1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස

Tuesday, January 25, 2022

‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ

සිරිලක සවුදම කියන්න නොහැකිය, මෙහෙම කවියකින් දෙකකින් නම්

පපුවට ගස-ගස රට දැය රකින්න නහයෙන් අඬ-අඬ පතා වරම්
බලයට ඇවිදින් කරනා බලු වැඩ -මහ මිහිකත නූසුලන තරම්
කියන්න ලජ්ජයි, ඒත් කියන්නට දෙන්න මහතුනේ මෙමට වරම්
සිරිලක සවුදම කියන්න නොහැකිය,
                                  මෙහෙම කවියකින් දෙකකින් නම්

දකුණ කරන දේ වම දන්නේ නෑ, වමතේ කෙරුවාවත් එහෙමයි
සාමූහික බව නං වචනෙට විතරයි - ගාල කඩා ගත්තා වාගෙයි
රටේම සම්පත් විකුණන්නට නං - එකා වගේ බැම්මෙන් බැඳෙතෙයි
එතකොට නම් මේ රොත්තම සමඟියි,
                                 භේද තියෙන්නේ අප අතරෙයි!

අන්තිමෙ බලද්දි නඩුත් බඩුත් සේරෝම තියෙන්නේ උන්ගෙ අතේ

නැව් ගිනි ගත්තා; සත්තුත් මැරුණා - දත්තත් මැකිලා ගිහින් අනේ
වන්දිත් ඔහෙ නෑ පාඩුව රටටයි -
කාටද ඒකෙන් සෙතක් වුණේ
කාගෙන් කියලා අහගන්නටදෝ රටට වෙලා ඇති විනේ අනේ
දන්නව නං මට කියලා දෙන්නකෝ සතර වරම් දෙවි හාමුදුරුවනේ

තැන තැන පිපුරුවෙ ගෑස් සිලින්ඩර වැරැද්ද මහ ජනතාව අතේ
අන්තිමෙ බලද්දි නඩුත් බඩුත් සේරෝම තියෙන්නේ උන්ගෙ අතේ
එකම රටක එක නීතිය තියෙන්නෙ
                             ලොකු- තඩි පොත්වල තමයි පුතේ
නඩු විසඳෙන්නේ අනාගතෙයි; මතු බුදුවන දවසක බුදුන් මෙතේ

මිලියන තිහක්ම උපද්දගෙන ඇත - අනේ හිරිකිතක් උන්ට නැතී

හොරට වෙනස් කර ගෑස් සංයුතිය, ලද ලාභය පොඩ්ඩක් නොවෙතී
මිලියන තිහක්ම උපද්දගෙන ඇත - අනේ හිරිකිතක් උන්ට නැතී
ගලේ පහරලා වාගෙයි ඉන්නේ, බකන් නිලාගෙන බඩ උලතී
ලජ්ජා නැතිකම ලොකුම වත්කමයි, එහෙමයි මේ මහතුන්ගෙ ගතී

ලයිට් කපනවා/ නෑ නෑ නෑමයි තප්පුලනව කියමින් බේගල්
දවසක් යද්දී උන්ට මතක නෑ - උන්ම දොඩා තියෙනා දේවල්
කැවිලද මන්දා මුන් රොත්තටමත් - දෙවියන් වෙනුවෙන් පිදුව සහල්
ඇතුළෙත් ගැට - පිට පැත්තෙත් ගැට ගැට,
                                    මණ්ඩලයත් හොඳටෝම කචල්

දෙසිය විසි පහම අවුරුද්දකදීපොත් තුන්සීයක් ඇත කියවා

තොපි වවපල්ලා පොහොර කාබනික විතරක් දාලා තොපෙ වැවිලී
කොහොම වවපුවද ගෙන්වන්නේ කියලා නම් නැත්තේ කිසි හෙවිලී
වස කෑවත් ඇයි, පොඩි මිනිසුන් නෙව ගියදෙන් නැති වීලා වැළලී
සදා හිඳින්නයි උන්ගේ අදිටන - වැජඹීලා බැබළී බැබළී

රට කරවන්නට උගතුන්, වියතුන් පත්කොට දියවන්නාවෙ යවා
පුස්ස බින්ද වගෙ තකතිරුකම් නං, අනේ අපිත් මදි නැත කෙරුවා
‘දෙසිය විසි පහම අවුරුද්දකදී’ පොත් තුන්සීයක් ඇත කියවා
එයිනුත් වැඩියක් ‘නිකං කතන්දර’
වාර්තාවකින් ඇත පෙන්වා

ගනුදෙනුවලදී කොමිස් ඉල්ලලා, ලොවක් ඉදිරියේ නීච වෙතී

වේල කන්න නැත හයින්-හාමතේ; බඩ ගින්නෙයි මිනිසුන් ඉන්නේ
දිවිය ලෝක සැප ගන්නයි ගුවනින් ගිහිල්ල මල් ඉහලා එන්නේ
එව්වට වියදම
කෝටි ගණන් වැය අම්ම-අප්පගෙන් නැත ගන්නේ
‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ

සිරි ලංකාවේ චේතිය රජවරු ගණනක් නැතිවම බොරු කියතී
ගනුදෙනුවලදී කොමිස් ඉල්ලලා,
ලොවක් ඉදිරියේ නීච වෙතී
එව්ව හෙළි වුණත් වගේ-වගක් නෑ, action ගන්නෑ ඔහෙ ඉඳිතී
කපුවෝ හිටගෙන ජරා කරද්දී ගෝලයො දුව-දුව එය කරතී

වජු බිල්ලමඑක අතින් වසාගෙන පෙරහරකට වුව එක් වෙන්නා

නමේ ගරුත්වය- නමේම නම්බුව පෙරටු කරන් ඉන්නා ජපනා
වරදක් විණි නම් ‘හරාකිරි’ කරන්, තම අභිමානය රැක ගන්නා
ඕන්න ඒකට අපේ ගොයියො නං, රෙද්ද ගැලවුණත් නොතකන්නා
‘වජු බිල්ලම’ එක අතින් වසාගෙන පෙරහරකට වුව එක් වෙන්නා

‘වතුර බිල හිඟයි - කපන්න වෙනවා’ දුගී අයට පණිවිඩ එවතී
මැති- ඇමතින්ලා කෝටි ගණන්වල පොලු තියලා ඇති බව කියතී
‘අය කර ගන්නව- නීති ප්‍රකාරව’
හයියෙන් පුරසාරම් දොඩතී
කටින් බතල කොළ හිටවන්නට මේ වාගේ හපන්නු ලොවෙත් නැතී

අද වෙනකල්මත් ඉන්නව ලොක්කෝ, කටක් අරින්නෑ ඒ වෙනුවෙන්

උගන්ඩාවටත් printed කඩදහි ටොන් ගණනක් යවලා ගුවනින්
අද වෙනකල්මත් ඉන්නව ලොක්කෝ, කටක් අරින්නෑ ඒ වෙනුවෙන්
ඉතිං බංකොලොත් නොවී තියේවිද ‘ධර්මද්වීපය’ ඔය විදිහෙන්
තව කොහෙ යවලා ඇතිද හොරා කෑ-
                         සල්ලි පිල්ලි ගහපුව අපගෙන්

කටේ නරි වදන් පෙරෙනව රෙද්දෙන් - කියවෙයි අලුත්ම ප්‍රවුර්තියෙන්
ලංකාවත් ඇත දූෂිත
රටවල් ගොන්නේ ඉහළම තැන් ගනිමින්
‘සැපයි නෙවෙද දැන්’ කියල අහන්නට
                                 වගකිව යුත්තොත් කොහෙද ඉතිං
උන්දැල සේරම ‘පැලෙන්න කාලා උස්මුරුත්ත වෙල’ සනීපයෙන්

‘සැපයි නෙවෙද දැන්’ කියලා අහන්න වගකිව යුත්තොත් කොහෙද ඉතිං

උන්ටත් දුන්නා උන් කෙරුවෙත් නැත - රිස්ස ගිහින් තිබ්බා විතරයි
මුන්ටත් දුන්නා මුන් කෙරුවෙත්  නැත -
                                 දෙගොල්ලගෙම කෙරුවා එකමයි
තට්ටු මාරුවට හැත්තෑ වසරක් ගෙවුණා, රටට යහපතක් සිදුව නැතෙයි
දැන්වත් අලුතින් හිතමුද මහතුනි, මේ ඒකට නිසි කාලෙ තමයි!

!!!!!!!!!!!!!!!!!!!!!!

‘නමියගේ වීදිය’ blog අඩවියේ රචක සහෘදයාගේ ඇරයුම පිළිගෙන- මහරගම, පමුණුවේ පදිංචි නිමල් දිසානායක විසින් ප්‍රබන්ධ කරන ලද්දකි෴

38 comments:

  1. බැන්නත් හොදැටි උන්ට
    රැවටෙත් කපටි බසට
    තිබ්බොත් චන්දය හෙට
    කතිරත් ගසයි උන්ට

    ReplyDelete
    Replies
    1. රට වැසියන්ට ගැලපෙන රජවරු ලැබුම
      වෙනවා කියන වටිනා ඉසිවර කියුම
      අදහමි- අපේ පුරවැසියන්ගේ දැනුම
      දැන් දියුණුයි; හොඳයි කියලත් සිතමි මම

      Delete
  2. මරු කවි පන්තිය.

    මේක කවි කොලයක් හැටියට මුද්‍රණය කළා නම් බොහොම ජනප්‍රිය වෙනවා!

    ReplyDelete
    Replies
    1. Sam, ඒ කාලෙ කවිකොළවලට තිබ්බ ඩිමාන්ඩ් එකක්. මං 'පේව්මන්ට් එකේ රජ වෙන' කාලෙ කවි කොළයක් සත දෙකහමාරට තමයි press එකෙන් ගත්තේ.
      සමහරුන් ඒවා වික්කේ එකක් සත විසිපහට. මං වික්කේ සත දහයට.

      Delete
  3. ඒක පට්ට...
    ඕව ගැන කතා කරල වැඩක් නෑ. දැකල කතා කරලම තිිත්ත වෙලා තිායන්නෙ

    ReplyDelete
    Replies
    1. ඔයා හරි! ඒත් මහේෂ් මං හොඳටම දන්නා දැන-උගත්-වෘත්තික මිතුරු නොදරුවොත් අපි අතරේම ඉන්න නිසා, හිතෙනවා ඇස්වල කොරපොතු තියෙන අයත් තාම ඉන්න බව. ඒ වගේ අයවත් දැනුවත් කරන්නයි මෙහෙම ලියන්න හිතුණේ.

      Delete
    2. ඇස්වල කොරපොතු කං වල ගෝන ඇට 😒😒😒

      Delete
  4. මසුරං කවි නිදියෝ......
    මේ කවි කොලේ සෙත් කවියක් වී රටට සෙත්වේවා කියල තමයි ඉතින් අපිට ප්‍රාත්තනා කොරන්න හිටන් තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. හරියට හරි නමී!
      'රටට සෙත් වේවා' තමයි මගෙත් පළමු පැතුම!

      Delete
    2. නිදි කතාවෙ කොටහත් ලියවෙනවා නෙ...

      Delete
    3. නැතිව නැතිව, ඒක කියන්නම ඕනිනේ නමී.

      Delete
  5. අන්න කවි.

    අර කෝටි 4 ගැන නිදි මහත්තය මොකුත් දන්නෙ නැතෙයි. :D

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න එක්ක යකා නඟිනවා ඔන්න.
      ඔහෙ දැක්කේ නැතැයි, අපේ රත්තරං නාමල් බේබි කියලා තියෙනවා එහෙම හොරකමක් වෙලාය කියලා ඒ කිරි සප්පයා දන්නෙත් මීඩියාවලින් දැක්කමයි කියලා. තව මොනවද හගිස්සන්න තියෙන්නේ.

      ඔච්චර සල්ලියක් එතුමන්ලාට තියෙන්න විදිහකුත් නැහැනේ. වලව්වට වෙනින් ආදායම් ගලනවය?

      Delete
    2. මාව විශ්වාස නැත්තං, මෙන විස්තරේ තියෙනතන. ගිහින් බලන එකයි ඇත්තේ....
      https://www.economyhub.info/2022/01/26/namal-rajapaksa-contact-number/

      Delete
    3. අනෙක් වලව් වගේ නෙවෙයි. ඒවා ඇස්බැස්ටෝස් වහල මොඩ් වලව්.
      ලොක්ක ගෙවන දසාවත් හොඳ නැති නිසා
      රටටත් අපල වෙන කාලයක් නුදුරු අනාගතේත් වෙන්න තියෙනවා

      Delete
    4. මොන දසාව තිබ්බත් ඒ මහත්තැන්ලා ගොඩ යනවා, එව්වාත් වාසියට හැරෙනවා. අනුර මහත්තයෝ.
      සුනාමි- ගංවතුර- නාය වගේ ස්වභාවික ආපදා-විපත්ති ආවත් එතුමන්ලාට රිදුනද?

      Delete
  6. ඔබවැනි මහතුන් කොපමන හැදුවත් උන්ගේ ඇස්ගෙඩි පාදන්ට
    තණකොළ නොබුදින ජහමණ ගවරැල වඩා කැමැති රැවටී ඉන්ට
    ආගම ජාතිය පක්ෂය මුල්කොට දෙපිල බෙදී ගිනි අවුලන්ට
    ඇත්නම් වෙන මොන සැපතද ඕනෑ බහුතරයක් ලිං මැඩියන්ට

    ReplyDelete
    Replies
    1. පෙනෙන ඇත්ත දැක නිවටව නිහඬව හිටින්න බැහැ, ලේ කකියනවා
      පුළුවන් දේවත් කරපං! කියලා මිහිමඬලත් සිහි ගන්වනවා
      මං පය ගහලා හිටින උපන් බිම වෙනුවෙන් මේ ණය පියවනවා
      එකම පිලක් වී රට දිනවන්නට දැන් පුරවැසියන් සැරසෙනවා!

      Delete
  7. වැඩි දෙනෙකු කියවිය යුතු වටිනා පෝස්ට් එකක්. ඉක්මනට මුහුණුපොතටත් දාමු නේද.

    ReplyDelete
    Replies
    1. ඔව් චමී, පෝස්ටුව එහෙම පිටින්ම මුහුණු පොතටත් දාන්නයි අදහස. Lay out එක තමයි වෙනස් වෙන්නේ. Links යොදන්නත් බැහැනේ blog siteවල වගේ..

      Delete
    2. ඔන්න චමී, මුළු post එකම fb එකටත් දැම්මා!

      Delete
  8. අනේ මන්දා? ඉන්න හොරු යනවා, අලුත් හොරු ටිකක් එනවා. ගිය එවුන්, ගිහින් "දැන් සැපද?" කියල අහනවා. ඊට පස්සෙ අයෙත් උන්ම එනවා. විශම චක්‍රයක්. හැම එකාම ඉල්ලන්නෙ බලය, ඒත් එකෙක් ගාවවත් විසඳුමක් නෑ.

    මේක පිටින් පේනව වඩා සංකීර්ණ ප්‍රශ්ණයක් කියලයි මට හිතෙන්නෙ. නිදහසෙන් පස්සෙ, රටක් ජාතියක් විදිහට අපි පුරුදු වුනේ නිකන් කන්න, එදා වේල ටුවර්ස් දුවන්න. දූෂිත දේශපාලනය , මේ ප්‍රශ්ණෙ එක සාධකයක් පමණයි, කියලයි මට හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. හරියට හරි බස්පා.. අපිත් වෙනස් වෙලා වෙනසකට් මුල පුරන්න ඕන. අනික අපි රස්සාව, පාසල වගේ දේවල් නිසා දෙසපාලුවගෙ හෙන්ච්යිලය වෙන එක අතාරින්න ඕන.

      Delete
    2. බකුසුතුමෝ, නමී.
      මම නං විශ්වාස කරනවා තරුණ පරම්පරාව අපි හිතාගෙන ඉන්නවට වැඩිය බුද්ධිමත්ය කියලා. දැන් මිනිස්සු ඉස්සරට වඩා දැනුවත් වෙනවත් එක්ක.... ආත්මාර්ථකාමී වෙන එකත් අඩු වෙනවා නං...
      විෂම චක්‍ර ගණනාවක්ම බිඳින්න වෙනවා. නූගත්කමේ- දුප්පත්කමේ- වහල් බවේ වගේ!
      අපි අපට හැකි ටික කරමු!

      Delete
  9. මහතැනට හොඳටම තරහ ගිහින් වගේ

    ReplyDelete
    Replies
    1. කවුද අජිත් මහත්තයො මහතැන?

      කාට වුණත් තරහක් නෙවෙයි වේදනාවක් නං එන්න ඕනි නේද මේ සිද්ද වෙන දේවල් දකිද්දී?

      Delete
    2. නිදි , ඒ දවස්වල බැදුම්කර ප්‍රශ්නෙටත් සමහර බ්ලොග්කාරයෝ , ඇනෝ කාරයෝ බැන්නේ මට බං. දැන් උනුත් නැහැ. ඒ බැදුම්කර හොරු ඇල්ලුවෙත් නැහැ. අලුත් සෙට් එකකුත් ඇවිල්ල. අපි තවම එතැන. හිනා වෙලා සොමියේ ඉන්නවා ඇරෙන්න මොනවා කරන්නද?

      Delete
    3. අජිත්, ඔයාට මතක් කරලා දෙන්න ඕනි නැහැ නේද 'වැඩි දෙනෙක් ටික කලකටද, ටික දෙනෙක් වැඩි කලකටද රැවටිය හැකි වෙතත් හැම දෙනා හැමකල් රැවටිය නොහැකිය' කියන කතාව.
      මෙන්න හොඳම උදාහරණේ.
      දවස් දෙකක කතා:
      https://www.lankahotnews.net/2022/01/chamal-rajapaksa.html

      Delete
    4. අපේ හෘදය සාක්ෂියට එකඟව වැඩ කලාම අපිට බය ඇතිව හිනා වෙලා ඉන්න ඇහැකි! ඔය හුඟක් මහත්තුරුන් කරන්නේ හිනා වෙන එක නෙවෙයිනේ- අපේ ආදිතමයන් වගේ විරිත්තන එක නෙව.

      Delete
  10. https://ladyleader.lk/news/6839-2022-01-26-20-40-06

    ReplyDelete
    Replies
    1. Pra Jay මහත්තයෝ, ඔබතුමා එවූ link එකට ස්තුතියි.
      නිකමට දැන ගන්න ආසාවට අහන්නේ, නොදැක්ක නිසා.

      ඊයේ පෙරේදා 'ජය පිරිත' සජ්ජායන කරන්න හාමුදුරුවරුන් වහන්සේලා කී නමක් වැඩම කෙරෙව්වද, ව්යදම කීයද- කාගෙන්ද කියලා විස්තර හෙම කොහෙවත් දැක්කද?

      Delete
    2. ලංකාවෙ සල්ලි නාස්තිය නැති වෙන එකක් නෙමෙයි.

      ඕනෙ පිරිතක් ලවුඩ් ස්පීකර් දාල කණ පලන්නෙ නැතුව ඕනෙ එවුන් ලඟට ගිහින් අහ ගන්නවනම් මට ඒ ඇති

      Delete
  11. සව්දම් නාඩගම් තමයි අපට බලන්න තියෙන්නෙ ඉදිරියටත්, අපි හරි තීරණ නොගතහොත්. නියම කවි සෙට් එක නිදි

    ReplyDelete
    Replies
    1. Yes Sir!
      ස්තුතියි, අපි අපේ ශක්තිය නිවැරදි දේ වෙනුවෙන් යොදවමු!

      Delete
  12. මේ දේවල් නිවැරදි වෙන්න පරම්පරා ගාණක් යන්න පුලුවන්. ඒ අතරෙ මිනිස්සුන්ට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා- අනිත් අයගෙන් වගවීම ඉල්ලන්න කලින් පෞද්ගලිකව තමන් කරන දේට වගවීම (accountability) ගන්න එක, (තමන්ගෙ ඇර) අනිත් අයගෙ අයිතිවාසිකම් කඩවෙනකොට සතුටු නොවීම, සමාජයේ හැමෝම එක හා සමාන විදිහට සැලකීම. විශේෂයෙන්ම කහ සිවුරට දැනට එක් තැන් වෙලා තියෙනා බලය අඩු කර ගැනීම. කෙනෙකුට අවශ්‍ය නැතිතරමෙ බලයක් ඒ අය වටා එකතු වුනාම වැඩිපුර තියෙන බලය මුදා හැරෙන්නෙ අනිත් අයට පීඩාවක් වෙන විදිහට.

    මේ තත්වයේදී මම දකින හොඳ දේ තමයි යම් වෘත්තීය සුදුසුකම්, නිපුණතා තියෙන අය පිටරටකින් රස්සාවල් හොයාගන්න දැඩි සේ උත්සාහ කිරීම. අඩුම තරමෙ ඒ යන අයගෙ පවුල් වලටවත් යම් සහනයක් ලැබෙයිනෙ. වඩා වැදගත් ඒ යන අයගෙ දෙවෙනි පරම්පරාවවත් සමානාත්මතාවය, ගරුත්වය (හතර ගාතෙන් තමන්ට වඩා බලවත් අයට වැඳ වැටීම නෙවෙයි) අයිතිවාසිකම්, යුතුකම් ගැන වඩා හොඳින් ඉගෙන ගනීවි.

    ReplyDelete
    Replies
    1. පරම්පරා ගණනාවක්ම ගියත් Lotus, දැන්වත් පටන් ගන්න ඕනිනේ. ඊලඟ පරම්පරාවලට හරි ඉන්න රටක් ඉතිරි වෙලා තියෙන්න එපැයි!

      මමත් ඔයා එක්ක 100%ක් එකඟයි. මේ මොනවා කිව්වත්- කළත් අපිත් අපිටම අවංක වෙන්න ඕනෑ. වැඩි බලය දූෂණයට හේතුවක් තමා- තමා- තමා. 'දැනුවත්; හෘදය සාක්ෂියක් හා සවිමත් කශේරුකාවක් සහිත මිනිසුන් වැඩිවීම තුලින් තමයි හොඳ රටක් ගොඩ නැඟෙන්නේ' කියලයි මං අදහන්නේ.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්