ඔයා කියන්නෙ මාකෝ අයියාටත්
එක්කමයි කොල්ලෝ- ඔයාට විතරක් නෙවෙයි! (මල්ලියි අයියයි පදක්කම් දිනුවදා) |
හිතකවත් තිබ්බේ නැති ලියුමක් මේ ඔයාලට
ලියවෙන්නේ!
නිමලෝ, ඔයාලට හිතා ගන්න පුළුවන්ද, ඒ
ලියුමෙන් ආමන්ත්‍රණය කරන කෙනා කියවන්නේ නැති බව දැන-දැනම ලියන ලියුමක් ගැන එහෙම?
මේක එහෙම එකක්..... කොරෝනා එන්න කලින් නම් ඉඩක් තිබුණා, තව කාලෙකින් හරි ඔයාලා මේක
සිංහලෙන් කියවන්න.
එහෙනං ඔයාලා දිගටම ලංකාවේ රැඳෙන නිසා සිංහල භාෂාවත් තව පුරුදු වෙනවනේ. ඔයා කියන්නෙ
මාකෝ අයියාටත් එක්කමයි කොල්ලෝ- ඔයාට විතරක් නෙවෙයි!
ඔන්න්න්නොන්න.... මාකෝ ඔයා තරහ වෙන්න ඔට්ටු නෑ, මල්ලිට විතරක් special කියල, හොඳේ.
Heading එකක් වුණාම ඕනිවට වැඩිය දිගට දාන්න බැහැනේ. තේරෙනවනෙ....
ඒ වගේමයි, මේ ලියුම ඔයාලා දෙන්නාවත්- අම්ම
තාත්තා දෙන්නාවත් නොකියෙව්වා වුණත්, මං ලියන ‘නිදිගෙ පංච තන්තරේ’ කියවන අය නම්
කියවාවි. ඉතිං ලියන්න වෙන්නෙ එයාලටත් ගැළපෙන විදිහටයි.
ඔයාලගේ තාත්තගේ අම්මා; නැනා- සමන්ති
නැන්දාවයි, තාත්තවයි, දීපානි පුංචිවයි එංගලන්තෙට එක්කන් යද්දී එයාලා තුන් දෙනාම
බාලයෝ. අවුරුදු 16ට අඩු අය. එහෙම ගිය එක ගැන වැඩියම තෝන්තු වුණේ; ළතැවුණේ ඔයාලගේ
තාත්තයි. දීපාල් ටිකක් වැඩියෙන් ලංකාවට attached වෙල වගෙයි එතකොටත් හිටියේ.
“ඇයි ලොකූ ඔයා අම්මට මාව එංගලන්තෙට
ගෙනියන්න ඉඩ දුන්නේ?”
කියලත් එයා පස්සේ කාලෙක මගෙන් ඇහුවා. ඒ නිසාම වෙන්නැති එයා ආයෙම ‘සිය පවුල
පිටින්ම’ උපන් රටට එන්න plan කරන්න ඇත්තේ.... එයාගෙම හීනයක් හදා ගන්න ඇත්තේ.
ඔයාලගේ තාත්තගේ හීනේ දැන් ආයෙමත් වෙනස් කර ගන්න
වෙලා.
තාත්තා හිතාගෙන හිටියේ මෙහාට ඇවිත්, ඔයාලා දෙන්නව ගල්කිස්සේ ශාන්ත තෝමස් විදුහලට
ඇතුළත් කරලා, හොඳට සිංහල කතා කරන්න- ලියන්න පුළුවන් කොල්ලො දෙන්නෙක් කරන්න. ඒ
නිසාම තමයි ඔයාලව පුංචි කාලේ ඉඳලාම සැරෙන්-සැරේ ලංකාවට එක්කං ආවේ, මෙහාට හුරු
කරන්න.
සමන්ති නැන්දගේ ඩ්රූ -පවන්
පුතාලා දෙන්නමත් මට කියන්නේ ලොකු මාමා කියලනේ... |
හරි විදිහට නම් ඔයාලා මට කියන්න ඕනි නෑකම
‘මහප්පා’!
සුනිල්, අනිල්, අජිත්ලට වුණත් එහෙමමයි. ඒත්
මානෙල් නැන්දලගේ ගෙදරදී සුරංගත්, රෝසිත් දෙන්නා තිස්ස දෙවේලේම අපට කට පුරෝලා
‘මාමේ’ කියද්දී, ඒවා තමයි ඔයාලගේ කනට වැටුණේ.
සමන්ති නැන්දගේ ඩ්රූ -පවන් පුතාලා දෙන්නත් මට කියන්නේ ලොකු මාමා කියලනේ... ඔයාලත්
එහෙමම කියන්න පුරුදු වුණා. තවමත් එහෙමමයිනෙ....
හැබැයි මහප්පා කියන වචනෙට වැඩිය මාත් 'ලොකු මාමා' වචනෙට කැමතියි. ඒ වචනේ තරමක්
ගීතවත් වගෙයි.
ඉතිං දීපාල් මල්ලියා කොච්චර පෙරුම් පිරුවත්,
ඔයාලා දෙන්නා වෙනුවෙන් එයාගේ හිතේ තිබුණු ශාන්ත තෝමස් target එක නං හරි ගියේ නෑ.
ගල්කිස්ස හෝටලේ පිසගෙන හමන සුළං රැලි කෙළින්ම වදින දුරින්; ඒක පෙනෙන මානයේම ගෙයක්
හදාගෙන පදිංචි වුණත්, ඒ ඉස්කෝලෙට ඔයාලව දාගන්න ඔයාලගේ තාත්තට බැරි වුණා.
පුංචි දවස්වලම ඔයාලා කට්ටිය වතිකානුව බලන්න
ගියාම ‘පාප් වහන්සේගේ ශුද්ධ වූ හස්ත ස්පර්ශය’ ලබන්න තරම් නිමල් බෙන් වාසනාවන්ත
වෙලා තිබුණු නිසාවත් luck එකක් තියෙයි කියලයි දීපාල් අපට කියමින් හිටියේ. ඒත් ඒ ‘ලක්’
එක ‘හිලක්’ වුණා විතරයි.
අන්තිමේදී ඔයාලට බම්බලපිටියේ ශාන්ත පීතර විද්‍යාලයට යාගන්න තමයි වාසනාව පෑදුණේ!
මාකෝ. මල්ලී ඔයාට වැඩියෙන් ඉක්මනට ‘සිංහල’
අල්ලා ගත්තා. නිමලා, සිංහල බිංදුවක්වත්
නොදන්නා ඔයාලගේ අම්මා; Pia; පීයාගේ official පරිවර්තකයා වුණේත් ඒ හින්දා නේද?
අනෙක් අතට මාකෝ ඔයා වැඩිය හිනාවෙන, අමුත්තන් එක්ක ඉක්මනින් යාළුකම් වගා-දිගා කර
ගන්න කෙනෙකුත් නෙවෙයිනේ.
මතකයිද, ඔයා පොඩි කාලෙ කාගෙනුත් වැඩියම බැණුම් ඇහුවේ ඔයා. ‘ඇට්ටරකමට sorry
කියන්නෙත් නැතිව ඇස් දෙකේ කඳුළු පුරෝගෙන ‘corner එකක’ තනියම බිත්තියට රවාගෙන
හිටියා, තාත්තා ‘That’s enough!’ කියනකල්ම.
ඔයාලගේ තාත්තා ඔයාලට එහෙම
තදේට ඉන්න ඇත්තේ එයා පුංචි කාලෙ, ඔයාලට
වැඩිය ඇට්ටර... (දීපාල් - දීපානි පොඩි කාලේ) |
මගඩි වැඩ කරලා අහු වුණාම, කියන්නත් කලින් ‘සොරි’ කියලා සමාවත් ඉල්ලනවා. ගාණෙන්
වැඩේ ගොඩ දාගන්නවා.
දන්නවද? ඔයාලගේ තාත්තා ඔයාලට එහෙම තදේට ඉන්න
ඇත්තේ එයා පුංචි කාලෙ, ඔයාලට වැඩිය ඇට්ටර කොල්ලෙක් වෙච්ච බව එයාටම මතක තියෙන නිසා
වෙන්නැති.
දවස් පහක trip එකක් යන්න තියෙද්දී, ගොළුබෙලි
කටුවකට කකුල කැපිලා පැසවලා- උණත් ගැනිලා ඉඳිද්දී ඒ හාදයාව ගෙදර දාලා යයි කියන බයට
මට ඒක නොකියා හංගගෙන හිටියේ (ත්‍රිකුණාමලයට යනතුරුම) අවුරුදු දහයටත් අඩු වයසෙදී.
එයාලව ආංබාං කරන්න සමහර වෙලාවට වේවැල නැතිව බැරි වෙච්චි හැටි...
වැරද්දක් කරලා අහුවුණාම වේවැලත් අතට අරගෙනයි, මං දීපාල්ට අඬ ගහන්නේ. ‘මෙහාට වරෙන්,
අල්ලපං අත!’ මාකෝ/නිමල්- එතකොට ඔයාලගේ තාත්තා අත දික් කරනවා. චටාස්!
වේවැල් පාර අතට වැදෙනකොට එයා ‘හූස්ස්ස්ස්’ කියලා උඩට හුස්මක් අදිනවා විතරයි.
අඬන්නේ නං නෑ.... අත අහකට ඇද ගන්නෙත් නෑ. ඒ තරං පුතයා.
එතකොට එයා ටිකාක් විතර හඩ්ඩා. උදේට මුහුණ-කට
හෝදන්න, නාගන්න යවන්නේ හරකෙක්ව මරන්න යවනවා වගේ බල කරලා. සමහර දාට ගිය පයින්ම මිනිහා
ආපහු එනවා.
“තමුසේ ඔය නාලත් ඉවරයිද?”
“ඔව් ලොකූ!”
“දතුත් මැද්දනේ!” මම කටටම උත්තරේ දෙනවා. මිනිහත් ඔළුව වනනවා. “කෝ බලන්න තමුසෙගෙ
දත් වහල්ල.” එතැනම වැරැදි දෙකයි. බොරු කීමයි, දත් නොමැද සිටීමයි. ඉඩක් තියෙන
වෙලාවක නම් එයාට මගෙන් ගැලවෙන්න හම්බ වෙන්නේ නෑ. “යමං ආපහු ළිඳට.”
මං මිනිහව නාන ළිඳට ඇදගෙන ගිහිං දත් මැදලා,
කුණු අතුල්ලලා නාවනවා. එයාගේ සරුවාංගෙම කුණු දූවිලි. මං ඒවා යැව්වේ කපා ගත්තු පොල්
ලෙලි කෑල්ලකින් අතුල්ලලා. ඉඳහිටවත් එයා ඔය විස්තර ඔයාලට කියනවාද?
හිතා ගත්තැකිද ඔයාලා ඒ තරම්
ඇට්ටර නොවෙන්න හේතුව? |
ඒ වගේම තමයි, මහරගම පොලීසියෙන් පවත්වපු අවුරුදු උත්සවේක ‘ඔළුවෙන් හිටගැනීමේ’ තරගෙකට
ඉඳලා මේ බටු ඇටයා ලොකු මිනිස්සුත් පරද්දවමින් දුන්නු ගේම.
ඔයාල නං කවදාවත් ඒ තරං මගෝඩිස්ලා වුණේ නැහැ නේද?
(හැබැයි ඉතිං ‘දිසානායකලාගේ ටිකිරි මොළේ’ perfect
නැති බවටත් ඔයාලගේ
තාත්තාත් නියම උදාහරණයක්!)
ඔය සේරටම හපන් මානෙල් නැන්දගේ වෙඩින්
එකේදී, ඔයාලගේ ලොකු මාමා (පව් විකුණන්න
බැහැයි කියලා) කළුකුම්ලා කීප දෙනෙකුගෙයි- ගං කුකුල්ලු 50ක් විතරයි මරණ වෙලාවේ උන්ගේ කකුල් ගැට ගහලා දුන්නෙත්
ඔයාලගේ තාත්තා. ඒ තරමට මිනිහගේත් හිත තදයි. එයා එව්වා ඔයාලට කියනවාද?
හිතා ගත්තැකිද ඔයාලා ඒ තරම් ඇට්ටර නොවෙන්න
හේතුව?
අපට; ඔයාලගේ තාත්තලාට පුංචි කාලෙ නොතිබුණු අවස්ථා ගොඩාරියක් දැන් ඔයාලට හමු වෙන
නිසා වෙන්නෝනි කියලයි මට හිතෙන්නේ.
නිකමට හිතන්නකෝ.... ඔයාලට පිහිනුම්, ඔරු පැදීම්, ටෙනිස් වගේ ක්‍රීඩා ඉසව් විතරක්
නෙවෙයි පියානෝ වාදනයත් උගන්වන්න අම්මයි, තාත්තයි කරන කැපවීම- වියදම කොච්චරක්ද
කියලා.
ඔයාලගෙ තාත්ත පොඩි කාලෙ එහෙම දේවල් එකක්වත් කරන්න හැකියාවක් ඔයාලගේ ලොකු මාමාට
තිබුණේ නැහැ මාකෝ/නිමල්.
හැබැයි මං අවුරුද්දකට වතාවක් විතර එයාලව
trip එකක් නං එක්ක ගියා. මාස දෙක තුනකට වතාවක් film එකක් බලන්නත් එයාලව එක්ක ගියා.
ගිය සතියේ දීපාල් මට කතා කළේ පුදුම සන්තෝසෙකින්.
“ලොකූ. නිමල් බෙන් ලන්ඩන්වල ඉස්කෝලෙන් කලර්ස් තුනක් අරං... Studies, Sports, Music
තුනටම.”
“තව මොනවත් ගන්න ඉතිරි වෙලා තියෙනවද මල්ලා. මාස කීයද එහාට ගිහින්?”
“ඒකනේ ලොකූ....” දීපාල්ගේ කටහඬ වෙවුළුවා, එතකොට.
ඔයාලගේ ප්‍රතිඵල හොඳ වුණාට රට
කරවන ඇත්තන් නම් එයාලගෙ විභාගෙන්... |
ඔය වගේම එයාගේ කටහඬ වෙවුළුවා මාකෝ ඔයාගේ O/L විභාගයේ results මට කියපු දවසෙත්. මම
නම් වැඩිය ඔව්වා ගණන් නොගන්නවා වුණාට එයාලට එහෙම බැහැනේ.
දැන් එයාලගේ හිතේ තියෙන්නේ ඔයාගේ A/L exam එක ගැන. ඒකෙ ප්‍රතිඵල කොහොම වෙයිද
කියලා.
ඔයාලගේ ප්‍රතිඵල හොඳ වුණාට රට කරවන ඇත්තන්
නම් එයාලගෙ විභාගෙන් fail කියලයි රටේ විතරක් නෙවෙයි, පිටරටවල උදවියත් කියන්නේ.
“ලොකූ, ලංකාවේම හිටියොත් මේ දෙන්නට අනාගතයක්
නැති වෙයි කියලා පීයාටයි, මටයි දෙන්නටම දැන් හිතෙන්නේ. නිමල් බෙන්ට සෙන්ට් පීටර්ස්
කොලේජ් එකෙන් කිව්වා ‘නැෂනල් ස්කූල් රෝවින් ටීම්’ එකටත් යන්න පුළුවන්කම තියෙද්දී,
අපරාදේ නේද එංගලන්තෙට යන්නෙ කියලත්..... ඒත් ලොකූ මේ යන විදිහට...” දීපාල්ගේ
හඬ බලාපොරොත්තු සුන් වෙච්ච කෙනෙකුගේ
වගෙයි.
මාකෝ/නිමල්.
ඔයාලා දෙන්නම Bolgoda Lake Rowing Club (BLRC) එක නියෝජනය
කරමින් තරග කරලා ගත්ත මෙඩ්ල්ස්. එච්චරක්ද? ගිය අවුරුද්දේ ජාතික ඔරු පැදීමේ පාසල්
තරගවලදී ඔයා bronze පදක්කම්
දෙකකුත්, නිමල් බෙන් රන් පදක්කමක් හා ලෝකඩ (bronze) පදක්කමකුත්
දිනුවේ.
එහෙමත් තියෙද්දී... ඒවා අතහැරලා...
“දැන් ඉතිං නිමල් බෙන් දැනටමත් එහෙ ගිහිල්ලනේ
ලොකූ. මාකොයි මායි දෙන්නත් ජුලයිවල එංගලන්තෙට යන්නයි plan එක.”
“මල්ලා. එතකොට ඔයාලගේ ගේ... ඔයා කොටුවෙන් ගත්ත building එක?” මට කියැවුණේ ඉබේමය.
බඩා මල්ලියා මෙහෙ ආපු හැමදාම වගේ ගොඩාරියක්
එයාගේ future plans ගැන මාත් එක්කලා කියනවනේ. ඒවා වැඩි හරියක් ඔයාල වටේයි දැවටිලා
තිබුණේ.
“ඒවා කුලියට දීලා යන්නයි හදන්නේ.” දීපාල් කිව්වා.
රජිත් අපේ ගෙදරට ගොඩ වැදුණේ ‘කොහොමද මහප්පේ?’ කියාගෙන. (රජිත්, උත්පලා හා
ඇනා) |
දැන්-දැන් නං එයාලටත් තේරෙන්න අරං ‘දේශපාලකයන් මඤ්ඤං කෙළින’ ඒවා ‘අපි හම්බ කර ගෙන
කන එකට කොච්චර බලපානවද කියලා.’ එයාලා bull කෙළිද්දී එව්වාට වන්දි ගෙවන්න වෙන්නේ අපි
හැමෝටමයි කියලා.
වන්දි කියද්දී මතක් වුණේ.
පෙරේදා; ජනවාරි දාහත්වෙනිදා රජිත් ආවා මාව බලන්න. එයා ලංකාවට ආවනේ සති කීපයකට. එයා
සුනිල් මාමලගේ බලංගොඩ ගෙදරත් ගිහින් දවස් කීපයක්ම එහෙ ඉඳලා.
දන්නවද? සුනිල් මාමයි- මල්ලිකා නැන්දයි දෙන්නා නං රජිත්ටයි, ජයශංඛටයි දෙන්නටම
පුංචිම කාලේවත් ඉඩ දුන්නේ නෑ, මට ලොකු මාමේ කියන්න.
“එතකොට නෑකම වැරදියිනේ ලොකූ. සුනිල් ඔයාගේ ලොකු මල්ලී. මේ එයාගේ පුතාලා දෙන්නා.
මෙයාලට ඔයා මහප්පා වෙන්නේ... මෙයාලා මාමා කියලා කියන්න ඕනි මගේ සහෝදරයන්ට...” මල්ලිකා
නැන්දා ඉතිං එහෙමනේ.
ඉතිං ඒ පුරුද්දටම රජිත් අපේ ගෙදරට ගොඩ
වැදුණේ ‘කොහොමද මහප්පේ?’ කියාගෙන. අපි ගොඩක් වෙලා කතා කර-කර හිටියා. එතකොටයි මේ
කතන්දරේ කියැවුණේ...
“අපෝ මෙහාට ඇවිත් දවස් දෙකෙන්, ආයේ ලංකාවට
ඇවිත් යන්නවත් එන්න එපා වුණා මහප්පේ. තව ඩිංගෙන් අපි දෙන්නව පිච්චිලා මැරෙනවා.”
“පිච්චිලා... දෙන්නා....”
“ඔව් මහප්පේ, මමයි තව එංගලන්තේ ඉන්න ලංකාවේ
යාළුවෙකුයි දෙන්නාම එකටයි මෙහාට ආවේ. මාසෙකට. අපේ wife; උත්පලාගේ අක්ක තමයි අපිට
නවතින්න අපාර්ට්මන්ට් එකක් එහෙම හොයලා තිබ්බේ. එදා හවස අපි දෙන්නට තේ එකක් හදා
ගන්න හිතිලා kitchen එකට ගියා. ගෑස් ටැංකිය ළිපට connect කළෙත් අපි. ළිප පත්තු
කරලා විනාඩියෙන් වටෙන්ම ගිනි ගන්න ගත්තා.
මං ෂෝටක් ඇඳල හිටියේ. ගින්දර නිවන්න දඟලද්දී දණිස් දෙකෙන් පහළ කකුල් දෙකම
පිච්චුණා. යාළුවගේ ට්‍රැක් බොටම් එකටත් ගින්න ඇවිළෙද්දී හරි අමාරුවෙන් gas ටැංකිය
ගලවලා එළියට දැම්මේ...”
“රජිත්! ඔයාලගේ වාසනාවට ඔයින් ගියේ!” මම
කීවෙමි.
ඔයාල දෙන්නත් මේ රටට ගොඩක් ආදරෙන්
හිටියේ.... |
“නෑ නෑ. ගණන් ගන්න එපා... එහෙම කරන්න ඇත්තේ world record එකක් තියන්න වෙන්නැති!” මං කතා කළේ අපේ ශ්‍රී ලංකේය අභිමානය වෙනුවෙන්.
මාකෝ/ නිමල්... මම දන්නවා, එංගලන්තේ ඉපදුණත්
ඔයාල දෙන්නත් මේ රටට ආදරෙන් හිටියේ.... අම්මගේ පිලිපීනෙට වගේම. හැබැයි තව අවුරුදු
කීපයක් යද්දිත් ලංකාවට ආසා හිතෙන මට්ටමක ‘මේ ඉන්දියන් සාගරයේ මුතු ඇටය’ තියේවිද කියල
නං මටමත් සැකයි!
ඒ නිසාමයි දැන් මමත් ඔයාලා කොයි-කාටත්
පුළු-පුළුවන් විදිහට වෙන රටකට යන්න කියන්නේ. රජිතුයි, ජයායි, මායි ඊයේ මානෙල්
නැන්දලගේ ගෙදර ගිහින් එන ගමන් අකලංක අයියලාගේ ගෙදරත් ගියා. (එයානේ මට මේ blog එක හදලා දුන්නෙත්.)
එයා නං මේ රට දාලා යන්න අදහසක් නෑ වගේ...
එයාත් එයාගේ තාත්තා; අනිල් මාමා වගේම පණ්ඩිතයා. ඒ ගැන නම් මං වගේම ඔයාලත් දන්නවනෙ,
අන්තිම කාලෙ අන්නා හිටියේ ඔයාලත්
එක්ක නිසා. (අමතක කරන්න එපා- එයාලගේ ලොකු අයියා තමා
ලොකුම ලොකු බක-පණ්ඩිතයා.)
අකලංකටම හරියන එක්කෙනෙක්ව තමයි මිනිහා
හොයාගෙන තියෙන්නෙත්. මිනිහ වගේම වෙජිටෙරියන් වුණු, මංගල්ලේ දවසේවත් රිදී-රත්තරං
කණකර ආභරණ ඇන්දේ නැති ෂෙහානි දිල්ශිකාව. අපේ පවුලට නැතිව හිටියේ ඒ වගේ කෙල්ලෙක්
විතරයි!
“මහප්පේ, ආර්ය කියලා ලියන හරි විදිහ මොකක්ද?” කියලා ගිය අවුරුද්දේ මුල්ම දවසක අකලංක මගෙන් ඇහුවා. (අකලංක, ආර්ය හා ෂෙහානි) |
වෙඩින් ඇල්බම් එකෙන් දකින්න ඇතිනේ. එයාට ඕනි වුණා මුහුදු වෙරළේ ගහපු පෝරුවක් උඩදී
ශ්‍රී ලාංකික සිරිත්-විරිත්වලට අනුව මංගල්‍යය කරවන්න. මනාලිය විදිහට සැරසිලා
ඇතෙකුගේ පිටේ නැඟලා, නෑදෑ සහපිරිවරින් පෝරුව දක්වා එන්න.... නෑයෝ හැම දෙනාම
රෙද්ද-හැට්ට, සරොම්- බැනියම්වලින් සැරසිලා ඉන්න....)
ඉතිං, ආපහු අකලංකලගේ කතාවට යමුකෝ. “මහප්පේ, ආර්ය කියලා ලියන හරි විදිහ මොකක්ද?”
කියලා ගිය අවුරුද්දේ මුල්ම දවසක අකලංක මගෙන් ඇහුවා.
“ඉස්සර නං ඕක ලියන්නත් දෙවිදිහක් තිබ්බා...
දැන් කවුරුවත් අර ‘ය’ අකුරට උඩින් අනිත් පැත්ත හරවපු කොම්බුව; ‘රේපය’ දාලා ලියන
වචනේ ලියන්නෙ නැහැනේ....”
“නෑ, නෑ. මහප්පේ මට ඒ විදිහ තමයි දැන ගන්න
ඕනි!”
“ඒ මොකටද මිනිහෝ. තමුසේ ජාවා scripts ලියන්නෙත් හුදු හෙළුවෙන්ද?” කියලා මම එතකොට
එයාගෙන් ඇහුවා.
“නෑ මහප්පේ... අපේ පුතාට නම දාන්න යන්නෙ ආර්ය කියලා. මට ඕනි අර විදිහට ඒක පුතාගේ
උප්පැන්නේටත් ලියවන්න... අපි සිංහල භාෂාවට තැන දෙන්න ඕනිනේ....”
“අනේ මිනිහෝ! තමුසේ දන්නවද මානෙල් නැන්දත්
ඔය වගේ වැඩක් කරලා වෙලා තියෙන දේ?
එයා රෝසිට නම දැම්මේ උපේඛා කෞෂිනී කියලනේ. තමුසෙම රෝසිව හම්බ වුණු වෙලාවක අහගන්නවකො
ඉස්කෝලේ සහතිකවල හිටං ඒ නම ලියල තියෙන විදි කීයක්ද කියලා...” ඔන්න මං එහෙම කියලත්
මිනිහා නෙවෙයි, නැමෙන්න ලෑස්ති වුණේ.
“ඉතිං මහප්පේ, ඔහොම ගියොත් සිංහලවලට මොකද වෙන්නේ?”
පාලකයන්ගේ වැරදි හින්දාත්, වැරදි ප්‍රතිපත්ති හින්දාත්, නිසි ලෙස සැලසුම් හදා නොගෙන
රට පාලනය කරන හින්දාත්... |
තාත්තලා හදන්නේ එයාලගේ ලෙයින්, මසින්,
මහන්සියෙන් ජනිත කළ දරුවන් ලවා එයාලගේ සිහින හැබෑ කරව ගන්න... එයාලගේ ජීවිත
සැමරුම් දිගටම ගෙනියන්න.
“ලොකූ, අපි දෙවෙනි පුතාට ඔයාගේ නිමල් නම
තියනවා.” දීපාල් එංගලන්තේ ඉඳලා මට call එකක් දීලා කිව්වා අවුරුදු 17කට කලින්. “Loku,
It’s a tribute for you!”
“මල්ලා මම එච්චර දෙයක් ලබන්න...”
“You have done enough loku! ඔයා දන්නෑ අපි හැමෝටම ඔයාව කොච්චර ප්රෙෂස්ද කියලා.”
දීපාල් කිව්වා.
එහෙමයි මල්ලියාගේ දෙවෙනි පුතණ්ඩියා ‘නිමල් බෙන් ටොමෙල්ඩන් දිසානායක’ වුණේ; පොඩි
නිමල් වුණේ. ලොක්කා ‘මාර්කෝ
ටොමෙල්ඩන් දිසානායක’ වෙද්දී.
අපේ රටේ පාලකයන්ගේ වැරදි හින්දාත්, වැරදි ප්‍රතිපත්ති හින්දාත්, නිසි ලෙස සැලසුම් හදා නොගෙන රට පාලනය කරන හින්දාත් කොන්ද කෙලින් තියෙන උගතුන් රට දාලා යනවා. වැඩක් කරලා ආයතනවලින් ලාබ පවා උපයා දෙන අයව තනතුරුවලින් ඉවත් කරනවා... තමුන්ගෙම මිනිස්සු වෙලත්.
පෙර වැරදිවලට නම් දරාපු අයව ගෙනල්ලා මහ පුටුවල ඉන්දවනවා. මෙලෝ යකෙකුට තේරුම් ගන්න බෑ සිද්ද වෙන අප්‍රබංශ හුටප්පර.
ඒ වගේ දේවල් දරා ගන්න බැරිව තමයි අරවින්ද
මාමාත් ලංකාව දාලා ගියේ ‘එයාර්
ට්‍රැෆික් කන්ට්‍රෝලර්’ වගේ රස්සාවත් කරද්දීම. දැන් මේ රටේ කොන්දක් තියෙන
මිනිස්සුන්ට ඉහ ගහගෙන ඉන්න බැරි වීගෙනයි යන්නෙ....
අපේ දූ-පුතුන්ගෙන්, මුණුබුරු-මිණිබිරියන්ගෙන් වැඩි දෙනෙක්ම දැන් ඉන්නේ ලංකාවේ නෙවෙයි. |
ඉතිං දෙයියනේ කොහොමද මං කටක් ඇරලා ඔයාලට කියන්නේ ‘යන්න එපා. ලංකාවේම ඉඳහල්ලා
දරුවනේ’ කියලා.
මට නං දුකයි. හොඳටම දුකයි!
මගේම දරුවන් නොවුණාට, මට ඔයාලා හැමෝම ආදරේ කළා. ඔයාලගේ පුංචි දවස්වල අම්මලා-
තාත්තලා ඔයාලව බය කරලා තියා ගන්න මාව රාස්සයෙක් කළා. ‘අම්මෝ ලොකු මාමා බනියි’,
‘ලොකු මාමට තරහ යයි’ එයාල නිතරම කිව්වා. ඒත් ලොකු වෙනකොට ඒ කතාවල පදනමක් නැති
විත්තිය ඔයාලටම තේරෙන්න ඇති.
ඔයාලා උස්-මහත් වෙන්න-වෙන්න ඉස්සරට වැඩියෙන් මට කිට්ටු වුණා.
එහෙම වෙච්චි දරුවෝ..... කී දෙනෙක් නං දැනටමත් කොච්චර ඈතට ගිහින්ද?
අපේ දූ-පුතුන්ගෙන්, මුණුබුරු-මිණිබිරියන්ගෙන්
වැඩි දෙනෙක්ම දැන් ඉන්නේ ලංකාවේ නෙවෙයි.
ඒත් මොනවා කරන්නද? අපි තියෙන ඇත්ත තේරුම්
ගන්න එපැයි; ඒ යතාර්තයට මුහුණ දෙන්න එපැයි.
ඒත් හැම කෙනාම මෙහෙම රට දාලා ගියොත් ලංකාවේ ඉතිරි වෙන්නේ මොකුත්ම කර-කියා ගන්න
බැරි අපි වගේ නාකි පරාණකාරයන් විතරක් වේවි නේද? ඉතිං රට තවත් පල්ලමටම යයි....
මාකෝ/නිමල්.
අනාගතේ දවසක ‘Google’ එකේ උදව්වෙන් හරි ‘දැන් ලොකු මාමාගේ හිතේ තියෙන හැඟීම්’
හොඳින් පරිවර්තනේ කරවාගෙන කියවල බලන්න ඔයාලට ඉඩක් ලැබෙයි.
දැනට නං ඒකෙන් කෙරෙන පරිවර්තන සමහරක් ‘කෑලි පන්සීයේ ජිග්සෝ පසල් එකක්’ වගෙයි.
ගූගල් translations හොඳටම කෙරෙන කාලෙ එනකොට මේ ලොකු මාමා ඒවා දකින්න ඉන්න එකක් නෑ.
ඒත් මේ සටහන් ඔයාලට උදව් වේවි 2022, ඔයාලා ආයෙම එංගලන්තෙට ගිය කාලේ ශ්‍රී ලංකාව
තිබුණු තත්ත්වයත් කොහොමද කියලා වටහා ගන්න.
ඉතිං ඔයාලා හැමෝටම සුබ ගමන්, සුබ අනාගතයකට
සුපැතුම්!
ආදරණීය ලොකු මාමාගෙන්෴
ලංකාව බොහොම පහත් තත්වයකට වැටිලා කියලා අපි කනගාටු උනාට, ඉදිරියේදී මීටත් වඩා පහලට වැටෙයි කියලයි මම හිතන්නේ. ඒ සිතුවිල්ල වැරදි වෙන්න කියලත් මම පතනවා.
ReplyDeleteඒ උනාට මේ යන හැටියට අපි වෙනිසියුලා, සිම්බාබ්වේ, සුඩාන් එහෙම පරද්දලා "හොඳටම කරයි" කියලා තමයි හිතෙන්නේ.
රට හැර ගිය ඔයාගේ ඥාතීන්ට සුභ ගමන් කියලා මමත් පතනවා.!
Sam, මගෙත් එකම පැතුම රට තවත් ප්‍රපාතයට නොවැටේවා කියන එකයි!
ReplyDeleteකොහොමත් දෙමව්පියන්ගෙ රුචි අරුචිකම්, කරපු දේවල්, කරගන්න බැරිවුන දේවල්, පෞද්ගලික කැමති අකමැතිකම්, මත වගේ දේවල් අවමයකට තියන එක හොදයි ලමයි ගැන ක්‍රියාකිරීමේදි. අධ්‍යාපනය, ආර්ථිකය වගේ දේවල්වලට පුලුවන් තරම් හොදින් උදව්කරන එක තමයි වෙන්න ඕනෙ. ලංකාව වගේ අපහසුතා වැඩි රටක විතරක් නෙමෙයි ඕනෑම ලමයෙකුට රටවල් එකකට වැඩි ගාණක පුරවැසිබව තියනවනම් ඒක අනාගතයට ලොකු දෙයක්, අනාගතයේ වෙනස්වලට මුහුණදෙන්න choice එකක් තියන එක.
ReplyDeleteහැබැයි Pra Jay මහත්තයෝ, අපේ රටේ දෙමව්පියන් ගොඩකට දරුවන් කියන්නේ ස්වාධීන ජීවීන් කොටසක් නෙවෙයි වගේ. එයාලට එයාලගේ මත - ආකල්ප - දැක්මක් ඇතිව නැඟී ස්ටින්නට උදව් කිරීම නේද දෙමව්පියන් කල යුත්තේ?
Deleteහැම දෙකටම choice එකක් තියෙන එක වැදගත්!
අපේ රටේ නැත්තේම ඒකනෙ.
හ්ම්....හෙහ්
ReplyDeleteදැන් බස්සෝ හූම් කියලා නෙවෙයිද කියන්නෙ?
Deleteනෑ නෙව? බොක්සර්ලා තමයි දැන් හූම් කියන්නෙ. බස්සො "බුහ්" ගානවා.
Deletehmm
Deleteඅප්පේ මීට වඩා නම් පහලට යන්න බෑ නිදි.....
ReplyDeleteඒක නං ඇත්ත නමී... අප දැන් පතුලේම වගේ තමා ඉන්නේ..
Deleteඅපිට ගණිතය උගන්නපු ගුරුතුමා පහළට යනවා කියන්නේ නෑ. එයා කියන්නේ ජාතික ආදායම කාලය වශයෙන් අවකලනය කලාම ලැබෙන පිළිතුර ඍණ අගයක් කියලයි. ඒ කියන දේ තේරෙන්නෙ හොඳගණිත දැණුමක් තියෙන කෙනාට විතරනෙ.
Deleteබැඳුම්කර ණය ගෙවන එකත් එහෙම විජ්ජාවක්නෙ.
මටත් ඔය ණය ගෙවන- ගන්න විජ්ජාවල් අස්සේ හැංගිලා තියෙන අමු තක්කඩි ප්‍රෝඩාකාරී අටමඟුල් ගැන වැටහෙන්න ගත්තේ 'ඉකොනොමැට්ටාගෙ බොජුන් හලේ' පෝස්ටු කියවන්න ගත්තමයි....
Deleteඅනුර, මේ මිනිස්සු උගත්කම 'වේසාකමේ යෙදවීම'ක් විදිහටයි මට ඒවා පෙනෙන්නේ.
උගත්උනාට ගුණවත්කම, සාරධර්ම හැමෝගාවම නෑනේ නිදි ඒකයි පුරස්නෙ. ඉතින්තමා ගැන පමණයි සිතීම
Deleteනමී, මට නං හිතා ගන්නවත් බෑ- මේ මිනිස්සුන්ට හෘදය සාක්කිය කියලා දෙයක්වත් නැද්ද? අනිත් මිනිස්සු ගැන අනුකම්පාවක්....
Deleteඅනේ කාලේ වනේ වාසේ
Delete"තවමත් අපේ රටේ බන්ගෝස්ලා හරි ආඩම්බරෙන් කියනවා ‘අපිට ඕනි දේශපාලනයක් නෑ, අපි හම්බ කර ගත්තොත් අපිට කතෑකි.’ කියන, අමන කතා.
ReplyDeleteදැන්-දැන් නං එයාලටත් තේරෙන්න අරං ‘දේශපාලකයන් මඤ්ඤං කෙළින’ ඒවා ‘අපි හම්බ කර ගෙන කන එකට කොච්චර බලපානවද කියලා.’ එයාලා bull කෙළිද්දී එව්වාට වන්දි ගෙවන්න වෙන්නේ අපි හැමෝටමයි කියලා."
මේ කථාව හරියට හරි
1963 උපන් කෙනෙක් විදියට පවතින තත්ත්වය ගැන දැඩි කණගාටුවක් තියෙනවා.
ඔබගේ ලිවීම හැමවිටම මට සංවේදීව දැනෙනවා.සෞඛ්‍ය තත්ත්වය යහපත්ව පවතීවා යයි පතමි.
ස්තුතියි බන්දුල විතානගේ මහතාණෙනි!
Deleteරට ගැන ලියන වැඩි වෙලාවක සතුට දනවන දේවල් ලියන්නට නැති වීම මොන තරම් අවාසනාවක්ද කියලයි හිතෙන්නේ.
සිද්ද වෙන දේවල්වලට ඔරොත්තු දීම සඳහා මට විතරක් නෙවෙයි, අපි හැමෝටම වඩාත් සෞඛ්‍ය සම්පන්නව සිටීමට සුබ පතා ගනිමු, නේද?
බාගයයි කියෙව්වෙ ඉතුරු ටිකත් කියෝලම කොමෙන්ට් එකක් දාන්නං.
ReplyDeleteමේ ලංකාව ගැන වෙන්න බෑ නේද කියල තියෙන්නෙ. මෙහේ කොහේදිවත් ගෑස් ගිනිගත්තෙ නෑනෙ.
මේක උතුරුකුරු දිවයින නේ ප්‍රසන්න. ඔන්න ආයෙමත් දියසේන කුමාරයාවත් කැන්දන් එන්න එනවා... අලුත්ම news plant කෙරිල්ල.....
Deleteදියසේන කුමාරයෙක් ලොකු ගිණුමකින් ලොකු ඉලක්කම් ටිකක් අරගෙනළු. ඒකයි අළුත් එක!
Deleteඅනේ අනේ, අසද්ද බොරු නොකියා ඉන්න අනුර මහත්තයෝ.
Deleteඅහිංසක නාමල් බේබිම ප්‍රසිද්ධියේ කියලා තියෙනවා දැක්කේ නැද්ද 'තාත්තගේ සල්ලි හොරකං කරපු විත්තිය දන්නෙ මාධ්‍යවලින් දැක්කම' කියලා.
https://www.economyhub.info/2022/01/26/namal-rajapaksa-contact-number/
බය වෙන්න එපා මචන්. දැන් ආපහු ටුවරිස්ට් ල එන නිසා මේ කට්ටියම් ආපහු චන්දෙ දෙනවා. උඹට නම් මධ්‍යම අධිවේගේ හැදුවට ඉරිසියාව. 😄 මගේ අක්කල ඒ දවස්වල ළමයිව හදන්නේ ලොකු මාම සැරයි ආවම කියනවා වගේ ඒවා කියල. ඉතින් එක පාරක් ලංකාවට ගියහම් (අවුරුදු ගානකට කලින්). අක්කගේ ලොකු පුතා වයස හයක් විතර ඇති ඒ කාලේ- මාව මුලින්ම දැක්කම කියපි - සැර ලොකු මාම හරි පොඩියි නේ. පටි රෝල් ඉතින්.
ReplyDeleteහැබැයි පොර පස්සේ දැන ගත්ත පොඩි වුනාට ලොකු මාම කියන්නේ මොකාද කියල. ඌ දැන් අඩි හයක් විතර උසයි. 😄
ඔය වැඩේ අජිත්, හැම තැනම වෙන එකක්. අම්මල තාත්තලා පොඩි එවුන්ව බය කර ගන්න කාව හරි බිල්ලෙක් කරනවාමයි. අන්තිමට ඒ පුරුද්දට ලොකු වුණාට පස්සෙත් අපිට බිල්ලෝ ඕනිමයි. මැතිවරණ කාලෙට බලන්නකෝ උන්ට තියෙන ඩිමාන්ඩ් එක!
Delete//අනාගතේ දවසක ‘Google’ එකේ උදව්වෙන් හරි ‘දැන් ලොකු මාමාගේ හිතේ තියෙන හැඟීම්’ හොඳින් පරිවර්තනේ කරවාගෙන කියවල බලන්න ඔයාලට ඉඩක් ලැබෙයි. ගූගල් translations හොඳටම කෙරෙන කාලෙ එනකොට මේ ලොකු මාමා ඒවා දකින්න ඉන්න එකක් නෑ.//
ReplyDeleteඇත්තටම ලොකු දුකක් දැනුනා...
අනිච්චේ දුක්ඛේ සංසාරේ තමයි අසංග...
Deleteමතකද ගීතිකාලගෙ ගෙදර දුවයි පුතායි කෑම කවන්න මාව යකෙක් කරලනෙ තිබුණෙ. එතකොට කෙල්ල එකේ පංතියෙ. උදේනිගෙ කකුලෙ උළුක්කුවකට තෙල්ගාලා අදින කථාවක් කීවාම කෙල්ල මගෙන් අහපි ඔයා අපිව ගිලින්නෙත් තෙල් ගාලා ඇදලද කියල.එදා ඉඳල මං කියන්නෙ බත් නොකෑවොත් තෙල් ගාලා මට කෝල් එකක් දෙන්න කියලයි.
Deleteගීතිකා නෙවෙයි ගීතා, අනුර මහත්තයෝ. ඔයාව විතරක් නෙවෙයි, සචීට යකෙක් කරලා තිබුනේ. අපේ හිතවතා wal ප්රියන්තවත්.
Deleteහතර රියන් ඔයාව දැක්කම ඒ ළමයා නිකන්ම බය වෙන එක පුදුමයක්ය?
පොඩි දෙන්නා යන එක ගැන නිමල්ගෙ හැගීම් පාඨකයින් එක්ක බෙදාගත්තට ස්තුතියි.
ReplyDelete'නිමල් බෙන් ලන්ඩන්වල ඉස්කෝලෙන් කලර්ස් තුනක් අරං... Studies, Sports, Music තුනටම'. දුර්ලභ සම්මිශ්‍රණයක්! මෙහෙම අය කොහොමත් යන්න ඕනෙ.
බුද්ධි ගලනය රටක දියුණුවට හොඳ නැහැ කියලනේ Lotus කියන්නේ.
DeleteH3ම හරි නේද? ඉතිං ඇයි හිත කරදර කරගන්නෙ?
ReplyDeleteආත්මාර්ථකාමී හැඟීම් තමයි ඉතිං....
Delete