සිරි දළදා හාමුදුරුවන් වහන්සේම තමයි එදා පිහිට වුණේ! |
“වෙච්ච තරම මදැයි... තව ඩිංගෙන්.... මතකයිනෙ...”
“මොකද මට අමතක? දළදා හාමුදුරුවොම තමා
පිහිට වුණේ. එදා දරු පැටව් දෙන්නත් එක්කාන ගිහිං උන්නාන්සේට වැඳලා පිටත් වුණේ...
ඔයාට ඔප්පු කළාට පිළිගත්තෙ නැත්තං, ආයෙ බෝගම්බර වැවටම පැන්නත් මීගහපැලැස්සට නොඑන්න
හිතාගෙනයි මං ගියේ.... මදැයි, ඔයත් හිතාගෙන හිටි දේවල්....”
“ඔය පරණ කුණු අවුස්සන්නෙ මොකටද? ඒවා ඔහේ
තිබුණාවෙ.”
“ආයෙ ඒවා කියනකොට ලජ්ජා වෙන්ඩ ඕනය? මයෙ
දූත් මං වාගේම තමා. ඒකි නෝබිනාකමක් කරන්නෙ නැති වග මට ඉර-හඳ වගෙ විශ්වාසයි.”
“ගෑනියේ, උඹලට මොළේ නෑ කියන්නෙ ඕකනේ.
දුවත් අම්මා වගේම වෙනවා කියල නේද උඹ ඔය කියන්නේ? එහෙනම් කෝ, උඹත් උඹල අම්මා වගේ
වුණාද? එහෙම වුණා නම් කොහොමට හිටීවිද?”
සිසිලියානා නිරුත්තර වූයේ නිකම්ම නොවේ.
සැමියාගේ කතාවෙහිත් ගත යුත්තක් ඇතැයි ඇයට වැටහේ.
මාලතී වැනි රූමත් එකියකට එවැනි
දැනමුතුකම්......... |
නිඳි බව පෙන්වමින් වැතිරී සිටි මාලතීගේ සිතුවිලි දසත දිව යමින් තිබිණි.
‘අප්පච්චි කොහෙද අපෙ අම්මව දාලා ගිහිල්ල හිටියේ? මොනවා
වෙලාද... කිරි අම්මට ඇයි අප්පච්චි දොස් කිව්වේ?’
මාලතී දිගටම සිතුවාය.අම්මාත් අප්පච්චිත් අතරේ
ඒ තරමටම දුර-දිග ගිය නෝක්කාඩුවක් කිකලෙක හෝ තිබිණැයි සිතීම අසීරුය. බත් හැළිය ඉදෙන තුරු
පවතින ආරාවුල් ගැන මිස මෙවැනි දේවල් ගැන මාලතී අසා තිබුණේ නැත. ‘එක අතකට අපි
නොදන්නා දේවල් කොච්චර නං තියෙනවාද? හීං සීරුවේ අපෙ අම්මාගෙන්ම අහගන්නවා... සමහර
වෙලාවට චන්ද්‍රක්කත් දන්නවා ඇති.’
******
“අදත් නැහැ වගෙයි මචං....”
මිලින්ද දෙඅත් බැඳ ගත්තේය.
කඳු යායට බිම් කරුවල මෝදු වෙමින් තිබේ.
කවදත් අඳුරට තනි රකින... |
“තවම ඒකිගෙ කකුල හොඳ නැතිව ඇති මචං....”
ධනුෂ්ක සෙමින් යමක් මුමුණයි. ඔහුගේ මුහුණ
අඳුරුය. මිතුරාගේ මුහුණේ වූ දුක්මුසු - පාළු වලාවන් දුටු මිලින්දට අනුකම්පා
සිතිණි.
“ට්‍රයි කරමු මචං.... ඔච්චර කෙල්ලො ඉන්න එකේ අපේ බැචාලත් පෙළක් වෙලාවට පුදුම කට්ට කෑමක් කන්නේ... මේවත් රැග්ද මචං, ඒවා එක්ක බලද්දී.... ඔන්න මං වගේ හැන්ඩි කොල්ලෙකුට නං ඉතිං ඔව්වා ඊසි! උඹ වගේ හපාචියෙකුට ඉතිං....”
මිලින්ද තමාගේ විහිළුවට තමාම සිනාසෙමින් කියාගෙන ගියේය. ඔහු
කොලරය උස්සමින් උජාරුවෙන් සිනාසෙන අයුරු බලාගෙන හිටියත් ධනුෂ්ක සිනා වූයේ නැත.
“එක අතකට මං මහ පිස්සු වැඩක් කරන්නේ....”
මේකා දැන්මම මූඩ් ගහලා.....ඔහේ
කියවපුදෙන්.... ඔහොම කොහොමද යකෝ ලව් කරන්නේ? |
යුවතියක හමු වීමේ බලාපොරොත්තුවෙන් දින
කිහිපයක් මෙතැනට ඒම එතරම් ගණන් ගත යුත්තක් නොවේ. ‘මේකා දැන්මම මූඩ් ගහලා.....ඔහේ
කියවපුදෙන්.... ඔහොම කොහොමද යකෝ ලව් කරන්නේ?’ මිලින්ද සිතට නැඟුණු දේ හඬින් පිට
නොකළේය.
“මොකෝ උඹ ගොළු වෙලා? මේ පාළුව උහුලන්න හරි
අමාරුයි මචං. කතා කරලා මොනවා හරි කියාපං මිලින්ද....උඹට හිතෙන්නෙ නැද්ද මං මේ
කරන්නෙ පිස්සු වැඩක් කියලා. මේක මහ තේරුමක් නැති වැඩක් බං...”
මිලින්ද අසා සිටියේ කේන්තියෙන් පිපිරෙමිනි.
වචන ගොනු කර ගැනීමට ඔහු මහත් සේ උත්සාහ දැරුවේය. අසංවර ලෙස ධනුෂ්කට
බැණ වදින්නට ඔහු අකැමතිය. වෛද්‍ය විද්‍යාලයයේදී නම් ඔහු මේ වැනි මූඩ්කාරයෙකුට කිව
යුතුදේ මෙලහටත් කියා දීලාය.
ඇයි යකෝ, ගොළු බීරි එකියෙක්ද කියලවත් තාම
හරියකට නොදැන ඔහොම මූඩ් ගහන්නෙ....? |
“නවත්තපං බං නවත්තපං!”
ධනුෂ්ක කෑ ගසා කීවේය. දෙඅතේම ඇඟිලි
හිසකෙස් අතරින් දිවැවූ ඔහු ඒවා ඇදගත්තේ දැනෙන වේදනාව නොතකමිනි. ඔහුගේ සිතේ තෙරපෙන
වේදනාව හෙළි කරන්නේ කෙසේදැයි ධනුෂ්ක නොදත්තේය. දෙදණ මත මුහුණ ඔබාගත් ඔහු නිහඬවම -
නොසෙල්වී සිටින්නට විය.
අවට සරමින් සිටි කුරුල්ලන් කැදලි කරා පියාඹා ගොසිනි. අතරමං වූ හෝ පමා වූ හෝ එකෙකුගේ කූජනයක්වත් නොඇසුණෙන් රජයමින් තිබුණේ පාළු නිහැඬියාවකි.
දැන්-දැන් ගලන මීදුම දැඩි වෙන බවක්වත් මිලින්දට වැටහුණේ
නැත. ධනුෂ්කට එසේම ඉන්නට ඉඩ හළ ඔහුගේ සිත යකාගේ කම්මල මෙනි. ඔහු විස්මයට පත්ව
සිටියේය. කුමක් කිව යුතුද - කුමක් කළ යුතුදැයි ඔහුට නොවැටහේ.
ඒ වේදනාවත්, දිය ගෙන යාමට පැමිණි තරුණියත්
අතර නම්... |
ඒ වේදනාවත්, දිය ගෙන යාමට පැමිණි තරුණියත්
අතර නම් කිසියම්ම ආකාරයක හෝ සබඳතාවක් තිබිය නොහැක. ඒ ගැන මිලින්දට ස්ථිරය. අහස -
පොළොව ගැටලන තරම් සිතුවත් ධනුෂ්කගේ සැඟවුණු වේදනාව කුමක්දැයි අනුමාන කිරීමටවත්
මිලින්ද සමත් වූයේ නැත. කාලය ඉකුත්ව ගියේ වඩාත් සෙමිනි.
“යං!” සෑහෙන වෙලාවක් සිටි ඉරියව්වේම හුන්
ධනුෂ්ක නැඟිට්ටේය. නිහඬවම ගල් තලය මතින් බැසගත්
මිතුරා අනුගමනය කළ මිලින්ද ධනුෂ්ක පසුපසින් පිය නැඟුවේය.
පාරේ සිහින් වැලි කැට සපත්තු අඩිවලින්
තෙරපෙද්දී සිහින් හඬක් නැඟේ. මිලින්ද ඊට සවන් දෙමින් පිය එසවූයේ සෙමිනි. රහසේම හිස
හැරවූ ඔහු ධනුෂ්ක දෙස බැලුවේය.
ඒවායේ එළියෙන් ධනුෂ්කගේ කඳුළින් තෙමී රත්
පැහැ වී ඇති දෙනෙත් දකින්නට... |
******
“නෝනා, ලස්සන පොතක් තියෙනවා.... කියෝලා බලනවා!” මං කීවේ
අපේ ලොකු නංගීටය.
පුෂ්පා රංජනී දිසානායක වගේ ලස්සන නමක් තිබ්බත්, අපේ ගෙදර අයටත් අහළ-පහළ හැම දෙනාටමත් එයා ‘පුෂ්පා’ වුණේ නැතිය; ‘නෝනා’මය වුණේ!
මම පොතපත විතරක් නොව, සිල්ලර කඩයෙන් බඩු ඔතලා දෙන පත්තර කෑල්ලත් කියවන්නට පුරුදු වී සිටියෙක්මි. අපේ මහරගම ආච්චීලාට පිං සිදු වෙන්නට ඕනෑය. ‘අංජිසාම් පැකට්’ වියාපාරයේ දාහක් වැඩ අස්සේ ‘ලංකාදීප’ පත්තරය කියවන්නට තරම් ඉස්පාසුවක් එයාලාට තිබුණේ නැතිය.
නිසා ඉස්කෝලේ යන්නටත් කලින්ම, එයාලාට ඇහෙන්නට ‘දවසේ පත්තර කියවීම’ කළේ මේ ලියන මැට්ටාය!
ඒ කියවීමේ දොළදුක සංසිඳුවා ගන්නට තරම් දේවල්ය, ඒ දවස්වල
මට නොතිබ්බේ.
අවුරුදු දොළහෙන් ‘පේව්මන්ට් රස්සාවට’ යන්නට පටන් ගත්තාට පස්සේ, කොටුව- පිටෝටුවේ-බොරැල්ල- මරදානේ කරක් ගහන්නට වුණාම ‘ගුණසේන’ පොත් සාප්පුව මට පෙනුණේ ‘කල්ප වෘක්ෂය’ වගෙය; භද්‍ර ඝටය වගෙය; ඇලඩින්ගේ පුදුම පහන වගෙය!
අපේ ලොකු නංගී ‘Temple Grandin’ වගේ
ඔටිසම් රෝගී තත්වයක් තිබුණු එකියක්.... |
හොඳ රෙකමදාරුවක් එක්කලාම නෝනාගේ අතට පොතක් දුන්නු ගමන්ම, එයා බලන්නේ කංචුකය ලස්සනද කියලාය. ඊළඟට පොතේ පිටු පෙරළාගෙන- පෙරළාගෙන යයි.... වචනයක්වත් කියවන්නේ නැතිය.
විනාඩියෙන් ප්‍රතිඵල පිටවෙයි. “අපෝ ලොකා... මේක හොඳ
පොතක් නෙවෙයි!”
අපේ ලොකු නංගී ‘Temple Grandin’ වගේ ඔටිසම් රෝගී තත්වයක් තිබුණු එකියක් නොවේ. ටෙම්පල්ට වගේ එක බැල්මකින්ම පොත්වල පිටු මනසේ තැන්පත් කරගෙන කියවන්නට පුළුවන්කම තිබුණු එකියකුත් නොවේ! “තමුසෙ කොහොමද එක පාරටම කියන්නේ, පොත නරකයි කියල....?” මට කියවෙන්නේ තරහෙන්ය.
කෙටි වැකි ලියන්නටත්, කෙටි ඡේද යොදන්නටත්
පරෙස්සම් වීමි. නිදිගෙ පංච තන්තරේදීත්..... |
හොයලා බලද්දී ගොඩක් දෙනා අපේ ලොකු නංගි වගෙය. ඉතිං
‘යුවති කිරිල්ලී’ ලියද්දී මම පරෙස්සම් වුණෙමි. කෙටි වැකි ලියන්නටත්, කෙටි ඡේද
යොදන්නටත් පරෙස්සම් වීමි. නිදිගෙ පංච තන්තරේදීත් මා පිළිපදින්නේ ඒ තියරිමය.
කෑමක් කන්නට පෙර අපට එහි රුව-පෙනුම පෙනෙයි.... සුවඳ
දැනෙයි.... දිවට රස දැනෙන්නේ ඊට පස්සේ නේද?
ඒ හැරුණු විට තවත් කාරණයක් මගේ හිතේ හොල්මන් කරමින්
තිබිණි. උපුල්ගේ ‘සරසවි දියණියෝ’ පොතත්, ‘වස්සාන සිහිනය’ පොතත් චිත්‍රපටවලට ගෙන
තිබිණි. ‘සෑහෙන ගාණක් ගෙවලාලු ඒවා අරන් තියෙන්නේ....’ කවුරුන් හෝ මා සමඟ පවසා
තිබිණි. නවකතා- කෙටිකතා චිත්‍රපටවලට නඟන්නට පෙර ඒවායේ අයිතිය මිලදී ගැනීම් ගැනත්
මම එවිට දැනුවත්ව සිටියෙමි.
‘Film එකකට නැතත් කාට හරි ටෙලියකටවත් ගන්න හිතුණොත්....’
ඒ සිතිවිල්ල මට තදින්ම බලපාන්නට ඇති බව හිතෙන්නේ දැන්ය.
කෑමෙන් පසු දෙමිතුරෝ වලව්වට එන පාර දිගේ
ඈතට ඇවිදගෙන.... |
බරාඳයේ වූ පුටුවක වාඩි වී සිටි කුමාරිහාමි
අඩ නින්දකට වැටී සිටියි. සිළිඳු මැණිකා පුටුව පාමුලම බිම වාඩි වී කුමාරිහාමිගේ
දෙපා මිරිකමින් සිටියේ මෘදු ලීලාවකිනි.
ධනුෂ්කත් මිලින්දත් රාත්‍රී ආහාර ගත්තේ
සෑහෙන වෙලාවකට පෙරය. කෑමෙන් පසු දෙමිතුරෝ වලව්වට එන පාර දිගේ ඈතට ඇවිදගෙන ගියහ.
ඔවුන් එන තුරු බලා සිටිද්දී නොදැනුවත්වම නින්දට වැටුණු කුමාරිහාමිව සිළිඳු මැණිකා
කීද්දුවේ නැත.
ඇය පිබිදුණේ ධනුෂ්කලා වලව්වට ගොඩවැදෙන
හඬිනි.
“නැන්දට නිඳිමතේ.....” මිලින්ද අසලම වූ
පුටුවකට බර දුන්නේය.
“සිළිඳු මැණිකා කකුල් මිරිකද්දී හොඳ
සනීපෙට නින්ද ගියා. වාතෙද මන්දා පුතා... දැන් පෙළක් වෙලාවට කකුලුත් හිරි වැටෙනවා.”
“අපෙ අම්මා, ඉතිං අමාරුවක් තියෙනවා නං
බෙහෙතක් ගන්න ඕනිනේ. බලා ඉඳලා හරියනවැයි?” ධනුෂ්ක මව දෙස බැලුවේ දයාවෙනි. ඔහු
වඩාත් ආදරේ මවටය.
එරන්දතී විවාහ වූයේ මිලින්දගේ වැඩිමහල්
සොහොයුරු දමින්ද සමඟිනි. නෑදෑකමටත් වඩා.... |
කුමාරිහාමි සිනාවක් පෑවාය. සිළිඳු
මැණිකාටත් මිලින්දගේ ඉඟිය වැටහී තිබිණි. “තේද කෝපිද වලව්වෙ හාමුදුරුවනේ?”
“තේ නම් බොන්නත් බෑෑෑෑෑෑෑම වගේ.... නැත්තං
ඉතිං කෝපි වුණත් කමක් නෑනෙ ධනුෂ්ක...” මිලින්ද ඇසක් වසා, රඟා කිව්වේය.
“පේනවද අපෙ අම්මා මේකගෙ කට්ටකම.” ධනුෂ්ක
මිලින්දට පහරක් ගසා කිව්වේය. කුමාරිහාමි දෙමස්සිනාවරුන් දෙස බලා සිටියේ දයාව උතුරා
යන දෙනෙතිනි.
ධනුෂ්කගේ අක්කා; එරන්දතී විවාහ වූයේ
මිලින්දගේ වැඩිමහල් සොහොයුරු දමින්ද සමඟිනි. නෑදෑකමටත් වඩා ධනුෂ්කත් මිලින්දත් අතර
වූයේ මිතුරු බැඳීමකි. ධනුෂ්ක මඳක් වැඩිමල් වුවද දෙදෙනා ඇසුරු කළේ සම වයසේ අය මෙනි.
මේකා දැන් කිරිල්ලියක් පස්සෙන් යනවනේ
නැන්දා.... |
“මොකක්ද මිලින්ද පුතා...”
“ඒයි, මං නැන්දාට කියන්නද? අර... අර...”
මිලින්ද මිතුරා දෙස බැලුවේ බැරෑරුම් පෙනුමක් මුහුණේ මවා ගනිමිනි.
“උඹට විකාරද මිලින්ද? බොරුවට අම්මව
අවුස්සන්න යනවා.”
“මයෙ පුතා ඉතිං ඉන්ඩකෝ... මිලින්ද පුතාට
ඔහෙ කියන්ඩ දීලා.”
“මේකා දැන් කිරිල්ලියක් පස්සෙන් යනවනේ
නැන්දා....”
“කිරිල්ලියක් පස්සෙන්....” තත්පර ගණනාවක්
ඇතුළතදී කුමාරිහාමිගේ මුහුණ වෙනස් වී ගියේය.
“ඇත්තද මයෙ පුතා?”
ධනුෂ්ක මවගේ මුහුණ බැලුවේ නැත. කුමාරිහාමි
ඔසරි පටින් මුහුණ වසාගෙන ඇතුළු ගැබට වැදුණාය.
“යූ ඉඩියට්! අම්මව ඇඬෙව්වා.”
“ජෝක් එකක්නෙ මචං, නැන්දා සීරියස්ලි
ගත්තට....”
ඒ කාලේ අපේ අප්පච්චිත් එක විදිහක්ලු...
එයාගෙ අප්පච්චිලත්.... |
සිළිඳු මැණිකා තේ බන්දේසිය රැගෙන ආවාය.
ධනුෂ්ක කතාව අතරමඟ නතර කර ගත්තේය. සිළිඳු මැණිකා හොරැහින් ධනුෂ්ක දෙස බැලුවේ
අමනාපය සඟවා ගනිමිනි.
‘පුංචි අප්පොත් ඕනෑ ඒවයි - එපා ඒවයි
ඔක්කොම කියනවා. හැබෑටම මොළේ නැද්ද මන්දා? උඩ බලාගෙන කෙළ ගහගත්තම මූණටමනේ
වැටෙන්නේ....’ සිළිඳු මැණිකා දිගටම සිතුවාය. මිලින්ද ඉදිරිපිටදී ඒවා පුංචි අප්පෝට
කිව නොහැකි වීම අවාසනාවකැයි ඇයට හැඟිණි.
කතාව අමතක කරවනු සඳහා සිළිඳු මැණිකා
දෙමිතුරන් තේ පානය කර හමාර වන තුරුත් එතැනම දැවටුණාය. එහෙත් ඇය ඇතුළට යනවාත් සමඟම
මිලින්ද නැවතත් කතාව මතු කළේය.
“මොකක්ද මචං ඔය ගහේ කටු කතාවෙ තේරුම?”
“ඒ
කාලේ අපේ අප්පච්චිත් එක විදිහක්ලු... එයාගෙ අප්පච්චිලත් ඒ වගෙමලු. මේ පළාතේ
ඇහැට-කණට පේන කෙල්ලො එකෙක්වත් බේරිලා ගියෙ නැහැල්ලු.... අපෙ අම්මා බයයි මාත් ඒ
ආරෙටම යයි කියලා.”
ඔහු නම් දැරූ සල්ලාලයෙකු බව සැවොම දැන
සිටියහ.... |
3
මාලතීගේ කකුල තවමත් සුව වී නොමැත. එනිසාම
ගෙයින් පිටතට යාමටද ඇයට ඉඩ නොලැබිණි. නිවසටම වී සිටීමටත් වඩා ඇයට අසීරු වූයේ මවගේ
උපදෙස් පිළිපැදීමයි.
“අනේ අපෙ අම්මා.... මයෙ හඳීත් සාංකාවෙ
අඬනවා..... දැන් කී දවසක්ද? මං පරෙස්සමිං ගිහිල්ලා ඒකිව බලලා එන්නං....”
“හඳීට නෙවෙයි උඹටයි සාංකාව හැදිල
තියෙන්නේ... ඒකි ඔහෙ හිටපුදෙං. ගියා නෙවෙයි කොහෙවත් ඔන්න. යාන්තං කකුල හරියාගෙන
එනකොටම තළා ගනිංකො බලන්න..... හඳීගෙ සාංකාව.... ඒකිගෙ රාජකාරි ටික ඔක්කොම මං යස
අගේට කළා....”
සිසිලියානාගේ සැර වීමෙන් පසු මාලතී තවත්
කතා කළේ නැත. වෙනදා නම් තණකොළ පුන්නක්කු දීමත්, ගව මඩුව පිරිසිදු කර දැමීමත්
කෙරුණේ මාලතී අතිනි. විල්මට් නිවාඩු ඇති විටෙක හඳීව නාවන්නට පුරුදු වී සිටියත්,
මාලතී පසුව ඒ රාජකාරියද තමාටම පවරා ගත්තාය.
“අනේ... අනේ.... ඒ පාර කොර ඇන ඇන ගියා පඩි
පෙළ ගාවට. ඇයි... කවුරුවත් එනවා කිව්වද, මඟ බලා ඉන්නෙ?” මවගේ කීම කණකට නොගත් මාලතී
ඉහළම පිය ගැටය මත වාඩි වූවාය. පාරේ කෙනෙකු ගිය කලාතුරකිනි.
කඳු ගැටයක මුඳුනට කිට්ටුව විල්මට් ගෙය
සාදා තිබුණේ නිස්කාංසුවේ ජීවත් වීම ප්‍රිය කළ බැවිනි. |
වංගුවෙන් හැරී පැමිණෙන යුවතියක දුටු
මාලතීගේ මුහුණ පුබුදු විණි. “චන්ද්‍රක්කා....!”
“මොකෝ බං මෙතැන? කවුරු එනකල්ද බලා ඉන්නේ?”
“වස පාළුයි අක්කා.... අපෙ අම්මා කොහාටවත්
යන්න දෙන්නෙත් නෑ. හිරේ දාලා වගේ දවස් ගාණක ඉඳලා....” මාලතී නහයෙන් අඬමින් කීවාය.
“අඩව් අල්ලන්න ඉස්සෙල්ලයි උඹට ඔව්වා
ඔක්කොම හිතලා බලන්න තිබුණේ. කෝ, නැන්දා ගෙදර නැතිද?”
“දුං ගෙයි වෙන්න ඇති අක්කා. ඉතිං මෙතැනිං
වාඩි වෙන්ඩකො අක්කා..” මාලතී චන්ද්‍රාගේ අතකින් ගෙන තමා අසලින්ම වාඩි කරවා ගත්තාය.
ඒ බලහත්කාරයෙන්ම වාගෙය. මිතුරිය කුමකට සැරසෙන්නේදැයි චන්ද්‍රා දනියි. පහළ පිය
ගැටයට මාරු වුණු මාලතී තවත් හරි-බරි ගැසී චන්ද්‍රාගේ දෑත් ගෙන දිය හිස මත රඳවා
ගත්තාය.
“නෑවේ නැති හින්දා හරීඊඊඊයට ඔළුව කසනවා
අක්කා...”
දැන් දවසක මං මෙහාට වැඳිරියෙක් ගෙන්නලා
දෙනවා.... |
“මම මේ සද්දෙට බැලුවා කවුදෝ කියලා... හරි
අපූරුයි නේද දුවේ? ගොඩ වැදෙනකොටම නඟන්ඩි රාජකාරිය පවරලා තියෙන්නේ....”
“ඒක නේන්නං නැන්දා... මේකිට මාව දැක්කොත්
ඇති, ඉක්මනට ඇවිත් ළඟින් වාඩි වෙනවා. දැන් දවසක මං මෙහාට වැඳිරියෙක් ගෙන්නලා
දෙනවා. එතකොට ඉතිං ඔළුව බලන්නේ නැතෑ නැඟිටින්න නොදී.”
දැන් හිතාදර පාඨක ඔබත්, මාලතී හා චන්ද්‍රාත් මට සමා විය
යුතුය. 1996 දී ඉහතින් තිබුණු කොටස් රචනා කරද්දී ඒවාට එකතු වුණේ ‘මාරක හී පහර’
පෝස්ටුවේදී කියූ, මරු සිරාට
ගොදුරු වුණු වඳුරාගේ විත්තියයි.
හොඳ මීටරයක් ඇති කෙනෙකු විය යුතුය;
කියන්නාගේ frequencyයටම අසන ඔබේ ෆ්‍රීකුවන්සියත් ‘සුසර’ කරවාගත.... |
නිර්මාණයක් කරද්දී හෝ ජීවිත විස්තරය කරද්දී හෝ කෙනෙකුට
තමන්ගේ අත්දැකීම්වලින් මිදෙන්නට හැකිද?
සාමාන්‍ය කතාබහේදී පවා අපෙන් එළියට එන්නේ අපේ ජීවිතයයි!
හැබැයි එහෙම ඒවා වටහා ගන්නට නම් ඔබ ‘Tube Light’ එකක් නොවිය යුතුය; හොඳ මීටරයක්
ඇති කෙනෙකු විය යුතුය; කියන්නාගේ frequencyයටම අසන ඔබේ ෆ්‍රීකුවන්සියත් ‘සුසර’
කරවාගත යුතුය!
ඉතිං....
ඔය ප්‍රාදේශීය භාෂාව, මුළුු උඩරටටම අදාළද?
ReplyDeleteදුංගේ කියන එක මට කියවන්න ලැබුනෙ මේ කතාවෙන් ඉස්සෙල්ලම.
අර "අක්කා..." කියල ඇදල කතා කරන එක නං කොත්මලෙත් තියෙනව.
ධනුෂ්ක ගෙ තියෙන සාංකාව නං අපටත් අත්දකින්න ලැබිලා තියෙනව, මිලින්ද තාර්කිකව මොන දේ කිව්වත්...
ඩ්රැකී මහත්තයෝ, ඔයාත් මාර ප්‍රශ්න අහන්නේ. තරහටද මාව හොම්බෙන් යවන්න හදන්නේ? බදුල්ල පැත්තේ කතා ශෛලියට මං හරි ආසයි, ඒක ලයාන්විත නිසා. අවාසනාවට tv එක ගෙවල්වලට ආවට පස්සේ දැන් ප්‍රාදේශීය වහරවල් නැති වේගෙන යනවා. ඒ බස මුළු උඩරටටම අදාලද කියන එක ගැන නම් මම මෙලෝ සංසාරයක් දන්නෙ නෑ.
Deleteකොත්මලේට ගිහින් දවස් කීපයක් එහෙ ගත කරලා තිබුණත් එතකොටත් එයාලා සංකර වෙලා තිබුණු නිසා වෙන්නැති, අර ඇදිල්ල මං නොදැක්කේ. තවම මාතර පැත්තේ නම් 'අහ' වගේ වචන ටිකක් තමයි නිතර කියවෙන්නේ.
සාංකාව හැඟීම පුරුදුය කීම මට credit එකක්. ස්තුතියි ඒ ප්‍රශංසාවට.
දැන් අපට කිරිල්ලියො දෙන්නෙක් ගැන කියවන්න පුලුවන්. යුවති කිරිල්ලි & පලිඟු කිරිල්ලි. ශෝක්. නම coincidenceද? කතාවෙලා දැම්මද?
ReplyDeleteඅපිට දිග සහ පැටලිලි සහිත වාක්ය ලියන පුරුද්දක් තියෙනව සමහර වෙලාවට. complex language එක insecurity වල ලක්ශනයක් කියල සමාන්යයෙන් කියන්නෙ. නිමල් ලියන විදිහ හොඳයි.
මේ දවස්වල කමෙන්ට්ස් අඩු ලන්කාවෙ ඔෆිස් කට්ටිය WFH නිසාද?
Lotus මහත්තයෝ, යුවති කිරිල්ලී පොත පළ වුණේ 1996. එතකොට අසංග මහත්තයා 'පළිඟු කිරිල්ලී'ලා ගැන හිතලාවත් නැතිව ඇති කියලයි මට හිතෙන්නේ. උන්දා මම තරම් මැන්ටලයක් නෙවෙයිනේ.දැනුයි.... එක්කෝ ඒවා එපා.
Deleteදිග වැකි ලිවීම හා අනාරක්ෂිත බව හැඟීම අතර සහසම්බන්ධයක් තියේද කියල හොයන්න වටිනවා. ගොඩක් ස්තුතියි නිමිත්තක් දුන්නු එක වෙනුවෙන්.
කමෙන්ට්ස් නම් අඩුයි තමා... ඒත් ආපහු දවසකට 150ක සාමාන්‍යය ඇතිව පංච තන්තරේ පෙරලන බවයි පෙනෙන්නේ. මේ මාසයේ දැනට 4265ක් ඇවිත්. කොරෝනා නිසා වෙන්නැති ටිකක් රීඩර්ස්ලා අඩු වෙලා තිබුණේ.
යුවති කිරිල්ලී පොත මට නිමල් අයියාගෙන් ලැබුනේ අපේ පලමු හමුවීමෙදී.එතකොටත් මගේ පළිගු කිරිල්ලී කතාව ලියලා තිබුනේ. නම දාලා තිබුනේ පරසතු කුසුමිය කියලා. එත් ඒ නම මට හරිගියේ නෑ. ටෙලියක් ගියා පළිගු පියාපත් කියලා ඒක ඇකපු මට හිතුනේ මගේ කතාවටත් පළිගු කිරිල්ලී කියලා දමන්න. නිමල් අයියා යුවති කිරිල්ලී බ්ලොග් එකට දැම්මාම තමයි මතක් උනේ මේ නම් දෙක එක වාගෙමයි කියලා.
Deleteඔයාගේ නම නිවැරැදියි අසංග මහත්තයා. මගේ නමේ වැරැද්දක් ගැන නම් කියවිලා තියෙනවා... එක ලියමින් ඉන්නේ ඊළඟ කොටසක... දැන් නොකියන්නේ ටිකක් දිග වැඩි නිසා.
Deleteහරි හරි මොන කිරිල්ලි වුණාම මොකද , එක කිරිල්ලිය ලෝකේ ඉන්නේ හේ හේ
Deleteභද්‍ර ඝටය වගෙය - පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද. කලින් අහලා නෑ.
ReplyDeleteමේකත් දිවිය ලෝකේලු තියෙන්නේ, කල්ප වෘක්ෂය, සුරබි දෙන වගේම. සිතූ-පැතූ සම්පත් දෙනවාලු. හැබැයි භද්‍ර ඝටය කිරි සයුර කළඹන වෙලාවේ මතු වුණා කියල කියවෙන්නේ නෑ. ඒ ගැන කියවනවා නම් මෙන්න චමී, link එකක්, මගේ පොස්ටුවල හතරවැන්න: http://nidigepanchathanthare.blogspot.com/2018/04/blog-post_8.html
Deleteනෝනා ඩේවිඩ් කරුණාරත්න මහත්තයාගේ හෑල්ල තීරු ලිපිය කියෙව්වනං පොතක් අතින් අල්ලන එකක් නැහැ
ReplyDeleteසිරිබිරිස් උන්නැහේ! සමා වෙන්න ඕනි. උත්තර දෙන්න බැරි වෙලා පරක්කු වුනු එකට.
Deleteමට හිතෙනවා මොබයිල් ෆෝන් හින්දා 'නෝනා'ගේ පරම්පරාව දැන් හොඳටම වැඩි වෙලාය කියලා.
මටත් පොත ගන්න හිතුන.ඒත් ඉතින් මෙයාගේ විච්චුරන ටික කියවන්න වෙන්න නැහැනේ එතකොට
ReplyDeleteඅජිත් මහත්තයෝ... පැඟිරි කාලේ මමත් පෙරවදන්, පිවිසුම්, කර්තෘගෙන් වගේ දේවල් කියෙව්වේ නෑ. කතාව-text එක විතරයි කියෙව්වේ. පස්සෙයි වැටහුණේ ඒ විස්තර කොතරම් වැදගත්ද, රසවත්ද කියලා.
Deleteඅනෙක නිදිගෙ පංච තන්තරේ මූලික අරමුණට පටහැනිව යන්නත් බැහැනෙ, පොත විතරක් ඉදිරිපත් කරලා...
ගොඩක් ස්තුතියි ස්වයං නිරෝධායනයක් ඉබේම වෙලා තියෙනවා වගේ
රටක- වෙලාවක මේවා කියවන එක ගැනත්!
ගොඩගේ එකේ පොත තියෙනනවද කියලවත් මම දන්නෙත් නැහැ ඔයාට ගෙන්නා ගන්න වුණත්!
Delete