අකුරු මැකී නෑ

Monday, June 28, 2021

දාහතර වෙද්දී - දෙවෙනි කොටස

හිත එකලස් කර ගන්නේ කොහොමද?

කොච්චර හයිකාරකම් පෙන්නාගෙන හිටියත් එදා රෑ මං ගෙදර ආවේ..... අපේ තාත්තාගේ හිත මෝදු වෙලා තිබේවා කියලා ප්‍රාර්ථනා කරගෙනය.

මේ කොටස අකුරු කරන්නට ගත්තේ පොසොන් පෝයදාය; මෙලෝ වැඩක් කරන්නට- ලියන-කියන දේකට හිත හදාගනු බැරිව ඉඳලා-ඉඳලා බැරිම තැනය; ලියන-කියන වැඩකට හිත එකලස් කර ගන්නේ කොහොමද?
මහරගම දුම්රිය මාවතේ පන්සලක අද හිමිදිරියේ හිටම පොසොන් පිංකමක් වගෙය.
කවුදෝ පිරිත් සජ්ජායනා කරනවා ඇහෙයි. ඒ එක්කම හිටි ගමන් ගිරිය කඩාගෙන (ළමයින් විය යුතුය.) කෙරෙන අත්වැල් ඇල්ලීම්.... හොයා බැලුවාම රෙකෝඩින් පිරිතට- පොඩි හාමුදුරුවරුන්; සාමනේර භික්ෂූන් වහන්සේලාත් විඩෙන්-විඩේ සජීවීව අත්වැල් ගායනයෙන් සම්මාදම් වෙලාය. (මට හිතෙන්නෙම ලොකු හාමුදුරුවරු කවුරුන්වත් පන්සලේ නැති නිසා ‘කෙළිය’ට කෙරුණු දෙයක් වෙන්නැති කියලාය!)
පිරිත් තාලය නං බිඳුණේ නැත; ඒත් ශ්රුතියක් නං තිබ්බෙම නැත, ඝෝෂාවක් මිස!

වෙසක් සතියේ පටන්ම මේ ‘රෙකෝඩින් පිරිත් කෝලාහලය’ සිද්ධ වෙයි. උදේට පැයක්... හවසට පැයක්... අද දවසම!

හෙම්බත්වී ඉඳීමෙන්ම හෙම්බත්වී, බොහොම අමාරුවෙන් හිත දමනය කරගෙන දෙකහමාරට විතර කොම්පියුටරයට වාඩි වුණෙමි..... එතකොටම පණිවිඩ තුනක්.
එක: දුමින්ද සිල්වා නිදහස්!
දෙක: ‘දුමින්දාගමනය’ පෝස්ටුවක්.
තුන: ගාථා රත්නයක්, ඒකත් පොසොන් පෝයට සම්බන්ධය.

මාර සමයං මහාරාජ
ටූ ට්වෙන්ටි ෆයිව් (225) ශ්‍රාවකා
තඹේටම  සොරකම් පාය
ලංකා දීපා ඉබා ගතා/අපා ගතා!

ලොකු නංගි; නෝනා තමයි ඒ අව්වස්සේ ඕනි නැති කෙහෙල්මලක් කළේ! (නෝනා, අනිල් හා සුනිල්)

ඔද්දල් වෙලා තිබ්බ හිත ටිකාක් විතර හරි ගියා, පණිවිඩ තුන හින්දා- හිනා ගියායින්. මඟුලයි! ඉන්ටර්නෙට් සබඳතාව විසන්ධි කරලා මිස ලියන්න බැරි වෙන පාටයි. තවත් message එකක්.

පොසොන් පෝයට හරක් නිදහස් කරනවා දැකලා තිබුණට, හරකෙක් බූරුවෙක් නිදහස් කරනවා මේ දැක්කාමයි...’ පේනවනෙ, නිදි කොච්චර අමාරුවෙන්ද අතීතය මතක් කර ගන්නේ කියලා. අනේ, හැට අටටම- 69ට නෙවෙයි, පලයං නිදි!

... එදා රෑ ගෙදර එද්දී මං ඉවසිල්ලක් නැතිව ආවත් අපේ තාත්තාට ඒක පෙන්නුවේ නෑ. දන්නවනේ, මාත් තාත්තගෙම පුතානෙ. දත කාගෙන හිටියා. පුරුදු විදිහටම තාත්තා ගේ මැද්දේ පිඟන් ටික සේරම දිගේලි කරගෙන රෑ කෑම බෙදුවා. අපේ ලොකු නංගි; නෝනා තමයි ඒ අව්වස්සේ ඕනි නැති කෙහෙල්මලක් කළේ! 

“ලොකයියේ.... තාත්තා අම්මට කිව්වා, ඔයාට trip එකක් යන්න දෙනවයි කියලා!”

ඒ වෙලාවේ අපේ තාත්තා රවපු රැවිල්ල.... ඊශ්වරයාගේ තුන්වැනි ඇහෙන් රැව්වට හපන්!
“නෝනා! මෙහාට වරෙන්....” නෝනා පස්ස ගැහුවා. පොඩි කාලේ ඉඳලාමත් ඒකිත් හෙණ මීටරේ. නැතිනං ‘
අඟුල්මල් දහනය’ සිද්ධ කරාවිය?

අනේ, ලොකු නංගිත් ආවා, නෑවිත් බැරිකමට; තාත්තා තව සැරයක් ගෙරෙව්වාම... තාත්තා නංගිගෙ කණෙන් ඇදලා ළඟට අරගෙන හොඳවයින් ටොක්කක් ඇන්නා.

“ඌයි! රිදුණා තාත්තේ....” ලැහැස්ති කරගෙන හිටිය කඳුළු වේල්ලේ දොරටුව ඇරලා නෝනා කිව්වා.

“රිදෙන්න? රිදෙන්න නෙවෙයි යකෝ, තෝව හම ගහනවා, වෙන වෙලාවක නං.... බත් කන්න ලෑස්ති වෙන වෙලාව නිසා බේරුණා කියලා හිතා ගනිං.... අහු වෙයන්කො ආපහු, ලොකු මිනිස්සුන්ගෙ කතාවල් අහගෙන ඉඳලා... නෝනට විතරක් නෙවෙයි කියන්නේ, තේරුණාද... තොපි ඔක්කොටම....”

ඒ දවස් ටිකේ යහමින් මහන්සිවී සල්ලි ටිකක් ඉතිරි කර ගන්නට ඕනෑය. එතකොට...

මතක් වෙනකොටත් හිනා යයි.

එකම-එක හතරැස් පෙට්ටියක් වැනි කෑල්ලක ජීවත් වෙන පවුලක රහස් තිබෙන්නට පුළුවන්ද? නීති-රීති, සිරිත්-විරිත් රැකෙන්නට පුළුවන්ද?

ඊට පස්සේ කොහොම, අපේ තාත්තාත් එක්ක trip එකේ මාතෘකාවට ගියාද කියලා මට හරියටම මතක නැත. ඒත් ගෙදර එන මඟ දිගටම, ඒ ප්‍රශ්නයට විසඳුම සැලසුම් කරමින් හිටි නිසා- ඒක තාත්තාට කියන එක නම් ලේසි වුණේය.
“මං දවස් හත අටක් ඉස්කෝලේ නොයා ඉන්නං...
 
උදෙන්ම මල්වත්ත පාරට ගිහින්, දෙපාරක් විතර කතා කරන්නං.... දවල්ට ඉස්පිරිතාලේ ළඟට යන්නං... හවසට පිටකොටුවේ තුන්-හතර පොළක.... බොරැල්ලෙ- මරදානෙත් රෑ වෙනකල්....”    

මගේ සැලසුම වුණේ ඒකය. ‘රෑ දවල් මහන්සිවී - කන්ට දේ රැස් කරත් කූඹියෝ!’

ඒ දවස් ටිකේ යහමින් මහන්සිවී සල්ලි ටිකක් ඉතිරි කර ගන්නට ඕනෑය. එතකොට ගෙදර අයට බඩගින්නේ ඉන්නට වෙන්නේ නැත; මට ගමන නොයා ඉන්නට වෙන්නෙත් නැත. වැඩ දෙකම කෙරෙයි.
‘No pain – No gain’ කතන්දරේ මං වහන්සෙ දන්නෙ දැන්ය. එතකොට දැනගෙන හිටියේ ඒ අදහස විතරය!

හැබැයි, ඒ විදිහට මගේ ඉස්කෝලේ ගමන අඩාළ වුණේ ඉතාමත් අහම්බෙන් විතරය.
එදා වේල හම්බ කරගෙන එදා-එදා ජීවත් වෙන අයට ලොකු-ලොකු දර්ශන නැත.
‘වැලේ ගෙඩි වැලට බර නෑ - උපදින
කිසි කෙනෙක් බඩගින්නේ මැරෙන්නෑ’ වගේ පඬිවදන් වගුරන්නට පුරුදුව හිටි තාත්තා අනාගතයක් ගැන හිතුවෙම නැති තරම්ය. පොඩි කාලේ හිටම අග-හිඟ නැති ජීවිතයක් ගෙවූ; එකා යකා වුණු; තරමක උගතෙකුත් වුණු තාත්තා එහෙමය. 

බින්තැන්නේ උපන්නත්, අපේ අම්මා සිහින මැව්වෙම අදට වඩා හෙට හොඳකර ගන්නටය.

බිංතැන්නේ ගොවි පවුලක දියණියක ලෙස ඉපදී, අටේ පන්තිය දක්වාවත් ඉගෙන නොගෙන අවුරුදු 17දී කසාදයකට බැඳුණත්, අපේ අම්මා නම් එහෙම නොවීය. අපේ අම්මා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උන්නතිකාමීය. සිහින මැව්වෙම ‘අදට වඩා හෙට හොඳ’ කර ගන්නටය.

මේවා සියල්ලම අලුතෙන් මතක් කරන්නට ඕනෑ නැත. වරින්-වර කියා තිබේ. අලුතෙන්ම බ්ලොගය කියවන්නට පිවිසෙන අයගේ පහසුව සඳහා විතරය කියන්නේ.

“සර්! අපේ තාත්තා ගමන යන්නයි කිව්වා.” පහුවදා පාන්දරින්ම ඉස්කෝලේ ගිහින්, සර් එනකල් මඟ බලා ඉඳලා කිව්වෙමි. ඊළඟ දවස් දෙක තුනේදී යන කණ්ඩායම තීරණය විණි. ඔවුන් තෝරා ගත්තේ දුප්පත්කමම බලලා නොවෙන බව නම් මොනොවට පෙනිණි.
ඒ ගැන අහනවා තියා කෙඳිරියක් නඟන්නටවත් කෙනෙකු නොවූ බව විතරය මං දන්නේ. (ජාතියක් වශයෙන්ම අපේ පුරුද්ද එහෙම නිහඬව ඉඳීමය.
‘විමසුවයි කෙනෙක් යා නම් නරකාදී - මට සැපයි යාම එහි වෙනතක නෑදී’ කියලා මුනිදාස කුමාරණතුංග කවීන්ද්‍රයා කියූ බව හැබෑය. එතුමාගේ මුණුබුරු;
මගෙත් හිතවතෙකු වෙන- විසිදුනු අධිපති ගෙවිඳු කුමාරණතුංග ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාත් දැන් ඉන්නේ ‘විමසා ගන්නට බැරිව’ වාගෙද මන්දා!)

මගේ මතකයට අනුව නම් ඒ සංචාරය යන කණ්ඩායමට අපේ පන්තියෙන්ම තව හතර දෙනෙකු තෝරාගෙන තිබිණි. රණවක ගැන නම් සැක නැතිවම කියන්නට ඇහැකිය... ලාල් බුලත්සිංහල, සුනිල් වසන්ත සහ නයනානන්ද අනෙක් තිදෙනා වගේය.

අප සිසුන් හය දෙනාගෙම නම- ගම- ලිපිනය සහිත ලැයිස්තුවකුත් පිළියෙළ කෙරිණි.

දැන් නං ඉස්කෝලවල පළමුවෙනි වාරයේ විතරයි trip යන්න අවසර දෙන්නේ....

“හරි වැඩේනෙ ළමයිනේ....!” අර ගුරුතුමා අපත් සමඟ කිව්වේ බලාපොරොත්තු බිඳුණු ස්වරයෙනි. “වැඩේ organize කළාට මොකද, මටත් ඒ දවස්වල වෙනින් වැඩක් යෙදෙන්නයි යන්නේ... කෝ, අපේ ගුරු මණ්ඩලේ කවුරුවත් කැමති නැහැනෙ මගේ වෙනුවට අගෝස්තු නිවාඩුවේ සුමාන දෙකක්ම එහෙට ගිහින් ඉන්න....”

වැඩේට කෙළවෙන්නට ගියේ එහෙමය!

පෝස්ටුව කෙටිල්ල නවත්තලා, හිතවත් ගුරු මහත්ම-මහත්මීන් තුන් දෙනෙකුටම දුරකතනයෙන් කතා කළෙමි.
මගේ කතාන්දරය එයාලට කියලා, අරහෙම වුණේ ඇයිදැයි අහගන්නටය, ඒ.

“මේකයි නිමල් අයියෙ, දැන් නං ඉස්කෝලවල පළමුවෙනි වාරයේ විතරයි trip යන්න අවසර දෙන්නේ.... (හරි නේන්නං. ටියුෂන් පන්තියක ළමයින් යන trip එකකට මාර්ගෝපදේශකයා වෙලා ගිය හැටිය; මට මතක් වුණේ!) ළමයින් හය දෙනෙකුට එක ගුරුවරයෙක්වත් ගමනට සහභාගි වෙන්න කියලයි කියන්නේ.... අපි නං එක දවසේ ගමන් විතරයි සංවිධානය කරලා තියෙන්නේ...”

“ඒකට ඔයාලට නිවාඩු හම්බ වෙනවද?”

“Trip එක යන්නේ සතියෙ දවසක වුණත් අපි education office එකෙන් අනිවාර්යයෙන්ම රාජකාරි නිවාඩු අනුමත කර ගන්න වෙනවා. ඒක නැත්නම් අපිට යන්න බෑ. (ආයෙම දැන් අලුත් අනුපාතය ළමයි 20කට ගුරුවරු එක්කෙනයි. ඉන්න ළමයි ගණනේ අනුපාතයටත් වඩා ගුරුවරු trip එක යන්න ආසාවෙන් ඉන්නවා නම් සහභාගි වෙන්න පුළුවන්. හැබැයි එයාට duty leave අනුමත වෙන්නෙ නෑ. එයාට පුළුවන් එයාගෙ casual leave එකකින් යන්න.” ඒ ගුරුවරුන්ගෙන් වත්මන් තත්ත්වයත් කියැවිණි.

මට දැන ගන්නට උවමනා වුණේ එදා මහරගම විද්‍යාකර විද්‍යාලයේ ගුරු මණ්ඩලයෙන් එකම ගුරු මහත්මයෙකුවත් ඒ ගමනට සහභාගී වෙන්නට අකමැති වෙන්නට හේතුවයි.

‘මේ මොන මරාලයක්ද මේ’ කියලා අහන මුහුණකිනි.
අපේ ඉස්කෝලෙට ඒ අවස්ථාව උදා වුණෙත් පිළියන්දල පාසලක ගුරු මණ්ඩලයත්, ඒ විදිහටම ගමනට කැමැත්තක් නොදැක්වූ නිසාය!

පාසල් නිවාඩු කාලයේ කරන්නට සිදු වුණු අමතර රාජකාරිය වෙනුවෙන් ඒ ගුරුවරුනට කිසිදු දීමනාවක් හෝ ප්‍රතිලාභයක් හෝ අනුමතව තිබුණේ නැතිද?

නැතිවා විය යුතුය. දැන් පට්ට හූනියමක්වී තියෙන- ‘ලොකුම ඇත්තන්ට විතරක් පොල්කටු හැන්දෙනුත්; පොඩි ඇත්තන්ට කන් හැන්දෙනුත් බෙදන’ මේ කෙළවරක් නැති ‘දීමනා-ගෙවීම්’ පටන් ගන්නට ඇත්තේ 77න් පස්සේ වෙන්නැතිය!
‘ජේ.ආර්. පප්පා රට කන්න ගෙනාපු නීති’ කියමින් ඉන්නවා මිස ඒවා වෙනස් කරන්නට එක්කෙනෙකුටවත් හිතෙන්නේ නැති එකය පුදුමේ!

“තමුසෙලගෙ මූණු දකිනකොට නං වැඩේ අතෑරලා දාලා, නිකං ඉන්න හිතෙන්නෙ නෑ ඕයි!”
ගුරු මණ්ඩලයේ කල්පනාව අපට කිව්වාම, අපේ මූණු විරුවපට්ටං ගැහෙන හැටි දැක සර්ට කියැවිණි. “... ඉන්නවලකෝ.... මට යස අයිඩියා එකක් ආවා..... එක්කෙනෙක් ගිහින් එන්න කියනවා ආනන්දට....”

මොන එක්කෙනාද?
තුන්-හතර දෙනෙක්ම ඉගිල්ලුණහ. ඉස්කෝලේ හතර අතේ දුවගෙන ගිහින් එයාලා ආනන්ද අයියාව හොයාගෙනම ආවෝය. ආනන්ද අයියා ආවේ ‘මේ මොන මරාලයක්ද මේ’ කියලා අහන මුහුණකිනි.

අපත් බලාගෙන හිටියේ සර්ගේ ‘යස idea’ එක මොකක්දැයි දැන ගන්නටය.
“අයිසෙ ආනන්ද! මට තියෙනවා....” කියලා කියනකොටමය සර්ට මතක් වුණේ අපත් එතැනම ඉන්නා විත්තිය.

සර්ගෙ මොළේ තමයි මොළේ - හෝදල ගමු දාල ඇලේ!

“...හරි, මායි ආනන්දයි මේක කතා කරගන්නං. තමුසෙලා යනවලා පන්තිවලට...”

එතැනින් පිටමං කෙරුණත් අපෙන් එකෙකුවත් වැඩි ඈතකට ගියේ නැත. එයාලා පෙනෙනතෙක් මානයේ රැඳෙමින් හොරගල් අහුලමින් උන්නෙමු.
“අන්න මචං සර් කාරයා ආනන්ද අයියත් එක්කම පිනාගේ office එකට යනවා!” එකෙක් කිව්වේය.
ඒත් විවේකය අවසාන බව හැඟවෙන සීනුව නාද කෙරුණෙන් අපේ ඔත්තු බැලිල්ලත් ඉවර කරන්නටය සිදු වුණේ!

මගේ මතකයේ හැටියට නම් එතකොට ආනන්ද අයියා මහරගම විද්‍යාකර විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා හෝ උප නායකයා හෝ විය යුතුය. කේ.ඩී. උපාලි, හෙක්ටර් බෙත්මගේ, සේනාරත්න, තිස්ස අයියලාත් මගේ මතකයේ ඉන්නා ශිෂ්‍ය නායකයන්ය.
ඔව්, ඔව්, ඔව්! ඔබ හිතනවා හරිය.
හෙක්ටර් බෙත්මගේ අයියා පස්සේ කාලයක දේශපාලනයටත් ආවේය! 

තිස්ස (නම හරිද මන්දා.) අයියාත් ආනන්ද අයියාත් දෙන්නාම සහෝදරයන්ය; දික්පිටියන්ය. හැබැයි ආනන්ද අයියා තරමක් කළුය- තිස්ස අයියා පැහැපත්ය. මට අනුව නම් ඒ ශිෂ්‍ය නායකයන් අතරින් අඩුවෙන්ම කතාබතා- හිනා තිබ්බේ ආනන්ද අයියාටය!

සර්ගේ අයිඩියා එක තිතටම හරි ගිහින් තිබුණේය!

විද්‍යාකර විද්‍යාලය නියෝජනය කරමින් අර සංචාරයට සහභාගී වෙන්නට අපට වරම් ලැබුණේ ඒ හින්දාය.
“තමුසෙලගෙ luck එක... තව පොඩ්ඩෙන් අපරාදේ අහක යනවා ඔළුවටම කඩා වැටුණු chance එක. හැබැයි ළමයිනේ, තමුසෙලා වැඩේ වණ කර ගන්නේ එහෙම නෑ ඔන්න....”

කෝච්චිය තියෙන්නේ උදේනෙ බං. අහවල් එහෙකටද....

සර් කිව්වේ අපේ හය දෙනාවම එකට තියලාය. ආනන්ද අයියාත් ඉදිරිපිටදීය!
“තමුසෙලා මේ ආනන්ද අයියාටත් පිං දෙන්න ඕනි. එයා නිසයි මේ වැඩේ කෙරෙන්නේ.... ආනන්ද අයිය නෙවෙයි, ආනන්ද සර්! තේරුණාද? ආනන්ද සර්!”

‘සර්ගෙ මොළේ තමයි මොළේ
හෝදල ගමු දාල ඇලේ!’

අපි ප්‍රීතියෙන් පිනා ගියෙමු.
අපට ඕනෑ වුණේ උගුලෙන් හරි හබකෙන් හරි සතා අල්ලා ගන්නටය. අපට කරන්නට තියෙන්නේ පොඩි දෙයක් විතරය; හොඳ කල්පනාවෙන් ඉඳගෙන රඟපෑමක් කරන්නට විතරය.

“ළමයි, තමුසෙලාට හොඳට මතක තියාගෙන ඉන්න වෙයි, කටපාඩම් කරගන්න වෙයි..... ආනන්ද සර්... සර්... සර්.... සර්! Trip එක ගිහිල්ලා ඉවර වෙනකල්ම ආනන්ද සර්.... අයියා- මල්ලී කතන්දර බෑ.
ආනන්ද. ඔයාටත් හරිම වගකීමෙන් මේ සර්ගේ කැරැක්ටර් එක ඇක්ට් කරන්න වෙනවා... මම තමුසෙවම මේකට තෝරා ගත්තෙත් හොඳට හිතලයි! මේ කට්ටියගෙ වෙලාවට තමයි, ප්‍රින්සිපල් සර් කැමති වුණේ තමුසෙටත් තාවකාලිකව හරි ‘සර්’ කෙනෙක් වෙන්න දෙන්න.”

අපට බණ්ඩාරවෙල යන්නට තිබුණේ කෝච්චියෙනි; උදේ පාන්දර බදුලු කෝච්චියෙනි.

“කෝච්චිය තියෙන්නේ උදේනෙ බං. අහවල් එහෙකටද යන්න කලින් දවසේ හවසම පිටත් වෙන්නේ...” අපේ තාත්තා එහෙම ඇහුවා මිස වෙන මොකවත් කිව්වේ නැත. මාත් ඒවාට උත්තර දෙන්නට දැනගෙන හිටියේ නැතිය.

තම-තමන්ගේ වියදමෙන් සංචාරයක යන්න හැකියාවක් නැති පවුල්වල සිසු-සිසුවියන්.....

අගෝස්තු මාසයේ මැද දවසක- 15 හෝ 16 හෝ විය යුතුය. සවස අපේ ආනන්ද සර්- ගෝලයන් හය දෙනාවත් පිරිවරාගෙන මරදානේ ආනන්ද විද්‍යාලයට ගියේය.

එතැන සිසු-සිසුවියෝ 300ක් වූහ.

වැඩ සටහන ගැන නිවැරදි අවබෝධයක් මට ලැබුණෙත් එදාය.
‘අද මේ ශාලාවේ රැස්වෙලා ඉන්න ශිෂ්‍ය-ශිෂ්‍යාවන් 150 දෙනෙක් මේ මාසයේ මුල ඉඳලා, සති දෙකක් තිස්සේ මේ වැඩ සටහනට සහභාගී වෙලයි ඉන්නේ.... ඌව දිස්ත්‍රිකය නියෝජනය කරමින්, පිරිමි ළමයි 75 කුත්, ගැහැනු ළමයින් 75 කුත්.....
තම-තමන්ගේ වියදමෙන් සංචාරයක යන්න හැකියාවක් නැති පවුල්වල සිසු-සිසුවියන් තෝරාගෙන ඔවුන්ව කොළඹට ගෙනල්ලා, නවාතැන්- කෑමබීම- ඉඳුම්හිටුම් සේරම පහසුකම් දීලා, කොළඹ අවට හැම තැනකම නරඹන්න එක්ක ගිහිල්ලා....’ වගේ විස්තර කියවුණේය.

(මට ගණිතය බැරි බව හැබෑය. ඒත් කැල්කියුලේටර නැතිව ඉලක්කම් කිහිපයේ ගණන් ටිකක් එකතු කර ගන්නට- අඩු- වැඩි කර ගන්නට බෙදා ගන්නට ඇහැකිය. එක පාසලකින් සිසුන් 6 බැගින් 75ක් නම්... හය වරක් නවය හැත්තෑ දෙකය. අනෙක් තුන.... මෙච්චර තලතුනා වෙලත් ඒ ගණන හැදුණු හැටි හිතා ගන්නට මේ මැට්ටාට බැරි විණි! ඒ වුණාට වියත් පට්ටමක් නං දෙන්න හදන්න එපෝ! එපෝ!! එපෝමය!!!
මට තවමත් හෘදය සාක්ෂ්‍යය කියලා දෙයක් තිබෙන බැවිනි.)

‘හෙට උදේ බදුලු දුම්රියෙන් ඒ පිරිස පිටත් වෙන්නේ තනිවම නෙවෙයි. කොළඹ දිස්ත්‍රික්කයෙන් තෝරාගත් ශිෂ්‍ය-ශිෂ්‍යාවන් 150 දෙනෙකුත් එක්කයි. ඒ පිරිසත් සති දෙකක් තිස්සේ බණ්ඩාරවෙල නැවතිලා ඉන්නවා ඇති. ඌවෙන් මෙහාට ආව ළමයි වගේම මේ එකසිය පනස් දෙනාටත් ඒ ප්‍රදේශයේ වැදගත් තැන්, ලස්සන තැන් බලන්නට වාසනාව උදා වෙයි!
කිසිම වියදමක් නැතිව... අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඒ සියලුම දේවල් මනාව සංවිධානය කරලයි තියෙන්නේ...’

1989 අවුරුද්දේ තජක ගරු සභාපතිවූ ප්‍රසන්න පනංගලගේ මෙහෙයවීමෙන්..(ප්‍රසන්න දැන් පවුලේ කට්ටිය හා...)

ඇත්තම කියනවා නං මට මතක එදා කියැවුණු දේවල්වල හරය විතරය. ඒකත් අතරෙන් පතරය!

අවුරුදු දාහතරක කොල්ලෙකුට ඒවා කිව්වේ කවුදැයි වැදගත් නැත. කරන්නේ කවුදැයි වැදගත් නැත. වැදගත් වෙන්නේ ගමන කොහොමද කියන එක විතරය!
වෙන එකක් තියා ‘ඒ සංචාර සංකල්පයේ පියා’ ඊරියගොල්ල මහත්තයා ඒ උත්සවයට ආවාද- නැද්ද කියලවත් මගේ මතකයේ නැත. ඊට වඩා මගේ අවධානය දිනාගත් දේවල් තිබිණි.

ඒ මං මරදානේ ආනන්ද විද්‍යාලයට ගිය පළමුවෙනි වතාවයි. එතකොටත් ආනන්දය ‘කොළඹට කිරි’ පාසලකි. ‘ගමට කැකිරි’ ඉස්කෝලයක් වුණු මහරගම විද්‍යාකරයෙන් ගිහින් හිටි මං හිටියේ, දිවිය ලෝකේ දිවියාංගනාවනුත්- හේනේ දා ගිය වැඳිරියත් සංසන්දනය කරමින් හිටි නන්ද හාමුදුරුවන් වගෙය....
ඇත්තෙන්ම, මගේ ජීවිත කාලය තුළදීම මා ආනන්ද විද්‍යාලයට ගිහින් තියෙන්නේ තවත් එක වතාවක විතරය. (පම්පෝරියක් ගහන්නට ඉඩ ලැබෙන වෙලාවේම ඒකත් කර ගන්නට ඕනෑය. ආඩම්බර නෙවෙයි සාඩම්බර වෙන්නටවත් මං වැනි සොක්කෙකුට chance එකක් හම්බ වෙන්නේ කලාතුරකිනි.) ඒ 1989 දීය.
පළමු වතාවට එහාට ගිහින් අවුරුදු 21කට පස්සෙය.

එහෙම යැවුණේත් තජකයට පිං සිදු වෙන්නටය. 1989 අවුරුද්දේ තජක ගරු සභාපතිවූ ප්‍රසන්න පනංගලගේ මෙහෙයවීමෙන් ඒ අවුරුද්දේ ‘අන්තර් පාඨශාලායීය විවාද තරගාවලිය’ක් සංවිධානය කෙරිණි. ‘සිල්වියා ප්‍රනාන්දු අනුස්මරණ කුසලානය’ වෙනුවෙන්. 
තරගයේ මුලික වටවල විවාද තරගවලදී විනිසුරු මඬුලුවල මේ ලියන්නාත් සිටියේය.
අර්ධ අවසාන පූර්ව- අවසන් පූර්ව විනිශ්චය මණ්ඩලවලත්...

ඒවා තිබුණේ ආනන්ද විදුහලේදීය. ආනන්ද විදුහල් විවාද කණ්ඩායමත් ඒවාට සහභාගී වුණේය. ඒ විවාද තරග අවසානයේ සිය කණ්ඩායමේ සාමාජිකයනුත් කැටිව පැමිණි ආනන්දීයයෙක් ‘සර්, අපේ තිබිච්ච වැරදි එහෙම කියන්න පුළුවන්ද?’ යනුවෙන්, ඉතා නිහතමානීව මගෙන් විමසා සිටියේය.

තරගාවලියේ දක්ෂතම කථිකයා වූයේ ආනන්දීය කණ්ඩායමේ  කිංස්ලි රත්නායක සිසුවාය. (දැන් ඔහු ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක....

මගේ අදහස් ඔවුන්ට වැදගත් වී ඇති බව මට මතක් වුණේ ඊටත් අවුරුදු ගණනාවකට පසුව, තවත් තජක සාමාජිකයෙකු අතේ අර ‘යව්වනයා’ එවා තිබුණු පණිවිඩයකිනි. පණිවිඩය ගෙනාවේ උපුල් සමාධි නාථවිතාරණ ටියුෂන් ගුරුවරයාය.

“කිංස්ලිට තවම නිමල් අයියව මතකයි.... විවාද තරගේ අන්තිමට ඔයා කියලා දුන්නු ඒවා ගොඩාරියක් ප්‍රයෝජනවත් වුණයි කියලත් තවම මතක් කරනවා.... ඔයාට කොහොමද කියලත් ඇහුවා MTV එකේදී හම්බ වුණු වෙලාවක. ඔයාව ආදරෙන් මතක් කරයි කියන්නත් කිව්වා...”

ඒ අටුවාවට තවත් ටිකාක් එකතු කරනවා නම්, සිල්වියා ප්‍රනාන්දු අනුස්මරණ විවාද තරගාවලියේ ශූරතාව දිනාගත්තේ ආනන්ද විද්‍යාලයීය කණ්ඩායමයි. තරගාවලියේ දක්ෂතම කථිකයා වූයේ ආනන්දීය කණ්ඩායමේ  කිංස්ලි රත්නායක සිසුවාය. (දැන් ඔහු ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ධුරයක් දරයි.)

ඉතිං.... ආපහු 1968 අගෝස්තු මාසයට යනවා නං..... අපට නවාතැන් ගන්නට සූදානං කර තිබුණේ නාලන්දා විද්‍යාලයේය. (මේ ඡායාමාත්‍ර මතකයක් විතරය. එදායින් පස්සේ මං නාලන්දාවට ගිහිල්ලාම නැතිය.) එහි නැවතී සිටියේත් සිසුවන් විතරය. සිසු දැරියන් 150ම නවාතැන් ගත්තේ කාන්තා විදුහල් ශාලාවලය.

බදුලු කෝච්චියේ ගමන නම් මට විශේෂයක් නොවිණි.
1964 වෙනතුරුම අප පදිංචිව හිටියේ බදුල්ලේය. ඒ අම්මලාගේ ගම එහෙ හින්දාය.
 
අමු කැලයක් වුණත් ගිනි තියන්නට හපන් අපේ ‘චෙම්බාස්සල පීයා- ජලාහුටා හුකා පරියා චාලි නානා සීයාත්, දසනායක රත්නවතී ආච්චීත් එතකොට හිටියේ මහරගමය. ආච්චිලා බදුලු ආවෙත්, අප මහරගමට ආවේ-ගියෙත් බදුලු කෝච්චියෙනි.

ආනන්ද අයියා; නෑ, නෑ, නෑ. වැරදුණා! ආනන්ද සර් තවත් ටිකක් මෝරපු පාට වෙලාය.

නමුත් පළමුවෙනි වතාවටය මං බදුලු කෝච්චියේ ගිහින්, බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයෙන් බැහැ ගත්තේ!

එතකන්ම මං දැක්කේ නැති හැටි! ආනන්ද අයියා; නෑ, නෑ, නෑ. වැරදුණා! ආනන්ද සර් තවත් ටිකක් මෝරපු පාට වෙලාය.
බොලේ.... සති දෙකකින් කොහොමද එහෙම වුණේ? හරිනෙ! එහෙම පෙනෙන්නේ රැවුල හින්දාය. තරුණ සර් කෙනෙකු විත්තිය පෙන්වන්නටම වාගේ ආනන්ද අයියා රැවුලත් වවාගෙනය. උඩින් ගිනිකූරු කට් එකක් තියලා, නිකට මැදිනුත් ටිකක් ඉතිරි කර රැවුල කපලාය... මගේ හැටි ඔහොමමය. සමහර අවැදගත් දේවල් වුණත් එදා වගේම අදත්, මේ නේත්තරා දෙකෙන් එළියට ඇදගන්නට ඇහැකිය!

Friday, June 25, 2021

හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස

මම අමර හේවාමද්දුම. නුගේගොඩ සරසවියේදී දැකලා ඔබේ පොතක් අරන් ඇවිත්...

අදටත් හිනා වුණා ඇති නෙවැ ආයුබෝවන්ලා..... කියාගෙන පහුගිය කොටස නැවැත්තුවාට මොකද, පොතේ තව ගොඩාරියක් ඉතිරියි. ඒ වගෙමයි. හිනා’ දෙවෙනි පොතේ පෙරවදනේ ඉතිරි හරියකුත් තියෙනවා, ඒ ටික ලියලා අහවර කරන වැඩේ ඉස්සෙල්ලාම:

කාශ්‍යප බුදුන්ගේ කාලයේ සිටම පොත් පළ කිරීමට, සංවර්ධනය කිරීමට උර දෙන දෙවෙනි ප්‍රකාශක මහතාට මම ඊළඟට කතා කළෙමි. අපෝ නිමල්, ඒක අපේ සාප්පුවේ විකුණන එක අපිට හොඳ නෑ!එතුමා කීවේය.

එහෙනං මං පොත් ටික ගන්න එන්නං.මම කීවෙමි.

අපේ හිටපු ගෝලයා ගියානේ.... පොත් ටික හොයලා බලලා මම කියන්නම්.උත්තරය විය. අහෝසි කම්මකියා දෙයකුත් තිබෙන බව අන්තිමේදී මට පසක් විය.

තෙවෙනි ප්‍රකාශක මහත්මා කලින් දෙපළටම වඩා හොඳය.

පොත තවත් පොත්හල්වලටත් බෙදාහැර තිබිණි. පොත් අලෙවි වීමද සිදුව තිබිණි. ඒත් තවම මුදල් නම් නොලැබිණි. අතින් සල්ලි දීලා හූනියම් කරගත්තා වැනිව ඔවුන් අමනාප කර ගන්නේ කුමකටද? මම මෞන වෘතය රැකීමි.
මුද්‍රිත පොත්
1000න් 500ක්ම වතුරේ ගියේ එහෙමය!

ඒ වනවිටත් පරිගණක අක්ෂර සංයෝජනය කර තිබුණු හිනා තවත් හිනා  හමස් පෙට්ටියට දැමුවෙමි.

මම අමර හේවාමද්දුම. නුගේගොඩ සරසවියේදී දැකලා ඔබේ පොතක් අරන් ඇවිත් කියවනවා. මේක මරුනෙ හලෝ! මම බඩ අල්ලාගෙන, බිම පෙරළි-පෙරළී හිනා වෙවී කියවන්නේ... දෙවෙනි එක ගැහුවාම නොවරදවාම මට කියන්න....මුදල් දී පොතක් ගන්නට ඇති, පෞද්ගලිකව මා නාඳුනන- ඇසූ පිරූ තැන් ඇති එක් පාඨකයෙකි ඒ.

මගේ මහාර්ඝ ලටපට එකතුව ලටපට, අතිරස ,සිනා කලාප කිහිපයකින් තවත් පොහොසත් විය!

මගෙන්ම පොතක් ලබාගත් තවත් මිතුරෙකු කීවේ වෙනත් කතාවකි. නිමල් අයියගෙ නමටත් හරි නෑ මෙහෙම පොතක් ලියපු එක. ඇයි මෙහෙම එකක් ලිව්වේ?” උපාධිධාරී තරුණයෙකුවූ ඔහුට මගේ පිළිතුර වූයේ සිනහවක් පමණකි.

ඊටත් පසුව තවත් නන්නාඳුනන කෙනෙක් මට දුර ඇමතුමක් දුන්නේය. “... දිසානායක මහත්තයෝ. මම ජෙරාඩ් පෙරේරා කියලා කෙනෙක්. කැලණියේ ගෝනවල. හිනා වෙන්න හිනාකියවලයි කතා කරන්නේ. මරු පොත!

-මෙහෙම ඒවා තමයි අදට ඕනෑ....අපේ කතාබහ ඇවිළී ගියේය.

අනේ මහත්තයෝ, මෙහෙම ඒවාට වල්කතා කියලා කියන අයගේ වැඩ හොයලා බැලුවොත්... ඒ කාලේ හේමපාල මුනිදාස මහත්තයල වගේ අය ලටපට’, ‘අතිරසකරද්දීත්.... මු. අරුක්ගොඩලා සිනාපත්තරේ කරද්දීත් සමහරු බැන්නා කුණුහරුප කියලා... ඒවා ගණන් ගන්න එපා.....

එහෙම කියා ජෙරාඩ් පෙරේරා මහතා නිකම් හිටියේ නැත. යාං හෑලි ටිකකුත්, ලටපට, අතිරස ,සිනා කලාප කිහිපයකුත් එව්වේය.

මගේ මහාර්ඝ ලටපට එකතුව ඒවායින් තවත් පොහොසත් විය!

........

ඉතිං එහෙනං මෙන්න. පොතේ කතන්දර ආයෙමත්...

17. වාහනයක් එනවා

සිරිවර්ධන කලබලෙන් හති දාගෙන ගෙදරට දුවගෙන ආවා. එයාගෙ නෝනා සිරියාවතී හොඳටම බය වෙලා මහත්තය ළඟට දිව්වා.

මොකද, මොකද?”

කතා කරන ගිරව් නං හැම තැනම ඉන්නවනේ....

බය වෙන්න දෙයක් නෑ. ඉක්මනට ඔයාගෙ ඇඳුම්-කැඩුම් ටිකයි, බඩු මුට්ටු ටිකයි පැක් කර ගන්න. තව ටිකකින් වාහනයක් එයි.... ඉක්මන් කරනවා ඉතිං....

මොකද මේ හදිස්සිය?”

ඊයේ රෑ ඇදපු ලොතරැයියෙන් මට මුල් දිනුම ඇදිලා. තෑග්ග කෝටියයි....සිරිවර්ධන කිව්වා.

දෙයියෝ අපෙ මූණ බලලා... මට සන්තෝසේ බෑ... ඉතිං මෙයා, මම ගන්න ඕනි නුවරඑළිය පැත්තට අඳින ඇඳුම්ද, කතරගම පැත්තට අඳින ඒවද?” සිරියාවතී ඇඹරෙමින් ඇහුවා.

ඕනෙ පැත්තකට අඳින ඒවා ගන්නවා. මට ඒකෙන් වැඩක් නෑ. තමුසෙගෙ ඔක්කොම දේවල් අරගෙන හොඳ හිතින් මෙහෙන් තොලොංජි වෙලා යනවා.
අපෙ කසාදෙ අදින් ඉවරයි!
තමුසේ
, තමුසෙට ඕනෙ දිහාවක ගිහින්- තමුසෙගෙ වැඩක් බලා ගන්නවා. තමුසෙට ඕනෑ තූත්තුකුඩියකට තමුසෙව ගිහින් දාන්නයි වාහනේ එන්නේ.

18. ගායක ගිරවා

සකලසේන කතා කළ හැකි ගිරව් විකිණීමට තබා ඇති වෙළෙඳසැලට ගොඩ වුණේ අහම්බෙනි. ගිරා වෙළෙන්දා ඔහු සතුව සිටින ගිරවුන් එකිනෙකා පෙන්වමින් විස්තර කියන්නට පටන් ගත්තේ කෙසේ හෝ වෙළෙඳාමක් කරගනු කැමැත්තෙනි.

කතා කරන ගිරව් නං හැම තැනම ඉන්නවනේ....

සකලසේන එසේ කිව්වේ වෙළෙන්දාගේ කරදරයෙන් ගැලවෙනු සඳහාමය.

අද කාලේ ඇත්තුත් බොරු දත් දානවා වගේනෙ!

ඔහොම කියන්න එපාය... මෙන්න සර්ටම කියාපු ගිරවා... මූට සිංදු කියන්න පුළුවන්...

සිංදු කියන්න?”

ඔව් සර් ඔව්! මූට භාෂා දෙකකින් සිංදු කියන්න පුළුවන්. මුගේ වම් කකුලෙන් ඇද්දොත් මූ ඉංග්‍රීසි සිංදු කියනවා. දකුණු කකුලෙන් ඇද්දාම සිංහල සිංදු කියනවා.වෙළෙන්දා පාරම් බෑවේය.

එතකොට කකුල් දෙකෙන්ම ඇද්දොත්?”

සකලසේනගේ ප්‍රශ්නයට වෙළෙන්දාටත් කලින් පිළිතුරු සැපයූයේ ගිරවාය.

ඇයි මොට්ට xxxx පුතෝ, එතකොට මාව වැටෙනවය කියල තොට තේරෙන්නේ නැද්ද??”

19. බොරු දත්

බලනවා  තමුසෙලා වගේ වංචාකාරයෝ.... තමුසෙලා මේ පනාව මට වික්කේ ඇත් දත් පනාවක් කියලා. ඒ වුනාට මේක ඇත් දත් නෙවෙයිනෙ....

අනේ අම්මපා සර්! දැනුයි මට තේරෙන්නේ... මේකෙ විදිහට නං අද කාලේ ඇත්තුත් බොරු දත් දානවා වගේනෙ!

‘හිනා වෙන්න හිනා’ දෙවෙනි කොටසට කමෙන්ට් එකක් එවමින් Pra Jay මහත්තයා ඉංගිරිස් විහිළුවකුයි, link එකකුයි එවල තිබුණා. ඒ ඉංග්‍රීසි යාන් එක ලෝකයේ ඕනිම තැනකට ගැළපෙන පාටයි.
ඉතිං ඒක කියවනකොටම මගේ නසරානිකමට හිතුණා ඒක සිංහලට නඟන්න. වචනයෙන් වචනය පරිවර්තනය කරන්න නෙවෙයි; මගේ විදිහට ලියන්න.... ඉතිං ලිව්වා!
මෙන්න ඒක.

ප්‍රශ්න දෙක
අමුතු ඇටේ ජනාධිපති උතුමාණන් වහන්සේ රටේ ප්‍රශ්න හනික විසඳන්න පටන් ගත්තා ‘අලුත් වැඩ සටහන’ක්. ඒ උත්තමයා ගමට යනවා, හැච්චෝ-බැච්චෝ පිරිවරාන; මීඩියාකාරයනුත් එක්කම. ගමේ මිනිස්සුන්ට ඕනිම ප්‍රශ්නයක් ඇහුවෑකි. On the spot උත්තර හම්බ වෙනවා; ප්‍රශ්නෙට විසඳුමත් දෙනවා!

පන්දම්කාරයන්ට විතරයි ප්‍රශ්න අහන්න chance එක දෙන්නේ...

අසමජ්ජාති කඩප්පුලි කඩාකප්පල්කාර විරුද්ධ පාක්ෂිකයන් නං ඕකට වෛවාරන්න කයි-කතන්දර කිව්වා. ‘ප්‍රශ්න කලින් ලියල දෙනවා’, ‘පන්දම්කාරයන්ට විතරයි ප්‍රශ්න අහන්න chance එක දෙන්නේ’ වගෙ. ‘අසූචි කප්පරක් ගිලපු එකාට පඩ ගඳත් ගඳක්ද?’ කිව්වැහේ, දැන්  අමුතු ඇටේ ජනපති උන්නාන්සේට ඔය කතාන්දරවල ගණනක් නෑ! එව්වා පයිසෙකට මායිම් කළේ නෑ.

තව ගමකට ගියා.
වැඩ සටහන පටන් ගත්තා...

වැඩේ නැඟල යද්දී ජනාධිපතිතුමා අහඹු ප්‍රශ්නයක් අහපි!. “මොනවද මේ ගමට අඩු?”

අන්තේවාසික හැච්චෝ-බැච්චෝ ෆුල් හොල්මන්.... ඒ අල්ල-පනල්ලේ ගමේ ලොක්කෙක් නැඟිට්ටා. “ගරු ජනාධිපතිතුමනි, ප්‍රධාන අඩුපාඩු නං දෙකක් තියෙනවා!” අර ලොක්කා කිව්වා.

“කියමු බලන්න පළමුවෙනි එක!”
“සර්! අපේ ගමට ඉස්පිරිතාලයක් හදල දීලා ගොඩක් කල්.... ඒත් තවම එකම දොස්තර මහත්තයෙක්වත් ඒකට එවල නැහැනෙ...” ලොක්කා උත්තර දුන්නා.

“එහෙමද?” ජනපතිතුමා ජංගම දුරකථනය අතට ගනිමින් කිව්වා.
ඊළඟට එයා කියන දේවල් හතර වටේටම ඇහෙන තරං හයියෙන් කාටද කතා කළා. ‘හෙටම... ඔව් හෙට උදේ වෙද්දීම මේ ගමේ hospital එකට ඩොක්ටර් කෙනෙක්ව අනුයුක්ත කරවන්න ඕනි! තේරුණාද? හෙටම...’ ෆෝන් එක සාක්කුවට දමා ගන්න ගමන් ජනාධිපතිතුමා ගමේ ලොක්කාට කිව්වා.
“මොකක්ද දෙවෙනි ප්‍රශ්නේ?”

එකසිය පනහ නෙවෙයි, එක්දාස් පන්සීයක් වටින කාරණා.

ලොක්කා උත්තර දුන්නේ බයෙන්-බයෙන්. “සර්, අපට හරිම කරදරයි, මේ හතර මායිමේ කිසිම තැනකට ටෙලිෆෝන් සිග්නල් නැති නිසා!”

20. අව-වාද

සුපිරි වෙළෙඳසැලට ආව නෝනා කෙනෙක් එළියට ඇවිත් වටපිට බැලුවා.

ඇයි නෝනා, මොනවද කෙරෙන්න ඕනෑ?”

සාප්පුවෙන් එළියේ හිටපු මෝඩපාට අහිංසක මනුස්සයෙක් බොහොම බයාදු විදිහට ඇහුවා. සාප්පුවට එන අයගෙ බඩුමුට්ටු උස්සාගෙන යන එක තමා, මිනිහගෙ රස්සාව.

මම පිඟන් කෝප්ප වගයක් ගත්තා. ඒවා අපේ ගෙදරට උස්සගෙන යන්න ඕනි. විනාඩි පහළොවක් යයි.... උඹට පුළුවනිද?”

පුළුවන් නෝනා, රුපියල් එකසිය පනහක්  දෙන්න....

මොනවා! එකසිය පනහක්....එහෙම නෙවෙයි, මම තමුසෙට හොඳ වටිනා කාරණාවල් තුනක් කියල දෙන්නං. ඒවා තමුසෙගෙ අනාගත ජීවිතේට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. එකසිය පනහ නෙවෙයි, එක්දාස් පන්සීයක් වටින කාරණා.

අසරණයාත් කැමති වුණා.

ඔන්න දැන් නෝනයි අර මිනිහයි ගමනේ. පිඟන් කෝප්ප පෙට්ටිය මිනිහගෙ අතේ.

නෝනා... දැන් විනාඩි පහක් විතර ආවනේ...නරකද මට අරවගෙන් එක කාරණාවක් කිව්වොත්....

හොඳට මතක තියා ගනිං, බඩ පිරෙන්නම කනවට වැඩිය හාමතේ ඉන්න එක හොඳයි කියලා කවුරු හරි කිව්වොත් ඒක තඹේකට මායිම් කරන්න එපා. විශ්වාස කරන්නත් එපා....නෝනා කට කොණකින් හිනා වෙලා කිව්වා.

කවුරු හරි, වැරදිලාවත් කිව්වොත් උඹටත් වැඩිය ලොකු මෝඩයෙක් ලෝකෙ ඉන්නවා කියලා....

හොඳමයි නෝනා.අර අහිංසකයත් පිළිගත්තා. දැන් තවත් විනාඩි පහක් ඉවරයි. මොකක්ද නෝනා දෙවෙනි කාරණාව?”

මට පේන්නේ උඹත් යමක්-කමක් ඉගෙන ගන්න හරි උනන්දුයි වගේ.... කව්රු හරි කිව්වොත් වාහනේක යනවට වැඩිය පයින් යන එක ලේසියි කියල ඒකත් විශ්වාස කරන්න එපා!

දැන් ඔන්න නෝනාගේ ගෙදරටත් ඇවිත්.

දොරකඩ ඉඳන්ම අර මිනිහා තුන්වෙනි කාරණේ මොකක්ද කියලා ඇහුවා.

ඒකද..... ඒක තමයි හුඟාක්ම වැදගත් එක.... කවුරු හරි, වැරදිලාවත් කිව්වොත් උඹටත් වැඩිය ලොකු මෝඩයෙක් ලෝකෙ ඉන්නවා කියලා, කීයටවත් ඒක විශ්වාස කරන්න එපා.

හොඳමයි නෝනා.කියලා කියන ගමන්ම අර මනුස්සයා, පිඟන් කෝප්ප පාර්සලය උස්සලා දඩංගාලා බිමට අතෑරියා. ඊළඟට මෙහෙම කිව්වා.

නෝනාටත් කවුරු හරි කිව්වොත් මේකෙ තියෙන පිඟන් කෝප්ප බිඳිලා නැහැයි කියලා ඒකත් විශ්වාස කරන්න එපා!

21. අපේ තාත්තා

එක දිනක්, මිනිසෙක් කලබලයෙන් බාබර් සාප්පුවට ගොඩවුණේය. ඔහුගේ අතකින් අල්ලාගෙන සිටියේ අවුරුදු හත-අටක් තරම් වයසැති පිරිමි ළමයෙකි. ළමයා පුටුවක වාඩි කළ ඔහු බාබර් ලවා කොණ්ඩයත් රැවුලත් කප්පවා ගත්තේය.

“හරිද සර්?”

මං පාර අයිනේ ඉද්දි එයා ඇහුවා නොමිලේ කොණ්ඩේ කපා ගන්න කැමතිද කියලා...

“නියමයි.... මේ ළමයගේත් කොණ්ඩේ කපනවා... මං පට ගාලා එන්නම්!” එයට කීකරුවූ බාබර් ළමයාගේත් කොණ්ඩය කපන්නට පටන් ගත්තේය. එය අවසන් වන තුරුමත් වැඩිහිටියා නොපැමිණි බැවින් බාබර් ළමයා දෙසට හැරුණේය.

“කෝ පුතාලගේ තාත්තා, තවම ආවේ නැහැනෙ....”

“අපේ තාත්තා? එයා කොහොමද එන්නෙ.... එයා රට ගිහිල්ලනේ.”

“මොනවා.... එහෙනං දැන් ඔයාව එක්කගෙන ආවේ කවුද?” බාබර් විමතියෙන් ඇසුවේය.

“ආ එයාද? මං එයාව අඳුරන්නෙ නෑ. මං පාර අයිනේ හිටගෙන ඉද්දි එයා ඇහුවා නොමිලේ කොණ්ඩේ කපා ගන්න කැමතිද කියලා... හා කියලා මමත් එයා එක්ක ආවා විතරයි!”

22. අම්මගෙ කැමැත්ත

මෙරිල් කඩවසම් තරුණයෙකි. හොඳ රැකියාවක්ද කරයි. එහෙත් තවමත් අවිවාහකය. මේ ගැන ඔහුටත් වඩා සිත කරදර කර ගත්තේ ඔහුගේ අඹ යහළුවා නාලකයි.
“මොකක්ද මෙරිල් මේ වැඩේ තේරුම? ඊයෙ හවස සුරම්‍යා කිව්වා උඹෙයි එයාගෙයි එෆෙයාර් එකත් ඉවරයි කියලා.... මට ඇත්ත කියපං, උඹට කසාදයක් බඳින්න බැරි මොකුත් අසනීපයක්වත් තියෙනවද?” නාලක අමනාපයෙන් ඇසුවේය.

“එහෙම මොකුත් නෑ බං. අපේ අම්මා සුරම්‍යාටත් කැමති නෑ. උඹ හොඳටම දන්නවනේ අපේ අම්මගෙ අකැමැත්තෙන් මගේ කසාදේ කෙරෙන්න විදිහක් නැති බව...”

“ඒකද ප්‍රශ්නේ. මං කියන්නං ඕකට හොඳ වැඩක්. අම්ම කැමති මොන විදිහේ කෙල්ලෙකුටද කියලා මුලින්ම අහගෙන හිටපං. ඊට පස්සේ ඒ විදිහේ කෙල්ලෙක් හොයමු!”

නාලකගේ උපදේශය අකුරටම වැඩ කළේය.

මෙරිල් ඔහුගේ මවගේ රුචියට ගැළපෙන තරුණියක සමඟ පෙමින් වෙළුණේය. තවත් හය මාසයකට පසු ඔහුට නාලක හමු විය.

“කොහොමද දැන්? තවම බැන්දේ නැහැනෙ....” නාලක ඇසීය.

“ඒකනෙ කියන්නෙ මචං... අම්මා හොඳටම කැමතියි. ඒත් තාත්තා කෙල්ලට කොහෙත්ම කැමති නෑ.” මෙරිල් කිව්වේය.

එයාට පන්දම් අල්ලන්න, කුඩ-කොඩි-සේසත් අල්ලන්න....

23. අසනීපය

දවසක්දා අලි රාලහාමි ජොලි මූඩ් එකක ඉන්න වෙලාවේ කටුස්සෙක් එතැනින් යන්න ආවා.

“ආ කටුස්සෝ....” අලි රාලහාමි කටුස්සාට බොහොම ළෙන්ගතුකමින් කතා කළා.

කටුස්සාත් බොහොම බයාදු තාලෙට ඔළුව නවලා අලියාට හිනා වුණා.

“මං මේ අහන්නමයි හිටියේ. මොකද බං උඹ ඔච්චර කෙට්ටු?” අලි රාලහාමි ඔලොක්කුවට වගේ ඇහුවා.

“ඒක නේන්නං අලි රාලහාමි. මං පුංචි කාලේ හොඳටම අසනීප වෙලානේ... නැත්තං ඉතිං මාත් ඔහේගේ සයිස්ම තමයි.” කටුස්සා කීවා.

24. ඊළඟට කාටද?

ජනාධිපති පුටුවේ වාඩි වෙන්නේ කවුද, එයාට පන්දම් අල්ලන්න, කුඩ-කොඩි-සේසත් අල්ලන්න හැමෝම වගේ පොරකනවා. ඒ විතරයැ? ඕනේ නම් කකුල් දෙක අල්ලලා වඳින්න විතරක් නෙවෙයි, දෙපතුලම ඉඹ ගන්නත් සමහරුන් ලෑස්තියි.
ජනාධිපතිතුමෙකුගේ සෙරෙප්පු දෙක හෝදපු වතුරද කොහෙද බොන්නත් ලෑස්ති ඇමතිවරයෙක් හිටපු රටේ ‘ඕවත් වැඩද මල්ලි ඕවත් වැඩද’ නේද?

ඉතිං මේ කියන ජනාධිපතිතුමාටත් ඔය වගේ පන්දමාලගෙන් කිසිම අඩුවක්-පාඩුවක් තිබ්බේ නෑ!

දවසක් එතුමාට ආරාධනාවක් ලැබුණා අතිවිශාල ජනහමුවක් අමතන්න.
සංවිධායකයොත් යස අපූරුවට රැස්වීම සංවිධානය කරලා. කට කපලා සෙනඟ! රැස්වීම් ශාලාවේ විතරක් නෙවෙයි, පේන තෙක් මානයේ එළියේත් සෙනඟ පොදි කනවා.
කන්න-බොන්න දීලා, අතටත් ගණනක් මිට මොළවලා- බස්වලින් එක්කරගෙනත් එනවා නං රැස්වීම්වලට සෙනඟ ගේන එක මහ ලොකු දෙයක් නොවෙන වග දන්නවා වුණත්, ජනාධිපතිතුමාත් එදා හිටිය සෙනඟ කන්දරාව දැකලා හොඳටම චූන් වුණා.

ජනාධිපතිතුමාට වෙච්චි අකරතැබ්බේ දැකපු අර පන්දම් ඇමැතිතුමා....

ඔන්න දැන් ජනාධිපතිතුමා කතාව පටන් අරන්. එතුමා කතාව පටන් ගත්තම නවත්තන්නේ එයාටම හිතුණම තමයි. අම්මෙ-මුත්තෙ කිව්වත් පොඩ්ඩකින් නං කතා කරලා නවත්තන්නේ නෑ... දිගටම කතා කරගෙන යනවා.

මළ කෙළියයි! කතාව කරගෙන යද්දීම ජනාධිපතිතුමාට දැනෙනවා අධෝ වාතයක්  යන්නයි ලැහැස්තිය. කතාව අස්සෙම ජනාධිපතිතුමාට මතක් වුණා පරණ කියමනක්. ‘චූස් පඩේ ගඳ ගහන පඩේ- ඩෝං පඩේ මිනී මරණ පඩේ!’ කොච්චර ගඳ ගැහුවත් කමක් නෑ, මේකත් ගඳ ගහන චූස් පඩයක් වේවා කියලා හිතාගෙන ජනාධිපතිතුමා කතාව කරගෙන යන අතරතුරේම ‘අධෝ වාතය’ පිට කළා.

මළ කෙළි හතයි!
ඒක ඩෝං පඩයක්. හතර වටෙන්ම මයික්‍රෆෝන්ස් හයි කරලා, ලවුඩ්ස්පීකර් දාලා තිබුණු නිසා ඩෝං පඩේ සද්දෙ කාට-කාටත් යස අපූරුවට ඇහුණා.

ජනාධිපතිතුමාට වෙච්චි අකරතැබ්බේ දැකපු අර පන්දම් ඇමැතිතුමා ඊගහ වගේ නැඟිටලා මයික්‍රෆෝනය ළඟට ගියා. ජනාධිපතිතුමාට වැඳලා, ඔළුව උස්සලා මෙහෙම කිව්වා.

“අතිගරු ජනාධිපතිතුමනි,ඔබතුමාගේ දේශනයට බාධා වෙන විදිහට මගේ අතින් වෙච්ච වැරැද්දට මම අනෙක වාරයක් සමාව ඉල්ලනවා...”

ඔන්න ජනාධිපතිතුමාට ලොකු හිනාවක් ගියා. කට කණේ! එතුමා ඇමතිවරයාගේ ඔළුව අතගාලා දයාව පෙන්නුවා.

D.G.M බස්සා මහත්තයාත් බොග දමන්නෙක්.

වෙච්චි දේ හැමෝටම පෙනුණා; දැනුණා වුණත් කවුරුවත් ඔව්වා හගිස්සවන්න යනවයැ? සද්ද නොකර නිකං හිටිය, එක්කෙනෙක් හැර.

අර ඇමැතිතුමා වගේම තවත් ඇමැත්තෙක් ඉන්නවා, තිස්සෙම ලකුණු දාගන්න බලාගෙන. ඔක්කොම ඇමතිවරු එහෙම තමයි වුණාට මෙයා තැනක්-නොතැනක්, වෙලාවක්-අවේලාවක් නොබලා එහෙම කරන නිසයි හොඳටම නෝන්ඩි වෙලා ඉන්නේ.
ඉතිං දැන් එයාට ඌරු ජුවල්! ඇයි අරයා ජනාධිපතිතුමාගේ අධෝ වාතයේ වගකීම එයා පිටට අරන්, ලකුණු දා ගත්තනේ මදිය නොකියන්නම.

එයාත් නැඟිට්ටා. ජනාධිපතිතුමා ළඟට ගියා. ජනාධිපතිතුමාත් ‘මේ මොකද මේ’ කියල පුදුම වෙලා, කතාව නවත්තලා බැලුවා! ඇමැතිතුමා කලින් එක්කෙනා වගේම ජනාධිපතිතුමාට වැඳලා, හොඳ සද්දෙට මෙහෙම කීවා.

“අතිගරු ජනාධිපතිතුමෙනි, ඊළඟ එක මටයි,  හොඳේ....”

‘අම්මපා ඩ්‍රැකියෝ මෙව්වා නෙව කතා. වරක් ටැට්ට්ර් එලවන හැට්ටර් මලයා කිව්වා, එයා ආතතිය අඩු කරගන්න යන්නෙ ඩ්‍රැකීගෙ අඩවියට කියලා. දැන් තමා තේරෙන්නෙ, ඒ ඇයි කියලා. මමත් ආයෙ මුල ඉඳන් කියවන්න පට්ටාං ගන්න ඕනෙ.’

D.G.M බස්සා මහත්තයාත් බොග දමන්නෙක්. (ඉස්සර blog රචකයන්ව එහෙමත් හඳුන්නලා තිබ්බලු. කොහොමෙන් හරි බස්සා මහත්තයා ආතතිය අඩු කරගන්න යන විත්තිය අරහෙම කියලා තිබුණේ උන්නැහේගේ ‘බකමූණු කතා’ අඩවියේ ‘කම්මැලි සැන්දෑවක් සහ කෙටි චිත්‍රපට දෙකක්’ post එකේ comment එහෙකට පිළිතුරු දෙමින්. උන්නැහෙත් රස දත්තෙක් වග ‘පට්ටාං ගන්න’ වචන දෙකෙන්ම වුණත් පේනවා නෙව.

ඒ තුං දෙනාම එක දවසෙ කසාද බැන්දා. බැඳලා හනිමූන් ගියෙ විවිධ රටවලට.

බස්සා උන්නැහේ කියාපු ඩ්රැකියා හරි දස්සයි යාන්ස්වලට. පහුගිය පෝස්ටුවට comment එකක් එවමින් උන්නැහේ මේ කතාව ලියලා එවලා තිබ්බා. සමහරුන් blog post එක කියෙව්වට comments කියවන්නේ නැති බව දන්නා නිසයි, ඒ කතාව මෙහෙම උපුටලා පෙන්වන්නේ!

‘අර වාහන පිස්සුව වගේ තව කතාවක්...

ගෑල්ලමයි තුං දෙනෙක් උන්නා, අම්ම විතරයි උන්නෙ, තාත්ත මැරිලා. ඒ තුං දෙනාම එක දවසෙ කසාද බැන්දා. බැඳලා හනිමූන් ගියෙ විවිධ රටවලට.

යද්දි, අම්මා ළමයි තුන් දෙනාට කිව්වා, හනිමූන් එකේ වග විස්තර ඉතාම කෙටියෙන් ලියල එවන්න කියලා...

ඕං ඉතිං ගියදාට පහුවදාට පහුවදා, අම්මට ඕවසීස් ටෙලිග්‍රෑම් එකක් ආව, පැරිසියෙන්. ලොකු දුව එවල තිබුණෙ. කිට් කැට්කියලා.

අම්ම ඒක බලලා, මේ මොකද්ද කියල හිතමින් ටීවී එක දැම්මා. ඒකෙ ටිකකිං ඇඩ් එකක් ගියා කිට් කැට් - එක්ස්ට්‍රා ලාජ්, කිං සයිස්කියල. ඉතිං අම්මට හරි සතුටුයි.

තව දවස් දෙකකිං විතර ආව නාපෝලි ගියපු දෙවෙනි දුවගෙන් ලියුමක්, එයා මේල් එකේ... ඒකෙ තිබුණෙ නෙස් කැෆේකියල. අම්ම ඒක ගැන හෙව්වා ටීවී එකේ, හම්බුණේ නෑ. පස්සෙ සඟරාවක නෙස් කැෆේ ඇඩ් එකක් තිබිලා දැක්කා. ඒකෙ තිබුණා එව්රි ඩ්‍රොප් ඉස් ප්‍රෙෂස්කියල.

තුන් වෙනි දුවගෙන් කිසිම තොරතුරක් නැතුව මාසෙයක් විතර ගියා. එක දවසක් එයා මේල් ලියුමක් ආව. ඒකෙ පැල්ලං ගැහුණු කොලේක, වෙවුලන අත් අකුරින් ලියල තිබුණා, “ට්‍රාන්ස් ඇෆ්රිකන් එයාවේස්කියලා.

අම්මා ඩග්ගාල බැලුවා ගුවන් සේවාවල ඇඩ් තියෙන පත්තර පිටුව. ඒකෙ තියෙනව, ට්‍රාන්ස් ඇෆ්රිකන් එයාවේස් යටතේ:

ඒකෙ පැල්ලං ගැහුණු කොලේක, වෙවුලන අත් අකුරින් ලියල තිබුණා...

සික්ස් ටයිම්ස් අ ඩේ,
සෙවන් ඩේස් අ වීක්,
බෝත් වේස්"
කියල.

අම්මට හීල්ලුනා...’

ඒ කතාව ලියා එවාපු ඩ්රැකී උන්නැහෙම තමයි 2016 ‘හොඳම කම්මැලියා’ කතන්දරේ ලියලා තිබුණේ. කාගෙන්- කොතනින් වුණාම මොකෝ, හිත සංසිඳෙන- පිනා යන- ලේ පිරිසිදු වෙන දේවල් ටිකක් කියවන්න තියේ නං.
ඩ්රැකීගේ කම්මැලියා කතාවත් කියවලා බලලා එයාගේ ගජබින්නාලංකාර රහයි නං
එහාට ගොඩ වැදෙන්න පාරත් ඔන්න දැම්මා.

හිත ගැස්සෙන නිසා මේ දවස්වල එක වතාවක් ප්‍රවෘත්ති බැලුවම ඇතිය කියලත් කවුදෝ වියතෙක් කියලා තිබ්බනේ! රටේ මිනිස්සු දැන් එයාලට හිකෙන් පුනා වෙන හින්දා, හිනා වෙන්න එපා කියලත් කියයිද මන්දා තව ටික දවසක් යනකොට.......