හිත එකලස් කර ගන්නේ කොහොමද? |
මේ කොටස අකුරු කරන්නට ගත්තේ පොසොන් පෝයදාය; මෙලෝ වැඩක්
කරන්නට- ලියන-කියන දේකට හිත හදාගනු බැරිව ඉඳලා-ඉඳලා බැරිම තැනය; ලියන-කියන වැඩකට
හිත එකලස් කර ගන්නේ කොහොමද?
මහරගම දුම්රිය මාවතේ පන්සලක අද හිමිදිරියේ හිටම පොසොන් පිංකමක් වගෙය.
කවුදෝ පිරිත් සජ්ජායනා කරනවා ඇහෙයි. ඒ එක්කම හිටි ගමන් ගිරිය කඩාගෙන (ළමයින් විය
යුතුය.) කෙරෙන අත්වැල් ඇල්ලීම්.... හොයා බැලුවාම රෙකෝඩින් පිරිතට- පොඩි
හාමුදුරුවරුන්; සාමනේර භික්ෂූන් වහන්සේලාත් විඩෙන්-විඩේ සජීවීව අත්වැල් ගායනයෙන්
සම්මාදම් වෙලාය. (මට හිතෙන්නෙම ලොකු හාමුදුරුවරු කවුරුන්වත් පන්සලේ නැති නිසා
‘කෙළිය’ට කෙරුණු දෙයක් වෙන්නැති කියලාය!)
පිරිත් තාලය නං බිඳුණේ නැත; ඒත් ශ්රුතියක් නං තිබ්බෙම නැත, ඝෝෂාවක් මිස!
වෙසක් සතියේ පටන්ම මේ ‘රෙකෝඩින් පිරිත් කෝලාහලය’ සිද්ධ
වෙයි. උදේට පැයක්... හවසට පැයක්... අද දවසම!
හෙම්බත්වී ඉඳීමෙන්ම හෙම්බත්වී, බොහොම අමාරුවෙන් හිත දමනය
කරගෙන දෙකහමාරට විතර කොම්පියුටරයට වාඩි වුණෙමි..... එතකොටම පණිවිඩ තුනක්.
එක: දුමින්ද සිල්වා නිදහස්!
දෙක: ‘දුමින්දාගමනය’ පෝස්ටුවක්.
තුන: ගාථා රත්නයක්, ඒකත් පොසොන් පෝයට සම්බන්ධය.
මාර සමයං මහාරාජ
ටූ ට්වෙන්ටි ෆයිව් (225) ශ්‍රාවකා
තඹේටම
සොරකම් පාය
ලංකා දීපා ඉබා ගතා/අපා ගතා!
ලොකු නංගි; නෝනා තමයි ඒ අව්වස්සේ ඕනි
නැති කෙහෙල්මලක් කළේ! (නෝනා, අනිල් හා සුනිල්) |
‘පොසොන් පෝයට
හරක් නිදහස් කරනවා දැකලා තිබුණට, හරකෙක් බූරුවෙක් නිදහස් කරනවා මේ දැක්කාමයි...’ පේනවනෙ, නිදි
කොච්චර අමාරුවෙන්ද අතීතය මතක් කර ගන්නේ කියලා. අනේ, හැට අටටම- 69ට නෙවෙයි, පලයං
නිදි!
... එදා රෑ ගෙදර එද්දී මං ඉවසිල්ලක් නැතිව ආවත් අපේ තාත්තාට ඒක පෙන්නුවේ නෑ. දන්නවනේ, මාත් තාත්තගෙම පුතානෙ. දත කාගෙන හිටියා. පුරුදු විදිහටම තාත්තා ගේ මැද්දේ පිඟන් ටික සේරම දිගේලි කරගෙන රෑ කෑම බෙදුවා. අපේ ලොකු නංගි; නෝනා තමයි ඒ අව්වස්සේ ඕනි නැති කෙහෙල්මලක් කළේ!
“ලොකයියේ.... තාත්තා අම්මට කිව්වා, ඔයාට
trip එකක් යන්න දෙනවයි කියලා!”
ඒ වෙලාවේ අපේ තාත්තා රවපු රැවිල්ල....
ඊශ්වරයාගේ තුන්වැනි ඇහෙන් රැව්වට හපන්!
“නෝනා! මෙහාට වරෙන්....” නෝනා පස්ස ගැහුවා. පොඩි කාලේ ඉඳලාමත් ඒකිත් හෙණ මීටරේ.
නැතිනං ‘අඟුල්මල් දහනය’ සිද්ධ කරාවිය?
අනේ, ලොකු නංගිත් ආවා, නෑවිත් බැරිකමට; තාත්තා තව සැරයක් ගෙරෙව්වාම... තාත්තා
නංගිගෙ කණෙන් ඇදලා ළඟට අරගෙන හොඳවයින් ටොක්කක් ඇන්නා.
“ඌයි! රිදුණා තාත්තේ....” ලැහැස්ති කරගෙන
හිටිය කඳුළු වේල්ලේ දොරටුව ඇරලා නෝනා කිව්වා.
“රිදෙන්න? රිදෙන්න නෙවෙයි යකෝ, තෝව හම
ගහනවා, වෙන වෙලාවක නං.... බත් කන්න ලෑස්ති වෙන වෙලාව නිසා බේරුණා කියලා හිතා
ගනිං.... අහු වෙයන්කො ආපහු, ලොකු මිනිස්සුන්ගෙ කතාවල් අහගෙන ඉඳලා... නෝනට විතරක්
නෙවෙයි කියන්නේ, තේරුණාද... තොපි ඔක්කොටම....”
ඒ දවස් ටිකේ යහමින් මහන්සිවී
සල්ලි ටිකක් ඉතිරි කර ගන්නට ඕනෑය. එතකොට... |
එකම-එක හතරැස් පෙට්ටියක් වැනි කෑල්ලක ජීවත් වෙන පවුලක රහස් තිබෙන්නට පුළුවන්ද?
නීති-රීති, සිරිත්-විරිත් රැකෙන්නට
පුළුවන්ද?
ඊට පස්සේ කොහොම, අපේ තාත්තාත් එක්ක trip එකේ
මාතෘකාවට ගියාද කියලා මට හරියටම මතක නැත. ඒත් ගෙදර එන මඟ දිගටම, ඒ ප්‍රශ්නයට
විසඳුම සැලසුම් කරමින් හිටි නිසා- ඒක තාත්තාට කියන එක නම් ලේසි වුණේය.
“මං දවස් හත අටක් ඉස්කෝලේ නොයා ඉන්නං...
උදෙන්ම මල්වත්ත පාරට ගිහින්, දෙපාරක්
විතර කතා කරන්නං.... දවල්ට ඉස්පිරිතාලේ ළඟට යන්නං... හවසට පිටකොටුවේ තුන්-හතර
පොළක.... බොරැල්ලෙ- මරදානෙත් රෑ
වෙනකල්....”
මගේ සැලසුම වුණේ ඒකය. ‘රෑ දවල් මහන්සිවී -
කන්ට දේ රැස් කරත් කූඹියෝ!’
ඒ දවස් ටිකේ යහමින් මහන්සිවී සල්ලි ටිකක්
ඉතිරි කර ගන්නට ඕනෑය. එතකොට ගෙදර අයට බඩගින්නේ ඉන්නට වෙන්නේ නැත; මට ගමන නොයා
ඉන්නට වෙන්නෙත් නැත. වැඩ දෙකම කෙරෙයි.
‘No pain – No gain’ කතන්දරේ මං වහන්සෙ දන්නෙ දැන්ය. එතකොට දැනගෙන හිටියේ ඒ අදහස
විතරය!
හැබැයි, ඒ විදිහට මගේ ඉස්කෝලේ ගමන අඩාළ වුණේ ඉතාමත්
අහම්බෙන් විතරය.
එදා වේල හම්බ කරගෙන එදා-එදා ජීවත් වෙන අයට ලොකු-ලොකු දර්ශන නැත.
‘වැලේ ගෙඩි වැලට බර නෑ - උපදින කිසි කෙනෙක් බඩගින්නේ මැරෙන්නෑ’ වගේ පඬිවදන්
වගුරන්නට පුරුදුව හිටි තාත්තා අනාගතයක් ගැන හිතුවෙම නැති තරම්ය. පොඩි කාලේ හිටම
අග-හිඟ නැති ජීවිතයක් ගෙවූ; එකා යකා වුණු; තරමක උගතෙකුත් වුණු තාත්තා එහෙමය.
බින්තැන්නේ උපන්නත්, අපේ
අම්මා සිහින මැව්වෙම ‘අදට
වඩා හෙට හොඳ’ කර
ගන්නටය. |
මේවා සියල්ලම අලුතෙන් මතක් කරන්නට ඕනෑ නැත.
වරින්-වර කියා තිබේ. අලුතෙන්ම බ්ලොගය කියවන්නට පිවිසෙන අයගේ පහසුව සඳහා විතරය
කියන්නේ.
“සර්! අපේ තාත්තා ගමන යන්නයි කිව්වා.”
පහුවදා පාන්දරින්ම ඉස්කෝලේ ගිහින්, සර් එනකල් මඟ බලා ඉඳලා කිව්වෙමි. ඊළඟ දවස් දෙක
තුනේදී යන කණ්ඩායම තීරණය විණි. ඔවුන් තෝරා ගත්තේ දුප්පත්කමම බලලා නොවෙන බව නම්
මොනොවට පෙනිණි.
ඒ ගැන අහනවා තියා කෙඳිරියක් නඟන්නටවත් කෙනෙකු නොවූ බව විතරය මං දන්නේ. (ජාතියක්
වශයෙන්ම අපේ පුරුද්ද එහෙම නිහඬව ඉඳීමය.
‘විමසුවයි කෙනෙක් යා නම් නරකාදී - මට සැපයි යාම එහි වෙනතක නෑදී’ කියලා මුනිදාස
කුමාරණතුංග කවීන්ද්‍රයා කියූ බව හැබෑය. එතුමාගේ මුණුබුරු; මගෙත් හිතවතෙකු වෙන- විසිදුනු අධිපති ගෙවිඳු කුමාරණතුංග ගරු පාර්ලිමේන්තු
මන්ත්‍රීතුමාත් දැන් ඉන්නේ ‘විමසා ගන්නට බැරිව’ වාගෙද මන්දා!)
මගේ මතකයට අනුව නම් ඒ සංචාරය යන කණ්ඩායමට
අපේ පන්තියෙන්ම තව හතර දෙනෙකු තෝරාගෙන තිබිණි. රණවක ගැන නම් සැක නැතිවම කියන්නට
ඇහැකිය... ලාල් බුලත්සිංහල, සුනිල් වසන්ත සහ නයනානන්ද අනෙක් තිදෙනා වගේය.
අප සිසුන් හය දෙනාගෙම නම- ගම- ලිපිනය සහිත
ලැයිස්තුවකුත් පිළියෙළ කෙරිණි.
දැන් නං ඉස්කෝලවල පළමුවෙනි
වාරයේ විතරයි trip යන්න
අවසර දෙන්නේ.... |
වැඩේට කෙළවෙන්නට ගියේ එහෙමය!
පෝස්ටුව කෙටිල්ල නවත්තලා, හිතවත් ගුරු
මහත්ම-මහත්මීන් තුන් දෙනෙකුටම දුරකතනයෙන් කතා කළෙමි.
මගේ කතාන්දරය එයාලට කියලා, අරහෙම වුණේ ඇයිදැයි අහගන්නටය, ඒ.
“මේකයි නිමල් අයියෙ, දැන් නං ඉස්කෝලවල
පළමුවෙනි වාරයේ විතරයි trip යන්න අවසර දෙන්නේ.... (හරි නේන්නං. ටියුෂන් පන්තියක
ළමයින් යන trip එකකට මාර්ගෝපදේශකයා වෙලා ගිය හැටිය; මට මතක් වුණේ!) ළමයින් හය
දෙනෙකුට එක ගුරුවරයෙක්වත් ගමනට සහභාගි වෙන්න කියලයි කියන්නේ.... අපි නං එක දවසේ
ගමන් විතරයි සංවිධානය කරලා තියෙන්නේ...”
“ඒකට ඔයාලට නිවාඩු හම්බ වෙනවද?”
“Trip එක යන්නේ සතියෙ දවසක වුණත් අපි education office එකෙන් අනිවාර්යයෙන්ම
රාජකාරි නිවාඩු අනුමත කර ගන්න වෙනවා. ඒක නැත්නම් අපිට යන්න බෑ. (ආයෙම දැන් අලුත්
අනුපාතය ළමයි 20කට ගුරුවරු එක්කෙනයි. ඉන්න ළමයි ගණනේ අනුපාතයටත් වඩා ගුරුවරු trip එක යන්න ආසාවෙන් ඉන්නවා
නම් සහභාගි වෙන්න පුළුවන්. හැබැයි එයාට duty
leave අනුමත වෙන්නෙ නෑ. එයාට පුළුවන් එයාගෙ casual leave එකකින් යන්න.” ඒ
ගුරුවරුන්ගෙන් වත්මන් තත්ත්වයත් කියැවිණි.
මට දැන ගන්නට උවමනා වුණේ එදා මහරගම විද්‍යාකර
විද්‍යාලයේ ගුරු මණ්ඩලයෙන් එකම ගුරු මහත්මයෙකුවත් ඒ ගමනට සහභාගී වෙන්නට අකමැති
වෙන්නට හේතුවයි.
‘මේ මොන මරාලයක්ද මේ’ කියලා අහන මුහුණකිනි. |
පාසල් නිවාඩු කාලයේ කරන්නට සිදු වුණු අමතර රාජකාරිය වෙනුවෙන් ඒ ගුරුවරුනට කිසිදු
දීමනාවක් හෝ ප්‍රතිලාභයක් හෝ අනුමතව තිබුණේ නැතිද?
නැතිවා විය යුතුය. දැන් පට්ට හූනියමක්වී
තියෙන- ‘ලොකුම ඇත්තන්ට විතරක් පොල්කටු හැන්දෙනුත්; පොඩි ඇත්තන්ට කන් හැන්දෙනුත්
බෙදන’ මේ කෙළවරක් නැති ‘දීමනා-ගෙවීම්’ පටන් ගන්නට ඇත්තේ 77න් පස්සේ වෙන්නැතිය!
‘ජේ.ආර්. පප්පා රට කන්න ගෙනාපු නීති’ කියමින් ඉන්නවා මිස ඒවා වෙනස් කරන්නට
එක්කෙනෙකුටවත් හිතෙන්නේ නැති එකය පුදුමේ!
“තමුසෙලගෙ මූණු දකිනකොට නං වැඩේ අතෑරලා
දාලා, නිකං ඉන්න හිතෙන්නෙ නෑ ඕයි!”
ගුරු මණ්ඩලයේ කල්පනාව අපට කිව්වාම, අපේ මූණු විරුවපට්ටං ගැහෙන හැටි දැක සර්ට
කියැවිණි. “... ඉන්නවලකෝ.... මට යස අයිඩියා එකක් ආවා..... එක්කෙනෙක් ගිහින් එන්න
කියනවා ආනන්දට....”
මොන එක්කෙනාද?
තුන්-හතර දෙනෙක්ම ඉගිල්ලුණහ. ඉස්කෝලේ හතර අතේ දුවගෙන ගිහින් එයාලා ආනන්ද අයියාව
හොයාගෙනම ආවෝය. ආනන්ද අයියා ආවේ ‘මේ මොන මරාලයක්ද මේ’ කියලා අහන මුහුණකිනි.
අපත් බලාගෙන හිටියේ සර්ගේ ‘යස idea’ එක
මොකක්දැයි දැන ගන්නටය.
“අයිසෙ ආනන්ද! මට තියෙනවා....” කියලා කියනකොටමය සර්ට මතක් වුණේ අපත් එතැනම ඉන්නා
විත්තිය.
සර්ගෙ මොළේ තමයි මොළේ - හෝදල
ගමු දාල ඇලේ! |
එතැනින් පිටමං කෙරුණත් අපෙන් එකෙකුවත් වැඩි
ඈතකට ගියේ නැත. එයාලා පෙනෙනතෙක් මානයේ රැඳෙමින් හොරගල් අහුලමින් උන්නෙමු.
“අන්න මචං සර් කාරයා ආනන්ද අයියත් එක්කම පිනාගේ office එකට යනවා!” එකෙක් කිව්වේය.
ඒත් විවේකය අවසාන බව හැඟවෙන සීනුව නාද කෙරුණෙන් අපේ ඔත්තු බැලිල්ලත් ඉවර කරන්නටය
සිදු වුණේ!
මගේ මතකයේ හැටියට නම් එතකොට ආනන්ද අයියා
මහරගම විද්‍යාකර විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා හෝ උප නායකයා හෝ විය යුතුය.
කේ.ඩී. උපාලි, හෙක්ටර් බෙත්මගේ, සේනාරත්න, තිස්ස අයියලාත් මගේ මතකයේ ඉන්නා ශිෂ්‍ය
නායකයන්ය.
ඔව්, ඔව්, ඔව්! ඔබ හිතනවා හරිය. හෙක්ටර් බෙත්මගේ අයියා පස්සේ කාලයක
දේශපාලනයටත් ආවේය!
තිස්ස (නම හරිද මන්දා.) අයියාත්
ආනන්ද අයියාත් දෙන්නාම සහෝදරයන්ය; දික්පිටියන්ය. හැබැයි ආනන්ද අයියා තරමක් කළුය-
තිස්ස අයියා පැහැපත්ය. මට අනුව නම් ඒ ශිෂ්‍ය නායකයන් අතරින් අඩුවෙන්ම කතාබතා- හිනා
තිබ්බේ ආනන්ද අයියාටය!
සර්ගේ අයිඩියා එක තිතටම හරි ගිහින් තිබුණේය!
විද්‍යාකර විද්‍යාලය නියෝජනය කරමින් අර
සංචාරයට සහභාගී වෙන්නට අපට වරම් ලැබුණේ ඒ හින්දාය.
“තමුසෙලගෙ luck එක... තව පොඩ්ඩෙන් අපරාදේ අහක යනවා ඔළුවටම කඩා වැටුණු chance එක.
හැබැයි ළමයිනේ, තමුසෙලා වැඩේ වණ කර ගන්නේ එහෙම නෑ ඔන්න....”
කෝච්චිය තියෙන්නේ උදේනෙ බං.
අහවල් එහෙකටද.... |
“තමුසෙලා මේ ආනන්ද අයියාටත් පිං දෙන්න ඕනි. එයා නිසයි මේ වැඩේ කෙරෙන්නේ.... ආනන්ද අයිය නෙවෙයි, ආනන්ද සර්! තේරුණාද? ආනන්ද සර්!”
‘සර්ගෙ මොළේ තමයි මොළේ
හෝදල ගමු දාල ඇලේ!’
අපි ප්‍රීතියෙන් පිනා ගියෙමු.
අපට ඕනෑ වුණේ උගුලෙන් හරි හබකෙන් හරි සතා අල්ලා ගන්නටය. අපට කරන්නට තියෙන්නේ පොඩි
දෙයක් විතරය; හොඳ කල්පනාවෙන් ඉඳගෙන රඟපෑමක් කරන්නට විතරය.
“ළමයි, තමුසෙලාට හොඳට මතක තියාගෙන ඉන්න
වෙයි, කටපාඩම් කරගන්න වෙයි..... ආනන්ද සර්... සර්... සර්.... සර්! Trip එක
ගිහිල්ලා ඉවර වෙනකල්ම ආනන්ද සර්.... අයියා- මල්ලී කතන්දර බෑ.
ආනන්ද. ඔයාටත් හරිම වගකීමෙන් මේ සර්ගේ කැරැක්ටර් එක ඇක්ට් කරන්න වෙනවා... මම
තමුසෙවම මේකට තෝරා ගත්තෙත් හොඳට හිතලයි! මේ කට්ටියගෙ වෙලාවට තමයි, ප්‍රින්සිපල්
සර් කැමති වුණේ තමුසෙටත් තාවකාලිකව හරි ‘සර්’ කෙනෙක් වෙන්න දෙන්න.”
අපට බණ්ඩාරවෙල යන්නට තිබුණේ කෝච්චියෙනි; උදේ
පාන්දර බදුලු කෝච්චියෙනි.
“කෝච්චිය තියෙන්නේ උදේනෙ බං. අහවල් එහෙකටද
යන්න කලින් දවසේ හවසම පිටත් වෙන්නේ...” අපේ තාත්තා එහෙම ඇහුවා මිස වෙන මොකවත්
කිව්වේ නැත. මාත් ඒවාට උත්තර දෙන්නට දැනගෙන හිටියේ නැතිය.
තම-තමන්ගේ වියදමෙන් සංචාරයක
යන්න හැකියාවක් නැති පවුල්වල සිසු-සිසුවියන්..... |
එතැන සිසු-සිසුවියෝ 300ක් වූහ.
වැඩ සටහන ගැන නිවැරදි අවබෝධයක් මට ලැබුණෙත්
එදාය.
‘අද මේ ශාලාවේ රැස්වෙලා ඉන්න ශිෂ්‍ය-ශිෂ්‍යාවන් 150 දෙනෙක් මේ මාසයේ මුල ඉඳලා, සති
දෙකක් තිස්සේ මේ වැඩ සටහනට සහභාගී වෙලයි ඉන්නේ.... ඌව දිස්ත්‍රිකය නියෝජනය කරමින්,
පිරිමි ළමයි 75 කුත්, ගැහැනු ළමයින් 75 කුත්.....
තම-තමන්ගේ වියදමෙන් සංචාරයක යන්න හැකියාවක් නැති පවුල්වල සිසු-සිසුවියන් තෝරාගෙන
ඔවුන්ව කොළඹට ගෙනල්ලා, නවාතැන්- කෑමබීම- ඉඳුම්හිටුම් සේරම පහසුකම් දීලා, කොළඹ අවට
හැම තැනකම නරඹන්න එක්ක ගිහිල්ලා....’ වගේ විස්තර කියවුණේය.
(මට ගණිතය බැරි බව හැබෑය. ඒත් කැල්කියුලේටර
නැතිව ඉලක්කම් කිහිපයේ ගණන් ටිකක් එකතු කර ගන්නට- අඩු- වැඩි කර ගන්නට බෙදා ගන්නට
ඇහැකිය. එක පාසලකින් සිසුන් 6 බැගින් 75ක් නම්... හය වරක් නවය හැත්තෑ දෙකය. අනෙක් තුන....
මෙච්චර තලතුනා වෙලත් ඒ ගණන හැදුණු හැටි හිතා ගන්නට මේ මැට්ටාට බැරි විණි! ඒ වුණාට
වියත් පට්ටමක් නං දෙන්න හදන්න එපෝ! එපෝ!! එපෝමය!!!
මට තවමත් හෘදය සාක්ෂ්‍යය කියලා දෙයක් තිබෙන බැවිනි.)
‘හෙට උදේ බදුලු දුම්රියෙන් ඒ පිරිස පිටත්
වෙන්නේ තනිවම නෙවෙයි. කොළඹ දිස්ත්‍රික්කයෙන් තෝරාගත් ශිෂ්‍ය-ශිෂ්‍යාවන් 150
දෙනෙකුත් එක්කයි. ඒ පිරිසත් සති දෙකක් තිස්සේ බණ්ඩාරවෙල නැවතිලා ඉන්නවා ඇති. ඌවෙන්
මෙහාට ආව ළමයි වගේම මේ එකසිය පනස් දෙනාටත් ඒ ප්‍රදේශයේ වැදගත් තැන්, ලස්සන තැන්
බලන්නට වාසනාව උදා වෙයි!
කිසිම වියදමක් නැතිව... අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඒ සියලුම දේවල් මනාව සංවිධානය
කරලයි තියෙන්නේ...’
1989 අවුරුද්දේ තජක ගරු
සභාපතිවූ ප්‍රසන්න පනංගලගේ මෙහෙයවීමෙන්..(ප්‍රසන්න දැන් පවුලේ කට්ටිය හා...) |
අවුරුදු දාහතරක කොල්ලෙකුට ඒවා කිව්වේ කවුදැයි වැදගත් නැත. කරන්නේ කවුදැයි වැදගත්
නැත. වැදගත් වෙන්නේ ගමන කොහොමද කියන එක විතරය!
වෙන එකක් තියා ‘ඒ සංචාර සංකල්පයේ පියා’ ඊරියගොල්ල මහත්තයා ඒ උත්සවයට ආවාද- නැද්ද
කියලවත් මගේ මතකයේ නැත. ඊට වඩා මගේ අවධානය දිනාගත් දේවල් තිබිණි.
ඒ මං මරදානේ ආනන්ද විද්‍යාලයට ගිය පළමුවෙනි
වතාවයි. එතකොටත් ආනන්දය ‘කොළඹට කිරි’ පාසලකි. ‘ගමට කැකිරි’ ඉස්කෝලයක් වුණු මහරගම
විද්‍යාකරයෙන් ගිහින් හිටි මං හිටියේ, දිවිය ලෝකේ දිවියාංගනාවනුත්- හේනේ දා ගිය
වැඳිරියත් සංසන්දනය කරමින් හිටි නන්ද හාමුදුරුවන් වගෙය....
ඇත්තෙන්ම, මගේ ජීවිත කාලය තුළදීම මා ආනන්ද විද්‍යාලයට ගිහින් තියෙන්නේ තවත් එක
වතාවක විතරය. (පම්පෝරියක් ගහන්නට ඉඩ ලැබෙන වෙලාවේම ඒකත් කර ගන්නට ඕනෑය. ආඩම්බර
නෙවෙයි සාඩම්බර වෙන්නටවත් මං වැනි සොක්කෙකුට chance එකක් හම්බ වෙන්නේ කලාතුරකිනි.)
ඒ 1989 දීය.
පළමු වතාවට එහාට ගිහින් අවුරුදු 21කට පස්සෙය.
එහෙම යැවුණේත් තජකයට පිං සිදු වෙන්නටය. 1989 අවුරුද්දේ තජක
ගරු සභාපතිවූ ප්‍රසන්න පනංගලගේ මෙහෙයවීමෙන් ඒ අවුරුද්දේ ‘අන්තර් පාඨශාලායීය විවාද
තරගාවලිය’ක් සංවිධානය කෙරිණි. ‘සිල්වියා ප්‍රනාන්දු අනුස්මරණ කුසලානය’ වෙනුවෙන්.
තරගයේ මුලික වටවල විවාද තරගවලදී විනිසුරු මඬුලුවල මේ ලියන්නාත් සිටියේය.
අර්ධ අවසාන පූර්ව- අවසන් පූර්ව විනිශ්චය මණ්ඩලවලත්...
ඒවා තිබුණේ ආනන්ද විදුහලේදීය. ආනන්ද විදුහල්
විවාද කණ්ඩායමත් ඒවාට සහභාගී වුණේය. ඒ විවාද තරග අවසානයේ සිය කණ්ඩායමේ
සාමාජිකයනුත් කැටිව පැමිණි ආනන්දීයයෙක් ‘සර්, අපේ තිබිච්ච වැරදි එහෙම කියන්න
පුළුවන්ද?’ යනුවෙන්, ඉතා නිහතමානීව මගෙන් විමසා සිටියේය.
තරගාවලියේ දක්ෂතම කථිකයා වූයේ
ආනන්දීය කණ්ඩායමේ කිංස්ලි රත්නායක
සිසුවාය. (දැන් ඔහු ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක.... |
“කිංස්ලිට තවම නිමල් අයියව මතකයි.... විවාද
තරගේ අන්තිමට ඔයා කියලා දුන්නු ඒවා ගොඩාරියක් ප්‍රයෝජනවත් වුණයි කියලත් තවම මතක්
කරනවා.... ඔයාට කොහොමද කියලත් ඇහුවා MTV එකේදී හම්බ වුණු වෙලාවක. ඔයාව ආදරෙන් මතක්
කරයි කියන්නත් කිව්වා...”
ඒ අටුවාවට තවත් ටිකාක් එකතු කරනවා නම්,
සිල්වියා ප්‍රනාන්දු අනුස්මරණ විවාද තරගාවලියේ ශූරතාව දිනාගත්තේ ආනන්ද විද්‍යාලයීය
කණ්ඩායමයි. තරගාවලියේ දක්ෂතම කථිකයා වූයේ ආනන්දීය කණ්ඩායමේ කිංස්ලි රත්නායක සිසුවාය. (දැන් ඔහු ජනාධිපති
මාධ්‍ය ප්‍රකාශක ධුරයක් දරයි.)
ඉතිං.... ආපහු 1968 අගෝස්තු මාසයට යනවා
නං..... අපට නවාතැන් ගන්නට සූදානං කර තිබුණේ නාලන්දා විද්‍යාලයේය. (මේ ඡායාමාත්‍ර
මතකයක් විතරය. එදායින් පස්සේ මං නාලන්දාවට ගිහිල්ලාම නැතිය.) එහි නැවතී සිටියේත්
සිසුවන් විතරය. සිසු දැරියන් 150ම නවාතැන් ගත්තේ කාන්තා විදුහල් ශාලාවලය.
බදුලු කෝච්චියේ ගමන නම් මට විශේෂයක් නොවිණි.
1964 වෙනතුරුම අප පදිංචිව හිටියේ බදුල්ලේය. ඒ අම්මලාගේ ගම එහෙ හින්දාය.
අමු කැලයක් වුණත් ගිනි
තියන්නට හපන් අපේ ‘චෙම්බාස්සල පීයා- ජලාහුටා හුකා පරියා’ චාලි නානා සීයාත්,
දසනායක රත්නවතී ආච්චීත් එතකොට හිටියේ මහරගමය. ආච්චිලා බදුලු ආවෙත්, අප මහරගමට
ආවේ-ගියෙත් බදුලු කෝච්චියෙනි.
ආනන්ද අයියා; නෑ, නෑ, නෑ. වැරදුණා! ආනන්ද සර් තවත්
ටිකක් මෝරපු පාට වෙලාය. |
එතකන්ම මං දැක්කේ නැති හැටි! ආනන්ද අයියා;
නෑ, නෑ, නෑ. වැරදුණා! ආනන්ද සර් තවත් ටිකක් මෝරපු පාට වෙලාය.
බොලේ.... සති දෙකකින් කොහොමද එහෙම වුණේ? හරිනෙ! එහෙම පෙනෙන්නේ රැවුල හින්දාය. තරුණ
සර් කෙනෙකු විත්තිය පෙන්වන්නටම වාගේ ආනන්ද අයියා රැවුලත් වවාගෙනය. උඩින් ගිනිකූරු
කට් එකක් තියලා, නිකට මැදිනුත් ටිකක් ඉතිරි කර රැවුල කපලාය... මගේ හැටි ඔහොමමය.
සමහර අවැදගත් දේවල් වුණත් එදා වගේම අදත්, මේ නේත්තරා දෙකෙන් එළියට ඇදගන්නට ඇහැකිය!