ඉතිං ඔහොම අප්‍රභංස, විලම්බීත, කෙරුවාවල් අස්සේ වුණත් අපි කියාගෙන ආව කතාවත් කියන්න ඕනි නෙව. හැබැයි දැන් නෙවෙයි. මේ posts මාලාවේ ඊළඟ; අවසාන කොටසින්!
එහෙම කිව්ව වගේම, මෙන්න ගරු ගම්භීර-
වියත්- ප්‍රබුද්ධ- රසකාමී රසික රසිකාවනි, මේ පෝස්ටු මාලාවේ හමාර බණවර... (කැමතියි නං අහලම ඉන්න.)
ඔය හැම තෙනම ගහන ගැහිල්ල නොවෙයි! |
අනිත් ගොන් නිකං සුළු මුලාදෑනි. එකෙකුටවත් අර වගෙ විසේස නමක් කාරිය නෑ.
ඔක්කොටම
ගමනට පිටත් වෙන්න ඉස්සර ලාඩම් ගස්සල.
ඔය හැම තෙනම ගහන ගැහිල්ල නොවෙයි. ලාඩමට ගත්තෙ
මිනී ඔළු. මේ වැඩේටම කපා ගත්තු ඔළුවලට එක එක කකුල රිංගවල, සිමෙන්ති බදාමෙකින් හයි
කරලයි තියෙන්නෙ. දැන් හරියටම ඔළු කටුව හරක් කුරේම කොටහක් වගෙයි.
මිනී ඔළු ලාඩම් දැම්මහම
සත්තුන්ට පුදුම යෑමක් යන්න ඇහැකි. ඕන වතුරකින්, මූදක් උඩින්- ඇහි පිල්ලන් ගහන පරක්කුවෙන්
ලිස්සල යනව.
කදිම රටාවකට බොත්තම් අල්ලල, රත්තරං ගාංචු දාපු පටිවලින් ගොන්නු ගලතල තියෙන්නෙ. ගොන්නු නම දෙනාගෙ ඔළු ගෙඩි උඩ ඇණ තියාගෙන වාඩි වෙලා, කරත්ත බාස්ල නම දෙනෙක් අඬහැර තිය තියා දක්කනව- එකෙක් වඳුරෙක් තරම ඇති රැහැයියො.
සරීර කූඩුවේ තරමටම අඬ ඇතුව සීපද කිය කියා යනව. උලමගෙ
සිංදුව ඊට වැඩිය මිහිරියි!
නැකත් වෙලාවට හැම පැත්තෙන්ම
සංගීතෙ ඇහෙද්දි, තෝන්
ලණුව අතට අරං කසේ පාරක් වැනුව. |
වැඩි සද්දයක් නැතුව වේගෙන්
අද්දන්න ඇහැක් වෙන්න රතේ රෝදෙකට හයි කරල ඇති දුනු දහදාහකට ඉහළ ගාණක්. ඒකත් මුළු
ලෝකෙම තියෙන සූක්සම ඔරලෝසු දුසිමක දුනුවලටත් වැඩිය සූස් විදිහටයි.
රතේ පිට පැත්තෙ දජ, පතාක, මල් දම් කියන කොයිවයෙනුත් සරහල.
නැකත් වෙලාවට හැම පැත්තෙන්ම
සංගීතෙ ඇහෙද්දි, තෝන් ලණුව අතට අරං කසේ පාරක් වැනුව. යානාව දියත් උණා. පැය තුනකින්
එංගලන්තෙ ගොඩබිමයි, වයිට් දූපතයි අතරට ගිහින් නැවතුණ.
දවස් හතරක් මෙතෙන මිඩංගු උණා, මගෙ ආරස්සාව යටතේ යන්න හිටිය කණ්ඩායමක් එනකං. ඒ කලක
ඉඳන් බෝල්ටික් මුහුදට යන්න හරිබරි ගැහිච්චි යුද්ද නැව් කණ්ඩායමක් - ඒක වරහත් වෙලා,
දැන් මේ මගෙ පස්සෙන් මද්යදරණි මූදට යාගන්න!
හොන්ඩර දෙකේ තුනේ විසාල කොකු
ජාතියකින් නැව් ඔක්කොම අපේ වාහනේ රෝදවලට ඇමිණුණා. බොහොම ලේසි වැඩේ. හිතූ ගමන්
ඇමිණෙණව. හිතූ ගමන් ගැලවෙනව.
නැව්වල කාල තුවක්කුවලින් ආචාර
වෙඩි මුරයක් තිබ්බ. තුන් සැරයක් හුරේ දැම්ම. මම කසේ අතට ගත්ත. ඔන්න!
පෙරළගෙන යන්න ගත්ත. උස්සපු කසේ පාත් කරන කලියෙන් අපි ඔක්කොම ජිබ්රෝල්ටා ගල ගාව.
නැව් හමුදාව කොකු ඔක්කොම ගලව
ගත්ත. මම ඒ මුලාදෑනින්ට අවසර දීලා පිටත් කෙරුව, තනියම යන්න ආපු දිහාවට යා ගන්න.
ඩේසි ආච්චී ගෙනිහින්ද
මන්දා... |
(ඔය කළුගල් කෑල්ල
කියද්දී මට මතක් වෙන්නෙ කිලෝ 510 නිල් මැණික් ගල් පොකුර! අර රුපියල් කෝටි 5,000 ලන්සුවකුත් ඇවිත් තිබුණේ... ඒත්
දුන්නේ නැහැනෙ. ඊට වැඩි ගාණකට වික්කද- නැතිනං කාගෙ හරි සේප්පුවක් ඇතුළේ හොරෙන්ම
නිධන් වෙලාද- ඩේසි ආච්චී ගෙනිහින්ද මන්දා... දන්න-කියන ඇත්තෙක් ඉන්නවා නං මේ මටත්
කියලා එවන්නකො, තරහ නැතිව.)
කොයි තරං අපරාදයක්ද? එලොව මෙලොව දෙකටම
නැති මේ කළුගල වෙනුවෙන් වෙඩි බේත්වලට පුච්චපු සල්ලියෙන්- ලෝකේ ඕනෑම තැනකින් ගන්න
තිබුණ නේද මේ වගෙ දෙකක් වටින ඉඩම් කෑල්ලක්?
රතේට නැඟිල ආයිත් මෙලෝ
සිහියක් නැතුව දැක්කුව, මද්යදරණි මුහුද හරහා කැන්ඩියා දූපතට. එහෙදි රජකමක් ඇඟට කඩා
වැටෙන්න වගෙයි. රුසියාවට විරුද්ද යුද්දෙට සහබාගි වෙන්න කියල, තුර්කියෙ මහ වාසලෙන්
ආරාදනාවක්. මට ලැබෙන ගතමනාව?
කැන්ඩියා දූපත මගෙ තනි බුත්තියට පවරල දෙන්න.
දූපතක්ම පවරල දෙන්න? යුද්දයකදී පැත්තක්
ගන්නවා නං ‘කාසි වඳ වෙන විත්තිය’ මේ මෑතකදීත් හොඳට පෙනුණා.
නැති වෙන්න දේවල් තියෙන ඇත්තන්, නැති වෙන්න දෙයක් නැති ඇත්තන්ව පරද්දන්න බොරු
වළවල් කපමින්; උගුල් අටවමින් ඉන්න සමයයි දැන් උදා වෙලා තියෙන්නේ. බිය ගැන්වීම්
එහෙමත් කෙරෙන! ඒ සෙල්ලම්වල එපිසෝඩ්ස් ටික තවම ඉවර නෑ... දැන්ම ඉවර වෙන එහෙකුත් නෑ.
ඒ අතරේ දැන් තමයි ‘ආදරයේ අරගලය’ ගැනයි, වෙච්ච හා වෙච්චි නැති දේවල් ගැනයි
විමර්ශනශීලී විග්‍රහයන් කෙරෙන්නේත්.
කිසියම් අර්බුදයකදී කලබල වෙලා
හැඟීම්බර වෙලා මෝඩයෙක් වගේ හත් පොලේ ගාගන්නේ නැතිව තත්ත්වය හොඳට ඇනලයිස් කරලා
අත්දැකීම්වල මතක සමග ගලපා.... |
පෝස්ටුව වගේම comments ටිකත් හරබරයි. මෙන්න ඩිංගක්. කියවපුවාම හිතට දැනෙනවා නං, ගිහින් කියවල බලන්නකො.
‘ඔබ ජීව විද්‍යාව
හදාරා තියෙනවා නම් දන්නවා ඇති මිනිස් මොළයේ ඉස්සරහින් තියෙන කොටස (Prefrontal
Cortex) පූර්ණ වශයෙන් වර්ධනය වෙන්නේ වයස අවුරුදු 25 ක් වත්
වෙනකොටයි. ඒ කොටස තමයි අපට “ඥානය”
දෙන්නේ. ඒ කියන්නේ කිසියම් අර්බුදයකදී කලබල
වෙලා හැඟීම්බර වෙලා මෝඩයෙක් වගේ හත් පොලේ ගාගන්නේ නැතිව තත්ත්වය හොඳට ඇනලයිස් කරලා
අත්දැකීම්වල මතක සමග ගලපා තීරණ අරගෙන කටයුතු කරන්න හැකියාව දෙන්නේ මොළයේ ඒ ඉදිරි
කොටසෙන්. බුද්ධිමත්ව වැඩ කරනවා කියන්නේ ඒකෙන්. මම මේ කියන්නේ ඉතාම සරලව.
සාමාන්‍යයෙන් ටීන් වයසේ ඉඳලා අවුරුදු විසිපහ
අතර කාලය තුළ තරුණ තරුණියන් මෝඩ අවදානම් සහගත සහ ජෝක් වැඩ කරන්නේ ඒ ඉදිරිපස කොටස
තවම හරියට වර්ධනය වෙලා නැති නිසයි. ලංකාවේ ඔය රැඩිකල් කියලා වචනයක් දාගෙන චාටර්
වෙන වැඩ කරන්නේ ඒකයි.
සාමාන්‍යයෙන් අවුරුදු 30 පැනලා වයස
යනකොට මොළයේ මේ ඉදිරිපස කොටස සහ අනෙකුත් කොටස් සමග හැදෙන ස්නායු සම්බන්ධතා තහවුරු
වෙන්න පටන් ගන්නවා. මයලින්වලින් ඒ ස්නායු සෛල වටවෙලා විද්‍යුත් රසායනික සම්බන්ධතා
තීව්‍ර වෙනවා.
එතකොට ඕනෑම දෙයක් ගැන තීරණ ගන්නකොට මොළයේ විවිධ කොටස් අතර සම්බන්ධයෙන් සමබරව
හිතනවා. අවදානම් සළකා බලනවා. තාවකාලික කික් එකක් එන මෝඩ වැඩ කරන්න ඉස්සෙල්ලා හොඳට
හිතනවා.
ඒ නිසා තමයි සාමාන්‍යයෙන් ආයතනයක වුණත්
තීන්දු තීරණ ගැනීමට අවුරුදු 35 ටවත් වැඩි
වයස්වල අය යොදාගන්නේ.
ඔවුන් හැසිරුණේ උන්මාදයකින්
වගේ. මේකත් ඒ වයසේ ලක්ෂණයක්. එනම් තමන්ගේ සමවයසේ අය ගොඩක් ඉන්නකොට... |
මේකත් ඒ
වයසේ ලක්ෂණයක්. එනම් තමන්ගේ සමවයසේ අය ගොඩක් ඉන්නකොට විවිධ ආකාරයේ හැකියාවන් ශිල්ප, ජෝක් කරලා කට්ටිය පුදුම කරවන නැත්නම් හිනස්සන ගතිය එම
වයස් වල සාමාන්‍ය පුරුද්දක්. කොළු ගැටව් ඔය විකාර වැඩ එහෙම කරනවා ගැටිස්සියන්ට
පේන්න.
ටික්ටොක් යූටියුබ් ෆේස්බුක් ලයිව් ඇවිල්ලා තමන්ගේ විවිධ ආකාරයේ හැකියාවන් පෙන්වන්නේ
ඒකයි. ඒක මානව හැසිරීම් රටාවේ ප්‍රාථමික මේටින්ග් චර්යාවක්.
සාමාන්‍යයෙන්
වාමාංශික මතධාරීන් ලෝකයේ කොහෙත් විප්ලවවලදී යොදාගැනෙන්නේ මෙන්න මේ වයසේ සෙට් එක.
ජේවීපී
පෙරටුගාමී පක්ෂ විසින් අපේ මවු රට ලංකාවේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් හැමදාම
කඳුළු ගෑස් ජල ප්‍රහාර කන්න දක්කන්නේ මෙන්න මේ ජීවවිද්‍යාත්මක කාරණය අවභාවිතා
කරලා. මොකද ඔවුන්ගේ මොළය තවම පූර්ණ වශයෙන් වර්ධනය වී නැති නිසා ඒ තමන්ට කරන
අපයෝජනය තේරුම් ගන්න ඔවුන්ට බැහැ. ඔවුන් හිතන්නේ ඔවුන් කරන්නේ වීරකමක් කියලයි...’
නිවැරදි පියවර තබමින් ක්‍රියාත්මක වෙන්න නං
මේ වගේ කරුණු හැම එකක්ම දැන හිටීම වැදගත් වෙනව නේද? එතකොට අගතියකට නොයා- දෙගිඩියාවකින් තොරව
වැඩ කරන්න පුළුවනි.
ඒ පාර රට දෙවනත් කරගෙන ගොහින්
ක්ලියෝපැට්රාගෙ ඉඳිකටුව කියල කියන හතරැස් ටැඹේ ඇමිණුණා! |
කැන්ඩියා දූපතේදී හොඳට
සප්පායම් වෙලා පිටත් වෙච්චි ටික වෙලාවකින්, මිසරෙට ළඟා උණා. මූදුකරේට වෙන්න මේ රට
බොහොම පාතයි. ඉතිං, රට ඇතුළට එනකං මම දන්නෙම නෑ. ආපු පාරට, පොම්පේයි කියන රෝම
අදිපතිය ගොඩ නංගපු කුලුන වාහනේ රෝදවල පැටලිච්චි. ඒකට උහුලන්න බැරි තරමට අලාබහානි
සිද්ද උණ.
ආයිත් පිම්මක් දැක්කුව!
ඒ පාර රට දෙවනත් කරගෙන ගොහින් ක්ලියෝපැට්රාගෙ ඉඳිකටුව කියල කියන හතරැස් ටැඹේ
ඇමිණුණා. (ඒක තමයි පස්සෙ අහුලගෙන ගිහිං ලන්ඩන් නුවර ගංකණ්ඩියේ හිටවල තියෙන්නෙ.)
මගෙ වාහනේ ඒ මඩ වගුරෙයි, මේ මඩ වගුරෙයි වැටි-වැටී බැරි පුළුවන් ගායෙන් ඉස්සරහට
ගියා. මගෙ අහිංසක ගොන්නු මෙහෙම තෙනදී කර අරින ජාතියෙ නෙවෙයි.
සූවස් පාරෙ ඔය තියෙන බිම්
කෑල්ල හරහා රතේ ඇදගෙන රතු මූදට කිට්ටු කළා. අපේ වාහනේ ගිය පාරට ඒ දිගටම පොඩි පහේ
ඇලක් හෑරුණා. ඔය ඇල පොඩ්ඩ තමයි, අර මුළාවැල් පාග ගත්තු ඩිටෝ සාමි කියන්නෙ,
මද්යදරණියෙ ඉඳල රතු මූදට ටොලමි රජවරු කප්පාපු ඇලේ නස්ටාවසේසයි කියල. මේකේ හැබෑ
කත්තුරු කවුද?
මගෙ වාහනේ! සුරංගනා අග්ර මහේසිකාවුන්ගේ මංගල රතේ!
දිගටම සුබ පැත්මෙ තුඩුවට
යනකල් මූදෙන් යන්න හිතා ගත්ත. |
මෙහෙම දුනු පණ නැති අබලන්
රතේකින් ගොඩබිම හරහා, නයිල් ගඟ ඉස්‌මත්තෙ තියෙන කිරිගරුඬ පරුවත උඩින් යන එක
අවදානම් හින්ද- දිගටම සුබ පැත්මෙ තුඩුවට යනකල් මූදෙන් යන්න හිතා ගත්ත. එහෙදි බැරි
වේයැ, ඕලන්දක්කාර කම්මල්කාරයොයි වඩුවොයි ටික දෙනෙක් අල්ල ගන්න. ඒත් නැත්තං
ඉංගිරිසිකාර කරුමාන්තකාරයො ටිකක්වත්.
උන් ලව්ව හොඳ හැටි රතේ මකුළු
දැල් කඩවගෙන, කෙළින්ම රට මැද්දට ඇදෙන්නයි මගෙ අදහස.
ගොඩබිමේ වාගෙ නෙවෙයි, දිය උඩ
යනකොට රෝදවලට කිසි අමාරුවක් නෑ. නැප්චූන් කියන මූදු දේවතාවගෙ රතේ වාගෙ විදුලි
වේගෙන් රැල්ල උඩින් යන්න ගත්ත. රතු මූදෙන් දියත් කරල, අපි නිකං බලන්නත් එක්ක පිම්ම
ඇල්ලුව- බාබල්මැන්ඩල් දුර්ගේ හරහා අප්රිකාවේ බස්නාහිර වෙරළට.
ඇලෙක්සැන්ඩර් රජ්ජුරුවන්ටවත් තිබුණෙ නෑ, ඔය පැත්තට පය තියන්න එඩිතරකමක්!
ඇලෙක්සැන්ඩර් කොහෙද මගෙ අහලකට
එන්නෙ?
දක්කගෙන ගියා හුළඟේ වේගෙන්.
තුඩුව හරියේ මූද අද්දර නවත්තන්න ගිය ගමන, කරුමෙට- ළඟටම එනකං පිම්ම ඇල්ලුව.
දැන් මේස කන්ද කියල ඉංගිරිසිකාරයෝ කියන පරුවතේ හැප්පිල, මගෙ රතේ දකුණු පැත්තෙ රෝද
ටික පොඩි පට්ටම් උණ. යන්තරේ තවමත් දුවනව. ඒ ගමනට පරුවතේ හරි මැද්දෙන් දෙදරුම් කාල,
කෝම් පිට්ටුවක් වගෙ තිබිච්ච ඉඟටිය කෑල්ල මූදට වීසි වෙලා ගියා. කලින් උලට තිබිච්ච
පරුවතේ මුඳුන මේකෙන් සමතලා වෙලා- මේසෙක හැඩහුරුකමට හිටිය හින්ද තමා, මේකට ඔය මේස-කන්ද
කියල කියන්න පටන් ගත්තෙ.
උඹයි මගේ නංගි කියල - පද හදනා අය දන්නෑ! |
කයි-කතන්දර පැටව් ගහන අතරේ, ඇත්ත ඉක්මනින් එළිදරව්
වුණ නිසා හොඳයි... ඒ ෆොටෝ එක නිසා ‘ඇතිලිවැවේ දීපානන්ද හාමුදුරුවන් වහන්සේ’ ලියූ
අපූරු කවි සංකල්පනාවක් කියවලා ඉවර වෙලා අපි යමු, පොතේ අන්තිම පරිච්ඡේදයට.
පොඩි සාදුගෙ කෙල්ල
සිවුරෙ ගහල නැති හින්දා
මමයි උඹේ අයිය කියල
නංගියෙ ඈතින් ඉඳපන්
පදේ හැදෙයි කෙල්ල කියල
අම්මා දන්නවා වුණත්
උඹයි මගේ නංගි කියල
පද හදනා අය දන්නෑ
එක අම්මගෙ දරුවො කියල
ගින්න නිසා දුමක් නැගෙයි
පොඩි සාදුගෙ කෙල්ල කියල
හිත හදපන් ඉවසීමේ
පාරමිතා පිරුව කියල
බුදුන් පුදන මම දන්නව
හරි වැරැද්ද මොකක් කියල
උඹ පලයන් මගෙ නංගියෙ
කඳුළු මල්ල බිමින් තියල
දහඅටවෙනි පිම්ම
චන්ද්‍ර වංශික ගෝත්‍රයක්
කලින් ආපු රතේ අලුත්වැඩියා
කරන්න කම්මල්කාරයන්ට පවරල, ඒරොප්පාකාරයො තුන් හතර දෙනෙකුත් අල්ල ගෙන- මම ගියා,
හිතාගෙන ආපු හැටියටම රට ඇතුළට යන්න.
දවාලට කැලෑ වැදිල මදියි
නොකියන්නම දඩයම් කරනව. රාත්තිරියට කඳවුරු බැඳගෙන... |
ඒක මේක කොහොම උණත්, වැදගත් මහතුන්ට වාගෙ සලකල වයින් කනාත දෙක තුනකුත් තෑගි කළා.
අපි යන හරියෙ රටේ පොළොව ගැන
නං කියන්න වරදක් නෑ. දුරාවතේ තෙනක් ඇරෙන්න, අනිත් හැම අඟලකම ඕනෑම වගාවක් දාන්න
පුළුවන් හැඩයි පේන්නෙ.
මේ පළාතේ ඉන්න සුවදේසිකයොයි, කොටෙන්ටොට්වරුයි ගැන විස්තර ලාබෙට කියවන්න ලැබෙන
හින්ද මොනවටද, මගෙ කට මාන්සි කරවන්නෙ?
රට ඇතුළට වෙන්න වෙන්න නං ඔක්කොම වෙනස්. මිනිස්සුන්ගෙ පෙනුමත් අමුතුයි. ගතිගුණයි,
කෙරුවාවයි දෙකම වෙනසියි!
තාරුකාවලයි, කොම්පාසුවෙයි
පිහිටෙන් තමා අපි පාර බලා ගත්තෙ. දවාලට කැලෑ වැදිල මදියි නොකියන්නම දඩයම් කරනව.
රාත්තිරියට කඳවුරු බැඳගෙන ගුළි ගැහිල නිඳා ගන්නව- සත්තුන්ගෙන් බේරෙන්න.
එක දවසක් උදේ පටන් ගත්තු ගමන්- රෑ වෙනකං හතර වටේටම ඇහෙන්න උණේ සිංහයන්ගෙ ගර්ජනාව.
කන්දෙන් කන්දට වැදිල, දෝංකාර නැඟ නැඟ එනව. වනන්තරේ කවුරුත් එකතු වෙල අපිව පිළිගන්න
සූදානං වෙනවද කියලත් හිතුණ.
එදා දවසේ අපි ඉස්සරහට ගියෙ බොහොම සීරු-මාරුවෙන්. අපේ දඩයක්කාරයො තවලමෙන් අත දිග
සෙව්වෙන් එහාට පය තිබ්බෙ නෑ. එදා රෑත් වෙනද හැටියටම නිඳා ගත්ත, වටේට ආරස්සාවට
වැටකුත් බැඳගෙන.
මෙහෙම
තෙනකදි ගන්න මම ගෙනත් තිබුණ ලොකු තාර පීප්පයක්. ඕකෙ පැත්තකින්... |
අඩි සීයකට වැඩි ඈතකත් නෙවෙයි. අපේ හරක් තමා හොඳටම බය උණේ. මර බෙටි දාගෙන වෙව්ලන්න ගත්ත.
හැමෝටම තුවක්කු අතට අරං
සීරුවෙන් ඉන්න නියම කළා. මං කියනකං වෙඩි තියල කලබල කරන්න බෑ. මෙහෙම තෙනකදි ගන්න මම
ගෙනත් තිබුණ ලොකු තාර පීප්පයක්. ඕකෙ පැත්තකින් හිලක් විදල වටේටම පෙරළගෙන ගියා, තාර
පටියකුත් කඳවුර වටේ හිටින්න. තාර පටියට ඇතුළෙන් වෙඩි බේත් වටේකුත් හැලුවා.
දැන් ඉතිං උන්දැල ආපුවාවෙ!
මේ බයානක සත්තුත් අපේ හය්ය
දැනගෙනද කොහෙද කිට්ටු උණේ හුඟක් පරෙස්සමින්- හිමිහිට. බූමි කම්පාවකට දෙවෙනි නැති
විදිහෙ ගෙරවිල්ලකුත් ගොරවගෙන ඔක්කොමල එක ගාණට අඩි තිය තියා ආව. ඇවිල්ල ඇවිල්ල හතර
ගාතෙම තාර ගොඩේ එරුණහම, ලේද කියල ඉව කර කර හොම්බත් ඔබාපි!
කකුල්වල වාගෙ මූණු පුරාත් තාර තට්ටුවක්.
ඔන්න! සිංහයො පරපුරම එක පෙළට
ඉඳන්, අපි දිහාවට මාරක පිම්ම පනින්නයි බලන්නෙ. මමත් පිස්තෝලෙ අරං වෙඩි බේත් වළල්ලට
අල්ලල ගැස්සුව.
බට කැලේට ගිනි ගත්තහෙ පට පට ගාල හැම පැත්තෙන්ම පුපුරන්න හිටිය. සිංහ රැළෙන්ම එක
ළතෝනියයි. හතර ගාතෙට පිං දිදී දුවනව නේද? තව මොහොතෙන් ඈත වනන්තරේ පුරාම කෙඳිරි ගගා
යනව පේන්නෙ, බලන්න ලස්සන පන්දම් පාලියක්!
තාර ගෑවිච්ච මූණුයි, කකුලුයි පත්තු කර ගෙනනෙ, උන් දිව්වේ.
දැන් සිංහ දඩයමේ යන්නයි.
ඔක්කොටම අණ දුන්න හැම පැත්තෙන්ම සිංහයො ලුහු බඳින්න.
උන්ගෙම පන්දම් එළිය අපට පාර පෙන්නුව. වටින් ගොඩින් එළිය වැටීගෙන එනකොට පිච්චිල,
නැත්නං අපේ වෙඩි කාල සිංහයො එකෙක් නෑර කම්මුතුයි. එයින් පස්සෙ ඒ ගමන හමාර කරනකං
සිංහයෙකුගෙ කටහඬක්වත් ඇහුණේ නෑ.
ඔහොම
ගිහිං ගිහිං අපි වැටුණ; මහා
වාලුකා කාන්තාරෙකට. ඉමක් කොණක් නැති තැන්නක්. |
ඉස්තානේ හැටියට කස්තානේ දාන
එකේ මහිමෙ තමා!
බයානකම සත්තුන්ට උණත් මතක හිටින්න පාඩමක් ඉගැන්නුව.
ඔහොම ගිහිං ගිහිං අපි වැටුණ;
මහා වාලුකා කාන්තාරෙකට. ඉමක් කොණක් නැති තැන්නක්. බැලූ බැලූ හැම පැත්තකටම සාගරේ
වගෙ විහිදෙනව. ගහක් කොළක් නෑ, අනුපානට තණකොළයක් තරමවත් හොයා ගන්න නෑ. පදමට හීන්
වෙච්ච සුදු වැල්ලට රත්තරං කුඩක් හාමු වෙලා. වී ඉහපු ගාණට හැම තෙනම පුංචි පුංචි
මුතු ඇට. රත්තරං කුඩෙන්වත්, මුතු ඇටවලින්වත් අපට වැඩක් වෙන හැඩක් නෑ.
එංගලන්තෙට ආපහු යන්න වෙන්නෙ තව කොයි කාලෙකින්ද?
ඇස් දිස්ටියට අහු වෙන නොවෙන
තරං ඈත දුමක් නඟින්න වාගෙ පෙනුණ. චීනක්කන්නාඩිය දාල බැලින්නං, වැල්ල අවුස්සල- අහස
පොළොව එකට ගලතගෙන එන හුළි හුළඟක්.
මම වහාම මගෙ හවුල්කාරයන්ට කිව්වා, කොටන් හිටවල පොඩි මැස්සක් අටවන්න කියල. මාන්සි
නං තමා. ඒ වුණත් කියන්න ඉස්සෙල්ල වැඩේ කරල ඉවරයි. අපි ගාව තිබිච්ච ලී කොට වටේට
අහුරල ලෑලිවලින් හෙවිල්ලුව. මේක වෙන බව දැනගෙනමයි අපි ඔය කැලෑ ගස් උස්සං ආවේ.
මැස්ස යටට රිංගන්නත් කලියෙන්
වැල්ල ගලා එන්න පටන් ගත්ත. ඒක එක අතකින් කුණාටුවක්. අනිත් අතින් මූද ගොඩ ගලා ඒමක්.
හුස්ම ගන්න නැවතිල්ලක් නැතුව, ඒ ආපු පැත්තෙන්ම එකාකාර ගලන්න හිටිය දවස් තුනක්ම.
අපේ මැස්ස හොඳ හැටි යට වෙලා. අපි ඔක්කොම පණ පිටින් පස් වහල දාලා. වළ ඇතුළේ ඌස්ණෙ දරා හිටින්න බෑ.
මීයො
වාගෙ හාරල හාරලා ආයිත් මනුස්ස ලෝකෙට පහළ උණා. |
මීයො වාගෙ හාරල හාරලා ආයිත්
මනුස්ස ලෝකෙට පහළ උණා. හොඳ වැලි වරුසාවක් වැහැල තියෙන්නෙ.
හුළඟ පටන් ගනිද්දි තිබුණ වැලි
කඳු ගැඩලි ගොඩැලි මොකවත් නෑ. මහ මූදේ රැල්ල ගහන්න වාගෙ එක තාලෙට වැලි ඉහිරිච්ච
තැනි තලාවක්. බැදිච්ච වැල්ලට යට වෙලා තිබුණ අපේ වාහනෙයි, සිව්පාවොයි මතු කරගෙන
යහතින් පිටත් උණා.
ඔය මාදිලියෙම වැලි කුණාටු බර
ගාණක් ඊට පස්සෙත් පැන නැංගා. කලින් මන්තරේම මතුරල ඔක්කොගෙන්ම ගැලවුණ.
දැන් මේ වැලි තැනිතලාව දිගේ
හැතැප්ම නව දාහකට වැඩිය එන්න ඇති- අව් දාරණේ. ආසාවට කකුල තෙමා ගන්න ඇලක් දොළක් නෑ.
වැහි පොදයක් දැකපු කාලයක් මතක නෑ. මෙහෙව් අපායක වැටිච්ච අපට උන්නත් එකයි මළත් එකයි
කියල හිතුණ.
ටිකක් දුර යනකොට බොහෝම ඈත මතු
වෙන්නෙ කඳු වැටියක්.
දැකපු දැකිල්ලටම ඉහේ මලක් පිපුණ. ළං වෙන්න වෙන්න කඳු වැටිය පුරාම තනිකර නිල්ල.
ගහකොළවලින් හිඟයක් නෑ. කඳුහෙල් අතරෙ මල්වලින් පිරිච්ච මේ ගස් දකින එකට වැඩිය තවත්
ඇහැට සනීපයක් ඇද්ද මේ වෙලාවෙ? තාල වර්ගෙ ගස් ගොන්න ඊටත් අලංකාරයි. ඒරොප්පෙ තියෙන්නෙ
මොන ගස්ද ඒවා දිහා බැලුවහම?
හැම ජාතියකම ගඩාගෙඩි කැලේට
වැවෙනව. මුවෝ, බැටළුවෝ, මී හරක් පොදි පිටින් එහෙ මෙහෙ දුවනව. ගස්වල ලැගගෙන අඬන
කුරුල්ලන්ගෙ නාදෙ කණට මී පැණි වත් කරන්න වගෙ.
මේ වගෙ කැලෑවක අයිනක් අල්ලල ඉන්න ඇත්නං ඒකත් සැපයි!
රාජකීය
ආයිත්තමින් සරසපු ලොකු ඔටුවෙක් පිටිනුයි රජ්ජුරුවො යහපත් උණේ. |
රාජදානිය තියෙන්නෙ විසාල ගඟක්
අද්දර.
රජ්ජුරුවො පිරිවරත් එක්ක
පෙරහරකින් අපට පෙර ගමන් කළා. රාජකීය ආයිත්තමින් සරසපු ලොකු ඔටුවෙක් පිටිනුයි
රජ්ජුරුවො යහපත් උණේ.
අනිත් හැමෝම රාජ ගවුරවයෙන් පයින්මයි එන්නෙ.
උන්වහන්සෙ රටේ වැඩි දෙනාගෙ
හැටියට තරමක් උහයි. අඩි හතරයි අඟල් තුනක් හිටීවි. මූණ අනිත් අයගෙ තාලෙමයි, හිම
කැටිය වගේ සුදට සුදේ. රජ්ජුරුවන්ට ඉස්සරහින් රටේ නම් දරාපු සංගීතකාරයො කණ්ඩායමක් ගමන්
කරනව. ඒක ඒ රටේ චාරිත්තරයක්.
අපේ සෙනඟට අඩි පනහක් තියා
පෙරහර නැවතුණා.
අතේ තිබිච්ච තුවක්කුවලින්
වෙඩි මුරයක් තියල, හොරණෑ පිඹල අපිත් ආචාර කළා. තවලම නවත්තල බිමට බැහැල, සේවකයන්
දෙන්නෙක් විතරක් එක්ක මම උන්වහන්සෙ ඉස්සරහට ගියා.
රජ්ජුරුවෝ හොඳ ගති-සිරිත් පිළිපදින උත්තමයෙක්. ඔටුව පිටින් බැහැල ඉස්සරහට ආවා.
ඇවිත්, මං වාගෙ දේස දේසාන්තරවල නම ගිය ගමන්කාරයෙක් පිළිගන්න ලැබිච්ච එක පූරුවෙ
වාසනාවක් කියල කියාපි!
‘ස්ර්ග්නාහ්
ද්නා ස්කුහ්ටො’ |
රජ්ජුරුවන්ට මුළු හිතින්ම
ඉස්තුති කරල, මේ තරම් දියුණු සිස්ට සම්පන්න ජනතාවක් අප්රිකාවේ රට මැද්දෙදි මුණ
ගැහීම කොච්චර සන්තෝසයක්ද කියලත් මම කියා හිටිය.
මේ මිනිස්සු හඳේ
පදිංචිකාරයන්ගෙ ගෝත්තරේකින් පැවැත එන බව මට ඒත්තු ගියා. මොකද හඳේ කතා කරන මුල්
බාසාවයි, මද්දියම අප්රිකාවේ කතා කරන බාසාවයි එක වගේමයි.
ඒ ගොල්ලන්ගෙ අකුරු බලා ගන්න කැමතියි නං මෙන්න ඒ බාසාවෙන් ලියාපු වගන්තියක්.
මේ අකුරු පරීක්සා කරන්න මම
පුරා විද්යාක්ඥයෙකුට පංගාර්තු කරලයි තියෙන්නෙ.
හඳේ මිනිස්සුයි,
සිතියන්කාරයොයි අතරෙ කොච්චර කිට්ටුවර නෑදෑකමක් තියෙනවද කියල උන්නැහේ ඇහේ පැලවෙන්න
ඔප්පු කරාවි, උන්නැහැගෙ මීළඟ පොත ලියනකොට. මේ සිතියන්කාරයො උපන් හඳවියක රුසියාවට
අයිති හරියක ජීවත් උණේ නෑ. මද්දියම අප්රිකාවෙමයි හිටියෙ. ඒ කාරණේ සහසුද්දෙටම
පෙන්නුම් කරන්න මගෙ යාළුවට සාක්කි තියෙනව.
අර කලින් පෙන්නපු වගන්තිය
සිංහල අකුරෙන් ලිව්වොත් මෙන්න:
‘ස්ර්ග්නාහ් ද්නා ස්කුහ්ටො’
තේරුම- ‘සිතියන් ජාතිකයෝ
දෙවියන්ගෙන් පැවැත එන්නෝය.’
මේ වගන්තිය අදත් බලා
ගත්තැහැකි පිරමිඩයක කොටාල තියෙනව- අප්රිකාවේ මැද්දස්සට වෙන්න, නයිජර් ගඟේ ඉස්‌මත්තෙ.
විස්වාස ගන්න බැරි කෙනෙක් ඉන්නව නං දෙපයින් ගොහිං, දෑහින් බලලා හිත හදා ගන්න එකයි.
අපෙන් දොසක් නෑ!
අවුරුද්දක්
තිස්සේ ඒ ඉලෙක්ට්‍රොනික සඟරාව කියවන මටත් තවම මඤ්ඤං ඒ සඟරාවේ හෙඩිම දැක්කම. ‘සිසිල - සිනුවර සිංහල සාර
සංග්‍රහය!’ සිනුවර
කියන්නේ... |
ආයි - බෝ - වන්!
හුඟක් මිනිස්සු ජීවත් වුණත් මළා වගෙයි. තව
සමහරු මැරිලත් දිගටම ජීවත් වෙනවා, මිනිසුන්ගේ හිත්වල. අනේ! මටත් ඩී.බී. කුරුප්පු
මහත්තය වගේ මැරිලත් ජීවත් වෙන්න පුළුවන් නම්....
වෙන මොනවා නැති වුණත් කරුණාසේන ජයලත් මහතාගේ
‘ගොළු හදවත’ නවකතාව ආදරවන්තයන්ව කුල්මත් කරවනකල්ම කුරුප්පු මහත්තයත් අදෘශ්‍යමානව
ජීවත් වෙනව නෙව. ඒ නවකතාවට වස්තු බීජය වුණේ ජයලත්- පද්මා- කුරුප්පු තුන්දෙනානෙ.
1963 මැංචෝසන් චාරිකා පොතේ සිංහල අනුවාදය පළ කරවපු ඩී.බී. කුරුප්පු මහතා 2017 ජුනි 23 වැනිදා ජන්මාන්තරගත වුණා... අවුරුදු පහකුත් ඉකුත් වෙලා. ඒත් කුරුප්පු මහත්තයාව තවමත් සිහිපත් කරවන අය අපමණයි! මං වහන්සේ ‘ආවොත් නොයා බැරිය’ posts තුනෙන් ඒ රාජකාරිය කළා වගේ නෙවෙයි, අවුරුද්දක් පාසා ‘ඩී.බී.කුරුප්පු අනුස්මරණ කෙටිකතා තරගාවලිය’ක් පවත්වන්නත් එතුමාගේ හිතවතුන් කටයුතු යොදනවා.
ඒකෙත් හැටි! ඒ විත්තිය ‘සිසිල’ සඟරාවෙන් දැක්කත් ඒ ගැන ලියන්න හිතුණේ අදයි. තරගෙට කෙටි කතා යවන්න නං කාලෙ මදි තරං. පිටපත් බාර ගන්නා අවසාන දවස අගෝස්තු 31නෙ.
හැමෝම සිසිල සඟරාව කියවන එකක්යැ? දැන් ඒ ගැන ඔත්තුවවත් ඔයාලට කියන්නෝනි නේද?
අවුරුද්දක් තිස්සේ ඒ ඉලෙක්ට්‍රොනික සඟරාව කියවන මටත් තවම මඤ්ඤං ඒ සඟරාවේ හෙඩිම
දැක්කම. ‘සිසිල - සිනුවර සිංහල සාර සංග්‍රහය!’ සිනුවර කියන්නේ ඔස්ට්‍රේලියාව
වෙන්නැති. සඟරාව සංස්කරණය කරන්නෙ එහෙ ඉන්න රසික සූරියආරච්චි හිතවතා නෙව. (රසිකොලොජි
බ්ලොගය ලියන්නෙත්
උන්නැහේ!)
‘සිලඞ්ග්නාහ් ද්නා චාන්ද්ඃ
සිංහඃහ්ටො’ |
"සිසිල"
මාසික සඟරාවට වසරක් පිරේ. මේ සමග මා ඔබ
වෙත එවන්නේ සඟරාවේ දොළොස්වෙනි කලාපයයි.
මෙවර සඟරාවේ පිටු හතළිහකි.
කියවන්න, කරුණාකර
ඔබේ අවංක ප්‍රතිචාරය ලබා දෙන්න. සිංහල කියවීමට කැමති ඔබේ මිතුරන් අතරේ බෙදා
හරින්න. ඉදිරි කලාප පිටපත් අවැසි අයට පහත ලිපිනයට ඊ-මේලයක් එවන්නැයි කියන්න.
sisila.sangarawa@gmail.com
ඔය මදැයි!
‘සිලඞ්ග්නාහ් ද්නා චාන්ද්ඃ සිංහඃහ්ටො’
තේරුම- ‘සිංහල ජාතිකයෝ චන්ද්‍ර වංශික සිංහලයන්ගෙන්
පැවැත එන්නෝය.’ කියලා කියමින් මේ සීරීස් එක ඉවර කරනවා.
(අර කියමන නිකම්ම නෙවෙයි, මම හඳේ බාසාවෙන් කිව්වෙ හොඳේ. හේතු සහිතව! පණ පිටින්ම
සනිදර්ශනයක් තියෙන නිසයි මගේ ළඟමත්. මක් කිව්වා? .... දකින්න කැමතියි?
මං පිටිපස්ස හැරිල ඉන්න වෙලාවක බලා ගන්නවලකො- මගෙ හිස මුඳුනෙම තියෙනවා සාක්කිය, දිළිසි-දිළිසී) ෴0෴
සිඩ්නි නුවර
ReplyDeletehttps://rasikalogy.blogspot.com/2015/04/sydney-renamed.html
Deleteඔය තියෙන්නේ ගෙඩි පිටින්ම. ස්තුතියි Pra Jay, රසික දෙන්නටම.
Deleteඑපා වුනා... එපා වුනා...
ReplyDeleteමැංචෝසන් එපා වුනා
ඉවර වුනා.. ඉවර .වුනා..
ඇතියන්තන් ඉවර වුනා...
හෙහ්හෙඃ...
Deleteඔන්න ඔ්ක තමා මං කිව්වෙ, මැංචෝසන් පොත මැදක ඉඳං අර මුල හරියෙ තියෙන රසය නැති වෙලා අතිශයෝක්තිය වැඩි වෙනව.
Deleteඒ ඇබැද්දිය මට වුනත් සිද්ද වෙන දෙයක්. හිටි ගමන් යන පාර ඉවර වෙනවා වගේ දැනෙනවා....
Deleteඒ නිසායි මම නං තවමත් ඉගෙන ගනිමින් ඉන්නේ ලියන්න ඕනි විදිහ- යෙදිය යුතු උපක්‍රම ආදිය ගැන.
මං ගොඩක් ෆොටෝස් හොයාගන්නේ Pinterest අඩවියෙන්. එක පාරක් ගියාම හැමදාම ඊමේල් එකක් එවනවා අලුත් ෆොටෝ ගැන කියවෙන. ඒ වගේමයි ලෝකේ තියෙන ඕනෑම විෂයයක් ගැන පින්තූරත් හොයා ගත්තැකි, ඒවා පළවුණු තැනුත් එක්කම.
ඉතිං මට එනවා How to write a story යටතේත් වැදගත් කරුණු. මේ ළඟදී එහෙම ආව දෙකක් මගෙ ලියන මිතුරන් දෙන්නෙකුට යැව්වා එයාලටත් වැදගත් වේය කියා හිතලා.
වාසනාවන්! එක්කෙනෙකුගෙන් අද වෙනකල් කිසිම ප්‍රතිචාරයක් නෑ, අනිකා අහල තිබ්බා 'මේ මොකක්ද බං' කියලා.
මං හිතන්නේ රාස්ෆ් - කුරුප්පු මහත්තුරු ලියන කාලේ ඒ වගේ guide lines වෙනම හොයාගෙන තියෙන්න නැතිව ඇති.
තුන් දෙනාටම ස්තුතියි බෝලයක් උස්සලා දුන්නාට.
දැන් මේ සීරියස් එක ඉවරකොල්ල ඊළඟට පටන් ගන්න සීරියස් එක මොකැයි... නිදිතුමෝ
ReplyDeleteනමියා සමඟ පාද යාත්‍රා බයි නි.දි.
Deleteනමී, එක post එකක් නං ලියමින් ඉන්නේ. එක කොටසයි. ටිකාක් වෙනස් වැඩක් එක්ක... ලබන සතියේ පබ්ලිෂ් කෙරෙයි.
Deleteප්‍රසන්න කියලා තියෙනවා වගේමයි. පාද යාත්‍රා ගැන ලියන posts ඉවර කරන්නත් ඕනිනේ.
හුම්.........
Deleteනිදි තව ලිපි දෙකක් දැම්මට පස්සෙ මං දාන්නං "නිදි ගෙ මාරාලේ" ඈ...
ReplyDeleteමාත් කියවන්න බලාගෙනයි ඉන්නේ!
Deleteසිසිල නං මටත් එනව. කියෝනවත් එක්ක.
ReplyDeleteමාත් ගහනව එකක්. "බූමිතෙල්" කියල.
Deleteබොට ඒක ගහන්න ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩුවෙනකල් ඉන්න වෙනව.
Deleteඅම්මප තව ටික දවසක් බලල, බ්ලැක් මාකට් හරි අරං ගහනව!
Deleteගහන්නේ ගැරඬි එළවන්නෙයි?
Deleteමටත් එනවා .. කියවන්න වෙන්නේ නැහැ
Deleteස්තුතියි නිදි!
ReplyDeleteසිසිල = සි(නුවර) සි(ංහ)ල
සිනුවර = සි(ඩ්නි) නුවර
සිනුවර නම හැදෙන්න හේතුව මෙන්න:
https://rasikalogy.blogspot.com/2015/04/sydney-renamed.html
ස්තුතියි රසික.
Deleteපසුගිය සිසිල කලාප තුනෙන්ම මගෙ හද සසල කළ නිර්මාණ කීපයක් ගබඩාවට දාගෙනයි ඉන්නේ, මතු වැඩ තකා!
ඉවරද ? සැනසුම් සුසුමන් පාවීලා --විහිළුවට මචෝ , නියම ලිපියක්. අර ප්‍රොෆ් ගෝමෙස් ගේ කතාව වසන්ත මුදලිගේ අතිගරු මහත්මයට කියල යැව්වා නම්.
ReplyDeleteඔව්මයි අජිත්, චන්දිම ගෝමස් මහත්තයාගේ post එක ඉතාම කාලීන එකක්. හුඟක් අය ඒවා කියවන්නේ නැතිම තරම්. කියෙව්වත් ඒවා ගැන හිතන්නේ නැතිව වගෙයි.
Deleteඅපේ රටේ ඉන්නේ එක පාටක කන්නාඩි දාගෙන ඉන්න- ජීවිතේට වෙන අදහස් දැනගැනීමට නොසිතන- ආකෘතිගත වෙච්ච අයනේ.
ko mage comment eka
ReplyDeleteSpam වෙලත් නෑ මෙන්ඩා මහත්තයෝ- හෙරොයින් හොයාගෙන ගිහින්ද දන්නෑ!
Deleteමේ අන්තිම කොටස නිමල් ඉදිරිපත් කරලා තියෙන විදිහ හරිම රසවත්. පෝස්ට් මාලාවක් ඉවර කරද්දි දෙන්න ඕනෙ bang එක සහිතව ඉවර කරලා.
ReplyDeleteමැන්චෝසන් 'අතිශයෝක්තිය හා බොරුව' අපිට හිතට එච්චර වදින්නෙ නැත්තෙ ඒවා අපි ජීවත්වෙන දැන් කාලයට වඩා පිටිපසින් තිබීම නිසා වෙන්න ඇති. හැබැයි මිනිස්සු 'නවීන' බොරු හා අතිශයෝක්තියට කොච්චර කැමතිද කියලා තේරුම් ගන්න පාර දිගේ වගේ නාට්ටියක් බැලුවම පුලුවන්. නාට්ටියක යූ ටියුබ් කමෙන්ට්ස් වලින් රටක මිනිස්සු හිතන විදිහ තේරුම් ගන්න එක වැරදියි, නමුත් එතන කමෙන්ට්ස් වල වැඩිපුර පේන්නෙ බොරුවට වශී වෙලා බොරුවෙන්ම හදාගත් සිහින ලෝකෙ ජීවත්වෙන ස්වරූපයක්.
ස්තුතියි Lotus,
Deleteමිනිස්සු සදාකල්ම දැන-දැනම බොරුවලට කැමතියි, බොරුවලට රැවටෙන්නත් කැමතියි. විශේෂයෙන්ම අපේ රටේ.
ඉස්කෝලේ යන්නත් කලින් ඉඳලනෙ අපේ ළමයි බොරුවලට පුරුදු කරන්නේ.
බොරුව කියන දේ නැත්නම් මේ ලෝකෙට පැවැත්මක් නැති වෙනවලු නිදි මාමෙ,
Deleteඉතින් බොරුව කියන දේ අත්‍යාවශ්‍ය දෙයක්......
එහෙමෙයි?
Deleteමැචෝසන් කතාව මුල ඉදලම කියවන්න නම් බැරි උනානෙ නිදි මාමෙ,
ReplyDeleteකොහොම හරි නියමයි ඉතින්🥰👌
අර චන්දිම ගොමස් කියපු කතාවෙ; ඕනිම දේක හොඳ නරක දෙකම තියෙනවනෙ.
ඉතින් එහෙම සංවර්ධනය සම්පූර්ණ නොවුණ මොලයක් තියෙන නිසාම ඒකේ වාසි ප්‍රයෝජනත් ඕනි තරම් තියෙනවා, ඉතින් වැඩිහිටි ; දැන උගත් පරම්පරාව මේ තරුණයිට දේවල් තෙරුම් ගන්න, ඉගෙන ගන්න තව හොඳ සහයෝගයක් දෙන්න ඕනි කියලා තමයි මගෙ නම් අදහස.....
වාදයක් නෑ නවීන්!
Deleteඕනෑම නරකක වුණත් චූටිම හොඳක් හරිත් හැංගිලා තියෙනවා තමා...
වැඩිහිටි පරම්පරාව හා තරුණ පරපුර අතර ගැටුම, එකිනෙකා වටහා නොගැනීම නං කවදාවත් නැති වෙන එකක් නැහැ කියලයි මට හිතන්නේ.
ඒකත් ඇත්ත, හැබැයි නිදි මාමෙ ඒ ගැටුම ඉවර කරගන්න ඕනි තොරතුරු අන්තර්ජාලෙ ඕනි තරම් තියෙනවා.
Deleteඒත් දැන් බුද්ධියට ලොකු ඉඩක් නෑ වගේ මට නම් පේන විදියට😞
හැමදේම තම තමන්ට ආස විදියටම, ලේසි විදියටම කරන්න කියලා තමයි මිනිස්සුන්ට පොලඹවන්නෙ ඒකෙන් නම් පේන හොඳට වඩා ලොකු නරකක් වෙනවා වගේ
තව තව දේ පෙනෙයි වියපත් වෙද්දී... නවීන්.
Deleteවයසට ගියාට පස්සෙ පෙනිල වැඩක් නෑ නෙ නිදි මාමෙ😒
Deletehttps://komitaldrackeya.blogspot.com/2022/08/blog-post_28.html?m=1 ආයෙත් එන්න
ReplyDeleteගිහිං ආවේ!
Deleteමැන්චෝසන් චාරිකා මම කියවල නැහැ .. මේකෙත් අන්තිම නේ මේ බලන්නේ .. කියවීම සම්පුර්ණයෙන්ම වගේ ඇන හිටලා තිබ්බේ පහුගිය කාලේ
ReplyDeleteකියවීම විතරක් නෙවෙයිනේ පැතුම්, ලිවීමත් ඇණ හිටලානේ තිබ්බේ පහුගිය කාලේ... දැන් ලියමු නේද අයිමත්....
Delete