“එතකොට අද අපේ ඕමිය?”
“ඇයි යකෝ, ගිනි ගොඩේ එළියෙන්ද තමුසෙලා ඕමි ගහන්නේ...” දෙවියන්ගේ අඩවියක වුණත් යකාටත් තැනක් තිබේ... පිරිතට අඩංගු වෙන්නේ නැති යකුනුත් කුණුහරුපවලට බයයි කියනවනේ! රඟන්නට දන්නා මං වහන්සේ බොරු කේන්තියකින් කරන ගෝරනාඩු ලේසියෙන් හඳුනා ගන්නට කෙනෙකුට බැරිය. එතැනදීත් ඒකමය, මගේ වාසියට හිට්ටේ.
ප්‍රියන්තටත්
‘කොඤ්ඤං
කොඤ්ඤමා තමිල් තෙරියුමා’ වගෙය. “අපෙ
ළිපේ ගින්දර ටික ගත්තට කමක් නැද්ද කියල වගෙයි අර මනුස්සයා අහන්නෙ.” (foto-
නමී) |
ඒ අතරේ යාබදව හිටි නඩේ දෙමළ කාන්තාවක් ඇවිත්
දෙමළෙන් මොනවාදෝ කියයි. දොස්තර මහත්තයා දෙමළ දන්නවා වුණත්, අපි දන්නෙ අණ්ඩර දෙමළ
විතරකි.
කතරගම පොලිසියේ ප්‍රියන්තටත් ‘කොඤ්ඤං කොඤ්ඤමා තමිල් තෙරියුමා’ වගෙය. “අපෙ ළිපේ
ගින්දර ටික ගත්තට කමක් නැද්ද කියල වගෙයි අර මනුස්සයා අහන්නෙ, නිමල් අයියේ.”
“අනේ ගන්නයි කියන්න ප්‍රියන්ත. පව්! ඒ මිනිස්සු පරක්කු වෙලා ඇවිත් දැනුයි උයන්න
හදන්නේ! ඔය ගමන්ම අහන්නකො, අපේ ඉතිරි කෑම ගොඩක් සාස්පාන්වලම තියෙනවා- දෙන්නද
කියලත්.”
එච්චර හරියක් කරන්නට ප්‍රියන්තගෙ ‘කොඤ්ඤං තමිල්
තෙරියුමා’ සෑහෙන්නේ නැති පාටය. කණ් චෛතියර් අයස්මන්ත පීරිසුත්
වැඩේට මැදිහත් වුණේ එතකොටය.
“අම්මා, සාප්පාට්ටු ඉරික්කි, වේණුමා?
“නල්ලම් සාමී!”
කෑම ටික ඔවුනට දුන්නා විතරය. මහන්සිය හින්දාදෝ
එතකොටත් නිඳාගෙන හිටි බාල වියේ වූවන් ඇහැරවා, ඔවුනට කෑම බෙදා දෙන හැටි අපට පෙනිණි.
“දොස්තර මහත්තයෝ, එයාලට කියන්නකො, අපේ ළිපේම උයා ගන්නයි කියලා. අපේ දරත් ගන්නයි
කියන්න. අපේ කොල්ලො ටික සෑහෙන්න දරත් එකතු කරලනෙ... උදේට තේ එකක් විතරනේ හදා ගන්න
යන්නෙ...”
අපායට යතත් ඉස්සෙල්ලාම යන්නට ඕනෑලු.
ඉක්මනින්ම නවතින තැනකට යා ගත්තාම, වඩා හොඳ තැනක් අල්ලා ගන්නට හැකිය; දර වතුර සරිකර
ගන්නටත් ලෙහෙසිය.
(පාද යාත්‍රාව නිම කර දෙසතියකට පස්සෙ) ඊයෙ
රාත්තිරියේ දොස්තර මහත්තයාත් මමත් මේ ගමන ගැන කතා කරමින් සිටියෙමු.
Target
එකක් තියාගෙන ගියා මිසක,
ගමන enjoy කරන්නෑ
වගේ ගතියක්... (foto- අනුර පල්ලිමුල්ල) |
“ඒ වුණත් පීරිස්, මට හිතෙනවා අපි target එකක් තියාගෙන ගියා මිසක, ගමන enjoy කරන්නෑ
වගේ ගතියක් මේ සැරෙත් තිබ්බය කියල...”
“ඇයි යුෂ්මතාට එහෙම හිතුණේ?” දොස්තර මහත්තයා ඇසුවේය.
“අපි race එකක් දිව්ව වගේ කියල ඔයාට හිතෙන්නැද්ද? කෝ, අර දෙමළ නඩවල කට්ටියට
තිබිච්ච සැහැල්ලුව අපට තිබුණද? අපි කොච්චර අඩුවෙන්ද ඒ මිනිස්සු එක්ක වුණත් මුහුන්
වුණේ?”
අන්තිමේදී අපේ කතාව කෙළවර වුණේ තීරණ දෙක
තුනක් සමඟිනි.
1. ඊළඟ අවුරුද්දෙත් පාද යාත්‍රාවේ යමු.
2. වැඩි දින ගණනක් ගත කරමින්, නිවිහැනේ- දමිළ නඩ වඩාත් කිට්ටුවෙන් ඇසුරු කරමින්...
3. වඩා වැඩි මළ-මුත්‍රා ගන්ධයන් ඉවසා දරා ගන්නට සූදානමින්...
දමිළ නඩ යහමින්; වඩා සමීපව ඇසුරු කරන
නිගමනයට බහිද්දී නං, මගේ මතකය ගොඩාරියක් ඈතට දිව්වේය. සිංහල වචනයක්වත් නොදන්නා දිනේෂ් කුමාර් හා සසිදරන් ගැටවරයන්ට උදව් වෙන්නට
ගිහින්, තව ඩිංගෙන් මං වහන්සේ නියම පරිප්පුවක් කන්නට ගිය හැටි... ඒත්, මම රෑ
වැටුණු වළට දවාලෙත් වැටෙන ජාතියේ කෙනෙක්මි!
අනුර පල්ලිමුල්ල හිතවතා ඇතුළු නඩයේ ගමන අළලා Travel Weekend නිමවා තියෙන වීඩියෝව ගැනය, අපේ අර ගමන ගැන කතාව ඇති වුණේ.
මට දැන ගන්නට ලැබුණු තොරතුරුවලට අනුව, මේ 2022
අවුරුද්දේ පාද යාත්‍රාවේ යෙදුණෝ 28,986කි. ඒ අපේ නඩේ 10 දෙනාත් එක්කය. ඒ ගණන්
මෙතැන ලියන්නේ, මේ වතාවේත් පිරිසේ අඩු වීමක් වෙලා නැති බව ලොවට කියන්නටත් එක්කය. 2013;
අපේ මුල්ම පාද යාත්‍රා වසරේ මේ ගමන සම්පූර්ණ කරලා
තිබ්බේ
27,630කි.
ඉක්මන්
කරමු මාමේ... සෙනඟ පිරෙන්න කලින් බෑග් ටික එගොඩට දාමු. (foto- අනුර පල්ලිමුල්ල) |
“මාමේ, මාමේ... මොකද කියන්නේ, ගහනවද ගිය සැරේ වගේ නියම කැඳ පාරක්- උදෙන්ම නැඟිටලා.
මම මුං ඇටයි, මුද්දරපලමුයි, රට ඉඳියි ගෙනාව මාමගේ කැඳ එක මතක් වෙලා.” එයාලාගේ පැදුරක
ඇලවීගත් තැනම හිඳිමින් ඉන්දික කඳ කෙලින් කරගෙනය.
“අද නෙවෙයි... හෙට විතර... කැඳකට ඕනි බඩු මාත් ගෙනාවා... දැන් නිඳියමු!”
මහන්සිය නැතත් මට නින්ද යයි! ඒත්... සමහර දේවල්
විටින්-විට දැනෙයි; පෙනෙයි; ඇහෙයි.
විදුලි පන්දම් දල්වාගෙන එකේක්කෙනා එහා-මෙහා යයි. තවත් සමහරෙක් ගිනි ගොඩවලට දර කොට
දමමින් ගිනි බෝ කරති. ඒ වන සතුන්ට බිය ඇත්තවුන්ද?
බය ඇතා-නැතා මර්විනුත්, ගවීනුත්, ජයශංඛත් ඒ කාරිය කළා වගෙය. ‘ඔයාල දෙන්නත් දර කොට
කිට්ටු කළා නේද?’ ප්‍රියන්තගෙනුත්, නමීගෙනුත් අහන්නට හිටියා නෙව... මට ඒ විත්තිය
මතක් වෙන්නෙත් දැන්ය.
ඉන්දිකගේ ලොකුම විශේෂත්වය ඒ යක්ෂයාට නින්ද යන්නෙ නැතිකමය.
එහෙම වෙන්නේ මෙහෙම ගමන්වලදී විතරක්ද... ගෙදරදීත් එහෙමද? (අපේ මර්වින් බොතේජු
උන්නැහේ කියන්නෙත් එතුමාට නින්ද ළඟා නොවෙන බවයි. හැබැයි ඒ හාදයා සැරෙන්-සැරේ
සද්දෙට ගොරවයි!)
“මාමේ... මාමේ... මම නං නැඟිට්ටා...” එදා ගිනි පාන්දර ඉන්දික බෑනා මගේ නින්ද
කැඩුවේ එහෙමය... බනින්නද? බැරිය! හොඳ චේතනාවෙන් නෙව.
මං ඇඟමැලි කඩන අතරේ ප්‍රියන්තත්, ජයාත් වතුර ළිපේ තියති.
“ඉක්මන් කරමු මාමේ... සෙනඟ පිරෙන්න කලින් බෑග් ටික එගොඩට
දාමු. බය වෙන්නෙපා. මං මාමව මෙතැනින්ම එගොඩ කරනවා. මගේ කර උඩින්ම...” ඉන්දිකගේ
උනන්දුව අපේ කට්ටියටත් බෝ වෙලාය. ගවීනුත්, මර්විනුත්, තමිරත් bags එගොඩට දමන්නට
ගිහින්ය.
22 උදේ
කුමන පිවිසුමේදී පාද යාත්‍රාවේ යෙදෙන හැම කෙනෙකුම (සුපුරුදු විදිහටම) ලියාපදිංචි
කෙරිණි. |
ඒ කඩිනම් කරවීම හින්දාම, මට ඩෙනිම් කලිසම ඇඳ ගන්නට ඉඩ
ලැබුණේ නැත; ඒකත් වුණේ හොඳකටය. සරම පිටින් ඉන්දිකගේ දෙඋර උඩ නැඟගෙන කුඹුක්කන්
ඔයෙන් එගොඩ වෙලා බලද්දී, සරමෙන් තුන් කාලකුත්- මගේ පරම්පරා කුට්ටමත් තෙමිලාය.
ඒ ඉන්දිකගේ දෙවුරෙන් එගොඩ ගොඩට නැඟ ගන්නට වලි කද්දීය. එතැන අඩි පහකටත් වඩා
ගැඹුරුය; එරෙන සුලුය; ඉවුර ලිස්සනවාත් එක්කය!
එගොඩට පය තිබ්බා විතරය.
“යං යං යං. නේවි එකෙන් ආවොත් අපිව ආපහු යවයි...” දෙතුන් දෙනෙකුම කියනවා ඇහෙන්නේ
එහෙම දේවල්ය.
‘ඉක්මනට යනවලා!’
‘ලයිස්තුව
රෙජිස්ටර් කරව ගත්තනෙ?’
ඒ අහන්නේ මෙවර කෙරුණු විශේෂ දෙයක් ගැනයි. 22 උදේ කුමන
පිවිසුමේදී පාද යාත්‍රාවේ යෙදෙන හැම කෙනෙකුම (සුපුරුදු විදිහටම) ලියාපදිංචි
කෙරිණි. එයින් පසුව ඒ ඒ කණ්ඩායමේ විස්තර ඇතුළත් කුඩා විස්තර පත්‍රිකාවක් නඩේ
නායකයාට නිකුත් කෙරිණි. “ඔය කොළේ කුඩා කැබිලිත්තෙදී ඕනි වෙයි!” කියලාත් අපව
දැනුවත් කෙරිණි.
‘කටගමුවෙන් එළියට යද්දීත් චෙක් කරනවා වෙන්නැති.’
එහෙම අලුත් සංවිධාන වැඩ කඩදාසි මත්තේ කෙරුණත්, කුඹුක්කන්
ඔයෙන් එගොඩ වුණාට පස්සේ පාද යාත්රාකරුවන් හැමෝම මුහුණ දුන්නේ එකම ගණයේ
අකරතැබ්බයකටය.
වන්දනාකරුවන් ගමන් ගන්නා මාවතේ තැනින් තැන වතුර ටැංකි
තබා, ඒවායේ ආරක්ෂාවට සෙබළුන් කිහිප දෙනෙකුත් යෙදවීම ‘පෙර සිරිත’යි!
“වෙනදට කිලෝ මීටර් දෙකෙන් දෙකට විතර තියෙන ටැංකි මේ සැරේ පහෙන් පහටවත් නැහැනෙ.”
“මිනිස්සුන්ට පිස්සු හැදෙයි. ඔය ටැංකිවලින් වතුර පුරවගන්න බලාගෙනයි දැන් කවුරුත්
එන්නෙ.”
සිරි
ලංකා කොදෙව්වේ මොන වැඩේ හරියට නොකෙරුණත්... |
ජයශංඛ අපේ ළඟ තියෙන වතුර බෝතල ටිකේ ගණන් හැදුවේය. අයස්මන්ත නිවේදනය කළේ, ළිං තුනට
යනතුරුම මේ වතුර ටිකෙන් පිරිමසාගන්නට වෙන විත්තියයි.
“මේ හරියේ වතුර තියලා නෑ කියන්නේ එහාටත් ඒ සෙතේම තමා
කියන එකයි!”
ඒ කතාව හරියටම හරිය. මඩමේතොට සිට කිලෝ මීටර් 14ක් ගෙවා ළිං තුනට එන අතරමඟ එකම
තැනකටවත් වතුර සපයා තිබ්බේ නැත.
ගෑස්- කිරිපිටි- ඩීසල්- පෙට්‍රල්- හාල් තුනපහ වගේ
පෝලිම්වල හිටිමින්, නොකා නොබී ‘ඉවසා’ පෙර පුහුණුවක් ලබා තිබීම අප කාටත් වාසියට
හිටියේය; ඒ නිරුදක මණ්ඩියෙදී, අපේ කවුරුනුත් එක වරකට වතුර උගුරු දෙකකට වඩා බිව්වේ
නැත.
සිරි ලංකා කොදෙව්වේ මොන වැඩේ හරියට නොකෙරුණත්, නිවේදන නිකුත් කිරීම නම් හරියටම කෙරෙයි! මෙතනදීත් ඒක එහෙම්මය.
‘කතරගම ඇසළ
උත්සවය සඳහා උතුරු නැඟෙනහිර සිට පාද යාත්‍රාවෙන් පැමිණෙන, බැතිමතුන්ට ආරක්ෂාව හා
ජල සම්පාදනය ඇතුළු යටිතල පහසුකම් සැපයීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස්
පරිදි රුපියල් මිලියන 2.04ක මුදලක් වෙන් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින්
සඳහන් කළේය.
පාද යාත්‍රාවෙන්
පැමිණෙන බැතිමතුන් මුහුණපාන දුෂ්කරතා පිළිබඳව මොනරාගල දිස්ත්‍රික් ලේකම් ගුණදාස
සමරසිංහ ජනාධිපතිවරයා දැනුවත් කිරීමෙන් පසු ඊට අදාළ පහසුකම් සලස්වන ලෙස උපදෙස්
ලබාදී තිබේ.
ඒ අනුව අදාළ
පහසුකම් සැපයීම ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ සිදු කරනු ඇත.
වාර්ෂිකව ඇසළ
උත්සවය නිමිත්තෙන් බැතිමතුන් තිස්දාහකට අධික පිරිසක් ඔකඳ සිට පා ගමනින් කිලෝමීටර්
90කට වැඩි දුරක් ගෙවා කතරගම පූජා භුමිය වෙත පැමිණීම අතීතයේ සිට පැවත එන්නක් වන අතර, එම ගමනේදී
ඔවුන් විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දෙන අතර ඇතැම් විට වන සතුන්ගෙන් වන ආපදාවලටද මුහුණ
දී තිබේ. මේ පිළිබඳ අවධානය යොමු කරමින් එම බැතිමතුන්ගේ ආරක්ෂාව සහ පහසුකම් සැපයීම
වෙනුවෙන් කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා අදාළ පාර්ශ්වයන්ට උපදෙස් දී ඇත.’
ඉතා
සෙමින් පාද යාත්‍රාවේ යෙදුණත්, වන්දනාකරුවන්
ගමන සඳහා වැය කරන උපරිම දින ගණන... (foto- පසිඳු බණ්ඩාර) |
එය මගේ අවධානයට යොමු කෙරෙව්වේ, පාද යාත්‍රාවේ යෙදෙමින්- අර මිලියන 2.04න් එක සතයකවත්
ප්‍රතිලාභ නොලද නමීය. (ස්තුතියි නමී!)
සඳුනි ඇයගේ වාර්තාවේ
‘අර නිවේදනය’ නිකුත් කෙරුණු දිනය කියා තිබුණේ නැත. එනිසාම මට මතු වුණු ගැටලු ගැන
හිතළු විතරය ඔබට ඉදිරිපත් කළ හැක්කේ.
1. කුමනින් පාද යාත්‍රාකරුවන්ට වනෝද්‍යානයට පිවිසීමට ඉඩ දෙන්නේ දින 14ක් ඇතුළත පමණකි.
ඒ කියන්නේ ජුලි 22 සිට අගෝස්තු 4 දක්වා.
2. ඉතා සෙමින් පාද යාත්‍රාවේ යෙදුණත්, වන්දනාකරුවන් ගමන සඳහා වැය කරන උපරිම දින
ගණන 7කි. එසේ වෙන්නේ ඔවුන් කතරගම අවසන් පෙරහරට සහභාගී වීමට වගබලා ගන්නා බැවිනි.
මෙවර අවසන් රන්දෝලි පෙරහර පැවැත්වුණේ අගෝස්තු 11 වෙනිදාය.
දැන් කරුණු සියල්ල ගණන් බලා; ගලපලා ජිග්සෝ පින්තූරය
සම්පූර්ණ කර ගැනීම ඔබටම බාර කරන්නෙමි.
මගේ නිගමනය නං මේකය: ජනාධිපති මාධ්‍ය අංශයේ
යටකී නිවේදනය නිකුත්වී; ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් ‘කෝඳුරු තෙල් හත් පට්ටයකුත්
ටිකක් හොයාගෙන’ මේ ‘වැඩ කෙරෙනකොට’ අස්සයා ඉස්තාලෙන් ගිහිං ඉවරය! එතකොට මිලියන
2.04?
ළිං තුනට අප ආවේ දොළහට විතරය. එහෙම ආවෙත්
දෙයියන්ට කියමිනි. ‘අනේ දෙයියනේ, මේ සැරෙත් තේ දන්සල තිබියං!’
තිබ්බේය! සුපුරුදු විදිහටම- පාන් විස්කෝතු හා ඖෂධීය තේ!!
සීමා මායිම් නැත- වැට කටු කොටු නැත. පාන් විස්කෝතුත්, තේත් තව ඉල්ලා ගන්නට අප
ලජ්ජා වුණේ නැත්තේ ඒකය.
“මහප්පා. ඔයාට ගෙස් කරන්න පුළුවන්ද මේ තේ
එකේ ඉන්ග්‍රීඩියන්ස් ටික?” හැම රෙද්දක්ම හොයන අනිත් දිසානායක මේ දිසානායකගෙන්
ඇහුවේය.
දැක
තිබුණු තැන නම් ලස්සනය. බාගෙට හිඳිලා තියෙන ජලාශයක තාවුල්ලේ ගස් ගොම්මනකි. ගස්
ගොම්මනේ හෙවණ යට වැලි තලාව එතැනට එන්නැයි අපට නිහඬ ආරාධනාවක්... (foto- අනුර
පල්ලිමුල්ල) |
“එනසාලුත් දැම්මලු! මම එයාලගෙන්ම අහගත්තෙ!” ජයශංඛ කියද්දී නමීත් හොට දමයි.
“නිදිට පුළුවන් නේද ගෙදරදී අපට මේ වගෙ සාම්පලයක් හදල පෙන්නන්න.”
පාන් කියා ගන්නටත් බැරි තරමට මහන්සියෙන් හිටින වෙලාවට, කඩා පනින්නටවත් නොහිතෙයි!
ළිං තුන කිව්වත්, ළිං තුනක්ම ඇතත් ඒවායේ
වතුර ඇත්තේ හොඳටම ඩිංගකි. පාද යාත්‍රාව පටන් ගන්නට දවස් දෙක-තුනකට කලින්ලු; ඒවා
අවට කටු-කොහොල් හැරලා- ළිං ඉහලා පිරිසිදු කළේ.
පාද යාත්‍රා දෙවෙනි දවසේ වෙලාත්, තවම මේ
ඉසව්වලට වතුර සපයා නැත. ‘අද දවාලට උයා ගන්නෙ කොහොමද, වතුර නැතිව...’
තේ දන්සල දෙන සර්ධාවන්ත හිතවතා, ඒ අස්සේ
තවත් සුබාරංචියක් කිව්වේ වෙනින් කාටදෝය. “ඔව් ඔව්. බත් දන්සල පටන් ගෙන තියෙන්නේ...
හැබැයි තවම උයනවා. එයාලටත් වතුර ප්‍රශ්නේ තිබ්බනෙ.”
“අපිටත් දන්සලෙන් තමයි කන්න වෙන්නේ.”
“මටත් ලේසියි...”
“අයියේ, අපි අද මෙහෙ නවතිනවද?”
“එහෙම නේද යක්ෂයො plan කරගෙන ආවේ?”
ආයෙමත් අයස්මන්ත පීරිස්ගේ කුක්කන් ගාය ඇවිස්සිලාද කොහෙදය. ඒ හාදයා හිතන්නේ ළිං
තුනේ නවතින්නේ නැතිව තව ඉස්සරහට යන්නටය.
“මෙතෙන්ටවත් වතුර ගෙනත් නැති එකේ, තව
ඉස්සරහට ගිහින්? යනවා නං කටුපිල ආරටම යන්න වෙනවනෙ මනුස්සයෝ... දවල්ටත් නොකාම යමු
කියලද කියන්නේ? එතනට ගියත් වතුර?”
“දන්සලෙන් කාලා තමයි, යනව නං යන්න වෙන්නේ.”
හිච්චිලාගේ ලකුණක්වත් නැත. එයාලා ආවේ අපට
ඉස්සර වෙලාය. “ඒ ගොල්ලොත් මෙතන නවතින්න බලාගෙනයි ආවේ!”
මගේ
කුඩා ජංගම පුටුවේ වාඩිගත් ගමන් ඉඳගෙන අදහස් කිව්වා මිස...
(foto- පසිඳු බණ්ඩාර) |
“තැනක් නං දැක්කා...”
“දැක්කා නං යමං මිනිහෝ... පේන බල-බලා ඉන්නැතුව.”
දැක තිබුණු තැන නම් ලස්සනය. බාගෙට හිඳිලා
තියෙන ජලාශයක ඉවුරයි. එහි තාවුල්ලේ ගස් ගොම්මනකි. ඒ ගසුත් රූස්ස ඒවා නොවේ. ගස්
ගොම්මනේ හෙවණ යට වැලි තලාව එතැනට එන්නැයි අපට නිහඬ ආරාධනාවක් කරන සෙයකි!
අපරාදේ කියන්නට බැරිය.
එතැනට ගිය ගමන් කාගේවත් ඇණවීමක් නැතිවම අපේ කට්ටිය වැඩට බැස්සෝය. දෙතුන් දෙනෙක්
අතු ඉපල් කඩාගෙන කොළ රොඩු අතුගා දමති. තව දෙන්නෙක් දිග රිටි දෙකකින් වැල්ල සමතලා
කරමින් ලොකු ගල් කැට අහුලා දමති.
“ඒක නං හොඳයි! ඊයේ රෑ මට නිඳා ගන්න අහු වුණේ පොඩි පැළයක් උඩ. බිමට එළන රෙද්ද තුනී
නිසා පොඩි ගල් කැටයක් තිබ්බත් දැනෙනවා.” මගේ කුඩා ජංගම පුටුවේ වාඩිගත් ගමන් ඉඳගෙන
අදහස් කිව්වා මිස, මට වෙහෙසෙන්නට වුණේ නැත.
ඒ අතරේ අතන-මෙතන හිටි උදවිය කලබලයෙන් ඈතකට
දුවනවා පෙනිණි. “වතුර බවුසරයක්ද දන්නෑ!” ඒ පැත්තට ගිය පීරිසුත්, තමිරත් ආපහු ආවේ
වතුර බෝතල් දහයක් උස්සාගෙනය.
“බෝතල් දහයයි ගන්න හම්බ වුණේ. එකක් 150/- යි.”
“පව් කියලත් හිතුණා. දෙමළ කට්ටිය ඇවිත්, වතුර බෝතල් දෙන්නෙ සල්ලිවලට කියලා දැක්කම
හැරිල යද්දී.”
“නිමල් අයියේ, දන්සැලේ තවම උයන නිසා- අපි නියම
තේ එකක් බොමු... දැන් වතුරත් තියෙනවනේ... බිස්කට් එකක් හෙම කාාාාාාලාාාාාාාා!”
“අයියා ඉන්න. අපි වතුර ළිපේ තියන්නං.” ප්‍රියන්ත
ඉස්සර වෙයි. දර ඉපල් කඩමින් ළිපේ ගිනි බෝ කරයි.
පරක්කු
වෙලා බැරිය. දැනටම අප තිදෙනාය, පිටිපස්සෙන්ම
යන්නේ. (foto- පසිඳු
බණ්ඩාර) |
හංගන්නේ මොකටද? තවමත් මගේ කෙළිලොල් නසරානිකම් හිටි ගමන් ඉස්මතු වෙයි. චානකව දුටු
ගමන්මත් එහෙම වුණේය.
“ඔයාලත් ඔතැනද ඉන්නේ?” මං චානකගෙන් ඇහුවේ, අපට කිට්ටුවෙන්ම වැතිරගෙන විවේක ගන්නා
අනෙක් නඩය දෙසට කෙලින්ම නෙත් හෙළමිනි.
ඒ අතරේම, හොරැහින් බැලුවේ පීරිස්ලා අපේ කතාවට කන් දෙනවද කියලාය.
“ඔව්. අපිත් අද මෙතැන නවතින්නයි හදන්නෙ.”
“අපි තේ හදන්නයි යන්නෙ... ඉන්නවද චානක, තේකක් බීලා යන්න.” ඒ හාදයාගෙන් අහද්දී, මට
මැවි-මැවී පෙනුණේ චානක ගියාට පස්සේ කියවෙන දේවල්ය.
මට ඕනෑ වුණේ පීරිස්ට- නෙවිල්ට හෙම බයිට් එකට ‘ප්‍රස්තුතයක්’ හරි ගස්සලා දෙන්නටය. ඒ
කට්ටියව අවුස්සන එකත් හරි ආතල් වැඩකි.
“මේ සැරෙත් මේ යකා ප්‍රේමෙන් වෙළීගෙන
වෙළීගෙන යන්න එකෙක්ව අල්ලගෙන බං.”
“බලාගෙනයි මචං. අපි අමාරුවෙන් උස්සං ආපුවා තම්බලා ඒ නඩේටත් කන්න දෙයි!” පළමුවෙනි
වතාවේ ‘චාටුකාර අරවින්ද’ත්, වරහන අසල හමුදා කඳවුරේ පිරිසකුත් නිසාය, මම ඒ කතන්දර
අහගත්තේ. දැන් චානකව අල්ලාගෙනත් ඒ සිංදු ආපහු ගැයෙනු නිසැකය.
ඊයේ බාගුරෙන් පිටත්වී ටික වේලාවකින්ම
පීරිස්ලා අපට ඉස්සර වූහ.
අව්ව වැඩි වෙලාවට මගේ ගමන් වේගය හොඳටම අඩු
වෙයි. එච්චර විතරක් නොව, එහෙම වේගය අඩු වෙන්නට තවත් හේතුවක් වෙතැයි, අපේ ජයා හොයා
ගත්තේය.
“මහප්පේ, ඔයා යන්නෙ එක පැත්තකට ඇල වෙලා වගේනෙ.”
“ඇල වෙලා?” මං කිව්වේ නැවතෙන්නේ නැතිව ඉස්සරවී යන අතරේමය. ‘පරක්කු වෙලා බැරිය.
දැනටම අප තිදෙනාය, පිටිපස්සෙන්ම යන්නේ.’
“ඒ මචං නමී... චුට්ටක් බලපං මචං මෙයා ඇවිදින
විදිහ....” චූටි පුතා නමීවත් ඈඳා ගනියි.
“පොට ගිහිං වගේ!”
මේ
ෆොටෝස් දකිනකොට ඔයාලට මොනවද හිතෙන්නේ?
(foto- කුරුළු
නිස්කලංක) |
රෝග ලක්ෂණ හොයාගත් ජයාම, ඒ වෙලාවේ හැටියට ප්‍රථමාධාරයකුත් හොයා ගත්තේය.
“මහප්පා. ඔයා දකුණු අතින් මේ රිට අල්ලගෙන
ඇවිදින්න, හිතලම කොන්ද කෙලින් තියාගන්න. අපි නැවතෙන තැනදී ඩොක්ටර් පීරිස්ගෙන්
අහමුකො. මට හිතෙන්නේ ඔයාට ස්ට්‍රෙචින් එක්සර්සයිසස් ටිකක් කරවන්න වෙයි!”
අපි එහෙම එන අතරෙයි, එයාලගෙ නඩයෙන් ඉස්සරවී
ඇවිත් රුක් හෙවණක වැතිරී හිටි දෙදෙනෙකු අපට හමු වුණේ. අපිත් එතැනම නැවතුණෙමු. ඒ
දෙන්නාම අපට සුහද සිනා පෑහ. කතාවට වැටුණාට පස්සේ, අපට ඔවුන්ගේ කෑම දෙන්නටත් සූදානම්
වූහ.
‘අපි කුඩා කැබිලිත්තෙදී හම්බ වෙයිනෙ.’ කියමිනි, අප එතැනින් පිටත්වී ආවේ. ඒත් එහෙම
වුණේ නැත. අප නැවත හමු වුණේ ළිං තුනේදීය. ‘ඉන්නවද චානක තේකක් බීලා යන්න’ කියලා මං ඇහුවේ
එතකොටය.
‘බොමු!’ කියාගෙනම චානක බිමින් වාඩි වුණේය. අපේ
අල්ලාප-සල්ලාපය අතරේදීම තේ හදන්නට උපදෙස් දෙන්නටත්, බිස්කට් පැකට්ස් තියෙන්නේ
කීවෙනි බෑගයේද වගේ දේවල් කියන්නටත් මට සිද්ධ වුණේය. “ෂඃ! ඔයා නං well ඔර්ගනයිස්ඩ්
වගේ පේන්නේ!” චානක මට කීවේ එතකොටය.
අවංකව කෙරෙන පැසසුමකට කැමති නොවෙන අයත්
ඉන්නවාද? විවේචනය රාත්තලකට වඩා ප්‍රශංසාව අවුන්සයක් වටිනවාලු නේද?
චානක කළේ එවැනි අවංක; ප්‍රශංසාත්මක අගැයීමකියි මට හිතේ.
නන්නාඳුනන තරුණයෙකු වෙනුවෙන් එබඳු ඇගයීමක් කළ
යුතුම යැයි මට සිතුණේ, මාස දෙකහමාරකට විතර ඉස්සර දවසකය.
මේ ෆොටෝස් දකිනකොට ඔයාලට මොනවද හිතෙන්නේ?
මොනවා හිතුණත් මේ ප්‍රසිද්ධ වැසිකිළියක foto කියල නං හිතෙන්නේ නැතිව ඇති. ඒත් මේ
එහෙම තැනකි. තියෙන්නේ පිටකොටුවේ මල්වත්ත පාරේ කෙළවර ඔරලෝසු කණුව කිට්ටුවය. එතැන
කොච්චර අජූවටද තිබ්බේ කියලා මාත් දැකලා තියෙනවාය. (පේව්මන්ට් එකේ රජ වෙන අවදියේ
මල්වත්ත පාර මගේ එක ජය බිමක් නෙව!) ... ඔයාට ගොඩක් ස්තුතියි සෆ්රාන්! ඒ පොදු වැසිකිළිය නියමෙට නඩත්තු කරලා, මේ
තරම් ලස්සනට- පිරිසිදුවට- ප්‍රසන්න විදිහට පවත්වාගෙන යනවට.
ඒ බව වාර්තා කරලා තිබුණු කුරුළු නිස්කලංකටත්
විශේෂ ස්තුතියක් කරන්න ඕනි! මේවා තමයි අගැයීමට වටින ප්‍රවෘත්ති.
තේ බීලා චානක පිටත්ව යනවාත් එක්කම වගේ වතුර
බවුසර් දෙකක් එනවා පෙනිණි.
අප ලැගුම් ගෙන හිටි තැන ‘සී මැදුරු කවුළුවක්’ වාගෙය. එතනට හතර අතේම සිද්ද වෙන
ඔක්කොම පෙනෙයි. බවුසර් දෙකේ සද්දය හඳුනා ගත් දමිළ බැතිමතුන් හිස් බාල්දි, බෝතල,
භාජන උස්සාගෙන race එකකය; බවුසර් එන පෙරමඟට. එක බවුසරයක් දන්සලටය. අනෙක අපටය.
ඇත්ත, ඇත්ත. පයින් එන අපි ගැන වගක්වත්
උන්ට නෑ! (foto- පසිඳු
බණ්ඩාර) |
“එහෙමය කියලා බවුසරේ වතුර ඉතුරු වුණේ නෑ. ඉවරයි!”
‘ගෙනාපු බෝතල් දහය තමයි බොන්න ගන්න වෙන්නේ... මේ බොර වතුර පෑදෙන්න කල්පයක් යයි.”
එහෙම කිව්වත්, දන්සලෙන් දවල්ට කාලා- එතන
වතුර ටැංකියෙන් වතුර බොන්න ගියාම, පෙනුණේ ඒ වතුරත් බොර විත්තියයි. අපි බොර වතුර
බිව්වෙමු.
දන්සලේ පිළියෙළ කර තිබුණේ බතක් හා එක
සාම්බරු හොද්දකි.
‘මේක හදලා තියෙන්නෙත් හෙණ අමාරුවෙන්ලු... වතුර නැතිව. එළවලු ගෙනත් තිබ්බට තාම වතුර
නැහැනේ.’ කවුදෝ බත් කන අතරේ කියයි.
‘ඒක නේන්නං. මෙහෙට්ට ගේන්න වතුර ටැංකි පුරෝගෙන තියෙනවලු. ගේන්න හමුදාවට ඩීසල්
නැහැයි කියන්නේ...’
‘උවමනාවක් නැතිකමනේ! කුමනට එනකල් වතුර දීලා තිබ්බේ. දෙමළ මිනිස්සුනෙ ඒ වැඩ කරවලා
තිබුණේ... අපේ සිංහල එවුන්...’
මගේ දන්ත කල්‍යාණය එහෙම පිටින්ම සවුත්තුවී
තිබීම නිසා, කෑම කනකොට කල්පයක් ගත වෙයි. දන්සලේදී එහෙම වෙලාව ගත වුණායින්, මට
ගොඩාරියක් දේවල්වලට කන් දෙන්නට හැකියාව ලැබුණේය.
‘කතරගම දෙයි හාමුදුරුවන්ව විකුණගෙන කාලා
ජීවත් වුණත්, නිලමෙලා- කපුවෝ- සාදුලා ඔය කොයි-කාටවත් මේවා ගැන ඇත්ත උවමනාවක්
නෑ...’
‘ඇත්ත, ඇත්ත. පයින් එන අපි ගැන වගක්වත් උන්ට නෑ.’
‘වතුර නැති නිසා දන්සලේ අද රෑට උයන්න විදිහක් නැතිලු!’ අලුත්ම ආරංචියක් අරගෙන
පැමිණි කෙනෙක් නිසා, අර විචාරාත්මක සාකච්ඡා මණ්ඩපයේ වැඩ අවසන් විණි.
“මාමේ... කනවැයි. කොයිබද නැවතුණේ? අපි ඒ අහ
මාමලටත් ඉඩක් තියාගෙනයි ඉන්නේ.” හිච්චිලාත් දන්සලෙන්ම දවල් වේල පිරිමසා ගන්නට
ඇවිදින්ය. මාවත් දැකලාය.
“දන්සල තියෙන එක හොඳට ගියා නේද මාමේ. වතුර නැතිව උයා ගන්නෙ කොහොමෙයි?”
“මටත් කල්පනා වුණේ ඒකම තමයි හිච්චි.”
“ඒක නෙවෙයි මාමේ. අපිට අර දේවාල මාමාව අල්ල ගන්න ඕනි.” බත් පිඟානත් අරගෙන එතනට ආ
ඉන්දික, මගෙන් එහෙම ඇහුවාම මට හිතුණේ ඒ මනුස්සයාට ‘නුහුගුණයක්’ කියලාය.
“දේවාල මාමා?”
“ඇයි මාමේ... අර ම... ම...”
“කවුද, මර්වින්ද?”
“අන්න හරි මාමේ. එයා තමා. ගිය සැරේ ඒ මාමා
නියමෙට පූජාව තිබ්බා. මේ සැරෙත් අං දේවාලෙට
කරන පූජාව ඒ මාමට කියල තියවා ගන්න ඕනි. කපුවෝ කැලේ ඒ මාමා එක්ක බලද්දී... මර්වින්
මාමට තියෙන්නේ කපුවෙක් වෙන්න...”
සම්පූර්ණයෙන්ම වෙනස් පලාතකත් හින්දු උත්සව දවසක නිමල් ගඟේ නාන ගමන් කෑව නේද?
ReplyDeleteරුවන්වැල්ලේ වී ඔයේදීනෙ Pra Jay ඒ. දීපාවලී දවසේ set වෙලා ගියාම ප්‍රියාල් අපිව එක්කරගෙන ගියේ. වතු දෙමල උදවියගෙ චාරිත්‍ර ටිකකුත් බලා ගත්තා මම නං. කොරෝනා ආවයින් ආයෙම එහාට යන්න බැරි වුණාට තවම දුකයි.
Deleteමම නම් එදා නනා හිටි අතරේ එයාලා එක්ක කෑම හුවමාරු කරගෙන- එයාලගේ පොංගල් බත් කෑවා. ඔයාල එව්වා කෑවේ නැද්ද?
නාන ගමන් කෑවා
Deleteකෑව ගමන් නෑවා
උඩහ උන් රීවා
ඔයේ වතුර බීවා
නිවේදන දානව, වැඩේට සල්ලි වෙන් කරනව, වැඩේ කෙරෙන් නෑ, සල්ලි ටික වියදං වෙනව. හරිම සිම්පල් ප්ලෑන් එකක්නෙ නිදි ඕක.
ReplyDeleteමොනව උනත් මේ මිනිස්සුන්ට වතුර ටික දීපු නැති එකනං කතරගම දෙයියොම බලාගන්න ඕන.
එත් පෂා පත්තරේ විත්තරේ හැටියට...... වතුර ඇතුළු අනෙක් පහසුකම් දීල.
Deleteගිය ඈයොන්ට ඒවා නොපෙනුනාවත්ද 😂😂
අර උඩ නිදි දාල තියෙන අනුර පල්ලිමුල්ලගෙ වීඩියෝ එකෙත් තියෙනව වතුර ප්‍රශ්නෙ ගැන.
Deleteවිශේෂ ස්තුතියක් ප්‍රසෝ. ඔයාගේ කමෙන්ට් එක නැත්තං මම නමීට නෙළනවා දෙකක්. ගිය ඈයොන්ට ඒවා නොපෙනුණාවත්ද කියන්නේ එයාට පෙනිලද මන්දා. එයාත් මේ ගමනට ගිහින් ඒ කට්ට කෑවනේ.
Deleteනිදි උන්නැහෑ පොට පටලංනේ... නමියා කොලුවා කීලා තින්නේ දේසපාලු උත්තමෝ සල්ලී දීලා කොරපු දේ එයා ඇතුලු වන්දනා කාරයින්ට නොපෙනුනේ ඇයි කියලානේ..
Deleteඔන්න කොමියා නමියාට ඇද්දා....
ඒව පේන්නෙ මෝඩයන්ට විතරයි කියල තමයි කියන්නෙ. හැක්..
Deleteකොමිටල් ඩ්‍රැකී, පෂා...... 🙏🙏🙏
Delete+++++++++++🙏👌
ReplyDeleteකලකට පස්සේ - වෙලකට බැස්සේ නේද?
Deleteබස්සා
Deleteබැස්සා
ලිස්සා
ගස්සා
ලිස්ස ලිස්සා
Deleteගස්ස ගස්සා
කතා නාසා
යනව බස්සා
අද උදේම මේක දැක්ක. කියවන්ඩ එන්න බැරි වුණා. ආගරපතන ගිහිං දැනුයි ආවෙ. හෙට කමෙන්ට් කරනව - කියවලාම
ReplyDeleteඅල හිටවන්න අලුතෙං ඉඩං කෑල්ලක් බලන්න වෙන්ටැ පතනය වෙන්න ඇත්තෙ.
Deleteඔය පැත්තට යන හැමෝම අලකාරයො වෙලයි නවතින්නේ, ප්‍රසන්න.
Deleteඅල ගෝනිය හිසේ තියන්
Deleteනුඹ එනවා පතනේ උඩින්
මම ආවේ හුගකලකට පස්සේ ලෙච්චමී
මගේ ලෙන්ගතුකමට ඉතින්
තනිපංගලමේ අල බහින්න වරෙන් ලෙච්චමී..
හැක් හැක්..දේවාල මාමා අපූරු නමක් වැටිලා නොවැ.
ReplyDeleteවස්ගමුවෙදී අසනීපවෙච්චි කොළොම්පුරයාට බෙහෙත් හේත් දීලා නම් පටබැදලා මඩපාරක් ගසපු මැරවින් ලොකුමහතාට ඔන්න රිටන් එකක්...
උන්දා මේවා දකින්නේ නෑ. සති දෙහෙකට කලින් යවපු මැසේජ් එකවත් තාම දැකල නෑ. ඔයාටනෙ මර්වින් 'පොල්..' අභිධානය දුන්නේ. කෝල් එකක් දීලා අහන්න පන්සල් සීයා ඉන්නවද කියලා..
Deleteමේ සියලු දේ එයාලා කියවනවා. එහෙම කරලා නොදැක්ක නොබැලුවා සේ ඉන්නවා. විශේෂයෙන් දේවාල මාමා පන්සල් සීයා.. ඔබතුමාත් අනේ රැවටෙනවා.
Deleteඋණට කොත්තමල්ලි දුන්න මා..මා
Deleteටැට්ටරේ නැගලා ගියා මා..මා
දුකට සැපට අපට හිටිය මා..මා
මාම නැතිව දේවාලේ පාලුයි මර්වින් මා..මා
පිටුපසින් ඉන්න කෙනා නොවදින්න ගත්තා නම් නිදි ලොක්කා ෂර්වුඩ් වනයේ හර්න් වාගේ අපුරු පොටෝ කෑල්ලක්.
ReplyDeleteඑහෙම කොහොමද අසංග එයාල නොපෙනී.... පෙනෙනවා නේද මගේ යාලුවන්ගේ සන්තෝසේ, මට අං තට්ටුවක් පලන්දලා.
Deleteඇට සැකිල්ල වාගේ ඔටුන්න දාගෙන රාජසභාවේ අසුන බලා
Deleteඅපේ කැකිල්ලේ රජ්ජුරුවොයි මේ ඉන්නේ ඉදපල්ලා නිශ්ෂබ්ද වෙලා..
ලොකා පාද යාත්‍රාවට ඔකඳ දේවාලෙයි ප්‍රාදේශීය සභාවයි ලෑස්ති උනේ මාස හතරකට විතර කාලෙකට ඉස්සර....ඉලක්කය 45,000 යාත්‍රිකයන්. බලපුවම ඒ දේවල් වෙලා නෑ වගේ. වෙච්ච සිද්ධිය මට හිතාගන්ඩ පුලුවන්. සරමෙන් 3/4 තෙමෙද්දි පරම්පරා කුට්ටම තෙමුනෙ කොහොමද කියල නං හිතාගන්ඩ අමාරුයි.
ReplyDeleteජලේ ගැඹුර ලොකා දන්නේ නෑ
Deleteලොකාගේ බර ඉන්දික දන්නේ නෑ
තැන තුලෙනවා කවුරුත් දන්නේ නෑ
අනේ අපිට බොරු කරන්න බෑ... ..
තුන තැලෙනව ලොකා දන්නෙත් නැත්තං ඒක භයානකයි වගේ නැද්ද අසංග.
Deleteදැනුනත් මොනවා කරන්නද කරෙන් බහින්නද? වතුරට පනින්නද? තොල හපාගෙන දත්මිටි කාගෙන ඉන්න ඇති.
Deleteපෂා, කොලොම්පූර්... දවස් දෙකක් විතර හෝදපු නැති සරමක්ද කොහිද එදා ඔය වෙලේ ඇඳන් හිටියෙ... නිදිය 😂😂
Deleteකට්ටකාඩුවේ ලොකූ. උදෙන්ම ෆෝන් කරලා, comment එකකුත් දාලා තොරතුරු දෙන එක ගැන ඉතාම ස්තුතියි. ඔකඳ දේවාලේ පැත්තෙනුයි, අම්පාර ප්‍රාදේශීය සභාවෙනුයි පහසුකම් සලසන්නේ කුඩා කැබලිත්ත තෙක් කොටසට පමණයි.
Deleteඒ කොටස අයිති වෙන්නේ කුමන ජාතික වනෝද්‍යානයට. ඒ හරියේ අඩුවෙන් වුණත් පහසුකම් සපයල තිබුණා.
කුඹුක්කන් ඔයෙන් එගොඩ වුණාට පස්සේ පාද යාත්‍රා ගමන් මඟ වැටෙන්නේ යාල block 2, block 1 හරහායි. ඒ කොටසේදී තමයි වතුරවත් නොදී තිබුණේ.
ඔබතුමාත් අම්පාරේ කමිටු රැස්වීමට සහභාගී වුණු නිසා මේ ඉල්ලීම කරන්නේ. හැකි නම් මේ අදහස ඒ කමිටුවට ඉදිරිපත් කරන්න.
පද යාත්රාකරුවන් ගමනේදී හැමදාම නාවික හමුදාවේ අය සමඟ ගැටෙනවා කුඹුක්කන් ඔයෙන් එගොඩ වෙන තැනදී, ඒ වගේම තැනක් තමයි කටුපිල ආරේදීත් හමු වෙන්නේ. හැබැයි එතන ආර පටුයි. හැම වතාවකම එතන තාවකාලික පාලමක් දානවා ආරෙන් එගොඩ වෙන්න. මේ වතාවෙත් ඒක කෙරිලා තිබුණා.
... ඒ වගේ පාලමක් මඩමේතොටදී ඉදි කරන්න බෑ වගේ, ඔය පළල නිසා. වනෝද්‍යානයක ස්ථිර ඉදි කිරීම් නොකරතත්, පාද යාත්‍රා සති දෙකේදී පවතින්නට - ඉවුරු දෙකට වැලි කොට්ට ටිකක් දැමීම එච්චර අමාරු දෙයක් නෙවෙයි නේද?
Deleteඒ ගැන අදහස අර බලධාරීන්ට දාල බලන්නකෝ.
... ඊයේ රෑ තමිරලගේ ගෙදරදී අපි පස් දෙනෙක් හමු වුණාමත් වැඩියම කතා වුණේ ගමනේ විත්ති. එතකොටත් එයාලා විසේසෙන් කිව්වා ඉන්දික සොහොයුරා මාව කරේ තියාගෙන කඟවේනා වගේ අනිත් අයව පහු කරගෙන ගිය හැටි.
Deleteඑහා ඉවුර ළඟ ගැඹුර වැඩියි. බෑවුම හරි සීග්ගරයි... එතෙන්ට ගිහින්- හා මාමේ ඉවුරට පනින්න කියලා ඉන්දික මට කිව්වා. කකුල් හිරි වැටිලා තියෙන- එච්චර වාරු ගන්න බැරි මට මොන පැනිල්ලක්ද? මගේ බරට ඉන්දිකවත් ටික ටික එරෙන්න ගනිද්දී ඒ මනුස්සයා මාව උස්සලා ඉවුරට තල්ලු කළා. දොස්තර මහත්තයලා බානිලා එහෙම තමයි මාව තලගොයා වගේ උඩට ඇදලා අරං තියෙන්නේ.
ඒ වැඩේදී මගේ උදව්ව නිල්ම නිල්. මොකද මගේ අත් දෙක උඩටම දික් කරන්නවත් බැරි නිසා... අරගොල්ලෝ අදිද්දී වුණත්, මට කෑ ගැහුණේ මගේ අත්- මගේ අත් කියලා.
ඉතිං කොහෙද මහත්තුරුනේ තැලෙන- තෙමෙන තැන් ගැන ගනිච්චියක්...
දොස්තර මහත්තයා ඊයේ රෑත් කිව්වෙ, ඉන්දිකලාටත් අපි එක්කම යන්න ලෑස්ති කර ගත්තේ ඔහොම තැන්වලදී මට ඉන්දිකගේ උදව්ව අරං දෙන්නම කියලයි. (ගිය වතාවේ ඉන්දිකත්- සුජීත් දෙන්නම මට ඔහොම උදව් වෙනවා පීරිස් මහතා දැක්කනේ.)
හිටහන් නමී, අපහාසෙට නඩුවක් දානවා.
Deleteඅඩේ නිදි මහත්තයෝ.... ගැත්තාට අනුකම්පා කොරන්ට 🙈😄
Deleteතේරෙන්නේ නැති දෙයක් මේ අහන්නේ. ඔය යන පාද යාත්‍රා යන අයට ඇයි හමුදාවෙන වතුර දෙන්න ඕනේ? ඇයි පළාත් සභා වලින් දෙන්න ඕනේ? ඕව පෞද්ගලික ගමන් නේ , දේවාල වල කපුවෝ , නිලමේ ල හොයන සල්ලි වල හැටියට ඇයි උන් ඒ පහසුකම් දෙන්නේ නැත්තේ
Deleteඒ ප්‍රශ්නෙට නං උත්තරයක් හිතා ගන්නවත් බැහැ අජිත් මහත්තයෝ. ගිය වතාවේ ලියාපු හරෝහරා posts ටිකයි, මේ වතාවේ ලියන ටිකයි එක ළඟ වෙලාවක කියෙව්වොතින් පොඩි අදහසක් ගන්න හැකි වේවි ඔයාට.
Deleteඔයා ඔය ප්‍රශ්නය අහනකොට නං මට හිතුනේ දැන් ඔයා බ්‍රිටිෂ් කෙනෙක්ම වෙලාවත්ද කියලයි.
අපේ හාමුදුරුවරුන්, කපුවන්, නිලමේවරුන් හා දේශපාලකයන් කවද්ද මොකුත් දීලා තියෙන්නේ, ලබා ගන්නවා මිසක්?
ela da BRA
ReplyDeleteඑළ! ඊළඟ වතාවේ අරටුවකුත් තියෙයි නේද... ස්තුතියි!
Deleteමේ ඊයේ පෙරේද ගිය ගමනක් වගේ. -3. වඩා වැඩි මළ-මුත්‍රා ගන්ධයන් ඉවසා දරා ගන්නට සූදානමින්.- යකඩෝ තවමත් අර ඉන්දියාවේ වන්දනා ගමන් වගේ කැලේට අල්ලනවද? ළඟම තියෙන දිය සිරාවත් ජරා කරගෙනම. 😃
ReplyDeleteඅජිත්, මේ ගමන යන්නෙ ලංකාවේ වනෝද්‍යාන තුනක් මැදින්. මම දන්නා තරමින් නම් ලංකාවේ වනෝද්‍යානවල තැනින් තැන වැසිකිලි හදල නෑ- camping සයිට්ස්වල ඇරෙන්න.
Deleteහැබැයි, පාද යාත්රාකරුවන් හැමෝම වගේ වතුර බාල්දියක් හෝ බෝතලයක් අරගෙනයි කැලේට රිංගන්නේ ශරීර කෘත්‍ය කරන්න. කුඩා කැබිලිත්තෙදී නං පාරෙන් එක පැත්තකට යන්නෙ ගැහැනු - අනෙක් පැත්තට පිරිමි. ඒ විස්තර ලිව්වේ කලින් පෝස්ටුවල.
කුමන, යාල අඩවි තුනම වියලි කලාපයේ තියෙන නිසා දිය සීරා නම් නෑ, වැහි කාලෙට වතුර පාරවල් හැදෙනවා මිස.
දැනුයි දැක්කේ තව ටිකකින් කියවන්න ඕනේ
ReplyDeleteහරෝහරා!
Delete