“හරි, ඔයා එදාට ඒ බෝතල් දෙකම ගේන්න, ලොකූ. නෙවිල් අයියේ, අපි එදාට එක ෂැම්පේන් එකක් කඩමු!”
එහෙම, එකේක්කෙනා වැඩියෙන්
උනන්දු වෙන්නේ තමන්ට රුචිකර දේවල් ගැනය; තම-තමන්ගේ සුව-පහසුව ගැනය. ඩිමෙන්ෂියාව නිසා
බොහෝ දේ අමතකව තිබියදීත්, අම්මා එදා මට සිහිපත් කළේ ‘පුදුම හිතෙන තරමේ සුළු දෙය’කි.
ඒක සප්‍රයිස් එකක්... එදාට බලා ගන්නවලකො! |
“දැන් කී දෙනෙක් එදාට එනවද
ලොකා. හදන්න යන දේවල්වලට ඕනෙ බඩු-මුට්ටු ගණන් බලා ගන්න ඕනිනේ.” ඊළඟ දවසේ හමු වීමේදී
මානෙල් ඇසුවාය.
“ඔයාලගෙ ගෙදරින් තුන් දෙනයි, අපි තුන් දෙනයි- හයයි... පීරිස්ල ජෝඩුවයි- නෙවිල්, තමිර,
මර්වින්, නමී එකතු වුණාම එතනත් හයයි. සේරම දොළහයි.”මම ගණන් බැලුවෙමි.
“ඇයි ලොකා- අම්මා!” මානෙල් කිව්වේ එතකොටය.
“අම්මා නෙවෙයි, අම්මල දෙන්නා... then fourteen... දාහතරයි.”
“නෑ සෑම්, ගාමිණීලගෙ අම්මා
ඔය වගේ දේවල්වලට වැඩිය කැමති නෑ. සේරටම වැඩිය පැය තුන හතරක් පුටුවක වාඩි වෙලා ඉන්න
වුණොත් එයාට අමාරුයි. ඔයාම දැකල ඇතිනෙ, කොච්චර බල කරලද මම එයාව දවසට දෙපාරක් වාඩි කරවල
තියන්නේ කියලා. ඒ චුට්ට තියා ගන්නත් දහ සැරයක් කියන්න වෙනව, නැත්තං පිටේ තුවාල හැදෙයි
කියලා.”
“එදාට තවත් අමුත්තෙකුත් ඉන්නවා!”
මම බරසාර ලෙසින් කීවෙමි.
“කවුද හලෝ අපි නොදන්න අමුත්තා?” නෙවිල් හනික අහයි.
“ඒක සප්‍රයිස් එකක්... එදාට බලා ගන්නවලකො.”
මං කියන්නේ බොරු උජාරුවක් මවා පෙන්වමිනි. “කවුද ලොකූ?” සමන්තිත් කුතුහලයෙනි. “Is
he a stranger? Do we know him...”
ඒ ප්‍රශ්නයට ‘You have
met him once...’ යැයි උත්තර දෙන්නටත් කලින් නෙවිල් මට හිනා වෙයි; එයාගේ ප්‍රකාශනය ඉදිරිපත් කරයි.
“කවුරු හරි හාල්පාරුවෙක් වෙන්න ඇති නංගී. මෙයාට කොහෙන්ද අපි නොදන්න ඩීසන්ට් යාළුවො?”
“එහෙනං එදාට බලනවකො!”යි
ඔජ වැඩුවත්, වැඩේ එදාම leak වුණේ නිමල් දිසානායකයාව දෙකේ කොළේට දමමිනි.
එදා දහවල් මම චානකට දුරකථන
ඇමතුමක් දුන්නෙමි.
චානක අපට මුණ ගැසුණේ පසුගිය අවුරුද්දේ පාද යාත්‍රාවේ යද්දීය. මුලින්ම ඒ හාදයාත් එක්ක
කතාවට වැටුණේ අපේ චූටි පුතා ජයශංඛය. අපි හතර දෙනාම එකම තුරු සෙවණකය, ගිමන් හරිමින්
සිටියේ. ඔහුගේ මිතුරෙකුත් සමඟ දිවාහාර ගන්නට සැරසුණු චානක අපටත් ආරාධනාවක් කළේය.
“නිමල් අංකල්. Let’s have some... අපි දෙන්න මේ lunch පැකට් එක ෂෙයාර් කර ගන්නං.”
(‘ඒ පරිත්‍යාගශීලී ගුණය’ කොතරම් අගනේද?)
ඉතිං, කෙරෙන්නට යන ‘තොවිලයක්
නොවන තොවිලය’ ගැන... |
ඉතිං, කෙරෙන්නට යන ‘තොවිලයක් නොවන තොවිලය’ ගැන චානකට කිව්වාම; පාද යාත්‍රාවේ ගිය
පිරිසත් හමුවිය හැකි බව කිව්වාම ඒ හාදයා ‘එන්නං’ කියලා කිව්වේය.
“අංකල්ට පුළුවන්ද මට එහෙ location
එක එවන්න...” කියලාත් ඇහුවේය. මම වහන්සේ එය යවන්නට එකඟ වීමි.
“මේකයි Sam වැඩේ.” ඉස්සෙල්ලාම
නෙවිල්ට හොරෙන් සමන්තිට විස්තර...
“පවීට කියමු.” සෑම්ගෙනුත් කොඳුරන රහස් උත්තර...
පවන් හෙමින් සැරේ හෙවිල්ල පටන් ගත්තේය. නෙවිල්ට නොතේරෙන්නටය. ‘ගූගල් අක්කා’ත් අමාරුවක
වැටිලා වගෙය. නෙවිල් ඉන්නා ‘අමින්ද කුමාර මාවත’ map එකේ නැත.
බැරිම තැන රහස එළිකොට,
නෙවිල්ගෙන්ම පිහිට පතන්නට අපට සිද්ද වුණේය.
“පේනව නේද? මේ අනුරසිරිට රහසෙන්
වැඩක් කරන්න ඔය කබ්බන්ට බැරි බව, එහ්හෙනං!” එහෙම කියමින් අපට full රැස්පොටුත් පෙන්නලාය,
නෙවිල් ‘ගැටලුව’ විසඳුවේ. “අමින්ද කුමාර මාවතට ඉස්සර කියල තියෙන්නෙ පැලන්ගහවත්ත පාර
කියලා. ගූගල් එකේ තවමත් නම තියෙන්නෙ එහෙම.”
Map එක චානකට යැව්වාට මදිය.
පාර අද්දර තියෙන්නේ ‘අමින්ද කුමාර’ නම තියෙන පුවරුවක්ය කියලා විස්තරත් කියන්නට වුණේය.
එහෙම කියන්නට වුණායින් මටත් ලොකු ලේසියක් වුණේය. ඒ ජුනි විසි දෙවෙනිදා හැන්දෑවේ අපේ
අම්මව නෙවිල්ලගේ ගෙදරට කැන්දන් ගියාත් එක්කමය.
“අනේ ලොකු පුතේ... හරිම
ලස්සනයිනේ.” අම්මා වාහනයෙන් බැස්සේ එහෙම කියාගෙනය. ඊළඟට ප්‍රශ්නයක්... එයාගෙන්ම.
“කොහෙද රංජි මේ?”
“ලස්සනයිද අම්මේ... මේ හරියට කියන්නෙ පැලැන්ගහවත්ත කියල!” (චානක ඔයාට ස්තුතියි. ඒ
තුරුම්පුව මට ලැබුණේ ඔබ නිසාය.)
“ඉන්නකො... මම අම්මට මෙතැනින්ම
වාඩි වෙලා වටේම බල-බලා ඉන්න පුටුවක් ගෙනත් දෙන්න. අම්මට පේනවද, මේ තියෙන්නෙ කංකුන්
ලියදි ටිකක්... අර පුවක් රුප්පාව ළඟම තියෙන පිං ළිඳේ දෙතුන් දෙනෙක් නානවා. මේ ළිඳේත්
වතුර උතුරල යනවා. ඔන්නං නාන්නත් පුළුවන්...”
“දැන් සීතලයි ලොකු පුතේ.” දෙවුර අකුළා, පුටුවේ වාඩි වුණු අම්මා මාවත් එතැනම තියෙන කළුගල්
බැම්ම උඩින් වාඩි කරවා ගත්තාය. “කාගෙද ලොකු පුතේ මේ ලස්සන ගේ?”
Vodka එකක්...
Brand එකද...? Stolichnaya
කියල
රෂියන් වොඩ්ක එකක්! |
“ඔයාගේ යාළුවෙක්ද?”
“That’s why, he lets loku to come here!” සමන්තිත් මගේ උදව්වට ආවාය. ඒ අස්සේ හින්ට්
එකකුත්. “අම්මේ! ඒ යාළුවා බලාගෙන ඉන්නේ මේ මාළුවාගෙන් ගැලවෙන්න ලැබෙන්නෙ කවදටද කිය-කියා.”
“අනේ ලොකු පුතේ, ඒ මහත්තයට
කියන්න මමත් ගොඩාරියක් ස්තුතියි කිව්වාය කියලා, අපිට මෙහෙ එන්න ඉඩ දුන්නට.” අම්මා දෝතම
එකතුකොට වැඳගෙන ස්තුති කළාය. (මෑතක සිට අපේ අම්මා ඇති කර ගෙන තිබෙන ඉරියව්වකි ඒ.)
ඒවා බලා ගන්නට තරං ඉස්පාසුවක්
නෙවිල්ට නැත. මානෙල්ලා හදාගෙන ආ කෑම ජාති කාර් එකෙන් බාගන්නටය, එයා උත්සුක වුණේ.
සමන්තිත් එතැනට ගියේ උදව්වටය. එක්කෙනෙකු වාහනයේ පිටුපස දොර ඇරියා විතරකි!
‘දඩාස්!’
එක මල්ලක් බිමය. “Oh! My God! බෝතලේ...”
එතකොටත් බිඳුණු බෝතලයේ තිබුණු
දියරය බිම දිගේ ගලමිනි, තිබ්බේ!
“මොනවද නංගි ඒ?” නමීත් විමසිලිමත් වෙමින් එතැනට...
“Vodka එකක්... Brand එකද... Stolichnaya කියල රෂියන් වොඩ්ක එකක්. හදිසියේ
මදි වුණොත් ගන්න කියලා මං දාගෙන ආවේ. අපරාදේ! Let’s forget it.” සෑම් කියන්නේ සැහැල්ලුවෙනි.
“නෙවිල් අයියේ, mop එකක් තියෙනවද? මම මොප් කරන්නං කෝකටත්, වීදුරු කටුත් ඇතිනෙ...”
“ගොඩක් වටින බෝතලයක්ද ලොකු
පුතේ බිඳුණේ?” මගේ අතකින් කොනහමින් අම්මා රහසින් අසයි.
“පවුම් විසිපහකට වැඩි වුණාලු duty free එකෙන් ගනිද්දීත්.”
“Don’t worry mum! Now
it’s gone. අපිට ඒක නැතුවට ෂැම්පේන් දෙකක්ම තියෙනවනේ...”
අද්දර වෙල්යායේ ලැගගෙන උන්
කොකුන් සේරම බියෙන් මුසපත් වී අහසට ඉගිල්ලෙන්නට පටන් ගත්තේ ඊළඟ විනාඩි කිහිපය පුරා
එතැනදී නැඟුණු සිනා මුසු ඝෝෂාව හින්දාය.
එහෙම වුණේ ෂැම්පේන් බෝතල දෙක එළියට වැඩම කරවලා, මං වහන්සේ විස්තර කියන්නට පටන් ගත්තාමය.
“මේ තියෙන්නෙ සෑම්... හැබැයි,
එක බෝතලයක් හිස්!”
“ඒ කොහොමද එකක් විතරක් empty වුණේ? Let me see.”
“ගෙදර ඉන්න ගමන් දිසානායක හොරෙන් ටික ටික බීලා!” එතකොටත් නෙවිල් උඩ පනින්නට පටන් අරගෙනය!
මට හොඳට මතකය. මගේ යාළුවෙකු යයි කියන; අඩුවෙන් හිනා පාන නමී උන්නැහේත් ඒ වෙලාවේ ‘හතර හිනා’වම පෑවා වගෙය.
මහදැනමුත්තන්ගේ විග්‍රහ-
මතවාදවල ධාරානිපාත වර්ෂාවක් ඇද හැලෙන්නට පටන් ගත්තේ එතකොටය. |
“ඒක නෙවෙයි, මේ බලන්නකො නෙවිල් අයියේ... කොරොප්පේ හිලක්... (මොකද ඔයාල හිනා වෙන්නේ...
ආාාාා කොරොප්පේ නෙවෙයිද... හරි හරි... පොරොප්පේ- පොරොප්පේ...) මොකේ හරි, ඒකෙ ලොකු හිලක්
විදල බීලා.”
“එතකොට අනිකට මොකද වෙලා තියෙන්නෙ?”
“ඒකට හෙණවත් නෑ මනුස්සයෝ... හැබැයි බාගයක්ම හිඳිලා...”
ෂැම්පේන් මහදැනමුත්තන්ගේ විග්‍රහ- මතවාදවල ධාරානිපාත වර්ෂාවක් ඇද හැලෙන්නට පටන් ගත්තේ
එතකොටය.
‘ෂැම්පේන්වලට හුස්ම ගන්න පුළුවන්
වෙන විදිහට ඇලේට තියල තියෙද්දී කිරල ඇබේ පෙඟිලා ටික-ටික වාෂ්ප වෙන්නැති. / ඔය බෝතල්
තියන්න ඕනි ටෙම්පරේචර් එකකුත් ඇතිනෙ. ලංකාව රස්නේ රටක්නෙ. / ඕකනෙ කියන්නෙ දිසානායක,
දැන්වත් ගේ AC කර ගන්නවා. / නෑ නෑ, ෂැම්පේන් බෝතල් ඔච්චරකල් පරිස්සං කර-කර තියාගන්න
හොඳ නෑ- මේ අපිට දීල දාන්නයි තියෙන්නෙ.’
“හරි හරි. ඔක්කොටම ඉස්සෙල්ලා
බලනවලකො, ඔය ඉතිරි වෙලා තියෙන ටික හොඳද කියල.”
ඒ පරීක්ෂණයේ ප්‍රතිපලත් අන්තිම නරකය.
“හොඳයි, හොඳටම හොඳයි. තුඃ විතරක්! විනාකිරිත් මීට වැඩිය සුවඳයි හලෝ... අපරාදේ! මහ
ලොකුවට පරෙස්සම් කෙරුවා. මීට පස්සෙවත් අපි යමක් කිව්වම අහනවා.”
“ඒක නෙවෙයි නෙවිල් අයියේ, Doctor අයස්මන්තලා එන්න කලින් අපි දෙන්න ඉක්මනට මානෙල් අක්කලගේ
ගෙදරට ගිහින් එමුද?”
“ඒ මොකටද Sam.”
“එයාල එන්න කලින් බෝතලයක් ගේන්න ඕනිනේ අයියේ.”
“තියෙනවද?”
“Yes, පවන් එනකොට ගෙනාපු විස්කි එකක් තියෙනවා...”
මට මතක් වුණේ 1990 සමන්ති නංගී පළමුවෙනි වතාවට එංගලන්තයේ සිට ලංකාවට පැමිණි ගමනය. ඒ වතාවේ අපි තෙදින සංචාරයක් සඳහා සිංහරාජ වනයට ගියෙමු. ඒ ගියේ පොදු බස් රථවලය. (වෙනම තනි වාහනයක් කුලියට ගෙන ගමන් යන්නට තරම් ආර්ථික ශක්තියක් එකල අපෙන් කාටවත් තිබුණේ නැත.) දහ දෙනෙකුටම ගෙනිහින් තිබ්බේ එකම එක අරක්කු බෝතලයක් විතරකි. කට්ටිය ඒ බෝතලය පරෙස්සම් කර ගත්තේ අගනා ‘ධාතු කරඬුව’ක් පරිද්දෙනි. පළමු දවසේ රාත්‍රියේ එයාලා ඒක නොබිව්වෙත්- ‘අද බිව්වොත් හෙටට නැහැනෙ. හෙටම බොමු!’ කියමිනි. ඒකටත් එක්ක දැන්...
මිතුරෙකුට දෙන්නට තියාගෙන සිටි, මිලෙන් වැඩි විස්කි බෝතලයකි, Sam එවර ගෙනාවේ.
ජීවිතය කෙතරම් විහිළුවක්දැයි මට කල්පනා වෙන්නේ ඔහොම වෙලාවටය. එහෙම දාර්ශනික- ලෝකෝත්තර
කල්පනාවල් හිටි හැටියේ ඔළුවට ආවත්, ඊළඟ මොහොතේම ඒවා පැත්තකින් තියන්නටත් මට ඇහැකිය.
ඔයාලට?
“ලොකු පුතේ... ඉතිං අපි
සිංදු කියන්නැද්ද?”
“Why not මමී... කියන්න නේන්නං මේ හදන්නෙ.” ඊළඟ හරිය නෙවිල් හෙමින් කියන්නේ මටය. “දිසානායක,
අම්මව ටිකක් ෂේප් කර ගන්නවකො හලෝ... අපි ටිකක් අනුමත වෙලා එනකල්...”
“මේ නෙවිල් අයියේ. ඔයාල උඩ තට්ටුවට ගිහින් බොන්න ගත්තොත් ගොඩක් වෙලා යයි. මෙතන සාලෙම;
අපිත් එක්කම කරන දෙයක් කරන්න... අරහෙන් ගාමිණීල අම්මා විතරයි තනියම. මෙහෙන් අපෙ අම්මටත්
නිඳිමත ආවොත්...”
“ඔව්, ඔව්. Brother... ගණ පූරණයත් හරි නිසා... අනික නෙවිල් අයියේ, අපේ මහත්තයත් ආයෙම
රත්නපුරේ යන්න තියෙන නිසා...”
“ප්‍රීතිකා නංගී. රත්නපුරේ
ඉඳල නේද පීරිස් මහත්තය දැන් ආවෙත්?’
“ගණන් ගන්න එපා මානෙල්... ඇන්ටි වෙනුවෙන් එහෙමවත් දෙයක් කරන්න බැරි නං මොකද්ද අපේ තියෙන
හිතවත්කමෙන් ඇති වැඩේ?”
ඉතිං කෂ්ටිය ‘යන්තං සන්තං
පදං’ අනුමත වෙන අතරේ චිත්‍රා සෝමපාල ශිල්පිනියව ගෞරවාදර පූර්වකව එතැනට කැඳවනු
ලැබිණි. ‘ලලිත කලා- ඔප කරනා’ පමණක් ගයා ඇයට නිදහස් වෙන්නට ඉඩ නොලැබිණි.
‘ඉසුරුමුණියෙහී පැතලි ගලෙක ඒ’, ‘උඩරට කඳුකර සිරියා පරදන’ එහෙමත් ගැයුණි.
ඇයි, ආර්.වී. ලීලාවතීගේ ඓතිහාසික ‘මෝඩ ගඩොල් අච්චුව කැඩූ- සිහින ලොවේ මිහිර මැවූ මාලී’ නැතිව මොන
සාජ්ජද? ඉතිං C.T. ප්‍රනාන්දු මහතාවත් ගායන වේදිකාවට නංවන්නට වුණේය.
පැරණි ගීත අතරට පැරැණි රසකතාත්
මුසු වුණේය. ඒවා එකක්වත් හිතට නෑල්ලුවේ හිමන්‍යාට විතරය. වෙනදාට එයාව හුරතල් කරන ඩොක්ටර්
සීයාගේ අවධානය අද වෙනතකය; මර්වින් සීයාත්, නෙවිල් සීයත්, ලොකු සීයාත් එහෙමය. ඒ එක්කෙනෙක්වත්
අද දිගු වෙලාවක් හිමන්‍යාව හුරතල් නොකරති. සේරමල්ලා කතාබහ කරන්නේ; ගැවසෙන්නේ ලොකු ආච්චී
වටාය.
“ලොකු සීයා... අද ලොකු ආච්චිගෙ birth day එක නේද?”එයා මගෙන් අහන්නට ඇත්තෙත් ඒ වෙනස
තේරුම් කර ගන්නට විය යුතුය.
“නෑ හිමෝ. ලොකු ආච්චිගෙයි, මානෙල් ආච්චිගෙයි දෙන්නගෙම බර්ත් days දෙකම එකට
තියෙන්නේ ලබන මාසෙ....” ඒ වෙලාවේ මම නොකීවෙමි. නමුත් ඊට කලින් දවසේ නම්, ඒ පිළිබඳව
සමන්තිට සිහිපත් කළෙමි.
“Sam, අම්මගෙයි මානිගෙයි දෙන්නගෙම උපන් දිනේ ළඟ එනවනේ. ජුලි දෙවෙනිදා වෙනකොට ඔයාලා
ලංකාවෙන් ගිහිල්ලනේ. මම හෙටට ගන්න Birth Day Cake එකක් හදවන්නද?”
ඉතිං අපි trip එකක් ඇවිල්ලනේ ඉන්නේ.
වෙනදටත් අපි trip යන්නෙ… |
එහෙම වුණත් ජුලි දෙවෙනිදාට
යෙදුණු ඒ අම්මගෙත් දූගේත් උපන් දිනය අපි ජයටම සැමරුවෙමු. ඒ බලංගොඩ- සීතගල සුනිල්ලාගේ
ගෙදරදීය. නෙවිල්ලගේ ගෙදරට ගිය ‘විශේෂ trip’ එකෙන් පස්සේ අපි ඒ risk එකත් ගත්තෙමු.
ඒ මානෙල්ගේ අදහසක් ක්‍රියාවට නංවමිනි.
“ඔව් ලොකා, අම්මත් ආසාවෙන් ඉන්න එකනේ. දවසකට හරි පොඩාලගේ ගෙදරත් එක්කං යමු.
පළවෙනිදා උදෙන් ගිහින්, ජුලි දෙක දවල් එමු.” මානෙල් කිව්වාය. ඒ plan එක නං තිතටම වැඩ
කළේය... නමුත්...
නමුත්, නෙවිල්ලාගේ ගෙදරදී
නම්, අපේ අම්මා ‘අප කවුරුන්වත් නොසිතු’ ජල්ලියක් ඇල්ලුවාය. අපේ හොඳ වෙලාවට ඒ අන්තිම මොහොතේය.
ගීවලින්, අන්න-පාන රස මසවුළුවලින්,
කෑම-බීම-අතුරුපසවලින් හා කෝපිවලිනුත් සප්පායම් වී අපි සාදය නිමා කරන්නට හැදුවෙමු.
පිරිස විසිර යන්නට කලින් මානෙල් අපව පැත්තකට ගත්තාය.
“හරි වැඩේ ලොකා. අම්මා ගෙදර යන්න බෑ කියනවනෙ.”
‘ඔන්න නෙවිලෝ, උඹට මරු ස්වීප්
එකක් ඇදෙන්නයි යන්නෙ. / නියම වැඩේ. නෙවිල් පුතත් එක්ක අම්මව නවත්තල යන එකනේ තියෙන්නෙ.
/ පළපුරුද්දක් ඇති, ඩිමෙන්ෂියා රෝගීන් බලා ගන්නා- නෙවිල් අනුරසිරි! / ඔන්න මානෙල් නංගී,
ඔයාට දිග නිවාඩුවක් ගන්න හොඳම වෙලාවක් ඇවිත්.’
“පොඩ්ඩක් හිටපල්ලකො යකුනේ,
කන ඇහෙන්න දීලා... මොකද වෙන්න යන්නේ කියලා හොයා ගන්නකංවත්.”
හීන් සැරේ; අමුත්තක් නොපෙන්වා
මං අම්මා ළඟට...
“බලන්නකො ලොකු පුතේ, මෙයාලා ආපහු යන්න කතා කරනවනෙ.”
“ඒ ඉතිං අම්මගෙම හොඳටනෙ. වෙනදට නං අම්මා මෙලහකටත් නිදිනෙ. දැන් දොළහටත් කිට්ටුද කොහෙද.”
"ඉතිං අපි trip එකක් ඇවිල්ලනේ ඉන්නේ. වෙනදටත් අපි trip යන්නෙ two nightsවත් ඉන්න බලාගෙන
නේද? අපි ඔය තියෙන හැටියකට මෙහෙ නිඳාගමු.”
“හරි අම්මේ! අම්මට ඕනි නං
තව දවස් දෙකක් ඉඳිමු. ඒත් දැන් රෑ වෙලානේ. අම්මා කොහෙද මෙහෙ නිඳියන්නෙ?”
“ඇයි, පැදුරු ගෙනත් නැද්ද?” අම්මාත් අතාරින පාටක් නැත. දිගටම හරස් ප්‍රශ්න අහයි.
ඔන්න, සමන්ති නංගී අම්මාගේ
ඒ කතාවෙන්ම පොටක් අල්ලා ගෙනය. “ඒක නේන්නං අම්මේ. හරි වැඩේනෙ. මානෙල් අක්කට පැදුරු ටික
දාගන්න අමතක වෙලා. අපි ගිහින් එහෙ නිඳාගෙන ඉඳලා හෙට උදේ ආපහු එමු.”
හුදෙක්ම, අපේ මෑණියන් වහන්සේගේ
චිත්ත ප්‍රීතිය ඇති කරවීම සඳහා දියත් කෙරුණු ඒ ‘සම්මා වායාම’යේ කතා ප්‍රවෘත්තිය… (මේ ෆොටෝ එකේ අම්මා, ඇගේ දුව, දුවගේ දුව, දුවගේ දුවගේ දුව යන පරම්පරා හතරක සාමාජිකාවෝ වෙති!) |
“අපි එහෙම කරමු නේද අම්මේ. අම්මා අද රෑ එහෙ නිඳාගෙන ඉඳලා නැඟිට්ටම, ආයෙත් මෙහෙ එන්න
ඕනි නං හෙට උදේ එක්ක එන්නංකො.”
අම්මලා පිටත් කර යවා, අපිත්
පිටව එන්නට සැරසුණෙමු. “මේ දිසානායක. අම්මව රවට්ටන්න හෙට උදෙත් එනවයි කියල බොරුවට කිව්වට
නං මට කමක් නෑ. ඒ මනුස්සයා හෙටත් මෙහෙ එන්න කිව්වොත් නං...”
“අඩෝ මචං. මට නං හොඳටම ෂුවර් ඇන්ටි හෙට උදේටත් මෙහෙ එනවා!”
“මෙයානෙ ප්‍රශ්න හදාගන්නේ... එයාම විසඳා ගත්තාවේ... මට එහෙම කියන්න එපා ඔන්න.”
එදා රාත්‍රියේ නින්දට වැටෙන
තුරුත් මට කල්පනා වුණේ ‘එහෙම වුණොත්’ කියන කාරණයයි. නිඳි ඇඳෙන් පොළොවට බැස්ස ගමන්ම
මං කළේ, මානෙල්ට ටෙලිෆෝන් කිරීමයි.
“මෝනින් ලොකූ. මාත් මේ ඔයා ගැන හිතුව විතරයි...”
“ඇයි, අම්මා අදත් trip එක යන්න හදනවද?” මං ඇහුවේ ගැහෙමින් වෙන්නැති.
මානි කතා කළේ හිනා වගුරුවමිනි.
“මොන... අම්මට ඊයේ වෙච්ච් දේවල් එකක්වත් මතක නෑ ලොකා. චුට්ටක්වත්. උදේ මාව දැක්ක ගමන්
ඇහුව දේ තමයි මරු!
‘කවුන්සිල් එකෙන් මාව බලා ගන්න ආව නර්ස් ඔයාද?’
දවස් ගාණකින් ඔය මෙහෙම වුණේ.... අම්මට මාව මතක් වෙන්න අද
දවල් වෙයි .”
එහෙම වෙලාවට කළ යුත්තේ සිනාසීමද-
නැතිනං හඬාවැටීමද? මම තවම සිතන්නෙමි.
එසේ සිතමින්... හුදෙක්ම,
අපේ මෑණියන් වහන්සේගේ චිත්ත ප්‍රීතිය ඇති කරවීම සඳහා දියත් කෙරුණු ඒ ‘සම්මා වායාම’යේ
කතා ප්‍රවෘත්තිය මෙතෙකින් නිමවන්නෙමි෴ 0෴
සිද්දි එක එක වශයෙන් නොගෙන සමස්ථයක් ලෙස ගත්තම නිදි ට හිනාවෙන්න පුලුවන්. මී මුනුපුරු මිනිපිරියන් දකින්නට ජීවත්වීම කෙනෙකුට කලකින් ලැබෙන වාසනාවක්. ඔබේ අම්මා පිංවන්තයි .
ReplyDeleteඔව් චමින්ද මහත්තයෝ... මොන කරදර අස්සේ වුණත් අපිට හිනා වෙන්න ඇහැකි දේවලුත් තියෙනවනේ. අනෙක ඉතින් අපි කට්ටිය එකතු වුනාම වැඩියෙන්ම කරන්නෙ අපිටම හිනා වෙන එක.
Deleteඅපේ අම්මා විතරක් නෙවෙයි, අපෙ අම්මගෙ එකම නංගී- සෝමා පුන්චිත් මී මුනුබුරන් දකිමින් ඉන්න කෙනෙක්. එයාගෙ දූ දරුවොත් නොයෙක් රටවල ඉන්නේ...
වෙලාවකට හිතෙනවා හැමදේම අමතක වෙනවා නම් හොදයි කියල, සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් නේ....
ReplyDeleteසමනල තටු මත හැංගිලා... වගේද ලලිත්...
Deleteහයියෝ ගෙඩි රුපියල්ම 16,650 වටිනා බෝතලේ...
ReplyDeleteSince 1938, Stolichnaya has been the flag bearer of high quality vodka. Combining modern innovation, and creativity with century old traditions, the Stolichnaya Vodka is an exceptional classic.
Exceptionally smooth, the vodka is clear in colour with aromas of marshmallow, mineral, and fruit peels. On the palate, the smooth vodka has a medium body feel coupled with flavours of frosting, talc, and citrus rind. The spirit has a clean, light sweet, and blanced peppery finish.
මට නං කිසි ගණනක් නෑ අසංග... තිබ්බයි නැතැයි කියල වැදගත්කමක් මට ඒකේ නෑනෙ.
Deleteබෝතල් තුන ගඟේ ගියා... ගඟ දෙගොඩින් කොක්කු ගියා 😂
ReplyDeleteපාට එරන් ගඟබඩ යන කොකුන්නේ
Deleteරෑට බතට උන් කොතැනද ලගින්නේ
කන්දේ කකා ලන්දේ යන අලි ඇත්තු
Deleteමදිරා රහ බලා නැති; නොබලන පුත්තු
හොඳ සිහියෙන්ම ජීවන රස විඳගත්තු
කෙනෙකි; තවත් සිටියිද මේ වගෙ පුත්තු
//මගේ යාළුවෙකු යයි කියන; අඩුවෙන් හිනා පාන නමී උන්නැහේත් ඒ වෙලාවේ ‘හතර හිනා’වම පෑවා වගෙය.//
Deleteහතරවෙනි බෝතලේවත් ගගේ යන්නැතුව බේරිච්ච එක මදෑ.
ප්‍රසෝ, ඒ බෝතලේ බෙරුනෙත් නෑ- ඒකේ තිබ්බ ඒවා නං කීප දෙනෙකුගේ බඩට ගියානෙ....
Delete//කවුන්සිල් එකෙන් මාව බලා ගන්න ආව නර්ස් ඔයාද?//
ReplyDeleteහ්ම්....වැඩිහිටි රටවැසියන්ට සළකන, ජීවිත වලට වටිනාකමක් තියෙන රටක්. අම්මා වාසනාවන්තයි.
බස්සා මහත්තයෝ, ඊයේ රෑත් අම්මාව නිදා ගන්න ඇඳට ගෙනිච්චේ - කවුන්සිල් එකෙන් බලන්න ආවොත් කියලයි. මොන පුදුමයක්ද මන්දා මේ දවස්වල
Delete... වැඩියෙන් කීකරු කවුන්සිලේට.
Deletehttps://www.chateau.com/content/level
ReplyDeletePra Jay, ලින්ක් එකට ගියා. ඒකේ තියෙන විදිහට් ඇලයකට තමයි බෝතල් දෙක තියලා තිබ්බේ- වැඩේ වැරදුනාට.
Deleteආයෙත් නං කවුරුන්වත් මට එහෙම බෝතල් අරන් තියන්න දෙන එකක් නෑ මේ ආත්මෙදී නං...
ඒකනං නියම ට්‍රිප් එකක්.
ReplyDeleteතව සැරයක් අම්මව එහෙම තැනකට එක්කගෙන යන්නයි හිතේ තිබ්බේ... ඒත්, දැන් එහෙමවත් එක්කන් යන්න බැරි තත්ත්වෙකයි අම්මා ඉන්නේ- ප්‍රසන්න.
Deleteඅය්යෝ සල්ලි, නැ වොඩ්ක
ReplyDeleteඩේ ට්‍රිප් වැඩේ නම් අනර්ගයි, අම්මගේ පැත්තෙන් හිතට සැප ඇති
ගමේ කෙනෙක් පාරේ යන ගමන් අම්මට කතා කරලා ගම කොහෙද ඇහුවනම් වැඩේ හබක් නේද
බීලා සින්දු කියන වෙලාවට හැමදාම 'ලංකා බැංකුවයි මේඅපේ' සින්දුව කියන පොරක් අපිට හිටිය
මම විජේබාහු
ඔව් විජේබාහු මහත්තයෝ,
Deleteදැන් තවත් දුර්වල වෙලා ඉන්න අම්මගෙන් පෙරේදා මං ඇහුවා ට්‍රිප් එකක් යමුද කියලා... හිනාවෙලා හා කිව්වා.
ලංකා බැංකුවයි මේ අපේ ජින්ගල් එක වගේම තමයි, එක ගැහැනු යහළුවෙක් හිටියා- කියන්නෙ 'චන්දන ඇඟ ගාලා' විතරමයි. තව මෑත කාලීන යාළුවෙක් ඉන්නවා- කියන්න කියන්නෙම 'සඳ මා හා හිනා වුණා' ගීතය.
ස්තලිච්නයා වොඩ්ක එක මට ස්මිර්නොෆ් එකට වැඩිය හොඳයි. හොඳ වීට් වලින් පෙරලා අරන් අඟුරු සහ ක්වාර්ට්ස් අතරින් යවල ගන්නේ. හොඳම ළිං වතුර ඩිස්ටිල් කරලා ගන්නේ. නිදි ඔයාගේ අම්ම සතුටින් ඉන්නවා දැකීම සතුටක්. අම්මාට නිරෝගී සුව ලැබේවා
ReplyDeleteස්තලිව්නයා, ස්මිනොර්ෆ් ඔක්කොම ඉතිං අජිත්ට හුරු-පුරුදු දේවල්නේ, රුසියාවේ හිටිද්දී.
Deleteස්තුතියි මහත්තයෝ!