අකුරු මැකී නෑ

Sunday, April 10, 2022

කියන්න කවි කර ආවේ මහතුනි....

අපේ දීපයේ - හරි ලස්සන වැඩ සිදු වෙනවා!

කියන්න කවි කර ආවේ මහතුනි - කියන්න දේවල් වැඩි       වෙනවා
අහන්න මහතුනි, අපේ දීපයේ - හරි ලස්සන වැඩ සිදු            වෙනවා
බ්රූස් ලී වගේ හැමට නෙළන්නට - විරුවෙක් බලයට  පැමිණෙනවා
ටෞකන වැඩනේ කරන්න ගත්තේ - අරටුව නැති බව හෙළි වෙනවා

ඒකත් දෙනවා, දුන්නට පස්සේ - විස්ස පරවෙලා...

‘අනුහස් තියෙනව, මම ආනන්දේ -විස්ස දෙන්න මට’  ඉල්ලනවා
ඒකත් දෙනවා, දුන්නට පස්සේ - විස්ස පරවෙලා කුණු      වෙනවා
වටේ ඉන්න උන් නූල් අදිද්දී - ලොක්කට නටන්න සිදු     වෙනවා
හිතේ හැටියටම, පුරුදු විදිහටම - රට කන කෑමත් උන්      කනවා

බැදෙන්න සිදු වී කබලේ එතැනින් - ළිපට වැටෙන්නත්...

මල්ලිත් බලයේ, අයියත් බලයම - ගන්න කියපු ඒවා             මේවා
කතා සුරංගන පරද්දවන මේ - බොරුවට මිනිසුන්         රැවටෙනවා
ඡන්දෙන් පස්සේ බඳින්න කිව්වත් -පොඩි වෙනසක් නං   කරවනවා
බැදෙන්න සිදු වී කබලේ එතැනින් - ළිපට වැටෙන්නත් සිදු වෙනවා

රටම කළුවරේ, ගමන අනතුරේ - දැනුමැත්තෝ කිව්වත් මොනවා...
කුස්සිවලදි හිටි ගමන්ම අප්පේ - ගෑස් සිලින්ඩර                   පුපුරණවා
තෙල් නැති වෙනවා, කරන්ට් කැපෙනවා - බඩු මිල ආකාසෙට යනවා
රටම කළුවරේ, ගමන අනතුරේ - දැනුමැත්තෝ කිව්වත්        මොනවා
පිළිගන්නේ නෑ, පරම්පරාවේ - ගතිය වෙන්න ඇති           කියවෙනවා

කඩේ ගියපු අය දැන් - කුණු කූඩෙට යනවා!

මේ අස්සෙම තව - තව හොඳ දේවල් වෙනවා / ලයි ලයි
බලයට ආ හැටි අමතක - වෙලාම යනවා
කඩේ ගියපු අය දැන් - කුණු කූඩෙට යනවා / ලයි ලයි
අපි විතරක් බලයේ ඉමු - කියා හිතනවා

කාට කෙළවුණාම මොකෝ කියල හිතනවා /
අම්මප එහෙම හිතනවා //

ඔන්න මහතුනේ පුංචි සිංඤොලා - ඉස්සරහට එන්නට යනවා

මොකක්ද අරුමේ, වැරැද්ද කොතනද - රටුන්ට ටික ටික වැටහෙනවා
තවත් ඉවසුවොත් රටේ ඉන්නටත් - නැති වෙන බව තේරුම්   යනවා
ප්‍රශ්න වැඩි වෙලා රතු ඉර පනිද්දි - ඉවසන් ඉන්නට බැරි       වෙනවා
ඔන්න මහතුනේ පුංචි සිංඤොලා - ඉස්සරහට එන්නට            යනවා
       

ජවයත් තියෙනව, ලෝකෙත් දන්නව - වටිනම එකමුතුඅපේ ළඟයි!

අතීත ළිං ගෙම්බෝ නොව වත්මන් - අපි නං හොඳ දැනුවත්      ඈයොයි
ජවයත් තියෙනව, ලෝකෙත් දන්නව - වටිනම ‘එකමුතු’ අපේ     ළඟයි
හතර වටේ වෙන දේවල් දකිනව - අනාගතය අයිතිත්                 අපටයි
කියන තරුණ පෙළ, ඕන්න මහතුනි - සටන් කරන්නට පෙළ ගැසෙතියි!

තෙතෙයි තෙයි - සටන් කරන්නට පෙළ ගැසෙතියි!!

කොටවන එවුන්ට මේ වංගියෙ නං - කෙළවෙනවා, එය ඉස්තීරයි

දේශපාලුවන් දිගටම කෙරුවේ - භේද භින්න වපුරපු                  එකමයි
ඒකත් කෙළවර වෙන පාටයි අද - අනේ අම්මපා හරි                  සතුටුයි
කොයි කාගෙත් ඇඟ ඇතුළෙ දුවන්නේ - එකම ලේ කියා සිහි වෙන්නයි
කොටවන එවුන්ට මේ වංගියෙ නං - කෙළවෙනවා, එය           ඉස්තීරයි
  
 

ඒකෙත් හොඳ එක, එහෙ යාචකයොත් - හිඟන අපට පිහිටට එන්නේ

කියන්න ලජ්ජයි රාවණ පුතුන්ට - රාමගෙ අය කන්නට       දෙන්නේ
ඒකෙත් හොඳ එක, එහෙ යාචකයොත් - හිඟන අපට පිහිටට එන්නේ
පාලකයන් අපෙ රෙදි ඇඳගෙන මුත් - නිරුවත් වීලයි දැන්     ඉන්නේ
තවමත් උන් වට, සට්ටඹියන් හිටු - කියලා ‘ගොනුන්ට     අන්දන්නේ’

බය නැති ලොක්කා හැංගිල වාගෙයි - සේනා රැකවරණය එක්ක
‘මම නං බය නෑ’ කිව්වලු ඉස්සර - මිතුරෙක් කළුවර      වෙලාවක
ඇහුවලු අනෙකා ‘එහෙනං ඇයි බං - හෝදන්නේ උඹ මගේ  පුක?’
කතන්දරේ මගෙ සිහියට එනවා - අනේ මං කරන්නේ         මක්ක
බය නැති ලොක්කා හැංගිල වාගෙයි - සේනා රැකවරණය    එක්ක

ජන අරගලයට උදව් කරනු ඇත....

අම්මල අත දරුවෝත් වඩාගෙන - නොදරුවො සේරම එකතු කරන්
බුරුතු පිටින් සටනට එක් වෙද්දී - බය නොහිතෙන්නේ කාටද  දැන්
හෙටානිද්දටම මැරිච්ච ඈයොත් - නැඟිටල ඇවිදින් මිනී      වළෙන්
ජන අරගලයට උදව් කරනු ඇත - කරවාලා ලොක්කන්   හොල්මන්

බලා ඉඳිල්ලා ගොට්ට අල්ලගෙන....

හැට නව ලස්සේ හුඟාක් කට්ටිය - පසු තැවෙමින් දැන් මේ    පැත්තේ
පණ පිටින්ම මිය ගිය ගජයෝ නං - තවමත් ඇත ඔහෙලගෙ   මත්තේ
අල්ලන් හිටියොත් ගොඩම තමා යැයි - කියලයි උන් හිතනව ඇත්තේ
බලා ඉඳිල්ලා ගොට්ට අල්ලගෙන - ගෝඨ ගෝත වෙයි මේ   වැත්තේ

පුරුදු රිවර්ස්එක කරන්න නැකතක් - ඥානක්කටවත් හොයන්න බෑ!

ගඟක් ගලන්නට ගත්තට පස්සේ - ඉස්සරහට මිස පස්සට               බෑ
හරහට බැමි බැඳ හරස් කළත් යළි - මුහුදට යනු වළකන්නත්          බෑ
ජන්මෙට වැඩියෙන් පුරුද්ද ඉස්මතු - වෙනවාමයි නවතන්නත්       බෑ
පුරුදු ‘රිවර්ස්’ එක කරන්න නැකතක් - ඥානක්කටවත් හොයන්න බෑ

සාධාරණ සටනකදී ඉස්මතු වෙනවාමයි ඇති මිනිස් ගුණේ

රස්සා කෙරුවට, නිලතල දැරුවට -
        හිත පපුවක් ඇති
                        මිනිස්සුනේ
සාධාරණ සටනකදී ඉස්මතු
        වෙනවාමයි ඇති මිනිස්                      ගුණේ
නොහොඳ හොඳ දෙකත් තේරෙනවා ඇති -
        පෙන්නුවෙ නැතිවට තියෙන             සෙනේ
හෘදය සාක්ෂිය වද දෙන දිනකට -
       අද හෙට දිනකර
                          පායන්නේ

විනයක් සහිතව සටන් කරනකොට - දිනුමත් අත ළඟ තමයි ළමයි!

අනුන්ගෙ පිහිටෙන් ඉගිලුණ අයටත් -
        නරක කාලයක් ලබල
                    වගෙයි
හතර වටෙන්; ලෝකෙන්; මේ -
        අරගල අනුමත කෙරෙනා හැටිත් පෙනෙයි
විනයක් සහිතව සටන් කරනකොට -
        දිනුමත් අත ළඟ තමයි
                    ළමයි
ඔහොමම පෙරටම ගමන් කරමු ජය -
        කනුව ඔබලගේ අත
                     ළඟමයි

උතුරණ ජවයයි, එකම අරමුණයි - සංයමයකිනුත් සමන්විතයි

දේශපාලනේ නායකයන් නැත; පිල් නැත - හැමෝම එකා වගෙයි
උතුරණ ජවයයි, එකම අරමුණයි - සංයමයකිනුත්       සමන්විතයි
මේ දරුවන් මේ සටනේ ඉන්නේ - සිරිලක් අම්මා රැක     ගන්නයි
අනේ දරුවො ඔය දුවල-පුතාලා - ඔක්කෝටම තිසරණ    සරණයි

අනාගතේදිත් මෙහෙම නොවෙන්නට- අපි කාටත් මෙව්වයි පාඩම්!
අතීත පරපුර දේශපාලනෙදි - ගත්තේ අනුවණ               තීරණයන්
ඒවට වන්දිය ගෙව්වේ අපගේ - පරම්පරාවයි, ඔබයි                 ඉතිං
අපේ වැරැද්දත් හරි ගස්සන්නට - පැවරුණෙ ඔබටයි සමා      වෙයං
අනාගතේදිත් මෙහෙම නොවෙන්නට - අපි කාටත් මෙව්වයි පාඩම්!

අනාගතේදිත් මෙහෙම නොවෙන්නට -
                          අපි කාටත් මෙව්වයි පාඩම්!!

නමියගේ වීදිය blog අඩවියේ රචක සහෘදයාගේ ඇරයුම පිළිගෙන- මහරගම, පමුණුවේ පදිංචි නිමල් දිසානායක විසින් ප්‍රබන්ධ කරන ලද පළමු කවි කොළය සේම මෙයත් ඔබගේ පහන් සංවේගය උදෙසාය; රචනා කෙරුණේ෴

39 comments:

  1. කස්ටිය එක් වන විට නම් සිරිලක් මවහට සතුටු දැනෙයි
    දේසපාලුවන් පස්සෙ යෑම මින් මනතට අහෝසි වෙයි

    ReplyDelete
    Replies
    1. 'වෙන්නෙත් ඒකයි - ඒක තමයි, කෙළවෙන්නයි යන්නේ අපි හැමට'
      කියලා කොඳුරනවාලු අයියලා-මල්ලිල එයාල සගයන්ට

      Delete
  2. කවිකොලේ නං පංකායි නිදි. ඉස්සර හිටිය කවිකොල කාරයින්ව මතක් වුනා.

    එතකොට තව කැලෑ පත්තර? අද වුනත් විද්‍යුත් කැලෑ පත්තර, දේශපාලන අපතයින්ට විරුද්ධ ප්‍රභල අවියක් ලෙස භාවිතා කල හැකියි.

    ReplyDelete
    Replies
    1. බස්සා මහත්තයෝ, ඉස්සර 'පේව්මන්ට් එකේ රජ වෙන කාලෙ' මාත් කවි කොළ, කවි පොත් වික්කනේ. එතකොට කවි කොළයක් අච්චු කන්තෝරුවළ මිල වුණේ සත 2 1/2 යි!
      http://nidigepanchathanthare.blogspot.com/2018/07/blog-post_8.html

      Delete
    2. මාත් කියෙව්වා.

      Delete
    3. ස්තුතියි බස්සා මහත්තයෝ!

      Delete
  3. +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. හම්මේ ඒ වැටේ දිග!

      ඉස්සර අපේ ගමේ අය, "ඇස්වහ-කටවහ රාළාමි" නමින් ආදරයෙන් ඇමතූ කෙනෙක් හිටියා. දවසක් දුර ගස් දෙකක් අතර පිමි පනිමින් හිටි වඳුරු මොටෙකුට "හප්පේ මුගෙ පිම්මෙ දිග!" යැයි කී බවත්, එසැනින් පිම්ම වැරදී, වඳුරු මොටා ගහ පල්ලේ දෙරි ගැහූ බවත් ජනවහරේ කියැවෙනවා.

      Delete
    2. ______________________________________________________

      Delete
    3. හම්මේ මේ බස්තුමා දැන් ඇණ නැතුව නිදහසේ හිටිය කල්ල්ල්ල්ල්......!

      Delete
    4. බස් තුමෝ, Pra Jay.
      ඔයාලගේ අස්සට පැනලා 'ඇණයක්' වෙන්න මං වගේ සොක්කෙකුට බෑ හොඳේ.... පෙනෙනවානේ කොච්චර ලොක්කො වුණත් ඇණ වුණාම වෙන දේ!

      Delete
    5. ඔයාගෙ බ්ලොග් එකේ කොහොමද එහෙම වෙන්නෙ? ඇත්තම කියනවා නං, මට ඔය අස්සට පැනිල්ලෙ කතාව පෙන්නන්න බෑ. උඩින්ම නම දාලා කමෙන්ට් කරලා තියෙන අවස්ථාවල ඇරුනාම, මේ වැඩේ අනවශ්‍ය "පොලිටිකල් කරක්ට්නස්" කියල හිතෙන්නෙ මට විතරමද?

      Delete
    6. මේ blog set up එකේ comment කරන්නට පුළුවන් විදිහ ගැන හිතලයි 'මැදට පනින' කතාව කිව්වේ.
      ඒ ගැන අහිතක් හිතන්න එපා, හොඳේ.

      හැබැයි, ඔයාට විරුද්ධ වෙන්න දේකුත් මට තියෙනවා බස්සෝ!
      // ඔයාගෙ බ්ලොග් එකේ// කෑල්ල වැරදියි නේද? මං බ්ලොගය ලියන බව ඇත්ත. ඒත් මහත්තයෝ කියවන ඔයාලා නැතිනං මේක පවතිනවද?
      ඒ හින්දා /අපේ බ්ලොග් එකේ/ කිව්වොත් හොඳා නේද?

      මං හිතන විදිහට, අපේ ආණ්ඩුවලටත් වැරදිලා තියෙන්නේ ඔතනනේ. එයාලගේ විතරයි කියලා තමා පත් වුණාට පස්සේ හිතන්නේ. රටේම; අපේම කියලා හැඟීමක් නෑ....

      Delete
    7. ඔබ හරි, ඔන්න ඔතන තමයි අපිට වැරදුනේ කියලයි මට හිතෙන්නෙ. අපේ ආණ්ඩුව, උත්තරීතර ගවගාල. මේවා අපේ කියල හිතාගෙන හිටියට, මේවා අපේ නෙමෙයි.

      රට කන්න ජන වරමක්. රජවෙන්න දේව වරමක්. තාමත් හිතාගෙන ඉන්නෙ, එයා තමයි හොඳටම කලේ කියලයි වගේ.

      Delete
    8. බකුසුතුමෝ, ඇත්තටම නිඳාගෙන ඉන්න කෙනෙක් ඇහැරවන්න පුළුවන් වුණත් බොරුවට නිඳා ඉන්න කෙනෙක්....?

      Delete
  4. කවි කොලේ තරම්ම රසවත් විදියට වීදියේ අරගලයත් අවිහිංසා මාවත ඔස්සේම ජය කණුව කරා යා යුතු ය.

    ReplyDelete
    Replies
    1. එකෙන්ම!
      71, 83, 88-89 හා තිස් අවුරුදු විපත්ති දෑහින්ම දැකපු කෙනෙක් හැටියට මගේ එකම පැතුමත් හතුරු-මිතුරු කාටවත් විපතක් නොවේවා කියන එකයි.

      Delete
  5. මේ යන විදියට දිගටම පක්ෂ දේශපාලනයයි, ආගම්වල අයිතිකාරයො වගේ ඉන්න ඈයිංගෙ කීමවලුයි පිටු දැක්කොත් ජය ගන්න එක වැඩි ඈතක වෙන එකක් නෑ.

    කවි ටිකනං පංකාදුයි නිදි.

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි ප්‍රසෝ,
      අරගල කරන කවුරුත් වගේ දැන් දන්නවා කරන්න ඔනිදේ; වෙන්නට හැකි දේ. උගුල් අටවන ඒවාට අහු නොවී, දිනන කල්ම එයාලා හොඳ කල්පනාවෙන් දිගටම සටන් කරයි!

      Delete
  6. කවි කොලයත් මරු පංකාදුයි
    ගෝල් ෆේස් එකෙ බෙදන්නටයි
    හඬ නගලා කියවන්ට මරුයි
    ඊළඟ පියවර මොකක් වෙතැයි?

    ReplyDelete
    Replies
    1. ඊළඟ පියවර තියන්න බෑ වගෙ - ලොක්කන් ඉන්නේ ෆ්‍රීස් වෙලයි
      පරම්පරාවට ආයෙත් බලයට - එන්නට බැරි බව තේරීලයි
      රීගෙන දැන් තව කරමින් ඉන්නේ - හත් පොළේම ගාගන්න එකයි
      ඇත්තයි ඩ්රැකියෝ ලජ්ජා නැතිකම අනෙක් සේරටම වැඩිය ලොකුයි!

      Delete
  7. කවි කොලේ ලස්සනයි. "රට හදන්න පුලුවන් එයාට විතරයි, එයා යවලා කාවද ගේන්නෙ" වගේ හුරතල් කතා තාමත් කියමින් ඉන්න චූටි බබාලා ගැනත් ලියන්න තිබුනා, නිමල්.

    පරම්පරා ගානක් ගියත් වෙනස් වෙයි කියලා හිතපු නැති, මධ්‍යස්ත මතදාරීන් තමන්ගෙ ජීවිත කාලෙම තේරුම් කරන්න උත්සාහ කලත් "දේශද්‍රෝහීන්, කොටි" වගේ නම්බුනාම අහගත්තා මිසක් වෙනස් කරන්න බැරිවුනු, සමාජයේ පැලපදියම්ව තිබූ සිතුවිලි රටා මෙහෙම ටික කාලයක් ඇතුලත වෙනස් වුනා කියන්නෙ හිතාගන්න බැරි දෙයක්. අද විඩියෝ එකක් දැක්කා පාරක් වහගෙන ඉන්නකොට වාහන වලින් බැහැලා ඇවිල්ලා මිනිස්සු පොලිසියෙන් ප්‍රශ්න කරනවා ඇයි මේ කියලා. ඒවගේ 'ප්‍රශ්න කරන්න' පුලුවන්, සමාජයේ කෙනෙක් තවත් කෙනෙකුට වඩා උස් හෝ පහත් වෙන්නෙ නෑ කියලා තේරුම්ගත්ත, රාජකාරි වගකීමක් ඉටුකල පමනින් කෙනෙක් 'විරුවෙක්' හෝ විශේෂ වරප්‍රසාදිත වෙන්නෙ නෑ කියලා තේරුම් ගන්න පුලුවන් මිනිස්සු ඇතිවෙන එක කොච්ච්ර හොඳ දෙයක්ද. මිරැකල් යනු මේවාම තමයි අපේ හාංදුරුවනේ.

    ReplyDelete
    Replies
    1. "ජාතියේ ගැලවුම්කරු" වීමට ඇති තරඟය ගුජුප්සාජනකය.

      අනුන්ගෙන් හොරකම් කරගෙන ආ කියමනකි.

      Delete
    2. 'මම තමයි හොඳටම බය වුනේ' කියලා පොඩිවුන් අර meme හදලා තියෙන්නෙ බස්සා ගැන නේද.

      Delete
  8. ස්තුතියි Lotus, කප්පරක් දේ ලියන්න තිබ්බත් කියවන අය ගැනත්; කරන්ට් කපන එක ගැනත්; ඩේටා ගැනත් කල්පනා කරන්න එපැයි. ඉතිං අමාරුවෙන් තෝරා ගත්ත ටිකක් තමයි ලිව්වේ....
    මේ වෙන දේවල් දැකලා නිර්වින්දනය වෙලා වගෙයි මේ දවස්වල මම ඉන්නේ. ඔය කවි කොළේ ලියන්න අදහස ආවෙත් පුදුම විදිහට. රෑ එකට විතර 'මොකවත් ලියා ගන්න හිතක් නැතිව ඉන්නේ' කියලා හිතවතෙකුට කියලා ඇඳට ගියා. එතකොට මතක් වුණා කලින් සැරේ ලියපු කවි කොළේ, නමීගේ ඉල්ලීමට.

    උදෙන්ම වැඩ අල්ලපු හැටි තමයි මේ පෝස්ටුව.
    බලමු, තව ලියවෙයි වගේ...

    මට නං හිතෙන්නේ දැනටමත් සටනෙන් කොටසක් දිනලා ඉවරයි කියල. 3 වෙනිදා ඇඳිරි නීතිය දැම්මා. ෆේල්! ගෝල්ෆේස් එන එක සමාජ මාධ්‍ය හරහා සංවිධානය කෙරෙමින් තියෙද්දී බාධා කළා. ඒකත් ෆේල්!! කොල්ලො-කෙල්ලෝ ලක්ෂ ගණනින් රොද බැඳ ගනිද්දී, ඒ විත්ති ලෝකෙට යන එක නවත්තන්න හැදුවා. එතැනත් ෆේල්!!!
    ඒ ගමන රාජපස්සලාව තියාගෙන අලුත් ඇමතිවරු එක්ක කැබිනට්ටුවක් හදන්න හැදුවා. ඒකට බාලගිරි දෝසෙ!

    මිනිස්සු විතරක් නෙවෙයි, දැන් ජන මාධ්‍යත් අලුතෙන් ටර්න් එකක් අරං.... මෙව්වා සේරම සටනේ ජය කණු නෙවෙයිද? එකක් විතරක් මේ.
    https://www.lankahotnews.net/2022/04/blog-post_55.html

    ReplyDelete
    Replies
    1. මේ මට වට්ස්ඇප් එක හරහා ආපු මැසේජ් එකක්, මේ දවස් වල වෙන දේවල්, ලංකාවේ උද්ඝෝෂණ ව්‍යාපාර අස්සේ හොර ජාවාරම් පවා වෙනවා කියලා කියන්නේ...

      Forwarded many times;

      ///මේ වන විට විදේශගතව සිටින ලාංකීය ජනයාගේද උපරිම සහය ඇතුව ලංකාවේ ජන අරගලය දිගටම කරගෙන යන්න උපරිම වශයෙන් සහය දක්වන ගමන් තව දෙයක් තියෙනවා සාකච්ඡා කිරීමට, කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරියේ විරෝධතාවයේ යෙදෙන විරෝධතාකරුවන් සඳහා ඊයේ රාත්‍රියේ අරක්කු ලොරියක් ලබාදී අරක්කු බෝතල් බෙදා හැර ඇති බව එම විරෝධතාවේ ඉදිරිගාමියෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ගුරුතුමා මාධ්‍ය හරහා සහ විවිධ සමාජ ජාල වල සඳහන් කර තිබෙනවා. ඒ වගේම අරගලය හයිජැක් කිරීමට සටකපට බැසිල් රාජපක්ෂ ඇතුළු හොර රැල විවිධ වර්ගයේ උපක්‍රම භාවිතා කරන බවත් විරෝධතාවය ඇතුලෙද ආණ්ඩුවේ ඔත්තුකරුවන් සිටිනා බවත් ඔවුන් සියලු රහස් රජයේ පාර්ශ්වයන් වෙත ලබා දෙමින් සිටින බවත් ඔහු චෝදනා කළා.

      ඒ නිසා සෑම සැබෑ අරගලකරුවෙක්ම තමන් ළඟ සිටින සියලු දෙනාම අවිශ්වාස කරන ලෙසත් එමෙන්ම විශ්වාස කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියා.

      මේ නිසා ලංකාවේ සමාජ ජාලා ක්‍රියාකාරීන් යයි කියාගන්නා විවිධාකාර තක්කඩි පට්ට හොරුන් වන පිරිස් අරගලය පාවිච්චි කරමින් අති විශාල මූල්‍ය ජාවාරමක් සිදු කරමින් සිටින බවද තවදුරටත් ඔහු සාක්ෂි සහිතව චෝදනා කළා. උපුල් ශාන්ත සන්නස්ගල විශේෂයෙන් සඳහන් කළා එංගලන්තයේ සිටින එක්තරා සට කපටි පුද්ගලයන් පිරිසක් විරෝධතාවන්ට සුප් සහ වෙනත් ආහාර පාන වර්ග ලබාදීමට බව පවසමින් ඉතා විශාල මුදලක් එංගලන්තයේ සහ යුරෝපයේ රටවල් වලින් එකතු කර ඇති බවත් නමුත් ඉතාමත් සුළු මුදලක් වැය කර ලුණු කැඳ සුළු ප්‍රමාණයක් පමණක් ලබා දී වෙනත් සමගි ජන බලවේගයේ ආධාරකාරී ධනවත් ව්‍යාපාරිකයෙක් විසින් තම පෞද්ගලික වියදමින් ලබාදෙන වඩා වටිනා ආහාර වර්ග වල ඡායාරූප ලබාගෙන ඒවා එංගලන්තයේ සහ යුරෝපයේ සිටින ගෝටාගෝ 2022 ව්‍යාපෘතියේ සම්පත් දායකයින්ට පෙන්වලා ඔවුන් මුලා කර ඇති බව. මෙයට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයෙක් ලෙස ඔහු විවේචනය කලේ මීට වසර පහකට පමණ පෙර ඔහුට මුණගැසී ඇති බ්ලොග් සම්මාන උළෙලක් සංවිධානය කරන ලද බ්‍රිතාන්‍යයේ වෙසෙන අජිත් ධර්මකීර්ති නමැති පුද්ගලයෙක් බව පවසා තිබෙනවා.

      මේ ගැන එළකිරි අතුළු අනෙකුත් සමාජ ජාලයන් හරහා ද තොරතුරු අනාවරණය වී ඇති අතර එංගලන්තයේ සිට පවුම් ලක්ෂ පහක් පමණ මෙම ලංකාවේ මානුෂීය ජන අරගලයට ආධාර පිණිස පරිත්‍යාගශීලීන් විශාල වශයෙන් පරිත්‍යාග කර ඇති බවත් නමුත් මේ දක්වාම ලබා දී ඇති ආහාර පාන වල වටිනාකම උපරිම වශයෙන් රු. 30,000 ක් විය හැකි බව ඉතුරු මුදල් විශාල වශයෙන් සොරකම් කර ඇති බව පේනවා කියලා කියන්නේ මේ ගැන සත්‍ය තත්ත්වය දන්නා කෙනෙක්ට විස්තර කළ හැකි ද? මොකද මේ සැබෑ ජනතා අරගලය රැකගැනීමට අපට වගකීමක් තියෙනවා.

      මේ වන විටත් අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් උපුල් ශාන්ත සන්නස්ගල අජිත් ධර්මකීර්ති නමැත්තා ඇතුළු කපටින් පිරිසකට මෙම චෝදනා එල්ල කර ඇති වීඩියෝ එක වට්ස් ඇප් හරහා ලංකාවේ විශාල වශයෙන් සංසරණය වී තිබුණා. මේක ගැන සොයා බලා සත්‍ය තත්ත්වය තේරුම් ගත යුතුයි. වෙනත් රටවල ද මේ දවස් වල මෙබඳුම ජාවාරම් කරුවන් බිහි විය හැකි නිසා ඒ ගැන කල්පනාවෙන් වැඩ කරන්න වෙනවා, හැමෝම හොඳින් මේ ගැන සැලකිලිමත් වෙන්න හැමෝම දැනුවත් කරන්න.

      - Copied//

      Delete
    2. හැම පුංචි පියවරක්ම ජයග්‍රහණයක්නෙ, නිමල්. නඩු ගැන විස්තරේ සිත සතුටුවෙන ආරංචියක්.

      Delete
    3. ඒ වගේමයි Lotus දැන් දැන් සෑහෙන වේගයකින් බොරු වළවල් කැපෙනවා- උගුල් ඇදෙනවා.
      ඒවා කෙරෙන්න කෙරෙන්න ජන අරගල කරන තරුණ පෙළ නව පණක් හා පන්නරයක් ලබනවා වගෙයි.

      Delete
  9. /අපි කාටත් මෙව්වයි පාඩම්/ ඉගෙන ගත්තොත් හොඳා ඔය කවුරු කවුරුත්

    ReplyDelete
    Replies
    1. ඒක නොවෙන්නං පුරස්නේ යාත්‍රිකයෝ. අපේ රටේ මිනිස්සු ඉගෙන ගන්නෙ හරි හෙමින් නේද?

      Delete
  10. මේ මට වට්ස්ඇප් එක හරහා ආපු මැසේජ් එකක්, මේ දවස් වල වෙන දේවල්, ලංකාවේ උද්ඝෝෂණ ව්‍යාපාර අස්සේ හොර ජාවාරම් පවා වෙනවා කියලා කියන්නේ... මේ දේවල් පාලනය කරලා මේක මහපොළවේ සැබෑ ජන හදගැස්ම නිසා ඇතිවූ ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක් බව අපි මුළු ලොවටම ඔප්පු කර පෙන්විය යුතුයි නේද නිදී...

    //

    Forwarded many times;

    ///මේ වන විට විදේශගතව සිටින ලාංකීය ජනයාගේද උපරිම සහය ඇතුව ලංකාවේ ජන අරගලය දිගටම කරගෙන යන්න උපරිම වශයෙන් සහය දක්වන ගමන් තව දෙයක් තියෙනවා සාකච්ඡා කිරීමට, කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරියේ විරෝධතාවයේ යෙදෙන විරෝධතාකරුවන් සඳහා ඊයේ රාත්‍රියේ අරක්කු ලොරියක් ලබාදී අරක්කු බෝතල් බෙදා හැර ඇති බව එම විරෝධතාවේ ඉදිරිගාමියෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ගුරුතුමා මාධ්‍ය හරහා සහ විවිධ සමාජ ජාල වල සඳහන් කර තිබෙනවා. ඒ වගේම අරගලය හයිජැක් කිරීමට සටකපට බැසිල් රාජපක්ෂ ඇතුළු හොර රැල විවිධ වර්ගයේ උපක්‍රම භාවිතා කරන බවත් විරෝධතාවය ඇතුලෙද ආණ්ඩුවේ ඔත්තුකරුවන් සිටිනා බවත් ඔවුන් සියලු රහස් රජයේ පාර්ශ්වයන් වෙත ලබා දෙමින් සිටින බවත් ඔහු චෝදනා කළා.

    ඒ නිසා සෑම සැබෑ අරගලකරුවෙක්ම තමන් ළඟ සිටින සියලු දෙනාම අවිශ්වාස කරන ලෙසත් එමෙන්ම විශ්වාස කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියා.

    මේ නිසා ලංකාවේ සමාජ ජාලා ක්‍රියාකාරීන් යයි කියාගන්නා විවිධාකාර තක්කඩි පට්ට හොරුන් වන පිරිස් අරගලය පාවිච්චි කරමින් අති විශාල මූල්‍ය ජාවාරමක් සිදු කරමින් සිටින බවද තවදුරටත් ඔහු සාක්ෂි සහිතව චෝදනා කළා. උපුල් ශාන්ත සන්නස්ගල විශේෂයෙන් සඳහන් කළා එංගලන්තයේ සිටින එක්තරා සට කපටි පුද්ගලයන් පිරිසක් විරෝධතාවන්ට සුප් සහ වෙනත් ආහාර පාන වර්ග ලබාදීමට බව පවසමින් ඉතා විශාල මුදලක් එංගලන්තයේ සහ යුරෝපයේ රටවල් වලින් එකතු කර ඇති බවත් නමුත් ඉතාමත් සුළු මුදලක් වැය කර ලුණු කැඳ සුළු ප්‍රමාණයක් පමණක් ලබා දී වෙනත් සමගි ජන බලවේගයේ ආධාරකාරී ධනවත් ව්‍යාපාරිකයෙක් විසින් තම පෞද්ගලික වියදමින් ලබාදෙන වඩා වටිනා ආහාර වර්ග වල ඡායාරූප ලබාගෙන ඒවා එංගලන්තයේ සහ යුරෝපයේ සිටින ගෝටාගෝ 2022 ව්‍යාපෘතියේ සම්පත් දායකයින්ට පෙන්වලා ඔවුන් මුලා කර ඇති බව. මෙයට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයෙක් ලෙස ඔහු විවේචනය කලේ මීට වසර පහකට පමණ පෙර ඔහුට මුණගැසී ඇති බ්ලොග් සම්මාන උළෙලක් සංවිධානය කරන ලද බ්‍රිතාන්‍යයේ වෙසෙන අජිත් ධර්මකීර්ති නමැති පුද්ගලයෙක් බව පවසා තිබෙනවා.

    මේ ගැන එළකිරි අතුළු අනෙකුත් සමාජ ජාලයන් හරහා ද තොරතුරු අනාවරණය වී ඇති අතර එංගලන්තයේ සිට පවුම් ලක්ෂ පහක් පමණ මෙම ලංකාවේ මානුෂීය ජන අරගලයට ආධාර පිණිස පරිත්‍යාගශීලීන් විශාල වශයෙන් පරිත්‍යාග කර ඇති බවත් නමුත් මේ දක්වාම ලබා දී ඇති ආහාර පාන වල වටිනාකම උපරිම වශයෙන් රු. 30,000 ක් විය හැකි බව ඉතුරු මුදල් විශාල වශයෙන් සොරකම් කර ඇති බව පේනවා කියලා කියන්නේ මේ ගැන සත්‍ය තත්ත්වය දන්නා කෙනෙක්ට විස්තර කළ හැකි ද? මොකද මේ සැබෑ ජනතා අරගලය රැකගැනීමට අපට වගකීමක් තියෙනවා.

    මේ වන විටත් අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් උපුල් ශාන්ත සන්නස්ගල අජිත් ධර්මකීර්ති නමැත්තා ඇතුළු කපටින් පිරිසකට මෙම චෝදනා එල්ල කර ඇති වීඩියෝ එක වට්ස් ඇප් හරහා ලංකාවේ විශාල වශයෙන් සංසරණය වී තිබුණා. මේක ගැන සොයා බලා සත්‍ය තත්ත්වය තේරුම් ගත යුතුයි. වෙනත් රටවල ද මේ දවස් වල මෙබඳුම ජාවාරම් කරුවන් බිහි විය හැකි නිසා ඒ ගැන කල්පනාවෙන් වැඩ කරන්න වෙනවා, හැමෝම හොඳින් මේ ගැන සැලකිලිමත් වෙන්න හැමෝම දැනුවත් කරන්න.///

    - Copied//

    ReplyDelete
    Replies
    1. //මේ දේවල් පාලනය කරලා මේක මහපොළවේ සැබෑ ජන හදගැස්ම නිසා ඇතිවූ ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක් බව අපි මුළු ලොවටම ඔප්පු කර පෙන්විය යුතුයි නේද නිදී...//

      මහත්තයෝ, මගේ ප්‍රතිපත්තිය නං මේකයි.
      තමන් කරන දේ හිතට එකඟයි නම්, අවංකයි නම්, කල්පනාවෙන් යුතුව- අගතියට නොයා* කරගෙන යන එක. එතකොට ඔප්පු කරන්න මහන්සි වෙවී ඉන්න වෙන්නේ නෑ.

      කෙරෙන අරගලයට හිසක් තියෙනවා නං මාත් හරිම කැමතියි. සමහර වෙලාවට (මට හිතෙන විදිහට- මං වැරදි වෙන්නත් ඇහැකි) මෝඩ චූන් දකින්න ලැබෙන නිසයි එහෙම කිව්වේ.

      *අගතියට නොයා- කිව්වේ සතර අගතිය ගැන මෙතනදී කිව යුතුම නිසා. දන්නවනෙ 'ඡන්ද- දෝෂ- භය- මෝහ' ගැන!

      Delete
  11. https://www.youtube.com/watch?v=ylheFv8LMck

    ReplyDelete
    Replies
    1. තරුණ අරගලයේ සැඩ පහර කොච්චර සැර වෙයිද?

      Delete
  12. කවි කොලයක් කියෙව්වාමයි.

    කියෙව්වා කියල කීවට රූප ටික බැලුවා විතරයි හැබැයි😂😂

    ReplyDelete
  13. ඒ මදි නෙව නවීන්.
    මතක නේද සොබා අලංකාරේ සිංදුවේ කියන කතාව.
    'පැසීල ඇති පාඩුවේ - මිහිරි රස ජාති පල ජාති වේ
    දුරදීම දැකල දැනේදෝ රසේ - ගෙඩි කන්නෙ නැති දිවට නොදැනේ රසේ'

    ReplyDelete
    Replies
    1. සොබා අලංකාරේ සිංදුව කියන්නෙ මොකක්ද නිදි මාමෙ, අදමයි ඇහුවෙ🙄

      කියවන්න කම්මැලී😥

      Delete