීරයෝ වෙන්න ලේසියි!
    ‘මාලේ ගෙලේ - චේ එල්ලී ඇත    පපුවේ
     එනමුත් කිසි දෙයක් ඇත්තේ නැත ඔළුවේ’

උඩින් තියෙන දෙපදය දැක්ක ගමන්, අපේ වීරයන්ට නප්පියටම තද වෙයිද මන්දා. විකල්ප මත- විකල්ප දේවල් ඔක්කොම අරහං කාලයක්නෙ මේ. 

මොළය කොලොප්පන් වුණු අපෙන් වැඩි දෙනෙක් වීරයන් වෙන්න හදන්නේ විරුද්ධ මත නෙවෙයි; විරුද්ධ මතධාරීන් මර්දනය කිරීමෙන්. ඒක හෙණ ආතල්ලු, මෝඩයන්ට. ලෙහෙසියිත් එක්කලු. බුද්ධි බලය ඕනෙම නැහැ, බාහු බලය තිබ්බාම ඇති වගෙයි පෙනෙන්නේ. මනුස්සකමත් නැතිවෙන තරමට තවත් පහසුයි වගේ.

හෙලි, කඩු, කිණිසි, තෝමර, පලිහ, කුන්තායුධ, තුවක්කු, පිස්තෝල, බෝම්බ ..... මොන ආයුධ තිබ්බත්  මොකටද? ඒවායින් විරුද්ධ මතධාරීන්ට ගහන එක විතරයි නේද කරන්න පුළුවන්? ‘විරුද්ධ මතවලට එරෙහිව සටන් කරන එක’. ඒක කොහොමද කරන්නේ?

ඉස්සෙල්ලාම මං අර කවි දෙපදය දැක්කේ three වීල් එකක පිටිපස්සේ. ඊළඟට ....
නිකම්ම නිකං ඉඳගෙන ඒක කරන්න බැහැනේ. හොඳට සන්නද්ධ වෙන්න ඕනේ; ආයුධවලින් නෙවෙයි, දැනීමෙන්!

ඒ කවි දෙපදය මං ලියපු එකක් නෙවෙයි. කවුරු ලිව්වද කියලා මං දන්නෙත් නැහැ. හැබැයි, ඒ අදහසට නම් මාත් සෑහෙන දුරට එකඟයි. ඕක තිබුණේ three වීල් එකක පිටිපස්සේ. එව්වයේ මහ ගොබ්බ කතන්දරත් තියෙනවා තමයි. ඒත් සමහර වෙලාවට මේ වගේ හරිම අර්ථවත්, යමක් කියන දේවලුත් තියෙනවා.

ඔන්න දැනුයි මගෙත් ඔළුවට ආවේ. ඉවාන් පවුලූශාබ්ලොගර්ස් ඊව් එකටත් ආවාමයි මං පුද්ගලිකව හඳුනා ගත්තේ. ඉවාන් පවුලූශා පිටුවේ උඩින්ම තියෙනවනේ අර මුල් පද දෙක. එයා three වීල් එකෙන්ද, three වීල් එක එයාගෙන්ද ....කවුරු කාගෙන් කොපි කළාද කියලා නම් මං හොයන්න යන්නේ නැහැ ඔන්න. කියැවෙන්නේ ඇත්තනේ.

වීරයන් විලාසිතාවක් හරි සුරුවමක් හරි වෙනවටයි වැඩි දෙනා කැමැති...........
අද අපි ඉන්නේ වීරයන්ව අදහන රටක. වීරයෝ විලාසිතාවක් හරි සුරුවමක් හරි වෙනවටයි අපි ආසා. බොබ් මාලේගෙ, චේ ගුවේරාගෙ රූප තියෙන ටී ෂර්ට්, මාල අදටත් අපි ගන්නේ ඒ ආසාව නිසයි. තනිකර බිස්නස් එකක්! 

(සමාවෙන්න මගේ අසංවර වචන භාවිතය ගැන, මේ වගේ තැන් ගැන මං කියන්නේ මෙහෙමයි. “අපි ඒ මිනිස්සුන්ව වේසකමේ යොදවනවා!”) හැබැයි, ඒකෙ හොඳ පැත්තකුත් තියෙනවා. අලුත් පරම්පරාවල අය එයාලා ගැන දැනගන්නේ - හොයන්නේ එහෙම දේවල්වලින් හරි දැකලා - කියවලානෙ.

මට මතකයි, ජනක ඉනිමංකඩ මහත්තයා ‘විදර්ශන ප්‍රකාශන’ වෙනුවෙන් ‘චේ චරිතාපදානය’ පොත ප්‍රින්ට් කරවද්දී වුණු දෙයක්. 
ඒකත් එක්ක දෙන්න චේ ගුවේරාගේ පෝස්ටරයක් ප්‍රින්ට් කළා. 

ප්‍රෙස් එකේ වැඩ කරන හැමෝටමයි, ඒ දවස්වල එහාට ආපු හැමෝටමයි අර පෝස්ටර් ඕන වුණා. පුදුම යුද්ධයක් කරන්න වුණා, ප්‍රින්ටින් ඕඩර් එක දෙනකල් පෝස්ටර් ටික පරෙස්සම් කරගන්න.

ජනක ඉනිමංකඩ මහත්තයා 'චේ චරිතාපදානය' පොත මුද්‍රණය කරවද්දී.....
කී දෙනෙක් චේ ගුවේරා හරි බොබ් මාලේ හරි ගැන හරියට දන්නවද? අනේ, මාත් දන්නේ යන්තමින්. පොත්වලින්ම තමයි. ඒ පොත් දෙකම ‘විදර්ශන ප්‍රකාශන’.  

එක-එක වීරයන් වගේ කොන්ඩේ පීරන්න, එයාලා වගේ රැවුල කපන්න, එයාලගේ දේවල් දාහක් අනුකරණය කරන්න මට නම් හිතිලා නැහැ. 

හැබැයි, පිස්සු හැදිලා ඒවා කරන අය, එයාලගෙ වීර, උදාර, අදීන, ඍජු ගති ජීවිතේට එකතු කරගන්න හිතනවද? හිතන්න කොහෙද වෙලාවක්. අද සේරෝම දුවමින් ඉන්නකොට. ඔක්කොම ක්ෂණිකව..... 

එහෙව් instant අවදියක ඉඳලා වුණත් ‘අප්පච්චි’ තිර රචනය ලියන්නට නාමල්ට අවුරුදු පහක් ගිහින්! එහෙනම් ‘බොහීමියානුවා’ ලියන්න.... ‘වීරයා ගෙදර ඇවිත්’ ලියන්න..... කොච්චර කල් ගන්න ඇතිද?

'බොහීමියානුවා', 'වීරයා ගෙදර ඇවිත්' තිර රචනා ලියන්න නාමල්ට කොච්චර කාලයක්.....
“මනුෂ්‍යයෙක් විදියට මට මගේ ජීවිතයේ හැමදාම නොතිත් ආශාවක් තිබුණා කිසියම් පුරුෂාර්ථ සහිත මනුෂ්‍යයෙකු වීමට. ඒක කලාවේ ආභාෂයන් හා සමාජ පැනවීම් මං බාර ගත්ත විදිහයි. මට හැම විටම හොඳ පෙම්වතකු, හොඳ සැමියකු, හොඳ අප්පච්චි කෙනෙකු වීමේ අවශ්‍යතාව තිබුණා. බොහෝ අවස්ථාවල මට එතරම් යහපත් මනුෂ්‍යයකු වෙන්න බැරි වුණා.

-සාමාන්‍යයෙන් මිනිස්සු මෙතෙන්දි කරන්නේ ඒ තත්ත්වය වහගන්න ව්‍යාජ රඟපෑමකට යන එක. නමුත් මම කළේ මට ළඟාවෙන්න බැරි වූ, නමුත් මං අත්පත් කරගන්න ආශාවෙන් සිටි ‘පෙම්වතා, සැමියා, අප්පච්චි’ ආදී අප ජීවිතයේ විවිධ වකවානුවල රඟපාන චරිත, පිටපත් ඇතුළෙ ප්‍රතිනිර්මාණය කරපු එක.          

-මගේ දියණිය ලැබෙන්නත් කලින් තමයි ‘අප්පච්චි’ පිටපත ලියන්න ගත්තෙ. කාල් මාක්ස් තැනක කියනවා ‘දෙමව්පියන් තනන්නේ දරුවන් ය’ කියලා. 

එකවරම අප්පච්චි උනහම තමයි මට දැනුණේ අප්පච්චි වෙන්න තරම් සංකේතීය සුදුසුකම්......
රස්තියාදුකාර කොල්ලෙක්, පෙම්වතෙක්, විදිහට හිටපු මම, එකවරම අප්පච්චි උනහම තමයි මට දැනුණේ, අප්පච්චි වෙන්න තරම් මං ළඟ අප්පච්චිගේ සංකේතීය සුදුසුකම් නෑ කියලා....”  (ලංකාවේ සුභාවිත කලාව කියන්නේ විකල්ප යථාර්ථයක්- නාමල් ජයසිංහ - ජේ.ඩී.එස් ලංකා - 2016 සැප්තැම්බර් 03 - මංජුල වෙඩිවර්ධන)

ඇත්තටම නාමල් අර සින්දුවවත් අහලා නැත්ද මන්දා. 
රත්න ශ්‍රී විජේසිංග ලියා දීලා ගුණදාස කපුගේ සුගායනීයව ගැයූ ගීතය.

    ‘නා කොළ අන්දම් පෙණ නොවටින්නේ -
    බෝ කොළ අන්දම් පෙණය දියන්නේ -
    පෙණේ නැතිව අපි කොහොමද ඉන්නේ -
    සමාවෙයන් නයි හාමී//’

පෙණේ නැතිව අපි අසරණ වේවී! පෙණේ දියන් නයි හාමී.......
කැබිලිති අරගෙන ගැරඬි නටන ලෝකෙකටනේ නාමල් ජයසිංහ කියන්නේ ‘අප්පච්චි කෙනෙක් වෙන්න තරම් මං ළඟ සංකේතීය සුදුසුකම් නැහැ’ කියලා, ඇත්තම. කලිනුත් මගෙන් කියවුණා. රහස ‘ගට්ස් තිබීම’. 

සංකේතීය සුදුසුකම් නැති වුණාට බොරුවට මවන්න; පුම්බාගන්න; සල්ලිවලටත් ගන්න පුළුවන්. ඒත් ගට්ස්; අභිමානවත් ශක්තිය.....? පැහුණු පොල්වලින් විතරයි තෙල් හිඳගන්න පුළුවන්, කලටි පොල්වලින් බැහැනෙ.

හද්දා පරණ; එහෙම වුණත් කවදාවත් බොරු නොවෙන; සියදහස් වාරයක් එක-එක්කෙනා අතින් පතුරු ගැසී ඇති කියමනක් මෙතැනට ඔබන්නේ ඒක සත්තක ඇත්තක් හන්දාය. ‘කියවීම මිනිසා සම්පූර්ණ කරයි!’.

සීනි අරික්කාල ඔතා දෙන පත්තර කෑල්ලවත් නොකියවා අත නෑරපු මේ ලියන මැට්ටා............
මේ ලියන මැට්ටා උගේ මැටි-මෝල්කම හින්දා හිතාගෙන ඉන්නේ මිනිහාත් ටිකක් හරි සම්පූර්ණ කෙනෙකි කියලාය. පුංචි කාලේ; හොඳටම අහේනියෙන් හිටි සංදියේ; සීනි අරික්කාල ඔතලා දෙන පත්තර කෑල්ලක්වත් නොකියවා අතහැරියේ නැතිව කියවූ හැටි දයාබර රසික ඔබ මීට කලින් කියවා ඇත. 
ඉස්කෝලේ හෝඩියට යන්නටත් කලින්, ආච්චීට ඇහෙන්නට ‘ලංකාදීප’ පත්තරේ මුල-හිට අගට කියවාපු මේ පුතයා, කොහොමත්; හැමදාමත් කියවන අයට සිරස නමා ආචාර කරයි.

ඉතින් මං ගැන කෙසේ වෙතත්..... නාමල් ගැන කියනවා නං......

“කියවපු පොත්වලින් කියලා නාමල් කිව්වේ සෑහෙන්න කියෙව්වාද?” ‘රාවයේ’ ටිරාන් බෝලය උස්සලා දුන්නම නාමල් dash පහරක් එල්ල කර තිබුණේ මෙහෙමය.

“පුංචි කාලේ ඉඳලා හුදෙකලා වන ජීවිතේ ඇතුළේ අවට ලෝකය, අවට පරිසරය ගැන මට දැනගන්න තිබුණ එකම විදිහ පොත්. වෙන මුකුත් නෑ. අපිට කියලා ටෙලිවිෂන් නෑ. අම්මා තාත්තා දුර හින්දා අපිට චිත්‍රපටයක් නාට්‍යයක් බලන පසුබිමක් නෑ. 
එහෙම සංස්කෘතියක් තුළ එළියේ සංස්කෘතිය මට ඉගෙනගන්න තිබුණ එකම ක්‍රමය පොත්. ඒක මම නොගන්න මගේ මාවතම වෙනස් වෙන්න තිබුණා.


බුලත් විට කඩෙන් නිකම්ම නිකං හම්බ වුණු 'ලෙනින්' පොත..........
-ඒ කාලේ අපේ මාමා කෙනෙක් හිටියා. එයා ලොන්ඩරි දාලම තමයි දිනපතා ඇඳුම් අඳින්නේ. ලොන්ඩරිය තිබුණේ ගෙදර ඉඳලා මීටර් දෙකකට විතර එහා. මට තමයි ඇඳුම් ගෙනෙන්න කියන්නේ. මේ ගෙනෙනවාට මට රුපියල් දහයක් ලැබෙනවා. 
ඒ සල්ලි එකතු කරලා තමයි මම පොත් ගත්තේ. ඒ ලොන්ඩරියේ බුලත් විටත් විකුණනවා. දවසක් පොතක කොළ කඩන කොට, මම පොතක් හින්දා රුපියල් දහයක් දෙන්න ඒක දෙනවාද ඇහැව්වා. සල්ලි ගත්තේ නෑ. නිකං දුන්නා. 

ඒ පොත තමයි ලෙනින්ගේ ජීවිත කතාව. මම මුලින්ම ලෙනින් කියෙව්වේ බුලත් විට කඩේ තිබිලයි.(හිනා)”

නිකම්ම නිකං පිනට හම්බ වුණු පොතකිනුත් වැඩක් සිද්ධ වෙලාය.

නිකම්ම නිකං අපේ රටට ලැබුණු නිදහසෙනුත් එහෙම වැඩක් සිද්ධ වුණේ නැත්තේ ඇයි? රටේ අවාසනාවද, රට වැස්සන්ගේ (ස්ත්‍රීන්ට සම තැන දෙන්න ඕනේ නිසාය, ඊළඟ වචනය දමන්නේ. ඒත් හිතට හරි නැත. කරන්නට දෙයක් නැත. මා දන්නා විදියට නම් වචනය මේකය.) වැස්සියන්ගේ අවාසනාවද? මල කෙළියයි, වැස්සියන්ගේ පුරුෂ ලිංගික වචනේ වස්සන්ගේ කියන එකනේ. ඔව්වයේ නිරුක්ති හොයන්න මං මොකෙක්ද, ඔන්නොහෙ තිබිච්චාවේ!

ඒක එහෙම වුණත් වත්මන් පරම්පරාව හොඳින් තොරතුරු හොයා ගනිති. ඒවා විශ්ලේෂණය කරගැනීමේදීත් හපන්කම් පෙන්වති. 

ඒවාට ප්‍රතිචාර දැක්වීමේදී; ක්‍රියාත්මක වීමේදී සබුද්ධිකව තීරණ ගෙන සිටීම විතරය, තව දියුණු විය යුත්තේ! අනුන්ගේ මත ඉවසන්නටත්, ඇහූ-දුටු පමණින් එකෑවරම තීන්දුවලට නොඑළඹෙන්නටත් ප්‍රවේසම් වුණාම අපට වරදින්නට තියෙන ඉඩ අඩුය.


සිදුහත් කුමාරයා අසිත තවුසාට දැක්වූ අවස්ථාවේ.............
සුදොවුන් රජ්ජුරුවන්ගේ ගුරු, අසිත තාපසයා සිදුහත් කුමාරෝත්පත්තියෙන් පස්සේ හැඬුවා වගේ දුකක් මටත් තිබෙයි.

දැන් ඉන්නා පරම්පරාව ගැන මට විශ්වාසය. ඔවුන් යහපත් සමාජයක් ඇති කරන්නට අදට වඩා ක්‍රියාශීලීව පෙරමුණ ගන්නවා ඒකාන්තය. නිර්මාණශීලී, අදීන, දැනුමින් සපිරි පිරිසක් එදිනට පෙරට එනු නිසැකය. හැට පැන- හොට බිම ඇනෙන නාකි හම්පඩයන් එළවා දමන්නට ඒ පරපුරට ඉක්මනින්ම අවස්ථාව උදා වේවා! ඒවා දකින්නට මට වරම් නොලැබෙනු ඇත. දුක ඒකය! 

අප්‍රේල් 15 වෙනිදා, ප්‍රියදර්ශනී වෙරලුපිටියගේ හොඳටම තදවී, යෝජනාවක් කරයි. 

“මේ ගස් කොට්ටෝරුවගෙ චරිතය මොකට නිර්මාණය කළාද මන්ද නාමල් අයිය. දැන් ඉතින් තව දුෂ්ටයෙක්නේ වීරයාට. පොල්ලක් ගෙනෙන් චාමර, මූට ගහන්න.”  ප්‍රියදර්ශනී මෙහෙම කියන්නේ ‘හේරත්’ (ආනන්ද කුමාර උන්නැහ) ටෙලියට ප්‍රවිෂ්ඨ වෙනවාත් එක්කමය. මෙහෙම කියන්නේ ඔහු කලින් වතාවක දුෂ්ට චරිතයක් කළ නිසාවත්ද? (ගොළු තාත්තා, බැද්දේ කුලවමිය,......... වගේ මා නැරඹූ ඒවායේ නම් ඔහු හිටියේ සුදු චරිතවලටය.)


එළියෙහි අගය දැනෙන්නේ අඳුරත් තිබෙන විටය. වීරයන් දිදුලන්නේ දුෂ්ටයන් හා ගැටෙන විටය!
සමහරුන්ට සේවියර් කනිෂ්ක (ත්‍රීරෝද මල්ලී)වත් නයාට අඳුකොළ මෙනි. කතාවක් ගලා යන්නට නම් ගැටුම් තිබිය යුතු බව සමහර රසිකයන්ට අමතක වෙලාය. අනෙක, ඒ නොරිස්සීම්වලින් පෙනෙන්නේ සුළු චරිත වුව මැනැවින් ගොඩනංවා ඇති බවය; මැනැවින් රඟපා තිබෙන බවය.

ඒත් අප පුරුදුවී ඉන්නේ එහෙමය. මං කැමති එකා යහතින් වැජඹිය යුතුය. මට අල්ලන්නේ නැති එකා නැති-බංගවී; සුන්නද්දූලිවී යා යුතුය. තවමත් අප රැවටෙන්නේ පිට ඔපයටමය. ඒ ලෝක ස්වභාවයය.

අපේ ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකයන් හුරු-පුරුදු කරවා තියෙන්නේ ‘ඕලාරික’ ගනයේ නිර්මාණ බලන්නටය. දිනපතාම අපි ඒවා බලන්නෙමු. ඒවා ගැන කතා කරන්නෙමු. නපුරුකම්, කුඩුකේඩුකම්, උගුල් ඇදීම්, යටිකූට්ටු වැඩ නිමක් නැත. 

“නිමල් අයියේ, දැන් අපේ මිනිසුන්ට ඕනේ ඩ්රාමා. ඉන්දියන් ටෙලිවලින්ම පත්තියම් වෙලා.” ඉතාම මෑත දවසක අයස්මන්ත පීරිස් දොස්තර මහත්තයා කිව්වේය. (මා නම් කියන්නේ 'පයිත්තියන්' කියලාය). 
ඉතින්, එහෙව් ප්‍රේක්ෂකයන් වුණත් ‘වීරයා’ බලද්දී අලුතින් හිතන්නට; යමක් ගලපා ගන්නට වෑයම් කිරීම කොච්චර එකක්ද? සුදේශ් එහෙම කෙනෙකි. 


අපේ මිනිස්සු ඉන්දියන් ටෙලිවලින්ම පත්තියම් වෙලා..........
“බැලුවා.... අමාරුයි දාගන්ඩ මගේ ඔළු ගෙඩියට - ඔය එළියට එන්න හදන සංකීර්ණේ ඊඩිපස්ගේද? වෙන්ඩ බෑ....- අක්ක මාරයි.... මල්ලිත් පව්.... මටසිලුටු පුංචි හිත් - බයේ බෑ....” සුදේශ් දමිත කුලසේකර රසික හිතවතා හිතේ තෙරපෙන දේවල් කියා තිබුණේ එහෙමය.

සුදේශ්, නිදි හා මේ පෝස්ටුව කියවන දයාබර ඔබ ඉන්නා සමාජය  ගැන අවබෝධයක්; දැක්මක් ඇතිවය නාමල් තිරරචනා ලියන්නේ.

“අපි වැඩවසම් තත්ත්වයෙන් ගැලවෙන්නෙ අපේ උවමනාවකට නෙමෙයි. ඒක ලෝක බල දේශපාලනයේ වෙච්ච සිද්ධියක්. දෙවන ලෝක යුද්ධයෙන් පස්සෙ රුසියාව ජර්මනියට පහර දීලා, ඒ බළ ඇණිය බිඳුනට පස්සෙ සහ බ්‍රිතාන්‍යයට තවදුරටත් අධිරාජ්‍යය පවත්වගෙන යන්න බැරි වෙනකොට ඒගොල්ලන්ට දාලා යන්න සිද්ධ වෙනවා. 

-එහෙම නැතිව අපි ඉල්ලා සටන් කරපු එකක් නෙමෙයි. එහෙම ඉල්ලලා දැනෙන සටනක් කළෙත් නැහැ අපි. ඉන්දියාවට නිදහස හම්බවෙනකොට අපිටත් හම්බවෙනවා.


අපි දුක් විඳින්න ඕනේ; අපි දුක් විඳිමින් ඉන්න බව දැනෙන්න ඕනේ....
-මේක හරියට අර චතුරාර්යය සත්‍යයය ව‍ගේ තමයි. ඒ කියන්නෙ මේක අපි අවබෝධ කරගන්න ඕන දෙයක්. ඒ කියන්නෙ අපි දුක් විඳින්න ඕනේ. අපි දුක් විඳිමින් ඉන්න බව දැනෙන්න ඕනෙ. ඊට අමතරව මීට වඩා යහපත් සමාජ ජීවිතයක් තිබෙන බව දැනගන්නත් ඕනෙ. මේක වෙනස් කළ හැකි බව හිතන්නත් ඕනෙ. 

-නමුත් අපි තාම ඉන්නෙ අර දුක් විඳින අවධියේ. තාම තේරුම් ගත්තෙ නැහැ අපි දුක් විඳිමින් ඉන්නවා කියලා. එතකොට අපි තාම ඉන්නෙ අර වැඩවසම් තැනම තමයි.”  –(‘සහෝදරයා’ විලාසිතාමය වමට ප්‍රශ්නයක් වෙයි.... භාතිය ගුණසේන- roar.media)

නාමල් පෙන්වා දෙන්නට වෙර දරන සත්‍යය එලෙසින්ම රසික-රසිකාවන්ට වැටහෙනවාද?

මට හමුවන අයගෙන් බහුතරයක් මේ නාට්‍යයට කැමතිය. හොඳින් එය රස විඳිති. ඒත් එයින් කියවෙන සදාතනික මානුෂීය ප්‍රශ්නවලින්, දේශපාලනික අරුත්වලින් එයාලට වැඩක් නැතිවා වගේය. එහෙම වෙන එකේ පුදුමෙකුත් නැත.


දෙන තරම කොච්චර ලොකු වුණත් ඒවා දමාගන්නට තියෙන්නේ පොඩි ඉඩක් නම්........
බුදුහාමුදුරුවන් වහන්සේට වුණත් අල්ලපු වැටේ හිටි චුන්ද සූකරිකයාට දහම් අවබෝධ කරවන්නට බැරිවිණි; දේවදත්ත තෙරුන් අපාගත වීම වළක්වන්නට බැරිවිණි. එහෙම වුණේ උන්වහන්සේගේ දුර්වලකමක් නිසා නොවේ. අර දෙන්නාටම පින් නොතිබුණු නිසාවෙනි; නුවණ නොමැති නිසාවෙනි; මොළයේ කැපෑසිටි එක අඩු නිසාවෙනි! දෙන තරම කොච්චර ලොකු වුණත් දමාගන්නට තියෙන්නේ පුංචි ඉඩක් නම්?

ඒ දවස්වල; ගැටයා කාලේ මා කියෙව්වේ මාරක කතා චක්‍රවර්ති ඩීමන් ආනන්ද මහතාගේ පොත්ය. ඒවාත්, ඩබ්ලිව්.ඒ. සිල්වා ශූරීන් වැනි අයගේ පොතුත් නිසා මම පොත් කාවෙක් වීමි. මුලින්ම මගේ අතට දුන්නේ  පියදෝර් දොස්තවස්කිගේ පොත් නම්.... 

ඒක කාට වුණත් එහෙමය. මෝරන්නේ  ටිකෙන් ටිකය! හැබැයි, ‘බතක් ඇට්ටකුණා වුණොත් මේ සම්මජාතියේ හදාගනිල්ල බොරුය’ කියන කීමකුත් තිබෙන බව අමතක නොකළ යුතුය.

‘වීරයා ගෙදර ඇවිත්’ වගේ ඒවා ගෙදරට එන එකෙන් රසිකයෝ පාන්වලත්, කේක්වලත් වෙනස හඳුනා ගනිති; මුහුකුරා යති. ඒ වික්‍රමය ලෙහෙසියෙන්ම කරන්නට නාමල් සමත් වෙන්නේ එයාගේ අතීත අත්දැකීම් නිසාමය. 


'වීරයා ගෙදර ඇවිත්' ආදරණීය රසික ප්‍රජාවට කේක්වලත්, පාන්වලත් වෙනස හඳුනාගන්නට........
ඔහු නන්නත්තාරේ ගිය සන්‍යාසියෙක් නිසාමය. (ඒකට මං නම් කියන්නේ අවලමේ ගියා කියලාය. දන්නවනේ, මගේ ‘වදන් කොස්ස’ අසික්කිතයි වගේනෙ.) ඒවායින් වැඩිම වාසිය ලබන්නේ අපය!

“හරි කතාවක්නෙ ඒ!” සමහරවිට ඔබ කියනු ඇත. මගේ මොළයේ capacity එකට අනුව පාඨක ඔබට ඒ වග කියන්නෙමි. ඒත් අද නොවේ, තව පෝස්ටුවකිනි.



7 comments:

  1. ඉවාන් ලව්පූසාට බ්ලොග් එකක් තියනවද?

    ReplyDelete
  2. තියෙනවනේ Pra Jay මහත්තයෝ. ....ඉවාන් පවුලූශා පිටුවේ උඩින්ම.... කියලා පෝස්ටුවේ තියෙන තැන ඉවාන් පවුලූෂා උඩින් ක්ලික් කරන්නකෝ.

    ReplyDelete
  3. //ඒක එහෙම වුණත් වත්මන් පරම්පරාව හොඳින් තොරතුරු හොයා ගනිති. ඒවා විශ්ලේෂණය කරගැනීමේදීත් හපන්කම් පෙන්වති. // වැරදී පරම්පරාවේ ඉති සුලුතරය ඉන්නව ඔයාලගෙ කාලෙත් ඉන්න ඇත් ඒත් සමාජ මාධ්‍ය තිබ්බෙ නෑනෙ එයාල කවුරුත් දැක්කෙ නෑ. අපේ පරම්මපරාවෙත් අති බහුතරය පාරම්පරික පක්ෂය බදාගන ඉන්නෙ කියල මම වගකීමෙන් කියනව

    ReplyDelete
  4. මධූ,මං නම් දකින්නේ සුබවාදීව.
    හැබැයි එයාලා ආවේගශීලී නොවී උපක්‍රමශීලී වෙනවා නම් ගොඩක් හොඳයි. ඒත් ඉතින් තරුණ වයසේදී ජවය, නොඉවසිල්ල වැඩියි. ඒවා පාලනය කරගන්නට එයාලට ශික්ෂණයක් නැති නම් ඒකෙ වගකීමෙනුත් වැඩිම කොටසකට වැරැද්ද බාරගන්න ඕනේ වැඩිහිටි අපි.
    අපි මැදිහත් වෙලා අපේ කාලේදී සමාජය වෙනස් නොකරපු වැරැද්ද නෙවෙයිද මේ?

    ReplyDelete
  5. මාලෙ ගෙලේ චේ පපුවේ කියන්නේ ගීතයක කොටසක්

    ReplyDelete
  6. Replies
    1. ගොඩාරියක් ස්තුතියි රසිකොලොජිස්ට්!

      ගීතය බැලුවා. 2013 දාපු එකක් නිසා වෙන්නැති, එතැනත් රචකයා ගැන සඳහනක් නැහැ. ඒ වුණත් 'වීරයා ගෙදරද?' 4 පොස්ටුවේ ඒ ගැන ලියනවාමයි. ස්තුතියි!

      Delete