li Item

Sunday, November 14, 2021

මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමුවෙනි කොටස


රංජිව අත දරුවා කාලෙවත් බයිස්කෝප් එකක් බලන්න එක්ක යන්න අපි බය වුණේ නෑ. (ළදරු නිදි මව් තුරුලේ...) 

“නිදි.. අපි මෙහෙම දෙයක් කරමු. මම ඔන්න comment එකකිනුත් මේ යෝජනාව කළා ප්‍රසිද්ධියේම. මගේ අලුත්ම post එකට සම්බන්ධ කරලා ඔයාත් ලියමු පෝස්ටුවක්. මං තිස්ස මහත්තයටත් මේ යෝජනාවම කළා. එයාත් ලියයි...”

සතියකට කලින් හැන්දෑවක තට්ටයා මහත්තයා මට යෝජනා කළේ දුරකථනයෙනි.
මගේ උත්තරය සාධනීය එකක් වුණේ නැතිය.

“අනේ මහත්තයෝ, මම දන්න සංගීතයක් නැහැනේ...” මම මගේ පැත්තෙන් නිදහසට කරුණු තොගයක් කියාගෙන-කියාගෙන ගියා මතකය. එයාත් අතිදක්ෂ විදිහට මගේ තර්ක සුනු-විසුනු කරගෙන කරගෙන ගියේය.

එහෙත්, හිතවත් තට්ටයා මහත්තයාගේ හිත රිද්දවිය නොහැකිකම නිසා එදා මං නොකිව්වේ ‘ප්‍රධානම කාරණය’යි!

‘නිදිගෙ පංච තන්තරේ’ට ලියන්නේ මගේ ජීවිත කතාන්දරයයි. ඒ ජීවිත අත්දැකීම් කියද්දී අනුපාන විදිහටය ලෝකේ නැති තරම් විස්තර ඇදගන්නේ. ඉතිං... ‘මී පැණිවන් ගී තනු 1’ මට අදාළ වෙන්නේ කොහොමද?

එදා එහෙම හිතුණත් තට්ටයා මහත්තයා, මටත් හොරා මගේ ‘චිත්ත ගර්භාෂයට’ දැමූ බීජය වේගයෙන් වැඩෙන්නට පටන් ගෙන වගේය!

"රංජිව අත දරුවා කාලෙවත් බයිස්කෝප් එකක් බලන්න එක්ක යන්න අපි බය වුණේ නෑ. මූ කවදාවත් හෝල් එක ඇතුළෙදි අඬන්නෙ නෑ. ෂෝක් එකට හිනාවෙවී පිචර් එක බලනවා." 

ඒ චරිත සහතිකය නිකුත් කළේ රහුබැද්දේ විදානෙලාගේ යසවතී නොහොත් ආර්. වී. ලීලාවතී නොහොත් වර්තමානයේ ලීලා ශ්‍රෝඩර් නොහොත් මගේ ආදරණීය මෑණියන්දෑයි....”

 

සිංහල ගීත රචනාවකට (කොස් කපද්දී ගෑවෙන) කොහොල්ලාගෑවිලා තියෙනවා මා දුටුවේ මෙතැනදී විතරය.

මගේ මුල්ම post එකකදී මම එලෙස ලිව්වෙමි.

අපේ අම්මලා කියන විදිහට නං සිඟිති මං මුලින්ම, එහෙම නිස්සද්දව ආසාවෙන් රිදී තිරේට වශී වෙලා බලාගෙන හිටියේ ‘අහංකාර ස්ත්‍රී’ ෆිල්ම් එක බලන්න ගියාමලු!


නුවන් නයනජිත් කුමාර ලියූ ‘ශ්‍රී ලාංකේය සිනමා වංශය’ දැවැන්ත කෘතියට අනුව නම් ‘අහංකාර ස්ත්‍රී’ ශ්‍රී ලාංකේය චිත්‍රපට මාලාවේ 26 වැන්නයි. ඒ ෆිලුම 1954 සැප්තැම්බර් 17 වෙනිදා තිරගත වීම පටන් ගන්නා විට මං මෙලොව එළිය දැකලාවත් නැතිය. (ඒ කාලයේ චිත්‍රපට කොළඹ හා ප්‍රධාන නගරවල පෙන්නලා, ඊට පස්සෙය දුර බැහැර film හෝල්වලට යවා තියෙන්නේ. බදුල්ලටත් අහංකාර ස්ත්‍රී ඇවිත් තියෙන්නේ මං ඉපදුනාට පස්සේ වෙන්නැති!)

දන්නවද, අදටත් ඒ ෆිලුමේ ගීත දෙකක් නිතර ඇහෙන- ගැයෙන බව? ‘ලෝකය පෙරළෙයි - කාලෙ ගෙවී යයි මරුව ළඟා වෙනවා’ පළමුවැන්නයි. දෙවැන්න ‘ලංකාරෙන් මලක් පිපී සැලෙන්නේ’යි. ඒ දෙකම ආර්. මුත්තුසාමි මාස්ටර්ගේ ඉමිහිරි ගී තනු නිර්මාණයන්ය.

 

ඒ ෆිලුමේ එන ගීත කේ. හියුගෝ ප්‍රනාන්දු මහතාගේ හෝ ඩබ්ලිව්. බෙනඩික්ට් ප්‍රනාන්දු මහතාගේ හෝ වෙයි. එය කෙසේ වෙතත්, මා දන්නා තරමින් සිංහල ගීත රචනාවකට (කොස් කපද්දී ගෑවෙන) ‘කොහොල්ලා’ ගෑවිලා තියෙනවා මා දුටුවේ මේ සිංදුවේදී විතරය.


‘ලංකාරෙන් මලක් පිපී (1 ගීතය*)’ ලෙසින් සුනිල් ආරියරත්න මහතා රචිත ‘සිංහල චිත්‍රපට ගීතාවලිය 1947-1956’ කෘතියේ 250 වෙනි පිටුවේ සඳහන් පද මාලාව ඊට සාක්කිය.

ඊට අනුව ගීතයේ දෙවෙනි අන්තරා කොටස මෙසේය:

 ‘නෙර්මලා: තරුණියන්ට තරුණො ආදරෙයි
                   ජීවිතේ මලක් වගේ පුදයි

  දයා: තරුණ ලලන කොහොල්ලා වගෙයි

          තරුණ මැස්සො එහි ඇලී ගැලෙයි

 නෙර්මලා: ඇයි ආවේ මැස්සනේ -  

                  ඇයි ඇළුණේ කොහොල්ලනේ’

(නෙර්මලාගෙ කොටස ලතා වල්පොලත් දයාගේ කොටස ධර්මදාස වල්පොලත් ගයති.)


*ඉහතින් සඳහන් සුනිල් ආරියරත්නයන්ගේ කෘතියේ 47 වෙනි පිටුවේය; මේ ගීත දෙක ගැන වැදගත් මෙම ‘රෝග ඉතිහාසයත්’ අඩංගුව තිබෙන්නේ:

12. ලංකාරෙන් මලක් පිපී - එකම ගීය ඇතැම් විට ටිකක් වෙනස් කර දෙවරක් ගයන පුරුද්ද සිංහල සිනමාවට බෝ කළේ අහංකාර ස්ත්‍රී චිත්‍රපටයයි....’

 

 ‘රන්මුතු දූව’ බලපු අපේ ආච්චී කොච්චරවත් බන්දුගේ වරුණාව කිව්වේ....

අහංකාර ස්ත්‍රීට පස්සේ මගේ හිතේ තදින්ම සටහන් වෙලා තියෙන්නේ අපේ ආච්චිගේ ‘හැංගුණු ප්‍රේමයක විත්ති’ කියවෙන ‘රන්මුතු දූව’යි.

ඒවා කොච්චරට හිතේ තිබිලාද කියලා දැනෙන්නේ දැනුයි. ‘නිදිගෙ පංච තන්තරේ’ පටන් ගත්තු දවසේ publish කළ posts පහෙන් එකකයි මං මෙහෙම ලියලා තිබ්බේ! 

1962 අගෝස්තු 10 වෙනිදා තමයි ලංකාවේ පළමු වෛවර්ණ සිනමා සලරුව 'රන්මුතු දූව' තිරගත වුණේ. ඒක බලපු අපේ ආච්චී ඒකෙ කොල්ලාගේ පාර්ට් එක කරපු; බන්දුට රඟපාපු ගාමිණී ෆොන්සේකාට වහ වැටුණා. පිස්සු වැටුණා කිව්වත් වැරැද්දක් නෑ. කොච්චරවත් බන්දුගේ වරුණාව කිය-කියා හිටියා. උන්දෑ අපට නොකිව්වට, මට නම් තේරුණේ එයා යටිහිතෙන් ගාමිණීට ප්‍රේම කළා කියලයි.

කොච්චර දේවල් මගෙත් එක්ක කිව්වත් ආච්චි මගෙත් එක්ක ඕක නොකීවේ මං එතකොට පුංචි නිසා වෙන්නැති.

ඉතින් කවි පොත්වලින් ආච්චිට මුණගැහුණු අසුරපාල කුමාරයා, මාතලන් කුමාරයා, චිත්‍රවල්ලි, චින්තාමණි චිත්‍රපටයෙන් රසිකයන් උමතු කළ .....(ම්හු. මට ඒ නිළියගේ නම අමතක වෙලානේ. කෞමනී දේවි වගේ නමක ඡායාවකුත්...එක්කෝ අතෑරලා දාමු  )... නිළිය, ත්‍යාගරාජා බගවතාර් නළුවා, ජාතක කතාවල- ඉතිහාස කතාවල රජවරු- කුමාරිකාවෝ ඔක්කොම මාව අඳුනගෙනයි උන්නේ. එයාලාත් මගෙ එක්ක කෑවා, බිව්වා- සෙල්ලම් කළා හිටං.’

රන්මුතු දූවේ තිබුණේ සිංදු තුනකි. ‘පාරමිතා බල පූරිත පූජිත’, ‘පිපී පිපී රේණු නටන’ හා ‘ගලන ගඟකි ජීවිතේ’ යන ඒ ගී ත්‍රිත්වයම ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ මහතාගේ රචනාවන්ය; පණ්ඩිත අමරදේව ශූරීන්ගේ තනු නිර්මාණයන්ය. එතුමා නමෝවිත්තියෙන්ම සංගීත අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයද මෙයයි.

'මම ගීතය ගායනා කරනවා. නමුත් මිශ්‍රා එය පටිගත කරන්නෙ නැහැ!' -අමරදේව 

“… අලි අක්බාර් ඛාන් තුමා සින්ධු භෛරවී රාගයෙන් සිය වාදනය ඉදිරිපත් කළා. ඒ ආභාසය තමයි ‘පාරමිතා බල’ ගීතයට ඇවිත් තියෙන්නේ.

සින්ධු භෛරවී කියන්නෙ, කිසියම් රීතියකට අනුව ස්වර දොළහම එකතු වන රාගයක්..... සින්ධු භෛරවී රාගය සමාප්ත රාගයක්..... ඒ රාගයේ ස්වර සංයුතිය, මගේ ගීතයේත් ඒ ආකාරයෙන්ම තියෙනවා.

ඒ කියන්නේ ස්වර දොළහම කිසියම් රීතියකට අනුව එකතු වෙනවා....

ගීතය පටිගත කෙළේ, හැඳල ගුණරත්නම්ගේ චිත්‍රාගාරයේ .... ගීතය පටිගත කළේ මිශ්‍රා නමැති ඉන්දියානු ජාතිකයෙක්. මම ගීතය ගායනා කරනවා. නමුත් මිශ්‍රා එය පටිගත කරන්නෙ නැහැ. ඔහු ගීතයට සවන් දීගෙන ඉන්නවා. මම ඇහුවා ඇයි කියලා. ඔහු මෙහෙම කියනවා. ‘I am enthralled by your melody. I forgot to record.’ ගීතය පටිගත කෙරුණේ මිශ්‍රා ඒ මෝහනයෙන් මිදුණාට පසුවයි....

... කාලය අනුව පැරණි නොවීම, හැම හොඳ නිර්මාණයකටම සාධාරණ වන ලක්ෂණයක්. සැළලිහිණි සන්දේශයේ කියවෙන්නෙත්, ඒ කාරණයම නේද? ‘නොව පැරණිය වන රමණිය විටින් විට’..."

හෙළයේ මහා ගාන්ධර්වයාණෝ විරුදාවලියෙන් පිදුම් ලද අමරදේවයාණන්ගේ මතකාවර්ජනයක තැනින් තැන විතරයි, මම ඒ උපුටා ගත්තේ. නුගේගොඩ, සරසවි ප්‍රකාශනයක් වන ‘ගී සර මුවරද’ පොතේ ‘පාරමිතා බල පූරිත පූජිත’ පරිච්ඡේදයෙන්.

ඒ විස්තර මට සපයා දුන්නේ වලස්මුල්ලේ, කිරම ‘ප්‍රියංකර මල්ලී’ය. එයා ගැන කියන්නට කලින් මේ ටිකත් කියලා ඉන්නා එක ඇඟට ගුණය.

‘මී පැණි වන් ගී තනු’ 1’ පෝස්ටුවට අදාළව ‘නිදිගෙ පැත්තෙනුත් ලියන්න’යි කියමින් මාව මේ අමාරුවට ඇද දැමූ තට්ටයා මහත්තයා ලියලා තියෙන විදිහ නිසාද- මං කියවපු විදිහ නිසාද මන්දා, පුංචිම පුංචි විචිකිච්ඡාවන් දෙක-තුනකුත් මගේ හිත ඇතුළේ ඉඳගෙන කුයි-කුයි ගායි!

ඒ පෝස්ටුවෙන් තට්ටයා මහතා මෙහෙම දේවලුත් කියන්නට හදනවාද?
‘1. රාගයක් ඇසුරෙන් ගීතයක් නිර්මාණය කිරීමක්ය කියන්නෙත් රාගය කොපි කිරීමකි.’
‘2. හින්දි ගී තනු අතිවිශිෂ්ටය.’ (ඇයි අපේ මෙහෙම ඒවා පඤ්ඤංද?)
 

ප්‍රියංකරලාවත්, අපවත් ළං කළේ සංගීතයයි! (පේමවතී මාතාව, ප්‍රියංකර මල්ලී හා බිරිය ජානකී)

එවන් හැඟීම් මට ඇතිවීම මගේම වැරැද්දක් වෙන්නටත් ඉඩ තිබේ. ඒත් ‘ඒ වැරැද්ද’ නිසා මේ පෝස්ටුව ලියන්නට ‘අමතර ජීව බලයක්’ නම් මට ලැබුණේය;

රාගධාරී සංගීතය ගැනත්, ස්වතන්ත්‍ර ගී තනු නිර්මාණය ගැනත්, අපේ චිත්‍රපට ගීත ගැනත් මට හොයා ගන්නට ලැබෙන දෙයකින් ‘රසවත් අච්චාරුවක්’ හදන්නට සිතුවිල්ලක් උපන්නේය.

ඒකට උවමනා කරන අඩුම කුඩුම එකතු කර ගන්නා අතරේ ලිඛිතාගේ පෝස්ටුවත්, තට්ටයාගේ කොළමේ ඊළඟ පෝස්ටුවත් පළ වෙලා ඉවරය. දෙවැන්නේ මෙහෙම වාක්කියකුත් තිබුණාය:

'මා කිසි විටෙකත් ස්වතන්ත්‍ර නිර්මාණකරුවන් දෙවන තැනට හෙළුවේ නැති බව නැවත මතක් කරමි.’ එහෙම කිව්වේ තව තව අයටත් වැරදි හැඟීම් ඇතිවී තිබෙන බව තට්ටයා මහතාටම දැනිලාවත්ද? 

අප ලියන්නේ අපේ මතයයි. ඒ සඳහා අපට තිබෙන අයිතිය වගේම අයිතියක්, කියවන අයට වෙනස් මත දරන්නටත් තිබේ. ඒ ආස්ථානයේ සිටිමිනි මා ලියන්නේ!

ඉතිං, ‘කනක්ක හේවාගේ ක්‍රිශාන්ත ප්‍රියංකර’ හිතවත් සංගීතාචාර්යතුමාට ‘කරදරයක් කරන්නට’ මට හිතුණේ post එක ලියන්නට කලින් ‘ගෙදර වැඩ’ කරද්දීය. 

“ප්‍රියංකර මහත්තයෝ..... ඔන්න තමුන්නාන්සේට කොච්චර වැඩ තිබුණත් මට කමක් නෑ. මට ඉක්මනින්ම තොරතුරු ටිකක් ඕනි වෙලා තියෙනවා....” කියලා පටන් අරගෙන මං කිව්වේ මේ ගැටලුව ගැනයි. “... මම ඔයාට එවනවා links ටිකක්. ඒ සිංදු අහලා බලලා, ඒවා හදාගෙන තියෙන්නේ මොන-මොන රාගයෙන්ද වගේ විස්තර ටිකක් මට ඕනි....”

ප්‍රියංකර මහත්තයාවත්, අපිවත් ළං කළේ සංගීතයයි! මල්ටිපල් මයෙලෝමාව නිසා මට ලැබුණු සුවිශේෂ ත්‍යාගයන්ගෙන් එකකි මේ ඉමිහිරි සංගීතමය ඇසුර ....

මේවාත් මෙතැන කියන්නේ මගේ ජීවිත කතාවෙනුත් ටිකක් හරි කියවෙන නිසාය; මේ විත්තිත් ගීතයක් තරමටම මට නම් රසවත් නිසාය.

අක්ෂි ශල්‍ය වෛද්‍ය විශේෂඥ අයස්මන්ත පීරිස් මහත්තයා ඇස් ඔපරේෂන් කරන්නෙත් ශල්‍යාගාරය ඇතුළේ වැඩවලට බාධා නොවෙන විදිහට සංගීත වාදන - ගීත ආදිය ශ්‍රවණය කරමිනි. (ඒ පිස්සා ළඟ එකේක භාෂාවල ගීත දහස් ගණනාවක් තිබේ. උන්නැහේ පරණම ගීතවල වුණත් හොයන්නේ මුල්ම පටිගත කිරීමය.) එබඳු සැත්කමකට මුහුණ දුන් ‘ගෝනපීනුවල විතානගේ පේමවතී’ මාතාව ගෙදර ගිය විගසම මේ බව ආදරණීය පුතුට හා දූවරුන්ටත්- ලේලියටත් කීවාය.

“ඒ මහත්තයා ඔපරේෂන් කරන්නෙත් සිංදු අහ-අහා පුතේ...” 

අනන්තාපරිමාණ කලා තොරතුරු; අප්‍රකට විත්ති හුවමාරු කර ගැනීමත් කරමු!

ඉතිං ඒ සංගීතකාමී දොස්තර මහත්තයාව හමු වී; දෑහින් දැක; කතාබහ කොට දැන හඳුනා ගන්නට ගෙදර අයට උවමනා වෙන තරමටම පේමවතී අම්මාගෙ වරුණාව සරු එකක් වෙන්නට ඇතිවා නිසැකය. ඒ පවුලමත් සංගීතයට- චිත්‍රපටවලට ඇලුම් කරන උදවිය වීමත් එයට බලපෑවා විය හැකිය.

“ඔව් පුතේ... මෙයාලගේ තාත්තා ඒ දවස්වල වලස්මුල්ලේ ඉඳලා වාහනයක් හයර් කරවාගෙන කට්ටියවත් දාගෙන කොළඹ හිට යනවා චිත්‍රපටි බලන්න!” ඒ අම්මාගෙන් අපටත් කියවුණු තොරතුරකි ඒ.

ඒ හමුවීම නැඟලා ගිහින්ය. කෝච්චරද කියනවා නං අයස්මන්ත මහතා අපිවත් එහාට එක්කගෙන යන තරමට....

“අනේ අයියේ... හැම මාසෙම බෙහෙත් ගන්න එන දවසට මෙහාටත් ගොඩ වැදිලා යන්නකො....” -“අනේ ඔව් අයියේ.... මෙහෙම සිංදු කියලා විනෝද වෙන්න ලැබෙන්නේ හරිම කලාතුරකින්නෙ.”යි ගෙදර අය පසුව පෙරැත්ත කරන තරමටම....... 

“ඒකනේ ප්‍රියංකර වගේ ගායනේවත්- වාදනේවත් ඉගෙන ගෙන නැති මේ දෙන්නව, මම මෙහෙට එක්කගෙන එනවයි කිව්වේ.... කොහොමද දෙන්නා... අල්ලලා ගියා නේද?” එදා අයස්මන්ත මහත්තයා එයාලාගෙන් ඇසුවා මතකය. එතුමා ඊට යන්නට කලින්ම අපට කළ ‘කාරුණික අනතුරු ඇඟවීම’ ගැන නම් හිතාදර ඔබට මීට පෙරම කීවාත් මතකද?
ප්‍රියංකර සර්වයි, ගෙදර කට්ටියවයි ඔයාලට අඳුන්නල දෙන්න වටිනවා නිමල් අයියේ.... හැබැයි xකයලා ඊට පස්සේ මටත් වැඩිය එයාලට යාළුකම් පවත්තන්න යයිද කියලයි බය..... ඒ තරම් හිතවත් මිනිස්සු මචං. අඩෝ නිමා කොලුවා, නෙවිලාවතී. එහාට ගිය දවසක තොපි දෙන්නා ප්‍රියංකර සර් එක්ක මට වැඩියෙන් යාළු වෙනවා එහෙම නෙවෙයි.....

‘මදුවිත නැතිව කොංගෝ ඩ්‍රම් ගහන්නට- ගීතවලට තාලය සපයමින් වයන්නට බැහැ’යි වෙනත් තැන්වලදී සහතික කරන නෙවිල් අනුරසිරි තේ- කෝපිවලින් විතරක් සැනහී වයන්නේ ‘ප්‍රියංකර සර්’ සර්පිනාව වයද්දීය. ප්‍රියංකර පවුලේ අයත් එක්ක කෙරෙන ගායනාවලදී අපි මහ ගණ වනන්තරේ වගේ සින්දුත් ගයමු.

අනන්තාපරිමාණ කලා තොරතුරු; අප්‍රකට විත්ති හුවමාරු කර ගැනීමත් කරමු!  

මුල් වටයේ දවස් 86ක් තිරගත වුණු මාතලන් දෙවෙනි සැරේ Ritz හෝල් එකේ නොකඩවා දවස් 118ක් දිව්වා.

ඒ නිසාවෙනි මං කිසිම බයක්- සැකක් නැතිවම ප්‍රියංකර මහතාට කරදර කරන්නට හිතුවේ.

“නිමල් අය්යේ... ඕක ලේසි වැඩක්  නෙවෙයි.... බටහිර සංගීත ආරට නං scales 50ක් විතරනේ තියෙන්නේ. රාග තියෙනවා 150-200ක් විතර. ඒ දැනට භාවිත වෙන ඒවා විතරක්... ඉස්සර තිබිලා තියෙනවාලු රාග එක්දහස් ගණනාවක්...” ප්‍රියංකර මහතා එතකොටම කීවේය. “.... මහ ගණ වනන්තරේ’ ගීතය ‘මිශ්‍ර පීළු’ රාගය ඇසුරින් හදපු ගී තනුවක්. ‘ලෝකය පෙරළෙයි’ ගීතයත් ඒ රාගයම පදනම් කර ගත්තක්!”

ඔන්න හොඳම වෙලාවය, ලිඛිතා නෝනා මහත්තයාවත් මෙතැනට ගෙනෙන්න. එයා තමයි තට්ටයා මහත්තයාගේ කිති කැවීමෙන් ඉස්සෙල්ලාම ඇවිස්සිලා  ‘කඩදාසි කොළේ’ blog අඩවියට ‘කොප්පයක් ගහමුද’ කියලා post එක ලිව්වේ. මේං බලන්ටකෝ ලිඛිතාගේ ලියුමෙන් චුට්ටක්:

‘... ඔන්න ඔහොම ගිහින් ගිහින් මම බලනවා මාතලන් කියලා ෆිල්ම් එකක්. මම මෙතෙක් බලලා තියෙන සිංහල සංගීතමය ෆිල්ම් අතරින් උපරිමේට තිබ්බ ෆිල්ම් එකක් ඒක. මම පස්සේ කාලෙක දැනගන්නවා ඒක කලින්ම ඉන්දියාවෙන් සෙට් එකක් මෙහෙ බැහැලා උන්ට ඕනේ විදියට කරපු එකක්ය කියල. ඒ නිසා වෙන්න ඇති ඒ ඇඳුම් ඔක්කොම තනිකරම දෙමළ ටච් එක තිබ්බේ. ඒ උනාට සින්දු ටික නම් මල් මසුරන්වට තිබ්බ...’

අම්මපා ඇත්ත ලිඛිතා නෝනේ!

මං මාතලන් බැලුවෙත් 1973-74 විතර බොරැල්ලේ රිට්ස් එකට ‘මාතලන්’ අලුතින් දාපු වෙලාවේ... මුල් වටයේ දවස් 86ක් තිරගත වුණු මාතලන් දෙවෙනි සැරේ Ritz හෝල් එකේ නොකඩවා දවස් 118ක් දිව්වා. 

කනට මී පැණි වගේ සිංදු 12ක්. ගුවන් විදුලියේ වෙළෙඳ සේවයෙන් ප්‍රචාරය වුණු, විනාඩි පහළොවේ ‘මාතලන්’ ගීතමය වැඩ සටහන් film පිස්සන්ට ඉනා බෙහෙත් වුණේ ඒ කාලෙදියි!

ඒකෙ music ඩිරෙක්ටරුත් ආර්. මුත්තුසාමි මාස්ටර්මයි!

‘මංගම්මා සබඳම්’ කොපි කරලා ලිව්වය කිව්වට, හියුගෝ මාස්ටර් ඒක ‘සංගීතයෙන් දේශීයකරණය’ කරන්නටත් බලපාපු බවයි කියවෙන්නේ.‘මාතලන්’ එකේ තිබුණු එකම එක ගීතයක් විතරයි; ‘දිනේ දිනේ සව්ශ්‍රීනි සෑදීලා ශාන්තී’ ගීතය විතරයි කොපි කරලා තිබුණේ.
අනිත් සේරම ස්වතන්ත්‍ර නිර්මාණ!
ඒ තනු හැදිල්ල ඉන්දියානු රාග ඇසුරෙන් කෙරිලා තිබුණා වුණත් ‘ශ්‍රී ලාංකේය’ රිද්මයටත් ගැළපුණා. උපත ලබා මේ ලෝකේ’ තනුව ‘කාෆි රාගය’ ඇසුරින් හදද්දී ‘තුරඟා වන්නමෙනුත්’ වැඩ අරං කියලයි කියැවෙන්නේ. ‘හනික යමන්’, ‘රන්වන් දුල්’ හා ‘දොයි දොයි දොයි’ වගේ ගී තනු හදද්දී, අපේ ජනකවි- ජන ගී අමතක නොකිරීමටත් උත්සාහ අරං. ඒ වෙහෙස ගැන සංගීතය දන්නා කෙනෙකුට වෙනම posts කීපයක් ලියන්නට ඇහැක් වෙයි!

සමකාලීන සිනමාකරුවන් වැඩියෙන් හින්දි ගී තනු කොපි කරද්දී, ස්වතන්ත්‍ර නිර්මාණවලටත් තැනක් දෙන්නට... (මුත්තුසාමි මාස්ටර් හා ප්‍රිය බිරිය නීලියා) 

ඒ වෙහෙසවීම්වලට දියයුතු නිසි ගෞරවය දැන්වත් ලබා දෙන්නම ඕනි කියලයි මට හිතෙන්නේ. මොකද ඒ කාලයේ තිබුණු තත්ත්වයන් එක්ක ඒ ශිල්පීන් මොන යුද්ධයක් කරන්න ඇද්ද කියලත් මතක් වෙන නිසා. ‘මාතලන්’ චිත්‍රපටයේ ‘හඳ රාහු මුඛයේහී ගිලුණා ලෙසේ’ ගීතය ඉන්දීය ගායිකා කේ. රානි ලවාම ගයවන්නට බලපෑමක් කෙරුණු විත්තිය මෙතනදී මතක් කරන්නේ, ඒකට සාක්කියක් විදිහට.

පළමු ශ්‍රී ලංකේය කතානාද චිත්‍රපටය නිපදවූ එස්.එම්. නායගම් මහතා ශ්‍රී ලංකාවේ මුල්ම ගිනි පෙට්ටි නිෂ්පාදකයා; මුල්ම සබන් නිෂ්පාදකයා; මුල්ම වීදුරු නිෂ්පාදකයා මෙන්ම මුල්ම ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදකයාද වූ බවත් මෙතැනදී ලියා තැබීම වටී!
ඒ අද වැඩියෙන් සඳහන් වුණු ‘අහංකාර ස්ත්‍රී’ මෙන්ම ‘මාතලන්’ නිෂ්පාදනය කළෙත් ඔහු බැවිනි.
සමකාලීන සිනමාකරුවන් වැඩියෙන් හින්දි ගී තනු කොපි කරද්දී, ස්වතන්ත්‍ර නිර්මාණවලටත් තැනක් දෙන්නට නායගම් මහතාගේ ‘ව්‍යාපාරික ඥානය’ බලපෑවේද?

ඒ ප්‍රශ්නයට උත්තර සොයන පර්යේෂකයෙකුට පීරන්නට වෙන්නේ 1950 දශකය ගැනය.

තට්ටයා මහතාගේම අත්දැකීම් එයාගේ පෝස්ටුව ලියන්නට පාදක වෙන්නේ ඊට වසර 23කට පසු 1973 සිට තොරතුරුය. මෙහෙමයි ඔහු ඒ බව පවසන්නේ.

‘.... මා ජීවිතේ පළමු වතාවට චිත්‍රපටයක් බැලුවේ මේ චන්ද්‍රා හෝල් එකේ. චිත්‍රපටය "සුහද පැතුම"! රංගනයෙන් දායක වුණේ තිස්ස විජේසුරේන්ද්‍ර සමග මාලනී ෆොන්සේකා. පසුබිම් ගායනා එච්. ආර්. ජෝතිපාල සමඟ ඇන්ජලීන්  ගුණතිලක. ගීත රචනා කරුණාරත්න අබේසේකර. සංගීතය පී.එල්.ඒ. සෝමපාල. මෙම චිත්‍රපටය මුලින්ම තිරගත වූයේ 1973 පෙබරවාරි 23 වනදා!  ආන්න ඒකයි මම කථාව පටන් ගනිද්දීම කීවේ මේ කථාව පටන් ගන්නේ 1973 වර්ෂයෙන් කියලා!’

ෂා, මේකේ සිංදුනෙ සිංදු....! චිත්‍රපටවල ට්‍රේලර්ස් බලන අතරේ.... 

තට්ටයා මහත්තයා 73න් කතාව පටන් ගනිද්දී, ඒ දවස්වල මං හිටියේ හොඳටම පිස්සුව තද වුණු මට්ටමේය. කොච්චරද කියනවා නං ‘මං හදිසියේ මළොත්...’ කියා හිතුණාම... ට්‍රේලර්ස් බලන්නට බැරි වීමේ ඒ දුක ගැනත්, ලජ්ජා නැති copy කිරීමක් ගැනත් මං 2018 අවුරුද්දේදී ලිව්වේ මෙහෙමය:

'..... ඇත්තම කිව්වොත් ඒ දවස්වල මැරෙන එක ගැන මට තිබුණ ලොකුම දුකත් චිත්‍රපටවලට සම්බන්ධය.

ඒ කාලයේ ෆිල්ම්ස් දිව්වේ පැල් බැඳගෙනය. 1973 වසරේ චිත්‍රපට 13 ක් තිරගත විණි. 

මාතර ආච්චි, අපරාධය හා දඬුවම, සුහද පැතුම, තුෂාරා, සදහටම ඔබ මගේ, හත්දින්නත් තරු, ගොපලු හඬ, හොඳම වෙලාව, සිනාවයි ඉනාවයි, සුනේත්‍රා, හොඳයි නරකයි, දාහකින් එකෙක්, හොඳට හොඳයි- කියන ඒවාය. (මගේ මතකය හරි නම් එයින් තුනක්ම දින 100 පැන්නූ ඒවාය.) එකක් පෙන්වද්දී ඒ මණ්ඩලයේ ඉස්සරහට එන්නට කිට්ටු චිත්‍රපටවල ට්‍රේලර්ස් කිහිපයක්මත් ප්‍රදර්ශනය කෙරෙයි.

අරක නම් බලන්නම ඕනේ. මේකත් හොඳයි වගේනෙ. ෂා, මේකේ සිංදුනෙ සිංදු....ට්‍රේලර්ස් බලන අතරේ හිතෙයි.

මට තවම මතකය. හොඳට හොඳයිචිත්‍රපටයේ ට්‍රේලරය. 

හොඳින් ඔප දැමූ සපත්තු යුවලක් දමාගෙන හිටින ගාමිණී ෆොන්සේකාගේ පාවහන්වලට කැමරාව එල්ල වෙයි. කකුල් දෙක ටීපෝවක් උඩින් කතිරයක් වගේ හිටින්නටය තියාගෙන ඉන්නේ. අපට පෙනෙන්නේ සපත්තුවල යට පැත්තයි. ඊළඟට සපත්තු දෙක ඈත්වී ගාමිණීගේ මුහුණ පෙනෙන්නට වෙයි. මාර ගතිය! 

(ඊට මාස ගණනකට පස්සේ අප්නා දේශ්හින්දි චිත්‍රපටය බලද්දී රාජේශ් ඛන්නාත් ඒක ගෙඩිය පිටින්ම කොපි කරලාය!)....’

නියමෙටම කොප්පේ ගහනවා කියන්නේ එහෙම ඒවාට බවයි මං හිතන්නේ.... ඒවා පසෙක ලා අපේ ප්‍රස්තුතයටම එනවා  නම්...

මගෙන් අද කියැවුණේ අපේම රටේ, අපේම ඇත්තන්- ඉන්දියාවේ රාගධාරී සංගීතයේ ‘රාග’ ඇසුරු කරගෙන filmsවලට නිර්මාණය කළ ස්වතන්ත්‍ර ගී තනු ගැනය! ඒත් වචන දෙදාහකට වැඩිය කොටලා බලනකොටත් කියන්නට හිතාගෙන හිටි ඒවායින් බාගයක්වත් කියවිලා ඉවර නැති ගණනය.

සංගීතඥ ස්ටැන්ලි පීරිස් මහතා ගීත 6,600කට සංගීතෙන් දායකත්වය දීලා....
මී පැණි වන් සුමියුරු ගී තනු නිර්මාණය වෙලා තියෙන්නේ චිත්‍රපටවලට විතරක් නෙවෙයිනේ. සරල ගීතවලටත්... මේ post එක ලියන්න ගෙදර වැඩ කරද්දී හම්බ වුණා, අපූරු blog අඩවියක්. ඒ ‘ගීයක අරුත විඳිමු’ අඩවියේ post එකකින් තේජන අබේධීර කියා තිබෙන විදිහට, සංගීතඥ ස්ටැන්ලි පීරිස් මහතා ගීත 6,600කට වඩා ගණනක් සංගීතවත් කිරීමට දායකවී තිබෙනවා.
ඒ වගේම මේ සංගීතවේදියාණන් විසින් නිර්මිත ස්වතන්ත්‍ර තනුත් සිය ගණනක්.

කුරුටු ගෑ ගී පොතේ, හද පතුලේ, වීදි කොනේ, මල් පොකුරු පොකුරු, සිතින් මා නොසැලී, හතර වටින් කළු කරගෙන, නෙතින් නෙත බලාලා, මගේ ළමැද ඒ නිර්මාණවලින් කිහිපයක් විතරයි. ඉතිං අප්පේ හොයනවා නං, හොයලා ලියනවා නං තව කියන්න කොච්චර දේවල් තියෙද?

ඒ හින්දා තට්ටයා මහත්තයෝ, ආරාධනා කරමුද තව කාට-කාට හරිත් මෙව්වා ගැන ලියන්නයි කියලා.

ඒ අතරේම හිතෙන්නේ, යම් හෙයකින් හරි මං වහන්සේත් මෙහි දෙවන කොටසක් ලිව්වොත්...
අනේ මන්දා. කොයිකටත් කියලා මෙහි අවසානයට කුණ්ඩලිය ලකුණ නොයොදා සිටීම හොඳය; ඔව්! පෝස්ටුවේ මාතෘකාවටත් ‘පළමුවෙනි කොටස’ කියා එකතු කරන්නට ඕනෑය....

44 comments:

  1. Replies
    1. එතරම් සංගීත ලෝලියෙක් නොවුණත් අපි සිංදු කියනවා අහගෙන ඉන්නට ඉවසීමක් තියෙන ඔයා මේ ලිපියට පළමු comment එක එව්වාට තුති Pra Jay මහත්තයෝ.

      Delete
  2. අම්මට සිරි සුපිරිය! ලිකිතා නෝනාගෙන් සීනි මුරුක්කු හා මුද්දරයක් නිදි මහත්තයාට ලැබෙනවා ඉස්තීරය! ලිපිය රසවත් බව වැඩි නිසාමහොඳ කමෙන්ටුවක් ලියන්නට කල් ගැනීමට ලෝභය. පසුව එන්නම්! ඒත් ඊළඟට කියවන්න පෝස්ටුවකටත් පාර පෙන්වන්නම්:- https://drackey.blogspot.com/2021/11/1-12.html

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නං තට්ටයා මහත්තයෝ, එයා මට පැය ගණනකට කලින් අපූරු ගීතවත් post එකක් දාලා! තව කවුරු කවුරු ඔයා කියාපු පාර දිගේ එනවද දන්නෑ!

      Delete
  3. Replies
    1. අන්නේකයි.... කොප්පක් ගැහුවා මදිවට ඒ ගැන දොඩෝනවා අහගෙන ඉන්නේ කොහොමද අප්පේ... ඔන්න දැක්කද නිදී , නිදි වගේ ඉඳල ඇහැරවා ගත්තහම ආයේ කොටස් වශයෙන් තමයි කියන්නෙත්..

      හොඳ වැඩේ කට්ටියට...

      Delete
    2. ඔයා ඒ ගැන ලියලා අහකයිද ලිඛිතා?

      Delete
    3. ඇති වගේ.. වෙන වලියක් පටන් ගම්මු.... මොකද මේක කෙලින්ම ඉරක් ඇඳලා වෙන් කරන්න බැරි ජාතියේ කතාවක්නේ.
      ඒ උනාට පොඩි ජෝලියකුත් තිබ්බ හි හි

      Delete
  4. ඉස්සෙල්ලම කොක්කක් ඇදලම පටන් ගඤ්ඤං. පෝස්ට් එක හිතට අල්ලලා ගියාම, අපි එහෙමයි.😊

    මම සඤ්ඤක බකමූණා, සඤ්ඤක, මහප්ප්‍රාණ වගේ වගක් නෑ. ඒත් නිදි, හැලපෙ, බුරා සහ හඳහන් මහත්තයා වගේ අය එහෙම නැති නිසයි මේ අහන්නෙ. ඔය "ශ්‍රී ලාංකේය" කියන එක හරි වචනයද? මතක හැටියට නං, ඕක හඳුන්වා දුන්නෙ නිවේදක නලින් කරුණාරත්ත මහත්තයයි.

    //රහුබැද්දේ විදානෙලාගේ යසවතී නොහොත් ආර්. වී. ලීලාවතී නොහොත් වර්තමානයේ ලීලා ශ්‍රෝඩර් ..//

    මෙතනම තියනවා නෙව, තව අවුරුද්දකට විතර කතාවක්?

    ReplyDelete
    Replies
    1. නලින් කරුණාරත්න මහතා ඔයක විතරක් නෙවෙයි තව වචන කීපයක්ම වගේම, කටහ රටාවකුත් හඳුන්වා දුන්නා නේද? අපෝ කාලේ නිසා මතක නැහැ...

      ඔය වචනෙත් දමිළ වගේ නේද? එහෙම වචනයක් නැහැ කියලා කිව්වට ලියනවනේ!

      Delete
    2. කොක්කට නං ඉතිං කෙක්ක තමයි.... මොකෝ බකුසු මහත්තයෝ, අපි දෙන්නා කොකු ඇදගන්න මෙතන 'අං කෙළිය'ක් තියෙන එකක්යැ.

      මම හිතන්නෙත් ශ්‍රී ලංකේය වඩා නිවැරදි යෙදුම කියලයි. වදනේ ප්‍රභවය නං කොතනද කියලා මම දන්නෙ නෑ. මම ඒ වචනය යෙදුවේ නුවන් නයනජිත් කුමාර වගේ විදග්ධයෙකු ලියූ 'ශ්‍රී ලාංකේය සිනමා වංශය' පොතේ නමත් එහෙම යොදලා තියෙන නිසා.

      හැබැයි මට නම් මේ ලාංකේය වචනයේ වැඩි ගීතවත් බවක් තියෙනවා.

      මට මේවා ගැන තියෙන්නේ අල්ප දැනීමක්. අපොස සා/පෙළට විතරයිනේ ඉගෙනගෙන තියෙන්නෙත්. දන්නා දෙයක් ඇත්නං පත පොතින් හා පත්තරවලින්, හමුවුණු අය හා කළ කතාබහෙන් එකතු කරගත් දේවල්.

      බස්සා මහත්තයාටයි, ලිඛිතා නෝනාටයි මෙ උත්තරේ සෑහෙයි කියලා හිතනවා.

      Delete
    3. බස්සා මහත්තයා බෝලය උස්සලා දුන්නාම නොගහා කොහොමද? ඔන්න ඇට්ටි හැලෙන්න නෙළනවා.

      මගේ ජීවිත කතාව කියන්නේ බදුල්ලෙන්, මහරගමින්, කොළඹින් හා එංගලන්තයෙනුත් ටික ටික කියවෙන්නක්. අවුරුදු හැට හැත්තෑවකටත් එහා විස්තරත් එක්ක.

      ඒත් ලියවෙන්නේ තැනින් තැන- කලින් කල. ඒ නිසාමයි මගේ postsවල පැරණි links ඇතුළත් කරන්නෙත්, කියවන කෙනෙකුට අවශ්‍ය නම් ඒ තැන්වලට පහසුවෙන් යන්නත්. මෙහෙම ලියන්නට තීරණ කරගෙනම බ්ලොගය පටන්ගත් නිසයි 'පංච තන්ත්‍ර' ආකෘතියත්, නමත් තෝරාගත්තේ.

      වෙලාවක් තියේ නම් කෙනෙකුට අපේ අම්මාගේ ජීවිතයෙන් සෑහෙන කොටසකුත් 'මේ ලින්කු දෙකක් දෙන postsවලින් ඒවායේ linksවලටත් ගිහින් කියවලා' වටහා ගන්න ඇහැකියි!

      රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
      https://nidigepanchathanthare.blogspot.com/2020/11/blog-post_7.html

      ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස https://nidigepanchathanthare.blogspot.com/2019/10/not-vs-england.html

      Delete
    4. දමිළ කියන වචනෙ කියන්නෙ දෙමළ කියන වචනෙට දෙමළ අය අකමැති නිසාළු. දමිළ කියන්නෙ පාලි වචනයක්. ඒකෙ නිරුක්තිය කියැවෙන්නෙ අන් අයට අයත් දේ බලහත්කාරයෙන් අයත්කොට තියාගත් කෙනා කියලයි. මේක දන්නවානම් දෙමළ පිරිස් හිතාවි දමිළ කියනවට වඩා දෙමළ කියන එක හොඳයි කියා. මහා වංශයේ දමිළ රාජා කියන වචනෙ යොදා තියෙන්නෙ එළාර රජුටයි.ඒකෙන්ම වැඩේ පැහැදිළියි නෙ.

      Delete
    5. අම්මට සිරි ඒකත් එහමද?

      Delete
    6. ස්තූතියි සැමට, අදහස් වලට. නිදිගෙ ලින්ක් වලට හෙමීට ගිහින් බලන්නං.

      මේ අපේ ප්‍රාජේ උන්නැහේ දීපු ලන්නක් ගිලල, දිරෝ ගන්න බැරුව ඉන්නෙ. අර නයි ගිල්ල කබරු ඉන්නෙ දපා තියලා, ආං ඒ වගේ.

      දන්නවනෙ මහසෝනව? ආං උන්දෑ බුකියෙ, "ත්‍රයිලෝක විජයපත්‍ර" පාඨමාලාවක්, තැපෑලෙන් උගන්නවා. මාත් මේ කියෝගෙන යනවා...

      Delete
    7. මළා! මම කැමැත්තෙන් ඉන්න වචනයක් දමිළ.. ඇත්තමයි අනුර මහත්තයො අදමයි ඔය කාරණය ඇහුවෙත්. ගොඩක් ස්තුතියි!

      Delete
  5. සංගීතය කියන්නේ විශ්ව භාෂාවක් කියනවානේ. ඒ නිසා වෙනත් භාෂාවක තනු වලට සිංහල වචන කවලා ගීත නිර්මාණය කිරීම වරදක්ද?
    මම නම් සින්දු අහලා රස විඳිනවා මිසක් ඊට වැඩිය යමක් දන්නේ නැහැ.

    කොහොම උනත් මේ "සංගීත ප්‍රශ්නය" බ්ලොග් ලෝකයට අලුත් ජීවයක් දුන්නා කියලා නම් පේනවා.

    ReplyDelete
    Replies
    1. නිදි, මේ සෑම් මහත්තය යුද්දෙට ආයුධ ලෑස්ති කරනව ඩ්‍රැකියගෙ බ්ලොග් එකේ ඉඳගෙන. පොඩිඩක් පරිස්සමෙන්. හැක්..

      Delete
    2. Sam මහත්තයෝ, මං සංගීතය ගැන දන්නෙත් අංශු මාත්‍රයක්. හැම ස්වරයකටම නියමිත කම්පන වාර ගණනක් තියෙනවාලු. තනුවක් කියන්නේ එහෙම ස්වර ගණනාවක් රටාවකට එහා මෙහා යොදමින් හැඩ ගැස්වීමක් කියලයි මට වැටහෙන්නේ.

      මේ අදහස මට ආවේ ශ්‍රේෂ්ඨ සංගීතඥ බීතෝවන් බිහිරි වුණාට පස්සෙත් 'සංගීත සංධ්වනි' රචනා කළ බව දැන ගත්තාමයි.

      ඇත්තටම මාත් හරිම ආසයි අවුරුන් හරි සංගීත ඥානය තියෙන උදවියත් මොකුත් ලියනවා නං. අපටත් තව යමක් ඉගෙන ගන්න.

      ප්‍රසන්න, කොහොමට හිටියිද සංගීත යුද්ධයක් පටන් ගත්තා....

      අල්ලපු ගෙදර ෆිලුමේ 'ළිඳ තුල හිරවුණු මැඩියා' යුද්දේ වගේ...
      මෙන්න තව සුපිරි සංගීත යුද්ධයක් තිබුණ ෆිලුමක චුට්ටක් මතකද...

      https://www.facebook.com/watch/?v=502149970842223

      Delete
  6. හප්පට සිරි මේවනෙ පෝස්ට්.

    දැං ඉන්න කට්ටියට මෙච්චර තාක්ෂණේ තියෙද්දිවත් හරියට කොපියක් කරගන්න බැරි එකේ ඇත්තටම ඔය කාලෙ ඒ මිනිස්සු කොච්චර කට්ටක් ගන්න ඇද්ද කොපියයි ඔරිජිනල් එකයි හොයාගන්න බැරි වෙන්න වැඩේ දෙන්න.

    මොන හේතුවක් හින්දද මන්ද ඔය පාරමිතා බල සින්දුව මම පුංචි කාලෙ ඉඳලම ආස සින්දුවක්. (මුලදි ඔය සින්දුවට ආස වෙනකොට ඒක තේරුම් ගන්න පුලුවන් වයසක හිටියෙ නෑ.)

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න මහත්තයෝ, ඔය කැමත්තට හේතුව ඒ ගීයෙන් ජනිත වෙන ශාන්ත රසය වෙන්නැති!

      Delete
  7. මම මේ නිදියගේ කොම්පියුටරේට වයිරස් එකක් යවා ගන්නේ කොහොමද කියල හිතන ගමන්. වේගේ අඩු කරගන්න. අරකෙ පස් වනි කොටස කියල ඉවර වෙලා තවත් එකක හත් වැනි කොටසයි කලින් එකේ හයටයි යන්න කලින් තවත් අලුත් එකක පළවැනි කොටස ඇවිල්ල. දිවියම කාපිය

    ReplyDelete
    Replies
    1. අනේ අනුකම්පා කරන්නෝනි අජිත්, යන්න කලින් කතන්දරේ ලියලා ඉවර කර ගන්නනේ හදන්නේ... ඊටත් දැන්-දැන් ඇඟිලිත් ටිකක් ලෙඩ දෙනවා.... ඊට කලින්...

      Delete
  8. බ්ලොග් වල සින්දු රැල්ලක් ගියා කාලයක්. ඉයන් තමයි පටන් ගත්තේ. දැන් ඉයන් ලියන්නේ නැහැ. ප්‍රා ජේ ගිහිල්ල තර්ජනය කරලා ඒ බ්ලොග් එක නවත්වල.
    මේක තමයි ලිපිය https://kolambagamaya.blogspot.com/2016/08/blog-post_17.html

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට ඒ කාලෙ මං ඔව්වා නොදැක්කේ. නැත්තන් තාම සිංදු තෝරනවා අජිත්.

      බලාගෙන ගියාම එහෙනං හෙමිජ්ජා වගේ හිටියට Pra ප්‍රා එකේද?

      Delete
    2. මගේ අම්මෝ! ඩ්රැකී, ඒ දවස්වල නං ඩේටා ප්‍රශ්න නොතිබෙන්න ඇතිනේ. ඔය තරම් සින්දු ගොඩක් අහමින් post එක කියවන්න ගොඩක් අය හිටියද?

      අනෙක, ජයග්‍රහණයෙන් අවසන් වුණු ප්‍රේමයක් තමුන්නාන්සේට තිබිලා වගෙයි!

      Delete
  9. සින්දු වලට කොහොමත් කැමති නිසා ලිපිය ආසාවෙන් කියෙව්වේ.

    ReplyDelete
  10. මඟ දිගට යාපනේ, ලස්සන පෝස්ට් එකක් දාලා.
    https://magadhigatayapane.blogspot.com/2021/11/4.html

    ReplyDelete
    Replies
    1. ලස්සනයි, කියපුවම දුකයි. ආයේ යන්න හිතුණත් එච්චර දුර?

      Delete
    2. නමී, ඔයාලට උත්තර දීලා ඉවර වෙලා කරන්නේ ඒක!

      Delete
  11. වැඩේ නැගලම යන පාටයි. හොඳ ලියමනක් නිදි.......

    ReplyDelete
  12. නිදි දැකල තියෙනවද මේක? සිංහල සිංදුවක කොපියක්...

    ReplyDelete
    Replies
    1. මරු සින්දුවක්! මට කම්පියුටරයක් ලැබුණු දවස්වල ඊමේල් ගිණුම හදා ගත්තම යාළුවො එව්වේ මේවා..... මේ ගීයත් එදා ඇහුවට 'සුරංගනී' මතක් වුණේ අද ඩ්රැකී කිව්වමනේ බොලේ....

      Delete
  13. පැරණි හින්දි සිනමාවේ අතිශයින් වර්ණවත් ගීත
    http://deepthidonkor.blogspot.com/2021/10/blog-post_24.html

    ReplyDelete
    Replies
    1. එහාට ගියා. අලුත්ම ලිපියත් කියවලයි මෙ ආපහු ආවේ. ඔත්තුවට ගොඩක් ස්තුතියි සඳකඩපහණට.

      Delete
  14. තට්ටයාතුමා නිදිතුමාගෙ'චිත්ත ගර්භාෂයට’බීජයක් දැමූ බව කියලා තියෙනවා...මං මේ දවස් දෙකක් තිස්සේ කල්පනා කරනවා ඕක කරේ කොහොමද කියල....දස පූටයක් ගැන අහලා තිබ්බට හිතේ පූටයක්/ හිලක් තියෙනවා කියල අහලා නෑ. හිතේ කොහෙද හිලක් තියෙන්නේ? අනික ඕක උනේ නිදිගේ කැමැත්තෙන්ද නැත්තං දූෂණය කිරීමක්ද?

    ReplyDelete
    Replies
    1. අනේ ලොකූ, මට අවුරුදු දෙකක් විතර ඕනි වෙයි ඔය ගැන හිතන්න.... එහෙම නැතිව නං උත්තර දෙන්න බෑ වගේ... ඔයා වගේ ඇත්තෙකුට.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්