li Item

Friday, August 5, 2022

සුප්පා දේවිගේ බඩේ මයිල් - දහවෙනි කොටස

“ඔය කිව්වේ.... පේනවද එස් මහත්තයෝ- වෙලාවකට අපේ එකාගේ මොළේ වැඩ කරන්නෙ නැතිම තරං...” එස් අයියාට එහෙම කියලා අපේ තාත්තා පරුෂාවාචා සිල් පදය කඩන්නට පටන් ගත්තේය. “... යකෝ ගොන් බූරුවෝ- හැම තැනම බොරුවත් ටිකක් හරි තියෙනවා මෝලෝ!”

එහෙම කියමිනි, මේ posts මාලාවේ නවවෙනි කොටස හමාර කළේ.

හැම තැනම බොරුව විතරක් නොවේ; හොරකමත් රජයන රටකය අද නම් අප ඉන්නේ!

‘හැම තැනම බොරුව විතරක් නොවේ; හොරකමත් රජයන රටක’ය අද නම් අප ඉන්නේ!

‘පුත්තලම ගල්අඟුරු බලාගාරය සහ හම්බන්තොට වරාය ඉදිකිරීම වෙනුවෙන් ලබා ගෙන ඇති රුපියල් කෝටි විසි අටදහසකට අධික විදේශ ණය රජයේ කිසිදු මූල්‍ය ප්‍රකාශනයකට ඇතුළත්ව නැතැයි අනාවරණය වී තිබේ.
පුත්තලම ගල්අඟුරු බලාගාරය අදියර 1 සඳහා ලබා ගත් රුපියල් කෝටි දෙදහස් දෙසිය හතරක් ද
, අදියර 2 වෙනුවෙන් ලබාගෙන ඇති රුපියල් කෝටි දහදහස් පන්සිය අනූ හතක් ද මේ අතර ඇති බව පැවසේ.

එමෙන්ම හම්බන්තොට වරාය අදියර 1 සඳහා ලබාගෙන ඇති රුපියල් කෝටි එක්දහස් හයසිය හැත්තෑ හයක් ද අදියර 2 වෙනුවෙන් ලබාගෙන තිබෙන රුපියල් කෝටි දොළොස් දහස් තුන්සිය හැත්තෑ හයක් ද මූල්‍ය ප්‍රකාශනවලට ඇතුළත්ව නැත. තව ද එම වරාය පළමු අදියරේ අතිරේක වැඩ වෙනුවෙන් ලබා ගත් රුපියල් කෝටි දෙදහස් හැත්තෑ අටක් ද ඒ අතර වෙයි...

... මේ බව අනාවරණය වන්නේ විගණකාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන වාර්තාවකිනි....

මෙසේ ලේඛනගත නොවූ ණය මුදල් මහින්ද රාජපක්ෂ මහතා ජනපතිව සිටි සමයේ ගත් ණය බවද අනාවරණය වේ....’

අපි ‘සිංහබාහු’ සමරු කලාපය අච්චු ගහන්නට සූදානං වෙද්දියි, අපේ ඇත්ත තත්ත්වෙත් ‘අනාවරණය’ වුණේ. “රංජි, එක එක්කෙනාට විකුණන්න දීලා තියෙන ටිකට් පොත් එකතු කර ගන්න පටන් ගනිං. ඒවා පිළිවෙලට ලියන්නත් ඕනෑ... එස් මහත්තයාට පෙන්නන්න එපැයි. ඒකනෙ අපේ යුතුකම... බලනවටම නොවුණත්...” අපේ තාත්තා මට කිව්වේය.

එහෙම ලැයිස්තුවක් හරි ගැස්සුවාමය දැන ගත්තේ, ගොඩාරියක් ටිකට් පොත්වලින් විකිණී තිබ්බේ එක බැගින් විතරක් බව.

එදාට නාට්ටිය බලන්න මිනිස්සුත්...

“සල්ලි නැතිවා විතරක් නෙවෙයි බං, එදාට නාට්ටිය බලන්න මිනිස්සුත් එන එකක් නෑ. ඒකුන් ඔය එක ටිකට් එක ගාණේ අරං තියෙන්නෙත්- නිකම්ම ටිකට් පොත ආපහු දෙන්න බැරිකමට...” අපේ තාත්තා හොඳටම පරාජිතයෙකු වෙලාය.

ඒත් අපට තිබුණු එකම සැනසිල්ල වුණේ එස් අයියාගේ උපේක්ෂා සහගත ආකල්පයයි.
“ගණන් ගන්න එපා නිමල්ල තාත්තේ. ලෙස්ටර් මහත්තයා 56 ‘රේඛාව’ හැදුවාමත් මිනිස්සු පොර කකා ඇවිත් බැලුවයැ? අපි කරන වැඩේ හරියටම කරමුකෝ.”

දැනුයි මතක් වෙන්නේ. එදා එස් අයියා කිව්වෙත් මෑත අතීතයේ දවසක අයස්මන්ත දොස්තර මහත්තයා කියූ දේ වගේම දහමකි!

මගේ අදහසේ හැටියට ඉකොනොමැට්ටාත් කරන වැඩේ හරියටම කරන කෙනෙකි. ‘ඉකොනොමැට්ටාගේ කොලම’ කියවීමෙන් මං වහන්සේ නං බොහොමයක් ආර්ථික කරුණු ගැන දැනුවත් වෙනවාය. අද උදේ ‘ඉකොනෝ’ගෙ ‘හොර පාරෙන් රටින් පන්නන සල්ලි’ post එක කියෙව්වාම මගේ ඇඟ නං හිරි වැටීගෙන ගියේය! මයිල් ඉස්මයිල් වීගෙන ගියෝය!!

මෙන්න ඒ ලියවිල්ලෙන් ටිකක්:
‘... ඔය වසර 15 සමස්තයක් ලෙස ගත්තොත්
, ධන හා සෘණ අගයයන් දෙවර්ගයම තිබුණත්, වැඩිපුර තියෙන්නේ සෘණ අගයයන් කියන එක පේනවනේ. ඒ කියන්නේ රටට ආපු විදේශ විණිමය ප්‍රමාණයෙන් යම් කොටසකට වෙච්ච දෙයක් නැහැ. ඒ සල්ලි නීති විරෝධී ලෙස රටින් පිටට ගියා කියන එක එයින් අනිවාර්යයෙන් අදහස් වන්නේ නැහැ. එක්කෝ නීති විරෝධී ලෙස රටින් එළියට ගියා. නැත්නම් රට ඇතුළේම කා අතේ හෝ දැනටත් තියෙනවා. එහෙම රට ඇතුළේ තිබුණත් මේ සල්ලි පහසුවෙන් රටින් පන්නන්න පුළුවන් නිසා ඔය දෙකේ වැඩි වෙනසකුත් නැහැ.

මේ විදිහට පසුගිය වසර 15 තුළ අවිධිමත් වෙළඳපොළ හරහා සම්ප්‍රේෂණය වී තිබෙන විදේශ විණිමය ප්‍රමාණයේ ශුද්ධ අගය ඩොලර් බිලියන 3ක් පමණ. ඒ කියන්නේ, ඇස්තමේන්තු නිවැරදි නම්, සාමාන්‍ය වශයෙන් වසරකට ඩොලර් මිලියන 200ක් පමණ අවිධිමත් වෙළඳපොළ හරහා රටින් පිට වී තිබෙනවා. එහෙම නැත්නම් ඇස්තමේන්තුවල එපමණ වරදක් තිබෙනවා...’

ඩඩ්ලි මහත්තයා මිය යන විට ඔහු සන්තකව තිබ්බේ...

දැන් කාලෙ අපි කතා කරන්නේ ඩොලර් මිලියන ගණන්වල පාඩු ගැන. එදා දිසානායක හේවගේ ගුණපාල උන්නැහේ විස්සෝප වුණේ එස් අයියාගේ රුපියල් දාහක්- දෙදාහක් ගැන.
අනේ කාලේ - වනේ වාසේ!

“ඒ වුණාට මහත්තයෝ, මහත්තයා දැනටමත් රුපියල් දාහක් හමාරක් වියදම් කරලා ඉවරයිනේ- අපිව විස්වාස කරලා. අපේ සල්ලියක් නොවෙන බව ඇත්ත. ඒත් මහත්තයො... අපෙත් යුතුකමක් තියෙනවනේ, මහත්තයට අතින් පාඩුවක් නොවෙන්න කටයුතු කරන්න.
නොදන්න දෙමළෙට ගිහිල්ලා වරිගෙ නහ ගත්ත වගෙ වැඩක් තමයි අපටත් වෙන්නේ. පාරක් පාරක් ගානේ ගිහින් හරි ටිකට් ටිකක් විකුණගන්නවත් කාලයක් තිබ්බ නං... කොහෙද? නාට්ටිය පෙන්නන දවසත් කට ළඟටම ඇවිල්ලනේ...” තාත්තා ඇඬුවේ නැති ටික විතරකි.

ඒත්, අඬන්නට ඉන්නා මිනිහගේ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වගේ වැඩක් සිද්ද වුණේ ඒ අතරෙදීය!

ශ්‍රී ලංකාවේ ගරු අග්‍රාමාත්‍ය ධුරය තෙවතාවක් ඉසිළූ ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක මහත්තයා 1973 අප්‍රේල් 13 වෙනිදා අභාවප්‍රාප්ත වුණේය.

එතකොට අපේ රටේ දේශපාලන භූමිය තුට්ටු දෙකේ කසිප්පු මුදලාලිලාට, හොර ජාවාරම්කාරයන්ට, හැදිච්චකමක් ගෑවිලාවත් නැති උදවියට ඇරුණු තෝතැන්නක් වුණේ නැත. එහෙම එවුන් හිතේ හැටියට හිටි පිනුම්; බඩ පිනුම්; බල්ටි ගහන්නේ- ඩෙඟා නටන්නේ- ගරු නම්බු ලබන්නේ අද කාලයේය.
පක්ෂ - විපක්ෂ වගේ පිල්වලට බෙදිලා හිටින බව අපට පෙන්වමින්
එක-එකා රැක ගන්නේ; රැකෙන්නේ  අද කාලයේය.
ඒ යුගයේදීත් අවස්ථාවාදීන්, විලි ලජ්ජා නැතියවුන් හිටි බව හැබෑය. හැබැයි ඉතා අඩුවෙනි.
එකල දේශපාලනය කළ අය අතරින් ඩඩ්ලි මහත්තයා අහිංසකයෙක්; අවංකයෙක් වූ බව විරුද්ධවාදීන් පවා පිළිගත් ඇත්තක් වුණේය.

සමහර දවසක් අපේ මතකයේ රැඳෙන්නේ පුදුමාකාර විදියටය. එහෙම වෙන්නේ නිකම්මත්...

මගේ මතකය නිවැරදි නම්, ඩඩ්ලි මහතා මිය යන විට ඔහුගේ බැංකු ගිණුමේ තිබුණැයි කියන්නේ රුපියල් දෙසිය හැත්තෑ ගණනක් විතරය!

“ඒ උත්තමයගෙ අන්තිම හුස්ම ටික ගියෙත් අපට සහනයක් සලස්සලා!” අපේ තාත්තා සුසුමක් හෙළමින් කිව්වේය. “රංජි, ඉක්මනට ලියාපං බලන්න පුංචි ප්‍රවුර්ත්තියක්. ඩඩ්ලි මහත්තයාගේ අවමංගල්‍යය නිසා අපේ සිංහබාහු නාට්‍යය පෙන්නන එක කල් දානවයි කියලා...”

“ලියලා...?”
“ලියල ඉවර වෙලා, ඒකත් අරං දැන්මම පලයං සිසිර කුමාර මාණික්කාරච්චි මහත්තය හම්බ වෙන්න. ඒ මහත්තයට කියපං, මේ ප්‍රවුර්ත්තිය ‘දිනමිණේ’ දාලා දෙන්නය කියලා.... බැරි නං ජනතා පත්තරේ හරි....”

ඒ රාජකාරිය කෙරෙන අල්ල-පනල්ලේ එස් අයියාත් කෑගල්ලේ හිට ඉක්මනින්ම ආපහු ඇවිදින්ය. “නාට්යය පෙන්නිල්ල කල් දැම්මයි කියල පත්තරේ නොවැටුණත් කමක් නෑ, නිමල්. බෝඩ් එකක් ඇඳලා ලුමිබිණියේ ඉස්සරහින් තියන්න ඕනි! එතකොට හරි!!” එස් අයියා කිව්වේය.
එදා ඒ බෝඩ් එකත් අරං මගෙත්තෙක්ක ලුම්බිණියට යන්නට ආවේ, අවුරුදුත් අරගෙන අපේ ගෙදරට ඇවිත් හිටි සංජේය.

එදාය කිව්වේ 1973 අප්‍රේල් 17 වෙනිදාටය!

සමහර දවසක් අපේ මතකයේ රැඳෙන්නේ පුදුමාකාර විදියටය. එහෙම වෙන්නේ නිකම්මත් නොවේ.
දෛව අංකයේ බලපෑමත් ඊට හේතු වෙනවා යැයි, මනහර සඟරාවෙන් කියවලා හිටි මං වහන්සේ කළේ- ඒ දවසේ අංක ටික එක අංකයක් සිටිනතුරු එකට එකතු කර බැලීමයි.
1+9+7+3+4+1+7=32, 3+2=5! හරි නේන්නං. මගේ දෛව අංකයත් 5 ය.
ඒ දෛවෝපගත දවසේ; අප්‍රේල් දාහත් වෙනිදා මගේ ගිරහයෙක් මාරු වුණා වෙන්නෝනිය.

කෙනෙකුගේ දෛව අංකය විදිහට ගැනෙන්නේ, එයාගේ උපන් දිනයේ අංක ටිකේ එකතුවයි! සමහර රටවල ඒ අංකය අනුව පලාපල හා චරිත ස්වභාවය පවා විග්‍රහකොට කියනු ලැබෙයි.

අද නං ඔයාට ලේසියෙන් යන්න දෙන්නෑ!කියලා කොඳුරා කිව්වේය. එහෙම කිව්වෙත් කෙඳිරිලි හඬිනි.
(දෛව අංකය කොහොම වෙතත්, අප්‍රේල් 17 මට තවත් වැදගත් දිනයක් වුණේ ඊට අවුරුදු තුනකට පස්සෙය. අපේ තාත්තා ගෙල වැල ලාගෙන සිය දිවි නසා ගත්තේ 1976 අප්‍රේල් 17 වෙනිදාය. ඒ ඇබැද්දිය වෙද්දී අපි හිටියේ සමනොළ කන්ද මුඳුනේ ඉර සේවය බලමිනි!) 

ලුම්බිණි රඟහලට ඇතුළු වෙන තැන කොරිඩෝවේ, අපේ නාට්‍ය දර්ශනය කල් දමන ලද බව කියවෙන බෝඩ් එක තියලා හැරෙනවාත් එක්කම, සංජේ මට හොර බැල්මක් දැම්මේය. ‘අද නං ඔයාට ලේසියෙන් යන්න දෙන්නෑ!’ කියලා කොඳුරා කිව්වේය. එහෙම කිව්වෙත් කෙඳිරිලි හඬිනි.
“ඇයි, කොඳුරන්නේ? කාටවත් ඇහෙයි කියල බයේද... මෙහෙ මාර පාළුයිනෙ.” මට කියැවිණි.

“අද අපේ බෝඩිමත් පාළුයි. රංචාගොඩලත් තවම ඇවිත් නෑ. වෙන එවුනුත් නෑ. වටේ ගෙවල්වලත් මිනිස්සු අඩුයි ගම්වලට ගිහින්. අපි දෙන්නට...”
“පිස්සුද සංජේ? තාත්තා අහයි, මොකද පරක්කු වුණේ කියලා.”
“අද බස් දුවන්නෙ යලට මහට කියල ඔයාලගෙ තාත්තට කියමු. ඒක බොරුවකුත් නෙවෙයිනෙ....” කියන ගමන්ම සංජේ මගේ අතින් අල්ලා ගත්තේය. “අද නං
මගෙ වැඩ පෙන්නලා, ඔයාව හපයක් කරලයි ආපහු මහරගමට එක්ක යන්නෙ! මෙහෙම chance එකක් ආයි එන්නෑ!”

හයිලෙවල් පාර පැනලා, පාලම තරණය කරලා, ඒ එක්කම තියෙන අතුරු පාරට හැරෙන තුරුමත් මගේ අත තිබුණේ සංජේගෙ අතේය. ඒ යක්ෂයා එතුවක්ම, උණුහුම්වී වෙවුලන එයාගේ ඇඟිලිවලින් දිගටම මගේ අත්ල මෘදුව පහුරු ගාමින්ය ආවේ. එයින් මගේ හැඟීම් අවදි වුණා වගෙය... එතැනත් එක කාම නිලයක්ද?

කාමරයට ඇතුළු වෙනවාත් එක්කම සංජේ දොර වසා දැම්මේය. දෙතොලට ඇඟිල්ල තබා නිහඬ වන්නැයි සන් කළේය. ඉන්පසු...
කාලය ගත වෙතියි දැනුණේ නැත, ලෝකය කැරකෙතියි හැඟුණේ නැත. ඒ අඩ අඳුරු කාමරය තුළ සංජේටත් මටත් දෙදෙනාට සීමාවූ කාමාවචර දෙව් ලොවක් පහළ වූවා සේය.
සංජේ එච්චර දේවල් ඉගෙන ගත්තේ කොහෙන්දැයි කියලා මට කල්පනා වුණේ නැත; එයාගේ ශිල්ප දක්වන්නට මෙතෙක් කල් පමා වූයේ අපරාදේ කියලා නම් මට කල්පනා වුණේය.

ඒ සමහර අත්දැකීම් යළි- යළිදු මෙනෙහි කරන්නට; මෙනෙහි කරමින් රස විඳින්නට මගේ පාදඩ-ජාගර චිත්තයේ කැමැත්තක් තිබෙයි.

එදා ඔහු දැක්වූ අතිශය ශෘංගාරාත්මක වික්‍රමය තවකෙකුට විස්තර කර කියන්නට මම අදත් අකැමැත්තෙමි!

‘නිදිගෙ පංච තන්තරේ’ට මගේ අත්දැකීම් ලිව්වට පස්සේ ඒ සමහරක් මට අමතකව යනවා වැනි ගතියක් මට දැනෙයි. මගේ මතක ගබඩාවෙන් ඒවා හොරු අරං ගියාවත්ද? ඒ සමහර අත්දැකීම් යළි- යළිදු මෙනෙහි කරන්නට; මෙනෙහි කරමින් රස විඳින්නට මගේ පාදඩ- ජාගර චිත්තයේ කැමැත්තක් තිබෙයි.
ගොනෙකුට වමාරා කෑම සැපතකියි විශ්වාස කෙරෙන බවත්, මෙතැනදී මට මතක් වෙයි.
පස්කම් සැපතෙහි ලොල් වූවන් මහීෂයන් ලෙස සැලකෙතත්, මට එය ඒත්තු නොයන්නේ ඇයි?

ඊට අවුරුදු කීපයකට කලින් අභී අයියා, වෙල් යායක් මැද්දේ ගල් තලාවක් මතදීත් මෙසේ අනුස්මරණීය අවස්ථාවක් මට තිලිණ කළේය. එයින් පස්සේ, මා මෙලෙස උද්දාමයට පත් කරවන ශෘංගාරාත්මක චර්යාවක කේන්ද්‍රය වුණේ එදිනය.
 
ඊට කලින් අප දෙදෙනා’තර ලිංගික සබඳකම් ඇති වුණත්, එවන් ‘අවසර, කල් රහස් තැන’ක් සංජේටත් මටත් උදා වුණේ එදිනය...

අප දෙදෙනා නැඟුණු මහරගම බසයේත් හිටියේ මඟීන් දෙතුන් දෙනෙකි. සංජේ මගේ ඇඟටම තෙරපෙමින් කොඳුරයි. “ඔයාව හොඳට දැනෙනවා රංජි... දැන් නං ඔයාව අපේ ගමට එක්ක යන්නම වෙනවා.”
මටත් වෙනදාට වඩා වෙනසක් දැනුණු බව හැබෑය. ඒ රසයට මා ලොල් වුණු බවත් හැබෑය. ඒත් මට දැන් මහන්සිය.
“එනව නේද අපේ දිහා?”

“සංජේ. ඔයා මොකටද අර සායි බාබාතුමාගෙ රොටිය එව්වේ සිරි අයියා අතේ?” අහන්නටම පෙරුම් පුරමින් හිටි ප්‍රශ්නයක් මගේ මුවෙන් එළියට පැන්නේ උත්තරයක් වෙනුවටය.
“අයියෝ. ඒක මහ ලොකු දෙයක් නෙවෙයි. ඔයත් සායිබාබා අදහන කෙනෙක් වුණාම අපි දෙන්නට නිතර හම්බ වෙන්න ලේසි වෙනවනේ.” සංජේ සැහැල්ලුවෙන් කියයි.
 

එයාව අදහන කාටත් එතුමා ආශිර්වාද කරනවලු. පිහිට වෙනවලු!

“ඒ කොහොමද? සායි බාබා අපි වගේ අයට ආශිර්වාද කරනවද?”

“අපි වගේ අයට විතරක් නෙවෙයි, රංජි... එයාව අදහන කාටත් එතුමා ආශිර්වාද කරනවලු. පිහිට වෙනවලු... සිරීගෙන්ම අහල බලන්නකෝ. සායිතුමාගෙ පිහිටෙන් මිනිහ හිතපු ගොඩක් දේවල් හරි ගියාය කියන්නෙ.”
“එතකොට සිරී අයියද සංජේට සායිතුමා ගැන කිව්වේ?” මගේ ප්‍රශ්න කිරීම සංජේගෙ හිතට අල්ලා නැති පාටය.

“ඔයා මේ ඕනි නැති රෙද්දක් ගැන දිගටම අහන්නෙ, හරියට මම ඔයාට බොරු කියනව වගෙයිනෙ.” සංජේ මුහුණ අනෙත් පැත්තකට හරවා ගත්තේය; බුම්මා ගත්තේය; කතාව නැවැත්තුවේය. ‘මාත් මොකටද බාල්දු වෙන්නේ?’ මමත් සද්ද වැහුවෙමි.
ඒත් මගේ හිත නම් දිගටම දොඩමලු වුණේය...

සමාජයේ වැඩි දෙනෙකු පරිද්දෙන්ම සංජේත් පතන්නේ හැම දේකදිම තමන්ට කීකරු වෙන; අවනත වෙන එහෙයියෙක්වද? කව්රුන් උදෙසාවත්; මොන සක්කරයා වෙනුවෙන්වත් මට නම් එහෙම කෙනෙකු වෙන්නට මේ භද්‍ර කල්පයෙදී පුළුවන් වෙන එකක් නැත!

ඒ කල්පනාවලින් දිග වෙලාවක් වෙළී හිටිද්දීමය, සංජේ දැහැන බිඳ දැම්මේ.
“අද ගෙදර ගියාම මං ඔයාලගෙ තාත්තට කියන්නං, ඔයාව අපේ ගමේ එක්කං යන බව- එහෙ බතික් වැඩපොළක් දාන්න.”

“ඔයාට පිස්සුද? ඔයා හිතනවද තාත්ත කැමති වෙයි කියලා...”
“එයාට ඔයාව හැමදාමත් ගෙදර නවත්තගන්න බෑනෙ. ඔයා දැන් ළමයෙක් නෙවෙයි. රංජි කෙල්ලෙක් නං දැන් කසාද බන්දලා දෙන වයසයි එන්නේ...” සංජේට කේන්ති ගියාම වචන ගලාගෙන එයි; තිරිංග වැඩ කරන්නේ නැතිව යයි.

මාත් එහෙමය.

“ඉතිං මම කෙල්ලෙක් නෙවෙයිනෙ.”
“මට තමුසෙ කෙල්ලෙකුටත් වැඩිය කෙල්ලෙක්.” සංජේ කිව්වේ තරමක සද්දෙටය. අපේ වාසනාවට වගේ එතකොට අපි දෙන්නා හිටියේ පමුණුව පාරේය. ඒ හරියකවත් වෙන කවුරුවත් නැත.
‘කෙල්ලෙකුටත් වැඩිය කෙල්ලෙක්!’ සංජේගෙ වදන් ආයෙමත් තිර හඬින් මගේ දෙසවනේ දෝංකාර දෙන්නට ගත්තේ, මගේ උපන් වෙලාව බව නොදැන, එය බැලූ අනුර ජිනදාස හිතවතා මට මෙහෙම ලියා එව්වාමය.

ඒ වගේම කෙනෙකුගේ සමාජයීය ඇගයීම පෙන්වන...

මෙයා ඉපදිලා තියෙන වෙලාවේ ලග්නය කුම්භ. ඒ නිසා එයාගේ මිනිස්කමත්, මිනිස් සබඳතාත් ඉතාමත් වැඩියි. හැබැයි නවාංශකය ස්ත්‍රී එකක්.

ඒ වගේම කෙනෙකුගේ සමාජයීය ඇගයීම පෙන්වන ආරූඪ ලග්නය මිථුන. ඒ නිසා පිටතට ගෑනු හැසිරීම පෙන්වන කෙනෙක් කියා හිතෙනවා.

-මාරකාධිපති රවි මාරක ස්ථානයේ සිටීම නිසා කර්මජ රෝගවලට ගොදුරු වෙන්න නම් හොඳටම ඉඩ තියෙන නිසා පිං-දහම් කරමින් ජීවත් වීම හොඳයි.

-කෙසේ වෙතත් රවි කන්‍යාවේ යෙදීමත්, විවාහය ගැන කියන උපපදයෙන් දෙවැන්න හතරවැන්න වී හිස්ව තිබීමත් නිසා විවාහ ඵල නම් ඉතාම අඩුයි.
ඒත් ශනි සිකුරු දෙදෙනා එක්ව යෙදී ඇති අතිධාවන කාම යෝගය ශනිගේ උච්චයත්
, සිකුරුගේ ස්වක්ෂේත්‍රයත් නිසා මැඩ පැවැත්වීමට එතැනම සිටින බුධ උදව් කරන බව කිව හැකියි...’
 

ඒ විස්තරය පහළොවේදී- 5 කොටස’ ලියද්දී හිතාදර රසික-රසිකාවන්ටත් මම කීවෙමි. එහෙම කියා දැන් අවුරුද්දකටත් වඩා කාලය ඉකුත් වීලාය. පේනවා නේද ජීවිත කතාවක් එහෙම පිටින්ම ලියද්දී, අග-මුල පුරුද්දන්න කොච්චර කල් අල්ලනවද කියලා...

ඉතිං, සංජේගෙ වචන කොතෙක් වලංගු විණිදැයි හෙළි කරන්නටත් මට තව කලක් ගත වෙනු ඇත.

එහෙත් එදා රාත්‍රියේ සිදු වුණු දේවල් නම් අදම ඔබට පවසන්නෙමි.

‘සංජේ, අද රෑට අපේ දිහාවෙන් බත් කටක් කාලා යන්න ඉන්නවද?’යි තාත්තා ඒ හාදයාගෙන් විමසුවේය.
“ඒකට නං හා කියන්නේ පැනලා. අපේ බෝඩිමේ එවුනුත් තාම ඇවිත් නෑ. කෑම ගන්න කඩත් තාම වහපු ගමන් ගුණපාලයියේ...” සංජේ කීවේ ඉබ්බා වගෙය. (වතුරට දාන්නදැයි ඇහුවාම උත්තර දුන් ඉබ්බා ගැනය; මං කිව්වේ.)

ඉතිං, ඒ දෙන්නා කතාබහේ යෙදෙද්දී මං හිටියේ මගේ කාමර පොඩ්ඩේ’ය.

අපේ ගෙදරත්, ආච්චිලගෙ ගෙදරත් දෙකම තිබුණේ එක මිදුලකය. (මේ fb එකෙන් මා දුටු නිවසකි. හලාවත ඉරණවිල වියපත් මාතාවකගේ නිවසකැයි එතැන කියා තිබිණි.)

අපේ ගෙදර ඉස්සරහ කෑල්ලේ තාත්තා වැජඹෙන වෙලාවට එතැන ගැවසෙන පුරුද්දක් අපෙන් කාටවත් තිබුණේ නැත. තාත්තා කාත් එක්ක හරි බජනේ දාගෙන ඉන්නවා වුණත් එහෙමය. (එහෙම වෙලාවට ළඟපාත දැවටෙමින් ඉඳලා අහු වුණෝතින් බැණුම් කෝටියකි. ඉතිං, අප කරන්නේ ආච්චිලාගේ ගෙදරටවී අපේ වැඩක් බලා ගැනිල්ලය.)

(ඔබ දැනටමත් දනී- අපේ ගෙදරත්, ආච්චිලගෙ ගෙදරත් දෙකම තිබුණේ එක මිදුලකය. කෙනෙකු එකක හිට තරමක් හයියෙන් කතා කළත් අනෙකේ ඉන්න කෙනෙකුට ඇහුණේ එබැවිනි.)

මං සංජේලා හිටින තැන තාවර වෙවී නොහිටියත්, මගේ 'හා කන් දෙක' තිබ්බේ ඒ දිහාවේය. හිටි හැටියේ...

“මොකක්ද පරයෝ තෝ කියන්නේ? උඹ කවුද යකෝ මට උගන්නන්න... අම්මට xමනෙන්න...” අපේ තාත්තාගේ ගෝරනාඩුව ඇහුණේය. තාත්තා සංජේලගෙ අම්මට හැම නියං කාලෙටම වැස්ස ලැබෙන්නැයි කියමින්.... මහ හයියෙන්...

දෙකක් නැත! එකක් ස්ථිරය!!
මගේ අවවාදය නොතැකූ මොට්ට සංජේ, ඔහුගේ යෝජනාව අපේ තාත්තාට ඉදිරිපත් කරන්නට ඇත!!!

39 comments:

  1. කොහොම හරි එහෙනං ටිකට් ටික විකුණගන්න කාලෙ ගන්න වැඩක් සෙට් උනා.

    සංජේනං හදිස්සි වැඩි වෙලා ඉල්ලං කන්න වගේ යන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ ප්‍රසන්න කියන්නේ, හිටියොත් හොඳට හැදී- දෙවියොත් නමට වඳී කියලා.
      ඉල්ලං නෙවෙයි, සංජේ පතලක්ම කන්නයි යන්නෙ!

      Delete
  2. අරගල කරුවන් කැඩු තරප්පු පෙලක් හදන්න කොටි 80 යනවයි කියලත් පත්තරේක තිවන... රත්තරං වලින් වෙන්ටෑ හදනවා ඇත්තෙ

    //අම්මට හැම නියං කාලෙටම// - එහෙම පද බෙදීමක් ගැන.... දැනන් හිටියෙ නෑ නොව 😂

    ReplyDelete
    Replies
    1. නමී එයාලා කන්නෙ- බොන්නේ- පහරන්නේ- යන්නෙ එන්නේ සේරම පොඩි වියදම්වලින් නෙවෙයිනේ!

      ඔය පද බෙදීම මාත් ඉගෙන ගත්තේ fb එකෙන්.

      Delete
    2. ඒක නම් නියම පද බෙදිල්ලක් තමයි😂

      Delete
    3. නවීන්, ඔයාල වගේ අලුත් පරම්පරාවේ අයගේ හපන්කම් තමයි!
      පුප, බේසිගේ පුත්තු වගේ තව යෙදුමුත් භාවිතයට ආවේ මෑතක නේද?

      Delete
    4. ඕක එන්න හේතුව උනේ හරි වචනෙ දාපුවම facebook එකෙන් report වදිනවා, post block වෙනවා, account block වෙනවා. ඉතින් ඒක නිසා තමයි ඔහොම වචන ඇවිත් තියෙන්නෙ.
      ඒකත් නරකම නෑ. භාෂාවක් කියන්නෙ කොහොමත් සජීවී දෙයක් නෙහ්.
      හැබැයි ඉතින් සිංහල භාෂාව මරනෝ කියලා කෑ ගහන අයත් නැතුවම නෙමෙ😅

      Delete
    5. තව විදිහකින් කියනවා නං නවීන්, නීතිය නවන්න. වැටට උදුන් පනින්න බැරි නං වැටට යටින් රිංගලා හරි අපේ ගමනාන්තයට යන්න.
      මරණ- විනාශ වෙන කතන්දර හැමදාම ගැහෙන පරණ තැටි නෙව.....

      Delete
    6. අන්තිම වාක්‍ය නම් තේරුනේ නෑ නිදි මාමෙ🤔

      Delete
    7. මගේ අන්තිම වාක්‍යය ඔයාගේ comment එකේ අවසන් වැකියටයි නවීන්, සම්බන්ධ .

      Delete
    8. ආහ් හරී දැන් තේරුනා😁👌

      Delete
  3. https://sithiwilimanpetha.blogspot.com/2022/08/blog-post.html

    ReplyDelete
  4. https://www-wired-com.cdn.ampproject.org/v/s/www.wired.com/2014/11/paper-effect-note-something-youre-likely-forget/amp?amp_js_v=a6&amp_gsa=1&usqp=mq331AQKKAFQArABIIACAw%3D%3D#aoh=16598032277338&referrer=https%3A%2F%2Fwww.google.com&amp_tf=From%20%251%24s&ampshare=https%3A%2F%2Fwww.wired.com%2F2014%2F11%2Fpaper-effect-note-something-youre-likely-forget%2F

    ReplyDelete
    Replies
    1. Pra Jay මහත්තයෝ, මට මතක් වෙන්නේ පරණ කවියක යෙදුමක්. ලිඳක් කපා උල්පත පෙන්නූ ලෙසිනේ... (වගෙයි මතක. තියෙන්නේ නම් 'තුන් සරණේ).
      ස්තුතියි link එකට!

      Delete
    2. අප්පා.... link එකට මගෙනුත් තෑන්ක් Pra Jay

      Delete
    3. pra jay, මාත් මේ ඕක කියන්න හිටියෙ, පස්සෙ කතාව කියවන් යන්කොට මුල අමතකයි😂...

      ඕක ගොඩක් use කරනවා විෂාදය, ආතතිය වගේ මානසික ප්‍රශ්න තියෙන අයත්...

      Delete
  5. Chaminda DissanayakeAugust 7, 2022 at 3:31 AM

    Climax එකේ නැවැත්වීම කලාවක්නම් නිමල් ඒ කලාවට අධිපති

    ReplyDelete
    Replies
    1. ලොකු පැසසුමක් නෙව චමී. ස්තුතියි!

      Delete
  6. රහසේ විදගත් පහසේ මහිමය - සගවනු හැකිවෙද පිටුවේ නොලියා
    (රූකාන්ත / චන්ද්‍රලේකා ගයන “දුකිනා වෙසෙනා" ගීතයේ පදපෙලක් පොඩ්ඩක් මොඩිෆයි කරා)

    ReplyDelete
    Replies
    1. චමී, එහෙම දේවල් කෙරෙනවාට කැමතියි.... එතකොට මුල් යෙදුමත් සංරක්ෂණය වෙනවා,

      Delete
  7. Replies
    1. ස්තුතියි චමී. සිංදුව අහද්දී 'මේ නිමිත්ත අරං ලියන්න ලොකු කතාවක් තියෙනවා නේද' කියලා මතක් වුණා!

      Delete
    2. තව චුට්ටක් ලියන්න හිතුනා, චමී.
      ඒ කතාව 1997 විතර හිට 2019 විතර වෙනකලුත් ඇදුනා.... තව ඉතිරියි...

      Delete
    3. Chaminda DissanayakeAugust 8, 2022 at 1:27 AM

      නියමයිනේ.

      Delete
    4. හුම්....... ඒක මරු සිංදුව

      Delete
  8. මේක දැන් එරෝටික් නවල් එකක් වෙලා. අරහේ සුප්පා දෙවි මතක කළා විතරයි

    ReplyDelete
    Replies
    1. මේකයි නෙව අජිත් මහත්තයෝ. අවුරුදු විස්ස වේගෙන එනවයි කියන්නේ ලිංගික හෝමෝන හොඳටම වහනය වෙන කාලෙනෙ. මේවා වුණේ ඒ වයසේදිනේ.

      Delete
  9. හැත්තෑ තුනේ මම තුනේ පන්තියේ. ඒත් ඔය ඩඩ්ලි ගොයියා මැරුණු සීන් එක මතකයි.

    ReplyDelete
    Replies
    1. ඒ දවස් හැමෝටම ශෝක දින වුණා... ඩඩ්ලි මහත්තයාගේ විරුද්ධකාරයො වුණත් ඒ මනුස්සයාගේ අහිංසකකම් දැනගෙන හිටියනෙ...

      Delete
  10. නිමල් අංකල්

    ලංකාවේ පහුගිය කාලයේ යහපාලන රජයේ රිෂාඩ් බදියුදීන් ඇමතිතුමා සමග හිතවත්ව විශාල වශයෙන් කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වූ රජයේ සහන ණය ලබා ගනිමින් විවිධ ආකාරයේ වරප්‍රසාද භුක්ති විඳින ගමන් බදු සහන ලබා ගනිමින් විවිධ ආකාරයේ සැක සහිත ව්‍යාපාර කටයුතු වල නිරත වී අධික ලෙස කෙටි කලකින් ධනවත් බවට පත්ව ඇති ලංකාවේ මන්නාරම ප්‍රදේශයේ සිට කොළඹ බලා සංක්‍රමණය වී ඇති ව්‍යාපාරික භවතකු පහුගිය ජුලි මාසයේ නමවෙනිදා අරගල කරුවන් විසින් ජනාධිපති මන්දිරය අත්පත් කර ගත් අවස්ථාවේ ඊට ඇතුළු වී එහි ස්ථාපිත වටිනා කෞතුක භාණ්ඩ සෑහෙන ප්‍රමාණයක් හොරකම් කරලා තියෙනවා කියලා ලංකාවේ මාධ්‍ය හරහා පෙන්වා දී ඇති අතර මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් හොඳයි

    මෙම ජාවාරම් කාර ව්‍යාපාරික බවත් දැනටමත් රටින් පිටව ගොස් ඇති බවට පොලිසියට තොරතුරු හෙළි වී තිබේ. මෙම කෝටිපති ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කිරීමත් සමඟ ඔහු රටින් පැන ගොස් ඇත.

    ඔහු ලංකාවේ ප්‍රධාන පෙළේ පරණ යකඩ එකතු කර ඉන්දියාවට හා පාකිස්ථානය මැදපෙරදිග කලාපයේ රටවලට යැවීමට කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි වී බලපත්‍ර ලබා ඇති සීමිත කර්මාන්ත ශාලා වලින් එක කර්මාන්ත ශාලාවක ඉහළින්ම සිටින ආයෝජකයෙක් වන අතර මේ වන විට අප්‍රිකානු රටක රැඳී සිටින බවද තොරතුරු ලැබී තිබේ. ඔහූ මැදපෙරදිග කලාපයේ පවතින යම් කිසි ආගමික අන්තවාදී සංවිධාන වලට සම්බන්ධ වී කටයුතු කළ බවට චෝදනා එල්ල වී ඇති අතර පහුගිය කාලයේ ඔහු රාජිත සේනාරත්න, රිෂාඩ් බදියුදීන් මංගල සමරවීර, හිටපු අධිකරණ සේවා ඇමති රාවුෆ් හකීම් වැනි අයගේ සහය ලබා ගෙන විමර්ශන වලින් බේරී ඇති බවට සැක කෙරෙන අතර එම පුද්ගලයා ගැන සැබෑ උනන්දුවකින් විමර්ෂණය කළ යුතුයි නේද?

    මෙම පුද්ගලයා ඇතුළු කණ්ඩායමක් පහුගිය මාස හයක් පමණ කාලයක් තිස්සේ ලංකාවේ ගෝල්පේස් එකේ පැවති උද්ඝෝෂණ ව්‍යාපාර වලට විශාල වශයෙන් ආහාර ද්‍රව්‍ය, කූඩාරම් උපකරණ, වෙනත් මූල්‍ය සහ මාධ්‍ය ආවරණය ලබා ගැනීමට විශාල වශයෙන් ආධාර උපකාර කර ඇති බවත් මාධ්‍ය හරහා අනාවරණය වී තිබේ මෙබඳු පුද්ගලයන් පිළිබඳ තොරතුරු ආරක්ෂක අංශ වලට ලබා දීමට අරගලයට සහය දක්වන අපටත් වගකීමක් තියෙනවා ඒ නිසා ඔබ ඇතුළු පිරිස මේ වගේ පුද්ගලයන් ගැන දන්නා තොරතුරු වෙතොත් අදාළ ආරක්ෂක අංශ වලට ලබා දෙන්න පුළුවන් නම් හොඳයි නේද?

    ReplyDelete
    Replies
    1. අනේ, ඒ වගේ දේවල් ගැන මගේ දැනුමක් නැතිම තරං... දන්නා කියන අය ඒ රාජකාරි කරයිනේ.

      Delete
  11. ඉතිං...

    ටිකට් පොත් ටිකක් අරගෙන ඩඩ්ලි සේනානායක මැතිතුමාගෙ අවමඟුලට ගියානං, පෝළිමේ හිටපු දහස් ගණන් සෙනඟ අතරේ විකුණගන්න තිබුණා කියලත් හිතුණා.

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී,
      වටින අදහසක්, හැබැයි තව දවස් 3,4කට කලින් කීවා නම් මොකක්ම හරි කරගන්න තිබුනා😆

      Delete
    2. නවීන්, කාලෙකින්.
      ඩ්රැකී දන්නවද, මම බොරැල්ලේ වුඩ්ලන්ඩ්ස් එකටත් ගිහින් ඩඩ්ලි මහත්තයාට අවසන් ගෞරවය පිරිනමලා ආවා....

      Delete
    3. කාලෙකට සැරයක් ඇවිත් ඔක්කොම ටික බලල යනව නිදි මාමෙ,

      මට තියෙනව පොඩි කේස් එකක් perfectionism; හැමදෙයකටම වගේ සම්බන්ධ
      වෙන්න ඕනි වගේ එකක්😂

      ඉතින් හැමතැනම ගිහින් බලන්න වෙනවා එතකොට.

      සංචාරක කුරුල්ලෙක් වගේ ආයෙ ටික දවසකින් තමයි එන්නෙ😊😊😊

      Delete
    4. අවුලක් නෑ නවීන්, ඉඩ තියෙන හැටියට නෙව වැඩ කෙරෙන්නොනි.

      Delete
  12. නිමල් ලංකාවේ ඉන්ධන බෙදාහැරීම ආනයනය සහ තෙල් නිෂ්පාදන අලෙවි කිරීම සඳහා චීනයේ විශාලතම සමාගමක් වන සිනොපෙක් සමාගම පැමිණීමට ඉඩ ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කර තියෙන පුවත ඇත්තක්ද?

    https://www.dailymirror.lk/business-news/Sinopec-likely-to-enter-Lankan-fuel-market/273-242595

    ලංකාවේ ඉන්ධන වෙලඳපොළ ඇතුළු වීමට ඉන්ධන නිපදවන රටවලට තවත් සමාගමකට ඇතුළු වීමට අවසර දීම සදහා කැබිනට් මණ්ඩලය විසින් යෝජනාවක් අනුමත කර තිබේ. ලංකාවේ උග්‍ර විදේශ විනිමය අර්බුදය හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

    දැනට ලංකාවේ තෙල් සැපයුම් 90% රජය විසින්ද ඉතිරි 10% ඉන්දීය තෙල් සමාගමෙන්ද සිදුකරනු ලබයි.

    මේ වන විට චීන සමාගම් විසින් ලංකාවේ හම්බන්තොට වරාය පරිශ්‍රයේ විශාල ප්‍රමාණයේ මහා පරිමාණ තෙල් ගබඩාවක්ද ඉදි කරමින් පවතී. තව ඩොලර් බිලියන තුනක පමණ විශාල තෙල් පිරිපහදුවක්ද හම්බන්තොට කර්මාන්ත පුර එෆ් ටී ඉසෙඩ් ෆ්‍රී ට්‍රේඩ් සෝන් එකත් සමග ඉදිකිරීමට නියමිතයි, මෙමගින් ලංකාවේ ආර්ථිකය විනාශ මුඛය කරා ගෙනයාමට චීන සමාගම් ලංකාව සූරාකමින් කටයුතු කරයිද? අවාසනාවට බොහෝ මුග්ධ ලාංකිකයින් චීනයට ස්තූති කරමින් සමාජ මාධ්‍ය වල කකුළු ලෙසින් සැලියේ වතුර උණුවන තෙක් විගඩම් නටනු පෙනේ. මේ ගැන පැහැදිලි කිරීමක් කරන්නෙනේනම් මැනවි.

    ReplyDelete
    Replies
    1. විශේෂයෙන් පැහැදිලි කිරීමක් කරන්න තරමට නං මගේ දැනීම මදි. හැබැයි, මේ යන විදිහ ගැන නං තියෙන්නේ අන්තිම අපැහැදිලි බවක්!

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්