ඉතිං, නොසිතාම හරි මං වහන්සේ පද්මෙ දිහාත් එහෙම බලන්නට ඇතිවාවත්ද? පද්මේ එක්කල කතාබහ කරද්දීත් මං එයාව කුප්පන ස්වරයකින් කතා කළාවත්ද? එහෙමත් නැත්නම් ගැටවරයන්; තරුණයන් ආකර්ෂණය කර ගැනීමේ යම්බඳු ශක්තියක් මා තුළ සැඟවී තිබුණාවත්ද?
වෙන්නත් ඇති. පියසිරි මා කෙරෙහි වසඟ වෙද්දී
මං මේ මොන කෙහෙල්මලක්වත් දැනගෙන උන්නේ නැත!
අභී අයියා මා වසඟයට ගනිද්දීත්, මම මේ අංශයෙන්
නොදරුවෙක් වීමි.
කවර
පුරුෂ පරාණයක් හා කුමන ආකාරයේ හෝ ලිංගික සබඳතාවකට පෙළඹෙද්දී වුවත් මා අසිහියෙන්
සිටියේ... |
එහෙත්, එදා වැල්ලවත්තේ සැවෝයි සිනමාහලේ ‘ඩිෂ්ටි ඩිඩින්’ වර්ගයේ ඉංග්‍රීසි film එක බලන්නට යද්දී මම අශ්වයන් දුසිම් දහයකටත් වැඩි පිරිසක් එක්ක ‘කඩුලු පැනලා පළපුරුදු වනචර වලත්තයෙක්’ වී සිටියෙමි!
කොයි
තරමේ වලත්තයෙකු වුණත්, ඒ හැම තිස්සෙමත් මගේ හෘදය සාක්ෂිය අවදියෙන් හිටියේය; මට කතා
කළේය; මට දොස් කිව්වේය; ප්‍රශංසා කළේය!
පද්මෙල අම්මත් එක්ක කතා කරද්දී, මගේ හිත දිගටම මට දොස් පවරන්නට තියා ගත්තෙත් ඒ
නිසා වෙන්නැතිය.
කොයි
දෙමව්පියනුත් හිතන්නේ තමන්ගේ දරුවන් ලෝකයේ හොඳම දරුවන් කරන්නටය; සුසිරිත් රකින,
සංවර- කීකරු දරුවන් කරන්නටය. කොයි තරම් නරක අම්මල-තාත්තලා වුණත්, උකුණු පුකක තරමේ
මොළයක්වත් තිබේ නම් හිතන්නේ එහෙමය.
ඉතිං, කවර පුරුෂ පරාණයක් හා කුමන ආකාරයේ හෝ ලිංගික සබඳතාවකට පෙළඹෙද්දී වුවත් මා
අසිහියෙන් සිටියේ නැත. ඒ පිරිමි පරාණකාරයාටත් අම්මෙකු- තාත්තෙකු ඉන්නා බව මට
කල්පනා වුණේය; එයාත් ‘පවුලක’ එක සාමාජිකයෙකු බව මට මතක් වුණේය. ඔහුගේ පවුලේ
සාමාජිකයන් මෙවන් සමරිසි සබඳකම් අනුමත නොකරන
විත්තියත් මගේ චිත්තයේ තිබ්බේය.
‘කමක්
නෑ නිදි. තමුසෙටත් ආසාවල් තියෙනවනේ. තමුසෙලා තාත්තම කියනවා වගේ දැන් තමුසෙගෙත් නැට්ටට කිරි උනලා ඉවරයිනෙ. ඒ වුණත් අර අම්මා ගැනවත් හිතලා,
තමුසෙ කරන වැරැද්දට හිලව් වෙන්න- පද්මෙට යහපතක් කරන්න බලනවා! ඒකෙන්වත් පව් සමා කර
ගන්න බලනවා.’
ඉතිං,
මං වහන්සේ කළේ, උපරිමයෙන්ම මගේ හදවතට එකඟ වීමයි. ‘කොහොම හරි පද්මෙව කුඩු
ගැහිල්ලෙන් බේර ගන්නෝනි!’ මම අදිටන් කර ගත්තෙමි.
පාලු
පොල් වත්තකදී, පද්මෙගේ ඇට කූඩු පපුවට මගේ හිස රුවාගෙන- ඔහුගේ පපුව ගැහෙන රිද්මයට
කන් දීගෙන ඉන්න වෙලාවක මම ‘ඒ කාරණය’ මතු කළෙමි.
(එවන් ප්‍රේමාලිංගන ඉරියව්වලට මා ඉතා රුචිය. එහෙම වෙන්නට ඇත්තේ, මා කුඩා අවදියේ
‘කිරි බෝතලය බෙදීමට ගිය විට දුටු සිත් කාවදින දසුන’
නිසා යැයි මට හිතේ.
මට අනුව නම් ‘සසඟෙහි යෙදීම’ක් කියන්නේ ‘කඩිමුඩියේ සුකුරු මුදා හැරීමක්’ම නොවේ. එය ආදරණීය;
ප්‍රේමණීය; රමණීය; කලාත්මක ව්‍යායාමයක් වේ!)
මටත්
පුළුවන්ද හොරකම් කරලා හරි කුඩු ගහන්න... ඊට හොඳයි කෝච්චියට පනිනවා. |
“ම්..ම්..ම්..ම්... මොකද මේ?”
“මං ඔයාගෙන් අහන්නමයි හිටියේ...”
“මොකක්ද?”
“මං
කුඩු ගහනවයි කියලා, අපේ අම්ම ඔයාට කිව්ව නේද?”
මට කටඋත්තර නැත!
පද්මේ
ආයෙත් හීල්ලුවේය.
“අම්ම මට කිව්ව, නිමල් අයියේ. අපේ අම්මත් පව්!
දවසක් දෙකක් මාත් කුඩු ගැහුව තමයි... ඒත් නිමල් අය්යේ, ඒකට ඇබ්බැහි වෙලා, සික් එක
හැදෙන එවුන් දැකලම මට ඒ වැඩේ එපා වුණා. එව්වා කරන්න තරං, මට සල්ලි කොහෙන්ද නිමල්
අයියේ. මටත් පුළුවන්ද හොරකම් කරලා හරි කුඩු ගහන්න... ඊට හොඳයි කෝච්චියට පනිනවා...
ඒක නෙවෙයි. ඔයාට බැරිද කාට හරි කියල මට මොකක් හරි job කට්ටක් set කරල දෙන්න.”
එවෙලේ
පද්මෙ කළේ එයාගේ හිතේ තිබුණු සේරම දුක්-කන්දරාවන් එළියට දැමිල්ලය.
“අවුරුදු
විසි ගාණක කොල්ලෙක් වෙලත්, රස්සාවක් නැතිව අම්මලගෙන්ම කකා ඉන්නකොට පිස්සු හැදෙන්නැද්ද
නිමල් අයියේ. වැඩියෙන්ම දුකයි; ලජ්ජයි- අපේ මල්ලී ඩුබායි ගිහිං කීය කීය හරි අම්මලට
එවනව දැක්කම. ඒ දවස්වලට, මම බඩගින්නෙ හිටියත් ගෙදර නොයා ඉන්නෙ; පාරෙ රස්තියාදු
ගගහා... ගැන්සියකට වැටිලා. එතකොට සිගරැට් එකක් හරි දෙන්නෙ උන්. එහෙව් උන්ම
සූස්තියක් අදින්න කතා කළත්, කුඩු ගහන්න කතා කළත් නොයා ඉඳිතෑකිද...”
පොල්
කඩන්නට එන මිනිහා වත්තේ හතර මායිම් මොනවාදැයි හොයන්නේ... |
පොල්
කඩන්නට එන එකා වත්තේ හතර මායිම් මොනවාදැයි හොයන්නේ නැත. අර කියූ 12 x 10 = 120
ගණනින් වැඩිම දෙනෙකුත් ඒ ගණයේ අයවලුන්ය. ඔවුන් විසූයේ වෙනම රහසිගත; සැඟවුණු; ආවෘත
විශ්වයකය. පද්මෙත් හිටියේ ඒකේය.
මා ඇසුරු කරන අනෙක් සියල්ලෝම සැම අතින්ම විවෘත විශ්වයක පැවතුණෝ වූහ.
යට
කී පළමු විශ්වයේ සිටි පද්මෙ වෙනුවෙන්, දෙවෙනි විශ්වයේ බලැත්තවුන් කීප දෙනෙකුගේ
පිහිට පතන්නට මට සිදු විණි. එසේ කර, අපේ එංගලන්ත ගමනට කලින් පද්මෙට රස්සාවක් සොයා
දීමට මේ ලියනප්පුවාට පුළුවන් විණි!
ඉතිං...
1985 අප්‍රේල් 29 වෙනිදා පළමු වරට විදෙස් ගත වෙන්නට සැරසෙමින්ය මා උන්නේ. 28
රැයෙන් වැඩි කොටසක් පද්මෙගේ උණුසුමේ ගෙවන්නට plan කෙරිලා තිබුණු බව, මගේ අර ‘මහාර්ඝ මහපොළ ඩයරිය’
මතක් කරයි!
“එදා රෑට අපේ ළඟම කීප දෙනෙකුට කෑම ටිකක්
දෙන්න ලැහැස්ති කරනවා... ඔයාත් එන්න- ටිකක් රෑ වෙලා. එතකොට ඒ ගමන්ම අපේ ගෙදර
ඉඳිමු.”
“එහෙම හොඳද?”
“නරකයි
නං කියන්නෙ නෑ..නෙ පද්මෙ!”
වැඩ සිද්ද වුණේ ඒ අනුවමය. රැ කෑමෙන් පස්සේ, අපි පැදුරට වැටුණෙමු.
එය,
පියසිරි අපේ ගෙදර පළමු රාත්‍රිය ගත කළ
දිනයේ
මෙන්, වියරු වැටුණු රැයක් නොවිණි. පද්මෙ පළමු වරට හමු වුණු රාත්‍රියේ නම් මිනිත්තු
එකොළහේ ඒවා දෙකක් ගෙවන්නට සිදු වුණත්, 28 වෙනිදා ඔහු එක වතාවකින් නැවතුණේය.
“හෙට ඔයාලට දුර ගමනක් යන්න තියෙනවනේ.”
“ඉතිං...”
“ඉතිං කියන්නේ, වැඩිය මහන්සි කරවන්න දුකයි!” පද්මෙගෙන් ඉඳහිට හෝ
එහෙම තෙතමනය තියෙන උත්තරත් ලැබෙයි.
“හෙට
ඔයා රට යන එක කල්පනා වෙනකොට නං...”
“ඇයි පද්මෙ, ඔයාම නේද කලින් දවසක මට කිව්වේ, මාස හයක් කියන්නේ මහ දිග කාලයක්
නෙවෙයිය කියලා...” පද්මෙගේ ළය මඬල උණුසුම්දැයි දෙතොලින් පිරික්සා බලන අතරේ මම
කෙඳිරුවෙමි.
ඒ
ලංකාවේ තත්ත්වය සුබදායී නොවෙන බව කියමිනි! |
“පිස්සුද? මම හිතන්නේ කවදාවත් මට මේ රට දාල යන්න හිතෙන එකක් නෑ...” එදා; 28 වෙනිදා
රාත්‍රියේ, මං පද්මෙට කිව්වා මතකය.
අදටත්
මගේ ඒ මතය වෙනස්වී නැත.
නමුත්-
මා තරුණ වයසේ පසු වන්නෙකු නම්, මා වුවද මව්බිම හැරදා යන්නට සිතනු ඇතැයි සිතේ!
මා හොඳින්ම දන්නා; විදෙස් ගත වන්නට කිසිම අදහසක් නොතිබුණු තරුණයන් තිදෙනෙක්ම හදිසියේ, පසුගිය මාසයක
කාලය තුළ රට ගියහ. ඒ ලංකාවේ තත්ත්වය සුබදායී නොවෙන බව කියමිනි!
“නිමල්
මල්ලිලා 29 දවල්ට අපේ ගෙදර එන්න ඕනි. මං කෑම ලැහැස්ති කරනවා.” කළු අක්කා
කල්
තියාම කියා තිබිණි. “අනිලුත් එක්ක ඔයා කතා නොකළට කමක් නෑ. මම එයාටත් අපේ ජයරත්නගේ
අතේ කියල යැව්වා.”
“හැබැයි කළු අක්කේ, වැඩි වෙලාවක් ඉන්න බෑ. ආවා- කෑවා- ගියා. එදා හවසනේ ෆ්ලයිට්
එක.”
“Flight
එක හවස තිබුණට කමක් නෑ, නිමල්. ගෙනියන බඩු සේරම කලින් දවසේ pack කරලා තියා ගත්තම
ලේසියි. දෙන්නගෙම පාස්පෝර්ට්, tickets එහෙමත් වෙනම bag එකක දාගෙන යන්න. එතකොට
ලේසියි.
එංගලන්ත සල්ලිවලට හරව ගත්ත පවුම් දෙසීයත් ටිකට්ස් එක්කම තියා ගන්න- පරෙස්සමෙන්.
අනිල් මල්ලි කොහොම වෙතත් නිමල්ට තමයි හොඳ කල්පනාවෙන් ඉන්න වෙන්නේ.
KLM ප්ලේන් එහෙක යන නිසා ඔහෙලට ඇම්ස්ටර්ඩෑම් එයාර්පෝට් එකේදී ෆ්ලයිට් එකෙන් මාරු
වෙන්නත් වෙනවා... එංගලන්තෙට යන තව පැසේන්ජර්ස්ලා ඇතිනෙ. එයාලව ෆලෝ කරපුවම ප්‍රශ්නයක්
නෑ.” ලාල් අයියා පුළුවන් උපරිමයෙන්ම අප දෙන්නාවම දැනුවත් කළේය.
“හැබැයි
නිමල්. මොකක් හරි ජංජාලයක් වුණොත් නම් වෙන්නේ ඔහෙලගෙ අම්ම කියන ජාති ගෙනියන
එකෙන්.” ලාල් අයියා කිව්වේ හිනාවෙමිනි.
“... ඔයාලගෙ අම්මව සැටිස් කරවන්න නං, මහරගම පොළම ගෙනිහිල්ලත් බැරි වෙයි!”
ඇත්තය!
අපේ මව් යානය ලංකාවට ඇවිත් යද්දිත් එහෙමය. තේකොළ, රම්පෙ, කරපිංච, ගොටුකොළ,
මුකුණුවැන්න, කොහිල දලු, අමු අඹ, ඇඹරැල්ල, රතුළූණු, කිතුල් හකුරු, උම්බලකඩ, කරවල,
මිරිස්- තුනපහේ කුඩු, අච්චාරු, වම්බටු මෝජු, මාළු ඇඹුල් තියල්... මෙකී නොකී හැම
ජාතියක්ම ගෙනියයි. අපටත් එහෙම ලැයිස්තුවක්ම එවා තිබිණි. ළමා නිවාසයට call කරලා
මදිව, අම්මා ලාල් අයියාටත් පණිවිඩයක් දීලය!
අපේ
මව් යානය ලංකාවට ඇවිත් යද්දිත් එහෙමය. රම්පෙ, කරපිංච, ගොටුකොළ, මුකුණුවැන්න... |
පොළෙන් ගන්න දේවල් ගෙනාවෙත්, පොලිතින් කවරවලට දමලා ඇසිරුවෙත් සුනිල්- මල්ලිකා
දෙන්නාය.
“අයියේ.
එංගලන්තෙට ගිය ගමන්ම මේ පලා ජාති එහෙම බෑග්වලින් එළියට අරං තියන්න වෙයි. නැත්තං
එව්වා තැම්බිලා යයි. කැවුම් වුණත් පොලිතින් බෑග්ස්වලම තියෙන්න ඇරියොත් තමයි පුස්
කන්නේ...” එහෙම කියමිනි, සුනිල් බඩු අඩුක් කළේ.
පස්සේ
කියන්නට නොතබා මෙතනදීම ‘ඒ අඩුම-කුඩුම තොගය’ ගැන සම්පූර්ණ කතාන්දරය කියා හමාර කිරීම
වඩාත් හොඳය!
ඒ බඩකඩුත්තු තොගය හින්දා එයාර්පෝට්
දෙකේදීම වුණේ එක වගේම දේවල්ය.
අපේ බෑග්ස් විවෘත කර පෙන්නුවා විතරය! මගීන්ගේ bags පරීක්ෂා කරන නිලධාරීහු
එක-එක්කෙනාගේ මුහුණු බලා ගත්හ. සමහර අය
මුවගට නැඟුණු චූටි හිනාවලුත් එක්කය, ගොබ්බ අපේ මුහුණු දිහා බැලුවේ. මට සහතිකය;
කටුනායකදී නම් ඒ හිනා ටිකක් වැඩියෙන් දැක ගන්නට හැකි වුණේය.
හීත්රෝ
ගුවන් තොටුපළේ නිලධාරීන් නම් අපේ අයට වඩා ආචාරශීලී වුණත්, මං හිටියේ හොඳටම ලජ්ජාවෙන්
මිරිකෙමිනි.
එහෙම ලජ්ජා විඳගෙන හරි ඒ සබ්බ සකල මනාවම අරං ගෙදරට ගියාමය මට යකා නැංගේ.
“ඔයා
මොකටද ලොකූ මේවා උස්සගෙන එන්න වොරි වුණේ?” සමන්ති නංගී රහසෙන් ඇහුවේ අම්මා නැති
තැනකදීය. “I’ll show you.” මාවත් ඇදගෙන කුස්සියට ගිය Sam ශීතකරණයේ තිබෙන බඩු
තොගයක් පෙන්නුවාය.
අප ගෙන ආ ජාතිවලින් බොහොමයක් ෆ්‍රිජ් එකෙත් තියෙයි. ඒ සමහරක් කලින් වතාවේ මං
වහන්සේ අපේ අම්මට ඔතලා දුන් දේවල්ය. Packing කඩලාවත් නැතිවය ඒවා තිබ්බේ.
හොඳින්
සවන් දෙන්නෙකුට තමන් ගැන කියන්නට බොහෝ දෙනා සූදානම්ය! |
“දැන් අපි කවුරුවත් ඕවා කන්නෑ ලොකූ. අම්මත් ලෝබකමට ඕව ගොඩ ගහගෙන ඉන්නවා, ලංකාවේ යාළුවො ආවම show off කරන්න. ඒ ගොල්ලොත් අම්මට හපන්! බොරුවට හා..නේ හූ..නේ කිව්වට මොකද, දැන් ඕවට ආස නෑ. Too sweet හින්දා. අනෙක ලොකූ, ඔය කරවල- Dried Fish වගේ ගොඩක් දේවල් සවුත්හෝල්වල shopsවලත් විකුණන්න තියෙනවා.”
“මොන
කෙහෙල්මලකටද අම්මෙ, මේවා ගොඩ ගහගෙන ඉන්නේ, කන්නෙත් නැත්තං?” මට කියැවුණේ නිකම්මය.
“ඔයාලට ඕවා තේරෙන්නෙ නෑ රංජි. මෙහෙ ඉන්න ගොඩක් සිංහල අයගේ ගෙවල්වල ‘සර්ව විශාදිය’
ටිකක්වත් නෑ. හදිසියකට ඒ වගේ දෙයක් වුණත් තියෙනවද කියල එයාල අහන්නේ මගෙන්.”
“ඔව්,
ඔව්. එහෙම ඇහුවම අම්මට හතර මහ නිධානෙ පහළ වෙනවනෙ...”
අපේ
අම්මාගේත් මගේත් ඔහොම වාද-විවාදවල කෙළවරක් නැත. ඒ නිසා ඔය ගෝරියත් පැත්තකින් තියලා,
ආපහු කටුනායක ගුවන් තොටුපළට ගිහිං එමු නේද?
අපේ
ලගේජ්වල බර වැඩියෙන් තිබුණේ නැත; Hand luggajesවලත් ගෙන යා හැකි දේ පමණි, ඔබාගෙන
තිබ්බේ. (එහෙම නැතුව යට ඇඳුම අස්සේ පවුම් නෝට්ටු බණ්ඩලයක්ම
හංගාගෙන,
පණ බයේ ගැහි-ගැහී යන්නට වුණේ නිදි හොංකොං යන විටදීය!) අන්නාටත් මටත් කිසිම පමාවක්
නැතිව පර්යන්තයට ඇතුළු වීමට හැකියාව ලැබිණි.
“ලොකා, මං අරහෙට ගිහිං එන්නං.” එහෙම කියාගෙන අනිල් ගියේ සිගරට්ටුවක් උරන්නට විය
යුතුය.
එහෙම ගිය මිනිහා ආපහු ආවේ තනියෙන් නොවේ; තවත් කාවදෝ කූටාලි කර ගෙනය.
“ලොකා.
මේ රේඩියෝ සිලෝන් එකේ ලොකු මහත්තයෙක්... මෙයා යන්නෙත් හීත්රෝවලටමයි. මේ අපේ ලොකු
අයියා... මෙයත් රේඩියෝ ප්‍රෝග්‍රෑම්ස් කීපෙකටම සහභාගී වෙලා තියෙනවා මිස්ටර්
විල්මන්.” අපේ අන්නා මාවත් මුරුංග අත්තක් උඩින් තිබ්බේය.
ප්‍රවීන
ගුවන් විදුලි නිවේදක හා ගුවන් විදුලි නාට්‍ය ශිල්පී විල්මන් ජයසිංහ (ආරූඪ නමක් යෙදීම
ගැන කමනු මැනවි.) හඳුනා ගන්නට මට ඉඩ ලැබුණේ එතැනදීය.
එතැන
සිට දිගටම විල්මන් මහතා එයාගේ පට්ටන්දර ගොඩාරියක්, අකුරක් නෑර මට පවසා ඉවරය.
(හොඳින් සවන් දෙන්නෙකුට තමන් ගැන කියන්නට බොහෝ දෙනා සූදානම්ය!)
පෙනෙන
විදිහට නම්... |
ගෑනියෙක් දස්ස වෙන එකෙනුත් මහත්තයගෙ අගයනෙ තව වැඩි වෙන්නේ. නැද්ද මං කියන්නේ... මිස්ටර්... එපා, එපා. මතක නැති නම එපාමයි... මාත් ඔයාට ලොකා කියලම කතා කරන්නං. ලොකා කිව්වම කොච්චර ෂෝක්ද. කමක් නැහැනේ, මාත් එහෙම කිව්වට.”
විල්මන්
ජයසිංහ ඒ වෙද්දීත් ලාවට සප්පායම් වෙලා උන්නා වගෙය. දෙඩවිල්ල- කියවිල්ල නිමක් නැත.
ඈති වෙමින් තිබුණු මගේ නොරිස්සීම දකින ඇසක්; මගේ නොඉවසිල්ල හඟින සිහියක් ඒ
මනුස්සයාට ඒ වෙද්දී නැති විදිහකි පෙනුණේ. ඒත් අපේ අන්නා නම් ඒ තරම් අසිහියෙන්
නොවේය හිටියේ.
“මිස්ටර් විල්මන්... තව වෙලා තියෙනවා ඇතිනෙ. යමුද තව දුමක්...” අනිල් හදන්නේ මට
සහනයක් අරං දෙන්නටය.
විල්මන්
ඔරලෝසුවට එබුණේය. “එයාර් ලංකා තමයි යූසුවලි ලේට්! අපි යන KLM
එහෙම නෑ, ආ... ඔය ඇහෙන්නේ එනවුන්ස්මන්ට් එක...”
පෙනෙන
විදිහට නම් මේ මනුස්සයා තිස්ස දෙවේලේ පිටරට සවාරි යන කෙනෙකු වගෙය. කොහොම වුණාම
මොකෝ? එයා යමක්-කමක් දන්නවා වගෙයිනෙ. එයාගෙත් උදව්වෙන්, අතරමඟ අවුලක් නොවී අපට
හීත්‍රෝ එයාර්පෝට් එකට යාගන්නට පුළුවන් වුණොත්... අම්මලා එහාට ඇවිත් ඉඳීවිනෙ...
à
හතරවෙනි කොටසට.
පද්මෙ අවංක කොල්ලෙක් වගෙයි.
ReplyDeleteමේ ඩබල මහරගම පොළ එංග්ලන්ඩ් වලට එක්ස්පෝට් කරනකොට කාටද හිනා යන්නැත්තෙ.
ඒක නේන්නං ප්‍රසන්න, මතක් වෙද්දි තාම ලැජ්ජයි- එදා එයාර්පෝට් එකේ වැඩ ගැන.
Deleteමුල හරිය පාපොච්චාරණයක් කරලා වගේ....
ReplyDeleteවැඩිහිටියන් දෙන්නෙක් කැමැත්තෙන් කරනවා නම් කාටවත් ඇයි වේදනා...
ලලිත්, එදා සිදුවීම් ගැන ලියද්දී , හැකිතාක් ඒ දවස්වල මම හිතපු හැටි; පසුබිම් විස්තර එහෙමත් ලියන්නයි වෑයම් කරන්නේ. එංගලන්තයේ වුණත්- ලංකාවේ වුණත් 1985 තිබුණු තත්ත්වය නෙවෙයි දැන් තියෙන්නේ.
Deleteතව ඉදිරියෙදී සිදුවීම් කිහිපයකින්ම ඒ ගැන ලියවෙයි.
ලංකාවේ නං ඔහොම දේවල් ගැන අහක ඉන්න ගොඩක් දෙනාටනේ වේදනා!
+++++++++++++
ReplyDelete+++ස්තුතියි!+++
Deleteදැන් ඔයා පලා එනම් මනම් ගේන්න දෙන්නේ නැහැ කොහොමටත්
ReplyDeleteඔව් අජිත්, පසුකාලීනව විවිධ තහංචි වැටුනනේ!
Deleteපද්මේ අරම කිව්වට.... දිගටම හොරාට, කුඩු ගැහැව්වවත්ද
ReplyDeleteඅනේ නෑ නමී. පද්මෙ බොරුකාරයෙක් නෙවෙයි. තව ඉස්සරහට එයා ගැන ලියන්න තියෙනවා. එතකොට බලන්නකෝ...
Deleteනිමල් ආපු කාලෙනම් ඒ කෑම වර්ග වැඩිය තියෙන්න නැතුව ඇති. දැන් නම් ඉතින් ඔය ඔක්කොම ජාති, හට්ටි-මුට්ටි, ඉඳිආප්ප වංගෙඩි ඉඳලා පෝරුවෙ අශ්ඨක කියන අය දක්වා Sri Lankan supplies මේ රටවල තියෙනවනෙ.
ReplyDelete"ඔවුන් විසූයේ වෙනම රහසිගත; සැඟවුණු; ආවෘත විශ්වයකය. පද්මෙත් හිටියේ ඒකේය.
මා ඇසුරු කරන අනෙක් සියල්ලෝම සැම අතින්ම විවෘත විශ්වයක පැවතුණෝ වූහ". නිමල් මෙහෙම ලියනකොට මට මතක් වෙන්නෙම Johari Window සංකල්පය. මම හිතන්නෙ නිමල්ට හොඳ යාලුවො සෙට් එකක් ඉන්නෙ නිමල් ඒ ජනේලයේ කොටස් (කවුලු පියන් පත්) ඉතාම හොඳින් කලමනාකරණය කරන නිසා.
අපොයි ඔව් Lotus, දැන් ඒ රටවල් ශ්‍රී ලාංකීකරණය වෙලා අපි බටහිරීකරණය වෙන තරමටම!
Deleteගොඩක් ස්තුතියි Lotus, මට ගෙදර වැඩක් පැවරුවාට - ඔයා නොදැනම.
Johari Window සංකල්පය තියා ඒ නමවත් මෙතෙක් මට හමු වෙලා නැහැ. ඔයාලට උත්තර දීලා ඒ ගැන හොයන්නයි හදන්නේ.
johari window කේස් එක මමත් අදයි දැන ගත්තෙ...
Deleteඒ තොරතුර අපිට අලුත් වුනාට ගොඩක් වටිනවා නේද නවීන්.
Delete++++++++++++++
ReplyDelete+++ස්තුතියි බස්සා මහතාණෙනි+++
Delete