අකුරු මැකී නෑ

Sunday, February 12, 2023

ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය

 'කිත්සිරි හෙට්ටිහේවා මහත්තය ආවේ තග දාගෙන වාගෙයි. "මට නම් දොස් කියන්න එපා! මට කරන්න දෙයක් නෑ."

කිත්සිරි මහත්තයා පාතාලයෙක් නෙවෙයි. ඒත් කුරුප්පු මහත්තයා මගෙත් එක්ක ඩීල් එක කිරීම බාර දීලා තිබ්බෙ එයාට. ඒ දවස්වල කුරුප්පු මහත්තයා හිටියේ කිත්සිරි මහත්තයලගෙ ගෙදර. කුරුප්පු මහත්තයාම මට කියලත් තිබුණා 'කිත්සිරිලා මට සලකන්නේ එයාලගෙම කෙනෙක් විදියට' කියලත්. 

"ඇයි නිමල් ඉන්දියාවෙ යන්න බැහැ කිව්වේ?" 

ළමයෝ,මෙහෙ ඇවිත් බලන්නම වටිනවා! මං ඔක්කොම විය-පැහැදම් දරන්නම්!

"මට ඒකට හිතක් නැහැ කිත්සිරි මහත්තයා. අපේ අම්මත් මේ ළඟදී ඉන්දියාවේ ගියා. මටත් අඬ ගැහුවත් එක්ක. ඒත් මට හිතුන්නෑ." මා කීවේ සම්පූර්ණ ඇත්තය. අපේ අම්මා එක්කලා නම් දිවිය ලෝකයට යන්න chance එකක් ලැබුණත් දෙපාරක් හිතන්නට ඕනෑය. අප දෙන්නා ඒ තරමටම නොපෑහෙන බැවිනි. කුරුප්පු මහත්තයා මට කතා කළේ ඉන්දියාවේ ඉඳිද්දීමය. "ළමයෝ, මෙහෙ ඇවිත් බලන්නම වටිනවා! මං ඔක්කොම විය-පැහැදම් දරන්නම්. යන්න විතරයි තියෙන්නේ."

මා හා කිව්වේ නැත. 

ඊළඟ වටය වෙනත් මුහුණුවරක එකකි. "නිමල්ට කොම්පියුටරයක් නැහැ නේද? නරකද අරගත්තොත්?" ඒකටත් මගෙන් සුබදායක ප්‍රතිචාරයක් නොවේ ලැබුණේ. 

ඩී.බී. කුරුප්පු මහතා 2017 ජුනි 23 වැනිදා අභාවප්‍රාප්ත වුණේය.

අනේ, බ්ලොග් එකක් ලියන හිතක් කුරුප්පු මහත්තයා යන්න කලින් මට ආවා නම්. මා බ්ලොගයේ ලියන්නේ මගේ ජීවිත කතාවය. ඒකෙන් අංශු මාත්තරයක් විතරක් දැනගෙන උන් කුරුප්පු මහත්තයා එය ලියන්නැයි මට කොච්චරවත් බල කළේය. ම්හු! මට හිත දුන්නේ නැත. "ළමයෝ, කොම්පියුටරෙන් ලියන එක හරි ලේසියි. ඉක්මනට හුරු වෙයි." ඒත් මට මොකුත් හිතුණේ නැත. "හා, බැරිම නං මට ටික-ටික කතාව කියන්න. මං ලියන්නම්!" ඒකවත් වැඩ කළේ නැත....

... 2000. මතකයිනේ ලොකූඌඌඌඋ කලබැගෑනියක් තිබුණේ, දිනය ලියන විදිය ගැන. පරිගණක අවුල් වේවි කියලත් අනාවැකි කියවිලා තිබ්බෙ. ඔන්න ඒ දවස්වල තමයි උසට උසේ, සුදුම සුදු, මෝල් ගස් ගිල්ල පිඹුරෙක් ප්‍රෙස් එකට ආවේ. එන්න කලින්ම අපේ බොස්ගෙන් කියවුණා 'මිනිහත් එක්ක වැඩ කරන්න හරි අමාරුයි' කියලාත්. පෙනුමෙනුත් එහෙමයි. මහා ආඩම්බරකාරයෙක් වගේ, හිනාවෙන්නවත් දන්නේ නෑ කියලයි මට හිතුණේ. දැක්ක ගමන් එපා වුණා!
 

මට නම් දොස් කියන්න එපා. මට ක‍රන්න දෙයක් නෑ. (කාටූනය- අනුර ශ්‍රීනාත්) 

ප්‍රෙස් එකේ මුද්‍රණ වැඩවලදී, විශේෂයෙන් පොත් ගැහිල්ලේදී මුළුමනින්ම වගකීම් පැවරුණේ මට. ඉතින් මගේ හිතට නාල්ලන අය එක්ක වුණත් වැඩ කරන්න වුණා. කුරුප්පු මහත්තයා හෙණ නීතිකාරයා. පොඩ්ඩ ඇත්නම් තද වෙනවා. එහෙම වුණාම තඩි පොල්ලකින් ඉස්මුදුනටම කෙළලා අරිනවා වගේ කියල දානවා. ඒ වගේ කෙනෙක් එක්ක වුණත් බාරගන්න වැඩේ හරියට කරනවා නම් ඉහ ගහගෙන ඉන්න ලේසියි. මට කවදාවත් කුරුප්පු මහත්තයා ප්‍රශ්නයක් වුන්නෑ....’

මම එහෙම ලිව්වේ ‘ආවොත් නොයා බැරිය 1’ post එක ලියද්දී. නිදිගෙ පංච තන්තරේ ලියන්න පටන් අරං තුන්වෙනි මාසේ. අවුරුදු පහකට විතර කලින්. ඒ posts පෙළ කොටස් තුනකින් ලියැවුණේ. තුන්වෙනි කොටසේදී මගෙන් මෙහෙමත් ලියවුණා.

‘... 2009 කාලය වන විටය 'ආවොත් නොයා බැරිය - 1'පෝස්ටුවේ මුලදී කෙටූ ලෙස කිත්සිරි හෙට්ටිහේවා මහතා කඩා පාත් වුණේ. "ඔන්න නිමල් මම දන්නේ නෑ. මට නම් දොස් කියන්න එපා. මට ක‍රන්න දෙයක් නෑ. මිස්ටර් කුරුප්පු කිව්වා මං ආයේ ඕස්ට්‍රේලියාවට එන්න කලින් ඔයාට කම්පියුටර් එකක් අරන් දීලම එන්න කියලා."

"ඉතින් කිත්සිරි මහත්තයා, මං කම්පියුටරයක් ඕනෙයි කිව්වේ නැහැනේ."

"එව්වා මං දන්නේ නැහැ. මිස්ටර් කුරුප්පු කියනවා ඔයාට දැන් කම්පියුටරයක් ඕනේ නැති වුණාට ගෙනාවාට පස්සේ ඒකේ වටිනාකම තේරෙයි කියලා. මිස්ටර් කුරුප්පු ගොඩක් ඇප්රිෂියෙට් කරනවා නිමල් එයාට කරල තියෙන උදව්. ඒකයි එයාට ඕනේ මෙහෙම උදව්වක් හරි නිමල්ට කරන්න." 

කිත්සිරි මහත්තයා මට බුරුලක් දුන්නේම නැත. "නිමලුත් දන්නවනේ මිස්ටර් කුරුප්පු කොච්චර ස්ටබර්න්ද කියලා.... මට පුළුවන් මොකක් හරි කම්පියුටරයක් අරන් එන්න. ඊට වැඩිය හොඳ නැද්ද නිමල්ම එකක් බලලා ගන්න එක." කිත්සිරි මහත්තයා හරියටම නූලට මිෂන් එක කළේය. අන්තිමේදී මම මංජු (රවීන්ද්‍ර ප්‍රසාද් පෙරේරා) ගේ පිහිට පැතුවෙමි. (මංජු ගැන අජාසත්ත -2 පෝස්ටුවෙදීත් කිව්වේ මගේ මුල්ම පරිගණක ගුරුතුමා ඔහු බැවිනි.)  ඔහු මා කැටුව ගොස් මට වඩා පලදායි විය හැකි පරිගණකයක් හා අවශ්‍ය මෙවලම් තෝරා දුන්නේය....’ 

දිගටම ඒ සීලය රකින්නට...

මේ ලියන්නා ඒ පෝස්ටු තුනම ලිව්වේ 2018දීය;
බලෙන්ම මට කොම්පියුටරයක් ලබාදී අවුරුදු අටකට පස්සෙය. හැබැයි, මා මගේ ජීවිත කතාව අකුරු කරන්නට පටන් ගනිද්දී ඒවා කියවන්නට කුරුප්පු මහත්තයා ජීවතුන් අතර හිටියේ නැත. මගේ ඒ ප්‍රමාදය ගැන අදටත් මට දුකය. 

මේ නිමල් දිසානායකට ඩී.බී. කුරුප්පු මහත්තයා වීරයෙකු වුණේ, එතුමා ඕස්ට්‍රේලියාවේ පදිංචි වී හිටි හින්දා නොවේ; බලහත්කාරයෙන්ම මේකාට කොම්පියුටරයක් තෑගි කළ හින්දා නොවේ; මේකා එතුමාව දකිද්දී එතුමාගේ කෙස්ස සුදෝසුදු පාටට හැරිලා තිබුණු වැඩිහිටියෙකු වීම නිසාත් නොවේ. මට අවුරුදු පහළොවක් වෙන්නටත් පෙරාතුව, ‘මැංචෝසන් චාරිකා’ කියවූ දිනයේ පටන්ම එතුමා මගේ සාහිත්‍ය වීරයෙක් වුණේය. ඒ කෘතිය සිංහලයට අනුවාදය කර තිබුණේ කුරුප්පු මහත්මාය! 

1999-2000 කාලයේ පටන්ගත් අපේ හිතවත්කම පුරා අවුරුදු 17ක්ම තව-තවත් වර්ධනය වෙමින් පැවතුණා මිස අඩු වුණේවත්- පලුදු වුණේවත් නැති විත්තිය මා අද සිහි කරන්නේ ඉතා ආඩම්බරයෙනි. 

කුරුප්පු මහත්තයා ඉතා තද නීතිකාරයෙක් වුණේය; අකුරට වැඩ කරන්නෙක් වුණේය; අනම්‍ය ඍජු ප්‍රතිපත්තිගරුක කෙනෙකුත් වුණේය. ඕනෑම තරාතිරමක කෙනෙකුගේ වුවත් වැරැද්දක් දුටුවොතින් එය විවේචනය කරන්නට තරම් එඩිතරත් වුණේය. එසේ කරද්දී අවංක වුණා මිස, එයින් තමන්ට පාඩුවක්; අලාභයක් වෙයිදැයි හිතා බලන්නට සුනංගු නොවුණේය.

ඒ වනවිටත් එවන් ප්‍රතිපත්තිවලට හුරුව සිටි මට දිගටම ඒ සීලය රකින්නට එතුමාගෙන් තවත් ශක්තිය ලැබුණේය. දිරි ලැබුණේය. ඒ ඩී.බී. කුරුප්පු මහතා සුසමාදර්ශයක් ලෙස මා දුටු බැවිනි. 

කෙනෙකු ‘හලෝ මචං’ කී පමණින්ම, සිගරට්ටුවක් බෙදාගත් පමණින්ම, මදුවිතක් තොල ගාන්නට සෙටමෝල් වුණු පමණින්ම ඔහුට ‘බොක්ක’ යැයි කියන සමාජයකි අද ඇත්තේ. බොහෝ දෙනෙකුගේ එවන් ප්‍රකාශ කොතෙක් අවංකද යන්න විමසා බැලුවාමය, අරුමය දැනෙන්නේ.

එහෙව් සමයක හිතවතුන්ගේ; මිතුරන්ගේ; සාහිත්‍යකාමීන්ගේ පැසසුමට ලක් වෙන්නට; හැබෑ ගෞරවාදරයට පත් වෙන්නට ඩී.බී. කුරුප්පු මහතා සමත්ව සිටියි. එතුමන්ගේ අභාවයෙන් වසර 6කට පසුවත් එය අඩු වී නැත!!

ආයෙමත් මේ කෙටිකථා තරගය ගැන මට මතක් වුණේ පෙබරවාරි මාසයේ සිසිලකියවද්දීය.

ඩී.බී. කුරුප්පු අනුස්මරණ කෙටිකතා තරගාවලිය 2022 - නමින් විවෘත කෙටිකතා තරගයක් සංවිධානය කෙරෙමින් තිබෙන බව සිසිල විද්‍යුත් සඟරාවෙන් දුටු විට මමත් සතුටට පත්වීමි. ඒ ගැන විස්තරත් නිදිගෙ පංච තන්තරේට ලිව්වෙමි.

“තරගෙ තියෙන්නේ ඕස්ට්‍රේලියාවෙනෙ...” කියා හිතුණු නිසාදෝ ඊට පස්සේ මම ඒ ගැන සොයන්නට නොගියෙමි.
අනෙක, මාසිකව නොමිලයේම ඊමේල් එකක් ලෙසින් ලැබෙන සිසිල සඟරාව එහෙම පිටින්ම කියවා හමාර කරන්නටත් මට සති කිහිපයක් ගත වෙයි. ඒ කටයුත්ත කෙරෙන්නේත් කඩින්-කඩ විවේක ලැබෙන විදිහටය. එහෙම වුණත් හරි කලට වෙලාවට ‘සිසිල’ ගෙදරටම එයි! මගේ කතාව විශ්වාස කරන්නට අසීරුද? නිකමට
sisila.sangarawa@gmail.com ලිපිනයට ‘සිසිල එවන්නැයි’ දන්වා බලන්න!

‘රසිකොලොජි’ blog අඩවියේ රසික සූරියආරච්චි සහෘදයා (මට දැනෙන විදිහට) දැන් ප්‍රමුඛතාව දෙන්නේ බ්ලොගයට නොවේ. ‘සිසිල සඟරාව’ සංස්කරණය කරන රාජකාරියටය.

ඉතිං ආයෙමත් මේ කෙටිකථා තරගය ගැන මට මතක් වුණේ පෙබරවාරි මාසයේ ‘සිසිල’ කියවද්දීය. එතකොට නං මම මටම ටොක්කක් ඇන ගත්තෙමි. ‘යක්ෂයෝ, තමුසෙ ලියන්න හිතාගෙන හිටිය නේද, ඔය සඟරාවේ තිබුණු කවි පන්ති දෙක තුනක් ගැන... ඒවා ලිව්ව කවියෙක් ගැන....’ මගේම යටි හිත මට කෝචෝක් කළාමය, මං වහන්සේ මටම ටොක්කක් ඇන ගත්තේ- දඬුවමක් ලෙස. 

‘ඊට කලින් මේ තරගය ගැන ලියන්නෝනි!’ මට කල්පනා වුණේය. මේ ලියැවෙන්නේ ඒකය!

2022 අගෝස්තු ‘සිසිල’ කලාපයෙන් කියා තිබුණු හැටියට නම් ජයග්‍රාහී කෙටිකතාකරුවන්ට හෝ කෙටිකතාකාරිනියන්ට හෝ ලැබෙන ප්‍රතිලාභ මෙහෙමය. 

‘පළමු ත්‍යාගය - රුපියල් 50,000/-
දෙවන ත්‍යාගය - රුපියල් 30,000/-
තෙවන ත්‍යාගය - රුපියල් 20,000/-
විනිශ්චය අනුව තේරෙන පළමු කෙටිකතා 15 පොතක් ලෙස මුද්‍රණය කිරීමට කටයුතු යොදා ඇත...’
 

මේ ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්වෙනවාය කියන්නේත් කොළඹදී නොවේ. මලගනේ තඹරව තිඹිරිගෙදරදීය!

රසික මහත්මයාණෙනි, ඩී.බී. කුරුප්පු අනුස්මරණ කමිටුවේ මහත්ම මහත්මීනි. දැන් නම් ඔබ සැමගෙන් ප්‍රශ්නයක් නොවිමසා බැරිය. ඔබ ‘දුන් වචනය’ වෙනස් කළේ ඇයි? සිරි ලංකාවේ දේශපාලකයන් නිතරෝම එහෙම කිරීම ආදර්ශයට  ගන්නට හිතුණාවත්ද? එයාල නං වචනය වෙනස් කරන්නේ උන්ගේ වාසියටය. ඔයාල නං එහෙම නොවීම ගැන මට හරිම සතුටුය!

ඔබගේ වචනය වෙනස්කොට තිබෙන්නේ කෙටිකතා එවූවන්ගේ වාසිය පිණිසය! 

‘අපේ සාහිත්‍ය ඉතිහාසයේ කෙටිකතාවකට ගෙවන විශාලතම ත්‍යාගය’ යැයි සැබවින්ම උදම් අනන්නට ඔබ සැමට හැකිය.

ඒ අනුව ජයග්‍රාහී කෙටිකතා රචකයාට මුදලින් රුපියල් 50,000/-ක නොව ලක්ෂයකම තෑග්ගක් හිමි වෙයි. ඒ බව නිවේදනය කර තිබෙන්නේ, 2023 පෙබරවාරි සිසිල කලාපයේය.

ඒ විතරකුත් නොවේ. විනිසුරු මඬුල්ලෙන් තේරූ පළමු කෙටිකථා 15 පොතක් ලෙසිනුත් මාර්තු 19වෙනිදා ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන ත්‍යාග ප්‍රදානෝත්සවයකදී එළි දැක්වෙන බව එහි සඳහන්ය. ඒ විනිසුරු මණ්ඩලයත් නිස්සන්ගෙන්ම සැදුම්ලත් එකක් විත්තිය ඔවුන්ගේ නම් ලැයිස්තුව කියාපායි. මේ එම සම්භාවනීය විනිසුරු මඬුල්ලයි.

අනුරසිරි හෙට්ටිගේ, කපිල එම් ගමගේ, කමල් පෙරේරා, අනුර බී සෙනෙවිරත්න, ස්වර්ණකාන්ති රාජපක්ෂ, ආචාර්ය පාලිත ගනේවත්ත, ඩබ් එච් උපසේන, රසික සූරියාරච්චි හා ලක්ෂ්මන් කොඩිතුවක්කු.
Grate Job! මෙන්න මගේ සුපැතුම්!! 

චුට්ටක් ඉන්න-  චුට්ටක් ඉන්න. ඉවර නැත. හරිම වැදගත් තවත් චුට්ටක් ඉතිරිය.

මේ ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්වෙනවාය කියන්නේත් කොළඹදී නොවේ. මලගනේ තඹරව තිඹිරිගෙදරදීය. ඒ ගැන තිබෙන විස්තරයට යටින්.... කෙටි වැකියකි. 

දුරකථන වට්ස්ඇප් ඔස්සේ තිඹිරියාගම බණ්ඩාර 0710 386 339

තිඹිරි, මංජුල වෙඩිවර්ධන කියූ ගමන්ම මට මතක් වෙන්නේ ‘මේරි නම් වූ මරියා’ විජ්ජුම්බරයයි. ඒ වගේම මලගනේ කී ගමන්ම වසන්ත විජය බණ්ඩාර හිතවත් මිතුරා මතක් වෙයි. මලගනේ... මලගනේ...

මට ජංගම දුරකතනයක් නැත්තෙන් වට්ස්ඇප්ද නැත. ඒත් මොකෝ... land line එකෙන් try කරන්න තහංචි දාල නැහැනේ! “ආයුබෝවන්, ඔය තිඹිරියාගම බණ්ඩාර මහත්තයද?” 

තිඹිරිගෙදර කියලා fb එකෙනුත් හොයලා බලන්නකො...

“ඔව්, කතා කරනවා...”
“මම මහරගමින්. නිමල් දිසානායක.”
“නිමල් අයියා! ඉතිං... ඉතිං...”

තිඹිරිට තවමත් මාව මතකය. “ඉස්සෙල්ලම අහන්න ඕනේ දෙයක් තියෙනවා. තිඹිරි ඉන්නෙත් වාරියපොළ මලගනේද?”
“ඔව්, ඇයි නිමල් අයියේ.”
“ඔහෙ හිටියා වසන්ත කියලා මගෙ යාළුවෙක්. වාරියපොළ ඉස්පිරිතාලේ ඉස්සරහම
මල් ශාලාව කළේ එයා... ප්‍රියංකා මල් ශාලාව.” 

“වසන්ත ඔයාගේ යාළුවෙක්ද? මිනිහා...” තිඹිරි හිතන දේ මට වැටහෙයි.

“දන්නවා, දන්නවා. වසන්ත මට පොරොන්දුවක් දීලයි තිබුණේ, තිඹිරි. මම මැරුණට පස්සේ මගෙ එම්බාම් කටයූතු- මිනී පෙට්ටිය, සේරම එයා ගණනේ නොමිලේ කරල දෙනවයි කියලා. මිනිහා මට වඩා ගොඩක් බාලයිනේ... ඒත්, එහෙම කියපු එයා මට ඉස්සෙල්ලා ගියා. වසන්තගේ වෙඩින් එකටත් මං මලගනේ ආවා, නෙවිලුත් එක්ක- මෝටර් සයිකලේකින්... 1987 විතර.”
“නිමල් අයියේ, වසන්තයි මායි එකට ඉගෙන ගත්තේ!”
 

මේ අලගිය මුලගිය තැන් කියවෙන්නේ දැන්ය. “අපි මෙහෙදී පොදු වැඩ ගොඩක් කරනව. පුරුද්ද අතෑරගන්න බැහැනෙ. තිඹිරිගෙදර කියලා fb එකෙනුත් හොයලා බලන්නකො... අපේ වැඩ ගැන ඒකෙන් බලාගන්න පුළුවන්.”

ඉතිං, මම සොයා බැලුවෙමි. අම්මට සිරි!

තිඹිරි ගෙදරින් කෙරෙන සමාජ සුබසාධන වැඩ කටයුතු කප්පරකි! ජගත් ජේ එදිරිසිංහ මහතාගේ ‘මම සමන්’ යොවුන් නවකතාවත් මාර්තු 19 වෙනිදා එතැනදීම දොරට වඩියි. ජගත් වෙසෙන්නෙත් ඕස්ට්‍රේලියාවේය.
ශ්‍රී ලංකේය කලාකරුවන්ගෙන්- කලා ලැදියාව ඇත්තවුන්ගෙන් වැඩි හරියක්ම එහාට ගිහිං, සිංගරුවන් වී ඉන්නා පාටය.

ඕස්ට්‍රේලියාවේම සිටින තවත් සාහිත්‍ය රසකාමී හිතවතෙකු නිසා, අහම්බෙන් මතු වුණු යෝජනාවක් දැන් අතු-ඉති ලියලමින් වැඩෙයි. ඒ සඳහා මුල පිරුණේ පසුගිය දෙසැම්බර් මාසයේ මුලදීය. ඕස්ට්‍රේලියාවේ සිට ලංකාවට පැමිණි සිරිබිරිස් හිතවතා අපේ ගෙදරට කතාකොට- උත්තර නැති නිසා නෙවිල්ගේ ජංගම දුරකතනයට call කළේය. එතකොට අප හිටියේ මාතලේය.

ජගත් ජේ එදිරිසිංහ මහතාගේ මම සමන් යොවුන් නවකතාවත් මාර්තු 19 වෙනිදා එතැනදීම දොරට වඩියි.

නිදිගෙ පංච තන්තරේ හරහා නිදි එක්ක මිතුරු වූවෙකි; සිරිබිරිස්. “නිමල් අයියේ මම ලංකාවට ආවා. නෙවිල් අයියා කිව්වා ඔයාලා ලොකු trip එකක් ගිහිං බව. කවද්ද ආපහු එන්නෙ. එතකොට මං එන්නං ඔයාව හම්බ වෙන්න.”

ඔහු වචනය රැක්කේය. අපේ ගෙදරට ආවේය. හිතවතුන් දෙතුන් දෙනෙකු හා එක්ව සතුටු සාමීචියක යෙදෙන්නට ඕනෑ බවත් එදා කිව්වේය. “තට්ටයාගේ කොලම ලියන මංජුල මහතාගේ camping site එකක් තියෙනවාලු, හක්බෙල්ලාවක. කාලෙක ඉඳලා මාත් ගිහිං එන්නයි හිතාගෙන හිටියේ Teepee එකට. අහලා බලමුද? නොම්මරේ දෙන්නං.” එතකොට මගෙන් යෝජනා විණි.

“ඇයි යෝදයො, මට නොම්මරේ දෙන්න හදන්නේ- ඔයාම අහලා වැඩේ ලැහැස්ති කරගන්නකො. මගෙ කාර් එකෙනුයි, Pra Jayගෙ කාර් එකෙනුයි යමු. අට දෙනෙකුට යන්න පුළුවන්!” සිරිබිරිස් යෝජනාව සම්මත කළේය. එදා අපේ සාකච්ඡාවෙන් පස්සේ ටෙලිෆෝන් පණිවිඩ කප්පරක් එහාට- මෙහාට ගියේය. වැඩේ සංවිධානය වෙන්නට පටන් ගත්තේය. 

“තමුසෙ දන්න තැනක්ද ඔය තව කෙනෙකුට රෙකමන් කළේ? Fotoවලින් විතරක් බලලා...” ඒ අස්සෙම මට මතක් වුණේය.
අපේ සමිතුත් ලංකාවට ඇවිත්, කොහෙ හරි trip එකක් යමුයි කියමින් හිටි විත්තියත් මගේ කල්පනාවට ආවේය. ඉතිං අපි ගිනියා pigsලා වීමු. ඒ දිනක day out එකක් සඳහා එහි යාමෙනි.

“අපේ කට්ටිය එහාට ගිහිං ආවා. තැන ලස්සනයි, හොඳයි, නිස්කලංකයි.” මම සිරිබිරිස් උන්නැහෙට දුන් මගේ රෙකමදාරුව තහවුරු කළෙමි. ගමන යැවුණේය.

ඒ ගමනට ගියේ අප අට දෙනෙකි. එයින් blog රචකයන් හිටියේ පස් දෙනෙකු පමණි. (Teepee කඳවුරු බිම පවත්වාගෙන යන තට්ටයා මහතාත් blog රචකයෙකු බැවින් එය හයක් විණි.)
ඒ ගැන වෙසෙසින් මෙතැන සඳහන් කරන්නේ ඇත්ත ඇති සැටියෙන් ලියා තබා- බ්ලොග් රචකයන් නොවෙන සිරිබිරිස් උන්නැහේටත්, Pra Jay මහතාටත්, blog රචක අසංග රණසිංහආරච්චි මහතාටත් ලැබිය යුතු යැයි මා සිතන ගෞරවය ලබාදීමටය.

ඔවුන්ගේ වාහනවලින් අප එහාට කැඳවාගෙන යමින්, අන්න-පාන සැපයූයේ blogකරුවන් නොවන දෙන්නාය. කඳවුරු බිමත්, උදේ සහ දහවල් ආහාරපාන සඳහාත් ගෙවිය යුතු මුදල් පමණි, අප එකිනෙකා විසින් දැරුවේ. එතැනදීත් ඒ දෙන්නා ඔවුනගේ මුදල ගෙවීමට තරම් නොමසුරු වූහ.

ප්‍රශ්නකාරි තැන්වල නොගැවසී ඉඳීම තමයි හොඳ!

ඉතිං, උදේ කෑමෙන් පසුව එතැනදී කෙරුණු සුහද කතාබහේදීය, කොළොම්පුරේ blog රචක අසංග රණසිංහආරච්චි සහෘදයා ‘බ්ලොග්කරුවන්ගේ සුහද හමුවක් පවත්වමු’යි යෝජනා කළේ.

ඉතිරිය ගැන මා නොලියන්නේ දැනටමත් අපගේ ඒ සහෘද එකමුතුව ගැනත්, ඊට පසුව යළිත් පැවැත්වුණු දෙවෙනි එකමුතුව ගැනත් තොරතුරු ඇතුළත් posts කිහිපයක්ම ලියැවී ඇති බැවිනි.

හැබැයි, ඒ එකමුතුවීම් දෙකම බ්ලොග්කරුවන්ට සීමාවූ ඔවුන්ගේ සුහද හමු නොවේ! Blog ප්‍රවර්ධන සාකච්ඡාවනුත් නොවේ. එහෙත් ඒ දෙකටම වැඩි සංඛ්‍යාවක් සහභාගී වුණේ blog රචකයන් වීම වෙනම කාරණයකි. 

එහෙත් ඒ බව වටහා නොගත් හෝ වටහා නොගත් බව පෙන්වමින් හෝ අවලාද නැඟීම් පවා සිදු විණි. එයින් සිදු වුණු එක බලපෑමක් නම් ඉතා කනගාටුවෙන් වුවත් විශේෂයෙන් කිව යුතුය.
මා දන්නා තරමින් අපේ blog අඩවි රැසක්ම කියවමින්; ඒ හැම එකකටම comments පවා එවමින් සිටි ‘නැණවත්- සුපරීක්ෂකාරී කියවන්නියක්’ ජනවාරි 28 වෙනිදා මෙසේ කියා, ඉන්පසුව කමෙන්ට්ස් දැමීම නතර කර දැමූ බවය පෙනෙන්නේ: ‘...ප්‍රශ්නකාරී තැන්වල නොගැවසී ඉඳීම තමයි හොඳ. බලාගෙන ගියාම ලංකාවේ මිනිස්සුන් එක්ක in-person ගැවසුනත්, online ගැවසුනත් ලෙඩක් තමයි.’

එසේ අනතුරු අඟවා තිබියදීත්ය, නිදි මෙසේ සත්‍ය තත්ත්වය වාර්තා කර තබන්නේ. 

අපේ සුහද එකමුතුවීම්වලදී ‘කියවුණු කරුණුත්, මතු වුණු යෝජනාත්’ blog ප්‍රවර්ධනය සඳහා අතිශයින්ම වැඩදායී වෙන බව නම්, අර blog හිතැති සිරිබිරිස්, Pra Jay දෙන්නාට ස්තුති පූර්වක වෙන අතරේම- කිව යුතුය. (ඒ දෙදෙනාම ප්‍රසිද්ධියට අකැමැති අය වෙති; ගෞරවය සොයා යන්නෝ නොවෙති.)
ඒ ප්‍රවර්ධන වැඩ සටහන
‘සඳකඩ පහණ’ සින්ඩිය හරහා දියත් වීම ලොකු ශක්තියක් වෙයි. එවන් බරපතල කටයුත්තකට උර දීම ගැන සඳකඩ පහණ සින්ඩියේ ඇඩ්මින්වරුන්ට බ්ලොග්කරුවන්ගේ ස්තුතිය හිමි විය යුතුය.

ඒ වෑයමෙන් මතු වුණු අතුරු ප්‍රතිඵලයක් ගැනත් ඊයේ (පෙබරවාරි 12) දැනගන්නට ලැබිණි. Blogකරුවන්ගේ තවත් සුහද හමුවක් පවත්වන්නට සැරසෙන්නේලු! 

ඉතිං, කුරුප්පු මහතාණෙනි.

සාහිත්‍යයට සෙතක් සිදු වෙන කටයුතුවලදී ඔබතුමන් සතුටු වුණු ආකාරය මම හොඳින්ම දන්නෙමි.
එබැවින් මේ අනුස්මරණ කෙටිකතා තරගාවලිය ගැන විතරක් නොවේ; ළඟදීම පැවැත්වෙන්නට නියමිත බ්ලොග්කරුවන්ගේ සුහද හමු ගැනත් ඔබතුමන්ට සතුටු විය හැකිය.
ඔබ බලහත්කාරයෙන්ම මට ලබාදුන් කොම්පියුටරයත් මේ දෙවෙනි සද්කාර්යයට අනියමින් හෝ සම්බන්ධ නිසාය ඒ. ඒ වෙනුවෙන් ඔබතුමන්ට අනේක වාරයක් පිං පුදමි෴0෴

37 comments:

  1. අපිටත් පුලුහංද දන්නෙ නෑ. මක්ක හරි අකුරු කරලා දාන්න... ශිෂිලට. කරුමෙටවත් ලස්සේ ඇදුනොත් 🔥😂

    ReplyDelete
  2. සුහදත්ව වර්ධන වැඩසටහන් තිබීම... ඉතා හොඳ වැඩක්.

    //කෙනෙකු ‘හලෝ මචං’ කී පමණින්ම, සිගරට්ටුවක් බෙදාගත් පමණින්ම, මදුවිතක් තොල ගාන්නට සෙටමෝල් වුණු පමණින්ම ඔහුට ‘බොක්ක’ යැයි කියන සමාජයකි අද ඇත්තේ.// - ඉක්මනට පැහැදෙනවා ඉක්මනට අපැහැදෙනව. වැඩිහරියක් වෙන්නෙ ඕක නෙව.

    ReplyDelete
    Replies
    1. නමී, ඔයා කියා ඇති කරුණු දෙකටම එකඟයි.

      Delete
  3. නිදිට ගජ මිතුරු සම්පත්තිය නං අගේට පිහිටලා තියනවා. කුරුප්පු මහත්තයා කොම්පීටරේ දීලා උනන්දු කල නිසානෙ, අපිත් මේවා කියවන්නෙ?

    ReplyDelete
    Replies
    1. ලෝටස්: රශ්නකාරී තැන්වල නොගැවසී ඉඳීම තමයි හොඳ. බලාගෙන ගියාම ලංකාවේ මිනිස්සුන් එක්ක in-person ගැවසුනත්, online ගැවසුනත් ලෙඩක් තමයි.

      කමියා: මම නම් එකම ගෙට් එකක්වත් සංවිධනය කරන්නේ නෑ තවත්. බොක්කෙන්ම කරන්න ගිහිං හිත රිදීමකින් අවසන් උනා. නමුත් කවුරුන් හෝ එකක් කරඔත් ඒකට සහභාගි වෙනව.

      සඳකඩපහන: එහෙත් මේ වන විට කණ්ඩායම් දෙකක් විසින් සුහද හමු දෙකක් පවත්වන්නට උත්සාහ කරණ අයුරක් අපට පෙනී යයි

      බස්සෙක්: හූම්....හූම්

      Delete
    2. ගජ මිතුරු සම්පත.... ඔව්මයි බස්සා මහත්තයෝ. හැම දෙනාටම ඒ සම්පත ලැබෙනවා නං!

      Delete
    3. දෙවෙනි comment එක ගැනයි.
      සඳකඩ පහණෙන් සංවිධානය කෙරෙන සුහද හමුව ගැන මා දැන ගන්නෙත් බ්ලොග්ස්වල පළ වෙන තොරතුරුවලින්. අනෙක් සුහද හමුව ගැන මා දන්නේ ආරංචි මාත්‍රයක් විතරයි. ජංගම දුරකථනයක් පාවිච්චි නොකරන නිසා වට්ස්ඇප් සමූහවලට මගෙ සම්බන්ධයක් නැහැනේ...

      Delete
  4. Replies
    1. හ්ම් හරි හුම් හරි කිව්වොත්නෙ බස්සෙක් වෙන්නේ? ඔන්න මං රසික, Pra Jay මහත්තුරුන් දෙපලටම 'හා' කියනවා!

      Delete
  5. සිසිලනං මාත් කියෝනව. ඒ උනාට අපි කෙටිකතා ලිව්වොත් එහෙම පළවෙනි තෑග්ග ෂුවර් හින්ද නොලිය ඉඳල ඒ චෑන්ස් එක වෙන කාට හරි ලැබෙන්න සලස්සනව හිටං.

    ReplyDelete
    Replies
    1. නයනු පයන්න ගැනය ලියන්නෙ 😎😎

      Delete
    2. ප්‍රසන්න, පරහිතකාමී වීම ගැන ගොඩාරියක් ඉස්තූතියි! රටේ මහතැන්වලටත් ඔය ගතිය බෝ වෙනව නං!!

      මහේෂ්ගේ පුරස්නෙට උත්තර ප්‍රසෝ, ඔහෙම තමයි දෙන්න ඕනේ.

      Delete
    3. නෑ පයනු னයන්න ගැන ලියන්නෙ.

      Delete
  6. බ්ලොග් ගෙට් එකට එන්ඩයි බලං ඉන්නෙ. බලමු නේද. බ්ලොග් එක අප්ඩේට් වෙන්නෙත් ඉඳ හිටල නිසා ඕව අපිට අකැපයි කියල අර වවුල් තඩිය කීවොත් හේම 🤭🤭🤭

    ReplyDelete
    Replies
    1. එන එන හැටියටනේ මහේෂ් මහත්තයෝ බලන්න වෙන්නේ... ඒ ඒ අය සංවිධානය කරන හැටි- කෙරෙන දේ ගැනත් දැනුවත් වුණාම... තමයි මාත් හිතන්නේ...

      Delete
  7. නිමල් අයිය තාම හම්බෙලා නැති එකේ එඥ්ඥංකො කෝම හරි හම්බෙලා කතා කරල යන්ට

    ReplyDelete
    Replies
    1. තවම හම්බ වෙලා නැති වුණත්, ඔයා ගැනත් මහේෂ්- විස්තර චුට්ටක් විතර මට ඇහිලා තියෙනවා. ගෙට් වලදී නැතත් ඔයාව හමු වෙන්න ඉඩක් ලැබෙයි කියලයි මට හිතෙන්නේ.... සුබවාදීව හිතමු!

      Delete
  8. සිසිල පළවෙනි කළාපේ ඉඳලම රසික මටත් එවනවා. ඇත්තටම රසික ඒ වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරන බව පේනවා.. දවසින් දවස කන්ටෙන්ට් වල ගුණාත්මක බාවය ඉහල යනවා සිසිලේ..

    ආ.. බ්ලොග් ගෙට් කතාව නේද? ඇත්තටම ඔයා වට්සැප් නැති එක හොඳයි. හොඳටම හිත රිදෙන සිදුවීම් තමයි පහුගිය දවස් ටිකේම උනේ. මිස් අන්ඩර්ස්ටෑඅන්ඩින්ග් කියන එක කොච්චර ක්ලෝස් යාලුවෝ අතර උනත් වෙන්න පුලුවන්. දුකයි. ඒත් සැලෙන්නේ නෑ. කවුරු හරි ගෙට් එකක් කරොත් පුලුවන් උපරිමේ උත්සාහ කරලා ඒකට යනවා. මාර්තු 19 ඉරිදාවක්.. පුලුවන් උනොත් තිඹිරි ගෙදරත් යමු. ජයවේවා!

    ReplyDelete
    Replies
    1. කමී, සිසිල එවන්නෙත් නොමිලේමනේ. මම ඒ ගැන කියන්නේ කාටත් ගෙන්නාගෙන බලන්න වටිනවා කියලයි.

      ඔයා ඉතිං කාටත් උදව් කරන්න සැදී-පැහැදී ඉන්න කෙනානේ කමී. අවුරුදු කීපෙකට කලින් (මම blog ලෝකෙට එන්නත් කලින්) උදව් කරන්න ගිය විස්තරත් පරණ posts වලින්ම කියවල තියෙනවා.

      බලමු, තිඹිරි ගෙදර පැත්තෙත් යන්න.

      Delete
  9. හිතවත් ඩ්‍රැකී, තට්ටයා, කොලොම්පුරේ, කමියා හා නිදි වෙත.

    ඔබ සමූහය විසින් පවත්වන්නට යෙදුනු බ්ලොග් හමුව සඳහා අවශ්‍ය ප්‍රචාරණය ලබාදීමට අපගේ සින්ඩිය මැදිහත් වූයේ මහත්වූ සතුටකින් සහ අපේක්ෂාවකින්ය.

    එහෙත් මේ වන විට කණ්ඩායම් දෙකක් විසින් සුහද හමු දෙකක් පවත්වන්නට උත්සාහ කරණ අයුරක් අපට පෙනී යයි. එය එක්තරා අයුරකින් සාධණීය තත්වයකි.

    කරුණාකර මෙම බ්ලොග් හමු පැවැත්වෙන දිනයන් හා ස්ථානයක් පිළිබඳව අපව දැණුවත් කරණ්නේ නම් එය අපට බ්ලොග් 1250ක් අතර බෙදා හැරිය හැක.

    ඒ පිළිබඳව කිසියම් එකඟතාවයක් ඇතිවූ විගස අපව දැනුවත් කරණ්න.

    මෙම උත්සව සඳහා අප මැදිහත්වන්නේ හුදෙක් ප්‍රචාරණයෙන් පමනි. එබැවින් එම උත්සව පැවැත්වෙන දිනයන් හෝ ආකාරය පිළිබඳව අප කණ්ඩායම වගකීමෙන් ඉවත්ව කටයුතු කරණ බවද සැලකිල්ලට ගන්නා මෙන් ඉල්ලා සිටිමි.

    බ්ලොග් හමු ද්විත්වයටම ජය වේවා!

    ReplyDelete
    Replies
    1. අම්මෝ අම්මෝ!
      සඳකඩ පහණේ ඇඩ්මින් මහත්වරුනි,
      මගෙ නමත් දාලා- //ඔබ සමූහය විසින් පවත්වන්නට යෙදුනු බ්ලොග් හමුව සඳහා ...// කියල ලියා තියෙන පොදු ලිපිය මඟින් මට අයිති නැති ගරුත්වයක් පුදා තියෙන එක ගැන ස්තුතියි.
      ජංගම දුරකතනයක් පාවිච්චි නොකිරීමේ වාසනාව නිසා මං වහන්සේ ඔය සුහද හමු දෙකෙන් එකකවත් මෙහෙයුම්වලට සම්බන්ධ වෙන්න හැකි වෙලා නැහැ; එකකට නං ආරාධනා ලැබිලත්.

      ඒත් හැකි හැම විටම ඒවාට පුළුවන් සහයක් දෙනවා... හැකි හා යුතු පරිදි.
      බ්ලොග් හමු ද්විත්වයටම ජය වේවා!!!

      Delete
  10. කුරුප්පු මහත්තයා ගැන විස්තර හොයනකොට මේක හම්බවුනා:
    http://thatu-nethi-pitu.blogspot.com/2015/02/blog-post_19.html
    සමාජවාදය ප්‍රමෝට් කල කුරුප්පු මහත්තයා, සැඳෑ සමය ගතකිරීමට ඔස්ටේලියාව තෝරා ගැනීම දෛවයේ සරදමක් කියලා හිතුනා.

    ReplyDelete
    Replies
    1. එතනදී නම් වුණු බව පෙනෙන්නේ බස්සා මහත්තයෝ, බිරිය හා දූන් දෙදෙනා එක්ක කුටුම්බය රැක ගැනීම උදෙසා නොරටකට සංක්‍රමණය වීම වගෙයි.

      Delete
  11. මම කිව්වෙ ප්‍රශ්නකාරී තැන් කියලනෙ. නිදිගෙ පංච තන්තරේ ඉතින් ප්‍රශ්නකාරී තැනක් නෙවෙයිනෙ.

    හැපි වැලන්ටයින්ස්!!

    ReplyDelete
    Replies
    1. හා ඔය ඇවිත් තියෙන්නෙ ලෝටස් මහත්තයා. අපේ නිදි තුමා සාංකාවෙන් හිටියෙ. ගහලා පන්නන්න හිතෙනවා නං, මස්කට්ටකින්ම ගහන්න සෑර්.

      Delete
    2. ඇත්තම කිව්වොත් නරිමොටෝ Lotus වගේ රීඩර්ස්ලා ඉතාම ගෞරව පෙරදැරිව ආරක්ෂා කර ගැනීමයි blogs ලියන අපේ යුතුකම. ඒකයි මගෙ හැඟීම.
      කොතැනක වුවත් පළවී ඇති ඇයගේ comments උවමනාවෙන් කියෙව්වොත් පෙනෙනවානේ එයාගේ පරීක්ෂාකාරී කියවීම හා වටහා ගැනීමටත් ; යම් යම් සැඟවුණු තැන් ග්‍රහණය කර ගැනීමටත් තියෙන හැකියාව.
      ඒකයි මං ඉතා කනගාටුවෙන් හිටියේ Lotus අපට ප්‍රතිචාර දැක්වීම නවත්තලාය කියලා හිතුනාම.

      Lotus, ඉතාම සාදරයෙන් ඔබගෙ නැවත ආගමනය පිළිගන්නවා- ඒක හොඳම වැලන්ටයින් ත්‍යාගයක්!!!

      උත්තර දීම පමා වුණේ දෙදවසක් ගෙදර නොහිටි නිසයි. කරුණාකර ඒ ගැන කනගාටුවත් පිළිගන්න.

      Delete
    3. බොහොම ස්තුතියි, නිමල් (හා නරිමොටා සහ අජිත්). Appreciate it.

      Delete
  12. සිසිල නම් මාත් කියවනවා හැකි වෙලාවට. හොඳ කෙටි කතා යනවා. අනිත් ඒවා ගැන කතා නොකර ඉන්න තමයි හිතාගෙන ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. අජිත් මහත්තයෝ, මට නං සිසිලෙ වැඩියෙන්ම අල්ලන්නේ කවි හා විශේෂාංග. ඒක කිව්වේ සිසිල එක එක්කෙනාගේ රුචිවලට ගැලපෙනවා කියලා ඔයාගේ comment එක දැක්කාම හිතුනු නිසයි.

      Delete
    2. ඒක හොඳයි. රසිකගේ මහන්සිය වතුරේ ගිහින් නැහැ. ලෝටස් ට කියන්න තියෙන්නෙත් නිදි මට කිව්ව එකම තමයි එදා උදේ කතා කල වෙලේ. ඒ අයගේ ඔළුවල තවම ඔයා ඉන්න නිසා ඔය විවේචන මඩ ගැසීම් එන්නේ. ඔයාගේ ඔලුවේ තියාගෙන නැති නිසා ඔයා අයින් වෙලා යන්නේ කියල. නිදි පොත් දහයක් ලියන්න පුළුවන් අත්දැකීම් තියෙන කෙනෙක් මැක්සිම් ගෝර්කි වගේ. හිටපු ගමන් මසුරං කතා කියන්නේ. හේ හේ. කොහොමත් ලෝටස් තුමී නැවත ආ එකට සතුටුයි.

      Delete
    3. //පොත් දහයක් ලියන්න පුළුවන් අත්දැකීම් තියෙන කෙනෙක්// මාර පැසසුමක් නෙව අජිත් මහත්තයෝ!

      Delete
  13. ඩීබී කුරුප්පු අනුස්මරණ කෙටිකතා තරගාවලිය පිළිබඳ සටහනට ස්තුතියි නිමල් මහත්තයා... 2022 යනු මේ තරගාවලියේ තෙවන තරගයයි... අපි 2018 හා 2020 දී මෙයට පෙර තරග දෙකක් පැවැත්වූවා..

    ReplyDelete
    Replies
    1. ඔව් ජගත් මහතාණෙනි, අගෝස්තු සිසිල සඟරාවේත් ඒ බව පලවුනු බව මට මතකයි. ඉදිරියටත් තවත් මෙවන් තරගාවලි පවත්වන්නට ඔබ සැමට සවිය, දිරිය හා සම්පත් ලැබේවා!

      Delete