අපේ චූටිගෙ
තිස්පස්වෙනි උපන් දිනේනෙ.... බජව්වක් එහෙමත් තියෙනවා ඇතිනේ? |
“තියෙනවා... තියෙනවා. පැදුරු පාටියක්ම
දානවා! ඒවා සේරමත් ලැහැස්ති කරලයි තියෙන්නේ...” එදා මම නිමල් විජේසිරිට; නෙවිල්ගේ
ලොකු අයියාට කිව්වෙමි.
“නිමල් දන්නවද අපේ නිමලුයි මායි දෙන්නා
එක්ක, තලපත්පිටියේ පන්සලේ කඨින පිංකම දවසට පන්සලේදීම ආප්ප පුච්චලා දෙන්න පටන්
ගත්තා 2005දී.... 2008 ඉඳලා එයා නැතිවුණාට පස්සෙවත් මං ඒ පිංකම නැවැත්තුවේ නෑ!”
දෙසතියකට කලින් දවසක foto හොයන්නට නෙවිල්ගේ ලොකු අයියලාගේ ගෙදරට ගියාම රමණී දෙනෙතේ
කඳුළු පුරවාගෙන කීවාය!
ගවීන් සාක්කිය.
බොහොමයක් වෙලාවට ඒ ගමන් යන්නට වෙන්නේ ගවීන්
එක්කය. ගවීන් කියන්නේ ඉන්දිරාගේ ලොකු නංගී; රාණිගේ ලොකු බෑණාය. රාණිගේ විවාහ මංගල්‍යයේදී
පෝරුව ඉදි කළේ මගෙත් සහභාගිත්වයෙනි. නොමිලේම මට ගමන් පහසුවත් සලසාදී, අවශ්‍ය fotos
ටික පිටපත් කරලා දෙන්නෙත් ගවීන්ය. මගේ අත් වෙවුලන නිසා මට දැන් ඒ රාජකාරිය කරගැනීම
අමාරුය.
එහෙම වැඩකට, මේ දවස්වල හවසක නෙවිල්ව අල්ලා
ගැනීම ලේසි නැත.
අම්මත් එක්ක ඉහ
ගහගෙන ඉන්න පුළුවන් විදිහේ මනුස්සයෙක් නං ඉන්නවා, යන්තමට upset ගතියකුත්
තියෙන...(මානෙල්, සකුණි හා රයන් විහඟ) |
ඒ නෙවිල්ලගේ අම්මාගේ සායට ගිනි ඇල්ලුවාට පස්සෙය.
අම්මගේ ඩිමෙන්ෂියා තත්ත්වය වැඩි වෙන්නේ සමහර
වෙලාවකට විතරය.
“එන විදිහ එච්චර හොඳ නෑ, මානෙල්. කොයිකටත්
කියලා අපේ ගෙදර වැඩට හරි යන ගෑනු කෙනෙක් හොයමුද?” මාස ගණනාවකට කලින් නෙවිල් කීවේ අපේ නංගීටය. “උදේට ඇවිත් හවස්
වෙනකල් අම්මත් එක්ක ගෙදර හිටියම ඇති.
හැබැයි ඉතිං අම්මට ඕනි විදියට ඉන්න පුළුවන්
කෙනෙක් තමයි හොයා ගන්න වෙන්නේ! ඒක තමා අමාරු!”
“නෙවිල් අයියල අම්මත් එක්ක ඉහ ගහගෙන ඉන්න
පුළුවන් විදිහේ මනුස්සයෙක් නං ඉන්නවා මේ කිට්ටුව, යන්තමට upset ගතියකුත් තියෙන කෙනෙක්. හැබැයි
අයියලාගේ අම්මා කියන ඕනිම දෙකට හූමිටි තිය-තියා ඉඳියි, හිනා වෙවී.... කියන වැඩකුත් කරයි. ඔයා එයාව
දැකලත් තියෙනවා.
ලොකා.... ඔයා මොකද හිතන්නේ.... අර xxxx මේ වැඩේට හරියන එකක් නැද්ද?”
“බලනවකො හලෝ. ඒ මනුස්සයා ඔය පිටරටකත් වැඩ කරලා ආව කෙනෙක්ලු! ආයෙ යන්නයි හිත.” |
xxxx වැඩේට ගැලපුණේය. නෙවිල්ලගේ අම්මාටත්
xxxxව හිතට ඇල්ලුවේය. ප්‍රශ්නය ආවේ ඒ ගැහැනු කෙනාටත් ප්‍රශ්නයක් ආවාමය. “අනේ
මානෙල්, අපේ ලේලිට බබෙක් හම්බ වුණා. පුතා කියනවා මටත් ගෙදර ඉන්නලු බබා බලා ගන්න
උදව්වට....”
අපේ නංගී නිසා කියනවා නොවේ. මානෙලුත් මගේ පලේමය. යන්නේ කොහාටද, ඒ හැම තැනදිම පට ගාලා යාළු-මිත්තරයන් හදා ගනී. දැන් කොට්ටාවේ, හොරහේන හරියේ මානෙල් ඇන්ටිව නොදන්නා කෙනෙක් නැත.
මානෙල් තවත් ‘සෙවීමේ මෙහෙයුමක්’ දියත් කළාය!
හම්බ වුණේ නන්දාය. (නියම නම නොවේ!) නන්දා
දුර පලාතකය. වෘත්තීය ගෘහ පාලිකාවකි. “බලනවකො හලෝ. ඒ මනුස්සයා ඔය පිටරටකත් වැඩ කරලා
ආව කෙනෙක්ලු! ආයෙ යන්නයි හිත.” නෙවිල් මුලින්ම මට කිව්වේ ඒකය. හොඳටම සැටිස් tone
එකකිනි.
“ඔව්, ඔව්. නන්දා ගමේ සමිති සමාගම්වල එහෙමත්
ලොකු-ලොකු තනතුරුවල ඉන්නවයි කිව්වා. ඒ සමිතිවල රැස්වීම් තියෙන දවස්වලට නම් නිවාඩු
ගන්නත් වෙයි කියලා මගෙ එක්කත් කිව්වා.” අපේ මානෙලුත් සක්කයක් ගැහුවාය.
“අර මනුස්සයා හරි පිළිවෙලයි.... Forward!”.
නෙවිල්ගෙන් තෙවෙනි කමෙන්ට් එකත් ආවේය.
මේකා ළිං ගෙම්බා
වගේ ඔහේ ගේ ඇතුළෙම ඉන්නවා විතරයි.... |
ඒවායේ ඇති පදම් හිනා වෙන්නට කාරණා ලැබීම ගැන සතුටෙනි; මා ඇසුවේ.
“මානෙල්, ඔයාලගෙ ලොකාට රටේ-ලෝකේ වෙන දේවල්
තේරෙන්නෙ නෑ. මේකා ළිං ගෙම්බා වගේ ඔහේ ගේ ඇතුළෙම ඉන්නවා විතරයි.... හොඳයි, මම
නැත්තං මෙහෙමවත් තමුසෙව නංගිල ගෙදරට දාගෙන එන්නෙ කවුද? හැබැයි.... පොර මොනවා නැතත්
පොතුයි- පත්තරයි ගැන නං අතැඹුල* වගේ දන්නවා...” නෙවිල් කියාගෙන ගියේය. “අද කාලේ
සර්වන්ට්ස්ලට වෙනම කාමරයක් දෙන්න ඕනි, ඇඳක් දෙන්න ඕනි. නන්දා එන්නත් කලින් මං ඒවා
ලැහැස්ති කරවලා තිබ්බේ...”
“ඉතිං, ඇවිත් තුන්වෙනි දවසෙම.....”
“තුන්වෙනි දවසේ වුණත් ඒ මනුස්සයා කිව්ව දේ
වැරදිද? මේ මැන්ටලේ දැන් කාලේ හැටි දන්නෙ නෑ කියලා මම කිව්වේ ඒකනෙ. නන්දා කිව්වා
තමයි -මහත්තයා TV එකක් නැතිව නං ඉන්න බෑ- කියලා. ඕක මහ ලොකු දෙයක්ය. අපේ පොඩි
අයියල ගෙදර තිබ්බ ටී.වී.එකක් ගෙනත් දුන්නා, එච්චරනේ....”
[අතැඹුල*= එතනට කෙළින්ම අදාළ නැතත් මට අදාළ
නිසාය පසුව හරි සටහන් කරන්නේ.
“මොකද්ද අතැඹුල කියන්නේ?” මනුස්සයාගේ කටින්
වචනය පැනපු ගමන්ම මම ඇසුවෙමි. කියන්නං වාලේ කිව්වත්, එයාගේ මතකයේ එහි අරුත
පැහැදිලිව තියෙනවා වෙන්නට බැරිය.
... එහෙත් බොහෝ
දෙනා තමන්ගේ තොරතුරු මට කියති. විමසන්නේ නැතත් මම ඔවුනට... |
එහෙම හපන්කම් තිබෙතත්, නෙවිල්ට ‘සතා’ අඳුනා
ගන්නට බැරි බව මම කලින්ම කියා ඇත්තෙමි. අරහෙම සංවාදවලදී මගෙන් කොච්චර ඇණුම්-කෙටුම්
එල්ල වුණත් ඊළඟ වතාවේ අප හමුවෙනකොට මනුස්සයාට මගේ ස්වභාවය අමතකය. තොරතුරු නිකම්ම
එළියට පනින්නේ ඇහිල්ලකට ඉඩ නොතබාමය.
මටම පුදුම ඒකය. ඒ අතින් මට උරුමව තියෙන්නේ
ලොකු වාසනාවකි. මා සාමාන්‍යයෙන් අනුන්ගේ තොරතුරු හාරා-අවුස්සන්නේ නැත. එහෙත් බොහෝ
දෙනා තමන්ගේ තොරතුරු මට කියති. විමසන්නේ නැතත් මම ඔවුනට හොඳින් කන් දෙන්නෙමි.
ඕනෑම කෙනෙක් විශ්ව කෝෂයකි. එහි අඩංගු දේ පැහැදිලිව සොයා ගන්නට නම් හොඳින් කන් දිය
යුතුය.
අද කාලයේ සවන් දෙන්නන් ඉතා හිඟය. ඒ නිසා හොඳ
අසාගෙන සිටින්නෙකුට කවුරුනුත් කැමතියි වගෙය.
දැන් එහි වාසිය වැඩියෙන්ම භුක්ති විඳින අය අතර හිතාදර පාඨක ඔබත් සිටී.
2021 ඔබේ සිතුම්-පැතුම් ඉටුවෙන ප්‍රමෝදයෙන්
සපිරි වසරක් වේවා! |
නෙවිල්ලාගේ අම්මාටත් 89 වෙනි උපන් දිනයට
සුපැතුම්! (ඇය ඉපදී තියෙන්නේත් ජනේරු දවසකය.)
ඉතිං.... නන්දාගේ සම්ප්‍රාප්තියෙන් තෙවෙනි
දවසට ආයෙමත් යමු නේද?
“නන්දාට හැමදාම උදේට හොදියි පානුයි කන්න
අමාරුයි කිව්වනේ!” නෙවිල් කිව්වේය.
“ඒ කියලා...?” මම ඇසුවෙමි.
“මමත් ඇහුවා මොනවද ඕනි කියලා... ඇත්තනේ....
අපේ එක්කෙනාට ඉතිං සදාකාලිකවම පරිප්පුයි, හාල්මැස්සොයි විතරනේ ඉල්ලන්නේ... නන්දටත්
හැමදාම ඒවා ගිලින්න කියන්නය. ගෑනි කිව්වා බටර්- ජෑම්- චට්නි වගේ දේවල් ටිකක් ගෙනත්
දෙන්නය කියලා....”
“කවුද යකෝ චට්නිත් එක්ක පාන් කන්නේ....” මගේ
කට ඉස්සර වුණේ නිකම්ම!
“ඔය චට්නි බෝතලයකුත් ගෙනත් දෙන එක මහ
දෙයක්ද? මම ඔව්වා අහ-අහ ඉන්න ගියේ නෑ... සේරම ජාති ගෙනත් දුන්නා.... මොනවා නැතත් ඒ
මනුස්සයා ඉන්න එක හරි ලොකු දෙයක්නේ... මට හිතේ බයක් නැතිව වැඩට ගිහිං ඉන්න
පුළුවනිනෙ...”
නෙවිල්ලගේ අම්මාට
අල්ලන්නට නැතිව ඇත්තෙත් මේ මිනිහාගේ ‘වැඩි සත්ත කරුණාව’ය. |
“ඒවා ගැන නම් අපේ අම්මා මොකුත් ඔබ්ජෙක්ෂන්
දැම්මේ නෑ. හැබැයි අම්මට ඇල්ලුවේ නැත්තේ කෑම බෙදිල්ල.... නන්දා මට කෑම අරින්නේ
මේසෙට... වෙන වෙනම දීසිවලට. තමුසෙ දන්නෙ නෑ හලෝ! මම දැන් හෝටලේක ඉන්නවා වගේ!!
මම
මේසෙට වාඩි වෙනකොටම නන්දා ඇවිත් කෑම බෙදනවා...
ළඟින්ම ඉඳගෙන -කෑම රසයිද මහත්තයා?-
එහෙමත් අහනවා. දවස් දෙක තුන යනකොටම හලෝ, මෙන්න වේලපහින්ම බත් කාලා ඉන්න අම්මත්
එනවා, මම කන්න හදනකොටම. ඇවිත් නන්දාට බෙදන්න ඉඩ නොදී, අම්මා කෑම බෙදනවා බැරි
මරගාතේම!”
අංකොං මතු වෙන්නට පටන් ගෙන තිබුණේ එහෙමය.
‘බලන්නකො මහත්තයා... උයන වෙලාවටවත් ලොකු නෝනා මට තනියම උයන්න ඉඩ දෙන්නෙම නැහැනෙ.
එයත් ඇවිත් කහ- මිරිස්- තුනපහේ දමනවා... හොදි කූරු ගානවා...’ නන්දා complain කරලා
තිබිණි.
“ඉතිං හොඳයි කියන්නනේ තිබ්බේ, නෙවිල්.
නන්දටත් ලේසියක්නේ...”
“ඒ වුණාට ඒ මනුස්සයා අහන්නෙ ඒක නෙවෙයිනෙ!
මෙච්චර පඩියක් අරගෙන මට නිකම් ඉන්න පුළුවන්ද කියලනේ... දන්නවනේ අපේ අම්මගේ හැටිත්,
අසනීපෙ නිසාද මන්දා... දැන් හැම කෙනෙක් දිහාම බලන්නෙ සැකෙන්....”
නන්දාවෝ තම රෝග නිධානය
විදිහට හෙළි කරගෙන තිබුණේ.... |
“මොන ලේසියක්ද බං? ඒ වගේද වියදම... (නන්දාට
20,000/ක් ගෙවන බව නෙවිල් අම්මාට කියලා තිබුණේ නැත.) බත් හුණ්ඩුවකුයි, පරිප්පු
මිටකුයි උයල හාල්මැස්සෝ දෙන්නෙක් බැද ගන්න වැඩකාරියෙකුත් ඕනිද... එයාව යවහං චූටි. මට
දැන් සනීපයි... තවම මගේ අතපයත් හොඳට හයියයිනේ...” අම්මා එහෙම කිව්වත් නෙවිල්
නන්දාව ආපසු යවන්නට තීරණය කළේ නැත.
ඊට පස්සේ දවසක නෙවිල් කිව්වේ අනපේක්ෂිත කතාවකි.
“හරි වැඩේනේ හලෝ! ඊයේ නන්දාට fit එකක් වගේ හැදිලනෙ! හවස මං ගෙදර ගියාමයි
කිව්වේ... මම ඒත් නන්දාට අඬ ගැහුවා බෙහෙත් ටිකක් ගන්න යමු කියලා. ඕනි නෑ
කිව්වා.... එයා කියනවා, මොනවා හරි තද හිත වේදනාවක් හරි අවුලක් හරි වුණාමලු එයාට
එහෙම fit එක වගේ හැදෙන්නේ.”
“ඉතිං නෙවිල්, ඔයාලගේ ගෙදර අස්සේ ඉන්නකොට ඒ
මනුස්සයට මොන අවුලක් වෙන්නද?”
නන්දාවෝම තමන්ගේ රෝග නිධානය විදිහට හෙළි කරගෙන තිබුණේ -ලොකු
නෝනා හිත රිදෙන්න දේවල් කිව්ව- එකය.
ඊට දවස් දෙක-තුනකට පස්සේ, ආයෙමත් ඇයට
අසනීපය. මේ කාරුණික හාම්පුතාගේ බල කිරීම මතම ගෘහ පාලිකාව බෙහෙත් ගැනීමට ගියාය.
තනියම නොවේ, හාම්පුතාත් එක්කමය.
‘වහාම යවපං!’. (එහෙම යැවූ දෙයක් යළි කැන්දා ගන්නට අපි දැන් සිහින දකිමු!) |
“මහත්තයා ඇතුළට එන්න ඕනි නෑ...” හාම්පුතාට
තහංචියක් පැනවූ ඇය දොස්තර මහතාගේ කාමරයට ගිහින් තිබුණේ තනිවමය. නෙවිල් දොස්තර
මහතාගේ කාමරයේ දොර ළඟින්ම වාඩිවී සිටියෙන් දෙදෙනාගේ කතාබහ එයාගෙත් කණට වැටිලාය.
“මාර වැඩේ හලෝ! ඒ මනුස්සයා දොස්තර මහත්තයාට
පරණ reports එහෙමත් පෙන්නලා. එයා විස්තර අහනකොටයි තේරුණේ. නන්දාට ලෙඩ පහක්...”
“මොකාක්?”
“ඒකනෙ කියන්නේ.... දියවැඩියාව, ප්‍රෙෂර්....” එදා නෙවිල් හරියට වාර්තා කළත්, මට
මතක මේ දෙක පමණි.
“මරුනෙ!” මම හිනා කෑවෙමි.
“ඇයි හලෝ, අපේ අම්මට තියෙන්නෙ එක ලෙඩයි....
මේ මනුස්සයට පහක්... තව ටික දවසක් ගියොත් මට ලෙඩ්ඩු දෙන්නෙක්ව බලා ගන්නයි
වෙන්නේ... හොඳ වෙලාවට අපේ අම්මා මේ විස්තර දන්නෙ නැත්තේ. දන්නවා නං ‘වහාම යවපං’
කියනවා ෂුවර්...”
වහාම නොකිව්වාට පසුව තදින්ම කියා තිබ්බේ ‘නන්දා ආපසු යවන්නට’ය. ඇයව ආපසු යැව්වත් නන්දා කිහිප විටක්ම දුර කතනයෙන් කතා කරලාත්, එහාටම ඇවිල්ලාත් සැප-සනීපත් බලලා ගිහින්ය. කැත හිතකින් වෙන්නට බැරිය!
එක දෙයක් පෙන්නනවා
චීත්තවාහිනියට මම අලුතින් ගොතලා ලියපු... |
“අපෝ... පුළුවන් නම් හදනවා කතාවක්.... තමුසෙට එක වචනයක් ඇතිනේ, කතන්දරයක්ම ගොතන්න. තමුසෙගෙ චීත්තවාහිනියට.”
“එක දෙයක්... එක දෙයක් පෙන්නනවා
චීත්තවාහිනියට මම අලුතින් ගොතලා ලියපු... මං ලියන්නේ ඇත්තම ඇත්ත විතරයි. හැබැයි
නෙවිල්. තමුන්නාන්සේටම මතක නෑ මේවා වැඩි හරියක් මගෙත් එක්ක ඔබතුමාම කියපු දේවල්
බව....”
“අපි අවංක වැඩියි ඕයි! තමුසෙ තමයි දවල් හොරා!”
ඒ කතාවට නම් 'නැහැයි' කියන්නට බැරිය. මං වහන්සේ මව් කුසයේ ඉන්නා කාලයෙදීමය, මං එහෙම එකෙකු බව කියලා තිබුණේ.
නන්දා නිසා එක ලොකු හොඳකුත් වුණේය. මාස කිහිපයක් යනතුරුම නෙවිල්ල අම්මාගේ අමතක වීමේ ගතිය හොඳටම අඩුවෙලා තිබුණේය. යටපත්වී තිබුණු ඒ ගතිය යළි හිස එසෙව්වේ ටිකෙන්-ටිකය.
එහෙම වෙද්දීය දවසක ගෑස් ළිප අවුළුවා බිමට
දැමූ ගිනිකූරකින් අම්මාගේ සායට ගින්දර අල්ලා
තිබ්බේ. පූර්වාරක්ෂක ක්‍රම ගණනාවක් යෙදවුණි. (ඒවා කියන්නේ පස්සෙය. ගැළපෙන
තැනක් ආවොතින්ය.)
ඒ එකක්වත් හරි නොගිය තැන නෙවිල් කෝකි වැඩේට බැස්සේය. දැන් මිනිහා
උදේට උයයි; වතුර උණු කොට උණුවතුර බෝතලයකට පුරවයි- ඒ තේ හදා ගන්නටය. ඊළඟට ගෑස් නලය
ගලවා දමයි. අම්මාට එය සවි කර ගන්නට බැරිය.
මානව ලිංගිකත්වය
හා ජනිතයන් ඇතිවීම ගැන ඇති පදම් කිව්වා මතකයි නේද? |
අම්මා සීතල වුණු කෑම කන්නට ප්‍රිය නැත.
මට දුක හිතෙන්නේ දැන්ය. මෙහෙම මනුස්සයාටය, මං දයාබර අංචියක් අදිමින් හිටියේ; 35 වෙනි උපන් දිනය නිමිත්තෙන්..... එයා නිකමට දෙඩූ වාගාඩම්බර කතාවක් හින්දාය. “අනේ මල්ලී.... මේ දවස්වල මට සල්ලිවලට කරන්න දෙයක් නැතිවයි ඉන්නේ!” ඒකත් මට කියූ කෙහෙල්මලක් නොවේ.
‘අසිරිමත් වූ දේකි’ පොස්ටුවලදී මානව ලිංගිකත්වය හා ජනිතයන් ඇතිවීම ගැන ඇති පදම් කිව්වා මතකයි නේද?
එහෙම පින්බර ව්‍යායාමයක යෙදෙද්දී දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ නෙවිල්ලාගේ
තාත්තාගෙන් කිසිම අඩුවක් නැතිව පුතුන් තුන් දෙනාටම උරුමවී ඇත්තේ ‘ගෝරිලි ගමන’
යැවෙන ජානයි!
(මේ මට පෙනෙන විදිහය. නිමල්, මෙරිල්, නෙවිල් තුන් දෙනාම ගමන් කරන්නේ ගෝරිල්ලෙකු සිහිපත් කරවමිනි. උරහිස් ඍජු නැත; මඳක් පහතට බරය; අත් ටිකාක් වක්වී
එල්ලා හැලෙනවා වගෙය.... කකුලුත් යාන්තම් පොඩ්ඩක් බකලයිද මන්දා.....)
එහෙම වුණාට ලොකු පුතණ්ඩියාට ‘අයිඩියානන්ද
ජාන’ නම් එහෙම පිටින්ම දීලාය. (බාලයන් දෙන්නාම ඒ අතින් බාලය!)
“... ඔයා මටයි ඔයාගේ press එකේ
යාළුවෙකුටයි පවරලා තිබ්බ ඩියුටිය?” සුනිල් මල්ලීගේ දෙවෙනි පුතා චන්දන ජයශංඛ
දිසානායක.. (වම් කෙළවරේ), ශම්මි ප්‍රදීප් කුමාර
(දකුණු කෙළවරේ) |
පාටියට අවශ්‍ය කෑම පිළියෙළ කෙරුණේ නෙවිල්ට
යන්තම්වත් නොදැනෙන විදිහටය. ‘අපි අරවා හදන්නම්!’, ‘අපි එනකොට ඩෙසර්ට්වලට මේවා
ගෙනෙනවා....’ යැයි මට දැනුම් දුන් අයත් හිඟ නොවිණි. සැර බීමත් අඩු නැතිව තිබුණත්
එය කාගෙන්; කොහොම කෙරුණාදැයි මතකයක් නැත.
“මහප්පාට මතකද, ඔයා මටයි ඔයාගේ press එකේ
යාළුවෙකුටයි පවරලා තිබ්බ ඩියුටිය?” සුනිල් මල්ලීගේ දෙවෙනි පුතා චන්දන ජයශංඛ
දිසානායක මේ ළඟදීත් මගෙන් ඇහුවේය.
මගේ press එකේ යහළුවාය කිව්වේ ශම්මි ප්‍රදීප්
කුමාරටය.
‘තණමල්විල කොල්ලගෙ යටිබඩ’ post එකකදී කියූ අවිත්තාවේ ගඟක වැලි ගොඩ දමන පාරු ගමනකට මාවත් සහභාගී කරවා
ගත්තේ මේ ප්‍රදීප්ය!
පාන්දර තුනට විතර
අපි දෙන්නා කන්න යද්දී බිත්තර ආප්ප ඉවරත් වෙලා... |
“කවුද ලොකූ කිළුටු
කුමාර්? මාව එහෙම වුණේ ඔයා අපි දෙන්නට කරන්න කියපු වැඩේ හින්දනේ. අර අයියට
කියන්නයැ පිච්චිලා ඉවර වෙන පන්දම් අයින් කරන්න කියලා.... අපේ වැඩේ නිසා මමම කළා.
Mans කළේ පාන්කඩ පුරෝපු තැඹිලි කොම්බවලට භූමිතෙල් දදා හිටපු එක... මොනවා වුණත් එදා
මාර ගති ලොකූ...
ලාඩප්පා කෝටු උඩ ගැට ගහපු තැඹිලි කෝම්බ පන්දම් 60-70වක් තිබුණා
වගේ.... ඊටත් වැඩිද මන්දා... එදා අපි දෙන්නට හිතේ හැටියට අඹරන්නවත් No chance....
පාන්දර තුනට විතර අපි දෙන්නා කන්න යද්දී බිත්තර ආප්ප ඉවරත් වෙලා....” ජයශංඛට මතක ඒ
හරියයි.
“ඒ වුණාට ජයෝ දැනුත්
ඔයාට thank කරන්න ඕනි. ඔයාලා දෙන්නා නියමෙට ඩියුටිය කළා....”
“එතකොට අපි ඔයාට මාර
බයයි ලොකූ.... අයියයි මායි දෙන්නම.... දැනුත් ඉතිං ඔයා නාකි මැන්ටලේ කියලත් ඔය යකා
වෙනසක් වෙලා නැහැනෙ.....”
ඒ සමහර දෙනෙකුට නිමල් දිසානායකව පෙනෙන විදිහය.
පාටියේ හොඳම දෘශ්‍ය
සාක්ෂිය විනාශ වුණේ ‘පුස් කෑම’ හින්දාය. පුස් කෑවේ VHS ටේප් එකකි.
“නිමලෝ, මගේ ගානේ මම මුළු පාටියම වීඩියෝ කරලා දෙනවා.” බණ්ඩාර රත්නායක කීවේය. ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ, තජකයෙදී මා හඳුනාගත් සුනීතා කරුණාරත්න, සුනීතා රත්නායක වුණේ බණ්ඩාර ගොයියා නිසාවෙනි. (ජීවිතයේ පළමු හා එකම වතාවට මා 'ඉක පුරාගෙන' තල ගොබයකින් පෝරුවක් ගැහුවේ එයාලා වෙනුවෙනි.)
‘වළං කඩේ සම්පතා’
‘පුස් අරවන තැනක්’ මීගමුවේ තියෙනවා කියලා, වීඩියෝ දෙකක්.... |
අදටත් මා වෙනුවෙන් අතින් කාගෙන හරක් බලන හෙට්ටිආරච්චිගේ නෙවිල් අනුරසිරි පෙරේරා හිතවතාගේ 35 වෙනි උපන් දිනය මහ ඉහළින් සැමරුණේය. උපන් දින උත්සවය හමාරවීලා දෙදිනකට පස්සේ මම සවිස්තරාත්මක අය-වැය සඳහන් A4 කොළ තුනක් නෙවිල්ට දිගු කළෙමි.
“මට මොකටද හලෝ මේ
මඟුල්?” නෙවිල් ඇහුවේය.
“බිල හරියට නොදී සල්ලි ඉල්ලා ගන්නේ කොහොමද යකෝ?”
“ඈ? තමුසෙගෙ ගණනේ
නෙවෙයිද යාළුවට B’day පාටිය දුන්නේ?”
“මට කසනවටයැ?”
“ඇයි හලෝ, එහෙමනේ
යාළුවන්ට සලකන්නේ. මේක යකාගේ පාටියක්නේ... මාව සම්පූර්ණයෙන්ම ගොනාට අන්දලා;
කුමන්ත්‍රණේ කරලා; මගේ කාර් එකෙන්ම ගිහින් මට හොරා අපේ එවුන්ට පණිවිඩ කියලා; සර්ප්‍රයිස්
බර්ත්ඩේ පාටි එකක් දීලා දැන් වියදම් ඉල්ලන්නේ.... තමුසෙට ලජ්ජ නැද්ද හලෝ?”
“මට ලජ්ජ කියලා දෙයක් නෑ
මනුස්සයෝ.... හිතුණාද කළා, කාටවත් වැරැද්දක් නොවෙනවා නං! මතකයිද, පහුගිය ටිකේ තිස්සෙම තමුන්නාන්සේ කිය- හිටියා සල්ලිවලට කරන්න දෙයක්
නැතිය කියල. ඒකට තමයි මේ return එක දුන්නේ... හා... හා.. දෙනවා වියදම විතරක්. මම
ශ්‍රමයට ගාණක් දාලා නෑ. සල්ලි දීලා ගෙනාව දේවල්වල විස්තර විතරයි ඔය තියෙන්නේ....”
බඩ බැඳගෙන ඉන්න
යාළුවො, නෑයෝ එකෙක්වත් නිකමටවත් මේ මඟුල ගැන මට කිව්වේ නැහැනෙ. |
“යකෝ... බලාගෙන ගියාම මේ යක්කු හැමෝටම මට වැඩියෙන් තමුසෙව ලොකු වෙලානේ.... බඩ බැඳගෙන ඉන්න යාළුවො, නෑයෝ එකෙක්වත් නිකමටවත් මේ මඟුල ගැන මට කිව්වේ නැහැනෙ.” මුදල් බේරන ගමන් නෙවිල් කිව්වේ එච්චරය. ඒ වෙලාවේ.....
2021 වසර අපේ නිදි ලොකු අයියාට හා ඔහුගේ සුමිතුරු නෙවිල් ,මර්වින්, ගවින්, මිෂාන්, දිපාල්, සුනිල්, මානෙල් ඇතුලු සියල්ලන්ටම යස ඉසුරින් පිරි නිදුක් නීරෝගිමත් නව වසරක් වේවායි පතනවා.
ReplyDeleteඔන්න මේ අවුරුද්දේ පළමු කොමෙන්ටුව දැම්මා....
Deleteඅසංග මහත්තයෝ, දුරකතනයෙනුත් සුබ පතලා, කමෙන්ටුවකුත් දාලා, වස්ගමුව trip එක ගිය හැම දෙනාවමත් සිහිපත් කිරීම ගැන ගොඩක් ස්තුතියි.
Deleteඒ වගේම මගේ බ්ලොගයට links යෙදීම වගේ දේවල්වලට ගුරු-හරුකම් දීම වෙනුවෙනුත්!
ඔයා ඇතුළු හිතාදර පාඨක සැම දෙනාටත් ප්‍රමෝදයෙන් සපිරි වසරක්!
සුභ නව වසරක් වේවා
ReplyDeleteකිරි පැණියෙන් ඉතිරේවා
මේ අවුරුද්දේ දී වත්
#### ගති දුරු වේවා
(හිස්තැනට සුදුසු වචනයක් දා ගන්න බැරි විය. මට අදහස් කරන්න ඕනෙ වුනේ ඔය අහිංසක නෙවිල්ට ගහපු ගැටය ට කියන තනි වචනයයි)
ඩ්‍රැකී, "අමුකැලේ" වුනත් වරදක් නැහැ.
Deleteඩ්රැකී, සිරිබිරිස් මහත්තුරුනේ, ගොඩක් ස්තුතියි!
Deleteඔයාලගේ කමෙන්ටු කියවද්දී ඔළුවට ආවේ මෙච්චරයි. (ඔයාලට නෙවෙයි, මටයි අදාළ)
කිරි දියෙනි දෙව්වත් - අඟුරු සුදු වෙන කලක් නම් නැත්!
මේ ඉන්දිරා අර ඉන්දිරා නෙමේනේ නේද?
ReplyDeleteඑතකොට මේ නෙවිල් අර පාටියේ හිටපු නෙවිල්ද ?
මේ ඒ නෙවිල් නම් ඔහොම කියන එක හරිද ?
අජිත් මහත්තයෝ, මම කියන ඉන්දිරා හෙට්ටිහේවා පළිඟු කිරිල්ලී එකේ එක්කෙනා නෙවෙයි. 1979 ඉඳලා මගේ මිතුරියක්, තජකයෙදී හමු වුණේ. සම්පත් බැංකුවේ සේවය කළේ! පටන් ගැන්මේ ඉඳලා.
Deleteනෙව්ලුත් අර පාටියේ හිටි කෙනා තමයි. 1985 හිට යාළුකම. හොඳද නරකද කියලා තීරණය කිරීම ඔයාලටම බාරයි. මම මට හිතෙන- දැනෙන- පෙනෙන දේ කියනවා.... නෙවිල්ට වගේම ගොඩ දෙනෙකුටත්. එයාලටත් අයිතිය තියෙනවා මං වැරදියි නම් පෙන්වලා දෙන්න. මොකද මටත් වරදින්න ඇහැකිනෙ.
යාළුකම කියන්නේ අවංක වීමේ එක ගතියක්ය කියලයි මම හිතන්නේ.
හරි හරි අවුල් ගන්න එපා. ඒ වුනාට ඉතින් නෙවිල් ගෙන් සල්ලි ඉල්ලපු එකට නම් මට අප්සෙට්. surprise පාටි දීල සල්ලි ඉල්ලන්නේ කවුද. මම නම් දෙන්නේ නැහැ හේ හේ
Deleteඅජිත් මහත්තයෝ! ඔයා හරි!
Deleteඒත් මම සෙල්ලම් කරලා තියෙන්නේ පිට්ටනියේ දිග-පළල, ක්‍රීඩකයන්ගේ සේරම වගතුග අධ්‍යයනය කරලා. Trumps අතේ තියාගෙන.... ඒ නිසාමයි අමාරුවේ නොවැටී බේරුණේ...
ඔය පාටියට වන්දි ගෙවුණු හැටිත් පස්සේ කියන්න තියෙනවා....
ප්‍රින්ට්කරල දුන්නොත් නෙවිල් කියවයිද?
ReplyDeleteහැප්පි හැප්පී නිව් ඉයර් වේවා.
Pra Jay මහත්තයෝ, හැප්පෙන්න වෙන්නෙත් මීටරයක් දුරින් ඉඳගෙන නේද? ඔබතුමාටත් සුබ නව වසරකට සුපැතුම්!
Deleteඊයේ රෑ නෙවිල්ට කිව්වා ඔයාගේ යෝජනාව ගැන. 'නෑ, නෑ. මම පහුගිය ඒවා දෙක තුනක් කියෙව්වා' කියලා කිව්වා. අලුත් පොස්ට් ටික කියෙව්වේ නැහැල්ලු. කියවනවලු.
Deleteමට නං සැකයි, ඒ හාදයාටත් අර 'තාරේ සමින් පර්' film එකේ කියනවා වගේ මොකක් හරි ලෙඩක්වත් තියෙනවද කියලා.
ලොකා තමන්ට උදවු කරන කෙනෙකුට ප්‍රත්‍යුපකාර දක්වන එකයි උතුමන්ගේ යුතුකම...සුදනන්ට මද ගුණයක් කලද ගල පිට ඇදි ඉරක් වගේ නොනැසී තියෙනවා කියලයි මං අහල තියෙන්නෙ.. මීට ඩ්‍රැකී
ReplyDeleteඔයා කියන එකනං හරි ලොකූ!
Deleteතියෙන ලොකුම ප්‍රශ්නේ මං වහන්සේ සුදනෙක් වෙන්න try කරන දුදනෙක් වීමනේ!
පැටලුණේ නෑ ඔන්න!
කට්ටකාඩුවෙ... මීට පස්සෙ හොර අස්සං ගහන් නෑ කියල ලියල මෙතන යටිං අස්සං කරහං.
Delete"මට ලජ්ජ කියලා දෙයක් නෑ මනුස්සයෝ.... හිතුණාද කළා, කාටවත් වැරැද්දක් නොවෙනවා නං'.
ReplyDeleteමම නම් තේරුම් අරන් ඉන්නෙ ඒ තමයි ජීවිතේ හොඳම attitude එක විදිහට. කියවලා තියෙනවද පොතක් 'මිය යන මිනිස්සුන්ගෙ ලොකුම පසුතැවිලි පහ' (The top 5 regrets of the dying) ගැන, ජීවිතයේ අවසන් කාලයෙ ඉන්න ලෙඩුන් සහ වයසක අය බලාගන්න තැනක (palliative care) nurse කෙනෙක් ලියපු. මිය යන අයගේ ලොකුම පසුතැවිල්ලක් තමයි තමන්ට කැමති විදිහට/තමන්ට තමන් අවන්ක විදිහට ජීවත් නොවී, අනුන්ට ඕනෙ විදිහට ජීවත් වීම (not living a life true to self).
පස්සෙ මතක්වුනේ, අවුරුද්ද මුලදිම post එකක මිය යන මිනිස්සු ගැන කිව්ව කියලා කට්ටිය බුදු අම්මෝ කියලා negative විදිහට ගනියිද දන්නෙ නැහැ. අපි මේව ගැන හිතලා ජීවිතය වැඩිය අර්තවත් කරගන්න ඕනෙ අපි හොඳින් ඉන්න කාලෙ කියලයි මම නම් හිතෙන්නෙ වයසට ගිහිල්ලා දුර්වල වෙලා confuse වෙලා ඉන්න කාලෙට වඩා, ඒක නිසා ධනාත්මකව ගනියි කියලා හිතනව (නිමල්, negative කියලා හිතෙනවා නම් delete කරන්න හොඳේ).
Deleteලොකු වචනයකින් කියනවා නම් මම මරණානුස්මෘතිය කරන කෙනෙක් Lotus. භාවනාවක් විදිහට නෙවෙයි, මැරෙන බව දැනගෙන ඒ ගැන හිතන, අවදියෙන් ඉන්න කෙනෙක් හැටියට. අපේ පවුලේ- හිතවතුන් අතරේ වුණත් ජාති-ජරා-මරණ ගැන එළිපිට කතාවෙනවා. ඒ නිසා නෙගටිව් කතන්දර ප්‍රශ්නයක් ඇත්තෙම නැහැ.
Deleteපුදුමේ කියන්නේ මට ඒ හැම දෙයක්ම පෙනෙන්නේ තවත් අත්දැකීමක් හැටියට විතරයි. හොඳටම දුක හිතෙන විපතක් වුණත් අපට කොච්චර දේවල් උගන්වනවාද, අවබෝධයක් ලඟා කර දෙනවාද කියලා හිතද්දී මට නං හරිම පුදුමයි!
අනෙක, මෙච්චර දවසකට මගේ බ්ලොගයට අයින් කළ යුතු තරමේ කමෙන්ට් එකක්වත් වැටිලා නැහැ. අසභ්‍ය දේවල් වුණත්.... මගේ රසිකයන්ව මට විශ්වාසයි. ඔවුන් එච්චර පහතට වැටෙනවුන් වෙන්න විදිහක් නැහැ.
ඉතිං නෙගටිව් නෙවෙයි, මාව තදින් විවේචනය කළත් මට ඒවා දරා ගැනීමට පුළුවනි කියලයි මම හිතාගෙන ඉන්නේ. මට වඩාත් වැදගත් ඔයාලගේ එඩිතර- අවංක අදහස්...
මේ දවස් වල මගේ ප්‍රොජෙක්ට් එක - නිදි ව අප්සෙට් කරන කොමෙන්ට් එකක් හොයාගන්න එක.
Deleteඔළුව තියෙන, හොඳට ඉන්න එකෙක්ව අප්සෙට් කරවන්න පුළුවන් වුණාට අජිත් මහත්තයෝ, සහමුලින්ම අප්සෙට් එකෙක්ව කොහොමද ආයෙත් අප්සෙට් කරවන්නේ? කමෙන්ටුවකින් හරි...
Deleteඅම්මට සිරි ඒකත් ඇත්ත
Deleteසුභම සුභ නව වසරක් වේවා
ReplyDeleteඔයාටත් ප්‍රමෝදයෙන් සපිරි නව වසරක් චමී!
Delete