li Item

Thursday, June 16, 2022

මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස

හොඳට ඉඩකඩත් තිබිච්ච හින්දා මමත් පටන් ගත්තා කරණම් ගහන්න; ඉරට්ට පිම්ම පනින්න; නොයෙක් විකාර කරන්න....

ආයිත් දවසක මද්යදරණි මූදෙදි මාව නොමැරී බේරුණේ අපූරු විදිහකින්.

ගිරීස්ම ඉර්තුවේ දවසක හවස් වරුවේ මම නනා හිටිය මාර්සේල්ස් නුවර කිට්ටුව මූදේ- දැක්ක කෙනෙකුට නොනා යන්න හිත් දෙන්නෙ නෑ. ඔය නාන අතරේ විශාල මාළුවෙක් පිඹගෙන ආවා මා දිහාවට, හොඳටම කට බලියාගෙන. බලා ඉන්න වෙලාවකුත් නෙවෙයි, මඟ අරින්න කිසිම විදිහක් ඇත්තෙත් නෑ. මම එතැනම ඉඳන් පුළුවන් තරම් ගුලි ගැහුණ, කකුල් දෙකයි- අත් දෙකයි නවාගෙන. ඔය තාලේටම උගේ කට අස්සෙන් බඩ ඇතුළට ගියා.

හොඳටම උණුහුම තිබුණ. තිත්ත කළුවරේ, කොහොම හරි පැය ගාණක් මම එහෙ පදිංචිය. ඔහොම ඉන්නකොට මට හිතුණා, මූට සෑහෙන්න රිදෙව්වොත් මාව වමාරලා දායි කියලා. හොඳට ඉඩකඩත් තිබිච්ච හින්දා මමත් පටන් ගත්තා කරණම් ගහන්න; ඉරට්ට පිම්ම පනින්න; නොයෙක් විකාර කරන්න. ඔය මොනවා කළත් මේ යෝදයට හංකිචියක්වත් නෑ.

සුරලක් අල්ලන්න හදනකොට නං නටන යකාට දුම්මල ඇල්ලුවා වගේ උණා. පටන් ගත්ත විතරයි, ඌ වටයක් දෙකක් කැරකිලා, අරහෙන් මෙහෙන් ගසල මාව වැට්ටෙව්වා. මමත් අතක් පයක් නොකැඩී බේරුණා.

අන්තිමේදී ඌ බෙරිහන් දීගෙන වතුරෙන් උඩට ඔළුව දාල කෙළින් හිට ගත්ත. ඔය අවසරෙන් මූව අහළින් යන ඉතාලි නැවක මිනිස්සුන්ට පෙනුණ. අපරාදෙ කියන්නෙ මොකටද, විනාඩියෙන් දෙකෙන් ඒ මිනිස්සු මේ යස්ස මාළුවාව කොක්කකට අමුණ ගත්ත.

ඌව නැව් තට්ටුවට ඇදල ගත්තහම මට ඇහෙනවා මිනිස්සු කතා වෙනව, තෙල් අපතේ නොයන්න කපන්න හොඳම විදිහ කෝකද කියල. මට ඉතාලි බාසාව තේරෙනව. ඉතිං කතාව අහගෙන ඉන්නකොට මගෙ පපුව දන්න ගත්ත. මේ ලෝබකමට කපන කැපිල්ලකදී මාවත් ඔය ආයුදේකට ලියවිලා යයිදවත් කියලා. මාළු බඩේ දුසිමකට හමාරකට ඉඩ තිබුණු හින්ද මම ඇහැක් තරම් මැද්දස්සට උණා, සූදානං සරීරෙ කියලා. මං හිතුවේ කවුරුත් කොරන්නැහෙ මේ ගොල්ලත් මාළුවා දෙකොණේ ඉඳන් පෙති ගහයි කියලයි.

නෑ! නෑ!! නෑ!!! බඩ පල්ලෙන්ම පාර දෙන්නෙ.

මෙතන හුස්ම හිර වෙලා පණ යන්න ඉස්සෙල්ල, මාව බේර ගන්න!

එළිය චුට්ටක් ඇතුළට හම්බ උණෙත් නැති තරමයි, මම යටි ගිරියෙන් කෑ ගහල කිව්ව ‘මෙතන හුස්ම හිර වෙලා පණ යන්න ඉස්සෙල්ල මාව බේර ගන්න’ කියල.

නැවේ ඇත්තන්ට පුදුමෙනුත් පුදුමයි. මාළු බඳ ඇතුළේ මිනිහෙකුගේ අඳෝනාවක්.... ඊළඟට දඬු පිටින් මිනිහෙක් එළියට දුවගෙන එනව. ඔක්කොම උඩ ගිහිල්ල බිම වැටෙන්න ඇති.
පුදුම වෙලා බලපු බැලිල්ල  නං මට මතක නැති වෙන්නේ නෑ. කාටත් ඇහෙන්න මගේ කතාව කිව්ව. මිනිස්සුත් අහං හිටිය මීයට පිම්බ වගේ!

පොඩ්ඩක් කාල බීලා, ඇඟපත හොදා ගන්නෙයි කියලා මූදට පැනල එක හුස්මට පීනුවා- මගේ ඇඳුම් තිබ්බ තෙනට. ඒවත් තියපු විදිහටමයි.

මගේ මතකයෙ හැටියට නම්, මාළු බඩේ පිනුම් ගැහිල්ලට පැය හතරහමාරක් විතරම ගත වුණා.

දසවැනි පිම්ම
ඩේවිඩ්ගේ ගල්-පටිය

මම අර උණ්ඩේ වීසි කරන්න පාවිච්චි කරපු ඩේවිඩ්ගෙ ගල්-පටිය කොහොම ලැබිච්ච එකක්ද කියල ඔහේල හිතනවත් ඇති. ඒක දිග කතන්දරයක්.

බයිබලේ තියෙනව ‘පිලිස්ටයින්- ඉස්රායෙල් යුද්දයක්’ ගැන.
පිලිස්ටයින් යෝදයෙක් හිටිය ගොලායත් කියල; කිසි කෙනෙකුට මට්ටු කරන්න බැරි. කවුරුත් මිනිහට මූණ දෙන්න බයේ - එක එඬේර ළමයෙක් ඉස්සරහට ආව. ළමයගෙ නම ඩේවිඩ්.
මේ පැංචා ගල්-පටියක් අරං, ඒකට පොඩි ගල් කැටයක් තියල ඔළුව වටේ පාරක් දෙකක් කරකවලා වීසි කෙරුවා. යෝදයා පොළොව බදාගෙන වැටුණ.

ඒ විස්තරේ හුදීජනතාවගෙ පාන් සංවේගෙ උදෙසා දෙසා වදාරන්නටයි මේ සූජානම. අකනිටාවටම ඇහෙන තරමට සාදුකාරයක් දුන්නා නං...

ඔය ඩේවිඩ් කියන එඬේර ළමයා පස්සෙ රජ උණා.
ඩේවිඩ් රජ්ජුරුවන්ට උරායා කියල සේනාපතියෙක් හිටියා. රජ්ජුරුවෝ සේනාපතියගේ පවුලට ජෝඩු උණා. (ඔය අම්මණ්ඩිගෙ පරම්පරාවෙන් පැවත එන කෙනෙක් තමා මම.)

රජවරු වගේ උත්තමයන්ට ඔහොම හුටපට එච්චර දේවල් නෙවෙයි නෙව.

පහුගිය කාලෙ එකෝමත් එක කොදෙව්වක වෙච්චි දේවල් දෙකක් මේ අවස්තාවේදී මට මතක් වෙනවා පින්වතුනි! ඒ විස්තරේ හුදී ජනතාවගෙ පාන් සංවේගෙ උදෙසා දෙසා වදාරන්නටයි මේ සූජානම. අකනිටාවටම ඇහෙන තරමට සාදුකාරයක් දුන්නා නං, අපේ ‘පාන් සංවේගය’ තව වැඩි කර ගත්තැකි.
(දැන් මේ සාවියේ නං, පාන් ගෙඩියක් ගෙඩි සුපියල්ම 170/-ක්. රාත්තලක් කියලා හිතා ගන්න ඔට්ටු නෑ ඕං, රාත්තල් දැන් වලංගු නෑ- හැබැයි ගෙඩිය ලොකුයි! ගෙඩිය අනුභව කළාම අපේ බොකු-බඩවැල් හෙමත් පැහෙන තරමට යීස්ට් දාලා වගෙයි.)

මෙන්න පළමුවෙනි incident එක, මට වාර්තා වෙච්චි විදිහටම.
“නිමල් අයියේ, ඔය අපේ ලොක්ක මේ පැත්තට ආවම යන-එන තැන් ගොඩක් තියෙනවා... එක යෝදියෙක්ගේ දිහාවට නිතර පාහේ යන පුරුද්දකුත් ලොක්කට තියෙනවා. ඒ අම්මණ්ඩිගෙ මිනිහට මේ ගැන ඌරු ජුවල්. ටිකක් කට ගාගත්ත ගමන් පොර කිය-කියාලු හිටියේ, ‘මගේ ගෑනිව සින්න කරගන්න එන ලොක්කට වෙලාවක කැති පාරක් දෙනව’යි කියල.

ඔය විත්තිය ලොක්කටත් ආරංචි වෙලා.

ඊළඟ සැරේ ලොක්කා ගම ආවාම, අර ගෙදරට ගියාලු මිනිහා ඉන්න වෙලාවක්ම අල්ලලා. වරෙන්කො පොඩි ගමනක් යන්න කියලා, දාගත්තලු අර මිනිහවත් වාහනේට. ගිහින් නැවත්තුවලු තැඹිලි කඩයක් ළඟ. අර මිනිහගේ කරටත් අත දාගෙන ගිහිල්ලා තැඹිලි ගෙඩි දෙකක් කප්පවාගෙන. තැඹිලි කඩේ කාටත් පෙනෙන්න අර මිනිහට තැඹිලි ගෙඩිය දීල ඉවර වෙලාලු, ලොක්කා තැඹිලි බිව්වේ.

මෙතුමාගේ පුතා වගේ හිටි ලේකම්වරයෙක් හෙණ ගාණකට ඇරලා....

ඊට පස්සේ වාහනේට නැඟලා එන ගමන්, අර මිනිහට කිව්වලු ‘ඔන්න බලපං xත්තිගේ පුතෝ, මගේ හැටි. මට හිතුණම හොඳ තැනකින් තැඹිලි ගෙඩියක් බොනවා තමයි. හැබැයි මං කවදාවත් තැඹිලි කෝම්බේ ගෙදර අරගෙන යන්නෙ නෑ...’ කියලා.”

කාලෙකට ඉස්සෙල්ලා ප්‍රත්‍යන්ත ඉසව්වකදී ඔය කුප්පිදු පට්ටන්දරේ අහන්න හම්බ වුණාට මං ඒක එච්චර මායිම් කළේ නෑ.

ඊටත් ටික කාලෙකට පස්සේ තවත් ලොකු කතන්දරයක් එළියට ආවා. දැන් තමා මේ කතන්දර දෙකම එක විඩේම මගේ අසික්කිත කල්පනාවට ආවේ. ඒ හින්දම මෙතන විනෝදෙට ලිව්වට මොකෝ- මෙව්වයේ ගත-යුත්තක් තියෙයි කියලා නං මම හිතන්නෙ නෑ ඔන්න.

රටේ ඉහළම පුරවැසියෙකු වුණු මෙතුමාගේ පුතා වගේ හිටි ලේකම්වරයෙක් හෙණ ගාණකට ඇරලා. උත්තමයාගේ ස්පෙෂල් එකවුන්ට් එකකින් හොරාට සල්ලි අරං කියලයි කතාව ආවේ. ඒ එකවුන්ට් එකටලු උන්නැහැගේ ‘මහජන සේවයට අවුරුදු ගාණක්ම ලැබුණු සේරම වැටුප් මුදල් බැර වුණේ’.
එක-එක විදිහේ එකවුන්ට්ස් තොගයක් තියෙන නිසාත්, යැපෙන්නට ඇති තරං සල්ලි තියෙන නිසාත්, අර ගිණුම ගැන උන්නැහේ හොයා-බලල නෑ.

හොරකම ලීක් වුණාම පුදුමාකාර වැඩ කීපයක්ම සිද්ද වුණා.
නඩු නැතිවම- හොරා වැරැද්ද පිළිගත්තා. හොරාගත්ත සල්ලි වාරික වශයෙන් ගෙවන්නං කියලත් කිව්වා.

ඒ කතාවල් පිළිගත්තේ නැති නසරානියො, ඔය සිද්ධියටත් පදයක් හදපි!
“ලොක්කා ඔය එකවුන්ට් එක තියාගෙන ඉඳලා තියෙන්නේ තැඹිලි බොනකොට ගෙවන්න. ඒක මෙත් මල් පිබිදේවා සිරිලියට මාට්ටු වෙලා. -අනේ කොල්ලො, මට ගෙදර ඉන්න විදිහක් නෑ.... උඹ මේ සල්ලි හොරකං කළා කියලා පිළිගනිං. එතකොටවත් අර ගෑනි මගේ ඔළුව කන එක නවත්තයි- කියලා ලොක්කම ගහපු plan එකක්ලු මේ.”

ඈෑෑෑෑෑ?
තව කොච්චර සාදුකාර දුන්නත් වෙනින් මොකුත් කියන්නේ නෑ, ඩේවිඩ් රජ්ජුරුවන්ගෙ spare වීල් එකේ කතන්දරේ මිස....

සේක්ස්පියර් සිර අඩස්ස්සියෙ වැටුණ. අපේ මී මුත්තා තමයි මිනිහව නිදහස් කර ගත්තෙ...

ඉතිං දවසක් මේ ජෝඩුව වැදගත් කාරණාවක් ගැන වාද උණා. බයිබලේම කියල තියෙන මහා ජල ගැල්මෙන් බේරෙන්න නෝවා නැව හැදුවේ කොහෙද කියල බේර ගන්න බැරුව. වැඩේ තදටම කෙරිලා, දෙන්නට දෙන්න පෙන්නන්න බැරුව ගියා.

මේ ගල්-පටිය මහ අනර්ග වස්තුවක් කියල ඩේවිඩ් රජ්ජුරුවෝ ඔජ වඩවනව මුන්ද නිතරම අහල තියෙනවා. එදා දෙන්න අරියාදු වෙච්ච දවසෙ රෑ අර අම්මණ්ඩි මේක හෙමින්ම හොරකම් කර ගත්තා. එයාගේ රාජ්ජෙන් මුන්දෑ පිට වෙන්න ඉස්සෙල්ලා හොරකම ගැන රජ්ජුරුවොන්ට ඉව වැටුණ.

රාජ පුරුසයෝ හය දෙනෙක් දඩ බල්ලො වගේ පස්සෙන් එළවන්න ගත්ත. ගල්-පටියම පාවිච්චි කරලා උන්දෑ බේරුණා. ඉස්සර වෙලාම ආපු මිනිහ ටිකක් අනිත් අයට වැඩිය සැරේට ලුහු බැන්ද. මුන්දත් ආපහු හැරිල විද්ද, ඒකගෙ ඔළු ගෙඩියටම ගලක්! එයා එතැනම බුදි. අනිත් පස් දෙනා බය වෙච්ච පාර, දඩයම අත ඇරල උරායා හාමිනේට යන අතක යන්න ඇරිය.
මට කලින් කියන්න බැරි උණා. මේ එක්කම පැනලා ආව උන්දැගේ හුරතල් පුතාත්. ගල්-පටිය එයාට ලැබුණ. ඊට පස්සෙ පිය-පුතු පරම්පරාවෙන් අතින් අත ඇවිල්ල තමයි ඕක දැන් මට අයිති වෙලා තියෙන්නේ.

අපේ මී මුත්තට ඕක අයිති වෙලා තිබුණ අවුරුදු දෙසිය පනහකට විතර උඩදී. මී මුත්තා ඕකත් අරං එංගලන්තේ සවාරියක් ගියා. එහෙදී එයා යාළු උණා, කාවියක්කාරයෙක් එක්ක. රටේ නම ගිය මුව හොරෙක්. මිනිහගේ නම සේක්ස්පියර්ද කොහෙදයි! මිනිහ මේ ගල්-පටිය ඉල්ලගෙන සර් තෝමස් ලුසීගේ මුවන් මරාගෙන කන්න පටන් ගත්තා.

මැරිල්ලෙත් සීමාවක් නෑ. මේ දඩයමට ගිහිල්ල මිනිහත් පෝරකේට නොගොහින් බේරුණේ, අර මගේ ජිබ්රෝල්ටාවේ යාළුවො දෙන්න වගේ- කෙස් ගහෙන්.

මූදු වෙරළේ සක්මන් කර කර ඉද්දී එක පාරටම රළ ගෙඩි බිඳගෙන මතු උණා, මූදු අස්සයෙක්!

සේක්ස්පියර් සිර අඩස්ස්සියෙ වැටුණ. අපේ මී මුත්තා තමයි මිනිහව නිදහස් කර ගත්තෙ, කදිම උපමාරුවක් යොදල. ඒ කාලෙ රජ කෙරුවේ එළිසබෙත් දේවින්නාන්සෙ. ඒ දේවින්නාන්සේ මහම සෝමාරි අම්මණ්ඩි. අඳින පළඳින එක, කන බොන එක තියා- ටිකක් හෙල්ලෙන එකත් දේවින්නාන්සේට කන්දොස්කිරියාවක් වෙලයි තිබුණෙ. මී මුත්තා ගොහින් ඔය ඔක්කොම නොකර නිවී හැනහිල්ලේ ඉන්න, එහෙමත් නැත්නං වෙන කෙනෙකුට ඒ වැඩ පවරන්න ගුරුකමක් කියා දුන්න.

ඔය තරං අමාරු රාජකාරියක් කරල අහක්වෙලා දේවින්නාන්සේ ඕනි දෙයක් කියන්නෙයි කියලා වද කරනකොට මොකක්දෑ උන්දෑ ඉල්ලපු එකම උදව්ව?

සේක්ස්පියර්ට නිදහස දෙන්න. ආන්න ඒ තරමයි උන්දැගේ මේ කාවියක්කාරයට තිබිච්ච හිතවත්කම. තමන්ගෙ පණ දීල හරි යාළුවා ගලව ගන්නයි උවමනා කළේ.

මට ලැබිලා තියෙන ආරංචිවල හැටියට දේවින්නාන්සේ මොකුත් නොකා ඉන්න එකට ඒ හැටි කැමැත්තක් පෙන්නුවේ නෑ; රාජ සේවකයෝ.... අදහස කොයි තරම් අලුත් එකක් වුණත්. වැඩියත්ම මේක රිස්සුවේ නැත්තෙ හරක් මහට ගිජු මිනිස්සු ටිකටයි.
මේ අලුත් තාලේ ජීවිතේ දේවින්නාන්සේට ඔරොත්තු දුන්නෙත් නෑ, අවුරුදු හතහමාරකට වැඩිය.

මට ඉස්සර වෙලා ගල්-පටිය අයිති කරගෙන හිටිය අපේ අප්පච්චි මට කියපු කතන්දරයක් මෙන්න: උන්දා කියාපු විදිහටම.

“මම එංගලන්තෙට ගිය වාර ගණන් නෑ. එක වාරෙකදී මම හාවිච් නුවර කිට්ටුව මූදු වෙරළේ සක්මන් කර කර හිටිය. එක පාරටම රළ ගෙඩි බිඳගෙන මතු උණා, මූදු අස්සයෙක්! (අස්සයගේ ඔළුව- මාළු බඳ). මතු උණා විතරයි, මා දිහාවට ආව, පිම්මෙම.

ඩේවිඩ්ගෙ ගල්-පටිය විතරයි තිබුණේ....

මගෙ අතේ වෙන මොකුත් නෑ, ඩේවිඩ්ගෙ ගල්-පටිය විතරයි තිබුණේ. ඒකෙන් ගල් කැට දෙකයි විද්දේ. ඉලක්කේ ටක්කෙට හරි. මූදු අස්සයගේ දෑහැම පොට්ට උණා. සිරිස් කියල පැන්න මාත් උගේ පිටට. මූද පැත්තට දක්කගෙන ගියා.
ඇස් දෙක උගුල්ලලා දැම්මහම අර කලින් තිබිච්චි බයානක පෙනුම නෑ, මේච්චල් කිරිල්ලත් ලේසියි.
ගල් පටිය කටකලියාවට දාගෙන හරි බැරි ගැහිල මූදට බැස්සා.

පැය තුනක් ගියේ නෑ, අපි දෙන්න මූදේ එගොඩ ගොඩේ. හැතැප්ම සීයක් විතර දුර ඇති. එගොඩදී මම නැවතිච්ච තානායමේ බාරකාරයට මේ මූදු අස්සයව වික්ක පවුම් තුන්සීයකට. මිනිහා සතාව පොරදර්සනේ කළා, සල්ලි අය කරලා. සෑහෙන ගාණකුත් හොයා ගත්තා.

මේ වාහනේ නම් මට ඒ තරං පුදුමයක් නෙවෙයි. ගමන යද්දී මූදේ දැකපු දේවල් තමා ජීවිතේටම මතක හිටින්නෙ.

මගෙ යාළුවා මූදේ පීනුවේ නෑ. පතුළටම බැහැල දුම්මල වරම ගත්තා වාගේ දුවන්න ගත්ත. ඉස්සරහ මාළු කෙළ කෝටි ගණන් කුලප්පු වෙලා පනිනව. අපට දකින්න ලැබෙන ජාතියෙ මාළු නෙවෙයි. සමහරුන්ගේ ඔළු බඳ මැද්දේ, තවත් එකෙකුගේ වල්ගෙ අග්ගිස්සේ.
එක මාළු රෑනක් වටේට ඉඳගෙන සමූහ වාදනයක්- අහං ඉන්න ලස්සනයි!

තව කට්ටියක් වතුරෙන් විනිවිද පෙනෙන මාලිගා හදනවා. වටේටම විසාල කණු පේළි පේළි. මේ කණු අතරින් එහාට මෙහාට දුවනව ඇස් කඩා හැලෙන තරං දිස්නයක් ඇති වතුර ජාතියක්. වැදගත් මාළුන්ට සෑහෙන විදිහේ සැප පහසුකම් ඔක්කොම මාලිගා ඇතුළේ.
මාළු බිජු තැන්පත් කරන්න වෙනම කාමර; ළමයින්ට උගන්නන්න ඉඩකඩ ඇති සාලා දෙකක් වෙනම.

අපට දකින්න ලැබෙන ජාතියෙ මාළු නෙවෙයි. සමහරුන්ගේ ඔළු බඳ මැද්දේ, තවත් එකෙකුගේ වල්ගෙ අග්ගිස්සේ....

ඒ විච්චූර්ණ පතරංග මාලිගා හදාපු මාළුවොවත් දැනගෙන ඉන්ට නැතුවැති කාටද එව්වා හදන්නේ කියලා; කවුද ඒකෙ අයිතිකාරයෝ කියලා; මල්වානේදී වගේ!

ඉන්න හිටින්න නිවහනක් නැති අසරණයෙකුට පාරක් අයිනේ පැල් කොටයක් අටවා ගත්තැකිද ඔච්චර ලේසියෙන්; නීතිය හරස් නොවී. එහෙව් රටේ ‘කපුටු කූඩුවක් හදනවටත් වඩා ලේසියෙන්’ කෝටි ගණන් වටිනා මාලිගා හදන්න ඇහැක් වුණා නෙව ‘අයිතිකාරයොත් නැති’ව!
අනේ අම්මේ, මගේ මේ ගෙදර හදා ගන්න ගියාම වින්ද කරදර තොගේ. Plan අනුමත කරවා ගන්න; විදුලිය අර ගන්න; වතුර අර ගන්න ගියාම ඕනිය කියපු සහතික- ලියකියවිලි.

මම ආයෙම ගෙයක් හදනවා නං මල්වානෙම තමයි හදන්නේ...
නැත්තං, අපි
මැංචෝසන් චාරිකා’ පොතෙන් කියවගෙන එන ගැඹුරු මූදේ........

ඒක නෙවෙයි! අපේ ආදරණීය පාඨකයන් කීප දෙනෙකුම බොහොම අවංකවම කියා හිටිනවා, මැංචෝසන් චාරිකා පොතේ මේ කොටස්වල රසය හීනයි කියලා. කොච්චර හරි අදහසක් ඉදිරිපත් වුණා මේ සීරීස් එක නවත්තමුද කියලත්.
තරමක ඇත්තකුත් තියෙනවා, එයාලගේ අදහස්වල.

මට හිතෙන්නේ එහෙම රසය අඩුව දැනෙන්නේ, මේ කාලෙ මැංචෝසන් සාමිට වඩා සිය පූරුවක් අපූරු ඇත්තෝ කෙළගෙන- කෙළගෙන යන ගජබින්න; හරුප කතන්දර ගොන්නේ සරුසාර බව නිසාය කියලයි. එව්වත් එක්ක බලද්දී මැංචෝසන්ට No place!

රසය ටිකක් අඩුවෙන් දැනුණත් දෙයියනේ, කොහොමෙයි පටන් ගත්තු වැඩක් හිටි ගමන් නවත්තන්නේ. මතකයි නේද අපේ තාත්තා උගන්නලා තියෙන හැටි. ‘අම්මව දෙනවයි කිව්වා නං පුතේ, තාත්තව ගස් බැඳලා හරි දීපල්ලා!’.

හරියට ගස්වලින් පරු වෙලා- හුළඟට වැටෙන ගැට වගෙයි. (මැයි නව වෙනදා වැටිලා හිටියේ!)

ඉතිං මම වහන්සේ තීරණේ කොළා, පොතේ තියෙන දේවල් ටිකක් වැඩියෙන් ලියලා- හනික මේ සීරීස් එක අවසන් කරන්න. ඒකටත් හෙනහුරා පාත් වෙන්නේ හිටි ගමන්.... පොතේ කියවෙන දේ අදට ගැළපෙන තැන් ඉස්මතු වෙද්දී හිත අයාලේ යන හින්දා.

මං ඉතිං ටිකක් අන්දොස් හාදයානේ! සමහර තැන් කියවද්දී හිටු කියලා මොළේ කොලොප්පං වෙනවා, රූපාවලි පේන්ඩ පටන් ගන්න නිසා. ඔහෙලටත් එහෙම වෙනවැයි?
කාරි නෑ, එහෙම වුණා හරි නැතා හරි- ඔන්න ආපහු මූදු අස්සයා පිටට නඟිනවා!

තව හරියකදී උහ කඳු වැටියක් පහු කරන්න සිද්ද උණා. අඩුම ගාණෙ ඇල්ප්ස් කඳු තරම නං උහයි. ගල්පර අතරේ කුහරවල වයිවාරන්න ගස් වැවිච්ච වනාන්තරයක්. ඒවායේ අතුවල ඉන්නෙ එක විදිහක පොකිරිස්සෝ, කක්කුට්ටෝ, කාවාටි, මට්ටි, මූදු ගොම්බෙල්ලෝ!
ලොකුම එකෙක් පටවන්න බර කරත්ත හතරක්වත් නැතුව බෑ. පුංචිම එකෙක් මිනිස්සු දෙන්නෙකුගෙ අහුපෑවත තියෙනවා.

අපේ වෙරළට ගහල, මාළු කඩවල විකුණන්න තියෙන සත්තු ඔක්කොම- කරගෑටි වෙලා; පොතු ගැහිල මේ අතුවලින් වතුරට හේදිලා එන එවුන්. හරියට ගස්වලින් පරු වෙලා- හුළඟට වැටෙන ගැට වගෙයි. වැඩිකොටම පල ගන්නෙ පොකිරිස්සෝ හිටිය ගස්වල වගෙයි මම දැක්කේ. කක්කුට්ටෝයි, කාවාටියි හිටිය ගස් තමා ඔක්කොටම වඩා ලොකු. මූදු ගොම්බෙල්ලෝ පල ගන්නෙ කක්කුටු ගස් යට වැවිල ගහේම එතෙන පොඩි වැල් ජාතියක.

මඟක් තැන් යනකොට විතර අපි වැටුණ, උඩ ඉඳල බඹ පන්සීයකට වැඩිය ජඹුර මිටියාවතකට. එතනදි නං හුළං මදිකමෙන් මට තරමක් අමාරු උණා; එච්චරම නෙවෙයි.

ඉඳහිටලා අපට මුණ ගැහුණ මාළු ජාතියක්- ලොකුයි කිව්වහම එහෙම ලොකුවක් කොහෙද?
උන්ගේ කට ඇරිල්ල සුබ නෑ, ඒ තරම්. අපි දෙන්නවම එක කටට ගිල ගත්තැහැකි.
මගෙ වාහනේට පේන එකක්යැ?

මම පරෙස්සමින් මේ බඩගිනි හමුදාවෙන් බේරිල- මූදු අස්සය පැන්නුව පිම්මෙම, පුළුවන් තරං ඉක්මනට ගොඩට ඇදෙන්න. ඔහොම ගිහින් ඕලන්දේ වෙරළෙන් මතු උණා.”

අප්පච්චිලගේ නම ආරස්සා කර ගන්න අතිජාත පුතාලා කොච්චරෙයි කියලා නං මාන්සි වෙනවද?

අප්පච්චිගේ කතන්දරේ ඔතැනින් ඉවරයි.
මට ඕක මතක් උණේ මේ ගල්-පටිය හින්දයි.  මේ තරම් පරම්පරා ගාණක්ම ආරස්සා කර ගත්තු ගල්-පටියෙ ආනුබාවෙන්නෙ අප්පච්චි මූදු අස්සය එක්ක ඔය නැටුම් නැටුවේ.

අප්පච්චිලගේ නම ආරස්සා කර ගන්න අතිජාත පුතාලා කොච්චරෙයි කියලා නං මාන්සි වෙනවද? ඒ වෙනුවෙන් අප්පච්චිලගේ ධාතුත් පොරදර්සනේ කෙරෙව්ව හැටි ගැන කියවෙන පරණ විස්තරයක් තියෙන පින්තූරයක් මෙතනට ඔබන්න හිතුණා. ඒකත් බලලා පහතටම කියවාගෙන යමු නේද?

ඊට පස්සේ ගල්-පටිය මට ආයිත් උදව් උණා, කලින් කිව්වා වගේ- ඉස්පාඤ්ඤකාරයින් මැදට උණ්ඩයක් විදලා මගෙ යාළුවො දෙන්න මරුවගෙන් ගලව ගන්න. ඒක තමා මේ ගල්-පටියෙන් කරපු අන්තිම හපන්කම. මේකෙන් ලොකු කෑල්ලක් කැඩිලා ගියා, එදා ඒ උණ්ඩේ විදිද්දී.
අතට ඉතුරු වෙච්චි කෑල්ල ගජමුතු වගේ පරෙස්සම් කරගෙන තියෙනවා, අපේ පරම්පරාවට අයිති තවත් කව්තුක වස්තුත් එක්ක.

ජිබ්රෝල්ටාවෙන් එන ගමන මම එංගලන්තෙට ගියේ ප්‍රන්සේ හරහා. පිට දේසක්කාරයෙක් උණාට මට ගමනේ ඒ තරං කරදරයක් තිබුණෙ නෑ. කැලේ වරායට ආපුවහම එතැන තිබුණ, එවෙලේම ආපු නැවක් ඉංගිරිසි යුද්ද හිරකාරයො වගේකුත් එක්ක. මට එක පාරටම හිතුණ, මේ ඉංගිරිසිකාරයන්ව නිදහස් කර දාන්න ඕනැයි කියල.

මෙහෙමයි මම ඒක කළේ.

යාර හතළිහ හතළිහ දිග, දාහතරක් පළල ලොකු පිහාපත් දෙකක් හැදුව. ඔය දෙකත් දෙපැත්තට හයි කර ගෙන මම කුකුළා අතට අරගෙන පිටත් උණා. නැවේ කවුරුත් බුදි! නැව් තට්ටුවේ මුරකාරයාවත් ඇහැරිලා නෑ.

නැවට උඩින් ඉගිලෙන ගමන්, මගෙ ගල්-පටියෙ ආදාරෙන් කුඹ ගස් තුනට හයි කළා යකඩ කොකු තුනක්. හයි කරලා, නැව වතුරෙන් උඩට උස්සගෙන ඩෝවර් වරායට පිහෑඹුවා.
පැය බාගෙන් මං එතන. පිහාපත්වලින් තව වැඩ තියෙනවයැ? ඒ දෙක එහෙ ආණ්ඩුකාරයට තෑගි කෙරුව. තාමත් මිනිස්සුන්ට බලා කියාගන්න පුළුවන් විදිහට පිහාපත් ජෝඩුව එහේ තැන්පත් කරල තියෙනවා.

නැවට උඩින් ඉගිලෙන ගමන්, මගෙ ගල්-පටියෙ ආදාරෙන් කුඹ ගස් තුනට හයි කළා යකඩ කොකු තුනක්.

වරායට ගෙනත් දාලා, පැය දෙකක් යනකල් හිරකාරයන්ටවත්, මුරට හිටිය ප්‍රන්සකාරයන්ටවත් ඇහැරුණේ නෑ. වෙච්ච දේ තේරුණා විතරයි, ඉංගිරිසිකාරයො මුරකාරයෝ උණා. මුරකාරයො හිරකාරයෝ උණා. තමුන්ගෙන් කඩා වඩා ගත්තු බඩු ඔක්කොම ආපහු උදුර ගත්තා. එච්චරයි, අළුක්කාලක දෙයක්වත් වැඩිය ගත්තෙ නෑ. ඒ තරමට නම්බුකාර සාදාරණ මිනිස්සු!

දැන් ඉන්න රජ්ජුරුවෝ ඔටුනු පළඳපු අලුතයි මම මුලින්ම එංගලන්තෙට ගියේ. ඒ රටේදී මම ගියා වොපිං වරායට, හැම්බර්ග් නුවර මගෙ යාළුවො වගේකට යවන බඩු පටවනව බලන්න.
ඒක ඉවර වෙලා එමින් ගමන ටවර් වෝප් කියන තෙන ගොඩ බැස්ස. එතන අව්ව බොහොම කාස්ටකයි. උහුලන්න බැරි තැන මම කාලතුවක්කුවක් ඇතුළට රිංගල ටිකක් තැන්පත් උණා. දන්නෙම නැතුව මට නින්ද ගියා
, මේ මද්දහන් වෙලාවේ!

දවස ජුනි හතර වෙනිදා- තුන්වෙනි ජෝර්ජ් රජ්ජුරුවන්ගෙ උපන් දවස. හරියට එක වෙනකොට ඔක්කොම තුවක්කුවලින් වෙඩි පත්තු කළා. ආචාර වෙඩි මුරයක්. උදේ පාන්දරින්ම මෙව්වා අහුරලා තියල තියෙන්නේ.

මං ඉන්න තැන ගැන කවුද හැක හිතන්නේ?
මාත් ගිහිල්ල ගඟෙන් එගොඩ ගොයි රාළ කෙනෙකුගේ කොටුවට ඇද වැටුණා. එතැනත් පිදුරු ගොඩක් උඩට! මම අර පිම්මම කුම්බකර්ණය වගේ නිඳා ගත්ත
, ඔළුව උස්සන්නෙ නැතුවම.

මාස තුනකට විතර පස්සේ, පිදුරු ගජේට ගණන් ගියාම ගොයි රාළ කල්පනා කළා, මුළු පිදුරු තොගේම විකපත් කරන්න. මම ලැගගෙන හිටි එක තමා ලොකුම එක. කරත්ත පන්සීයකට විතර පිදුරු. උනුත් පටන් ගත්ත, කලින්ම ඒක අදින්න.

ඉණිමං තියාගෙන උඩට නඟින මිනිස්සුන්ගේ චරෝ බරෝවෙන් මට ඇහැරුණ. මොන ගිනි ගෙඩියක්ද කියල බයේ, මං දුවන්නත් බැලුව. පිදුරු අයිතිකාරයාගේ ඇඟ උඩටම මාව පෙරළිච්චි.

මට නං දෙයියන්ගෙ පිහිටෙන් තුවාලයක් නෑ!
ගොයි රාළගේ බෙල්ල කැඩුණ. මට සැනසිල්ලට එකම එක කාරණයක් තියෙනව. පස්සෙ බලනකොට මේ මිනිහ රටේ අමාරුකාරයෙක්. පිදුරු ගොඩ ගහගෙන ගිනි ගණන්වලට විකුණන්න බලාගෙන ඉන්නව.

එදා තුන් මාසෙකට ඉස්සෙල්ල නිඳා ගත්තු තෙනයි, මෙතෙනයි අග මුල හන්දි කරලා, සිහි එලව ගන්නකොට මට කොයි තරම් පුදුම හිතෙන්න ඇද්ද කියල වැටහෙනවනෙ?
මම කලින් හිටිය වගේම ආයිත් මතු වෙනකොට ලන්ඩන් නුවර මගෙ යාළුවන්ට මොන සතුටක්ද
? කාලයක් තිස්සේ හොයා ඇවිදල මගෙ ආ ගිය අතක් දැන ගන්න ඒ ගොල්ල නොගත්තු මාන්සියක් නෑ.

ඔන්න, අහගන්න ලැහැස්ති වෙන්න. මේ සැරේ මම කියන්න යන්නෙ මූදෙ යද්දි මට වෙච්චි අකරතැබ්බ දෙක තුනක්!

25 comments:

  1. අර පිංතූරෙ හදපු එකා මොකා උනත් ඩේවිඩ්ගෙ ගල් පටිය නියමෙට අඹල තියෙනව.

    ReplyDelete
    Replies
    1. හ්ම්.. ඩේවිඩ්ගෙ ගල් පටිය නේද?🤔

      Delete
    2. ප්‍රසෝ, ඒක මයිකල් ආන්ජලෝ කලාකරුවාණන්ගේ අද්විතීය නිර්මාණයක් නෙව අපි මොනවා කිව්වත්, ඒ ප්‍රතිමාවේ අතේ නහර දක්වලා තියෙන හැටි විතරක්ම වුණත් කලාකරුවාගේ ප්‍රතිභාවට දෙස් දෙන්නක්ලු!
      https://www.google.com/search?gs_ssp=eJzj4tDP1TewNDXOMmC0UjWoMDQ2SjQ1MUwyNUo0SUpOSrECCVmYGRkbJJunmZpZJqdZePGkJJZlpigUlySWlKYCAAj5Ec0&q=david+statue&rlz=1C1CHBD_enLK922LK922&oq=dewid+statu&aqs=chrome.1.69i57j46i13i175i199j0i13l7.24766j0j7&sourceid=chrome&ie=UTF-8

      Delete
  2. අද කතාව අවුලක් නෑ. අතුරු කතා වුනත් වැඩි නෑ. ඇත්තටම, අද තමයි කාලෙකින් මුලු ලිපියම එක හුස්මට කියෙව්වෙ.

    ReplyDelete
  3. "මහාමාන්‍ය, අතිගරු" ඩී ඒ රාජපක්ෂ ගේ ධාතු ගැන කියැවෙන පෝස්ටරේ කියවද්දී මතක් උනේ සජිත් "ශ්‍රී මුඛයෙන්" බේගල් කියන හැටි. ඔය කට්ටිය හැමෝම මැංචෝසන් සාමිව පරද්දන්න පුළුවන් තරමේ අය නේද?

    ReplyDelete
    Replies
    1. ඒක නෙව Sam ලංකාවට වැදිලා තියෙන හෙණපතේ. මැංචෝසන් සාමිව පරද්දන්න තරං හපන්නු ඕනි තරම් ඉන්නවා- චර්ච්ල්, ඒබ්‍රහම් ලින්කන්, නෙල්සන් මැන්ඩෙලා වගේ අයව පරද්දන්න හැකි තරම් අය බිහි වෙන්නේ නෑ.

      Delete
  4. ඒ තැඹිලි ගෙඩිය බීපු කෙනා ගැන මගෙ (බයි) යාලුවෙක් දවසක් කිව්වනෙ ඒ තැනැත්තා ඉතාම 'ආදර්ශමත්' පවුල් ජීවිතයක් ගතකරන කෙනෙක් කියලා. අරලිය මලෙන් එන මන්දිරයේ හිටපු අයගෙන් හොඳම පවුල් ජීවිතේ තිබුනෙ එයාට කියලා ඉතාම ස්ථිරව හා අපි කවුරු හරි විරුද්ධ වුනොත් පෙරලා ප්‍රහාරයක් දෙන්න තරම් ලෑස්ති පිට කිව්වෙ. අර නිතරම කියන 'කොයි පැත්තෙන් හිනා වෙන්නද' කියන එක මම දැනගෙන හිටියත්, ජීවමානව දැනුනෙ එවෙලේ.

    ධාතු ප්‍රදර්ශනයක් කියන්නෙ කොච්චර හොඳද. සැදැහැවත් උපාසක උපාසිකාවියො කී දෙනෙක් පිං කරගන්න ඇතිද. සාදු සාදු සා......දු. (ඔය නිමල් වගේ නැහැදිච්ච මිනිස්සු තමයි ඒවට එක එක දේවල් කියන්නෙ).

    ReplyDelete
    Replies
    1. හපොයි , ඒ පැත්තෙන් ආදුරුසුමත් චරිතයක්. ඒවාට බනින්න හොඳ නෑ. ඒත් අර ගඩොල් චිම්නියේ වැඩේ නම් කැතයි.

      Delete
    2. Lotus, අජිත් - දෙන්නාටම ගොඩක් ස්තුතියි.
      ඒ පරම්පරාවේ අය ආදර්ශවත් නේන්නං. මෙතනට ගිහිල්ල බලන්නකෝ. මෙව්වා පල් හෑලිමද?
      https://sudukukula.blogspot.com/2017/12/blog-post_28.html

      Delete
    3. අප්පා රජවෙච්ච කාලෙ, මාමගෙ ගුවන් කොම්පැණියෙන් පඩිගෙවන කෑල්ලක්, නාමොලා හුරතලේට ඇතිකරන්න තියාගෙන ඉන්නව කියන කතාව ඒ කාලෙ තිබුනා. එහෙනං මේකයි ඒ කතාව එතකොට.🤔

      Delete
    4. ඔහොම කෑලි දේශපාලනේ කරන්නත් එක්කගෙන එන එක නෙව වැඩේ!

      Delete
  5. මල්වානෙ හෙන අනුහස් තියෙන තැනක් නෙව... ඒකයි ඒ පැත්තෙ ගෙවල් ඉබේ හැදෙන්නෙ

    ReplyDelete
    Replies
    1. මල්වානේ විතරක් නෙවෙයි නමී, ඥානක්කා ළඟත් අනුහස් පිරිලා තිබ්බලුනේ. ඒ බල්ලෙ වෙන්නැති- යන්නෙම නැත්තේ.

      Delete
  6. ඩේවිඩ් ගේ කැටපල් එකට මොකෝ මේ ගල් පටිය කියන්නේ

    ReplyDelete
  7. අජිත් මහත්තයෝ, ඔබතුමා එවාපු comment එකක් මෙතන පෙන්වන්නේ නෑ. වාෂ්ප වෙන්නේ ඇයි කියලා නං පැහැදිලි නෑ.
    ඔයා අහල තිබ්බේ //ඩේවිඩ් ගේ කැටපල් එකට මොකෝ මේ ගල් පටිය කියන්නේ// කියලයි.
    ඒකට උත්තර දෙන්න හොඳම කෙනා කුරුප්පු මහත්තයා නෙව. එතුමා එලොව ගිහින් අවුරුදු ගණනාවක් නිසා කියන්නේ- හොරණ උඩුව පැත්තෙ එහෙමද දන්නෙ නෑ ඒ කාලෙ කැටපෝල් එකට කිව්වේ.

    ReplyDelete
    Replies
    1. Sling එක කැටපොල් එක සහ ආධාරකය නැතුව වෙන්නත් පුලුවන්

      Delete
    2. https://en.m.wikipedia.org/wiki/Sling_(weapon)

      Delete
    3. ස්තුතියි Pra Jay මහත්තයෝ. මේ කතන්දර දැනගෙන වෙන්නැති කුරුප්පු මහත්තය ගල් පටිය කියලා පරිවර්තනේ කළේ.

      Delete
  8. https://en.m.wikipedia.org/wiki/David%27s_Sling

    ReplyDelete
    Replies
    1. ඊශ්‍රායෙල් කට්ටිය අලුත්ම තාක්ෂණ මෙවලමකට 'David's Sling' කියලා නම දාලා ඉතිහාසයට ගෞරවයක් අත් කරලා දෙද්දී, අපේ උන්දල ඉතිහාසයේ වීරයන්ට තියෙනවයි කියන නෑකම් උලුප්පලා ඒ වීරයන්වත් නෝන්ඩි කරනවා... කියලයි මේ link එකට ගියාම හිතුණේ.

      Delete
    2. ඇත්තටම නිදි ඉතාමත් අවාසනාවන්ත ආකාරයට අද උදේ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට යුධ හමුදා බල ඇණි කැඳවා තිබෙන බවත් ලංකාවේ ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත් වන ලෙස විරෝධතාකරුවන් විසින් ජනාධිපති මන්දිරයේ ලේකම් කාර්යාලය සියලු පිවිසුම් මාර්ග අවහිර කර තාවකාලික කූඩාරම් ඉදිකර ඇති බව පවසමින් එය නීති විරෝධී බව පවසමින් එම අවහිර කල පිරිස් ඉවත් කිරීමට පොලිසිය කටයුතු කිරීමත් සමග කලහාකාරී වූ පිරිස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එම කණ්ඩායම් වලට නායකත්වය ලබා දී ඇති ජගත් මනුවර්ණ, ජෙහාන්, එරංග, ළහිරු, වසන්ත, වැනි කණ්ඩායම් අත්අඩංගුවට ගෙන වසර පහකට වඩා සිරගෙදරට යැවීමට කටයුතු කරන බව ආරංචියක් ආවා මේක ඇත්ත ද?

      Delete
    3. මේ වෙනවිට ඔබතුමා අලුත් පුවත් ගැන දැනුවත් වෙලා ඇතිය කියලා විස්වාසයි. මේ ලිපිය කියෙව්වද?
      http://praja.lk/politics/%e0%b6%a2%e0%b6%b1%e0%b7%8f%e0%b6%b0%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%92%e0%b6%9c%e0%b7%99-%e0%b6%8b%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%92%e0%b6%b1%e0%b7%9a-%e0%b6%af%e0%b7%80%e0%b7%83%e0%b7%99/

      Delete
  9. Replies
    1. නමියෝ, අප විසින් ඉතා වෙහෙස මහන්සි වෙලා කට්ට කාගෙන ඇරඹුම රැගෙන දුන් නමුත් ඒ සියලු වෙහෙස මහන්සිය වතුරේ යවමින් අපගේ දැඩි ප්‍රයත්නය සොරා කමින් ඇත්තටම දැනට විදේශීය ඇජෙන්ඩා මත නැටවෙන රූකඩ වලින් සමන්විත සටකපට තක්කඩි පිරිසකගේ ග්‍රහණයට නතු වී ඇති ලංකාවේ අරගලය ගැන පැවසීමට තිබෙන්නේ මුලු අරගල භූමියම රුසියාවෙන් තෙල් ගන්නවාට විරුද්ධ වීම තුල වත්මන් අරගලය හයිජැක් කල පිරිසගේ ක්‍රියාකලාපය පැහැදිලි වී ඇති බව.

      ඒ වගේම තමයි දූෂිත ගෝටා-රනිල් ආණ්ඩුවත් රුසියාවෙන් තෙල් ගන්න එක මග හරිනවා, ජවිපෙ-සජබ විපක්ෂයත් Russian Crude Oil ගැනීම ප්‍රතික්ෂේප කරනවා.
      ඉතින් ගෝල් ෆේස් අරගලකරුවෝ, ගෝටා, රනිල්, 225, අන්තරේ යන සියල්ල අන්තර් අභිජනනයෙන් සරු ජනිතයන් බිහි නොකරන රටට සත පහක් වත් වැඩකට නැති අපත සත්වයන් විශේෂයක් වග ඔප්පු කරන්නට මේ සරල තර්කය හොඳටම ප්‍රමාණවත්. මේ ගැන පැහැදිලි කර පෝස්ට් එකක් දාන්න පුළුවන් නේද?

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්