ඔව්! ඒ යටි අරමුණ තව දුරටත් පාඨක ඔබට සැඟවීම අසාධාරණය. එබැවින් කියන්නෙමි; තරමක විළියකින් යුතුව වුවද එය ඔබට හෙළි කරන්නෙමි! යි කියමිනි, මා ‘තිස් එකේදී 5 වෙනි කොටස’ අවසන් කළේ.
යටි අරමුණ! කාටවත්ම
නොකියා හංගා ගෙන හිටි අරමුණ!! ඒ අරමුණ මගේ හිතේ ජනිත කරවන්නට පදනම දැමූ හිතවතා
සංජේවත් ඒ බැව් දැනගෙන සිටියේ නැත. ‘ලිංගික සැත්කම’ක් ගැන සිතිවිල්ලක් මුලින්ම මගේ
හිතේ පිළිසිඳ ගත්තේ සංජේ ගෙනවුත් දුන් පොත නිසාය. පොත ‘මට
වෙච්ච දේ’ය.
පිරිමියෙකු ලෙස උපන් තිලකපාල කිතුල්ගලට ඔපරේෂන් එකක් මඟින් සාර්ථකව ‘තිලකා
කිතුල්ගල’ වෙන්නට පුළුවන් වුණා නම්... නිමල් දිසානායකට නිමාලි දිසානායක විය
නොහැක්කේ ඇයි?
ඇත්තමයි යකෝ, උඹට තියෙන්නේ හොඳ
දොස්තර කෙනෙක්ව අල්ලලා xයය කපල අයින් කරවලා xත්තක්... |
මේ වෙද්දී චීනයට වැඩියෙන් ඇමෙරිකාව- එංගලන්තය වගේ රටවල වෛද්‍ය විද්‍යාවත් කොච්චර
දියුණු වෙලා ඇද්ද? ඉතිං, මට තියෙන්නේ ඩැඩාගේ උදව්වත් ඉල්ලගෙන ඒ පුංචි ඔපරේෂන් එක
කරවා ගැනීමය. අම්මලා අපට එංගලන්තයට ඇවිත් යන්නැයි කිව්වාම, මගේ ඔළුවේ වැඩ කළේ ඔහොම
තකතිරු කල්පනාවල්ය.
ඇත්තය! 1985 සිට අවුරුදු
38ක් ගත වුණාට පස්සෙය; අදය, මං වහන්සේ බක පණ්ඩිතයා වගේ ‘තකතිරු’ විශේෂණය
‘කල්පනාවල්’ වචනයට ඉස්සරහින් යොදන්නේ. එය සාධාරණ නැත. එදා සිද්ද වුණු දේවල් ගැන
ලියද්දී- එදා මගේ මනෝ භාවයන් කෙසේ වෙන්නට ඇතිදැයි මතකයට නඟාගත යුතුය.
එතකොට නම් මගේ මතකයට
ඉස්සෙල්ලාම එන්නේ, පියසිරි එයාගේ නොසරුප් බසින් මේ සැත්කම ගැන කියූ දේවල්ය. මේ ඒ
ගැන ‘තිහේදී
10 කොටසින්’ මා ලියූ අයුරුයි:
“ඇත්තමයි යකෝ, උඹට තියෙන්නේ
හොඳ දොස්තර කෙනෙක්ව අල්ලලා xයය කපල අයින් කරවලා xත්තක් හයි
කරවගන්න. දැන් පිටරටවල එහෙම ඔපරේෂන් කෙරෙනවලු බට්ටො.” පියසිරි රති
විරාමයකින් පස්සේ කීවේය.
“ඔපරේෂන් එකක්...” මමත් හූමිටි තිබ්බෙමි.
“ඔව් xත්තෝ! අපේ office එකේ කට්ටියක්
කතා වෙනකොට ඇහුණේ...” පියසිරි උනන්දුවෙනි. “කොහොම හරි
එහෙම වැඩක් කරවගන්න පුළුවන් නං උඹට බේරිල්ලක් වෙන එකක් නං නෑ බට්ටො.” පියසිරි
කිව්වේ මහා ප්‍රශංසාවක් කරන විදිහටය.’
ජනනේන්ද්‍රිය වෙනස් කරවා ගැනීම එතරම්ම සිල්ලර දෙයක්
හැටියටය, පියසිරිගේත් මගේත් මොට්ට ඔළුවල එදා තිබ්බේ.
ඒ ඉලක්කයට යාමේදී මතු වෙන්නට හැකි ලොකුම බාධකය විදිහට මං
ගණන් බලා තිබුණේ ‘භාෂාව’යි. ‘මෙහෙම දෙයකට උදව් වෙන්නැයි’ ඩැඩාට කියන්නට තරම් හසල
ඉංග්‍රීසි දැනුමක් මට නැත. විශේෂයෙන්ම කතා කරද්දී... අමාරුවෙන් හරි ගැට ගහගෙන ලියා
ගන්නට නං බැරි වෙන එකක් නැත. ඒත් එහෙම ලියලා දුන්නත්, ඩැඩා අහන්නට ඉඩ තිබෙන හරස්
ප්‍රශ්නවලට උත්තරත් ලියන්නද...
ඉස්පිරිතාලයකදී දොස්තර මහත්තුරුන් එක්කත් ඉංග්‍රීසියෙන් නේද කතා කරන්න වෙන්නේ.
එතකොට?
එයාලව වෙනස් කරන්ඩ තටමන්නේ නැතිව උඹ වෙනස් වෙයං! |
කී දවසක්- කී පාරක් නං ඩැඩාට කිව්වද ‘මං නිමොල් නෙවෙයි- නිමල්’ය කියලා. ඒත් මෙච්චර
දවසක් ගිහිනුත් එයා මට කතා කරන්නෙම නිමොල් කියමිනි!
‘කන්ද මහම්මත්තුමාගේ ළඟට එන්නෙ නැත්නං මහම්මත්තුමා කන්ද
ළඟට යනවයි කියනවනේ. එයාලව වෙනස් කරන්ඩ තටම-තටමා ඉන්නෙ නැතිව උඹ වෙනස් වෙයං, නිදි;
උඹ ඉස්සෙල්ලම ඉංගිරිස් ඉගෙනගෙන, ඊළඟට මෙහෙ ඉංග්‍රීසි ඉගෙන ගනිංකො.’
ඉතිං, මම මටම කීකරු වෙන්නට අදිටන් කර ගත්තෙමි. ‘පැය විසි හතරේම මහන්සි වෙලා හරි
කමක් නෑ, ඉක්මනටම...’ හිතන එක නං ලේසිය; කෙරුවාවය අමාරු.
අමාරුවෙන් හරි එහෙම කරන්නට හිතාගෙන හිටියේ පළමුවෙනි දවස්
දෙක-තුන පහු වුණහමය.
“ලොකූ, couple of days යයි ඔයාලගේ body clocks ඇජෙස්ට් වෙන්න. එතකල් ටිකක්
වැඩියෙන් rest කළාම හරි.” අවේලාවේ නිඳිමතක් දැනීමත්, රෑට නින්ද නොයාමත් ගැන මං
කෙඳිරි ගෑවාමය; සමන්ති නංගී මට එහෙම තේරුම් කර දුන්නේ.
“ඔයා දන්නවද ලොකූ. දැන් අපි ඉන්නේ ලංකාවේ වේලාවෙන් නං 5 hours විතර පස්සෙන්. අපේ
ඇඟ ඇතුළෙත් එක විදිහක ඔරලෝසුවක් තියෙනවලු, ලොකා. අපි දන්නේ නැතුවම අපි ඒකට හැඩ
ගැහිලලු තියෙන්නේ. ප්ලේන් එකෙන් ඉක්මනටම මෙහෙට ආවට, ඒ සිස්ටම් එක වෙනස් වෙන්න
පොඩ්ඩක් time ගන්නවලු. ඔටෝමැටිකලි ඒක හරි යයි...”
ඒ පිට දමලාය, මං වහන්සේ කම්මැලිකමට ඒ අමාරු රාජකාරිය කල්
දමමින් හිටියේ. කම්මැලියාට දිවැස් තියෙනවාය කියන්නෙත් නිකං නෙවෙයිනෙ!
‘SSC පන්තියේදී බුද්ධාගම පාඩමට ‘සිඟාලෝවාද සූත්තරේ’ ඉගෙන
ගනිද්දීත්, උඹ පිරිහීමේ ලක්ෂණ ඉගෙන ගත්තා නේද නිදි?’
-ඉගෙන ගත්ත නේන්නං. කට පාඩම් කළා. ඒකනෙ O/L විභාගෙදී බුද්ධාගමටත් D එකක් හම්බ වුණේ.
විශ්වාස නැත්තං මෙන්න පොතේ තිබිච්ච හැටි:
‘දැන් උදෑසන වැඩි යැයි සිතා වැඩ කල් දැමීම, දැන් සවස් වැඩි යැයි
සිතා වැඩ කල් දැමීම, දැන් සීතල වැඩි යැයි සිතා වැඩ කල් දැමීම, දැන් උෂ්ණ
වැඩි යැයි සිතා වැඩ කල් දැමීම, දැන් කුසගිනි වැඩි යැයි සිතා වැඩ කල් දැමීම, දැන් කුස
පිරුණා වැඩි යැයි සිතා වැඩ කල් දැමීම.’
ඔහොම කෙස් පලන තර්ක- විතර්කවලට මැදි වෙලා හිටිද්දීය... |
-එහෙම වෙන්න නේද අපිට උගන්නල තියෙන්නේ. ලංකාවේ වැඩි දෙනෙක් එහෙම නේද කරන්නෙත්... ඉතිං...
නිමල් දිසානායක ඔහොම කෙස් පලන තර්ක- විතර්කවලට මැදි
වෙලා හිටිද්දීය, රෝයි අංකල් අන්නාත් එක්ක ආපහු ආවේ. අනිල්ට කැරියර් සර්විස් එකේ
රස්සාව හරි ගිහින්ය!
“අනිල්, දවසක්වත් ගෙදර ඉන්න හදන්න නං එපා! ලංකාවේදී තමයි
යන්තං වැස්සකටත් අපි වැඩට නොයා ගෙදර ඉන්නේ. මෙහෙ මිනිස්සු වැස්සත්, සීතලේ ගල්
ගැහුණත්, හිම වැටුණත් වැඩ කරන දවසක නං වැඩට යනවා... වැඩ කරන වෙලාවෙත් හරියට ජොබ්
එක කරනවා. අයිස් ගැහිලි නෑ!” රෝයි අංකල් අන්නාව ගෙනැත් බැස්සුවා මදිවාට, අවවාද
ගොඩකුත් වැපිරුවේය.
“අනෙක අනිල්, ඔන්න වැඩට යන්න පරක්කු වෙන්නත් එපා. Train
එක පරක්කු වුණා, bus එක late වුණා වගේ සිලි එක්ස්කියුසස් මෙහෙට හරි යන්නෙ නෑ. මෙහෙ
බස්, කෝච්චි සේරම වෙලාවට දුවනවා. මගෙ නමත් නොකා...
උඹ කම්මැලි නැතුව, හොර බොරු නැතුව උඹේ duty එක කළොත් මේ මාස හයම උඹට ඔය පකියා* ළඟම
රස්සාව තියෙයි!”
(*පකියා කිව්වේ පකිස්තාන ජාතිකයෙකුට බව මං දැන ගත්තේ පස්සෙය.)
හොර බොරු නැතිව...
එහෙම කියද්දී මට මතක් වුණේ ‘නාටු නාටු’ය. නාටු නාටු චිත්‍රපට ගීතයකි. RRR ෆිලුමේ
එන ඒ ගීතය ජාත්‍යන්තර පැසසුම් හා සම්මාන කීපයක්ම දිනා ගත්තාය කියන එක දැන් පරණ ප්‍රවෘත්තියකි.
2023 ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම ස්වතන්ත්‍ර ගීතය විදිහටත් එය සම්මානයට පාත්‍ර
විණි. ඒ ගැන මතක් කරන්න හිතුණේ නිකංම- නිකං නොවේ. ඒ වෙනුවෙන් දරලා තිබුණු වෙහෙසේ
තරම නිසාය!
මගේ මුහුණු පොතේ මිතුරියක වෙන නිලක්ෂි බණ්ඩාරගේ වෝලයේ තිබුණු
සටහනකිනුයි, මං මේ විස්තරය දැක්කේ.
Rise (පිබිදීම), Roar (ඝර්ජනාව),
Revolt (කැරැල්ල)
යන වචනවල කෙටි යෙදුම වන RRR යනු... |
Rise (පිබිදීම), Roar (ඝර්ජනාව), Revolt (කැරැල්ල) යන වචනවල කෙටි යෙදුම වන RRR යනු ඉන්දියාවේ බ්‍රිතාන්‍ය
පාලනයට එරෙහි ව සටන් කරන විප්ලවවාදීන් දෙදෙනෙකුගේ කතාව පැවසෙන ඓතිහාසික
ෆැන්ටසියකි. විශ්මයජනක වීර ක්‍රියාදාම චිත්‍රපට ඉන්දියාවේ වැඩිම
මිලක් ඇති චිත්‍රපටවලින් එකකි.
(මෙම) ගීතය, දිනකට පැය 12ක් වැඩ කරමින් නර්තන ශිල්පීන්
150ක් හා කාර්‍යමණ්ඩලයේ 200ක් සමඟින් දින 15ක් පුරා රූගත කරන ලදි.’
ඒ
කියන්නේ මිනිස් පැය 12 x 150 x 200 x 15 =
.... ඔයාලම නිකමට ගණන හදලා බලන්නකො, උත්තරේ කීයද කියලා. එතකොට තමයි
හිතෙන්නේ හොඳ දෙයක් කරන්නට දැරිය යුතු වෙහෙස- මහන්සිය ගැන. කරන වැඩකට අවංක වීමේ අගේ!
එහෙම කෙරුණු වැඩක්, මෙහෙම සම්මානිත වීම අරුමයකුත් නොවෙයිනෙ.
ඉතිං,
මාත් ෆුල් ඩම් දාලා; දත කාගෙන; වැඩේට බහින්නට හිතා ගත්තෙමි. ‘හෙට ඉඳලා උදේ
වරුවට ගෙදර ඉතිරි වෙන්න යන්නෙත් ඩැඩායි මායි විතරයිනෙ! ඩික්ෂනරියත් අරං වාඩි වුණාම-
අම්මෙ මුත්තෙ කිව්වත් පුටුවෙන් නැඟිටින්නෙ නෑ නෑ නෑමයි!!’
හිතා ගැනිල්ල නං ලේසිය; අමාරු කරන එකය.
වැඩට යන අපේ අම්මා
උදේ පාන්දර හතරහමාරට විතර ගෙදරින් පිටවෙයි. “ මෙහෙමත් මෝඩ ගෑනියෙක්! පැය හයක් විතර
වැඩ කරන්න, ලීලාට බස් එකේ යන්නම පැය දෙකක් විතර යනවා. බනාසේලාටත් මේ ගෑනිව නැතිව
බෑලු... බ්ලඩි ඉන්දියන්ස්! බොරුකාරයෝ.” ඩැඩා
දැරුවේ එහෙම මතයකි.
“එයා කිව්වට මොකෝ, මිස්ටර් බනාසේලා වගේ ගෙවන කෙනෙක් කිට්ටුවෙන් හොයා ගන්නයැ? පස්සේ
දවසක මම රංජිව එක්ක යන්නංකො එහාට.” ඒ අම්මාගේ මතයයි!
සමන්ති,
දීපාල්, දීපානි තුන් දෙනාත් උදෙන්ම පාසල් යති. අන්නා ඊළඟට... ඩැඩා ඇහැරෙන්නේ නවයත්
පහු වෙලා වගේය. ඉතිං, මට ඉංග්‍රීසියට කැප වෙන්නට පුළුවනිය.
උදේ වරුවේ මට බාධාවක් වෙතොත් වෙන්නේ ෆෝන් එකෙන් විතරකි.
චීස් උණු වෙලා යන්තං බුබුළු දානකොට තමයි, ඩැඩාගේ පදම. |
“බඩගිනි හැදෙයිද රංජි. දවසෙන් වැඩි හරියක්ම හාන්සි වෙලා, ලෝකෙම තියෙන news අහන
රාජකාරිය විතරයිනේ එයා කරන්නේ- කෝපි බිබී. කිරිවලින්ම හදන කෝපි පහ හයක් දවසකදි ඩැඩාට
පෙවෙනවනෙ... ඒ මදැයි, වෙන කෑම ඕනියැ, ඉතිං. එව්වත් යන්නෙ බඩටමනේ.” ඒ අපේ අම්මාගේ
මතයයි.
“... ඒ වුණාට දවස් දෙක-තුනකට වතාවක්වත් එයාට පාන් රෝස්ට්
කරලත් ඕනි, ඉස්සර නං. මතකයි නේද, ඕනි වුණොත් හදන විදිහ?”
“මතකයි, මතකයි. සැරයක් මට හදා ගෙනත් test කළා.”
ඩැඩාගේ ප්‍රියතම ආහාරවලින් එකකි, ඒ.
“මුලින්ම පාන් පෙති තුනක උඩ පැත්ත grill වෙන්න දාලා ඉන්න. ඒ අතරේ ඔයාට පුළුවන්
චීස් පෙති කපාගන්න. පාන් පෙති තුනේ උඩ පැත්ත රෝස්ට් වුණාම එළියට අරං, අනිත් පැත්තෙ
උඩට චීස් පෙති තියලා ආයෙමත් ග්‍රිල් එකට දාන්න. චීස් උණු වෙලා යන්තං බුබුළු දානකොට
තමයි, ඩැඩාගේ පදම. හැබැයි නිවෙන්න කලින් ඒවා ඩැඩාට දෙන්න වෙයි.” කිරිවලින් කෝපි
හදන්නට කියා දුන් දවසේමය, අම්මා මේ කුකරි පාඩමත් මට ඉගැන්නුවේ.
“ෆ්‍රිජ් එකේ තක්කාලි තිබුණොත්, ඒ ගමන්ම ගෙඩියකුත් පෙති කපලා දෙන්න!”
විදුලියවත් නැති ගෙදරකි, ඒ වෙද්දීත් ලංකාවේදී
අපට තිබ්බේ. එහෙම තැනක සිට එංගලන්තයේ අම්මලාගේ ගෙදරට ආවාම මට නං දැනුණේ කියා ගන්නට
බැරි තරමේ සතුටකි.
අම්මලාගේ කුස්සියේ තිබුණේ, ළිප් හතරක් තියෙන අවන් එකකි.
ළිප්වලට උඩින්ය, Grill එක තියෙන්නේ. එයින්ය අම්මා පාන් ටෝස්ට් කරන හැටි මට
පෙන්නුවේ.
පස්සේ ඒක අත්හදා බලන්නටත් එක්කය මං තනිවම, පාන් ටෝස්ට් හදා ගත්තේ.
“පුතේ, මිනිස්සු කටෙන් කන්න ඉස්සෙල්ලයි ඇහෙන් කන්නේ.
නහයෙන් කන්නේ... ඉතිං කෑමක් උයද්දී; බෙදද්දී ඒ ගැන කල්පනා කරන්නම ඕනි.” මට දහසක් දේවල් ඉගැන්නූ අපේ මහරගම ආච්චී; දසනායක
රත්නවතී මට කියා තිබිණි. “ඒ හින්දා බත් පිඟානක් බෙදනකොටත් ලකයක් ඇතිවයි බෙදන්න
ඕනේ.” ආච්චිගේ ඒ පාඩම මට මතක් වුණේ, පළමුවෙනි වතාවට ඩැඩා වෙනුවෙන් චීස් ටෝස්ට්
හදනකොටය.
Do things for people not because who
they are or... |
චීස් ටෝස්ට් පෙති කීපයත්, තක්කාලි නෙළුම් මල් කීපයත්,
කොළපාට පාස්ලි කිනිති කීපයත් උදව් කරගෙන මං හැදූ සැරසිල්ල ඩැඩාව අමන්දානන්දාට පත්
කළාය කියන එකය, වඩාත් හරි!
මං වහන්සේ ඒ කාර්යය කළේ ප්‍රශංසාවක් බලාගෙන නොවේ. ඩැඩාගෙන් ලකුණු ගන්නටත් නොවේ. ලස්සන දෙයක්
කිරීමෙන් අහිංසක සතුටක් භුක්ති විඳින්නටය.
2013 පෙබරවාරි 27 වෙනිදා ‘නමියගෙ වීදිය’ blog අඩවියේ ‘මොකටද මුත්තේ මෙහෙම වෙන්නෙ...’ කියලා post එකක් පළවී
තිබිණි. එය කියවූ Lotus රසිකාවිය, මෙහෙම comment එකකිනි, නමීට ප්‍රතිචාර දක්වා
තිබ්බේ.
‘ඒ සිංදුවෙ අදහස පොඩි කාලෙ අපේ ඔළුවට දැම්මෙ
'තමන්ට නොලැබුණත් අනිත් අය වෙනුවෙන් ගහක්
හිටවන්න' කියලා වුණත්, අඹ ඇටය සංකේතයක් විදිහට යොදාගෙන සිංදුවෙන් කියන්නෙ give selflessly කියන දේ නේද. දැන් කාලෙ buzz word එකක් වෙන sustainability වචනයේ පරණ හා සරල අර්ථ දැක්වීමක්.
ඒ අතර ලස්සන කියමනක් හම්බ වුණා. "Do things for people not because who they are or what they do in return,
but because of who you are" (Harold S. Kushner).’
‘ඔබ මිනිසුන් වෙනුවෙන් යමක් කරන්නේ නම්, ඔවුන්
කවුරුන්දැයි නොසිතන්න; ඔවුන්ගෙන් ආපසු ලැබෙන දෙයක් ගැනත් නොතකන්න. ඔබ එය කළ යුතු
වන්නේ, ඔබ එසේ කරන්නෙකු වන බැවිනි!’ හැරල්ඩ් එස්. කුෂ්නර්ගේ ඒ කියමන Lotus ඉංග්‍රීසියෙන්මයි පෙන්නලා තිබුණේ.
සුර දූතයන් පය තියන්න බය වෙන තැන්වල මෝඩයෝ පිනුම් ගහනවලු. ඒ කතාව දැන-දැනම තමයි
හිතුවක්කාර මට හිතුණේ, අර කියමන සිංහලට නඟන්න. (කවුරු හරි සජ්ජන සහෘදයෙක් වඩා හොඳ
විදිහට පරිවර්තනයක් කරලා එවනවා නං- පිං දීලා ස්තුති පූර්වකව පිළිගෙන, මගෙ
පරිවර්තනය වෙනස් කරන්නට වුණත් සූදානම් වෙලයි මේ ඉන්නේ, හොඳද?)
Lotusට නමී දීල තිබුණු උත්තරයත් මෙතනට අදාළයි:
‘ඒ කියමන එක්ක මට මතක් උනේ... ළඟදි ආපු RRR (2022)කේ ඕකම
කියවෙන තැනක් තිව්න.
"ඔබට ඕනෑම දෙයක් කිරීමට අයිතිය ඇත. ප්‍රතිඵල බලාපොරොත්තු වීමට අයිතිය නැත. ප්‍රතිඵලය
ඔබේ අරමුණ කර නොගන්න. නුඹේ ක්‍රියාව ගැන අවධානය තබාගෙන සිටින්න". (මේක
සංස්කෘත ශ්ලෝකයක්).’
මට වැරදිලාය. ඒ බව දැනුණේ ටික වෙලාවක් යද්දී තරුණ
ජෝඩුවක්... |
ඉතිං, මගේම සතුට වෙනුවෙන්- මම කරපු ඒ ‘චීස් ටෝස්ට්
සැරසිල්ල’ ගැන ඩැඩා සියක් වාරයක් මතක් කළේය; ප්‍රශංසා කළේය. අපේ ගෙදරදී විතරක්
නොවේ, රෝයි අංකල්ලාගේ ගෙදරදීත් පුන-පුනා කිව්වේය. ඒ ප්‍රශංසාව අශාන්ගේ හිතට වැදිලා
බවයි පෙනුණේ!
ඔය විදිහටය, අපේ ආච්චී කියා දුන් ගුරු-හරුකම් තුනක්ම,
තෙවතාවකදී ඉතාම තීරණාත්මක විදිහට මට බලපෑවේ.
එයින් පළමුවැන්න; බණ කතා ඉගැන්වීමට සම්බන්ධය. මාතාංග ජාතකය කුඩා තොරණකින් නිරූපණය කිරීමෙන් පටන් ගත් එය කෙලවර වුණේ පදික වේදිකාවේ රජ වීමෙනි.
දෙවැන්න: 1971 කැරැල්ල සමයේ ගෙදරටම වී ඉඳිද්දී, පත්තෑයාට පෙත්තෙන් පටන් ගෙන බතික්
ශිල්පියෙකු වීමෙනි; පරිපාකයට පත් වුණේ.
‘තක්කාලි නෙළුම් මල් කතන්දරෙන්’ ඇරඹුණු තෙවැන්න, අරවා
තරම් දිගට ඇදෙන එකක් නොවේ. ඒත් කතන්දරයක් නිසා මුල- මැද- අග තියෙන්නම එපැයි. ඔන්න
එහෙනං, පටන් ගැන්මේ හිට පිළිවෙලින්...
රෝයි අංකල්ලාගේ ගෙදර භෝජන සංග්‍රහයට යද්දී, මං හිතාගෙන හිටියේ ඒක සැසිල් ෆෙඩ්‍රික්
ශ්‍රෝඩාර් පවුලේ අපට විතරක් සීමාවුණු එකක් කියලාය. මට වැරදිලාය.
ඒ බව දැනුණේ ටික වෙලාවක් යද්දී තරුණ ජෝඩුවකුත් රෝයි
අංකල්ලාගේ ගෙදරට ආවාමය.
ඒ ජෝඩුව දැක්කාම රෝයි අංකල්ගේ මුහුණ හොඳ නැති වුණු
විත්තිය පැහැදිලිවම පෙනුණේය. ඒත්, ඒ නොපහන් බව හංගන්නේ නැතිවම- රෝයි අංකල් එයාලාව
පිළිගත්තේය. එතකොටම සුමිත්‍රා ආන්ටිත් එතැනට ආවාය. ඉතාම උණුසුමින් අර තරුණයන්
දෙන්නාව වැලඳ ගත්තාය. ඔවුන්ව අපට හඳුන්වා දුන්නාය.
“මේ රෝයිගේ brother අශාන්... මේ අශාන්ගේ ෆියෝන්සේ කයිසර්....”
à ඊළඟ කොටසට...
මේ යන විදියට ඔපරේෂන් එක කරගන්න තව සෑහෙන කල් යයි වගේ. හැක්..
ReplyDeleteනැතුව, නැතුව? හැක්!😂
Deleteඔපරේෂන් එක ගැන වගේම හතර වටේ විස්තරත් කියල ඉන්න වෙනවනේ ප්‍රසෝ!
Deleteඔය බස්සටත් හුම් කියවෙනව වෙනුවට නැතුව නැතුව කියල කියවෙන්නේ ඒකයි!
හොබ් එක.
ReplyDeletehttps://www.wasi.lk/product-category/tv-home-appliances/kitchen-dining/cooker-hobs/
අප්පට සිරි, හොබ් එක කියන්නෙ ඒකද?🤔
DeletePra Jay මහත්තයටත් ෂෙයාර්ස් තියෙනවලු, බස්සා මහත්තයෝ!
Deletehttps://dictionary.cambridge.org/dictionary/english/hob
DeletePra Jay
Deleteමෙන්න මේ ප්‍රවෘත්තිය ගැන මොකද හිතන්නේ?
//
ශ්‍රී ලංකාවට පිටරටින් ඉන්ධන ආනයනය හා විකිණීමට සිපෙට්කෝ සහ අයිඕසී සමාගම් වලට අමතරව තවත් තවත් විදෙස් සමාගම් තුනකට ජනාධිපති රනිල්ගේ සහ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබ දී තිබේ.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසන්නේ චීනයේ සිනොපෙක්, අමෙරිකානු ආර්.එම්. පාක්ස්, ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම් සදහා මෙම අවසරය හිමිව ඇති බවයි. මෙය පසුගිය නන්දසේන රාජපක්ෂ ජනපතිවරයාගේ කාලයේදී ගත් තීරණයක් නමුත් හිටපු බලශක්ති ඇමති ගම්මන්පිල සහ වීරවංශ ඇතුළු නිදහස් පක්ෂයේ ක්‍රියාකාරීන් සහ නිදහස් සේවක සංගමය ප්‍රධාන සියලුම වෘත්තීය සමිති වල දැඩි විරෝධය නිසා කල් ගිය නමුත් දැන් ජනතාවගේ දැඩි විරෝධය නොතකා ක්‍රියාත්මක වන බව මාධ්‍ය වාර්තා කරයි.
දැනට ඛනිජ තෙල් සංස්ථාව පවත්වාගෙන යන ඉන්ධන පිරවුම්හල් 450 ක් මේවාට ලබාදෙන අතර කොෆී ෂොප්, ඩ්‍රයිව් වේ, නව සුපිරි වෙළඳසල් ඇතුළු සියලුම පහසුකම් සහිත විශාල ප්‍රමාණයේ නව ඉන්ධන පිරවුම්හල 50 ක් ද ස්ථාපිත කිරීමට නියමිත බවත් ඔහු පැවසීය.
මෙයට දැඩි ලෙස විරෝධය පළ කරමින් රනිල් සහ රාජපක්ෂ හවුල් රජය ලංකා කණිජ තෙල් සංස්ථාව පුද්ගලීකරණය කිරීමට එරෙහිව තෙල් සංස්ථා වෘත්තීය සමිති විසින් දීප ව්‍යාප්තව පවත්වාගෙන යාමට දැවැන්ත සත්‍යග‍්‍රහයක් ආරම්භ කර ඇත. රජය වහාම මෙය නවතා දැමීමට තීරණය නොකළොත් නම් ජීවිත පරිත්‍යාගයෙන් රට පුරාම මාරාන්තික උපවාස මාලාවක් ආරම්භ කරව බවද වෘත්තීය සංගම් ඉතා දැඩි ස්වරයෙන් කියා සිටී. මේ නිසා ඉදිරි මාස කිහිපයේදී ලංකාවේ තත්ත්වය ඉතාම භයානක තත්වයක් බවයි පැවසෙන්නේ.//
ලංකාවේ බලවත්ම වෘත්තීය සමිති එකමුතුව වගේ ශක්තිමත් බලවත් ව්‍යාපාර එක්ක මම හිතන්නේ ආණ්ඩුවට මේක කරගන්න බැරි වෙයි නේද?
Pra Jay මහත්තයෝ, ස්තුතියි hob වචනය කියා දුන්නාට.
Deleteමාත් එක විදිහක කම්මැලියෙක්. ඒ හන්ද මේ පෝස්ටුව මොටිවෙට් එකක්
ReplyDelete//අශාන්ගේ ෆියෝන්සේ කයිසර්// - නිදි ලොක්කට එහෙදි හමුවෙන... පලවෙනි සම ජෝඩුව නේ
ඒ වුණාට නමී කම්මැලියට දිවැස් තියෙන නිසා කම්මැලියෙක් වීමේ වාසියකුත් තියෙනවා.
Deleteමේ අශාන්ගේ ෆියෝන්සේ කයිසර්....”// නියමයි.. එහෙනම් වැඩේ හරියයි..
ReplyDelete@ ලංකා
Deleteඔය රජයේ තෝරාගත් වැදගත් ආයතන විදේශ ආයෝජකයන්ට විකුණලා දාන්න කියලා කියන්නේත් අයි එම් එෆ් ණය උගුල වගේම තවත් උගුලක්, ඔබට අවශ්‍ය නම් ලංකාවේ 1980 ගණන් වල මුල පටන් පෞද්ගලික අංශයට විකුණලා දාපු රජයේ කම්හල් කර්මාන්ත සේවා ආයතන වලට වෙලා තියෙන්නේ මොකද කියලා හොයල බලන්න. ගොඩක් ඒවා ඒවාසතු වත්කම් වලටත් වඩා ඉතාමත් නොවටිනා ගණන් වලට විකුණලා එම වත්කම් විකුණලා ආයතන වසා දැමුණු අතර පෞද්ගලික අංශයට විවෘත වුණ ගමනාගමනය, පෞද්ගලික සෞඛ්‍ය අධ්‍යාපන වෙනත් සේවා වලත් හරිහමන් දියුණුවක් නෑ ටෙලිකොම් ක්ෂේත්‍රය වුණත් සාපේක්ෂව ඉන්දියාවේ තත්ත්වයට වඩා මදි.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වගේ ආයතන ලංකා හොස්පිට්ල් වගේ ඒවා නැවත රජයට අත්පත් කරගෙන තියෙනවා. ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගම එමිරේට්ස් යටතේ හැකිලීමට ලක් කර එහි වත්කම් වු ගුවන් යානා රාශියක් විකුණලා බොරු බයිලා ලාබයක් පෙන්වා ඒ වෙනුවට එම ලාභදායී රූට් වලට එමිරේට්ස් ගුවන් යානා දාගෙන ඒක හැදුනා, කලාපයේ සහ ලොව පුරාම නමක් තිබුණූ එයා ලංකා එක නැතිකරලා ශ්‍රී ලංකන් කියලා නමක් දාලා මාකට් එක හැකුළුවා, 2008 එමිරේට්ස් එක තවදුරටත් ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් එක එපා කියලා මගැරියා, නමුත් ලංකාවේ කටකතාවක් ගියේ නාකි මයින කියන ගස් බල්ලා ඒක බලෙන් අත්පත් කරගත්තා කියලා, වුණේ නාකි මයින කුලප්පු වෙලා කොහොමත් ආපහු බාරදෙන එකේ හෑන්ඩ් ඕවර් ඩේට් එක ඉක්මනින් කරපු එක සහ කොහොමත් යන්න හිටපු සීරීඕව ටිකක් කලින් රිලීස් කරපු එක
📌පාස්කු ප්‍ර්හාරය අමතකයි නේද?
📌මොනාද ලංකාවට හා ලෝකයෙ
වෙන්නෙ 🚨🚨🚨👁👇
📌චීන්නුන්ගෙ ආසියානු මැදිහත්වීමයි චීන්නුන්ගෙ ලෝකෙ මැදිහත්වීමයි නවත්වන්නයි චීන්නුන්ව ආර්ථිකය වශයෙන් විනාශ කරන්නයි චීන්නුන්ගෙ(Belt and Road) (Silk route) වගෙ දාලා තිබෙන ව්‍යාප්ති ටිකයි කඩාකප්පල් කරන්න ඔය රටවල්වල් ටික බංකොලොත් කරන්න ඕනද? සමහර උදවියට? දෙනට ලංකාව බංකොලොත් කරා එතුලට රිංගුවා ඉදිරියට බංකොලොත් කරන්න තිබෙන රටවල් ආසියාවේ පලමුව පකිස්තානය(Imran khan නිලයෙන් පහත්කිරීම)දෙවනුව නේපාලය...අෆ්‍රිකාවෙ ඉතියෝපියා නමීබියා සාම්බියා වගෙ තවත් රටවල්...
📌ජපානයට කරා වගේම චීන්නුන්ගෙ දියුණුව දරාගන්න බැරුව කුහකකමින් ඔන්න චීන්නු නුඹලාගෙ රට අල්ලනවා debt trap කියාගෙන ලෝකෙටම මවා පෙන්නුවා ඔහුන්ගෙ මාද්‍යවලින් හා ඔහුන්ට අයිති Youtube කාරයන් ටිකක් යොදාගෙන හරියට(MCC තිස්සයි කටු ඇනිච්ච නංගියි කැලණි නයයි කරා වගෙ)👁🎭
📌IMF කියන්නෙත් සමහර උදවියගෙ debt trap එකක් ඉදිරියට තේරුම් ගන්න පුලුවන් වේවි මොනාද මෙ වෙන්නෙ කියලා අපෙ රටතුළ👁🎭
📌චීන්නුන්ට එරෙහිව පලමු වෙඩිමුරය පත්තු කරෙ ලංකාවෙන් එය තමා පාස්කු ප්‍ර්හාරය අපෙ අහිංසක අසරණ ජීවිත ටික විනාශ කිරීම අපෙ රජයෙ අනුග්‍රහයෙන් මම කියන දේවල් ආපස්සට ගිහිං සොයා බලපල්ලා ගැඹුරෙන් තේරුම් ගනීවි ගොඩක්ම දේවල් රටතුළ වෙන😔
📌මට මුන් 🇺🇸🇨🇳දෙගොල්ලගෙන්ම වැඩක් නැහැ මුහුදෙ ඕනතරම් ඉඩකඩ තිබෙනවා කාලකණ්ණියන්ට මරාගෙන මැරිලා යන්ඩ නමුත් මට තිබෙනවා වෛරයක් කෝපයක් මගෙ ආදරණිය අහිංසක අසරණයන් ටික මරා දෙමුවා ඔහුන්ගෙ ආර්ථික යුද්ධයට😔
🛑Script එක👁🎭
📌පාස්කු ප්‍ර්හාරය💥
📌සුලයිමානි ඝාතනය💥
📌කොරෝනා වයිරසය🇺🇸🕵️
📌රුසියානු උක්‍රේන යුද්ධය💥
📌උන් හොරාගෙන කාපු උන්ගෙ වැරැදි ප්‍ර්තිපත්තිවලින් විනාශ කරපු රට උන්ටික බේරිලා අහිංසක අපෙන්ම බදු(Tax)කියන නමින් සූරාගෙන කාලා ඉදිරියට යන්න බලනවා මුන්ට එරෙහිව සටන්කරපල්ලා මුන් නුඹලාගෙ රට කෑලි කෑලිවලට විකුණනවා🛑
📌අපෙ රටතුළ මෙ ක්‍රියාත්මක වෙන්නෙ සමහර උදවියගෙ කුමන්ත්‍රණයක් පරිස්සමෙන් මුන් ඔක්කොම නුඹලාව මෙ ගොනාට අන්දවමින් කරගෙන යන්නෙ උන්ගෙ කොන්ත්‍රාත්තුව🛑
Geopolitics 👁🎭
Trade war 🇺🇸 🇨🇳👁🎭👎
ස්තුතියි ලලිත් මහත්තයෝ.
Deleteබලන්නකෝ හරි යනකොට...
නිමල් ඉගෙන ගන්න හිතපු එක නම් හොඳයි. සංචාරක වීසා අරගෙන ඇවිල්ලා ජොබ්ස් කරන්න බය හිතුනෙ නැත්ද. "සුර දූතයන් පය තියන්න බය වෙන තැන්වල මෝඩයෝ පිනුම් ගහනවලු" කියලා මටනම් හිතෙන්නෙ ඒවට.
ReplyDeleteනිමල්ගෙ පරිවර්තනය ඉතාම හොඳයි. මතුපිට අර්ථය විතරක් ගන්න කෙනෙකුට සමහරවිට ඒ කියමනේ අන්තිම කොටස එක පාරට තේරුම් නොයන්න පුලුවන්. නිමල් ඒ කොටසේ තේරුම වඩා පැහැදිලි වෙන විදිහට පරිවර්තනය කරලා. නමියා එකතු කරලා තියෙන කොටසත් ලස්සනයි. (නමියා ලඟදි ලියලා නෑ නේද. මේ පෝස්ට් එක කියවලා මෝටිවේට් වුනා කියලා තියෙන්නෙ. බලමු ලියයිද කියලා).
ස්තුතියි Lotus!
Deleteඒ කාලේ සංචාරක වීසා අරගෙන යුරෝපා රටවලට යන ගොඩක් අය පොඩි පොඩි රස්සා කළා. එයාලට අවස්ථාවනුත් තිබනා. පසු කාලයක තමයි එහෙම අයට රස්සා දෙන හාම්පුතුනුත් වැරදිකාරයන් කෙරෙන නීති ආවේ!
නමී පහුගිය ටිකේ මොනවද වැඩ වගේකට හිර වෙලා හිටියලු!
අපිත් කරානේ ලෝටස්. මම මාස දෙකක් නිවාඩු කාලේ වැඩ කලා පොඩි ඉන්දියන් රෙස්ටුරන්ට් එකක 1985 ජූලි . සුමානෙට පවුම් 70 පඩිය. ඒ දවස් වල අල්ලන්නේ නැහැ. රෙස්ටුරන්ට් සහ ගොවිපලවල් බලාගෙන ඉන්නේ ස්ටුඩන්ට් ලා එනකන්. පාරේ යනකොට කතා කරලා අහනව ජොබ් එකක් ඕනෙද කියල.
Deleteමේ තියෙන්නේ විස්තර! ස්තුතියි අජිත් මහත්තයෝ.
Deleteනිමල් කියන නම නිමලා කියල වෙනස් නොකළේ ඇයි
ReplyDeleteනිමලා නොකළේ එතකොට කළුවර හින්දනෙ.
Deleteඒක මරු 😀 සාමාන්‍යයෙන් ඒකනේ ප්‍රොසෙස් එක. මුලින් නම වෙනස් කරන්ව්. හෝමෝන ගන්නවා වගේ.
Deleteඑහෙමද කෙරුණේ?
Delete