li Item

Saturday, December 31, 2022

සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස

“එතකොට එන්න ඕනි තැන?”
“හඃ හඃ හඃ. එයාලා නුවරට ආවට පස්සේ මට call එකක් දෙයි. එතකොට තමයි කියන්නේ. ඒ වෙද්දී අපි යන තැනට ගිහිං ඉවර වෙලා තියෙයි!” ප්‍රියන්ත මාරබැද්ද ගැන අපට නොකියා වසංගාගෙන හිටියේ එච්චරට සූක්ෂ්මවය...

එයාලා නුවරට ආවට පස්සේ මට call එකක් දෙයි. එතකොට තමයි, තැන එයාලට කියන්නේ.

වාහන පෙළ ඉදිරියට ඇදෙද්දී, මට සිහිපත් වුණේ හඟුරන්කෙත ‘ගල් බෝලය’ සොයා ගිය ගමනයි.

Pra Jay, රවී අයියා හා එක්ව ඒ ගමන යැවුණේ ඕස්ට්‍රේලියාවේ සිට කෙටි සංචාරයකට ලංකාවට ඇවිත් හිටි ‘සිරිබිරිස්’ පාඨක හිතවතා නිසාය. (මේ හිතවතුන් මා හඳුනාගත්තේ blog අඩවිය හරහාය!)
අවුරුදු 40කට විතර ඉස්සර දවසක, දස්කොන්-ප්‍රමිලා ආදර කතාව ගැන තොරතුරු සොයා තනිවම හඟුරන්කෙතට ගිය ගමනකදීය, මට ඒ ගල් (බරුව) බෝලය දැක ගන්නට ලැබුණේ. එදා ගම්වැසි වැඩිහිටියෙකුගෙන් කියවුණු විදිහට ඒ ගල් බෝලය හමුවී තිබුණේ හඟුරන්කෙත වැව ගොඩ කරන්නට ඉස්සෙල්ලාය. (දැන් එහේ වැවක් තිබුණු බවට ලකුණක්වත් නැත!)

“ඔය ගල් බෝලය කකුලේ ගැට ගහලා තමයි, රජ කාලේ වැරදිකාරයන්ව වැවේ ගිල්ලලා මරල තියෙන්නේ....” ඒ දවස්වල ගල් බෝලය දමා තිබුණු දර මඩුවේ හිමිකාර වැඩිහිටියා මට කිව්වේය.

සුහද කතාබහකදී මගෙන් ඒ විස්තර කියවුණාම සිරිබිරිස් උන්නැහේටත්, Pra Jayටත් ඒ ගල් බෝලය හොයා බලන්නට උවමනා වුණේය. හිමිදිරියේම පිටත්වී එහාට ගියත් ගමනෙන් පලක් වුණේ නැතිය. තොරතුරු ගොඩක් සොයා ගන්නට වාසනාව ලැබුණත්, ගල් බෝලය තිබුණු නිවස සොයා ගන්නට අපට නොහැකි විණි. ඒ වෙද්දී ඒ තරමටම හඟුරන්කෙත සංවර්ධනය වෙලාය.

මේ අතීත විස්තර ටිකකුත් මෙතැන ලිව්වේ ඊයේ- පෙරේදාවක උදේ ඇහැ ගැටුණු ප්‍රවෘත්තියක් හින්දාය.

‘කුණ්ඩසාලේ උඩමළුව පුරාවිද්‍යා රක්ෂිතයේ තිබුණු සඳගල නමින් ප්‍රකට කිලෝ දහසකට අධික බරකින් යුත් ස්මාරකය සොරාගෙන යෑමට ඉකුත් 14 වැනිදා පැමිණි රථයට ආරක්ෂාව සපයමින් ඩිෆෙන්ඩරයක්ද එම ස්ථානයට පැමිණ තිබූ බව විමර්ශනවලින් හෙළි වී තිබේ.

එම ඩිෆෙන්ඩරයේ හිමිකරු ගැන තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. මහනුවර දේශපාලනඥයකුගේ මැතිවරණ වැඩ සඳහාද මේ ඩිෆෙන්ඩරය පරිහරණය කර තිබෙන බවටද තොරතුරු හෙළි වී ඇත.

මේ ඩිෆෙන්ඩරයත් එදා එය පදවාගෙන ගිය පුද්ගලයාත් ඩිෆෙන්ඩරයේ ගමන් කළ පුද්ගලයනුත් සඳගල පටවාගෙන රැගෙන ගිය රථයත් වැඩි කල් යන්නට පෙර අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇති බවද... ඩිෆෙන්ඩරය සඳගල පැටවූ රථයට ආරක්ෂාව දෙමින් ගමන් කරන අයුරු ආරක්ෂක කැමරා දර්ශන මඟින්ද තහවුරු වී තිබෙන බවද එම නිලධාරියා වැඩිදුරටත් කීවේය.

දෙවෙනි සංචාරයේදී සාන්ත, බබීතා යුවල දෙපුතුන් එක්ක...
ඉකුත් 14 වැනිදා මහ රෑ පැමිණ සොරාගත් මේ පුරාවිද්‍යා ස්මාරකය තිබුණු භූමිය ක්‍රිස්තුවර්ෂ 1707 සිට 1739 දක්වා මහනුවර කුණ්ඩසාලේ රාජධානිය කොටගෙන වසර 32ක් පමණ රජ කළ අවසන් සිංහල රජු වන ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ මාලිගය පිහිටියේ යැයි පැවසෙන ප්‍රදේශයකි. කුණ්ඩසාලේ උඩමළුව පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ මේ සඳගල අඩි හතරක් පමණ දිගින් හා අඩි තුනක පමණ උසකින් යුක්තය.’

ඒ විදිහට බලද්දී නම් අප සොයා ගිය ගල් බෝලයත් මෙලහකට අතුරුදහන්වී තිබෙන්නට ඇති ඉඩ වැඩිය. (සඳගල කිලෝ දහසක් බර වෙයි නම්, මට හිතෙන්නේ ඒ ගල් බෝලය කිලෝ තුන්සීයක් විතර වෙන්නට ඇතැයි කියලාය.)

මගේ නසරානි චිත්තයා කියන්නේ, තව දුරටත් සඳගල හෝ ගල් බෝලය ගැන හෝ කතාකොට පලක් නැති බවයි. ‘නිකං හිටපං, නිදි. දේශපාලකයො ගෑවිච්ච වැරදි කී දාහක් නං එහෙම්මම යට ගිහිං තියෙනවද බූරුවො?’ එහෙමයි කියනවා හැරෙන්නට- වෙනින් දෙයක් හිතට එකඟව කියන්නට මගෙ දිව නොනැමෙයි!

ඒත්, අලුත් අලුත් විපිරියාස news දකිනකොට අර නොනැමෙන මගේ දිව නැමෙන්නේ නිකම්මය. මානව වර්ගයාගේ කුතුහලය එහෙමය.

සර් ජෝන්ස් බංගලාවේ බිත්ති සරසන ඉපැරණි ඡායාරූප රැසක්ම තිබෙයි. ඒවාට එබිකම් කරමින් යන අතරේ ස්වීට් අතුලටත් ඔය කුතුහලය ඇති වුණේය. අතුල තමා ළඟින්ම හිටි, හිස නිකට පැහුණු වැඩිහිටියාගෙන් ප්‍රශ්නයක් ඇහුවේය. “ඔය සර් ජෝන්ගේ අම්මල තාත්තල ගැන විස්තර මොකුත් දැනගන්න නැද්ද?”

“මොකද නැත්තේ.” හක්ස්ලි බැරෑරුම් විලාශයෙන්, ගම්භීර හඬකින් කිව්වේය. “ ටිකක් විතරයි කියන්නේ... කමක් නැහැනෙ මිස්ටර් අතුල. ඔය සර් ජෝන්ගේ අ.ම්.මා... අම්..මා කසාද බැඳලා හිටියයි කියන්නේ සර් ජෝන්ගේ තාත්තවනේ!”

දෙවෙනි සංචාරයේදී හක්ස්ලිගේ එවන් ඓතිහාසික ප්‍රකාශ ඇසීමේ භාග්‍යය අපට නොලැබිණි.

ඒ ගමනේදී හඟුරන්කෙත නගරය පසුකර අපේ වාහන ඉස්සරහට ඇදෙද්දී මං වහන්සේ බලාගෙන හිටියේ දකුණු පැත්තට ඇති පාරක් දිගේ යන තුරුය. මන්දාරම් නුවරට යන්නේ එහෙන්ය.

හැරුණේ වමටය! මාතලේ- රත්තොට පාරෙන් ගිහිං රිවර්ස්ටන් පසුකොට පල්ලම් බහිද්දී ‘සර් ජෝන්ස් බංගලාව’ට යන්නටත් හැරෙන්නට තියෙන්නේ වමටය.

‘මේ වතාවේ රටම බලාගෙන ඉන්නෙත් වමට හැරෙන්නයි!’ සර් ජෝන්ස් මැඳුරේදී ඇති වුණු දේශපාලන සංවාදයේදී කියැවුණේය. වැඩි දෙනෙකු අනුමත කළෙත් ඒ අදහසය.

සර් ජෝන්ස් බංගලාවේ නැවතී ඉන්නා අයට නරඹන්නට යා හැකි තැන් කිහිපයකි. පිටවල පතන වඩාත් කිට්ටු හා පසසුවෙන්ම යන්නට පුළුවන් තැනයි.

“ළමයි, හෙට උදේ කෑමෙන් පස්සේ අපි යමු මානිගල නඟින්න. එන ගමන් පිටවල පතනටත් යං! එහෙම කරන්න වෙලාව නැති වුණොත්, අනිද්දා සේර ඇල්ල බලන්න ගිහිං එන ගමන් වුණත් යතහැකිනේ...” ප්‍රියන්ත ඉදිරි දෙදිනේ plan එක අපට විස්තර කළේ 10 වෙනිදා රාත්‍රියේය.

මේ post එකට වැටෙන මාතෘකාව මගේ සිරසට ආවේ එතකොටය. ඒ ගමන් දෙකටම නොයා, ‘මේ මැඳුරේම විහින් සිරගත වන්නට’ මම තදින්ම ඉටා ගතිමි. ඒ සහේතුකවය. හේතු කිහිපයක්ම හින්දාය.

1. පිටවල පතන නැරඹීමට මා විසි-තිස් වතාවකටත් වැඩියෙන් ගිහිං තිබේ.

2. අවුරුදු විසි ගණනකට පෙර (ප්‍රියන්ත ඇතුළු අප 10 දෙනෙක්) නකල්ස් මං පෙතේ සෑහෙන දුරක් තරණය කොට, (කූඩැල්ලන්ගේ ආක්‍රමණයෙන් බේරෙන්නට උවමනා නිසාම) දිය ඇල්ලක් අද්දර කළු ගල් තලාවක රැයක් පහන් කරන්නට වුණු අත්දැකීමකුත් මට තිබේ. මානිගල මංපෙතට වඩා එය දුෂ්කර- දීර්ඝ එකකි. (ඒ ගමන ගැන වෙනම පෝස්ටුවක් ලියන්නට වටියි. අපේ උගත් මිත්‍රයෙක් නකල්ස් තරණය කොහොම එකක්දැයි නිශ්චය කොටගෙන තිබුණාද යත්, ඔහුගේ ගමන් බෑගයේ බැඩ්මින්ටන් රැකට්ස් දෙකකුත් දාගෙනය ඇවිත් හිටියේ!)

කූඩැල්ලන්ගේ ආක්‍රමණයෙන් බේරෙන්නට උවමනා නිසාම...
3. සේර ඇල්ල කෝමළංගනාවියත් හත්-අට වතාවක්ම ඇයගේ අසිරිමත් රූ-සිරිය මට පෙන්වා තිබෙයි.   

4. මානිගල ගමනේදී සීඝ්‍ර නැග්මක් නඟින්නට සිදු වෙයි. අසනීප වීමෙන් පස්සේත් ඒ ගමන යන්නට ගිහිං, මා ගියේ අඩක් විතරය. සාමාන්‍යයෙන් පැය හතරක්-හතරහමාරක් යන ඒ ගමනට මාත් ගියා නං පැය හත-අටක්වත් යනු ඇතියි මට සිතුණු බැවිනි, ඒ.
“වෙලාව ගියාට මොකෝ. ඔයාත් නඟිමු.” කට්ටියම මට බල කළහ. “මම නඟින්න පටන් ගත්තෙම ඔයාලට කියලනේ, මට අමාරු වගේ තේරුණොත් මම තනියම පහළට බැහැලා බලාගෙන ඉන්නං කියලා.” මගෙ තර්කයට එකඟ වීමටය එයාලට සිදු වුණේ!

එහෙම වුණත් මානිගල එක වතාවක් හෝ තරණය කර දැකගත යුතු තරම් මනස්කාන්ත තැනකි. එසේම ඒ ගමනේදී දුලබ දසුන් කිහිපයක්ම ඔබට හමු වෙයි!

මානිගල මං පෙත පිළිබඳව සවිකොට තියෙන පුවරුවකත් ඒ විස්තර ඇතුළත් වන්නේ මෙලෙසිනි:

# පුළුල් පරාසයක දිවෙන භූ දර්ශනය (දූවිලි ඇල්ල, ලකේගල, තූනිස්ගල)
# හෙල්මළු ක්‍රමයට වගා කළ කුඹුරු
# ගල්පර ආශ්‍රිත වනාන්තර
# අතරමැදි කලාපීය වනාන්තර
# කුරු වනාන්තර
# කළු ගඟ / මොරගහකන්ද ජලාශ
# දිවියා, ගෝනා වැනි ක්ෂීරපායී සතුන්, සමනල විශේෂ
# කඳුලැස්ස, වටැස්ස වැනි ආවේනික මාංශ භක්ෂක ශාක
# නකල්ස් සංරක්ෂිතයට ආවේණික හීන්කොළ ශාක
# වියළි පතන

‘නිදිගෙ පංච තන්තරේ’ ආදරණීය රසික- රසිකාවන්ට, මෙහෙම විස්තර පලිප්පු දමමින් කිව්වත්- මං වහන්සේ විහින්ම; ස්ව කැමැත්තෙන්ම හිරවී සිටීමේ රහස වෙනම එකකි. ඒකත් දැන් මා ඔබට හෙළි කළ යුතුය.

බියෙන් නොසැලී අලි, කොටි හමු වෙන්නට ගියත්- මේ ‘චා ගුණ්ඩියා’ පොඩි සතෙකුට නං පරාණ බයය. ඒකා පොඩි සතෙකු වුණත් ඌට ඇස් යුගල පහක්- දත් 300ක් හා මොළ 32ක් තිබෙනවාලු!

ඒ නැතත්, මගේ ලේ කැටි ගැසීම ඉතා අඩුවෙන් සිදු වෙන බැවින්ය- මා වඩාත් ප්‍රවේසම් විය යුත්තේ. කූඩලු දෂ්ටයකදී මගෙන් ලේ ගැලීම පැය ගණනාවක් තිස්සේ නොනැවතී සිදු වෙයි! ඒ මටම හිරිකිත හිතෙද්දීය.

මේ අඩවිවල තෙත් ගතිය වැඩි; වදුලු සහිත තැන්වල කූඩැල්ලෝ අඟලෙන් අඟලට සිටිති! මා දැක ඇති ඉතාමත්ම විචිත්‍ර, හම පුරා designs සහිත, වේගවත්ම ප්‍රහාරක කූඩැල්ලන් ඉන්නේ නකල්ස් අඩවියේය. ඉතිං බය නොවී කොහොමද?

“කොහෙද? මේ දවස්වල මේ trip එක යන්න plan කළේ බත්තලංගුණ්ඩුවට. නිමලුත් සාක්කි. මං නිමල්ගෙන් ප්‍රියංකරගේ ෆෝන් නොම්මරෙත් ඉල්ලගෙන එයාට කතා කළත් එක්ක. ගිය සැරේ වගේම දවසක් බත්තලංගුණ්ඩුවේ ඉඳලා, ඊළඟ දවසේ ගඟේ යායේ camping කරන්න. ඒ අයිඩියා එක කලින්ම කියපු එකයි වැරැද්ද. කිව්ව දවසේ ඉඳන් අපේ මිනිස්සු ඤං-පචං ගාන්න පටන් ගත්තනේ!” බංගලාවෙදී ඇති වුණු කතාවකදීය, ප්‍රියන්ත හෙළි කළේ.

“එහෙට ගියා නං මේ වගේ සීතලේ බංගලාව අස්සේ ගුළි වෙලා ඉන්නැතුව අපිට නියම ආතල් එකක් ගන්න තිබ්බා.”
“කොහෙද... අපේ බබිතයි....” නලින් කිව්වේ ඇස් නටවා, ඉඟි පාමිනි. (සභාවේ සිනා!)
“අනේ මේඃ... මාව ඔව්වට අල්ල ගන්න එපා.”
“එහෙම අල්ලගන්න එපයි කියන්නෙ කොහොමද? මම කියන්නංකො වැඩේ වෙන්න ඇති විදිහ. ඔන්න අයියා බබිතට කියනවා trip එක යන්න හදන තැන. පහුවදා උදේ පාන්දරම බබිතා කතා කරනවා අපේ චමනිට. හැමදාම උදේ පැය දෙකක් විතර මේ නෑනලා දෙන්නා ටෙලිෆෝන් එකේනෙ....”
ජාත්‍යන්තරේට news සපයනවා!” (සභාවේ තවත් හිනා.)

“... ඔන්න එතකොට කියනවා ගඟේ යාය නං හරි නෑ මෙයා- එතැන toilet නෑනෙ කියලා. අපේ එක්කෙනාත් කියනවා -හානේ ඇත්තද මෙයා- කියලා.  ලංකාවෙන් කියනවා -ගිය සැරේ බත්තලංගුණ්ඩුවේ ගියාම අපේ සාන්තලා ටොයිලට් ගියේ ඉන්දියාවටම ගිහිල්ලා- කියලත්. ඊළඟට ඔන්න ඒ කතන්දරේ ආයෙත් ඕස්ට්‍රේලියාවෙන් ලංකාවට... රසිකාට- අපේ මැණිකෙට. කාන්තා සංගමේම වැඩේට විරුද්ධ වෙනවා.....” 

(කාන්තා සංගමයේ සාමාජිකාවන් හතර දෙනාම විරෝධය පාන්නට පටන් ගන්නේ එක වරමය.)
ඔය බොරු / අපි ඔච්චර දේවල් කතා වුණාද මෙයා / මඩ ගහන්නේ / අනේ චමනි- අපිට වෙන දේවල් නැහැනේ කතා කරන්න. නේද? / මීට පස්සේ බලා ගමුකො!

අපේ කිසිම ගමනක් බෝරින් වෙන්නේ නම් නැත! (ප්‍රියන්ත, රසිකා දෙපුතුන් සමඟ) 

(එතකොට පුරුෂ මැදිහත්වීමත් එක දිගටම කෙරෙයි.)
හැමදාම උදේ මම වැඩට ගිය ගමන් පටන් ගන්නේ, නෑනලා දෙන්නගෙ ටෙලිෆෝන් ඩියුටිය. හොඳයි නැද්ද? / උදේට චමනිල ගෙදරට call එකක් ගන්න ගියොත් පැය දෙකක්ම එන්ගේජ් / බැලුවම කාන්තාවන්ට සමතැන නෙවෙයිනෙ  තියෙන්නේ / අපි කෑ ගැහුවට කොයි ගෙදරත් ඕක තමයි මචං තත්ත්වේ... පව් අහිංසක අපි!

සභාවෙන් නැඟුණු හිනා හඬ සර් ජෝන්ස් බංගලාව දෙදරවන්නකි. ඒ හිනා හඬ තුනී වෙන්නට නොදෙන්නේ ප්‍රියන්තයි. “ඔන්න ඔහොමයි නෑනලා හතර දෙනා ජාත්‍යන්තර උදව් ඇතිව වැඩක් අල කරන්නේ!”

‘ඒකට ඔයා මීට පස්සේ අපිට කිසිම දෙයක් කියන්නෙපා!’

ඔහොම කතුරු කතාබහ හින්දා අපේ කිසිම ගමනක් බෝරින් වෙන්නේ; නිද්‍රාශීලී වෙන්නේ නම් නැත.

මාරබැද්ද හෝටලයේදී අපට ලොකුම වාසියට හිටියෙත් ඒකය.
අප එතනට යන විට හොඳින් හිරු එළිය වැටී, සැතපුම් ගණනාවක් ඈතට විහිදෙන මනස්කාන්ත දර්ශනයක් අපට දිස් වෙමින් තිබිණි. Welcome ඩ්‍රින්ක් එක පානය කොට වටපිටාව නරඹන්නට පටන් ගත්තා විතරය.

හෝටලය ඉදිකොට තිබෙන්නේ කඳු මුඳුනක, අක්කර 15ක් විශාල භූමි භාගයකය; පිදුරුතලාගල, මහ කුඩුගල, නමුනුකුල, යහන්ගල හා නකල්ස් කඳු පන්තිවල දර්ශන ලැබිය හැකි තැනකය. ඒත්....  

ඇසිල්ලකින්ම තද මීදුමක් හාත්පස සිසාරා පැතිරෙන්නට විණි. ඒ එක්කම දැඩි සීතලකුත් කාන්දු වෙයි. ඒවා පෙරහරක් එන බව කල් තබා කියන කසකාරයන් වගෙය. ඊළඟට පෙරහැර ආවේය; තද වැස්සක්! අපට කරන්නට ඉතිරි වුණේ හෝටලය තුළට වී, එකිනෙනෙකාව අවුස්සා ගනිමින් හිනා වෙන කර්තව්‍යයයි.

අප එතැන හිටි දවස් දෙකෙන් වැඩි කාලයක්ම අප හිටියේ වලාකුළු අතරේය. මීදුමෙන් වෙලිලාය. වැස්ස වැටෙන හැටි බලාගෙනය.
“මේ වහින දවස් වගෙයි!”
ඒ වැස්ස ලොකුම ආශීර්වාදයක් කර ගත්තේ ගමනට එකතු වී සිටි ගැටවර- ගැටවරියන් දහ-දොළොස් දෙනාය. එයාලා එකේක පන්නයේ ගෘහස්ත ක්‍රීඩාවන් කරමිනි, කාලය ගෙව්වේ.

මීට පස්සේ ඒ මහත්තයාට නෙවෙයි trip එකක් යන්න කතා කරන්නෝනි. නෝනට...  

(මට හිතෙන විදිහට-) ඕස්ට්‍රේලියාවේ කෙරෙන ‘මාෆියා’ නම් ක්‍රීඩාවකය, ඔවුන් වැඩියෙන්ම නිරත වුණේ. ඒ සෙල්ලමේ හොඳම දේ, ඕනෑම ක්‍රීඩකයන් ගණනක් එයට සහභාගී කරගත හැකි වීමයි.

ඒ සෙල්ලම නිසා ඔවුන් එකිනෙකා හා මුසු වීම; හඳුනා ගැනීම සිද්ද වෙන හැටි අපට හොඳින්ම පෙනිණි.
(“එයාලා ෆ්‍රෙන්ඩ්ලි වේගෙන එනකොට trip එක ඉවර වෙච්චි එකයි පාඩුව. තව ටික දවසක් හිටිය නං එහෙම අපේ දුවලා ලංකාව දාලා යන්න බැහැයි කියන්නත් ඉඩ තිබ්බා.” නිවාඩුව හමාර වී ඕස්ට්‍රේලියාවට ගියාට පස්සේ නලින් කීවේය.)

ගෘහස්ත ක්‍රීඩාවලට කාලය හා විවේකය ලැබීම සමහර අඹු-සැමියනට සුවිශේෂී වරප්‍රසාදයක් වී තිබුණු විත්තියත් නොකියාම බැරිය. ඒ හෝටලයේ පළමුවෙනි මහලේ බිත්තියක් ඒ ගැන රහසින් කොඳුරනු මට ඇසුණි.
“අර ජෝඩු ජෝඩු අතරේ කැරම් මැච් එකෙන් දිනපු ජෝඩුව- පහක් දාලා කෑ ගහගෙන උඩ පැනපු තරමට හෝටලේ foundation එකත් දෙදරුවා, බොලේ!”

‘මීට පස්සේ ඒ මහත්තයාට නෙවෙයි trip එකක් යන්න කතා කරන්නෝනි. නෝනට... මහත්තයට කතා කරපුවමනෙ පස්ස ගහන්නේ. නෝනට කතා කරමු. මහත්තයව දාලා හරි ගමනට එයි!’ ඒ යුවලේ ඒ ප්‍රහර්ෂය දුටු හිතවතෙකුට ඉබේම කියැවිණි. (නෝනා මහත්තයා කියලා වාර්තා කරන්නේ, නම් වනම් නොකියන්නට පරෙස්සම් වෙමිනි.)  

එහෙම වාසි තිබිලාත්, දෙවේලක් යනවිටම අපේ පිරිසට හෝටලයේ ආහාරපාන ‘ඇති වී’ තිබිණි.
‘එකම වගේ කෑම හින්දද මන්දා. දැන් ඒවා ඇති වගේ. කරවල තෙල් දාලා පොල් සම්බෝලයක් එක්ක උණු බත් ටිකක් කන්න ආසයි.’ කෙනෙක් කිව්වේය. ‘අපිට පුරුදු ඉතිං බතුයි, පරිප්පුයිනෙ.’ තවකෙක් උත්තරත් දුන්නේය.

“ඒකටත් එක්ක මෙන්න මිනිහා. යකෝ, තමුසෙ ලෙඩෙක් නේද? මම අහන්නේ තමුසෙට ඔහොම හැම දේම ගිලින්න හොඳයිද, මොකාද වගේ?” අයස්මන්ත මහත්තයා කෝන්තර අහද්දී, හතරපස් දෙනෙක්ම ඊට උඩගෙඩි දුන්හ. ඔහොම වෙලාවට තවත් ප්‍රශ්නයක් අහන එකය, මගේ පුරුද්ද.
“ප්‍රියන්ත අපිව මේ වගේ තැනකට එක්ක ආවට පින් දිදී, ඒකෙන් උපරිම ප්‍රයෝජනේ ගන්නැතුව ඉන්න තරම් මෝඩයෙක්ද මං?”

එකේක සූපවේදීන්ගේ ක්‍රම; රස හා ඉදිරිපත් කරන විධි වෙනස් බැවින්, එයිනුත් යමක්...

හැම විටම කොහෙට; කොතැනට ගියත් එතැන තිබෙන විවිධාකාරයේ ආහාර වර්ග හැම එකක්ම රස බලන පුරුද්දක් මට තිබේ. එහෙම කරන්නේ ඉගෙන ගත හැකි නිසාය.

මාරබැද්ද හොලිඩේ රෙසොර්ට් එකේ අනෙක් කෑම හොඳ වුණත්, ලුණුමිරිස- පොල් සම්බෝලය හා තෝසේ සම්බෝලය කියන තුන් වර්ගයටම මගෙන් ලැබෙන්නේ ‘රින’ ලකුණුය. ඒ වගේ දෙයක් කිව්වාම පළමුවෙන්ම පැටලෙන්නට එන්නෙ නෙවිල්ය.
“තියා ගන්නවා තමුසෙගෙ points. කවුද හලෝ තමුසෙ කියන ඒවා ගණන් ගන්නේ?”

“ගණන් ගත්තත් නොගත්තත් මට කමක් නෑ. මට තේරෙන ඇත්ත මම කියනවා. නිකමට ගිහිං බෙදාගෙන එනවකො තම්බපු මුං ඇට හැන්දක්. බාගයක් තැම්බිලා නෑ- යක් ඇට. මෙච්චර ලොකු හෝටලේක චෙෆ් දන්නැති හැටි, යක් ඇට නැතිව මුං ඇට තම්බන හැටි!”

“එතකොට මොනවද තමුසෙට හොඳට තිබුණේ?”
“හොඳට තිබ්බෙද... සුප් ජාති හොඳයි. ආප්ප හොඳයි...සැලඩ්ස් හොඳයි!”
“ඇති තමුසෙ එව්වටවත් හොඳ කිව්වා!”

“සමහරු ඉන්නවා තමයි, නරක විතරක් දකින- විවේචනය කරන්න විතරක් පුරුදු වුණු. මට ඒ ලෙඩේ නෑ කියලයි මං හිතන්නේ. මං මට තේරෙන ඇත්ත කියනවා. සමහර වෙලාවට නොකිව යුතු තැනදීත්... ඒක නං ඉතිං- මගෙ තකතිරුකම. හැබැයි, මම තදින්ම විශ්වාස කරනවා ‘විවේචනය රාත්තලකට වැඩියෙන් ප්‍රශංසාව අවුන්සයක් වටිනවා’ කියන කියමන.”

බීපු බෝතල් ගාණනෙ! (පටන් ගත්තේ මෙතැනිනි.)

එහෙම කිව්වාටත් පස්සෙය, මට මේ වැදගත්ම පුරස්නය අහන්නට හිතුණේ. “නෙවිල්, මොකක්ද මේ ගමන්වල තිබිච්ච හොඳම දේ?”

ලැබුණේ අවංක පිළිතුරක් නොවේ, මාව ඇවිස්සෙන; මගෙ සිරසට යකා  නංවන උත්තරයකි. “බීපු බෝතල් ගාණනෙ!”

ඉතිං, ඉතාමත් විනෝදජනක; සතුටුදායක සංචාර දෙකකටම මා කැටුව ගියාටත්, posts හතරක්ම ලියන්නට තරම් කරුණු සපයා දුන්නාටත් සැම කෙනෙකුටම තුති පුද දෙමිනි, මෙතෙකින් මේ පෝස්ටුව හමාර කරන්නේ.

ඒ සමඟම කිව යුත්තේ 2022 වසරට ස්තුති පූර්වකව සමු දෙන බවයි; එසේම, එළඹෙන 2023 වසර සකල ලෝකවාසී සියලු සත්ත්වයාටම වඩාත් යහපත්; වඩාත් ප්‍රසන්න; වඩාත් ප්‍රමෝදය දනවන වසරක් වේවා යැයි පතන බවයි෴0෴ 

25 comments:

  1. සුබ නව වසරක් වේවා

    මරබැද්දෙන් නිදි ට නඩු දමයිද? තව ට්‍රිප් එකක් දෙයිද?

    මදාරම්නුවර ප්‍රසිද්ද නැති කාලේ අපි මදාරම්නුවර තේ වත්තකින් පටන් අරන් නුවරෙලියෙන් බැස්සා රෑ 4 කට පස්සේ

    මම විජේබාහු (අද මම එක වගේ)

    ReplyDelete
    Replies
    1. ඔබතුමාටත් සුබ පැතුම් විජේබාහු මහත්තයෝ!
      ඇත්ත කිව්වම නඩු වැටෙනවද කියලයි මං තවම කල්පනා කරන්නේ.
      අර රෑ 4 තිස්සේ කූඩැල්ලෝ එහෙම තනි රකින්න ඇති නේද, මදිය නොකියන්න.

      Delete
    2. කුඩල්ලෝ ගැන නම් එහෙම මතක නැ, හදුන් දිවියා ඉන්නවා කියලා මිනිස්සු කිව්වා දැක්කේ නම් නෑ.

      Delete
  2. සුබ නව වසරක් වේවා 2023 නව වසර නිදීටත් සැමටත්...

    ලස්සන චාරිකා සටහන් පෙළක් නිදී ගොඩක් ලස්සනයි තව පින්තූර ටිකක් දාන්න පුළුවන් නම් හරිම අගෙයි රසවත් සිදුවීම් පෙළක්

    ඇත්තටම ලංකාවේ දේශපාලනයත් මේ වගේ වෙනවා නම් කොච්චර දෙයක්ද? ලංකාවේ අලුත් තරුණ සමාජ ජාල වල දේශපාලනයේ නිරත තරුණ තරුණියන්ට බුකියේ ලියන්න ගත්ත මුල්ම කාලේ මම මේවා පෙන්නදෙන්න උත්සාහ කලා. උදාහරණයක් විදියට ප්‍රායෝගික අත්දැකීම් අඩුකම නිසා චතුරංග අබේසිංහලා ඇතුළු විශාල පිරිසක් තමන් ගැන අධි තක්සේරුවක ඉන්න බවයි පෙනෙන්නේ.

    ඕක ලංකාවේ වාමාංශික මතවාද දරන දේශපාලනික පක්ෂ කණ්ඩායම් ගොඩක් ඒවායේ තියෙන නිදන්ගත ප්‍රශ්නයක්

    ජවිපෙ වගේම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කට්ටිය වුණත් පරණ වාමාංශික දේශපාලනය කරපු අය වුණත් විවේචනයට වගේම අනෙක් විරුද්ධ මත දරන පිරිස් වලට ඉතා දැඩි ලෙස පහර දෙන දැඩි මතධාරීන් පිරිසක්... වෙනත් මත වලට කන්දෙන නම්‍යශීලී බවක් එච්චරම නෑ... චතුරංග වගේ අය ජවිපෙ ජාතික ජන බලවේගයේ සාමාජිකයන් අති බහුතරය සමග එම පක්ෂයේ ක්‍රමය තමයි අනුගමනය කරන්නේ ඒක තමයි අපට ඇති ප්‍රශ්නය... එහෙම නේද?

    ReplyDelete
    Replies
    1. සුපැතුම් ගැන තුති පැතුම්! 2023 අප හැමටම සුන වෙතැයි සිතමි- පතමි!
      දේශපාලන වේවා- සමාජ ජාලවල වේවා- මාධ්‍ය වැනි තැන්වල විතරක් නෙවෙයි, සමාජයක කුඩාම ඒකකය වන පවුලක් තුළදී පවා ඉතාම වැදගත් වෙන කරුණක් ගැන මතු කිරීම ඉතා වැදගත්. ඒ ගැනත් ස්තුතියි.
      මට හිතෙන විදිහට මිනිස්සු ලේසියෙන්ම අගතියට යනවා, වැරදි 'මානය'න්ට පිවිසීම නිසා. සෙය්‍යමාන, සදිසමාන හා හීනමාන ගැන දන්නා කෙනෙකුට තමන් ගැනම හරියාකාර වැටහීමක් ඇති කරගෙන අගතියට නොයා සිටිත ඇහැකියි නේද?
      https://pitaka.lk/books/abhidharmaye-mulika-karunu/8-3-7.html

      Delete
    2. කියන්න අමතක වුණා. Fotos නම් තියෙනවා, මහත්තයෝ. දාන්නත් පුළුවනි. එහෙම නොකර ඉන්නේ සිරි ලංකාවේ අයට තියෙන ඩේටා මිල හා අන්තර්ජාල පහසුකම්වල වේග ප්‍රශ්න නිසා- අපි ලියන ඒවා කියවන සාමාන්‍ය අය ගැනත් හිතන්න එපැයි!

      Delete
  3. සුබ නව වසරක් වේවා !

    මං කිවුවෙ බොරුද නිදිගෙ ට්‍රිප් පෝස්ට් වල ඇතිවෙන්න කෑම ගැනනං විස්තර තියෙනව.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න, ඔයාටත් සුබ පැතුම් නව වසර උදාවේදී!
      සියලු සත්ත්වයො යැපෙන්නේ ආහාරවලින් නිසා කෑමට වැඩිපුර තැනක් දීම වරදක් නෙවෙයිනෙ. හැබැයි, මගෙන් එහෙම කෙරෙන්නේ නොදැනීමයි!

      Delete
  4. සුභ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. සිසීරතාරක නින්දෙන් පිබිදිලා අප හැමට සුබ පැතුවාට ස්තුතියි බස්ස්සා මහත්තයෝ. දැන් ඔහොමම නැඟිටලා ඉඳගෙන ලියමු!

      Delete
  5. +++++++++++. සුබ නව වසරක් වේවා !

    ReplyDelete
    Replies
    1. ඔබතුමාටත් සුබම සුබ නව වසරකට සුපැතුම් ඉයන් මහත්තයෝ!

      Delete
  6. සදගල ඉස්සුවේ පර්සි මහේන්ද්‍ර වෙන්න බැරිද? කටුගෙයි කඩුවත් ඉස්සුවේ එයටනේ...

    ReplyDelete
    Replies
    1. ලලිත්, ඊයේ මේ post එක publish කරනකොටම මේ news එකත් දකින්න ලැබුණේ.
      https://www.lankahotnews.net/2022/12/blog-post_34.html

      Delete
  7. සීත හිමේ මැඳුරක 'හිර' වුනාදෝ කියලා නම දැම්මෙ රූම් එකක දොරක් ඇරගන්න බැරුව හිරවෙලාවත් හිටියද කියලා මම අහන්න හිටියෙ අද නිමල් ඒකට උත්තර දීලා. පෝස්ට්ස් හතරක් දැම්මා කියලා තේරුනේවත් නෑනෙ.

    "මේ ඩිෆෙන්ඩරයත් එදා එය පදවාගෙන ගිය පුද්ගලයාත් ඩිෆෙන්ඩරයේ ගමන් කළ පුද්ගලයනුත් සඳගල පටවාගෙන රැගෙන ගිය රථයත් වැඩි කල් යන්නට පෙර අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇති බවද.." සාදු සාදු සාදු.

    සුබ නව වසරක් වේවා!!

    ReplyDelete
    Replies
    1. Lotus, සුබ පැතුම්!
      කොටස් හතරක් ලියන්න මගෙ හිතේ තිබ්බේත් නැහැ. මාරබැද්ද ගැනත් වෙනම නොලියවෙන නිසා ඒ විස්තරත් මේ සීරීස් එකටම එකතු කළ නිසයි 4ක් වුණේ.
      සඳගල ගැන පුවතක් ඊයෙත් පළ වුණා. බලා ඉඳිමු එතනින් එහාට වෙනදේ ගැන......
      https://www.lankahotnews.net/2022/12/blog-post_34.html

      Delete
  8. කුඩැල්ලට බය වෙලා ඉඳල පස්සේ චන්ඩිය වගේ කුඩල්ලෝ ගලවපු කාලයක් තිබ්බා .. දැන් මේක කියවල කුඩල්ලගේ පොටෝ එක දැක්කත් පරාන බයක් දනුනනේ ... හෙහ් හෙහ් ..

    මම හිතන්නේ අවුරුදු 10-15කින් විතර එකෙක් කාපු නැති හින්ද වෙන්ඩ ඇති

    ReplyDelete
    Replies
    1. මම නම් කූඩැල්ලන්ට බය නෑ, පැතුම්. හැබැයි වෙන කාගෙ හරි කකුලක වුණත් එකෙක් එල්ලිල ඉන්නවා දැක්කොත් කෑ ගැස්සෙනවා. ඒකනෙ පුරස්නේ....

      Delete
  9. සුබ නව වසරක් වේවා

    සිංහරාජ කූඩැල්ලො මගෙ ඔලුවෙ ඉඳන් හිටියා එකපාරක්.
    කූඩැල්ලන්ටනම් බයක් නෑ. ඒත් කූඩැල්ලන්ට බය අය එක්ක යනකොට වෙන කෑගැහිලි, නැවතීම්, දිවීම් වගේ ඩ්‍රාමා නම් ඉතින් හයික් එකකදි කරදරයි. ලේ කැටි ගැසීම පමා වීමේ ප්‍රශ්නෙනම් කූඩැල්ලෙන්ගෙන් පරිස්සම්වෙන්න ඕනෙ හේතුවක්.

    http://www.worldgenweb.org/lkawgw/gen3003.htm

    https://en.wikipedia.org/wiki/John_Kotelawala_Sr


    http://www.worldgenweb.org/lkawgw/sirjohn.html

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි Pra Jay මහත්තයෝ. සර් ජෝන් කොතලාවල මහත්තය ගැන චරිතාපදානයක් ලියන්න තරම් දේවල් මේ linksවලට ගියාම තියෙනවනේ!

      Delete
  10. කරන්නට හිතෙයි එකතුව එකම වැඩක්
    දැනටම කළා, මං ඒකෙන් එක කොටහක්
    පැතුමට තියෙනවලු ඇතිවී පුදුම දොළක්
    සංසිඳවන්න බනිමුකො, අපි හැකි තරමක්!

    https://biththiya.blogspot.com/2023/01/blog-post.html

    ReplyDelete
  11. හුම්..............
    කූඩැල්ලන්ට මොළ 32ක් තියෙනෝ කියලා විස්සාස කරන්න බෑ.

    ReplyDelete
    Replies
    1. ඒ ගැන මම නං දන්නේ නෑ, නමී. ඒ නිසාමයි උන් ගැන ලියද්දී- වැකියේ අගට ලු අකුර එකතු කළේ.

      Delete
  12. සුභ නව වසරක් වේවා නිදි. දැන් උඹල කොච්චර බැන්නත් ඔය බ්‍රිතාන්‍ය මියුසියම් එකේ තියනකන් ලංකාවේ බොහෝ දේවල් රැකිලා තියන්ව් අකියලයි මම හිතන්නේ. නැත්නම් ඩිෆෙන්ඩර් එයි. ඒවා අතුරුදහන් වෙයි. එච්චර තමයි.

    ReplyDelete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්