li Item

Sunday, October 23, 2022

තිහේදී... -පළමුවෙනි කොටස

‘... තන්ත්‍ර පිළිබඳ අදහස ඇත්තක් වී නම්, මෙම කැටයම ඉදිරිපිට ඇති ආසන හතරෙහි, තන්ත්‍ර යාන ලීලාවෙන් ස්ත්‍රීන් හා පුරුෂයන් අටදෙනෙකු අසුන් ගෙන, (පිරිමින් වීරාසනයෙන් අසුන් ගෙන සිටින අතර, ස්ත්‍රීන් ඔවුන්ගේ උකුළෙහි ඔවුන්ට මුහුණලා වාඩිවී, තම දෙපා පිරිමින්ගේ ඉඟවටා වෙළාගෙන සිටීමෙන් තන්ත්‍ර ආසනය සකස්වේ.) ඉදිරියේ ඇති සටහන කෙරෙහි මනස ඒකාග්‍ර කොටගෙන, සෝම, සුරා ආදී පානයන්, ධූමනයන්, විවිධ තාරතාවයන්ගෙන් යුත් සංගීතය, සූත්‍ර පඨනය මධ්‍යයේ රතිය පිළිබඳ ගැඹුරු ධ්‍යානයක් වැනි තන්ත්‍රයන්ට සමවදින්නට ඇති බව සැළකිය හැකිය.'

රතිය පිළිබඳ ගැඹුරු ධ්‍යානයක් වැනි තන්ත්‍රයන්ට සමවදින්නට...

පහුගිය ‘යුවති කිරිල්ලීගෙන් බිරිඳට- 2’ පෝස්ටුව publish කිරීම දවස් ගණනාවක්ම පරක්කු වුණේය. එහෙම වුණාය කියලා, මාව දඬු කදේ ගහන්නටවත්; එල්ලන්නටවත් කවුරුන්වත් නොඑන බව ඇත්තය. ඒත් මගේ හිතට හරි නැතුවය, හිටියේ. තමන් විහින්ම පනවා ගත් නීති-රීතිවලට අනුගත වෙමින්ය මං වහන්සේ වැඩ කරන්නේ. ඉතිං ඊළඟ පෝස්ටුවවත් වෙලාවට publish කරන්නටය මේ, full ඩම් එක දාන්නේ.

මළ හෝන්තු උණ තෝන්තු ගතිය බැහැලා යමින් තිබුණත් හිසේ බර ගතිය තවමත් තිබෙයි. ඒ මදිවාට සතියකටත් වැඩි කාලයක් තිස්සේ අද හැලෙන ‘චිරි චිරි චිචිරි චිරි’ වැස්ස... එයින් තෙත් කා තියෙන ගේදොර බඩු-මුට්ටු, රෙදි පිළි මගේ අපුල වඩවයි. හැම තැනම- සේරම පුස් ගඳය.

දැනගන්නට හම්බෙන news පවා තෙතබරිතය. ඇලෙයි- වැක්කෙරෙයි. කඩා හැලෙන්නට ඔන්න මෙන්න කියලා සූදානමෙන් ඉන්න ‘ගැබ්බර වලාකුළක්’ වගෙය.
පාර්ලිමේන්තුවේ බල තුලනය අවුල්ලු!
බැසිල්ට ආයෙමත් අගමැතිකම අරං රට...
රටේ තත්ත්වය අදට වැඩිය හෙට නරක් වෙනවාමලු- රටේ පළමුවෙනි පුරවැසියා කියයි!!

එව්වා ඇහෙද්දී ඔද්දල් වෙන හිත කියන්නේ ‘ලියපං බං’ කියලා නොවේ. ‘ඔන්නොහෙ නිඳා ගනිං’ කියලාය.

එහෙම නිඳා ගත්තැකිද? නිදිගෙ පංච තන්තරේ කියවන ආදරණීය රසික රසිකාවන් කියලා මමම කී සැරයක් නං ලියා තියෙනවද? එහෙම වචනයෙන් කීමෙන් විතරක් නෙවේ, කෙරුවාවෙනුත් ඔවුන්ට ගරු කළ යුතුය.
ඒ පාඨක පිරිස වෙනුවෙන් ලියන්නට හිතාගෙන හිටි පෝස්ටුව කොටන්නම ඕනෑය. කොහෙන්ද පටන් ගන්නේ...
දන්නවනෙ, මොන මරාලයක් කඩාගෙන වැටුණත්, කොච්චර මහන්සියෙන් හරි පෝස්ටුවේ ආරම්භය කියවන්නාගේ සිත් ඇදගන්නා විදිහකින් තියන්න එපැයි, සක්වල පීරලා හරි.

සක්වල... සක්වල...
එතකොටය මට මතක් වුණේ
‘තිසා වැව ඉවුරේ සක්වල චක්‍රය’ ගැන ඩ්‍රැකීගේ හරබර; රස වෑහෙන ලියවිල්ලේ තිබ්බ ඡේදයක්. (රන්මසු උයනත්, වෙස්සගිරියත් දෙකය මුළු අනුරාධපුරයෙන්ම මගෙ හිත වඩාත්ම පැහැර ගන්නේ!)
ඉහළින්ම යෙදුවේ ඒ ඡේදයයි.

අන්තිමේදී ලැබුණු ඉතාම දූෂමාන ආරංචියකින් කියැවුණේ -සංජේ කසාදයකුත් බැඳලා- බවයි.

වීරාසනයෙන් අසුන් ගත්තේ නැතිවාට; සෝම සුරා පාන- ධූම- සංගීත- සූත්‍ර පඨන නැතිවාට; නාරි ආලිංගන නැතිවාට හිත එකඟ කර ගන්නට බැරිද?

නිරායාසයෙන්ම; මටත් නොදැනී මගේ නේත්‍ර යුග්මය පියවෙයි. අවට හාත්පස අඳුරෙන් වැසී ගොසින්ද? මගේ දෙසවන පුරා දෝංකාර දෙන්නේ මගේම නාසික්‍ය ස්වරයෙන් ගැයෙන කවියක් නේද... ඒ හා සමඟම මම තිගැස්සී දෙනෙත් විවර කර බලන්නෙමි.

ඔහු නැත! එහෙත්... එහෙත්...
මා ඉන්නේ 1980 නැත්නම් 1981 වසරේ මැයි මාසයේය.

1976 දී අපේ තාත්තා සියදිවි නසාගත් බව සංජේට ආරංචි නොවුණා වෙන්නැති; එයා ඒ මළගමටවත් ආවේ නැත.

ඊට පස්සේ අපේ අම්මා එංගලන්තයට ගිය විත්තියත්, ඒ හාදයා දන්නා පාටක් නොපෙනිණි. අන්තිමේදී ලැබුණු ඉතාම දූෂමාන ආරංචියකින් කියැවුණේ -සංජේ කසාදයකුත් බැඳලා- බවයි. ඒ ආරංචිය මට තවත් ආරංචියක්ම විතරක් වුණේය.
සංජේ කියලා කෙනෙකු මගේ ජීවිතයට සම්බන්ධ වෙලා හිටියේ කල්පයකට විතර ඉස්සර වගෙය... ඒ තරමටම මගේ මතකය බොඳවී ගිහිං; හීනෙන් ගෑ සුවඳක්වී ඉවරය.
එක දිගටම අප කම්පනයට පත් කරවන්නට; අප සසල කරවන්නට අපේ අතීත මතකයන්ට හැකියාවක් නැත. විශේෂයෙන්, පැරණි මතකයන් යටපත් කරමින් අලුත් මතකයන් පොකුරු පිටින් බිහි වෙද්දී එහෙම වෙනවා නොවෙන්නම්...

නිදි, උඹට එහෙම වෙනව නං, සංජේටත් වෙන්න ඇත්තේ ඒ ටිකම තමා!

අපේ දීපානි බතික් වැඩපළ අවරට යමින් තිබියදී- කළු අක්කාත්, මාත් 1978 අවුරුද්දේ දෙමටගොඩ ලදුදෙ කැන්ටිම කරන්නට ගිය බව...
අප බොරලැස්ගමුවේ
සිල්ලර කඩයක් පටන් ගත් බව... එහෙමත් නොකඩවා බ්ලොගය කියවූවනට නම් රහස් නොවේ. මෙහෙම සටහන් කරනකොටය මටම වුණත් පුදුම හිතෙන්නේ. ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ, තරුණ ජනගහන කමිටුවට එකතු වීම- විප්‍රවාසී වෙන්නට උවමනාවී දියවින්නට ගිය ගමන... 

නරකමත් නැත. අවුරුදු හය-හතක් යනකොට වෙලා තිබුණු දේවල් කන්දරාව!

මා ඉන්නේ 1980 නැත්නම් 1981 වසරේය.කියූ තැනටයි...
ඒ කාලයේ සිද්ද වෙච්චි දේවල්වලින් හිතාදර ඔබට තවමත් නොකියා හිටි ටිකකුත් තිබෙයි. එව්වායිනුත් ප්‍රධානම දේවල් කීපයක් ලියන්නටය, මේ සැරසෙන්නේ.

එතකොට මගෙ විසේ හොඳටම වැඩිය. විසේ කීවේ මදන කුලප්පුවටය. එහෙම විසේ වැඩි වෙන්නට ඇත්තේ වයසේ වැරැද්ද නිසා වෙන්නැති. නැත්තං මේ ලියන්නාගේ ලිංගික හෝර්මෝන යහමින් ශ්‍රාවය වෙන නිසා වෙන්නත් ඇති. එහෙමත් නැත්තං මේකාගේ උප්පත්තියේදී ග්‍රහ දේවතාවුන්නාන්සේලා එකතුවී හැදූ ‘අතිධාවන කාම යෝගය’ නිසා වෙන්නත් ඇති!

ඒ මොක වේවා, ඒ අස්සේ ළිහල ඇරියා වගේ නිදහසකුත් හම්බ වුණාම...
වැඩිහිටි අත්අඩංගුවෙන් මිදුනාම...

‘... පසු කරමින් මහ කඳු වැටි ඕවිටි
පාළු සොහොන් පිටි රබර් වතු බඩවැටි
ගල් මුල්වල පය පැටලී වැටි-වැටි
මතකයි හඳ පානේ...’ රෝහණ බැද්දගේ මහත්තයාගේ සිංදුවේ වචන මහරගමටත් මෙච්චර ගැලපෙන්නේ කොහොමද මන්දා? මහරගම පමුණුවෙත් ඒ හා තදාසන්න අවට ප්‍රදේශවලත් නැත්තේ ‘මහ කඳු’ විතරකි. හඳපානේත්, නැතුවත් ඒ දවස්වල ඒ තැන්වලට නිතරෝම රිංගූ එකෙක් විතරකි, ඒ විත්තිය සහසුද්දෙන්ම දන්නේ.

දැන් මං වහන්සේ යන්නේ ‘මා ඉන්නේ 1980 නැත්නම් 1981 වසරේය.’ කියූ තැනටයි.

මා හිටියේ කවියක් ගායනා කරමිනි. ඒ කොළයක් බලා ගෙනය. අදටවත් මා හිටිවන කවියක් ගයා නැත. මුලින් ලියාගෙන ගායනා කරනවා මිස. එදත් එහෙමය!

මොන රාජකාරියක් කළත්, ඒ අස්සේ තව කව්රුන් හරි ඔයා දිහා බලාගෙනම ඉන්නවා නං... අනිමිස ලෝචන පූජාවක් වගේ... ඔයාට දැනෙනවා නේද? සයවෙනි ඉන්ද්‍රියයකින් වගේ, ඔබට ඒ බව හැඟෙයි; අනිවා දැනෙයි! මටත් දැනුණේය.
කවිය ගයන අතරවාරයේ හොරැහින් ඒ පැත්ත බැලිල්ල අසීරු නැත. සැරයක්- දෙසැරයක්- තුන්-හතර සැරයක් බැලුවා කියලාත් වෙනසක් වුණේ නැත.

ජැන්ඩි පහට ඇඳගත්, තරමක් අව පැහැති කඩවසම් තරුණ හාදයෙක් එක එල්ලේම මගෙ දිහා බලාගෙන හිටියි. මිනිහා බලන්නේ මට සමීපයෙන්ම දිදුලමින් කැරකෙන වෙසක් පහන් කූඩුව දිහා නොවෙන විත්තිය දැන් නම් මට හොඳටම සහතිකය.

රාජකාරියක් තියෙනවා, බැහැයි නොකියා බාර අරගෙන...

ඒ හැන්ඩියා ඉන්නේ අල් ගෆූරියා අරාබි පාසලේ තාප්පයට පිට දීගෙනය. තාප්පය තියෙන්නේ පාරෙන් එහා පැත්තේය. මං හිටියේ පාරෙන් මෙහා පැත්තෙ- බෝම්බ ධර්මේ අයියලගෙ ඉඩමේය. එතකොටත් ධර්මේ අයියා ටිකක් ඈතින් පුටුවක වාඩි වෙලා අලස සුවය විඳිනවා වගෙය. එකත් එකටම හීනි ෂොට් එකකින් සප්පායම් වෙලාත් වෙන්නැති.

අර හාදයා තාමත් එතැනමය!

“ඔන්න මහත්තයාට රාජකාරියක් තියෙනවා, බැහැයි නොකියා බාර අරගෙන ලස්සනට වැඩේ කරලා දෙන්න ඕනා.” සිංහල අලුත් අවුරුද්ද ඉවර වෙච්චි අලුතම දවසක ධර්මේ අයියා මට කීවේය. හොස්ස අගින් මැස්සෙකුටවත් යන්නට බැරි තරමේ කුකුළු කේන්තිකාර බෝම්බ ධර්මේ අයියා එක්ක පමුණුවේ කවුරුනුත් ගනුදෙනු කළේ පරෙස්සම් වෙමිනි. 

‘... දවසක් ධර්මේ අයියාගේ සයිකල් වින්කලයට කවුදෝ පාපැදියක් තල්ලු  කරගෙන ආවේය. "මේක ඉක්මනට හදල දෙන්න පුළුවන්ද?" ධර්මේ අයියා උත්තරයක් දුන්නේ නැත. අර මනුස්සයා තව හයියෙන් අර ප්‍රශ්නයම ඇහුවේය. ධර්මේ අයියා උන්නේ මොකක්දෝ එකකට නප්පියටම තද වෙලාය. තවත් තරහ ගිය ධර්මේ අයියා ඉද්ද ගැහුවා වගේ නැඟිට්ටේය, සයිකලය තිබුණු තැනට ආවේය. " ඉක්මනට හදන්න..... උඹේ අම්මට......" කියා, දෑතින්ම බයිසිකලය උස්සා පොළොවේ ගැහුවේය. ඊළඟට අර මනුස්සයා දිහාට හැරුණත්, ඔහු එතැන උන්නේ නැත. ඒ වනවිටත් ඔහු හිටියේ, ඒ හතර මායිමත් පන්නලා මැරතන් ධාවනයකය. ඊට පහුවදා...’ කියලා මේ ධර්මේ අයියාගේ කේන්තියෙ තරම 2019 වසරේදී මං ඔබට කීවා මතකය.

‘... ඉස්සර ලංකාවේ ලොකුම හොරකම 'හාර ලක්ෂෙ' මංකොල්ලයයි. ඒක දෙකට දමා හෝමාගම බැංකුවකින් ලක්ෂ හතරහමාරක් හොරකම් කිරීම මුලට ආවේය. කියැවුණු විදියට නම් ඒකට අහුවුණු වැඩි දෙනෙක් 'ගරු කටයුතු පමුණුවේ' ගම්වැසියන්ය. තවමත්...’ කියලා මා ලියූ විස්තරයකුත් ඔයාලා කියවන්නට ඇති. රුපියල් ලක්ෂ හතර හමාරක 100/-, 50/- නෝට්ටු මිටි කුල්ලක උදව්වෙන් ගොඩවල්වලට වෙන් කළ හැටි දියවින්නේදී මට කීවෙත් මේ ධර්මේ අයියයි.

අපට දියවින්නට යන්නට ඔත්තුව කිව්වෙත්, ඒ සඳහා පාර පෙන්වමින් අප එහාට කැන්දාගෙන ගියෙත් ධර්මේ අයියාමය.

අපට දියවින්නට යන්නට ඔත්තුව කිව්වෙත්, ඒ සඳහා පාර පෙන්වමින් අප එහාට කැන්දාගෙන ගියෙත් ධර්මේ අයියාමය.

“මොකක්ද ධර්මේ අයියා කෙරෙන්න ඕනි?”

“මේකයි මහත්තයා. මටත් හිතුණා වෙසක් කූඩුවක් හදන්න.”

එහෙම කියවෙනකොටම, වෙන කෙනෙකුගෙන් නම් ‘ඒකට දැනටමත් පරක්කු වැඩියි නේද?’ කියල බක පණ්ඩිත ප්‍රශ්නයක් ඇහෙනවාමය. ඒත් මං උන්දෑගෙන් නම් එහෙම ඇහුවේ නැත. බයටමය. ඉල්ලාගෙන කන්නේ ඇයි... මම කළේ පාඩුවේ අහගෙන හිටිල්ල විතරය.

“මහා බංගසාල කූඩුවක් නෙවෙයි. පුංචි පුංචි පැටව් රොත්තක් එක්ක. කැරකෙන්ඩ. පොඩි වුණාට හුරුබුහුටියට හදන්නයි යන්නෙ. වෙසක් දවස් පහේම පෙන්නනවා. ලවුඩ්ස්පීකරුත් හයි කරනවා. මහත්තයා තමයි කූඩුවේ වරුණේ කියන්ඩ ඕනේ. අර යූඑන්පී රැස්වීම්වලදී අපූරුවට කතා කෙරුව වගේ....” ඒ නිවේදන වැඩේට මං පට්ටල් වුණේ එහෙමය.

මහරගම mpm මාමාගේ මැදිහත් වීමෙන්, 1970 අලි පාටියේ දේශපාලන වේදිකාවේ කථිකයෙකු වුණාම මට හෙණ තැනක් ලැබිණි.  මහරගම අරටු UNP කාරයන්ගෙන්. රෝබියස් අයියා, මැල්කම් මහත්තයා, ෂීට් අබරන් අයියා, රත්නපාල මුදලාලි, පද්මපෙරුම අංකල්, මැන්දිස් මහත්තයා, අනුලක්කා, සෝමක්කා වගේ කොළපාට අරටු අතරේ මේ ධර්මේ අයියාත් හිටියේය.

ධර්මේ අයියා කයිවාරු මස්තාන් කෙනෙකු නොවේ. ඉපදෙනකොටම වාගේ ලැබුණු කාර්මික ඥානයකි එයාට තිබුණේ. ඒකචර තනි අලියෙකු වගේ වැඩ කරන්නට ධර්මේ අයියාගේ වැඩි නැඹුරුවක් තිබුණු විත්තියයි, මගේ නිරීක්ෂණවලින් මා බැසගත් නිගමනය වුණේ.

වෙසක් දවස වෙන තුරුමවත් ධර්මේ අයියා කූඩුවක් හදන විත්තියක් ගමට පෙනුණේ නැත. ඒත් වෙසක් දවසේ පාන්දර වෙද්දී නම් ධර්මේ අයියලාගේ ගෙදර මිදුලේ ඇටවුමක් ඉදි වෙලාය. ධර්මේ අයියට ඒවා මහ ලොකු වැඩ නොවේ. තාත්තාටම හරි යන, තාත්තා කියන ඕනෑම දෙයකට ලැහැස්ති පුත්තු හතර දෙනෙක් හිටිද්දී...
එදා හවස් වෙද්දී වෙසක් කූඩුව ප්‍රදර්ශනයටත් සූදානම්වී තිබුණේය.

ඒ වෙනකොටත් බණ කතන්දර වගේ දේවල් ගොඩාරියක් මගෙ ඔළුවේ pack වෙලාය.

“රංජි, අන්න ධර්මේ අයියා කිව්වා ඔය ළමයටත් හයාමාර වෙනකොටම එහාට ඇවිත් ඉන්නය කියලා.” අපේ සීයාය ඒ පණිවිඩය ගෙනාවේ.

නිකම්ම ගිහිල්ලා බැරිය. නිකම්ම පෙර සූදානමකින් තොරව නිවේදක රාජකාරියක් කරන්නට යෑම කොහෙත්ම නොකළ යුත්තකි. තජකයෙ පුහුණු වැඩ සටහන්වලදී අපට උගන්වා තිබුණේ හොඳ සන්නිවේදකයෙකු මුහුදේ පාවෙන අයිස් කන්දක් මෙන් විය යතු බවයි. ‘අයිස් කන්දකින් 6/7 ක්ම තියෙන්නේ වතුර යට. හතෙන් එක කොටසයි වතුරෙන් ඉහළට පෙනෙන්න තියෙන්නේ. පැයක් සන්නිවේදනයේ යෙදෙන්න යනවා නං පැය හයකට ප්‍රමාණවත් කරුණුවලින් සන්නද්ධ වෙලා යන්න.’
එතකොට...

දසනායක රත්නවතී අපේ ආච්චිට බුදු බව අත්වෙන්නට, ඒ වෙනකොටත් බණ කතන්දර වගේ දේවල් ගොඩාරියක් මගෙ ඔළුවේ pack වෙලාය.
‘වැඩිය හොඳයි නේද කවි ටිකක් ලියා ගත්තොත්!’
සීත කඳුකර තැපැල් කන්තෝරුවක ස්ථානාධිපති
ප්‍රේමවන්ත සුනන්ද හා කෙරුණු කාව්‍යමය පෙම් ලිපි හුවමාරුවට  පින් සිදු වෙන්නට, එතකොට කවි පද බැඳීම මට සුහුරුය.

මම ඉක්මනින්ම කවි විස්සක්- විසිපහක් විතර ලියා ගත්තෙමි.

හයාමාරට කලින් මං යද්දීත් ධර්මේ අයියලා කූඩුව සවිකොට අවසන්ය.
ඒ වෙසක් කූඩුව උණ බට- බට පතුරුවලින් හදා තිබුණු එකක් නොවේ. හීනි (ඇලුනිමියම්?) ලෝහ පතුරු එකට පාස්සා හැදූ එකකි. ඒ නිසාම සියලුම පැටවු කූඩුත් 100%ක්ම එක සමානය. පරිවාර කූඩුත් එක්කලාම ගත්තත් අඩි හත- අටක්වත් උස නැති; නමුත් ඉතාම හුරුබුහුටි නිර්මාණයකි.

අමා මිහිරකි හමා එන්නේ සුවඳ කරමින් සිව් දිසාවම

පෙරඹරෙන් සඳ නැඟී දිදුලයි එකලු කරමින් මහී              තලයම
වෙසක් සිසිලස පුබුදවයි සිත් කොඳ කැකුළු එකිනෙකක්     නෑරම
අමා මිහිරකි හමා එන්නේ සුවඳ කරමින් සිව්                   දිසාවම
යොමා දෙනුවන් බලනු සකියනි, වෙසඟ අසිරිය දැනෙන හොඳටම

මේ නසරානි- පාපී- දුර්ජන නිදියා, ඒ පුන් පොහෝ දිනයේ එසේ දිගටම සුමිහිරි කවි කිව්වේ, ධර්මේ අයියාගේ වෙසක් කූඩුව බලන්නට පැමිණි උදවියට නොවේ. අර අනිමිස ලෝචන පූජා හාදයාටය. හැකිතාක් මිහිරට; හැකිතාක් ලයාන්විතව; උපරිමයෙන්ම හැඟීම් ඇවිස්සෙන අයුරින් එදා කවි ගැයුණේ ඒ හාදයාවම ඉලක්ක කර ගෙනය!

මං ලියාගෙන ගියේ කවි විස්සක්- විසිපහක් විතරය.
මගෙ ගණන් බැලිල්ලේ විදිහට නම් ඒ ටික හොඳටම ඇතිය.

වෙසක් කූඩුවක් බලන්නට එන උදවිය එතැන පදිංචි වෙන්නේ නැත. ඉතිං, එකම කවි දෙතුන් වතාවක් කිව්වත් වැරද්දක් නැත.
ඒත් දැන්? හීනෙකින්වත් හිතුවේ නැති විදිහට අරයා මෙතැන කිසිම තදියමක් නැතිව පැලපදියම් වෙලා හිටියි. කොච්චර නිස්කාන්සුවේද ඉන්නේ කියනවා නං ඉඳහිට සිගරට්ටුවකුත් පත්තු කර ගනියි. මට වුණේ අලුතෙන් තව කවි ගොතන්නටය.

මේ හාදයා පමුණුව පාරේ කෙනෙකු නෙවෙයිවත්ද?
එහෙනම් කොහෙන් කඩා පාත් වුණු කෙනෙක්ද? මගෙ මතකය හරි නම් ඒ වෙද්දීත් තලපත්පිටියේ නව රෝහල ඉදිකොට තිබ්බේ නැත. පමුණුව පාර සුචරිතෝදය හරියෙන් කෙළවර වෙලාය තිබ්බේ. එහෙම තියෙද්දී මේ යක්ෂයා පැය දෙක තුනක්ම එතැන හිටියත්, කිසිම කෙනෙකු නිකමටවත් එයා එක්ක කතා කරලා ගියෙවත් නැති එකය පුදුමෙ!

ඔව්වොව්! මිනිහා පමුණුවේ කෙනෙක් වෙන්ඩ විදිහක් නෑ. ඒකයි මෙහෙ කවුරුවත් මිනිහව අඳුරගත්තෙ නැත්තේ... මාත් මීට කලින් එයාව දැකල නැත්තේ.

හුටා! එතැන හිස්ය- එතැන කවුරුන්වත් නැත!         

“මහත්තයා, දැන් දොළහටත් කිට්ටුයිනෙ. තව ටික වෙලාවකින් මිනිස්සු නැතිම වෙලා යයි. කොළඹ පැත්තට ගිය මිනිස්සු තමයි ආපහු ආවත්...” ධර්මේ අයියා කියයි. “අපි යං බත් ටිකක් කාල ඉමු. දැන් මහත්තයට බඩගිනිත් නැතැයි. මම සෝමේ අයියටත් අඬ ගැහුවා බත් කටක් කන්ඩ... යං යං.”

සෝමේ අය්යා කිව්වේ කළු අක්කාගේ මහත්තයාටයි. සමහර වෙලාවට ධර්මේ අයියාගේ ‘බොනපාර්ට්’ වුණේ මේ සෝමේ අයියයි.

ධර්මේ අයියා කතා කරද්දී ‘බැහැ’ කියන්නටත් බැරිය.
එදා, ඊට කලිනුත් කිහිප වතාවක්ම තේ, cool බීම වගේ දේවල් මට ගෙනත් දෙන වෙලාවලදීත්, මට දැනුණේ වරදකාරී හැඟීමකි. තනියම ඒවා භුක්ති විඳින්න... මොකෝ, අරයාටත් ගිහිං දෙන්නැයි කියන්නද?
දැන් ඒ හාදයටත් බඩගිනි ඇති- පව්!
මේ මහ රෑ කොහෙන්ද එයාට කන්න තැනක්...

“පුතා... අපි බත් ටිකක් කාලා එනකල් දාපං බුදු ගුණ සිංදු දෙක තුනක්!” කියාගෙන ධර්මේ අයියා ගෙදර දිහාවට පෙරමුණ අරගෙනත් ඉවරය. තවත් එකෙල- මෙකෙල වෙවී ඉඳලා බැරිය. මමත් පුටුවෙන් නැඟිට්ටෙමි; අනිමිස ලෝචන පූජාව පවත්වන්නා දිහාවත් බලලා, සෝමේ අයියලාට එකතු වුණෙමි.

කෑම මේසය මඟුල් මේසයක් තරම් සරුවට තිබිණි. ඒත් ඒ එකක්වත් එතරම් රහකට මට දැනුණේ නැත.

“මේ මොකෝ මහත්තයා? කාලත් ඉවරද... අපි මේ තාම ලැහැස්ති වෙනවා.”
“ධර්මේ අයියලා හෙමිහිට කාල එන්නකෝ...”

මං ඉක්මනින්ම ධර්මේ අයියලගෙ ගෙදරින් පිටතට ආවේ, පාරෙන් එහා පැත්තේ ඉලක්කයට නෙත් යවමිනි.
හුටා! එතැන හිස්ය- අර හාදයා ගිහින්ය... එතැන කවුරුන්වත් නැත!
......

27 comments:

  1. සියලු දෙනාගේ දැන ගැනීම පිණිස...
    මේනක ආපහු ලියලා

    ReplyDelete
    Replies
    1. හුම්... ආන්න හොඳ වැඩ.

      Delete
    2. විරූප සුන්දරියෝ කා කොටාගෙන ගහමරාගන්න විදිහට blog ලියන අයත් නොකරන එක කොච්චර හොඳයිද කියලා හිත හිතා ගියා මේනක හම්බ වෙන්න. කවියක් ලිව්වා නෙවෙයි- ලියවුණා.

      මෙන්න කයිය:
      මෙහෙට එන මඟ කිව්වේ ඩ්‍රැකී තමයි
      ඇවිත් බලද්දී, සීයගෙ මළ ගෙදරයි
      සිත්තම හොඳයි නෙක නෙක පාටින් දිදුලයි
      ආයෙ දෙකක් නෑ 'මළ මඟුලක්ම' තමයි!

      Delete
  2. තන්ත්‍රයාන ගැන සියල්ල දත් ලෙස - ලිව්වත් එදවස මං කොල්ලා
    ලියාපු තරමක් ලිව්වේ සයිමන් - ගේ සාපේක්ෂණියෙන් උකහා
    තන්ත්‍රික් ගැන ඇමරිකානු සඳහන - දැකිය හැකියි මෙතනින් බලලා
    නඩු පවරන්නට කලියෙන් යන්නෙමි - තව තව විඩියෝ ලිංක් හොයලා

    ReplyDelete
    Replies
    1. ඇත්තද කිව්වේ කියල අහන්නේ නිකං පුරුද්දට වගෙ විතරයි
      සයිමන්ගේ පොත් ගොඩක් ගහන්නට දායකවුණු බව මට මතකයි
      යෝග තන්ත්‍ර භාවනා බණ දහම් කරන්න හදනා පොරක් හිටියි
      මිනිහම කියයිද කියල බලමුකෝ එයත් මෙව්ව කියවනවාමයි

      Delete
  3. සියලු දෙනාගේ දැන ගැනීම පිණිස...

    මේනක ආපහු ලියලා.

    ReplyDelete
    Replies
    1. හානේ... ඔය ඇත්තමද? සියලු දෙනාම දැනුවත් උනා. ස්කෝතුයි.
      මෙම දැනුවත් කිරීමට තෑග්ගක් වශයෙන් ඔබට හිමි පුස්ලෝඩම යතා කාලයේදී නුවරඑළිය තැපැල් කාර්යාලයේ කැන්ටිමේ කුස්සියෙන් ලබාගත හැක.

      Delete
    2. මේනක ලා දෙන්නෙක් ලියලද, නැත්තං දෙපාරක් ලියලද?

      Delete
    3. උඹ ළඟදි කම්මලය එහෙම ආස්සරේ කළාද?

      Delete
    4. ප්‍රසඤ්ඤ,
      තැපැල් කාර්යාලයේ කැන්ටිමක් තියෙනවද? මං දන්නෑනෙ... හැබැයි මෙහෙ තියෙන තෙතමනේ හැටියට පුස්කනව තමා ඔ්නෙ ම ලෝඩමක්.

      වම්පා,
      නෑ බොල, මේකෙ එක කමෙන්ට් එකක් දාල, පෝස්ට් එක කියෝල, තව ‌කමෙන්ට් එකක් දාල බලද්දි, පළමුවෙං දාපු කමෙන්ට් එක නිදිය ගිලල. ඉතිං ‌තව පාරක් කමෙන්ට් කළා. පස්සෙ දැක්කෙ, කමෙන්ට් තුන ම තියෙනව කියල.

      ආයි ප්‍රසඤ්ඤ,
      කම්මලය සෙට් කළා වත්තල පැත්තෙ ‌ලාවට ගෙට්ටුවක්. යන්ඩ බැරි උනා.

      Delete
    5. අර අජීරණේ බෝකරපු ගේට්ටුවද?

      Delete
  4. ඒ ගමන තව එකකට සෙට් වෙන්නද යන්නෙ. අපරාදෙ අර හාදය හින්ද යසට තිබ්බ කෑම ටිකටවත් වග කියන්න බැරි උනානෙ.

    ReplyDelete
    Replies
    1. අනේ අනේ. කෑම ගැන ලිව්වම එකක් අහනවා. කාම ගැන ලිව්වම තව එකක්....

      ඔන්න ප්‍රසෝ, කවුරුන්වත් නොලියපු කෑමක් ගැන හිතේ හිර කරගෙනම හිටියා. ඒකත් ලියන්න හිතුනා තමුන්නැහේ නිසා!

      Delete
  5. එල එල..
    පරණ ඒවායේ කොටස් ටිකත් ලියන්න....

    ReplyDelete
    Replies
    1. වෙන වෙනම කතන්දර වගේ හෙඩින්ග්ස් දාලා- කොටස් කරලා ලිව්වට ලලිත්- එක ජීවිත කතන්දරෙනේ ලියන්නේ. එකකට එකක් සම්බන්ධයි- සංසාරේ වගේ!

      Delete
  6. අලුත් එකක් පටන් අරං... හොඳා හොඳා.

    ReplyDelete
    Replies
    1. නමී, උඩින් ප්‍රසන්නට කියපු කතාව ලියනකොට චරිතෙකට ගන්න නමකුත් ඔන්න ඔලුවට ආව 'පැණි ඇත්නම් කිරි හොඳා' කියලා උත්තර දෙන්න හදද්දී. කිරිහාමි!

      Delete
  7. මහරගම / පමුණුව ගැන ඔය විදිහට තමයි ලියවෙන්නෙ. ඒත් මදෑ. ස්තුතියි

    ReplyDelete
    Replies
    1. Pra Jay මහත්තයෝ, බ්ලොගය ලියලා ඉවර කරගත්තම කරන්න ඉන්න 'බකට් ලිස්ට් එකේ' උඩින්ම තියෙන්නේ ඔබතුමාගේ යෝජනාව.

      Delete
  8. Replies
    1. ඒකට තුති, යළිත් එතියි සිතමි; පතමි!

      Delete
  9. එල ද බ්‍රා....
    අර හාදයා කොහෙගියද

    ReplyDelete
  10. අන්තිම ෆොටෝ එකේ පිරිමි ලමයට සමාන ෆොටෝස් නිමල් දීඝායු හා සංජේ ගැන ලියපු පෝස්ට්ස් වලත් දැම්මා නේද. ඒ නිමල්ගෙ 'ටයිප්' එකද.

    "වෙසක් දවස වෙන තුරුමවත් ධර්මේ අයියා කූඩුවක් හදන විත්තියක් ගමට පෙනුණේ නැත. ඒත් වෙසක් දවසේ පාන්දර වෙද්දී නම් ධර්මේ අයියලාගේ ගෙදර මිදුලේ ඇටවුමක් ඉදි වෙලාය". ඒ වගේ වැඩිය ලොකුවට ප්ලෑන්ස් ගැන කතා නොකර වැඩේ හරියටම කරන අය මම නම් හරියටම අගය කරනවා. ප්ලෑන් කරලා වැඩ කරන අය හොඳයි, නමුත් මෙහෙම අය විශේෂයි. මම හිතන්නෙ ඒගොල්ලන්ගෙ හිතින්ම විස්තරාත්මක ප්ලෑන්ස් හදා ගන්නවා-වැඩිය කියවන්නෙ නැතුව. ඒ මනුස්සයාට තරහ යනවා ඇත්තෙත් ඒ නිසා වෙන්න ඇති. එකපාරටම කවුරු හරි මොනවා හරි කිව්වම stream of thoughts එකට බාධා වෙනවනෙ. (එච්චර සරලව තරහ යන එක විග්‍රහ කරන්න බෑ තමයි. මම නිකම් කිව්වෙ).

    ReplyDelete
    Replies
    1. Lotus, අද නං ඔයාට උත්තර දෙන්නේ නැතුව ඉන්නයි හදන්නේ. දෙවෙනි කොටසෙන් ලියන්නං.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්