li Item

Wednesday, November 23, 2022

තිහේදී... –නවවෙනි කොටස

 හැබැයි මං ‘එහෙම සිතියම් ඇඳෙන්නේ ස්වප්න මෝචනය කියන ලෙඩක් නිසයි’ කියලා බය වුණෙත් නෑ, කරුණු දැනගෙන හිටි නිසා.

ඉතිං, අර කුතුහල කතන්දරේටම ආපහු යනවා නං...
මට තදින්ම දැන ගන්න ඕනි වුණා ‘පියසිරි පෙන්නන තරම්ම සමර්ථ වැඩකාරයෙක්ද?’ කියන එක. එතකොටත් මට ඒත්තු ගිහිං තිබ්බේ ‘වැඩියෙන්ම පුරසාරම් දොඩන්නේ අඩුපාඩු වහ ගන්න හදන කයිවාරුකාරයොයි’ කියන කතන්දරේ ගොඩ දුරට ඇත්ත බව; හුඟක්ම පිරිමි තමන්ගේ පිරිමිකම
ගැන අධිමානයකින් කෙරුණු තක්සේරුවක ඉන්න බව.

ජීවිතේටම පාන් විතරක් කාලා තියෙන කෙනෙකු ගැන හිතා ගත්තැකිද?

හැබැයි මං එහෙම කියන්නේ මගේ අත්දැකීම්වලින් නිසා ‘ඒ නිගමනය වැරදියි’ වෙන්නත් ඉඩ තියෙනවා.
අනෙක... යාන්තං හරි තේරෙන වයසෙදී හිතට වැදුණු පළමුවැන්නාත් පියසිරිනෙ.

එහෙම ඉන්දැද්දී තමයි අනපේක්ෂිත විදිහට පියසිරිගෙන් කියැවුණු හරුපයක තේරුම, සුදු මල්ලිගෙන් අහගන්න ගියේ.  එදා මම පටන් ගත්තු ගමනේ ලොකු දුරක් දැන් ගෙවිලා. 1966 ඉඳලා 1983 වෙනකල්. අවුරුදු 17කදි. සුදු මල්ලිගේ සිට දේමිත්තලා දක්වා...
අත්දැකීම් ගොඩක්!
ප්‍රායෝගිකවම අත්හදා බලලා එකතු-පහදු කර ගත්තු දැනුම් සම්භාරයක්...

ඒ දැනුමෙන් සන්නද්ධ වෙලා, පියසිරිට මුහුණ දෙන්න; එයාව මැන ගන්න; එයාවත් ගවේෂණය කරන්න මට තිබ්බේ ලොකු නොඉවසිල්ලක්. ඒත් එක්කම කන්දක් විතර ලොකු ආශාවකුත් මට තිබුණ බව කියන්නම වෙනවා. එහෙම නොකීවොත් ඒක අන්තිම කුහකකමක් තමයි. අනෙක මාත් හොඳට නාඩි වැටෙන- පුහුදුන් එකෙක්නෙ; සමහර ආශාවන්ට වහල් වෙන. ඒ විත්තිය මෙතැනදී කියන්නෙ; ඒක මගේ එක වීක් point එකක් බව අවබෝධ කර ගෙනමයි.

ජීවිතේටම පාන් විතරක් කාලා තියෙන කෙනෙකු ගැන හිතා ගත්තැකිද?

එයා බටර් කේක්, චොක්ලට් කේක්, fruit කේක්, ගැටෝ අරවා මේවායේ රහ බලලාත් නැත්තං... එහෙම විවිධ රසයන් තියෙන බව දන්නෙත් නැත්තං...
එයාට හරිම පහසුවෙන් පාන්වලින් විතරක්ම වුණත් තෘප්තිමත් වෙන්න පුළුවන් වෙයි.
(මගෙ උදාහරණය හරියටම ගැළපෙනවද මංදා; මට කියන්න ඕනි දේ තේරුම් කරන්න.)
අර වගේ විවිධ රසයන් භුක්ති විඳලා ඉන්න කෙනෙකුට නම්, තවත් රස මංජුසා අඳුනා ගන්න ඉවක් තියෙන කෙනෙකුට නං- ඒවා අබියසදී; ඒවා හමුවෙදී තමුන්ගේ හිත පාලනය කර ගැනිල්ල ටිකක් අමාරු වෙයි නේද?

පාාාාාාාාාව් අනේ!
මං වගේ කෙළෙස් වැඩි- පුහුදුන්; පඩත්තල කෙනෙකුට නං ඒ වැඩේ ටිකක් නෙවෙයි, හුඟක්ම අමාරු වෙනවා / අමාරු වුණා!

කටහඬකින් වුණත් කෙනෙකුගේ ආශා අග්නිය අවුළුවා ලන්නට පුළුවනිද / හැඟීම් ගිනි කන්ද උද්දීපනය කරවන්නට පුළුවනිද?

පොරොන්දු වුණු විදිහටම මං පියසිරිට කෝල් කළා, සුමානයක් ගත වෙන්න ඔන්න- මෙන්න තියලා. ටිකක් ගණන් උස්සන්නමයි එහෙම පරක්කු කළේ.

“මොකද xත්තො, මෙච්චර දවස් ගියේ...” පියසිරි ඇහුවේ නොඉවසිල්ලෙන්. “උඹේ සද්දෙ ඇහිලා දැන්මම මගේ xක කෙළින් වෙලා xකෝ!” ඊළඟට රිසීවරය දිගේ ගලාගෙන ආවේ කියවිල්ලකට වැඩියෙන් කාමාශක්ත කෙඳිරිල්ලක් කියන එකයි හරි.

කටහඬකින් වුණත් කෙනෙකුගේ ආශා අග්නිය අවුළුවා ලන්නට පුළුවනිද /කෙනෙකුගේ හැඟීම් ගිනි කන්ද උද්දීපනය කරවන්නට පුළුවනිද?
අපි කියෙව්වනේ, පංච පාපාවට නං කෙනෙකුව ස්පර්ශ කිරීමෙන් කෙනෙකුගේ රාග ගින්න අවුළුවන්න, රෝමෝද්ගමනය කරවන්න හැකි වුණු විත්තිය. (තිහේදී 6 කොටසෙනුයි ඒ.) 

නිමල් අයියෙ, කවුරු හරි කාව හරි හග් (hug) කරද්දී තත්පර 18 කට; 20 කට විතර වැඩි කාලයක් අනෙක් කෙනාව බදාගෙන ඉන්නවා නම් ඒ වෙලාවට Oxytocin හෝර්මොන් එක ශ්‍රාවය වෙන්න පටන් ගන්නවා. ඔය ඔක්සිටොසින් හෝර්මෝන් එකට තමයි ආදරයේ හෝර්මෝනයකියලා කියන්නෙත්. ඒකෙන් හග් කරන කෙනාට ආකර්ෂණයකුත් ඇති වෙනවා. මතකයිද එහෙම කියෙව්වා ‘හයටත් කලින් 2’ post එකේදී.  

කටහඬකින් වුණත් සෑහෙන තරම් දුරට ඒ ‘කාරිය’ කෙරෙන බව දැන්- දැන් හෙළිදරව් වෙමින් තියෙනවා. ඒ විතරක් නෙවෙයි, බැල්මෙන් පවා. රාගිකව විතරක් නෙවෙයි- රාගයෙන් තොර ආදරය; සෙනෙහස පැත්තෙන් ගත්තත් ඒ විදිහමලු.

‘... ආදරය, කරුණාව, සහකම්පනය වැනි ලක්ෂණ සලකන විට අප සතුන්ට සාපේක්ෂව ඉහළ මට්ටමක සිටින බව අනිවාර්යයෙන් පිළිගත යුතු වේ. එහෙත් ඒ ලක්ෂණ සමුදාය හෙවත් පොදුවේ සමාජශීලීත්වය අපට උරුම වූයේ ඔක්සිටොසින් (Oxytocin) හා වේසොටෝසින් (Vasotocin) නම් රසායන ද්‍රව්‍ය හේතුවෙන් බව එම අධ්‍යයනය පෙන්වා දෙයි...,

ඒ පොඩ්ඩ උපුටා ගත්තේ 2022 ජුලි 27 ‘විදුසර’ පත්තරයේ පිටු දෙකක් පුරා පළවී තිබුණු ලිපියකින්. ලිපියේ මාතෘකාව ‘සියලු බැඳීම් රසායනිකයි’. ඉඩක් වෙලාවක් තියේ නං මෙතැනින් එහාටම ගිහිං, ඒ ලිපිය කියවල බලන්න. මගෙ කෝණයෙන් නං ඒක ඉතාම වැදගත් ලිපියක්.

දුප්පත්කම නූගත්කම වැඩි කරවනවා. නූගත්කම තව තවත් දුප්පත්කම වැඩි කරවනවා! (ඒකෙ විලෝමයත් එහෙමමයි.)

ඒ විදිහට බලනකොට නං පියසිරිගෙ රාගාන්විත කීම්; ඒ කීම්වල තිබුණු රාගනිඃශ්‍රිත ස්වරය (tone) එක එහෙම මට තදින්ම බලපාන්නට ඇති. ඒවා මගෙ ඔක්සිටොසින් මට්ටම ඉහළ යවමින් මාව උද්දීපනය කරවමින් මං වහන්සේව යකා නටවන්නට ඇති! එහෙම වෙලාවක ඉබේම වෙනස් වෙන මගේ නාසික්‍ය ස්වරය පියසිරිවත් කුප්පන්නට ඇති.
(දුප්පත්කමේ විෂම චක්‍රයෙදී වගේ. ‘දුප්පත්කම නූගත්කම වැඩි කරවනවා. නූගත්කම තව තවත් දුප්පත්කම වැඩි කරවනවා’ වගේ. ඒකෙ විලෝමයත් එහෙමමයිනෙ. හැබැයි ලංකාවේ නෙවෙයි. ලංකාවේ පොහොසත්කම වැඩි වෙන්නෙම මන්ද බුද්ධික හොරුන් අතරේ නෙව.)

පියසිරි නිසා මං ඇවිස්සුණා. ßà ඇවිස්සුණු මං නිසා එයා තව තවත් ඇවිස්සුණ එකයි වුණේ!
“කියපං බට්ටො, කියපංකො xත්තො කවදටද මම එන්න ඕනි.”

ඉතිං මම දවස කිව්වා.
කියපු දවසේ හවස හය වෙද්දීම එයා අපේ ගෙදරට ආවා. එතකොට රාස්සිගේ අව්ව බැහැලා, ගොම්මන් වෙලාවත් හීන් සැරේ ගෙවෙමින් තිබ්බේ.
මං පියසිරිට සරමක් දුන්නා. “හොඳටම කරුවල වැටෙන්න කලින් ඇඟ හෝදගෙන එමු.” මං එයාට කිව්වේ බාල්දියයි, තුවායයි, සබන් පෙට්ටියයි එකතු කරගෙන ඇවිත්.

මුල හිට නිදිගෙ පංච තන්තරේ කියවන කෙනෙකු නම් දන්නවා, මේ කාරණේ. අපේ ඉඩම තිබ්බ තැන. කුඹුරු යායකට මොබින් තිබ්බ කොටුවේ ආච්චිගේ ඕවිටට අඩි තුනක් විතර උඩින්. සිල්ලප්පු වත්ත පල්ලමේම.

ඒ ඉඩමේ ළිඳක් කපලා අවුරුදු දෙක තුනක් යද්දී වටේ තියෙන මැටි පස ළිඳ ඇතුළට කඩා වැටෙන්න පටන් ගන්නවා. බැරිම තැනදී අපි අලුත් ළිඳක් හාරනවා. හැමදාම ඒ පර්චස් 34 ඉඩමේ ළිං දෙකක් තිබ්බා. නාන්න එකයි; බොන්න වතුර ගන්න එකයි.
ගෙදර හැච්චෝ- බැච්චෝ ඔක්කොමයි,
බාස් උන්නැහෙයි එකතු වුණාම අපට ළිඳක් හාරා ගන්න ගියේ වැඩිම වුණෝතින් දවස් දෙකයි.
පියසිරි එනකොට අලුතින් නාන ළිඳක් කපල සති දෙක තුනයි ගිහිං තිබ්බේ! කිරි ටොයියෙක් වගේ ළිඳක්!!

ලොකූ, ඔයාලා ළිඳ ළඟ නේදෝ? (මේ අපේ වත්තේ ළිඳ නොවේ. ගැමුණු කුමරු ස්නානය කළ, කොත්මලේ- රජ පිහිල්ලේ ඇති ළිඳයි.)

“යකෝ, ළිඳේ වතුර උතුරලත් යනවා.”

“ඒකට ලෝබ නොහිතා ඔයා ඇඟ හෝදගන්නකො. කරුවල වැටීගෙන එන්නෙ... ඊට කලින්.”
වටපිට හොඳට බලලයි පියසිරි උත්තර දෙන්න කට ඇරියේ. “උඹ නං මහ මෝඩ xත්තෙක් බට්ටෝ. මෙලෝ දෙයක් තේරෙන්නෑ. මම මේ පරක්කු වෙවී ඉන්නවා කරුවල වැටෙනකං. උඹ කියනවා ඉක්මන් කරන්නලු. යකෝ, මෙතන ළිං මිදුල ගේමකට නියම පොට් එකක්නෙ බට්ටො.”

“මෙතැන?” මං හිටියේ තක්බීර් වෙලාය. “නිඳා ගන්න යනකං....”
“අනේ මෝඩ xකන්නා! බලහංකො වටපිට.” කියූ පියසිරි මට කියා දුන්නේ ළිඳේ පිහිටීම අපේ වාසියට හරවා ගන්නා විදිහයි.

අපේ වත්තේ බිම් මට්ටමට වඩා අඩි දෙකහමාරක් විතර පහතිනි, ළිං මිදුල තිබ්බේ. එතැන ඉන්නා කෙනෙකුගේ යටි කය ඈතින් සිටින කෙනෙකුට නොපෙනෙයි. ළිං මිදුලේ වැතිරී ගත් කෙනෙකුව දැක ගන්නට නම් එතැනටම වන්නට වෙයි. “හොඳ වෙලාවට උඹලට ලයිටුත් නෑ!” කියාගෙන පියසිරි ළිං මිදුලට බැස්සේය. දැන් කරුවලය....
“ලොකූ, ඔයාලා ළිඳ ළඟ නේදෝ? කුප්පි ලාම්පුවක් එවන්ඩදෝ...” ඒ සද්දෙ ආවේ අපේ ගෙදරින්.
“එපා කියපං බට්ටො, එපා කියපං.” පියසිරි තකහනියෙම කිව්වා.
“එපෝ! කරුවල වුණාට අපිට කමක් නැතෝ....” මමත් හයියෙන් කිව්වා.

“දැන්වත් වරෙන්කො මෙන්න මෙහාට...” පියසිරි පඩි දෙකක් ඉහළට නැඟලා, මාවත් ඇද ගෙන ළිං මිදුලට....

“බට්ටො, මෙන්න අපි දෙන්නගෙ හනිමූන් එකේ first ගේම් එක ළිං මිදුලක... දෙක- තුන- හතර පැදුරක.” ඒ යක්ෂයාට පුරුදු එහෙමද කොහෙදය. කාමුක කතන්දරවලිනුත් අනෙකා අවුස්සන්නටය. වෙන කෙනෙකුට කොහොමද නොදනිමි. ඒ වෙලාවේ මගෙ ඔක්සිටොසින් මට්ටම නං හොඳට නැඟල තිබ්බා විය යුතුය. පියසිරිගේත් ඒ මට්ටම නහුතෙටම නැඟ තිබුණේය.

‘නහුතෙට නැඟලා / නහුතෙටම නැග්ගා’ කියලා ගොඩ වෙලාවට කිව්වට, අපෙන් ගොඩ දෙනෙකු ඒකෙ නියම තේරුම දන්නේ නැති හැඩය.

ඔක්සිටොසින්- හෝර්මෝන- පෙරමෝන සේරම උපරිමයෙන් නිපදෙවෙමින්; උපරිමයෙන් ක්‍රියාත්මක වෙමින් පොරම+ඕන කියලා අරගල කරන්නැති.

දන්නවද, නහුතය කියන්නේ ගණනක්! රජ කෙනෙක් හදපු සංකල්පයක්.

දැන් ඉන්න ගොබ්බ රජවරුන් වගේ නෙවෙයි, උන්නැහේ. හොඳ මොළකාරයෙක්. ඉස්සරෝම කාලේ- කකුසඳ බුදු හාමුදුරුවන්ගේ කාලේ හිටිය රජ කෙනෙක්. ඒ කාලේ ඕජ දීප කියන නමින් හැඳින්නුවාය කියන ප්‍රාග් ඓතිහාසික ලංකාවේ හිටි රජ කෙනෙක්ලු. නම ‘නහුත සංකිත’ලු!

නහුත සංකිත රජ්ජුරුවෝ දියුණු කරපු ‘හෙළ ගණිත සංකල්පය’ට අනුව නහුතය ලියනවා නම්, 1කේ ඉලක්කම ළඟට බිංදු 28ක් දාන්න වෙනවා.

ඒකට අනුව ‘දස දහයක් සියයක් වේ. සිය දහයක් දහසක් වේ. දහස් සියයක් ලක්ෂය වේ. ලක්ෂ සියයක් කෝටිය වේ. කෝටි කෝටියක් ප්‍රකෝටිය වේ. ප්‍රකෝටි කෝටියක් කෝටිප්‍රකෝටිය වේ. කෝටිප්‍රකෝටි කෝටියක් නහුතයක් වේ’ කියලයි කියන්න වෙන්නේ.

ඉතිං පියසිරිගෙත්, මගෙත් ඔක්සිටොසින්- හෝර්මෝන- පෙරමෝන සේරම උපරිමයෙන් නිපදවෙමින්; උපරිමයෙන් ක්‍රියාත්මක වෙමින් පොරම+ඕන කියලා අරගල කරන්නැති.
‘ලේ හැලුණත් කමක් නැතේ - අපි ඉන්නේ අපේ මතේ’ කිය-කියා අපේ සිරුරු පුරා ‘ඒ රසායනිකයන්’ පෙළපාලි යන්නැති.
ඒ වෙලාවේ නං ‘නහුතෙට බිංදු 28ක්’ මොකටද කියලයි මට හිතුණේ. එහෙම හිතුණේ බිංදු නැතුව ‘එක’ විතරක් හොඳටම හපන්කම් පෙන්නද්දී. බිංදුවේ /
O වටිනාකම පියසිරිටයි හොඳටම දැනිලා තිබුණේ. ඒ විත්තිය කියැවුණේ ‘සුරන් නැළවූ සුයාමය’ට පස්සේ එයා හති අරිමින් අහපු ප්‍රශ්නයෙන්.

“ඇයි xත්තිගෙ පුතෝ මෙච්චර කල්, මෙච්චර සැපක් මට නොදී හංගන් හිටියේ?”

කොයි තරම් සුද්දවන්තයෙක් වෙන්නට හැදුවත්, ඒ ටික ලියද්දී මගේ තියෙන පෙරේතකමකුත් එළියට පනින බව මට පෙනෙයි. ‘ප්‍රශංසාවට තියෙන කෑදරකම’.

ඒ වයසේ දැනුම් තේරුම් නැති, නොමේරූ දරුවෙකුගෙන් හෝ දැරිවියෙකුගෙන් හෝ...

හොඳ දෙයකට වුණත්, නරක දෙයකට වුණත් කමක් නැත- කෙරෙන්නේ ප්‍රශංසාවක් නම් අප එයට කැමතිය. සමා වෙන්න! අප කියා බහු වචනයෙන් කීවාට. ඒක ‘මම’ කියලා නේද කියන්න ඕනේ. මං කියන්නේ මගෙ ගැනනෙ, ඔබ තමුන්නාන්සේලා ගැන නෙවෙයිනෙ.

ආඩම්බර වෙන්නේ නැතැයි කියලා, බොරු නිහතමානීකමක් අටවා ගන්න හැදුවත් අපේ මගේ විදිහත් වෙනස් නැත. මමත් ප්‍රශංසාවෙන් උඩ යන පුඟුලෙක්මි.
ඒ නිසා නේද, අවුරුදු 40ක් විතර තිස්සේ පියසිරි එදා කී වචන තවමත් මගේ දෙසවනේ හිර කරං තියාගෙන ඉන්නේ?       

“අම්මපා බට්ටො. දැන් නං උඹව කන්න තරහක් බං මට තියෙන්නේ.” ඇඟපත හෝදගෙන, ඇඳුම් ඇඳ ගනිද්දීත් පියසිරි හිටියේ මට දොස් පවරමිනි. “මාරයි xකෝ! බඩුවක් ළඟවත් නැති තරමේ...”

රහස තිබුණේ experience එකේය. අත්දැකීම්වලින් පරිණත වීමේය.

යම්කිසි විදිහකින් 1966 පාසල් වාරාවසානයක් ආසන්නයේ, යොදාගත් පරිද්දෙන් මං පියසිරිලාගේ ගෙදරට යැවුණේ නම්... එහෙනං ඒ පෝරිසාදයා මෙවන් තෘප්තිමත් පැසසුමක් නොකරනවා නිසැකය. ඒ වකවනුවේ එයා වගේ අය වෙනුවෙන්, මගෙන් කෙරුණු කිසිම සක්‍රිය සම්මාදමක් නැත. මා ඔවුනට ඉඩ දී සම්පූර්ණයෙන්ම වාගේ අක්‍රිය මට්ටමකින් ඔහේ වැතිර සිටියා විතරකි.
එයිනුත් කෙනෙකුට සතුටක් ලැබිය හැකිද?

ඒ වයසේ දැනුම් තේරුම් නැති, නොමේරූ දරුවෙකුගෙන් හෝ දැරිවියෙකුගෙන් හෝ කෙනෙකුට සපුරාගත හැකි ලිංගික තෘප්තිය කමක්ද?
මට නම් හිතා ගන්නටවත් බැරිය. එවැන්නවුන් සැතපෙනවා ඇත්තේ ඔවුනගේ මනසෙහි ජීවමානව තිබෙන ප්‍රතිරූපය සමඟ විය යුතුය. හරියට
‘පෙයි පූ’ සිදු වීමේදී  බෙයනාර්ඩ් කළා වගේ.

ඉදින්, මගේ සිරුරේ රසායනිකයන්ගේ ව්‍යුහය; පරිමාණය හා අනෙකුත් තීරණාත්මක සාධක තීරණය කළ මැවුම්කරුවෙකු සිටියි නම් ඔහුට ස්තුතිවන්ත වේවා!
ඒ වගකීම ගත්තේ ‘DNA - ජාන සැකැස්ම’ නම් ඊටද ස්තුතිවන්ත වේවා!!
එසේත් නැත්නම් මේ සිදුවීම්වලට බලපෑම් කෙරෙන විශ්ව ජීවන ශක්තියක් පවතී නම් එයට ස්තුතිවන්ත වේවා!!!
ඔබ කිසිවෙක් / කිසිවක් මට එවන් නරුමකමක් ප්‍රදානය කර නැත. ලාබාල දරුවන් අපයෝජනය කිරීමේ නිහීන ආසාවක් මට තිළිණ කර නැත. ඒ ගැන පින්!

1983දී ආපහු මගෙ ජීවිතයට පැමිණුණු පියසිරිට හමු වී තිබුණේ...

තරමක් මුහුකුරා ගිය; අත්දැකීම් සපිරි බට්ටෙකි, 1983දී ආපහු මගේ ජීවිතයට පැමිණුණු පියසිරිට හමු වී තිබුණේ.
ඒත් ඒ බට්ටා එක්කලා කතා කරන්නට තරම් ඉස්පාසුවක් එදා රාත්තිරියේ පියසිරිට තිබ්බේ නැත. ඒ යක්ෂ පැටියාට තිබ්බේත් (මාතලේ කවටයාමුණ පන්සලේ හෝ අළු විහාරයේ හෝ සිටි) සත පහේ කාසිය ගිලින යකාට වගේ ඇතිවීමක් නැතිකමකි.

මට තවමත් මතකය. ඒ යකා ඉඳගෙන හිටියේ අතක් දික් කර ගෙනය.
වන්දනාවේ එන හැමෝම පුරුදු වෙලා හිටියේ ඒ යක්ෂයාගේ අත උඩින් සත පහේ හෝ දහයේ හෝ කාසියක් තියන්නටය. එහෙම කරන සැණෙන් ඒ අත ගැස්සෙයි. කාසිය යකාගේ කටට වීසි වෙයි... එතනින් උගේ බඩට. බඩ- ඉබි යතුරු දැමූ පිං පෙට්ටියකි. යතුර තියෙන්නට ඇත්තේ පන්සලේ ලොකු හාමුදුරුවන් වහන්සේ ළඟ වෙන්නැති.

ඉතිං ඒ යකාට වාගෙම ‘ඇතිවීමක් නැතිකම තිබුණු’ මේ යක්ෂ ‘පැටියා’ නිසා රිස්ස ගියේ මං වහන්සේගේය.

නහුතය වගේ ලොකු එකක් නොව, පුංචි ගණනක් හදා බලන්නට මේ නසරානියාට දැන් කල්පනා වෙයි. එකට උවමනා කරන දත්තයක් ‘පාවුලෝ කොයියෝ’ ඔහුගේ නවකතාවේදී සපයා තිබුණා මතකය.

‘... ඉතින් ඒ ගොල්ලො එක රෑකට ඔවුන් නොවී ඉන්නට ෆ්‍රෑන්ක් තුන්සිය පනහක් ගෙවන එක ගැන එච්චර හිතුවේ නැහැ.

“එක රෑකට? ඕහ්... අයියෝ මරියා, ඔයා අතිශයෝක්තියෙන් කථා කරන්නේ. ඒක ඇත්තටම මිනිත්තු හතළිස් පහක් විතරයිනෙ. ඔයා ඇඳුම් ගලවන වෙලාවත්, ආදරය පෙන්වන්න කරන ව්‍යාජ ඉරියව්වලටත්, වැදගැම්මකට නැති පොඩි කථාබහකටත්, ආපහු ඇඳුම් ඇඳගන්න යන වෙලාවත් ඇරුණහම ලිංගික කටයුත්තට ඇත්තටම ගතවෙන්නේ මිනිත්තු එකොළහක් විතරයි.”

මිනිත්තු එකොළහයි. හරියට ලෝකෙ වටයක් කැරකෙන්න ගිය වෙලාව මිනිත්තු එකොළහක් වගේ.’ (මිනිත්තු එකොළහේ කතන්දරේ / 85-86 පිටු)

කවුද හිතුවේ දවසක මේවා... (කැලිෆෝනියාවේ Baja ගුහා චිත්‍රයකි.)      

පාවුලෝ කොයියෝගේ මරියාට කරන්න තිබිච්ච දේවල්වලින් කොටහක් එදා රෑ මට කරන්න තිබ්බේ නෑ. උඩින් තිබුණු ඡේදයේ කියවුණු වැඩ හතරම. පියසිරිටත් ඒ වැඩේට ගියේ මිනිත්තු එකොළහ ගණනෙද. එතකොට ඒක තුනෙන් වැඩි කළාම...?

කවුද හිතුවේ දවසක මේවා මෙහෙම ලියවෙයි කියල. එහෙම ලියැවෙන බවට යන්තං හරි හෝඩුවාවක්වත් තිබ්බ එකක්යැ?
එහෙම 
හෝඩුවාවක්වත් තිබ්බ නං හරියටම ගතවුණු වෙලාවත් බලා ගන්න තිබ්බා.

වෙලාව බලා නොගත්ත වුණත් පහුවදා දවසම මං හිටියේ හොඳටම හේබාලා ගිය කෙහෙල් පැළයක් වගේ. අපේ ගෙදර ඉඳල කෙළින්ම වැඩට යනවා කිව්වට, පියසිරිත් යන්ඩ නැතිව ඇති!
යන්ඩ වගේම කෙළින් හිටගෙන ඉන්ඩත් ඒ හාදයාට පණ ඉතිරි වෙලා තියෙන්න එපැයි.

පියසිරි ගැන මෙහෙම ගොඩක් ලියැවුණේ නොදැනුවත්ව නෙවෙයි. (ඔව්, එයා ගැන තව ලියන්නත් තියෙනවා.) මගෙ ප්‍රථම ප්‍රේමය අවදි කළේ එයා. ඒ වගේමයි, මට හමු වුණු හොඳම ලිංගික සහකරුවන් කිහිප දෙනාගේ ගොඩටත් පියසිරිව වැටෙන්නේ නිකම්මයි.

ඒත් ඒකම නෙවෙයි එයාගේ විශේෂය.
මංවත්, මගේ ගැන එතෙක් නොදැන හිටි කාරණාවක් මට ඉගෙන ගන්න; වටහා ගන්න ඒ යක්ෂයා හේතුපාදක වෙච්ච එක.

ඒ විස්තර කියන්නේ ඊළඟ කොටසෙන්, හොඳේ...

29 comments:

  1. හපොයි....

    ඊගාව කොටසත් බලලම ඉම්මු.

    ReplyDelete
  2. ඔය දාල තියන පින්තූරෙ බ්ලැක් ඇඩම් නං ඉන්නෙ එහෙම ආසාවකින් නෙමෙයි මං හිතන්නෙ

    ReplyDelete
    Replies
    1. හරියටම match වෙන foto එකක් හොයාගන්න බැරි වුණා තමයි මහත්තයෝ. වෙලාව නොතිබුණු නිසා.

      Delete
  3. අදනම් ගණන් පාඩමකුත් ඉගෙන ගත්තා , නහුතෙට නගිනවා කියල ඉස්සර අහල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. එහෙම නේන්නං ලලිත්, අතුරු පාඩම් වුණත් අපි ඉගෙන ගන්නේ....

      Delete
  4. Computer operating system එකකිනුත් අපිට ආදරේ රාගය ඇති වෙන්න පුලුවන්....

    Her (2013 ) එහෙම සීන් එකක් තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. ඒක!


      ඒකෙ සමැන්තා ස්කාලට් ජොහැන්සන් ලු නේ? ඒ වගේම එකක් තමා Jexi (2019)

      Delete
    2. Her ෆිලුම නං බලලා තියෙනවා වගේ මතකයි. Jexi බලන්න ඕනි. ස්තුතියි දෙන්නටම.

      Delete
    3. ජොන්සන් කියන කෙනා ගැන නම් දන්නෙ නෑ හැබැයි කටහඩ ලස්සනයි ☺
      jexi නම් මාත් බලලා නෑ.. බලමුකො

      Delete
    4. ස්කාලට් ජොහැන්සන් දන්නැත්තං අන්ෆ්රෙන්ඩ් වෙන්ඩ...

      https://youtu.be/MVt32qoyhi0

      https://youtu.be/dtqI1LkI268

      https://youtu.be/ybji16u608U

      Delete
    5. ස්කාර්ලට්ගෙ..... උපන්දිනෙත් ළඟදි තිවුන

      Delete
  5. ඔය තියන ඔජ දීපය තිබුණු කාලේ අවුරුදු ගාණින් ගණං හදලා බැලුවහම හෝමො ඉරෙක්ටසුත් නෙමෙයි, මයෙහිතේ ටිරානොසෝරස් රෙක්ස් කෙනෙක් තමයි නහුත රජතුමා වෙලා ඉන්ඩ ඇත්තෙ.

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී, හැම සංස්කෘතියකම කාල වෙලාව මැනලා තියෙන්නේ එකම ඒකකවලින් නෙවෙයි නේද? අපේ ක්‍රමයට හෝරාවක් කියන්නේ විනාඩි 60 නෙවෙයිනෙ.

      Delete
  6. අර රසායනික ආදරය ගැන අපේ විද්වත් සාකච්ඡාවක් ඇතිවුණා දවසක්. අපි ජවිපෙ ක්‍රියාකාරීන් හැටියට හිටපු කාලෙ, අපේ අධ්‍යාපනයට, හුරුවට සහ විනෝදෙට දවසක් ඔය ගැන සාකච්ඡාවක් සංවිධානය කලා. අපේ යාලුවො හතර දෙනෙක් ඒ ැන විවිධ ධාරාවන් ඔස්සේ අදහස් දැක්වූවා. එක අදහසක් තමයි, ආදරය උත්තරීතර මනුෂ්‍ය සංකල්පයක් කියන එක. තවත් අදහසක් වුණේ ඔය වගේ ම රසායනික සහ ජෛව විද්‍යාත්මක දෙයක් කියන එක. අනික් අදහස වුණේ ආර්ථික පැත්තක් තියෙනව කියන එක.

    ReplyDelete
    Replies
    1. ෂා... එහෙම දේවල් සාකච්ඡා කෙරෙනවා කියලා ඇහුවත් සතුටුයි.
      මෑත දවසක ඔය වගේ සාකච්ඡාවක් කෙරෙද්දී මිත්‍රයෙක් මතු කළා ඉල කැඩෙන ප්‍රශ්නයක්.- යම රජතුමා වීමට තිබිය යුතු සුදුසුකම් මොනවාද? යම පල්ලන් වෙන්නේ කව්රුන්ද?-
      අවාසනාවට ඒ අවිධිමත් සාකච්ඡාව අතරමඟින් නවත්තන්න වුණා.

      Delete
    2. මම නම් හිතන්නකො ලෝකෙ තියෙන හැමදේම එහෙමයි කියලා...

      එකම දෙයක් විවිධ විෂයන්, විවිධ දෘෂ්ටිකෝණ හරහා දකින්න පුලුවන් කියලා...

      Delete
    3. ඩ්‍රැකියො ඒ සංවාදෙන් මොනවැයි ඉතින් දැන ගත්තෙ🙄

      Delete
    4. නිදි මාමටත් මාර (😂) ප්‍රශ්නයක් තිබිලා තියෙන්නෙ...

      Delete
    5. ජීවිතයක් කියන්නෙම ප්‍රශ්න පත්තරයක්, නවීන්.

      Delete
  7. 'යන්ඩ වගේම කෙළින් හිටගෙන ඉන්ඩත් ඒ හාදයාට පණ ඉතිරි වෙලා තියෙන්න එපැයි'. හිනා වෙලා මැරෙනවා තව පොඩ්ඩෙන්.

    මේවා ගෙදර අයට පොඩ්ඩක්වත් අහුවෙන්නෙ නැතුව කරන්නෙ කොහොමද. කාමරේ ඇතුලෙ ඉන්නකොට පොඩි සද්දයක්වත් එලියට ඇහෙන්නෙ නැද්ද. ඒ අතරෙ මතක්වුනා Shakespeare in love ෆිල්ම් එකේ සීන් එකක්. ශේක්ෂ්පියර් හා Viola, ඇයගෙ දෙමව්පියන්ගෙ විශාල මංදිරය තුල, ඇයගෙ කාමරේ ඇතුලෙ ආදරෙන් වෙලිලා ඉන්න වෙලාවක, මංදිරය ඇතුලට කවුරුහරි ඇතුල්වෙලා කියන සැකයට මංදිරයෙ ඒ කොටසට මුර කරුවන් හෝ වෙනත් එවැනි කවුරුහරි එනවා. එතකොට Violaගෙ සේවිකාව (ඇය එතකොට මේ දෙන්නගෙ ආදරේ ගැන දන්නවා) පුටුවක් ඇදලා අරගෙන, කාමරයේ දොර ඉස්සරහ තියාගෙන පුටුවෙ වාඩිවෙනවා. කාමරය ඇතුලෙන් ඇඳ හෙල්ලෙනවා වගේ ශබ්ද ඇහෙන කොට ඇය පුටුව පද්දනවා නෑ ඒ මේ පුටුවෙ සද්දෙ කියමින්. නිමලුත් ඒ වගේ මුරකාරයෙක් විදිහට නංගි කෙනෙක් මල්ලි කෙනෙක්ව ගත්තද.

    ReplyDelete
    Replies
    1. Lotus ඔයා lawවලට සම්බන්ධයිද?
      අපේ ගෙදරයි ආච්චිලගේ ගෙදරයි එකම මිදුලේ තිබුණු ගෙවල් දෙකක්. මම නිඳා ගත්තේ ආච්චිලගේ ගෙදරයි. ඒ ගෙදර ඉස්සරහම කෑල්ලේ. ඊළඟ කෑල්ල; සාලයේ සීයා. අබින් කන නිසාද මන්ද සීයා තද නින්දකට වැටෙන කෙනෙක්. ඊට එහායින් තිබුණු කොටස් දෙකේ තමයි ආච්චී, සුනිල්- අජිත් මල්ලිලා නිදා ගත්තේ.
      ඔයා මේ ප්‍රශ්නය මතු කලාමයි හිතුණේ, ගෙය වරිච්චි බිත්ති සහිත නිසා ශබ්දය උරා ගන්නා බව. අනෙක රෑට කවුරු හරි නැඟිටලා එළියට යන්න ආවත් ඒ බව කලින්ම දැනෙනවා, චිමිනි ලාම්පුවේ එළිය වැඩි කරලා කුප්පි ලාම්පුවක් පත්තු කරගෙන එන නිසා.
      තවත් එකක්, අපේ ගෙදර රෑ කෑම තමයි සරුවටම තිබ්බේ. බර ආහාරයකින් පස්සේ නිසා කවුරු කවුරුත් තද නින්දට වැටුණා වෙන්නැති කියලත් මට හිතෙනවා. කොහොමෙන් හරි අපේ ශබ්ද නිසා කිසිවෙකු නැඟිට්ටේ නෑ. මුරකරුවන් ඕනි වුණෙත් නෑ.
      https://nidigepanchathanthare.blogspot.com/2022/07/blog-post_21.html
      ඊට කාලෙකට කලින් අපි ගෙදරින් පැනලා යන්න ගිහිං ආපහු ගෙදරටම ඇවිත් හොරෙන් නිදා ගත්ත එකවත් කාටවත් අහු වුණේ නැහැනේ.
      https://nidigepanchathanthare.blogspot.com/2019/06/blog-post_4.html

      Delete
    2. හොරෙන් පැනලා ගියපු එක දැන ගෙන මොකුත් නොකීවා වෙන්න බැරි ද

      Delete
    3. ඒක ඉතිං අහගන්න තිබ්බා නවීන්, එයාල අද ඉන්නවා නං....

      Delete
  8. දැනුයි ඉස්පාසුවක් හම්බුනේ මේක කියවන්න.... නිදි.
    "මං වගේ කෙළෙස් වැඩි- පුහුදුන්; පඩත්තල"// - හැමෝම ඔහොමයි නේ. අවස්තාව අනුව අපි ජීවත් වෙනව කියලයි මට හිතෙන්නෙ.
    මහගම සේකරත් කියල තියෙනව නේ 'සිතින් දහස්වරක් රමණය කරයි' කියල.

    ReplyDelete
    Replies
    1. හුඟ දෙනෙක් ඔය ටික කියන්නවත් එඩිතර නැහැ නේද නමී.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්