අකුරු මැකී නෑ

Sunday, August 21, 2022

සුප්පා දේවිගේ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස

“මොකක්ද පරයෝ තෝ කියන්නේ? උඹ කවුද යකෝ මට උගන්නන්න... අම්මට xමනෙන්න...” අපේ තාත්තාගේ ගෝරනාඩුව ඇහුණේය. තාත්තා සංජේලගෙ අම්මට හැම නියං කාලෙටම වැස්ස ලැබෙන්නැයි කියමින්....

දෙකක් නැත! මගේ අවවාදය නොතැකූ සංජේ, ඔහුගේ යෝජනාව අපේ තාත්තාට ඉදිරිපත් කරන්නට ඇත!!

උන්දෑ ලහි-ලහියේ ගිහිං අරගල පිටිය මැද්දට හොට පෙව්වාය!

“රංජි! රංජි!!”

තාත්තා මහ හය්යෙන් මටත් කතා කරයි.
“උඹ කොහෙ යන්නද? ඔන්න ඔහෙ හිටපං... මම බලලා එන්නංකෝ මේ මළ විකාරේ මොකක්ද කියලා...” ආච්චීටත් අපේ තාත්තාගේ ශුද්ධ සිංහල ඇහිලාය. උන්දෑ ලහි-ලහියේ ගිහිං අරගල පිටිය මැද්දට හොට පෙව්වාය.
ආච්චී මොනවද කිව්වේ කියලා ඇහුණේ නැතුවාට, ඈතින් හිටි මටත් තේරුණේය; ඒ තාත්තා ආච්චිට දුන්නු උත්තරයෙනි.

“අම්මෙ මේ, මගෙන් කුණුහරුප නාහා ගිහින් අම්මගෙ වැඩක් බලා ගන්නවද? බීලා? කවුද බිව්වේ... බොනකොට විතරද ප්‍රශ්න තියෙන්නේ... එහෙනං හැමෝටම අබිං කන්නයි තියෙන්නේ තාත්ත වගේ! එතකොට ඉවරයිනෙ...”

මොන ගිනි විජ්ජුම්බරයක් වුණත් අපේ සීයා; දිසානායක හේවගේ චාර්ල්ස් හෙවත් ‘චෙම්බාස්සල පීයා ජලා හුකා- හුකා පරියා’ උන්නැහේ කලබල නොවෙන්නේ අබිං කන නිසාද? එහෙමත් නැත්තං සීයාගේ තැන්පත්කම උත්පත්තියෙන්ම ගෙනාව එකක්ද?
සීයාගේ ‘අමු කැලේ ගිනි තියන නුවණ’ ජානවලින්ම අපිටත් අඩු නැතිව ඇවිත් තිබ්බත්, අර ‘තැන්පත්කමේ ජානය’ට නම් එන්න බැරි වෙලාය.

“තෝ වගේ පාහරයෙක් යකෝ... උඹව ජාතක කරපු අර අහිංසක මනුස්සයාවත් මෙතෙන්ට ඇදල ගන්නෙ තොට පිස්සුද බොල?” ආච්චීගේ ප්‍රකාශය උච්ච සප්තකයෙන් පටන් ගෙන මන්ද්‍ර සප්තකය දක්වා පල්ලම් බහින්නකි. “ ගුණේ, බොලාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනව නං, අහල-පහළ ගෙවල්වල මිනිස්සු හිනස්සන්නේ නැතිව ඒක බේරුමක් කර ගනිං- කතාබහ කරලා...”

දැන් අපේ තාත්තාගෙත් කේන්තියේ රැස් ගිහිං; සැර බාල වෙලා වගෙය. කාගේ- කොච්චර ලොකු කේන්තියක් වුණත්, ටික වෙලාවක් ගත වෙද්දී නිවෙන්නට පටන් ගන්නවා නේද?
“අන්න අර පරයට එන්න කියන්න අම්මෙ!”

“කොහෙද යකෝ පරයො ඉන්නේ? කවුද පරයා.” ආච්චී අහන්නේ, හිනාවකුත් අනුපානයට එකතු කරලාය.

හොඳ හිතින් වුණත් කළේ සමාජ සම්මතයකට එරෙහිව යන අපේ සබඳකමට උදව් කිරීමකි.

“හරි හරි... මම රංජියට අඬ ගැහුවයි කියන්නකො අම්මෙ...”

“ඌ නිඳි. රංජියට කියන්න තියෙන දෙයක් හෙට උදේට කියහං. මේ ළමයෝ...” ආච්චී දැන් කතා කරන්නේ සංජේට වෙන්නැති.
“මෙතන බකං නිලං ඉන්නැතිව ඔන්නොහෙ ගෙදර යනවා. අද යන්නැත්තං මෙන්න මෙහෙ එනවා මාත්තෙක්ක, මේ වසවර්තියාව තවත් අවුස්සන්නෙ නැතුව...”

භූරිදත්ත ජාතකයේ කියවෙන විදිහට, දඬුවමක් ලෙස- යමුනා නම් ගඟේ සලා වැටුමට දමන්නට ගෙනගිය චිත්‍රශූල කැස්බෑවා වගේ, සංජේත් අපේ ආච්චීගෙ පස්සෙන් ආවේය.

අනේ අහිංසක ආච්චී!
හොඳ හිතින් වුණත් කළේ ‘සමාජ සම්මතයකට එරෙහිව යන අපේ සබඳකම’ට උදව් කිරීමකි.

නෝනා; අපේ ලොකු නංගී ටිකකට පස්සේ, සංජේටත් මටත් බත් පිඟන් දෙකක් බෙදලා ගෙනාවාය! එහෙම කරන්නැයි අපේ තාත්තාම අණාඥාවක් නිකුත් කරන්නට ඇත.
අපට ඕනෑ වුණේ කෑම නොවේ. අප දෙන්නාටම ඕනෑ වුණේ ඉක්මනින්ම රෑ වෙන්නටය; අනිත් අය නින්දට යන්නෙ එතකොටය. වුණු දේවල් ගැන- ඉස්සරහට කරන්නට වෙන දේවල් ගැන, අපට නිදහසේ කතා කර ගන්නට ඉඩක් ලැබෙතොත් ලැබෙන්නේ එතකොටය.

ඒ කාලෙ අපේ ගෙදරදී කොයි කාටත් කන්නට දුන්නේ කෙලින්ම පිඟන්වලට බෙදලාය. (ඒ දවස්වල අපේ ගෙයි ඉස්සරහ කෑල්ලේවත්, මැද කෑල්ලේවත් කෑම මේසයක් තිබුණේ නැත. හරි හතරැස් මේසයක් හා පුටු හතරක් අපේ දිහාවට වැඩම්මුවේ- අපේ අම්මාව එංගලන්තයට ගෙන්නා ගත් ‘තිරීස් මිසී’ලාගෙ බංගලාවේ සිටයි!

කොයියම්ම පලාතක වුණත් එහෙව් පුරුදු තියෙන්නට ඇත්තේ

-මහ ගෙදර තිබුණු වස්තු සම්භාරය අපි එකේක්කෙනාට බෙදා ගන්නා වෙලාවේ සුනිල්ලා, අර පුටුවලින් දෙකක් හා ලී අල්මාරිය මගේ ඇඟේ ගැසුවෝහ. ඩී.බී. කුරුප්පු මහත්තයා බලහත්කාරයෙන්ම, මං වහන්සේට කොම්පියුටරයක් තෑගි කෙරුවාට පස්සේ අර එක පුටුවක් ඒක ඉස්සරහට ආවේය.

-මේ දැනුත්- නිදි මෙව්වා අකුරු කරන්නේ ඒ පුටුව උඩ වාඩි වෙලාය!)

“දකුණේ ගෙදරකදී පිඟානටම බෙදලා කෑම දෙනවා කියන්නේ ‘වෙන ඉල්ලන්න එපා’ කියන එකයි. බත් මාළුපිණි දීසිවලට බෙදල ගෙනෙන්නෙ කෑම යහමින් තියෙනකොටයි.” එකේක පළාත්වල ‘අවාචික සන්නිවේදන ක්‍රම’ ගැන කෙරුණු කතාවකදී හිතවතෙක් කිව්වේය.
කොයියම්ම පලාතක වුණත් එහෙව් පුරුදු තියෙන්නට ඇත්තේ අහිංසකව දිවිය ගැට ගසා ගන්නා උදවිය අතරේ වෙන්නට ඇති!

“මට හොඳටම ෂුවර් රංජි, ආයේ ඔයාලගේ ගෙදරින් මට බත් කන්න වෙන එකක් නෑ කියලා...” සංජේ බත් පිඟාන අතේ තියාගෙනම කීවේ පරාජිත හඬකිනි. “මම ඔයාට බත් කටක් කවන්නද?”
එදා නං හොඳටම සංවේදී වෙලා හිටි මේ ලියන මොට්ටයා ‘හා’ කිව්වේ කඳුළු පෙරමින් හඬන අතරේය. ඒ බත් කටවල් දෙක-තුනටම මගේ කඳුළුත් මුහුවී තිබුණේය.

ජීවිත කතාවක් ලියනවා නං, අමතක නොවී තියෙන මේ වගේ චුට්ටං දෙයක් වුණත් ලියන්නට වෙයි. කෙනෙකුට මේ සිදුවීම අතිශය බොළඳ- විකාර සහගත නොවැදගත් දෙයක් ලෙස දැනෙන්නටත් පුළුවනිය. බොරුවක් ලෙස හිතෙන්නටත් ඉඩ තිබේ.

ඒත් මං වහන්සේ මේ ගැන ලිව්වේ මට මේ සිදුවීම අමතක නොවන්නක් බැවිනි. මගේ මතකය හරි නම් එදායින් පස්සේ අද වෙනකල්මත්, මේ භවතා වෙන කෙනෙකුට කියලා කෑම කටක් කවාගෙන නැත!
දන්නවාද? මම නම් එය නුරුස්සමි. එතනදී මා පමණටත් වඩා/ ඕනෑවටත් වඩා පිරිසිදුය. කෑම බෙදා ගන්නා අතරේදී අතේ ඉඳුල් තැවරුණත් මට හිරිකිතය.

මට කෝච්චියේ ගමන් යන්න ලැබිලා තියෙන්නේ ඉතාම අඩුවෙන්

අද උදේ ‘හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස’ publish කරලා එහෙම ඉවර වෙලා බැලුවා හිතවතුන්ගේ අලුත් ලිපි. ආපහු මේ පෝස්ටුව ලියන්න ගන්නට කලින්.

සුමිතුරු ඩ්‍රැකී ආදිපාදතුමා post එකක් දාලා. ‘මමයි දුම්රියේ ගායකයා සහ තවත් අය...
ඒකට පළමුවෙනි comment එක එවමින් වැටාධිපති Pra Jay මහත්තයා මාවත් පටලවල තිබුණා. ඩ්‍රැකී පාන්දරින්ම ඒකට උත්තරයකුත් දීල තිබ්බා, මටත් බෝලයක් උස්සලා දෙමින්. මාත් ඉතිං dash පාරක් ගැහුවා.

‘මට කෝච්චියේ ගමන් යන්න ලැබිලා තියෙන්නේ ඉතාම අඩුවෙන්. අවුරුද්දක් විතර කැලණිවැලි කෝච්චියේ උදේ හවස මහරගම සිට කිරුලපන දක්වා ආවා ගියා නාවල ආයතනයක මුද්‍රණ කළමනාකරු ලෙස වැඩ කරද්දී. සෙනඟ හොඳටම වැඩියි- හිරවෙලාම තමයි යන්න වුණේ.

පුංචි කෝච්චියේදී වෙච්චි හොඳම වැඩේ මම වෙනම post එකකට ලිව්වා මතකයි නේද? කෝච්චියේ හොර ගෙඩියා - නමින්.’

අම්මට සිරි!
හැරෙන තැපෑලෙන් ‘කොමිටල් ඩ්‍රැකී’ මෙහෙම කියලා. ‘කෝච්චියේ කාන්තාවෝ ගොඩකට හිරවෙලා යනකොට කොච්චර සැපද
? දාඩිය ගඳ උහුලන්නට බැරි නිදි මහත්තයා ඔය සැප වින්දේ නැතිව ඇති.’

හිතවතුන් අතරේ අදහස් හුවමාරුවට මැදිහත් වෙන සයවන ඉන්ද්‍රියයක් තියෙනවාද? ඒ ප්‍රශ්නය ආයෙමත් කල්පනාවට ආවේ කොමිටල් ඩ්‍රැකීගෙ පිළිතුර කියවද්දීය.
‘මට හිරිකිත’ දෙයක් ගැන ලියමින් ඉන්නවයි කියලා ඒ ගොල්ලන්ට දැනුණාවත්ද? ඉඳුල් ගඳ උහුලන්නට අමාරුයි වගේම, මට දාඩිය ගඳත් උහුලන්නට අමාරුය. අනුන්ගේ විතරක් නොවේ; මගේම දාඩිය ගඳත් මගේ යකා අවුස්සන එකය පුදුමේ!

මේ සංජේ කියනවා දැන්වත් උඹට නිදහසක් තියෙන්න ඕනියි කියල.

එදා රාත්තිරියේ කඳුළුයි, බතුයි කන අතරෙත් මං බැලුවේ සංජේ අස්වසන්නටය. “විකාර හිතන්න එපා සංජේ... උදේ වෙනකොට අපේ තාත්තගෙ කේන්තිය නිවිලා තියෙයි.”

“නිමා! මට නං හිතෙන්නෙම...”

සංජේ හිතුවා හරිය!
උදෙන්ම තාත්තා අපි දෙන්නාට එන්නැයි කිව්වේය; තාත්තාගේ ඉස්සරහින්ම ඉන්දවා ගත්තේය. කේන්තියක ඡායාවක්වත් ගාවා ගන්නෙ නැතුව (භයානක සංහිඳියාවකින් යුතුව) කතා කළේය. කතා කළේ සංජේට නොවේ; මටය!

“උඹ දැන් පොඩි ළමයෙක් නෙවෙයි රංජි.
මට තේරෙනවා. මෙච්චර කාලයක් තිස්සේ උඹ අපේ පවුලටම කැඹුරුවා... අවූරුදු දොළහේ ඉඳල... මේ සංජේ කියනවා දැන්වත් උඹට නිදහසක් තියෙන්න ඕනියි කියල. එයාලගෙ ගමේ බතික් වැඩපොළක් දාන්නත් උඹව එක්ක යන්නයි ලෑස්තිය...
උඹටත් කියන්න ඇතිනෙ කලින්.
උඹ ඒකට කැමති නං පලයං පුතේ. හැබැයි පුතෝ, එහෙම යනව නං, මේ තාත්තා ජීවතුන් අතර ඉන්නකල් උඹට ආයේ මෙහෙ පස් පාගන්න තහනං කියලත් මතක තියා ගනිං!
එක සැරයක්
උඹල ගෙදරින් පැනල ගිහින් ආවමත්, උඹලව ගෙට වැද්ද ගත්තා වගේ ආපහු කෙරෙයි කියල නං හිතන්න එපා. හොඳට මතක තියාගෙන...”

මට මොනවා වුණත් නංගිලා- මල්ලිලා- ගෙදර අතහැර දැමිය හැකිද? කිසිම දෙගිඩියාවකින්; පරක්කුවකින් තොරව මම ගෙදරම නවතින්නට තීරණය කළෙමි! එයින් සංජේ කොතරම් අසීරුවකට වැටෙනවාදැයි මට කල්පනා වුණේවත් නැත.

“එහෙනං... සංජේ.  තමුසෙට පේනවනේ. මෙයා මෙහෙ දාල කොහෙවත් යන්නෙ නෑ...
ත..මු..සෙ..ට මම මේ හොඳින් කියන්නේ. මාව අමනුස්සයෙක් නොකර බ..හි..න..වා දොට්ට. මීට ප..ස්..සේ තමුසෙට මෙහෙ එන්නත් බෑ... මෙයාව හම්බ වෙන්නත් බෑ!
උ..ඹ..ට, විසේසෙන් රංජි... ආාාාාායි මෙයා එක්ක කිසිම ඇයි-හොඳයියක් බෑ... මොකද්ද?” තාත්තා තිරසර ස්වරයකින් තීන්දුව ප්‍රකාශයට පත් කරයි. අසරණ මං කඳුළු පෙරමින් අහගෙන ඉන්නවා විතරය. උත්තර දෙන්න තරම් හයියක් මට කොහෙන්ද?

ඕනෑවට වඩා ළතවෙන්නටවත් ඉඩක් කෙනෙකුට නොතිබීම කොච්චර සහනයක්ද?

“මෙහෙ බලපං... මෙහෙ... මෙහෙ... මගේ දිහා කෙලින් බලල කියාපං. මොකද්ද මම අන්තිමට කිව්වේ?” තාත්තා බලකොට කියා සිටියේය. නැවතත් සංජේ සමඟ කිසිම ඇයි හොඳයියක් නොපවත්වන බව මට කියන්නට වුණේය!

පිටත් වෙන්නට සූදානම්වී, අවසන් මොහොතේ සංජේ කෙඳිරිලි හඬින් කීවේ මා සිහිනයකින්වත් සිතූ දෙයක් නොවේ. “ ඔයා සායි බාබාතුමාට පහන තියන්නකො වරද්දන්නැතුව!”

මා ඔබට කලිනුත් කියා ඇත. මොන කරදරයක්- දුකක්- ප්‍රශ්නයක් ආවත් මේ නිදිට නිඳා ගන්නට හැකිය. නිඳා ගන්නට අවශ්‍යය.
ඉතිං, සංජේ පිටත්වී ගිය ගමන්ම, මම කළේ පැදුරක් එළා ගැනීමය. කඳුළු පිහිදා ගන්නෙත් නැතිවම කොට්ටයට ඔළුව ඔබා ගැනිල්ලය.

ඕනෑවට වඩා ළතවෙන්නටවත් ඉඩක් කෙනෙකුට නොතිබීම කොච්චර සහනයක්ද....
එස් අයියා අපේ ගෙදරට ආවේ, මේ හුටපට හින්දා අපේ ගෙදර පුදුමාකාර නිහැඬියාවක ගිලී තිබියදීය.

“නිමල්, ඩමිය හදලා ඉවරයි නං, යමුද මිස්ටර් මාණික්කාරච්චිව හම්බ වෙන්න. තව පාරක් නං නාට්‍යය කල් දාන්න බැහැනෙ.” එස් අයියා අපිව උසි ගන්නයි.
“ඉඩ තියෙන විදිහට හන්දියට ගිහිල්ල හරි නාට්ටියේ ටිකට් ටිකක් විකුණගන්නත් වෙයි!” ඒ අපේ තාත්තාගේ පෙළඹවීමයි.
ඉතිං සංජේ ගැන හිතන්නට වෙලාවක් කොහෙන්ද?

කොහොමෙන් හරි, නාට්‍යයේ සමරු කලාපය අච්චු ගහන වැඩේ සේරම තීන්දු ගන්නට වුණේ මටය. රංජිත් ගුණසේකර අයියා මගේ පස්සෙන්ම වගේ හිටියේය.

“නිමල්, ඔයාලගේ නාට්‍ය අලුත්ම concept එකකට කරන රැඩිකල් වැඩක් වගෙයිනෙ. අපි ඒකට ගහමු, අසම්මත සයිස් එහෙකින්ම සමරු කලාපයක්... ලාබෙට.... ටිකක් පොඩියට... ඔයාලගේ දැන්වීම් වුණත් වැඩි හරියක් සුබ පැතුම්කාරයන්ගේ ඇඩ්ස්නෙ. අකුරු අඩුයිනෙ.” සිසිර කුමාර මාණික්කාරච්චි මහත්තයා තරමක් කුඩා ප්‍රමාණයේ සාම්පලයක්, කඩදාසියකින් නවලා පෙන්වමින් කිව්වේය. “මොකද කියන්නේ... කරමුද වෙනස්ම වැඩක්?”

අපි නම් වචනවලින්

මාණික්කාරච්චි මහත්තයා එදා, මේ මොට්ටයාව ගොනාට ඇන්දුවාය කියලා කියන්නට තරම් මා සාහසික වන්නේ නැත. ඒත් ඒ මනුස්සයා එතරම් ඉල්ලුමක් නැති දෙයක් promote කරලා විකුණා ගත්තාය කියලා නම් මට සිතුණේය. එහෙම හිතුණේත් ඊට අවුරු 14කට විතර පස්සේ මං වහන්සේ printing රස්සාවට බැස්සාට පස්සෙය.

අච්චු ගැහෙන පොත්වල size; ප්‍රමාණ ගැනත් press කෙරුවාවෙදී සැලකිය යුතු බව මං දැන ගත්තේ එතකොටය. ඩිමයි 1/8, සමන් සයිස් ගැන හෙම නිදිගෙ පංච තන්තරේ ලියන්නට ගත්තු කාලයේම, (උපුල් සාන්ත සන්නස්ගල ගැන ලියූ postsවලදී) අදරැති රසික-රසිකාවන්ට කිව්වෙමි.
එදා නොකියූ සයිස් එකකි Crown Size. පොත් අච්චු ගැසෙන සයිස් එක අනුව පෙළ ගස්වනවා නම් ‘බඩ පිස්සා’ ක්‍රවුන් 1/8 ය. ලොකු අයියා ඩිමයි 11/8 ය.

සාමාන්‍ය නවකතා පොත් මුද්‍රණය වන්නේ මේ ප්‍රමාණ ත්‍රිත්වයෙන් එකකටය.
ඩිමයි 1/8   = අඟල් 8.5 x 5.5
සමන්        = අඟල් 7.5 x 5
ක්‍රවුන් 1/8  = අඟල් 7 x 4

ක්‍රවුන් සයිස් පොතක් print කරද්දී අච්චු කන්තෝරුවට අමතර වාසියක් හිමි වෙයි. ඒ කඩදාසි කැපීමේදී ලොකු off cut එකක් ඉතිරි වෙන නිසාය.
ගංගොඩවිල ප්‍රසන්න press එකේ ඒ දවස්වල එහෙම off cuts ගොඩක් තිබ්බා නොවෙන්නත් ඇති! ඒවා පාවිච්චියට ගෙන අපේ සමරු කලාප ටික මුද්‍රණය කරන්නට මාණික්කාරච්චි මහත්තයා හිතන්නට නැතිවත් ඇති...
එතුමාට ‘අලුත්ම
concept, වෙනස් වැඩක්, රැඩිකල් වැඩක්, අසම්මත සයිස්’ වගේ වචන නිකම්ම කියවෙන්නටත් ඇති.

ඒත් අපි නම් ඒ වචනවලින් නන්නත්තාරවී වල්මත් වීමු. අපිය කිව්වේ රංජිත් අයියාත්, මාත්ය.
“ඒ සයිස් එක හොඳයි!”
ඉතිං, අපේ ‘සිංහබාහු සමරු කලාප පිංච’ අච්චු ගැහුණේ ටිකාක් දිගටියට, උසින් අඩුවය.

මුද්‍රිත සමරු කලාපය දැක්ක හැටියේම අපේ තාත්තාගේ කට ඇරුණේය. “මොකද්ද යකෝ මේ? නාට්‍ය බලන වෙලාවට පවන් ගහගන්නවත් පුළුවන්ද මේ හුචක්කුවෙන්?”

වැඩක් වැරදුණාට පස්සේ තව හිතුත් නරක් කරගෙන වැඩක් තියෙනවද

ඒකට උත්තර දෙන්නට එස් අයියා හිටියායින්, රංජිත් අයියාටත් මටත් බැණුම් වරුසාවකින් ගැලවෙන්නට හැකි විණි. “නෑ නිමල්ල තාත්තේ, මේක කොමන් සයිස් එකක් නෙවෙයිනේ! කැතකුත් නෑ...” ඒ කතාව නං මගේ හිතට ඇල්ලුවේ නැත.

“මට ඇත්ත කියන්න. ඔයා කැතකුත් නෑ කිව්වේ ලස්සනත් නැති හින්දා නේද එස් අය්යේ?” මං ඇහුවේ හීන් සීරුවේය.
“ඔය පෑදෙන්නෙ මොළේ.. එහෙම තමයි... ඒත් නිමල්, වැඩක් වැරදුණාට පස්සේ තව හිතුත් නරක් කරගෙන වැඩක් තියෙනවද...”

ඔහොම හැල-හැප්පිලි අතරේ ‘ලයිට් රිහර්සල්’ දවසත් උදා වුණේය.

මේ පෝස්ටු මාලාව පටන් ගන්නා දවසේ කිව්වා වගේම, ප්‍රධාන තිරය දෙපසට යද්දී පසුපස සුදු තිරය කොළ පැහැයෙන් දිදුලමින් තිබිණි. මං වේදිකාවට පිවිසෙන්නට කල් බලද්දී අපේ තාත්තා රූප් නන්දාට කතා කරමින් උන්නේය.
“හොඳට බලාගන්න ළමයා... අපේ එකා හින්දා කියනවා නෙවෙයි. දැන් ස්ටේජ් එකට යන්නෙ සුප්පා දේවි මිසක් රංජි නෙවෙයි! ඔය ළමයත් එහෙමයි කරන්න ඕනි.”

ඉතිං, සුප්පා දේවිය වේදිකාවේ වටයක් ගොස් තමන්ටම යමක් කියා ගන්නට වෙයි.
“අහා
, මේ වනය කොතරම් සුන්දරද? රුක් පුරා පිපි මල්. (මලක් කඩාගෙන එය සිප, හිසේ රඳවා ගනී.) මල්වල රොන් ගැනීමට එන බමරුන්ගේ ගුමු-ගුමු නදින් මා සිත පිනා යයි. අහෝ... (කල්පනාකාරීව) මා තවමත් දෙගුරුන් යටතේ නම්... අර එක්ටැම් ගෙයි තනිවම... අඃ... එපා, එපා. ඒ රුදුරු අතීතය සිහිවන විට මහද පැලෙන්නට යයි.
(සෝදුකින් වේදිකාවේ සක්මන් කරයි.)

වේදිකාව මතදී නළු-නිළියන් කවුරුනුත් ඒ ඒ චරිතවල ජීවත් වෙන බව

ඇත්තය! ඒ අතීතයට ආයෙමත් යන්නට මටත් හැකි නම්... (සුප්පා දේවියගේ අතීතය රුදුරු ලෙස හැඟුණාට, මට නම් කිසි විටෙක මගේ අතීතය රුදුරුය කියා හිතිලා නැත.) කොතරම් අසුන්දර; වේදනාබර අත්දැකීම් වුණත් පසුව ඒවා මෙනෙහි කරද්දී දැනෙනුයේ මිහිරියාවක් නොවෙයිද?

මේ ධර්මතාව හිතාදර රසික ඔබටත් පොදු වෙතැයි මට සිතේ. ඒ විත්තිය මට සිහි වෙන්නේ, එදා සිද්ද වුණු දෙයක් හින්දාය.

අපේ සිංහබාහු නාට්‍යයේ එක්තරා තැනකදී සුප්පා දේවිය පුතුගේ කම්මුලට ගසන්නට නියමිතව තිබිණි.
“රූපගෙන් වගේ නෙවෙයි, නිමල් මල්ලීගෙන් නං පරිස්සම් වෙන්න ඕනි ඒ සීන් එකේදී... මෙයා සුප්පාට act කරන ෂෝ එකේදි...”
ඒ දර්ශනය ගැන කියමින් සරත් කිහිප විටක්ම මට කොළොප්පම් කරමිනි හිටියේ. ඒ කොළොප්පමක්ම නොව හිතා-මතා කියූ දෙයක් බව මට වැටහුණේ, පසුව සරත්ම මට තේරුම් කළාමය.
“නිමල් මල්ලී හිතාගෙන ඉන්නේ ඔයාලගේ තාත්තවයි සංජේවයි කෙටෙව්වේ මමයි කියල නේද? මම එහෙම කරන මිනිහෙක් නෙවෙයි රංජි... ඔයාටම තේරෙයි පස්සෙ...”

“කවද්ද මං එහෙම කිව්වේ?”
“කිව්වෙ නං නෑ තමයි. පහුගිය දවස්වල රිහර්සල්ස් කරද්දි ඔයා ගහන කම්මුල් පාරවල් ඉස්සරට වැඩිය සැරට වදිනකොටයි මට එහෙම හිතුණේ.”

රඟපාන්නට ගියාම මට වටපිටාව අමතකව යයි. වේදිකාව මතදී නළු-නිළියන් කවුරුනුත් ඒ ඒ චරිතවල ජීවත් වෙන බවයි මට හිතෙන්නේ.

ඊට වැඩියෙන් හොඳයි….

එදාත් වුණේ ඒකමය. කම්මුල් පහර ගසන දර්ශනයේදී සුප්පා දේවිය අත දිග හැර පුතු සිංහබාහුගේ කම්මුලට ගැසුවාය!

“... එහෙම ගහනකොට සරත්ට තියෙන්නේ යන්තමට මූණ පැත්තකට හරවන්න. එතකොට බලන් ඉන්න අයට කම්මුලට ගැහුව වගෙයි පෙනෙන්නේ...” පුහුණුවීම් පටන් ගනිද්දීම අපේ තාත්තා උපදෙස් දීලා තිබ්බේ එහෙමය. ටික දවසකින්ම ඒ මවාපෑම සරත් රංචාගොඩට එපා වෙලාය.
“ගුණපාලයියේ, ඊට වැඩියෙන් හොඳයි කම්මුල් පාර ඇත්තටම කන එක... රංජි මල්ලිටයි රූපටයි කියමු ඇත්තටම මගේ කම්මුලට ගහන්න කියලා.” සරත් යෝජනා කළේය.

“තමුන්නෙ මට්ටන් තම්මැට්ටන්!” කියලාය, අපේ තාත්තා සරත්ට කැමැත්ත දුන්නේ.

අදහනු මැනවි!
අපේ විධුර නාටකයෙදී තරහ පිරිමහන්නට පූර්ණකයා විධුර පඬිතුමන්ව
ඇත්තටම කරකවලා, පොළොවේ ගැහුවා වැනි දෙයක් මම එදා නොකළෙමි.
නමුදු සුප්පා දේවියට ආවේශවී සිටි මගෙන් සරත්ට වැදුණේ පොඩි-පටු කම්මුල් පහරක් හෙම නොවේ! කණ පිරෙන්නම ගැසූවකි!!
.......

53 comments:

  1. ඔය කරපු නාට්‍ය වල පින්තූර නැත්ද දාන්න

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ කැමරාවලින් නෙව ෆොටෝ ගත්තේ. කැමරා තිබ්බේ එහෙමත් කෙනෙක් ළඟ අජිත් මහත්තයෝ. පත්තරේකට දාන්න ගත්ත මාරක හී පහර නාට්‍යයේ ෆොටෝ එකක් (post එකකටත් දැම්ම.) විතරයි තිබ්බේ. සිංහබාහු මුහුරත් එකේදී එස් අයියාගේ යාළුවෙක් ගත්තු ෆොටෝ තමා කීපයක්ම posts වල දාල තියෙන්නේ.

      Delete
    2. පත්තරෙන් ඇවිත් මෙහේ ඇත්ද යම් කෙනෙක්
      ගන්න ගන්න නිදිගේ රූපේ නිදි පොටෝජෙනික්
      නමද ගම ද වයස එක්ක පීන්තූරේ විස්තරේ
      පැදුරට වැටෙනකල් අනේ
      නිදිට නින්ද යන්නේ නෑ අනේ

      Delete
  2. Replies
    1. එන්න එන්න, සාදරෙන් පිලිගන්නවා.

      Delete
    2. ඔබ එන්න... ඔබ ඇවිත් යන්න එන්න...
      මම බ්ලොගක් ලීවා
      ඔබ එතැයි සිතුවා
      මග බල බලා...නෙතු දව දවා..
      බ්‍රා..රත්තරනේ මං මග බලා හිටියා..

      Delete
    3. බ්‍රා..රත්තරනේ .....************* ela...

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. නාට්ටෙ පෙන්නන්න සරත ඉතුරු වෙලා උන්නද?

    ReplyDelete
    Replies
    1. ඊළඟ කොටස බලන්නකෝ ප්‍රසන්න.

      Delete
    2. සරා සදේ සීනා සෙලේ
      ගිලිහී වැටිලා
      කොපුල් තලේ ඔබේ දෑසේ
      කදුලූ මැවිලා
      අතුල් පහරේ අකුනේ වැදීලා...

      Delete
    3. ඊයෙ කොමි ඩ්‍රැකිය වැරදි දෙයක් පානය කරලද මන්ද.

      Delete
  5. ගඳ ඉවසන්න බැරුව පාදයාත්‍රා යන එක සෑහෙන්න ලොකු දෙයක් නේද, සීසන් එකේ මුල ගියත්?

    ReplyDelete
    Replies
    1. ඇයි Pra Jay, නොනා.... නෙවිල්ලාමේ දවස්වල මට ගහන ලොකුම කාඩ් එක ළිං තුනේ හිටි දවසේ ගඳ ගගහා නොනා හිටි හැටි කීම. ඒ අමාරුකම් දරා ගැනෙන හැටි නං එක විදිහක පුහුණුවක්!

      Delete
    2. ගදක් ගදක් දැනුනි ගදක්
      මාර ගදක් හා හා
      මාර ගදක්...
      ගදට ගදේ හ හා සරම ඇදන්
      හිස් වැස්මත් මාර ගදයි
      දහඩිය ගදත් බඩ දගලයි..

      Delete
  6. Replies
    1. “ ඔයා සායි බාබාතුමාට පහන තියන්නකො වරද්දන්නැතුව!”// සීරියස් තැන්වලදීත් හිනා යන කැත පුරුද්ද තියෙන මං වහන්දෑ ඕක කියන වෙලේ අහල පහලක හිටියනම්... හිනාව නවත්තගන්ට බැරුව කාගෙන් හරි ගුටි කනවා 😂

      Delete
    2. ඒ කතාව සංජේ කිව්වේ හේතුවක් ඇතිවයි. ඒ විස්තර ඉදිරියේදී කියවෙයි නමී... එතකොටම කියන්නකෝ හිනා වෙනවද කියලා.

      Delete
    3. පුංච් පුංච් පුංච් පැංචි කාලේ..
      බේබි කියලා සංජේ පෑව ආලේ
      ඩිංග ඩිංග ලෝකේ රවටපු කාලේ..
      සායි බබා... මේ.. සායි බබා..
      සායි බබා... මේ.. සායි බබා

      Delete
    4. ඇත්තටම හිනා යනවා කීවේ... සායිබාබාගෙ හොර වැඩ සිහි වෙලා. උන්දැ... ඉන්දියාවෙන් භාගයක්ම බබා ඇන්ව නෙව. කටින් රත්තරං බිත්තර දැම්ම, දිවය තින්නොරු මැව්වා... අප්පෙ කොච්චර නම් මැජික් අයිටම් පෙන්නුවාද

      Delete
    5. මං කීව Red Lights (2012) බැලුවා නෙ. ඒ වගේ ප්ලෑන් කරලා මිනිස්සු මුලාවට අන්ඳුව... අන්තිමට තිබ්බ බලෙන් තමුන්ගෙ ලෙඩේ හොඳ කරගන්න බැරි උනා නෙ. හැබැයි මිනිහ hospital හදන්න, මිනිස්සුන්ට උදව් කරන්න හම්බකල සල්ලි වලින් කොටහක් යෙදුව
      මේ තියෙන්නෙ උන්දගෙ කුප්ප වැඩ...
      https://www.youtube.com/watch?v=DvKeKzi0qfM

      https://www.youtube.com/watch?v=Omfr1TERdEs

      Delete
    6. නමියට විතරද ස්තූතිය ???

      Delete
    7. බොට මක්කටෑ... ඉට්ටුටි

      Delete
    8. කොමිටල් ඩ්‍රැකී මහත්තයෝ, ජංජාලයක් නෙව වුණේ. සින්දු කාලි ටිකකින්ම උත්තර දෙන්ඩ හිතං අන්තිමටම ලියන්න හිතුවා. අයි දෙයියනේ ටිකක් වෙලා යන වැඩක් නෙව. එතකොටම ලයිට් ගියා... වැඩේ හබක්! තරහ නැහැනේ....
      ස්තුතියි ගොඩාරියක්...

      ආසිරි වේවා!
      ආසිරි වේවා පතමී වේවා//
      ආසිරි වැස්සේ, මල් වරුසාවේ
      ආසිරි වේවා පතමී වේවා!

      Delete
  7. ඊලග පෝස්ට් එකෙදිවත් නාට්ට්‍ය පෙන්නයිද?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ලලිත්, මමවත් ඒක කියන්න දන්නෙ නෑ. මොකද වෙච්ච දේවල් කොහොම කොහොම පෙළ ගැහිලා කියවෙයිද කියලා මාත් නොදන්නා නිසා. ලියැවුනාම තමයි දැනගන්න වෙන්නේ.

      Delete
    2. රගහල දැන් ඇත අඩඅදුරේ
      සිංහයා පෙම් පිලිසදරේ
      නිදි ජීවන අන්දර අතරේ
      තනිවි ඇත සජේ ලුම්බිණි මිදුලේ

      Delete
    3. ආවේ නැත සන්ජේ එහෙට
      දොර වැහිලා එතකොට ඔහුට
      සිදු වුන දේවල් ඇත දිගට
      ලියවෙයි ළඟදිම ලස්සනට

      Delete
  8. ආච්චිලා වගේ මොලේ තියෙන අය ඉන්න ඕනෙ දැන් කාලෙ.

    "ගංගා නම් ගඟේ සලා වැටුමට දමන්නට ගෙනගිය" සලා වැටුම කියන්නෙ මොකක්ද, නිමල්.

    "උ..ඹ..ට, විසේසෙන් රංජි... ආාාාාායි මෙයා එක්ක කිසිම ඇයි-හොඳයියක් බෑ.". තාත්තා කිව්වෙ නැද්ද 'විශේෂයෙන් කියන්ට උවමනයි' කියලා.

    ReplyDelete
  9. සලා වැටුම කියන්නේ ලොකු දිය සුළියකට Lotus.
    කැස්බෑවාට දඬුවමක් විදිහට ගංගා නම් ගඟේ ඒ දිය සුලියට දාමු කියලා රජ්ජුරුවන්ගේ වතුරට බය මෝඩ ඇමතිවරයෙක් යෝජනා කරනවා. මරන්න, පුච්චන්න වගේ යෝජනා කෙරෙද්දී කට වහගෙන ඉන්න නුවණැති කැස්බෑවා එතැනදී ආයාචනා කරනවා "අනේ එක නං කරන්න එපා, මාව සුනු විසුණු වෙලා යයි" කියලා. ජාතක කතා අතරින් ඉතාම රසවත්- විචිත්‍ර එකක් තමයි භූරිදත්ත ජාතකේ. මම ඔව්ව මුලින්ම ඇහුවේ අපේ ආච්චිගෙන්!
    මෙන්න ඒ කතාව කියවන්න link එකකුත්. https://dhamma.ifbcnet.org/527-%e0%b6%b7%e0%b7%94%e0%b6%bb%e0%b7%92%e0%b6%af%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad-%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b6%9a%e0%b6%ba/
    හරි වැඩේ Lotus, ඔයාට දෙන්න link එක හොයද්දී දැක්කේ මට වෙලා තිබුණු වැරදීමක්. ජාතක පොතට අනුව සලා වැටුම තියෙන්නේ යමුනා ගංගාවේ. ඒකත් නිවැරදි කරන්නයි යන්නේ පෝස්ටුවේ.
    සලා වැටුම කියලා ඉතා හොඳ පොතකුත් ආවා, සුජාත පුත්‍රයින්ගේ කතා වස්තුව ලියපු අනුලා විජේරත්න මැණිකේ මහත්මිය ලියූ.

    අපේ තාත්තලා, ආච්චිලා සමහර වෙලාවට කියාපු වචන දැන් කියවුනාම සමහරුන් කියනවා ඒවා අසභ්‍යලු. අම්මගෙ වාහෙ- වගේ එව්වට පවා.
    එදා තාත්තා එහෙමත් කියන්න ඇති, මොකද මාත් වැඩියෙන්... දිගට යමක් කියන වාචාලයෙක්නේ - එයාලා වගේම....

    ReplyDelete
    Replies
    1. හැම දවසෙම අලුත් දෙයක් ඉගෙනගන්නවා කියන්නෙ ඒක තමයි. පැහැදිලි කිරීමට ස්තුතියි, නිමල්. ජාතක කතාවත් පස්සෙ කියවන්නම්.

      Delete
    2. Lotus, ඔයා විතරක් නෙවෙයි, තව අයත් ජාතක කතාව කියවාවි කියල හිතනවා.

      Delete
  10. නිදි ලොක්කා නොදැන හිටියත් කරන්න ඇත්තේ භාවාත්මක රගපෑමක් වෙන්නැති. ස්ටැනිස්ලාවුස්කි ගේ Method Acting ගැන ඒකාලේ කවුරු කියලා දෙන්නද?

    ReplyDelete
    Replies
    1. හුම්... මාලන් බ්‍රැන්ඩෝ නෙව ඕක Hollywood වලට ගෙනාවෙ. එතෝට ලංකාවට ඕක ඇන්න ආවේ අපේ වහන්දෑද

      Delete
    2. ආචාර්ය සාලමන් ෆොන්සේකා මහතා තමයි ලංකාවට හදුන්වලා දුන්නේ. එයාගේ ගෝලයෝ තමා පාලිත, කමල්, මහේන්ද්‍ර , ජයන්ත චන්ද්‍රසිරි, රමණි ෆොන්සේකා

      Delete
    3. සාලමන් ෆොන්සේකා මහතා නේද දයානන්ද ගුණවර්ධන මහතාගේ නරිබෑනා නාට්‍යයේ මුලින්ම නරියට රඟපෑවේ.

      Delete
    4. ඔබතුමා නිවැරදියි. එතුමා තමයි ලංකාවේ නාට්‍ය හා රංගකලාව ගැන ආචාර්ය පදවියක් ලබාගත් ප්‍රථමයා. හැබැයි එයාගෙන් රටට වුනු සේවාව මදි බවයි හිතෙන්නේ.

      Delete
    5. අසංගගෙ කමෙන්ට් එක දැක්කම මතක් වුනේ, මචන් ෆිල්ම් එකේ මහේන්ද්‍ර පෙරේරාගෙ රඟපෑම- නීතිවිරෝධීව මිනිස්සු පිටරට යවන ඒජන්සි අයිති කාරයෙක් විදිහට, මහේන්ද්‍රගේ ඇස්වලින්, හිනාවෙන් චරිතයේ කපටිකම අඩුවක් නැතිවම පෙරෙන හැටි.

      Delete
    6. මහේන්ද්‍රගේ කුසලතාව!

      Delete
  11. ThattayagekolamaAugust 24, 2022 at 5:03 AM
    නිදී මහත්තයා! ඔබගේ නිවසේ සැඳෑවක අපගේ අනෙකුත් බ්ලොග් ලියන්නන් පිරිවරා ගෙන මීවිතක් තොල ගෑම මගේ සිහිනයක්ව තිබුනා. නමුත් ඒය නොහ්කි උනා. එහෙත් ලියන කියන අපේ ජීවිතය ඉක්මණින් මහළු වන්නේ නෑ. ඒ නිසා හැකි ඉක්මනින්ම හමුවූ වේලාවක උනුසුම් වෙමු ගී පොතත් සමග!

    ReplyDelete
    Replies
    1. මෙන්ඩෝ, එන විත්තිය කියන්ඩෝනි තට්ටයා මහත්තයාටයි. උන්නැහේ නෙව වැඩේ සංවිධානය කරන්ඩ යන්නෙ. බ්‍රෑන්ඩ් එකත් දැනගන්න ඕනෑන්නේ එයාලටම තමා. මොකද, මං ප්‍රතිපත්තියක් විදිහටම කාටවත් මධු විතෙන් සංග්‍රහ කරන්නේ නෑ. දන්නවද මන්දා... මම සමස්ත ලංකා අමද්‍යප තරුණ සංවිධානයේ ගරු ලේකම්, ගරු සභාපති තනතුරු දෙකම දරපු කෙනෙක්නෙ.
      හැබැයි, කන දේවල් හෙම නං හදල දෙනවා...

      Delete
  12. https://komitaldrackeya.blogspot.com/2022/08/blog-post_25.html?m=1 එන්න කොමියාගේ අඩවියට..

    ReplyDelete
    Replies
    1. සොමියට බරද කොමිටල් ඔබෙ බ්ලොගය මතුත්
      තියෙද ඉඩක් සොමි වලි හෙම දාගන්නත්
      ඇතා වටිනවා දාහක් උන්න - මළත්
      වැඩියෙන් හිනාවී - අපිවත් වෙයිද මහත්?

      Delete
  13. //උච්ච සප්තකයෙන් පටන් ගෙන මන්ද්‍ර සප්තකය දක්වා පල්ලම් බහින්නකි.//

    මේක කියවනකොට මතක් උනේ මොන්තක්‍රිස්තෝ සිටුවරයා පොත්වල අනිත්ම හරියෙ දොංග්ලාර් පැහැරගෙන යද්දි, පොර ලතින් වලින් කෑගහනව, "ඇලග්‍රෝ - මොදරාතෝ" කියල.

    ReplyDelete
    Replies
    1. ළඟදී සිටුවර මොන්තක්රිස්තෝ - දේව හස්තය පොත් දෙකින් එකක් කියෙව්වද. නැත්තං ෆිල්ම් එක බැලුවද....

      Delete
  14. //යමුනා නම් ගඟේ සලා වැටුමට දමන්නට ගෙනගිය චිත්‍රශූල කැස්බෑවා//

    ඔන්න ඔය කැස්බෑව තමා දියේ දාමු කිව්වම දැන්නෑවේ කිව්වෙ.

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි, මට ඒ අවස්ථාව මැවිලා පේනවා ඩ්රැකී තවමත්... ඒ තරමට පණ පිහිටුවලයි අපේ ආච්චී ඒ කතා මට රඟපාලා පෙන්නුවේ!

      Delete
    2. දැන් නෑවේ! ඒකත් අපූරුයි..........

      Delete