1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස

Tuesday, January 22, 2019

දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස

අපෙන් වැඩි දෙනා එදා හිටියේ පට්ට සීතලෙන් ගැහෙමින්..........
ශ්‍රී ලංකාවෙන් වැඩිම දෙනෙක් ඒ උණුසුම් ප්‍රවෘත්තිය දැනගත් විගසම රතිඤ්ඤා පත්තු කරන්නට පටන් ගත්හ. කිරිබත් උයන්නට පටන් ගත්හ. ගෙදර අයට ඇතිවෙන ප්‍රමාණයට විතරක් නොවේ. පාරේ යන-එන හැම දෙනාටමත් සෑහෙන්නටය.

එලෙස දන්සල් දෙන්නට රටුන් සූදානම් වුණේ වෙසක්, පොසොන් වැනි පෝයක් තිබිලා හෙම නොවේ; කල් ඇතිව දැනගෙන සූදානම් වීලාත් නොවේ. හිටි ගමන්, එක රැයින්, එක රෑනට එකට එකතු වෙවී මෙහෙම සැණකෙළි පවත්වන්නට රටම සැරසෙද්දී අප හිටියේ ඉටිපන්දම් එළියෙන් කරුවල පලවා හරිමිනි. පට්ට සීතලේ ගැහෙමිනි. ගැහැනු, පිරිමි, වැඩිහිටි, ළමා භේදයක් නැතිව සේරමලා එකට ගුළිවීගෙනය.

මට හොඳට මතකය. අපේ වැඩි දෙනා හිටියේ නින්දත් නොනින්දත් අතරේ රස්තියාදු වෙමින්ය. හිතා-මතා ඕනෑකමකින් නොවේ. කරගන්නට දෙයක් නැතිකමටය. 

තියෙන තරමක් ඇඳුම් එක පිට එක ඇඳගෙන හිටියත් අපට සීතල වැඩිය. හොඳටම වැඩිය. බිමට එළාගෙන තිබුණු තරමක් ගනකම ඇති ඉටි රෙද්දත් පසාරු කරගෙන මතුවෙන සීතල ඇට-ඇටමිදුළු දක්වාම විහිදෙයි; විහිදී අපේ නින්ද එළවා දමයි. ඇඟේ බිම පැත්තට ගෑවෙන තැන් සීතලෙන් පිච්චෙයි. ඒ මදිවාට හූ-හූ-හෝ-හෝ ගාගෙන කරකැවෙන හුළඟ දිගටම අඳෝනා දෙයි.

අපේ නඩේ විස්සකටත් වැඩිය. මෙතැන පුංචි කාමර දෙක හදලා තියෙන්නේ උපරිමයෙන් 12 දෙනෙකුට ඉන්නටය.

පිළිපැදිය යුතු නීති-රීති ලොකු අකුරෙන්  කාටත් පෙනෙන්නට..............
වැරැද්ද අපේ අතේය. ඒකේ වන්දිය ගෙවන්නට වුණෙත් අපටමය. නිඳාගන්නට ගියාම එකාට-එකා ඇඟේ ගෑවීගෙන ඉන්නවා මිස අතපය දිග හරිනු බොරුය. ඒකෙන් සිද්ද වුණු හොඳකුත් තිබිණි. සීතල දැනෙන්නේ අඩුවෙන්ය. 

එහෙම ඉඳගෙන අප හතට විතර පැදුර පටන් ගත්තේ කාලා හමාර වුණු සැණෙන්මය. ජෝති-බෙග්ලා, මිල්ටන්ලා, ඇන්ජිලා, සුජාතා-ලතාලා කවුරු-කවුරුනුත් ‘දෝතළුගල’ කඳවුරු බිමට ඇවිත් ගියෝය. අන්තිමට ආවේ වික්ටර් රත්නායකයන්ය. අපරාදේ කියන්නට බැරිය. 
පාන්දර තුන-හතර වෙනතුරුමත්; අපේ එකා-එකා බැරි-බැරි ගාතේම නින්දට වැටෙනතුරුමත් උන්නැහේ අප දමා ගියේ නැත!

ඒ වෙද්දී නෙවිල් ‘කොන්ගෝ ඩ්‍රම්’ එක ගැහුවේ බඩ උඩින් තියාගෙනය. උදේනිත් එහෙමය. රබාන තිබ්බේ පපුව උඩය. මොකද ඒ දෙන්නාත් හිටියේ හෙම්බත් වෙලාය. සින්දු කියූ, අත්වැල් ඇල්ලූ හැමෝමත් එහෙමය; හාන්චි පයිස් වීලාය. නොනින්දේය. අප හැම දෙනාම වාගේ හිටියේත් බාගෙට බඩගින්නේය! ඉතින් කොහෙද නින්ද යන්නේ?

“සුප් එකක් හදමුද? එළවලුත් ගොඩක් තියෙනවා ඉතිරිවෙලා.” එදා හවස ඒ යෝජනාව ඒකමතිකව සම්මත වුණේය.

ඒක හැදුවාම කවුරුන් හරි බක පණ්ඩිතයෙක් තවත් යෝජනාවක් ගෙනාවේය. “ඉතිරි වෙච්ච පානුත් තියෙන නිසා රෑට උයන්න ඕනෙත් නැහැ නේද? මේකෙන්ම පිරිමහගනිමුද?”
එතකොටත් සීතල ගලාගෙන එමින් තිබුණු හින්දාද කොහෙද ඒ අදහසටත් කැමැත්ත හම්බ වුණේය. අපේ ගමන් බොහොමයකදීම අපටම උයාගන්නට වෙයි. එතකොට කාට-කාටත් හැකි පමණින් උදව් වෙන්නටත් සිදු වෙයි. සමහරුන් එහෙම වැඩවලට ටිකක් මැළිය.

එදා සීතලේ ගැහෙමින්.............
එදාත් සීතලේ, කුප්පි ලාම්පු එළියේ පිහිටෙන් කුස්සියේ වැඩ කිරීමෙන් බේරෙන්නටය, අර අදහසට මනාපය දෙන්නට ඇත්තේ. ඉක්මනට කා-බී කාමරය අස්සට ගාල් වෙන්නටත් එතකොට පුළුවන් හින්දාය.

ඈත අතීතයෙන් අවුරුදු ගණනාවක් මෙහා අතීතයට එන්නට දැන් වෙලාව හරිය.

ඒ නිඳි නැති, අඳුරු, සීතලම සීතල රාත්‍රිය එදායින් පස්සේ අපෙන් කාටවත්ම එතරම් ගනිච්චියක් වුණේ නැතිය. හැබැයි එක්කෙනෙකුට නම් එදා දවස චිත්ත සන්තානයේ ගැඹුරටම කිඳා බැහැලා තිබුණු වග හෙළි වුණේ අවුරුදු 4 කට පස්සෙන් පහුය. එක්කෙනා ඉසංකාය. 

නෑකමට නම් මගෙත් ලේලියෙක් වෙයි. ඉසංකාව විවාහ කරගත්තේ ලලීන්ද්‍ර ශ්‍යාමන් පණ්ඩිතගේ නොහොත් අපේ මානෙල් නංගිගේ ලොකු පුතා නොහොත් ‘ගෙදරට සුරංග’ය.

නවකතාවල, ටෙලිවල, චිත්‍රපටවල විදියට නම් ඔය කියාගෙන ආ විස්තරවල හැටියට Adults Only කතන්දරයකුත් දිග හැරෙන්නට වගේය.  
අනේ නැත! එතකොට අපේ ලලීන්ද්‍ර හිටියේ හැතපුම් දහස් ගණනක් ඈත එංගලන්තයේය. ඉසංකා ලංකාවේය. උන් දෙන්නා කසාද බැඳලාත් නැත. 

ඉස්කෝල කාලයේදීමය ඉසංකාටත්, ලලින්ද්‍රටත්..........
ඉස්කෝල කාලෙදීමය ඒ දෙන්නාට ‘උක් දඬු දුන්නෙන් ගිලිහී ආ පංච පුෂ්ප හී සැරය’ වැදිලා තිබුණේ. 

“ලොකා, සුරංගගේ ටීචර්ලයි මට කිව්වේ. මේකා පන්තියේම කෙල්ලෙක් එක්ක යාළුයිලු. ටීචර්ලත් කියනවා මුන් දෙන්නම තකට-තක ගැළපෙනවා කියලත්. මොකද කරන්නේ?” මානෙල් දවසක් මගෙන් ඇහුවාය.

“සද්ද නැතිව සෝදිසියෙන් ඉඳහං. දන්න බවක් අඟවන්නවත් එපා. කෙල්ල හොඳයි වගේද?”
“මාත් දැකල තියෙනවා. අපේ එකා වගේම තමා. අහිංසකයි වගේ!”
“අපි ටිකක් ඉවසිල්ලෙ බලාගෙන ඉමුකො.” මං කිව්වේ ඒ ටිකය. 

නමුත් සුරංග එංගලන්තයට යන්නට සූදානම් වෙද්දී මඟුල තීන්දු කරගෙන යන්නැයි ඉසංකලාගෙ අම්මලා ඉල්ලා තිබිණි. ඉතින් තීන්දු විණි. ඒ නිසාය සුරංග රටේ නොහිටියත් ඉසංකා අපේ ගමන්-බිමන්වලට කැන්දන් ගියේ. 2009 මැයි 19 වෙනිදා රෑ සීතලෙන් ගල් ගැහී-මිදී හිටි දෝතළුගල ගමනටත්................

එයිනුත් කාලයකට පස්සේ, සුරංග ඉසංකාව කසාද බැන්දේය. දෙන්නාම එංගලන්තයට ගිහින් අවුරුදු කිහිපයක් එහෙත් හිටියෝය. ආයෙම උපන් රටටත් ආවෝය. 

ඊට පස්සෙන් පහුය, උන් දෙන්නා මහා කුමන්ත්‍රණයක් දියත් කළේ. 
උන්ගේ සූදානම 'නිදි'ව සීයා කෙනෙක් කරවන්නටය.
උන්ගේ සූදානම, කොල්ලෙකු වගේ උන් අහිංසක නිමල් දිසානායකට ‘සීයා’ පට්ටම ලබා දෙන්නටය! ඒ විත්තිය මට කිව්වේ මානෙල් නංගිමය. “මට හරි සතුටුයි ලොකා, ඉසංකා අම්ම කෙනෙක් වෙන්නයි යන්නේ!” කාලා වරෙන්කො!

ඇත්තටම ඒක ඇහුවාම නම් මගේ පපුව කඩා වැටුණේය. 

අදටත් මං රජිත්ට, අකලංකට, සුරංගට, ඩ්රූට, මාර්කෝට, ෂෝන්ට ‘පුතේ’ කියන්නේ නැත. (සුනිල්, අනිල්, මානෙල්, සමන්ති, දීපාල්, දීපානි නංගිලා- මල්ලිලාගේ වැඩිමල් පුතුන් හය දෙනා ගැනය මං කිව්වේ. මෙහෙම නම් ටික කොටද්දීය දැනුණේ; අපේ පවුලේ සහෝදර-සහෝදරියන් හැමෝටම ඉස්සෙල්ලා ලැබී තියෙන්නේ පුතාලාය!) එයාලගෙ නංගිලා මල්ලිලාටවත් එහෙම කියන්නේ නැත. නම කියලා කතා කරනවා විතරය.

ලොකු මාමේ, මහප්පේ කියා මා අමතනවාටත් වැඩි කැමැත්තකින් නොහිටි මට, දැන් ‘සීයා’ කියන පදයත් උහුලන්නට වෙන පාටය. ඒක නිකම්ම නාකි වීමකි!

මං නාකි වෙනවාට මටත් වැඩියෙන් අකැමැති වුණේ  අපේ චූටි නංගී දීපානිය. 1996 එංගලන්තයට යද්දී මගේ ‘නරකෙස්’ දෙක-තුනක් පහළ වෙලාය. “අනේ ලොකූ, මොකද මේ? බැහැ, බැහැ. ඔයාට දැන්මම නාකිවෙන්න දෙන්න බෑ. ප්ලීස්, let me dye your hair.” චූටි නංගි එහෙම කියලා නිකං හිටියේ නැත. ආම්පන්න ගොඩක් ළඟට එකලස් කරගත්තාය.

එයාට කැමැත්තක් කර ගන්නට කියා මම හිස දන් දුන්නෙමි. ඉතින් චූටි නංගී මගේ කෙස්ස කළු කළාය. හිසකෙස් වර්ණ ගැන්වීම ගැන මට ටියුෂන් දුන්නාය. විච්චූරණ පාටවලට කැමැතියි නම් එහෙම කළ හැකි බවත් මට පෙන්නා දුන්නාය. ඒ වතාවේ ලංකාවට එද්දී අවුරුද්දකට විතර සෑහෙන්නට හෙයාර් ඩයි තොගයකුත් මගේ බෑගයට පැටෙව්වාය.


සුනිල්, අනිල්, මානෙල්, සමන්ති, දීපාල්, දීපානි නංගිලා මල්ලිලා හය දෙනාගේම පවුල්වල වැඩිමලා පුතෙකි!
ඒවායේ පිහිටෙන් එහෙම එක සුදු කෙස් ගහක්වත් නැතිව හිටි මටය, දැන් ‘සීයා’ පට්ටම ලැබෙන්නට යන්නේ!
  
ආයෙමත් cut එකක්. මෑත අතීතයෙන් ඈත අතීතයට! දෝතළුගලට.

මං හිතන්නේ ඒ රාත්තිරියේ නම් අප වික්ටර්ගේ ගීත එකක්වත් අතහැරියේ නැතිය කියලාය. අප එහෙම අමාරුවෙන් ගී ගයා, නොනිදා බැරිම තැන නින්දට යද්දී රටේ මිනිසුන්ගෙන් වැඩි කොටහක් හිටියේත් නොනින්දේය; ඒ අපට තනිවට නොවේ. පාරවල් අයිනේ සරසමිනි; කිරිබත් උයමිනි; සතුටෙන් ඔකඳ වෙමිනි. ඒ 2009 මැයි 19 වෙනිදා රාත්‍රියයි!

දෝතළුගල කඳවුරු බිම තියෙන්නේ නකල්ස් අඩවියේය. ‘ඩීන්ස්ටන් කෑම්පින් සයිට්’ කියන්නෙත් ඒකටමය. එහාට විදුලිය නැත. ‘සිග්නල්’ තියා ගෝපාල්වත් නැත. පහසුකම් වුණත් තියෙන්නේ යාන්තමට පිරිමසා ගන්නටය. හැබැයි සොබා සෞන්දර්යය අතින් නම් හරිම පොහොසත්ය.

ඩීන්ස්ටන් බංගලාව තියෙන්නේ පාර අයිනේමය. 

කඳවුරු බිම එහෙම නොවේ. සෑහෙන ඇතුළට වෙන්නට, කැලය ඇතුළේය. දෙතැනම වෙන් කරවාගෙන තිබුණත් සේරමලාගේ කැමැත්ත තිබුණේ අමාරුවෙන් හරි එකටම ගාල් වෙන්නටය. බංගලාවේ නවතින්නට එකෙකුවත් ඉතිරි වුණේ නැත. 

සේරෝගෙම කැමැත්ත කෑම්පින් එකේ නවතින්නටය. කපාගන්නට ලැබෙන්නේ වපුරපු ජාතියෙන්මය. එහෙනම් ඉතින් කට්ටිය එක්කම මදිය නොකියන්න කමුකො පරිප්පු!

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී සංවිධානයේ ............
එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් මරුමුවට පත්වී තිබුණේ එදාය. ශිෂ්ට ලෝකයේ සේරෝම සම්පත්වලින්, තාක්ෂණික ගැජට්වලින් තොරව හිටි අපට ඒ ආරංචිය ලැබුණේ නැත. 

පහුවදා දවල්ටත් උයාගෙන එන්නට පිටත්වී, සෑහෙන දුරකුත් ආවාට පස්සෙය අප එය දැනගත්තේ. මඟ දිගට මඟුල් සිරි වෑහෙයි; රබන් ගැහෙයි; රතිඤ්ඤා පිපිරෙයි; කිරිබතින් සංග්‍රහ කෙරෙයි! අපිත් කිරිබත් කෑවෙමු.

“අපි ලබන අවුරුද්දේත් මීට වඩා ලොකුවට දන්සලක් දෙනවා, මෙතනම. මතක ඇතිව එන්න ඕනේ!” එක තැනකින් කිරිබත් කාලා, එයාලත් එක්ක සිංදු කීපෙකුත් කියලා, පිටත් වෙන්නට හදද්දී අලුත් යහළුවෝ අපට කීහ. එදා නම් හැමදෙනාම පාහේ හිතුවේ එහෙමය. 
ඒත් ඒ ඝාතනයේ පළමු සංවත්සරය දවසේ කිසිවෙකු කිරිබත් ඉව්වාය කියලාවත් මට නම් ආරංචි වුණේ නැත. අමතක වුණු හින්දද?

නන්දිකඩාල් කලපුවේදී මරණයට පත් වුණත් මට නම් එයාගේ එකම එක කතාවක් නිසා ප්‍රභාකරන්ව අමතක වෙන්නේ නැත. “සිංහල මිනිස්සුන්ට ඕනෙම දෙයක් මතක හිටින්නේ වැඩිම වුණොත් සුමාන දෙකයි!” වචන නම් මගේය. අදහස එයාගෙය.

ආච්චිට හාල් ගරන්න, අපේ ඉසංකාට නම් එහෙම සුමාන දෙකෙන් අමතක වෙන අසනීපය තිබිලා නැත. දෝතළුගල ගමනේ ‘අටමඟලක්’ අවුරුදු 4 ක්ම මතක තිබිලා, එළියටත් පැනලා තිබුණේ 2013 අග හරියකදීය.  

“හරි වැඩේනේ ලොකු අයියේ. ඉසංකාට දොළදුකක් හැදිලා.” මානෙල් හුඟක් දේවල් කියන්නේ මා එක්කය. මේකත් එහෙම බෙදාගත් ආරංචියක් කියලාය මං හිතුවේ. 

“ඉසංකලගෙ අම්මයි, මමයි කීප දවසේ එයාට සුප් හදලා දුන්නා. හරි ගියේ නැහැ.” එතකොටවත් මට කිසිම දෙයක් නිච්චි වුණේ නැත.

මොන සුප්ද හදල ඉල්ලන්නේ?
“ඇයි, මොන සුප්ද හදලා ඉල්ලන්නේ? එංගලන්තේදී බීපු එකක්ද..... රාජකීය සුප් ......”

“ඒකනේ ලොකා. ඔයාටම තමයි දැන් නම් ඒක හදලා දෙන්න වෙන්නේ. ඔයාට මතකයිද අර ප්‍රභාකරන්ව මරපු දවසේ අපි ට්‍රිප් එකක් ගිහින් හිටියේ.... සීතලම සීතලේ. එහෙදී ඔයා සුප් එකක් හැදුවා. ඒකලු ඉසංකට ඕනේ.”

“ඇයි යකෝ. මං ඒක හැදුවේ කොහොමද කියලා මටවත් මතකක් නෑ. මොකෝ, රෙසිපි එහෙකට කෑම හදනවද මං? ඉතිරිවෙලා තිබ්බ එළවලු සේරම දමල හැදුවා මිසක්.”

ඉංගිරිසියෙන් ඒ ආසාවට කියන්නේ craving කියලාය. සිංහලෙන් නම් දොළදුකය. 
දොළදුක හැදුණු ගැහැනුන් ගැන ඇත්තටම මට ඇත්තේ ලොකු දුකකි. 
එහෙම වුණේ පුංචි කාලේ ඉඳලාමය; මට අවුරුදු දහයක්වත් නැති කාලයේ ඉඳලාමය; ගැබ්බරවී ටික දවසකින්ම අපේ අම්මා විඳින දුක දැකලාය!

ඒ දකිද්දී අප හිටියේ බදුල්ලේ රේල්වේ ක්වාටර්ස් පේළියේ නිවසකය.
හරියටම කියනවා නම් බදුල්ලේ පාර්ලිමේන්තු මන්ත්‍රී බී.එච්. බණ්ඩාර මහතාගේ නිවාසය ඉස්සරහින්, පාරෙන් එහා පැත්තේ නිවසේය.

ගැබිණියක වුණු ගමන් අපේ අම්මාට කෙළවරක් නැතිව වමනය යන්නට පටන් ගනියි. කෑම එපා වෙයි. එහෙම වුණත් හිටි ගමන් කෑමවලට ආසා වෙයි. ඒත් එහෙම ආසාවක් ඇති වෙන්නේ අහපු, දැකපු, කියපු, සුවඳක්වත් ආපු කෑමක් ගැන නොවේ. පුදුමය ඒකය.

ගැබිණියක වුණු ගමන් අපේ අම්මාට.........
“රංජි. මේ ගෙවල් පේළියේ කෙලවරේම ගෙදර උයන ඒවා නම් අද මට කන්න පුළුවන් වෙයි වගේ...... ගිහින් ඉල්ලගෙන වරෙන්කො.” දවසක් අම්මා කිව්වාය. 

ඒ ගෙදර ඉන්නේ කවුරුන්ද කියා අපේ තාත්තාවත් දැනගෙන හිටියද මන්දා. ඒත් ලජ්ජාවේ පැකිළෙමින් ඒ ගෙදරට ගිය හැටි..... අම්මා ගැන එයාලට කිව් හැටි... ඒ ගෙදර ගැහැනු කෙනා හරිම කරුණාවන්තව මගේ හිස අතගා, වාඩි කරවා ලොකු බත් පිඟානක් බෙදා දුන් හැටි.... ඉමිහිරි මතකයකි.

ඊට පස්සේත් අපේ අම්මාගේ විදිය වෙනස් වුණේ නැත!

ඒකෙන් හිතට වැදුණු තරම නිසාද කොහෙද, දරු පිළිසිඳගැනීමකින් ඉන්නා හඳුනන කාන්තාවක් වෙයි නම් මා උත්සාහ ගන්නේ බත් මුලක් ගෙනිහින් දෙන්නටය.

“අනේ නිමල් අයියේ. කොච්චර කාලෙකින්ද......” කියා කතාව පටන් ගත් තුෂාරි ඉණිමංකඩ මහත්මිය; තුෂාරි නංගි ඊළඟට කිව්වේ මෙහෙමය. “.... අයියට මතකයිද? මගෙ දරුවෝ තුන්දෙනාම හම්බ වෙන්න ඉඳිද්දී අයියා බත් උයලා මට ගෙනත් දුන්නා!” එහෙම කියලා නිකම් නොඉඳ, තුෂාරි නංගී ‘විදර්ශන ප්‍රකාශකයන්ගේ’ අලුත්ම ප්‍රකාශන දැමූ බෑගයක් BMICH එකේ පොත් ප්‍රදර්ශනයේදී මට දුන්නේ මුදල් ගෙවන්නටත් ඉඩ නොදීමය!   

එහෙම කියලා නිකම්ම නොඉඳ තුෂාරි නංගී........
ඉතින් කියන්නට තිබෙන දේවලින් වැඩි හරියක් තවමත් කියන්නට ලැබුණේ නැත. මේ සේරම කියාගෙන ආවේ රසික ඔයාලා හැමෝමත් දන්නා; එහෙත් හරිහැටි නොදන්නා දොළදුකක් ගැන කියන්නටය.

එහෙම කිව්වාම ටිකාක් අප්‍රභංස වගෙයිද? කමක් නැහැ. ඊළඟ කොටස කියවනකොට ඒ ගතිය මඟ හැරේවිද කියලා බලමුකෝ!

2 comments:

  1. තාම දුක හිතෙන පාට් එක හම්බ උනේ නැහැනෙ ... අපි ප්‍රභාකරන් මරල හුරේ දාල ඒ විනාසෙට හේතු එහෙම්ම තියෙන්න ඇරල කිරිබත් කන ජාතියක් !

    ReplyDelete
    Replies
    1. හොඳටම කවලම් අවලම් ජාතියක්!

      Delete