කොහොමද, ඒ කාලේ ගිනි
කිරිල්ලියෝ! (1960 foto එකකි.) |
හිනා වෙවී හිටි යාළුවා එක සැරයක් අසුර
ගහලා හිනා වෙලා, ආඩම්බරෙන් මිත්‍රයා දිහාව බැලුවා.
මිත්‍රයා ඊටත් වඩා ආඩම්බරෙන් දෙපාරක්ම අසුර ගැහුවා. ඒ සද්දෙ ඇහුණු ගමන්ම හුළං
බැහැපු හිනා වෙවී හිටිය යාළුවා, අනෙකාගේ කණට කෙඳිරුවා.
“ඈ බං.... උඹ එහෙනං මගෙ
ගෑනිවයි දුවවයි දෙන්නමත් පාස් කරලා!”
එහෙමයි මං වහන්සේ ‘නවවෙනි පෝස්ටුවෙන්’ මේ
දහවෙනි පෝස්ටුවට පොතේ කතන්දර කීම ‘පාස්’ කළේ. විස්තර පස්සේ කියන්න බැරි යැයි!
මෙන්න එහෙනම් පොතට....
68. මට ඇහුණේ වැරදියට
“ඔබලාගෙන්
කී දෙනෙකු ගෝස්ට්ලා* විශ්වාස කරනවද? කෝ බලන්න..... එහෙම විශ්වාස
කරන අය අත උස්සන්න බලන්න.” දේශකයා
සභා ශාලාව දෙස තියුණු බැල්මක් හෙළා විමසුවේය.
ශාලාවේ පිරීතිරී සිටි සෙනඟ
අතරින් හරි අඩක්ම පාහේ අත් එසවූහ.
“හොඳයි, ඇත්තටම
ගෝස්ට්ලාව දැකපු අය- දැකලා තියෙන අය කරුණාකරලා අත් උස්සනවද දැන්....”
එවර කලින්ට වඩා අඩු ගණනක් අත්
එසවූහ.
“තැන්කියු!
දැන්..... ගෝස්ට්ලව අල්ලපු අය,
ස්පර්ශ කරපු අය කරුණාකරලා අත් ඔසවලා
පෙන්නනවද?” දේශකයාගේ
ඒ ඉල්ලීමට ප්‍රතිචාර ලැබුණේ තුන්-හතර දෙනෙකුගෙන් පමණි.
“ඕ... සොරි! මට ඇහුණේ ගෝට් කියනවා කියලයි.” |
ඒ ප්‍රශ්නයත් සමඟම ශාලාවේ
පැතිර ගියේ දැඩි නිහඬ බවකි. විනාඩියක් දෙකක් ගතවී යත්ම ශාලාවේ ඈත කෙළවරින් එක අතක්
පමණක් එසවිණි.
හීන්දෑරි, කිසිසේත්ම
ප්‍රියජනක නොවන පෙනුමක් ඇති,
වියළි දර ඉපලක් වන් කාන්තාවක් අත ඔසොවාගෙන
හිටියාය.
දේශකයා ශාලාවේ මැදට ගොස්, එම
කාන්තාව ඇමතුවේය. හැම දෙනාගේම නෙත් ඇය දෙසට යොමුව තිබුණු බැවින් ඈ බිමටම යොමු
කරගත් නෙත් ඇතිව සිටියාය.
“මේ
ගැන ප්‍රසිද්ධියේ... මේ ශාලාවේදී පැවසීමට ඔබ කිසිසේත්ම බිය විය යුතු නෑ. අපි හැම
දෙනාම මෙවැනි අද්භූත- අස්වාභාවික දේවල් පිළිබඳ උනන්දුවක් දක්වන අය. දැන් ඉතිං...
මම ඔබතුමීගෙන් අහන්නේ ඔබ ගෝස්ට් කෙනෙක් සමඟ ලිංගික ඇසුරක් පැවැත්වූවාද කියලයි!”
ඇය තිගැස්සී අත පහතට දැම්මේ
මෙසේ කියමිනි.
“ඕ...
සොරි! මට ඇහුණේ ඔබ ගෝට්** කියනවා කියලයි.”
------------
*- Ghost - ගෝස්ට්
= අවතාර
**- Goat - ගෝට්
= එළුවා
69. පටන් ගන්නා තැන
වයස්ගත රජතුමා අභාවප්‍රාප්ත
වූයෙන් ඔහුගේ තරුණ පුත් කුමරාට ඔටුනු පලඳවා රජකමට පත් කර ගැනුණි. ඒ සමඟම රටත්, රාජ්‍යයත්, පිය
රජතුමා සතුව තිබුණු වස්තුව හා අන්තඃපුරයත් අලුත් රජතුමාටම හිමි විය.
මෞලි මංගල්‍යය අවසන් වූ වහාම
නව රජතුමා පුරෝහිතයාට මෙසේ කීවේය.
“මම
කරන්න ඕනෑ දේ නොදන්නවා නෙවෙයි.... ඒත් මට තේරෙන්නෙ නෑ, කාගෙන්
පටන් ගන්නද කියලා!”
කොතැනින් පටන් ගන්නද කියලා ඔයාලට
හිතෙයි... |
ඉඩක් ලැබෙන හැම වෙලාවකම මං අනෙක් අයගේ නිර්මාණ කියවලා රස විඳිනවා. ඒකෙන් මගේ මනස
නං උද්දීපනය වෙනවා.
ළඟදී දවසක බොග දමන මගේ හිතවතෙක් දුරකතනයෙන්
මට කතා කළා. ‘යොමු වෙලා වැරදි අංකයක්’ එහෙම නෙවෙයි,
හොඳේ!
“මොකෝ හුඟ කාලෙකින්ම මොකුත් ලිව්වේ නැත්තේ?”
“ඒක නේන්නං නිමල් අයියේ.... මේ දවස්වල ලියන්න
දෙයක් හිතට එන්නෙ නැහැනෙ. කම්මැලිත් එක්ක...”
ඉතිං ඊළඟ විනාඩි කීපය තිස්සේ, මේ කියන ‘බක
පණ්ඩි උන්නාන්සේ’ අර හිතවතාට උපදෙස් මාලාවක්ම දුන්නේය. මට වැය වුණේ විනාඩි කීපයක්
හා ඇට නැති දිව හෙළවීමෙදී දැවී යන කැලරි ටිකක් විතරය. අර අහිංසක හිතවතාගෙන් නං
සල්ලිත් වියදම් වුණේය- ටෙලිෆෝන් ගාස්තු!
මං එයාට කිව්වේ මගේ විදිහය.
එයාටත් ඒවා කරන්න කියලා කිව්වේ නැත. I provide, You decide තියරියට මං හරිම කැමති
නිසාය, එහෙම කළේ.
“මට තියෙන ප්‍රශ්නේ ලියන්න දේවල් වැඩිකම....
වටපිට බලන ගානේ කොච්චර දේවල් පේනවද? අනෙක ප්‍රවෘත්ති... අනිත් අය ලියන-කියන දේවල්
අහන-බලන-කියවනකොට... ideaස් කොච්චර හිතට එනවද?” මම කීවෙමි. “... අනෙක film එකක්,
drama එකක් බලද්දී වුණත් එහෙමයි....”
“ඔයාට ඔව්වට වෙලාවක් තියෙනවද නිමල් අයියේ?”
ඔයාගෙ කලිසම ඇතුලේ තියෙන, මගේ සාරිය ඇතුලේ නැති දේ
මොකද්ද? |
‘ජෙනරාල්ගේ ආතල්’ අඩවියෙන් එහෙම කියවූ අපූරු
යාන් එකක් මෙතනට ඔබන්නේ, එහාටත් ගිහින් බලන්නැයි ආරාධනා කරමිනි. පෙනෙන විදිහට නම්
ඒ blog රචකයාටත් ‘බැරිබැරියා’ ලෙඩේ හැදිලා වගෙය.
මේ උපුටනය 2014 ජනවාරි 24 වෙනිදා පළවුණු ලිපියකිනි.
ඇම්ඩා - 1 වසරේදී
1ක වසරේ ඉන්න ඇම්ඩාගෙන් පන්ති භාර
ගුරුතුමියට පුදුම වදේලු. ඒ නිසාම ගුරුතුමී ඇම්ඩාව විදුහල්පති තුමා හමුවට අරන්
ගිහින්. එතකොට ඇති වුනු දෙබස තමයි මේ...
විදුහල්පති: මොකද ලමයා මිස්ට කරදර කරනව
කියන්නේ?...
ඇම්ඩා: අපේ අක්කා ඉන්නේ 3 වසරේ, ඒ වුනාට මට
ෂුවර් එයාට වඩා මගේ මොලේ වැඩි කියලා.
විදුහල්පති: හරි,
එහෙනම් මම ඔය ලමයගෙන් දැන් ප්‍රශ්න ටිකක්
අහනවා. ඒවා ඔක්කෝටම හරියට උත්තර දුන්නොත් ඔයාවත් අපි 3 වසරට මාරු කරනවා. කැමතිද?
ඇම්ඩා: හරි, මම කැමතියි.
විදුහල්පති: 3x3 කීයද?
ඇම්ඩා: 9.
විදුහල්පති: 6x6 කීයද?
ඇම්ඩා: 36.
විදුහල්පති: මම හිතන්නේ මේ ලමයට 3 වසරේ ඉගෙනුම ලබන්න දැනුම ඇති මිස්. මෙයාව අපි 3
වසරට මාරු කරමු.
එක එක ප්‍රමාණ වලින් තියෙනවා..... |
විදුහල්පති: අහන්න අහන්න, කිසිම ප්‍රශ්නයක්
නෑ.
ගුරුතුමී: එළදෙනකට 4ක් තියෙන මට 2ක් තියෙන
දේ මොකද්ද?
ඇම්ඩා: කකුල්.
ගුරුතුමී: ඔයාගෙ කලිසම ඇතුලේ තියෙන,
මගේ සාරිය ඇතුලේ නැති දේ මොකද්ද?
ඇම්ඩා: සාක්කු.
ගුරුතුමී: පිරිමි අය හිටගෙන කරන,
ගැහැණු අය වාඩි වෙලා කරන,
බල්ලෝ කකුල් 3න් කරන දේ මොකද්ද?
(විදුහල්පති තුමා දෑස් ලොකු කර බලා සිටී...)
ඇම්ඩා: අතට අත දීම.
ගුරුතුමී: හරි මම දැන් තේරවිලි කිහිපයක්
අහන්නම්, සූදානම්ද?
ඇම්ඩා: සූදානම්.
ගුරුතුමී: ඔයාගේ ඇඟිල්ලක් මා තුලට යනවා. ඒත්
ඔයාට ඇති වුනාම ඔයා මාව ඇඟිල්ලෙන් ඉවත් කරගන්නවා. මම කවුද?
ඇම්ඩා: කසාද මුද්ද.
ගුරුතුමී: මම එක එක ප්‍රමාණ වලින් තියෙනවා,
මම ලෙඩ වුනාම මගෙන් දියරයක් ශ්‍රාවය වෙනවා.
මම කවුද?ඇම්ඩා: නහය.
ගුරුතුමී: F
අකුරෙන් පටන් ගන්න K
අකුරෙන් අවසන් වන ගොඩාක් උණුසුම අන්තර්ගත දේ
කුමක්ද?
ඇම්ඩා: Firework.
අම්මෝ ඇති යන්තම්. (ජෝජ් කීට්
මහතාගේ චිත්‍රයකිනි.) |
ඇම්ඩා: Fork.
ගුරුතුමී: ඔබටත් 1ක් තියෙනවා,
විදුහල්පති තුමාටත් 1ක් තියෙනවා. පාප්
වහන්සේ තමන්ගේ 1ක පාවිච්චි කරන්නේ නෑලු. විවාහවෙන කාන්තාවන්ටද 1ක් ලැබේවි. ඒ
මොකද්ද?
ඇම්ඩා: වාසගම.
ගුරුතුමී: මිනිසා සතු මෙහි කිසිම අස්ථියක් නෑ. නමුත් විශාල ප්‍රමාණයක් නහර තියෙනවා. ආදරය කරන්න මේක නැතුව බෑ. ඒ මොකද්ද?
ඇම්ඩා: හදවත.
ගුරුතුමී: හරි සර්,
මමත් ප්‍රශ්න අහල අවසානයි.
විදුහල්පති: අම්මෝ ඇති යන්තම්. අන්තිම ප්‍රශ්න
10ටම මම හිතපු උත්තරත් වැරදී. මේ ලමයව 3 වසරට නෙවෙයි,
විශ්ව විද්‍යාලයට මම නිර්දේශ කරල අදම
ලිව්මක් ලියනවා...
(ඇම්ඩාගේ එකේ පන්තියේ කතා වස්තුව එහෙන්
මෙහෙන් උපුටා ගන්නා ලදී...) genaral
ඇම්ඩාගේ කතා සීරීස් එකක් ඒ කාලේ හැම තැනකදීම
වගේ කියවුණා. මේ කියන්ඩ යන කතන්දරෙත් බොහෝඕඕඕඕඕම පොරසිද්ද වෙච්චි එකක්!
70. ආර්යාවගේ පිම්ම
ඔන්න එක ආර්යාවක් හිටියා.
එයාට ‘ආර්යා’ පට්ටම හම්බ වුණේ එතුමියගේ ස්වාමි පුරුෂයා හින්දයි. ඒ වුණාට ආරියාව
නිතරෝම බැලුවේ ඔක්කොටම වැඩියෙන් එයා ඉස්මතු වෙන්නයි. ඒ හින්දා ඉඳ-හිටලා හොඳ-හොඳ
දේවල් වුණා. මේකත් එහෙම සංගදියක්.
ආර්යාවත් එක්කං ගිහිං වෙල්
යාය පෙන්නන වැඩේ..... |
මේ ගොවි මහත්තයට ආර්යාවගේ බොරු සෝබන අරහං!
ඒත් ඉතිං පැවරුණු රාජකාරිය
කරන්නත් එපැයි. ඔන්න ආර්යාවත් අඬ ගහගෙන වෙල් යායේ ඇවිදිනවා.
තවම පැලපත ගොයම!
ඒ සන්දියේදී ගොයම් පැලවලට වතුර ඕනැනේ... ලියැදිවලත් වතුර බැඳලා. ඔව්වා බල-බලා
යද්දිං වෙල් යායේ කෙළවරක නියරේ, වක්කඩක් ළඟට ආවා. වක්කඩ කියන්නේ වතුර ගලාගෙන යන
තැනක්නේ.... එතැන වටේ ටික වෙන්න මඩ වෙලත් තිබුණා.
“නෝනා... මෙතනිං යන්න නං
වක්කඩට බහින්න වෙනවා... එතකොට මඩත් ගෑවෙයි!” ගොවි මහත්තයා කිව්වා.
ඒක ඇහුණු ගමන්ම ආරියාවට මළ පැන්නා.
“නෝනා? තමුසෙගෙ හිතේ මම ලංසි
ගෑනියෙක් හරි, සුද්දියෙක් හරි කියලද? එක්කෝ නෝනා හාමු කියල කියනවා.... නැත්තං මට
මැඩම් කියලා කියනවා.... හරිද?” ආර්යාව තරහෙන් කිව්වා.
ගොවි මහත්තයත් ‘එහෙමයි, නෝනා හාමු!’ කියලා බොහොම ගවුරව- පුරස්පරව කිව්වා.
දැන් ආර්යාවට සන්තෝසයි!
සන්තෝසේ පිටම ආර්යාවගෙ සිරි මුඛයත් ඇරුණා.... ඔන්න දැන් වචන ගලනවා!
එහ්...හෙනං නෝනාාාාා හාාාාමුට
මේ වක්කඩෙන් පනින එක කජු කනවා වගේ.... |
වක්කඩ ළඟ ඉඳගෙන ආර්යාව
පම්පෝරිය ඇද බානවා. යාන්තං ඉස්පාසුවක් ලැබුණු ගමන්ම ගොවි මහත්තයා කට ඇරියා.
“එහ්...හෙනං නෝනාාාාා
හාාාාමුට මේ වක්කඩෙන් පනින එක කජු කනවා වගේ වෙයි නොවැ. අපට නං ඉතිං, මඩ ගොඩේ
බැහැලා ගිහිනුත් පුරුදුයිනෙ.”
“අයියෝ... මේකෙන් පනින එක
සිම්පල්නේ....”
ආර්යාව අභියෝගය බාර අරං, ටිකාක් ආපස්සට ගියා.
මේ ටික අකුරු කරද්දී නං මගේ වටෙන්ම
මැවි-මැවී පෙනෙන්න ගත්තේ බඩල්කුඹුරේ, පරෙයියන් ඇල්ල. ජොකා පිටින් එක කිහිල්ලක
කුඩේකුයි, අනෙක් කිහිල්ලේ ඇඳුම් වගයක් දමාපු සිලි-සිලි බෑගයකුයි ගහගෙන- නිමල්
දිසානායක මොට්ටයා එදා පැනපු පැනිල්ල!
පිම්ම වරද්දාගෙන මැණික් ගඟට වැටිලා, වම් උරහිසෙන් අතත් පන්නා ගත්තු හැටි.
අමතක නං හරි- කියවලා නැතිනං හරි, මේ පාර
දිගේ ගිහින්- ‘ඇල්ලට පරෙයියන් බිල්ලට ඩිංගෙන්’
කියවන්නකො, මගේ අමනකම!
“හෝව්! හෝව්!! නෝනා හාමු,
කොයිකටත් සූදානං ශරීරෙ කියලා මං එහා පැත්තට ගෙහුං ඉන්නං....” එහෙම කියලා ගොවි
මහත්තයා ඔන්න වක්කඩට උඩින් පැනලා, එහා පැත්තට ගිහින් බලාගෙන ඉන්නවා.
අනේ අයියයි, නංගියි දෙන්නම පරෙයියන් ඇල්ලට
බිලි වෙලා. |
ගොවි මහත්තයත් බොහොම ඕනිකමෙන් බලං ඉන්නවා.
‘වන්... ටූ.. ත්‍රී....’
කියලා තමුන්ම කියාගෙන ආර්යාව පුළුවන් තරම් වෙර අරං දුවගෙන ආවා... ඇවිත් වක්කඩට
උඩින් පැන්නා!
ජංජාලයයි!!!
ඔය වෙලාවේම තරමක් සැර හුළං පාරක් හමාගෙන ආවා. ආරියාවගේ ඉලක්කය හරි ගියාට මොකද,
ලුංගියට හුළං බදලා ඒක උඩ ගියා- ආර්යාව හීනෙකින්වත් නොහිතපු විදිහට.
ගොවි මහත්තයට කලබලේට ඇස්දෙක
වහ ගන්නත් අමතක වුණා.
ඒ වගේමයි, පුංචි තරහකුත් හිතේ තියෙනවනෙ... ඒ හින්දම ටිකක් කැත හිනාවකින් නෝනා
හාමුට සංග්‍රහ කළා.
ආර්යාවටත් දැන් දැනගන්න ඕනෑ, ගොවි මහත්තයා වෙච්චි සිද්ධිය ඔක්කොම දැක ගත්තද කියලා.
ඒ නිසාම ආර්යාව මෙහෙම ඇහුවා.
“කොහොමද මගෙ පිම්ම?”
ගොවි මහත්තයා බොහොම අහිංසක
තාලෙට අත්දෙක එකතු කරලා, ඔළුව නවලා මෙහෙම කිව්වා.
“අනේ නෝනා හාමු, අපි මේ
පළාත්වලදී නං ඕකට කියන්නේ ‘පිම්ම’ නෙවෙයි xම්x* කියලයි!”
---------
*-ගැමි වහරේ ස්ත්‍රී ලිංගය හඳුන්වන ඒ වචනය ශබ්ද කෙරෙනුයේ ‘පිම්ම’ වචනයට බෙහෙවින්
සමානවය.
සසර සරනා තාක් කල් මේ වගේ.... |
අද 4
වෙනිදා. පුරුදු විදිහටම උදෙන් ප්‍රවෘත්ති අඩවි බලාගෙන යද්දී හිත කඩා වැටුණා.
අගෝස්තු පළමුවෙනිදා පරෙයියන් ඇල්ල බලන්නට ගිය ඔක්කම්පිටියේ කණ්ඩායමක හිටි ගයාශානි
ගජවීර (23) මෙනෙවියගේ පය ලිස්සලා ඇල්ලට වැටිලා. එයාව බේරා ගන්න හිතාගෙන ගයාශානිගේ
අයියා; සුරාජ් මධුශංඛ ගජවීර (30) තරුණයාත් එතැනට පැනලා.
අනේ අයියයි, නංගියි දෙන්නම පරෙයියන් ඇල්ලට බිලි වෙලා. සුරාජ් මේ මාසේ 18 වෙනිදා විවාහ වෙන්න සූදානමින් ඉඳලා තියෙන්නෙත්.
මේ අවුරුද්දේ අප්‍රේල් මාසයෙයි, 1999 අප්‍රේල් තරම් ඈත කාලෙක පරෙයියන් ඇල්ලේදී මං මැරෙන්න ගිය හැටි නිදිගෙ පංච තන්තරේට ලිව්වේ. එදා මං නං බේරුණා... ඒත් මෙයාලා....
සසර සරනා
තාක් කල් මේ වගේ අවාසනාවන්ත ඉරණමකට ගොදුරු නොවෙන්නයි කියලා මං ඔවුන් වෙනුවෙන් ප්‍රාර්ථනා
කළා.
ඒ වගේම සංචාරවලදී හරිම පරෙස්සමින් විනෝද වෙන්නයි කියලා කාට-කාටත් ආයෙම
සිහිපත් කරවනවා.
ඔයාලාත් ඒ සද්කාර්යයට දායක වෙනවා නේද?
71. හොඳම තෑග්ග
“මේ සැරේ නත්තලට තමුසෙට මොනවද
හම්බ වුණේ?” චන්ද්‍රසිරි තම මිතුරාගෙන් ඇසුවේය.
“වටිනාම තෑග්ගක්!” විපුල
කීවේය.
“මොකද්ද ඔච්චරම වටිනා තෑග්ග?”
කුතුහලයෙන් පිරුණු චන්ද්‍රසිරි නැවතත් ඇසුවේය.
“නළාවක්!”
“අයියෝ... නළාවක් ඔච්චර
වටිනවයැ?” චන්ද්‍රසිරි විපුලට කීවේ ඔලොක්කුවට මෙනි.
මට රුපියල් පහක් ගානේ දෙනවා ‘අදත් නළාව පිඹින්නේ නැතිව
හිටපං පුතේ’ කියලා! |
72. මමත් එහෙමයි!
බර්නාඩ් ෂෝ උගතෙකි; වියතෙකි;
ඉතා ප්‍රසිද්ධ අයෙකි.
ඉතා ධනවත් කාන්තාවක් ඔහු හමු
වීමේ ආශාවෙන් යුතුව සිටියාය. ආඩම්බරකාරියකද වූ ඇය බර්නාඩ් ෂෝ වෙත මෙසේ ලියා යැව්වාය.
‘ප්‍රිය මහතාණෙනි! ....
මැතිණිය ලබන ඉරිදා සවස තුනත් හයත් අතර තම නිවසේ රැඳී සිටින බව මහත් සතුටින් ඔබට
දන්වා සිටින්නීය.’
බර්නාඩ් ෂෝ එම ලිපියේම යටින්
එක වැකියක් ලියා, එය ආපසු යැව්වේය.
‘බර්නාඩ් ෂෝ ද එසේම සිටිනු
ඇත.’
73. හැදිච්චි බෑණා
“මොකද මචං අද හරිම ජොලි මූඩ්
එකකින්. උඹට ලොතරැයියක් ඇදුණ වගෙයිනෙ.”
ජෙරාඩ් ඩන්කන්ගෙන් ඇහුවා. දෙන්නා අඹ යහළුවෝ.
“ලොතරැයියක්? ඊට එහා මචං....
අද මම අනූනමයෙන් බේරුණා. අම්මෝ! මතක් වෙනකොටත් ඇඟේ මයිල් කෙළින් වෙනවා....” ඩන්කන්
කිව්වා. “...මාර ලක් එක!”
ජෙරාඩ්ටත් ඕනි වුණා වෙච්චි දේ
දැනගන්න.
“උඹ දන්නවනේ මචං මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්...
මොනිකා. ඒකිගෙ නංගී ජෙසිකාත් නියම කෑල්ල මචං....”
“මං දැකල තියෙනවා. මාර සෙක්සි
ලුක් එකක් බං ඒකිට තියෙන්නේ....” ජෙරාඩ් යහළුවාට උඩ-ගෙඩි දුන්නා.
“ඒකනෙ..! දැන් ටික දවසක ඉඳලා
මං මොනිකව හම්බ වෙන්න ගෙදරට යනකොට මෙන්න ජෙසිකාත් ඇහැ දෙනවා. එහෙන් බලනවා...
මෙහෙන් බලනවා... මට පේන්න තොල් ලෙවකනවා... වැඩ කෝටියයි!”
“උඹේ බොක්කෙ පින මචං....
ඉතිං, ඉතිං..”
“අද උදේ මං එහාට යනකොට මෙන්න
ජෙසිකා කොටට-කොටේ සායක් ඇඳගෙන සෙටියෙ හාන්සි වෙලා ඉන්නවා. බ්ලවුස් එකත් හොඳටම
කොටයි... ඇඟෙන් තුන් කාලක්ම එළියෙ...”
“ඒකි විතරද මචං හිටියේ?”
ජෙරාඩ් ඩන්කන්ගෙන් ඇහුවා.
“අද ගෙදර කවුරුවත්ම නෑ- කියල
ජෙසිකා මාව දැකපු ගමන්ම කිව්වා!”
“යකෝ, අපිට නැහැනෙ ඔහොම
චාන්ස් වදින්නේ... ඉත්තිං...?”
“ඒ විතරක් නෙවෙයි, මචං. ඒකි මට අඬ ගැහුවනෙ, ඒකිගෙ බෙඩ් රූම් එකට යන්නත්....”
සනා වගේ හැදිච්චි බෝයි
කෙනෙක්ව හම්බ වෙන්න... |
“ඉතිං උඹත් ගියා?”
“පිස්සුද බං... මං ටක් ගාලා හැරිලා කාර් එක ළඟට දිව්වා. කාර් එකේ දොර අරින්න හම්බ වුණේ නෑ, මෙන්න මොනිකගෙ මමීයි, ඩැඩීයි ගේ ඇතුළෙම ඉඳලා එළියට දුවගෙන එනවා... මාව ෆුල් හොල්මන්!”
“න් න් න් නෑ!”
“... අනේ සනා! අපේ මොනිකා හරීම ලකී ගර්ල් කෙනෙක්... සනා වගේ හැදිච්චි බෝයි කෙනෙක්ව
හම්බ වෙන්න... කිය-කියා උන් මාව නග්ගලම තිබ්බා... මාත් ඉතිං ඒ විදිහටම ඇක්ට් කළා.”
ජෙරාඩ්ට දැන් නං වැඩේ පැටලුණා
වගෙයි.
“ඇයි බං, උඹේ හැදිච්චිකම
හින්දම නේද අරකි පැනල දෙන්න හදද්දී, කාර් එකට දුවල ආවේ?”
“මොන හැදිච්චිකමක්ද මචං....
මගේ සාක්කුවේ එවෙලෙ එෆ්.එල්.* එකක් තිබුණෙ නෑ. ඒවා තිබුණෙ කාර් එකේ කබි හෝල් එක
ඇතුළේ... ඒකක් ගන්නයි මම කාර් එකට දිව්වේ!”
--------
*එෆ්.එල්. එකක් - කොන්ඩමයක් (ලිංගේන්ද්‍රියට පලඳින රබර් කොපුවක්)
හොඳ තැනකින් නෙවෙයි අද පෝස්ටුව නවත්තන්න වුණේ.... ඒත්, මේ ඇති නේද අදට?
https://www.reddit.com/r/OutOfTheLoop/comments/3sd2tj/why_do_people_call_arabs_goat_humpers/
ReplyDeleteඅප්‍රිකාවට ගිය කතෝලික පූජකයෙක් ට දවසක් මාර වැඩක් වුණා. එයාගෙ මීසමේ හිටපු කළු ගෝත්කරිකයෙක් දවසක් එකව උන්දැගෙ මායියයි, අලුත උපන් දරුවයි අරං හෙණ කේන්තියෙන්. අර දරුව රෝස ම රෝස පාටයි. පොර අහනව ෆාදර් ගෙන්,
Delete“කොහොමද ඕයි මගෙ පවුලට උපන්න ළමය සුදු වුණේ? මේ පළාතට ම ඉන්න සුදු ජාතිකය තමුසෙ.“
ෆාදර් කළබල නොවී මෙහෙම කියනව.
“සර්ව බල ධාරී දෙවියන් වහන්සේ ගෙ කටයුතු අපට තේරුම් ගන්න බැරි මහා අබිරහස්. දැන් බලන්න අර එළු පට්ටිය...“ පොර එළුවො රැළක් පෙන්නනව. “අර බලන්න, අර එළුවො ඔක්කොම සුදුපාටයි. ඒත් දෙවියන් වහන්සේ තමයි දන්නෙ, ඒ අතරෙ කොහොමද අර කළු පාට එළු පැටියා හැදුණෙ කියල.“
ඒ ගමන අර ගෝත්‍රිකයා ෆාදර්ව පැත්තකට අඬගහන් ගිහිල්ල රහසෙ කියනව,
“මේ... ෆාදර්, මං ඔය සුදු ළමය ගැන කට පියාගෙන ඉන්නං. හැබැයි තමුසෙත් අර කළු එළු පැටිය ගැන කට පියාගෙන ඉන්ඩ ඕනෙ...“
මේ කතාව කොපි කරල කොතනද පේස්ට් කරන්න හොඳ?
Deleteතෝ අහුවෙය ආයෙ පාරක් මගෙ කමෙන්ට් කොපි පේස්ට් කරල!!!
Deleteතමුසෙ ගෙ අර කතාව අවසානයක් කරනවකො. මං දැනට ම ලියල තියෙන ටික ටයිප් සෙටිං කරල තියෙන්නෙ. (දුවමින්)
Deleteස්තුතියි Pra Jay, link එකෙන් අලුත් දේවල් ගොඩක් දැනගන්න හැකි වුණා.
Deleteඩ්රැකී, ෂෝක් කතාවක්නේ. හැබැයි වම්හ සහෝදරයා කියන්නැහේ අවසානයක් නොවේ අවසානෙකට ගෙනියන්න... හදිසි එහෙකට නෙවේ. ලියන්න හිටි විදිහටම.
ඒ මගුල මේ සම්මජ්ජාතියෙ “අවසානයක් නොවේ“ නම දාල තියෙන්නෙ ම ගණ පිහිටුවලා.
Deleteඇඩම් පරෙස්සමෙන්, ගණ ගනින්න ගිහින් ගණින්නාන්සේලා ආගම් විරෝධී ලේබලයක් අලවයි. ඔයාගේ නමත් ෆොරින් එකක්නෙ.
Deleteවේල්ස් එවුන්ට සුද්ද ගහල තියෙන බැටළු කාඩ් එකත් ඔය වගේමයි
Deleteඑක වගේම සංකල්පයන්ද, අජිත් මහත්තයෝ?
Deleteඅයිරිෂ් සංකල්පය
Deleteයකෝ කෙල්ලෙක් දැක්කම දුවන එකෙකුට දුව දෙන්න මහ උන්ට පිස්සුද?
ReplyDeleteපරෙයියං ඇල්ලෙ සීන් එකනං කණගාටුදායකයි. වැඩියම කණගාටුදායක දේ තමයි හොඳට ඉගෙනගෙන ලොකු රස්සාවල් කරන අය උනත් තමංගෙ ජීවිතේ බේරගන්න පීනන්න ඉගෙනගෙන නැති එක.
කෙල්ල ගාව ටෝච් එකක් තිබුණද දන්නෑ?
Deleteඅපට පරිපාලන සේවා පත්වීමත් එක්ක දුන්න පුහුණුවෙ එක කොටසක් තමා පීහිනීම. කරුමෙ කියන්නෙ මට එදා හොඳටම වීස් එක යි උණයි...
පරිපාලන තරං දුර යන්න කලිං ඕව ඉස්කෝලවලදිම උගන්නන්න ඕන බං.
Deleteඒ කියන්නෙ උඹටත් පීනන්න බෑ. හැක්.. එහෙනං දෙන්නම ගිලිල මැරෙමු හිටගෙන.
බදුලු ඔයේ වගේ වුණානං ගිළිල මැරෙන්න වෙන්නෙ ඔළුවෙං හිටගෙන
Deleteසත්තයි ප්‍රසන්න, ඔයා හරි. හැම කෙනෙකුටම කුඩා කාලේ ඉඳලම පිහිනීම පුහුණු කරවිය යුතුමයි! හැබැයි, මං ඉගෙන ගත්තෙත් තිහ පැන්නට පස්සේ!
Deleteබදුල්ලේ රේල්වේ ක්වාටර්ස්වල ඉන්න කාලේ මට දෙයියන්නේ ලෙඩ හැදිලා ඉවර වුණාම තාත්ත මාව නෑව්වේ, බදුල්ලේ සන්දේ කිට්ටු හරියේදී බදුලු ඔයේ!
මොනවද නිදි මාමෙ මේ ලියල තියෙන වල් කතා? තව නැද්ද? ඔයා ලියපු ඔය පොත මිලදී ගන්න තියෙන්නෙ කොහෙද?
ReplyDeleteඔයාට මං කියල තියෙන කතා මදි වෙලාද? අර සිංදුවකුත් තියෙන්නෙ මගෙ ආදරෙ මදි වෙලාද කියල...
Deleteමා ළඟ තියෙනව පොත, කර්තෘගෙ අත්සනත් එක්කම. වැඩිම ලංසුවට දෙනව.
Deleteතාරා, අර පට්ට හොරා, “වම්හ“ ට කියමු ඔය පොත උස්සලා ගෙනත් දෙන්න කියලා.
Deleteහොරා හොරා කියන්ඩ එපා යකො. හරිහමං රටක ඉපදුනානං මට ඇමතිකමක් ගන්න තිබුණා. හොරා තුමා කියපියව්
Deletehttps://duckduckgoatchicago.com/
Deleteඅඩේ මේකත් නියම ක්‍රමවේදයක් නෙව? හොයා ගත්තා ලින් එකක්, එබුව අමුවෙන්ම. ගේම් ක්ලෝස්😊
Deleteහොඳ උනත් නරක උනත් ඒකයි ප්‍රාජේ ගෙ පිළිවෙල...
Deleteඑහෙම කියමනක් තිබුණා රොමාගෙ වාසනාව පොතේ
ප්‍රශ්නේ කියන්නේ Pra Jay උන්නැහේ ඔය links මතක තියාගෙන ඉන්න එකනෙ.
Deleteරොමාගේ වාසනාව... අගේ ඇති පොතක්. අතේ වැරෙන් හදාගන්න එකයි, එඬරු තෙල් පොවන එකයි තවම මතකයි...
නිදි මට උත්තර දුන්නෙ නෑනෙ. කොහෙන්ද ඔය පොත ගන්න පුළුවන්?
Deleteමං කිව්වෙ ගන්න පුළුවන් විදිහ...
Deleteමොනවද මේ විකුණන වල් කතා කියපු සංඝ-රත්නෙ ගාව පොත් දෙකක් තියනවා කියල නිදි කිව්වා.
Deleteඅත පිරිකර හැටියට තියාගෙන ඇති
Deletehttps://www.firstpost.com/india/a-nuns-story-sex-affairs-and-priests-you-cant-refuse-267394.html/amp
Deletehttps://www.mindtools.com/pages/article/newTIM_01.htm
Deleteහෙහ්,හෙහ් අත පිරිකර.
Deleteහ්ම්...ලින්ක් දැමීමේ කලාව කියාදෙන ලින්කන් මැතිතුමාට ජයවේවා!
අග්නි තාරා, පොත අලෙවි කිරීම ගැන ළඟම කොටසක ලියන්න හිතිලයි තියෙන්නේ, ඔයාගේ ප්‍රශ්නය නිසා. එතකල් ඉවසනවා නේද ගිනි ගන්නේ නැතිව.
Deletehttps://www.co.lincoln.wa.us/sheriff/registered-sex-offenders/
Deleteලංකාවේදී නං ඔහොම දෙයක් කියන්න ගියොත් මොකද වෙන්නේ.... Pra Jay මහත්තයෝ?
Deleteඔන්න කළු ජූලිය වෙලාවෙ, දෙමළ උදවිය මැරුව නෙ. දෙමළ ද සිංහල ද කියල හොයාගන්න මැරයො ටික යොදා ගත්ත එක උපක්‍රමයක් තමයි, බාල්දියක් පෙන්නල “මේ මොකද්ද?“ කියල අහන එක. දෙමළ කෙනෙකුට එක පාරට ම කියවෙනව “යේක එවිල්ලා
ReplyDeleteපාල්දිය“ කියල. ඕක දැනගත්ත දෙමළ කොල්ලෙක් සිංහල කොල්ලෙක් ගෙන් අහගෙන, “බාල්දිය“ කියන්න පුරුදු වුණා ලු. ඉතිං සැරයක් ඌත් අහුවුණාලු ජාතිවාදී මැරයො සෙට් එකකට. එතනදි, ඌ හෙණ ආත්ම විශ්වාසෙන් බාල්දිය පෙන්නන කොටම කිව්වලු “බාල්දිය“ කියල. ඊට පස්සෙ හෙණට සැටිස් නෙ... පොර ගැම්මෙං ම ඇහුවලු “එයි සර්, සෙකද?“ කියල.
ඇඩමට යි ඩ්‍රැකිය ට යි හූ!!!
මූ යකෝ! අතනිං කොපි කරල මෙතනට එන ටිකට කෙළල නෙ... පුදුම කම්බ හොරු ඉන්නෙ.
Deleteහොරුන් හට ද හොරකම් කළ අසම සම
ඩ්‍රැකි වම්හා වෙයි මූ හෙණ අසම සම
සුරුකම් මුගෙ බලවු තෙපි දුබලයිනි හැම
යන මේ වදන් විය අඩිතාලමෙහි එම...
(මේ කවිය දැක්ක ගමං බස්ස කියයි අපි තුන් දෙනා එකෙක් කියල)
මුං යකෝ! කමෙන්ට් මංකොල්ලකන්නෙ හරියට මහබැංකුව... (නෑ එක්කො ඒක ඕන්නෑ)
Deleteකමෙන්ට් එකක් තැනක දාපු ගමං ඒකට පේටන්ට් එක ගන්න වෙලා තියෙන්නෙ...
උඹල දැනගනිං කො.ක.සංගමේ සභාපතියෙකුත් හිටියයි කියල.
Deleteඋඹට මං පැමිණිලි කරනව. වහාම මේකෙ යුක්තිය ඉෂ්ඨ කරල දීහං!
Deleteකොකා සංගමේ සබාපති ගරු නයිතුමා🤔
Deleteනොකිය කොහොමද, උඹල තුන්දෙනාම එන්නෙ එකට නෙව?
Deleteඋන්දැ පස්සෙ පස්සෙ තනතුරේ වගකීම් හරියාකාරව ඉටු කරන්නෙ නැතුව ගියා.
Deleteකළු ජුලිය පටන් ගනිද්දී අපි හිටියේ අනුරාධපුරේ. මඟ හිරවෙලා දවස් තුනකට පස්සෙයි ගෙදර ආවේ ගිනි ගොඩවල්, අළු ගොඩවල් මිනී දැක දැක. මහරගම ජාතික තරුණ සේවා සභාව ඉස්සරහ කාර් එකක දෙතුන් දෙනෙක් බාගෙට පුච්චලා තියෙන හැටි තාම ඇහැට කඳුළු ගේනවා. ඒ අස්සෙම පැලෙන්න හිනා 'එයි සර්, සෙකද?' කියවද්දී.
Deleteම්...ම්... අමතක වුණා, තන තුරේ හරියෙත් වගකීම් තියෙනවැයි?
Deleteතනතුර කරන්න මෙච්චරකල් බ්ලොග් වල කොමෙන්ට් තිබුණැයි බං. දැංනෙ මේ පටං අරන් තියෙන්නෙ.
Deleteඔන්න නයි හාමිට කේන්ති ගිහින් වගේ... එහෙමද නයි හාමි?
Deleteප්‍රසන්න, පෙනේ දියං
Deleteප්‍රසන්න තන-තුරේ රාජකාරි වලට යොමු වෙලා තමයි සභාපති තනතුරේ වගකීම් අමතක වුණේ
Deleteසින්දුව දැම්මට ස්තූතියි
Deleteඅනේ ඇඩමො මං නං ඔව්වට මුකුත් කියන්නෙ නෑ. සුද්ද ඕකට "තිරි-සම්" කිව්වට, එකගෙයි කෑම උඩරට චාලිත්තරයක් නෙව? "වළඳනා කනෙක් ඇත්නම් දෝස නෑ අපෙන්" කියල පනික්කලේත් කිව්වා.
Deleteනිදි මාමෙ මේං පට්ට කතා ටිකක් තියෙන සයිට් එකක්... (ඒකත් හොරකං කළේ ඩ්‍රැකියගෙන් ම තමා)
ReplyDeleteඅනේ අම්මෝ... ඔයාගේ 'මේං' උඩ ක්ලික් කරලා ගියාම හම්බ වෙච්චි කුණුහබ්බ සාගරේ! හොඳම තරහයි.
Deleteඒක එව්වට එහෙම නෙවෙයි.... මීට ඉස්සර එව්වෙ නැති එකට.
බුක් මාක් කරලා තියාගත්තා ටික ටික කියවන්න.
//“කොහොමද මගෙ පිම්ම?”//
ReplyDeleteමේ කතාව මම අහලා තියෙන්නේ, වෙනස් වචන වලිනුයි.
නෝනා අහනවා, "කොහොමද මගේ ජම්ප් එක?"
ගැමියා උත්තර දෙනවා, “අනේ නෝනා හාමු, අපි මේ පළාත්වලදී නං ඕකට කියන්නේ ජම්ප් එක නොවෙයි, ජංගිය කියලයි"
ඩ්‍රැකී කියාපු පුජක තුමාගේ කතාව කියෙව්වාම මටත් පල්ලියක කතාවක් මතක් උනා. ඒක 18+ කියලා මාව සදාචාරාත්මක පොලෝසියෙන් අල්ලා ගත්තොත් ඩ්‍රැකී ට තමයි ඇප දෙන්න වෙන්නේ!.
පව් සමා කරන කුටියට (Confessional) ගිය පුද්ගලයෙක් තමන් අතින්වූ පාපයට සමාව අයදිනවාලු.
"අනේ පියතුමනි, මම හිතට වහල් වෙලා අනියම් සම්බන්ධතාවයක් ආසන්නයටම ගියා."
" කොයි තරම් ආසන්න උනාද??"
"අපි එකිනෙකා අත පත ගාමින්, ස්පර්ශ කරමින් ආදරය කළා." "හැබැයි ඇතුලට දැම්මේ නැහැ" ( කවුරු හරි මේක මීට වඩා සභ්‍ය විදියට සිංහලට පරිවර්තනය කර මාව ගලවා ගන්න)
"අත පත ගෑම, ස්පර්ශ කිරීම ඇතුලට දැම්මා හා සමානයි. ඒ පව සමා කිරීමට ඩොලර් පනහක් ඩොනේෂන් බොක්ස් එකට දාන්න."
ටික වෙලාවකට පස්සේ පියතුමා දැක්කලු මේ මිනිහා පිං පෙට්ටිය ළඟ ඩොලර් පනහකුත් අතේ තියාගෙන අත ගගා ඉන්නවා.
"ඔය මොකද කරන්නේ? මම කිව්වේ ඩොලර් පනහක් පිං පෙට්ටිය ඇතුලට දාන්න කියලානේ!"
"ඉතිං පියතුමනි, ඔබතුමා කිව්වා නේ, අත පත ගෑම, ස්පර්ශ කිරීම ඇතුලට දැම්මා හා සමානයි කියලා!"
අඩෙඃ... ඒක මරු කතාව. මං උනානං මාරු නෑ කියල ඩොළර් 100 ක් දාලා, ආයෙත් අර වැරැද්ද ම කරනව
Deleteතට්ටයා මහතා කමෙන්ටු තීරුවේදී 'නවීන් සංදීප කුමාර' සහෘදයාට කියලා තිබුණු උත්තරයක් මේ.
Delete'ඇත්තටම ඔයා පැරණි බ්ලොග් බැලුවොත් පෙනෙයි; බ්ලොගර් විසින් ලියන ලද පෝස්ටුව වඩාත් ඔපවත් වෙන්නේ, පෝෂණය වන්නේ, අළුත් අදහස් ඊට එකතු වෙන්නේ, දුර්මත ඉවත් වෙන්නේ, යාවත්කාලීන වෙන්නේ, බ්ලොගර්ගේ අදහස තව දුරටත් තීව්‍ර වෙන්නේ, බ්ලොගර් තුල ඇති එහෙත් ඔහු වෙතින් නොලියවුනු දේ එළියට එන්නේ වගේ මහා කාර්‍යය භාරයක් කොමෙන්ටු ලියන්නන් තුලින් හා කොමෙන්ටු වලින් සිදුවනවා.
මම දන්නා සමහර බ්ලොග් රීඩර්ස්ලා ඉන්නවා ඔවුන් බ්ලොග් එකක් කියවන්නට එන්නේම බ්ලොග් පෙස්ට් එක තරමක් මේරුවට පස්සේ. තව විදියකට කියනවා නම් පෝස්ට් එක කමෙන්ට් වලින් පෝෂණය උනාට පසුව.
එසේම සාමාන්‍ය ලියවිල්ලකට වඩා බ්ලොග් ලියවිල්ලක් වෙනස් වන්නට මා දකිනා ප්‍රධාන කාර්ණය වන්නේ මෙහි පවතින දෙපසටම සිදුවන සංනිවේදනය, ඒ තුලින් සිදුවන නව අදහස් එකතු වීම හා ඒවා සුරැකීව කාලාන්තරයක් පැවතීම.
අප විද්‍යුත් මාධ්‍යයක් තුලින් කෙරෙණ්නාවූ කථිකාව ඊළඟ මොහොතවන විට අතීතයක් වී හමරයි! එසේම ඔබ හිතන්න පෝස්ටුවක් ලියා කොපමණ වේලාවකට පසුවද ඊට පලමු කමෙන්ටුව එක් වන්නේ? එසේම දෙවන තෙවන යනාදී වශයෙන් ඊට තවත් කමෙන්ටු එක් වන්නේ එක විටම හෝ නියමිත කාල අන්තරයක් ඇතුලත නොවේ. මෙහිදී සිදුවන්නේ අප එකට එකතුවී තම තමන්ගේ අදහස් බෙදා හදා ගැනීමකට වඩා තම තමන්ගේ අදහස් උදහස්, එකතු කිරීම් අඩු කිරීම් ගුණකිරීම් තම තමන්ට හැකි තම තමන්ට පහසු වෙලාවක ඇවිත් ඉදිරිපත් කිරීමක්!
මෙහි ඇති වඩාත් සුවිශෙෂී කාරණය ලෙස මා දකින්නේ තමා ඉදිරිපත් කරණ මතය හෝ අදහස, ලිවීම තමන්ගේ අවස්‍යතාවය පරිදි පවත්වාගෙන යාමට හෝ ඉවත් කර දැමීමට ඇති හැකියාව!
මේ සියළු කාරණා එක්ව බැලූ කල අපට එක්ව කථා කිරීමට සිදුවන්නේ කණකැස්බෑවා විය සිදුරෙන් අහස බලන සේ වසරකට වතාවක් එකට එක්ව මධුවිතක් තොල ගානා අවස්ථාවක පමණයි!
බලාන ගියාම ඒකත් ඒ තරම්ම නරක දෙයක් නොවන්නේය.
බොහොමත්ම ස්තූතියි ඔබ ගේ එකතුවීම හා අදහස් ඉදිරිපත් කිරීම! ඇයි තවමත් බ්ලොග් එකක් ලියන්නට පටන් නොගන්නේ?'
comments ගැන පරිපූර්ණ විග්‍රහයක් වාගේ නේද? මෙන්න link එකත් දානවා බලන කෙනෙකුට පහසු වෙන්න.
http://thattayagekolama.blogspot.com/2021/08/208-3.html
එහෙම කළේ මට නම් මගේ පොස්ටුවේ විහිලුවලටත් වඩා හුඟක් රසවත් යාන්ස් කමෙන්ටුවලට වැටිලා තියෙන නිසාත්... එහෙම වෙන්නට හේතුව තට්ටයා මහතාගෙන් විග්‍රහ වෙලා තිබුණු නිසාත්.
ඉතිං එහෙම අපිව- මාව පෝෂණය කරන ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි!
එකඟයි එකඟයි දැන් නම් 😁😁😊
Deleteසෑම් මරු කතාව
Deleteඇම්ඩා කතාව අහල තියෙන එකක්. හැබැයි මැතිණි ට තවත් කතා තියනව කියල දැනන් හිටියේ නැහැ. මැතිණිය කීවහම මතක් වුනේ පොත් සම්බන්ධ කෙනෙකුත් ෆේස්බුක් එකේ තමන්ගේ වයිෆි ගැන ලියන කොට මැතිණිය කියල ලියන්නේ. දැකලා තියෙනවද
ReplyDeleteඅජිත් මහත්තයා ඔය කියන කෙනා ළඟ වෙන්න ඕනි, මාත් සේවය කළා කාලයක්.
Deleteබිරියට ගරු කිරීම නරකයිද ඇත්තටම?
මටනම් එහෙම හිතුනේ නැහැ මචෝ. මුලදී හිතුනේ හාමිනේට බයට කියල. පස්සේ තේරුනේ දැන් එයාට තුමී කිවම තමන් ඉබේම තුමා වෙනවනේ කියල. තේරුණයි. අර ඉස්සර වලව්කාරයෝ සේවකයන්ට අහල පහල අයට උගන්වන්නේ , හාමු , පොඩි හාමු , ළමාතැනී කියන්න. මේ කාලේ විශේසංඥයෝ සර් මැඩම් කියා ගන්නවා වගේ
Deleteඑහෙම පැත්තකුත් තියෙනවා නේන්නං. හැබැයි ඒ දෙන්නාම මට නං කට පුරා නිමල් අයියේ කිව්වා. මට නං ඒ නංගි මගේම සොයුරියක් තරමට ලෙන්ගතුයි!
Deleteඑහෙම නම් කමක් නැහැ නිමල් අයියේ . මට පේන පැත්ත කිවේ.
Deleteඅජිත් මහත්තයෝ, අද කාලේ වැඩි දෙනෙක් ඔයා ඔය කියන ගොඩේ තමයි.
Deleteමොන පුදුමයක්ද මන්දා, මට මේ කාරණය කල්පනාවට ආවේ දැනුයි. මගේ මුළු වෘත්තීය ජීවිතය තුලදීම මගේ හාම්පුතාලා කිසිම කෙනෙකුට බොස් කියලා තියෙනවා මිස 'සර්' කියලා නැහැ.
මට සර් කියලා කියවාගෙනත් නැහැ.
කාලෙකින් මේ පැත්තේ ආවේ ... බ්ලොග් කියවීම සම්පුර්ණයෙන්ම වගේ නතර වෙලා තිබුනේ
ReplyDeleteකාලෙකින් වුණත් ආව එකම කොච්චර දෙයක්ද පැතුම්. ඔයාලා වගේ ය නිසානේ මෙච්චර දුර ආවේ...... ඒ දවස්වල ඔයා නිතර මෙහෙට ආවේ!
Deleteඉතිං සැපෙන්, සනීපෙන්, සතුටෙන් නේද?
පැතුම් නම් සැපෙන් සතුටින් ඉන්නව. මාව තාම ගොඩට ගත්තෙ නැති නිසා මං නම් තාම දුකින් ඉන්නෙ
Deleteස්කෘෘලොක්කයියා, ගොඩ දාමු ... ළඟදීම ...
Deleteසැපෙන් සනීපෙන් ඉන්නවා නිදී... හැබැයි වැඩ වලට හොඳටම හිර වෙලා.. දවස ගෙවෙනවා දැනෙන්නෙත් නෑ වගේ ...
Deleteපැතුම්, අන්න ම යෝජනා කළා ඩ්රකීට ස්කෘෘලොක්කයියාවත් 'අවසානයක් නොවේ' එකටවත් ගෙන්නා ගන්න කියල. ස්කෘෘලොක්කයියා බැහැයි කියයිද මන්දා.
Deleteකියෝලා හති
ReplyDeleteලිඛිතා, මේ දවස්වල හතිය දැනෙන එකත් එච්චර හොඳ නැතිලු... දෙහි/පැඟිරි කොළ ටිකක් තම්බලා හුමාලේ ඇල්ලුවා නං හොඳයි නේද?
Delete