1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස

Monday, June 4, 2018

තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ

දස මාසයක් මව් කුසක හිට මෙලොව එළිය දකින්නේ කොහෙදීද  එහෙට කියන්නේ උපන් ගම කියලාය....
උපන් තැන අනුවනේ ගම කියන එක තීරණය වෙන්නේ. මාත් ඉතින් බදුල්ල මහ රෝහලේදී මෙලොව එළිය දුටු නිසා ආඩම්බරෙන් කියනවා 'මං ඌවේ පුත්‍රයෙක්' කියලා. කන්න ඕනේ වුණාම කබරගොයාත් තලගොයා කරගන්න න්‍යාය අනුව සමහර වෙලාවට උළුප්පන්නේ මටත් මාතරට සම්බන්ධයක් තියෙනවා කියලයි.

ඇයි, අපේ සීයා; තාත්තගේ තාත්තා මාතර හාදයෙක්නේ. (එයාව නීච කුමන්ත්‍රණේ පෝස්ටුවෙන් අඳුනා ගත්තනේ.) කොච්චර අයිඩියානන්ද කෙනෙක් වුණත් සමහර වෙලාවට එයාත් මඤ්ඤං කෙළලා තියෙනවා. (මට හිතෙන්නේ ගෑනු පරාණ සම්බන්ධ දේවල්වලදී නම් මනුස්සයාගේ මොළේ තිතටම වැඩ කරලා තියෙනවා. 'නීච...' කතන්දරෙනුත් ඒක නියමෙට ඔප්පු වෙනවා.) 

ඒ දවස්වල සීයලා ඉඳලා තියෙන්නේ නාවින්නේ.
හයිලෙවල් පාර අයිනේම ගෙදරක.

මේ කියන්නේ 50-60 දසකයේ. මං ඉපදිලාත් නැති සංදියේ වගෙයි. පාර අද්දරම නිසා ඒ ගොල්ලෝ පොඩියට කඩයකුත් කළාලු. පොඩ්ඩක් ඉන්න. මං දසනායක රත්නවතීවම ගෙන්නන්නම්. ඒක වඩා හොඳයිනේ.
 
ඒ දවස්වල ලංකාවේ කොහාට බඩු ගෙනිච්චේත් කරත්තවල............
"පුංචි වුණාට කඩේට ආදායමකුත් තිබ්බා. සීයගෙ පෙන්ෂන් එකයි, කඩේ ආදායමයි හොඳටම සෑහුනා උඹලගේ තාත්තාටත් දෙන්න. ඉතින් ඒ කාලේ දැන් වගේ ලොරි තිබ්බෙ නැහැ, කොළඹින් බඩු ගේන්න. කරත්තවලයි ගේන්නේ. අපටත් අත් කරත්තයක් තිබ්බා. හුඟ වෙලාවට සීයා තමයි ඒකත් අරන් ගිහින් කඩේට ඕනේ එළවලු, කරෝල, හාල්, තුනපහ ජාති ගේන්නේ." ආච්චි කියාගෙන යයි.

කියවුණු හැටියට නම් ආච්චිලා කවදාවත් නිකම් හිටි අය නොවේ.

සීයා රේල්ලුවේ රස්සාව කරන කාලයේත් ආච්චි දන්නා 'දහංගැට' සේරම දමමින් කීය-කීය හරි හම්බ කළාය. "දහංගැට" කියද්දී එක විඩේම හිතට එන්නේ ප්‍රෝඩාවල්ය. ඒත් ඒකෙ නියම තේරුම නම් දහම් ගැට කියනා එකය. හොඳටම ප්‍රසිද්ධ ''අම්බලමේ පිනා පිනා - වළං කදක් ගෙනා ගෙනා - ඒක බිඳපි ගොනා ගොනා - ඒකට මට හිනා හිනා" කියන කවියේ තේරුම හොයා බලන්නකෝ, නිකමට. එතකොට වැටහෙයි!

ඉතිං‍ අපේ ආච්චි කළේ නිකම් නොඉඳ යමක් උපයා ගැනීමය. එකක් බැරි වෙන කොට එකක්. එකක් නැති වෙනකොට තව එකක්.... පුළුවන් නම් එකක් නෙවෙයි දෙකක්! ඒ පුරුද්ද නම් මටත් අඩු නැතිවම උරුම වෙන්න ඇත්තේ අපේ ආච්චිගෙනි.

නින්දෙනුත් හූමිටි තියන්නට - එහෙයි කියන්නට වුණත් සමහරු දක්ෂය..........
"ඉතිං, ඉතිං ආච්චියේ?" මම ආච්චිට හූමිටි තියන්නෙමි.

"ඉතින් ළමයෝ එක දවසක් මං සීයාට සල්ලි දීලා කොළඹ යැව්වා. හාල් තුනපහයි, කඩේට එළවලුයි ගේන්න කියලා. එදා කඩේ එළවලු ඔක්කොම ඉවරවෙලා තිබ්බේ. ඔන්න හවස් වේගෙන එද්දී මේ මනුස්සයා එනවා අත් කරත්තෙත් තල්ලු කරන්. මාත් අනේ, පවුනේ කියලා කේතලේ ළිපට කරලා ඉස්සරහට ආවා බඩු ටික බාගන්න. ගෙනැත් තියෙන ඒවා දැක්කාම මට යකා නැග්ගා."

ඒ දෙන්නාගේ රණ්ඩු-සරුවල් ගැනත් මෙතනදී කියලා ඉන්න ඕනෑය. සීයාට කේන්ති ගියාම ආච්චි කරබාගෙන ඉඳියි. ආච්චිට කේන්ති ගියාම සීයා ඉන්නෙත් එහෙමය.

තරුණ කාලේ අපේ සීයා වෙනත් අංගනාවන් එක්ක පැටළුණාට අපි දන්නා සංදියේ නම් ආච්චිට හොඳටම ආදරේ කළේය. සීයා මැරෙන තුරුමත් ආච්චිට ලංකාවේ හදන සබන් ඇඟේ ගාන්නට සැලැස්සුවේ නැත. පෙන්ෂන් එක ගන්නා දවසට සීයා 'කියුටිකිරා' සබන් කැට ටිකක් නොවරදවාම ගෙනෙයි. ඒ ආච්චිටය.

ගෙදර මොනවා තිබ්බත් සීයාට කඩෙන් තේ එකක් නොබී බැරිය. ඒක බොන්නේත් වඩයක්, හැලපයක්, විස්කිරිඤ්ඤ එකක් හෝ රෝස්පාන් එකක් කාලාය. ඔහු මොනවා කෑවත් ඒ ජාතියෙන්ම එකක් ඔතාගෙන ආච්චිට ගෙදර ගෙනෙයි.
"කඩේට පූරුව ආත්මේ ණයක් ගෙවනවද මන්දා." කියමින් බැන්නත් හැමදාම උදේට සීයාට තේ බොන්න යන ගමනට ඕනෑ සල්ලි දෙන්නත් ආච්චි පැකිළෙන්නේ නැත. අත-මිට හිඟ දවසට සීයා ඔතාගෙන එන්නේ එයා කන්නට ගත් දෙයින් බාගයකි.

මට කලින් ආච්චි මළොත්, මළගමෙන් පස්සේ මගේ ගැන හොයන්න එපා!
"ඔහෙට ඉස්සෙල්ලා මං මැරෙන්න ඕනේ. බැරි වෙලාවත් මට ඉස්සෙල්ලා ආච්චි මළොත්.... මිනිය වළ දැම්මට පස්සේ මං ගැන හොයන්න එපා ළමයිනේ." ඔහු අපට කියා තිබුණේය.

'ඔය මනුස්සයා කිව්වා වගේම කරයි. එයාට ඉස්සෙල්ලා යන්න ලැබුණොත් තමයි හොඳ."
ආච්චිත් ප්‍රාර්ථනා කළේ එහෙමය. එවන් ගේහසිත ප්‍රේමයක් තිබ්බත් දෙන්නාම රතු කට්ට පන්නාගත් තැනුත් තිබිණ.

'උඹලගේ සීයා හරි ලජ්ජකාරයා. දවසක් මොකක්ද එකකට මගෙත් එක්ක හොඳටම තරහ ගිහින් ගෙදර තිබ්බ පිඟන් කෝප්ප සේරම උස්සගෙන ආවා සාලෙට. (ඒ දවස්වල ඔවුන් සිටියේ රේල්වේ ක්වාර්ටර්ස්වලලු. ඒ ගෙවල් තිබුණේ එකකට එකක් ඈඳුණු පේළියක් ලෙසටය.) මේ මිනිහා අල්ලපු ගෙදරට සද්දේ ඇහෙයි කියන බයට, ගෝනියක් තෙමලා අරන් පිඟාන ගානේ බින්දා තෙත ගෝනියෙන් වහලා."

"මොකක්ද ආච්චියෙ ඒ වැඩේ?"

"ඒකනෙ කියන්නේ ළමයෝ. ඔන්න එක පිඟානක් ගන්නවා. බිමින් තියනවා. ඒක අර තෙත ගෝනියෙන් වහනවා. ඒක උඩ නැඟලා පිඟාන කඩනවා. ඊට පස්සේ තව එකක්...."

"මහ මෝඩ වැඩක්නේ ආච්චියේ. එපා කිව්වේ නැද්ද?''

"මං මොකටද එපා කියන්නේ. එයාම එපැයි ආයෙමත් ගෙදරට පිඟන් කෝප්ප ගේන්න ඕනේ. දෙපාරයි එයාට ඇති පදම් කඩන්න දුන්නේ. එයාම ඒ වැඩේ අත ඇරියා. එහෙම මොට්ට වැඩක් තමයි එදා කොළඹ ගිහිල්ලාත් කරගෙන ආවේ! ඉතින් මට යක්ෂයා ආරූඪ වුණා. මොනවද මිනිහෝ මේ ගෙනැත් තියෙන්නේ? මං ඇහුවා. කටේ සද්දෙන්ම මිනිහට තේරුණා මොකාක් හරි වැරැදිලා තමයි කියලා."

උඹට මෙව්වනේ විකුණන්න බැරි කියලා භූමිතෙල් කෑන් එක පතෝලවලට වක්කරන්න පටන් ..........
"ඇයි, මොකෝ?"

"හැයි, ලජ්ජා නැතිව අහනවනේ අම්ම්ම්ම්මාපල්. ඇයි යකඩෝ කෝ එළවලු?

"මං එහෙම ඇහුවම මේ මනුස්සයා කරත්තෙන් බාගයක්ම පිරෙන්න තිබුණු පතෝල තොගේ පෙන්නුවා. තොග කඩයේ මිනිහා කිව්වලු පතෝල නම් හරිම ලාබයි අද- ගෙනිච්චොත් හොඳ ගානක් තියාගෙන විකුන්නහැකි කියලා.
මහ කට්ටයෙක් වෙන්නැති, මේ මනුස්සයාගේ නෝන්ජල් විදිය දැකලා පතෝල තොගයක් කරේ ගහලා. ඇයි ළමයෝ.... ඔය ලෙඩ එළවලු හැමෝම ගෙනියනවද?

-මං බැණගෙන බැණගෙන ගියා. එක බඩුවක්වත් බාගත්තෙත් නෑ.

-මෙන්න බොලේ හිටි ගමන් මේ මනුස්සයා නැඟිට්ටා. භූමිතෙල් ටින් එක ගත්තා. කරත්තේ ළඟට ගියා. උඹට මෙව්වනේ විකුණන්න බැරි කියලා කිය-කියා පතෝලවලට භූමිතෙල් ඉහින්න ගත්තා. මට තවත් තරහයි. මාත් එතනට දුවලා ටින් එක උදුරලා අරන් උඹලගේ සීයාගේ ඇඟට භූමිතෙල් වක්කරා.
එතකොට නම් සීයා අන්ද-මන්ද වුණා.
අද තමුසෙටත් ගිනි තියලා මටත් ගිනි තියාගන්නවා, කෝ මේ ගිනි පෙට්ටිය කියාගෙන මං ගෙට දිව්වා. මං ගිනි පෙට්ටිය අරන් එනකොට ඒ මනුස්සයා ගව්වක් විතර ඈතට දුවලත් ඉවරයි!"

ඇබිත්තයෝ හතර දිග් බාගෙම ඉන්න බල්ලන්ව බැඳගෙන ඇවිත්, කුක්කුර දානෙට........ 
එදා දිසානායක හේවගේ චාර්ල්ස්ගේ තන්වැසි නුවණට මොනවා වුණාද? මම අදටත් සිතමි. දකුණේ වුණත්, අමු කැළේ වුණත් සීයාත් මෝඩයා වුණු හැටි. ඕක මොකක්ද, සංඝරාජ මා හිමියන් එක්ක බලද්දී.

ඒ කිව්වේ වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හිමිපාණන් ගැනයි. උන්වහන්සේට බලු දානයක් දෙන්න පින් සිතුවිල්ලක් පහළ වෙලා. ඇබිත්තයන්ව හතර දිග භාගේටම පිටත්කරලා ඇරලා අහුවෙන, අහුවෙන කුක්කුරයන්ව බැඳගෙන පන්සලට ගේන්න. ගෙනෙන-ගෙනෙන බල්ලාව ගස් බැඳලා. බල්ලන්ට ඉතින් අද ඉන්න සමහරු වගේ තමන්ම ගස් බැඳගන්න බැහැනේ. දැන් බල්ලන් පනහක් හැටක් විතර පන්සලේ.

ඒ අස්සේ තව කට්ටියක් හොඳ රසට-සුවඳට බත් මාළු-පිනි සූදානම් කරලා, සුනඛ භෝජනෝත්සවයට.

"හා, දැන් ටිකක් ඈතින් ඈතින් පත් කොළ එළලා එව්වාට බත් මාළු-පිනි බෙදනවා හොඳයි!" සරණංකර උන්නාන්සේ ගෝලයොන්ට කිව්වා. එයාලත් එහෙම කළා. ඊළඟට නායක හාමුදුරුවෝ කියාපු ගමන්ම ගස් බැඳලා හිටි බල්ලන්ව ලෙහුවා.

'සඟ රජ වුණාට ගම තුම්පනේ නොවැ' කියලා රජ්ජුරුවන්ට කියවිලා, බල්ලෝ කාගන්න පටන් ගත්තම........
ඒ පර බල්ලොත් උන්ගෙ බලු ගතිය පෙන්නලා එකම බත් පතට හත්-අට දෙනා පොරකාගන්න පටන් ගත්තා. එකාට එක ගණනේ ඇති පදම් කෑම තියෙද්දිත් බල්ලෝ කා-කොටාගන්න සද්දේ ඇහිලා රජ්ජුරුවෝ සීමැදුරු කවුළුවෙන් එබී බලලා ඇහුවලු මොකක්ද මේ බලු කරච්චලේ කියලා. අද වගේමයි එදාත්. ඇමතියෙක් අතිනුත් දාලා සිද්ධිය කියලා.

ඒක අහපු රජතුමාට කියැවුණාලු "සඟරජ වුණත් ගම තුම්පනේනේ"කියලා.

ඔය කතන්දර දෙකම කිව්වේ මගේ ගොන්කමක් ගැන කියන්න කලින්, ඒක සාධාරණීකරණය කරගන්න වගේ. සමහරුන් මට කියනවා "නිමල්ට වරදින්නේ නැහැනේ" කියලා. මම නම් කවදාවත් එහෙම කියන්නේ නෑ. මොකද "කාහටත් වරදී - ඉන් දොස් කීම වැරදී - මාහට නොවරදී - කියන අයහට නිතර වරදී" කියන ආප්තෝපදේශය මං හිස්මුදුනෙන්ම පිළිගන්න නිසා.
මට පුළුවන් මගේ ගොන්කම් වුණත් අනෙක් අයට කියලා හොඳට හිනා කන්න!

අර අසරණ ළමයි හැමදාමත් පෝසත් ළමයින්ට සුබ පතලා 'හැපී බර්ත් ඩේ ටූ යූ!' කියලා ........
අපේ ගෙවල් ළඟ තියෙනවා 'ලංකා ළමාරක්ෂක සංගමයෙන්' පාලනය වන පිරිමි ළමා නිවාසයක්.
සාමාන්‍යයෙන් ළමයි තිහ-හතළිහක් තමා උපරිමයෙන් ඉන්න දවසක වුණත් ඉන්නේ. හුඟක් ඇති-පැති ඇත්තෝ එයාලගේ හුරතල් පැංචෝ-පැංචියෝ උපන් දවසට එහෙට එනවා. කෑම-බීම-තෑගි එහෙම අරන්.

ඒ ආවාම අර අසරණ ළමයි සේරම එකතුවෙලා අර හුරතලුන්ට -හැපි බර්ත්ඩේ ටු යූ- සිංදුව කියනවාත්  මට ඇහෙනවා. මට නම් ඒක හරිම අමානුෂිකවයි දැනෙන්නේ. කවදාවත් කවුරුන්වත් ළමා නිවාසයේ ඉන්න ළමුන්ගේ උපන් දින සමරන්න එන්නේ නැහැනේ.

ඒ අහිංසකයන්ට ඒක අඩුවක් විදියට දැනෙන්නැද්ද?
ඉතින් මටත් හිතුණා ඒ ළමයින්ට සරුංගල් සංග්‍රහයක් කරන්න.

මං කවදාවත් සරුංගලයක් උඩ ඇරලා නැති කෙනෙක්.
ඒකට ආසා කරන කාලෙදී අපට සල්ලි තිබ්බෙ නෑ.
අවුරුදු දොළහේ ඉඳන් දිගටම ඉස්කොලේටයි, පේව්මන්ට් එකටයි (විස්තර ඕනෙම නම් -පේව්මන්ට් එකේ රජ වී- පෝස්ටු බලන්නකෝ, තරහ නැතිව.) දවස ගෙවෙද්දී සල්ලි තිබුණත් වෙලාව තිබුන්නෑ.
ඔය සාංකාව නැති වෙනවට බයේද කොහෙද මං ලොකු වුණාම සල්ලියි, වෙලාවයි දෙකම තිබ්බත් සරුංගලයක් හදලත් නෑ. ඇරලත් නෑ. 

අද වෙනකල් සරුංගලයක් හදනවා තියා උඩ ඇරලාවත් නැති මං.....
ඉතින් මං මගේ දොළදුක නෙවිල්ටයි, අපේ සුනිල්ටයි කිව්වා.
ඒ දෙන්නාම උදව් වෙන්න ලෑස්ති වුණා.
ළමා නිවාසයේ සර්ගෙන් ගණන අහගෙන, එක ළමයාට එක සරුංගලය ගණනේ වැටෙන්න සරුංගල් හැදුවා, සුනිල්ලා. එක්කෙනාට එක බැගින් නූල් පන්දුත් පිළියෙළ කරගත්තා.

සේරම සරුංගල් හදලා ඉවර වෙලයි ඒවා ළමයින්ට දුන්නේ. අනේ, ඒ අහිංසකයන්ගේ මූණුවල තිබ්බ සන්තෝසේ....! අපිත් හරියට සතුටු වුණා , ඒ හිනා මල් දැකලා. 

විනාඩි දහයක් ගියේ නෑ."මාමේ, මාමේ, සරුංගල් මාමේ...." කවුද පොඩි එකෙක් මොර දෙනවා ඇහිලා මං දොරකඩට ගියා. ළමා නිවාසේ තාප්පෙට උඩින් පුංචි එකෙක් එබීගෙන ඉන්නවා, එල්ලාගත් මූණකින්. මාව දැක්කා විතරයි පොඩි එකා මොර දුන්නා.

"අනේ මාමේ, අර අයියගේ සරුංගලේ කඩාගෙන ගියාම එයා මගේ එක උදුරගත්තා."
එයාට කට පියාගන්නවත් හම්බ වුණේ නෑ.
තව  එක්කෙනෙක් තාප්පෙට බඩගෑවා. ''මගේ සරුංගලේ ගහක පැටලිලා ඉරුණා!"

කියන්න ලැජ්ජයි එදා මට වෙච්ච පැටලිල්ල. අර පොඩි එවුන් සනසන්නත් ඕනේ. සුනිලුත් ගෙදර ගිහින්. නෙවිල්ටයි කර ගහන්න වුණේ, මං දන්නා සරුංගල් හැදිල්ලක් නැහැනේ!
 
මුල් පැමිණිලි කීපයට කාරුණික ප්‍රතිචාර දක්වන්න වෙනකොටම නෙවිල්ට මළ පැන්නා.....
 මුල්ම පැමිණිලි කීපයට ප්‍රතිචාර දක්වනකොටම නෙවිල්ගේත් මළ පැන්නා.

"තමුසෙටත් නිකං ඉන්න බැරිවට දාගන්න ලෙඩ. ඇයි හලෝ, කරන මඟුලක් කරගන්නවකෝ තමන්ට පුළුවන් විදියට."

නෙවිල්ගේ මැසිවිලි සේරම අහගෙන හිටියත්, ළමා නිවාසයේ ළමයින්ගෙන් කාලක් විතරම තාප්පයේ උඩට වෙලා කරන නිරන්තර ඉල්ලීම් වැඩි වෙන්න ගත්තාම මම දොර ජනෙල් සේරම වහදාලා මගේම ගෙයි හිරකාරයෙක් වුණා, දවස් තුන-හතරක් යනකල්ම෴

2 comments:

  1. ආපහු පාරක් සෙට් උනොත් ඔය ළමා නිවාසෙට තියෙන අඩු පාඩු මොනවා හරි දෙන්න බලමු, නැතිනම් ඉතිං කනව බොනව විතරනෙ :)

    කියන්න ලැජ්ජයි සරුංගල් යවල තිබ්බට මාත් හදන්න දන්නෙ නැහැ ... නෑ හදලත් තියෙනව .. උඩ යන්නෙ නෑ :)

    ReplyDelete
    Replies
    1. කණ්ඩා, මටත් පින්, ඔයාට යහපත් හිතක් පහළ කෙරෙව්වට!

      Delete