මේ දුර්දාන්ත පාලනය හමාර වී, අරගලයට
ජයග්‍රහණය අත්වීම මගේ ඒකායන ප්‍රාර්ථනයයි! |
සතුට ලබා ගන්නටය මං වහන්සේ හැමදේම කරන්නේ.
ඒත් අද; 2022 ජුලි 9 වෙනිදා මා ඉන්නේ අසතුටෙනි. ඒ මටම
වලංගු නැති මගේ දෙතිස් කුණපය හින්දාය. හොඳ හයිය ඇති කොන්දක් තියෙද්දීත්, දැන් මට
වැඩි වෙලාවක් හිටගෙන ඉන්නට බැරිය. හදිසියකදී වුණත් දුවගන්නට බැරිය. තනියෙන්
කොහාටවත් යන්නට අකැමැති ඒ නිසාය.
හයිය හත්තිය තියෙනවා නම්, අද උදේ මාත් ඉන්නේ කොළඹය;
ආදරයේ අරගලයේ අලුත්ම අදියර ‘දෙවෙනි නිදහස් සටන’ට එකතු වෙමිනි. රටට ආදරය කරන
පුරවැසි හැමෝම මේ සටනට එකාවන්ව කොළඹට පැමිණෙනු ඇත!
අනේ, මටත් එහි යන්නට තිබුණා නම්...
මගේ හෘදය සාක්ෂිය වද දුන් නිසාම ‘ගෝඨා ගෝ ගමේදී’ පැය 69 -1 = 68 උපවාසය කරන්නට ගිය බව මෑත අතීතය කියයි. ඒ දුෂ්කර ප්‍රයාමයෙදී
මගේ නෑ-හිත මිතුරු කැල මෙන්ම, මා ඊට පෙර නොදැක සිටි- කලින් හඳුනා නොගෙන සිටි අය
පවා මා තනි නොකළහ. ඒ උපවාස කුටියේදී ‘No Parking’ බෝඩ් එකක් කකුල උඩට පෙරලීම නිසා
හටගත් තුවාල සුව වෙනතුරු දෙමාසයක්ම ‘ගෙට වෙලා හිටින්න’ට මට සිද්ද වුණේය. එයිනුත්
මට වඩා කරදර වින්දේ මගේ හිතවතුන්ය.
එය මට පාඩමක් ඉගැන්නුවේය!
‘තමුසෙ විහින් මැරෙන එක වෙනම වැඩක්. හැබැයි, තමුසෙ නිසා
අනිත් මිනිස්සුන්ව අමාරුවෙ වැටෙන්න ඉඩ තියෙන වැඩවලට බහින්න එපා...’
ඒ හින්දාය මං අද කොළඹට නොයන්නේ.
ඒත් මට කළ හැකි උපරිමය කරන්නෙමි. (ජුලි 9 උදේ අවට නිවැසි
පිරිසක් සමඟ වීදි බැස අපේ විරෝධතාව පෑමටයි, මා සැරසී සිටින්නේ!) මේ දුර්දාන්ත
පාලනය හමාර වී, අරගලයට ජයග්‍රහණය අත්වීම මගේ ඒකායන ප්‍රාර්ථනයයි!
මගේ පරම පැතුම එයයි- මගේ පරම සතුට එයයි- එතැනට මා යොමු කරන්න.
ඉතිං, ආයෙමත් සතුට ගැන කතාවට යනවා නම්...
අබිං වතාවතෙන් පස්සේ සීයා මහරගමට යයි. තේ කඩේකින්
ඥානකතාවක්, විස්කිරිඤ්ඤ එකක්, හුළං විස්කෝත්තක් හරි රෝස් පාන් එකක් හරි කාලා-
තේකක් බීලා... |
‘කියෙව්වාට වස් නැත.’ මං එහෙම කියෙව්වේ ටෛම්ස් කන්තෝරුවෙන් අච්චු ගස්වා, පරසිද්ධියට
පත් කරපු ‘ලංකාදීප’ පත්තරයයි.
එතකොට අපේ ආච්චී සරුවටම‘අන්ජිසාම් පැකට්’ වියාපාරයේ නිරතවී උන්නාය. ඒ නිසාම මඤ්ඤොක්කා ආච්චී ලෙසින්
පමුණුවේ නම රන්දාගෙන හිටි දසනායක රත්නවතී, පමුණුවේ සිල්ලප්පු වත්තේ තිබුණු එකම
පොල් අතු ගෙයි පදිංචි වී හිටියේ වත්තම බද්දට අරගෙනය.
ඉරිමා උදෙන්ම කෝපි වැක්කිරීමෙන් අපේ ආච්චී වැඩ අල්ලයි.
රත්නවතී එහෙම කළේ දිසානායක හේවගේ චාර්ල්ස් හෙවත් අමු
කැලේ හෙවත් ‘ජලා හුකා හුකා පරියා’ වගේ අනන්‍යතාවන් ගණනාවක්ම
තිබුණු ඇයගේ ප්‍රියාදර ස්වාමි පුරුෂයා වෙනුවෙනි.
කෝපි කෝප්පය නැත්තං අපේ සීයා වෙවුළයි. ‘නැඟිට ගන්නටවත්
පණ කළඳක් නෑ ඕයි!’ කියමින් කෙඳිරි ගාන්නටත් වෙයි. අපේ සීයාට දිවිය අවුසදයක් වුණේ
කෝපි කෝප්පය නොව, ඒකත් එක්කලා නිය’ගින් චුට්ට චුට්ට දිව ගෑ ‘බෙහෙත්’ය.
අපේ සීයා එහෙම ‘බෙහෙත්’ කියලා කිව්වේ අබිංවලටය. එයා තදින්ම
අබින්වලට ඇබ්බැහිවී හිටි කෙනෙකු බව අප දැන ගත්තේ පස්සෙන් පහු කාලයේය.
ඒ අබිං වතාවතෙන් පස්සේ සීයා මහරගමට යයි. තේ කඩේකින්
ඥානකතාවක්, විස්කිරිඤ්ඤ එකක්, හුළං විස්කෝත්තක් හරි රෝස් පාන් එකක් කාලා- තේකක්
බීලා... ලංකාදීප පත්තරෙත් අරං උන්නැහේ ‘සුරුස් ගාලා’ ආපහු එයි. සුරුස් ගාලා ඒම කොහොම වෙතත් එහෙම එන විත්තිය
කියලාය, සීයා ආච්චීගෙන් උදේට සල්ලි කීයක් හරි ඉල්ල ගන්නේ.
පත්තරේ උඩින්ම ‘ලංකාදීප’ logo එක
දෙපැත්තෙන් තියෙන ඉර උදාව- රාහු කාල දෙකේ හිට... |
-මඤ්ඤොක්කා/ කොස්/ දෙල්/ හෝ බතල ගැඹුරු තෙලෙන් බැද, සීනි
පත්පැණි කොට දවටා- පැකට් කොට එකක් සත පහ බැගින් විකුණන්නට ගෙනිහින් ආවාමත්, සීයා ඒ
සල්ලි සේරම ආච්චිට දෙන්නට ඕනෑය. බෙහෙත් ගන්නට, බීඩිවලට, රේස් දාන්නට වගේ දේවල්වලට සීමාවක් ඇතිව ඒ
සල්ලිවලින් ටිකක් සීයාට නිකුත් කෙරෙන එක වෙනම වැඩකි.)
ඉතිං ‘අනෙඃ, මං නොදන්න ඔහෙගෙ සුරුස්...’ වගේ ඇනුමක් කියන
ආච්චී සීයාට සල්ලි දෙයි.
සීයා ආපහු ආවාම තේ කඩෙන් කෑවේ මොනවාදැයි ආච්චීට හෙළි
වෙයි. එහෙම වෙන්නේ මෙහෙමය. සීයා මොනවා කෑවත් ඒ වර්ගයෙන්ම එකක් සරමේ මඩිස්සලේ දමාගෙන ආච්චිටත් ගෙනෙන හින්දාය. එතකොටත්
බටු ඇට රංජි හාන්සි පුටුව උඩට නැඟලා හරි-බරි ගැහිලා වාඩි වෙලා හෙම ලැහැස්තිය.
සීයාගෙන් ලංකාදීප පත්තරය අරගන්නා ආච්චී පත්තරෙන්
කියවන්නේ ‘මායාකාරී’ විතරය.
ඊළඟට පත්තරය මගේ අතට වඩින්නේය. “රංජියො, කුමන්ත්‍රණ නඩුව කියෝපන් පුතේ” පත්තරය දෙන
අතරේ ආච්චීට කියවෙන්නේ ඉබේමය; පුරුද්දටය.
පිටුවක්- දෙකක් පුරා තියෙන නඩු වාර්තාව කියෙව්වාට පස්සේ රංජි පත්තරේ මුල් පිටුව
පෙරළා ගනී. පත්තරේ උඩින්ම ‘ලංකාදීප’ logo එක දෙපැත්තෙන් තියෙන ඉර උදාව- රාහු කාල
දෙකේ හිට මුළු පත්තරයම ආච්චිලා වෙනුවෙන් හඬ නඟා කියවෙන අතරේ, වයසක ජෝඩුව වියාපාරයේ
වැඩ කරති.
“අනේ රංජි පුතේ, ඒ දවස්වල උඹ පත්තරේ බිමින් තියන්නෙ,
අන්තිමට තියෙන පත්තරේ අච්චු ගහපු වාක්කියත් අපට ඇහෙන්න කියෙව්වට පස්සේ!” අපේ ආච්චී
පණ පිටින් ඉන්නා තෙක්ම සිහිපත් කළාය.
මගේ පුරුද්දෙ විදිහටම, හතර වටේ පඳුරු තලමින් වටේ-පිටේ විස්තරත්
ලියන හින්දා අදත් ප්‍රධාන කතන්දරේ කීම පරමාද වෙන්නේය.
ඒ ඉපැරණි ලෙන් බිතු සිතුවම්වලින් මෙතෙක්ම
සොයාගෙන තිබෙන ඉතාම ආදිකාලීන සිත්තම් පෙළ දැක්ක හැක්කේ දකුණු ප්‍රංශයේ ‘ලැස්කෝ’ ලෙනේයි. |
‘ශ්‍රී වික්‍රම’ කතාවත් එතැනම පළ වුණත්- ඒ මායාකාරීට
පස්සේද, මැණික් කුමාරිට ඉස්සෙල්ලාද කියලා නං මේ පුතයාට හරියටම නිනව් නැත.
ලංකාදීපයේ මැද පිටුවක පහතින්ම, භීම නම් වීරයෙකු ප්‍රධාන
චරිතය කොටගත් (භීමගේ වික්‍රම නම්?) චිත්‍ර කතාවකුත් පළ වුණේය. මගේ හැඟීම නම් එය
ඉංගිරිසි පන්නයට අඳින ලද්දක් හෝ, ඉංග්‍රීසි කතාවක් සිංහල අකුරු යොදා සකස් කෙරුණක්
බවයි.
මොක වුණත්, ඒ කතාව මට නම් වැඩිය නෑල්ලූ එකකි!
කුමන්ත්‍රණ නඩු විභාගය ඉවර වුණාට පස්සෙත්, අපේ ආච්චී
ලංකාදීපය ගැනිල්ල නැවැත්තුවේ නැත්තේ ඔය චිත්‍ර කතා හින්දාය.
මුලින් කී කතා ත්‍රිත්වයම ලිව්වේ ධර්ම ශ්‍රී කල්දේරා
මහතාය. චිත්‍ර ඇන්දේ පුරවිජය ෆොන්සේකා මහතාය.
චිත්‍ර කතාව විසි දහස් වසරක කතාවකි
මිනිසා රූපයෙන් කතා කතා කීමේ කලාව පටන් ගත්තේ මෙයට
හවුරුදු විසි දහසකටත් ඉස්සරදීය. මේ ආදිකාලීන මිනිසාගේ චිත්‍ර කතා ගල් යුගයේ ලෙන්
බිතුවල සටහන්ව පවතී.
ඒ ඉපැරණි ලෙන් බිතු සිතුවම්වලින් මෙතෙක්ම සොයාගෙන තිබෙන
ඉතාම ආදිකාලීන සිත්තම් පෙළ දැක්ක හැක්කේ දකුණු ප්‍රංශයේ ‘ලැස්කෝ’ ලෙනේයි.
අපේ බෞද්ධ සිද්ධස්ථානවල බිතු සිතුවමින් කියවෙන...(foto- ත්‍රිසිංහලේ අඩවියෙනි.) |
විශ්මයකට මෙන් ඉහත කී ‘ලැස්කෝ’ ලෙනත් පළමුවෙන් ලෝකයට
අනාවරණය කොට දෙන ලද්දේ ළමා ළපටින් කණ්ඩායමක් විසිනි. ඔවුහු මේ ලැස්කෝ පෙදෙසේ වන
ලැහැබ්වල කෙළි සෙල්ලමෙහි යෙදී සිටියහ. හදිසියේම ඒ ළමයින්ගෙන් එක්කෙනෙක් ගැඹුරු වළක
වැටුණේය. වළේ වැටුණු සිය සගයා සොයන්නට ගිය සෙස්සන් දැක්කේ තමන්ගේ යහළුවා වැටී
සිටින්නේ ආදි කාලීන ලෙනක් තුළට බවයි. ඒ ලෙනත් බිතු සිතුවමුත් ගැන අර ළමයින් කී
කතාව නිසා නවීනයනට ඒ ලැස්කෝ ලෙන පාදාගත හැකි වූයේය.
පැරැණි ලෙන් බිතු සිතුවම් කලාව අනුක්‍රමයෙන් විකාශනය වී
මිසර සංස්කෘතියේ පැරැණි සිද්ධස්ථාන සතු බිතු සිතුවම් පහළ වූයේය. මේ මිසර බිතු
සිතුවම් හැම අතින්ම පාහේ නවීන චිත්‍ර කතාවලට සමානය.
නවීන චිත්‍ර කතාවකදී මෙන්ම ඒ පැරණි බිතු සිතුවම්වලදීත්
චිත්‍ර කතාවක් කියවීගෙන යන්නේ ප්‍රධාන සිද්ධි පෙළක් රූපයට නැගීමෙනි. නවීන චිත්‍ර
කතාවල තිබෙන සංවාද ‘බැලුන’ මෙන්ම මේ මිසර චිත්‍ර කතාවලද හයරෝග්ලිපික් අකුරෙන්
ලියවුණු විවරණ පාඨ ඇත්තේය.
අපේ බෞද්ධ සිද්ධස්ථානවල බිතු සිතුවමින් කියවෙන කතාවක්
ගෙන බලන්න. පාඨකයා පුවත්පතක චිත්‍ර කතාවක් පෙදෙන් පෙද වැඩෙන හැටි බලා ගන්නාක්
මෙන්ම බෞද්ධ සිද්ධස්ථානයකට යන බැතිමතාටත් විහාර ගෙයි එක් කොණක සිට අනෙක් කොණට
යමින් යම්කිසි චිත්‍ර කතාවක් කියවා බලාගත හැකි වෙයි.
නවීන චිත්‍ර කතා සතු බැලුන මෙන් මේ මේ බෞද්ධ විහාරවල
නිරූපිත චිත්‍ර කතාවලද යටින් යොදන ලද විවරණ පාඨ ඇත්තේය.
තවත් ඒවා කැප්ටන් මාවල් වැනි විශ්ව වීරයන්
ගැනයි. තවත් එකක... |
විශ්මයකට මෙන් මේ චිත්‍ර කතාව රූප කොටු අසූවකින් කියා
තිබෙන්නේ හරියටම නවීන යුගයේ චිත්‍ර කතාවක ශෛලියෙනි.
මේ නයින් සලකා බලන කල්හි නවීන යුගයේ චිත්‍ර කතා කලාව
මානව සංස්කෘතියෙහි ඉපැරණි යුගයක පටන් පැවැති කලා අංශයක් අලුතෙන් සොයා ගැනීමක්
පමණි.
ඇතැම් චිත්‍ර කතා ලෝකය මුළුල්ලේම පාඨකයන්ගේ සමාදරයට ලක්
වන්නේය. අද ලොව ඉතාම ජනප්‍රිය චිත්‍ර කතාව වශයෙන් විචාරකයන් විසින් ගණන් ගනු ලබන
ෂූල්ස්ගේ ‘පී නට්ස්’ නම් චිත්‍ර කතාව පුවත්පත් 1,340 ක පළ වෙයි.
අද ඇතැම් චිත්‍ර කතා අනාගත වංශ දේශනා වැනි විද්‍යාත්මක
කතායි. තවත් ඒවා කැප්ටන් මාවල් වැනි විශ්ව වීරයන් ගැනයි. තවත් එකක ජනප්‍රිය චිත්‍ර
කතාවක් හුදෙක්ම ළමා ළපටින් පිළිබඳව පමණි.
අතිශයන්ම ජනකාන්ත වූ ඒ ළමා ළපටි චිත්‍ර කතාව ‘පී නට්ස්’
නම් වේ. එහි නිර්මාතෘවරයා චාර්ල්ස් ෂූල්ට්ස්ය. එහි ප්‍රධාන චරිතය චාලි බ්‍රවුන්
නමැති දරුවෙකි.
චිත්‍ර කතාව විද්‍යා කතාවක් වුවද වීර කතාවක් වුවද සිනා
කතාවක් වුවද ඉන් මාහැඟි සෙතක් සැලසේ යැයි මනෝ විද්‍යාඥයෝ පවසති. මක්නිසාද යත් චිත්‍ර
කතා මිනිසාට විනෝදය පෙරටු කොටගෙන දැනුම සපයමින් නවීනයන්ගේ දැඩි අසහනයන් තුනී කරන
හෙයිනි.
‘සතුට’ මංගල කලාපයේ දෙවෙනි පිටුවටය, එඩ්වින් ආරියදාස මහතා විසින් ඒ චිත්‍ර කතා විවරණ ලිපිය... |
(*- මෙයද මුද්‍රණ දෝෂයක්
විය යුතුය. පාඨමාලාවලටත් යනුවෙන් නිවැරදි වූ විට අරුත්බර වෙයි. -නිදි)
චිත්‍ර කතා නවීන යුගයේ ජන කලාවකි. ඉන් ඒ ඒ ජන කණ්ඩායමේ
ඇතුළු හද ප්‍රකාශ වන්නේය. (+මේ) ප්‍රකාශනය චිත්‍ර (+කතා පත්තර) කලාවේ ස්වර්ණ
යුගයක් ලංකාවටත් උදා වීමේ විභූතිමත් පෙර නිමිත්තකි.
දැන් ‘නිදිගෙ පංච තන්තරේ’ බ්ලොගයෙන් ‘අකුරු මැකී නෑ’ කැටගරිය
යටතේ ඉදිරිපත් කරන පොත්-පත්වල කොටස් උපුටා දක්වන්නේ රතු පාටින්ය. මගේ ඒ පුරුද්ද
අනුගමනය කරමිනි, ඉහත ලිපිය රතු පැහැති අකුරෙන් යෙදුවේ.
මේ ලියවිල්ලත් පරණ එකකි.තව සති කිහිපයකින් අවුරුදු පනහක්
පිරෙන ලියවිල්ලකි. එය පළවී තිබුණේ ‘ලංකාවේ පළමුවන චිත්‍ර කතා පත්තරයේ’ මංගල
කලාපයේය. එය; ‘සතුට පත්තරය’ පළ වුණේ 1972 අගෝස්තු 29 වෙනි අඟහරුවාදාය. ලේක්හවුස්
ප්‍රකාශනයක් ලෙසිනි.
එහි දෙවෙනි පිටුවටය, එඩ්වින් ආරියදාස මහතා විසින් ඒ චිත්‍ර
කතා විවරණ ලිපිය ලියා තිබුණේ.
එතකොටත්, එඩ්වින් ආරියදාස මහතා ලේක්හවුසියේ ප්‍රකාශනවල
මහදැනමුත්තාය.
එතුමා පත්තරවලට ලියන්නට පටන් ගෙන තිබ්බේ, මං වහන්සේ ඉපදෙන්නට හිතලාවත් නැති
කාලයේය;
බදුල්ලේ ‘රහුබැද්දේ විදානේලගේ ලීලාවතී මෙනෙවිය’ව දෛවෝපගත ලෙසින් හමු වීමට ‘දිසානායක හේවගේ ගුණපාල’
තරුණයා රේල්ලුවට බැඳෙන්නට හිතලාවත් නැති කාලයේය;
1949 අවුරුද්දෙය, ජනමාධ්‍යවේදියෙකු ලෙස එඩ්වින් තරුණයා සිය පළමු ලිපිය ලියා
තිබෙන්නේ!
සතුට මංගල කලාපය පිටපත් ලක්ෂයකට ආසන්න
සංඛ්‍යාවක් මුද්‍රණය වුණු බව කියැවේ. |
එඩ්වින් ආරියදාස මහත්තයා ගැන මෙසේ විශේෂයෙන් සටහන් කළේ,
මගේ වරුණයකුත් කියන්නට ඉඩ පාදා ගන්නටය. (මං වහන්සේම නොකියා ඉතිං මගේ පම්පෝරි වෙනිං
කවුරු කියන්නද?)
එඩ්වින් ආරියදාස මහතාගෙන් සන්නිවේදනය ගැන ඉගෙන ගන්නට මට
ඉඩ ලැබිණි; නායකත්වය ගැන ඉගෙන ගන්නට මට ඉඩ ලැබිණි; එතුමා සමඟ ශ්‍රී
ලංකා පරිසර පර්ෂදයේ ක්‍රියාකාරී කමිටුවේ සාමාජිකත්වය දරන්නට මට ඉඩ ලැබිණි; එකම වෑන්
රියක නැඟී රට පුරා ගිහින්- විවිධාකාරයේ තරුණ වැඩ සටහන්වලට දේශකයෙකු ලෙස සහභාගී
වෙන්නටත් මට ඉඩ ලැබිණි.
ඒ, මා ‘ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ- තරුණ ජනගහන කමිටුව’ට සම්බන්ධ වීමෙන් පස්සෙය; ඒ
හරහාය.
සතුට මංගල කලාපය පිටපත් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් මුද්‍රණය
වුණු බව කියැවේ.
ඒ කලාපයේ පිට කවරය ‘පස් පෙති මලකින්’ හැඩවී තිබිණි. තොරණ
ආකෘතියක අදහස රැගෙන අනුර විජේවර්ධන ශිල්පියා එය ඇන්දා විය යුතුය.
කිසිම පළපුරුද්දක් නැතිව; සෝදු පත් බලා තිබුණු දැනීම විතරක් ඇතිව; අහම්බෙන් මුද්‍රණ
කර්මාන්තයට පිවිසී- දශක දෙකකට වැඩි කාලයක් එහි නියැලෙන්නට මේ මැට්ටාට සිද්ද වුණේය.
අන්න එතැනදී විවිධාකාරයේ ‘හපනුන් රැසක්’ම හඳුනා ගන්නටත්, ඔවුන්ගේ ඇසුර ලබන්නටත් මට
වාසනාව පෑදුණේය. එයින් මට ලැබුණු විරල chances ගොඩකි. ඒවායින් සමහරක් ගැන ‘කූචු කුචයියෝ’ වැනි posts කිහිපයක්ම මා
දැනටමත් ලියා තිබේ. (දැන් මගේ ජීවිත කතාවෙන් වැඩි හරියක් ලියලා ඉවරය. ඒ නිසාම සමහර
අතීත posts කියවා නැති පාඨකයනට ඒවාට පිවිසීම පහසු කරවන්නටය links යොදන්නේ.)
තවත් එහෙම පෝස්ටුවක් ලියන්නට කලින් මම ගුණසිරි කොළඹගේ
මහතාණන් හමු වුණෙමි. එතුමා සමඟ දිගු සාකච්ඡාවකුත් කළෙමි. කෙටි සටහනුත් පිළියෙළ
කළෙමි. අපේ ඒ පිළිසඳර කෙරුණේ 2019 අප්‍රේල් 5 වෙනිදාය.
ඒ post එකට ඇතුළු කරන්නට වෙන වැදගත් සිදුවීමක් ගැන තවත් විස්තර සොයන්නට කාලය ගත
විණි. අන්තිමේදී ඒ වැඩේ කරන්නට ‘ජාතික ලේඛනාගාරය’ට යන්නටත් තීරණේ වුණේය.
Bloggers Eve එකේදී අපේ ගෙදරට පැමිණි හිතවතුන් අතරේ
හිටි ගවේෂණකාමී; බ්ලොග්කාරයන්ව උසි ගැන්වීමේ රුසියෙකු වූ Pra Jay මහත්තයා මට උදව්
කරන්නටත් ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වුණේය.
‘ඔයාට නැති බඩු තියෙනවා නම් කියන්න. කඩයක් කඩලා හරි ගෙනත් දෙනව!’ සුමිතුරු පාලිත කරුණාරච්චිත් කීවේය. (පාලිත පවුලේ අය හා...) |
ඒ කතාව හෙනහුරු උන්නාන්සේටත් ඇහිලා වගේය.
හෙනහුරා කොරෝනා වසංගතය එව්වේය; lock down එව්වේය.
“නිමල් අයියේ, ඔයා වගේ අයට තියෙන risk එක වැඩියි. කොහෙවත් යන්න එපා. ගෙදරටම වෙලා
ඉන්න. ඕනි කරන දෙයක් තියේ නං කියන්න. අපි ගෙනත් දෙන්නම්.” අයස්මන්ත, ශිරන්ත,
චමින්ද (පෝල්) දොස්තර මහත්තුරුන් ඇතුළු මගේ මිතුරු සංසදයේ සාමාජිකයෝ මාව නිවාස
අඩස්සියේ තැබූහ.
“නිමල් අයියේ, කොහාටවත් යන්න එපා. ඔයාට නැති බඩු තියෙනවා
නම් කියන්න. කඩයක් කඩලා හරි ගෙනත් දෙනව!” සුමිතුරු පාලිත කරුණාරච්චිත් කීවේය. (ආඩම්බරයෙන් මේවා ලියන
ගමන්ම, මගේ හිතවතුන්- අසල්වැසියන් හා නෑදෑයන් එකාවන්ව එකතු වී, මා ජීවතුන් අතර තබා
ගැනීමට දරන වෙහෙස ගැන ඒ හැමටම පිං දෙමි!) ඉතිං, ලේඛනාගාරයට යන ගමනත්- අර පෝස්ටුව
ලිවීමත් පරක්කු වුණේය.
Pra Jay මහත්තයා 2021 නොවැම්බර් 24 වෙනිදා මාව ලේඛනාගාරයට කැන්දන් ගියේය. අර කාරණයට අදාළව හොයාගත්තු
සමහර විස්තර එකිනෙකට පරස්පරය! ඒ පෝස්ටුව ලිවීම තවත් පස්සට දැමුණේය.
නමුත් ‘මහරගම පත්තරය’ හා තවත් පොතක් ගැන මගේ මතකය
නිවැරදි බව හොඳටම තහවුරු වුණේය!
ගුණසිරි කොළඹගේ මහත්මාණෙනි, එදා අපේ සාකච්ඡාවේදී
ඔබතුමාගෙන් කියවුණු කොටසක් පමණක් අද පාවිච්චියට ගන්නෙමි. ඒ ගැන ඔබට අනේක වාරයක්
ස්තුතියි. එසේ කරන්නේ ඒ තොරතුරු ඉතා ඈත ඉතිහාසයට අයිති- මෙතෙක් හෙළි නොවුණු ඒවා වන
බැවිනි.
“ලංකාවෙ ලීඩින් ඇඩ්වර්ටයිසින් කොම්පැනියක කරන රස්සාව අත
ඇරල දාලා පත්තරේකට යන්න,මං? පිස්සුද නිමල්....” ගුණසිරි කොළඹගේ මහත්තයා... |
එතකොට නං මගේ කැත පුරුද්ද ඉස්සරහට පැන්නේය. ඒ තවත් විස්තර තහවුරු කර ගන්නටය.
“ඒ කිව්වේ රන් තෝඩු, ඔන්න බබෝ ඇතින්නියා වගේ
නාට්‍ය කරපු..”
“අන්න හරි, එයා තමා. ඔන්න ලේක්හවුස් එකෙන් මටයි ධර්මෙටයි දෙන්නට ආරාධනාවක් ආවා
කියමුකො චිත්‍ර කතා පත්තරේ පටන් ගන්න එන්නෙයි කියලා... ලංකාවෙ ලීඩින් ඇඩ්වර්ටයිසින්
කොම්පැනියක කරන රස්සාව අත ඇරල දාලා පත්තරේකට යන්න, මං? පිස්සුද නිමල්....”
කොළඹගේ මහත්තයා හිනා වෙන්නේ මහ සද්දෙටය; දිගට දිගේය.
එතකොට කොළඹගේ මහත්තයා J වෝල්ටර් තොම්සන්
වෙළෙඳ ප්‍රචාරක සමාගමේ රාජකාරියේය. ‘එහෙම තැනක රස්සාවක් දමා ගහල පත්තර කන්තෝරුවකට
යන්න?’ ඔහු අසයි.
විෂ්ණු ෂර්මන් පඬිතුමාගේ ‘පංච තන්ත්‍රය’ පොතේ ශෛලිය මං වහන්සේ ‘නිදිගෙ පංච තන්තරේ’ට කොපි කර ගත්තේ, මගේ
කතන්දරය කියන්නට මගේම ශෛලියකට වඩා ඒක ගැලපෙන හින්දාය.
ගුණසිරි කොළඹගේ මහත්තයා එහෙම නොවේ. ස්ටැන්ලි
අබේසිංහ, ජී.ඇස්. ප්‍රනාන්දු චිත්‍ර ශිල්පී ගුරුවරුන්ගෙන් දිය සායම් චිත්‍ර ඇඳීම
ගැන ඉගෙනගෙන, තමාගේම ශෛලියක් ගොඩ නඟා ගත්තේය. චිත්‍ර කලාවෙහි මෙන්ම දැන්වීම්
කලාවෙහිත් මැනවින් හපන්කම් පෙන්නුවේය.
මට ගුණසිරි කොළඹගේ මහත්මා මුණ ගැස්සුවේ
මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්මාණන්ය. (ස්තුතියි සුනිල් සර්!) ඒ විස්තර වෙනම
පෝස්ටුවකදී කියන්නටය, මගේ හිත.
“නිමල් දන්නවනෙ, උපාලි ග්රූප් එකෙන් ඩෙල්ටා
ටොෆී හදද්දී ඒකට චුට්ටවයි- චුට්ටිවයි ඇන්දෙත් මං බව.” කොළඹගේ මහත්තයා අසයි.
ඒ පරිණත මනුස්සයා එක්ක කතාවට ගියාම වෙනම ලෝකයකට ගියා වගෙය. තෙල් තියෙන්නේ පැහුණු
පොල්වලනෙ; කලටි පොල්වල නෙවෙයිනෙ.
පොත්-
පත්තර කෙරුවාවෙදී ඔහොම හුටපට සිද්ද වෙන බව මං දැනගත්තේ... |
“ඈ.., බොරුකාරයෙක්! මේ මං... ඒ මොකද නිමල්?”
“සරසවිය පත්තරේට කොළඹගේ මහත්තයා ඇන්දා නේද චිත්‍ර කතාවක්- ඩ්රැකියුලා පන්නයේ....”
“ඇන්දා නේන්නං... මට නම නං...” කොළඹගේ මහත්තයාටම මතක් කර ගන්නට වෙලාව දීම මට
පාඩුය. “හෙවණැල්ල නේ?” මම මතක් කළෙමි.
ඒ ඇතිය!
“හඃ හඃ හා! දැන් මට තේරෙනව නිමල්ගෙ හරුපේ...
ඒක වුණේ මෙහෙමනෙ නිමල්. විමලසිරි පෙරේරා* සරසවිය පත්තරේ කර්තෘ විදිහට පත් වෙලා
ඉඳිද්දී සරසවිය පත්තරේට චිත්‍ර කතාවක් අඳින්නය කියලා ලේක්හවුස් එකෙන් මට ආරාධනාවක්
ආවා.
ෆ්‍රී ලාන්ස් විදිහටනේ... අපි දෙන්නත් වැඩේට set වුණා. කතාව ලියන්නෙ ධර්මසිරි. අඳින්නෙ
මං.
එක පත්තරේකට කොටස් තුනක් අඳින්න ඕනි. දෙවෙනි පිටුවෙයි, අග පිට කවරෙ ඇතුළු පැත්තෙයි
අන්තිම පිටුවෙයි පළ කරන්න...” කොළඹගේ මහත්තයා හිනා වෙවී කියාගෙන යයි.
(විමලසිරි පෙරේරා*
බදුල්ලෙන් මහරගමට සංක්‍රමණය වුණාට පස්සේ, මාව ඇතුළත් කළේ ‘මහරගම විද්‍යාකර විද්‍යාලයේ’ හතරේ පන්තියටය. අපේ පන්තිය භාර ගුරුතුමිය
වුණේත්, අපට සිංහල විෂය ඉගැන්නුවෙත් එන්.එම්. පෙරේරා ටීචර්ය. එතුමිය, සරසවිය
පත්තරේ කතුතුමාගේ ප්‍රියාදර බිරියයි.)
“සමහර දවසට චිත්‍ර කතාවේ කොටස් තුන ගෙනියන්න
J. වෝල්ටර් තොම්සන් කොම්පැනියේ office එකට එන්නෙ සෝමවීර සේනානායක.
අපේ office එක තිබ්බෙ ගෝල්ෆේස් එකේ. සෝමවීර එනකලුත් ධර්මේ කතාවේ කොටස් මට එවල
නෑ.... අර මනුස්සයාව හිස් අතින් යවන්නයැ. අනික, පත්තරේ වෙලාවට complete වෙන්නත්
එපැයි...”
ශ්‍රී
ලංකාවේ පළමු චිත්‍ර කතාව නීලා’ය. පළමු චිත්‍ර කතා පොතත් ඒකම යැයි කියැවේ. |
“ඔව්නෙ නිමල්. මං කොටස් තුන ඒ විදියට දඩි-බිඩියෙ ඇඳල දෙනකල් සෝමවීරත් ඉන්නවා....”
පොත්- පත්තර කෙරුවාවෙදී ඔහොම හුටපට සිද්ද වෙන
බව මං දැනගත්තේ පස්සෙ කාලෙකය.
“ඉතිං මාත් අඳිනවා... කතන්දරේට හානියක් වෙන්නෙ නැති විදිහට. පත්තරේ සම්පූර්ණ වුණාට,
ඒ සුමානේ කතාව ඉස්සරහට යන්නෑ. එතකොට නිමල්ට මොකද හිතුණේ, හැබෑට?”
“ඇත්තටම කොළඹගේ මහත්තයෝ, මාර තරහයි! එතකොට
අපි පත්තර පිස්සොනේ. TV තිබුණු කාලයකුත් නෙවෙයිනේ...
ඒක නෙවෙයි. ඇයි කොළඹගේ මහත්තයා ලේක්හවුස් එකේ චිත්‍ර කතා පත්තරේට නොගියේ? ගියා නම්
එහෙම කොළඹගේ මහත්තයත් ලංකාවේ පළමුවෙනි චිත්‍ර කතා පත්තරේ කොටස්කාරයෙක් වෙනවා!”
“නිමල් දන්නවද...?” කොළඹගේ මහත්තයා අසයි.
එතුමා කීවේ මට නම් හිතා ගන්නටවත් බැරි කතාවකි. හැබැයි එය ඔබට කියන්නට වෙන්නේ ඊළඟ
පෝස්ටුවෙනි.
ඉතිං ඊට පස්සේ.....
වටිනාකියන ලිපියක්! ඊරිෂ්‍යා හිතෙනවා ඔබ ඉදිරිපත් කරන පරණ පත්තර කෑලි දැක්කම!
ReplyDeleteLitseeker, ස්තුතියි.
Deleteමේ ලිපියට අවශ්‍ය කරන පරණ පත්තර නං හොයාගත්තේ අන්තර්ජාලයෙන්... ටිකක් මහන්සි වෙන්න වෙනවා. පරණ විස්තර ඔලුවේ තියෙන එක උදව්වක් වෙනවා හැබැයි. සතුට මුල් කලාපය විතරක් නෙවෙයි- ගොඩක් චිත්‍රකතා ගැන විස්තර මේ අඩවිවලින් හොයා ගත්තහැකි.
https://www.facebook.com/groups/957085401013465
.https://www.facebook.com/supiri2020
https://helaroo.lk/sinhala-chithra-katha/
ගිහින් බලන්න. විවේකයයි ඕනි!
නිමල් අංකල්,
ReplyDeleteමමත් පහුගිය මාර්තු මාසේ මැද හරියේ ඉඳලා දැඩි ලෙස ආණ්ඩුවට බල කරමින් ජනතා නැගිටීමට සම්බන්ධ වෙලා සටන් කළා, ගෝල් පේස් එකට ඇවිත් වැඩි කාලයක් මමත් හිටියා ඒකෙන් මාර යාලුවො සෙට් එකක් හම්බ උනා මරු පොරවල් ඒ වගේම මම දේශපාලන විද්‍යාව අනුව ව්‍යවස්ථා සහ නීතිමය කටයුතු ගැන මීට කලින් නොදැන හිටපු ගොඩක් දේවල් දැනගත්තා ඒ යාලුවො එක්ක ඉන්නකොට මමත් මගේ තාක්ෂණිකදැනුම එතන හිටපු කට්ටිය එක්ක ෂෙයාර් කර ගත්තා හරිම රසවත් කාලයක් අපි කාල බීල ලස්සන programs පොත් පත් බලලා අපේ වයසේ කෙල්ලෝ එහෙම අඳුනගෙන හරිම විනෝදජනක කාලයක් ගත කළා තමයි
ඒ උනාට ලංකාවේ දැනට පවතින ප්‍රධාන ප්‍රශ්න වලට මුහුණ දීමට අරගල කර කර මහ පාරේ වටිනා කාලය නාස්ති කරන එක විතරක් තේරුමක් නැති වැඩක්
ඉන්දියාවේ ණය ටික නිසා ටික දවසක් ප්‍රශ්න කල් දාගන්න පුලුවන් වුණා ඒත් දැන් ඉන්ටවල් ඉවරයි දැන් රටට අවශ්‍ය ඩොලර් සොයා ගැනීම සහ රජයේ නාස්තිකාර වියදම් නවත්වලා රජයේ අනවශ්‍ය සේවකයන් ඉවත් කිරීම සහ ඒ අයට පුළුවන් තරම් විදේශ රැකියා සහ දේශීය පෞද්ගලික අංශයේ අපනයන ආශ්‍රිත රැකියා වලට යොමු කළ යුතුයි නැතුව මේක විසඳන්න පුළුවන් කමක් නැහැ ඉතින්
රනිල් වික්‍රමසිංහ අගමැති තනතුර ඔයා බාර ගන්න මම අස්වෙලා සම්පූර්ණ සහය ලබා දෙන්නම් කියල යෝජනා කරපු වෙලේ ඉදන් මගෑරපු අනුර කුමාර වැනි අය ලංකාවේ පාලනය බාර ගන්න මෙච්චර බය වෙන්න හේතුව කුමක්ද?
මට හිතෙන විදියට නම්
දැන් අනුර කියයි ගෝටා ඉන්නකම් බෑ කියලා. යම් විදියකින් ගෝටා අයින් උනොත් ඊට පස්සේ කියයි දැන් බෑ පොලව ඇදයි කියලා, මෙහෙම බය නැතුව වගකීමක් අරන් වැඩක් කරන්න පුළුවන් කවුරුත් නෑ නේද ලංකාවේ විපක්ෂ කණ්ඩායම් වල කිසිම එකක? පේන්නේ නම් එහෙම තමයි ටිකක් හරි ඕකේ පාඨලී චම්පික රණවක, ධම්මික පෙරේරා වගේ කට්ටිය මොනවා හරි කරන්න පුළුවන් අය බව පේනවා ඒත් ලංකාවේ ආර්ථිකය ගොඩ දාගන්න ලේසි නෑ මම හිතන්නේ කාලයක් හැමෝටම ලොකු කට්ටක් කන්න වෙනවා මමත් විදේශ ගත වෙලා තියෙන්නේ මේ දවස්වල මම කියන්නේ අපේ වයසේ තරුණ පරපුර හැමෝම අඩුම තරමේ මැදපෙරදිග කලාපයේ වත් ජොබ් එකක් හොයාගෙන ගෙදර ඉන්න වයසක දෙමාපියන් නෑදෑයන් වෙනුවෙන් සහයෝගය ලබා දෙන්න කියලා තවත් කචල් දදා රට වල පල්ලට යද්දී තවත් වලටම තල්ලු නොකර මේ ගැන නිමල් අංකල් හිතන්නේ මොකක් ද?
අරගලයත්, අරගල බිමත් මම දකින්නේ විශ්ව විද්යාලයකටත් වඩා කෙනෙකුට දැනීම ලබාදෙන දේවල් හැටියටයි. හැබැයි එහෙම වෙන්නේ උවමනාවෙන් බලන කෙනෙකුටයි.
Delete'මැණික් ගලේ පය හැපුනට කනෙක් ඇහිඳලා ගනීද' කියලත් කියනවනේ.
මට හිතෙන්නේ එක පියවරක්- මූලික පියවර විතරයි ඊයේ දිනුවේ. දැනුයි සැබෑ සටන තියෙන්නේ කියලයි!
සුබවාදීව හිතමින් බලා ඉන්නවා මොකද වෙන්නේ කියලා....
'සතුටේ උපත කඳුලයි සදා' කියලා සුනිල් එදිරිසිංහ කියනවා නේද, නිමල්. මම නම් හිතන්නෙ සමහරවිට බුද්ධාගම නිසා (වැරදි විදිහට) ඔලුවට දාල තියෙන අදහසුත් සතුට සොයාගන්න එක වලක්වනවා කියලා. (බැනුම් අහන්න වෙන දෙයක් කිව්වෙ).
ReplyDeleteමාතෘකාවෙන් පිට දෙයක් - Shinzo Abe ඝාතනය අහලා ලොකු දුකක් දැනුනා. හැබැයි ඒක ගැන තමන් 'ෂොක්' වුනා කියලා ට්වීට් කරපු ලංකාවෙ කෙනෙකුට අනිත් අයගෙන් ලැබිලා තිබුනු ප්‍රතිචාර දැකලා නම් ටිකක් හිනා ගියා. වැඩක් නෑ ඒවුනාට ලැජ්ජාවක් තියෙන මිනිස්සු නෙවෙයි නෙ.
දෙවෙනි අරගලයට ජය වේවා!!
බුද්ධාගම විතරක් නෙවෙයි Lotus අපේ රටේ දේශගුණයත් අපිව කම්මැලියන් කරනවා නේද? වෙන රටවල දේශගුණික තත්ත්වයන් නිසා හොයාගත් දේවල් ගැනත් හිතන්නකෝ.
Deleteඔයා රොබට් නොක්ස්ගේ 'එදා හෙළදිව' පොත (පරිවර්තනය) කියවලා තියෙනවද?
මට මතක හැටියට නොක්ස් කියලා තිබුණා 'සිංහලයා මෝඩයා - කැවුම් කන්න යෝදයා', 'ඔවුහු බොරු කියන්නෝ වෙති' වගේ අදහස්. ඉතිං කොහෙද ලජ්ජාවක් ඉතිරි වෙන්නේ.... අපි තද බුද්ධාගම්කාරයො තමයි- එහෙම කෙනෙකුගෙන් අහන්නකො බෝසතුන් වහන්සේ බෝධිසත්ත්ව කාලයේදී කැඩුවේ නැතැයි කියවෙන එකම පන්සිල් පදය මොකක්ද කියලා.
දෙවෙනි අරගලයත් දිනලා ඉවරම තරම්. තෙවැන්න තමයි අමාරුම වෙන්න ඉඩ තියෙන්නේ...
පෙරේදාත් getcomics එකෙන් GB ගාණක ඩවුන්ලෝර්ඩ් කලා. දැනට එකතුකරල තියන මුද්‍රිත හා ඩිජිටල් කොමික් කියවන්න කාලයක් තියෙයිද මංද.
ReplyDeletehttps://www.easyayurveda.com/2015/01/18/opium-poppy-seeds-benefits-research-dose-side-effects/
Pra Jay මහත්තයෝ, මනුස්සයා කියන සතා එකතු කරන්නමයි පුරුදු වෙලා ඉන්නේ.... මාත් බාගෙන තියෙන තවම බලන්න වෙලාව නොලැබුණු films දෙසීයක් විතර තියෙනවා. සල්ලි දීලා ගත්තු පොතුත් බර ගාණක් තවම කියවල ඉවර නැහැ. ඒ දෙජාතියම තව-තවත් ගොඩ ගැහෙනවා හිතවත් අයත් ඒවා දෙන නිසා!
Deleteඒ අස්සේ තමුන්නාන්සේලා වගේ අයත් නොකා බැරි ලණු දෙනවනේ....
අබිං ගැන link එකත් ඒ වගේ හොඳ ලණුවක්!
getcomics එකටත් ගියා නෙව link එක නොදී ඉඳලත්. ඒකෙ සැකැස්ම වගේ මේ අඩවියේ තියෙන්නේ : https://helaroo.lk/sinhala-chithra-katha/
අර චිත්‍රකතා ලින්ක් එක නියමයි. සම්පූර්ණ නැතත්, ඔහොම හරි තියෙන එකම මැඳෑ?
Deleteඒත් මට තේරිච්ච දෙයක් තමයි, කාලය වෙනස් වෙනකොට හැමදෙයක්ම වගේ රසවින්ඳනයත් වෙනස් වෙන බව.
දැන් වගේ ඉන්ටනෙට්, ටොන් ගාණක් ඇනිමේ, කොමික්ස් නොතිබ්බ ඒ යුගේ, පත්තරය එනතෙක් බලා ඉඳලා, ඒක නොඉවසිල්ලෙන් කියවල ලබපු රසය, අද ගන්න බෑ කියන එක. එක, එක වෙළුම, පිටුව කොට,කොට යාමත් දැන් වෙහෙසකර වැඩක්.
අනේ කාලෙ, ගෙඩි පිටින් බාගත කරන දේසේ!
This comment has been removed by the author.
Deleteස්තූතියි ලින්ක් එකට
Deleteහොඳ දේට ප්‍රචාරයක් ලබාදී, වැඩි දෙනෙකුට ප්‍රයෝජන ගන්නට ඉඩ සලසා දෙන්නටයි මගේ වැඩි කැමැත්ත.ඔබතුමාලා දැනටම එයින් පල ලබනවා දැක හරිම සතුටුයි!
Delete+++++++++
ReplyDeleteහුම්... ඒම බලාන ගියාම චිත්‍ර කතාවල ආදීතම කෘති තමයි ලෙන් චිත්‍ර
Deleteබටහිරින් පොඩි අයට ආපු Comics Book ගැන නම් මගේ කිසි පැහැදීමක් නෑ... ඒවයෙන් ළමා මනස දූෂණයට, ෆැන්ටසිය මානසිකත්වයට යොමු උනා
වල පැල ඉක්මනට හැදෙනවා- පැතිරෙනවා. මල් පැලවලට සාත්තු කළත් හදා ගන්න අමාරුයි. නේද නමී.
Deleteහැම දෙකම සාධනීය වගේම සාධනීය නොවන පැතිත් තියෙනවනෙ.
'හඳහාමී, කිරියි පැණියි දියෝ' කියද්දී වැඩ කීපයක් වෙනවා වගේනෙ.
1. වැඩක් නොවෙන ආසාවල් පසුපස යන්නට හුරුවීම
2. සොබා සොඳුරු බව අගය කිරීම
3. මෝඩයන් වීම
4. හඳ කියන්නේ ග්‍රහයෙක් බව අමතක කරවීම
5. 'දියෝ' කීමෙන් යමක් බලහත්කාරයෙන් කරවා ගැනීමට පුරුදු වීම... වගේ කොච්චර දේවල් කෙනෙකුට පෙනෙන්න හැකිද... ඒවා එකිනෙකාට දැනෙන්නේ ඒ ඒ කෙනාගේ කෝණයෙන් නේද?
අපිත් පිට රටවල් වල ඉඳල හරි ලංකාවේ අරගලයට සමාන්තරව සම්පුර්ණ සහායක් දිය යුතුයි. මම හිතන්නේ ලංකාවේ ජූලි මාසයේ නම වෙනිදා සර්ව පාක්ෂික අරගලය සමග මුග්ධ ජනාධිපති නන්දසේන රිළවා අයින් වෙලා යන්න බොහොම දුරට ඉඩ තියෙනවා තව මාස තුනකට විතර පස්සේ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරාවි පේන විදියට නම් ඒ වගේම තමයි නන්දේ කියන වල් පාහරයා අයින් වුනාම හැමදාම උද්ඝෝෂණ ව්‍යාපාර කරමින් සිටින යල්පිනූ වාමාංශික මතවාද දරන අමු මැටි මීහරක් රැල වගේ ඔහේ රට හරක් වගේ තප්පු ලමින් කෑ ගැසූ IMF යන්න එපා කිවූ මන්ද බුද්ධික ඉතිරි හොර නඩය එන්න උත්සාහ කරයි.
ReplyDeleteනමුත් බූරු පුතාණො කියන මන්ද බුද්ධික කාලකන්නි සක්කිලි බල්ලාවත් බැසිලිකා උන්නැහේ ගේ තවත් පිල්ලියක් වන අනුර කුමාර වැනි අවස්ථා වාදී තක්කඩි අය සහ වාමාංශික මීහරකුන් කාටවත් බලය ලබා ගැනීමට ඉඩ නොදී මේ වෙලාවේ වහාම ක්‍රියාත්මක වී මේ සිස්ටම් එක වෙනස් කළ යුතු අතර ඔය එක පක්ෂයක්වත් නැතිව වෘත්තීය විශේෂඥයින්ගෙන් සමන්විත කණ්ඩායමක් ජනතාවට විනිවිද භාවයෙන් සියළු තතු වාර්තා කරන ක්‍රමයක් මුලින්ම හදා පසුව මැතිවරණයකට යා හැකියි. මැතිවරණ කටයුතු මෙතෙක් කල් කර තිබෙන්නේ පක්ෂපාතී විදියට. මේ මැතිවරණ ක්‍රමය වෙනස්කර උගත්කම අනිවාර්ය කල යුතු දෙයක්. ලංකාවේ ඉන්න සමහර ගොන් මිනිස්සු කරට අත දාලා ළමයි වඩා ගන්න ලැජ්ජ නැති මායම්කාරයන්ට රැවටෙනවා. මේවා නායකත්වයට ආල දේ නොවන බව තේරුම් ගත යුතුයි මූලික වශයෙන්.
තමුන්නාන්සේ කියන මායාවලට රැවටීම ගැන ප්‍රස්තුතය කරගත් ලිපි පෙළක්ම අයස්මන්ත මහතාත්, මාත් එකතුවී ලිව්වා 'හැඟුම් දඩ මීමාට වහං වී' කියලා. වෙලාවක් තියේ නම් බලන්න. මෙන්න පළමුවැන්නට ලින්කුව:
Deletehttps://nidigepanchathanthare.blogspot.com/2020/06/blog-post_69.html
දේශපාලනයේදී හා නායකත්වය දැරීමේදී කෙනෙකු උගත යුතු, ප්‍රගුණ කරගත යුතු දේවල් වගේම උපතින්ම ලබාගත යුතු දේවලුත් තියෙනවානේ.
ඕනෑම සත්ත්ව ප්‍රජාවක අනුගාමිකයන් හා නායකයන් බිහි වන්නේ 5:1 අනුපාතයටයි යන්න මම විශ්වාස කරනවා.
නව ජනාධිපති වරයා අග්‍රවිනිශ්චයකාර තුමා ඉදිරියේ දිවුරුම් දෙන රටවල් තියෙනවා නේද? එහෙම රටවල් සෑහෙන ගොඩක් තියනවා. දැන් එහෙම රටක ජනතාව ලොකු අරගලයක හිටියා කියමු. ඔන්න එකපාරටම හමුදාව පොලිසිය පවා මිනිසුන් ගේ පැත්ත හැරිලා ආණ්ඩුවට අස් වෙන්න කියනව. එතකොට බලය ඇත්තටම තියෙන්නේ ජනතාව හෙවත් මිනිසුන් ගේ පැත්තේ. නමුත් ඇත්ත වශයෙන්ම තියෙන්නේ බලය පිලිබඳ වැකුම් එකක්. නැත්නම් බලයේ හිඩැසක්. ඒ වගේ වෙලාවට අර ලක්ෂ ගණනක ජනතාවම ඒක රාශි වෙලා තමන් අතරින් කෙනෙක් තෝරා ගෙන අග්‍ර විනිශ්චයකාර තුමා ඉදිරියට ගිහින් ජනරජයේ ව්‍යවස්ථාවට අත ගහලා එයාට දිවුරුම් දෙන්න කියනවා ජනාධිපති හැටියට. ජනතාව විසින් තෝරා ගත් නිසා එතැන තියෙන්නේ ජනතා පරමාධිපත්‍යයක් නේද? ඊට පස්සේ එයාට ජනාධිපති හැටියට තාවකාලික රජයක් පිහිටුවන්න පුළුවන්ද?. ඊට පස්සේ පාර්ලිමේන්තුව විසිරුවා හැරලා නව පාර්ලිමේන්තුවක් පත් කර ගන්නත් පුළුවන්ද?. නීතිය දන්නා කෙනෙක් කියන්න බලන්න.
Deleteඅජිත් මහත්තයාට ඉක්මනින් පිළිතුරු ලැබේවා!
Deleteමයිනා නැතත් කල දවසක් ගෙවෙන්නයි
ReplyDeleteඅන්තර්වාරයක් පිහිටට ලැබෙන්නයි
වංචා, කොමිස් දුර්ගුණ දුරු කරන්නයි
අලුත් ඉරක්, අලුත් දැයක් ලැබෙන්නයි
හිට්ලර්, ඉඩි අමින්, ස්ටාලින් වාගේ
Deleteකවුරුත් ගියා ඉදිරියෙ ජන බලවේගේ
එනමුත් නොදැනුණොත් වෙනසේ තියෙන අගේ
ආයෙත් ඒවි, කපුටන් රජ කරන යුගේ!
හොඳ විස්තර ටිකක් මේ ලිපි වලින් දැනගන්න පුලුවං වෙයි වගේ.
ReplyDeleteඊයෙ ආපු ජන ගංගාව දිගටම එකතු වෙලා හිටියොත් මේ රට ගොඩගන්න අමාරු වෙන එකක් නෑ ඉක්මනිංම.
ඔව් මිනිස්සු නීතිය අතට ගන්න හදන්නෙත් නෑ වාගේ.. ඒක බොහොම සාධනීය ලක්ෂණයක්. හම්බවුනු සල්ලි පවා අදාළ තැන් වලට ලැබෙන්න සැලැස්සුවා නෙව
Deleteප්‍රසා, නමී.
Deleteදැන් ඉන්න තරුණ පෙළ වැඩිහිටි අයට වඩා දැනුවත්! ඒකයි මේ.
මේ පොඩි කතා හරි ලස්සනයි. මම තේ දෙක තුනක් බිබී , සුරුට්ටුවකුත් හීනියට ගහගෙන පොතක් කියවනවා ගාඩ්න් එකට වෙලා. මගේ සතුට තමයි ඒ.
ReplyDeleteසතුට බෝ වේවා - අපටත් එය ලැබේවා!
Deleteමගේ ළමා කාලයේ ආශ්‍රය කරපු පත්තර තමයි නවයුගය, මිහිර, සතුට සහ සිත්තර.
ReplyDeleteකොහොමද ඔයාට ටිකිරි පත්තරේ මඟ හැරුනේ ඉයන්? දවස නිවසෙන් ගැහුවේ ඒකනේ.
Delete