අන්තිමටම බලද්දී ආයෙමත් අපි තිදෙනා එක නඩයක් වෙලාය. ටික වෙලාවකට පස්සේ අපි තුන් දෙනාත් දෙකට බෙදෙන තැනට වැඩ සිද්ද වුණේය. අපට ඉදිරියෙන් ගිය පස් දෙනාත් ඒ වෙද්දී නඩ තුනකට බෙදී හිටි විත්තිය අප දැනගත්තේ පස්සෙන් පහුය...
ටක්කෙටම කියනවා නං අප අටදෙනා නඩ පහකට බෙදුණා නොවේ, බෙදෙන තැනට වැඩ සිදු වෙලාය... ඒ පොත්තන
කලපුව අසලදීය.
මේ වතාවේ අර දෙමළ බැතිමතියකට අලියා ගැහුවෙත් එහිදීය!
ඒ
අවාසනාවන්ත අලි ඇබැද්දිය සිද්ද වෙලා තිබ්බේ පාද යාත්‍රාවේ දෙවෙනි දිනයේ හෙවත්... |
අර පඳුරු
හෙවණේ ඉඳගෙන කඩල කාලා- ඉතිරි තරමක් බැතිමතුන්ටත් බෙදා දීලා, අපි ළිං තුන තෙක් යන
මාවතට අවතීර්ණ වුණෙමු. ගියේ ටික දුරකි.
“අනේ ලොකූ. It’s really hot. හෙමින් හෙමින් යනකොට හරිම අමාරුයි. මං දුවල දුවල
ගිහින් ගහක් තියෙන තැනක නැවතිලා ඉන්නං...” Sam අහන්නට ඇත්තේ බැරිම තැන වෙන්නැතිය.
එතකොටත් සමන්තිගේ ඉහෙන් කණින් දිය බේරෙයි. ඒ, එයා වතුර බෝතල කාලක් විතරම ඉස්මුඳුනට
වක්කරගෙන හිටි හින්දාය.
“ඔව් ඔව්
නංගී. මං අයියත් එක්ක එන්නං. ඔයාල කට්ටිය යන්න. තවලමේ බඩු ගෙනියන අයටත් හෙමින් යන
එක අමාරුයිනේ.” අයස්මන්ත මහත්තයා එහෙම කියමින් අනෙක් කට්ටියට speed කරන්නට වරම්
දුන්නාම, තමිර අපේ තනියට නැවතුණේ එපා කියද්දීය.
“නිදි, දැන්වත්
මට දෙනවා ඔයාගේ ඇඳුම් bag එක. මම ඒකත් අරගෙන පසිඳුල එක්කම යන්නං...” නමී සියවෙනි
වතාවට විතරත් ඉල්ලුවේය.
“මට තවම පුළුවන්. බැරිම වුණොත් නං bag එක විතරක් නෙවෙයි මාවත් උස්සගෙන යන්න
කියන්නංකො.” එහෙම කිව්වාම නමියා කටු-කුටු ගාමින් පුපුරා හැලෙන්නේ ‘තමුසෙගෙ
මහන්තත්තේ නං...’ කියමිනි.
එතකොට වෙලාව එකොළහට විතරය.
ගිය වතාවේ
මෙන්ම මේ වතාවෙත් මගේ ඉලක්කය වුණේ පැයක් විතර ගමනේ යෙදී ඉන්පසු විනාඩි කිහිපයක්
විවේක ගන්නටය. ඒත් ඒ වෙලාවේ නං නිමල් දිසානායකයාට ඕනෑ වුණේ ‘විනාඩි පහෙන් පහට’
ඉසිඹුලන්නටයි.
ඒ
අල්ලපනල්ලේ අපි තුන්කට්ටුවට තවත් ප්‍රමාද වෙන්නටත් හේතුවක් යෙදිණි.
“අන්තිමට නැවතිච්ච තැනදී වේලායුධය තියල ඇවිත්!”
“කොහෙද ඒක තිබ්බේ?”
“එතනම ගහකට හේත්තු කරලා... කවුරුවත් ඒකට අත තියන එකක් නෑ. ඔයාල මෙතනම ඉන්න. ඔන්නං
කිලෝ මීටර බාගයක් ඇති... මම ගිහින් එන්නං.” අයස්මන්ත මහත්තයා ආපසු ගිහින් එය රැගෙන
එනතුරු මට දිග විවේකයක් ගන්නට ඉඩ ලැබුණේ එහෙමය.
එහෙත් ඒ
විවේකය ‘මගේ දකුණු කකුලේ මහපටැඟිල්ල උඩ මෝදු වෙමින් තිබුණු දිය පට්ටය වළක්වන්නට
තරම් දිග එකක්’ නොවිණි. එයින් මගේ වේගය හොඳටම අඩාල වුණේය.
දහදිය
පෙරෙද්දී, ගිනියම් වැල්ලෙන් නැහැවෙද්දී ඒ විඩාපත්
මනුස්සයා නිඳා ගත්තේ සිහිල් සුවැති හීන දකිමින් විය යුතුය. |
‘මට වැඩිය එයාට අමාරුයි වගෙනෙ.’ මට හිතුණු දේ වැරදි නොවේ. අපට කෙලින් හිටගන්නටවත්
බැරි තරම් උසක් නැති පඳුරු ගොම්මනක සෙවණේ හුස්මක් ගන්නට නැවතුණු වෙලාවක, දොස්තර
මහත්තයා බිම පෙරළුණේය; පැය බාගයක් විතරම නිඳා ගත්තේය. දහදිය පෙරෙද්දී, ගිනියම්
වැල්ලෙන් නැහැවෙද්දී ඒ විඩාපත් මනුස්සයා නිඳා ගත්තේ සිහිල් සුවැති හීන දකිමින් විය
යුතුය.
ඒකෙනුත්
වැඩිම වාසිය ලැබුණේ මටය.
එදා පාන්දර මා ගමනට පිටත් වුණේ සිරුරු කිස නොකරමිනි. ඒ සඳහා ගැලපෙන තැනක් සෙවීම
කරුවලේ කළ හැකි දෙයක් නොවේ. අනෙක, දෙකකුල් හිරි වැටී තිබෙන මට උක්කුටිකයෙන්
වාඩිවිය හැකි වෙතත්, නැඟිටින්නට ලෙහෙසි නැත. ඒකටත් පහසු තැනකි- මා සොයා ගත යුත්තේ.
දහවල ලැබුණු
දිගු විවේකය, ඒ අවස්ථාව මට තිළිණ කළේය!
ඔහොම දේවල්
නිසා, ඉර මුඳුන් වෙනකොටත් අපි තුන් දෙනා ගාටමින් සිටියෙමු. “දැන් නං ප්‍රියන්තලා
නෙවිල්ලා කට්ටියම ළිං තුනට ගිහිල්ලත් ඇති.”
“හැබැයි දැන් නං පාරේ එක්කෙනෙක්වත් යන්නෙ නෑ. හැමෝම හෙවණ තැන්වල නැවතිලා වගෙයි.”
“අපිට වගේ xකේ අමාරුවක් එයාලට නැහැනේ.”
“ම්...
ම්... ම්... නිමල් අයියේ, ට්‍රැක්ටරයක් එනවා. ඔයාව ඒකට දාන්න අහන්නද?” තමීර කන්
දීගෙන ඉඳලා මගෙන් අහයි. ‘මං නිසා මේ දෙන්නෙකුත් පරිප්පු කනවනෙ.’ මට සිතුණි. වෙලාව
දහවල් එකය.
“එතකොට
ඔයාලා?”
“ඉඩ තිබ්බොත් බලමු. ඔයාව ඒකට දා ගත්තොත්...” තමීර ට්‍රැක්ටරයට අත දැම්මේය. හමුදා
සෙබළ මාතලී ට්‍රැක්ටරය නැවත්තුවේය.
ඒ හමුදා ට්‍රැක්ටරයේ
බඩු මලු හා bags පිරිලාය; ඊස් මීස් නැතිව සෙනඟිනුත් පිරිලාය. ඇඟිල්ලක් ගහන්නටවත්
ඉඩක් නැත. තමිරත්, පීරිසුත් සාකච්ඡාවේය... “පිටිපස්සේ ඉඩක් තියෙනව නං...”
“Thanks බ්‍රෝ! එන්න.... එන්න නිමල් අයියේ... ඔයා යන්න...”
“එන්න මාමේ. යන්තමට අඩියක් තියා ගන්න.” පිටිපස්සේ හොඳටෝම හිරවී ඉන්නා කෙනෙකුත් මට
ඇරයුම් කරයි.
ශක්‍රයා
ආරාධනා කළත්, මගේ හිරි වැටුණු කකුල උස්සලා ඒකට නඟිනවා බොරුය. මම තාවර වෙමි; කල්
බලමි. තමිරත් පීරිසුත් මට මොනවාදෝ කියති.
ඒ
කන්ද මුඳුනේ යාන්තමට පුක තියාගෙන ඉන්නා ඇත්තන් පහළට රූටා වැටෙන්නේ ලිස්සන ගහේදී... |
කවුදෝ මගේ අතකින් උස්සයි. ඒ එක්කම මගේ පස්සට අත් දෙකක් තබනවාත් දැනෙයි; ඒ දෑතේ
වීරියෙන් මාව ඉහළට වීසි වෙයි. ඊළඟ මොහොතේ මං වහන්සේ ට්‍රැක්ටරය ඇතුළේය! එතැන හිට
ආයෙමත් ගමනය...
ගමන? ඒක තමා
ගමන!!
පොල් ගෝනියක් පොළොවේ ගැහුවා වගේය මාව නිකම්ම ට්‍රැක්ටරය ඇතුළේ ඉන්දවුණේ.
හෙල්ලෙන්නට- පෙරළෙන්නට- හැරෙන්නට ඉඩක් නැත. මෙහෙමම ඉන්නය වෙන්නේ. වෙලාව පස්වරු 1.05යි.
‘ඩ්ඩ්ඩ්ර්ර් ර්ර්ර් ඩක ඩක ඩක
ඩක
ඩක ඩක ඩ්ඩ්ඩ්ර්ර්
ර්ර්ර් ඩක ඩක’
සද්දේ දිගටම ඇහෙයි. හිටි ගමන් අපි උඩට වීසි වන්නෙමු; පහතට වැටෙන්නෙමු.
ඒ හැම
ගැස්සිල්ලකදීම ට්‍රැක්ටරයේ පටවා තිබෙන බෑග් කන්ද නාය යයි. ඒත් එක්කම ඒ කන්ද මුඳුනේ
යාන්තමට පුක තියාගෙන ඉන්නා ඇත්තන් පහළට රූටා වැටෙන්නේ ලිස්සන ගහේදී පහතට වැටෙනවා
වගේය; බුරුත්ත පිටින්ම එයාලා ඒ වැටෙන්නේ, පහතම ස්තරයේ අතපය වකුටු කරගෙන- එකම
ඉරියව්වෙන් තප්පලම් ගහගෙන ඉන්න අසරණ අපේ සරුවාංගයන් මත්තටය!
“මචං,
මේකෙන් බිමට බැහැපු ගමන් අපි fb group එකක් හදා ගනිමු. මාරක ට්‍රැක්ටර් ගමනේ
මිතුරෝ!” ඒ විචිත්‍ර වධය විඳින අතරෙත් එක්කෙනෙක් අප සිනා ගන්වයි. “කොහොමද මගේ
අයිඩියාව?”
“අඩෝ, උඹට එහෙම කරන්ඩ වෙන්නේ යහතින් ළිං තුනට ගියොත් විතරයි ඩෝ. මෙහෙම ගියොත්...”
“කට කට, දෙයි හාමුදුරුවෝ අපිට පිහිට වෙනවා මචං.” ඒ නඩේත් තද ඇදහිලිවන්තයෙකු ඉන්නා
විදිහය.
“දෙයියොම
තමයි බං අපි ගැන බලන්න ඕනේ. මෙතන හිරවෙලා ගිහිං මගේ පොට්ටනියත් තැලිලා බං. අඩෝ මං තාම
බැඳලත් නෑ. මේකෙන් වැඩක් අරගෙනත් නෑ මචෝ... ##%@ *^#+!”
“මේ මාමවත්
හොඳටම හිර වෙලා නේද?”
“මං විතරද. අපි හැමෝම ඒ වගෙනෙ. කුම්බලා මාළු කෑවා නං විඳවාපං බළලෝ කියලනේ කතාවටත්
කියන්නෙ..”
“අඩෝ අපිට හෙණ පව් මචං. මේ bag දෙක තුනක් උස්සලා අරහෙට කරපංකො මචං, මාමටයි මටයි
චුට්ටක් හැරෙන්නවත්.” ඒ උදව්ව නිසා මට චුට්ටක් බෙල්ල හරවන්නට chance එකක් ලැබුණි.
‘ඈ? අර ගහක්
හෙවණේ ඉන්නෙ නමියි පසිඳුයි නේද? අනිත් තුන් දෙනා ඉස්සර වෙලා වගෙයි.’ මට අතක් වනා
ගන්නටවත් ඉඩක් නොලැබිණි. ඒ දෙන්නාත් මාව දැක්කේ නැත.
කතරගම
දෙයියෝම තමයි බලන්න ඇත්තේ මචං. නැතිනං මාර ටොෆියක් තමයි! |
“කතරගම දෙයියෝම තමයි බලන්න ඇත්තේ මචං. නැතිනං මාර ටොෆිය තමයි!”
ට්‍රැක්ටරය
අරහෙට- මෙහෙට හැරෙයි; ඒත් එක්කම අපිත් ඇඹරෙන්නෙමු.
‘අන්න බොලේ
නෙවිලුයි සමන්තියි දෙන්නත් ගහක් යට. එතකොට ප්‍රියන්ත කෝ?’
ඒ දෙන්නාත් මා අත වනනවා දැක්කේ නැත. ‘මං ඉස්සර වුණා කියල දන්නේ නැතිව ජංජාලයක්
වෙන්නේ... අන්න අන්න දෙනෙත්ලා...’
හැකිතාක් වෙර ගෙන- කෑ ගසමින් අත වනද්දී දෙනෙත් මාව දැක්කේය. නෙවිල්ලාට ඒ පණිවිඩය
කියන විදිහය- දෙනෙත්ගේ අත දික් කිරීමෙන් පෙනුණේ!
ට්‍රැක්ටරය
ළිං තුනට ආවේ හරියටම 1.35ටය.
අපරාදේ
කියන්නට බැරිය. ට්‍රැක්ටරයේ පැමිණි නඩයේ උදවිය මාව පරිස්සමින් බිමට බැස්සූහ.
“ගොඩාරියක් ස්තුතියි!”
“හරෝහරා මාමේ!”
මගේ හකුලන පුටුවත් අරගෙන මං වහන්සේ ඉස්සරහට ගියේ ‘සුපුරුදු තිප්පොල’ අල්ලා
ගන්නටයි. මොන? එතන ඉතා මනරම් කූඩාරම් පෙළක්ම අටවා හමාරය. ‘මං හිතන්නේ ඇමතිලගේ
කට්ටියට වෙන්නැති!’
අනෙක
දෙයියනේ, අර පුළුල් වැලි තලාවත් අතුරුදහන් වෙලා නෙව.
ගිය වතාවේ හිඳෙන්නට කිට්ටුව තිබුණු වතුර වළ- ඇත්තටම ඒකට ‘වළ’ක් කියා කීම වැරදිය.
මේ වතාවේ එය අලි දහයක් පහළොවක් වුණත් එක වර නාවන්නට හැකි තරං ලොකුය. ඒ තෙතමනය
නිසාදෝ වැල්ලත් තණකොළ පඳුරුවල නිල්ලෙන් වැසී ගිහින්ය.
කොයිකටත්
කියලා... ගිය වතාවේ අප ලැග හුන් පැත්තට පා නඟද්දී....
“නිමල් අයියේ, නිමල් අයියේ... මෙහෙ මෙහෙ...” ඈත තියාම ප්‍රියන්ත කෑ ගසන්නට වුණේය.
‘ප්‍රියන්ත විතරක් ඉස්සර වුණේ කොහොමද, අනිත් කට්ටිය පහු වෙද්දී...’
“මම
තනියෙන්ම කලපුවෙන් එගොඩ වෙලයි ආවේ... අරගොල්ලොත් දැන් ළඟ එනවා ඇති, ඒ නිමල් අයියේ...”
“ළඟ? මම දැක්ක විදිහට නං එයාල එන්න තව පැය බාගයක් විතරවත් යයි. ඒත් පසිඳුයි නමීයි
එන්න ඊටත් පරක්කු වෙයි. දොස්තර මහත්තයලා එන වෙලාවක් හිතා ගන්නවත් බෑ ප්‍රියන්ත.”
“එහෙමෙයි?
මම කියන්නං එහෙනං වැඩක්. ඔහෙත් ඉස්සෙල්ලම ගිහිං තේ දන්සලෙන් හුළං විස්කෝත්තක් කාලා
තේ එකක් බීලා එන්න. මට ගෙනල්ල දෙන්නත් තිබ්බා, ඔහෙ කැමති නං- එතකොට නං නිවෙයි.”
කඩියෙකු වාගේ අවට සුද්ද-බුද්ද කරමින්ම කතා කරන ප්‍රියන්ත, එතකොටත් බිමට එළන රෙද්ද
අතුරා- අපේ සීමාව ලකුණු කරලාය!
Bags ටිකත් උස්සගෙන ටික දුරක්
ගියාමයි තේරුණේ තව ගැඹුරුය කියලා. එතකොටයි... |
වෙහෙස මහන්සි වී; තෙහෙට්ටුවෙන් හෙම්බත් වී සිටින ඕනෑම මොහොතක මා නම් සිහින දකින්නේ Shen Nung විසින් (අහම්බයකින් සොයා ගැනුණු) උණුසුම් තේ
කෝප්පයක රස බලන්නටයි! තේ ගැන ඒ ආස්වාදනීය සිහින දකින්නන් රැසක්ම පාද යාත්‍රාවේ එන
බව ‘ළිං තුනේ තේ දන්සල’ පවත්වන සුධීහු හොඳින්ම දනිති.
මහත්වරුනි, ඔබලාට පින්! ගොඩාරියක් පින්!!
තේ දන්සලට මේ
වතාවේ තවත් නවාංගයක් එකතු වී තිබිණි. තේ බොන්නන්ට පනවා තිබුණු ආසනයි, ඒ. හිස් හාල් බෑගවලට වැලි පුරවලාය, ඒ ආසන හදාගෙන තිබ්බේ.
ඒකක් උඩ
වාඩිවී- දෙවෙනි තේ බඳුනත් තොල ගාද්දීය, වටපිට බලමින් එන Samව මං
දැක්කේ. ඊට විනාඩි කිහිපයකට පස්සේ ඒ ඔස්සේම ගාටන නෙවිල්...
“මේ සැරේ නං එපා වුණා හලෝ!”
“හරි! හරි!! ඒවා කතා කරමු අපේ තැනට ගිහින්. තේ බොන්න තව සෙනඟ එනවනේ.”
තේ
දන්සලේ සිට අපේ තිප්පොලට එන විටත් සෑම්ගේ ඇස් දෙක තිබුණේ වතුර විලේය; හරියටම
කියනවා නම් ඒ කුඩා ජලාශයේ ස්නානය කරමින් සිටි වන්දනාකරුවන් දිහාවේය.
“ඔන්න
ලොකූ... මම නං ඔක්කොටම කලින් ලොකූ bath එකක් දාලයි මොනවා කළත් කරන්නේ. That’s what
I want.” සෑම් තරයේ කියා සිටියාය.
“මෙතනින් නං නා ගත්තට කමක් නෑ නංගී. කලපුවේ තමයි කිඹුලොත් ඉන්නවා කිව්වේ. මෙහෙ උන්
නැහැනේ...”
“එහෙනං ඇයි ප්‍රියන්ත අයියේ, ඔයා අපිට 'ඉන්න බලන්න' කියලා දිගටම ඒ වතුරේ ගියේ? ඒක
හරි risk එකක්නේ.”
“ඔව්,
ප්‍රියන්ත. ඒක නං ඇත්ත.”
“ඇත්තය
කියලා මක් කරන්නෙයි. මම හිතුවෙත් නෑ, නෙවිල් අයියේ- පොත්තන කලපුවේ මෙච්චර වතුර
වැඩිය කියලා. ගිය පාරත් ඔහෙල අපි එතනින් නෙව එගොඩ වුණේ. Bags ටිකත් උස්සගෙන ටික
දුරක් ගියාමයි තේරුණේ තව ගැඹුරුය කියලා. එතකොටයි මම උර ටික ඔළුව උඩින් තියා ගත්තේ... ආයේ
හැරෙන්නය.
මේං මෙතෙන්ට... නහය ළඟටමත් වතුර. ඔහෙට කියන්න- ඒ වංගියේ තමයි මං එගොඩට යනකන්ම
පීනන්න ගත්තේ.”
“එහෙම නං...
I guess එතැන මගේ ඔළුවටත් උඩින් වතුර තියෙන්න ඇති. Me too can swim. ඒත් කොහේ swim
කරන්නද, එහෙන් මෙහෙන් bags එල්ලගෙන.”
ඒ
නඩේ ඇවිත් තියෙන අය අලියට බයේ සීසීකඩ දුවලා! |
“මොන මනුස්සයද... මොකක්ද වුණේ?”
“ඇයි ඔයාල
තවම දන්නැද්ද. දෙමළ ගෑනු කෙනෙකුට අලියෙක් ගහල. කවුදෝ වීඩියෝ කර ගත්තත්ලු. මෙලහටත්
fb- You Tube එහෙමත් දාල ඇති.”
අපට විතරක්
නොව ලෝකයේ වැඩි දෙනෙකුටම ඒ ප්‍රවෘත්තිය දැක ගන්නට ඉඩ නොලැබිණි. දැක ගන්නට විතරක්
නොව කියවන්නට ලැබුණෙත් ඉතා
සීමිතවය.
‘...
ඇය එම වන අලියාගේ පහර කෑමට ලක්ව තිබුණේ ඊයේ පස්වරුවේ කතරගම, යාල වනෝද්‍යානයේ, ලිං තුන ප්‍රදේශයේදීයි.
අනතුරින්
මියගොස් ඇත්තේ 63 හැවිරිදි ඊච්චලම්පත්තුව, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිව සිටි
කාන්තාවක්.
ඇයගේ
සිරුර මේ වනවිට දෙබරවැව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.’
එහෙත්
ඒ ඇබැද්දිය ගැන තහවුරු නොකළ තව-තවත් තොරතුරු එදා හවස් ජාමය වෙන්නට කලින් පැතිර
යමින් තිබිණි.
‘ඒ නඩේ ඇවිත් තියෙන්නේ හත් දෙනෙක්. එක පිරිමියයි- ගෑනු අය හයයි. / අලියට බයේ එයාලා
සීසීකඩ දුවලා. ඒ ගෑනු කෙනාට දුවගන්න බැරි වෙලා. අලියා එයාව හොඬවැලෙන් පටලවලා අරං,
ගහකට ගහලා. / නඩේ හිටියේ වයසක අයලු. / අර අලියා මචං, තව ගෑනු කෙනෙකුටත් attack
කරලා. ඒ මනුස්සයත් හොස්පිටල් ගෙනිහින්ලු. / දැන් ඒ වීඩියෝ එක වයිරල් වෙලා යනව ඇති
මචං. / xත්තො, වීඩියෝ upload කරන්න මෙහෙට සිග්නල් තියෙනවද? / අඩෝ, Signal නැතුවට
කමක් නෑ. Clogard තියෙනවා. ගමකට දෙන්නං.’
නමෙන්
නිදි වෙතත් නින්දේදී පවා නිදි ඉන්නේ හරියටම නිඳාගෙන නොවෙතැයි මගේ මිතුරෝ පවසති.
“ඔව් මචං. මිනිහා නිඳාගෙන හිටියත් ඒකට අපි කියන දේ ඇහෙනවනේ!” / “ඇත්ත ඇත්ත! අලියට
වගේ මූටත් සියඹලා කොළයක් වැටෙන සද්දෙත් ඇහෙනවා.” ඔවුහු කියති.
පෙනෙන-
දකින- ඇසෙන දේවල් බොහොමයක් මගේ මතකයේ රැඳෙනවා වැඩියිවත්ද? විටෙක මටම හිතෙයි.
කොහොම වෙතත්, බ්ලොගය ලියද්දී නං නිමල් දිසානායකට ඒ මතකය මහෝපකාරී වෙයි.
දෙවෙනි
දවසේ ළිං තුන තෙක් අතිදුෂ්කර ගමනක යෙදී, ඉසිඹුලමින් හිටිද්දී මගේ දෙසවනට වැටී;
මතකයේ රැඳී තිබු දේවල්ය- ඉහතින් මා ලියුවේ. ඒවායින් කොයිවා ඇත්තද, කොයිවා බොරුද
කියන්නට නම් මට හැකියාවක් නැත.
සීතල
දිය ඇල්ලක් ගලා හැලෙන ඉසව්වක එනවා වගේ... |
“අන්න අන්න
අපේ එක්කෙනෙක් එනවා... අර ගස් අස්සෙන් මතු වුණේ පසිඳු නේද?”
“කෝ නමියා?”
“ඊට එහායින් පාන්කඩේ වගේ වැනි-වැනී එන්නේ එයා නේද? මිනිහා ඔච්චර හෙමින් ගාටන්නේ
කට්ට අව්ව කියල ගාණක්වත් නැති විදිහටනේ.”
“ඔහොම
වෙලාවට කෙනෙකුට කරන්න ඇහැකි හොඳම දේ- ඒ ගැන නොහිතා ලේසි දෙයක් ගැන හිතන එක. හරියට
සීතල දිය ඇල්ලක් ගලා හැලෙන ඉසව්වක ඇවිදගෙන එනවා වගේ...”
“මම
ගිහිල්ලා එයාලව මෙතෙන්ට එක්කං එන්නං!”
“ඉන්න ප්‍රියන්ත අයියේ. ඔයා වාඩි වුණා විතරනේ. මම එයාලව...”
“ඔයත් යන්න ඕනි නෑ සෑම්. අපි අත වනනවා එයාල දැක්කා. ඔය එන්නේ මේ පැත්තට.”
එල්ලාගෙන
හිටි බෑගය බිමට හලා දැමූ පසිඳු ඇල වුණේ ‘පට්ට මහන්සියි’ කියමිනි. නමී එච්චර
දෙයක්වත් කිව්වේ නැත. රෙද්දේ කොණකින් දිගාවී ඇස්දෙක පියා ගත්තේය.
“නමී, ඔහෙල දෙන්නත් තේ එකක් බීලා ආව නං ඔය මහන්සිය යනවා.”
“තේ? තේවලට වැඩිය සරුවත් හොඳයිනෙ... ප්‍රියන්ත අංකල්.” උත්තර දුන්නේ පසිඳුයි.
“හො..ඳ
වුණාට මේ කැලේ කො..හෙ..න්ද මි..නි..හො ස..රු..වත්?” නෙවිල් අනුරසිරි කෙඳිරි ගාමින්
කොඳුරයි.
“අතන
දන්සලෙන් අපි බිව්වනේ... පට්ට රහයි!”
“පලයන් බං බොරු නොකියා...”
“ඒ නමී... කියනවකො ඒක බොරුද කියලා.”
à ඊළඟ කොටසට...
වැල්ලේ නිදා ගන්න එක කජ්ජක්ද, බස් එකේ පොල්ලේ එල්ලිලා නිදා ගත්ත අපිට.
ReplyDeleteටැට්ටරේට නැග්ගා එහෙනම්, වීරයා ගෙදර ඇවිත්.
අලියා ගැන කතාව හැබැවක්ද?
මම විජේබාහු
@ විජේබාහු ඔබලා ලංකාව තුල ක්‍රියාත්මක කරපු අරගලය පිළිබඳව මේ දිනවල සමාජ ජාල වල පැතිර යන මේ විග්‍රහය වැරදියි නේද?
Delete//ගෝලීය කොවිඩ් වසංගතය හා ඒ නිසාම ඇතිවූ ආර්ථික සීමා නිසාම ඒ වනවීටත් ඇදවැටී තිබු ලංකාවේ ආර්ථිකයට විශාල හානියක් සිදුවූ අතර වසංගතය පාලනය කිරීමට උපරිම උත්සාහ දරමින් ඊට මූලිකත්වය දුන් ගෝටාභයගේ ඇතැම් වැරදි තීරණ නිසා ආර්ථික ගැටලු තව දුරටත් ඇදී ගිය අතර ඇතැම් සමාජීය ගැටළු තවත් පැතිරීම සිදුවිය. එම අවස්ථාවේදී මාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා යම් සංවිධානාත්මක පිරිසක් විසින් සැලසුමක ප්‍රතිඵලයක් ලෙස දිගින් දිගටම මීට හේතුව පාලකයාගේ පමණක්ම ප්‍රශ්නයක් බවට සිදුකළ විදේශීය අනුග්‍රහය සහිතව සිදුකරන ලද සාර්ථක දේශපාලන කැම්පේන් එකට හසුවූ කොළඹ හා තදාසන්න අගනුවරාශ්රිත මධ්‍යම පාන්තිකයන් විශාල ප්‍රමාණයක් එවකට චීන ගැති රාජපක්ෂ රෙජීමයට විරුද්ධව ක්‍රියාත්මක වූ චීන විරෝධී න්‍යායපත්රයක් වෙනුවෙන් විදේශීය ආධාර ලබමින් ලංකාවේ රාජ්‍ය නොලන සංවිධාන සහ පුද්ගලයන් පිරිසක් විසින් ඒ වන විට ප්‍රබල ලෙස ලංකාවේ ආණ්ඩු පක්ෂයට එරෙහිව ක්‍රියාත්මක කළ ගෝල්පේස් අරගල භූමිය කරා ආහ. අරගලයේ දෙවන ගාමක බලවේගය බවට පත් වූයේ මෙම මධ්‍යම පාන්තිකයන් ය.
ඊළඟට අරගලය මෙහෙයවූ විදේශ සංවිධාන වලට මීළඟ පියවරට යාම පිණිස යම් මැරබලයක් හරහා රටතුල කලබල ඇතිකිරීම අත්‍යවශ්‍ය වූ බැවින් ඔවුන් මීළඟ පියවර ලෙස විවිධාකාර අන්තවාදීන් සහ යල්පැනගිය දේශපාලන පක්ෂ වලට අයත්වු පිරිස් අරගලයට ගෙන ඒමත් සමග එතුල පොල්පොට්කාරයන් , වැසිකිලි කඩන පසුගාමී නියැඞතාල්වරු පෙරමුණ ගැනීම නිසා වෙනසක් අපේක්‍ෂා කල සාධාරණ මිනිසුන් අරගලයෙන් ඈත්ව ගිය අතර ජන අරගලයේ ගිණිසිළු මැකී ගොස් තවත් එක් රෙජීම චේන්ජ් එකක් ලෙස රාජපක්ෂ දූෂිත රෙජීමය තුලට රනිල් වික්‍රමසිංහ බලෙන්ම ඔබ්බවා ඒ හරහා චීනවිරෝධී විදේශ රටවලට අවශ්‍ය ආකාරයට ලංකාව පාලනය කරමින් සිටින අතර චීනගැති රාජපක්ෂ දූෂිත පාලනය නිමවුවත් එහි මූලික දේශපාලන ක්‍රියාකාරීන් තවමත් යහතින් රනිල්ට කීකරුව ඉතා මැනවින් වැජඹෙන බව ඉතාම පැහැදිලිය....
Read more; https://transyl2014.blogspot.com/2023/04/blog-post_19.html
//
මේක ගැන පැහැදිලි කරන්න පුලුවන්ද?
විජේබාහු මහත්තයෝ, මගේ ඇහිං නොදුටුවත් අලියාගේ කතාව ඇත්තක්. ඔබතුමා මේ පොස්ටුවේ රතු පාටෙන් තිබෙන //කියවන්නට ලැබුණෙත්// ලින්ක් එකට ගිහින් බලන්නකෝ. මං දැකපු එකම මාධ්‍ය ආවරණය ඒකයි. ඒ ඉසව්වට එද්දී පාද යාත්රකරුවන්ගේ ෆෝන්වලබැටරි බැහැලා- ඒ අතරම සිග්නල්ස් නැහැ. ඒ නිසා වෙන්නැති fb එකටවත් මේ පුවත නොගියේ. අනෙක ඒ දවසෙම දේශපාලකක් හා විදෙස් රටක වැදගතෙකුත් පාද යාත්‍රාවේ ගියානේ. ඒ පුවතට වැඩි අවධානය යොමු වුනාත් වගෙයි.
Deleteඒ සේරටම වැඩිය වෙන්න ඇත්තේ මර බිය දැනීම. එහෙම හිතුනේ මේ අත්දැකීම නිසයි.
අවුරුදු තුනහමාරකට විතර ඉස්සර අපි වස්ගමුවේ ගියා. 30 කට කිට්ටු ගණනක්. (අපේ කොලොම්පුරේ අසංග හිතවතාවත් ඒ ගමනට එකතු කර ගත්තා.) ජීප් රථ තුනක අපි සෆාරි ගියේ. එක ඉසව්වකදී අපේ ජීප් තුනම තුන් පැත්තකින් අලින්ට වට වුණා. ජීවිතයේ මෙතෙක් මා එකම තැනකදී දැක ඇති වැඩිම අලි සංඛ්‍යාවෙන් යුතු රංචු කිහිපය.
ලොකුවට ප්‍රහාරයකට ලක් නොවුනත් අපේ ජීප් රථ තුනටම ඉතා කුඩා පහරදීම් කෙරුනේ 'මේ මොක්කුද?' කියලා කුතුහලයෙන් වගේ හිටි අලින්ගෙන්.
අපේ නඩේ අයගෙන් ෆෝන් අතේ නොතිබුනේ දහදෙනෙකු වගේ අයගේ. හැබැයි, ඒවා අතේ තිබුණු උදවියගේ ෆොන්වලවත් ඒ වෙලාවේ පැහැදිලි දර්ශන නෑ.
ඒ ගමන ගැන අසංග මහත්තයට බ්ලොග් පොස්ට් එකක් ලියන්න කිව්වා. එතුමා හා කියලත් කිව්වා. මගෙන් ගිය තැන්වල නම්- ගිය පිරිසගේ නම් වගේ විස්තරත් අහ ගත්තා. හැබැයි ඒ පොස්ට් ඒකට හෙනහුරා ලැබූවලු!
නමියට පාංකඩේ කිවුව එකනං කැතයි ඈ.. :D
ReplyDeleteනමියා හොඳ එකා. වෙන එහෙකුට නං මෙලාහකටත් මල පැනලා. මම දැකලා තියනවා, මේකා ඇනෝලගෙ කෝචෝක් කලමනාකරණය කරන විදිහ, උත්කුරුස්ටයි. ඊට අමතරව නිදිට තාක්ෂණික සේවා සපයනවා. මෑතදී බ්ලොග් ලියන්න ආපු අයගෙන්, ඉතුරු වුනේ ඔච්චරයි. නොයන තැනක් නෑ, හතරවටේම දඩාවතේ යනවා. ගිහින් ඇවිත්, අපටත් යන්න පාර කියනවා. 👌😊🙏🦉
Deleteඔන්න ප්‍රසන්න මහත්තයෝ, තමුන්නාන්සේගේ කීම පිළිගෙන නැමී මහත්තයාට පාංකඩේ කියන එක මේ දැන්; මේ මොහොතේ හිටම නවත්තනවා. මම මීට පස්සේ කියතොත් කියන්නේ රෝස්පාන්+කඩේ කියලයි!
Deleteබස්සා මහත්තයා හරියට හරි. නමී මට සපයන්නේ 'ක්ෂණික තාක්ෂණික සහාය'. සමහර වෙලාවට මොට්ට මගේ කියාගැනීම කොච්චර හොඳද පැහැදිලියිද කියතොත්- ගැටලුව හොයා ගන්නේ ඇවිත්ම බලලයි.
ඒ යක්ෂ පැටියා මටත් කොච්චරවත් කියනවා අරය ලියලා- මෙයා ලියල බලන්නකෝ නිදි කියලා. මං නිදහස තියෙන විදිහට බලන්නං කියන උත්තරේ ප්‍රතිවාදනය කරන තරම නිසා දැන් නමී එහෙම කීම නවත්තල.
මගේ රසවින්දනය අනුව, මේ පාද-චාරිකා ලිපි පල ඉතාම සාර්ථකයි. ඉඳලා හිටලා පඳුරක් තැලුවට, ඒ හැටිම අවුලක් නෑ. කෑම ගැන විස්තරයත් බොහොම ඉහලයි.
ReplyDeleteහමුදාවෙන් දෙන ආරක්ෂාව, අතර මඟ තියෙන දන්සැල් වලින් වෙන සේවය අගය කලයුතු දෙයක්. එහෙම වෙලත්, අලි ගහන්නේ වනජීවී දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරී සහභාගිත්වයක් නැති නිසාද?
බොහෝ කාලෙකට පෙර, රත්නපුර පැත්තෙ කන්දක් නැගපු හැටි මතක් වුනා. කැලේ කපාගෙන කන්ද නැගලා, බහින කොට සමහර තැන් බැස්සෙ පුපෙන්. ඒ කරලත්, හැතැම්ම ගාණක් පයින් ගෑටුව -සපත්තු කරේ (නමියා වැනි,වැනි ආව වගේ , අපිත් ඇවිද්දෙ සිග්-සැග්) . නැවතුන තැන රබර් ගස් ගලවන වාඩියකින් අලුත්ම පිටි මඤ්ඤොක්කා සහ යහමින් ගම්මැරිස් දාපු මස් හොදි ලැබුනා. වාඩියෙ අය කිව්වා, මහන්සි/බඩගිනි නොබලා, පහල වෙලේ සීතල පොකුනින් නාගෙන එන්න කියලා, කෑමට පෙර. මාත් ඔය හොඳ, හොඳ හෝටල් වලින් කාලා තිබුනට, ඒ වාඩි කෑම වේල අදත් මතකයේ ඉහලින්ම තියනවා.
මහන්සි වෙලා ලබන විවේකයකත්, බඩගින්නෙ ඉඳලා කන කෑම වේලකත් අමුතුම මැජික් එකක් තියනවා.
මහන්සි වෙලා ලබන විවේකයකත්, බඩගින්නෙ ඉඳලා කන කෑම වේලකත් අමුතුම මැජික් එකක් තියනවා.- කෙලින්ම ඇත්ත
Deleteජිනාගේ කොලම ලියන අනුර ජිනදාස හිතවතා නිවැරදි කරපු විදිහට නං මේ දවස්වල මට හෙනහුරා නෙවෙයි බුධ ලබලා වගෙයි. පහුගිය සති අන්ත හතරෙන් එකක්වත් ගෙදර ඉන්න ලැබුණේ නෑ. වස්ගමුවේම දෙපාරක් ගියා නෙව බකුසුතුමෝ!
Deleteඒක කිව්වේ ඒ දෙපාරම අලලා එක පොස්ට් එකක් හරි ලියන්නත් හිතන් ඉන්න අතරේ. දෙවැන්න ගිහින් ආවේ ඊයේ රැ දහයට.
ඒ හැම ගමනකින්ම ලැබෙන අත්දැකීම් එකකට එකක් වෙනස්. හමුවෙන අයත් වෙනස්. ඒවා ජීවන ආහාරය රස ගන්වන විවිධ රසකාරක වගෙයි.
අපේ අජිතුත් කියන විදිහට, මහන්සි වෙලා බඩගින්නෙ ඉඳලා කන කෑම වේලක අමුතුම මැජික් එකක් තියෙන බව ඇත්තම තමයි, විශේෂයෙන්ම සේරමලා එකා වගේ එකට එකතු වෙලා; මහන්සිවෙලා- කැලේදී අටවා ගන්න ලිපක, අවම පහසුකම් යටතේ උයා ගන්න කෑමක ඒ රස තවත් වැඩියි.
සරැවත් දන්සල නම් පංකාදු පහයි. හැබැයි උන්දල වැඩි පිරිසකට ගණන් තියාගෙන නැ. වේලපහ ඉවර උනා. මට මතත හැටියට ඩොක්ට, තමීර දෙන්නට සරැවත් ලැබුනෙත් දෙනෙත් මල්ලිල බෝතලේකට ගත්ත එව්වගෙන්
ReplyDeleteනිදි එක්ක ගිහින් යහතින් ආවට පඬුරක් දැම්මේ නැතිද
Deleteනමී, සරුවත් දන්සල ගැන මගේ කෝණයෙන් ඊළඟ පොස්ට් එකේදී ලියනවා.
Deleteඇයි යක්ෂයෝ, ඔහොම දේවලුත් මීටර් වෙලා තියෙනවා කියන්නේ- තමුසෙට මේ ගමන ගැන ලියන්නේ තිබ්බේ. එහෙනං මගේ සායම ගිය තැනුත් කියන්න තිබ්බා.
අජිත් මහත්තයෝ, නමී පඬුරක් දානවට වැඩිය දෙයකුත් කළා මගේ හිතේ. මුරුතැන් පූජාවට දායක වුනාද කොහෙද... (මම නං එහෙම කලේ නැහැ, නොහිතුනු හින්දා.)
Deleteමේ කතාව පංකාදු පහයි
ReplyDeleteඔයාලට එහෙම දැනෙනවා නං ගොඩාරියක් සතුටියි අජිත්!
Deleteමම ආසම ඇඩ්වෙන්චර් එකක් තමයි ට්‍රැක්ටර් ට්‍රේලර් එකේ යන ගමන.
ReplyDeleteඅපි ලේනමට ඇවිදපු ට්‍රෙක් එක පටන් ගන්න කලින් කුමන ඔෆිස් එකේ ඉඳන් ගිය ට්‍රැක්ටරේ වාඩිවෙලා ගියාට වැඩිවෙලාවක් ගෙවුනේ ගුවනේ.
ඊට ඉස්සර මාඇල්ල (කොටියගල ) ගිය වෙලාවලත් ට්‍රැක්ටර් ෆන් තිබුනා. අතු/කටු වලින් - ඔලුව ගැලවෙලා යන එක වලක්වන්න පාත් වෙන එක, ඇහැක් ඇමිණෙන්න ඉස්සෙල්ලා මූණ හරවන එක, අත්වල හම බේරගන්න ඇතුලට අදින එක ආසම සෙල්ලමක් !
(පාදයාත්‍රා සෙනඟ ගැනනම් කියවන තරමට කුමන පාලු කාලෙ යන එකටයි මට ආස හිතෙන්නෙ)
අනේ අම්මෝ Pra Jay මහත්තයෝ....
ReplyDeleteට්‍රැක්ටරේ ගමන් අරහන්- යාල ඇතුළේදී. විශේසෙන් පාද යාත්‍රාවේ යන පාර හරියේදී. මට එහෙම හිතෙන්නේ මට තියෙන්නේ 'පුටි ලැකක්' හන්දා වෙන්නැති!
එහෙම කියන්න එපා නිදී පරිසර හිතකාමී වාහනයක් තමයි ඔය අත් ට්‍රැක්ටරය මොකද ඕකට යන්න පාරවල් හදන්න ගස් කපන්න ඕන නෑ ඒත් සෑහෙන පිරිසකට පසුපස ටේලරය මත ඉඳගෙන යන්න පුළුවන් පසුපසට කොට්ටයක් තබා ගෙන වාඩි වෙන්න අමාරුම නම්, විශේෂයෙන්ම කොහු වලින් හොඳ සීට් හදාගෙන පුටු තියාගෙන යන්න පුළුවන්. අනෙක ජපන් ආර් කේ අසූව කේ හැත්ත පහට වඩා අලුත් චීන සීෆෑන්ග් ජීඑන් දොළහ වගේ ඒවා පවර්ෆුල් වේගයෙන් යන්න පුළුවන් අත් ටැට්ටර්, හැබෑට ඔය ගමන් වලදී ගස් කොලන් වලට හානි නොකර පරිස්සමට යනවා නේද? ඒක ඇත්ත ඒ වගේම ලංකාවේ දේශපාලනය ගැන කියුවොත් ගෝඨාගේ කාලේ පඩුකරද ගහට ආදරේ කරන්න සිරස දේවානී සිංහරාජ බාගියා ඇතුලු බුකි ජනතාව කොච්චරනමි හිටියද? මිලියනයකට වැඩි ඇති ඒ කාලේ පෝස්ට් බලන්න බුකියේ?
Deleteඒත් අද මොකද වෙලා තියෙන්නේ? රනිලා ජනාධිපති උනාම ඒක ගලවගෙනත් ගිහින් එදා පරිසරයට ගහකොලට වෙවී යන ගස් ආරක්ෂාව ලබාදීම පිළිබඳව ආදරේ කරපු එකෙක් මික් නෑ දැන් උඹලට තේරෙනවද ගහට ඇති ආදරයක් නෑ දේශපාලන පක්ෂ වලට තියෙන ආදරයක් සහ විදේශීය සංවිධාන වලින් ලැබෙන මූල්‍ය වාසි වලට ඇති ආදරයක් හෝ විරුද්ධ දේශපාලන කණ්ඩායමක් බලයෙන් පහ කිරීමට රටේ පතුරවපු වෛයිරයක් පමනක් බව, ඒ නිසා ඇත්තටම අරගලය කරපු අපේ අරමුණු දූෂණය කර අවභාවිත කරපු ඒ කාලකණ්නින්ට ශාප කිරීම හැර වෙන කුමක්ද කරන්න තියෙන්නේ අපට?
පාද යාත්‍රාවේ යද්දී අහම්බෙන් නඟින්නට ලැබුණු ට්‍රැක්ටරේ සීට් නෑ, තට්ටුව විතරයි. පනහක් විතර කිටි කිටියේ හිරවෙලා හිටියේ.
Deletehttps://sithuviliralabinduma.blogspot.com/2023/07/blog-post.html
ReplyDeleteස්තුතියි නමී- එහාට ගිහින් බලන්නන්.
Delete