1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස

Sunday, March 17, 2019

දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස

සක්වා ලිහිණි මොන වගේද?
සක්වා ලිහිණියාගෙ ඡායාරූප නැතත්...............
පහුගිය පෝස්ට් එකේදි මං එහෙම ඇහුවා. ‘ඉන්ටර්නෙට් එකේවත් නැති ඔව්වා හොයන්න යන්නේ නැතිව ඊළඟ කොටස එනකල් ඉවසාගෙන ඉන්නවා’ කියලයි මධුශංඛ විතානගේ සහෘදයා ඒකට කියලා තිබ්බේ.

Pra Jay නම් හොයාන යන්න පාරක් පෙන්වලා තිබුණා, වෙනදා වගේම. ඒ ලින්ක් එකට ගියාම තිබුණා Swallow Bird ගැන බරසාර ලිපියක්. 

ස්වැලෝ බර්ඩ් වචනයේ අරුත ‘වැහි ලිහිණියා - දිය ලිහිණියා’ කියලයි, මලලසේකර ඩික්ෂනරියේ කියන්නේ. 

ඉතින් අර ලිපියේ කියන විදියට නම් වැහි ලිහිණියා ග්‍රීක, රෝම මිත්‍යා කතාන්දරවල නිතර සඳහන් වෙන කුරුල්ලෙක්. දෙවිවරුන් පවා වැහි ලිහිණි වෙසින් ඇවිත් තියෙනවා. හොඳම කාරණාව තමා වැහි ලිහිණියා ආදරය එක්ක ගැටගැහිලා තිබීම. හැබැයි එතැන සක්වා ලිහිණි කතන්දරයක් නැහැ.

සක්වා ලිහිණියා වගේම තවත් කුරුල්ලෙක් තමයි ෆීනික්ස් කුරුල්ලා. ඌ ගැන නම් වැරැදි බෝනස් එක 2 පෝස්ටුවේදීත් කිව්වනේ.

කට්ටකාඩුවේ ලොකු මල්ලී තමයි මතක් කළේ මහගම සේකර මහත්තයාගේ ‘සක්වා ලිහිණි’ කාව්‍ය සංග්‍රහය ගැන. ඒත් මේ කවිය නම් ගත්තේ ඒකෙන් නෙවෙයි, වෙන තැනකින්.

මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහත්තයා ගොඩක් වෙහෙසිලා..............
   ඉඳු නිල්   මිණි තුළ පා සී මැඳුර        තුර
   මනකල්   වන සඳ සදිසි         නොවිතර
   සුවි පුල්   ගෙදිගුවිල් වැද සරණා   නිතර
   විය වුල්   දුක්ව සක්වායුග ගියෝ    හැර

මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහත්තයා ලොකු ගවේෂණයක් කරලා ලියපු ‘පුරාණෝක්ති සංග්‍රහය’ (2003- ගොඩගේ) ප්‍රකාශනයේ 325 පිටුවෙයි, මේ කවිය තියෙන්නේ. කවියට ඉස්සෙල්ලා මෙහෙමත් තියෙනවා.

“සක්වාලිහිණි - චක්‍රවාක පක්ෂි යනුවෙන්ද සඳහන්වේ. කෝකිල සන්දේශයේ මේ කව් ‘සක්වා යුග’ යනුවෙන් හැඳින්වේ.
පණ්ඩිත ඩබ්ලිව්.එෆ්. ගුණවර්ධනයෝ සිය ගුත්තිල කාව්‍ය වර්ණනාවේ මෙසේ සඳහන් කරත්.

‘චක්‍රවාක පක්ෂීන් දෙදෙන දිවසාවසානයෙහි වෙන්වනු ඔවුන්ගේ නියතියකි. ඒ වෙන්වීම බොහෝ දුකින් කරනු ලැබේ.”

අනේ ඉතින් පුහුදුන් මටත් අවසර දෙන්න ඕනේ, පුංචි පුරාජේරුවකුත් කියන්න. ඒ පොත බලන්න ගත්තොත් xxi පිටුවත් බලන්න, මතක ඇතිව. මහාචාර්යතුමා මේ ලියන්නටත් ස්තුති කරලා තියෙනවනේ!

............ ඒවාට කියන්නේ ප්‍රණය කලහ කියලාය.
සක්වා ලිහිණි කියන්නේ කවි සමයේ හම්බවෙන කුරුලු වර්ගයක් මිසක් ඇත්තටම ඉන්නා ජාතියක් නෙවෙයි කියලත් කියනවා. 

මේ කුරුලු ජෝඩුව එකිනෙකාට හරි ආදරෙන් දවස තිස්සෙම ඉන්නවා. ඇඳිරි වැටීගෙන එද්දි සිය කැමැත්තෙන්ම දෙන්නා දෙපොළකට වෙනවා. ඉතින් දෙතැනක ඉඳගෙන රැය පුරා සින්දු කියනවා. ‘කොතැනක හිටියත් ඔබ මෙලොවේ - සතුටින් ජීවත් වෙන්නකෝ’ වගේ විරහ ගීත වෙන්නැති කියන්නේ.

මට හිතෙන්නේ දැන් නම් සක්වා ලිහිණි සෑහෙන අමාරුවක වැටිලයි ඉන්නවා ඇත්තේ. දැන් ඉන්න තරමක් තරුණ ගායකයො කොච්චරවත් අඬාගත්ත ගමන්; හොටු පෙර-පෙරා කියන්නෙම විරහ ගීතනේ. තෝරාගන්න බැරි තරම් තියෙන ‘අඳෝනාවන් කන්දරාව’ නිසා උන් සින්දු කීම අතෑරලාද දන්නෙත් නැහැ!

ඒ කාලේ දැන් තරම් ගායකයන් හිටියේ නැත. නළු-නිළියන් හිටියෙත් නැත. ලස්සන; හුරුබුහුටි; කඩවසම් තරුණ-තරුණියන් හිටියත් ‘කලා ලොවට’ එන්නට උනන්දු වුණේත් නැත. 

‘කලාකාරයෝ හිඟන්නෝ’ කියලා තිබුණු කතාව විශ්වාස කළ නිසා වෙන්නැතිය.

ඉතින් අපේ නාට්‍යවලට ගන්නටත් ගැහැනු ළමුන් හිටියේ නැත. නොහිටියාමත් නොවේ; හිටියෝය. හිටියාට රඟපෑම බැරි නම්? එහෙම අහේනියක ඉඳිද්දී තමා සිරි අයියා නීලා අක්කාව කැන්දන් ආවේ. ඇවිත් ටික දවසකින්ම පෙනුණේ ඒ දෙන්නා ‘කැලෑහඳේ ජයපාලට මාලිනී වගේ, අතුලට රෝහිණී වගේ, දුෂ්මන්තට සකුන්තලා වගේ’ එකිනෙකාටම උපන් ජෝඩුවක් බව.

හින්දි සිනමා අම්බරයේ විරහ ප්‍රේමවන්තයා වගේ...........
කරුමය වුණේ උන් දෙන්නාගේ නිමක් නැති ‘ප්‍රණය කළහ’ය. (විස්තර ඕනේ නම් තරහ නැතිව වැරැදි බෝනස් එක 11 පෝස්ටුව බලන්න.)

හැබැයි ඒවා දිගින්-දිගට ගියේ නැත. ඉක්මනින් සංසිඳුණාත් එක්කය. ආයේ මොකටද පස්සේ කියන්න ඉතිරි කරගන්නේ. අවුරුද්දකට විතර පස්සේ එයාලගෙ රණ්ඩු එයාලටම ඇතිවෙලාදෝ ‘ස්ථීර ප්‍රේමය’ බිඳී ගියේය. ඒකෙන් වුණේ ගීත රචිකාවෙකු හා නිළියෙකු මිහිඳු ළමා කලා කවයට නැතිව ගිය එකය.

මාස කීපයකට විතරක් සිරි අයියාවත් නැතිව ගියේය. එහෙම වුණේ එයා අද්‍යතන ප්‍රේමවන්තයන් වගේ කෙල්ලගෙන් පළිගන්නට ගිය නිසා නොවේ. විරහ වේදනාවෙන් දැවෙමින් උන්නු බව ‘ලෙසටම’ පෙන්වන්නට යමින් ‘රැඟූ’ නිසාය.

හින්දි සිනමාවේ විරහ ප්‍රේමවන්තයා දිලිප් කුමාර් වගේ රැඟූ නිසාය; 

දිලිප් රඟපෑවේ චිත්‍රපටවලය. සිරි අයියා රැඟුවේ මහරගම පාරක්-පාරක් ගානේය. නිකම්මත් නොවේ. නීලා අක්කා සිරීට ලියලා තිබුණු ‘සෙනෙහෙ කොළ’ මිටි දෙක තුනක්ම ඔළුව උඩින් තියාගෙනය. නහයෙන් අඬමින්; හඳුනන හැමෝටම ඒවා කියවන්නට දෙමින්ය! (සිරිගේ ෆුල් සීරියල් පෙම් කතා තව ඉස්සරහටය!)  

අපේ කවුරු-කවුරුනුත් තාත්තාගේ කේන්තියට බය අයයි. මොකට එච්චර බය වුණාද? තාත්තා සද්දන්ත ඇඟක් තිබ්බ කෙනෙකුත් නොවෙනකොට. හැබැයි අයෝමය එඩිතරකමක් නම් තිබුණේය. සමහර තැනදී ඕනෑවටත් වඩා, මෝඩකමුත් එක්කම. 

මගේ එක ගොන්කමක් නම්..............
ඒවා ඒ හැටියටම තාත්තාගෙන් ලොකු පුතාටත් ඇවිත්ය!

මගේ එක මෝඩකමක් නම් හිතෙන දේවල්; හැඟීම් සේරම හංගාගෙන නොඉඳීමය. වැඩියත්ම අපේ තාත්තාගේ බල කිරීම හින්දා අබරන් මාස්ටර්ලගේ ගෙදරට ගියාමත් ඒ මෝඩකම එළියට පැන්නේය.

එහාට කෙරුණු ඒ අභිනිෂ්ක්‍රමණය කොච්චර එපා කරපු එකක් වුණාද කියනවා නම් ඒ ගැන ඡායා මාත්තරයක්වත්; එකම එක ෆොටෝජෙනික් සලකුණක්වත් මගේ මතක සංචිතයේ ඇත්තේ නැත. මිනිස් හිත එහෙමද? සමහර අප්‍රසන්න දේවල් මතකයෙන් ඩිලීට් කරනවා වගෙය.

මරන්නට ගෙනියන හරකෙකු වගේ මාස්ටර්ගේ ගෙදරට ගියා මදිවාට, ගිය දවසේ මුළු රැය පුරාම හරිහමන් නින්දක් ලබන්නට බැරිවීම නම් මට හොඳට මතකය! ඒ කාලයේ විතරක් නොවේ, දැනුත් ‘නිදි’ වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම කුම්භකර්ණයෙකි. ඒ නිසාය එදා රෑ අතිබියකරු රැයක් වුණේ!

මාස්ටර් හැරුණු විට එහෙ තව තුන් දෙනක් හිටියෝය. 

පිටුපස පේළියේ තුන්වැන්නී සිමෝනා අඳින්නේ රෙද්ද සහ හැට්ටයයි. පස්වැන්නී ඩොල්පිනා අඳින්නේත් පලාපු ගවුමක් නොවේ! 


ඇන්ටි; මාස්ටර්ගේ බිරින්දෑ පළමුවෙනියාය. ඒ කාලේ පැටන් එකට ඇය දවස තිස්සෙම ඇඳගෙන හිටියේ ඉස්සරහින් පැලූ කිමෝනාවකි. 

ටිකාආආආආක් ඉන්න, තරහ නැතිව. කැමිලස් පෙරේරාගේ ‘සිමෝනා’ ඇඳගෙන හිටියෙත් කිමෝනාවක්ද කොහෙදය. (ඉතින් සේරම නවත්තලා ඒක හොයාගෙන ඉන්න ඕනෑය. හිත හරියන්නේ එතකොටය.)

අප්පට සිරි! වැරැදිලාය; මට වැරැදිලානෙ! සිමෝනා අඳින්නේ රෙද්ද හැට්ටයයි. එතකොට......

තව හෙව්වෙමි. එම්.ඩී. වීරරත්නගේ ‘මරිසිපාල’ එකේ අම්මණ්ඩිත් අඳින්නේ ඉස්සරහින් පැලූ ගවුමක් නොවේ. තව.... ම්හු! බලාගෙන යද්දී කාටූන්කාරයන් සේරම එක වල්ලේය. එයාලා කාටූනයේ ස්තිරියාවන්ට අන්දන ගවුම ඇඟට දාගන්න විදිය හිතාගන්නත් බැරිය....?

එතකොටමය තව එකක් මතක් වුණේ. මේ අන්තිම තුරුම්පුවයි. ඒකත් හරි ගියේ නැතිනම් මේ බම්බුව නම් ආයෙ හොයන්නෙ නැහැ-නැහැ-නැහැමයි! සත්තයි සහතිකයි.

හිතවත් අංජන ඉන්ද්‍රජිත් ‘ඉරිදා ලක්බිමේ’ රිද්ම අතිරේකයට අඳින එක..... 
පත්තරය පෙරළුවෙමි. මේ තියෙන්නේ බඩු!

ඉතින් අබරන් මාස්ටර්ගේ ඇඹණියන්දෑත් අද අඳින කිමෝනාවම...............
ඉතින් අබරන් මාස්ටර්ගේ බිරින්දෑ; ඇන්ටි දවස තිස්සේ ඇඳගෙන ඉන්නා කිමෝනාව පිටින්ම රෑටත් නිඳාගනියි, පහුවදාටත් ඒකමය. අරහේ රිදෙනවා- මෙහේ රිදෙනවා කියමින් දවස තිස්සෙම වයිවාරන්න තෙල් ජාතිත් ඇඟ පුරා උලන නිසා තෙලුත්- ඒවායේ ගඳත් ගවුමේය.

අනේ, ඒ මනුස්ස දෝණිගෙ වියපත් ආඝ්‍රාණ ඉන්ද්‍රියත් ඉක්මනටම වයසට ගිහින්ය. ඉතින් එයාට නොතේරුණාට මට නම් ........ ඒ ගඳ මතක් වෙන විටත් අජූවය. ඒ මගේ නහයේ වැරැද්දද මංදා. (හයටත් කලින් 3 පෝස්ටුවෙදී ‘පර්ෆියුම්’ චිත්‍රපටය ගැනත්, මට ඕනෑවටත් වැඩියෙන් ගඳ-සුවඳ දැනෙන විදියත් කිව්වා මතකයිනේ!)

ගෙදර හිටි දෙවැන්නා G ය. එයා මාස්ටර්ගේ පුතාය. මෙච්චර කාලයකට මං දැකලා තියෙන හොඳම සටහන් තබන්නා ඔහුය. සටහන් තිබ්බේ කොටුරූල් පොතකය. 

ඒ සේරම දවසේ අය සහ වැයය. “අයියා අන්තිම කුණා. රංජි මල්ලි දන්නවද, සත පහකට අඹ ගෙඩියක් කෑවත් ඒකත් ලියනවා..... මේං බලන්නකෝ!” ඒ ගෙදර තෙවැන්නිය S පස්සේ දවසක G ගෙ සටහන් පොත හොරෙන්ම මට පෙන්නුවාය.

“එයා මෙතැන නැන්දලටත් වැඩිය ඉදිමෙන්න හදනවා. බකයා. ඔයා දන්නවද? එයාත් මං වගේම තමයි. හදාගන්න ගත්ත කොල්ලෙක්, පුතාය කිව්වට!” S මා එක්ක කිව්වේ ඒ සුමානය ගෙවෙන්නත් කලින්මය.

ගමේ වරිච්චි ගෙයක් වුණත් ඊට වඩා ඉඩකඩ ඇති, එළිය, හුළං වදින..............
කලිනුත් කිව්වෙමි. ඒ ගෙදර පියස්ස පහතය.

ගමේ ගෙයක් වුණත් ඊට වඩා ඉඩකඩය; එළියය; හුළං වදිනවාය. මේ ඉලව්වේ ජනෙල් කියා දෙයක් නැතිම තරම්ය. අඳුරුය; වාතාශ්‍රය අඩු නිසා පුස් ගඳය. පළමුවෙනි දවසෙම මට තිත්ත වුණි.

“හරිම ෂෝක් රංජි මල්ලී. ඔයා දිගටම මෙහෙ ඉන්නවා නේද? මටත් පාලු නැහැ. කොහෙද, මෙහෙ ඉන්න තුන් දෙනාම ගොළුවොනේ. තිස්සෙම කටේ පිට්ටු හිර කරන් ඉන්නේ.” 
එදා පළමු පැය ගතවෙන්නටත් කලින්ම S මට කෙඳිරුවාය. 
ඇගේ දෙමවුපියන් නැතිද? එයා එහෙම අසරණවී ඉන්නේ ඇයි? එදා මට ඒවා ගැන නිනව්වක් නොවිණි. මට තේරුණේ මගේ ජීවිතය එකම අපායක් වෙන්නට යන බවයි!

ටිකාක් හරි මගේ හිතට ඇල්ලුවේ S විතරමය. ඇගේ අහිංසක හිනාවය; ඔව්, ඒ ගෙදර තිබුණු එකම ‘ඉනාව’ S අක්කගේ දයාව හා හිනාව විතරය.

ඒ අඳුරු ගුහාවේ තිබුණු එකම එක ඉනා බෙහෙත...........
එහෙම ඉනාවක් තිබ්බත්, ඒ නරකාදී අපායේ යමපල්ලන් රංචු පිටින් පොර වැදෙමින් මගේ නින්ද නැති කළේ එදා රාත්තිරියේ පැදුරට වැටෙනවාත් එක්කමය. 
මගේ අම්මෝ! එහෙම මකුණෝ කන්දරාවක්!! ඈතක තබා තිබුණු කුප්පි ලාම්පුවේ එළියෙන් වුණත් මට උන් ‘පේළි-පේළි-පේළි සැදී’ දිවගෙන එන හැටි පෙනිණි.

පහුවදා සෝදිසි කරද්දීය නිවැරැදිම විපත්තිය තේරුම් ගියේ.

ඒ ගෙය පරණය. බිත්ති හැමතැනම කඩතොලු වෙලාය. ඒ හැම කඩතොල්ලකම මකුණු කොලනිය. ඒ ගෙදරදී නම් කවදාවත් සැප නින්දක් ලබනවා බොරුය. 

යකෝ, මේ මකුණෝ මේ ගෙදර ඉන්නා එවුන්ගෙ රීරි බොන්නේ නැද්ද? මේකලාට මොකුත්ම දැනෙන්නේ නැතිද? (ඉස්සර පිචර් හෝල්වල පුටුවලත් මකුණන් පිරිලාය. දැන් උන් ඉන්නේ එහෙමත් තැනක විතරය.)

ලොව ඇති එකම ඛේදවාචකය දුප්පත්කම නොවෙන බව මට තේරුම් ගියේ එහිදීය.

පේළි පේළි පේළි සැදී උන් දිව එනවා..............
තනිවෙන්නට වීම කොච්චර  දුකක්ද? විශේෂයෙන්ම පිරිසක් මැදදී? S අක්කාට සිද්ධවී තිබ්බේ ඒ කරුමයයි. S දුකෙන් හිටියේ ඇයට හිතවත් කිසිම කිසිවකු ඒ ඉලව් ගෙදර සිටියේ නැති බැවිනි. ඒ නිසාමය පළමුවෙනි දවසේ පටන්ම මා ඇයගේ හිතවතෙකු ලෙස බාරගත්තේ.

ඇත්තම කිව්වොත් මට නම් ඇයව පෙනුණේ අසරණ මෝඩ ගහක් විදියටය. තකතීරු නිවට කෙල්ලෙක් විදිහටය. 
මොකට එහෙම නිවට වෙනවද? ගෙදරින් පැනලා යන්නවත් බැරිද චිත්‍රපටවල වගේ........... ඒ කාලේ මගේ දැනුමේ වපසරිය එහෙමය!

ඒ ගෙදර වැඩ කන්දරාවම පැටවෙලා තිබුණේ S අක්කාගේ කරපිටය. ඇන්ටි ඉඳහිට ගෙය අතුගෑම විතරක් කළාය.

ඒ හැරුණාම ඇය කළේ තොරතෝංචියක් නැතිව S අක්කාට කෙණෙහිලිකම් කිරීමයි. වෙලාවක හොඳටම බැණුම් අහන S අක්කා, ඊළඟට ටොකු කයි; නැතිනම් ගුටි කයි. තිස්සෙම කෙරුණේ කෙනිත්තිල්ලයි. 

මාස්ටර්ගේ ඇඹණියන්දෑ ගැහුවත්, ටොකු ඇන්නත්, කොනිති ගැහුවත් S කළේ චුට්ට වෙලාවක් හඬමින් ඉඳීම විතරය. ටිකකින් ඒ සේරම නොවුණා වගෙය. ඇයට තිබුණේ එකම සිහිනයකි.

ඒ එදා මගේ දැනුමේ වපසරියයි!
“අනේ රංජි මල්ලී. මේ ගෙදර එවුන්ට හොරෙන් ඔයා මට ලොකුම ලොකු උදව්වක් කරන්න ඕනේ. මං සල්ලි දෙන්නම්. ඔයා මට බෙහෙත් කඩෙන් හොඳ ඔලිව් තෙල් බෝතලයක් ගෙනත් දෙන්න ඕනේ. පුළුවන් නේද මල්ලී.” දෙවෙනි දවසෙම S අක්කා මාව රහසකට හවුල් කර ගත්තාය.

“ඔලිව් තෙල් මොකටද අක්කේ?”

“මේ බලන්නකෝ රංජි මල්ලී.” S අක්කා විදහා පෑවේ බලු නකුටක් තරම්වත් නැති ඇගේ කෙහෙවැටියයි. ඇත්තමය. බලුනගුට මල් නටුවක් වුණත් ඊට වැඩියෙන් මහතයි වගෙය! “හොඳ ඔලිව් තෙල් ටිකක් රත් කරලා හැමදාම ගානවා නම් කොණ්ඩේ වැවෙනවලු.” ඇය කීවේ හොඳ විශ්වාසයකිනි.

“ඉතින් ඔයාටම ගිහින් ගන්න බැරියැ. බෙහෙත් බඩු කඩ කීයක් තියෙනවද හන්දියේම?”

“යන්නම දෙයි. නැන්දා එක්ක මිසක් කොහෙවත් යැවිලි බොරු. එයා අවුරුද්දට සැරයක්වත් ගෙයින් එළියට බහිනවද? අර අල්ලපු ගෙදර අය එක්ක විතරයි නාන්නවත් යන්න දෙන්නේ!”

බලුනගුට මල් දණ්ඩක් තරම්වත් දැනෙන - පෙනෙන තරම් එකක්..............
අප නාන්නට ගියේ කුරුන්දේ තිබුණු නාන ළිඳකටය! කුරුන්දය කිව්වේ තඩි කුරුඳු කැලයකටය!! ඒ ගෙදර තිබුණු ළිඳ ගැඹුරුය. ඒකෙන් ඇදගෙන නානවාට වඩා කුරුන්දේ ළිඳට යන එක ලෙහෙසිය; විනෝදය.

දැන්............ ‘අද අපි ඉන්නේ විනෝදෙන්ම මත්වී- ඔව් මේ.....’ සිංදුවත් කියාගෙන ඊළඟ පෝස්ටුවට යමු!



15 comments:

  1. අප්පෝ ඔය පොඩි කාලේ වෙන ගෙවල්වල ගිහින් ඉන්නවා කියන එක මල ඇණයක් ... දැනුත් එහෙම තමා

    ReplyDelete
    Replies
    1. පොඩි කාලේ නෙවෙයි දැන් වුණත් මට නම් නංගිලා-මල්ලිලා ගෙදරක ගිහින් වුණත් දවස්ක් හිටියත් දෙකක් ඉන්න බැහැනෙ ලක්මාල් මං හිතන්නේ අහිගුණ්ටික නැකතක උපන් හින්දා වෙන්නැති.

      Delete
  2. තාම ඔලුව කැරකෙනව කිමෝනා ගඳට

    ReplyDelete
    Replies
    1. ඩ්රැකී. පොල් පටවපු බස්වල යන්නෙම නැහැ වගෙයි!

      Delete
    2. අපොයි නෑ. එක්කො බයික් එකේ. නැත්තං ට්‍රේන් එකේ...

      මම කිව්වෙ නිදිගෙ ලියවිල්ලෙ සැරට අර ගඳ දැනුනා වගේ උනා කියල.

      Delete
    3. ඒක මිසක්! ප්‍රශංසාවට ස්තුතියි!!

      Delete
  3. https://www.woodlandtrust.org.uk/naturedetectives/blogs/nature-detectives-blog/2019/02/which-birds-mate-for-life/

    ReplyDelete
  4. යමු කිව්වේ ඊළඟ පෝස්ටුවටද කසුන්, නැත්තං කුරුන්දේ ළිඳටද?

    ReplyDelete
  5. //සක්වා ලිහිණි කියන්නේ කවි සමයේ හම්බවෙන
    ඉන්ටරෙස්ටින් හින්ද ටිකක් හෙව්වා නිදි,
    රාමායනය සහ සස දා විවරණයට අනුවනං සක්වා ලිහිණි කියන්නේ චක්‍රවාක හෙවත් ruddy shelduck (Tadorna ferruginea)

    ReplyDelete
  6. ස්තුතියි සිරිබිරිස් උන්නැහේ. මඟ හැරුණු පෝස්ට් ටික කියවාගෙන එනවට ගොඩක් ස්තුතියි. Pra Jay කියපු ඔත්තුවකින් ස්වැලෝ බර්ඩ් හොයාගෙන ගියා වගේ, 'රඩි ශේල්ඩක්' ඉන්න දිහාටත් ගිහින් විපරම් කරන්නං.

    ReplyDelete
  7. ඒ ගෙදර මහ මාරාලයක් වගේ :)

    ReplyDelete
    Replies
    1. මට අදත් හිතෙන්නේ පෙරේත පාදයක තිබුණු එකක් වෙන්නැති.

      Delete